හොස්නි මුබාරක්ගෙන් පසු පාලනය ගෙන යන පාලකයින්ට නව දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන එන ලෙසට බලපෑම් කිරීමට පසුගිය කාලයේ අස්ථාවර තත්ත්වයක් උද්ඝතව තිබූ ඊජීප්තුවේ කැරලිකරුවන් නැවතත් කයිරෝ අගනුවරට රැස්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
නව ප්‍රතිසංස්කරණ ඉතා පුළුල්විය යුතු බව කැරලිකරුවන් ඉල්ලා සිටියි. එළඹෙන සඳුදා දිනයේදී කැබිනට් මණ්ඩලයේ වෙනස්කිරීම් සිදුකිරීමට නියමිත බැවින් ජනතාවට සන්සුන්ව සිටින ලෙස ඊජීප්තු අගමැති එෂාම් සහම් මාධ්‍යය වෙත පවසා තිබේ.