යුරෝපයා රටවල සතු ගුවන් ආරක්‍ෂක මිසයිල පද්ධතියට සමගාමීව රුසියාවේ ක්‍රියාත්මක වන VKO නමින් හඳුන්වනු ලබන ‘පස්වන වන පරම්පරාවේ’ රුසියානු ආරක්‍ෂික ගුවන් මිසයිල පද්ධතිය ඉඳිකර අවසන් බව එම ආරක්‍ෂක මිසයිල පද්ධතියට අණ දෙන නිළධාරී ලුතිනන් ජෙනරාල් වලෙරි ඊවානෝෆ් (Valery Ivanov) ඊයේ (22) දින ප්‍රකාශයක් කරමින් පවසා ඇත.
ඊයේ දින පැවැති, නාසී හමුදාවන් විසින් මීට වසර 70 කට පෙර රුසියාවට එළ්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයන් වලින් මියගිය වීරයින් සිහිකිරීමේ සංවත්සරයේ දී ‘නව පරම්පරාවේ රුසියානු ගුවන් ආරක්‍ෂක පද්ධතිය දැන් ස්ථානගතයි’ යනුවෙන් ඊවානෝෆ් මේ බව සඳහන් කරමින් පවසා ඇත.
දෙවන ලෝක යුද්ධයේ දී මියගිය සොල්දාදුවන් වෙනුවෙන් තනා ඇති ස්මාරකය පිහිටා ඇති මොසයිස්ක් (Mozhaisk) නම් මොස්කව් හී පිහිටි නගරයේ දී මෙම සංවත්සරය පවත්වා ඇත.
මෙහිදී ඔහු මාධ්‍යවේදීන් විසින් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ‘ගුවන් තලය ආරක්‍ෂා කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඉඳිකර අවසන්’ යැයි පවසා ඇත. මෙම නව පරම්පරාවේ ආරක්‍ෂක ක්‍රමවේදය මෙම වසරේ දෙසැම්බර් පළමුවෙනිදා සිට භාවිතයට ගැනෙන බව ද ඔහු විසින් හෙළි කර ඇත.
VKO යනු සංවර්ධනය කරන ලද, වැඩි දියුණු කරන ලද, එකට එකතු කරන ලද සහ නවීකරනය කරන ලද ගුවන් ආරක්‍ෂක ක්‍රමවේදයක් බවද ඔහු පවසා ඇත.
“දැන් අප සියලූම ගුවන් හමුදා ක්‍රියාමාර්ගයන් ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ සම්බන්ධීකරන අණදෙන ගුවන් ආරක්‍ෂක යුද්ධෝපා ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.” යැයි ද නව ගුවන් ආරක්‍ෂක ක්‍රමවේදයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පහදමින් ඔහු පවසා ඇත.
“ඒ සඳහා අවසාන තීරණය ගත යුත්තේ අපගේ දේශාපලකයින් විසින්”යැයි, දැනට පවතින යුද හමුදාවන්ද මෙම නව ඒකකයට අනුබද්ධ කරනවා දැයි මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයට ඔහු පිළිතුරු දෙමින් පවසා ඇත.
2011 වසරේදී සියලූම ගුවන් ආරක්‍ෂක ක්‍රමවේදයන් ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ අණදෙන මූලාස්ථානයක් පිහිටුවමින් නව ගුවන් ආරක්‍ෂක පද්ධතියක් ක්‍රියාවට නැංවිය යුතු බව මීට පෙර 2010 වසරේදී රුසියානු ජනාධිපති දිමිත්‍රී මිඩ්වීඩියෆ් (Dmitry Medvedev) විසින් ද උපදෙස් දී තිබින.
මෙහිදී, මාධ්‍යවේදීන් වෙත මේ පිළීබඳව අදහස් දක්වා ඇති ලුතිනන් ජෙනරාල් ඊවානෝෆ් ‘S-500 නමින් හඳුන්වනු ලබන සෛවරී බලදාරී පෘෂ්ඨීය ගුවන් ආරක්‍ෂක පද්ධතිය’ ද 2015 දී රුසියානු යුධ හමුදාවට එක්වන බව පවසා ඇත. මෙම නව පරම්පරාවේ ආරක්‍ෂක අයුධ පද්ධතිය අල්මාස්-අනතේ කොම්පැනිය (Almaz-Antey company) විසින් මේ වනවිට ඉඳිකරමින් පවතින බව ද ඔහු පවසා ඇත.
“අපට 2015 වසරේ දී නව රේඩීයෝ තාක්‍ෂණික උපකරන, නව ප්‍රහාරක ජෙට් යානා සහ නව S-500 මිසයිල පද්ධති” සියල්ලම ලැබීමට නියමිතයි.” යැයි ඒම නව ආවි ආයුධ පූර්ණ වශයෙන් භාවිතයට ගැනෙන කාලවකවානු පිළිබඳව සඳහන් කරමින් පවසා ඇත.
මෙම S-500 ගුවන් ආරක්‍ෂක මිසයිල පද්ධිතියට කිලෝමීටර් 600 සිට කිලෝමීටර් 3,500 දක්වා වූ වපසරියක පිහිටි බැල්ස්ටික් මිසයිල 10 ක් එකවර විනාශ කළ හැකි බවද සඳහන් වේ.
දැනට රුසියාව සතු ගුවන් ආරක්‍ෂක පද්ධතිය මඟින් රුසියාවේ භූමීයෙන් 2/3 ක් ආවරණය කළ හැකි බවත් එම ආරක්‍ෂක භූමි ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බවත් සඳහන් වන අතර මොස්කව් නගරයේ ආරක්‍ෂාව සඳහා පමණක් 800 කින් යුතු ආරක්‍ෂක කාර්‍යය මණ්ඩලයක් ඒ සඳහා දිනපතා සේවයේ යෙදෙන බවද ඔහු මෙහිදී හේළි කර ඇත. VKO ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ මොස්කව් අගනුවර සහ කර්මාන්ත පුරවර ආරක්‍ෂා කිරීම බවද ඔහු සඳහන් කර ඇත.
………………………….
………………………….
Wow Gr8
නියමයි Russia නියමයි. ඔහොම යන් ඔහොම යන්
ඔය තියෙන්නෙ ජය වෙවා
අසියාවෙ රටක් වශයෙන් රුසියාව ශක්තිමත් වීම පිළිබදව අපට සතුටුයි.බටහිර බලවතුන්ට එරෙහිව යන්න දියුණුවන අසියාවෙ අනගතයට හොද අයොජනයක්………………!
ජය ශ්‍රී……
congratzzzzzzzz
Hmm it seems like your website ate my first comment (it was extremely long) so I guess I’ll just sum it up what I wrote and say, I’m thoroughly enjoying your blog. I too am an aspiring blog blogger but I’m still new to the whole thing. Do you have any tips and hints for beginner blog writers? I’d definitely appreciate it.