GSP+ නැවත දීමට යුරෝපා සංගමය තීන්දු කරයි..

January 11, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
GSP+ නැවත දීමට යුරෝපා සංගමය තීන්දු කරයි..

නැවතත් ශ‍්‍රි ලංකාවට සහනය ලබා දීමට යුරෝපා සංගමය යෝජනා කර තිබේ.

මෙම යෝජනාව කර ඇත්තේ ශ‍්‍රි ලංකා නව රජය විසින් මානව හිමිකම්, නීතිය, ආදී ජාත්‍යන්තර සම්මුතීන් 27ක් බලාත්මකට එකඟතාව පල කිරීම හේතුවෙනි.

මීට පෙරද කොමිසම දන්වා තිබුනේ කොන්දේසි ගණනාවකට යටත්ව මෙම සහනය ලබා දීමට හැකි බවයි.

මෙම සහනය ලබා දීමට තිරණය කර ඇත්තේ එම කොන්දේසිවලට රජය එකගවීමෙන්දැයි වාර්තා නොවේ.

පෙර වාර්තාව මෙතනින්

8,048 Viewers

10 Comments to “GSP+ නැවත දීමට යුරෝපා සංගමය තීන්දු කරයි..”

  1. ගාමිණී says:

    මේක ආණ්ඩුවේ තවත් අතේ පැලවෙන බොරුවක්. උතුරු නැගෙනහිර යා කොට ඒකිය ශ්‍රීලංකාව ඉවත් කොට අවශ්‍ය බලය ලබාදීමට එකඟතාවය ලබාදීමට ශ්‍රීලංකාව කැමතියි නම් ඔය ජී එස් පි පල්ස් සහනය හිමියි.

  2. Dr. Mahagama says:

    The EU delegation currently in the country was very diplomatic in providing answers, saying that the progress so far has been positive, but that much more needs to be achieved, especially related to the office of the missing persons, devolving powers to provinces, child marriage laws, gender equality, etc. – See more at: http://www.dailymirror.lk/article/Sri-Lanka-could-enjoy-GSP-Plus-facility-till-EU-118541.html#sthash.EkxtDNqL.Fz7eo5Hw.dpuf

  3. Dickie Bird says:

    How much more are we going to earn through GSP+ when the Ruppee is heading to 160 mark?

  4. kamasiri Kuruwita says:

    බොරුම කියන බොරුවෙන්ම ජිවත්වන, රැවටිල්ලම ජිවනුපාය කරගත්, මේ පුස්සන්ගේ වචන විස්වාසකරන්න තරම් ජනතාව දැන් මෝඩ නැහැ. අනික ජි එස් පි + නැතිවුණා කියල රට අහේනියට ගියේ නැහැනේ. ජි එස් පි + එකේ වාසිය ගන්න අද එදා තරම් ඇඟලුම් කර්මාන්ත ශාලාත් නැහැ. තේත් නැහැ . රබරුත් නැහැ. එදා තරම් export ටුත් නැහැ.

  5. love nature says:

    හිට්ලර් ට ඕනේ උනේ යුරෝපය රටවල් අල්ලගන්න දැන් එය ඉටුවෙලා තිබෙනවා දැන් යුරෝපයේ නායකයා ජෙර්මනිය

  6. love nature says:

    මායාකාරියන්ව දඩයම් කළ යුරෝපය Witches කතෝලික පල්ලියේ පොලීසිය

    මීට ශතවර්ෂ ගණනාවකට පෙර ප්‍රංශය, ජර්මනිය, උතුරු ඉතාලිය, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය වැනි රටවල මායාකාරියන්ව මරා දැමීමට වැඩ පිළිවෙලක් දියත් කළා. “මේ නිසා යුරෝපයේ සහ එහි යටත් විජිතයන්ව පැවති රටවල්වල වැසියන් දහස් ගණනකගේ ජීවිත අහිමි වුණා. ඒ වගේම තවත් මිලියන ගණනක් වධ හිංසාවලට, වෛරයට, බියගැන්වීම්වලට සහ තාඩන පීඩනවලට ලක් වුණා” කියා එක් පොතක සඳහන් වුණා. * (Witch Hunts in the Western World) මෙවැනි උමතු ක්‍රියාවකට මුල පිරුවේ කුමක්ද?
    මායාකාරියන්ට විරුද්ධව ලියවුණු පොතක්

