සංචාරක ව්‍යාපාරය යනු දුප්පත් සුද්දන්ට ලාබෙට විනෝදය දෙන පුණ්‍ය සේවාවක්ද?

ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මහමෙර තරමට විළිලන යුගයක් පැමිණ ඇති බව අද අප කාටත් පැහැදිලිව පෙනේ. ගරු අමාත්‍යතුමා මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් ජනමාධ්‍ය හරහා කරනු ලබන ප‍්‍රකාශ වලින් ඒ තත්ත්වය පිළිබිඹු වේ. ‘‘සූදු කර්මාන්තය ’’ නීතිමය රාමුවක් යටතේ පාලනය කළයුතු බවට පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක්වන්නේත් එය සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා අවශ්‍ය මූලික කොන්දේසියක් ලෙස සලකාය. එපමණක් නොවේ. රටපුරා මාර්ග පහසුකම් සංවර්ධනය සඳහා ලංකා ඉතිහාසයේ කිසිදාක වැය නොකළ තරමේ අති විශාල මුදල් කන්දරාවක් (අනෙක් ක්‍ෂෙත‍්‍රවලට සාපේක්‍ෂව) වැය කිරීම සාධාරණීකරණය වන්නේද සංචාරක කර්මාන්තයේ නාමයෙනි. එම අමාත්‍යාංශයේ දැවැන්ත මැදිහත් වීම සහ කාර්යක්‍ෂමතාව පිළිබඳව පැමිණිලි කිරීමට හෝ වාද කිරීමට අපට කිසිදු අවශ්‍යතාවයක් නැත. එය ඉතාම ඉහළම මට්ටමින් සිදු කෙරෙන බව සාමාන්‍ය පොදු මහජනතාවගේ පිළිගැනීමයි. අපට ප‍්‍රශ්නය ඇත්තේ ප‍්‍රතිඵලදායකත්වය පිළිබඳවය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඉතිහාසය පුරාම සිදුවූ ලෙස මෙවරත් ‘‘කන්දක් උසට විළිලා මී පැටියකු වැදීමට’’ සිදුවේද, යන ප‍්‍රශ්නය පිළිබඳවය.

සංචාරක කර්මාන්තයට රජය විසින් ලබාදෙන ප‍්‍රමුඛතාවට සාපේක්‍ෂව එහි වර්ධනය ඉතා පසුගාමී මට්ටමක පවතින්නේ කුමක් නිසාදැයි ජාතියක් ලෙස අප කල්පනා කළ යුතු කාලය දැන් පැමිණ ඇත. පසුගිය වසරේදී හයලක්‍ෂ වැනි සංචාරකයා උත්සවාකාරයෙන් පිළිගැනීම හරහා රජය යුද්ධයෙන් පසුව සංචාරක කර්මාන්තය යම් පමණකට එසේත් නැතහොත් ඉතා සුලූ වශයෙන් හෝ වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන බව හැගවීය. ඒ සුලූ වර්ධනය පිළිබඳව රජය සතුටකින් කතා කිරීම සාධාරණ තත්ත්වයකි. එහෙත් කලාපයේ අනෙක් රටවල තත්ත්වය දෙස බලන විට අප සිටින්නේ ඉතාම පසුගාමී තත්ත්වයක බව සැගවිය නොහැක. පසුගිය කාලයේදී ආර්ථික විශ්ලේෂකයින් ආර්ථිකයේ  ඕනෑම අංශයක පසුගාමීත්වයට හේතුව ලෙස දක්වන්නේ වසර 30ක යුද්ධයේ ප‍්‍රතිඵලයි. දැන් ඔවුන් කියන්නේ යුද්ධය අවසාන වීමෙන් පසුව නැගී සිටීමට කාලය අවශ්‍ය බවය. මේ සරල හේතු දැක්වීම නිසා බොහෝවිට සිදුවන්නේ ආර්ථික උපායමාර්ගික ප‍්‍රවේශයේ පවතින ගැඹුරු ගැටලූකාරී තත්ත්වයන් අවතක්සේරු වීමයි.

පසුගිය වසරේ කලාපයේ රටවල සංචාරකයින්ගේ පැමිණීම දෙස බලන විට අපගේ කර්මාන්තය තුළ යම් ගැඹුරු ප‍්‍රශ්න ප‍්‍රමාණයක් ඇති බව පිළිගැනීමට සිදුවේ. තායිලන්තයේ සංචාරකයින්ගේ පැමිණීම දළ වශයෙන් ලක්‍ෂ 170කි. මැලේසියාවේ එම ප‍්‍රමාණය ලක්‍ෂ 200කි. ඩුබායි නගරයේ පමණක් එය ලක්‍ෂ 70කි. ඉන්දියාවේ එම ප‍්‍රමාණය ලක්‍ෂ 100කට ආසන්න වේ. කුඩා මාලදිවයිනේ පවා එම ප‍්‍රමාණය ලක්‍ෂ 30ක් පමණ වේ. එහෙත් අප රටේ හය ලක්‍ෂයක් වැනි සංචාරකයාගේ පැමිණීම උත්සවයකට නිමිත්තකි. සංචාරකයා ආකර්ෂණය කිරීම සඳහා අප රට සතු විභවයට සාපේක්‍ෂව බලන විට කර්මාන්තයේ වර්ධනය දශක ගණනාවක් තිස්සේ පවතින්නේ ඉතා පහළ මට්ටමකය. යුද්ධයෙන් සිදුවූයේ පහළ තත්ත්වයෙන් තවත් පහළට වැටීම පමණි. 60 දශකයේ සිට මේ දක්වා සංචාරකයින්ගේ පැමිණීමේ දත්ත පිරික්සීමේදී මේ බව වටහාගත හැක. අනෙක් කාරණය අප ප‍්‍රමාණාත්මකව ලක්‍ෂ 6ක් ගැන කතා කළත් ඒ පිරිස අතරින් වැඩිම පිරිසක් පැමිණෙන රට ඉන්දියාවයි. එනම් බහුතර සංචාරකයින් නියෝජනය කරන්නේ අවම අයවැයක් සහිතව වියපැහැදම් කරන හෝ ලංකාවේදී රැුකියාවල නියුක්ත වී රටින් පිටතට මුදල් යවන ඉන්දියානු ජාතිකයන්ය. කෙසේවෙතත් සංචාරක කර්මාන්තයෙන් වසරකදී රටට ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය ඩොලර් මිලියන 300 – 400 අතර ප‍්‍රමාණයකි. එම ප‍්‍රමාණය අප රටේ විදේශගත ශ‍්‍රමිකයින් (වෘත්තිකයින්ද ඇතුළුව) ලේ, දහඩිය සහ කඳුළු මිරිකා රටට එවන විදේශ විනිමයෙන් දහයෙන් පංගුවක් තරම් සොච්චමකි.

ඒ සංසන්දනය මගින් සංචාරක කර්මාන්තය නොවැදගත් බවක් අදහස් නොවේ. රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වැය කොට ඇති සහ වැය කෙරෙන ආර්ථික සහ පාරිසරික සම්පත් ප‍්‍රමාණයට සාපේක්‍ෂව බලන විට ඒ වෙනස තුළ ප‍්‍රශ්නයක් පිළිබිඹු වේ. ඒ ප‍්‍රශ්නයේ ගැඹුර තවත් වැඩිවන්නේ සංචාරක ක්‍ෂෙත‍්‍රයෙන් යැපෙන රැකියා නියුක්තිකයින්ගේ ප‍්‍රමාණය 50,000ක් පමණ වන විට විදේශ ආදායම්වලින් යැපෙන පිරිස මිලියන 2කට ආසන්න වීම නිසාය. ඊට අමතරව එම ආදායම් මට්ටම් විශ්ලේෂණය කිරීමේදී පෙනීයන්නේ සාමාන්‍ය අගයක් ලෙස එක් සංචාරකයකු අප රටේදී වියදම් කරන්නේ ඩොලර් 500කට ආසන්න මුදලක් බවයි. අප රටට එන සංචාරකයින් හෝටල් කාමරවල නවතින රාත‍්‍රී ප‍්‍රමාණය අනුව බලන විට එක් අයකු දිනකට වැය කරන්නේ ඩොලර් 100කට අඩු මුදලකි. ඒ මුදල් වැය කරන්නේ හෝටල් ගාස්තු, කෑම බීම ආදී රට තුළ මුදල් රැඳෙන විය පැහැදම් සඳහා පමණක්ම නොවේ. ඒ තුළ රටින් පිටතට යාමේ ගුවන්ගමන් වියදම්, ස්වර්ණාභරණ හෝ ඇඳුම් ආදිය මිලදී ගන්නා වියදම්ද ඇතුΩවිය හැක. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ බහුතරයක් වශයෙන් අප රටට එන සංචාරකයින් දුප්පතුන් බවයි.

