Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

සිංගප්පුරුවේ ජාතික සේවය සහ ශ්‍රී ලංකාවේ නායකත්ව පුහුණුව.

May 24, 2011 at 9:30 am | Lanka C News.

සිංගප්පුරුවේ ජාතික සේවය සහ ශ්‍රී ලංකාවේ නායකත්ව පුහුණුව.

“එක පරම්පරාවක් ඇතුලත ඌන සංවර්ධිත තත්වයක ඉඳලා සංවර්ධිත රටක් බවට පත් වෙච්ච එකම රට සිංගප්පූරුව මම දන්නා විදියට. එක කියන්න ලේසි උනාට කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද…? අනික් ඒවා කෙසේ වෙතත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම කොයි තරම් නම් අමාරු වෙන්න ඇතිද….? විශේෂයෙන්ම එක genaration එකක් තුළ. ”

මේකට උත්තරය විදිහට මම දකින්නේ සිංගප්පූරුවේ ජාතික සේවය (National Service). වයස 18 සම්පූර්ණ  කරන සෑම(පිරිමි පමණයි ) සිංගප්පූරු ජාතිකයෙක්ම සහ සෑම ස්ථීර පුරවැසියෙක්ම එයින් පසුව අනිවාර්යයෙන්ම අවුරුදු 2ක් ජාතික සේවයේ යෙදිය යුතුයි. විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම හෝ වෙනයම් රැකියාවක් කිරීමට පෙර  මේ අවුරුදු දෙක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුමයි.

ජාතික සේවය සඳහා වයස සම්පූර්ණ කරන සියළු දෙනාම රට පුරා හමුදා කඳවුරු වලට අනුයුක්ත කරනවා. ඉන්පසුව අවුරුදු 2ක් පුරාවට සතියට දින 5 බැගින් ඔවුන් ජාතික සේවයේ නිරත විය යුතුයි. සති අන්ට දිනවලදී ඔවුන්ට නිවෙස් වලට යාමට අවසර ලැබෙනවා. සෑම සිකුරාදාවකම සහ ඉරිදාවකම හවස් කාලයේදී හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් වලින් සැරසුණු ජාතික සේවක යෞවනයන් රංචු පිටින් පොදු ප්‍රවාහන සේවා වල ගමන් කරන එක සිංගප්පූරුවේ සාමාන්‍ය දර්ශනයක්.

මේ අවුරුදු දෙක ඇතුළතදී ඔවුන්ට ලැබෙන පුහුණුව පූර්ණ හමුදාමය පුහුණුවක් නෙවෙයි. හමුදාමය පුහුණුවක යම් යම් අංගත් ඊට ඇතුළත් වුණත් පූර්ණ හමුදාමය පුහුණුවක් ලැබෙන්නෙ ඒ අවුරුදු දෙක සම්පූර්ණ කළාට පස්සෙ තවදුරටත් හමුදාවේ රැඳෙන්න කැමති කට්ටියට විතරයි. අනිත් අය විශ්ව විද්‍යාල වලට සහ වෙනත් රැකියා වලට එකතු වෙනවා.

මේ අවුරුදු දෙකක ජාතික පුහුණු කාලය අතරතුර ඔවුන්ට යහපත් ශරීර සෞඛ්‍යයක් රැකගැනීමට අවශ්‍ය ව්‍යායාම් පුහුණුව, දේශපාලනය, පරිගණක තාක්ෂණය, කලමණාකරණය වගේ පරාසයක විහිදුණු පුහුණුවක් ලබා දෙනවා.  ඊට අමතරව ඔවුන්ට රට ගැන පූර්ණ අවබෝධයක් ලබා දෙනවා. ඒ පොත පතේ දැනුමෙන් නෙවෙයි. ඔවුන්ව වරායවල්, ගුවන් තොටුපොලවල් කෞතුකාගාර, විශ්ව විද්‍යාල වගේ තැන්වල ශ්‍රම දායකත්වයකට අනුයුක්ත කිරීම මගිනුයි ඔවුන්ට රටේ ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නේ.

මේ අවුරුදු දෙකක පුහුණුව නිම කරලා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන අය තුළ සෑහෙන පෞරුෂයක් සහ සංවිධානාත්මක ශක්තියක් තියෙනවා. විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් හා ක්‍රීඩා කණ්ඩායම් වල නායකත්වය  දරන්නේ විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන් . ලංකාවෙනම් එවැනි තනතුරු දරන්නේ අවසන් වසර වල සිසුන්නෙ. නමුත් මෙහේ සිසුන් පළමු වසරට ඇතුළත් වෙනකොටම ඔවුන්ට එවැනි තනතුරු දැරීමේ හැකියාව ලබා දීලයි තියෙන්නෙ.

