ශ‍්‍රීයාණි විජේවික‍්‍රම ඒකාබද්දයෙන් ගියා නොවෙයි යැවුවා.. තව පොඩ්ඩෙන් මිනී මැරුමක්..

December 11, 2017 at 10:32 pm | lanka C news
ශ‍්‍රීයාණි විජේවික‍්‍රම ඒකාබද්දයෙන් ගියා නොවෙයි යැවුවා.. තව පොඩ්ඩෙන් මිනී මැරුමක්..

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ඒකාබද්ධ විපක්ෂයට දැවැන්ත සවියක් වුණු ශ්‍රියාණි විජේවික්‍රම මන්ත්‍රිතුමිය ශ්‍රිලනිපයට සහය පළ කර තිබෙනවා. එතුමිය ඒකාබද්ධ විපක්ෂය තුළ සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරපු කෙනෙක්. 2015 පෙබරවාරි 18 වෙනිදා නැවුම් ආණ්ඩුවට එරෙහිව එල්ල කරපු පළමුවැනි ප්‍රහාරය වු නුගේගොඩ රැළිය ඇමතූ එකම කාන්තාව ශ්‍රියාණි විජේවික්‍රම මන්ත්‍රිතුමියයි.

අපෙන් මාධ්‍ය අහනවා ඇයි ගියේ කියලා. ඇත්තෙන්ම එතුමිය ගියා නොවේ යැව්වා. එතුමියට කිසිම ප්‍රතිපත්තිමය ගැටළුවක් හෝ කලකිරීමක් තිබුණේ නෑ නාමයෝජනා කමිටු රැස් වන තුරු. අම්පාර දිස්ත්‍රික්කයේ නායකයින් හය වතාවක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ජාතික නාමයෝජනා කමිටුවට කැඳෙව්වා. නමුත් සමහර නායකයින් ආවේ නෑ. ඒ නිසා දවස් හයකට වැඩි සංඛ්‍යාවක් ශ්‍රියාණි මන්ත්‍රිතුමිය රස්තියාදු වුණා. අවසාන සාකච්ඡාව තිබුණේ පසුගිය සෙනසුරාදා. එතැන දී ශ්‍රියාණි මන්ත්‍රිතුමිය පක්ෂ නායකයින් අමතලා කිව්වා. “සර්ලා මාත් එක්ක තරහා වෙන්න එපා. මේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව මට ගමට යන්න බෑ. මිනීමැරුමක් වුණත් වෙන්න පුළුවන්“. අවසාන වශයෙන් සිදු වුණේ දේශපාලන මිනීමැරුමක්.

ශ්‍රියාණි මන්ත්‍රිවරියගේ ඉල්ලීම් සාධාරණයි එය දිය යුතුයි කියලා මම කියන්නේ නෑ. නමුත් ඇයට තමන්ගේ ඉල්ලීම් සාධාරණීකරණයට අවස්ථාවක් ලැබිය යුතුයි. ඒ අවස්ථාව ලැබුණේ නෑ. ඔය වගේම ජයන්ත විජේසේකර මන්ත්‍රිතුමා ත්‍රිකුණාමලයේ නාමයෝජනා ගැටළු විසඳා ගන්න දවස් තුනක් රස්තියාදු වුණා. කිසිම සාකච්ඡාවක් කලේ නෑ. අන්තිම දවසේ රෑ 11ට විතර අපෙන් සමු ගත්තා. පසුව දා ආණ්ඩුවට එකතු වුණා.

පිවිතුරු හෙළ උරුමය අපේක්ෂකයින් ඉදිරිපත් කර තිබෙන්නේ දිස්ත්‍රික්ක 13කට පමණයි. නමුත් අනිත් දිස්ත්‍රික් රැස්වීම් වලටත් අපි වාඩි වෙන්නේ කාටත් සාධාරණව සුමටව මේ කටයුතු ඉටුකිරීමට අපට දක්වන්න පුළුවන් දායකත්වය ලබාදීම සදහායි. හෝමාගම මට ලැබුණු අවස්ථාවන් ප්‍රමාණවත් නොවන බැවින් ඒ පිළිබඳ මගේ ආදරණීය ගුරුතුමා බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමා සමග මම ගැටිලා පසුව දෙපා වැඳ සමාව ගත් බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. උණුසුම් සංවාදයක් අවසානයේ මම ගුරුතුමාගේ දෙපා වැඳ සිත් රිදුනා නම් සමා වෙන්න කියූ බව නම් ඇත්තයි. නමුත් ඒ මගේ පක්ෂයේ අපේක්ෂකයෙකුට වූ අසාධාරණයක් කතා කරලා නොවේ. වෙනත් පක්ෂයක් වෙනුවෙන් කතා කරලයි.

