Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

රජතුමා, උපදේශකයෝ, විශ්ව විද්‍යාල සිසුන් සහ රොබර්ට් ඕ බ්ලේක්

September 9, 2011 at 12:07 am | Lanka C News.

රජතුමා, උපදේශකයෝ, විශ්ව විද්‍යාල සිසුන් සහ රොබර්ට්  ඕ බ්ලේක්

‘‘එක රජෙක් හිටිය එක කාලෙක, ඒ රජතුමා එලියට පහලියට බහින්න කලින් කාලගුණේ ගැන දැනගන්න උපදේශකයෙක් තියන් හිටිය. රජතුමා ඒ උපදේශකයගෙන් අහනව මොකද තත්වෙ වහීද කියල. ඒ උපදේශකය අහස දිහා බලල කියනව නෑ රජතුමනි වහින්නෙ නෑ කියල. ඊට පස්සෙ රජතුමා දිය ක‍්‍රීඩාවට යනව, ගමේ ගොඬේ දැරිවියො ටික නාන්න යන වෙලාවක් බලල රජතුමා මාළු අල්ලන්න යනව. එක එක ඒවට යනව. දවසක් රජතුමාට  ඕන උනා ගමේ ගොඬේ දැරිවියො ටික නාන්න යන වෙලාවට මාළු අල්ලන්න යන්න. ඇහුව අර කාලගුණේ පිළිබඳ උපදේශකයගෙන් වහීද නැද්ද කියල. හොඳට පැහැදිලි අහසක් තියෙනව වහින පාටක් පෙන්නවත් නෑ. ඒ නිසා උපදේශකය කිවුව නෑ රජතුමනි වහින්නෙ නෑ කියල. ඒ ගමන රජතුමා හොඳට ඇඳුම් ආයිත්තං ඇඳගෙන මාළු බාන්න යනව කිවුවට මඟුල් ගෙදරක යනව වගේ ගියේ. ඇඳුං ආයිත්තං ඇඳගෙන ඒ කාලෙත් මං හිතන්නෙ ඔය කොණ්ඩෙ ඩයි කරන ඒව අරව මේව තියෙන්න ඇති, ඔය මොන මොනව හරි ගාගෙන ගියා.

යන ගමං මඟදි හම්බ උනා බූරුවෙක් අරං යන අහිංසක ගැමියෙක්. ගැමිය බැලූව බලල කිවුව රජතුමනි, තව ටිකකින් වහිනව ඔබ වහන්සේ මහ වැස්සකට අහුවෙයි කියල. රජතුමා බැලූව මගෙ උපදේශකයට වඩා මේ කොහෙවත් යන ගැමියෙක් කියන එක මං මොකටද ගණං ගන්නෙ කියල උඹ පලයං යන්න බයියො කියල ගියා. අර ගැමිය කිවුව වගේම ගිහිල්ල මාළු බාන්න පටන් ගත් විතරයි වහින්න ගත්ත. ඒ ගමන රජ්ජුරුවො තෙමිල, අර මූණෙ උලාගත්තු ඒව හේදිලා විරූප වෙලා නනා හිටපු ගෑණු ළමයි හිනා වෙවී ඔහොම ගිහිල්ල ලොකු අලකලංචියක් උණා.’’

13න් එහාටද? මෙහාටද? යන තේමාවෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් මහරගම තරුණ සේවා සභාවේදී සංවිධානය කර තිබූ විශේෂ රැුස්වීමක් අමතමින් මේ උපමාව ඉදිරිපත් කලේ එම පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසිනි.

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

‘‘ඒ වගේ මුළු රාජ්‍ය ඉතිහාසෙම හොඳ උපදේශතයෝ නරක උපදේශකයො පිළිබඳ  ඕනි තරං කතා තියෙනව. බොධිසත්ව චරිතෙත් එක කාලෙක උපදේශකයො. මුළු රාජ්‍ය ඉතිහාසෙම එහෙම තමයි.

ඒ වගේ මේ පාර ජිනීවා මානව හිමිකම් සමුළුව පටන් ගන්නකොට එහෙන් මෙහෙන්  සමහරු කියන්න ගන්නව මේ පාර ගිහිල්ල බෙල්ල බේරගෙන එන්න  ඕනිනම් මොනව හරි දෙමල ජාතික සන්ධානෙට දෙනවයි කියන්න  ඕනි.

හරි එතනින් බෙල්ල බේරගන්න දෙමළ ජාතික සන්ධානෙට දෙන්නෙයි කියනව. එතනින් බෙල්ල බේරන් මෙතෙන්ට එනකොට මෙතනින් බෙල්ල ගහල යනව. ඇයි මේ දේශපේ‍්‍රමී ජාතික බලවේග රොදබැඳගත්තු ගමනක් මේ යන්නෙ. ඒ ගමනේ මොන දුබලතා තිබ්බත් සොන අඩුපාඩු තිබ්බත් මූලික ප‍්‍රවාහය ඒ බලවේග. ඒ බලවේගය මතින් නිර්මාණය වෙච්චි ගමනක් නිසා තමයි තිස් අවුරුද්දක් මේ රටට සාපකරපු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය කුජීත කරන්න පුළුවන් උණේ.

අද ජිනීවා වලින් එන තර්ජනෙන් ගැලවෙන්න ‘ටිකක් යටත් වෙමු’ කියන පාඨය මතුරල උඩට ගෙනැල්ල පෙන්නන කේව්ටටයො නැත්තෙම නෑ. අපි දැනගතයුතු වැදගත්ම දේ තමයි මේ ආණුඩුවයි මේ රටේ දේශමාමක ජනබලවේගයි අතර ගැටුම අවුලූවන්න නම්, ඒ අවුල නිර්මාණය කරන්න නම් ඒ දේශපාලන අස්ථාවරභාවය හදන්න නම් කරන්න තියෙන වැදගත්ම පියවර තමයි, ප‍්‍රබලම පියවර තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධයට ව්‍යවස්ථාවෙන් දී තිබෙන බලතල වලට තවත් බලතල එකතු කොට දෙමළ ජාතිවාදී බෙදුම්වාදය දේශපාලන වශයෙන් ජයග‍්‍රහන ලබන තැනකට රැුගෙන යන එක. සමහරු බලනව පුළුවනි නම් එතනට ඇදල ගෙන යන්න. පොලිස් බලතලත් තියෙන ඉඩම් බලතලත් තියෙන 13 වෙනි සංශෝධනයට තවත් බලතල එකතු කරනව කියන්නෙ ඒ ප‍්‍රාන්ත පාලනය තවත් සවිබල ගන්නවනවයි කියන්නෙ වළක්වන් බැරි වෙන ආකාරයටකට ඒක සන්ධීයකරණයකට මේ රට ඇදගෙන යාමක් වෙනව.

