ඇමරිකානු නිවාස වෙළඳ පොළේ ඇතිවී තිබෙන උදාසීනත්වය හමුවේ නිවාසවල මිල ගණන් තවදුරටත් පහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගෙවුණු ඔක්තෝම්බර් මාසයේ The Standard & Poor Case-Shiller දර්ශකයට අනුව ඇමරිකාවේ ප්‍රධාන නගර දහයක නිවාසවල මිල ගණන් සැප්තැම්බර් මාසයට වඩා සියයට 1.1 කින් පමණ අඩුවී ඇති බවයි.
නගර විස්සක් එක්කළ දර්ශකයට අනුව එහි පහළ යාම සියයට 1.2 කි.
මෙහිදී, වැඩි වශයෙන්ම නිවාසවල මිල ගණන් පහළ ගොස් තිබෙන්නේ ඇට්ලැන්ටා නගරයේ වන අතර එහි මිල පහළ යාම සියයට 05 ක් පමණ වනබව සඳහන්ය.
ඇමරිකාවේ ඇති විශාල විරැකියාව හා අඩු ආර්ථික වර්ධනය හමුවේ නිවාස වලට ඇති ඉල්ලුම අඩුවී තිබෙන අතර නිවාස වෙළඳ පොළ ඉදිරියේදී යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාසය පළවී තිබේ.
- Vimasuma
ෙම ෙකාෙවයන අැමකා වග අට ෙමාකටද, ට වැය ෙකාචර න අට යද…..
aliya watunama nagittowanna amaarui, podi unta nam ehema naa
aliya watunama nagittowanna amaarui, podi unta nam ehema naa
මුන්ට මෙච්චර පුරස්න තියාන ද අර කොහෙවත් ඉන්න ඉරානෙකට ගහන්න යන්නෙ ?