මේවාට වගඋත්තරකරුවන් පිළිබඳ කතා කලොත් යන පිරිස වැඩි වන එක විතරයි වෙන්නේ. ඒ නිසා ඒවා ගැන ඡන්දයෙන් පසු කතා කරමු. ආණ්ඩුවේ ගත වුණු තෙවසර පිළිබඳ ජනමත විමසුමක් බවට පුංචි ඡන්දය පත් කර ඇති මොහොතක අපට මීට වඩා දූරදර්ශිව කටයුතු කරන්න වෙනවා. මොකද කිසිම දේශපාලන පක්ෂයකට තමන් බලාපොරොත්තු වෙන අපේක්ෂකයන් සියළු දෙනාම ලැබෙන්නේ නෑ. කළකිරුණු සියළුම දෙනාට මගෙන් පණිවිඩයක් තිබෙනවා.

අපි පසුගිය වසර තුන පුරා සටන් කලේ රට කන වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවන්න මිස අපේ ආධාරකරුවන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රි ධූර ලබා දෙන්න නොවේ. අපේ ප්‍රමුඛතාවයන් අපි අමතක කළොත් අපට ජනතා විශ්වාසය අහිමි වෙනවා. අපේක්ෂකත්වය වෙනුවෙන් අපට ආණ්ඩුවට සහය දෙන්න පුළුවන් නම් ජනතාව අපිව විශ්වාස කරන්නේ කොහොමද?

අපේ මේ සටන පලාත්පාලන මැතිවරණයක අපේක්ෂකත්වය දිනා ගැණීම සදහා නොව ඉන් එහාට ගිහින් රට රැක ගන්නයි. ඒ නිසා ඔබට අපේක්ෂකත්වය නොලැබුණා කියලා නැතිනම් ඔබේ කෙනෙකුට අපේක්ෂකත්වය නොලැබුණා කියලා එන කේන්තිය වේදනාව මත ක්ෂණිකව තීන්දු ගන්න එපා. එහි අවසාන ගොදුර බවට පත්වෙන්නේ අපේ මව්බිම සහ එහි ජනතාවයි. ඒ නිසා දුක කේන්තිය නිමී ගියාම ශ්‍රියාණි මන්ත්‍රිතුමිය හිත වෙනස් කර ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

28,240 Viewers

20 Comments to “ශ‍්‍රීයාණි විජේවික‍්‍රම ඒකාබද්දයෙන් ගියා නොවෙයි යැවුවා.. තව පොඩ්ඩෙන් මිනී මැරුමක්..”

  1. Deshapremi says:

    Excellent advice. Keep it up Mr. G

    • Nimi says:

      Mewata wagakiwayuththa Basil u anduwathiyeddi Mahindawa kaewa, E ken MY3 giya, dan ekabaddayata awilla ekath kanawa, Muta kohoda nayakathwayak oya amarikawe podi rakshawak karapu ekekne, mekawa pannamu

    • Ratata Adare says:

      Excellent advice?? Cant you see all these people are power hungry? All they want is to enjoy perks. Udaya is no different. He is the one who ordered one of the most expensive jeeps! He is the one who has lot of crocodile tears though.

      • Nimal Siriwardena says:

        What nonesense!!!!! I personally know that Udaya uses a hybrid outlander, not a luxurious Jeep as you alleged. If he wanted to spend a luxurious life, he would have stayed in Australia instead of leaving the lecturer post at one of the most prestigious universities in the world.
        Have you ever heard any abuse of power by him during Rajapakse government. The attempts to fabricate a case against him using an Aussie turned futile.

        • Kautilya says:

          Udaya’ analysis in this instance based on very weak logic.

          How come a person fighting for a cause decamp, betray the supporters and join hand with the enemy?

  2. sujatha says:

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ගැන ස්තුතියි. අපෙත් ලොකු බලාපොරොත්තු තිබුන මන්ත්‍රී වරියක්

  3. අකිල පොඩි පුතු says:

    මම උදයගේ ඉල්ලීම නැවත ලියමි. අපේක්ෂක නොලැබීමේ වේදනාව ඉවසන්න. මව්බිම සුරැකීම ඊට වඩා වැදගත්.

  4. Dev says:

    Yes Sir
    Your are great.Save the country.

  5. asaranaya says:

    හරියට හරි, උදය මන්ත්‍රීතුමෝ!
    ජයවේවා

  6. si-ra-nil company says:

    අන්තිම දවසේ රෑ 11ට විතර අපෙන් සමු ගත්තා.
    ඡන්දෙ දාට ජනතාව ඇගෙන් සමු ගනීවි.

