FB, Viber, Whatsapp තහනම ඉවත් කරනු.. ඇමරිකාව ශ‍්‍රී ලංකාවට දන්වයි…

March 12, 2018 at 12:03 am | lanka C news
FB, Viber, Whatsapp තහනම ඉවත් කරනු.. ඇමරිකාව ශ‍්‍රී ලංකාවට දන්වයි…

සමාජ ජාලා වෙබ් අඩවි සදහා ශ‍්‍රී ලංකාව තුල පනවා ඇති තහනම වහා ඉවත් කල යුතු බවට මෙරට සිටින විදෙස් රාජතාන්ත්‍රිකයන් ගණනාවක් විසින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

රජය කර ඇති මෙම තහනම නිසා මෙරට ජනතාව මෙන්ම විදේශීකයන් විදෙස් රාජතාන්ත්‍රිකයන් දැඩි පීඩාවට පත්ව සිටින බවද ඔවුන් පෙන්වා දී ඇත.

කොළඹ සිටින ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් සදහන් කරන්නේ සමාජ ජාලයන් මානව සම්බන්ධතාවන් පවත්වා ගැනීමට යොදා ගන්නා සන්නිවේදන ක්‍රමයක් බවයි.

සමාජ ජාලා මගින් ලෝකයට සිදු කරන මහඟු සේවාව අගය කළ යුතු බවත් ඒවායේ ඇති හොඳ හා නරක වටහා ගත යුතු බවත් ඔහු කියයි.

මේවා මගින් ප‍්‍රචණ්ඩත්වය පතුරුවන්නන් හා එමගින් කිපෙන පුද්ගලයන් සම්බන්දයෙන් රජය නීතිය ක‍්‍රියාත්මක කරනු මිස එම වෙබ් අඩවිවලට කල හැකි දෙයක් නැති බවද ඔහු පෙන්වා දේ.

තව දුරටත් සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරීම අසාධාරන යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

 

21,180 Viewers

10 Comments to “FB, Viber, Whatsapp තහනම ඉවත් කරනු.. ඇමරිකාව ශ‍්‍රී ලංකාවට දන්වයි…”

  1. Saradiel says:

    you are exactly right Thanks

  2. ජුන්ඩයියා says:

    1970ට කලින් ඉපදුන බංකොලොත් දේශපාලුවෝ ටිකක් Facebook බ්ලොක් කරලා සීතාම්බර පට සලුවෙන් හෙලුව වැහුනා කියලා හිතලා පු*න් ටෝක්ස් දෙනවා.

    අපේ මිනිස්සු රුසියන් Facebook (vk.com) එකට පුරුදු වුනොත් ඒකත් බ්ලොක් කරයි ද දන්නේ නෑ ඇස්බැස්ටෝස් වගේ.

    ජාතීවාදී කලබල තියා, ගං වතුරවත් කලමනාකරණය කරගන්න බැරි යහපාලාන ආණ්ඩුවේ 1980 ට පසුව ඉපදුන අයගේ චන්ද ටික ඔක්කොම නැති කරගත්තා සීතාම්බර පට සලු Facebook බ්ලොක් එකෙන්.

  3. nihara says:

    OH REALLY?? NOW WE HAVE TO DANCE TO YANKEES TUNE AS WELL

  4. PISSU PUSHA says:

    We are very sure now they listen to you, not to SriLankan. MUN AMU WAHALLU

  5. අපි ගොන්නු සංවිධානය says:

    තොපිලා දන්නෑ කවුද…කියලා කුඩුකරනවා…..සමාජ ජාලා වෙබ් අඩවි සදහා ශ‍්‍රී ලංකාව තුල පනවා ඇති තහනම වහා ඉවත් කල යුතුයි…..නේදදදදදදද????????…..

  6. Nana says:

    Eyage Tweet Eke ehema kiyala nahane ?

