ලෞකික ලෝක විනාශයෙන් රට රැකගැනීමේ මඟ මෙන්න

– ලෞකික සැප පසුපස යන්නන්ගේ ලෝක විනාශයෙන් රට රැකගන්න ඔබේ ආධ්‍යත්මික ශක්තියත් එක් කරන්න

2011 සැප්තැම්බර් අවසන් සතියෙන් එළැඹෙන වසරක පමණ කාලය තුල සමස්ථ ලෝකයටත් විශේෂයෙන් අපේ රටටත් විවිධ අපල උපද්‍රව්‍ය පැමිණෙන බව සඳහන් කරමින් ‘ලංකාසීනිවුස්’ අප වෙබ් අඩවියේ පලවූ පුවත් ලිපියට අති විශාල පාඨක අවධානයක් යොමු විය. එය මෙතෙක් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවියක පලවූ  වැඩිම පාඨක සංඛ්‍යාවක් කියැවූ පුවත් ලිපිය ලෙස ද වාර්තාගත වී ඉතිහාසයට එක් වී අවසන්ය. එම පුවත් ලිපිය පළවීමෙන් පසුව එහි අඩංගු කරුණු කාරණා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසමින් විශාල පාඨක පිරිසක් අප වෙත විද්‍යුත් තැපැල් පණිවිඩ විශාල සංඛ්‍යාවක් යොමු කර තිබිණි. ඔවුන් ‍බොහෝ දෙනා විමසා තිබුයේ තමන්ට ද මේ විපතින් රට දැය මූදා ගැනීමට යම්කිසි දායකත්වයක් ලබා දිය හැකි ද යන වගයි. ඇතැම් පිරිස් දොස් ද නඟා තිබින.

කෙසේ හෝ, මේ කාරණය රැගෙන අප විශේෂ නියෝජිතයකු දැඩි දුෂ්කරතා මධ්‍යයේ පෙර සාකච්ඡාව ලබා දුන් භාවනානූයෝගි තැනැත්තා මුණ ගැසී මේ පිළිබඳව වැඩි පැහැඳිළි කිරීමක් ලබා ගනු ලැබීය.

අපගේ ඉල්ලීම සානුකම්පිතව සලකා බැලූ හෙතෙම නැවත නැවතත් එකම‍ දෙය පැහැඳිළි කිරීම අනවශ්‍යය බව අපට සැළ කර සිටි අතර, ඉදිරි වර්ෂයක කාලය තුළ සිදුවන සිදූවීම්වලට සමගාමීව අප නැවත නැවතත් ස්ථීර ලෙසම ඔහු සොයා පැමිණෙන බවද දැඩි ස්ථාවරයකින් යුතුව පවසා ද සිටියේ ය. මෙහිදී, මෙම ව්‍යසනයෙන් ‘රට දැය මූදා ගැනීමට’ ශ්‍රී ලංකාවාසීන්ට කළ හැකි එක් ප්‍රධාන කාර්‍යයක් පවතින බවද හෙතෙම අප වෙත සැළකර සිටියේ ය.

ඒ අනුව, රට දැය මුදා ගැනීමට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට මෙම මොහොතේ දායක විය හැකි ක්‍රමයක් ද ඔහු අපට ඉදිරිපත් කළේය. මෙහි සඳහන් වන්නේ ඔහු විසින් අපට ප්‍රකාශ කර සිටි එම ක්‍රමවේදය යි.

2011 සැප්තැම්බර් මස 23 දින සිට රාත්‍රී 8 – 11 අතර පංචශීලය සමාදන් වී මෙහි දැක්වෙන අධිෂ්ඨානයට ප්‍රථමයෙන් සිත පිහිටුවා, ඉන්පසුව මෙහි පහතින් පළ වී ඇති පළමුවන ගාථාව 7 වරක් ද, දෙවන ගාථාව 7 වරක් ද සච්ජායනය කිරීම ඉතා සුදුසුය. ඉන්පසු පිරිත් පොතේ සඳහන් වන ජයමංගල ගාථා, ජිනපඤ්ජරය, අටවිසි පිරිත, ජය පිරිත, චූල ජිනඤ්ජරය, වට්ටක පිරිත, වැසි පිරිත, මත්ස්‍ය රාජ පිරිත සහ දසමාර පිරිත එක්වරක් බැගින් සච්ඡායනය කිරීම ඉතා සුදුසුය.