  7. Samarapala says:

    පොඩි තරහට සිරිසේනගේ පණු බුල්ටෝ කෑම

  8. meeya says:

    Sirisenagen oya illapu ewwa labunada?

  9. piyarathne Gamage says:

    මෙහෙමයි..දැන් මෛත්‍රී පිල අපේක්ෂකයන්ගෙ ගෙදරට ඇවිත් චන්දෙ ඉල්ලන්න කරදර කරනවා..මහින්ද පිලේ අපෙක්ෂකත්වය ගන්න මිනිමරාගන්න යනවා..ඇත්තටම මේක සතුටක් මිස දුක් වෙන්න හේතුවක් නොවේ..ජන බලය තියන තැන පේනවා..අනික ඒකාබද්ධයෙ ඉන්න සුලු පක්ෂත් තමන්ගේ නායකයන්ගෙ ජනප්‍රියත්වය අනුව කෝටා එක ඉල්ලන්නෙ නැතුව තමන්ට තියන සාමාජිකත්වය අනුව නාමයෝජනා ගත්තනම් ඉවරයි..උදා හරණයක් විදියට මහජන එක්සත් පෙරමුන මහරගම නගර සභාව,අවිස්සාවේල්ල සීතාවක වගේ සභා වැඩි නියෝජනයක් ඉල්ලීමත් අධි තක්සේරුවක්..

  10. අකිල වීරකෝන් says:

    අසාරෙ සාර මතිනො – සාරෙචා සාර දස්සිනො
    තෙසාරංනාධිගච්ඡන්ති – මිච්ඡාසංකප්පගොචරා

    අපේ හාමුදුරැවෝ කරැණු හරි හැටි නොවිමසා ලිවීමෙන් සිවුරට ලැජ්ජා කරනවා. කාලාම සූත්රයටත් පටහැනියි.

    ලෙන් දොර බින්දා කිව්වේ පච රණවක මිස උදය නොවේ (2014.11.19 පුවත්පත් බලන්න)

    එදා උදය විමල් ආණ්ඩුව ගැන කළ විවේචන වලට ඇහුම්කන් දුන්නා නම් මහින්ද මහත්තයා විනාශ වෙනවා වෙනුවට තවමත් ජනපති.

    උදයට එරෙහිව සුද්දෙක් ගෙනැවිත් නඩු දැම්මාට ඒක පච රණවකගේ තවත් පචයක් බව උසාවිය ඉදිරියේ පෙන්නුවානෙ. සුද්දා කියන්නේ අතේ පත්තු වන බොරැ බව මාධ්‍ය රටට වාර්තා කලානෙ.

    අපේ හාමුදුරැවනේ, ලියන්න පෙර සිතා බලනු කියන්නේ මේවාට තමයි

    • sanidu sooriarachchi says:

      අකිල ඔබ හරි. ඒ වගේම උදය හැමදාම කතා කලේ point එකට. ඔබ පැත්ත වනල ගහන රස්තියාදුකාරයෙක් නෙවෙයි. මේ දිනවල ඇති ගැටලුවට ඔබේ පැහැදිලි කිරීම වගේම හැසිරීමත් හොඳ මග පෙන්වීමක් වේවි. විමල් ඇතුළු ඔබ සියලු දෙනා රට වෙනුවෙන් පෙනී සිට පසුගිය තුන් වසරේ වින්ද ගැහැට අපට මතකයි. ඉවසන්න, සත්‍ය ඔබ සමගයි.

  11. vishnu says:

    ඔබ ගෙනියන වැඩපිළිවෙල ඉදිරියටම ගෙනියන්න
    ඔබ අපිව දන්නෙ නැති උනාට
    ඔබත් එක්ක අපිත් දායක උනා ලොකු උන්නදුවකින්
    මේ අවලම් ආණ්ඩුවට විරුදධව
    මටනම් හිතෙන්නෙ ඒවා ගඟට කැපුව ඉනි වගේ උනා
    පොහොට්ටුවම ඉදිරියට ගෙනියන්න. චන්දෙ දිනුවා
    හෝ නැතුවා ඔවුන් ඔව්න් මේ රටේ උරුමකකාරයින්
    වෙනු ඇත

  12. For this too MR fully to blame for creating the nomination problem in our NEW party SL podujana peramuna.

  13. ALL these problems started after MR went & spoke&smiled with sakkili siri gramasevakaya for 20 damn minutes without any shame at A wedding last thursday & also told the press on Saturday he [MAHINDA] is ready to work with BALU sirsna who destroyed our country with the DIRTY SLFP jara gang since Jan 8th 2015. TRAGIC SITU CREATED BY MR.

Main News