LTTE මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි…

April 22, 2018 at 2:02 am | lanka C news
LTTE මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි…

මන්නාරම පේසාලෙයි මුහුදු වෙරලේදී යුද සමයේදී එල්.ටී.ටී,ඊ. සංවිධානය විසින් වලදමා තිබූ මොටාර් උණ්ඩ රැසක් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.

මන්නාරම් තාල්වුපාඩු ධීවරයෙකුට මුහුදු වෙරලේ වලදමා තිබූ යකඩ පෙට්ටියක් මතු වීමෙන් ඒ පිළිබඳව සැක සිති ධීවරයින් පිරිසක් විසින් පේසාලෙයි පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායටද දැනම් දීමෙන් පසුව මෙම මෝටාර් බෝම්බ හමු වී ඇත.

වලදමා තිබූ පෙට්ටියේ තිබී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 15 ක් හා මිලිමීටර් 61 වර්ගයේ මෝටාර් උණ්ඩයක් හමු වී ඇත.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදැමූ මෝටාර් උන්ඩ තොගයක් බවට සැකකරුන බවටත් මන්නාරම් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකටද අනුව එම මොටාර් උණ්ඩ විනාශ කිරීමට පියවර ගන්නා බවට පොලිස් විශෞෂ කාර්ය බලකා නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,980 Viewers
Main News