කෙන්යාව ඇත් දළ ටොන් 5ක් ගිනි තබා විනාශ කරයි.

කෙන්යානු ජනාධිපතිවරයා විසින් ඇ.ඩො. මිලියන 16 ක (රුපියල් 174,94,40,000) වටිනාකමකින් යුත් ඇත් දළ ටොන් පහක් ඊයේ දින (20) ගිනිතබා විනාශ කළ බව විදෙස් වාර්තා ‍වල සඳහන් වේ.

‍ඇත් දළ හොර ජාවරම සඳහා දඬයම් මඟින් ඇතුන් ඝාතනය වීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙසේ මෙම ඇත් දළ තොගය විනාශ කළ බව සඳහන් වේ.

පසුගිය මාස 12 තුළ දී අත්අඩංගුවට ගනු ලැබූ ගජමුතු අඩංගු ඇත් දළ 335 ක් සහ විවිධ වූ සුළු නිෂ්පාදනයන් 41,000 ක් මෙසේ ගොඩ ගසා ගිනි තැබූ බව එම වාර්තා වල සඳහන් වේ.

“නීත්‍යානූකූළ නොවන ඇත් දළ අළෙවි ජාවාරම නැවැත්වීම සඳහා අපට ඇති උනන්දුව අපි ලෝකයාට මෙමඟින් පෙන්වූවෙමු.” යැයි මෙම අත් දළ තොගයට ගිනිතැබීමට හේතු පහදමින් කෙන්යානු ජනාධිපති ම්වායි කිබිකී (Mwai Kibaki) ස්වදේශීය මාධ්‍ය වෙත පවසා ඇත. මෙම අවස්ථාවට දකුණු කෙන්යාවේ ලැව්ගිනි නිවීමේ පුහණු කිරීමේ පහසුකම් සපයන පිරිස්ද සහභාගී වී ඇත.

කෙන්යාව විසින් මීට පෙර වර්ෂ 1989 දී ද, අප්‍රිකානු අලි ඇතුන් සංරක්‍ෂණය කිරීමේ ‘හොර බඩු ජාවාරම නතර කිරීම සහ අප්‍රිකනු අලි ඇතුන් සංරක්‍ෂණය’ කිරීමේ වාර්ෂික සංවත්සරයක දී විශාල ඇත් දළ ප්‍රමාණයක් ගිනි තබා තිබිනි.

කෙසේ හෝ මෙම අප්‍රිකානු අළි ඇතුන් සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ සාර්ථක ප්‍රතිපඵ අත්කරගෙන ඇතැයි පරිසරවේදීන් පෙන්වා දේ. එහෙත් චීනයේ ආර්ථික දියුණුවත් සමඟ ඇත් දළ ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් අප්‍රිකානු ඇතුන් සඳහා නැවතත් නරක කාලයක් උදාවීය හැකි බව සඳහන් වේ.

මෙහි දී, මෙසේ ගිනි තබා විනාශ කළ ඇත් දළ ‍ප්‍රමාණයට මෙම වසරේදී සිංගප්පූරුවේදී අත් අඩංගුවට ගනු ලැබූ ඇත් දළ තොගයක් ද වූ බව චීන ෂීන්හුවා සඳහන් කර සිටියි.

‍මෙසේ මෙම ඇත් දළ තොගය සහ අනෙකුත් භාණ්ඩ ගිනි තබා ඇත්තේ කෙන්යානු බටහිර ටීසාවෝ ජාතික උද්‍යානයේ (Tsavo West National Park) දී බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

- මූලාශ්‍ර 01 02, බට්ටි

…………………………………….

…………………………………….

7,191 Viewers

8 Comments to “කෙන්යාව ඇත් දළ ටොන් 5ක් ගිනි තබා විනාශ කරයි.”

  1. sl130 says:

    aparade mewa wikunala kenyawe duppathekta kanna denna thibba.

    • Anonymous says:

      අන්න දැක්කද ගෑණුන්ගේ හැඳීමීටේ මොලෝ. එහෙම කළා නම් එය පුරුද්දට යනවා. ඒ මාර්ගයෙන් වෙනත් ජාවරම් බිහිවෙලා. නැවතත් අළි ඇතුන් මරන එක ජයටම කෙරීගෙන යනවා

    • Anonymous says:

      Gon Mattaek neee

  2. CanadaBuwa says:

    "sl130" Gon Mattek…

  3. Anonymous says:

    මුන්ගේ මොළේ කලදක්වත් නැද්ද දන්නැ… දැන් ඉතින් ඔය ගිනි තියාපුවටහ් එක්ක ඇතුන් මරාවි..

  4. ඇතෙක් says:

    මැරුනු ඇතුන්ට පණ එයි කියල හිතලද දන්නෙ නෑ දල පිච්චුවෙ.ඇත් දල ජාවාරම නවත්තන්න ඕන නම් ජාවාරම්කරුවන්ට විරුද්දව නීතිය හරියට,තදින් ක්‍රියාත්මක කරන එකයි කරන්න තිබ්බෙ. "අතීසාරෙට අමුඩෙ ගැහුව වගේ" වැඩක්!

  5. Anonymous says:

    මේක සංකේතාත්මක ලෙස අලි ජාවාරමට එරෙහිව ඒ රටේ පාලකයෝ කරපු වැඩක්. අපි ඒකට හිනා වුණාට. එයාලට මොළේ නෑ කියලා කීවාට අපිත් ඕවා කරනවානේ. ගංජා ‍හේන් අක්කර ගණන් ගිනි තියනවා. කසිප්පු පෙරලනා, අනවසර සිගරට් ගිනි තියනවා. එතකොට ආයේ කසිප්පු පෙරන්නේ නැද්ද? ගංජා වවන්නේ නැද්ද? සිගරට් නිෂ්පාදනය අඩු වෙනවා ද? අනෙක ඔය කියන විදිහට අපිට වඩා මොළේ අඩු අශිෂ්ට මිනිස්සු අලි ඝාතනයට විරුද්ධව එහෙම දෙයක් හරි කරද්දි, අපේ රටේ ශිෂ්ට සම්පන්න පාලකයෝ නේද අලි අල්ලලා විකුණං කමු කියන යෝජනවාක් ගෙනාවේ.එතකොට කවුද හරි?

  6. one sri lankan says:

    Ath dala ochchara expensive wela thiyenne ekata thiyena illuma nisane. dan ethakota ath dala aragena minissunta athiwena setha mokakda. ahinsaka sathekuge deyak aragena kochchara watina deyak haduwath wadak na..

    minissu ewa use karanne nathnam mokuth problem ekak na.

    dan lankawe api eken ganna ona, apith saththunge dewal ganne nathuwa jeewath wena eka..

    api minissu ….

    thats all…..

Leave a Comment