‘ආසනික් ටිකක් කෑවාට කමක් නෑ’

ආසනික් තරම්ම ලාබෙට විද්වතුන් මිලදී ගැනීම හෙළා දකිමු

‘බෝග ජීවිතයේ’ නාමයෙන් පරිසරය, බෝග මෙන්ම අවසානයේ මිනිස් ජීවිතයද විනාශකරන ආසනික් වෙළඳුන් මේ වන විට ඉතා අශෝබන මිලදී ගැනීමේ ක‍්‍රියාවලියක් ආරම්භකොට තිබේ. මේ මෙහෙයුමට සමහර ජනමාධ්‍ය මෙන්ම විද්වතුන්ද ගොදුරු වෙමින් ඇති බව පෙනේ. බටහිර රටවලදී නීතියෙන් තහකම් කොට ඇති සහ විනාශ කිරීමට හෝ විකිණීමට නොහැකිව එකතු කර තිබූ ආසනික් සහ රසදිය අඩංගු පළිබෝධනාශක තොග මේ වෙළඳුන් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන්නේ තුට්ටු දෙකට බවද රහසක් නොවේ. ඔවුන් ඒ මඟින් උපයන අති මහත් ලාභය මේ මිලදී ගැනීම් මෙහෙයුමට යොදවන බවද ඉතා පැහැදිලිය. බහුතරයක් ජනමාධ්‍ය මෙම විෂ තැවරුනු මුදල් වලට යට නොවීම පිළිබඳව අපි ඔවුනට හිස නමා ආචාර කරමු. එහෙත් කණගාටුවට කාරණය වන්නේ විද්වතුන් යයි කියා ගන්නා විශ්ව විද්‍යල ඇදුරන් ප‍්‍රමුඛ පිරිසක් මුදලට යටවී ආසනික් අලෙවිකරණ කොන්ත‍්‍රාත්තුව බාරගැනීමයි.

අද වන වන විට දේශපාලන පක්‍ෂද මේ ආකාරයට ආත්මය විකිණීමට පටන් ගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ආසනික් අලෙවිකරණයට දායක වන්නේ ‘ආසනික් ප‍්‍රශ්ණය අදින්නේ පොහොර සහනාධාරය කපා හැරීමට’ බව පවසමිනි. එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කල එක් විද්වතෙකු රූප මාධ්‍යට මුහුණ පෙන්වමින් තමාම මීට පෙර ලියන ලද ලිපි ලේඛණ වලට පරස්පර මත පලකලේය. මෙම ක‍්‍රියාවලිය බහුජාතික සමාගම් විසින් ලෝකයේ තහනම් විෂ වර්ග විකිණීම සඳහා දියත් කල ආක‍්‍රමණශීලී මෙන්ම පිලිකුල් සහගතම ‘අලෙවි කොල්ලය’ ලෙස ඉතිහාස ගත වනු ඇත.

මේ වන විට මෙම අලෙවිකරණ ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම පරිසරයට සහ ජනතාවගේ සෞඛ්‍යයට එරෙහි කුමන්ත‍්‍රණයක් ලෙස හැඳින්විය හැකි තරමට වර්ධනය වී ඇත. විෂ අලෙවිකරුවන් කිසිදු බියක් සැකක් නැතිව කියා සිටන්නේ මහජනයා ආසනික් සහ රසදිය සුළු ප‍්‍රමණ වලින් ආහාරයට ගත්තාට කමක් නැති බවයි. ඒ දුෂ්ඨ උපදේශය තහවුරු කිරීම සඳහා ඔවුහු ආහාර සහ ජලයේ තිබිය හැකි යයි කියන හෝ තිබෙනවා යයි කියන ආසනික් ප‍්‍රමාණයන් පිළිබඳව පට්ටපල් බොරු දත්ත ඉදිරිපත් කරති. එහෙත් ඔවුන් රසදිය පිළිබඳව වචනයක් හෝ කථා නොකර සිටීමට පරිස්සම් වෙති. ලෝකයේ සමහර රටවල ගැඹුරු පසේ ස්වභාවික ආසනික් ප‍්‍රමාණයක් තිබෙන බැවින් එම රටවල ජලයේ පමණක් තිබිය හැකි උපරිම ආසනික් ප‍්‍රමාණයන් (ලීටරයට මයික්‍රො ග‍්‍රෑම් 10ක්) නිර්දේශ කොට ඇත. එමප‍්‍රමාණයද 5 දක්වා අඩු කරන ලෙස එම රටවල ශිෂ්ඨ සම්පන්න විද්වතුන් ඉල්ලා සිටිති. එහෙත් රසදිය සඳහා කිසිසේත්ම එවැනි උපරිම ප‍්‍රමාණයක් නිර්දේශ කොට නැත.