මේ ලණුව කෑවොත් වෙන්නෙ ලිබියානු පන්නයේ මැදිහත්වීමකට මේ රට ඇදගෙන යන එක. දැං සමහර දේශපාලන කණ්ඩායම්, පරණ වමේ පක්‍ෂ කියනව දැක්ක 13න් එහාට යන්න  ඕනි කියල. ඒක එතුමන්ලගෙ මතය. එතුමන්ල දැන හෝ නොදැන 13න් එහාට යං යං  කියන්නෙ ලිබියානු පන්නයේ මෙහෙයුමට දොර අරිමු අරිමු අරිමු කියන එක. 13න් එහාට ගිය ගමන් දේශපාලන ගැටුම එනව. ගැටුම ආපු ගමන් අස්ථාවර භාවය උපදිනව. රජය සමඟ මොන මොන විවේචන තිබියදී වුවත් එකට ඉන්න ජාතික බලවේග තීරණාත්මකව ඈත්වීමකට ලක් වෙනව. ආං ඒක වෙනකොට ‘බෙංගාසි කරලිකාරයො ටික’ රොබර්ට්  ඕ බ්ලේක් ලබන සතියෙදි ඇවිත් හම්බවෙන් නියමිත විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ටික , ජනතා විමුක්ති පෙරමුණ කියන කීර්තිමත් දේශපාලන ව්‍යාපාරය එක්සත් ජාතික පක්සෙ කොන්ත‍්‍රාත්කාර පිළිකණු ව්‍යාපාරයක් බවට පිලියෙල කරපු ඒ දේශපාලන කොන්ත‍්‍රාත්කාරයො ටික ඊළඟට පටන් ගන්නව ඒ ඇතිවන ව්‍යාකූලතාවය ඇතුලෙ නේටෝ සංවිධානයේ දිලිසෙන ආයුධත් එක්ක බෙංගාසි කැරළිකරුවන්ගේ භූමිකාවට පණ දෙන්න.

දැනට දින කිහිපයකට කලින් ප‍්‍රවෘත්තියක් පල උනා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට්  ඕ බ්ලේක් ලබන 14 වනදා ලංකාවට එන බවට. මේ සංචාරයේදී ඔහු මෙරට විශ්ව විiාල සිසුන් සමගත් සාකච්ඡු කරනු අති බවටත් එම වාර්තා වල සඳහන් තිබුණ. දැං රොබර්ට්  ඕ බ්ලේක් මහත්තෙය අද ඊයේ නෙවෙයි යුද්දෙ පවතින කාලෙ එක්සත් ජනපද තානාපති වෙලා හිටිය ශ‍්‍රී ලංකාවෙ. ඊට පස්සෙ ඔහු උසස් වීම ලැබුණ ඒත් ඊට පස්සෙත් කීප වතාවක්ම ඒ මහත්තෙය ලංකාවට ඇවිල්ල ගියා. යුද්දෙ තියෙන කාලෙ එතුමාගේ ඒ තනතුර නියෝජනය කරපු ඒ නිලධාරීන් ලංකාවට ආවම ආණ්ඩුවෙ නියෝජිතයන් හමුඋණා. විරුද්ධ පක්‍ෂයේ සමහර දේශපාලන පක්‍ෂ වල නායකයන් හමු උණා. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ව හමු උණා. රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීකයන් හමු උණා. හැබැයි කොයි වෙලාවකවත් විශ්ව විiාල ශිෂ්‍යයන් හමු උණු බවක් කිසිම අවස්ථාවක අපි අහල නෑ. දැං රොබර්ට්  ඕ බ්ලේක් මහත්තෙයට අප දන්නා තරමින් පළවෙනි වතාවට මේ නොබෝ දිනකින් සිදුවීමට නියමිත ශ‍්‍රී ලංකා සංචාරයේදී ඔහු වෙනද කොහොමටත් ලංකාවට ආවම හමුවෙන පිරිස හැරුණුකොට අලූත් කණ්ඩායමක් හමුවීමට සිදු වී තිබෙන්නේ ඇයි? විශ්ව විද්‍යාල සිසුන් හමුවීමේ සිතැඟි පහල උනේ කොහොමද? මේක අපිට එතරම් විශේෂ කාරණයක් නෙමෙයි මං කලින් සඳහන් කලා වගේ හැමදාම මේ අය හමුවෙන සාම්පල් එකේ විශ්ව විද්‍යාල සිසුනුත් දිගටම තිබුණනම්. ඒක සාමාන්‍ය සිද්ධියක්ද. මොකක්ද ඒක ඇතුලතින් තිබෙන කථාව.

පහුගිය දවස්වල අන්තර් විශ්ව විiාල ශිෂ්‍ය බල මණ්ඩලේ සහෝදරවරු එක්සත් ජාතීන්ගේ කොළඹ තියෙන මූලස්ථානයට ගිහිල්ල පෙත්සමක් බාරදුන්න ආණ්ඩුව මානම හිමිනම් කඩනව, ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරනව කියල. ඒ හින්දද බ්ලේක් මහත්තෙයට මේ ශිෂ්‍යයො හමුවෙන්න හිතුනෙ. ඒ හින්දද කොළඹ ඉන්න එක්සත් ජනපද තානාපතිතුමියට ශ‍්‍රී ලංකාවේ තරුණයන්ට සුභ පතන්න හිතුනෙ. මේ අලූත් ආදරය පිටිපස්සෙ තියෙන කතාන්දරය මොකක්ද? මේක අහඹු ආදරයක්ද?

