දූෂණ චෝදනා ලැබූ චීනයේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට චීන අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබේ.
හැංෂු හා සුෂු නගරවල හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට මෙසේ මරණ දඬුවම නියම වූයේ එම නගරවල ඉදිකිරීම් කොන්ත්‍රාත් හා ඉඩම් ලබාදීමේදී ඩොලර් මිලියන ගණන් අල්ලස් ලබා ගත් බවට වූ චෝදනා ඔප්පු වූ නිසාය.හොංෂු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ සුමයියොං ඇමරිකානු ඩොලර් මිලියන 31 ක් අල්ලස් ලබා ගත් බව හෙළි වී තිබේ.
සුෂු නියෝජ්‍ය නගරාධිපති ජියාන් රෙන්ජි ඩොලර් මිලියන දාහතක් පමණ අල්ලස් ලබාගත් බව හෙළි වී ඇත.
අල්ලස් ලබාගැනීම චීනයේ මරණ දඬුවම ලබාදෙන ප්‍රධාන වරදක් වන අතර චීන ජනාධිපති හියු ජින්තාවෝ පසුගියදා පැවසුවේ දූෂණ හා වංචා නිසා මහජනතාව චීන රජය පිළිබඳ ඇති විශ්වාසයට හානි පැමිණෙමින් තිබෙන බවයි.
- දිවයින
me neethi ape ratatath genath kriyathmaka wenawanam kotharam hodada
මේ නීතිය මෙහෙට ගෙනාවොත් රජයේ නිළධාරීන් වැඩි ප්‍රමාණයකුත් දේශපාලනය කරන වැඩිදෙනෙකුත් එල්ලා මැරීමට සිදුවේවි.
අන්න නීති…. අන්න නායකයන්ගේ තීරන…. අපේ උන්ට හොද පාඩම් ඉගෙනගන්නවනම්… මොන පිස්සුද අපේ දේශපාලඥයින්ගේ කොල්ලයි බල්ලයි සේරම ජරාව කනවනේ….
ඔය නීතිය අපිට ක්‍රියාත්මක කලොත් අලුත් පාර්ලිමේන්තුවක් පත් කරන්න වෙය් …එකට පාසල් ළමුන් පමණක් ඇතුල් වේවි ..
අනේ අම්මපා අපේ රටේ නැහැනේ මේ වගේ වැඩ නේද?
අපේ රටේ හොරුන්ටනේ තැන තියෙන්නේ නේද?
හොරා හිරේ ,චන්ඩියා වලේ කියන පරණ කියමන දැන් අපේ රටේ අලුත් කරන්න වෙලා නේද?
හොරා රැකෙයි, චන්ඩියා දිනයි…සිරි ලකාවට ..බඩුම තමා
ane maha rajo me ahanna. me nithiy ratata dhenna….
මම ජනාධිපති උනාම මේ නිතිය ගේනවා.එතකන් පොඩ්ඩක් ඉවසල ඉන්න.lol