හෝටලයේ කෑම ගණන් නිසා පිටින් පාන් ගෙඩියක් සහ මාජරින් මිලදීගෙන ආහාරවේල සපුරාගන්නා සංචාරකයින් හෝ හෝටලයේ මත්පැන් මිල වැඩි නිසා පිටත අලෙවි සැලකින් මිලදීගෙන මත්පැන් බෝතලයක් සාක්කුවේ දමාගෙන හෝටලයට යන සංචාරකයින් ලංකාවට ගෙන්වා ගන්නේ කුමකටද? මෙය එක්තරා ආකාරයක සාහසික ප‍්‍රකාශයක් සේ පෙනීයා හැක. එහෙත් සත්‍යය වන්නේ සංචාරක කර්මාන්තය යනු දුප්පත් සුද්දන්ට අඩු මිලට විනෝදය සපයන පුණ්‍ය සේවයක් නොවන බවයි. අපේ ආර්ථිකය ස්ථානගත කොට ඇත්තේ ඇගලූම් නිෂ්පාදනවල සිට ගර්කින්, බේබි කෝන් හෝ කෙසෙල් ගෙඩි දක්වා ලංකාවේ නිපදවන හොඳම දේ අඩුම මිලට පිටරට සුද්දන්ට විකිණීම සඳහාය. උදාහරණයක් ලෙස පිටරට පටවන කි. ග‍්‍රෑ. 12ක් පමණ අල්ලන හොඳම කෙසෙල් ගෙඩි පෙට්ටියකට ලැබෙන්නේ ඩොලර් 3ක් පමණ මුදලකි. එනම් කි. ග‍්‍රෑ. 1කට ලැබෙන්නේ රුපියල් 30කටත් අඩු මිලකි. එහෙත් ඊට වඩා බාල කෙසෙල් අපේ රටේ මිනිස්සු කන්නේ කි. ග‍්‍රෑ. 1ක් රුපියල් 100කටය. ඒ නිසා සංචාරකයින්ට විනෝදයත් අඩු මිලට ලබාදීමේ අවශ්‍යතාවයක් නැත.

මූල්‍යමය වශයෙන් සංචාරක කර්මාන්තයෙන් අප රටට විදේශ විනිමය ඩොලර් මිලියන 300ක් ලැබුණත් ඒ සඳහා යොදවන ආර්ථික සම්පත්වලට සාපේක්‍ෂව ආර්ථික ප‍්‍රතිලාභයක් ලෙස බලන විට එය සුළු ප‍්‍රතිලාභයකි. එය තවත් සුළු වන්නේ කිරිපිටි ආනයනය සඳහා පමණක් ඊට ආසන්න මුදලක් අප රටින් පිටතට යවන නිසාය. සමස්ත විදේශ ආදායම්වල ප‍්‍රතිශතයක් ලෙස බැලූවත් එය යම් පමණකට සුළු ලැබීමක් ලෙස සැලකිය හැක්කේ එම ප‍්‍රමාණය 2% පමණ වන නිසාය. දැනට රටේ තිබෙන තරු සහිත හෝටල් කාමර 7000ක පමණ ප‍්‍රමාණයෙන් 50% වැඩි ප‍්‍රමාණයක් වසරේ වැඩි කාලයක් පවතින්නේ හිස්වය. ඒ හා සමානම වන බවට ගණන් බලා ඇති තරු නොවන හෝටල් කාමරවල තත්ත්වයද එයමය. අප විදේශ සංචාරකයින් මත පමණක් පදනම්ව සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමට උත්සාහ කළත් ප‍්‍රධාන පෙළේ කොළඹ හෝටල් යැපෙන්නේ ශ‍්‍රී ලාංකියයන්ට සේවා සැපයීම මගිනි. සංචාරකයින් අඩු කාලයේදී මේ හෝටල් යැපෙන්නේ අපේ රටේ ඉහළ මධ්‍යම පන්තියේ නිර්ලෝභී විය පැහැදම්වලට පින්සිදුවන්නටය. මේ හෝටල්වල ආදායම් වාර්තා පිරික්සා බලන විට මංගල උත්සව, රාත‍්‍රී භෝජන සංග‍්‍රහ සහ නැටුම් ආදී අවස්ථා වලින් උපයන ආදායම් නොමැතිනම් එම හෝටල් පවත්වාගෙන යාමත් ප‍්‍රශ්නයකි. මේ හෝටල් හිමියෝ කෙසේ හෝ දිවි ගැටගසා ගැනීමේ ව්‍යායාමයක යෙදී සිටිනවා විනා නිර්මාණශීලී සංචාරක භාණ්ඩ නිෂ්පාදනය කොට තමාගේම වූ වෙළඳපොළ කොටසකට ආමන්ත‍්‍රණය කිරීමට උත්සාහ කරන්නේ ඉතා අඩුවෙනි.

ඒ තත්ත්වය තුළ ඉවක් බවක් නැතිව (දේශීය හෝ විදේශීය ආයෝජන වේවා) රටේ ආර්ථික සහ පාරිසරික සම්පත් මහා පරිමාණයෙන් සංචාරක කර්මාන්තයට යෙදවීමට පෙර අප සිටින තැන සහ යන්නට සිහින දකින තැන අතර පරතරය පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුය. සංචාරක අමාත්‍යාංශයට පර්යේෂණ ඒකකයක් තිබුණත් ඔවුන් කරන්නේ මහ බැංකු, වාණි◊ජ බැංකු, ආගමන විගමන දෙපාර්තමේන්තුව, මැණික් සංස්ථාව, ප‍්‍රධාන පෙළේ හෝටල් සහ සිවිල් ගුවන් සේවා ආදී වෙනත් ආයතන නිකුත් කරන නිත්‍ය වාර්තාවලින් උපුටාගත් දත්ත නැවත පළ කිමයි.

සංචාරකයින්ගේ අරමුණු හෝ ඔවුන්ගේ අවශ්‍යතා වර්ග කෙරෙන්නේ ගුවන් තොටුපළ පිටවීමේ අවසර පත‍්‍රයෙන් ඉල්ලා සිටින සාමාන්‍ය දත්ත ප‍්‍රමාණයක් භාවිතා කරමිනි. එය හාස්‍යජනක තත්ත්වයකි. කෙසේ වෙතත් තිබෙන තොරතුරුවලට අනුව අප රටට එන සංචාරකයින්ගෙන් බහුතරය එන්නේ මුහු≥ වැල්ල, හිරු එළිය සහ බාල සතුට සොයාගෙනය. අප හැමදාමත් විකුණන්න හදන්නේ ඒවාය. ‘‘එනවා නම් වරෙන්’’ ආකාරයට අපේ ඓතිහාසික සහ සංස්කෘතික උරුමය හෝ වනසත්ව ජීවිතය පිළිබඳ යම් ප‍්‍රචාරණයක් කළත් බාල සතුට සඳහා එන සංචාරකයින් ඒවා පිළිබඳව එතරම් උනන්දුවක් දක්වන්නේ නැත.

අප රටට එන සංචාරකයින්ගෙන් කෞතුකාගාරය බලන්න යන්නේ 2% අඩු පිරිසකි. ඓතිහාසික ස්ථාන නැරඹීමට යන්නේ 20%කට අඩු පිරිසකි. සංචාරක කර්මාන්තයෙන් රජයට ලැබෙන මුදල්ද නැවත වියදම් කරන්නේ ඒ කරන දේම තව≥රටත් කරන දිශාවට මිස නව සංචාරක භාණ්ඩයක් නිර්මාණය කොට අලූත් වෙළඳපලක් සොයාගැනීමේ දිශාවට නොවේ. අප රටේ සංචාරක කර්මාන්තයෙන් ප‍්‍රධාන වශයෙන්ම ප‍්‍රතිලාභ ලබන හෝටල් ආයතන තමා ලබන ලාභයෙන් කොටසක් කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සඳහා යොදවන්නේ නැත. ඔවුන් බලාපොරොත්තු වන්නේත් රජයේ වියදමින් සියල්ල කරවා ගැනීමටය. සිද්ධාලේප රෝහල වැනි ඉතා සුළු ආයතන ප‍්‍රමාණයක් අඩුපාඩු සහිතව වුවත් නව නිර්මාණශීලී භාණ්ඩ සංචාරක වෙළඳපළට ඉදිරිපත් කොට ඇත. ඒවා අගය කරන අතරම සැමදාමත් එකම දේ කරන, රජයෙන් සහන ඉල්ලා සිටින සහ රජය කරන තෙක් බලා සිටින හෝටල්කාරයන්ට විවේචනය ද එල්ල කළ යුතුය.

සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් කියන්නේ ඔවුන් භාණ්ඩ 8ක් වෙළඳපළට ඉරිපත් කිරීමට උත්සාහ කරන බවයි. ඒ අතරම ඔවුන් කියන්නේ අප රටේ හෝටල් කාමර ප‍්‍රමාණය සෑහෙන්නේ නැති නිසා අප හෝටල් කාමර හදාගෙන තව අවුරු දෙකකින් පමණ ප‍්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කළ යුතු බවයි. ඒ අවුරු දෙක තුළ කරන්නේ කලින් කළ දේම වැඩි පරිමාවකින් කිරීමද එසේ නැතහොත් වෙනස් දෙයක් කිරීමද කියා ඔවුන් කියන්නේ නැත. ඔවුන් උදාහරණ ලෙස ගන්නේ මැලේසියාව ඩොලර් මිලියන 100ක ප‍්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කළ බවයි. ඒ නිසා මැලේසියාව ඉදිරියෙන් සිටින බවයි. ඇත්ත වශයෙන්ම මේ සම්ප‍්‍රදායානුකූල මනස සහ ඒ තුළින් උපදින තර්කවලින් සංචාරක කර්මාන්තයට සාධාරණය ඉටු කළ හැකිද?

ඔවුන්ගේ සම්ප‍්‍රදායානුකූල සංචාරක භාණ්ඩ ලැයිස්තුව ඔවුන් පටන් ගන්නේම මුහුදු වෙරළෙනි. ඊළගට හැමදාම මතුපිටින් කතා කරන අපේ උරුමය, අපේ උත්සව, ක‍්‍රීඩා, ත‍්‍රාසජනක අත්දැකීම්, ශාරීරික සහ මානසික සෞඛ්‍යය, දර්ශනීය ස්ථාන, වන ජීවීන් නැරඹීම ආදී දීර්ඝ ලැයිස්තුව දෙස බලන විට ප‍්‍රශ්නය ඇත්තේ කොතැනදැයි අවබෝධ වේ. මේවා සියල්ල ද්විතීයික සංචාරක භාණ්ඩ වන අතර මේවා සියල්ලටම කුඩා හෝ වෙළඳපළක් ඇත. ඒත් අද අවශ්‍ය වන්නේ පවතින ලෝක වෙළඳපොළ තුළ මහා පදාසයක් අත්පත් කරගත හැකි හෝ එවැනි වෙළඳපොළක් නිර්මාණය කළ හැකි භාණ්ඩයක් නිපදවීමයි. වෙනත් වචනවලින් කියන්නේ නම් අද අපට අවශ්‍ය වන්නේ තිබෙන සිල්ලර භාණ්ඩ සඳහා මහා ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට පෙර ප‍්‍රධාන සංචාරක භාණ්ඩය නිර්මාණය කිරීමයි. එමෙන්ම ඒ භාණ්ඩය සංවර්ධනය කර සන්නාමකරණය කිරීමයි. ප‍්‍රධාන සංචාරක සන්නාමයේ වටිනාකම වැඩිකිරීම සඳහා ඉහත සඳහන් කළ අවශේෂ භාණ්ඩ අවශ්‍ය මාත‍්‍රාවෙන් යොදාගත හැක. එසේ නොකර කිසි දිනෙක අපට සංචාරක කර්මාන්තයේ පිම්මක් පැනීමට හැකිවන්නේ නැත.

මැලේසියාව, තායිලන්තය හෝ මාලදිවයින විකුණන සංචාරක භාණ්ඩවලට වඩා දීර්ඝ භාණ්ඩ ලැයිස්තුවක් අපට තිබුණා වුවත් අප ඒ භාණ්ඩ විකිණීමට හදන්නේ ඉහත රටවල බාල භාණ්ඩ විකුණන වෙළඳපළටමය. එම රටවල් විකුණන බාල සතුට සහ පරිභෝජනවාදය මිලදී ගන්නා පාරිභෝගිකයාටම අපේ භාණ්ඩ විකිණීමට උත්සාහ කිරීම තර`ගකාරීත්වය ජයගැනීමට අදාළ මූලික උපායමාර්ගික දැනුමට පටහැනිය. මැලේසියාව සහ තායිලන්තය ලෝකයේ බාල බඩු පරිභෝජනය කරන වෙළඳපොළ කොටසින් වැඩි ප‍්‍රමාණය අල්ලාගෙන හමාරය. මේ එක් රටක් වසරකට ඩොලර් බිලියන 20කට වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයයි. අප ඒ වෙළඳපොළ මත්තේ කොතරම් හැපුනත් තායිලන්තය හෝ මැලේසියාව කරන දේ අපට කළ හැකිද? අප රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය අනුව එසේ කිරීමට ලැබෙන්නේද නැත. ඔවුන් ‘‘බාල වෙළඳපළට බාල බඩු’’ විකුණන්නේ ඔවුනට අපට තරම් විකිණීමට හොඳ දේ නොමැති නිසාය.

ඕස්ටේ‍්‍රලියාව වැනි රටක සංචාරක කර්මාන්තය දෙස බැලූවහොත් ඒ රටට බි‍්‍රතාන්‍යයෙන් පමණක් ලක්‍ෂ 8ක් සංචාරකයින් පැමිණේ. බහුතරය තරුණ තරුණියන් වන ඒ සංචාරකයින් සාපේක්‍ෂව ඒ රටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් ගෙන එන්නේ නැත. නමුත් ඔවුන්ට අර්ධකාලීන රැකියා කිරීමට ඉඩ ලැබෙන බැවින් සංචාරකයින් හරහා කම්කරු වෙළඳපොළ හැසිරවීමට ඒ රටට ඉඩ ලැබී ඇත. ඒ මගින්  ඕස්ටේ‍්‍රලියාවේ නීතිමය වශයෙන් නිර්දේශ කොට ඇති වැටුප් මට්ටමට වඩා වෙළඳපොළේ වැටුප් මට්ටම පහළට ගෙන ඒමට ඔවුන් සමත් වී ඇත. උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් නීතියෙන් අනුමත මිල පැයකට ඩොලර් 10 නම් අර්ධකාලීන සංචාරකයින්ගේ මිල පැයකට ඩොලර් 6කි.  ඕස්ටේ‍්‍රලියාව සංක‍්‍රමණිකයින් සහ සංචාරකයින්, ඒ රටේ වැටුප් මට්ටම පාලනය කරන සාර්ව ආර්ථික උපාංගයක් ලෙස භාවිතා කරයි. නමුත් ඔවුනට ඒ සඳහා ගෙවීමට වන්දියක් ඇත.

ඕස්ටේ‍්‍රලියාවට එන සංචාරකයින්ගෙන් 40%ක්  ඕස්ටේ‍්‍රලියාවේදී බාහිර ලිංගික සම්බන්ධකම් පවත්වයි. ඔවුන්ගෙන් 50%ක් ලිංගික හැසිරීම් වලදී ආරක්‍ෂිත ක‍්‍රම භාවිතා කරන්නේ නැත. එම පිරිසගෙන් 50%කට පමණ සහකරුවන් එක් අයකුට වඩා සිටිති. ලක්‍ෂ 8ක සංචාරකයින්ගේ මේ හැසිරීම අනුව  ඕස්ටේ‍්‍රලියාව තම සංචාරක කර්මාන්තය පවත්වාගෙන යන්නේ මහා පරිමාණ වශයෙන් විනාශයක් ඇති කළ හැකි පුපුරන වේලාව නොදන්නා කාල බෝම්බයක් මත සිටය.

ඒ නිසා දැන් ජාතියක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝගය මෙතෙක් කළදේම තව≥රටත් වැඩි පරිමාවකින් කිරීමට දැගලීම නොවේ. දැන් අප පමාවී හෝ ජාතික ආර්ථිකය තුළ සංචාරක කර්මාන්තයට අප ලබාදෙන ස්ථානය නිර්මාණය කළ යුතුව ඇත. කළ යුතුදේ මෙන්ම නොකළ යුතුදේ ඉරිගසා වෙන්කර ගත යුතු කාලය දැන් පැමිණ ඇත. උදාහරණයක් ලෙස තායිලන්තයේ බහුලව විකුණන දේ විකිණීමට නම් සංචාරක අමාත්‍යාංශයට උපායමාර්ගික විශේෂඥයින් අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය පිරිස් පිටකොටුව පදික වේදිකාවෙන්ද සොයාගත හැක. සංචාරක කර්මාන්තයේ උපාය මාර්ගික පටලවා ගැනීමට හේතුව පොදුවේ ජාතික ආර්ථික සංවර්ධන මොඩලය තේරීමේදී දක්නට ලැබෙන චින්තනමය දුප්පත්කම සහ පටලවා ගැනීම මිස වෙනත් දෙයක් නොවේ.