මං හිතන්නෙ නෑ බ්ලේක් මහත්තය වගේ කෙනෙක් බොහොම කෙටි කාලයකට සංචාරයක නියැලෙන වෙලාවෙ එතුමා හම්බවෙන් එතුමා තෝරගන්නෙ අත්‍යවශ්‍යම පිරිස් තමයි. ඒ වෙලාවෙ දේශපාලන න්‍යාය පත‍්‍රය අනුව විශේෂ වශයෙන් අවධාරණය වෙලා තියෙන කණ්ඩායම්. නිකං ආවට ගියාට ඔය ලපයි සිපයි හම්බ වෙන එක නෙමෙයි. හම්බ වෙන්න එහෙම වෙලාවකුත් නෑ.

අමාත්‍යවරයාගේ සම්පූර්ණ දේශණය…

19,425 Viewers
Print

33 Comments to “රජතුමා, උපදේශකයෝ, විශ්ව විද්‍යාල සිසුන් සහ රොබර්ට් ඕ බ්ලේක්”

  1. හේමමුනි says:
    September 9, 2011 at 9:13 am

    ඇමති තුමනි, ඔබතුමාගේ අදහස් අප අනුමත කරනවා

    Reply
    • Kumar says:
      September 9, 2011 at 4:46 pm

      Raja sepa nisa neda mey katha,

      Who is fooling.

      Shame comrade but keep on serving yourself….

      We are fools.

      Reply
  2. maleesha says:
    September 9, 2011 at 1:07 pm

    You are real sri lankan.. keep up the good work,

    Reply
  3. Mehinda says:
    September 9, 2011 at 1:39 pm

    JVP karayantat America wen hoda kuttiyak lebila wage.

    Reply
  4. Nisha says:
    September 9, 2011 at 2:01 pm

    boru pata mune ulagatha hora rajec ekka tamai …vemalayo ubath inne…ubat oka terenna kalin apita oyade terunaa…dannda ninden nagitte?????????????????

    ubata venneth 13 ehata visivenna tawa tika dawasakin…

    Reply
  5. Kishan says:
    September 9, 2011 at 2:28 pm

    ඇත්ත කතාව ..අධිරාජ්‍ය විරෝධී සරසවි සිසුන්ට අධිරාජ්‍යවාදී ඇමරිකාවේ ඒජන්තයකු සමග ඇති කතාබහ කුමක්ද ?

    Reply
  6. Game Kolla says:
    September 9, 2011 at 3:21 pm

    Siriyawe" ,Igiptuwe" Karawage Wadak Lanka weth Karanna Anarikawa Pramuka Shaharak Batahira Ratawal Ussaha Karanawa.Ada Lokaye Wena Dhewal Gana Janathwa Boddimathwa Hithanna Ona. Rate Karallak Athiva Walakwa Ganimata Boddi Ansa Sakkriywa Wada Karanna ona. Waradi Karuwanta Dhaduwam Dima Pramada Nokirima Nithi Ansasy Wagakimaii….

    Reply
  7. Anonymous says:
    September 9, 2011 at 4:45 pm

    ඔබ තුමා අපේ රටේ පෙර ගමන් කරුයි සියලු දේශමාමක බලවේග එකට එකතුකිරීමේ අපූර්ව හෑකියාවක් ඔබට ඈත එයයි අපිට ඈති ශක්තිය,,,ඔබට සහ රටට ජයෙන් ජයම වේවා,,,,,,,,,,,,,,,

    Reply
  8. Anonymous says:
    September 9, 2011 at 4:58 pm

    http://sanhindha.blogspot.com/
    මේ අනතුරු ඇඟවීම තියෙනවා බකමූණා වීදි බසී නාට්‍යයේ. බකමූණා‍ට රෑට පෙනුනට දවල්ට පේන්නේ නැහැනේ. ඒ වුණාට ජනතාවට කාලයක් යද්දි ඒක අමතක වෙනවා. ඒ නිසා ජනතාව අවදියෙන් සිටිය යුතුයි. කේවට්ට උපදේශකවරු තමා වඩා භයානක.

    Reply
  9. harsha says:
    September 9, 2011 at 5:32 pm

    විදෙස් රාජ්යත්‍රාන්තිකයෙකුට රටක ශිෂ්යවයපාරත් සමග තියෙන ගනුදෙනුව මොකක්ද මේකනම් හොදකට වෙන්න බෑ. විශේෂයෙන් ඇමරිකාව ගැන ඇහැ ගහගෙන ඉන්නඕන. පොඩි ඉඩක් හො ලැබුනොත් ඇමරිකාව මේකත් ලිබියාවක් කරනවා

    Reply
  10. චමින්ද says:
    September 9, 2011 at 6:03 pm

    ඇමති තුමාගේ කතාව කියෙවුවහම අර අන්තරේ බාර දීපු පෙත්සමයි, ඇමරිකානු තානාපති තුමියගේ 'තරුණ පරපුරට' සුබ පැතීමයි, මේ 'බෙලෙක්' මහත්තයාගේ විශ්ව විද්‍යාල සිසුන්ගේ හමුවීමයි එකට පෙළ ගැහුවම අරමුණ හොඳටම පැහැදිලි වෙනවා. ඇමතිතුමා මේක ප්‍රසිදියේ කියපු එක නම් බොහොම අගෙයි. බලමු ඉදිරියට මොකද වෙන්නේ කියල.

