උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික පරීක්ෂණයකට සැරසේ

උතුරු කොරියාවේ හමුදා ශක්තිය පිළිබඳ සාකච්ඡා කිරීමට එරට නායක කිම් ජොං යුන් ගේ ප්‍රධානත්වයෙන් ඉහළ මට්ටමේ රැස්විමක් පැවැත්වු බව රාජ්‍ය මාධ්‍ය ඊයේ නිවේදනය කර ඇත . මේ නිසා උතුරු කොරියාව ළඟදිම න්‍යෂ්ටික පරීක්ෂණයක් සිදුකිරිමට අරඅඳින බවට පැතිර යන ආරංචි තවදුරටත් තහවුරු වි තිබේ.

හමුදා ප්‍රධානීන් , ජාතික ආරක්ෂණ කොමිසමේ රොකට් පිළිබඳ ක්‍රමෝපායික කාර්යාංශයේ ප්‍රධානින් ඇතුළු ඉහළ පෙළේ බලධාරින් ඊට සහභාගි වි ඇත.

මේ රැස්විමේ මූලික අවධානය යොමුවි ඇත්තේ එරට හමදා ශක්තිව වර්ධනය කිරිම පිළිබඳයි . පසුගිය දෙසැම්බරයේ උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් යැවිමට එරෙහිව ජගත් සංවිධානය විසින් සම්බාධක පැනවීමට ප්‍රතිචාරයක් වශයෙන් උතුරු කොරියාව තුන්වන න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීමට පිවරවර ගන්නා බව විශේෂඥයෝ සහ බුද්ධි අංශ පවසති.

3,952 Viewers

Leave a Comment

——–

anigif

Add-here-new

st

contactus-n