එසේම ලෝකයේ කිසිදු රටක් ආහාරවල හෝ පළිබෝධනාශකවල තිබිය හැකි ආසනික් හෝ රසදිය උපරිම හෝ අවම ප‍්‍රමාණයක් නිර්දේශ කොට නැත. එසේ තිබෙනවා නම් ඉදිරිපත් කරන ලෙස අපි ඊනියා ආසනික් අලෙවිකරුවන්ට අභියෝග කරමු. (තිබෙනවා නම් තිබිය හැක්කේ දැනට අවලංගු කොට ඇති පැරණි ලේඛණ පමණි) ශ‍්‍රී ලංකාවේ පොලොවේ ස්වභාවිකව ආසනික් නිධි නොමැති බවට පැහැදිලි සාක්‍ෂි ඇත. එය එසේ නොවන බවට පිළීගත හැකි සාක්‍ෂි තිබේනම් ඉදිරිපත්කරන ලෙසද අපි ඔව්නට අභියෝග කරමු.

මේ විෂ වෙළඳුන් උත්සාහ කරන්නේ ආණ්ඩුව අන්දවා පළිබෝධනාශකවල තිබිය හැකි ආසනික් සහ රසදිය උපරිම ප‍්‍රමාණයන් පනතේ රෙගුලාසි ලෙස නිර්දේශ කරවා ගැනීමටය. ඒ අතර ඉදිරියේදී පරීක්‍ෂා කරන පළිබෝධනාශක සාම්පල් වල ආසනික් නොමැති බවට හෝ අඩු ප‍්‍රමාණවලින් තිබෙන බවට තහවුරු කිරීම සඳහාද ඔවුන් කූඨ උත්සාහයක් ගන්නා බවට සාක්‍ෂි ඇත. එසේ වුවහොත් දැනට රේගු අත්අඩංගුවට පත්වී ඇති තොග සහ පිටත ගබඩාවල සීල් තබා ඇති තොග හෙමින් සීරුවේ නිදහස් කරගත හැකි බව ඔවුන්ගේ විශ්වාසය බව පෙනේ. එවැනි තත්වයක් උද්ගතවුවහොත් ශ‍්‍රී ලංකාව උග‍්‍ර විෂ ලෙස ශේණිගත කොට ඇති ආසනික් සහ රසදිය නීතිගත කල ලෝකයේ එකම රට බවට පත්වනු ඇත. එහි අවසාන ප‍්‍රථිඵලය අපේ කෘෂි අපනයන වලට ආසනික් ලේබලය අප විසින්ම ඇලවීමයි. මේ සමස්ථ ක‍්‍රියාවලිය කුමන්ත‍්‍රණයක් ලෙස අප හඳුන්වනනේ ඒ නිසාය.

මේ වන විට ආර්ථික ඝාතක රාජ්‍ය නිළධාරීන් කණ්ඩායමක් සහ ප‍්‍රභල ආසනික් හිතවාදී විද්වතුන් පිරිසක් මෙම ආසනික් වෙළඳුන් සමඟ එකතු වී සිටියද ඔවුනට ජයගැනීමට ඇති ඉඩකඩ සීමා සහිතය. මේ වන විට ඔවුන් උත්සාහ කරන්නේ කාර්මිත තාක්‍ෂණික ආයතනයේ සිදුකෙරෙන රේගුවේ රඳවාගත් පළිබෝධනාශකවල සාම්පල පරීක්‍ෂණය ඉතා සූක්‍ෂම ලෙස විකෘති කිරීමට බව අපට වාර්තා වී ඇත. එහෙත් ඒවා එසේ විකෘති කලත් අනෙකුත් පරීක්‍ෂණ වලින් ඔවුන් කොටු වී ඇති බව තවමත් ඔවුන් තේරුම් ගෙන නැත. කැලණිය-රජරට පරීක්‍ෂණ කණ්ඩායමට එරෙහිව උසාවි යන බවට පාරම්බෑවත් ඔවුන් කිසිවෙකු උසාවියක් අසලින් වත් නොයනු ඇත. එසේ උසාවි ගියහොත් ආසනික් අලෙවිකරුවන් සියළු දෙනාගේ රෙදි ගැලවෙන බව අපි එක හෙළා ප‍්‍රකාශ කරමු. එසේ වන්නේ ගෞරවණීය අධිකරණය හමුවේ මේ මහා ජාතික අපරාධය සාක්‍ෂි සහිතව එළිදරව් කිරීමට අපට යුක්ති සහගත අවස්ථාවක් නිර්මාණය වන නිසාය.

