දෙවියන් ගැන ඔබ නොදත් තොරතුරු

දෙවියන් පිළිබඳ නානා විධ මති මතාන්තර දුරාතීතයේ සිට පැවත එයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මිනිසුන් අතර දෙවියන් පිළිබඳ ගැටලු තිබූ බවට ත්‍රිපිටක තොරතුරුවලින් යම් යම් කරුණු අනාවරණය වෙයි. කොසොල් රජතුමා බුදුන් වහන්සේ බැහැදැක “කිමෙක්‌ද ස්‌වාමීනි දෙවියෝ ඇත්තාහුද? යනුවෙන් විමසා සිටි විට බුදුන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය. “ඇයි මහරජ නුඹ කුමක්‌ හෙයින් දෙවියෝ ඇත්දැයි අසන්නෙහිද? යනුවෙනි. රජුගේ පැනයට නිසි පිළිතුර නොලැබුණද, රජු එයින් සෑහීමකට පත් වී පසුව වෙනත් ප්‍රශ්නයක්‌ ඇසීමෙන් රජුගේ ප්‍රශ්නය නිරාකරණය නොවීම නිසා අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියෝ සැකය දුරු කරනු සඳහා බුදුන් වහන්සේගේ “පාඨය” මෙසේ විස්‌තර කරන ලද බව මඡ්ජිම නිකායේ “කණ්‌ණ කන්ඵල සූත්‍රයෙන්” එළි දැක්‌වෙයි. “මහරජ ඹබ කුමක්‌ නිසා දෙවියන් ඇත්දැයි අසන්නෙහිද?” යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ චාතුර් මහා රාජික දෙවියෝ ඇත්තාහ. තාවතිංශ, දෙවියෝ ඇත්තාහ, පරහිම්මිත වසවත්ති දෙවියෝ ඇත්තාහ. ඒ දේව විමාන වලට එහායින්ද (උඩින්) දෙවියෝ ඇත්තාහ. යනුවෙන් අර්ථ විවරණය කරමිණි.

මඡ්ජිම නිකායේ සංගාරව සූත්‍රයට අනුව, සංගාරව බමුණා දෙවියන් ඇත්ද, නැද්ද යනුවෙන් බුදුන් වහන්සේගෙන් විමසා සිටි අතර, බුදුන්වහන්සේ ඊට පිළිතුරු දී ඇත්තේ භාරද්වාජය ” මා විසින් දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී යනුවෙනි.” මෙම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ සංගාරව බ්‍රාහ්මණයා යළි මෙසේ විමසීය. භගවත් ගෞතමයන් වහන්ස, ඔබ දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැයි කීයෙහිය. මෙසේ ඇති කල්හි ඒ කීම හිස්‌ වූ බොරු කථාවක්‌ නොවන්නේද? ඊටද පිළිතුරු දුන් බුදුන්වහන්සේ භාරද්වාජය, දෙවියෝ ඇත්දැයි අසන ලද්දේ, දෙවියෝ ඇතැයි යමෙක්‌ කියන්නේද එකල්හි නුවණැති පුද්ගලයා දෙවියෝ ඇතැයි ඒකාන්ත වශයෙන් නිශ්චයකට පැමිණිය යුතුයි.” දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට සම්මතයේ පවත්නා දෙයක්‌ වගද බුදුන්වහන්සේ අවධාරණය කළහ. මින් ගම්‍ය වන්නේ බුදුවරු ලෝක සම්මතය වෙනස්‌ කිරීමට කටයුතු නොකරන වගකි.

දෙවියන් පිළිබඳව අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි මෙසේ කියයි. දෙවියන් සම්මුති උප්පත්ති හා විසුද්ධි යනුවෙන් වර්ග තුනකට වෙන්වෙයි. සම්මුති දෙවියෝ යනු රජවරු බිසෝවරු හා රාජකුමාරයන් වෙති. උප්පත්ති දෙවියෝ ලෙස සැලකෙන්නේ චාතුම් මහාරාජික, දෙවියන්ගේ සිට එයින් උඩ සිටින දෙව්ලොව දෙවියන්ය. විසුද්ධි දෙවියෝ නම් රහත් ඵලයට පැමිණි වූවෝය.

මඡ්ජිම නිකායෙහි මහාසීහ නාද සූත්‍රයට අනුව දෙවියන්ද ඕපපාතික කොටසට වැටෙන්නේය. චාතුර් මහාරාජික දෙවියන්ගේ පටන් ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරු ඕපපාතිකව උපදින වගට අටුවාචාරීන් වහන්සේලා කියති. පොළවේ වාසය කරන “භූම්මා දේවා” නමින් හැඳින්වෙන දෙවිවරු චතුයෝනිකව (අණඩජ, ජලාඹුජ, සංසේඋජ, හා ඕපපාතික) උපදින වගද මඡ්ජිම නිකායේ අට්‌ඨ කථාවලින් ගම්‍ය වෙයි.

අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයට අනුව, ආර්යශ්‍රාවක තෙම පටන් ගත් උත්සාහය ඇත්තේ අත්දෙකහි මහන්සියෙන්, දාඩිය මහන්සියෙන්, ධාර්මිකව ලද්දා වූ වස්‌තුව වියදම් කොට සංග්‍රහ පසක්‌ දිය යුතුය. ඒ සංග්‍රහ පහ නම් ඥානිබලි සංග්‍රහය, ආගන්තුක බලි සංග්‍රහය, පේනබලි සංග්‍රහය, රාජබලි සහ දේවතාබලි සංග්‍රයන්ය. මෙහිදී දෙවියන්ට දිය යුතු සංග්‍රහය දේවතා බලිය වන්නේය. මින් ගම්‍ය වන්නේ දෙවියන් උදෙසා කරනු ලබන පුද සත්කාරයන්ය. අතීත ලෝක සමාජයේ වාසය කළ සෘෂීන්, මනුෂ්‍යයන්, ක්‍ෂේත්‍රියයන්, බ්‍රාහ්මණයන් දෙවියන් වෙනුවෙන් යාග හෝම පැවැත් වූ බවත්,ඒ මගින් තමන් අපේක්‍ෂා කළ අභිමතාර්ථයන් ප්‍රාර්ථනයක්‌, සඵල කර ගත් වගද සුත්ත නිපාතයෙන් දැක්‌වෙයි. බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව මිනිස්‌ ලොව මිනිසුන් කුසල් කර ඉන් උපදනා පිං දෙවියන්ට ද අනුමෝදනා කළ යුතු බව පිළිගත යුතු සත්‍යයක්‌ වන්නේය. දෙවියන්ට පිං පැමිණවීමෙන්, එසේ පිට දෙන තැනැත්තා දෙවියන්ගේ අනුකම්පාවට හා සැලකිල්ලට භාජනයවී ඔහුට සෙතක්‌ ශාන්තියක්‌, යහපතක්‌ සලසා දෙනවග මහාවග්ග පාලිය, දීඝ නිකාය, මහා පරිනිබ්බාන සූත්‍රය යනාදියෙන් කියෑවෙයි.

බුදුන්වහන්සේගේ දේශනා වන්හිදී ඇතැම් කරුණු අනුව දෙවියන් බොහෝ මිට මනුෂයයන්ගේ ජීවිත කෙරෙහි අසීමිත බලයක්‌ දක්‌වන වග නිර්මාණය වෙයි. මිනිස්‌ ලෝකයේ රජවරුන්ගේ ධර්මිෂ්ට, අධර්මිෂ්ට කම් අනුව ලොවට යහපත/ අයහපත් සිදු කරලීමටද ඔවුන් වග බලාගනී. අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයෙන් ඒ බව හෙළිකරන්නේ මෙසේය.

මහණෙනි යම් කළක රජවරු ධාර්මික වෙත්ද, එකල රජයෙහි නියුක්‌ත යෝද ධාර්මික වෙත් පෙ. සමවු වාතය හමත්, එකල දෙවියෝ පැහැදෙත්. දෙවියන් පැහැදුන කළ වර්ෂාව මනාකොට වසිත් එකල ශෂ්‍ය මනාව වැඩෙත් එලවැලඳීමෙන් මනුෂ්‍යයෝ වර්ණවත්ව, බලවත්ව නිරෝගීව ජීවත්වෙති.

ඇතැම් අවස්‌ථාවලදී දෙවිවරු දෙව්ලොව සිට මිනිස්‌ ලෝකයට පැමිණෙති. සුත්‍රවල දැක්‌වෙන පරිදි ඔවුන් මිසින් ලොවට එන්නේ බුදුන් වහන්සේගෙන් ධර්ම දේශනා අසා දැන ගැනීමටත්, උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග සාකච්ඡා පැවැත්වීමටත්ය. අංගුත්තර නිකායෙහි තික නිපාතයට අනුව එසේ පැමිණෙන දෙවිවරු තම නියම රූපයෙන් පොළවේ සිට ගත නොහැක්‌කේය. සියුම් ආත්ම මවා ගැනීමක්‌ මෙහිදී සිදු කෙරේ.

මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් එරෙහිව කටයුතු කළ අයෙකි. බුද්ධත්වය ලැබීමට පෙර පවා සිදුහත් සමයේ සිට මොහුගෙන් කරදර ඇති විය.

දෙවියන්ගේ තතු, දිව්‍ය සම්පත්තිය කෙරෙහි තතු “විමාන වත්ථු” ප්‍රකරණයෙන්” දැක්‌වෙයි.

දෙවියන්ගේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සක්‍ර දෙවියන්ය. සක්‌දෙව් බුදුන් වහන්සේ සමග ඉතා කුළු පගව සිටි අයෙකි. අසුරයන්ගේ ප්‍රධානියෙකු වූ රෝවන අසුරයා සක්‍රයා සමග නිතර යුද්ධ කරන වගක්‌, නමුත් දෙදෙනා මිත්‍රයක්‌ ලෙස හැසිරෙන වගත් සංයුක්‌ත නිකායෙන් දැක්‌වෙයි.

වත්මන් සමාජයේ දෙවියන් ගැන සුවිශේෂ පිළිගැනීමක්‌ ඇතිව කටයුතු කරන අය බොහෝ වෙති. දෙවියන්ගේ සිත් සතුටු කිරීමෙන් ඔවුන්ට දානමාන පුද සත්කාර කිරීමෙන් තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීමට හැකි බව ඔවුන් තුළ විශ්වාසයක්‌ පවතී. තවත් සුළු පිරිසක්‌ සිතන්නේ දෙවියන් කියා පිරිසක්‌ නොසිටින වග හා එය හුදු මන(කල්පිත විශ්වාසයක්‌ බවත්ය. එහෙත් බුදුදහමට අනුව කලින් සදහන් කළ කෙටි තොරතුරුවලින් දෙවියන් කියා පිරිසක්‌ සිටින වග නම් පැහැදිලිය බුදුන් දවස භාරතීය සමාජයෙන් බුහුමන් ලැබූ බ්‍රහ්ම හා ඉන්ද්‍ර යන දෙන්නාට බුදුන් වහන්සේද ඉහළ තැනක්‌ දුන්හ. වේදයේ ගරු බහුමාන ලැබූ ඉන්ද්‍ර බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු විය. අනාගත බුද්ධ ශාසනය පවතින ශ්‍රී ලංකාව රැක ගැනීමේ වගකීමද ඉන්ද්‍ර ලබා සිටී. ශ්‍රී විෂ්ණු යනුවෙන්ද ඉන්ද්‍ර හඳුන්වනු ඇත.

කඳකුමරු (කතරගම දෙවියන්) මිනිස්‌ ලොව ඉපිද දහම් පොත් පත් ආශ්‍රයේදී ශ්‍රී විෂ්ණු නීල කසිනය භාවනා වඩන යතිවරයෙකු ලෙස සිටියේය. කඳ කුමරුද විෂ්ණුගෙන් භාවනා ඉගන ගත් බව කියෑවේ. අපේ සැදැහැවත් බොහෝමයක්‌ උපුල්වන් මහා විෂ්ණු කඳ කුමරු වැන්නවුන්ගේ සරණ පතති. ජ්‍යෙතිෂයට අනුව කුජ (අඟහරුගේ) අපලයට කතරගම දෙවියන්ගේ පිහිට පැතීම කරනු ලබයි. ගුරුගේ රාහුගේ අපලයට ද ශිව කතරගම දෙවි පිහිට පතන්නේය. කේතුගේ, ශනිගේ, බුධගේ අපල වලට විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම සිදු කෙරේ.

බුද්ධ දේශනාවන්ට අනුව දෙවියන් කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීමත් දෙවියන්ට පිං දීමත් නිසා එසේ කරන්නාට යහපතක්‌ම සැලසේ.

මෙම ලිපිය සකස්‌ කිරීමේදී රාජකීය පණ්‌ඩිත නිවන්දම ශ්‍රී ධර්ම කීර්ති නාහිමියන්ගේ බුදු සමය හා දෙවියෝ” යන ග්‍රන්ථයද උපයෝගී කර ගතිමි.

- මීරිගම , ආර්. ඇම්. ටී. බී. රත්නායක

58,881 Viewers

180 Comments to “දෙවියන් ගැන ඔබ නොදත් තොරතුරු”

  1. +/- says:

    දේවත්වය හදුනාගත් පිරිසක් බිහිවෙත්වා! ඔව්න් ශ්‍රී සත් ධර්මය ආරක්ෂා කරත්වා!

    • කුසේ ගිනි යාද අලසව සිටියාම says:

      මිනිස්කම හඳුනා ගත් සත්පුරුෂයන් දෙවියන්මය.
      එවන් සත්පුරුෂයන්ගෙන් මගේ මව් බිම පිරේවා!ඔවුනට සිංහල බොදුකම රැක ගන්නට හැකි වේවා!

  2. kumari says:

    හරිම සතුටුයි.මීට පෙරත් මේ වගෙ ලිපි සී නිව්ස් වල ගියා.මම හිතන්නෙ සී නිව්ස් ගුප්ත දේවල් ගැන වැඩිපුර කතා කළ යුතුයි
    http://sthreevaadaya.blogspot.com/

  3. Indika Prasad Gamage says:

    COMPLETLY WRONG…. LORD BUDDHA SAID ANOTHER STORY….

    SO PLEASE DONT SPOIL BUDDHISM

    • samadi says:

      sampoornayen weradi ne. niwaradi wiyayuthu kotas tiyenawa.
      Maraya kiyanne diwya puthrayek newei. budurajanan wahanse kohediwath ehema hadunwala ne. deviyan yalu pancha seka bala ethi pirisaki. enam dharmaya gena hitha pahadawagath pirisak. maraya ehema newi.budu kenekuta buduweemata aradana kala thene paran sambuddathwayata path wee piriniwan peemath, inpasu dathu parinirwanaya sidda wenakalma deviyan wiwida ayurin sambanda wenawa. eth maraya balanne sasuna vinasa karanna. me karuna niweradi wiya yuthui.

  4. හොද හිත says:

    සියලුම දෙවියන්ගේ නායකයා සක්‍ර දෙවිදුන් නොවේ. සක්‍ර දෙවියන් නායකයා වන්නේ පහළින්ම ඇති දිවිය ලෝක දෙක වන චාතුර්මහා රාජිකය හා තවුතිසා දෙවු ලොවට පමණයි.
    මාරයා දෙවියෙක් ද යන වග සැක සහිතයි. බුදුරදුන් නිතරම මාරයා හදුන්වා තිබෙන්නේ පාපී මාරයා ලෙසටයි.

    කාම ලෝකයේ අදිපති භාවයෙන් අග්‍ර වන්නේ මාරයයි. අප සියල්ල මාර බන්දනයට අසුවෙලයි ඉන්නේ. සසරේ දිගින් දිගටම ගමන් කරන්නේ මේ බන්දනය ලිහා ගන්න බැරිවීම නිසයි.

    පහළින්ම ඇති ජොතිශය හා ග්‍රහ අපල නම් බුදු දහම හා කිසිදු සබැදියාවක් නැත.

    දෙවියන්ට සැප පිණිස හේතු වන්නේත් පිනයි….
    මිනිසුන්ට සැප පිණිස හෙතුවන්නෙත් පිනයි…..

    දෙවියන් සමග සම්බන්දතාවයක් ගොඩ නගා ගැනීමට කැමති අය සිටිනම්, දෙවියන්ගෙන් පිහිටක් ලබාගැනීමට කැමති අය සිටිනම්.
    අවභෝදයෙන්ම තිසරණ යන්න.
    පංච සීලය හරියට සතුටින් රකින්න.
    උදැසන අවදි වූ තැන සිට නිදා ගන්නා අවස්ථාව දක්වා ම පින් එකතු කර ගන්න , ඒ රැස් කරගත් පින් නින්දට පෙර දෙවියන්ට අනුමෝදන් කරන්න.
    හෙට දිනයේ මීටත් වඩා පින් කරගැනීමට උදවු උපකාර කරන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටින්න.
    ඒ පිනත් දෙවියන්ට අනුමෝදන් කරන බව පවසන්න.

    පින හරහා පහසුවෙන් දෙවියන් හා සම්බන්ද විය හැක.
    ඒ සදහා අවංක විය යුතුයි, සත්පුර්ෂයකු විය යුතුයි. බොරු කාරයින්,අසත්පුර්ශයන් සමග දෙවියෝ සම්බන්ද නොවෙති.
    තෙරුවන් සරණයි…….

