Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

‘බලය බෙදීමේ යෝජනා අත්හැරීමට බිය වන්නේ නම් එය යටත් වීමේ ආරම්භයයි’

August 5, 2011 at 1:48 pm | Lanka C News.

‘බලය බෙදීමේ යෝජනා අත්හැරීමට බිය වන්නේ නම් එය යටත් වීමේ ආරම්භයයි’

ලෝකයේ ම්ලේච්ඡතම බටහිර කුලී හමුදාව සුණුවිසුනු කොට රට බෙදීම වැළැක්වීමට ජාතියක් ලෙස අපි සමත්වූයෙමු. එවැනි නින්දා සහගත පරාජයක් ලෝකයේ කිසිදු රටකදී බටහිර බලවේගවලට අත්විඳීමට සිදුව නැත. මෙහිදී බටහිර බලවේග ගොන්නට ඉන්දියාවද ඇතුළත් වන බව අප අමතක නොකළ යුතුය. ඔවුන් ඒ මහා පරාජයේ නින්දාව වසා ගන්නේ කෙසේද? එමෙන්ම ඒ හා බැඳුණු වෛරය පරිමසා ගන්නේ කෙසේද? අවසානයේ යුද්ධය නිර්මාණය කිරීමට හේතු වූ තම මූලික අරමුණ වූ රට බෙදීමේ කුමන්ත‍්‍රණය නැවත වටයකින් දියත් කරන්නේ කෙසේද?

තමාගේ මේ ප‍්‍රශ්නවලට ඉන්දියාව ප‍්‍රමුඛ බටහිර බලවේග පිළිතුරු සොයන්නේ වසර 30ක් ආපස්සට ගොස් ඊනියා බලය බෙදීමේ යෝජනා නැවත වටයකින් ගෙන ඒම හරහාය. සියලූ බාධක මැද ලෝකයේ බිහිසුණුම යුද්ධයක් ජයගත් මහින්ද රාජපක්‍ෂ රජයට නැවත ආපසු ගොස් කැමැත්තෙන්ම බලය බෙදීමේ උගුලට පය තැබීමේ උවමනාවක් නැති බව ඉතා පැහැදිලිය. ඒ බව ඉතා හොඳින් දන්නා බටහිර බලවේග අද උත්සාහ කරන්නේ ඊනියා යුද අපරාධ චෝදනා ඉදිරියට ගෙන එමින් ආණ්ඩුවේ අත කරකවා උගුල දෙසට තල්ලූ කිරීමටය.

බන්කී මූන් – රොබර්ට්  ඕ බ්ලේක් දෙබෑයන් ඒ අතකරකැවීමේ මෙහෙයුම පළමුව එළිදැක්වූයේ ඊනියා දරුස්මාන් වාර්තාවට අදාළ ක‍්‍රියාවලිය හරහාය. ඒ මඟින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇති කළ ව්‍යාජ ජනමතය තවදුරටත් නරක පැත්තට හැරවීම සඳහා ඔවුන් ‘චැනල් 4’ නාටකය රඟදැක්වීමද ආරම්භ කොට ඇත. මේ සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය, මානව හිමිකම් කවුන්සිලය, යුරෝපා පාර්ලිමේන්තුව, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව, ප‍්‍රබල ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ආදී ප‍්‍රබල සංවිධාන වළල්ලකින් යුත් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කොට ඇත.

දැන් මේ මෙහෙයුම හරහා මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි සභාවාරයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගන්නා බවට වක‍්‍රව සහ සෘජුව තර්ජනය කෙරේ. මේ ක‍්‍රියාවලියේ අවසන් අරමුණ එක ගලෙන් කුරුල්ලන් තිදෙනකු මරා ගැනීමයි. පළමුවැන්න ආණ්ඩුව බියගන්වා ආණ්ඩුවේ අතකරකවා බලය බෙදීමේ යෝජනා ආණ්ඩුව ලවා ඉදිරිපත් කිරීම හරහා ආණ්ඩුව මහජන අප‍්‍රසාදයට පත්කිරීමයි. එහිදී ආණ්ඩුව යෝජනා සම්මත නොකළත් ඉදිරිපත් කිරීම මඟින් පමණක් වුවද ආණ්ඩුවේ ජනප‍්‍රියත්වයට බරපතළ හානි පැමිණෙන බව බටහිර බලවේග හොඳින් දනිති. දෙවැන්න එසේ අප‍්‍රසාදයට පත්වන ආණ්ඩුවට එරෙහිව මහජන කැරලි ඇතිකොට අවසානයේ ආණ්ඩුව පෙරළා දැමීම හෝ පරාජයට පත්කිරීමයි. තුන්වැන්න එසේ පරාජය වන සේනාධිනායකයා සහ රණවිරුවන් යුගොස්ලාවියාවේදී කල ආකාරයට ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කිරීමයි.

මේ උගුල සහ ඊට අදාළ වටපිටාව ගැඹුරින් වටහාගැනීම ජාතියක් ලෙස අපේ ඉරණමට ඉතා තීරණාත්මක ලෙස වැදගත් වේ. එහි පැතිකඩවල් කිහිපයක් ඇත. ඒවා මෙසේ හඳුනාගත හැක.

⋆  ශ‍්‍රී ලංකාවට හතුරු සියලූ ජාත්‍යන්තර රටවල්, සංවිධාන සහ බලවේග හරහා ඊනියා යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා ගෙන එන බවට සහ ඊට දඬුවම් කරන බවට ප‍්‍රබල මතයක් ඇතිකිරීම

⋆ ඊට සමගාමීව මානව හිමිකම් කවුන්සිලයේ ඊනියා ඊළඟ රැුස්වීම නමින් කල්දමන න්‍යායපත‍්‍රයක් තුළ ආණ්ඩුව හිරකරන සහ නැවත කාලය ලබාදෙන ක‍්‍රීඩාව මඟින් ආණ්ඩුව බටහිරට යටත් නොවී කෙලින් සිට ගැනීමේ හැකියාව අවම කිරීම (ආණ්ඩුව බිත්තියට හේත්තු කළහොත් බටහිර සමඟ ගැටී කෙලින් සිටගන්නා ස්ථාවරයට යාහැකි බව ඔවුන් විශ්වාස කරන බව පෙනේ.)

