ඉන්දීය රජය පසුගිය සතියේ ඉදිරිපත් කළ ආර්ථික සංශෝධනයන්ට විරෝධය පාමින් පාලක සභාගයේ මුලික පක්ෂයක් වන ට්‍රිනමූල් කොංග්‍රසය රජයට සහයෝගය දැක්වීමෙන් ඉවත්ව තිබේ.
මෙය අගමැති මන්මෝහන් සිං ගේ රජයට එල්ලවූ දරුණු තර්ජනයක් ලෙස සැලකී ඇත.
සිය පක්ෂයේ ඇමතිවරුන් සය දෙනා හෙට ඉල්ලා අස්වන බවත් සෙසු මන්ත්‍රීවරුන් 19 දෙනා සභාගයේ නායකත්වය දරන ඉන්දීය ජාතික කොංග්‍රසයට පාර්ලිමේන්තුවේදී සහාය ලබාදීම අත්හිටවනු ඇති බවත් ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂයෙන් ප්‍රකාශ වි තිබේ.
එක්සත් ප්‍රගතිශීලි සන්ධානය ලෙස හැඳින්වෙන ඉන්දීය රජයේ ප්‍රමුඛත්වය සිංගේ කොංග්‍රස් පක්ෂය දරන මුත් එහි බලය බොහෝදුරට රැඳී ඇත්තේ සභාගයේ දෙවැනි විශාලම පක්ෂය වන ට්‍රිනමූලයේ සහාය මතය.
මේ පක්ෂ දෙක අතර වරින්වර ඇතිවන ගැටුම් මත ඇතිව තිබෙන නොසන්සුන්තා හේතුවෙන් 2014 දී පැවැත්විය යුතු මහ මැතිවරණය ඊට කලින් පැවැත්වෙනු ඇති බවට සැකසංකා මතුව ඇති අතර පෙරේදා ඇතිවූ සිද්ධියත් සමඟ දැන් ඒ සඳහා ඇති ඉඩකඩ තව තවත් වැඩි වී ඇතැයි ප්‍රකාශිතය.
කෙසේවෙතත් තව දුරටත් පාලක සභාගය සමඟ සන්ධානගතව සිටිය නොහැකි බව පවසන ට්‍රිනමූල කොංග්‍රසයේ නායිකා මම්තා බැනර්ජි, රජයේ නව සංශෝධන දුප්පතුන් රිදවන්නක් බව කීවාය.’අප රජයේ වැදගත් පාර්ශවකරුවකුව සිටිය ද කොංග්‍රසයෙන් අපට නිසි ගෞරවය ලැබෙන්නේ නැහැ” යි ද ඇය කීවාය.
අදාළ සංශෝධන මඟින් වෝල්මාට් හා ටෙස්කෝ වැනි සිල්ලර වෙළෙඳ ආයතනයන්ට හා විදේශ ගුවන්සේවාවන්ට ඍජු ආයෝජන අවස්ථා සලසා දී ඇති අතර සහනශීලි ඩීසල් මිල ද 12% කින් ඉහළ නංවා තිබේ.
තවද ගෘහස්ත භාවිතය සඳහා සහන මිලට සැපයෙන ගෑස් බෝතල සංඛ්‍යාව අඩකින් කප්පාදු කර ඇත. අර්බුදයට පත්ව ඇති රජයේ මූල්‍ය පිළිවෙතට විසඳුම් වශයෙන් ඉදිරිපත් කර ඇති මේ සංශෝධනයන් ඉවත් කරගැන්ම හා ඩීසල් මිල රුපියල් තුනකින් කප්පාදු කිරීමෙන් පමණක් ඔවුන්ට රජයේ රැඳීසිටීමට හැකිවනු ඇතැයි මමතා බැනර්ජි ප්‍රකාශ කර ඇත.