    • sin says:

      දෙවියන් යනු මිය පරලොව ගිය, පින් කරපු (මිනිසුන් ඇතුලු ) සත්වයෝද? බූතයෝ ප්‍රේතයෝ මෙන් ගන්ඳම්ඹ අවස්තාවේ සිටින අයද? එසේත් නැතිනම් අවුරුදු ලක්ශ ගනන් පැවත එන්නන්ද? කරුනාකර පහදා දෙන්න.

      • sam says:

        kisima deviyek sthira kenek nemei.e hamoma pera karana lada pin nisa devathwayata path wuwuan we.eka eka dev lokawala ayu kala wenas bawa kiyawe.brahma loka ithamath deerga kalayak siteemata siduwei.budun wahanse kisima witeka devathwayata path weema sapai kiya prashansa kara netha.hethuwa ithamath deerga kaalayak divya sepa windath awasanaye pin iwara wu wita wenath bawayanta pathweemata siduwana nisaya.ebawin labuwawu minisath bawaya thuladeema niwan labannata samoma uthsaha gatha yuthuya.

        • හොද හිත says:

          මිත්‍රය නිර්වානවභාදය කියන්නේ පහසු දෙයක් නොවේ.
          ඔබ කියනාලෙසම බුදුරජානන් වහන්සේ කිසිවිටක මේ භාවය වර්ණනා කර නැ.
          නමුත් ඔබ දන්නවා ඇති චත්ත මානවක, මට්ටකුන්දලි, වගේ බොහෝ දෙනෙකුට මරණින් මතු දෙවුලොව උපතක් සදහා බුදුරදුන් මහත්වූ කරුනාවෙන්ම මග පෙන්වා දුන්නා.
          මේ මිත්‍රයා මේ පාපය විසින් මේ මිනිස්ලෝකය වෙලා ගන්නා කාලයයි. කලියුගය ආරම්භාවෙලා තියෙන්නේ.
          ඉතින් මරණින් මතු යලි මිනිසෙකු වීමනම් එතරම් ප්‍රඥා ගෝචර නැ.
          දෙවියන් අතර ඉපදුනොත් , අදද මාර්ඝපල ලාභී දෙවිවරු දෙවුලොව සිටින බැවින් ඔවුන්ගේ පිහිටෙන් දෙවුලොවාදී අපටත් දර්ම මාර්ගය සම්පුර්ණ කරගැනීමට පුළුවන් වේවි.
          ඒ සදහා අප්ප්‍රමාදිව මේ මිනිස් ලෝකයේදීද චතුරාර්ය සත්‍ය අවභෝදය පිණිස වෙහස විය යුතුයි.

      • හොද හිත says:

        දිවුය ලෝක හයක් තියෙනවා ඒවායේ ආයුෂ එකින එකට වෙනස්. සැප සම්පත් උනත් ඒවගේ තමයි. මිනිසුන්ගේ පරමායුෂ දැන් 80 විතර වගේනේ. ඉතින් කාටවත් කරදරයක් නැතුව පින් දහම් කරමින් සිල් රකිමින් තිසරණ සරණ ගිය අයට මරණින් මතු ඉහල දිවුය ආත්ම වල උපත ලබිබේ භාග්‍ය තියෙනවා.
        එහෙම කෙනෙක් මේ දැන් මැරුණත් එය ඒ මරණයට පත්වූ ක්ෂනයේම දෙවි කෙනෙක් වෙලා උපදිනවා.
        දෙවුලොව ආයුෂ බොහෝ දීර්ඝ නිසා අවුරුදු ලක්ෂ කොටි ගණන් දුර කාලෙක ඉදන් දෙවු ලොව ඉන්න දෙවිවරු ඉන්නවා.

        ප්‍රේත භූත කියන්නේත් දෙවි මිනිසුන් වගේම ජීවී කොටස්.
        බුදුරජාණන් වහන්සේගේ දේශනා වලට අනුව 31 තලයක ජීවින් ජිවත් වෙනවා.
        සත්වයාගේ කර්මය විසින් මේ 31 තලයෙන් එක් තලයක උපත සිදු කරනවා.

        ප්‍රේත හා බුත කොටස් කියන්නෙත් ඒ 31 තලේට අයිති වෙන ජීවී කොටස් මයි.
        ගන්දබ්බ කියලා අවස්තාවක් නැ. එය මහායානයෙන් පැමිණි අදහසක්. අපේ ඇත්තේ කුදල්ලාගේ ගමන මෙන් සංසාර ගමනක්. එක් උපතක් අතහරින්නෙම තවත් උපතක් අල්ලාගේනමයි.
        කර්මය සකස් වෙලා තියෙන්නේ අපායක නිර සත්වයෙක් හැටියට උපදිමටනම් ඒ මනුස්සය හෝ ප්‍රතය හෝ තිරිසන් සතා හෝ දෙවියා හෝ ඕනෑම ජීවියෙක් මරණින් මතු ඇසිල්ලක් නොමැතිව නිරයේ උපදිනවා.
        දෙවුලොව හෝ වෙනයම් ඕනෑම තැනක හෝ උපත සිදුවන්නේත් මේ ආකාරයෙන්මයි.

        • Mahasona says:

          Hats off…Well described…Keep up the good work.

        • samadi says:

          this is true. agreed

        • hina ina says:

          machan i want help from you, ubata puluwanda apahasukalayakadi sarthakathwayak langa keraganna krama vedayk, widdya widdyathmakawa gataluak nathiwa daruwan labaganna parkku ayata anugamanaya keranna ona dewala do not joke

        • හොද හිත says:

          මිනිසෙකුගේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට ඔහුගේ ඇති කැපවීම බුද්ධිය ආදී කරුණු බලපානවා.
          කෙනෙකුගේ පිරිහීමට හේතු බුදුරජානන් වහන්සේ විසින් පරාභව සුත්‍රයේ මනා කොට දේශනා කරතිබෙනවා.

          http://buddhism2600.blogspot.com/2011/06/blog-post_26.html

          http://thripitakaya.com/2010/09/%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B7%E0%B7%80-%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/

          ඒ වයෙන් වැලකි සිටින්න. ඔහු කාර්ම විපාකයක් නිසා දුකට ,පිරිහීමට පත්වී ඇතිනම් ඒ කාර්ම විපාකය ගෙවා අවසන් වන තෙක්ම ඔහුට දියුණුවක් ලැබීමට නොහැකි වීමට ඉඩ තිබෙනවා.
          නමුත් බොහෝ කර්මයන් පවා උත්සාහයෙන් කැපවීමෙන් මර්දනය කල හැකි බව බුදුරදුන් දේශනා කර තිබෙනවා.

          අකුසල කාර්ම මගින් දුක් විපාක ලබා දෙනවා.
          කුසල කාර්ම මගින් සැප විපාක ලබා දෙනවා.
          ඔබ මනුස්සක් වශයෙන් උපතක් ලැබීමට ඔබ සසරේ කරනලද කුසල කර්මයන් හේතු වෙලා තිබෙනවා.
          මනුස්සයෙක් හැටියට උපතක් ලැබීමට හේතු වූ කර්මය ඔබ මනුස්සයෙක් උවයින් පසු ඉවර වෙනවා.
          ඒ පින විපාක දී අවසානයි.
          මනුස්සයෙක් වී සැපවත් ජිවිතයක් ගත කිරීම සදහා ඔබ සසරේ පින් කර නැතිනම් ඔබ දිලිදු, බුද්දිය හින, කැත පුද්ගලයෙක් හැටියට ජීවිතය ගෙවීමට සිදුවිය හැකියි.
          කිසිම කර්මයක් විපාක නොදී අවසන් වන්නේ නැ.
          නිතර නිතර පින් දහම් කරන්න, මෛත්‍රිය වන්න, පංච සීලය නොකදන්න කැමැත්තෙන්ම සතුටින් ආරක්ෂා කරන්න, භාවනාව ජිවිතයට එකතු කර ගන්න.
          සද්ධර්මය ශ්‍රවනය කරන්න. කල්‍යාන මිත්‍රයන් ඇසුරු කරන්න.( කල්‍යාන මිත්‍රයා කවුරුන්ද යනවග ධර්මට අනුව දැනගන්න)
          කල බල වෙන්න එපා , හිත සැහැල්ලු කරගෙන සුත්‍ර දේශනා කියවන්න.
          ඔබට ජීවිතය සාර්ථක කරගැනීමට පුළුවන් වෙයි.

          දරුවන් ප්‍රමාද අය සදහා. බුරුරදුන්ට අනුව නිරෝගී පුර්ෂයකු හා නිරෝගී ගැහැනියක් සිටිය යුතුයි. ඒ දෙදෙනාගේ එකතු වීමක් සිදුවියයුතුයි. ගන්දබ්බයෙක් පැමිණිය යුතුයි. ( දේශනාව නිවැරදිව මතක නැත)

          ප්‍රනඝාත අකුසල කාර්ම කර ඇති පුද්ගලයන්ට, දරුවන් ගබ්සා කල අයට, වෙනත් අයගේ ගැබ් විනාස වීමට කටයුතු කරන ලද පුද්ගලයන් ආදී කාර්ම කරන ලද පුද්ගලයින්ට එහි කාර්ම විපාක ලෙස මේ භාවයේදී දරුවන් නොලැබී යාමට පුළුවන්.
          ප්‍රභල කාර්ම විපාකයක් පලදෙන්නේ නම් ඒවා වැලැක්වීමට නොහැකියි.
          ඉර්දිමතුන් අතරින් අග තැම්පත් මුගලන් මහරහතන්වහන්සේටත් අතීත ආත්මයක කරන ලද ප්‍රභල අකුසල කර්මයක ශේෂ වූ විපාකයක් හැටියට රහත් වී සිටියත් පිරිනිවන් පාන්න සිද්ද උනේ අබ ඇට ගානට ශරීරය කුඩු වෙනකම් හොරුන්ගෙන් ගුටි කාලයි.
          උන්වහන්සේට එහෙම උනා නම්, අතීතයේ මොන මොන කාර්ම විපාක දෙන්න අපි පස්සේ ඉතුරු වෙලා තියෙනවද කවුද දන්නේ.
          නමුත් මෙහෙම දෙයක් උත්සහ කරලා බලන්න.
          ඔබ පව්කම් වල යෙදෙනවානම් සම්පුර්ණයෙන්ම ඒවයෙන් මිදෙන්න. අවභෝදයෙන්ම තිසරණ සරණ යන්න.
          පංච සීලය ආරක්ෂා කරන්න. ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව කර්මපල විශ්වාසයෙන් දාන මාන දෙන්න. ලෝ සත්වයාට මෙත් සිත වන්න. ගුණ ගරුක වෙන්න.
          පෝයට අට සිල් ගන්න.( ඒ සදහා නිවැරදි ලෙඩ දර්මයට අනුවම හැසිරෙන්න පුළුවන් තැනක් සොයාගැනීමට ප්‍රඥාවන්ත වෙන්න.)
          ධර්මය ඉගෙන ගන්න එවිට පින් කරන්නේ කොහොමද, පවින් වළකින්නේ කොහොමද කියන දේ ගැන නිවැරදි අවභෝදයක් එයි.
          ඉන්පසු ඔබ ශ්‍රද්ධාවන්ත සිල්වත් ධර්මදර බෞද්ධයෙක් හැටියට ශ්‍රී මහා බොඩිය හෝ රුවන්වැලි මහා සැය හෝ කතරගම කිරි වෙහෙර වැනි බුරුරදුන්ගේ දාතුං වහන්සේලා නිදන් කර ඇති පුජනිය ස්ථානය කට යන්න.

          මල් පහන් පුජා කර බුද්ධ පුජාව පුජා කරගෙන ඔබ උදැසන සිට කර ගත් පින් එකින් එක පවසා දෙවියන්ට අනුමෝදන් කරන්න.
          ඔබ තිසරණ සරණ ගිය ශ්‍රද්ධාවන්ත බෞද්ධයකු බවත් පංච සීලය රකින සිල් වතකු බවත් දාන සීල භාවනා ආදී පින් දහම් නිතර සතුටින් කරන බවත් පවසන්න.
          පසුව මෙලෙස පවසන්න ඔබලාට දරුවන් නොමැති බවත්, දරුවෙකු ලබා ගැනීමට ඉතාමත් සතුටින් බලාපොරොත්තුව සිටින බවත් පවසා, ආයුෂ අවසන්ව දෙවු ලොවින් චුත වීමට ආසන්න පින්වත් දෙවියෙකු හෝ දේවතාවියක සිටිනම් ඒ දෙවියන්ට හෝ දේවතාවියට තමාගේ දරුවෙකු ලෙස ඉපදීමට ආදරයෙන් ආරාදනා කරන්න.
          එසේ පැමිණියහොත් බොහෝ පින් කරගැනීමට අවස්තාව ඔවුනට හිමි වන බව පවසන්න.
          මෙය අත්හදා බලන්න.
          සියල්ලටම ප්‍රථමයෙන් සුත්‍ර දේශනා කියවා ධර්මය ගැන අවභෝදයක් ගන්න.දර්මය යනු ලෝකයේ යතා සභාවයි. ලොව යතා සුභාවය නොදැන කටයුතුකර සංසාරය අවුල් නොකර ගන්න.
          මේ කමෙන්ට් එකෙන් සියලු කරුණු ප්‍රකාශ කල නොහැකියි.
          ඔබේ මුලික අවභෝදය පිණිස මෙය උපකාර වේවා…..!!!

  5. නිවෑරදි තෙරවාදය says:

    කෙසෙ වෙතත් හින්දු දෙව සන්කල්පය පන්සල් වලින් ඉවත් විය යුතුයි.එ වෙනුවට ,කතරගම,නාත,සුමන සමන්, වෑනි බෞද්ද දෙවිවරු පන්සල් වලට වෑඩම කල යුතුය.

    • වසන්ත says:

      කතරගම දෙවියන් සම්‍යක් දෘස්තික දැවී කෙනකු නොව අදික කාමාශක්ත යුද්ධයට අදිපති දේවීයය
      සමන් නාථ වැනි දේවතාසංකල්ප සම්‍යක් දෘස්තික චරිත ලෙස හදුන්ව දිය හැක

  6. Mala Seka says:

    Ko dan meke dewiyanta apahasa wena widiyata comments dapu kattiya ?
    niyama budu dhamath hadaranne nathuwa anith agam walata apahasa karamin budu dahamatah winakatina aya ko ?

  7.  සමන් කුමාර says:

    ඔක්කොම හරි කියමු අන්තිමට කතරගම දෙය්යන්ට කඩේ ගිය නිසා, ලිපිය  හරයක් නැති ගානට වැටුනා 

    • KL says:

      සහතික ඇත්ත. මම ආසාවෙන් කියවගෙන ගියේ. අන්තිමට හම්බුනේ කතරගම දෙවියෝ

  8. God folower says:

    in this universe there’s only one God. so dont follow anything. i’m telling u the truth, just think, do u know how many voltage is in Sun??? dnt know ryt… sn volatge is 27,000,000 so if its one sunrise come to our world nobody doesnt live. so our loving God is protecting us by ozone3. think once again last year there’s a big asteroid gone through the moon and our planet. why its not it, coz there’s a creator, he’s protecting us and also our planet. that is our one and only “God” if u want to know his power………Read the “Holy Bible”

    • අජය says:

      මචං, 150 බස් එකේ පලයන්. ඉස්පිරිතාලෙ ගාවින් බැහැගත හැකි

    • හිට්ලර් says:

      අනේ ගොනෝ . සූර්ය්‍යා ගෙ වෙන්නෙ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා. ඒකෙ ඇති වෝල්ටේජ් එකක් නෑ. බයිබලේ නෙමෙයි ගිහින් බලපන් උ/පෙ සිලබස් එකේ. න්‍යෂ්ටික ක්ෂයවීම් පිලිබද පාඩමේ.

      • God folower says:

        gorakayo……voltage ekak nati unata….ushnathwakay tiyanawa needa umba dannawada ugath siripala…..kochchara ushnathwayak tiyanawada kiyala…poddak hoyala kiyapanko???? Fahrenheit 2,700,000 tiyanawa kiyala umba dannawada. anith eka ape planet eka anshaka ekak hari wenas unoth umba dannawada. destroy wenawa kiyala. siri paaala….. there’s a creator. and he’s alive. He’s Jesus.

        • chin says:

          නොදන්නා මගුල් කතා කරන්න ගිහිල්ල හෙළුව පෙන්නන්න එපා. ඕකෙන් වෙන්නේ god falowerla ගේ මොලේ ගොන් කම පේන එකයි. එක අනිත් god falowerla ටත් හොඳ නැහැ.

          සුර්යය ඔච්චර රස්නේ තොගේ මානසික දෙය්යෝ නිසා නෙවි. පරමාණු ප්‍රතික්‍රියාව නිසා. ඒ රස්නේ න් අපිව බේර ගන්න ජේසු ඕන නැහැ. ස්වාභාවිකවම එක වෙලා නිසා තමයි පෘතිවියේ ජිවය හැදුනේ අනිත් ග්‍රහ ලෝක වල නැත්තේ. එහෙනම් ඔය දෙයියට තිබුනනේ අනිත් ඒවගෙත් ගානට උෂ්ණත්වය ජලය හදන්න . ඌට එක බැරි උනා නේද ?