    13වෙනි සියවසේදී බිහි වුණු මිථ්‍යාදෘෂ්ටිකයන් නැති කිරීමේ කතෝලික අධිකරණයේ, ප්‍රධාන කාර්ය වුණේ “පල්ලිය අත්හැර ගිය අයව නැවත ගෙන්වා ගැනීම සහ සාමාජිකයන්ව රැක ගැනීමයි” කියා එක් පොතක සඳහන් වුණා. (Der Hexenwahn) මායාකාරියන්ව විනාශ කිරීමේදීත් මූලිකත්වය ගෙන කටයුතු කළ එම අධිකරණය ක්‍රියා කළේ කතෝලික පල්ලියේ පොලීසිය ලෙසයි.

    VIIIවන ඉනසන්ට් පාප්වරයා මායාකාරියන්ව හෙළා දකිමින් 1484 දෙසැම්බර් 5වෙනිදා ප්‍රකාශයක් නිකුත් කළා. ඒ වගේම ඔහු මේ ගැන සොයා බැලීමට යාකොබ් ස්ප්‍රෙන්ග සහ හෙයින්රික් ක්‍රාම යන පුද්ගලයන් දෙදෙනාවත් පත් කළා. ඔවුන් මායාකාරීන්ගේ ක්‍රියාවලට විරුද්ධව පොතක් ලිව්වා. (The Hammer of Witches) කතෝලික සහ රෙපරමාදු භක්තිකයන් මායාකාරියන්ට විරුද්ධව ක්‍රියා කරන්න පදනමක් හැටියට යොදාගත්තේ එම පොතයි. එහි මායාකාරියන් ගැන නොයෙකුත් මිථ්‍යා කතා ඇතුළත් වුණා. ඒ වගේම මායාකාරියන්ව වැරදිකරුවන් කියා ඔප්පු කිරීමට තිබෙන ආගමික හා නීතික තොරතුරුත් හඳුනාගන්න ආකාරයත් ඔවුන් විනාශ කරන ආකාරයත් එහි සඳහන් වුණා. ඒ නිසා “මෙතෙක් ලියවුණු පොත් අතරින් දුෂ්ටම අදහස් ඇතුළත් වූ පොත” හැටියට එම පොත හඳුන්වා තිබීම පුදුමයක් නොවෙයි.

  7. love nature says:

    සංස්කෘතිකවාදය පිළිගත යුතු මූලික මූලධර්මයක් යැයි කී යුරෝපය. මෙය අපිට හොද පාඩමක්

    යුරෝපයට මේ වන විට බලපා ඇති විශාලතම ගැටලූව නම් ආර්ථික බිඳ වැටීමයි. ඊට අතිරේක වශයෙන් උග‍්‍ර වශයෙන් පවතින විරැකියාව, නීති විරෝධී සංක‍්‍රමණ නිසා පොදු ජනතාව තුළ ඇති වී තිබෙන හිස්ටීරියාකාරී මානසික තත්ත්වය මෙන්ම අන්ත දක්ෂිණාංශික බල කඳවුරුවල නැඟීම සහ අන්තවාදය පැතිරීමත් දැක ගැනීමට පුළුවන. බහු සංස්කෘතිකවාදය පිළිගත යුතු මූලික මූලධර්මයක් යැයි කී යුරෝපයේ බොහෝ රටවල් දැන් එසේ කියන්නේ නැත.