එහෙත් අගමැති සිං හා මුදල් ඇමැති පී. චිදම්බරම් මේ සංශෝධනයන් රජයේ වියදම් අඩුකිරීම හා විදේශ ආයෝජන ආකර්ෂණය පිණිස වැදගත් වන බැවින් ඒවා අවලංගු කළ නොහැකි බව කියා තිබේ.
මේ අතර ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ වෘත්තීය සමිති අදාළ සංශෝධනවලට එරෙහිව අද රට පුරා මහ වැඩවර්ජනයක් සඳහා කැඳවීම් කර තිබිණි.
මීට සමගාමීව ජාත්‍යන්තර සුපිරි වෙළෙඳ සමාගම් ජාලවලට ඉන්දියාවේ වෙළෙඳ පොළ විවෘත කිරීමේ රජයේ සැලැස්මට විරෝධය පළ කිරීමේ දේශ ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කෙරිණි .
දහස් ගණන් සේවකයන් වැඩ වර්ජනයට සහභාගි වීමේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල කාර්යාල සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුවිය.
උත්තර් ප්‍රදේශ් සහ බිහාර් ප්‍රාන්තවල මෙන්ම විරුද්ධ පක්ෂ බලකොටු වන කල්කටා සහ බැංගලෝර් ප්‍රදේශ වලද සේවකයන් දුම්රිය මාර්ග වසා දැමීමෙන් දුම්රිය සේවා අඩාල වී තිබූ බවත් වාර්තා වෙයි .
කෙළවෙලාම පල කාලකන්නි ඉන්දියාව..
මේ ගෙනාපු ආර්ථික ප්‍රතිසංස්කරණ ඉන්දියාවට අත්‍යාවශ්‍යයි ,බැනර්ජි ල වගේ ගැලරියට ශෝ දාන දේශපාලුවන්ට ඒක නොතේරුනාට , කොංග්‍රස් රජය වැටුනොත් ඊලඟ අගමැති වෙන්නේ මෝඩි , ඉන්දියාව පැත්තෙන් ඒකත් නරක නැ , මොකද පොර කිසිම දූෂණ වංචාවක් නැති අති කාර්යක්ෂම පොරක් නිසා , හැබැයි ඉන්දියාවේ ඉන්න හබ්බ මල්ලිලාට නම පරිස්සම් වෙන්න වෙනවා
makabaweyan indiyawa
Manmohan Singh ([mənˈmoːɦən ˈsɪ́ŋɡ] ( listen); born 26 September 1932) is the 13th and current Prime Minister of India. A renowned economist, he is the only Prime Minister since Jawaharlal Nehru to return to power after completing a full five-year term, and the first Sikh to hold the office.
Born in Gah (now in Punjab, Pakistan) in 1932, Singh’s family migrated to India during its partition in 1947. After obtaining his doctorate in economics from Oxford, Singh worked for the United Nations in 1966–69. He subsequently began his bureaucratic career when Lalit Narayan Mishra hired him as an advisor in the Ministry of Foreign Trade. Over the 70s and 80s, Singh held several key posts in the Government of India, such as Chief Economic Advisor (1972–76), Reserve Bank Governor (1982–85) and Planning Commission head (1985–87).
SRI LANKA DO NOT IMPORT RICE FROM INDIA AND COTTON
Washington: The US Food and Drug Administration (USFDA) has found arsenic content in about 30 samples of Indian basmati rice in its preliminary analysis. The regulator would issue advisory to consumers only after completing its entire study.
However, exporters from India said that basmati rice was free from arsenic content as shipments are made only after complying with required tests.
Arsenic is a chemical matter present in the environment from both natural and human sources. It is found in water, air, food and soil in organic and inorganic form. As of now, the USFDA has collected 200 samples of rice and rice products available in American market from different countries including India.
“The FDA is in the process of collecting and analysing a total of approximately 1,200 samples to examine the issue thoroughly. This data collection will be completed by the end of 2012. Once the data collection is completed, FDA will analyse these