දියුණු උසස් සංචාරක කර්මාන්තයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලූ ස්වාභාවික සහ ශිෂ්ටාචාරගත උරුමයන් සහ විභවය අප රට සතුව ඇත. ඊට එකතු කළ යුත්තේ දියුණු උපායමාර්ගික දැක්මක් පමණි. පළමුවෙන්ම කිව යුත්තේ කුඩා ද්වීතීයික සංචාරක භාණ්ඩ, උදාහරණයක් ලෙස මුහුදු≥වෙරළ සහ බාල සතුට සොයා එන සංචාරකයින්, නැවැත්වීමට හෝ නොසලකා හැරීමට අවශ්‍ය නැති බවය. එම භාණ්ඩ සංචාරක අමාත්‍යාංශය ප‍්‍රචාරණය නොකළත් ඒ සඳහා එන පිරිසක් ඇත. තායිලන්තයේ හෝ මැලේසියාවේ රසයට වඩා වෙනස් රසයක් සොයන පිරිස් මෙහි එනු ඇත. ඒ අයට දැනට තිබෙන හෝටල් පහසුකම් සම්පූර්ණයෙන්ම වෙන්කළත් ගැටලූවක් නැත. ඒ බාල වෙළඳපොලට තරු 5 මදි නම් තරු 7 හෝ හෝටල් හැදුවාට කමක් නැත. (ඒ වෙළඳපොළ කොටසට තරු 7ක් අවශ්‍යද යන්න වෙනම කාරණයකි) වැදගත් වන්නේ ප‍්‍රධාන මූලික සංචාරක භාණ්ඩය සංවර්ධනය කර ගැනීමයි. එය පදනම් විය යුත්තේ කවර දාර්ශනික සහ උපායමාර්ගික ප‍්‍රවේශයක් මතද? එම භාණ්ඩය සංවර්ධනය කළ යුත්තේ සංචාරක වෙළඳපොළේ කුමන කොටස් සඳහාද? එසේත් නැතහොත් අලූතින්ම වෙළඳපොළක් නිර්මාණය කිරීම සඳහා ද?

අද ලෝකය පුරා බටහිර පරිභෝජනවාදයෙන් ශාරීරිකව සහ මානසිකව පීඩාවට පත්වී සිටින ජනගහනය ලෝකයේ වැඩිහිටි ජනගහනය වැඩිවීමට සාපේක්‍ෂව වැඩිවෙමින් ඇත. බටහිර වෛද්‍ය ක‍්‍රමය තුළ පවතින තාක්‍ෂණික මෙන්ම වාණිජමය සීමාකම් නිසා එම ජනහහන කොටසට සහනයක් ලබාගැනීමේ අවස්ථාද ක‍්‍රමයෙන් හීන වෙමින් ඇත. මෙසේ පීඩාවට පත්වී සිටින විශ‍්‍රාම වයසට පෙර සහ පසු අවස්ථා නියෝජනය කරන ජනගහනය දියුණු බටහිර රටවල (ජපානයද ඇතුලූව) ක‍්‍රමයෙන් වැඩි වෙමින් ඇත. එම ප‍්‍රතිශතය ඒ රටවල ජනගහනයෙන් 10% පමණ ප‍්‍රමාණයක් දක්වා වැඩිවී ඇත. අප රටට අවස්ථාව උදාවන්නේ ඒ ජන කොටස්වල ශරීරික සහ මානසික සුවයට අදාළ ඉල්ලූම වැඩිවන තරමට සහ ඒ ඉල්ලූමට සරිලන භාණ්ඩය අප සංවර්ධනය කර ඉදිරිපත් කරන තරමටය. ඒ වෙළඳපොළ කොටසට අදාළ ඒකාධිකාරියක් ගොඩනැගීමේ හැකියාව අපට ඇත. තායිලන්තයට හො මැලේසියාවට බාල සතුට සැපයීම මිස ඒ වෙළඳපොළ කොටසට අදාළව අප සමග තරග කිරීමේ විභවය නැත.

දියුණු බටහිර රටවල ජනගහනයෙන් 10% අධික පිරිසකගේ ශාරීරික සහ මානසික සුවය සැලසීමට බටහිර වෛද්‍ය ක‍්‍රමය සහ ඒ ආශ‍්‍රීත ජීවන ක‍්‍රමය අපොහොසත් වෙමින් පවතින තත්ත්වය තුළ ඒ රටවල විකල්ප වෛද්‍ය ක‍්‍රම සහ ජීවන ක‍්‍රම සඳහා විශාල ඉල්ලූමක් ඇතිවී ඇත. ඒ නිසාම එවැනි සේවා ලබාදීම සඳහා ඒ රටවල පැවැති නීතිමය සහ පරිපාලනමය බාධක ඉවත් කිරීමටද එම රජයන්ට සිදුවී ඇත. බටහිර වෛද්‍ය ක‍්‍රමය අසාර්ථක වී ඇති බොහෝ රෝගී තත්ත්වයන් සමනය කිරීමට සහ නිට්ටාවට සුව කිරීමට සමත් දේශීය සහ ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම රාශියක් ඇත. ලෝකයේ සිටින ආතරයිටිස් නැමැති හන්දි ඉදිමෙන රෝගීන්ට අවශ්‍ය කෙටි කාලීන ප‍්‍රතිකාර සහ ඒ ආශ‍්‍රිත සේවා සැපයීම ඉලක්ක කළත් මිලියන 3-4ක් සංචාරකයන් ලංකාවට ගෙන්වාගත හැක. එවැනි ප‍්‍රතිකාර සහ ඒ ආශ‍්‍රිත සේවා ඉතා ඉහළම මට්ටමින් ලබාදීම සඳහා දියුණුතම දැනුම් පද්ධතියත් සහ අවශ්‍ය පරිසරයත් ඇත්තේ අප රටට බව විවාදයක් නැත.

එසේ නම් මේසා විශාල සංචාරක වෙළඳපොළ කොටස අත්පත්කර ගැනීම සඳහා අප ඉදිරිපත් කළ යුතු ප‍්‍රධානතම සහ මූලික සංචාරක භාණ්ඩය විය යුත්තේ දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය, සම්ප‍්‍රදායානුකූල කෘෂිකර්මාන්තය, ඓතිහාසික ආහාර සංස්කෘතිය, ජෛව සහ පාරිසරික විවිධත්වය සහ බෞද්ධ ජීවන ක‍්‍රමය යන සියලූ අංග අවශ්‍ය ප‍්‍රමාණවලින් සම්මිශ‍්‍ර කොටගත් උසස් නිෂ්පාදනයක්ය. එම සේවා භාණ්ඩය විකිණීම සඳහා අපට විශාල පිරිවැය සහිත බෙදාහැරීමේ නව යාන්ත‍්‍රණ විශාල වශයෙන් අවශ්‍ය නොවේ. ඒ සඳහා ලෝකයේ සීතලම කාමර සහිත තරු පහේ හෝටල් කාමර අවශ්‍ය නොවන බව සහතිකය. ඇත්ත වශයෙන්ම ඒ භාණ්ඩය තරු පහේ හෝටල්වල තබා විකිණිය හැකි භාණ්ඩයක්ද නොවේ.

ඒ භාණ්ඩය බෙදාහැරීම සඳහා අවශ්‍ය වන්නේ ප‍්‍රධාන වශයෙන්ම දියුණු මානව සම්පතකි. ඒ මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා විශාල මුදල් වැය වන්නේ නැත. සම්ප‍්‍රදායානුකූල අඩු වියදම් ගොඩනැගිලි තාක්‍ෂණය භාවිතා කොට ගොඩ නගන කුඩා පරිමාණ ආයුර්වේද රෝහල් වැනි සංචාරක නවාතැන්පළවල් සඳහා විශාල ජාතික පිරිවැයක් දැරීමට සිදු වන්නේ නැත. ඒවා නඩත්තුව සඳහා විශාල වශයෙන් බලශක්තිය සහ ස්වාභාවික සම්පත් වැයවන්නේ නැත. එවැනි පහසුකම් ගොඩනැගීම සඳහා ග‍්‍රාමීය මට්ටමේ කුඩා සහ මධ්‍යම පරිමාණ ආයෝජකයින්ට වුවද දායක විය හැක. ඒ සඳහා සමහර විට අවශ්‍ය වන්නේ කාබනික කෘෂිකර්මාන්තය ප‍්‍රචලිත කරන සහ විවිධ දේශගුණික ප‍්‍රදේශවල කෘෂිකර්මාන්තය සහ ජෛව විවිධත්වය නියෝජනය කරන ගොවිපළ පද්ධතියක් විය හැක. එවැනි ගොවිපොළ ආශ‍්‍රිත කුඩා පරිමාණ නවාතැන්පළවල් ගොඩනැගීම සඳහා සහ ඒවා නඩත්තුව සඳහා වැය වන්නේ තරු පහේ හෝටල්වලට වැය වන පිරිවැයෙන් 10%ක් විය හැක. නමුත් ඒ සඳහා අය කළ හැකි මිල බටහිර රටවලට සාපේක්‍ෂව ඉහළ මට්ටමකින් නියම කිරීමේ හැකියාව ඇත.

