ජෝර්දානය වැසියෝ ඇමෙරිකානු කොඩිය ගිනි තබති.

ජොර්දානය තුළ සිදුකරනු ලබන ඇමෙරිකානු මැදිහත්වීම් වලට විරෝධය දක්වමින් ජෝර්දාන වැසියන් පිරිසක් විසින් ඊයේ දින (22) අම්මාන් නගරයේ දී ඇමෙරිකානු ජාතික කොඩිය ගිනි තබමින් ඇමෙරිකාව වෙත විරෝධය දක්වා ඇත.

විශේෂයෙන් ජෝර්දානයේ දේශපාලන ප්‍රතිසංස්කරන සඳහා ඇමෙරිකානු මැදිහත්වීමට විරෝධය දැක්වීම සඳහා මෙම විරෝධතා ව්‍යාපාරය ක්‍රියාතමක කර ඇත.

මෙහිදි මෙම විරෝධතාකරුවන් කලාපයේ ජෝර්දාන වැසියන්ගේ සාමුහික එකමුතුවේ වැදගත් කම පිළිබඳව පෙන්වා දෙමින් අරාබි රාජධානීය ආරක්‍ෂාවට දැඩි බලපෑමක් ඇති කරනු ලබන දූෂණයන්ට එරෙහිව එකාවන්ව නැඟිසිටිය යුතු බව ද පෙන්වා දී ඇත.

මෙම විරෝධතාකරුවන් පසුගිය සිකුරාදා දින පොලිසිය විසින් ඇතැම් මාධ්‍යවේදීන්ට එල්ල කරනු ලැබූ ප්‍රහාරය ද දැඩි ලෙස හෙළා දැක ඇත.

පසුගිය සතියේදී මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලැබූ පොලිස් ප්‍රහාර පිළිබඳව බදාදා දින විශේෂ නිවේදනයක් නිකුත් කළ ජෝර්දාන පොලිස් දෙපාර්තුමේන්තුව ‘හානිය අවම කිරීමින්’ ජෝර්දාන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පොලිස් නිලධාරීන්ට උපදෙස් ද දෙනු ලැබීය.

මෙම අඟහරුවාදා දින, ජෝර්දාන පාලක වන දෙවැනි අබ්දුල්ලාහ් රජු (King Abdullah II) විසින් ද පොලිසිය විසින් මාධ්‍යවේදීන්ට එල්ල කරනු ලැබූ ප්‍රහාරය ‘අසාධාරණ සහ අනුමත කළ නොහැකි’ ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කර තිබින.

ජනතාවට නිරවද්‍ය සත්‍යය දැනගැනීමට ඇති අයිතිය අසුරුවාලමින් සිදුකරනු ලබන මාධ්‍ය මර්ධනය පිළිගත නොහැකි බවද ජෝර්දාන රජු විසින් එහිදී ප්‍රකාශ කර තිබින.

මෙම විරෝධතා ව්‍යාපාරයට සියයක් පමණ පිරිසක් සහභාගී වූ බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

- මූලාශ්‍ර 01, සහන්

2,017 Viewers

2 Comments to “ජෝර්දානය වැසියෝ ඇමෙරිකානු කොඩිය ගිනි තබති.”

  1. Amare says:

    ඉස්සර ජෝර්දාන් කියන්නේ ජීවත් වෙන්න මරු රටක්, ආණ්ඩුවෙන් පුදුම විදියට ජෝර්දනුවන්ට සලකන්නේ හැබයි ඇමරිකන් කාරයෝ රිංගගෙන ඊක අවුල්කලා , අපේ ජෝර්දාන් මචන්ලා දැන් ප්‍රමාද වැඩි. උඹලගේ රාජ්‍ය නායකයන්ට විරුද්ධ වෙලා ඇමෙරිකන් නයි රෙද්ද අස්සේ දාගත්ත නේද ? උන් උඹලට ගානට facebook ටොපිය දුන්න , උඹලත් ඊක රසට කෑවා නේද ?දැන් ඉතින් කොඩි පුච්චලා පලක් නෑ. අනේ අපේ රටේ උන්ටත් කියදීපල්ලා ඇන ගත්ත හැටි.

  2. gamini thilakrtatne says:

    api danva macho…para balange hate

Leave a Comment