⋆  ඉන්දියාව හරහා සීපා ගිවිසුම සහ 13 සංශෝධනයෙන් එහාට යන බලය බෙදීම ආදී බලපෑම් කිරීම මඟින් ඉන්දියාව හරහාද ආණ්ඩුව බටහිර න්‍යායපත‍්‍රයට යටත් කිරීමේ ඉඩකඩ නිර්මාණය කිරීම (දෙපැත්තකින් තල්ලූ කිරීම)

⋆ ආණ්ඩුව තුළ සිටින සිටින පැකේජ්වාදීන් ලවා බෙදුම්වාදී මතවාදය ආණ්ඩුව තුළින්ම ඉදිරිපත්කර ආණ්ඩුව බලයට පත්කළ බලවේග අතර තවදුරටත් අප‍්‍රසාදයට සහ අපහසුතාවට පත්කිරීම. ඒ මඟින් අභ්‍යන්තර ගැටුම් වර්ධනය කිරීමද අපේක්‍ෂා කෙරේ.

⋆  දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදීන් හරහා දිගින් දිගටම දෙමළ ජනතාවගේ ජනමතයේ නාමයෙන් බෙදුම්වාදී මතවාද ජාත්‍යන්තරව සහ දෙමළ ජනතාව අතර සාධාරණීකරණය කිරීම (පළාත් පාලන ඡුන්දයෙන් ඔවුන් ලබාගත් ජයග‍්‍රහණය නිසා ඔවුන්ගේ භූමිකාව වඩාත් පහසු වනු ඇත.)

⋆ අවතැන් වූ දෙමළ ජනතාව නැවත පදංචි කිරීමේ සහ ඔවුන්ට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා විවර කිරීමේ ක‍්‍රියාවලිය තුළ බොහෝ විට ප‍්‍රායෝගික යථාර්ථය යටතේ නොවැළැක්විය හැකි ලෙස මතුවන දුර්වලතා යොදාගනිමින් දෙමළ ජනතාව තුළ අසතුට ජනිත කිරීම

⋆ වසර 30ක යුද්ධයෙන් පසුව ඉතිරි වූ ගරිල්ලා සටන්කරුවන් මඟින් ජාතික ආරක්‍ෂාවට එල්ල විය හැකි තර්ජන පිළිබඳව පරිස්සම් සහගතවීම තුළ නොවැළැක්විය හැකි ලෙස මතුවන තත්වයන් යොදා ගනිමින් දෙමළ ජනතාව අතර සහ ජාත්‍යන්තරව රජය අපහසුතාවට පත් කිරීම

⋆  මේ වන විටත් රජය අපහසුතාවට පත්වන ආකාරයට සිදුවී ඇති දේශපාලන අසමත්කම්, දුෂණ වංචා හෝ ආර්ථික ඝාතක නිලධාරී මෙහෙයුම් යොදා ගනිමින් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ හරහා ඊජිප්තු හෝ ලිබියානු පන්නයේ මහජන නැඟිටීම් ඇති කිරීම. ඒ සඳහා බටහිර තානාපති අංශද අත දිගහැර මුදල් වියදම් කරන බව රහසක් නොවේ.

මේ උගුලට කොටුවන්නේ ආණ්ඩුව පමණක් නොවේ. ආණ්ඩුව කොටුවුවහොත් ඒ සමඟම රටත් ජනතාවත් ඒ උගුලටම බිලිවීම වළක්වාගත නොහැක. ආණ්ඩුව උගුලට තල්ලූකොට රට බේරාගැනීමක් පිළිබඳ සිතනවා නම් එය සිහිනයක්ම පමණි. ආණ්ඩුව සිය කැමැත්තෙන් උගුලට පය තැබුවද සිදුවන්නේ එකම දේය. මේ තත්වය වෙනස් කරන්නේ කෙසේද?

යුද අපරාධ චෝදනාව හරහා සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රණවිරුවන්ගෙන් පලිගැනීම සඳහා අවශ්‍ය පළමු කොන්දේසිය ඔවුන්ගේ දේශපාලන බලය අහෝසි කිරීමයි. ඒ සඳහා වන ප‍්‍රධාන කොන්දේසිය රජය මහජන අප‍්‍රසාදයට ලක් කිරීමටයි. එසේනම් ඊට ඉඩ නොලැබෙන ආකාරයට රජය ක‍්‍රියා කළ යුතුය. ඊනියා බලය බෙදීමේ යෝජනා රජයේ පවතින ජනප‍්‍රියතාවය එක් රැුයකින් වෙනස් කල හැකි තත්වයකි. එවැනි තත්වයකදී 2005 ජනවරම නිර්මාණය කළ අතිබහුතරයක් ජනතාව රජය පිළිබඳ කලකිරීමට පත්වීම කිසිවකුට වැළැක්විය නොහැක. ආණ්ඩුව බටහිර සහ ඉන්දියානු බලපෑම් නිසා බලය බෙදීමේ යෝජනා අත්හැරීමට බිය වන්නේ නම් එය යටත් වීමේ ආරම්භයයි.

