FCID නීති විරෝධීයි එහි ක්‍රියාකාරිත්වය පිලිගන්න බෑ.. ආණ්ඩුවේ කැබිනට් ඇමති ප්‍රසිද්ධියේ හිරු ‘සලකුණ’ට කියයි..

June 6, 2017 at 10:40 am | lanka C news
FCID නීති විරෝධීයි එහි ක්‍රියාකාරිත්වය පිලිගන්න බෑ.. ආණ්ඩුවේ කැබිනට් ඇමති ප්‍රසිද්ධියේ හිරු ‘සලකුණ’ට කියයි..

රජයේ නිලධාරින් විසින් යම් වරදක් හෝ චක්‍රලේඛන උල්ලංඝනය කිරීමක් සිදු කොට ඇත්තම් ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය පරිපාලන නිතිය අනුවයි. එමෙන්ම ඒ සඳහා මූලික පරීක්ෂණයක් රජයේ පරිපාලන අංශවලින් නොපවත්වා ඒ සඳහා පොලිසිය විමර්ශන සඳහා මැදිහත් වීම පිලිනොගන්නා බවත් ආපදාවකදි හෝ වෙන කාරණාවකදි සොරකමක් සිදු වී නැත්නම් පොලිසිය ප්‍රශ්න කිරීම සුදුසු නොවන බවත් අවශ්‍යනම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මුදල් අමාත්‍යාංශයට ඒ සඳහා මැදිහත්ව කටයුතුකලව ඇතත් පොලිසිය මැදිහත් වීම ප්‍රශ්නයක් යයි ද ආපදා කළමනාකරණ පිලිබඳව යහපාලන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය අනුර ප්‍රිය දර්ශන යාපා මහතා ඊයේ රාත්‍රියේ හිරු රූපවාහිනියේ “සලකුණ” වැඩසටහනට සහභාගි වෙමින් පැවසිය.

එහිදි මාධ්‍යවේදි රංගන විසින් වර්තමානයේ ආණ්ඩුව විසින් විශේෂ පොලිස් අපරාධ විමර්ශන මර්ධන ඒකකය පිහිටුවා රාජ්‍ය නිලධාරින් පසුගිය රජය සමයේදි චක්‍රලේඛන අභිබවා හදිසි අවස්ථාවන් වල දේශපාලන නායකත්වය ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කොට අමාරුවේ වැට් ඇති බැවින් රාජ්‍ය නිලධාරින් තම අභිමතය පරිදි හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වීමට මැලි කමක් දක්වනවා නේද? එසේ වන්නේ ඊලග ආණ්ඩුවක් යටතේ ඔහුනට දැඩුවම් ලබාදීමට පොලිසිය හරහා ක්‍රියා කරයි නේද විමසු විට අමාත්‍යවරයා කෙලින්ම පැවසුවේ දැනට ක්‍රියාත්මක වන FCID එක, එනම් විශේෂ පොලිස් අපරාධ විමර්ශන මර්ධන ඒකකය නීත්‍යානුකූල ආයතනයක් නොවන බවයි.

වීඩියෝව මෙතනින්

13,158 Viewers

11 Comments to “FCID නීති විරෝධීයි එහි ක්‍රියාකාරිත්වය පිලිගන්න බෑ.. ආණ්ඩුවේ කැබිනට් ඇමති ප්‍රසිද්ධියේ හිරු ‘සලකුණ’ට කියයි..”

  1. susantha says:

    kela wenakota kata arinne anukampawa dina ganna da?

  2. ජසයා says:

    නීත්‍යනුකූල වුනා හරි නැතා හරි, මේ ආයතනයේ ක්‍රියාකාරිත්වයන් අධිකරණයන් මගින් පිලිගත් අවස්ථාවන් හා සමග නිලධාරීන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම් වෙලා තියෙනවානේ? ආයතනි නීති විරෝධී වුනත් ප්‍රතිඵල එහෙම නම්, විශ්වාස කලහැක්කේ කවරෙක්ද?

  3. sasi says:

    උබලාට කාර් ගන්න ගෙවල් ගන්න සහ උබලගේ දීමනා මාසික වැටුප සහ අනිත් දේවල් කිසිම කප්පාදුවකින් තොරව ලැබෙනවා නේද උබලා රට වෙනුවෙන් මොනා කලාටද ඔය කුහක හිත්වලට දැනෙනේ නද්ද අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ කොපමන අමාරැවෙන්ද කියලා

  4. alaya says:

    ඕක යකෝ අනිත් උන් කියල මාස ගානක් …මුට දැන් තමයි ඇහැරිලා තියෙන්නේ

    • asaranaya says:

      යකෝ කැබිනෙට්ටුව රැස්වීමකදී කියාපිය, එතකොට උඹේ නැට්ට කරේ.