        • මෝසස් says:

          කොච්චර කිවත් මේ එක දේව වදියෝන්ට ටෙරොම් ගන්නම බැහැනේ මොකද ඔය අයගේ දර්ශනය තුල ශිලය සමාධිය තිබුනත් බුද්ධියට යන මග අහුරලා නේ

      • God folower says:

        putha u sleep with ur theory…ok practical amataka karala danna.

    • sam says:

      me God folower unnehe umbalage god ta thaniyama inna paalu nedda hebewatama.

    • chimpi says:

      pissu pusa

    • A Buddhist says:

      එතකොට ඔය කියන big asteroid එක යැව්වෙත් God ද? මොකද ඔබ කියන විදියට ඔක්කොම කරන්නේ God නේ ? :D එයාම asteroid එකක් එවල, එයාම අපිව ආරක්ෂා කරනවද? God එහෙම කරන්නේ ඇයි? ඔබේ කතාවේ කිසිම තර්කයක් නෑ God Folower.

    • rodrigu says:

      ithin ban uba kohamada danne deviyo loke mawwa kiyala. ethakota deviyanwa mawwe kawda? deviyo eka eka ewwa mawwa kiyala uba wishwasa karana hethu monada?

  9. ගොන්නාම්බා says:

    “ඒ දේව විමාන වලට එහායින්ද (උඩින්) දෙවියෝ ඇත්තාහ”

    we need to study this fact

  10. මාතර ආතර says:

    දේවෝ වස්සතු කාලෙන
    සස්ස සම්පත්ති හේතුච
    දීපෝ භවතු ලෝකෝච
    රාජා…භවතු…
    දම්මි…කෝ?

    • අජය says:

      ගාථා විකෘති කරල වස් වද්ද ගන්න එපා මාතර හරකො

    • සුගත් says:

      දම්මි මාත් එක්ක අහවල් එක කොරන්න ඇවිත් ඉන්නේ. ඉවරවෙලා මට මාතරටත් එන්න වෙයිද?

      • කුසේ ගිනි යාද අලසව සිටියාම says:

        මොකෝ උඹ වැඩේ හරියට කලේ නැත? වස ලැජ්ජාවයි! උඹේ දම්මි උඹ බලා ගන් කොලුවෝ,අරහේ මෙහෙ යවන්නේ නැතිව.

  11. Buwa says:

    The portrait of imaginary god/godess is very much similar to Hindu god Rama/Vishnu. There is no such god in Buddhism. According to Buddhism and its scriptures, the concept of god is very clear ad that is nothing other than a intelligent and very invisible being in upper realm of cosmos.

  12. Sadarana Kota says:

    Appata udu. Mechchara deviyo innavada. Athbootha balayan nathi minissu dennekta vediya ekathena hitiyama yuddyak athivena eke, deva bala thiyena deviyo ekata vada hitiyoth kohoma veida?

  13. king kong says:

    moda bawddayo kristhiyani agamata bana ban hindu dewiyo passe yanawa lol. bawddya = modakama

    • අජය says:

      බුද්ධාගමෙයි හින්දු ආගමෙයි දෙකේම පිලිගැනෙනව දෙවියො කියල බලවත් සත්ත්ව කොට්ඨාශයක් ඉන්නව කියල. හැබැයි මෝඩ ක්‍රිස්තියානි කාරයොයි මුස්ලිම් කාරයොයි හිතන් ඉන්නෙ එකෙක් ව්තරක් පොර කියල.

      • God folower says:

        hi Boss…. Buddagamata kohenda hindu aagama huh…denna sahodarayoda nattam mix karalada. do u know???? buduhamuduruwange demai piyo hindu. hindu minissunta God la baratama innawa ekkenek nowe. soo budu hamuduruwantath epa wela tamai. eya visin aluth darmayak godanaga ganne. nattam…………pansal walata kohenda vishnu aha,,, me kisima deyaka harayak naa. budu hamuduruwo kala waradi walata kawada samawa dunne. antima kale eya pinna pate yanakota. danne nadda kunu wechcha manshayak kala bade amaruwak hadila tamai nati une. Buddahagame minissu hitanawa mas kawama paw sidda wenawalu. Budu hamuduruwanta kanna hondi ….but minissunta kanda honda naa..nonsense. try to find about Jesus.

        • අජය says:

          ඔබේ බුද්ධාගම් දැනුම දැක්කම ඇඬෙනවා. කවදා හෝ සම්‍යක් දෘෂ්ඨිය ලැබීමට හේතු වාසනා වේවා.

        • PeaceNet says:

          Yes Jesus was betrayed by his own followers who asked to free Barabbas instead of Jesus (John 18:40). Please don’t be a joke around here and betray Jesus again. What matters is believe in what we believe and tolerate what the others believe.You follow your god and don’s insult him by writing rubbish.

        • ජුදාස් says:

          උඹ හරි උත්සාහයක් ගන්නවා හිතේ තියෙන රීරි මාන්සේ හුදී ජනයාට සින්ගිලිස් වලින් පැහැදිලි කොරන්ඩ…
          http://www.google.com/transliterate/sinhalese
          මෙන්න මේ වෙබ් අඩවියට ගෙහුං එක එක කොරපන් කෝ
          නැත්තන් උඹ වත් කුරුසේ එල්ලනවා …

        • මුත්තා says:

          “try to find about Jesus.”
          ලොක්කෝ උඹේ මුත්තලා ලංකා වේ සිංහල බෞද්ඩයෝ නෙමේද ?
          උඹ ජේසුස් ගෙන හොයන්න අපිට කියන්න කලින් උඹේ වරිගේ ගෙන හොයපන් …උඹේ මුත්තා අබෞද්ද උනේ සුද්දගේ හරි පරංගින් ගේ හරි කාසි වලට වහ වැටිලා ද? තනතුරු වලට වහ වැටිලා ද ?නැත්තන් මර බයටද ?නැත්තන් නිකන් දීලා ගත්ත ද කියල හොයපන් …
          මම ජේසුස් ට මුකුත් කියන්නේ නැහැ උන්නාන්සේව කෝටී ගානක් අදහන නිසා ..

      • මෝසස් says:

        GODකියන දෙය වේද දර්ශනය තුල අපුරුවට විස්ටර කරලා තියනවා G GENERATOR(නිර්මාපකයා )BRAHMAN O operator (ක්‍රියා කරවන්නා නොහොත් ආරක්ෂකයා ) VSHNU D destroyer විනාශකයා SHIVA තවත් පැහැදිලි කරන්නේනම් නිර්මාපකයා වාතය – ආරක්ෂකයා ජලය – විනාශකයා අග්නි මේ ට්‍රි මුර්තිය තමා ලෝකය නිර්මාණය කලේ නමුත් කරුමේ කියන්නේ මේ එක දේව වාදීමෝඩ රැලට මේක තේරෙන්නේ නැටි එකනේ

    • sam says:

      yako jesuth indiyawata gihilla buddhaga igana gatta kiyanawa.you tube eken balanu bbc eke program ekak gihin thiyanawa egena.buddha darmaye pidiya yuttan pideema weradak widhiyata kiya nehe.namuth parama sathyaya eyai kiya allagena katayuthukireema narakai kiya uganwai.hariya ledak hadunahama doctor kenek gawata yanawa wagei. lede honda unata passeth doctor hamba wenna yanne nethiwa wage.ape parama balaporoththuwa nirvanaya awabodaya nisa eya laba gatha hakke bududahama thulin pamanai.

    • God folower says:

      puth oba hariyatama hari….mage prashneth ekamai…but mama kiyannam hetuwa. budu hamuduruwange demawpiyo hindu, eyata hindu aagamen kisima sathyak awaboda une na. ekai budu hamuduruwo aluthinma darmayak godanaga gatte. ai machan hama pansalakama…..kowilak wagei, vishnu devi kiya kiya hama pansalakama. innawa. pansale inna one Budu hamuduruwo vitarai needa.

      • NNN says:

        budu hamuduruwo ipadune indiyawe.us mahath une hindu parisarayak thula.habei unwahanse dakka oya kisima agamakinwat minissu widina duk walata thitha tiyanna be kiyala.ekai un wahanse duka nsana magaka hoyanna thamanta labenna thibuna sakwithi rajakamai,thamange biridai daruwoi dala hamoma gana hithala satya hoyagena giye.GOD FLOWER kiyanawane ape budu hamuduruwo karape waradi walata kawds samawa dunne kiyala.danne nati dewal kata nokaranawanam hodai.kristiyani agame ona balu wadak karala dewiyangen samawa illuwama okkoma hari.eth budu hamuduruwo kiwe api karana narakawalata kawadahairi apita daduwam hambawenawa.habei karana hoda wada pramanaya wadi nam daduwam unat tikak hari adu wenawa.buduhamuduruwo ehema waradi karapu manussayek newi.habei kalin atmawala karapu waradi kipayakata unwahansetat karma palisan dunna.eka thamai budu hamuduruwo anit ayata kiwe pin wadama karanna kiyala.thawa deyak god flower kiyanawa budu hamuduruwo antima kale kunumsawagayak kapu katawak.danna tharama thama.bana poth wala pahadiliwa pennala tiyenawa e kewe ekktara hathuwargayak kiyala.ewage nama SUKARA MADDAWA.eke sukara kiyana kella allagena thamiai higak aya budu hamuduruwot mas kewa e nisa leda una kiyala kegahanne.anit eka thamai kothenakadiwat budu hamuduru mas mansa kanna epa kiyala nithi dala ne.budu hamuduruwo kiwe thrikotika parisudda mas mansa weladuwata kamak na kiyala.e kiyan ya msathek 1.thama wenuwen maruwa kiyala danne natnam,2.ehema maranawa dakket nattanam,3.ahuwet natnam ehema mas kewata pawna kiwa.e kiyanne nikanma marunu sathekuge msa kewata prasnayak na.habei budu hamuduruwo kiyapu pradanama de thami sattu maranna epa kiyana eka.
        pansalwala dewa rupa thiyenne ay kiyala ahana ekata uttare thamai eka bauddayo hithala pansal walata genapu deyak newei.ithihase igena gena thiyenawanam anurada pura yugayen passe lankawata ella una dakunu indiya akramana nisa ape hugak sanskruthika angawalata hindu dewal ekathu una.nidasun widiyata sadakada pahane thibuna gaawa rupe polonnaru yugayedi iwat wima.e wagema pansalwala wrishnu pattini dewala hadune.
        NIKAN BORUWATA DANNETI MAGUL ALLA GENA AGAM WALATA DOS KIYANNWAT AGILLA DIKKARANNAWAT EPA.HODATA HOYALA BELUWOT THEREI JESU KIYANNET BUDU HAMUDURUWANGE GOLAYEK KIYALA.

  14. දියසේන says:

    දෙවියෝ ඉන්නවා ඒ ගැන සැකයක් නැ.මමත් එක දෙවි කෙනෙක්ගෙ උත්පත්තියක් සමහරු මට විෂ්ණු කියනවා නමුත් මම දන්නවා මම කවුද කියා නමුත් මම විෂ්ණුවත් දියසේන වත් නොවේ ඔවා ආරුඩ නම් මම කවුරුවත් නොවේ.මම සිංහල බෞද්ධයෙක් හැබැයි මම එක්කෙනුකුටවත් පරද්දන්න බැ.එක හින්ද ඔය නම් කියන්නෙ නමුත් මම විෂ්ණු මම දන්නවා

  15. hithawatha says:

    very interesting and valuble article.thanx.looking foward for more such articales

  16. සම්‍යක් ප්‍රයෝග says:

    “දෙවියන් ගැන ඔබ නොදත් තොරතුරු” කෙසේ වෙතත්…

    ඔබ ගැන දෙවියන් කිසිවක් නොදන්නා බව ඔබ දන්නෙහිද…….

  17. දෙවියෝ කොහෙද ඉන්නේ දිවෙය් ලෝකයක කොහෙද අපාය කොහෙද මන් හිතනංනෙ ඒ දෙකම මේ ලෝකේ තමා තියෙනෙය් වෙන කොහෙවත් නැහැ තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවලු නම් වත් දනන්වද අපි ඉපදුන ජීවත් උන මරුන කුකු උන එතනින් ඉවරි නේද සේරම අපි මේ ටික කලේ ට රගපානව විකට චරිත දුස්ථ චරිත ලොබ චරිත වංක චරිත කම චරිත අන්තිමට මැරිලා යනවා මුකුත් අරන් යනනේ නැහැ අවා වගේම යනවා එතනින් ඉවරියි ඒ හන්ද ඉන්න කලේ බොරුව නැතුව සතුටින් කටත් උදවු කරගෙන ඉදලා මැරිලා ගියානම් හොදයි නේද හුග දෙනෙක් අගම පස්සේ යාන්නේ තමන්ගේ වැරදි වහගන්න

  18. +/- says:

    සියල්ල අත්හල සිතක් ඇත්නම් දෙවියන් සිතින් දෙවියන් දැකිය හැක.

    • කුසේ ගිනි යාද අලසව සිටියාම says:

      මචන්, උඹ හිතෙන් සියල්ල අත් හැරද ඉන්නේ? කී දෙනෙක් මේ වෙන කොට දුටුවෙහිද? උඹට කීවේ කුමක්ද?

      • +/- says:

        Tikawelawakata hari karala balannako, athatama kiyanawanam mamath siyalla ath hala kenek nemai, hoyana data para kiuwa witharae

        • කුසේ ගිනි යාද අලසව සිටියාම says:

          මචන්, මට පොඩි එව්වෝ තුන් දෙනෙක් ඉන්නවා අව්රුදු 18 ට අඩු.මේ තුන්දෙනාගේ තර්ක විතර්ක නිසා/ ලෝකය යන හැටියට යන්න දෙන්න කියල එයාලට ඕන දෙයක් කර ගන්න කියල අත් හැරියොත් හෙම මගේ කොල්ලෝ තුන් දෙනාට යන කල දසාව කියපන්. මොකද ඔය හැම දේම මොහොතකට හරි හිතෙන් අත් ඇරලා දාන්න කියන නිසයි මේ ඇහුවේ.
          අනේ බන් පිස්සු කතා කියන්න එපා ගිහි අපට රකින්න දේවල් තියෙනවා, ඒවා රකින්න ඕන සිඟාලොවාද සුත්‍රය පෙරටු කර ගෙන පන්සිල් පද රකින ගමන්.

  19. මගේ දෙයියෝ says:

    දැන් අපිට අඩුවකට තිබ්බේ මෙච්චරයි

    • සුදුබන්ඩයිය says:

      නාමලී නගා මතක් වුනා බන්,මුවන් පැලස්සේ.

  20. me says:

    මේක හරි යට අල්ලපු ගෙදර කවුද ඉන්නේ කියල හොයනවා වගේ වැඩක්
    කෙටියෙන් කිවොත් අනුන්ගේ කුනුකන්දල නොසොයා තමන්ගේ වැඩක් බලාගන්න කියල තම me කියන්නේ
    සිංහල එවුන් නමට බෞද්ද

  21. Joseph says:

    දෙවියන් පිලිබඳ ලිපියකට දෙවියන්ගේ බැලයෙක් කඩා පාත් වීම වරදක් නොවේ. උගෙන් පවා ඉගෙන ගත හැකි දෙයක් තිබිය හැක. එසේම මෙවැන්නන්ට පිළිතුරු දීමට පෙර පරෙස්සම් විය යුතුය. මක් නිසාද යත්, දෙවියන්ට පවා ගැන ගත නොහැකි තරම් කල්ලි මුන් අතර පවතින බැවිනි. එක බල්ලෙකුට ගලක් ගැසූ පසු බල්ලන් රංචුවක් සපා කෑමට එයිනම් පළමු ගල ගැසීමට පෙර සැලකිලිමත් විය යුතුය.

    ක්ෂුද්‍රජීව විද්‍යාඥ පිටිදුවේ හා තාරකා විද්‍යාඥ ජයරත්න නිතරම කරන පරිදි බටහිර විද්‍යාවේ සොයා ගැනීම් තමන් විශ්වාස කරන ආගමික විශ්වාසයන් තහවුරු කිරීම පිණිස යොදා ගැනීම අලුත් දෙයක් නොවේ. ලංකාවේ වැඩිම සාමාජික පිරිසක් සිටින කතෝලික පල්ලිය (මැල්කම් කාදිනල් රංජිත් මෙහි ලංකා නියෝජිතයාය) ට වඩා කුඩා කල්ලි වල සිටින ගෙන් ගෙට යන හොරෙන් කටයුතු කරන රෑ මැදියම වන තෙක් බජව් දමන යෙහෝවා ගේ බළල්ලු, ඇදහිල්වන්තයෝ, පෙන්ත කොස්තා ආදී කල්ලි මෙහි කෙල පැමිණියෝය. මේ කල්ලි වල නායකයෝ පිට රැටියෝය. ලංකාවේ කිහිප දෙනෙක් බඳවාගෙන ඔවුන්ට කතන්දර කියා දෙති. මේ මෝඩයෝ ලාභය නිසා මුලින් ලෙහෙසියෙන් මේවාට ඇදී යති. පිරමිඩ ක්‍රමයට සාමාජිකයින් බඳවා ගන්නා නිසා මුලින් බැඳුනොත් ලාභයක් ලැබිය හැක. උන් ලබන ලාභ දෙස බලා පසුව බැඳුන උන් හැමදාම මහ පාරේය. පාරේ යන උන් වැඩිපුර දේ දන්නේ නැත. ප්‍රශ්නයක් ඇසුවොත් boss ගෙන් අසා උත්තර දිය යුතුය. නමුත් ලිස්සා යාමට හරි හපන්නුය. උගන්වා ඇති කතන්දර ගිරවුන් සේ කීමට හැකියාව ඇත. උන්ගෙන් වැඩිපුර මෝඩ සමහරු එම කතන්දර විශ්වාස කරනවා ද විය හැක. ගෙන් ගෙට යාම දැන් දැන් අනාරක්ෂිත නිසා (පිරමිඩ් ක්‍රමයේ ව්‍යාපාර දැන් ලංකාවේ නීති විරෝධිය) වෙබ් අඩවි වල කොමෙන්ට් දමනවා විය හැක. මුන්ට පිළිතුරු දීමෙන් ලැබිය හැකි ප්‍රයෝජනයක් නැත. නමුත් තමන්ගේ නිදහසේ සිමාව අපේ නහය කෙලවරින් අවසන් වන බව මුන් වටහා නොගන්නේ නම් ???