මේ ප‍්‍රශ්නයේදී ආණ්ඩුව එක දශමයකින් යටත්වනවා යනු දිගින් දිගටම යටත්වීමේ ක‍්‍රියාදාමයට කොටුවීම මිස අන් යමක් නොවේ. බටහිර සමඟ ගනුදෙනුවේදී දශමයකින් හෝ යටත් නොවී ‘වෙට්ටු දැමීමේ’ කලාව හොඳින් ප‍්‍රගුණ කර තිබූ නිසා පිදෙල් කස්ත්‍රෝ ජනාධිපති තුමාට තම රටත්, ජනතාවත් ආණ්ඩුවත් අවුරුදු 60කට අධික කාලයක් තිස්සේ රැුක ගැනීමට හැකිවිය. යම් පමණකට එසේත් නැතහොත් මාත‍්‍රාවකට යටත් වී බේරිය හැකි යයි සිතූ ලිබියාවේ ගඩාපි ජනාධිපතිතුමා අද අර්බුදයට ගමන් කොට ඇත. ඔහු බටහිර බලවේගවලට ඉදිරිපස දොර ටිකෙන් ටික විවෘත කරන විට ඔහුගේ සැබෑ මිතුරන් පෑල දොරින් පිටවීම ආරම්භ විය.  මස් රාත්තලම ඉල්ලා සිටින බටහිර බලවේග බාගෙට සතුටු කිරීමෙන් ගැලවිය නොහැකි බව ඔහු දැන් ඉගෙනගෙන ඇතිවාට සැකයක් නැත. අද ඔහුට නැවත වටයකින් තේරීමට සිදුව ඇත්තේ කුමන වන්දියක් හෝ ගෙවා යටත් නොවෙනවා යන තීරණය පමණි. එහෙත් ඔහු දැන් බොහෝ පමාවී ඇතිවාට සැකයක් නැත.

කෙසේ වෙතත් රාජ්‍ය නොවන සංවිධාන සහ ආර්ථික ඝාතක රාජ්‍ය නිලධාරීන්ගේ කූඨ ක‍්‍රියා මෙන්ම දේශපාලන අසමත්කම් නිසාද උතුරු නැගෙනහිර යළි පදිංචි වන ජනතාවගේ සිත් දිනාගැනීමේ ක‍්‍රියාවලිය සතුටුදායක ලෙස ඉටු නොවන බව අප පිළිගත යුතුය. එම ජනතාව ජාතිවාදී බෙදුම්වාදී කූඨ මහළු නායකයන්ගේ පුද්ගලික සුව පහසුව සඳහා බලය බෙදා දෙන ලෙස ඉල්ලා සිටිනනේ නැත. ඔවුන් අධිවේගී මාර්ග ඉල්ලා සිටින්නේද නැත. ඔවුන්ගේ පළමු අවශ්‍යතාවය ගේදොර හදාගෙන දරුවන් පාසැල් යැවීමය. දෙවැන්න කෘෂිකාර්මික නිෂ්පාදන ක‍්‍රියාවලිය දියුණු කර ගනිමින් තම ආදායම් මට්ටම වැඩි කර ගැනීමයි. ඒ සඳහා කෘෂි නිෂ්පාදන වලට හොඳ මිලක් ලැබිය යුතුය. එසේ හොඳ මිලක් ලැබීමට නම් ජයලලිතා නෝනා කියන ආකාරයට ඉන්දියානු නිෂ්පාදන අප රටට එවීම ‘‘සම්බාධක’’ හරහා නැවැත්විය යුතුය. ඒ දේවල් නැති පිඟානට බලය බෙදුවාට ඒ ජනතාවට ප‍්‍රයෝජනයක් නැත. තමාගේ ප‍්‍රදේශය සංවර්ධනය කර ගැනීම සඳහා ප‍්‍රාදේශීය සභාවලට උපරිම ලෙස පරිපාලන බලතල ලබාදුනහොත් ඔවුන් බෙහෙවින් සතුටු වනු ඇත. ව්‍යාජ දෙමළ නායකයින්ගේ පිඟානට ඊනියා බලය බෙදීම පිළිබඳව අප ඒ නායකයින්ගෙන්ම ඇසුවාට දෙමළ ජනතාවට උවමනා කුමක්දැයි අප ඒ ජනතාවගෙගෙන් අසා නැත. අඩු තරමින් සමාජ සමීක්‍ෂණයක්වත් සිදුකොට නැත.

13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීති විරෝධී බවට 1987දී එම කෙටුම්පත සැලකිල්ලට භාජනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමකු පැහැදිලි සාක්‍ෂි සහිතව ප‍්‍රකාශ කොට ඇත. (ජාතික පුනර්ජීවන කොමිෂන් සභා වාර්තාව) ඒ අනුව අද අප ජීවත් වන්නේ නීති විරෝධී ව්‍යවස්ථාවක් යටතේය. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් වුවත් 13 වැනි සංශෝධනය අහෝසි කල හැකි බවට පැහැදිලි සාක්‍ෂි ඇත. අප රටේ ව්‍යවස්ථාව නීති විරෝධී නම් එම අඩුපාඩුව සංශෝධනය කොට නීත්‍යනුකූල ව්‍යවස්ථාවක් ඇතිකිරීම පාර්ලිමේන්තුවේ පරම වගකීම වේ. ඉන්දියානු රජය හෝ දෙමළ දේශපාලකයන් ඊට විරුද්ධද නැද්ද යන්න අප අදාළ කරගත යුතු නැත. ව්‍යවස්ථාව නීත්‍යනුකූල කිරීමෙන් පසුව අවශ්‍ය නම් මහජන කැමැත්ත ඇතිව නීත්‍යනුකූලව 13 වැනි සංශෝධනයේ අංග නැවත ගෙන ඒම ජනතාවගෙකැමැත්තක් බව අප ඉන්දියාවට පෙන්වා දිය යුතුය. ජනතාව 13 වැනි සංශෝධනයට අකමැති නම් රජයට කළ හැකි දෙයක් නැත. සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජනතාවගේ අපේක්‍ෂා ඉටුවන ආකාරයේ රටට සුදුසු ව්‍යවස්ථාවක් ඉදිරිපත් කල යුත්තේ පවතින ව්‍යවස්ථාව නීත්‍යනුකූල කිරීමෙන් පසුව පමණි. එසේ වුවත් කුමන යෝජනා මත පදනම්ව වුවත් නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එදා කළ වරද නැවත නොකළ යුතුය. එනම් එම ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයක් මඟින් මහජන කැමැත්ත ලබාගත යුතුය. රජයට ජාත්‍යන්තර බලපෑම්වලින් මෙන්ම දේශීය බලපෑම් වලින්ද ගැලවිය හැක්කේ ජනතාව විසින් තීන්දුව ගත යුතුය යන ස්ථාවරය මත පිහිටීමෙනි. ජනතාවගේ ප‍්‍රසාදය දිනාගත හැක්කේද ඒ නිරවුල් ස්ථාවරය මත පිහිටුවීමෙන් පමණි.