මතුපිටින් දකින ඉල්ලූමක් සැපිරීම සඳහා දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ගණිකා වෘත්තියේ යොදවන ඊනියා සම්භාහන මධ්‍යස්ථාන ආශ‍්‍රිත සංචාරක කර්මාන්තය සහ මේ කතා කරන උපාය මාර්ගික ස්ථානගත කිරීම අතර වෙනස අප වටහාගත යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ සියලූ යහපත් දේ වාණි◊ජ අරමුණු සඳහා විකෘති කොට විකිණීමේ මහා පරිමාණ මෙහෙයුමකට කර්මාන්තය ගොදුරු වීමයි. ඒ පිළිබඳව උපදේශනය ලබාදෙන සහ දැඩි පාලනයක් සහිත යාන්ත‍්‍රණයක් ඇති කිරීම අප සඳහන් කරන වෙළඳපොළ අත්පත් කර ගැනීමේදී ඉතා වැදගත්වේ.

මෑතකදී ජපානයේ සිට පැමිණි ප‍්‍රධාන පෙළේ ශ‍්‍රී ලාංකික ව්‍යපාරිකයකු අප සමග පැවසුවේ ‘‘හොඳ වැසිකිළි පහසුකම් තියෙන වායුසමනය කරන්න අවශ්‍ය නැති අඩු වියදමින් (මැටි වලින් වුවත් නිම කරන) කාමර 200ක් 300ක් හදන්න, මම මාස තුනෙන් තුනට ජපන් විශ‍්‍රාමිකයින් එවන්නම් ගුවන්යානා චාටර් කරලා’’ යනුවෙනි. ඔහුට අනුව ජපානයේ විශ‍්‍රාමිකයින්ට මාසයකට රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ දෙක දක්වා පමණ මුදලක් ලැබේ. ඒ මුදලෙන් ජපානයේදී ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න හොඳ ජීවිතයක් ගෙවන්න බැරි වුණත් අපේ රටේදී ඉතා හොඳ සුව පහසු ජීවිතයක් සහ දේශීය සහ ආයුර්වේද වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව ඇත. දැනට ජපානයේ පවතින ඒ මහා ඉල්ලූමෙන් දශම ගණනක් සපයන්නේ පිලිපීනය සහ ඉන්දුනීසියාවයි. ශ‍්‍රී ලංකාවට ඇති විභවය සහ හැකියාව අනුව බලන විට ඒ වෙළඳපළ කොටස සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම ඉතා සරල කටයුත්තකි.

ඉහත සඳහන් කරන ආකාරයේ වෙළඳපොළක් සඳහා ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ස්ථානගත කරන්නේ නම් තවත් සුවිශේෂී ප‍්‍රතිසංස්කරණයක් ඉබේම සිදුවේ. එනම් ග‍්‍රාමීය මට්ටමේ සුළු සහ මධ්‍යම පරිමාණ ආයෝජකයින්ට සංචාරක කර්මාන්තයේ විශාල කොටසක් අත්පත් කර ගැනීමට ඉඩ සැලසීමයි. ඒ අර්ථයෙන් මේ වෙළඳපොළ කොටස සමාජ සාධාරණත්වයට අදාළ බරපතල වගකීමක් ඉටුකිරීමටද දායකවේ. ඒ තත්ත්වය තුළ දැන් සංචාරක කර්මාන්තයට අවශ්‍ය වන්නේ තරුපහේ හෝටල කාමර දෙගුණයක් කිරීම හෝ නවීන තරු 7 හෝටල් හෝ මහා විශාල ප‍්‍රචාරක අයවැයක් නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉබාගාතේ හෝ අයාලේ යන යල් පැනගිය මිනිස්සු වෙනුවට අලූතින් හිතන්න පුළුවන් සහ උපායමාර්ගික දැක්මක් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් මිනිස්සු ටිකක් සොයා ගැනීමය. ඊට වඩා යමක් අවශ්‍ය වෙනවා නම් ඒ එසේ තෝරා ගන්නා මිනිසුන්ට මෙතෙක් ඉගෙනගත් දේ අත්හැරීමට දේශපාලන ධෛර්ය ලබාදීම පමණි.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

මහ ලේකම් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

16,403 Viewers

35 Comments to “සංචාරක ව්‍යාපාරය යනු දුප්පත් සුද්දන්ට ලාබෙට විනෝදය දෙන පුණ්‍ය සේවාවක්ද?”

  1. nick says:

    Very good article !!!.

  2. Nirmal says:

    Nice aRTICLE

  3. Lohitha Priya says:

    වයිද්‍ය වසන්ත බණ්ඩාර මහතා අප නිවැරදි දිශාව කරා යොමුකර ඇත . ලංකා සංචාරක අමාත්‍යංශයේ නිලදාරීන් රොත්ත මේඑම ලිපිය අනිවාර්යෙන්ම කියවිය යුතුය .අපේ රටේ සංචාරක අමාත්‍යංශයේ නිඋලදාරින්ට මෙලෙස සිතන්නට නොහැකිවීම පාපයකි . මෙයට හේතුව මේ නිලදාරීන් වහල් මනසින් යුතු බටහිර අනුකාරක වාදීන් වීමයි .එලෙසම ඔවුන් රුපියල් කොටි ගණන් වැයකර සංචාරක ව්‍යාපාරයට වෙළද දැන්වීම් සාදන්නට දෙන වෙළද ප්‍රචාරණ ආයතනවල සේවය කරන්නේ මෙරට ශාන්ත විද්‍යාලවල ඉගෙන ගන්න මෙරටට අයිතිනොවන බටහිර අනුකාරකවාදී පුස්සන්ය මොඋන්ට ස්වාදීනව සිතීමේ හැකියාව නැත .මේ හේතුව නිසා පසුගිය කාලයේ කොටි ගණන් වැයකර සෑදු වෙළද දැන්වීමක් කුණු කුඩයට දැමීමට සිදුවිය . දේශීයත්වයට යම් ආකාරයක නැබුරුවක් ඇති මේ ආණ්ඩුවට තිබෙන ප්‍රදාන ප්‍රශ්නය තම අවශ්‍යතා ඉටුකිරීමට සමත් දේශීයව ස්වාදීනව නිරවුල්ව සිතන පුද්ගලයන්ගේ ඇමතිවරුන්ගේ අඩු පාඩුවයි .ජනපති තුමා කලයුත්තේ මෙලෙස සිතන්නට හැකි ඇමතිවරුන් හඳුනාගෙන එවැනිම තරුණ දේශීය චින්තනය ඇති දක්ෂයින් මේ රජයට ඇතුලත් කර ගැනීමයි.

  4. nazam says:

    අගනා ලීපීයකී දැනුවත් කරාට ස්තුතීයී………..

  5. Erandaka says:

    All investments don't give quick results. All economical areas do not behave same. As an example, investment in education doesn't give quick results. The tourism is also such an area. We are spending a post war season at the moment. The 3 decades war lost lots of things were belong to us including the goodwill we got as a peaceful country. During that 3 decade period the whole world changed their image about Sri Lanka. it was not a nice picture. It is very hard to change that image very quickly. Countries like Malaysia, Singapore, Maldives did not have such a war time or hard time like we got. Those countries were invested in tourisem long long ago and invested a huge money in tourism from a long time. And results from the investment in tourism is bounded with lots of other developments as well. Infrastructure development is one of majors. Under the infrastructure development some factors like, transporatation, roads, lodging, service supplies, entertaining are highly influenced. Security is also another major fact. And the importance of the development in tourism is highly effective in the country's economy. So we have to prioratise that. This journey takes some time. But can be accelerated. But no quick results. During the next decade we can reach the level obtained by said countries by continuing this investment and dedication in development in tourism.

  6. Anonymous says:

    ඉතාම වටිනා ලිපියකි…….මෙවන් අදහස් දරන්නන් ලංකාවේ සිටීමද භාග්‍යයකි.

  7. A.D says:

    This is a very good article that everyone should read !

  8. nuwan says:

    වසන්ත බණ්ඩාරයන්ගේ හැම ලිපියක්ම නිර්මානසීලී නව මිනිසෙක් බිහිකරන්නට පාදක වෙනවා .

    ජනපතිතුමා මේවගේ දක්ෂයන්ට වගකීම් බාරදෙනවානම් මොනතරම් වටිනවද…

  9. Anonymous says:

    දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර මහතනනි, සබැ තත්වය පෙන්වා දෙමින් එය නිවරදි කිරීමට මග පෙන්වීම් පිලිබදව ඔබ පල කර ඇති ලිපියට තුති.