    ඉහත කී දේ සිත්හි දරාගෙන දැන් ප්‍රස්තුතයට එමු.
    —————————————————————-
    God folower says:
    May 13, 2012 at 9:59 am
    1. sn volatge is 27,000,000 so if its one sunrise come to our world nobody doesnt live
    2. God is protecting us by ozone3
    3. think once again last year there’s a big asteroid gone through the moon and our planet.
    —————————————————————-
    ඉරේ විද්‍යුත් විභවයක් ඇතැයි කියා කියන මූ sunrise කියන්නේ ඉර පෑයීමට නොවේ. “sunrise come to our world” යනු කුමක් දැයි අපි මුගේ දෙවියන්ගෙන් ම අසා දැන ගත යුතුය. මූ “Read the “Holy Bible”” කියා කතාව අවසන් කිරීම නිවැරදිය. මූට මේ කතාව කියා දුන් පාස්ටර් solar wind, charged particles සහ ozone layer ගැන කියා ඇති බව පැහැදිලිය. මුගේ නූගත් කමට ඒ පාස්ටර් පලි නැත. “asteroid gone through the moon and our planet” නම් මේ දෙකේම විශාල සිදුරු සැදී තිබිය යුතුය. ඒ හිල් God විසින් වස දැමුවා විය යුතුය. හිල් වැසීමට ඔහුට විශේෂ දස් කමක් ඇති බව බයිබලය පමණක් නොව බයිබලය පිණිස පිටපත් කර ගැනුණු මුල් ග්‍රන්ථ ගැනද අවබෝධයක් ඇති අය දනිති.
    —————————————————————-
    God folower says:
    May 14, 2012 at 9:18 am
    1. Fahrenheit 2,700,000 tiyanawa kiyala umba dannawada.
    2. anith eka ape planet eka anshaka ekak hari wenas unoth umba dannawada. destroy wenawa kiyala
    —————————————————————-
    අර මුලින් කී විභවය කෙලින්ම උෂ්ණත්වයට පරිවර්තනය වී ඇත. පාස්ටර් මූට වෙනත් පාඩමක් උගන්වා ඇති සේය. මූ කියන අයුරින් ලෝකයේ ගිම්හාන, සිසිර, සරත්, වසන්ත ඇදී ඍතු පැවතිය නොහැක. අඩු වශයෙන් දිවා රාත්‍රී හෝ පැවතිය නොහැක. අංශකයක වෙනසකින් පවා ලෝක විනාශයක් විය හැකි බැවිනි. මූ කියන්නේ ස්වර්ගය ගැන විය යුතුය.

    කෙසේ වෙතත්, මා මේ පිළිතුර ලිවීමට පෙලබවුයේ ඉහත කී මෝඩ කතා නොවේ. ඒවා උගේ සිමාව තුල ඇති බැවින් ඒවා ගැන කතා කළ යුතු නැත. ඒවාට රැවටෙන මෝඩයින් වෙත්නම් උගේ ආගමට හැරීම ප්‍රශ්නයක් නැත. මක් නිසාද යත් එවැනි බුද්ධි මට්ටමක් ඇති මිනිසුන්ට ගැඹුරු දෙයක් වටහා දීම අසීරු බැවින් හා ප්‍රතිපල සීමිත බැවිනි.

    —————————————————————-
    God folower says:
    May 14, 2012 at 9:28 am
    1. buduhamuduruwange demai piyo hindu.
    2. budu hamuduruwo kala waradi walata kawada samawa dunne
    3. antima kale eya pinna pate yanakota. danne nadda kunu wechcha manshayak kala bade amaruwak hadila tamai nati une
    4. Buddahagame minissu hitanawa mas kawama paw sidda wenawalu. Budu hamuduruwanta kanna hondi ….but minissunta kanda honda naa..nonsense. try to find about Jesus
    —————————————————————-
    පාස්ටරයා මූට අඹරා ඇත්තේ එසේ මෙසේ ගුලියක් නොවේ.
    1. හින්දු යනු කුමක් දැයි කියා හෝ හින්දු දහම ඇති වුයේ කෙසේදැයි හෝ අඩු තරමින් හින්දු දහම ඇති වීමට මුලික වූ වෙනත් ආගම් පිළිබඳව හෝ මූ දන්නේ නැත. අපට ද ජේසුගේ දෙමව්පියන් ජූවන් බව පැවසිය හැක, ජේසුද ජූවකු ලෙස ඉපිද ජූවකු ලෙස ජිවත් වී ජූවකු ලෙසම ජූවන් අතින්ම මාරි ගිය බව පැවසිය හැක. නමුත් එය සත්‍යයක් නිසා මූ බුදු හිමියන්ගේ දෙමව්පියන් ගැන කී බොරුවට සමාන කළ නොහැක. ජේසුගේ දෙමව්පියන් මුස්ලිම් බවත් මුස්ලිම් අය ඌරු මස් නොකන නිසා ජේසු වෙනම ආගමක් හදාගෙන ඌරු මස් කෑවා යැයි කෙනෙක් කීවොත් එය මුගේ කතාවට සමාන කළ හැක.

    2. බුදු හාමුදුරුවෝ කළ වැරදි මුලින් කිව යුතුය. ජේසු පිස්සෙක් සේ දෙව් මැදුරට පැන මේස පෙරලා මිනිසුන්ට පහර දී එලවා දමා කළ වැරැද්දට සමාවක් නම් ලැබුනේ නැත. තමන්ම දෙවියන් නම් අනුන්ට සමාව දීමට පෙර තමන්ට සමාව ලබා ගත හැකි විය යුතුයි නේද?

    3. කුණු වෙච්ච මාංස ගැනනම් කතා කිරීම සුදුසු නැත. මක් නිසාද යත් මාංස කියා පිටි ගුලි ගිල්ලවන්නේ පාස්ටර්ලා වන බැවිනි. මුන් දෙවියන් යැයි කියන ජේසු සමග කොතරම් වෛරයක් ඇත්ද යත් ජේසු මරා මස් කා අහවර බැවින් ජේසුගේ මස් කියා පිටි ගුලි ගිලිති. මිනී මස් කන්නෝ වනචාරී ම්ලේච්චයෝය. මිනී මස් කන්නන් විසින් උරු මස් කෑම ගැන ප්‍රශ්න කිරීම කැත විහිළුවකි.

    4. පාස්ටර් කොපමණ බංකොලොත්ද. මස් කෑවට පව් සිද්ධ වන බවක් බුදු හිමි කියා නැත. මේ පාස්ටර් චාටර් බුදු දහමක් මේ මෝඩයාට උගන්වා ඊට පසු ඒ චාටර් බුද්ධාගමට බැට දීමට මූ ෆෝම් කර ඇත. පව් අසරණයා. මුගේ “try to find about Jesus” නම් කදිම කියමනකි. අසරණ පිටිසර වඩුවෙකු වූ ජේසු නගරයට පැමිණි විට නගරයේ වන අකටයුතු කම් දැක පිස්සු වැටී මේසයක් දෙකක් පෙරලා දැම්මා පමණි. මුන් ඒ අසරණයා අල්ලා වධ දී බොරු නඩුවක් අසා වරදකරු කොට කස පහර දෙමින් නගරය දිගේ ගෙන ගොස් හොරු දෙදෙනෙක් සමග ඇන ගසා මරා එයිනුත් සෑහීමට පත් නොවී අද දක්වාත් ඔහුගේ මස් කති. එසේ කර ජේසුට කිසිත් වරදක් නොකළ අපට ඔහු සොයා දෙන්නැයි කියති.

    • සිතුවිළි says:

      සහෝදරයා, අනුකම්පා කරන්න! බුදු දහම ප්‍රඥාවන්තයන්ටයි.
      මොවුන්ගේ ආගම විසින් ඔවුන්ගේ සිතීමේ හා වටහාගැනීමේ ශක්තිය මොට කර දමා ඇත. ඉතින් මේ අහින්සකයින් මක් කරන්නද.
      වලිගය කැපූ ගොනා මැස්සන එලවා ගැනීමට නොහැකිව දඟලනවා සේ, සිතුවිළි මොටවූ උන් සිතිය යුතු තැන සිතාගැනීමට නොහැකිව දඟලමින් සිටියි.
      බුදුන්ට අපහාස කල මුල්ම කෙනා හෝ අවසානයා නොවන මොවුන් පවු පුරවාගන්නා ආකාරය සැබැවින්ම කණගාටු දායකයි.

    • ජොසප්ගෙ අම්මා says:

      අයියො අයිත් පිස්සුව තදවෙලා.කිසිම හරයක් නෑ දාල තියන එකෙ . කො මෙ පෙත්ත.කොහෙද මන් එක තිබ්බෙ?

    • කුසේ ගිනි යාද අලසව සිටියාම says:

      ජෝසප්, ඔය වාගේ නරුමයන්ට කස පහර දෙන්න ක්‍රමයක් මතක් වුනොත් කියපන්. පාපොච්චාරණයයි, කන්නලවුවයි, සමාවයි අයින් කරාම උන්ට මොනවද බන් තියෙන්නේ.
      ආ..අමතක වුනා- තුවක්කු බටේ තියෙනවා නොව!

  22. Sri Lanken says:

    පින්වත් මිතුරනේ, අපගේ බුදුදහම විනාශ කිරීමට ඉතා සැලසුම් සහගතව නොයෙක් අන්‍යාගමික පිරිස් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියා කරයි. පහත සදහන් facebook චන්ද විමසීම බලන්න.
    https://www.facebook.com/groups/194075563979436/354103081310016/?notif_t=group_comment_reply

    මෙහි ප්‍රධාන වශයෙන්ම comments දන්නේ, තුනුරුවන් පිළිනොගන්නා අන්‍යාගමික අයෙක් වන තැනැත්තාය.
    https://www.facebook.com/hiran.shonu

    මොවුන් පරාජය කෙරීම සදහා පෙළ ගැසෙමු.

    • bulet says:

      uba mas kanakota ena chethanawa anuwa thama matto pawakda pinakda kiyala thiranaya wenne…chethanahan bikkawe kamman wadami…ane danne nathi ewa nokiya hitu

  23. නියම සිංහ says:

    සම්මුතිය පරම සත්‍යය නොවේ සම්මුතිය හා ගැටීමට බුදු හිමියන් නොගියේ ඒ තුලින් ඇතිවන ක්‍රෝදය වෛරය නිවන් මග අසුරන බැවිනි හින් දු දෙවිවරු බුදු දහමට ඈඳා දහම විකෟති කර ඇත

  24. chin says:

    God Folower නමැති මහතාට මට ඇති ගැටළු කිහිපයක් ඉදිරිපත් කරමි. මින් පෙර කිසිවකු මේවට නිසිලෙස පිළිතුරු නොදුන් බැවින් God ගැන හොඳින් දන්නා ඔබ පිළිතුරු දෙයි කියා සිතමි.

    මේ සියල්ල දෙවියන් වහන්සේ අසම සම, සියල්ල දත්, perfect, sole creator යන ඔබලාගේ මතයේ අනුසාරයෙනි.

    1. දෙවියන් සියල්ල මැවූ බව ඔබලා කියයි. එසේනම් දිවිය ලෝකේ මවන්න පෙර ඔහු හිටියේ කොහෙද ?
    2. ඔහුව මැවුවේ කවුද ? ඉබේ මැවුනා නම් එයට හේතුව කුමක් ද?
    3. ඔහු යක්ෂය ( ලුසිෆර් ) මවනකොට ඔහු අනාගතයේදී යකා නටන බව දකින්නට බැරි උන නේ ද ?
    4. ලුසිෆෙර් යකා නැටුවේ God ම මවපු සරිරයෙන් නේද ?
    5. God ට විශ්වය මවන්න සිතුනේ ඇයි ? ඔහුට යම් අඩුපාඩුවක් දැනුන නිසාද ?
    6. ඔහු Perfect නම් අඩුපාඩු දැනෙන්නේ කෙසේද ?
    7. තිබුන දෙයි අඩුවක් දැනුනේ නැත්නම් අලුතින් මැවුවේ ඇයි ?
    8. ඔහු perfct නම් , ඔහුගේ නිමවුමද Perfect විය යුතුයි.
    9. එසේ නම් ඔහුගේ නිර්මාණයේ (creation ) මෙතරම් අඩු පාඩු, බාල වැඩ තියෙන්නේ කෙසේද ?
    10. සුනාමි එන්නේ නැති වෙන්න පොළොවේ කට්ට වත් හදා ගන්න බැරි උනා නේද ?
    11. බිල් ලාඩන්, ප්‍රභා කරන වැනි මිනීමරුවන් ඔහුගේ නිමැවුම තුලින් බිහි උනා නේද?
    12. 100% Perfect ඔහු හැදු DNA වැරදීමෙන් අති බිහිසුණු ලෙඩ රෝග වලින් දරුවන් දුක් විඳිනවා නේද ?
    13. . ඔහුගේ නිර්මාණයේ ඇතිවන මෙම වැරදීම් කලින් දකින්න ඔහුට බැරි උනා නම් ඔහු සියලු දේම දන්නා Perfect creator කියන්නේ කෙසේද?
    14. මේ ලොව මෙතරම් සැප විඳින දුක් විඳින මිනිස්සු දෙකොටසක් මැව්වේ ඇයි ?
    15. ඔහු Perfect නම් තමන්ගේ දරුවන්ට එක ලෙස සැලකිය යුතුයි නේද ?
    16 මෙම ප්‍රශ්නෙට ඔබලා දෙනා පිළිතුර නම් දෙවියන් ඔබව පරික්ෂ කරනවා යන්නය.
    17. මාස ගණන අවුරුදු ගණන් වද දිදී එකිනෙකා ගේ ගුණ පරික්ෂ කරන්න ඔහු ඔච්චර දුර්වල ද ?
    18. සර්ව බලධාරී දෙවියෙක්නම් එක බැල්මෙන් ඔබව පරික්ෂ කරන්න ඔබ ගැන නිගමනය කරන්න පුළුවන් විය යුතු නේද ?
    19. අපිට වර්ගයා බෝ කරන්න ඔහු හදපු ක්‍රමය මෙතරම් නින්දිත ඇයි ?
    20. පිරිමියාගේ අහවල් එක මෙතරම් තද වෙන්න ඩිසයින් කරනකොට එකෙන් මේකා ස්ත්‍රීන් දුෂණය කර වද දෙයි කියා හිතුනේ නැත්තේ ඇයි ?
    21. පිරිමියා ජොලියේ ශුක්‍රානු විදලා ගියාම ගැහැණිය මාස 10 ක් එක බඩේ උස්සගෙන දුක් විඳින්න හැදුවේ ඇයි ?
    22. ළමය බිහිවෙන කොට ගැහැණියට මෙච්චර වේදනාවක්, අවදානමක් එන්නේ නැතුව සහනදායි ක්‍රමයක් හදා දෙන්න මොලයක් තිබුනේ නැද්ද?
    23. මාසෙට සැරයක් දින කිහිපයක් වේදනාවත් එක්ක පාලනයක් නැතුව රුධිරය පිටවෙනවා වගේ හිතා ගන්න බැරි තරම් පිස්සු දෙයක් හයි කලේ ඇයි ?
    24. Eva , Kotex වගේ කොම්පැනි වලට නොනවතින ලාබ ගන්න ඕක ඩිසයින් කලේ God ට ඒවගේ ශෙයාස් තියෙනවද ? .
    25 පිරිමියාට ජොලියත් ගැහැණියට හැම තැනම වේදනාවත් දෙන්න ඔහුට ඕන වුනේ ඇයි. එවන් කෙනෙක් දෙවියෙක් කියා කිව හැකිද?
    26. එසේ නම් බීගෙන ඇවිත් බිරිඳට තඩිබාන මිනිහත් දෙවියෙක් නේද ?
    27. මෙවැනි පිස්සු දේ create කරපු ඔහුට ඔබ one and only perfect creator කියනවද ?
    28.. ඔහු ඔබලාට යාක්න්‍යා කරන්න කියන්නේ ඇයි. ?
    29. Perfect තාත්ත කෙනෙක් තම සියලු දරුවන් තමන්ට වැන්දත් නොවන්දත් එක ලෙස සලකනවා නොවේද ?
    30. ඔහුගේම පුතා ජීසස් දවස් 3 ක් ඇන වල එල්ලී සිටියදී ගලවා ගන්න ආවේ නැති ඔහු ඔබව ගලවා ගන්න එයිද ?