ඊනියා බලය බෙදීමේ න්‍යාය පත‍්‍රයක් තුළ සුඬානයේ පාලකයන් වසර 20ක යුද්ධයක් අවසානයේ මිනිස් ජීවිත මිලියන 2ක් විනාශ කරමින් රට බෙදා වෙන්කොට ඇත. අප රටේදීද නෝර්වේ කාරයා ප‍්‍රමුඛ බටහිර බලවේග සකස්කොට තිබුණේ ඒ මාර්ග සිතියමමය. එය සාර්ථක වූවානම් අද අප. කි.මී. 275ක් දිග ඊළාම් දේශ සීමාවේ මිනී මරාගන්නා අවාසනාවන්ත ජාතියකි. එය වැළකුණේ මහජනයා 2005 ඓතිහාසික ජනවරම නිර්මාණය කරමින් ඔක්ස්ෆර්ඞ්-කේම්බි‍්‍රජ්-සෝර්බෝන් චින්තනයන් පරදවා මැදමුලන චින්තනය ඔසවා තැබූ බැවිනි. රණවිරුවන් ඉරා පොඩිකර පාගා කෙලගසා විසිකළ බලය බෙදීමේ ඊනියා දේශපාලන විසඳුම් යෝජනාවලියක් නැවත වටයකින් දිගහැරීම යනු ජීවිත පූජාකළ සහ අතපය අහිමි කරගත් රණවිරුවන්ට ද්‍රෝහිවීමකි.

ප‍්‍රභාකරන්ගේ තුවක්කුව හිසට එල්ල වී තිබියදී ඊනියා ව්‍යාජ සාම සාකච්ඡ හෝ බලය බෙදීමේ දේශපාලන යෝජනා පිළිබඳව කථා කිරීම සමාව දිය හැකි සහ තේරුම්ගත හැකි ක‍්‍රියාවකි. ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදයේ සිවිල් බලකාය ලෙස කටයුතු කළ ජාතිවාදී දෙමළ නායකයන්ගේ පුද්ගලික අපේක්‍ෂා ඉටු කිරීම සඳහා බලය බෙදීමට කථා කිරීම යුද ජයග‍්‍රහණයේ සමස්ත ගෞරවය ඒ ද්‍රෝහීන්ට බන්දේසියක තබා පූජා කිරීමකි. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථා සංශෝධනය යටතේ පොලිස් බලය සහ ඉඩම් බලය නොදී වෙනත් දේ පමණක් දෙනවා යන්න හාස්‍යජනක ස්ථාවරයකි. එයට හේතුව එම බලතල දෙකම මේ වන විටත් නීතියෙන්ම ලබා දී ඇති නිසා දේශපාලන බල වෙනසකදී එම බලතල බලහත්කාරයෙන්ම ලබා ගත හැකිවීමය.

13ට එහා යන බලයක් ඉල්ලන්නේ ජාතිවාදී සහ බෙදුම්වාදී මනසින් සහ ඒ ස්ථාවරයෙන්ම පැරණි මාර්ග සිතියම තුළම ක‍්‍රියාත්මකවීම සඳහා මිස වෙනත් කිසිදු යහපත් චේතනාවකින් නොවේ. මහා යුද්ධයක් ජයගැනීමෙන් පසුව පැරණි තත්වයට අදාළ වචනමාලාවම කතා කිරීම හෝ එකී ආකල්ප මතම රැුඳී සිටීම කිසිදු ඉදිරිගාමී සමාජයක් විසින් නොකල යුතු දෙයකි. එය බියගුළුකම නිසා එකඟවන තත්වයක් මිස පොදු ජනයාට යුද්ධයෙන් පසුව සාධාරණය ඉටුකිරීම සඳහා වන දියුණු එකඟතාවක් නොවේ.

1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුවත් මහා යුද්ධයට ශ‍්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන්නේ 13 වැනි සංශෝධනය බෙදුම්වාදයට පිළිතුරක් නොවන නිසාය. එසේ වූවා නම් 13 නමැති ඊනියා දේශපාලන විසඳුමට යුද්ධය නවත්වා සාමය උදාකළ හැකිව තිබිණි. අවසානයේ යුද්ධය දේශපාලන විසඳුමක් බවට පත්වන්නේ ඒ නිසාය. යුද්ධයෙන් පසුව නැවත බෙදුම්වාදයේ හිස එසවීම වැළැක්විය හැක්කේ බෙදුම්වාදී මනසට කිසිදු අල්ලසක් ලබා නොදීම තුළය. සිංහල, දෙමල, මුස්ලිම් සියලූ ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය වන්නේ භූගෝලීය විශේෂ පදනමකින් තොරව ජාතික සංවර්ධන න්‍යාය පත‍්‍රයක් තුළ රට සංවර්ධනය කරන බවට සහතිකයක් ලබා දීමය. ඒ සඳහා සියලූ ජනතාවට තමන්ගේ ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා උපරිමයෙන් දායක වීමට ඉඩ ප‍්‍රස්ථා වැඩිකළ යුතුය. ප‍්‍රාදේශීය සභාවලට සහ ගම් සභාවලට උපරිම බලතල ලබා දිය යුතුය. එසේම ඒ සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය සහ රාජ්‍ය අංශයේ වගවීම සහතික කරන ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළු කල යුතුය. භාෂා සාධාරණත්වය මෙන්ම ජාතිවාදී පදනමකින් තොරව අඩු පහසුකම් සහ අඩු ආදායම්ලාභීන්ට වැඩි වරප‍්‍රසාද ලබාදීම සඳහාද  ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතුය. වර්තමාන බෙදුම්වාදී ව්‍යවස්ථාව වෙනස්කොට අලූතින් සම්මත කරගත යුත්තේ එවැනි ව්‍යවස්ථාවකි. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පරදවා සැබෑ ලෙසම සිංහල, දෙමල, මුස්ලිම් සියලූ ජනතාවගේ ප‍්‍රසාදය දිනාගත හැක්කේ ඒ තුලින් පමණි. කූඨ දෙමළ ජාතිවාදී නායකයන් දණ ගැස්විය හැක්කේද ඒ මගින් පමණි. ආණ්ඩුව මෙන්ම රටද රැකිය හැක්කේ ඒ මඟින් පමණි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර – මහ ලේකම් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