අන්‍යාගමික භවතුන් ද එම වේලාවටම තම තමන්ගේ ආගම් වලට අනුව, දෙවිවරු සිහිකර ශ්‍රී ලංකාද්වීපය ආරක්‍ෂා කර දෙන ලෙස අධිෂ්ඨාන තැබීම සුදුසුය. සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා සිට හැකි සෑම දිනකම වසරක් යන තෙක් මෙම පූණ්‍ය කටයුත්තේ යෙදීම සුදුසු බව භාවනානූයෝගියාගේ අදහසයි.

තවද, මෙහි පහතින් දැක්වෙන ‘විශේෂ සළකුණු ඇතුලත් පිංතූරය’ හැකි නම් මුද්‍රණය කර සහ හැකි නම් රාමූ කර නිවසේ බුදු පිළිමට පහළින් දෙවිවරුන්ගේ රූපවලට සමාන්තරව හෝ පහළින් තබා ගන්නා ලෙසට අප පාඨකයින් දැනුවත් කරන ලෙසද ඔහු අපගෙන් ඉල්ලා සිටියේ ය‍.

අධිෂ්ඨානය

සියළු බුදුවරයන්ගේ ශක්තියද, මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ ශක්තියද, සියළු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ගේ ශක්තියද, මේ මහ පොළවේ සිටින ඇත්තන්ගේ කුසල් ශක්තිය සමඟ සම්බන්ධ වේවා.

වස විසෙන් සහ ප්‍රාණ ඝාතයෙන් තොර ධාර්මික කෘෂිකර්මයක් ශ්‍රී ලංකාද්වීපයේ බිහිවේවා. කෘෂිර්මයට සුදුසු ස්වභාවික වර්ෂාපනයද සුදුසු පරිසර වාතාවරණයද ඇති වේවා. මේ රටෙහි සම්බුද්ධ ශාසනය සුරැකේවා. ඒ සඳහා සිව්දිගින් පැමිණෙන සකලවිධ සතුරු කරදර දුරු වී ධර්ම මාර්ගයටම ගමන් කිරීමට ශ්‍රී ලංකාද්වීපවාසීන්ට ශක්තිය ලැබේවා.

මේ පින්බිම සුරැකේවා! සම්බුද්ධ ශාසනය සුරැකේවා!

ඒ සඳහා ත්‍රිවිධ රත්නයේද, අටවිසි බුදුවරුන් ඇතුළු මේ තාක් ලොව පහල වූ සියළු බුදු රජාණන් වහන්සේලාගේ ද ශක්තිය මේ දේශයට එකතු වේවා.

පළමුවන ගාථාව,

ජයෝ මුනින්දස්ස සුබෝධිමූලෙ – අහෝසි මාරස්ස පරාජයෝ හි

උග්ඝොසයුං දේවගණා පසන්නා – එතේන සච්චේන ජයස්සු මයිහං

දෙවන ගාථාව,

ඒවංතං ආනුභාවස්ස

දීඝායූ සතෝච සත්ව සායනං

රෝගා මනුස්ස දුබ්භික්ඛ

ත්‍රිත්ව රතනං ආනුභාවස්ස

ඒවංතං සම්බුද්ධ ශාසනං

නාග ලෝකං බ්‍රහ්ම ලෝකං දිව්‍ය තේජානු භාවතං

ත්‍රිත්ව ලෝක සහානුකම්පාය

අනුරාධපුර පොළොන්නරු කෘෂි සහස්සාය

සංක්‍ෂිප්තං භෝග භාවතුං

අටවිසි බුද්ධ ආනුභාවාය රක්ඛංතු සම්බුද්ධ ශාසනං

තේමං පාරමී පූර්වාරාය

ආලෝකං ශක්තී උද්ධීපනං

පූරෙන්තු පාරමී සම්භාරයාය

මෛත්‍රි බෝධි ශක්ති චිරංතු සත්ව මනුස්ස සම්භාධ්‍යායෂ්ඨං

ඒතේසං ශක්ති ආනුභාවස්ස

ශ්‍රී ලංකාද්වීපම් රක්‍ෂිතම් සහස්සකං

විශේෂ සළකුණු සහිත පිංතූරය

පෙර පුවත : ලෞකික සැප පිටුපස ගිය ලෝකයක විනාශය මෙම මස අවසනින් ඇරඹේ

සැලකිය යුතුයි:- මෙම ලිපියේ පිටපතක් PDF ගොනුවක් ලෙස විද්‍යුත් තැපෑල මඟින් යැවීමට අවශ්‍යය නම් එය මෙම ස්ථානයෙන් බාගත හැකිය.

68,765 Viewers

——

cnewsgossip99_22_0gossoplankamuthupini

Add-here-new

contactus-n