ඇමරිකාව බුදුන් වහන්සේගේ රුව කාන්තා පාවහන් වලට යොදයි

කැලිෆෝනියාවේ පාවහන් නිෂ්පාදන ආයතනයක් විසින් බුදුන් වහන්සේගේ රුව පාවහන් අඩියට යොදා නව පාවහන් විශේෂයක් නිෂ්පාදනය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

බෞද්ධ දර්ශනයට නිගා වන අන්දමින් සිදු කර ඇති මෙම නිපැයුම පිළිබඳ ටිබෙට් සහ භූතාන් ජාතික බෞද්ධ ප්‍රජාව අන්තර්ජාලය හරහා සිය බලවත් අප්‍රසාදය පළ කර ඇතැයි ද එම වාර්තාවල සඳහන්ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදාළ සමාගම කිසිදු තැකීමක් සිදු නොකළ බව “පන්ජාබ් නිව්ස්ලයින්” උපුටා දක්වයි.‍

එම පාවහන් යුගලවල අඩියට යොදා ඇති බුදුන්ගේ රූපය ඉවත් කරන ලෙස ටිබෙට් නායකයින් විවිධ වූ අන්දමින් ඉල්ලීම් ද කර ඇතැයි වාර්තා වේ.

උතුරු අමෙරිකානු ජාතික ටිබෙට් පාර්ලිමේන්තු සභික “ටෂි නම්ජියාල්” එම පාවහන් සමාගමට සිය විරෝධය පළ කරමින් ලිපියක් ද යොමු කර ඇත.

පාවහන් යුගල අඩියේ ඇති බුදුන්ගේ රූපය දැකීමෙන් තමන් වඩාත් සංවේදී වූ බවත් එම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් අදාළ ලිපියේ සඳහන්ය.

ලොව පුරා විසිර සිටින මිලියන ගණනාවක ජනතාව වන්දනාමාන කරන බුදුන් වහන්සේගේ රුව මෙවැනි වෙළඳභාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බවත් මෙ සඳහා සැලකිය යුතු අන්දමේ නිදහසට කරුණු කිසිවක් නොමැති බවත් එම ලිපියෙන් පෙන්වාදෙයි.

එබැවින් පාවහන් සමාගම විසින් සිදුකරන කිසිදු අන්දමේ නිෂ්පාදනයකට බුදුන්ගේ රුව ඇතුළත් කර නොගන්නා ලෙස ටෂී මහතා සිය ලිපියෙන් ඉල්ලා ඇත.

කැලිෆෝනියාවේ පිහිටා ඇති ICON නම් මෙම සමාගම 1999 වසරේ දී ස්ථාපිත කරන ලද්දේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පදකයෙක් විසිනි.

මෙය කාන්තා පාවහන් සහ අත්බෑග නිපදවන සමාගමකි.

- adaderana

21,244 Viewers

38 Comments to “ඇමරිකාව බුදුන් වහන්සේගේ රුව කාන්තා පාවහන් වලට යොදයි”

  1. ලැම්බට් මල්ලි says:

    විපාක මෙලොවදීම පලිසන් දේවී.

  2. st says:

    Such things like this are most probably done by christens or Catholics. So we can imagine how pathetic they are. I feel really sorry for them.

  3. ඔන්න කතෝලිකයන්ගෙ වෑඩ මෙහෙ පල්ලියක තාප්පයක් හරි බෞද්ධයෙකුගෙ අතින් කෑඩුනොත් එන්නෙ රෙදි උස්සගෙන.

  4. Walgemba says:

    This is very shame on people who use very cheap type barbarian activity.

  5. නලින්ද says:

    දලයි ලාම තුමා යයිද දන්නේ නැහැ මේක වෙළඳපලට නිකුත්කරන උත්සවේට! පෙනවනේද ඇමෙරිකන් කාරයාගේ හැටි, ලාම තුමා ඇමෙරිකාවට ගියාම පට්ට සැලකිලි, හැබැයි එතුමා නියෝජනය කරන ආගමේ සස්තෘවරයා සපත්තුවේ අඩියට!

    • සූර පප්පා says:

      චීන රජයට රිදවන්න හොඳම සහ කෙටිම මඟ දලයිලාමා තුමාට සැලකීම.නමුත් එයින් අදහස් වෙන්නේ නෑ බෞද්ධාගමට ගෞරව කරන බවක්…

  6. ලයන් ඔෆ් ජුදා-කියත ටී.වී. says:

    පල්ලි පිල්ලි උවමනව තම්යි මේ නිරුපනය වෙන්නේ

  7. avril says:

    Americawata Jaya wewa………………

  8. B.M.W. says:

    ඔය ඇමරිකන් බල්ලන්ට කිසිම ආගමක් ,ජාතියක් නැති විසි එක්වෙනි සියවසේ ජීවත් වන වනචාරී ටිකක් .මුන්ගේ ජාතික කොඩිය අරගෙන යට ඇදුමේ සිට මහන්න පුළුවන් හැම ජරවකටම යොදාගන්න ජාතියක් .ඉතින් අපි කොහොමද මුන් අනිකුත් ආගමක නායෙකුට ගරු කරයි කියල බල පොරොත්තු වන්නේ .මමනම් කියන්නේ උන්ගේ ආගමික නායකයන්ගේ රුප ඔය වගේ දේවල් වලට යොදා ගත්තනම් ඔය සපත්තුව තව ගොඩක් විකුණගන්න පුළුවන් .
    අපේ බුදුන් වහන්සේ කියන්නේ ලෝකයම පිළිගත් දර්ශනයක් ලෝකයට පෙන්වා දුන් උත්තමයෙක්.