    Reply
  11. Alwis says:
    September 9, 2011 at 6:11 pm

    පාහර ඇමරිකාව ප්රමුඛ බ්රිතාන්ය, ප්රංශ, ජර්මනි, පෘතුගාල හා නෝර්වේ (NO WAY) නව යටත්විජිත වාදී බූවල්ලන් උන්ගේ රූකඩ UNO එක අතකොළු ඉදිරියේ නොසැලී අභීත සිංහයෙකු ලෙස රට, දැය, සමය සුරකින්නට ඔබතුමන්ට තෙරුවන් සරණින් සියළු ධෛර්ය, ශක්තිය ලැබේවා කියා අපි ප්රාර්ථනා කරන්නෙමු. දැන්වත් බටහිර තානාපතීන්ට තව දුරටත් අපේ රට උන්ගේ කෙළිබිමක්, දඩ්බිමක් කරගන්න ඉඩ නොදී නිල රාජ්යතාන්ත්රික කටයුතු වලට පමණක් සීමා කල යුතුය. අපේ රටේ ස්වාදීනත්වයට හානිවන ආකාරයේ ප්රකාශ නිකුත්කරන්නට ඉඩ නොතැබිය යුතුය. දේශ ද්රෝහී රතු, කොළ කොටින් හා TNA කොටි රූකඩ නඩය සමඟ කරන කුමන්ත්රණ වලට ඉඩ නොතැබිය යුතුය. තවද, දකුණු හා මධ්යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්ය ලේකම් රොබට් ඕ බ්ලේක් (ලෝක සාමයට අකුල් හෙළමින් ත්රස්තවාදය තමන්ගේ උවමනා එපාකම් අනුව ලෝකය පුරා පතුරුවන නව යටත්විජිත වාදී සුදු කොටියා) තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවක් පසුගියදා ප්රචාරය විය. ඔය පාහර බ්ලේක් සුදු කොටියාට අපේ රටට ඇවිත් රජයේ නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින්, විශ්ව විද්යාල සිසුන් හා දේශපාලන නායකයින් හමුවෙන්නට ඉඩදෙන්නේ, උන්ට ඕන ඕන ආකාරයට අපේ රට තුළ පිණුම්ගසන්නට ඉඩදෙන්නේ අපේ රටේ පාලකයන් අපි නොද්ණුවත්වම ඇමරිකානු රූකඩ බවට පත්වෙලා නිසාද??? අපගේ හෝ වෙනත් රටක රාජ්ය නිලධාරියෙකුට ඔය වගේ හිතූ මනාපෙට ඇමරිකාවට ගිහින් උන්ගේ රජයේ නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින්, විශ්ව විද්යාල සිසුන් හා දේශපාලන නායකයින් හමුවන්නට පුලුවන්ද? අමරිකානු රජය පෙරළන්නට උන්ව උසිගැන්විය හැකිවනු ඇතිද??? අපේ රටට වින කරන පාහර සුදු කොටි රොබට් බ්ලෙක් උන්ට දකුණු සහ මධ්යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්ය ලේකම් වුණාට අපිට කමක්නැහැ, උන්ගේ ලොකුකම් වලින් අපිට වැඩකුත් නැහැ. උන්ට ඕන ඕන ආකාරයට ක්රියාත්මක වෙන්න අපේ රටේ ඉඩදියයුතු නැහැ. උන්ගේ සැඟවුණු න්යායපත්ර විවිධාකාරයෙන් ක්රියාත්මක කරන්නට උත්සාහ කරන ආකාරය අපේ රට කරවන උත්තමයන්ට නොතෙරුණාට මහජනතාව හොඳාකරවම දන්නවා. පාලකයනි, රජයේ වගකිවයුතු නිලධාරීනි, ජතියේ නාමයෙන් ඔය සුදුකොටියාට අපගේ රටට පැමිණීමට ඉඩනොතබන්න. සතුරාව සතුරා ලෙසත්, සැබෑ මිතුරා ඒ ආකාරයෙනුත් හඳුනාගෙන අපේ රටට හිතකර විදේශ ප්රතිපත්තියක් අනුව කටයුතු කරන්න. එසේ වූවොත් පමණක් රටත් රැකේවි, ජාතියත් රැකේවි.

    Reply
    • bandara says:
      September 9, 2011 at 7:47 pm

      මචන් ලන්කා ආන්ඩුවෙ (සියඹලාන්ඩුවෙ නෙවෙයීකැබිනෙට් එකෙ ඉන්නවා. එතනදී ඕවා කියලා බටහිර කුමන්ත්‍රන කාරයට වීසා දෙන එක නවත්තන්න බැරි අයි කියලා මට තේරෙන්නෙ නැ

      Reply
  12. chulan says:
    September 9, 2011 at 6:47 pm

    Every one think USA is against SL which is not the truth. If they really wanted they would have stop ending the war but they show some protest only but alowed to finish it(but USA gave lot of secrect info to govt thro satalite). Also since India wanted to end the war defintly USA would have not go against it. Recently they condcuted a aircraft excercise in SL which also shows the link. only for petty political propaganda people like Wimal will shout. In few years time he will send his kids for studies in USA or UK. Our poor kids will keep on voting for them election after election listeing for this Boru Talks, Every one think he is a true lankan no body realised the wealth he made in last few years

    Reply
  13. දියසේන says:
    September 9, 2011 at 7:09 pm

    යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කොට, ශ්රි ලංකා රජය බිය ගන්වා, එමගින්, සම්බන්ධන් ප්රමුඛ දෙමල සංධානයට, ඉඩම් සහ පොලිස් බලතල සහිත පලාත් සභාවක් ලබා ගැනීම මොහුගේ ඒකායන පරමාර්ථයයි. ඇමරිකානු රාජ්යේ දෙපාර්තුමේන්තුවේ, දැනට ඔහු දරණු ලබන තනතුරේ බලතල, සහ ඒ සමග ඔහුට ලැබී ඇති, අමෙරිකානු රාජ්ය තන්ත්රසයට බලපෑම් කිරීමේ හැකියාවන් උපරිම ලෙස යොදාගනිමින්, ශ්රී ලංකාව පීඩනයට පත් කිරීමේ කාර්යයේ ඔහු නිරතව සිටී. ශ්රී ලංකාවේ මුලු ජනගහනයෙන්, 5% පමණ වන උතුරු සහ නැගෙනහිර ජීවත් වන දෙමල ජනතාවට, 33% ක් පමණ වන භූමි ප්රෙදේශයකුත්, 66% පමණ වන සාගර කලාපයකුත් ඇතුලත් වන පූර්ණ බලැති පලාත් සභාවක් ලබා ගැනීම සඳහා පසුබිම සකස් කිරීම මෙම සංචාරයේ අර්මුණයි. මෙවැනි අසාධාරණ බලය බෙදීමකදී, ශ්රී ලංකා සිවිල් සමාජ සහ විශ්ව විද්යාල සිසුන්ගෙන් එල්ලවන විරෝධතා කල්තබා හඳුනාගෙන, ඒවා උපක්රමශීලී ලෙස යටපත් කිරීමත්, මෙවැනි බලය බෙදීමක්, සාධාරනීකරණය කිරීමේ මතවාදයක් සිවිල් සමාජය සහ විශ්ව විද්යාල සිසුන් අතර රෝපණය කිරීමත් මෙම සංචාරයේ අර්මුණයි. ඉතාම කනගා‍ටු දනවන කාරණය නම්, මොහු පවත්වනු ලබන මාධ්ය සාකච්ඡා වල්දී මොහුට විරෝධය පලකිරීමට හෝ, මොහුගෙන් ප්රයශ්න කිරීමට කිසිදු ශ්රීක ලාංකික මාධ්ය වෙදියෙකු හෝ සිවිල් සමාජ නියෝජිත්යෙක් ඉදිරිපත් නොවීමය. එබැවින් රොබට් ඕ බ්ලේක් ගේ ශ්රීද ලංකා ගමනයට එරෙහිව විරෝධතා සහ සත්යැග්ර්හ කිරීමට පෙලගැහෙන ලෙස සියලුම දේශප්රේ මී බලවේගවලින් ඉල්ලාසිටිමි.