මූලික අවුරුදු දෙකේ පුහුණුවෙන් පස්සෙ වයස 35 සම්පූර්ණ වෙනකම් හැම අවුරුද්දකටම සති දෙක බැගින් වූ කාලයකට ඔවුන් නැවතත් කඳවුරු වලට යා යුතුයි. ඒ සති දෙකක කාලයේදී කෙරෙන්නේ කලින් ඉගෙන ගත්ත දේවල් නැවත මතක් කර දීමක්. ( අමතක වූ ශාරීරික ව්‍යායාම් එහෙම වගේ දේවල් )

මේ දවස් වල ලංකාවේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් තමයි විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන්න ඉන්න සිසුන්ට ලබාදීමට නියමිත සති 3ක නායකත්ව පුහුණුව. සමහරු මේක හොඳ දෙයක් කියන අතරේ තවත් සමහරු මේක නරක දෙයක් විදිහටයි දකින්නේ. මේ පුහුණුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව අයිතිවාසිකම් නඩුවක් පවා දාලයි තියෙන්නෙ.

ලංකාවේ සිසුන්ට ලබාදෙන්න යන සති තුනේ පුහුණුවේ ස්වරූපය ගැන තවම ආණ්ඩුව හෙළි කරලා නැහැ. ලංකාවේ මෙවැනි දෙයක් වෙන්න යන්නෙ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවටයි. ඒක හින්දා මේ පුහුණුවේ ස්වරූපය ගැන ගොඩක් දෙනා තවම දන්නෙ නෑ . එස්.බී දිසානායක ඇමතිතුමානම් කියන්නෙ සිසුන්ට දත් මදින ආකාරය ගැන පුහුණුවක් දෙනවා කියලයි.

හැබැයි මට ලැබුණු අතිශය රහසිගත බුද්ධි වාර්තා දෙකකට අනුවනම් මේ පුහුණුව දත් මැදීමේ පුහුණුවෙන් ඔබ්බට යන පුහුණුවක්. ශාරීරික ව්‍යායාම් සහ කාල කළමණාකරණ පුහුණු වලට අමතරව ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට අති විශේෂ පුහුණු 2ක් ලබා දීමට නියමිතයි

මේ නායකත්ව පුහුණුව පැවැත්වෙන සති 3ක කාලය පුරාවට කඳවුරේ සිටින සියළුම දෙනාට (දාහකට දෙදාහකට විතර පිරිසකට ) ආහාර පාන උයා දීම වගකීම පැවරෙන්නේ කඳවුරට සහභාගි වෙන ගැහැණු ළමයින්ටයි. උයන්න දන්නෙ නැති ගැහැණු ළමයින්ට උයන කටට රහට උයන ආකාරය කියා දෙනු ඇති.ගැහැණු ළමයි උයන අතරේ පිරිමි ළමයින්ටත් නිකං ඉන්න ලැබෙන්නේ නෑ. ඒ අයට කැලේ ගිහින් දර කඩාගෙන ඒම. දර පලා දීම. පොල් ලෙලි ගසා දීම ආදිය ගැන පුහුණුවක් ලැබෙනු ඇති.

පුහුණු කඳවුරු ව්ලට සහභාගි වෙන නංගිලා මල්ලිලා හෙට සිට සති තුනක් මේ පුහුණුව අත්දකීවි. පුහුණුව ඉවර වුණාට පස්සෙ ඔබේ අත්දැකීම් ගැන බ්ලොග් සටහන් ලියා අපිත් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා.

හෙට දින නායකත්ව පුහුණුවට යන නංගිලාට සහ මල්ලිලාට
මකර අධිරාජයාගෙන් උණුසුම් සුභපැතුම් !!!

ප.ලි

කවුරු කොහොම කිවුවත් ඔය නායකත්ව පුහුණුවෙන් ලැබෙන දේවල් අපතේ යන එකක් නැති වේවි. ඔයවැනි කඳවුරු කිහිපයකට සහභාගී වී ලබපු අත්දැකීම් ඇසුරෙනුයි මම කියන්නෙ. ලෝකයේ විනයගරුකම සහ විශිෂ්ඨතම හමුදාවෙන් ඔබ ලබන සති 3ක නායකත්ව පුහුණුව සුපිරි අත්දැකීමක් වේවි.

- මකර බ්ලොග් අඩවිකරුගේ අදහසකි.