  10. jayalath says:

    very good artical

  11. Anonymous says:

    අන්තවාදී හරක්. දැන් පුළුවන්නන් ඕකත් නවත්තපල්ලා, අර මුන්නේස්වරම් එක වගේ. කාලකන්නි. උඹලට තියෙන්නේ මන් අර හැමදාම කියන දේ තමයි. මේ ඔක්කොම අතහැරලා ගමට ගිහින් හේනක් කුම්බුරක් කොටාගෙන යහමින් ඉන්න එක.

  12. Anonymous says:

    මොකක්ද මේ කියන බාල සතුට කියල තේරෙන්නේ නෑ. එක දෙයක් නම් දන්නවා උන් එන්නේ ගැණු හොයාගෙන. අපේ රටෙත් ඕක නීතිගත කොලොත් හෝ ගල සුද්දෝ එනවා.

  13. deniya says:

    වසන්ත බණ්ඩාර මහත්තයෝ, මේවට හේතුව එකක් කිසිම කටයුත්තක පාරදෘශ්‍ය භාවයක් නැති වීම සහ වෘත්තිකයන් විසින් තීරණ නොගැනීම. ඒ ඔක්කොකොටමත් වැඩිය හොරකම නීතිගත වීම. ඉතින් තැනින් තැනින් උණු කිරිබත් අහිදින්නේ නැතිව, දුෂණය නැති කිරීමට, මනාපේ නැති කිරීමට, ඒකාධිපතිත්වය නැතිකිර්මට, ඔබේ ව්‍යාපාරය මෙහෙය වන්න. කොහොම උනත් සංචාරක ව්‍යාපාරය දුප්පත් රටකට ඔබින දෙයක් නොවෙයි. ඒ වෙනුවට ඇඟලුම් කම්හල් වැනි නිර්මාණශීලි දේවල් වඩා වැදගත් වේ.

    • RAAKSHA says:

      දෙනියා වෘතිකයන් විසින් ගන්න තීරණ හැම විටම හරි නෑ විශේෂයෙන්ම අනුකාරක උගතුන්, සුද්දගේ දැනුම එකම දැනුම කියල හිතන උගතුන්. උන් දන්නා එකම දේ සුද්ද උගන්වන කියන දේ ඒවිදියටම වමැරිම. දැන් බලන්න ඔයා (උගතෙකද මන් දන්නේ නෑ ) වමාරන්නේ සුද්දගේ වචන සෙට් නේ "ඇගලුම් කර්මාන්තය වැනි නිර්මාණශීලි කර්මාන්ත " ඉස්සෙල්ල නිර්මානශිලිව හිතන්න ඉගෙනගෙන එන්න එතකොට ඔයාට පෙනේවි අපට තිබෙන අවස්ථා ..එකදිපතිත්වය ngo කරුවන් ග්‍රහණය කරගන්න උත්සහ කරන රටවලට අවශ්‍යම දෙයක් ඇත්තටම අපි ඉල්ලා සිටින්නේ රාජපක්ෂ ජනපතිතුමාට තව අවුරුදු විස්සක් බලයේ ඉන්න කියල මෙරටට විරුද්ද සතුරන් විනාශ කරලා මෙරට දියුණු කරන්න .අපිට අවශ්‍ය වෛද්‍ය වසන්ත බණ්ඩාර වගේ නිර්මාණශීලි උගතුන් මෙරටේ නායකත්වයට පත්කර ගැනීමයි .දැන් බලන්න මෙරටට විරුද්ද වාදීන් හිතන විදිහ අර ලියල තියන සහන් කියන මිනිහ ද නිහාල් කියන සහෝදරයාද කවුද වෛද්‍ය වසන්ත බණ්ඩාර කියන දේ ද්වේශ සහගතව විවේචනය කරලා තියෙන හැටි කිසිම පදනමක් නැතිව . මේ , මේ රටේ සාමාන්‍ය ජනතාව නෙමෙයි මෙරටට විරුද්දව වැඩකරන CIA කාරයෝ පල්ලියේ කණු නැත්නම් වෛද්‍ය වසන්ත මෙතන කිසිම අන්තවාදී දෙයක් කියල තියනවා කියල පෙන්වන්න පුලුවන්ද ?. අද අපිට අවශ්‍ය හොද එකාදිපති නායකයෙක් එයට මහින්ද රාජපක්ෂ ජනපතිතුමා සුදුස්සෙක් . මෙරටට විරුද්ද උන් IP address හරහා සොයාගෙන ඉවරයක් කරන්න ඕන .මුන්ව තියාගෙන මේ රට දියුණු කරන්න බෑ අපේ පැත්තෙන් දෙනියා වගේ රට දියුණුවෙනවා දකින්න කැමති අයට අපි දෙන සහයෝගය එකයි කියන්න ගිහිල්ල ඔයාලගේ ඒජන්ට් ට

  14. real sahan fernando says:

    මේ පහල සහන් ෆර්නැන්ඩෝ කියල ලියල තියෙන්නේ මම නෙමෙයි අර මම කිව්ව් ගොනෝරිය හැදුන බ්‍රදර් නිහාල් මගේ ඇත්ත නම ගාමිණී ෆර්නැන්ඩෝ එත් මුන් මට බල කරනවා අයෙත් කොමෙන්ට් දාපන් සහන් ෆර්නැන්ඩෝ කියල .දේව ශාපය මට ලැබෙයිලු මම කිව්වා දේව යුෂ බිව්ව මට දේව ශාපය වැදුනට කමක් නෑ මොකද බ්‍රදර්ල කරන පව් වලට අපිවගේ අහිංසකයන්ට දේවශාපය වැදෙනවානම් දෙවයුෂ බලෙන් බොන්න දුන්නු බ්‍රදර්ලට මොනවා වේවිද කියල .මරුසිරා කියල ලියන බ්‍රදර් ට වතාවක් ගොනෝරිය හැදුනා බෙහෙත් ගෙන්න ගත්තේ මා ලවුවා. බ්‍රදර් කිව්වා කවුරුහරි ඇහුවොත් dadi ට කියල කියන්න කියල ..

    මගේ අම්ම සිංහල .dadi ගේ ග්රෑන්ඩ් ග්රෑන්ඩ් dadi ඉස්සර ලංකාවට ආපු පොර්චුගිස් .නමුත් මම පොඩිකාලේ ඉඳල ගියේ පල්ලියේ ඉස්කොලේට මගේ dadi මන් පොඩි කාලෙදිම අම්මගෙන් වෙන් වුනා අම්මට dadi බනිනවා පර වේ .. කියල එත් පස්සේ තමයි මම දැනගත්තේ dadi අම්මට වයිර කලේ අම්මගේයි dadi ගෙයි විවාහයට අම්මගේ පැත්තේ හැමෝම විරුද්ද වුන නිසා කියල. අම්ම ගේ තාත්ත ලොකු බෞද්දයෙක්ලු ඉතින් පස්සේ අම්මට දෙන්න තිබුණු දේපල ඔක්කොම ග්රෑන්ඩ් dadi පන්සලට පූජා කලාලු .dadi අම්ම එක්ක එකට රණ්ඩු කරලා පස්සේ අම්ම dadi ව අතහැරලා මාවත් අරන් ගියාලු .පස්සේ දැඩි මාව බලෙන්ම අරන් ඇවිත් අම්මටත් සියා බලකරලා ඔය කලවම් කොල්ලෙක් උඹට ඕනේ නෑ උඹ අයෙත් බැදපන් කියල .පස්සේ අම්ම අයෙත් බැඳලා සිංහල බෞද්දයෙක් දැන් මගේ හාල්ෆ් brothers ල හරිම දනවත් අම්මගේ පාරම්පරික සල්ලිවලින් .මට මුකුත් ලැබුනේ නෑ මම පල්ලියට වෙලා හිටපු නිසා . මම පොඩිකාලේ ඉඳලම හැදුනේ පල්ලිය ලග ගෙදර මගේ dadi බෞද්දයන්ට වයිරකරන්න මට ඉගෙන්නුව මේ සිද්දිය නිසා නමුත් මට සමාවෙන්න මට තේරෙනවා මම මගේ රටටම විරුද්ද වාදියෙක් කියල මේ අවාසනාවන්ත තත්වය නිසා . . මගේ අතින් මේ රටට විරුද්දව ගොඩක් දේ ලියවිලා කියවිලා තියෙනවා.බුද්දහගම ගැන ගොඩක් අපහාස කරලා තියෙනවා මම ඒ හැම දේ ගැනම දැන් දුක් වෙනවා . මොකද මම දන්නවා බුදු දහම ඇත්ත කියල .මටත් මැවීම ගැන යාඥා කර දේවල් ලබා ගැනීම ගැන ගොඩක් සැක තිබුන මම යාඥා කරපු විදියට දේවල් ලැබෙනවානම් මම අද මෙතන නෙමෙයි ඉන්නේ .