    Reply
  14. ජන රාල says:
    September 9, 2011 at 7:55 pm

    මෙය ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රශ්න්යක් නොව, රොබට් ඕ බ්ලේක් සහ ශ්‍රී ලංකාව අතර ඇති ප්‍රශ්නයකි. රොබට් ඕ බ්ලේක්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ තමන් දරන තනතුරේ (දකුණු සහ මධ්‍යම ආසියානු කලාප බාර සහකාර රාජ්‍ය ලේකම්) බල තල අනියම් අන්ද්මින් උපයෝගී කරගනිමින්, දෙමල බෙදුම් වාදීන්ගේ මනදොල සැපිරීමේ ක්‍රියාවලියක නිරතව සිටියි. සහකාර රාජ්‍ය ලේකම් වරයෙකු ලෙස ඇමරිකානු දේශපාලන නායකත්වයට, තොරතුරු සැපයීමේ සහ නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය උපරිම ලෙස යොදා ගනිමින්, ඇමරිකානු රාජ්‍ය, ශ්‍රී ලංකාවට එරෙහි කරවීමේ කාර්යය ඉතාම සාර්තකව ඉදිරියට පවත්වාගෙන යනු ලබයි. උදාහරණයක් ලෙස, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට, පුහුනුවීම් සඳහා ඇමරිකාවට පැමිනෙන්නයි, කරතිබූ ආරාධනය, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව මගින් ඉදිරිපත් කර විරෝධතාව හේතුවෙන් අවලංගු කරනුලැබුවා. මොහු සහ වර්ථමාන තානපතිනිය එක්ව, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සබඳතා අතිශයෝක්තියෙන් යුතුව ඇමරිකානු රාජ්‍ය තන්ත්‍රයට වාර්තාකරමින් සිටී. ශ්‍රී ලංකා-චීන සබඳතා ඇමරිකානු ආරක්ෂාවට තර්ජනයක් බවට සඳහන් බොරු වාර්ථා ඇමරිකානු රාජ්‍ය නායකත්වයට මේ දෙපල විසින් ඉදිරිපත් කර ඇති බව, විකිලීක් වෙබඩවියේ පවා සඳහන්විය. මෙම අවස්ථාවේ අපි අනවශ්‍ය ලෙස ඇමරිකාව විවේචනය කිරීමෙන් සිදුවන්නේ රොබට් ඕ බ්ලේක් සහ බුටානිස් ගේ බොරු වාර්තා, සත්‍ය බවට තහවුරු වීමයි. එබැවින් අප කල යුතුවන්නේ, ඇමරිකානු විරෝධයට වඩා බ්ලේක්/ බුටානිස් විරෝධයක් රටතුල ඇතිකිරීමයි.

    Reply
  15. Honda Helaya says:
    September 9, 2011 at 8:24 pm

    ඇමති තුමනි, අර ජේ වී පි කියන පටු මානසිකතවයෙන් තීන්දු ගන්නා පක්ෂයක ඔබ එපමණ කාලයක් කෙසේ සිටියේ කෙසේ දැයි මට නම් ප්‍රශ්නයකි.ඒ වාගේම ඔබ තුමා මව් බිම වෙනුවෙන් කකුල් දෙක තියා ඉන්නා තැන හරියට හරි බවත් අපි දැනුවත් වූ දවසේ සිට ඉන්නේ එතන බවත් සතුටින් කියමු.ඔබ තුමා සිය කතාවේ වැදගත් කාරනා කිහිපයක් අවදාරණය කරනු ලබයි.

    1.නොබෙදුණු උතුර දකුණ

    2.එක්සේසත්,ස්වෙරී,නිවහල් දේශය.

    3.ව්‍යවස්ථා අංක 13 හරහා රට අස්ථාවර කිරීමේ අදිරජ්‍යවාදී ව්‍යාපෘතිය.

    මේ සම්බන්දව ගත හකි කෙටි කාලීන හා දිගු කාලීන වැඩ බොහොමයකි.ඇමති තුමනි අමතක කරන්න එපා ඔබ නියෝජනය කරනුයේ 2/3 බලයක් සහිත රජයක බව.මාගේ හැගීම මේ අදිරාජ්‍ය වාදීන් කියන වචනයත් සංකල්පයත් වැරදියි කියයි.රටවල් අල්ලා සෘජුවම තම යටත් විජිත ලෙස තබා ගත් යුගය දැන් නැත.ඉන් පසු තම හිතෙසීන් [අදාළ රටේ] හරහා පාලනය අනියමින් ගෙන යාමේ නව යටත් විජිත යුගයක් තමයි ඇරබුනේ.එතැනදී අර කියන අදිරාජ්‍යවදීන් අපිට දකින්නට ලැබෙන්නේ වෙනත් ස්වුරුපයකටයි.

    1.තම පැවැත්ම අකණ්ඩව තබාගැනීම වෙනුවෙන් නායකත්වය දෙන වර්තමාන දැනුමෙන් ,මුදලින් හෝ මානව සම්පතින් පොහොසත් වූ ජාතීන් හා එම රජයන්.