 

17,497 Viewers
Print

40 Comments to “‘බලය බෙදීමේ යෝජනා අත්හැරීමට බිය වන්නේ නම් එය යටත් වීමේ ආරම්භයයි’”

  1. සිරා says:
    August 5, 2011 at 7:40 pm

    ර වැටුණු වළේ මහා දවල් ආසාවෙන්ම වලට පනින්න හදන නායකයොත් එක්ක අපි කොහොමද ගමන යන්නේ . අනිච්චාවත සංකාර

    Reply
  2. chinthaka says:
    August 5, 2011 at 8:01 pm

    71 dith marala atha pihadagattha 88-89 dith minissu marala atha pihadagattha 2007-2009 dith ehema karanna ida denawada ? 88-89 hitapu manawawaadi hambanthota mahinda Geneeva aawe pol gaannada? meeka jaathiya pilibada prassnayak nemei minissunwa gonaata andanna epa . aanduwalata thrasthawaadi weda karanna denna beha .

    Haamulata dekata nemila hitapu ayage konda kelinkarapu paksyatama droohi wechcha ayage wedibana wedak neha yukthiya istawiya yuthui.samoopakaara chandayatath minimarana ewungen yukthiya ista karawannada balaporotthuwa ?

    prajathanthrawaadayata idak thiyenawanam mea kotasa pala karawanna

    Reply
  3. RAAKSHA says:
    August 5, 2011 at 8:18 pm

    බලය බෙදීමක් අවශ්‍ය නැත අපි මේ රටේ බහුතරය වසයෙන් බලය නොබෙදනතාක් මේ රජය සමග ඕනෑම බාහිරින් එන ප්‍රශ්නයකට මුහුණ දීමට සුදානම් .බලය බෙදීම අවශ්‍ය නැත මිනිසුන්ට අවශ්‍ය ආර්ථික දියුණුවයි .

    Reply
  4. Game Kolla says:
    August 5, 2011 at 8:22 pm

    Desamamaka Janathwani Eka Podiyata Mahinda Mahattaya Wate Hitagea- Ohwota Saktiya Demo Api Hamoma Ekata Hitiyoth YUde Jaya Gatha Wage Meyath-

    Jaya Gatha Hakii..Mahinda ,GOtabaya,ATULU Sahodarayo Me Ratata Adereaya.

    Enisa Api Ohwunta Idiriyata Yanna Saktiya Demo…

    Reply
  5. mottaya says:
    August 5, 2011 at 8:26 pm

    ane pala nakiyo yanne. wala payai goda payai tiyan kata gahan enna nathiwa kowila kata gihin pinak dahamak kara pan.

    Reply
  6. chinthaka says:
    August 5, 2011 at 9:04 pm

    matath hithinne gota- baya hahodarayo mea ratata aadarei kiyalai . eakane americawe super market eke badu wikuna wikuna idala lankawata aawe. eath mata thiyena podi parsnayak thamai americawe badu wikunapu kaale eya ratata aadare kale nedda kiyana ekai

    Reply
    • Saradiyel Parapura says:
      August 5, 2011 at 10:11 pm

      Ai Uba USA gihin White House hitiye?????????????

      Mul Amataka Sinhala Adamayo nisa tamai adatath ape Jathiya Loketa Baldu wela

      tiyenne..

      Reply
    • Mark says:
      August 5, 2011 at 11:05 pm

      Why you fool "chinthaka" dont know the life threats to honoust and direct high rank army officers during the last stages of Premadasa time??? You donkey dont know Maj. Gen. Densil Kobbekaduwa and several high rank officers were killed inside Govt. controlled area..??? Were you inside someone's butt those days??? Gota was one of the remaining similar officers and he was forced to leave Country for safety. And you damn white ass licker know very well that US/UK dont let Lankans do suitable jobs in their country easily. If gota didnt leave and survive, you will still be HIDING UNDER YOUR BED in fear of TIGER AIRFORCE AND BUS BOMBS dick head !!!!

      Reply
    • Anonymous says:
      August 6, 2011 at 12:07 am

      එතකොට මොකක් ද තොගෙ ප්‍රස්නෙ අම්මා ව්කුනලද තොගෙ

      Reply
  7. yakadaya says:
    August 5, 2011 at 9:48 pm

    ජනතාව බලය බෙදිය යුතුද කියා තීරණය කල යුතිය. TNA එකට ඕනේ විදියට නටන්න ආණ්ඩුව සැරසිය යුතු නෑ. මුළු රටම අගාදයට පත් කල LTTE කාරයන්ගේ උවමනාව මේගොල්ලන්ට ගෙනියන්න දෙන්න බෑ

    Reply
  8. palitha says:
    August 5, 2011 at 10:00 pm

    බලය බෙදීම යනු සියදිවි නසාගැනීමක්ය.ජීවිත පරිත්‍යාගයෙන් බෙරාගත් රට පාවා නොදෙනු..

    Reply
  9. Game Kolla says:
    August 5, 2011 at 10:11 pm

    chinthka@ Gotata Wadak Karanna Dunnada? U.N.P.Anduwai.. Chandrikage Anduwai..

    Reply
  10. Anonymous says:
    August 5, 2011 at 10:42 pm

    බලය බෙදීම කියන්නේ පරණ මාතෘකාවක්. එක මහින්දට අදාළ නැනේ එක හම්පඩ චන්ද්‍රිකාගෙයි විජාතික රනිල් ගෙයි

    දෙයක් නේ.ඔන්න අපි උන්ව චන්දෙන් පරදවල විජාතික චින්තනයෙන් මහින්ද චින්තනය බලයට ගෙනාව. අපි අපේ උතුකම ඉටුකෙරුව.

    අපේ ජනාදිපතිතුමත් එතුමාගේ යුතුකම හරියටම ඉටුකෙරුව.යුද්ධය ජයග්‍රහණය කළා. රට බොහොම හොදට සංවර්දනය කරගෙන යනවා.

