GMOA ප‍්‍රකාශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කැළඹේ…

March 3, 2018 at 8:02 am | lanka C news
GMOA ප‍්‍රකාශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කැළඹේ…

අධක්ෂ තනතුරු මගින් පාලනය කරන ප්‍රධාන රෝහල් 180 ක ප්‍රමාණයෙන් රෝහල් 110 ක නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට ලබා දී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති විවිධ පරිපාලන තනතුරු වල නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණීයේ තනතුරු පුරප්පාඩු පිරවීම සදහා 2016 වසරේ දී අයදුම්පත් කැදවුව ද එහි තිබු අඩුපාඩු හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි විය.

තවද වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ද ගොනු කරන ලදි. මේ සියල්ල සළකා බලා අදාල පුරප්පාඩු ලේඛණයේ තිබූ පරස්පරතා සංශෝධනය කර සුදුසුම නිලධාරින් තෝරා පත්කර ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කටයුතු කරන ලදි.

එහිදි විවිධ පාර්ශ්වයන් විසින් දක්වන ලද ප්‍රතිවිරෝධතාවයන් නිසා කැබිනට් අනු කමිටු දෙකක් මගින් සහ අමාත්‍යාංශයේ පත් කරන ලද විද්වත් කමිටු දෙකක් මගින් නිර්දේශ ලබාගැනීමෙන් පසු කැබිනට් මණ්ඩලය විසින් සාධාරණ නිර්දේශයන් 2018 ජනවාරි 30 වන දින ලබාදී ඇත. එම නිර්දේශ රාජ්‍ය සේවා කොමිසම සමග සාකච්ඡා කර කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සදහා කටයුතු කරමින් පවතියි.

ඉදිරි සති දෙක තුල මේ සදහා විසදුම් ලබාදීමට හැකියාව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

– ප‍්‍රසන්න අධිකාරී

15,280 Viewers

One Comment to “GMOA ප‍්‍රකාශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කැළඹේ…”

  1. asanka says:

    Peradeniya sirimavo bandaranayake children’s hospital ekatath brain eka weda karana director kenek Danna den inne brainless only head director kenek

Main News