10,615 Viewers
Print

18 Comments to “සිංගප්පුරුවේ ජාතික සේවය සහ ශ්‍රී ලංකාවේ නායකත්ව පුහුණුව.”

  1. නරක ළමය says:
    May 24, 2011 at 3:04 pm

    එල එල . අපේ රටෙත් මේ වගේ කරන්නඕන. තායිලන්තෙත් මෙහෙම වැඩ තියෙනවා. ජීවිත කාලයෙන් වසර දෙකක් හමුදාවට යන්න ඔන. හැමෝම නොවුනත් තුන්ඩු ක්‍රමයකින් වැඩි දෙනෙක් එහෙමෙ යනවා. ඒ වගේම පිරිම කෙනෙක් නම තවත් කාලයක් අඩු ගණනේ සතියක්වත් මහණ වෙලා ඉන්නවා. මේ වගේ දේවල් හින්ද රටේ මිනිසුන්ගේ සවරයක් තියෙනවා. තායිලන්තේ අඩු ගන්නේ පාරක වහනයක් හොර්න් එකක් වත ගහන්නේ නැහැ. අපේ රටේ හොර්න් උඩ නැගගෙන කුණුහරුප කියාගෙන නොව වාහන එලවන්නේ. ඔය ශික්ෂණය තියෙන රටවල බස වල ජැක ගහන්නෙත් නැහැ. අපේ රටේ ඔය ජෙප්පෝ මල්ලිලත් ජැක ගහනවා බස එකේ යනකොට.

    Reply
    • thaiboy says:
      May 24, 2011 at 11:07 pm

      තායිලන්තය කියන්නෙ හරිම විනයක් තියෙන රටක් අප්පා… අපි නොදන්න මොණරතැන්න හොහ් හොහ් හොහ්

      Reply
  2. sarath.jb.ranatunga says:
    May 24, 2011 at 3:32 pm

    රට ගොඩ ගන්න තියෙන හොදම ක්‍රමය තරුනයන්ට මෙවැනි පුහුනුවක්‌ දීම

    Reply
  3. Dharshana says:
    May 24, 2011 at 5:54 pm

    සිංගප්පූරු‍වේ හමුදා පුහුණු‍වෙන් කරන්‍‍නේ ‍කොල්ලන්‍‍ගේ ‍මොළ ‍හෝදන එක.ඒ‍කෙ ප්‍රතිඵලය ‍කිසි අව‍බෝධයක් නැති ස්වාධීන මතයක් නැති කියන ‍දේ අහ‍ගෙන ඔ‍හේ ඉන්න තරුණ පරපුරක් හැ‍දෙන එකයි.

    සිංගප්පූරු‍වේ ඊනියා දියුණුව නම් ආ‍වේ ඇමරිකන් ‍කොම්පැණි එ‍හේට සල්ලි දාපු එක. ඕන ‍වෙලාවක සිංගප්පූරුව වට්ටන්න පුළුවන් ඇමරිකාවට. සිංගප්පූරුවට ගිහිල්ලා බලන්න ‍කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවාද කියලා. ‍බොරු ප්‍රතිරූපයක් පිටට දාලා ති‍යෙන්‍‍‍නේ. ලංකාව සිංගප්පූරුවක් කරන්න ඕන කියන මිනිස්සු සිංගප්පූරු‍‍වේ මාස 3ක් හිටි‍‍‍‍යොත් දුවයි. අමු මර්ධනකාරී ‍‍‍‍ප්‍රේමදාස පාලනයක් ති‍යෙන්‍‍නේ.

    Reply
    • පිංවත says:
      May 24, 2011 at 7:46 pm

      දර්ශන ඔබගේ කථාව හරියට හරි.

      එස්. බී. කරන්නේ බටහිරට අවශ්‍යය සේල්ස් රෙෆ්ලා ටිකක් හඳන එතක.

      මිනිහා හිතන්නේ බටහිර දැනුම ලෝකේ තිබෙන උසස්ම දැනුම කියලයි.

      මිනිහා ලැෆ්ටෝෆ් දීලා කරන්නේ බටහිරට අවශ්‍යය පරපුරක් ලංකාව තුළ බිහි කිරීම වේගවත් කරන එකයි.

      මිනිහා සිහල දැනුම සතේකට ගණන් ගන්නේ නැහැ. මිනිහා ලංකාව අශ්චර්ය කරන්න හදන්නේ ලංකාව තවත් සිංගප්පූරුවක් කිරීමෙනුයි.

      නමුත් සිංහල වෙඳකම, සිංහල ගොවිතැන, වැව් කර්මාන්තය, භාවනාව, තේරවාදී බුදුදහම මතු කරලා ගත්තොත් විතරයි ලංකාව ආසියාවේ පමණක් නොවේ ලෝකයේම අශ්චර්ය වෙන්නේ.