    2.පෙරකී ජාතීන්ගේ හෝ රජයන්ගේ කියුම්,කෙරුම්,සහ බසට රැවටෙන වහල් මානසිකත්වයක් සහිත මිනිසුන්.

    3.රටක සිටින ව්හල් මානසිකත්වයක් සහිත මිනිසුන්ට සොච්චම් වරප්‍රාසදයක් දී තම අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රමය.

    දැන් ඉහත සදහන් කෝණයෙන් බලන කොට අද අදිරාජ්‍යවදීන් ලෙස ඉන්නේ රටවල් සුරාකන්නට මාන බලන ධනපති කල්ලියක් හා ඔවුනට අත හිත දෙන ව්හල් මානසිකත්වයක් සහිත මිනිසුන් පිරිසකුත්ය.එසේ නම් එදා අදිරජ්‍යවදීන් ලෙස හැසිරුණ අයගේ අලුත් ක්‍රියාකලාපය අපි හැදින්විය යුත්තේ නව ධනපති සුරාකන්නන් හෝ නැතිනම් නව අදිරදවාදීන් කියාය.

    දැන් මේ නව අදිරද වාදීන් ක්‍රියාත්මක වන්නේ හැඟී හොරා නොව.හේතුව ඔවුන්ගේ ක්‍රම විදි සහ උපක්‍රම ගැන ඔවුනට හොද විස්වාසයක් හා අවබෝදයක් තියන නිසයි.ඒ වාගේම අර ව්හල් මානසිකයන් සිටින බවත් අලුති බිහිකර ගත හැකි බවත් දන්නා නිසයි.

    දැන් රොබට් ඕ බ්ලේක් උන්නැහේ ඔය විස්ව විද්‍යාල සිසුන් මුණගැසීමට එන්නේ අන්න අර මම කිව අලුත් පන්නයේ මානසික වහලුන් පිරිසක් වී වී සිසුන් අතරින් නිර්මානය කරගැනීමට යි. ඒ වෙනුවෙන් බොහෝ ආකර්ශනීය සන්තෝසම්,උපාදි,පස්චාත් උපාධි,සහ අචාර්ය උපාදි වාගේම තවත් බොහෝ දේ ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ සංග්‍රහ කෙරීමට ඔහු පුල පුලා බලා සිටිනවා විය හැක.මේ

    මෙන්න මේ නව දිරද උගුල ගැන දැනුවත් වී අපේ මව් බිම පවා නොදීමට සියලු දේස හිතෙසි දු දරුවන් වාගේම 2/3 බලයක් සහිත රජයක දේස හිතිසි මැති ඇමෙති වරුද වග බලා ගත යුතුය.

    උතුරේ අවතැන් වූ ජනයා දකුණේ පදින්චි කරවීමට දකුණේ ජනතාව ලවා ඔවුන්ව රැකවල් කර ගැනීමට 2/3 බලයක් සහිත රජයකට හැකිය.එසේ නොවේ නම් ජේ ආර් බොරුය.ඔහු 13 සම්මත කරගත් හැටි සිහියට ගන්න.

    Reply
  16. chulan says:
    September 9, 2011 at 8:47 pm

    Am wondering why SL Govt cant block his visit if he is a( or any other USA/UK official) such a danger to the country a this Govt. says……? Good for a moda voters

    Reply
  17. lasa says:
    September 9, 2011 at 11:25 pm

    ඒ මිනිහ මොනා කරන්නද තමන්ට දීපු රස්සාව කරනවා මිසක්. ඔතනට කොඉ එකා ආවත් ඔච්චර තමා

    Reply
  18. Sadharana kota says:
    September 9, 2011 at 11:26 pm

    ලිබියාවෙ නම් තෙල් තියෙනව. අනේ, කරුණාකරල අපිට පැහැදිලි කරල දෙන්ඩ, මෙච්චර සංකීර්ණ ප්ලැන් ගහල, ලංකාව අවුල් කරන්ඩ රොබර්ට් මහත්තයට අපිත් එක්ක තියෙන තරහ මොකක්ද කියල. මොකො අපි උන්දැගෙ අහවල් එක කෙනිත්තුව කියලද?

    Reply
    • Anonymous says:
      September 10, 2011 at 12:23 am

      මේකනේ මල්ලි මෙගොල්ලන්ගේ ජිවීකාව එකනේ…..දැන් රාජ්‍ය බලය ස්ථාවරව තියාගන්න පුලුවන් එකම ක්‍රමය ඔය තැටිය වාදනය කරන එක විතරයි….ඇමරිකාවට අපිව අක්‍රමණය කරන්න ඔච්චර සංකීර්ණ ප්ලැන්ස් ඕනේ නැහැ.දූර්දර්ශී,ස්ථාවර ප්‍රතිපතියක් නැති අණ්ඩුවට තියෙන එකම ක්‍රමේ මේක තමා. 13 ව්‍යස්ථා සංශෝදනය කියන්නේ අණ්ඩුවේ නාට්‍යයක්..මේ නට්‍ය නිර්මාණය කරේ රාජපක්ෂ ජනාධිපතිගේ සංකල්පයකට අනුවයි.අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.නාට්‍යයේ අවසානේ දන්නෙත් අණ්ඩුවම විතරයි.මේ 13 ත් අන්තිමේට ආසනික් සීන් එක වගේ වෙයි…

      Reply
  19. Mala kolan says:
    September 9, 2011 at 11:33 pm

    ජනතා විමුක්ති පෙරමුණ කියන පටු දේශපලන දැක්මක් තියෙන පක්ෂයට බනිද්දි, මෙතුමාගෙ විතරක් හොඳ කියන්නෙ මොකද ඔහෙල? මෙයත් වැඩි කාලයක් හිටියෙ ඒකෙනෙ. ඒකෙ හිටපු අයගෙන් මෙයා සහ මෙයා විතරක් සුදු වෙලා අනිත් ඔක්කොම කළු උනේ කොහොමද? මෙය ලඟ තාමත් එයාලගෙ ගති ගුණ නෑ කියන්නෙ කොහොමද? එයාල වගේම මෙයත් "කටින් බතල කොල හිටවන්ඩ" සැබෑ දක්ෂයෙක් බවයි මට නම් පෙනෙන්නෙ.

