හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීම යුධ ප‍්‍රකාශ කිරීමක් සේ සලකනවා – ඇමරිකාව

ඉරානය සහ බටහිර රටවල් අතර ඛණිජ තෙල් සමපත සම්බන්ධව ගොඩ නැඟී ඇති වාදය දැන් දැන් ඉතාම තීරණාත්මක තත්වයකට පත්ව තිබේ. එය මහා පරිමාණ යුද්ධයක් දක්වා පැතිරී යාමට ඉඩකඩ තිබෙන බව ජාත්‍යන්තර දේශපාන නිරීක්‍ෂකයන්ගේ මතය වී තිබේ. එහෙත් මෙය කුකුළු පොරයක හොරගල් අහුලන අවස්ථාව පසු නොකරන තත්වයට පත්වීමට ඉඩ තිබෙන බවද  ඔවුන්ගේ අදහස වී තිබේ.

ඉරාන නාවික හමුදාව යුධ අභ්‍යාස පවත්වන හෝමුස් සුමද්‍ර සන්ධිය ආසන්නයටම ඇමරිකානු ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවක් පැමිණ තිබේ.

මේ අතර ඉරාන නාවික හමුදා ඉහල නිළධාරියෙකු පවසා  ඇත්තේ සමුද්‍ර සන්ධිාව වසා දැමීම ඉරාන නාවික හමුදාවට ඉතාම පහසු කටයුත්තක් වෙයි. එය වතුර වීදුරුවක් බොනවාට වඩා පහසු කටයුත්තක් බවද ඔහු කියා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ප‍්‍රතිචාර දක්වන පෙන්ටගන ප‍්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉරාන රජයේ මෙම ප‍්‍රකෝපකාරී ක‍්‍රියා යුද්ද ප‍්‍රකාශ කිරීමක් ලෙස සලකන බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම යනු ඇමරිකානු ඛණිජ තෙල් සැපයුම ඇහිරීමම වන අතර මෙය අනෙක් රටවල් වලටද බලපාන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

මූලාශ‍්‍ර – RT

- Lakmini

14,919 Viewers

19 Comments to “හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීම යුධ ප‍්‍රකාශ කිරීමක් සේ සලකනවා – ඇමරිකාව”

  1. gulf බුවා says:

    දෑන් ඉතින් තවත් බල බල ඉන්න නෑතිව ගහ ගන්න එකයි තියෙන්නෙ. අපිට දෙගොල්ලගෙම කයිවාරු අහගෙන ඉදල එෆා වෙලා තියෙන්නේ. මේකෙ මොකක් හරි විසදුමක් තියෙන්න ඔනෙනේ.

  2. Anonymous says:

    ow ow eka nam atta..eth owage vipaka gewanna wenne api wage hingana ratawalata thami..

  3. හෝමුස් සුමද්‍ර සන්ධිය ආසන්නයටම ඇමරිකානු ගුවන්………

  4. Anonymous says:

    ඔව් ඔව් ගහගනිල්ල … ekmanata කයිවාරු ගහන්නේ නෙතුව …. නෙත්තම් MR ට කියල තොපි දෙගොල්ලන්ටම ගස්සනවා…!!!!!!!!

  5. parakum says:

    irannayata ikmanin urumas sambola labai. americawata jayawava.

  6. දුකා says:

    Prabakaranuth ana gaththe mavil aru wahala neda?

  7. Anonymous says:

    අනේ මම නම් නෑ ඔව්වට… ඔං දැන්ම කිව්වා

  8. Google says:

    හරියට හරි. මගුල පොර ටෝක් දෙනවා විතරයි

  9. A.D says:

    Closing the Strait of Hormuz will be the last thing the Iranian ever do…

  10. pradeep says:

    mokada kiyanne mata Rs,/100 denawada mama gema iwara karala dennam

  11. Anonymous says:

    ඉතින් ගහපල්ලකො බලන් ඉන්නෙ

  12. Wimal says:

    America gedara palayan. Nethnam mama maranthika upawasayak arambha karanawa umbalage embassy eka issaraha.Dannawane mama katin karana weda.

  13. යකා says:

    මුන් දෙගොල්ලම පච කෙල කෙල ඉන්නව විතරයි වගේ….. අපරාදෙ

  14. P.W says:

    Kapan america iranen gema illala

  15. jundaiya says:

    watetama nelala nelala american karayata mekata atha danna bayada danne na. dan wadiya sallith na. iran nelanna gihin thiyana saththe diya unoth ehema. gahuwoth nam iran kanawa nathi wenna.

  16. Senna says:

    බය නැති එකා කනෙන් අල්ලපන් කියලා වටේ ඉන්න උන් කියනකන්ද ඕයි බලන් ඉන්නේ…

    පොඩි උනුත් ෆයිට් එකකට එන්ටර් වෙනවා මීට වඩා නිර්භීත විදිහට…

  17. DOn says:

    dan mokenda gahanne ??????

  18. anarkali says:

    tambiyoy american kareyoy loken chuta wela yanne

Leave a Comment