ඇමරිකානු තානාපති කාර්යාලවලට, දේපලවලට පහර දෙනවා – අල්කයිඩා

ඇමරිකානු තානාපති කාර්යාලවලට හා ඇමරිකානු දේපලවලට පහර දෙන බව අල් ඛයිඩා සංවිධානය ප්‍රකාශ කර ඇත.

අල් ඛයිඩා සංවිධානය බටහිර රටවල සිටින මුස්‌ලිම්වරුන්ගෙන් ඉල්ලා ඇත්තේ ඇමරිකානු හා බටහිර තානාපති කාර්යාලවලට පහර දෙන ලෙසය.

ඇමරිකාවේ නිපදවූ මුස්‌ලිම් විරෝධී චිත්‍රපටයක්‌ නිසා අරාබිකරයේ මෙන්ම අප්‍රිකාවේද මුස්‌ලිම් රටවල උග්‍ර ඇමරිකානු විරෝධවක්‌ මතුව තිබේ.

මේ අතර මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ බවට සැකකෙරන තැනැත්තෙකුගෙන් ඇමරිකානු බලධාරීන් ප්‍රශ්න කර ඇතැයිද වාර්තා වේ.

16,325 Viewers

Add-here-new

contactus-n