    Reply
  20. හර්ෂ_erk says:
    September 9, 2011 at 11:34 pm

    ඔය සුදු එවුන්ටයි ටී.එන්.ඒ එකට කඩේ යන එන්.ජී.ඕ. කාරයන්ට කියන්නේ පුළුවන්නම් තමිල්නාඩුවේ එක සිංහල පවුල් පහක් පදිංචි කරවල පෙන්වපල්ලා. දඹදිව වන්දනාවේ ගිහින් නවාතැන් ගෙන ඉන්න හෝටලෙන් එළියට ඇදලා ගහන්නේ, පවුල් පහක් පදිංචි උනොත් හිටපු තැන්වත් හොයාගන්න බැරිවෙයි.

    උපන් මේ පොලොව කවුරු කවුරුත් පරිස්සම් කරගත්තොත් අනාගතේ පොඩි එවුන්ට හරි නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වෙයි.

    Reply
  21. marisipaala says:
    September 10, 2011 at 2:58 am

    ඔබතුමා වගේ ලපයි සිපයි හිතන්නෙ ඉතින් මේ රට සත පහකට වැඩක් නැති සිපයියොන්ගෙන් පිරිච්ච එකක් කියල. අර යුද්ධෙ අවසාන දවස් වල විදේශ ඇමතිලා දෙන්නෙක් මෙහෙට වැඩම කලේ ඒ කාලේ ලංකාවෙ තෙල් තිබ්බ නිසා වෙන්න ඇති.

    මනුස්සයෝ! ආර්තික සාධක නොවෙයි රටක භෞමික දේශපාලන සාධක කියලා එකකුත් තියනවා. ඕගොල්ලො වගෙ මොට්ටයො හිතන්නෙ ඉතින් "මේ ලංකාවෙ මොනවද තියන්නෙ! අපි පොඩී වැදගැම්මක් නැති කන්ට්‍රි පොජ්ජක්නෙ. ඉතින් යූ එස් වගේ බීග් කන්ට්‍රි එකක රොබර්ට් ඇවිල්ලා අපේ ස්ටුඩන්ට්ස් ලා ව මීට් වෙන්නේ ස්කොලෂිප්ස් දෙන්න වෙන්න ඇති මේ මෝඩ බුඩිස්ට් සිංහලීස් ල අන්ඩස්ටෑන්ඩ් කරන්නේ නෑනෙ මේක! ඇමරිකා නේද අපිට පොඩී කාලේ බිස්කට්ස් දුන්නේ ඒ වගේ ඩීසන්ට් කන්ට්‍රි එකක් කාටවත් ගහයිද? ඒගොල්ලෝ ඇටෑක් කරන්නෙ සිවිලයිස් කරන්නනේ. ඒගොල්ලො රෙඩ් ඉන්දියන්ස් ලා සිවිලයිසෙ කලා, ස්ලේව්ස් ල සිවිලයිස් කලා, කොටින් කිව්වොත් හිරෝෂීමා නාගසාකිත් සිවිලයිස් කලා, බිකිනි ඇටොල් සිවිලයිස් කලා, මාෂල් අයිලන්ඩ් සිවිලයිස් කලා, දැන් ඇෆ්‍රිකා සිවිලයිස් කරලා අපිවත් සිවිලයිස් කරයි. අනේ එන්නකො බෙලෙක් අයියා, ගිහින් ඔබාට කියලා අපිවත් සිවිලයිස් කරන්න අපේ බැච් මේට්ස් ල කට්ටිය එන්නම් ඔයාලගෙන් සිවිලයිස් වෙන්න"

    Reply
  22. Viparam says:
    September 10, 2011 at 3:06 pm

    ද්‍රවිඩ සහ කතෝලික අන්තවාදීන් සමනය කරනුවස් උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක වෙමින් පවතින වර්තමාන ක්‍රියාවලිය හමුවේ තවදුරටත් දේශහිතෛශීන්හට නිදිවැද සිටීම සුදුසු නොවේ. දූශිතයින්හට දඬුවම් නොදෙමින් ආරක්ශාකරන්නාවූ ආණ්ඩුවක් රැකගැනීමට ජනතාව තවදුරටත් කටයුතු කරමින් සිටින්නේ 30ස් අවුරුදු සාපයකින් රටමුදවාගත් බැවිනි. කාල්ටන් ආර්යාකරණයට රජු නතුවන්නේනම් කිරිමණ්ඩල් ආර්යාකරණයට නතුවුන දාස රජතුමා ගියපාරේම යෑමට සිදුවන බව අමුතුවෙන් කිවයුතුනොවේ. එහිදී විකල්පයක් වශයෙන් තෝරාගැනීමට නායකයෙක් වත්මන් යූඑන්පිය තුල නොමැතිවීම අභාග්‍යයකි. ප්‍රධාන පක්ෂ දෙකෙන් තොරව රටේ නායකත්වයක් ගැනීමට සාමාන්‍ය භාවිතාව අනුව කළනොහැක. දිළිසෙන ආයුද කෙරෙහි සුලු පක්ෂ විශ්වාසය තබා ඇත්තේ එබැවිනි. රට ආරාජික කෙරෙන තත්වයකට රට ඇදදැමීමට රජුට ඉඩනොතබන සේ බළකිරීමට දේශහිතෛශීන් හට නැවත සිදුවීම කනගාටුවට කරුනක් උවත් අද දිනයේ එය සිදුකළයුතු මහඟු කටයුත්තකි.

    Reply
  23. saman says:
    September 10, 2011 at 6:02 pm

    campas lamai thanapathi karyyala walata pethsam bara dima wage dewal wenne rate nithiya magin kara ganna bari unahama.88,89 kalayeth janadipathituma ratawal walata gihilla illuweth dan illana ewama thama.