    කෝ අර සුද්දට කඩේ යන TEST කියන කෙනා .

  9. ටාටා says:

    අයියො ඕක මොකක්ක්ද

  10. Vaj says:

    Blady americans are scared to buddhism.they know oneday buddhism will be the main religion in the world.

    • හෙළ සිංහ says:

      හීනෙන් තමා මචන් …..

      • lasantha says:

        අනේ පලයන් යකෝ යන්න දැන් සර්ව බලධාරි දේව සංකල්පය අහෝසි වෙලා. ලඟදිම මුලු ලෝකයේම බෞද්ධ පුනරුදයක් ඇතිවෙවි. අර මොකක්ද holy trinity දැන් holy shit වෙලා

        • az says:

          Ithihasema Upan raten nethi wechchi ekama agamai buddagama, Man kiwwe indiawa gena. ithing loke gena kiyanawa, Anthima kaala seemawa Maithree hamuduruwange agama thamai me loke ithuruwenne. (E kiwwe mithree agama kiyala kiwaheki) ema agama buddagamata wada wenas wenna puluwang, hethuwa aluth deyak kiyanna misak budu hamuduruwa desana karapu de repeat karanna thawa mithree kenek ona wenne.
          Hondata hoyala balanna. samahara wita denatamath mithree pahala wela ethi. hoya gaththu data galwalin gahanna nang epa panapita hitiuth.

  11. gooona says:

    mewada minissunta thiyana pasna mewa pissanta hodai

    mad md go ahead

  12. ravi says:

    Owath wadatha malli me rate athi uthum bauthayo tikak islam agamata niga karanne sadula palli kadanne mewath wadatha malli mewath wadatha

  13. Nariya alscaff says:

    USA will face punishment soon…

  14. deenu says:

    appamenna american karayanta baninawa ape kattiya . oka arabiye muslim jathikayange wadak unanam ada lankawe inna muslim minissu tika banum ahala ewarayak nathi wenawa.

  15. යමපල්ලා says:

    වල් සුද්දෝ. මුන්ට හෙන හතම ගහන්න ඕන

  16. Kelum says:

    බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදීත් උන් වහන්සේට විවිධ අපහාස, නින්දා බොරු චෝදනා කල පිරිස් හිටියා
    නමුත් බුදුන් වහන්සේ ඔවුන් සමග වාදයට, සටනට හෝ ඔවුන්ට උත්තර බැඳීමට ගියේ නෑ.
    උන් වහන්සේ ලැබෙන හැම මොහොතක්ම ධර්මය දේශනා කිරීමට, අහිංසක දුක් විඳින ජනතාව දුකින් මුදවාගැනීමට වැය කලා.
    බුදුන් වහන්සේට අපහාස කල යට එහි අනිටු ප්‍රතිපල ලැබුනා. බුදුන්ගේ ධර්ම මාර්ගයේ ගිය අයට නිවන් සැප ලැබුනා.
    සැබෑ බෞද්ධයන් තේරුම් ගත යුතුව ඇති දෙයක් වන්නේ බුදුන්ගේ ජීවමාන කාලයේත් තිබුණු මෙවැනි අපහාස මේ ලෝකය පවතින තුරාක් කල් බුද්ධ ධර්මයට ඒරේ හිව ඇතිවෙන බවයි.
    නමුත් බුදුන් වහන්සේ තමුන්ගේ අනුගාමිකයන්ට දේශනා කර ඇත්තේ හිස ගිනි ගත්තත් එය නිවා ගැනීමට වෙලාව වැය නොකර මාර්ගපල අවබෝධයට වෙහෙස විය යුතු බවයි
    ඒ නිසා සැබෑ බෞද්ධයෝ මෙවැනි ක්‍රියා වලට ප්‍රතිචාර දැක්වීම අනවශ්‍ය බව මගේ හැගීමයි
    එයින් සිදු වනුයේ මෙව්වා කරන පුද්ගලයන්ට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබීමෙන් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වීමයි
    මෙයට විරුද්ධ වන්න කියා මෙය face book එකේ පල කලොත් මෙයට share කිරීම් මිලියන ගණනක් ලැබෙනු ඇත
    එවිට මෙය සිදු කල අයගේ බලාපොරොත්තු ඉටු වී හමාරය

  17. Lankan says:

    දිට්ඨ ධම්මවේදනීය කර්මේ පඩිස්න් දෙයි මේ වැඩ වලට

    • lasantha says:

