ලංකා සයිබර් නිවුස්

සුදු සීනි වල විස අල්ලන්න සෞඛ්‍යයෙන් පරීක්ෂණයක්, රට පරිප්පු ගැනත් විමසිල්ලෙන්
ආනයනික සීනිවල විස  රසායනික ද්‍රව්‍ය  අඩංගු දැයි සොයා බැලීමට සෞඛ්‍ය අමාතංශය මගින්ද රසායනාගාර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර හා පාරිසරික සෞඛ්‍ය ඒකකයේ මගින් මෙම රසායනාගාර පරීක්ෂණ්ය ආරම්භ කර ඇතැයි අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ආනයනික සීනිවල කැඞ්මියම් රසායනික ද්‍රව්‍ය  අඩංගු බවට වාර්තා වීමත් සමග අමාත්‍යංශය මෙම පියවර ගෙන තිබේ.

මීට අමතරව ආනයනික පරිප්පු සම්බන්ධයෙන්ද රසායනාගාර පරීක්ෂණයක් ආරම්භකර ඇතැයිද එම් නිලධාරියා කීවේය.

කොලඹ සභාපතිකම දුන්නත් මම ගත්තේ නෑ.. සුසිල්ට දෙන්න කිවුවා
අඩු පහසුකම් සහිත පාසල්වලට ලැබිය යුතු සම්පත් ප්‍රධාන පාසල්වලට ලබාදීමේ ප්‍රවණතාවය වැළැක්විය යුතු බවත් සමහර ප්‍රධාන පාසල්වල ගොඩනැගිලි අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉදිවීම නිසා අඩු පහසුකම් සහිත පාසල් එම සම්පත් නොමැතිව ක්‍රමාණුකූලව දුර්වලවී වැසීයාමේ    ඉඩකඩ  පවතින බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ හෝකන්දර රත්න කණිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාල හා පරිගණක විද්‍යාගාරයකින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ විදුහල්පතිතුමන් විශාල ලැයිස්තුවක් අරගෙන මම හමුවෙන්න ආවා. ඒ අතරින් තිබුණු වැඩ දෙකක් තමයි මේ අද  ආරම්භ කෙරුණේ. පිට්ටනිය හදලා දෙන්න කිව්වට පිට්ටනිය ගොඩකරන්න නම් මට බෑ.  ගොඩකරන වැඩ වලට මං හවුල් වෙන්නේ නැහැ. මේ ඇවිත් ඉන්න මන්ත්‍රීතුමන්ලා දන්නවා ගොඩකරන වැඩ කරන්නේ කවුද කියලා.  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ගේ, විදුහල්පතිතුමන්ගේ කැපවීම, උනන්දුව මත මේ පාසල වැහෙන්න නොදී ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. එහෙම සුවිශේෂී කැපවීමක්, නායකත්වයක්  තිබෙන පාසලට  දිය හැකි  සෑම  සහයෝගයක්ම   ලබාදීම  අපේ  වගකීමක් හා යුතුකමක්. මේ පාසලේ වරප්‍රසාදලාභී පවුල්වල දරුවන් නෙවෙයි අධ්‍යාපනය ලබන්නේ.   වරප්‍රසාදලාභී දරුවන් ඉගෙනගන්න පාසල්වලට තමයි  දේශපාලනඥයින්ගේ වැඩි අවධානය යොමුවෙන්නේ. ඒ නිසා මෙබඳු  පාසල්වලට ලැබිය යුතු සම්පත් ප්‍රධාන පාසල්වල වැඩි වශයෙන් ගොඩගැහෙනවා. මේ තත්ත්වය වෙසන් කළ යුතු කාලයයි දැන්. එහෙම වෙනස් කළොත් තමයි ක්‍රමාණුකූලව එම පාසල් ගොඩනැගෙන්නේ.