    • Saami says:

      Podi kathawak kiyawanna…

      Dinak oba vani buddimath,tharkanukoolava hit hana manussayek para dige yaddi dakka wattakka velak. Vattakka veley hena loku wattakka gedi. veley hatiyata nemai gediye size. Miniha hithuwa mey deviyan ochchara perfect nam aie me chooti velata daraganda bari barakin gedi dunne kiyala, deviyo hari mody kiyala hithala giya.

      Yanagaman daval vuna nisa maara gahak yata hansivenda giya velave dekka ehe gedi. Hari punchi. Gaha hena vishaly namuth gedi harima punchiy. Meya ayeth hithuwa deviyan nam niyama modayek thamy. achchara podi velakata daraganda beri size gedi deela, mechchara loku gahakata chooti gedi deela kiyala hithagena maara gaha yatama nindak demma.

      Oluvata mokaddo vatuna eka danila miniha ekpaara ninden nagitta. balinnam ara maara gahe gediyak vetila. Monavavunath pora tharkanukoolava hithana buddimath kenek nisa evelavema deviyanta sthoothi kala. Mokatada nikan hari meyage buddiyata denunu vidiyata deviyo wattakka size gedi maara gahata deela thibba nam pora melahakata marila.

      Lokaye thibana saha siduvena siyalu deval valata hethu kaarana deviyan honda hati dannawa. Manussayata one nam eva soyagena soyagena yanda puluvan. Ema soyagena yanagamana thamy kiyanne Science kiyala. Newtonge niyama, Einstinege siddantha valin venas vuna se, mese hethu hoyagena yaddi yamkisi davasaka Einstine ge theory ekath varadi bava thawath kenek soyaganda ida thiyenawa. Ema nisa oba oya ahana prashnavalata pilithuru obatama visanda ganda puluwan. Haby oya prashnavalin deviyan nethi bawa oppukireemata try kireema, ara mage kathave ena manussayage nidageneemata pera thathvaya haa samaany.

      Sthoothi

      • Joseph says:

        දෙවියන්ගේ වාසනාවට අර මිනිහා දුරියන් ගහක් යට හරි පොල් ගහක් යට හරි නොහිටියේ!

        • Peter says:

          Joseph oya nam niyama comital thamy karanne. Oyage comments okkoma e vage thamy

        • සිතුවිළි says:

          හොඳයි පීටර් සහෝදරයා කියන විදියට ජෝසප් කරන්නෙ “කොමිටල්” කියමුකෝ,
          ඒත් සාමි ගේ කථාවට අනුව, පොල් ගහෙයි දූරියන් ගහෙයි හුඟාක් උඩින් පිහිටන ලෙස බර තියෙන සතෙකුගේ ඔළුවට වැටුනොත් මැරෙන ලොකු ගෙඩි දෙයියෝ මැව්වෙ ඇයි කියලා අපිට පහදලා දෙන්න පැහැදිලි කිරීම පිළිගත හැකි මට්ටමක තිබුනොත්!
          මම කොහොමත් බයිබලය ඉගෙන ගන්න බොහෝම ආසා කරන කෙනෙක්.

        • පෛසර් පීතර චින්තර යන්තර මන්තර says:

          මචං ජෝ, උඹ කියන ඒවා ගොඩක් උන්ට ගැඹුරු වැඩියි. මේ පීටර වගේ ගොන් ජෝකර්ලට තේරෙන්න මේ වගේ විහිළු ලියන එක හොඳයි. අර උඹම කලින් වතාවක ලිව්වා වගේ, “බුද්ධිමත්හු වටහා ගනිත්වා!”, මෝඩයෝ මේ වගේ කොමිටල් කෑල්ල අල්ලන් මෝඩ ආතල් ගනිත්වා! දෙකොට්ඨාශයට දෙවිදියකට වැටහෙන්න එකම දේ ලිවිමත් කුසලතාවයක්.

      • chin says:

        saami said,
        / ඔළුවට මොකද්දෝ වැටුන එක දැනිල මිනිහ එකපාර නින්දෙන් නැගිට්ට . බැලින්නම් අර මාර ගැහෙ ගෙඩියක් වෙටිලා . මොනවවුනත් පොර තර්කානුකූලව හිතන බුද්දිමත් කෙනෙක් නිසා එවෙලාවෙම දෙවියන්ට ස්තූති කල . …. “/

        අනේ ගොන් තඩියෝ. ඔය කතාවත් අර දෙවියන් ඔබව පරික්ෂාකරනවා වගේ හැමතැනම කියන ගොබ්බ කතාවක්. එතකොට ඔහෙට මතක් උනේ නැද්ද ලංකාවේ කි දෙනෙක් තමුසෙලගෙ ගොබ්බ දෙයිය අහස උඩට හදපු පොල් ගෙඩි ඔලුවට වැටිලා මොලේ කුඩුවෙලා මැරෙනවද කියල ?

        පුළුවන් නම් අහපු ප්‍රශ්න වලට උත්තර දීපිය. ගොන් කතා කියන්නේ නැතුව.

      • කුසේ ගිනි යාද අලසව සිටියාම says:

        අම්මප, උඹට නම් උඹේ ‘සර්වබලධාරී අප්පුච්ච’ගේම පිහිටයි! කොස් ගහක්,දුරියන් ගහක්,පොල් ගහක් ලඟින්වත් යන්න එපා මයේ පුතේ!
        සිංහලෙන් ලියන්න උඹේ ‘සර්වබලධාරී අප්පුච්ච’අවසර දෙනවා නම්;http://www.google.com/transliterate/sinhalese

    • God folower says:

      kithsiri…..kawda kiwwe Jesu dawas tunak angahala ellila hitiya kiyala????? kawda kiwwe? eka amuulika boruwak. guli kanawa kiyala ohomath kanawada?. menna mekai atta. Jeusus wa anagahala tibune paya 3 katath wada adu kalayak, ita passe Jesus maruna. jewsish law ekata anuwa, sabath dawase kuruse ellala tiyanna tahanam, itin eka nisa, hawasa 3 ta Jesus wai horu dennawai. kurusenbala. Jesus wa Gallene tanpath karanawa, gallene tanpath kale….Jesus kiwwa marenna kalin. eya dawas Tunakin nagitinawa kiyala. anna eka nisa gallene dala.. vishala gal dorakin wahanawa. itapasse, dawas tunakata passe. malaungen nagitinawa….nikan nowe….sampurna shareerayath ekka. budu hamuduruwanta karanna bari de…Jeusu kala. kawda dakke, Buduhamudurowo nawata, but Jesus after dead dawas 40k eyage goloyoth ekka saha minisunta peni peni indala…Jesus yanawa Heaven ekata.

      • කුසේ ගිනි යාද අලසව සිටියාම says:

        පැය තුනක්ම ගියාද ඇඟේ තිබුන ලේ ටික බේරෙන්න! අම්මප, එතකොට කොහෙද ඔය ජේසු පුතනුවන්ගේ සර්වබලධාරී අප්පුච්ච හිටියේ?

      • කුසේ ගිනි යාද අලසව සිටියාම says:

        පැය තුනක්ම ගියාද ඇඟේ තිබුන ලේ ටික බේරෙන්න!අම්මප,එතකොට කොහෙද ඔය ජේසු පුතනුවන්ගේ
        ‘සර්වබලධාරී අප්පුච්ච’ හිටියේ?

      • rodrigu says:

        buduhamuduruwonta one une heaven walata yanna newei. sansaraye kelawarak dakinna. christian ayata heaven yanna one nan ithin oyalage agame kiyala thiyena hatiyata karanna. ewath ekka buddagama gawa ganna apa. buddagame ugannanne heaven yanna newei. sansare kelawarakata enna.

  25. අජය says:

    කඳ සුරිඳු = ස්කන්ධ කුමාර = සිකන්දර් (හින්දි බසින්) = ඇලෙක්සැන්ඩර් රජතුමා කියල මම අහල තියෙනවා. ඇත්තද දන්නෑ.

  26. SUNIMAL says:

    God has not solved any problem, God has created thousands of problems.

  27. Joseph says:

    @ හොද හිත,

    ඔබේ දහම් දැනුම හා අවබෝධය ප්‍රසංශනීයයි. මගේ මල් මීටත් පිළි ගන්න. දරුවන් නැති වීමට හේතුත් එවැනි අය පිළි පැදිය යුතු කරුණුත් ගැන කළ විග්‍රහය ධර්මානුකුලයි (ඔබට අමතක වූ එකම කරුණ මව් සරු කාලයේ සිටිය යුතු වීම පමණයි). දරුවන් නොසිටි කාවන්තිස්ස යුවල ගැමුණු කුමරු ලැබුවේ ඔය ක්‍රමයටමයි. එකම වෙනස තුසිත දෙව් ලොව යාමට සිටි මරණාසන්න සාමනේරයා දෙව් ලොව උපාදානය අත හැර විහාර මහා දේවිය උපාදානය කර ගැනීම පමණයි.

    ඔබ ඔය වැනි විග්‍රහයන් වැඩිපුර ලියන්නේ නම් අපේ අවබෝධය තව තවත් පුළුල් කෙරෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ම වනු ඇත. කෙටියෙන් කි දෙය දහස් ආකාරයකින් විග්‍රහ කොටගෙන ග්‍රහණය කර ගත හැකි බුද්ධිමතුන් සේම ටොකු ඇන කියා දිය යුතු මිනිසුන්ද සිටින ලෝකයට ධර්මය පිලිබඳ සරල විග්‍රහයන් කොතරම් තිබුනත් වැඩි වීමක් නැත.

    • සිතුවිළි says:

      ජෝසප්, ඔබගේ අදහස දැක්කාට පසු මම හොඳහිතගේ කමෙන්ට් එක හොයාගෙන පහලට ගිහින් කියෙව්වා. තව කෙනෙකුගෙ හොඳ අදහස් මෙසේ අගය කිරීම ඉතාමත් වැදගත්.
      හොඳහිතගේ අදහස් වල අන්තර්ගතය මම දකින්නේ ගැඹුරු අවබෝද්යෙන් තොර කෙනෙකුට දහමේ පල ප්‍රයෝජන ලැබීමට හොඳ චේතනාවෙන්ම ඉදිරිපත් කල උපදෙස් සමූහයක් ලෙසයි.
      ඔහු කියා ඇතිදෙය යමෙකුට භාවිතයට ඉතාමත් සුදුසු උපදෙස් බවමමත් කියනවා.

      • +/- says:

        දෙවිවරු ඇතත් රට වටේ
        සත්‍ය නොදකින දනන් මෙරටේ
        මඩේ නෙලුම් මල් පිපෙන හැටේ
        60 පනින්නට පෙර දර්මය දකිමු 60ට60

    • හොද හිත says:

      කොමෙන්ටුව අගය කිරීම ගැන සතුටුයි. අප සියලු දෙනා එක්ව මේ දුර්ලභ වූ ශ්‍රී සත්ධර්මය හැකි අයුරින් ඇස් ඇත්තන්ට දකින්නත්. කන් ඇත්තන්ට අසන්නත් සලස්වමු.
      තෙරුවන් සරණයි.

    • ජොසප්ගෙ අම්මා says:

      අනෙ දෙවියනෙ මගෙ කොලුවට වෙච්ච දේ.දෑන් මල් කඩයකුත් දාල වගෙ.එක එකාට මල් මිටවල් දෙනව.අනෙ අපොයි.මාත් මෙ වගෙ මෑට්ටෙක්ව හෑදුවනෙ.ඔක නවත්තල ගෙදර වරෙන්කො.මට පාරෙ බෑහෑල යන්න ඔනෙ.

      • Jacob says:

        ගෑනියේ වරෙන් වද නොදී… ඔය අපේ කොලුවා නෙමෙයි. කොල්ලනේ ගණන් ගන්න එපා, අපේ කොල්ලගෙත් නම Joseph. ඌ බඩ දරු ගෑනියෙක් එක්ක පැනල ගිය දවසේ ඉඳලා මේ ගෑනිට පිස්සු.

  28. සිතුවිළි says:

    නිවෑරදි තෙරවාදය says:
    May 13, 2012 at 6:48 am
    කෙසෙ වෙතත් හින්දු දෙව සන්කල්පය පන්සල් වලින් ඉවත් විය යුතුයි.එ වෙනුවට ,කතරගම,නාත,සුමන සමන්, වෑනි බෞද්ද දෙවිවරු පන්සල් වලට වෑඩම කල යුතුය.

    බෞද්ධ දෙව සංකල්පයේත් හින්දු දේව සංකල්පයේත් වෙනස පහදා දෙන්න.
    මිත්‍යා දෘශ්ටික දෙවිවරු සහ සම්‍යක් දෘශ්ටික දෙවි වරු යනු දෙවිවරුන් දෙවර්ගයක්ද.
    ඔබගේ අදහස දැන ගැනීමට කැමතියි.

  29. kuma says:

    There are no gods its lie

  30. කුසේ ගිනි යාද අලසව සිටියාම says:

    කුඹුරු කොටන තැන
    පාර තනන තැන
    ගිනියම් අව්වේ
    මහා වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ
    බලන් කඩතුරා හැර දෑසේ..//

    • වෑතර පීතර says:

      කෘතීම රසායන වස පොර දාන තැන් වලට නම් දෙවියෝ නොවඩී.

      • කුසේ ගිනි යාද අලසව සිටියාම says:

        උඹට මේ ගීය ඇත්තටම තේරෙන්නේ නැතිද නැත්නම් තේරුනේ නැහැ වාගේ ඉන්නවද කියල කියපන්.
        මේ ගීයෙන් කියන්නේ;යහපත් දේ කරන්නට දහදිය දාගෙන මහන්සි නොබලා වැඩ කරන ධාර්මික මිනිස්සු දෙවිවරු බවයි.

  31. rodrigu says:

    “බුද්ධ දේශනාවන්ට අනුව දෙවියන් කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීමත් දෙවියන්ට පිං දීමත් නිසා එසේ කරන්නාට යහපතක්‌ම සැලසේ.”
    koheda mehema deyak tripitakaye kiyala thiyenne? buddagama deva vadi agamak newei.

  32. Joseph says:

    දෙවියන් යනු වර්තමානයේ කියන අයුරු පිට සක්වල ජීවීන්ය!!!

    සියලු සාහිත්‍ය ග්‍රන්ථ වල දෙවියන් එන්නේ ආලෝකය විහිදුවාගෙනය (ශක්‍රයා වෙස් වලාගෙන යන ගමන් මීට අදාල නැත). බයිබලය ඇතුළු මැද පෙරදිග හා මධ්‍යධරණී ප්‍රදේශ වල ලියවුනු මිත්‍යා ග්‍රන්ථ වලත්, ඉන්දීය, චීන ග්‍රන්ථ වලත් ශබ්ද නගමින් ආලෝකය විහිදුවාගෙන පැමිණි දෙවි වරු ගැන සඳහන් වේ. රාමායනය හා මහාභාරතයේ එසේම ඉලියඩ් හා ඔඩිසි වැනි ග්‍රන්ථ වල මිනිසුන් හා එක්ව කටයුතු කළ දෙවියන් ගැන තොරතුරු කියැවේ. බයිබලයේ පැරණි ගිවිසුම ද එවැන්නකි.

    ග්‍රීක් දෙවියෙක් වන සියුස්ට දාව මනුෂ්‍ය කාන්තාවන්ට හර්කියුලිස්, පර්සියස් වැනි දරුවෝ ඉපදිණි. මහාභාරතයේ පංච පාන්ඩවයෝ හා කරණ යනු කුන්ති නම් කුමරියට එක එක දෙවි වරුන්ගෙන් ලැබුණු දරුවෝය. බයිබලයට අනුව ජේසු ද දෙවියන්ගේ දරුවෙකි. සියුස් නම් අමුවෙන් ම වැඩේ කළ බව සඳහන් නමුත් ඉතුරු අය (විශේෂයෙන්ම මේරි – ඇගේ කන්‍යා භාවයට හානියක් නොවුණු බැවින්) විශේෂ තාක්ෂණික ක්‍රමයකින් ගැබ් ගැන්වුණු බව සිතිය හැක. ඈ පාවෙන පිරිසියකින් පැහැර ගැනුනාවත්ද?

    බෞද්ධ සාහිත්‍යයේ හැර අනෙක් සියලු අවස්ථාවන් වල එසේ පැමිණෙන දෙවියන් මිනිසුන්ට වඩා උසස් ලෙස දැක්වෙන අතර බොහෝ විට මිනිසුන් ඒ දෙවියන්ගේ ත්‍යාග ලබයි. දෙවියන් මිනිසුන්ගෙන් පුද පුජා ලබයි. දෙවියන්ගෙන් ලබන ත්‍යාගය බොහෝ විට තත්කාලින මානව තාක්ෂනය ඉක්මවා ගිය තාක්ෂණික මෙවලමක් හෝ තාක්ෂණික නිමැවුමකි. මහා භාරතයේ හා රාමායනයේනම් එය බොහෝ විට ආයුධයකි.