  15. බිල්ලා says:

    Dear Dr. Wasantha, Excellent article. We are worried that what the policy makers are doing?. Since you all are with the government the government must get the maximum use for the benefit of the country.

  16. Anonymous says:

    mage ammawath mama denawa oya bilipoojawata saththakinma….

  17. The God says:

    සංචාරක ව්‍යාපාරය පසු පස දුවන අපටත් කවද හරි වෙන්නේ ඊජිප්තුවට වූ දේම තමා. ඊජිප්තුවට අපට වඩා දියුණු පාරවල් වරායවල් ඇත.

    ඉතිරිව තියෙන සංස්කෘතියත් රැක ගෙන කාර්මික ආර්ථිකයක් කරා යාම තමා තියෙන හොදම දෙය.

    God Bless you.

  18. MUSI says:

    LIPIYE BOHO HONDA DE TIYANAWA ERT OHU KIYANA VIDIHATA LANKAWATA AVITH 500$ VIYAADAM KARANNE NAM INDIAN KARAYO VENNA ATI,MAMA ME DAWSWALA MA SAMAGA VEDA KARANA ITALYAN DENNEK SAHA MAGE BOSS DESEMBER-JANAVARI WALATA LANKAWATA EWANNA HOTEL BOOK KARANNA BALANAWA,5 STAR HOTEL EKAKAKA ROOM EKAK 1 NIGHT WALATA 150$-200$ VAGE WNAWAMEWATA TAWA VAT ,TAX AMATARA KEEMA VIYADAM VENAMA EKATU VENAWA,ETAKOTA MASAYAK ME AYATA KOPAMANA MUDALAK YANAWADA HITANNA,ANIKA KOOTI GANAN VIYADAM KARALA TOUR YANA MINISSU INNE LOKE BOHOMA TIKA DENAI,E UNATA DANNAWADA LANKWE ME VANAKOTH DESEBER-JANAVARI VALATA COLOMBO 5 STAR HOTEL VALA ROOM GANNA NE OKKOMA VAGE VEN KARALA IWARI

  19. A.A.S says:

    ලංකාවේ සංචාරක කර්මාන්තයේ සියලුම මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබනුවේ පුද්ගලික අංශය මගින් .සංචාරක මණ්ඩලයෙන් කෙරෙනුයේ අදීක්ෂණය පමණි.ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 90% වෙඩි මෙහෙයුම් කටයුතු කරනු ලබන්නේ ලංකාවේ ප්‍රදානපෙලේ සංචාරක සමාගම් 5 ක් වගේ ප්‍රමාණයකි .තරුපන්තියේ හොටෙල් වලින් 90%ක් පමණ අයත්වන්නේ ඉහත කී සමාගම් කීපයට.මොහුන් සංචාරකයන් ගෙන්වනු ලබන්නේ 'පැකේජ් ටුව 'ක්‍රමයට එකියන්නේ මෙම සංචරකින් සිළුම මුදල් තම රටේදීම ගෙවා ඇති අතර මොහුන්ට ලංකාවේදී ගෙවීමට කිසිම දෙයක් නෙත.සමාගම් අතර ඇති දෙඩි තරග කාරීත්වය නිසා මෙම සමාගම් බලන්නේ හැකිතරම් අඩුමුදලට තම මිලගණන් ඉදිරිපත් කිරීමට.

    බොහොමයක් සමාගම් තම මිල ලාබයක් නෙතිව (කොස්ට් එකට )ඉදිරිපත් කරන අතර ලාබය වසයෙන් බලපොරුත්තුවන්නේ තම හොටෙල් ජාලය පවත්වාගෙන යාමත් ,භාණ්ඩ මිලදී ගෙනීමෙන් එන වට්ටමත්ය .එමනිසා මෙම මිල කොතරම් පහත් ද යත් යුරෝපා රටවලින් එන සංචාරකයන්ට මෙරටේ දින 7 ක සංචාරයකට වෙයවන මුළු මුදලින් තම රටේ මෙවෙනි පහසුකම් ඇති හෝටලයක එක රෙයක් වත් ගත කිරීමට නොහෙක .එමනිසා ජාත්‍යන්තර මිලගණන් අනුව සංචාරය කිරීමට ලෝකයේ ලාබම ස්ථානය ශ්‍රීලංකාව.මේහේතුව

    නිසා ලංකාවේ කීර්ති නාමයටත් සංචාරක වෙයාපරයටත් වෙදි ඇත්තේ මරු පහරකි .මේනිසා ලංකාව දෙනටමත් සංචාරක හිගනන්ගේ පාරාදීසයක් බවට පත්වෙලා තියෙන්නේ .

    මේ එන සංචරකයගෙනුත් උපරිම පල නෙලා ගන්නේ මේ ඉහතිකී සමාගම් වල වෙඩකරන සංචාරක මණ්ඩලයේ අනුමෙතිය ලත් ටුව ගයිඩ්ල.මෙයාලගේ දිනක අදායම රුපියල් ලක්ෂය ඉක්මවය් මේ ක්ෂේත්‍රයේ සිටින පරණ ගයිඩ් ලගේ ලමය් අද්‍යාපනය ලබන්නේ ලෝකේ ඉහලම යුනිවර්සිටිවල .මොහුන් සංචාරකයන්ට රටේ ප්‍රව්රානික ස්ථාන පෙන්වීමට

    වඩා වෙඩි අවදානයක් යොදවන්නේ සංචරකයන්ව භාණ්ඩ මිලදී ගෙනීම සඳහා උනන්දු කරවීමට .

    දබුලලේ සිට මහනුවර දක්වා එන ගමන සංචාරකයන්ගේ අවාසනාවන්තම කාලසීමාව වන අතර ගයිඩ් ලගේ වාසනාවන්තම කාලයයි .මේ අතර තුර කුළුබඩු උයන් (spice garden )

    විශාල ප්‍රමාණයක් ඇත.මේක විශාල මන්කොල්ලයකි.මේවයේ කුළුබඩු වලට වඩා අලවි කරන්නේ වෙයාජ ආයුර්වේද නිෂ්පාදනයි.රුපියල් 20 සිද්ධාලේපය එහි ලේබලය ගලවා

    දුර්ලබ ආයුර්වේද නිෂ්පාදනයක් කියා ඩොලර් 50 ට අලවි කරයි .ග්‍රැම් 100 කහ කුඩු පෙකට් එක ඩොලර් 25 අලවිකරෛ.මේ විකුණන මුදලින් 40%ක් ගයිඩ් ට දෙන අතර 20%ක් සමාගමට යවනුලේබේ.බතික් වල තත්වයත් එසේමය රු .250k වටිනා බතික් කෙල්ලක් ඩොලර් 50 කට වෙඩි මුදලකට අලවිකරෛ..මේවයේ වට්ටමෙන් ඉහතකී ආකාරයට සමාගමටත් ගයිඩ් ටත් ලේබේ.වෙඩිම මුදල් උපයනුයේ මැණික් වලින්ය.මෙසේම ස්ථානයක්ම සමාගම් සමග ගිවිසුම් එලබ එත .එමනිසා එක්සමගමකට අයත් සංචාරකයන් මිලදී

    ගෙනීම් සඳහා අනිවාර්යෙන්ම එම තැන්වලට යැවිය යුතුයි .මෙම ගිවිසුමක් ලබාගෙනීම සඳහා සංචාරක සමාගම් වල අධ්‍යක්ෂකලට වටිනා මෝටර් රථ වගේ දේවල් පිරිනේමීමට

    සිදුවේ.මේ ක්‍රමය සංචාරක වෙයපාරයට කිසි සේඑත් හිතකර නොවේ .හේතුව මෙම සංචාරකයන් තමා මිලදීගෙන ඇති භාණ්ඩ වලට වටිනාකමට වඩා අති විශාල මුදලක් ගෙවා ඇතිබව පිටත් වීමට පෙර හෝටල් සේවකයන්ගෙන් බීච් බෝය්ස් ලාගෙන් දෙනගේනීමයි .

    සංචාරක යන්ට වෙඩිම හානිය පමුණුවන්නේ බීච් බෝයිස්ලා ඔහුන් වෙඩිපුර කරනුවේ සංචාරකයන්ට ලිංගික සේවා සේපයීම .මොහුන් කාන්තාවන්ට සහ පිරිමින්ට අවශ්‍ය ආකාරයට ලිංගිකව හැසිරීමට පුරුදුව සිටී .ඉටපසුව වේල්ලේ සිට තම රටවලට යන සංචාරකයන්ගේ සියලුම දේ කොල්ලකා ගනී.මේවා සියල්ල බලදරීන්ගේ අවදානයට ලක්විය යුතුයි .