    Reply
  24. Saddantha says:
    September 10, 2011 at 6:45 pm

    Viparam Kiyala thiyna katahawa sampuurna aththa.Ada Cnews dala tiyena Dr.Gunadasa Amarasekarage Lipiyenma meka hodata Therenawa.Ape Rate ada Sangya wahanselata Ahunkam deemakuth Nehe.Sangaya wahanse Poduwe hema vitama Rata Deya Araksha kireemata Peramunu Aran thiyenawa.Namuth Surawa Kiyanne Ape Samajaya Sampradaikawa Piligath Podu Hathurek.

    Muklu Distrikkayak Eka sura selak wahanna Katha karaddith Hema dema danna dakina Daddai kiyaganna Rajathuma Nidi?

    Reply
  25. Saddantha says:
    September 10, 2011 at 7:00 pm

    Mala Kolan,

    Me Loke Hema deyakma Vigraha koranna Puluwan Sapeksawa Balala.Enisa JVP patu desapala mathayak Athi Paksayak kiyanne kata sapekkawada.(Eda Wimal weerawansala Hitapu Jvp).

    Anika Ape Rate Hodata Daksyawa Anikunge Hitaganna lesath Deyayak Hithkaganna lesa Katha kireemata Daksayek weenam Ohuwa watta sunu visunu kireeme Iirsyawak Aththayu Kuuta saha Rata thutuwata dekata Vikunnata lESTHI YUN KKATIN wATH BATALA NOVEI MONA ITI GEDIYAKWATH HITAWA GANNAWATH BERIYA KIYANA KATHA WALATA MULA VENNA EPA.

    WW kata rata eksath kireeme karaya barayeedee Itha vedagath veda kotasak me rata venuven koralai thiyeene.

    Reply
  26. bandara says:
    September 10, 2011 at 7:54 pm

    දැන් මේ නාට්ටියෙ හැටියට ආන්ඩුවෙ ඉන්න වම 13න් එහාට යන්න ඔනෙ කියනවා. එතකොට මේ හාදයා ගිරිය පුප්පගෙන කෑ ගහනවා 13න් එහාට යන්න දෙන්න බෑ කියලා. ඊට පස්සෙ මහරජතුමා 13 නේ තියන ඉඩම් සහ පොලිස් බලතල වලින් එහාටමොනවත් දෙන්නෙ නැහැ කියලා ඉඩම් පොලිස් බලතල විතරක් දෙනවා. අපි රජතුමාටයි පන්චායුදේටයි දෙන්නටම අත්පුඩි ගහනවා. නාට්ටිය හැටියට ඔය කරලා තියන කතාවෙ පිටපතේ ඉඩම් පොලිස් බලතල දෙන්න එපා නොකියන්න හොදට පරිස්සම් වෙලා තියනවා. 13නේ තියන ඉඩම් පොලිස් බලතල දෙන එකට එකගවුනාට කමක් නෑ කියන තැනට පස්සෙන් එන කියන දේශප්‍රේමීයන්ගෙ ඔලුව හදන්න පටන්ගෙන තියනවා

    මෙහෙම කිවුවෙ කවදත් උන්ට තිබ්බ ඉඩම් සහ උන්ගෙ පොලිස් බලතල උන්ට ඔන හැටියට බෙදාගන්න එක ගැන අපිට ඇති රුදාවකට නෙවෙයි. මේ නාට්ටි රචකයාගෙ සහ නලුවන්ගෙ දක්ශකම ගැන කරන නාට්ටිය විචාරයක් හැටියට

    Reply
  27. Mala kolan says:
    September 11, 2011 at 12:53 am

    මී හකරෝ, කියන දෙයක් එක්කො සිංහලෙන් කිය, නැත්නම් ඉන්ගිරිසියෙන් කිය. දෙකම එකට අනල මළ විකාර කොරන්නෙ නැතුව

    Reply
  28. Viparam says:
    September 11, 2011 at 2:15 am

    යන ක්‍රමය අනුව රජතුමා දිගටම නිදියන පිලිවෙත අනුගමනය කරාවි. කාල්ටන්දේවියගේ ග්‍රහනයෙන් මිදේවියැයි සිතිය නොහැකියි.

    Reply
  29. Gandhabbaya says:
    September 11, 2011 at 6:48 pm

    Jaathi Hithaishiyani,

    (1)

    Libiyawa wage case ekakin iwara wenna puluwan, 89 wechcha dewal mathakanam,Malambe PMC purasne.Eth ei ohela sadda neththe e gena??

    (2)

    Thirimavithana meddawa kane parala ena gahala meruwa.Thawath Meddo 10 k 15 k JVP lanu kala athuru dahan wuna.Man dan ne kotchara Demala saha Muslim Meddo PMC ekata wiruddawa JVP lanu kala malada kiyala.

    Ethakota oya SB,NGO karayo,Kolomba Thanapathiyo,Channel 4,manusika aithiwasikam karayo koheda hitiye?

    Ayeth ehema wunoth mun ekek wath kata hollaida?Ne….E mokoda?

    (3)

    Den balapiyaw me udaharana…Prashnaya eka…; Hooran kana Dostharala nawatthanne kohomada…?. Wisanduma… Hora paren Thawath sepayuma wedikireema.. E kiyanne…thawath Purasna wedi kirima…..Loka banku lanu…thawa gilapiyaw.

    Purasnaya… Deka;Loke anith ratawala sulu jathinta nethi,Lankawe Maha jathiyatath nethi,Eth Lankawe Sulu jathiwalata witharak Ethi getalu monawada??……Wisanduma… E monawada kiya no ahapiyaw….hebei maha jathiyatawath nethi Balaya sulu jathi walata Bedapiyaw….Thawath purasna wedi karapiyaw…)

    (3)Illum Sepayum lanuma thamai loka bankuwa lankaawata dunne JR inna kale.

    (4) Issarath oya kiyana Sepayuma wedi koranan,bagayak (ada dostharala) A/L walata e kale mahansi wela padam koranne ne.

    (5)Weda mahaththuru tika ekkahu wela weda pennuwanam Oya kavuruth Dostharala wenna pora kanne ne..Hebai ekata kotchchara kalak yaida?

    Reply
  30. hansan says:
    September 12, 2011 at 9:17 pm

    Amathi thuma Dan Kohomada kaama? vishshta e sir. Essara monawada Kave Pas thama e Sir.

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English