    යුරෝපයට මෙවැනි ඉරණමක් අත්වීමට ප‍්‍රධාන හේතුවක් නම් අසල්වැසි කලාපයන්ගේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයයි. එසේම, යුරෝපා සංගමය නිර්මාණය ද තවත් අතකින් අයහපත් ලෙස බලපෑවේය. අසල්වැසි කලාපවල ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයන්, යුද්ධ හේතුවෙන් අති විශාල වශයෙන් මිනිසුන් නීති විරෝධී ලෙස සංක‍්‍රමණය වීම අරඹා තිබේ. මැද පෙරදිගින් ද අප‍්‍රිකාවෙන් ද මධ්‍යම සහ දකුණු ආසියාවෙන් ද බෝල්කන් ප‍්‍රදේශවලින් ද නීති විරෝධී ලෙස සංක‍්‍රමණිකයෝ ලක්ෂ ගණනින් යුරෝපයට ඇඳී එමින් සිටිති. 2015 වසරේ මෙම නීති විරෝධී සංක‍්‍රමණ ප‍්‍රශ්නය බෙහෙවින් උග‍්‍ර වන්නට විය. සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකයෙන් පමණක් 2015 වසරේ දී මධ්‍යධරණී මුහුද ඔස්සේ පැමිණි සරණාගතයන්ගේ සංඛ්‍යාව මිලියන ඉක්මවයි. එයිනුත් වැඩිම පිරිස සිරියානුවෝය. ඔවුන්ගේ ප‍්‍රතිශතය සියයට 49කි. ඇෆ්ගනිස්ථානයෙන් සියයට 21ක් ද ඉරාකයෙන් සියයට 8ක් සංක‍්‍රමණය වී තිබේ. මෙම සරණාගතයන්ගෙන් වැඩිම පිරිසක් බාර ගනු ලැබූවේ ජර්මනිය මඟිනි. ඒ අනුව, සරණාගත ප‍්‍රශ්නය හුදෙක් මැදපෙරදිගට, අප‍්‍රිකාවට හෝ ආසියාවේ ඇතැම් රටවල්වලට පමණක් බලපාන්නක් නොව එය කලාපයක් ලෙස යුරෝපයට ද බලපාන්නක් විය. යුරෝපය යනු, විශේෂයෙන් ප‍්‍රංශය වැනි රටවල්, සුරපුරයක් ය යන මතය වෙනස් කිරීමට හේතු වේ. තවදුරටත් යුරෝපය යනු අධිසුඛෝපභෝගී ජීවන රටාවන් හිමි මිනිසුන්ගේ දේශයක් ම නොවේ.

  8. love nature says:

    ජර්මනිය ගතහොත් සිය ආර්ථිකය අතිවිශාල වශයෙන් රඳා පවත්වා ගෙන සිටින්නේ යුරෝපා සංගමය තුළ කෙරෙන අපනයනවලිනි. ජර්මනියේ අපනයනවලින් සියයට 69ක් සිදු කෙරෙන්නේ යුරෝපා රටවලටයි. ඒ තුළින් යුරෝ බිලියන 54.6ක පමණ වෙළෙඳ අතිරික්තයක් පවත්වා ගැනීමට ජර්මනියට හැකි වී තිබේ. එහෙත්, ජර්මනිය විසින් රුසියාව, ලිබියාව, නෝර්වේ ආදී රටවල් සමඟ කරන ගනුදෙනුවල දී යුරෝ බිලියන 27ක පමණ හිඟයක් පෙන්වා ඇත. මෙම වෙළෙඳ හිඟය මූලික වශයෙන් ඇති වී තිබෙන්නේ බලශක්ති ක්ෂේත‍්‍රයේ ය. ජර්මනිය ජපානය සමඟ ද යුරෝ බිලියන 4.7ක වෙළෙඳ හිඟයක් ඇති අතර චීනය සමඟ තවත් යුරෝ බිලියන 11.1ක වෙළෙඳ හිඟයක් පවත්වා ගෙන තිබේ. යුරෝපය කලාපයක් වශයෙන් ආර්ථික ලෙස බිඳ වැටීමත් ජර්මනිය යුරෝපා සංගමය මත සිය ආර්ථිකය පවත්වා ගැනීමත් තුළ ජර්මනියේ ඉදිරි ආර්ථික සාධකයන් ඉතා හොඳින් ක‍්‍රියාත්මක වේ යැයි අපේක්ෂා කළ නොහැකිය.

  9. අනාථ ජනයා says:

    Gsp රෝල් කරල rpg කරගන්න කියන්න eu එක දැන් හිගන රටවල් බවට පත්වෙලා ඉන්නෙ. අපේ ඇගලුම් නැතිනම් උන් හෙලුවෙන්. Gsp ගොන් ආතල් වලින් අපිට මොන ලාබයක් වත් නැත.

  10. Gayan Amerasekara says:

    You can find the European Union’s ‘Report on Assessment of Application for GSP+ by Sri Lanka’ by clicking the following link:

    http://trade.ec.europa.eu/doclib/docs/2017/january/tradoc_155236.pdf

Main News