      එස්. බී. ගේ මේ වැඩේට භාවන වැඩ සටහන් අතුලත් කරලා සිංහල විචාරශීලි බුද්ධිය මතු කිරීමේ වැඩ පිළිවෙලක් ඇතුලත් කිරීම තමයි අපි කළ යුත්තේ.

      දැන් මේකා ‍කොහොමත් මේක නතර කරන්නේ නැහැ.

      දැන් තියෙන්නේ කොහොම හරි දඟලලා මේ වැඩේ‍ට මම ඉහතින් කියපු දේවල් ටික ඇතුලත් කර ගැනීමට උත්සහා ගැනීමයි.

      Reply
    • Chanaka Aruna munasi says:
      May 24, 2011 at 11:14 pm

      "සිංගප්පූරු‍වේ හමුදා පුහුණු‍වෙන් කරන්‍‍නේ ‍කොල්ලන්‍‍ගේ ‍මොළ ‍හෝදන එක.ඒ‍කෙ ප්‍රතිඵලය ‍කිසි අව‍බෝධයක් නැති ස්වාධීන මතයක් නැති කියන ‍දේ අහ‍ගෙන ඔ‍හේ ඉන්න තරුණ පරපුරක් හැ‍දෙන එකයි."

      නවකවධයෙන් වෙන්නෙ ඔය කියන දේම නේද ?

      Reply
      • පිංවත says:
        May 25, 2011 at 12:57 am

        ඒක තමයි අපි කියන්නේ භාවනා වැඩසටහන් තියනවා නම් බටහිර විශ්වවිද්‍යාල ඇතුලු ඔය එකත්වත් අපිට අවශ්‍යය වෙන්නේ නැහැ.

        Reply
  4. Anonymous says:
    May 24, 2011 at 6:11 pm

    නවක වදේ සහ ජේ.වි.පී.එක නැතිම කරන්න ඕන…නමුත් ඉඟුරු දීලා මිරිස් ගන්න ඕනෙත් නෑනෙ…දැන් කැම්පස් වල ඉන්න රැගාලට හපන් ඇන්ටි රැගාලා සෙට් එක…මතකනෙ අර ජ'පුර කැම්ස් එකේ එපිටවත්තයා වී.සී. වෙලා ඉන්නකොට රවිකරුණානායකගෙ ඇන්ටි රැගාලයි, ජ.වි.පෙ. රැගාලයි තරඟෙට මිනී මරාගත්ත හැටි…අපිට රැගාලත් එපා…ඇන්ටි රැගාලත් එපා…ඒක නිසා ජනාධිපති තුමා ජේ.වී.පී. එක කැම්පස් එකෙන් නැති කරලා දාන එක හොඳටම හොඳයි…නමුත් වෙන එවුන්ට ඒ තැන ගන්න දෙන්නත් එපා…මොකද උන් ජෙප්පොන්ට හපන්වෙන්න පුළුවන්…ඒක නිසා ඔය ආචාර්යවරුන්ටත් පඩිය පොඩ්ඩක් විතර වැඩිකරලා එහෙම දීලා රැග් නවත්වන්න කැම්පස් ළමයි වෙනුවෙන් කෙලින් ඉන්න කියලා වැඩපිළිවෙලක් හදලා දුන්නොත්හොඳයි…එහෙම කරොත් නම් මේක මහින්දගෙ විතරක් නෙමෙයි අපෙත් ආණ්ඩුව වෙන එක වෙනවා…

    පොඩිඑකා

    Reply
  5. Chanaka Aruna munasi says:
    May 24, 2011 at 10:46 pm

    Thank You very much for posting my article here !

    Reply
  6. Chanaka Aruna munasi says:
    May 24, 2011 at 11:26 pm

    කඳවුරේ අයට උයලා දෙන්න වෙනවා කියල මම ලියපු එක පොඩි බොරුවක් ( ගෑණු ළමයි උයන්න දන්නෙ නෑ කියල නොකියා කියන්නයි හැදුවේ )

    පුහුණු පාඨමාලාවේ කාලසටහන මේ වගේ එකක්

    වැඩ සටහන මෙහෙමයි…

    උදේ 5 ට අවදිවීම..

    6-7 ශාරීරික අභ්‍යාස

    7-7.45 උදේ ආහාරය

    7.45 -8 උදෑසන පරීක්ෂනය..මෙහිදී පිරිසිදුකම..ඇදුම් පැළදුම්වල ක්‍රමවත් බව වගේ දේවල් පරීක්ෂාවට ලක් කරනවා

    8 ඉඳලා දමවල් ආහාරය දක්වා කාලය පරිච්ඡේද කිහිපයකයට කඩලා තියෙනවා…එහිදී

    ධනාත්මක චින්තනය..