මේ පැමිණ සිටින මන්ත්‍රීතුමන්ලා පක්ෂ, පාට බේදයකින් තොරව තමයි වැඩ කරන්නේ. ඒ සංස්කෘතියෙන් තමයි  කඩුවෙල දියුණු කරන්න හැකි වෙන්නේ. නමුත් අවාසනාවකට කඩුවෙල මෙහෙම දියුණුවෙනවාට අකමැති බලවේග ඉන්නවා. ඒ බලවේග නිසා  කඩුවෙල සංවර්ධනය අපි හිතන ආකාරයට  කරගනෙ යන්න බැරි වී තිබෙනවා.කුමන බලාවේග හා අපහාස ආවත් රට වෙනුවෙන්  අපේ තිබෙන කැපවීම, දායකත්වය, මැදිහත්වීම කවරාකාරයකින්වත් වෙනස් වෙන්නේ නැහැ.  විශේෂයෙන් කඩුවෙල ආසනයේ  ජනතාව මැතිවරණ අවස්ථාවලදී  මාව කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවටත්  පත්කරා.  එහෙම පලමුවෙනියා  වෙනකොට  කඩුවෙල ආසනයේ ජනතාව තමයි මට වැඩිම මනාප  ලබාදී තිබුණේ.  ඒ නිසයි අතිගරු ජනාධිපතිතුමන්ගෙන් කඩුවෙල   සංවර්ධන කමිටුවේ සභාපති ධූරය ඉල්ලා ගත්තේ. දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපගත් මන්ත්‍රීතුමා තමයි ඒ  ඒ දිස්ත්‍රික්කයේ  සංවර්ධන කමිටුවේ සභාපති වෙන්නේ.  ඒ මන්ත්‍රීතුමා ජ්‍යෙෂ්ඨ වුණත් ආධුනික වුනත්   වැඩිම මනාපගත් මන්ත්‍රීතුමා තමයි  සභාපති වෙන්නේ. මට කොළඹ දිස්ත්‍රික්කයේ  සංවර්ධන කමිටුවේ  සභාපති ධූරය ලබාදුන්නාම මන් කිව්වා මට ඒක අවශ්‍ය නෑ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට  දෙන්න කියලා.

ඉන්පස්සේ තමයි අතිගරු ජනාධිපතිතුමන් කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපතිධූරය මට දුන්නේ.  මම ඒ සභාපතිධූරය භාරගත්තේ කවුරුවත් එක්ක රණ්ඩුවෙන්නවත්, තරඟකරන්නවත්, පොරබදන්නවත් නොවෙයි. කඩුවෙලට තිබෙන කෘතගුණ දක්වන්න ඕන නිසයි.  කොහොම වුණත් මගේ ඒ යුතුකම මම ඉෂ්ඨ කරනවා.  ඒ නිසා තමයි කඩුවෙල ආසනයේ  සෑම විහාරස්ථානයකම එක අඩුපාඩුවක් මගේ ප්‍රතිපාදන යොදාගෙන  සකස් කරගෙන යන්නේ.  ඒ වගේම පාසැල් හැටියට ගත්විට  වැසීගෙන යන පාසල් ගණනාවකට අඩුපාඩුකම් සකසාදී ප්‍රබල තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා.මේ සියල්ල සිදුකෙරෙන්නේ විමධ්‍යගත අරමුදල්වලින් නෙවෙයි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා  නිර්මාණ නීතිගත සංස්ථාව හා බැඳුණු සේවාදායකයින්ගේ  ප්‍රතිපාදන වලින් මෙන්ම එම ආයතන ජනතා සුභ සිද්ධියට වෙන්කරපු මුදල් වලින්. මේ සියල්ල මේ ආකාරයට සිදුවෙන්නේ කඩුවෙල ජනතාව වෙනුවෙන්. මේ කඩුවෙල නඟා සිටුවන්න අපි ඉදිරියේදීත් මීට වඩා වැඩියෙන් කටයුතු  කරනවා    ”   යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

යෝෂිත ලක්‍ෂ 110කට විකිණේ
කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා පැවති ක‍්‍රිඩක වෙන්දේසියේදී පසුගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂ මෙවර වෙස්ටර්න් වොරියස් පි‍ලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක ඉහළ මිලකට අලෙවි වී තිබේ.

යෝෂිත රාජපක්ෂ මෙලෙස ඉහළම ලංසුවකට වෙන්දේසි වූයේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවැති කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියට තරග කරන කණ්ඩායම්වල නායකයින් වෙන්දේසියේදීය.

ඊට අමතරව රුපියල් මිලියන තුනකට ෆාසීල් මරීජාව නොදර්න් ග්ලැඩියේටර්ස් පිල විසින් පත්කරගෙන ඇත.

භික්‍ෂු විරෝධතාවක්, ගාලූ පාර වහයි, කැරළි මර්ධන ඒකක සූදානමින්
භික්ෂූන් වහන්සේලාපිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය හන්දියෙන් පාර වසා දමා ඇති බව පොලීසිය නිවෙද්නය කරයි.

පාගමන කොල්ලූපිටියේ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටී.

