මැදපෙරදිග ‘ඔස්ලෝ සම්මුතිය’ අභාවයට පත්වේ

1993දී ඊශ‍්‍රායලයේ හා පලස්තීනයේ සහභාගීත්වයෙන් ඔස්ලෝ නගරයේදී ඇතිකරගන්නා ලද මැදපෙරදිග සම්මුතිය තවදුරටත් ක‍්‍රියාත්මක කල නොහැකි බවත් එය අඵාවයට ගියා සේ සලකන ලෙසත් එහි ඊශ‍්‍රායල් නිර්මාතෘ යසී බේලීන් පලස්තීන නායක මහමුද් අබ්බාස්ට දැනුම් දී ඇත.

එකී ඔස්ලෝ ගිවිසුම මඟින් බිහි කෙරුණු පලස්තීන අධිකාරිය විසුරුවා හැරිය යුතු බවත් බටහිර ඉවුරේ හා ගාසා තීරයේ පූර්ණ පාලනය ආපසු ඊශ‍්‍රායලයට භාර දිය යුතු බවත් මෙමඟින් බේලින් තර්ජනයක්ද එල්ල කොට තිබේ.

දැනට යුදෙවු ජනපදිකයෝ 50,000කට වඩා අල්ලා ගත් පලස්තීන ප‍්‍රදේශවල අනවසරයෙන් පදිංචි වී සිටිති. මෙය යෝජිත පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමේදී ඉමහත් අවහිරයක් වනු ඇතැයි දේශපාලන නිරීක්‍ෂකයෝ මත පල කරති.

5,673 Viewers

Leave a Comment