මේ කුමන්ත‍්‍රණයේදී රජයේ දේශපාලකයන් හෝ ඉහල නිළධාරීන් ආසනික් වෙළඳුන්ගේ පැත්ත ගත හොත් ඒ සාපය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන් පසුපස හඹා එනු ඇත. සමහර විට බලය පාවිච්චි කොට කෙටි කාලයකට සියල්ල යටපත් කලත් ආසනික් සහ රසදිය විෂවල දරුණු ප‍්‍රථිපල සැඟවිය නොහැක. ඒ විනාශය ඔවුන්ගේ ආත්ම පසුපස හොල්මන් කිරීම ආරම්භ වීමට වැඩි කලක් ගතවන්නේ නැත. මේ වෙළඳුන් දැන් කල්පනා කරන්නේ යම් ප‍්‍රදේශයකට සීමා වූ වකුගඩු රෝගයට පමණක් මේ විෂ බලපාන බවට ඇති මතය මෙන්ම සහල්වල ආසනික් තිබෙනවාද යන බොරු ඝෝෂාව සහ ‘ආසනික් ටිකක් කෑවාට කමක් නෑ’ යන ව්‍යාජ උපදේශය මඟින් මහජනයා දිගින් දිගටම නොමඟ යැවිය හැකි බවයි. එහෙත් එය සිහිනයක් පමණක් බව අපි ඔවුන්ට අනතුරු අඟවමු.

මේ වන විට ආසනික් සහ රසදිය විෂ එළවළු සහ පළතුරු මතුපිටට යොදන පළිබෝධනාශක 100 කට ආසන්න ප‍්‍රමාණයක තිබෙන බව සොයාගෙන ඇත. (දැනට පරීක්‍ෂා කොට නැති තවත් 900කට ආසන්න පළිබෝධනාශක ප‍්‍රමාණයක් පිළිබඳව තත්වය අප දන්නේ නැත.) ඒ අනුව සමස්ථ රටේම ජනතාව තුන් වේලටම මෙම විෂ සහිත එළවළු සහ පළතුරු අනුභව කරති. එසේම මේ විෂ වර්ග ප‍්‍රභල ලෙස හේතුකාරක වන්නේ දියවැඩියාව, පිළිකා, හෘද රෝග සහ පෙනහළු ආශ‍්‍රිත රෝග ආදියට බවටද ප‍්‍රභල වෛද්‍ය සහ විෂ විද්‍ය සාක්‍ෂි ලොව පුරා ඇත. ආසනික් හෝ රසදිය කුඩා ළමයාගේ සිට මහල්ලා දක්වා සහ විවිධ රෝගවලින් පීඩා විඳින පිරිස්වල ශරීර තුල ක‍්‍රියාත්මක වන ආකාරය දෙස බලන විට එම විෂවල අවම හෝ උපරිම ප‍්‍රමාණයන් නිර්දේශ නොකල යුතු බවට ලොව පුරා සාක්‍ෂි සහිත ප‍්‍රභල විද්වත් මතයක්ද ගොඩ නැඟී ඇත. ඒ තත්වය තුල මහජනයා ක‍්‍රමයෙන් ආසනික් කුමන්ත‍්‍රණයේ සැබෑ බලපෑම තේරුම් ගනු ඇත. එවිට දැන් බොරුවට නිදාගෙන සිටින වෛද්‍ය සංගම් සහ අනෙකුත් විද්වත් සංගම් වලටද තවදුරටත් එටස් සිටිය හැකි නොවනු ඇත.

අද බොහෝ ඊනියා ස්වාධීන යයි කියාගන්නා විද්වතුන් පුද්ගලිකවම ප‍්‍රකාශ කරන්නේ ‘මේ ප‍්‍රශ්ණයට දෙවියන් ගාවාගත් නිසා අපට මැදිහත් විය නොහැකි බවයි’ විද්‍යව හෝ දෙවියන් පිළිබඳ ගැඹුරු තර්ක පසෙක තිබියදී අප ඔවුන්ගෙන් ඉතා සරල අහිංසක ප‍්‍රශ්ණයක් අසමු. මහපාරේ ගමන් කරන

භික්‍ෂුන් වහන්සේ නමක් හෝ දෙවියන් අදහන පූජකතුමකු ඔබගේ නිවසට විෂඝෝර සර්පයෙකු ඇදෙනු දුටු බව ප‍්‍රකාශ කලහොත් ඔබ කරන්නේ කුමක්ද? එම අනතුරු ඇඟවීම කල අය දෙවියන් බුදුන් අදහන ‘විඥානවාදීන්’ වූ පමණින් ඔබ එම අනතුරු ඇඟවීම නොසලකා හැරින්නේද?