ප‍්‍රදේහයේ වාහන තදබදයක් පවතින අතර කැරලි මර්ධන ඒකක කැඳවා තිබේ.

ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතා
බොරැල්ලේ ජයරත්න මල් ශාළාව ඉදිරිපිට උණුසුම් තත්වයක් මතුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ ගිනි තබා ගැනීමෙන් සිය දිවි අහිමි කරගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා රත්නපුර ප‍්‍රදේශයට ගෙනයාමට ගෙන ඇති තීරණයකි.

විරෝධය දක්වන්නේ ‘සිංහල රාවය’ සිංවිධානයේ ගිහි-පැවිදි පිරිසක් විසිනි.

ග‍්‍රහලෝක තුනක් අද එක පෙලට බලන්න
අද සහ හෙට දිනයේ ශ‍්‍රී ලාංකා වාසීන්ට ග්‍රහ වස්තුන් තුනක් පියවි ඇසින් දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් උදා වී තිබේ.

බුධ, සිකුරු හා බ්‍රහස්පති යන ග්‍රහ ලෝක හිරු බැස ගිය පසු වයඹ දිග සිතිජයේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

අද සහ හෙට දිනයේ දිස්වන්නේ මෙම ග‍්‍රහ පිහිටුමේ උච්චතම අවස්ථාව බවද ඒ මහතා සඳහන් කරයි.

ස්පාඤ්ඤය සබ්මැරීනයක් සඳහා ඩොලර් මිලියන 680ක් වැය කරයි
ස්පාඤ්ඤය ඉන්ජිනේරුවන් S-80 පන්තියේ නවතම සබ්මැරීනයක් නිපදවීම සදහා ඩොලර් මිලියන 680ක් මේ වන විට වැය කොට ඇත.

ඔවුන් පවසා සිටින ආකාරයට මෙය ඉතාමත් ඉහල තාක්ෂණයකින් යුතු වේ. නමුත් මෙහි පවතින දෝෂයක් ගණනය කිරීම් වලදී සොයා ගෙන ඇතගඑනම් මෙම සබ්මැරීනය ධාවනය සදහා ජලයට දැමු පසු යලිත් ගොඩටගැනීමට නොහැකි වීමය.

ස්පාඤ්ඤය මාධ්‍ය හරහා විශාල කතා බහකට මෙම නව සබ්මැරීනය ලක්ව ඇත. මෙය නිපදවීමේ කටයුත්ත බාරව ඇත්තේ ස්පාඤ්ඤය රජයට අයත් මවු සමාගමක් වන නවෙන්ෂියා සමාගමටයි.

දැනට මෙම ව්‍යාපෘතිය සදහා වෙන් කල ඩොලර් බිලියන 2.2න් කාළකටත් වඩා වැයකර ඇත්තේ බරින් වැඩි පාවීමටද නොහැකි සබ්මැරීනයක් නිපදවීම සදහා බව පැවසේ.

නවෙන්ෂියා ආයතනය මෙසේ සොයාගත් වැරදි ගණනය කිරීම් හේතුවෙන් මෙම ව්‍යපෘතිය තවත් අවුරුදු දෙකකින් පසුපසට දැමීමට සිදුවන බව ස්පාඤ්ඤය ආරක්ෂක අමාතා්‍යංශය පවසා සිටී. දැනට මෙම ව්‍යපෘතියේ වැඩ අවසන් දින ලෙස නම් කර ඇත්තේ 2015 මාර්තු මාසය බව සදහන් වේ.

මෙම සබ්මැරීනය නිපදවීමේදී වැඞ්පුර ටොන් 100ක බරක් මේ සදහා එකතු වූ බව නිෂ්පාදන ආයතනය පවසා සිටී. මේ හේතුවෙන් මුලූ යානයම නැවත නිෂ්පාදනය කිරීමට සිදුවන බවද පැවසේ.

සබ්මැරීනයේ දිග වැඩි කිරීම මෙයට පිළියමක් ලෙස ඔවුන් සදහන් කර සිටී. එවිට එය සමබර කිරීමට හැකිවෙතැයි ඔවුන් අපේක්ෂා කරන අතර මේ සදහා වැය වන මුදල ඩොලර් මිලියන 7.5ක් වන බව ගණනය කර ඇත.

