LTTEය ත්‍රස්ථවාදී සංවිධානයක් නොවේයැයි සම්මත කිරීමට ජිනීවාහි කූඨ උත්සාහයක්.. අතහිත ලංකා ආණ්ඩුවෙන්..

September 21, 2018 at 6:30 am | lanka C news
LTTEය ත්‍රස්ථවාදී සංවිධානයක් නොවේයැයි සම්මත කිරීමට ජිනීවාහි කූඨ උත්සාහයක්.. අතහිත ලංකා ආණ්ඩුවෙන්..

2015 දී  ලංකාවට එරෙහිව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ 30/1 යෝජනාවලයට පාදකවූ ‘ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂන  වාර්ථාව (  the OISL report  )’  මගින් එල් ටී ටී සංවිධානය ත්‍රස්තවාදී කන්ඩායමක් නොවන බවට  වැරදි අර්ථකතයක් දී හිතාමතාම එක්සත් ජාතීන්ගේ සංවිධානය නොමගයවන්නට  උත්සාහ කරනු ලැබ  ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු මෙසේ පැවසූවේ  2014 වසරේ  නොබෙල් සාම ත්‍යාගයට යෝජනාවූ විද්වතෙක් වන මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතා මුලසුන හෙබවූ  ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් අමතමිනි.

ආචාර්ය නාලක ගොඩහේවා හා මහාචාර්ය ගුසෙල් යන විද්වතුන්  දෙදෙනාගේ තර්කය වූයේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඊට පෙර   ලංකාවේ යුධ තත්වය  ‘ත්‍රස්තවාදය සමඟ සටන (combatting terrorism )’ ලෙස හඳුන්වා ලෙස හඳුන්වා හී තිබුනද  මානවහිමිකම්  කොමසාරිස්වරයා විසින් 2015 සැප්තැම්බර් 15දා  ලබා දුන්    ‘ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂන  වාර්ථාවේ (the OISL report )’ එල් ටී ටී ඊ සංවිධානය හඳුන්වා තිබෙන්නේ  ”රාජ්‍ය නොවන ආයුධ සන්නද්ධ කන්ඩායමක්   (non-state armed group)    ‘ ලෙස මිස ‘ත්‍රස්වාදී කන්ඩායමක් ( terrorist group ) ලෙස නොවන බවය. මේ නිසා වසර ගනනාවක් තිස්සේ ත්‍රස්ථාවාදයට මුදලින් ආධාර කල අන්තවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයින්ට එරෙහිව 2006 එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් සම්මත කර ඇති ” ජාත්‍යන්තර ත්‍රස්ථවාදය වැලැක්වීමේ වැඩසටහන ( UN Global Counter Terrorism Strategy) ’ යටතේ නීතිමය කටයුතු කිරීමට ඇති අවස්ථාව සිතා මතාම අසුරා ඇති බවයි. ආචාර්ය නාලක ගොඩහේවා හා මහාචාර්ය ගුසෙල් තර්ක කලේ ශ්‍රී ලංකාවේ අනාගත රජයක් විසින් එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් සම්මත කර ඇති ” ජාත්‍යන්තර ත්‍රස්ථවාදය වැලැක්වීමේ වැඩසටහන( UN Global Counter Terrorism Strategy) යටතේ එල් ටි ටීයට  අදත් උඩගෙඩි දෙන ඊලාම් වාදීන් පිලිබඳවද පරීක්ෂණයක් කරන  මෙන් එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලයට බල කරන ‘ප්‍රති යෝජනාවක් ( Counter Resolution)’ ඉදිරිපත් කල යුතු බවය.

එවැනි තත්වයක් යටතේ අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමින මානව හිමිකම් සුරකින්නන් ලෙස පෙනී සිටිමින් ලංකාවට යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරණ අන්තවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයින්ට ඔවුන්  එදා  එල් ටී ටි ඊ යට මුදල් සැපයූවන් නිසා, කොටි  ත්‍රස්ථවාදීන් විසින් සිදු කල සියලු මනුෂ්‍ය ඝාතන වලට වග උත්තර බඳින්නට  සිදුවන  බව ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේය

සැප්තැම්බර් 20 දා ජිනීවාහීදි පැවති මෙම සමාන්තර සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්, යුරෝපීය අප්‍රිකානු හා ආසියනු  රටවල් ගනනාවක තානාපති කාර්යාල නිලධාරීන් මෙන්ම දෙමල ඩයස්පෝරා සාමාජිකයින් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.

– චාමින්ද කරුණාරත්න ජිනීවා සිට

6,446 Viewers

12 Comments to “LTTEය ත්‍රස්ථවාදී සංවිධානයක් නොවේයැයි සම්මත කිරීමට ජිනීවාහි කූඨ උත්සාහයක්.. අතහිත ලංකා ආණ්ඩුවෙන්..”

  1. Ananda says:

    ජිනීවා නාඩගම සිංහල – දෙමළ හවුල් ව්‍යාපරිකයකි.

  2. David Milli-banda says:

    David Willie a diaspora hired Coolie bolts with his willie exposed at the onsalught of Prof. Jayasumana.

    Thank you Professor Jayasumana for and onbehalf of Mother Sri Lanka.

  3. Darshana hasaranga says:

    LTTE is a terrorist organization

  4. mali says:

    Idiotic sinhalese at least should get together to fight against these terrorist internationally without depending on srilankan sinhalese politicians,as they are there to sell the country to anyone and earn money for their generations.We have eminent educated people ,businessmen please join with them or represent individually for the country and against these talmil LTTE and TNA if you remember the threat we had for our lives during their activities.