    හොද ඉවක් තියෙන අපේ ජනාදිපතිතුමා දේශපාලන දිවිනසාගනිමක් කරයි කියල හිතන්න බැ.

    එතුමාට වැරදුනොත් අපිත් ඉවරයි. අපිට වැරදුනොත් එතුමාත් ඉවරයි. ජාතික චින්තන මත ධාරි මිනිසුන් හා මහින්ද චින්තනය කියන්නේ. ගහට පොත්ත වගේ පොත්තට ගහ වගේ.

    විසදුම බෙදීම නොවේ විසදුම මේ රට සිංහලයන්ගේ බව අන් ජන කොටස් පිළිගනිම හා සිංහල බෞද්ධ සංස්කෘතිය තුල තම අනන්‍ය තාවය රැකගෙන ජිවත් වීමයි.

    ඉන්ගලන්තයට යන සිංහලයෝ දෙමල්ලු එහෙ ජීවත් වෙනවා වගේ. මේ සිංහල දේශයේ ඉන්න දෙමල්ලුයි, තම්බිලයි ජීවත් වෙන්න ඕනේ. නැත්නම් පරස්ස තමා.

    Reply
    • Anonymous says:
      August 5, 2011 at 11:35 pm

      ලොකු බ0ඩ දිපන් අත අපෙ බලාපොරොත්තුවත් ඔකතමා අපට තව කෙනෙක් නැ අපෙ තුරුම්බුව මහින්ද මහාත්තයාගෙ තිරනෙ

      Reply
    • Amare says:
      August 6, 2011 at 1:54 am

      ලොකු බණ්ඩා, මෙන්න අමරේගෙන් කැට….පැහැදිලිව සහ කෙටියෙන් කිව්වා මේක සිංහල බෞද්ධ රට මේ රටේ ශිෂ්ඨාචාරයේ ඓතිය සිංහලයන් සතුයි , අනෙකුත් සියලු ජාතින් ඒ බව පිළිඅරන් තම තමන්ගේ අගම ධර්මයට අනුව සහයෝගෙන් සමගියෙන් ජීවත් වෙන්න. එචරයි.

      Reply
  11. Ranjan predeep. Rome says:
    August 6, 2011 at 1:00 am

    liyanna tiyenne mulu world 1ktam da-nenna….. hora eniya media 1ke inna uavath genalla me vage ratata hita korana prokasa koanna doctor….. anika tamai govrment 1ke inna old political-lath danen.nha gahanna tiyanne…. me horikadayo tama dan pandam al-lanne…. N.G.O 1ke dog-lata……..

    Reply
  12. Anonymous says:
    August 6, 2011 at 2:02 am

    මතකදඇමරිකාවේ 9/11. කොහොමද එදා ඇමරිකාව පක්‍ෂ භේදයෙන් තොරව එකතු වුණු හැටි. අපිත් ඒ වගේ එකට එකතු වෙන්න ඔ්න රජයට ශක්තියක් වෙන්න. ඇමරිකාව අපිට ගහන්න ආවොත් අපිත් මිනිස් පලිහක් වෙලා රට රැුක ගන්න ඔ්න.

    මේ වෙලාවේ ජනාධිපතිතුමාත් මීට වඩා වගකීමකින් ඉදිරිය බලන්න ඔ්න. දිනපු ඡුන්‍දවලින් උඩ පනින්න එපා. ඒවා අපිට පිළිගන්න අමාරුයි.

    ජනතා ප‍්‍රසාදය දිනාගන්න රජය මොනවාද කරලා තියෙන්නේ? අමතක කරන්න එපා අපේ රට ශාක්‍ෂරතාවය ඉතා ඉහල රටක්. අපි පත්තර බලනවා. විවේචන කියවනවා.

    අපි දන්නවා දැන් මිග් යානා අහසේ යන්නේ නෑ කියා. යුද්ධයට සම්බන්‍ධ කිසිම වියදමක් නෑ. අවි ආයුධ ගෙන්වන්න ඔ්න නෑ. අපිට නිර්යාත කරන්න පුඵවන් තරම් ආයුධ පහුගිය කාලයේ යුද්ධයෙන් පස්සේ කොටි බංකර්වලම තිබුණි.

    කරුණාකර ජනපතිතුමනි, ජනතාව සමග බෙදා හදාගෙන කන්න දැන්වත් කටයුතු කළොත් ජනතාව තමන් එක්ක තියාගන්න පුඵවන් වෙයි. නැතිනම් චින්තනය හබක්.

    Reply
  13. manjula says:
    August 6, 2011 at 3:53 am

    අමාරුවෙන් දිනා ගත්ත රට ලාබෙට විකුනන්න හදන්න එපා කොටි බව දැන දැන සාකච්චාවට ගිය එකත් වරදක් ඔය දිනන ඡන්ද අනිත් පැත්ත හැරෙන්නැත්තෙ එ පැත්තෙ කවුරුත් නැති නිසා මිස ආන්ඩුව ගැන ප්‍රසාදයකින් නෙවෙයි වෙන හොද කෙනෙක් නැති නිසා මිනිස්සු අකමැත්තෙන් හරි ආන්ඩුවට ඡන්දෙ දෙනවා

    Reply
  14. v.prabha says:
    August 6, 2011 at 4:14 am

    This basted trying to continue prabhakaran's agenda. Why Tamil people need only one area. Why they cannot settle in mathara. Why Matara man cannot settle in Jaffna. This is a one country for all Sri Lankan citizens who can live Pease fully as their wish. This old aged tamil politician trying to push innocent tamils to the hell.

    Reply
  15. Anonymous says:
    August 6, 2011 at 4:51 am

    yanne ehenam ***********da????

