ඇමරිකානු නියෝජිතයන් සහ ගඩාෆිගේ නියෝජිතයන් අතර සාකච්ඡවක්

ලිබියානු නායක කර්නල් ගඩාෆිගේ රජයේ නියෝජිතයන් ඇමරිකානු රජයේ නියෝජිතයන් සමග මුහුණට මුහුණලා සාකච්ඡාවක නිරත වූ බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එම සාකච්ඡාවේදී කර්නල් ගඩාෆිට ඉවත් වන ලෙස ඇමරිකානු නියෝජිතයන් ඉල්ලා සිටි බවත් එය සාම සාකච්ඡාවක් නොවන බවත් ඔවුන් පවසයි.

ඇමරිකානු සහ ලිබියානු නියෝජිතයන් අතර සාකච්ඡාව පැවති ස්ථානයල රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් හෙලිදරව් කර නැත. නමුත් එම සාකච්ඡා අසල්වැසි ටියුනීසියා රාජ්‍යයේ පසුගිය සති අන්තයේ පැවති බව  ලිබියානු වාර්තා සඳහන් කර තිබිණි.

ලිබියානු ජනතාවගේ අපේක්‍ෂාවන්ට අනුවල එරට දේශපාලන ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා ගඩාෆි ඉවත්විය යුතු බව ඇමරිකාව මෙහිදී පෙන්වා දුන් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එහිදී අවධාරණයකර ඇත.

ඇමරිකානු නියෝජිතයන් සමග පැවති සාකච්ඡා දෙරට අතර සබඳතා යළි ස්ථාපිත කිරීම සඳහා වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බව ලිබියානු රජයේ ප‍්‍රකාශක මූසා ඊබ‍්‍රාහිම් පවසා තිබේ.

2,515 Viewers

Leave a Comment