  5. නිර්මලයා says:

    සිංහල බෞද්ධ මව්වරුනි. පියවරුනි. ඉතාමත්ම වැදගත් කාරණාවක් ගැන මම ඔබගේ අවධානය යොමුකරමි. ඔබගේ දුව,පුතා ඉංජිනේරුවරයෙක්, වෛද්‍ය වරයෙක් කිරීම ඔබගේ පරම අභිලාෂය බව දනිමු. නමුත් සිංහල බෞද්ධ අප නොදකිනා පැත්තක් ගැන මම ඔබව අවදි කරන්න කැමතියි. අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන අඩුපාඩුවක් නිසා යයි ඔබට නොදැනෙන්නට පුළුවන. ඇස් ඇර බැලීමට කාලය පැමිණ ඇත.
    මාගේ ඉල්ලීම…… ඔබගේ දුව පුතා නීති උපාධියට හෝ නීති විද්‍යාලයට යොමුකර දක්ෂ නීතිඥයින් බවට පත්කරන්න. එ් උසාවි වල කෑගසා සල්ලි හම්බකරන්නම් නොවේ. නීතිඥයෙක් බවට පත්වී හැකි ඉක්මනීන් අධිකරණ විනිසුරුවරයෙන් බවට පත්කරන්න. අද, අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන කුමන නම් අඩුපාඩුවක් නිසාදැයි මේවන විට ඔබට වැටහිය යුතුය. එසේ වැටහෙන්නේ නැත්නම් ඒ අපගේ, සිංහල බෞද්ධ ජනතාවගේ අභාග්‍යයයි.

    මට සිටින්නේ එකම දරුවෙක් පමණි. ඔහු විදේශයකට යවා ඉහලින් පිලිගත් විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මට තිබේ. නමුත් මම මාගේ දරුවා යොමුකරන්නේ මෙම රටේ නීති පීඨයකට හෝ නීති විද්‍යාලයටයි.

  6. nandasoma says:

    නීත්‍යනුකූල වුනා හරි නැතා හරි, මේ ආයතනයේ ක්‍රියාකාරිත්වයන් අධිකරණයන් මගින් පිලිගත් අවස්ථාවන් හා සමග නිලධාරීන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම් වෙලා තියෙනවානේ? ආයතනි නීති විරෝධී වුනත් ප්‍රතිඵල එහෙම නම්, විශ්වාස කලහැක්කේ කවරෙක්ද?

    මොනවද මේ කියන්නෙ?

    අපිද FCID පිහිටෙව්වෙ??

    තමුසෙලගෙ ආණ්ඩුවට කියල හරිගස්සනවකො!

    • චන්දිමානි says:

      ජසයා මේ ප්‍රශ්ණය අහල තියෙන්නේ මේ ප්‍රකාශය කරපු ඇමතියාගෙන්. ඉතින් මිනිහාට උත්තර දෙන්න ඉඩ නොදී නන්දසෝම මැහිහත්වුන විදිහ මට පැහැදිලි නැහැ.

  7. රණජය says:

    මූ කැබිනට් ඇමති වරයෙක් ලෙසට කළ ප්රකාශයක්නේ මේක. ප්රාකාශය පුද්ගලිකද නැද්ද වෙනම කථාවක්. FCID එක විවාදයට තුඩු දෙන තීන්දු ගණනාවක් ගෙන ඇතැම් ඒවා ක්රියාත්මකද කර ඇති අතර ඉහත ප්රකාශය අනුව ඒ සියල්ල නීති විරෝධී විය යුතුවේ. ඒ අනුව චෝදනා හා අවමන් කරදර වින්දවූවන්ගෙන් රජය සමාව ඉල්ලා වහාම ඔවුන් එකග වන සුදුසු වන්දි ප්රදානයන් කළ යුතුය. නොඑසේනම් එම ආයතනය නීත්‍යනුකූල බව රජය ප්රකාශ කරන්නේ නම් මේඇමතියා බොරුවක් කර ඇති බව ප්රාකාශ කර දඩුවම් කළ යුතුය!

  8. darshana says:

    කිසි හොරකමක් වන්චාවක් කරල නැති ජනතා මුදල් සතයක් වත් ගසා කාල නැති, රට වෙනුවෙන් පන දෙන්න වුනත් ලෑස්ති දේශමාමක බලවේග, FCID එකට මෙච්චර බය ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. මේගොල්ල කියන විදිහට වන්චා දූශන හොයන්න අලුත් ආයතනයක් පිහිටවන එක නීති විරොදියි.

    • Boo says:

      ඉතිං එහෙනං මහ බැංකුව හොරකම් නොකල රනිල් සහ මහේන්ද්රන් දෙන්නවත් කුදලගෙන ගිහිත් ඔය FCID එකේම නඩු අහන්න ඔච්චර බය ඇයි?

Main News