රුසියාව තිස් වසරක රහසක් මුහුදෙන් ගොඩගන්න යයි

මීට වසර 30 කට පෙර ආක්ටික් සාගරයේ කාරා මුහුදේ දී න්‍යෂ්ටික අනතුරකින් හානියට පත් වී ඇති ‘සෝවියටි K-27‘ නමි වූ සබිමැරිනය නැවත ගොඩ ගැනිමට තීරණය කර ඇත.

මෙම යාත‍්‍රාව ගොඩගෙන නොගැඹුරු මුහුදේ තැන්පත් කිරිම මඟින් විකිරණ ශක්තිය කාන්දු වී හානි සිදුවිය හැකි බවට න්‍යෂ්ටික ආරක්ෂණ විද්‍යාඥයින් විසින් ප‍්‍රකාශ කර ඇත. පසුගිය වසර 30 තුලම මෙය ගැඹුරු මුහුදේ ගිලී තිබූ බවත් එය ගිලීමට පෙර සිටම මලකඩ කෑමට ලක්ව තිබූ බවත් ඔවුන් සඳහන් කරයි. එමෙන්ම ඔවුන් පවසන්නේ මුහුද යටදී සිදුවන න්‍යෂ්ටික කාන්දුව වැලැක්විය නොහැකි තත්වයක් බවයි.

මෙම සබිමැරිනය 1962 දී නිපදවා ඇති අතර 1968 දී අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑමට සිදුවිය. එමෙන්ම මෙය භාවිතා කල හැකි වූයේ මුහුදු ගමන් 3 කට පමණි.

මෙම සබිමැරීනයේ අභ්‍යන්තර උපකරණ සකසා තිබුනේ ද්‍රව සිසලන න්‍යෂ්ටික එන්ජින් ශක්තිය භාවිතයට ගනිමිනි. න්‍යෂ්ටික අනතුරත් සමඟ ඇති වූ කාර්මික දෝෂය යානාෙවි ගමන්ගත් පිරිස විසින් යථා තත්වයට පත් කිරිමට අසමත් වූ බැවින් අනවශ්‍ය ලෙස විකිරණ ශක්තිය පිටතට කාන්දු වී ඇත. එයින් යානාවේ ගමන් ගත් 9 දෙනෙකු මරණයට පත් වූ අතර ඔවුන් විකිරණශීලිතාව හේතුවෙන් දැඩි සේ පීඩාවට පත්වීමෙන් මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.

මූලාශ‍්‍ර – 01

- Sanka

21,919 Viewers

2 Comments to “රුසියාව තිස් වසරක රහසක් මුහුදෙන් ගොඩගන්න යයි”

  1. මාතර ආතර says:

    ”විකිරණශීලී බඩු වලින් ලැබෙන බල ශක්තිය,
    පරිසරයට සහ ජීවීන්ට කිසිම අවධානමකින් තොරව,
    අපට ලබාගත හැක”කියා බෙරිහන් දෙන
    ‘සුදු බමුනන්’කෝ?

    • ලක්මිණ says:

      මිනිහ එච්චරම සුදු නැහැ නේද?
      තට්ටේ ගාල හිටපු දවස්වල නම් බමුණම තමයි.

Leave a Comment