    Reply
    • සිරා says:
      August 6, 2011 at 4:37 pm

      Tho kiyanne ara ane mata nagganna kiyana ekath ekka gihin wale budiyanna kiyalada

      Reply
  16. Chinthaka says:
    August 6, 2011 at 11:57 am

    Gon katha kiyannepa bang.. Serin sere yuddei saamayai thattu maaru kramayata genichcha ape issara thibunu wancha sahagatha aandu nisa thaamai godak ape army officers'la retire wela wena athak balaagaththe… Eka eka aandu walata onae vidiyata kisima target ekak nethiwa kerena bili pooja wage yuddhaya gena kalakirila e minissu army eken ayin une…. Anika e kaale UNP aanduwen Gota'ta kenehilikam nowuna nemei. Nethinum Vadamarachchi op eke leading role ekak karapu minissu nikam rata daala duwanawada bang…?? Politikkan'ge goo katha umbalath wishwaasa karanawa ne.

    Reply
  17. Chinthaka says:
    August 6, 2011 at 12:03 pm

    Umbala wage gon yakkunta democracy eka therenne nae.. Democracy thiyennona eeka pavichchi karanna danna minissunta…. Wandurata deli pihiiya hamba unaa wage eeka ghanika wurthiye yodawana umbalath ekka mona democray da bang. Baineththuwen hadannona ewunta oluwa atha gaala hari yanne nae. Saaksharathaawaya kiyanne buddhiya gena mimmak nemei. Liyanna kiyanna puluwan, hithanna beri gon yakku thamai umbala wage ewwo.

    Reply
  18. KKW says:
    August 6, 2011 at 2:41 pm

    මුලින්ම මේ දෙමළ සන්ධාන කාරයන්ව තමිල්නාඩුවටම පන්නලා දාන්න ඕන. මේක හරි කෙලියක්නෙ ඕයි! හැම එකාම බලන්නෙ ලංකාවට කෙලවන්න. අනේ අම්මපා මුන්ට හෙණ 7ක් නෙමෙයි 14ක්ම ගහන්න ඕන!

    Reply
  19. Anonymous says:
    August 6, 2011 at 3:56 pm

    යකො මැරිලා වැටුනත් තොපිලට යටත් වෙන්නෑ TNA බල්ලෝ…

    Reply
  20. Anonymous says:
    August 6, 2011 at 3:58 pm

    යකො මැරිලා වැටුනත් තොපිලට යටත් වෙන්නෑ අපි TNA බල්ලෝ…තොපිලවත් ලගදිම මරන්න වෙයි වගෙ…

    Reply
  21. sankaraya says:
    August 6, 2011 at 4:20 pm

    යකෝ මේ මුන් මේ ඉලනේ ර්ළම නේද ඔය සිතියම

    දකිනකොටත් මගේ අගේ මාළු නටනවා .මුන්ට පළාත්

    පාලන ආයතන දෙක තුනක බලය ලැබුන කියල මුන් කියනදේ

    කරන්න .මුන් ඔක්කොම නන්දි කඩාල් කලපුවට දල වෙඩි තියන්න

    ඕනේ මුන් තමය දෙමල ජතාවට මේ විස බිජ දන්නේ .

    Reply
  22. Anonymous says:
    August 6, 2011 at 8:22 pm

    අව්ලක් නෑ මූ (සම්බන්දන් ) තව වැඩිම උනොත් අවරුදු 5 ඉදිවී.එතනින් පස්සේ ගෝරනාඩුව ඉවරයි.

    Reply
  23. Shameera says:
    August 7, 2011 at 3:49 am

    Meka Sinhala bauddha rata une Mihindu hamuduruwo awata passe. Eeta kalin me rate minissu hitiye nedda. Me rate gothra 4 hitiya vijayata kalin. Nagagothrikayo hitiya yapane. E minissunge le ne kamak den inna demala jathiyata nedda. Naga gothrikayo Dakunu indiyawe apu aya ekka mishra wela demala bashawa katha kala wage uthuru indiyawen apu aya gothrikayo ekka mix wela sinhala jathiya hedune nedda. Sinhala jathiwadinge wagema demala jathiwadinge patu adahas nisa thama me rate mini marana yuddayak ethi une. Den thiyenne rata nodbedena widihata balaya bedala hemotama jeewath wenna, hemogema ayithiwasikam rakina wedapiliwelak.

    Reply
  24. Tam says:
    August 7, 2011 at 5:43 am

    සම්බන්ධන් කියන කැනහිලා තව ටික දවසකින් වලකජ්ජ ගහනවා. එක මහින්ද ජනාධිපති තුමා දන්නවා. එතකොට කොටි සන්ධානය 2ට කැඩෙනවා. ඊටපස්සෙ යුඑන්පි එකට වුන දෙ තමයි මේකටත් වෙන්නෙ.

    Reply
  25. lali says:
    August 7, 2011 at 9:42 pm

    mu kotiya kotiyamai.

    Reply
  26. mahinda says:
    August 8, 2011 at 2:16 am

    ela machan ……api niyama sinhala kollo..

    Reply
  27. Sira says:
    August 8, 2011 at 5:59 am

    Shameera බොරු කියන්න එපා බන්. දන්නැත්නම් හරියට පොත පත කියවල හොයාගනින්. රාක්ෂ (රැක්+කුස = කුස රැකි = ගොවි ),යක්ස(යකඩ සම්බන්ද වැඩ කල, කාර්මික ) , නාග(නාවික ) ,දේව(පරිපාලන ) තමයි අතීත ලංකා පුරයේ හිටි ගෝත්‍ර 4. නාග ගොතිරිකයෝ යාපනේ හිටියේ නෑ. හිටියේ කැලණිය පැත්තේ. මේ කිසිම ගෝත්‍රයක් දෙමලු සමග මිශ්‍ර වුනේ නෑ. මිහිඳු හාමුදුරුවෝ එන්නත් කලින් බුදුන් හමුවේ බුදුසරණ ගිය පාලකයෝ අතීත ලංකාවේ හිටිය, දකුණු ඉන්දියාවෙන් ඇවිත් මහා විහාරයට පක්ෂපාතීව මහානාම හාමුදුරුවෝ ලියු මහවන්සේ කර මතින් පිළිගන්න එපා. සෙල් ලිපි හොයල බලපන්. අන්න නියම ඉතිහාසය. උඹේ ප්‍රශ්නෙට සම්පුර්ණ උත්තරේ මෙතන තියනවා, කියවල බලල තේරුම් ගනින්. http://www.helayugaya.tk/
    අදටත් ලංකාවේ ඉන්න වැඩිම පිරිසක් මේ ගෝත්‍ර 4 ට නෑකම් කියන බව දන්නවද ? අපේ ඇගේ තියෙන්නේ යක්ස , රාක්ෂ , නාග , දේව ලේ . ඉන්දෙයනුවෝ එක්ක හැමෝම මිශ්‍ර වුනේ නෑ …. පොත කියවල කරුණු හොයල බලපන්. අදටත් නිකමටත් සමහර මිනිසු "අයි යකෝ "කියනවා නේද

    Reply
  28. Anonymous says:
    August 8, 2011 at 9:11 am

    Ay Harakek wage kathakaranne? presidda wenna , ohoma kathakarala baha!

