ඉන්දියාවේ හරි අඩකට වැසිකිලි නැතත් හැමෝටම දුරකතන

බිලියන 1.2 ක් වූ ඉන්දීය ජනතාවෙන් හරි අඩකටත් වඩා වැසිකිලි පහසුකම් නොමැති නමුත් ඔවුන්ට ජංගම දුරකථන ඇති බවට නවතම සමීක්‍ෂණ වාර්තාවක් පෙන්වා දී ඇත. ඉන්දීය නිවාස මිලියන 246.6 කින් 46.9% ප‍්‍රතිශතයකට පමණක්  මෙම වැසිකිලි පහසුකම් ඇති බවත් 49.8%ක් මළපහ කරන්නනේ විවෘත පරිසරයේ  බවත් 3.2% ක් පොදු වැසිකිලි භාවිතා කරන බවත් සඳහන් වේ.

නමුත් එම වාර්තා අනුව 2011 වන විට නිවාස සදහා 63.2% ක් දුරකථන පහසුකම් ඇති බවට සනාථ වී ඇත. එමෙන්ම සමස්ථ ඉන්දීය ජනතාවෙන් 53.2%  ක් සදහා ජංගම දුරකථන ඇති බවද මොවුන් තව දුරටත් අනාවරණය කර ඇත.

ජාකන්ද් දිස්ත‍්‍රික්කයේ 77% ද ඔරිසාහි 76.6% කටද බිහාර්හි 75.8% කටද වැසිකිලි පහසුකම් නොමැති බැවින් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද මේ හරහා පෙන්වා දෙයි. මෙම දත්ත අනුව ඉන්දියාවේ ඇති මෙම ප‍්‍රතිවිරෝධි කි‍්‍රයා කලාපය පිලිබඳව ලෝකයේ විවිධ විශ්ලේෂකයන් විවිධ මත පළ කර ඇත.

ඉන්දීය ජනතාවගේ අත්‍යාවශ්‍යම වූ මූලික අවශ්‍යතාවන් සමිපූර්ණ කිරීම වෙනුවට නූතන තාක්ෂණය භාවිතයට ඇති  ඕනෑකමත් එයින් අත්වන ප‍්‍රතිවිපාක ද ඔවුන් පෙන්වා දී ඇත. ඉන්දීය සංස්කෘතික හේතු හා අඩු අධ්‍යපන මටිටම නිසා මෙවැනි දුෂ්කරතාවන්ට මුහුණදෙන බවත් එය යථා තත්වයට ගැනීම විශාල කාර්ය භාර්යක් ඉන්දීය රජය සතු වන බවත් සමීක්‍ෂණ වාර්තා පෙන්වා දෙයි.

මූලාශ‍්‍ර – 01

- Sanka

14,019 Viewers

12 Comments to “ඉන්දියාවේ හරි අඩකට වැසිකිලි නැතත් හැමෝටම දුරකතන”

  1. jay says:

    Mama kamathi nayak denna indiyawata wesikili pahasukam Sadadimata. Vishesheyenna jayalalithage prantheta.

  2. Muthu Ate says:

    Lankaaweth a wage thamai…

    • Owl says:

      ඇයි උඹත් වැසිකිලියට පාවිච්චි කරන්නෙ මහ පාරද ?

      • Dewadaththa says:

        ලංකාවේ එවුන්ට වැසිකිලි තියෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ උන් ඒවා පාවිච්චි කරන්න දන්නැති එකයි.

        • buwaa says:

          උඹ දන්නෙ නැති උනාට ලන්කාවෙ එවුන් වැසිකිලි පාවිච්චි කරන්න දන්නවා

        • kalawedda says:

          muu lankaawe unaata wathu demalekda koheda

    • palam koka says:

      machan sinhala api bedila wada karaganna epa

  3. CB says:

    1st guy: (dials a number on his mobile) Hello,
    2nd guy: (answering) Hello,
    1st guy: Yaar, I found a very nice place for us to sh*t.
    2nd guy: Great, Where is that? I’ll inform my friends in the village too.
    1st guy: Ok, I’ll see you all there.

  4. hewwel says:

    වැසිකිලි අඩු නිසා තමා සෙල් ෆෝන් අවශ්‍ය බැද්දට යන්න කලින් බලන්න ඕනනේ කෝල් කරලා වාඩිවෙන්න ඉඩතියේද කියල .
    වන්න රේඩියෝ ……. තමා මේ මොබයිල් වල නම .

  5. සිංහලයා says:

    මම චෙන්නායි වල සිට බුද්ධගයා දක්වා දුම් රියෙන් යන විට උදයට දකින සුපුරුදු දසුනක් වූයේ ඇඳුන් ඔසොවා ගෙන බිම වාඩිවී සිටිනා මිනිසුන්ය. ඉංදියාවේ ස්වදේශී අමාත්‍යවරයාම පැවසූවේ ලෝකයේ ලොකුම වැසිකිලිය ඉංදියාවේ රේල්ලුව බවයි.

  6. Lokka says:

    bitch please..lankawe janagahanetath wada mobiles tiyanawa dannedda

Leave a Comment