සිරියානු අර්බුදය මැද ලෝකයේ ඇමරිකානු ආධිපත්‍ය බිඳ වැටුනා

සිරියානු අර්බුදය මැද ලෝකය අතිශය දුෂ්කරතම සංධිස්ථානයක් වන ශුභ පැත්මේ තුඩුව පසුකළ බව දේශපාලන විචාරක ඊශ‍්‍රායෙල් ෂමීර් පවසයි.  ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ ලෝක බලවතා වශයෙන් වූ ඇමරිකානු හෙජමොනිය සිරියානු අර්බුදය තුළ ජාත්‍යන්තර දේශපාලනයේ හැසිරීම් මගින් බිඳ වැටුණු බවයි.

දැවැන්ත ආර්ථික අර්බුදයක මුවවිට සිටි ඇමරිකාවට සිය අර්බුදය සිරියාවට එරෙහි කරන ජාත්‍යන්තර යුද්ධයක් මගින් ආවරණය කර ගත හැකිව තිබූ නමුත් එම උත්සහය රුසියාව සහ චීනයේ මෙහෙයවීම මත අසාර්ථක වූ බවත් ඔහුගේ අදහසයි.  එම ක‍්‍රියාවලිය තුළදී රුසියාව සහ ව්ලැදිමීර් පුටින් විසින් ලබාදුන් නායකත්වය ෂමීර්ගේ පැසසුමට පාත‍්‍රවී තිබේ.

ඇමරිකාව ඇතුළු බටහිර ජාතීන් විසින් මධ්‍යධරණී මුහුදට යුධ නොෟකා යවද්දී රුසියාවච චීනයේ සහයෝගය සහිතව එම කලාපයේ යුධ ශක්තිය වර්ධනය කිරීමත් G20″ G8 සමුළු තුළදී මෙන්ම වෙනත් දේශපාලන වේදිකාවන්හිදීද ඇමරිකානු අභියෝගයට මුහුණදීමේදී රුසියාව විසින් විශාල වැඩකොටසක් කළ බව ඔහු පවසා තිබේ.

ඊශ‍්‍රායෙල් ෂමීර් වැඩිදුරටත් පවසන්නේ චීනයේ සහයෝගය නොවූවානම් මෙය කළ නොහැකි කටයුත්තක් බවයි.  බර්ලින් තාප්පය බිඳ දැමීම ආදී ඓතිහාසික සංධිස්ථානවල සැබෑ බලපෑම් දිස් වීමට වසර කිහිපයක් ගතවූ බව දක්වන ඔහු පවසා ඇත්තේ ඇමරිකාවත් එහි මුදල් ඒකකය වන ඩොලරයත් මෙම වර්ධනය තුළ අත්පත් කරගනනා ඉරණම මද කලකින් දැකගත හැකිවනු ඇති බවයි.

13,633 Viewers

——

ccnews

Add-here-new

contactus-n