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය වශයෙන් අප රජයෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටින්නේ ලාභ පසුපස පමණක් මාරාවේශයෙන් හඹායන වෙළඳුන් අතලොස්සක් සතුටු කිරීම සඳහා පොදු මහජන ජීවිත අනතුරේ නොදමන ලෙසයි. ඒ වරද කලහොත් මහජන මනස තුල රජයට එරෙහිව ඇතිවන පිළිකුල සහ අපවාදය තුනී කිරීම පහසු වන්නේ නැත. ‘බෝග ජීවිත’ සංසදයේ වෙළඳුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ආයුද බිම තබා යටත්වන ලෙසය. මේ රටේ බහුතරයක් වූ අහිංසක හිතහොඳ මිනිසුන් උඹලාට පළමු සහ අවසාන වතාවට සමාව දෙනු ඇත. ඒ සඳහා නුඹලා දැනට රට තුලට ගෙනැවිත් ඇති ආසනික් සහ රසදිය අඩංගු පළිබෝධනාශක නැවත ආපසු නැව්ගත කල යුතුය. ඊට යම් වියදමක් වේ නම් රජය එම වියදම් දැරුවද අපේ විරෝධයක් නැත.

එසේම ආසනික් වල ‘හොඳ ගුණ’ අලෙවිකරණ ව්‍යාපෘතිවලට බොරුවට මුදල් වැය නොකර මින්පසු එම විෂ අඩංගු නොවන පළිබෝධනාශක පමණක් විකුණන බවට නුඹලා දිවුරා පොරොන්දු විය යුතුය. ඒ සඳහා ආසනික් හෝ රසදිය අඩංගු නොවන පළිබෝධනාශක මිලදී ගත හැකි රටවල් නුඹලා නොදන්නවා නම් අපට ඒ විස්තතර ලබා දිය හැකිය. කෙසේ වෙතත් පොදුවේ පළිබෝධනාශක භාවිතය අවම කිරීම සඳහා අප මහජනතාවට ප‍්‍රභල ලෙස කරුණු පෙන්වා දෙනු ඇත. එය වෙනමම කාරණයකි.

කාර්මික තාක්‍ෂණ ආයතනයේ ගරු අධ්‍යක්‍ෂතුමා ඇතුළු රටට සහ මිනිසුන්ට ආදරය කරන විද්වතුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ කූඨ උපක‍්‍රම මඟින් පරීක්‍ෂණ ප‍්‍රථිපල විකෘති කිරීමට ඉඩ නොදෙන ලෙසයි. රටට අල්ප මාත‍්‍රයක් හෝ ආදරයක් ඇති ශිෂ්ඨ සම්පන්න විද්වතුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ආසනික් අලෙවිකරණ පාපයට දායක නොවන ලෙසයි. එසේම අවසාන වශයෙන් රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමා මුහුණ දෙමින් සිටින අනාගත ඛේදවාචකයෙන් තම දරුවන් ගලවා ගැනීම සඳහා පෙරමුණ ගන්නා ලෙසයි.

මහජන මතයට එරෙහිව රජයට හෝ වෙළඳුන්ට යාහැක්කේ ඉතා කෙටි දුරක් පමණි. මිනිසුන්ට අදරය කරන සියළු මිනිසුන් වෙත ආසනික් කුමන්ත‍්‍රණය පරාජය කිරීම සඳහා ධෛර්යය පතමු.

- දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි

12,614 Viewers

21 Comments to “‘ආසනික් ටිකක් කෑවාට කමක් නෑ’”

  1. warakaya says:

    හරියට පැහැදිලි නැති ගැටලුවකට කර ගහලා අපරාදේ දේශයට ආදරේ මිනිස්සු ඈත කරගන්නවා.

  2. Saddantha says:

    Janathawata Asenic Kawana saha kawana yunta Yudaw dena yun Bangavewa!Asenic Veladamata Virudda satanata Jayavewa!!!

  3. welusumana says:

    The Instrument shown in the picture is called Digital arsenator. This can test total arsenic from the range of 2ppb to 500 ppb. AND WE HAVE THIS TESTER IN HAND. IN SRI LANKA. IF SOME ORGANISATION IS READY TO DO A INDEPENDANT TEST, I WILL RELEASE MY INSTRUMENT.

    Then we dont have to point fingers to each other.

