Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

සඳ දිනුවත් මරුවාට පරදියි, නීල් ආම්ස්ට්‍රෝං මියයයි

August 26, 2012 at 9:18 am | Lanka C News.

සඳ දිනුවත් මරුවාට පරදියි, නීල් ආම්ස්ට්‍රෝං මියයයි

සඳ මත පා තැබූ පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝං අභාවප‍්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මස ආරම්භයේදී හෘද සැත්කමකට භාජනය වූ ඔහු මිය යන විට ඔහු 82හැවිරිදි වියේ පසුවිය.

සැත්කමින් ඇතිවූ සංකූලතාවය මරණයට හේතු වූ බව ආම්ස්ට්‍රෝංගේ පවුලේ ප‍්‍රකාශකයෙක් පවසා ඇත.

1969 ජූලි මස 21 වනදා සඳමත පා තැබූ ප‍්‍රථම මිනිසා බවට ආම්ස්ට්‍රෝං පත්විය. ‘මෙය මිනිසෙකුගේ කුඩා පියවරක් පමණක් වුවද මානව සංහතියම තැබූ යෝධපිම්මක්’ යනුවෙන් ඔහු එම අවස්ථාවේ පැවසීය.

සඳගමන සිදුකල ඇපලෝ 11 යානාවේ අණදෙන නිලධාරියා ලෙසද නීල් ආම්සට්‍රෝං කටයුතු කළේය. ඔහු දක්ෂ අණදෙන නිලධාරියෙක් යයි ඔහුගේ සඳගමනේ සගයෙක් වූ එඩ්වින් ඔල්ඩි‍්‍රන් මාධ්‍ය වෙත පවසා ඇති අතර සඳ ගමනේ 50 වන සංවත්සරය සැමරීමට ආම්ස්ට්‍රෝංට නොහැකිවීම කණගාටුවට කරුණක් බවද පවසා ඇත.

ආම්ස්ට්‍රෝං ඇමරිකා වැසියෙකුට ලබාගතහැකි උසස්තම සම්මානය වන කන්ග‍්‍රෂනල් රන් සම්මානයෙන් පසුගිය නොවැම්බරයේදී පිදුම් ලැබීය.

11,114 Viewers
Print

10 Comments to “සඳ දිනුවත් මරුවාට පරදියි, නීල් ආම්ස්ට්‍රෝං මියයයි”

  1. U.K from U.K says:
    August 26, 2012 at 4:14 pm

    සත්‍ය වශයෙන්ම මිනිසුන් තවම හඳට ගියේ නැත. එය නෙවාඩා පිහිටි Area 51 තුල සිදුකල මුළු ලෝකයම නොමග යැවීමකි … (විද්‍යාත්මක සහ බුත ලොවෙන් ලබාගත් සාදක මා සතුව ඇත)

    Reply
    • Stephen says:
      August 26, 2012 at 5:44 pm

      මිනිසා සද ජයගැනීම තවමත් විශ්වාස කරන්නේ නැහැනේ. මුන්ගේ ජීවිත ගැටගහල තියන්නේ. ගහේ බැන්ද ගොනා වගේ ගහ වටේ තියනදේ කාලා බඩගින්නේ ඉන්නයි වෙන්නේ. මුන්ට කවමදාවත් ලෝකේ අනෙක් මිනිස්සු සමග එකට ජීවත්වෙන්න ලැබෙන එකක් නැහැ.

      Reply
      • U.K from U.K says:
        August 26, 2012 at 11:21 pm

        Stephen මල්ලි මම මගේ ඊගෝ එක ගැන කියවනවා නෙමේ , ඔයාල ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ හඳට ගිය කතාව ඔයාල වගේ ගම් බයියන්ට, ඔයාල වගේ බත් කන ගොන්නුන්ටම හොඳා.ඔයා දන්නවද අපේ මේ ලෝකෙට (පෘතුවියට )හරියටම අඩි තුනක් (3 Feet) උඩින් අපට නොපෙනන තව ලෝකයක් තියනවා කියල එතකොට විශ්වාස කල නොහැකි තරම් ආයෂ (Life time) ඇති ආලෝකයෙන් පමණක් නිර්මිත ලෝක තියනවා කියල. මම ඒවගේ ලෝකවල අයත් එක්කත් සන්නිවේදනය පවත්වනවා.ඔයාට පෙන්නේ ඇහැට පේන ටික විතරඊ එත් මට එහෙම නෙවෙඉ . මම ඔයාට අනුකම්පා කරනවා මල්ලි … …

        Reply
        • Bruce wayne says:
          August 27, 2012 at 7:13 am

          maath oyaaata anukampaa karanawa U.K. from U.K ,………….mathaka athiwa hariyatab beeth tika bonna…

  2. ගස් ගෝනා says:
    August 26, 2012 at 4:33 pm

    ලොකු රහසක් වැලලුනා වගේ.

    Reply
    • ANATHAYA says:
      August 27, 2012 at 8:37 am

      math ekanga wenawa e adahasata.

      Reply
  3. Sanjeewa De Silva says:
    August 26, 2012 at 5:02 pm

    Great Hearted Man. Your name is ever Great Sir.

    Reply
  4. TruthHunt says:
    August 26, 2012 at 7:59 pm

    මේ යකා මෙච්චර ප්‍රසිද්දියේ මැරුණට අප්‍රසිද්දියේ මුලු විශ්වයේම රොකට්ටු රහිතව
    ගමන් කල පුරාන අබිඥා ලැබී සිංහලයින් මේ බිමේ සිටින්න ඇත්ද ? අප විසින් බවුතික
    විද්‍යාව පසෙකලා භාවනාවෙන් අතින්ද්‍රීය ඥානය ලබා තමාව ගවේෂණය කර ලොව දිනාගැනීමට
    අප ඉටාගතයුතුය .කොපමණ වීරයෙකු වුනත් මස් මාළුකන මත්පැන් බොන මිත්යදුෂ්ටික
    මේ සුද්ද ප්නරුත්පත්තිය ලැබුවේ කොහෙද වග අපට පෙන්වාදීමට යම් මුනිවරයකු සිටියේ නම්
    එයම මේ අවස්ථාවේ සකල ලෝක සත්වය යහමගට ගැනීමට පිටුවහලක් ලැබෙන්නේය .

    Reply
  5. Joseph says:
    August 26, 2012 at 10:41 pm

    හඳට ගියත් ජීවිතං අනියතං මරණං නියතං. එයාටත් නිවන් සැප ලැබේවා එහෙනම් !

    Reply
  6. ඈතුලාන්තය says:
    August 27, 2012 at 8:19 am

    ඉලගට ලන්කාවෙ මහජන මුදලින් හදට යන්න ඉන්නෙ අපෙ රොහිත කොලුවා නෙද?

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English