  20. Sathpurushaya says:

    සංචාරක හා හෝටල් ව්‍යාපාරය හිගානොකා හිගාකමින් තිබුණු කාලය අපට හොදින් මතකය.‍හෝටල් වැසී නොවැසී

    තිබුණු ගානය. හෝටල් සේවකයන් මහ මගට වැටේවිදෝයි බියෙන් සැකෙන් යුතුව ගෙවූ කාලයකි. සුනාමි වැනි ව්‍යසනයන් සහ අනවරත බෝම්බ පිපිරීම් හමුවේ කුමන නම් සංචාරක කර්මාන්තයක් මේ රටේ තිබුනේද?

    ඒ සියල්ල හමාර වී යන්තම් ගෙවුනේ අවුරුදු 2 කි. දැන් නම් එය කල යුත්තේ කොහොමදැයි විශ්ලේෂනය කිරීමට පණ්ඩිතයින් බොහෝය. සියල්ල එක රැයින් හෙලි නොවේ. තිබුණාට වඩා දැං හුගක් හොදය.කාලයත් සමග ඔය කියන්නා වූ සියළු අපල උපද්‍රව දුරුවී එය නියම මාර්ගයට වැටෙයනු ඒකාන්තය.පෑනක් තිබුණු පලියට පණ්ඩිත කම තිබුණු පලියට අදහස් පලකලයුතු නොවේ.

  21. Anonymous says:

    උඹට නං මානසික ලෙඩක්. උඹ කොහොමද දන්නේ මන් ලංකාවේ ඉන්නේ කියල? මන් වෙන රටක ඉඳිං කොම්මෙන්ට් කරන්ඩ පුළුවන් නේ?

    උඹලට හිතන්ඩ බහ කියන්නේ ඕකයි.

    අපි සහ රටේ සංවර්දනය අතර ඇති සම්බන්දය මොකක්ද? උඹට නං මෙන්ටල්.

  22. shantha says:

    ලිපිය හොඳයි. හොඳ කරුණුත්, ඒ වගේම තාර්කික නොවන කරුණුත් තියනවා. මෙය ලියන මම යුරෝපීය රටක සුළු පරිමාණයේ සංචාරක ව්‍යාපාරයකට අතගසා ඇති කෙනෙක්. මේ කරුණුත් මේ ලිපියට එක් කළොත් හොඳයි.

    1. සංචාරකයන් වෙන රටකට යන්නේ එම රටගැන හොඳ අවබෝධයක් ඇතුවයි.

    2.තවමත් ලංකාව තවත් tourist destination එකක් පමණයි.අපේ රට තවමත් සංචාරක ප්‍රවර්දනය අතින් ඉතාම ලාබාල මට්ටමේ ඉන්නේ. market කරනවා අඩුයි. There are many countries better than Sri Lanka. But we have to be realistic. Sri Lanka is not marketed very well.

    3. දුප්පත් හා පොහොසත් සංචාරකයන් සිටියත් අපේ රටවල් වලට එන්නේ යමක් කමක් ඇති අයයි. දුප්පත් හෝ පොහොසත් උනත් සංචාරකයා අපට වැදගත්. Low income tourist generally go to short or medium haul destinations. Eg. Mediterranean countries, France, Spain, Turkey etc.

    4.සාමාණ්‍යයෙන් යුරෝපීය සංචාරකයන් long -haul holiday එකකට වැය කරන්නේ යුරෝ 3000 ක් පමණ ගනණක්. බොහෝ දෙනා එන්නේ package holidays. සති දෙකකට ගුවන් ගමන් ගාස්තු සහ නවාතැන් සමග අය කරනේ යුරෝ 1200 සිට 1500ක් විතර.

    5. ඉතා පොහොසත් අය ලංකාවට ආවත් එන්නේ travel agent කෙනෙක් හරහයි.

    6. sex tourists ලා ලංකාවට එනව ඉතාම අඩුයි. ඒ අයට යන්න වෙන ලාභ සහ පහසු තන් තියනවා. උදා: Thailand, Mediterranean, Central America

    7.Sri Lanka should promote regional tourism, South & South East Asia, Middle East etc.

  23. deco says:

    "ඕස්ටේ‍්‍රලියාවට එන සංචාරකයින්ගෙන් 40%ක් ඕස්ටේ‍්‍රලියාවේදී බාහිර ලිංගික සම්බන්ධකම් පවත්වයි. ඔවුන්ගෙන් 50%ක් ලිංගික හැසිරීම් වලදී ආරක්‍ෂිත ක‍්‍රම භාවිතා කරන්නේ නැත. එම පිරිසගෙන් 50%කට පමණ සහකරුවන් එක් අයකුට වඩා සිටිති. ලක්‍ෂ 8ක සංචාරකයින්ගේ මේ හැසිරීම අනුව ඕස්ටේ‍්‍රලියාව තම සංචාරක කර්මාන්තය පවත්වාගෙන යන්නේ මහා පරිමාණ වශයෙන් විනාශයක් ඇති කළ හැකි පුපුරන වේලාව නොදන්නා කාල බෝම්බයක් මත සිටය."

    ඇනෙ මගෙ කට. ඇය් ලන්කවෙ ඉන්න මිනිස්සු ඔක්කොම හෙන සුඩවන්ටොයොනෙ. Mඑහෙ රෙ 9 පස්සෙ කෙලකුට පරෙ බෙහෙල යන්න බෙහෙ. ඨල්ක්ස් ඩෙන්නෙ කොහොමඩ, සිර සන්කුතිය තියන සඩචරවත් රට කිය්ල. ණමට විතරක ඔහොම වෙල වෙඩක් නෙහෙ.

    Sඅල්ලිකර සුඩ්ඩො ලන්කවට එන්නෙ නෙහෙ. Mඔකො මෙහෙ උන්ගෙන් ගන කඩ්ඩනනෙ බලන් ඉන්නෙ. Sඋඩෙක් ඨ් ව්හීලෙර් එකට නෙගූත් ට්‍රිවීල් කරය උගෙන් මුලු ඩවසෙම ගන එක සෙරෙ කපනව. Uගෙ රට ඨxඉයක ගනටත් වෙඩිඅය අපෙ රටෙ ට්‍රෙව්හීල් ගනන්.

    Sඅන්චරක වියපරය ඩියුනු කරන්න ඔනම මුලිනම රට මිනිසු හරියට ඉන්න ඔන. Sඋඩ්ඩෙකව ඩෙක්කම අපෙ උන් බලන්නෙ උගෙන් ගන කඩගන්න නෙ. Eතින් මෙහේට එන්නමෙ හිගන්නඔ. Uන්ගෙන් කඩන්නවත් ඩෙයක් නෙහෙ

  24. deco says:

    sorry machan. Sinhalen type karanna gihin wechichi abeddiyak

  25. The God says:

    සුද්දගේ බාල සතුට, හෙරොයින්,…වැනි දේවල් වලට යට වී ලබන මුදලට වඩා අල බතල කලා ජිවත් වෙන එක හොදයි.

    God Bless you.

  26. The God says:

    ගැනු විතරක් නම් කමක් නැ. ඒ වගේද පොඩි ළමයින් …

  27. Senna says:

    තොපිට විතරයි හිතන්ඩ පුළුවන්, තොපේ ( සුද්දන්ගේ ) ආගම, ජාතිය, සංකෘතිය තමා හරි දේ… අනේ තෝ වගේ ගොන් කබරයෙක් … තෝ ඔය සුද්දන්ව මාකට් කරන එක කොරගනින් වෙන කොහෙට හරි ගිහින්.. ඕවා ලංකාවට වච්චිල්…

    අර ධර්මපලා තුමා මීට අවරුදු සිය ගානකට කලිනුත් තොපි වගේ කළු සුද්දෝ ගැන කියලා තිබුන…

  28. Anonymous says:

    යුනිකෝඩ් අවුලක් ද කොහෙද http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconvert… පාවිච්චි කරන්න :-)

  29. professor C says:

    Sanchra viyapraye kohewath sandahanwela neha Dupath pohosath bedayak pilibadawa.oba viyaparikayek wela mekagena danne nathi eka mama kangatuwenawa.

    ekak atta Ape lankawe tyenne nam niyama Sancharaka viyapraya nemei.

    Tawa ekak Ape sanskrutiya sanchraka viyaprayedi vikenene ne.

    eka vikunagana gana kanne ape minisuu.

    Also I want to tell you, Tourism is not Immigration.

  30. Senaka says:

    @RAAKSHA

    "අද අපිට අවශ්‍ය හොද එකාදිපති නායකයෙක්"

    හොඳ එකධිපතියෝ සහ නරක එකධිපතියෝ විදිහට වර්ගීකරණය කරන්න පුලුවන්ද?අඩුම ගානේ එකාධිපතියා කියන වචනේ කෙසේ වෙතත් හොඳ නරක කියන වචන වල තේරුමවත් ඔබතුමා දන්නවාද

  31. Anonymous says:

    testing only

Leave a Comment

——–

Add-here-new

st

contactus-n