  4. welusumana says:

    The Instrument shown in the picture is called Digital arsenator. This can test total arsenic from the range of 2ppb to 500 ppb. AND WE HAVE THIS TESTER IN HAND. IN SRI LANKA. IF SOME ORGANISATION IS READY TO DO A INDEPENDANT TEST, I WILL RELEASE MY INSTRUMENT.

    Then we dont have to point fingers to each other.

    If someone wants to contact us, we are available

  5. Honda Helaya says:

    ජනාධිපති තුමනි ! දැන් යුද්ධය ඉවර කරපු නිසා බටහිරයට කැමැත්තෙන් හෝ අකමෙත්තෙන් පිළිගන්න වෙලා තියනවා ඔබ තුමා MASTER POLITICIAN කියලා. එහෙම කියන්නේ උන් කැමැත්තකින් නොවයි කරන්න දෙයක් නැති හින්දයි අර TIME s සගරාවේන් ඔබ තුමාගේ නම අයින් කරලා දැම්මෙත් ඒක හින්දයි.හැබැයි මේ ආසනික් ප්‍රමාණ නීති ගත කරලා පනතක් හැදුවොත් ඔබ ඉතිහාසගතවෙන්නේ ලෝකයේ හිටපු බුරුම බුරු නායකයා කියලයි! ඔය channel 4 වගේ ඒවායේ වේගය වැඩි කරලා ලංකාවට යුද අපරාදයක් පට බදින්නත් ඒක හේතුවක් කර ගන්නවා. ජාතියේ ද්‍රෝහියා 1 විදියට ජේ ආර් ඉතිහාස ගත වුනා වගේ ජාතියේ ද්‍රෝහියා 2 වෙන්න හදන්න එපා ජනාදි පති තුමනි! මම ආසයි ඔබ තුමා තව පාරක් ජනාදිපති වෙනවා බලන්න.

  6. Anonymous says:

    obage adahasath pehedili madi

    poddak pehedili karanna puluwanda kawuru genada kiyanne kiyala?

    • warakaya says:

      හොඳම හරිය බලධාරියා කපලා. තේරුමක් නැහැ මචන්.

  7. Podi Eka says:

    WHO FIRST catagorized Arsanic as toxic element….? WHO FIRST Catagorized these ELEMENTS that WE NOW fight over….???

  8. නලින් says:

    අතිගරු ජනාදිපති තුමනි, රජයේ වගකිවයුතු මැති ඇමති වරුනි,

    අතලොස්සක් තරම්වූ කූට වෙළදුන් පිරිසක් විසින් සිදුකිරීමට සූදානම්වන මේ මහා ජාතික අපරාදය ශූන්‍ය කිරීම සදහා දැන්වත් පියවර ගන්නාක්මෙන් ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමු.

    කුමක් නිසාදයත්, ඔබතුමන්ලා හට රජකම් කිරීමට හැකිවන්නේ රටේ ජනතාව නීරෝගීව සිටිනතාක්කල් පමනක් නිසාය. රටේ ජනතාව සියලුමදෙනා රෝගීන් වුවහොත් ඔබතුමන්ලාට සිදුවන්නේ රෝහල් හද හදා සිටීමට පමනයි. ආසියාවේ ආශ්චර්යට යාමටනම් නීරෝගී ජනතාවක් සිටිය යුතුමය…

    "ආරෝග්‍යා පරමා ලාබා"

  9. max says:

    meekath poddak balana eka hondai neda ?? aththada boruda mama danne naa..eeth kiyawala balana eka hondai koi deeth..

    http://www.articles.hothotlanka.com/2011/07/wdiks

  10. man says:

    tikak kaala balanna. paanwala oowa wediyenma thiyanawa.

  11. පනුවා says:

    වරකයෝ….තොපි වගේ ව්‍යාජ දේශප්‍රේමීන් ට රජරට මිනිස්සු දහස් ගණන් දුක් විඳින එක ගැටළුවක් නෙමෙයි. යකෝ "පැහැදිලි ගැටළු" කියන්නේ මොනවද? පැහැදිලි ගැටළු නෙමෙයි ජනතාවගේ පැත්තෙන් බැරෑරුම් ගැටලුයි විසඳන්න ඕනේ, මේ ආසනික් ගැටලුව වගේ. නොදකින් බුරුවා…………..

  12. Hitha hoda malli says:

    Honda Helaya says:

    July 28, 2011 at 2:00 pm

    1000% correct.

  13. Jimmy says:

    Do you have more great atrciles like this one?

  14. Lorena says:

    Kewl you sohuld come up with that. Excellent!

  15. supa says:

    සහගහන අපරාධ

Leave a Comment