    ගැටළු නිරාකරණය..

    ඝණ සරඹ (සිංහලෙන් අර ඩ්‍රිල් කියලා කියන්නේ)

    මනෝ විද්‍යාව

    ලිංගික අතවර සම්බන්ධ දැනුවත් කිරීම්

    එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන සිවිල් නීතිය පිළිබඳව දැනුවත් කිරීම්

    ආදී දේ උගන්වන්නට නියමිතයි.

    ඊට අමතරව උදෑසන කාලයේදී තේ විවේකය පැය භාගයකුත් දහවල් ආහාරයට පැයකුත් සවස තේ සඳහා විනාඩි 20කුත් රාත්‍රී ආහාරය සඳහා පැයකුත් වෙන් කරලා තියෙනවා.

    සවස් කාලයේ පරිච්ඡේද දෙකකට පමණ සීමා වෙන අතර හවස 4.30 සිට 6 දක්වා ක්‍රීඩා කටයුතු සඳහා කාලය දී තිබෙනවා.

    එතනින් පසුව දෛනික පිරිසිදු කිරීම් වලට පැයක් ලැබෙනවා..

    රාත්‍රී 7-8.30 තෙක් අධ්‍යයන කාලයක් ඒ කියන්නේ දවල් කරපු දේවල් පාඩම් කරන්නයි නෝට් සකස් කරගන්නයි වගේ දේ සඳහා..

    8.30-9-30 රාත්‍රී ආහාරය

    9.30ට ගණන් ගැනීම..ඒ කිව්වේ කස්ටියගේ නං ලකුණු කිරීම…

    10.15ට දිනය අවසන් ලයිට් නිවනවා නිදියන්නයි තියෙන්නේ…

    Reply
  7. දෙනෙත says:
    May 25, 2011 at 12:35 am

    හරිම සරල විකල්ප ක්‍රමයක්නෙ තියෙන්නෙ ඕකට.හැබැයි ඔය සති 03 පුහුණුව වගේ ක්ෂණිකව කරන්න නම් බැහැ.කුඩා අවධියේ සිටම තමන් අයත් ආගමට ගරු කරන්නත් තමා අයත් ආගමික සිද්ධස්ථාන නිරතුරුව ඇසුරු කරන්නත් අන් ආගම් ගරු කරන්නත් කුඩා දරුවන් හුරු කළානම් කුඩා වයසෙ සිටම ශික්ෂණයකින් යුතු පුරවැසියෙක් බිහි කළ හැකියි.එසේම නිදහස්ව සිතන සරල මිනිසුන් බිහිවේවි.

    Reply
  8. බැසිල් says:
    May 25, 2011 at 4:19 am

    සිංගප්පුරුවේ ඔය කෙහෙල්මල නවත් වන්න යන්නේ.

    මෙහෙ පටන් ගන්න යන්නේ.

    හැමදාමත් පිටරට පරණ වෙන සංකල්ප ලංකාවට තමා

    Reply
  9. Sam Perera says:
    May 25, 2011 at 1:36 pm

    Forget Singapore, there are many countries around the world with mandatory military service. Switzerland is the most prominent of them. They had it for a long time and Swiss thinkers are as independent as any other nation of thinkers. We need well balanced leadership coming from the universities to face any future challenge. This kind of training is essential for our youth to become the future leaders, however just three weeks of training is not sufficient. I may not agree with everything this administration does, but I am thankful to them for taking such bold steps.

    Reply
  10. එස් බි ද says:
    May 25, 2011 at 2:41 pm

    මම මොකා කිචුවත් මෙක කරනවා ලමයින්ට හිරේ යන්න චුනොත් රෙන්න උගනන්න ඹ්නැ යකෝ

    Reply
  11. gamini says:
    May 26, 2011 at 3:56 am

    sumana tuna madi masa dekak wath one

    Reply
  12. Niro says:
    May 28, 2011 at 4:11 am

    There is a significant different between those countries and ours. Its the people who give the training.

    Reply
  13. A.D says:
    May 28, 2011 at 9:29 pm

    Well Said Darshana

    Reply
  14. Janaka says:
    May 29, 2011 at 3:43 am

    Thailand vala sira kali innava adu garnata vadey denna pooluvang. Samahara kello kola madina gamang hulung koranna dannava…Shahhh…Maxa Arthal.

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English