    බෞද්ධ සාහිත්‍යයේ දෙවියන් සාමාන්‍ය මිනිසුන්ට වඩා උසස් වුවත්, බුදුරජුන්ට වඩා උසස් නැත. වසවර්ති මාරයා හැර බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන සියළු දෙවියන් හා දෙවඟනන් බණ ඇසීමට මිස වෙනත් කටයුතු වලට මේ ලොව පැමිණි බව එතරම් සාධක නැත. නමුත් ඉතාම දිළිඳු දෙවිවරු (බුමාටු) මේ ලෝකයේ සිට ඇත.

    බෞද්ධයෙක් ලෙස මගේ අදහසනම් අද අප දෙවියන් වෙත කරණ කන්නලව් පලක් නැති බවයි. එය පලක් ඇත්නම් බුදු හිමියන් ඒ බව කෙලින්ම කියනු ඇත. දෙවියෝ මිනිසුන් වැනිම ලෝභ-ද්වේෂ-මෝහ පිරුණු සත්ත්ව කොට්ඨාශයකි. ඔබට යම් ධර්මවබෝධයක් ඇත්නම් දෙවියන් ධර්මය ඇසීම පිණිස ඔබ කරා පැමිණීම විය හැක. එසේ නොවී එසේ සිතීම හා පැතීම කිසිම පලක් නැත.

    මහාචාර්ය ස්ටීවන් හෝකිං ට අනුව හොඳ පිටසක්වලයන් හා නරක පිටසක්වලයන් සිටී. එනම්, හොඳ දෙවියන් හා නරක දෙවියන් සිටී. ඔබේ කන්නලව්වට හොඳ එකෙක් උත්තර දුන්නොත් හොඳා… නරක එකෙකුට ඇසුනොත් !!! ඔබට දෙවියන්ගේම පිහිටයි!

    • පොර says:

      ඔය පිටසක්වල ඉන්නෙත් සුද්ධෝ තමයි. හික් හික් :-D

      • පෛසර් පීතර චින්තර යන්තර මන්තර says:

        ඔබ පිටසක්වල ‘පොරක්’ ද? ඔබ සුදුද?

    • godaya says:

      “”මඡ්ජිම නිකායේ සංගාරව සූත්‍රයට අනුව, සංගාරව බමුණා දෙවියන් ඇත්ද, නැද්ද යනුවෙන් බුදුන් වහන්සේගෙන් විමසා සිටි අතර, බුදුන්වහන්සේ ඊට පිළිතුරු දී ඇත්තේ භාරද්වාජය ” මා විසින් දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී යනුවෙනි.” මෙම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ සංගාරව බ්‍රාහ්මණයා යළි මෙසේ විමසීය. භගවත් ගෞතමයන් වහන්ස, ඔබ දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැයි කීයෙහිය. මෙසේ ඇති කල්හි ඒ කීම හිස්‌ වූ බොරු කථාවක්‌ නොවන්නේද? ඊටද පිළිතුරු දුන් බුදුන්වහන්සේ භාරද්වාජය, දෙවියෝ ඇත්දැයි අසන ලද්දේ, දෙවියෝ ඇතැයි යමෙක්‌ කියන්නේද එකල්හි නුවණැති පුද්ගලයා දෙවියෝ ඇතැයි ඒකාන්ත වශයෙන් නිශ්චයකට පැමිණිය යුතුයි.” දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට සම්මතයේ පවත්නා දෙයක්‌ වගද බුදුන්වහන්සේ අවධාරණය කළහ. මින් ගම්‍ය වන්නේ බුදුවරු ලෝක සම්මතය වෙනස්‌ කිරීමට කටයුතු නොකරන වගකි.”"
      මට නම් මේ කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.
      දෙවියෝ ඉන්නවද නැද්ද කෙලින්ම කියපන්කො …

  33. නියම සිංහ says:

    මෙතන දෙවියන් ගැන ප්‍රත්‍යක්ශ වශයෙන් දන්නා කෙනෙකු නොමැත දෙවියන් දැකපු කෙනෙක්ද නොමැත තමා සිටින බව කියන බලවත් දෙවියෙක්ද නොමැත දෙවියන් ගැන ඔබ නොදන්නා කීවාට මෙය ලියපු කෙනාද ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත් වගක් නොපෙනේ කවුරුන් හෝ ප්‍රත්‍යක්ශ වශයෙන් දෙවියන් දන්නේ නම් දුටුවේනම් කියන්න නැතිනම් මැවුම් වාදයෙහි හා මේ කියමන් අතර වෙනසක් නොමැත

  34. මාතර ආතර says:

    @නියමසිංහ

    මා අසා ඇති පරිදි,මුස්ලිම් හින්දු ක්‍රිස්තියානි කතෝලික යන හැම බතිමතෙක්ම විස්වාශ කරන්නේ,
    මේ ලොව මවනලද්දේ එක දෙවිකෙනෙකුන් බවයි.
    ත්‍රිපිටකයේ එවන් මැවුම්වාදයක් සඳහන් නොවන අතර,
    ඕපපාතිකව බිහිවී,කුසල් ක්ෂය වූ පසු,දෙවි ලොවින් චුත වී ආපහු මේ ලෝකෙටම පාත්වෙන අම්බානක් දෙවිවරු ගැන සඳහන් වේ.
    ‘පච්චත්තන් වේදිතබ්බෝ වින්ග්චු හීතියට’ අනුව,
    මේ රටේ හිටපු ‘වින්ග්චු’ කෙනෙක් වන,
    මතු බුදුබව පතන, අපවත් වී වදාළ බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්
    ප්‍රත්‍යක්ෂව දෙවියන් දුටුබව
    ලියා තිබෙනවා දුටිමි.
    පටලව නොගන්න.

    • සිතුවිළි says:

      බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් යනු මේ භවයේදී මහත් වූ ශීල පාරමිතාවක් පිරූ මතු බුදු බව පතන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.
      එවන් උතුමකුගේ වදන් සැක උපදවීම නුසුදුසු බවත් පිලිගනිමි.
      එමනිසා උන්වහන්සේට ගෞරවයක් වශයෙන් මා උන්වහන්සේ දුටු දෙවියන් පිළිබඳ කථා නොකරමි.

  35. jude says:

    Cannot believe people in 21 century still worship God,

    • සිතුවිළි says:

      even in another 10 centuries you will find people who believe in Gods & Miracles.
      the time will not change the thinking pattern of people, unless each individual improve them selves with own efforts.

  36. අජය says:

    දෙවියන් යනු පිටසක්වල ජීවින් නොවේ. බුදුන් වහන්සේ දක්වා ඇත්තේ ලෝක ධාතුව තුල තල තිස් දෙකක විවිද සත්ත්වයන් වෙසෙන බවයි. ලෝක ධාතුව යනු ඉරෙන් හා හඳෙන් ආලෝකය ලබන තාක් ප්‍රදේශයයි. එනම් මෙම සත්ත්ව ලෝක තිස් දෙකම පෘථිවිය ආශ්‍රිත සමාන්තර ලෝක වෙයි. මින් අප නෙත ගැටෙනුයේ ජානමය පදනමක් සහිත පදාර්ථයෙන් හටගත් ශරීර ඇති මිනිස් ලෝකය හා තිරිසන් ලෝකය පමණි. අනිත් ලෝක තිහේම සත්ත්වයන් කර්මය මත පදනම් වූ ශරීරයකින් යුක්තව ඕපපාතිකව ඒ ඒ ලෝක තුල හටගනී. මෙම ලෝක සමාන්තරව පිහිටා ඇති බැවින් රේඛිය තලයක පිහිටි ස්ථාන දෙකක් අතර මෙන් භෞතිකව තැනු යානයකින් ලෝක අතර ගමන් කල නොහැක.
    නමුත් ගමන් කල හැකි මාර්ග තුනක් තිබේ. ඉන් පළමුවැන්න මරණයයි. මෙහිදී ගමනාන්තය අපට තීරණය කල නොහැකි අතර කර්මානුරුපව අපට හිමි ලොවකට පතිත වනු ඇත. දෙවෙනි ක්‍රමය නම් අපගේ ජානමය ශරීරයට ඇති ආශාව ක්ෂය කරමින් සිත දියුණු කරගැනීමයි. එහිදී තමා සතු ශක්ති ප්‍රමාණයෙන් යන තැන තීරණය කල හැක. මුගලන් මහා රහතන් වහන්සේ එලෙස සංචාරය කරමින් මෙම ලෝක විස්තර කල ආකාරය විමාන වත්ථු හා ප්‍රේත වත්ථු පාලියෙහි දැක්වේ. තුන් වැනි ක්‍රමය නම් මෙම ලෝක තිහෙහි වෙසෙන සතුන්ගේ ආධාරයෙන් ඒවායෙහි සංචාරය කිරීමයි. ශක්‍ර දෙවියන් විසින් ඇතැම් ධාර්මික රජවරුන්ව හා සිල්වතුන්ව මෙලෙස සංචාරයේ ගෙනගොස් නැවත මිනිස් ලොවට ඇරලු ආකාරයත් යමපල්ලන් මිනිස් ලොවට පැමිණ දේවදත්ත වැනි පවුකාරයින් අපායට ඇදන් ගිය ආකාරයත් ත්‍රිපිටකයේ සඳහන් වේ.
    මා සඳහන් කල මාර්ග තුනෙන් පළමු මාර්ගයෙහි අප සැමටම ගිය හැක. නමුත් නැවත සිටපු තැනට විත් ගමනේ විස්තර පැවසිය නොහැක. දෙවන තුන්වන මාර්ගවල යන ගුණවතුන් වර්තමානයේ අති දුර්ලබය. හිටියත් ඉන්ටනෙට් පැමිණ මෙහි පලවන ඇතැම් මෝඩ කමෙන්ට් වලට පිළිතුරු දීමට උනන්දු නොවනු ඇත.

  37. +/- says:

    චතුර් මහාරාජික දෙවිවරු තවත් බොහෝ කල්ප කාලයක් චතුර් ආර්ය සත්‍ය ආරක්ෂා කරත්වා

  38. නියම සිංහ says:

    මේවන තෙක් ප්‍රත්‍යක්ශ වශයෙන් දෙවියන් දුටුකෙනෙක් නොමැත එහෙත් බුදු දහමේ සඳහන්වේ,
    මහා සිහ නද සූත්‍රයේ ඹ්පාපාතකව උපදින එක් සත්ව කොට්ටාශයක් බව සඳහන් වේ නවීන දැනුම අනුව කියන්නේ නම් ජානමය ශරීරයක් නොමැති එහෙත් ආහාර වලින් යැපෙන සහ ආහාර පහසුවෙන් ලැබෙන අප දන්නා බෞතික තත්වයන්ට වඩා වෙනස් සියුම් ශරීර ඇත්තවුන්ය. වෙනත් ලෝක වල මෙන්ම පෟතුවියේත් ගස්ගල් වාස භවනය කරගනිමින් වෙසෙති වෙනම විමාන වල වෙසෙන්නන්ද සිටින බව සඳහන් වේ
    දිව්‍ය ලෝක වල වෙසෙන අයගේ කාලය අපට වඩා වෙනස්ය මෙහිදී කාලය අඩුම දෙවුලොවේ දවස පෟතුවි අවුරුදු පනහක් වන අතර සමහර ලෝකවල දවස අපේ අවුරුදු දහස් ගණනකි මෙයින් මේ ලෝකය විනාශ වන විට තුසිතය යාමය ,පරම නිම්මිතය හා වසවර්තිය යන ලෝක දක්වා ගිනිගෙන දැවෙන බව බුදු දහමෙහි සඳහන්වේ
    මේ ඕපාපාතික සත්ව කොට්ටාශ දැක ගැනීමට පුහුදුන් මිනිසුන්ට මොනම ක්‍රමයක් වත් නොමැත කාලාම සූත්‍රයට අනුව යමක් පිලිගන්නා ලෙස පෙන්වා දී ඇති ආකාරයටද අපට පිලිගත නොහැකි වුවත් බොහෝ පිරිත් දෙශනවල දෙවියන් ගැන කියැවේ.
    මේ මා දන්නා මා දකිනා විධියයි මා දෙවිවරු පිලිගන්නා ක්‍රමයක් ඇතත් එය ප්‍රකාශ කිරීමට මැලිවන්නේ අනුදක්නය ගැන කියා ඇතිවූ තත්වය නැවත ඇතිවී දහම් කරුනු හාස්‍යයට ලක්විය හැකි නිසාය.

    • සිතුවිළි says:

      ඔබ දක්වා ඇති දෙව් ලෝ විස්තර දහමේ සඳහන් වන දේ වන අතර අපද එය පිලිගන්නේ දෘශ්ටිමය පදනමකිනි. එමනිසා මා නම් සිතන්නේ එය වෙහෙස විය යුතු නැති කරුනක් ලෙසයි. දහමේ දෙවියන් ගැන සඳහන් වන අතර අප සැම දන්න පරිදි ප්‍රත්‍යක්ශ වශයෙන් දෙවියන් දුටු හෝ හා ගනුදෙනු කල උන් කිසිවෙකුත් අපට පිළිගත හැකි මට්ටමින් අද නැත.
      දෙවියන් යනු පිටසක්වල ජීවීන් කොටසකැයි කීමද විටෙක නිවැරදි විය හැක, එනම් පිටසක්වල යනු මෙලොවින් පරිභාහිර වූ බැවිනි. එහෙත් බූමාටු ආදී පොලොවේ වසන දේව කොටස් ගැනද දහමේ සඳහන් වේ.
      කෙසේවෙතත් දහමේ සඳහන් දෙවියන් ආහාරයෙන් යැපෙන පංචස්කන්දයක් සහ සලායතන දරන කර්මශක්තියක් ඇති තවත් ජීවීන් කොටසකි.
      ඉතින් මේ දෙවියන් ගැන දැන සිටීම හෝ නොදැන සිටීම කෙනෙකුගේ නිවනට නම් උදවුවක් හෝ බාදාවක් විය නොහැකියි. අපගේ අල්ලපු ගෙදර සිටින මිනිසා සුදු පාට හම ඇත්තෙක්ද කලු පාට හම ඇත්තෙක්ද යන්න අපට නොවැදගත් වනවා සේම!

      එහෙත් නියම සිංහ, ඔබ දෙවියන් පිළිගන්න යම් හේතුවක් ඇතිනම් ඔබ කැමතිනම් අප සාකච්චා කරමු, එය අප මේ ගැන නොදුටු පැත්තක් විය හැකියි.
      පහර දෙන්නන්ට ඉඩ දෙන්න, සියල්ල හේතු ඵල දර්මය අනුව සිදුවෙමින් පවතියි.
      ශ්‍රද්ධාව හටගත් පසු හේතුව නොවැදගත් බව ඔබ පිළිගන්නවානම් අන් අය ගැන වද නොවන්න.

      • නියම සිංහ says:

        සිතුවිළි සොයුර
        අප හා එක්ව විවාද කරන අය බොහෝ දෙනෙක් වෙනස් වී ඇත ඔබද මමද එසේමය මට විරුද්දව ලියූ අයද මා දැනුවත් කර ඇත සුදුසු කාලයේදී යමක් කීම වටී එසේ නැතහොත් වටිනා සත්‍ය යටපත් වී නොවැදගත් දේ ඉස්මතුවේ
        යමකු යමක් තේරුම් ගත යුත්තේ තමා දන්නා දේ තුලිනි මෙවැනි වාද වලදී දැනුවත් බව වැඩි වන අතර තම නොදන්නා කමද දැන ගනී මමද ඔබද එසේමය
        අප රූප කායෙන් නොදන්නෙමු අදහස් වලින් බොහෝ දුරට හඳුනන්නෝය රුප කායෙන් නොදැක අදහස් වලින් හඳුනන අපගේ අදහස් වෙනස් වීමද දකින්නෙමු
        මගේ අදහස් වලට පෙර විද්‍යාවට වඩා බුදුදහම යන ලිපියේදී විරුද්ද අදහස් පලකල බොහෝ අයගේ නම් දෙස විමසීමෙන් බලන්න ඒවා කුනුහරුපය (උදා- නිල් කටරොලු මල් ගොමුවේ)
        මේ නම් විමසුවොත් පැහැදිලිවම ඔබට පෙනේවි මොවුන් පහත් මිනිසුන් බව ඒවායෙහි අර්ත කැත නින්දිත ඒවාය
        අප කොටවා තම අරමුනු ඉටුකරගත් අය බවපෙනේ හැබැයි අපේ බෞද්දයන් මොවුන් හා කරට අත දා ගත්තේ
        මොවුන් වටහා ගෙන නොවේ ස්‍රදධාව තිබුනත් ප්‍රඤඥාව නොමැතිනම් නිවන් මග දුරස්වේ ප්‍රඤඥා වඩවමින් නිවන් මග එකට යමු
        මා වැරදි දෙයක් කියා ඇත්නම් පෙන්වා දෙන්න

        • සිතුවිළි says:

          නියම සිංහ සහෝදරයා,
          ඔවු ඔබහරි මෙවැනි සාකච්චාවක දිගටම යෙදී සිටින විට අප ඉක්මනින් වෙනස් වීමකට ලක් වේ. (වාදයක් යන වචනය මම යොදා නොගනිමි ) එම වෙනසෙහි ඇති ධනාත්මක බාවය අපටම ඉක්මනින් පසක් වේ.
          එහෙත් ඒ වෙනස අප උකටලී උදාසීන පුද්ගලයන් නොකල යුතුයි, වඩ වඩා වීර්‍යවන්ත පුද්ගලයන් කළ යුතුයි.
          දහමෙහි අගය වටහා ගත් කෙනා මෙවැනි සාකච්චාවලට ඉතා උනන්දුවෙන් එක්වේ, බලන්න ජෝසප් වැනි අයගේ සහභාගිත්වය නිසා සූත්‍ර වල සින්හල අරුත් ඇති වෙබ් අඩවිය ගැන අප දැනුවත් වූ හැටි.
          එසේම හරය වටහා ගත නොහැකි උන්, පහත් යැයි මා සිතන්නේ නැහැ. ඔවුන්ගේ පුහුදුන් මනස් ඔවුන්ව දහම තේරුම්ගැනීමෙන් වලකනවා එපමණයි.
          දහම තෙරුම් ගැනීමට උත්සහ දරන උන් පුහුදුන් බවේ නිස්සාරත්වය තේරුම් ගත්තවුන් බවයි මා දකින්නේ.
          අප යෝනිසෝ මනසිකාරයෙහි රැඳෙන තුරු පුහුදුන් මිනිසුන්ගේ කුමන්ත්‍රන අපට එය කිරීමට පෙර අවබෝධ කර ගත හැක.