  7. sampath says:

    සමාජ ජාල හෝ පුවත් වෙබ් අඩවි යනු මිනිසුන්ට තොරතුරු ලබා ගැනීමේ මාද්‍යයක් බව මේ රට කරවන බත් කන හරකුන්ට නොතේරෙන්නේ මන්ද ??. ඒ මක් නිසාද යත් වර්තමාන මිනිසා ගල් යුගයේ සිටි වානර මිනිසුන්ට සමාන වීමක් මෙම මාද්‍ය වාරණයෙන් ලෝකයට පෙනී යන සත්‍යයි , යමක් දුටු පමණින්ම ඊට ප්‍රති ප්‍රහාර දෙන බහුතර මිනිසුන් කොට්ටාශයක් ශ්‍රී ලංකාවේ ඇති බව මම නොසිතන අතර (වර්තමාන රජය එසේ සිතන බව දැන් ලෝකයම දනී) , හුදෙක් මෙම තහනම ක්‍රියාත්මක කරන ලද්දේ මිනිසුන්ට තොරතුරු දන ගැනීමේ අයිතිය නැති කිරීමට බව මගේ මතයි. කෙසේ වුවත් මෙය අතීසාරයට අමුඩ ගැසීමක් වැනි ක්‍රියාවක් නිසා සාමාන්‍ය ජන සමාජයට සත්‍ය අවබෝද වනවිට ඇති වන සුවිශාල පිපිරීම මේ කුමන ආකාරයේ වාරනයකින්වත් නොනවත්විය හැකි වන බවත්, එවිට එම සමස්ත ක්‍රියාවලියේම වගකීම රජය විසින් බාර ගත යුතු බවත් කියා සිටින්නට කැමැත්තෙමි.

  8. roshan says:

    තවමත් ගෝත්‍රික ගල් යුගයේ ජීවත් වෙන මේ මස් වැද්දන්ට මොන සමාජ ජාලද? රුපවාහිනී නාලිකා පවා වසා දමලා පිහි, කැති, කෙටේරි බෙදා දී, මේ මිලේජ්චයින් සන්නද්ධ කල යුතුයි. මුන් එකිනෙකා මරාගෙන නැහෙන්න.

  9. නිසංකා ගාල්ලගේ. says:

    UNP ය සහ ජේ. ආර්. මහත්තයාගේ විවෘත්ත ආර්ථිකය බොහෝ දෙනාට අනුව ඉතාම නරක දේ රටට කල පක්ෂයකි. FB සහ සියළු අන්තර්ජාල ඇතුළු ජන මාධ්‍යය මේ රට තුලට ගෙනෙන ලද්දේ එකක්සත් ජාතික පක්ෂයයි.
    මේවා ලංකාවට ගෙනෙන විට මර උගුල් සහ ජනතාව විනාශ කිරීමට ගෙනෙන දේවල් ලෙස එදා දැකපු අය සහ ඒ අයගේම පරපුර අදද එජාපයට විපක්ෂව සිටගෙන UNP ය රට තුලට ගෙනා දේවල් සතියක් තහනම් කලවිට හුස්ම ගැනීමට වාතාශ්‍රය නැතුවා සේ කෑ ගසති. මෙය මොන තරම්නම් හාස්‍යයක්ද?
    එදා UNP ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව සහ විවෘත්ත ආර්ථිකය එපා! එපා!! එපා!!! කියපු අයම ඒවායේ එල්ලීගෙන ඒවා අතෑරිය නොහැකිව වැලපීම කොතරම් නම් හාස්‍යජනකද?
    අදද රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් කරන ක්‍රියාවන් වලක්වමින් සිටිති. එතුමා මේ දේවල් බලෙන් හෝ කලහොත් ඒවායේ නම් පමණක් වෙනස් කර නුදුරු අනාගතයේදීම බදා ගැනීමට බොහෝ අය පෙල ගැසී සිටිති.
    රනිල් වික්‍රමසිංහ ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් අද දමා ඇති අත්තිවාරම් දැක එතතුමා එලවා එම අත්තිවාරම් උඩ ගොඩනැගිලි තනන්නට බොහෝ දෙනා මාන බලති. උදා- 2002 දී දකුණු අධිවේගය, මත්තල (වැල්ලවායට සැලසුම් කල) ගුවන්තොටුපොල, හම්බන්තොට වරායන්ට අත්තිවාරම් දැමුවේ ගරු රනිල් වික්‍රමසිංහයන්ය.

Main News