    Reply
  29. Amare says:
    August 9, 2011 at 2:19 am

    @Shameera උඹනම් මහා බොරුකාරයෙක් විතරක් නෙවෙයි උඹ අනිවාර්යෙන්ම දෙමල නිජබිම් සංකල්ප කාරයෙක් ම වියයුථුඉ , 19 සියවසේ අග භාගයේ ඉන්දීය, බ්‍රිතාන්‍ය බලවේග විසින් මහාවංසයේ 40 වෙනි පරිචේදය ඉවථ්කිරීම මගින් අපෙන් වසන්කල රාවණ රජ දවස ටත් එහා ම සම්මත රජ දවස සිට පැවතෙන "හෙළ" ජනතාවගේ හෙවත් සංස්කෘත බසින් "සිංහල " ජනතාවගේ නිජබිම මේ ශ්‍රී ලංකාවයි. අපගේ නියම ඉතිහාසය අපෙන් වසන් කිරීමේ අවසන් ප්‍රතිපලය තමයි මේ…….. මෙයින් වාසිය ගන්නේ LTTE සහ දෙමල නිජබිම් ගැන කතාකරන Shameera වගේ අය.

    මුන් ගාල්ල ගොඩවායේ මතුවන පුරාණික වරාය ඇතුළු ගිලීගිය නගරය "කුමාරි කන්නන් " නම් වූ ද්‍රවිඩ නගරය බවටත්. රාවණ රජු ද්‍රවිඩ බවටත් ඉතිහාසය විකෘති කරමින් ප්‍රචාර ගෙනයනවා. දකුණු ඉන්දීය මහානම් හිමි ලිය දුන් කොඩ්රින්ටන් විසින් සහතික කල මහාවංසය වත් අඩුම තරමේ හරිහැටි නොදන්නා නුතන සිංහලය තමන්ගෙන් සඟවන ලද හෙළ ඉතිහාසය ගැන කුමක් දනීද ???????

    Reply
  30. Anonymous says:
    August 9, 2011 at 9:49 pm

    Shameera දැනගෙන කතා කරපන්. නිකන් තප්පුලන්න එපා. පොත පත කියවල ඉතිහාසය හදාරපන්.දෙමල්ලුන්ගේ ලංකාවේ ඉතිහාසය උපරිම අවුරුදු 350 – 500 විතරයි.

    සිංහලයෝ එක්ක මිස්රවෙන්න අපු එවුන්ගේ අහවල් එක කපල මුදේ දාල ඇති.උබ ඕනේ නම් කිමිදිලා බලපන්. තාම සෙට් එක පතුලේ ඇති.

    Reply
  31. Shameera says:
    August 10, 2011 at 5:24 am

    Kattiyatama hondata ridila thiyenawa. Demala le bonna illana jathiwadinge heti ohoma thamai. Umbala wage un hinda thamai mechchara das ganak sinhala demala tharuna jeewitha nethi une.

    Reply
  32. Shameera says:
    August 10, 2011 at 3:26 pm

    Bandala, Sirala, Amarela rate ithihase thiya buddagamawath hariyata danne ne. Nagayo yapane hitiya. Ehema nethnam eyi Chulodara Mahodara Naga rajawaru menik putuwakata randu una kiyala bauddha sahityaye tiyenne. Anika Elarala Dutugemeunula hitiye avurudu 350-500 kata kalinda. Hebei Dutugemunu rajathuma umbala wage Jathiwadiyek newei. Ethuma hemotama garu kala. Nikan boru kiyanna epa ban. Rawattanna mama montisori yana podi ekek newei. Puluwannam umbalage podi ewunta owa ugannapan anagatha parapurath jathiwadaya aussanna onenam. Meka api okkogeme nijabima. Sinhala jathiwadin hadanne boru kiyala yapane inna demellunwa Indian kiyala hanwadu gahala wijathikayonta andanna. Demala jathiwadin hadanneth mona boruwak hari kiyala rate loku kuttiyak kada ganna. Api Sinhala Demala une katha karana basawa nisa. Gothra 4 lankawe hema thenama hitiya. E aya mona rassa kalada kiyena eka uththarayak newe. Jathiwadi ayayi e gollo niyojanaya karana deshapalana paksa thama me rata ayemath yuddekata genihin eelam denna one kiyana adahasa loketama denne. Api basha dekak katha karana eka jathiyak. Meka api okkogema rata. Nikan boru begal eda banna epa. Mama demala nijabim katha kiyala ne. Meka api okkogema nijabima. Ape Janapathithumata tiyenne Bandala, Sirala, Amarela wage ayata wagema Sambandan wage ayawath eth karala ape rate, rata nobedena balaya bedana wisadumakata yana eka. Eken ratama sanwardanaya wewi. Ehema ekak karanawanam ekata guts thiyena ekama ekkena ape Warthamana Janadipathithuma witharai.

    Reply
  33. Prabath says:
    August 14, 2011 at 5:17 am

    TNA, meet CHANDRIKA & RANIL, they ONLY DISCUSSED ABOUT 13th amendment with u,

    Reply
  34. Prabath says:
    August 14, 2011 at 5:18 am

    TNA, meet CHANDRIKA & RANIL, they ONLY TRIED TO INTRODUCE 13th amendment,,

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English