  5. LION says:

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් බව ඇමෙරිකාව සඳහන් කරයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිකුත් කරන ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ මේ බව දැක්වෙයි.

    2017 වසරේ ලෝකයේ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය නවතම වාර්තාව එළිදක්වමින් ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශසීමා ආරක්ෂාව තවමත් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

    2017 වසරේදී ශ්‍රී ලංකාවේ කිසිම ආකාරය ත්‍රස්ත ප්‍රහාරයක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර ත්‍රස්තවිරෝධය සම්බන්ධයෙන් වන පුහුණුවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ඔවුන් සඳහන් කරයි.

  6. John the baptice says:

    A sample of Tamil Tiger (LTTE) atrocities against civilians

    http://dh-web.org/place.names/posts/tiger-atr.html

    • CAT says:

      Establishment of mono Tamil Villages in the hill country – Stop this national disaster at all cost before it is too late Appeal to all patriots This programe will final end up in a Mini Tamilnadu right at the center of our nation. Just think of the future political and strategic situation that will emerge if this is allowed beside the numerous ecological ramifications where the need to put all lands at least above 3000 feet under forests is a crying need to protect this country.

  7. LION says:

    LTTE is a Terrorist Organisation – Actress Kushboo After Joining Congress Party

    https://www.youtube.com/watch?v=itEinwC9fj8

  8. LION says:

    ජිනීවා කොටීන්ට සිංහයෝ උඩ පැන පැන තලති.

    http://www.lankanews.org/2018/03/video.html

  9. ගලබොඩ අත්තේ චමින්ද says:

    සිංහලයන් ඔය තත්වයට පත්වෙලා තියෙන්නේ ඔවුන්ගේම වරදින්. ඒ වගේම් බෞධාගම මේ තත්වයට වත්වෙලා තියෙන්නෙත් සංඝයා වහන්සේලාගේ වරදින්. මා හිතවත් මුස්ලිම් මිත්‍රයෙකුගෙන් ඇහුවා ඇත්තටම පල්ලියෙන් ඔවුන්ට උදවු කරනවද කියලා. බොහොම අමාරුවෙන් කිවුවා ව්‍යාපාරයක් කරන්න අවශ්‍යනම් ව්‍යාපාර සැලැස්මක් අදාළ කමිටුවට දුන්නොත් එය සලකා බලා පොලී රහිතව මුදලක් දෙන බවත් තවත් කොන්දේසි අතර මුස්ලිම් ජනයාට රැකියා දීමත් කලයුතු බවට. ඔවුන් ඉන් ප්‍රයෝජන අරගෙන නැවත ඔවුන්ගේ ආගමේ සහ ජාතියේ උන්නතියට කටුතු කරනවා. එය වරදක්ද? අපේ රටේ බුද්ධාගම ආරක්ෂා කලයුතුනම් සිංහලයන් සිටිය යුතුයි. නමුත් සිංහලයන් රැක ගැනීමට වෙනුවට සංඝ සභාව කරන්නේ ඔවුන් අවුස්සලා අන් ජාතීන් ගැන වයිරය ඇති කිරීමයි. එතුලින් ලෝකයා ඉදිරියේත් සිංහලයා හෑල්ලුවට ලක් වෙනවා. ඔය මහනායක හාමුදුරුවරුන්ට , දළදා මාලිගාවට ඇතුළු ප්‍රධාන බෞද්ධ සිද්දස්ඨාන වලට සංඝයා වහන්සේලාට මොනතරම් මුදල් කාර් පර්මිට් ඇතුළු දේ ලැබෙනවද?. අයි ඒවා සිංහලයාගේ පැවැත්ම වෙනුවෙන් යොදවන්න බැරි. දුප්පත් අසරණ අයට කෑම ඇදුම් දීලා ෂේප් වෙලා හරියන්නේ නැහැ . ඵලදායි ලෙස සිංහලයන් වෙනුවෙන් ආයෝජනය කල යුතුයි. අපි අන් ජාතීන්ට වයිර කරලා වැඩක් නැහැ. සිංහලයන් ලෙස හිස එසවීමට උපක්‍රම භාවිතා කල යුතුයි, බුද්ධිමත් විය යුතුයි කයිවාරුව පැත්තකට දාලා.
    අද සිංහල ජාතිය හිඟන ජාතියක් වෙලා. රටේ ප්‍රධාන ව්‍යාපාර ඔක්කොම විජාතින්ගේ. මනුෂත්වයේ නාමයෙන් ඔවුන්ට හිරිහැර කොකළ යුතුයි. නමුත් නිවට නොවී බය නොවී සිංහලයන්ට සෑම ක්ෂේත්‍රයකම අතපෙවීමට සහය වීම සංඝ සභාව විසින් කල යුතුයි. තවදුරටත් මෙහෙම වුනොත් සිංහලයට ව්‍යාපාර ලෙස ඉතුරුවෙන්නේ මල් ශාලා ටික විතරයි.මේ රට දෙමල හෝ මුස්ලිම් රටක් වුනානම් සිංහලයන්ට දැන් ඉන්න විජාතීන්ට වගේ නිදහසේ ජීවත් විය හැකිද?.

  10. LION says:

    මොන කරුමයද තව ඇහැරුණු බවක් නැහැ
    තැන තැන බියව මුලු වැදුමෙන් පලක් නැහැ
    දිනුමත් පැරදුමත් කොකත් කමක් නැහැ
    එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ

  11. LION says:

    විජිතපුරේ කොටුවේදී
    කඩු පිට කඩු පහර දිදී
    යුද කොට ජය ගත් පරිදී
    සිහි කරපන් පුත පැහැදී

    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

Main News