          බෞද්ධයන් කුමන්ත්‍රන කරුවන්ගේ ග්‍රහනයට හසු වනවායයි ඔබ දකින තත්වය ඇති වන්නේ අප බෞද්ධයන් යයි දකින ජාති බුද්ධාගම් කාරයින් සබෑ ශ්‍රද්දාවකින් තොරව දෘශ්ටිවාදීව බුදුදහම විග්‍රහකිරීමට යාමෙනුයි, යමෙකු දෘශ්ටිවාදීව දකින විට බුදු දහමෙහි හා දේව වාදී ආගම් වල වෙනස පහදා ගත නොහැකිව මංමුලා වීමකට ලක් වේ.
          මෙය පුහුදුන් ගතියම මිස අන් යමක් නොවෙයි.
          පුහුදුන් බවේ නිසරු බව වටහාගත් අප කල යුත්තේ මෙවැනි තත්ව අවබෝද කර ගැනීමයි.

          තවද ප්‍රඥාවෙන් තොරව ශ්‍රද්ධාවක් ඇති විය නොහැකියයි මම සිතමි. ශ්‍රද්ධාවේ පදනමම ප්‍රඥාවයි, ප්‍රඥාවෙන් තොර වූ විට ඔබට එය අමූලිකා ශ්‍රද්ධාව හෝ සරලව භක්තිය කියා හැඳින්විය හැක.

          ඔබගේ අදහස් වලින් මාත් මගේ අදහස් වලින් ඔබත් නිවැරදිවීම තමා විය යුත්ත.

  39. Senkadagala says:

    ane….pau..

  40. Senkadagala says:

    pau appa..

  41. Senkadagala says:

    puh

  42. Senkadagala says:

    pauuu

  43. Joseph says:

    @ godaya,

    මේ කාරණේ ගැන බුදු හාමුදුරුවෝ ස්ථිර දෙයක් කියා නැති බවයි ඉහත සුත්‍රයෙන් පෙනෙන්නේ. ඒ විතරක් නොවේ, ඒ බමුණා සමග ඒ ගැන වැඩිදුර සාකච්චාවකටත් ගිහින් නෑ. මේ කරුණ ගැන ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් පවසන්න ඉඩ දී ඇති බව තමයි ඉන් කියවෙන්නේ. බුදු රජාණන් වහන්සේ යම් දෙයක් ගැන කෙලින් නොකිවානම්, එහි අර්ථය, සත්‍යාවබෝධය පිණිස එය වැදගත් නොවන බවයි. අප වැනි මෝඩයින්ට ඕනෑ තරම් ඒ ඉඩ තුල බඩ-පිනුම් ගැසිය හැක.

    මම මුලින් කී දේ (පහත වැකිය) කියවන්න.

    “දෙවියන් යනු වර්තමානයේ කියන අයුරු පිට සක්වල ජීවීන්ය!!!”

    ඒ මා කලකට පෙර දැඩිව ඇදහූ මගේ මතය. ඔබටත් ඔබේ අනික් දැනුම් සමග සංගත වන ලෙස මෙවැනි අදහසක් (ප්‍රවාදයක්) නිර්මාණය කර ගත හැකියි. පිස්සු අදහසක් ලෙස පෙනුනත්, එය මේ වන විට නිර්මාණය කෙරී ඇති අනෙක් දැනුම් සමග ද සංගත වේනම්, ඒ සංගත වන පරාසය තුල යම් යම් නිරීක්ෂණ ඉන් පැහැදිලි කෙරේනම් ඔබේ නිර්මාණය නව දැනුමක් ලෙස සැළකිය හැකියි.

    මෑතකදී දැන ගන්නට ලැබුණු පරිදි, අර මා මුලින් මගේ මතය ලෙස කී අදහස මට පෙර වෙනත් අය විසින් වැඩිදියුණු කර ඇත. Erich Anton Paul von Däniken එය ඉදිරිපත් කළ අතර විශේෂයෙන්ම Giorgio A. Tsoukalos හා වෙනත් යුරෝපීයයන් විසින් අදටත් එය වැඩිදියුණු කරනු ලබයි. මේ වන විට මම ඒ මතයෙන් ඈත් වෙමින් සිටින්නේ ඉහත කී අයගේ තර්කානුකුල නොවන නිගමන හා ඒ මතය ඔප්පු කිරීමට ගෙනහැර පාන විසුළු සහගත සාධක නිසාය. නමුත් එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට තවම ඉක්මන් වැඩිය.

    • නියම සිංහ says:

      Joseph මිතුර
      දිව්‍යලෝකවල වසන දෙවිවරුන් පිටසක්වල ජීවීන් බව පිලිගැනීමට සිදුවේ. අපේ ලෝකයෙන් පිටත වසන ඕනෑම ජීවියකු පිට සක්වලයෙකි. මොවුන්ගේ විමාන පියාඹන පීරිසි විය හැක බුදු හිමියන් මොවුනට දේව යන නාමය යෙදුවේ එදා සම්මුතියෙහි තිබූ වචනයකට තම අර්ථ කතන යොදා වෙනත් අර්තයක් දෙමිනි. බුද්ධ කාලයට පෙරත් දෙව සංකල්පය තිබුනත් ඊට දී තිබූ අර්ත කථනය වෙනස්ය.

    • Joseph says:

      http://thripitakaya.com/2010/09/%E0%B7%83%E0%B6%9E%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%80-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/

      ඉහත සුත්‍ර ප්‍රවෘත්තියට අනුව ඔබ විසින් දෙවියන් සිටින බවත්, ඔවුන් මිනිසුන් සමග කටයුතු කරන බවත් ධර්මානුකුලව ඒකාන්ත කොට පිළිගත යුතුයි.

      • සිතුවිළි says:

        බුදු හිමියන් දෙසූ දෙය සැක පහල කළ නොහැක.

        එහෙත් එය ප්‍රත්‍යක්ශ වශයෙන් අවබෝධ වන තුරු ඔහේ තිබුනාවේ.

        ප්‍රත්‍යක්ශ වශයෙන් අවබෝධ වීම තුල විචිකිච්චාව දුරුවී ධර්මාවබෝධයට මග පෑදෙනු ඇත.

        නැතහොත් දෘශ්ටිවශයෙන් හිතේ තැන්පත් වීම තුළ නොසන්සිඳුනු විචිකිච්චාව විටින් විට අන් අයගේ පුහුදුන් මත බලපෑමෙන් මතුවී ශ්‍රද්ධාවට හානි කරනු ඇත.

    • Joseph says:

      ——————————————————————————–
      “භවත් ගෞතමයන් වහන්ස, දෙවියෝ ඇත්තාහුද?”
      – “භාරද්වාජය, මා විසින් දෙවියන් ඇද්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී.”

      “භවත් ගෞතමයන් වහන්ස, ‘දෙවියන් ඇද්දැ’ යි අසන ලද්දේ, ‘භාරද්වාජය, මා විසින් දෙවියන් ඇද්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැ’ යි කීයෙහිය. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි ඒ කීම හිස්වූ බොරු කථාවක් නොවන්නේද?”
      – “භාරද්වාජය, ‘දෙවියෝ ඇද්දැ’ යි අසන ලද්දේ, ‘දෙවියෝ ඇතැ’ යි යමෙක් කියන්නේද, ‘දෙවියෝ ඇතැයි කාරණයන්ට අනුව මා විසින් දැනගන්නා ලදැ’ යි යමෙක් කියන්නේ ද, එකල්හි නුවණැති පුරුෂයා විසින් දෙවියෝ ඇතැයි ඒකාන්තයෙන් විනිශ්චයට පැමිණිය යුතුයි.”

      “භවත් ගෞතමයන් වහන්සේ පළමුකොටම මට එසේ නොකීයේ මන්ද?”
      – “භාරද්වාජය, දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට වශයෙන් සම්මතව පවත්නා දෙයකි”
      ——————————————————————————–

  44. නිල් කටරොඩු මල් ගොමුවේ says:

    @නියම සිංහ,
    නිල් කටරොඩු මල් ගොමුවේ පැණි උරනා සමනලයෙක්
    මිදුලේ දුව පැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්
    කුරුමානම වැරදුනාට කමක් නැහැ පුතේ
    සතුනට වද හිංසා දී නොවෙන් පුතේ දඟ ළමයෙක්….//
    මේක සුනිල් එදිරිසිංහ ගයපු අහිංසක අරුත් බර ගීයක්; ආදර තාත්ත කෙනෙක් අවිහිංසාව/දයාව ගැන තමන්ගේ පුතාට කියල දෙන්න යොදපු අපුරු අරුත් බර වචන ගොන්නක්!
    ඉන් කොටසක් මගේ නම ලෙස ගත් බව සැබෑව. මොකක්ද දැන් ගැටලුව? කුණුහරුප හා නින්දිත බස් දොඩන්නේ ඔබය. මලකුත් සමනලයෙකුත් ගැන ලිව්වොත් ඒවා පහත්ය. අහෝ! ඔබ වන් මෝඩ තකතීරුවෙක්! මා ලියු දේ තුල ඔබ නොපිලි ගන්න දෙයක් ඇත නම්, ඒ ගැන කතා කරන්න, ආරුඪ නමේ ඉස්පිලි පාපිලි හොයා බුරන්නේ නැතිව. පෙර දවසකදී කාලකන්නි නමින් සිටි අයෙක් ගැන ඔබ නොදන්නවාද?
    අහෝ! නියම සිංහ, ඔබ ‘නියම කුඩා දෙය ලොකු කර බලන්නෙකි’! ඔබට අන්වීක්ෂේම පිහිට ලැබිල හතර වරම් දෙවියන්ද ඉන් පෙනේව!

    • නියමසිංහ says:

      නිල් කටරොඩු මල් ගොමුවේ
      ඔබගේ සිත් රිදීම දුටිමි මෙම,, කටරොඩු මල් ගොමුවේ,, කියන කොටස එක්තරා පිරිසක් අසභ්‍ය වචනයක් සේ බාවිතා කරයි මෙහි ඉංග්‍රීසි තේරුම ගෙන ඔවුන්ගේ සිංහල වාග්මාලාවන් හා එක්කොට මේ අමන සමාජය තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරයි
      එහෙත් ඔබ මෙම නම භාවිතා කර ඇත්තේ එවැනි සමාජයක ගැවසෙන්නකු වශයෙන් නොවන බවත් මෙම භාවිතය ගැන නොදැන බවත් වැටහේ
      මගෙ අතින් ඔබට සිදුවූ සිත් රිදීම ගැන සමාවන්න මම ඔබ තේරැම් ගතිමි.

      • නිල් කටරොඩු මල් ගොමුවේ says:

        නියමසිංහ,මොකක්ද ඔය කුණු හරුපය ඔබ දන්නා ඉංගිරිස් යෙදුමට අනුව? කටරොඩු මල් ගැන මන් වාගේ ගමේ බයියෙක් ඇරෙන්නට ඔය ඉංගිරිස් බැලයන් මොනවා දන්නවද.ඔබටත් ඉතින් එවන් බැලයෙක් යමක් කිව්වොත් නොව හරි/නියම/නිවැරදි.
        ඔබ අච්චාරුවක් හදාන කන්නද මේ අඩවියේ කරක් ගහන්නේ?

        • ගවේශී says:

          @නිල් කටරොඩු මල් ගොමුවේ
          බොරු බයිපාට් එපා අන්තර් ජාලයේ සැරිසරන බයියොත් ඉන්නවද? කටරොඩු මල් ලංකාවේ හැම පුදසුනකම දකින්න පුලුවන් ඒකට නගරෙත් එකයි ගමත් එකයි. මම දැකල නැහැ ඔබ කිසිම ධර්ම කාරනාවක් ගැන වැදගත් දෙයක් ලියල තියෙනව
          ලස්සන දවටන ඇතුලේ මත් කුඩු මත්වතූර තියෙනව සමාව ඉල්ලුවට පස්සේ වෛරයෙන් පිලිතුරු දෙන්න යන්න එපා එහෙම කරන්නේ අමනයො

        • නිල් කටරොඩු මල් ගොමුවේ says:

          @ගවේෂී,මේ අතුරු සංවාදය වෙන්නේ මාත් නියමසිංහ අතරත්ය. ඔබ මැද්දට පැන ඕඩි නටන්නේ නැතිව හිටු.
          මම ඔහුගේ සමාව අයැදීම පිළිගත් නිසා තමයි ගොන් වහන්ස, ඒ ප්‍රශ්නය ඔහුගෙන් ඇහුවේ, මම ඒ යෙදුම නොදන්නා නිසා. ඒකට උත්තර ඔහු දෙන්නට තරම් කාරුණික වේ දැයි බලමු.
          මමත් මන/අමන කම් හොඳින් දනිමි. බල්ලාගේ වැඩේ බූරුව බාර ගත්තම කොහොමද, කරුණාකර යන අතක යන්න හොට පොවන්නේ නැතිව. ඔබ මගේ දහම් දැනුම විමසීමට පෙර ඔබ මේ අඩවියේ පෙරළු ගල් මොනවාදැයි බලනු වටී.

  45. මාතර ආතර says:

    @සිතිවිලි,

    ‘දහමේ දෙවියන් ගැන සඳහන් වන අතර අප සැම දන්න පරිදි ප්‍රත්‍යක්ශ වශයෙන් දෙවියන් දුටු හෝ හා ගනුදෙනු කල උන් කිසිවෙකුත් අපට පිළිගත හැකි මට්ටමින් අද නැත’.සිතිවිලි

    බොහෝ දෙනා කතා නොකරන,
    කාලාම සූත්‍රයේ අගට ඇති කොටසේ ඇත්තේ,
    ‘හොඳය/නරකය කියන දෙය’, තම නැණ පමණින් මෙන්ම,
    ‘වින්ගූන්’ ගේ මතයට/අවවාදයට අනුකූලද බලා
    පිළිගන්න/පිළිකෙව් කරනු කියායි.

    ‘පච්චත්තන් වේදිතබ්බෝ වින්ග්චුහීතියට’ අනුව,
    මේ රටේ හිටපු ‘වින්ග්චු’ කෙනෙක් වන,
    මතු බුදුබව පතන, අපවත් වී වදාළ බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්
    ප්‍රත්‍යක්ෂව

    ‘ආකාෂට්ටාච භුම්මට්ටා දෙවානගා මහිද්දීකා’ වන
    දෙවියන් දුටුබව
    ලියා තිබෙනවා දුටිමි.

    ඔබ පවසන්නේ
    බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවන්ගේ
    මෙම ප්‍රකාශය

    ඔබට පිළිගත හැකි මට්ටමේ
    එකක් නොවන බවද?

    • සිතුවිළි says:

      පහත ජෝසප් විසින් සඞගාරව සූත්‍රය සමග පලකර ඇති අදහසට මා දී ඇති පිළිතුර අවබෝධයෙන් බලන්න. ඔබගේ ප්‍රශ්නයටත් එය සෑහෙනවා.

    • නියමසිංහ says:

      මාතර ආතර
      භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනාකොට ඇති මේ අකාලික වූ දහම පැමිණ බලන්න තමා තුලින් විමසා බලන්න ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරගන්න මේ ස්වක්කාතෝ භගවතෝ දම්මෝ … යන ඝාතාවේ සරල තේරුමයි
      මා කල යුත්තේ මා උගත්දෙය මා ලැබූ අත් දැකීම් මාගේ සිත ගත මේවායේ ක්‍රියා කාර කම් මා විසින්ම විමසා බලමින් දුක් සහිත බව අනිත්ත්‍ය බව මෙන්ම මා කවුදැයි යනවග ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කර ගැනීමය
      මහනෙනි බඹයක් පමන වූ මේ සිරුරද ලෝකයකි
      විශ්වයේ ඇති සියල්ල මාගේ සිරුර සහ විඤඥානය තුලදවේ මෙසේ බලන කල අනුන් විමසනවාට වඩා තමා ගැනම විමසීම වටී ඒ අවබෝධයෙන් දුක නැති කිරීමට මිස දෙවියන් ගැන සෙවීමට නොව

      • මාතර ආතර says:

        @නියම සිංහ

        ‘වින්චුන්’ ගැන
        කාලාම සුත්‍රයේ
        අගට ඇති වාක්‍යය කීපයත් අමතක නොකර
        චූල හස්ති පදෝපම සූත්‍රය කියපුවම ඔබට මා කියන දේ තේරේවි.