      මම නම් කියන්නේ මුන්ගේ පරම හතුරා වන ඉරානෙන් තමයි කන්න ඕනේ මේ කරපු අසමත්ජාති වැඩේට . එතකොට තමයි මුන්ට වැඩියෙන්ම රිදෙන්නේ

  18. US Life says:

    ඔක මොකද මම ගිය සුමානෙ ලස් වෙගස් ගියා අපෙ බුඩුහමුඩුවො දාල Night Club එක්කක් තෙයනව TAO කියල. මෙක ත්යන්න ලස් බුලවර්ඩ් පාරෙ. එතින් තව මොනවඩ. TAO spiritual dining කියල ලොකුවට බොර්ඩ් ගහල තියනව අපෙ බුඩුහමුඩුරොවො දාල. ලීන්ක් එක බලන්න
    http://taolasvegas.com/special-events/

  19. sam says:

    dalada maligawata gahapu kotiyata mokada une.ethakota bamian buddha prathimawata gahapu bin ladenta mokada une.mewata achchu labenawamai.apage shanthinayaka budu rajanan wahanse kisiwekutawath ninda apahasa nokalaseka.apahasa kalaayata yukthiyakma wewa.

  20. ඈතුලාන්තය says:

    වෑඩිය ප්රසිද්ද නොවන හින්දි චිත්රපටවල සිපගෑනිම් වෑනි කාමුකත්වය පෙන්වන දර්ශනවලට බුදු පිලිම යොදා ගෑනිමෙ කුට උපක්රමයක් තිබෙන තිබෙන බව පෙනෙ. වඩා සොචනිය කරුනනම් චිත්රපටියක ගනිකා නිවාසයක් තුල තිබු හින්දි සින්දුවක එම නිවාසය වටෙටම එල්ලා ඈත්තෙ වෙසක් කුඩුය.බොලියුඩ් බුදුදහමට අපහාස කිරිමට පටන්ගෙන ඈත

  21. asian says:

    is this bloody Hillary’s freedom for the religious.??????? bloody shame on this

  22. buwaa says:

    මේව කරල අපිට රිද්දන්න බෑ. බුද්ධාගම කියන්නෙ ආගමකට වඩා ප්‍රායෝගික, තර්ක කරල පහදාගන්න පුලුවන් දර්ශනයක්. බුදු හාමුදුරුවො කියන්නෙ තුන් ලෝකෙටම උතුම් ශාස්තෲවරයෙක්. මේව කරපු එවුන්ට අපේ ඇස් ඉදිරිපිටදීම මේවට විපාක ලැබෙයි.

  23. kotta says:

    ganan ganna epa,,,egollange reula wawa gaththa kaalakanniyawa kisima dekata yodaganna behe ekai,,,budu haamuduruwo hema thenama innawa,,,

  24. Maha Naga says:

    මෙඉන් බෞද්ධ දර්ශනයට කිසිදු හානියක් නොවන අතර , මෙවැනි දේවල් කරනු ලබන්නාගේ පිරිහීම පමණක් අනිවාර්යයෙන්ම සිදුවේ. කොපමණ බාදක පැමිණියත් බෞද්ධ දර්ශනය ලොවතුල තව තවත් ඔපවෙමින් පවතී.

  25. shan says:

    bodu bala senawata visa hadala ehe yawamu sapttu kade wahi ethalota dawas 14n

  26. chana says:

    අයියො ඇමරිකාව ගැන මොකටද මේ කතා.. අනුන්ගෙ රටක් ගැන නැතිව තොපිලා පය ගහලා ඉන්න රට ගැන හොයාපල්ලකො දන්නවාද කොල්ලුපිටියේ මුස්ලිමි පාවහන් කඩයක ධර්ම චක්‍රය පාවහනේ අඩියෙ ගසා විකුණු බව, ඔන්න මම ර්යෙත් එ කඩයට ගිහින් බැලුවා මුන් මේ පාර බුදු හාමුදුරැවන් නිරුවත් කරලා අඩියෙ ගහලාද කියලා.. හික් හික්.. ඔවි ඔවි එ කියන්නේ තාමත් එ කඩය එතනම යහතින් හොදින් තියෙනවා,දඩයක් කැවා එක නිකන් උන්ට අරකක් ගියා වගේ, ඔන්න අපේ නිතිය. බුදු දහම රැක ගන්න ලංකාවේ බැරි ලංකාවේ උන්ට අන්තර්ජාලයේ ඇමරිකවේ සපත්තුව ගැන පුවතුත් යනවා එවාට ඇඬෙන අදහස්තු වැටෙනවා… ඇඩ්මින් අයියෙ Pls ඔයා මොන ජාතිකයෙක් උනත් මෙකවත් අදහසක් විදියට බාර ගන්න… Pls…

  27. Fernando says:

    Please watch this link.

    Why you are not making any voice for this.This is not run by Christians.
    http://taolasvegas.com/special-events
    What do you know about massage clinics run by buddhist priests inside the temples in Bangkok?

Leave a Comment