මෙම සබ්මැරීනය පිළිබද ගැටලූව ස්පාඤ්ඤය විපක්ෂය විසින් පාර්ලිමේන්තුව තුල ප‍්‍රශ්ණ කරමින් සමච්චලයට ලක් කර ඇති අතර මෙම ගැටලූව සදහා හේතු දක්වන ලෙසත් ස්පාඤ්ඤය රජයට අභියෝග කර ඇත.

13 රටේ ඒකීයභාවයට තර්ජනයක්‌!
13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම තුළින් රටේ ඒකීයභාවයට තර්ජනයක්‌ ඇතිවිය හැකි බව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ඉඩම් සහ පොලිස්‌ බලතල සහිතව පිහිටුවනු ලැබූ පළමු උතුරු පළාත් සභාවේ අත්දැකීම් සිහිපත් කළ යුතුව ඇතැයි ද පැවසූ ආරක්‍ෂක ලේකම්වරයා බෙදුම්වාදී පිරිස්‌ වෙත උතුරු පළාත් සභාවේ බලය හිමි වුවහොත් ඉන් රටේ ඒකීයභාවයට ඇතිවන බලපෑම් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළයුතු බව ද කීවේය.

කොටි ත්‍රස්‌තවාදය පරාජය කර උතුර මුදාගැනීමේදී අපේ හමුදාව විශාල කැපවීමක්‌ සිදුකළා. එසේ කැප කර ලබාගත් ජයග්‍රහණය බෙදුම්වාදීන් අතට යන්න දෙන්න බැහැ. ඒ නිසා 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ගැන අපි පුළුල්ව සාකච්ඡා කළයුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

- Divaina

ඉන්ද්‍රරතන හිමිගේ සිද්ධිය පිටුපස දේශපාලන ගේම් එකක් ?
වෙසක් පෝය දිනයේ පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ විසින් සිදු කරගත් සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කල යුතු යයි එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ සිරුරට ගිනි තබා ගැනීමේ සිද්ධිය ගව ඝාතනයට එරෙහි ක‍්‍රියාවකට එහා ගිය දේශපාලනික පසුබිමක් සහිත ක‍්‍රියාවක් බවත් ඊට අනුබල දුන් පුද්ගලයන් වහා අත්අඩංගුවට ගතයුතු බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කීය.

ගව ඝාතනය වහා නතර කල යුතුයි
ශ‍්‍රී ලංකාව තුළ ගව ඝාතනය දැන්වත් තහනම් කළ යුතුයයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිපානන් ගව ඝාතනය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන වාහල්කඩ අසලදී සිය සිරුරට ගිනිතබා ගැනීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම පඣ නාය අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.

ඔම සම්පුර්ණ නිවේදනය මෙසේය.

පසුගිය වෙසක් පුන් පොහෝ දින අපට ඉතාමත් සංවේගජනක පුවතක් අසන්නට ලැබිණි. ඒ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් වන පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිපානන් ගව ඝාතනය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන වාහල්කඩ අසලදී සිය සිරුරට ගිනිතබා ගැනීමේ පුවතයි. ඒ පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ සිය බලවත් සංවේගය පළකර සිටින්නෙමු. මේ සිදුවීමත් සමග පහත සඳහන් කරුණු කෙරෙහි රටක් ලෙස අපගේ දැඩි අවධානය යොමු විය යුතුව ඇත.

ගව ඝාතනය මෙරට බෞද්ධ ජනයා මෙන්ම හින්දු භක්තිකයන්ද දැඩි සේ පිළිකුල් කරන්නකි. එය අනුමත කරන්නේ ශ‍්‍රී ලාංකීය සමාජයේ ඉතාමත් සුළු පිරිසකි. හින්දු භක්තිකයන් බහුතරයක් වෙසෙන ඉන්දියාව තුළ ගව ඝාතනය තහනම් කර ඇති අතර එරට හින්දු භක්තිකයෝ තම කෘෂිකාර්මික දිවි පෙවෙතට උපකාරී වන්නා වූ ගවයාට තෛපොංගල් වැනි උත්සවවලදී කෘතවේදීත්වය පුද කිරීමට තරම් කාරුණික වෙති.

එසේ තිබියදී එවැනිම වූ කෘෂිකාර්මික ආර්ථික රටාවකට හිමිකම් කියන ශ‍්‍රී ලංකාව තුළ දිගින් දිගටම ගව ඝාතනය සිදුවීම බලවත් කනගාටුවට කරුණකි.

එබැවින්, ඉහත කී සංවේගජනක සිදුවීම පාදක කරගෙන හෝ වහාම ශ‍්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන්ගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.