        • නියමසිංහ says:

          මාතර ආතර මොකක්ද මේ ,,වින්චුන්,, කියන්නේ ඒ වගේම චූල හස්ති පදෝපම සූත්‍රය කියන්නේ

  46. අජය says:

    ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීම යනු පියවි ඇසින් දැකිමම නොවේ. බුදුන් වහන්සේ වදාළේ නුවනැත්තන් තම තම නැණ පමණින් ධර්මය අවබෝද කරගත යුතු බවයි. දෙවියන් දකින හා ඔවුන් සමග ගනුදෙනු කරන පුද්ගලයින් වර්තමානයේද ඕන තරම් සිටිය හැකිමුත් එය වෙනත් කෙනෙකුට ඔප්පුකර පෙන්විය නොහැක. බුදුන් වහන්සේ වදාළ සච්ච ගවේසී මාර්ගය තනිව ගමන් කල යුත්තකි. උන්වහන්සේ කලේ මග පෙන්වීම පමණි. දෙවියන් සිටින බව බුදුන් වහන්සේ අනේක වාරයක් වදාරා ඇති බව ත්‍රිපිටකය ඝවේසනය කළහොත් දැනගත හැක. යමෙකු ඇසු ප්‍රශ්නයකට උන්වහන්සේ කෙලින් පිළිතුරක් නොදුන්නේ පිළිතුර අවබෝධ කරගැනීමට තරම් ප්‍රඥාවක් ප්‍රශ්නය අසන්නාට නොමැති විටදීය. ඉහතින් සඳහන් ලිපිය මනා ඝවේසනයකින් පසුව ලියන ලද්දක් බව නොපෙනේ.
    දෙවියන් නොසිටීනම් දෙවියන්ට පින් දීමක් අවශ්‍ය නොවේ. මනෝ සංචේතනික ආහාර බුදින ඔවුන්ට පින් අනුමෝදන් වීමද වැදගත්ය. බුදුරදුන් තම මවට කළගුණ සැලකීම සඳහා දිව්‍යලෝකයට ගොස් අභිධර්මය දේශනා කලබව සඳහන් වේ. පහළින්ම ඇති දිව්‍ය ලෝක දෙක, ඒවායේ වෙසෙන දෙවිවරු හා අනෙකුත් සත්ත්ව ආකාර, සක්වල ගල, සුර අසුර යුද්දය ආදිය ගැන කදිම විස්තරයක් ධජග්ග සුත්‍ර අටුවාවෙහිද සඳහන් වේ. සුත්‍ර පිටකයේ සඳහන් “ඒවන් මේ සුතං” ලෙස පටන් ගන්නා සුත්‍රවලින් බොහොමයක් දෙවියන් උදෙසා දේශනා කල ඒවාය. නැතහොත් සියලු කෙලෙසුන් නසා පළමු ධර්ම සංගායනාවට පැමිණි ආනන්ද මහා රහතන් වහන්සේ බොරු කිව්වා විය යුතුය. එසේත් නැතිනම් බුදුරදුන් විසින් තමන් මැදියම් රාත්‍රියේදී දෙවිවරුන්ට මෙවැනි සුත්‍ර දේශනා කළා යනුවෙන් ආනන්ද මහා රහතන් වහන්සේට බොරු කිව්වා විය යුතුය.

  47. අලුත් එකා... says:

    අනේ බොලව් උඹලට දෙවියන්ගේම පිහිටයි

  48. මාතර ආතර says:

    @සිතිවිලි
    1.
    ත්‍රිපිටකයේ ලියා ඇති පරිදි,
    බුදු රදුන් විසින් දෙවියන් ඇතය කියා දේශනා කල බව,
    ඔබට පිළිගත හැකි මට්ටමක නැත්තේද?
    2.
    ඕපපාතිකයන්,
    පෙර බවවල කරුම මේ බවයේ පඩිසන් දීම සහ
    550 ජාතක කතා
    අරුණු කොට,
    ත්‍රිපිටකයේ ඇති සත්‍යයෙන් ඔබහට දැනට ප්‍රත්‍යක්ෂ සත්‍ය කරුණු මොනවද?

    • සිතුවිළි says:

      බුදු රදුන් විසින් දෙවියන් ඇත යන්න දෙසූ බව මම පිළිගනිමි. උන් වහන්සේ එසේ පවසා ඇත්තේ සර්වඥතා ඥානය තුලින් ලද ප්‍රත්‍යක්ශ අවබෝඅධයෙන් බවද මම පිළිගනිමි.
      නැවතත් කියමි මම කිසිවක් දෘශ්ටිවශයෙන් කරපින්නාගැනීමට මැලිවෙමි.
      550 ජාතකය පුනර්භවය පිළිගැනීමට සාක්ෂියක් වශයෙන් මම පිළි නොගනිමි.

      • මාතර ආතර says:

        @සිතිවිලි

        නියම සිංහගේ ‘පාට’
        අන්වීක්ෂ Amebagen දිටිමි.
        ඔබගේ ‘පාට’ එළිකිරීම ගැන ස්තුතියි.
        ඔහොම යන්.

        • සිතුවිළි says:

          ආතර සහෝදරයා,
          මට සැඟවීමට කිසිවක් නැත. මා ධර්මය දකින අයුරු පැහැදිලිවම සඳහන් කරනුයේ ඉන් තවත් සිහි මොළ ඇත්තෙකුට ප්‍රයෝජන ලබා ගැනීමටයි.
          එසේම මට වඩා හොඳුන් දහම දුටු අයෙකුගෙන් මගේ වරද නිවැරදි කර ගැනීමටයි.

          ඔබ අන් අයගේ පාට නොසොයා තමා ගැනම සොයා ගත්තානම් ඔබටත් එය යහපත්.

          අන් අය දහම ප්‍රත්‍යක්ශ කොටගෙන ඇති ප්‍රමානය හෝ කරන දෙය පසෙක දමා ඔබගේ තුලින් දහම ප්‍රත්‍යක්ශ කර ගැනීමට උත්සහ දරන්න. ඔබගේ වටිනා බුද්ධිය නිකරුනේ වෙහෙසවන්න එපා
          ඔබට ප්‍රඥාව පහල වේවායි පතමි.

        • nandana windana says:

          මාතර ආතර- මම මේ වාද විවාද කලක ඉඳන් බලා ඉන්නව මෙතන දිනන්න ඕනම බොරුවක් ලියන එකත් වැරදියි වගේම බොරුව අනුමත කරන එකත් වැරදියි. නිහඬව ඒවා සත්‍ය සේ පෙනෙන්නට සැලසීමත් වැරදියි බෞද්ධයයි කියන මේ කවුරුත් අඩු ගණනේ පන්සිල් වත් රකින අය නොවෙයි හිතලා බලන්න
          ඔය අනුදක්නය හාස්‍යයට ලක්කල හැමෝම ඒකෙ පිහිට අනිවාර්ය්‍යෙයන් ලබාගන්නා අය දොස්තර නියම කරන පරීක්ශන වාර්තා වලට ඔය උපතරන නැතුවම බැහැ එතකො කොයි කවුරුත් විද්‍යා උපකරන සහය හොයනව පුදුම කුහකයො ටිකක් අඩුගානෙ පන්සිල් පද පහ මේකෙ ලියන කොටවත් රකින්න

        • නර්තන රංගන says:

          @නන්දන වින්දන,
          ගොන්ස්,ඔක්කොම පටලව ගෙන උඩ පනින්නේ උඹ නේ. කවුද බන් කීවේ ‘අන්වීක්ශේ’ සහ ‘විද්‍යාගාර විද්‍යාව’ එපා කියලා, අපි කියන්නේ අන්තෙට යන්න එපා කියල ඉවක් බවක් නැතිව. සීමාව නොදැන වශී වෙලා ඒ මත්තේ නැහීමයි,පරම සත්‍ය පෙන්වූ බුදු දහම ඔය’විද්‍යාගාර විද්‍යාවෙන්’ මැනීමයි කරන්න එපා කියලයි බොල අපි කියන්නේ.

      • නර්තන රංගන says:

        සිතුවිළි,පන්සීය පනස් ජාතකය උඹ දකින්නේ මොන ආකාරයටද එහෙනම්?

        • සිතුවිළි says:

          @ නර්තන රංගන,
          එය මා යම් විදියකට දකියිද එය මා ඒදෙස බලන ආකාරයත්, මා විසින් එය විමසන ආකාරයටත් සාපේක්ශයි.
          එම නිසා මා එය දකින ආකාරය දැන ගැනීමෙන් ඔබට හෝ ආතරට ඵලක් වේයැයි මා නොසිතමි.
          ඔබ විසින්ම එම කරුන නිරපේක්ශ පදනමක සිට විමර්ශනය කර බලන්න. ඔබ තුලින්ම ඔබ එය දකින ආකාරය මතු කර ගන්න.
          වාදය අවැඩ දායකයි

        • නන්දන වින්දන says:

          නර්තන රංගන දැන් කියපං බලන්න කවුද ඔය අන්තෙට ගිය අන්වික්ෂ කොමෙන්ට් දාල තියෙන්නෙ කියල

  49. neelammahara says:

    කරුණාකර මෙම ” http://www.forestdhammabooks.com වෙබ් අඩවියට ගොස් මෙම Venerable Acariya Mun Bhuridatta Thera – A Spiritual Biography by Acariya Maha Boowa Ñanasampanno

    Translated by Bhikkhu Dick Silaratano පොත කියවන්න

  50. sriya says:

    adatath deviyan siyasin dutu aya siti.kiribathgoda gnananda swamin wahanse deviyan deka emasthanaya (idama) milayata gena pansalak thana atha.

  51. සිතුවිළි says:

    අයෙකු පවසා ඇති පරිදි කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් බෞද්ධ භික්ෂුවක් ලෙස සැබෑ දහම් මගින් මනස වඩවා පුහුදුන් මනසට ගෝචර නොවන අන් සත්ත්ව කොට්ටාශ ප්‍රත්‍යක්ශ කොටගෙන ඇතිනම් එය ඉතා අගනේයි (උන් වහන්සේට ).
    එහෙත් එය උන්වහන්සේ අවබෝධ කරගත් සැනින් ඔබට හෝ අන් අයෙකුට අවබෝධ උනාද? නැහැ නේද?
    ඔබට අවැසි ඔබගේ මිදීම නම් ඔබ විසින් සියල්ල අවබෝධ කරගත යුතුයි නැතිව අන් අය ලබන අවබෝධය ගැන කයිවාරු ගැසීමෙන් ඔබ ලබන කිසිවක් නැහැ. ඔබ කියන සියල්ල හුදු සම්ප්‍රප්ප්‍රලාපම පමණයි.
    කිරිබත් ගොඩ හිමියන් හෝ සමන්ත භද්‍ර හිමියන් හෝ කවරෙකු හෝ භාවනාවබොදයෙන් දෙසන දහමක් වේ නම් එය ප්‍රඥාවන්තයාට හොඳ මග පෙන්වීමකි.
    බුදු දහම හෝ අන් ඕනෑම දහමක් දෘශ්ටිවාදීව ගත් කෙනාට අනුන් කී දෙයත් පොත පතේ ඇති දෙයත් හිස් මත තබාගෙන අන් අය හා ගැටීමට වාද කිරීමට ඉතා හොඳ කටගැස්මකි.
    මමත්වය යනු කුමක්ද
    දෘශ්ටිවාදය යනු කුමක්ද
    මදුම් පිළිවෙත යනු කුමක්ද යන මූලික කරුනු අවබෝධ කොට නැති අයට මේදේවල් තේරුම් ගැනීම අපහසු බව ඒකාන්තයි එය ඔවුන්ගේ වරදක් නොව. එහෙත් අවාසනාව එසේ හැසිරෙන බොහේ දෙනෙකුට මේවා තේරුම් ගැනීමට තරම් වූ මේරූ බුද්ධිය ඇත්තන් වීමයි.
    අනෙක මෙහි සරන
    සමන්ත භද්‍ර හිමියන්
    කිරිබත්ගොඩ හිමියන් ගරු කරන / හෙලා දකින
    පිරිසෙන් මා ඉල්ලා සිටින්නේ ඔබට ඉතා පහසුවෙන් සපයා ගත හැකි ගංගොඩවිල සෝම හිමියන්ගේ (දේශපාලන කථා නොව ), රෙරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ දේශනා කියවා බලන්න. ඔබට වඩාත් පුළුල් දහම් දැක්මක් ලබාගත හැකි වේවි.
    බුදු දහමට වින කරන අදහසින් යමෙකු මෙහි වේනම් ඔහුට ත්මන්ගේ නිරර්ථක කාර්‍ය භාරය ගැන පසුතැවීමට වේවී.

    සියල්ලන්ටම තම තමන් තුලින් දහම අවබෝධයට ශක්තිය පතමි.

    • මාතර ආතර says:

      @සිතිවිලි

      අන් රටවල ඉතිහාසයට අනුව හිමි තැන ලැබෙන විදියට,
      මේ රටට ‘සිංහල ථෙරවාදී බුධාගමට’ හිමි තැන ලැබෙන එකට

      විරුද්දව කුලප්පු වෙන්න එපල්ල
      කියා දේශනා කල,

      83 කලබල කාලේදී අහිංසක දෙමල ජනයා තම පන්සලේ තියා ගෙන රැකපු,

      මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ දේශනා
      ඔබත් සාවධානව කියවා බලන්න.

      • සිතුවිළි says:

        සිහින ලෝකයක සිට අනුන්ට ගල් විසි කරන්නට පෙර මෙහිම පෙර තැනක 83 කලබල ගැන මා විසින් දක්වා ඇති අදහසුත් කියවා බලන්න.
        ඔබ මගේ පාට ගැන වදවන බැවින් ඔබට තවත් හොඳින් මගේ පාට දැකගත හැකි වේවි.

        • මාතර ආතර says:

          @සිතිවිලි

          අන් රටවල ඉතිහාසයට අනුව හිමි තැන ලැබෙන විදියට,
          මේ රටට ‘සිංහල ථෙරවාදී බුධාගමට’ හිමි තැන ලැබෙන එකට

          විරුද්දව කුලප්පු වෙන්න එපල්ල
          කියා දේශනා කල,

          මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ දේශනා ගැන
          ඔබේ මතය කුමක්ද?

  52. මාතර ආතර says:

    @සිතිවිලි
    1.
    කාගේත් පාට බන දෙසීමට පෙර හෙළි කරන එකනම් කාට කාටත් හොඳය!
    2.
    මේ රටේ අපව
    හනික නිවන් දක්කන්න දඟලන රොත්ත
    බරහිර රටවලට ගොස්,
    එමරටවල ඉතිහාසට අනුව එම රටවල ප්‍රධාන බසට සහ ආගමට දී ඇති හිමි තැන
    අයින් කරවා ගෙන,
    අපට එසේ කරව කියා දේශනා කලොත්,
    ඒ බන මම අසමි.
    3.
    මා ජාතක කතා 550 නිසා පුන-බව / පුන-උත්පත්ති විශ්වාස කරමි,
    ඒ නිසා දෙදෙනාගේ
    පාට වෙනස් ය.
    3.
    ඒ අරුණු කොට, ‘නැති මම’ දහමට අනුව
    ‘ජාතියක්’ කියා උල්ලව්වක්වත් තියෙන්න බැරි,
    සති පට්ටනේ ගැන
    මගෙත් ඔබෙත් පාට එකය.
    4.
    අන් රටවල ඉතිහාසයට අනුව හිමි තැන ලැබෙන විදියට,
    මේ රටට ‘සිංහල ථෙරවාදී බුධාගමට’ හිමි තැන ලැබෙන එකට

    විරුද්දව කුලප්පු වෙන,
    එම වචන අබද්දර ය කියන

    අපාය අද්දර බද්දරගේ ගෝල
    බාලයන්ට මේ අඩවියේ මා බැට දෙමි.
    එයda මගේ පාට ය.

    • සිතුවිළි says:

      1. සත්‍ය වශයෙන්ම හොඳයි, සැබෑ දහම ගරු කරන පුද්ගලයින් එසේ කරනවා
      2. ඔබ කියන පරිදිම සිංහල බෞද්ධයන්ට තම ජාතිය හා ආගම රැක ගැනීමට ඇති පරම අයිතියට කිසිවෙකුටත් අභියෝග කිරීමට ඉඩනොදිය යුතුයි. එය සිංහලයාගේ අයිතිය මෙන්ම පැවැත්මයි.
      එහෙත් බුදු බන ඇත්තේ හැකි ඉක්මනින් නිවන් දැකීමටයි. ඔබ බය වන්න එපා සිංහලයන් අතර නිවනට කැමති උන් මෙන්ම ජාතියට ආදරය කරන් උන්ද ඇත. මෙතුවක් කල් එය එසේම සිදුවී ඇත. නිවන ඇගයූ සිංහලයන්ගේ මග පෙන්වීමත් ජාති හිතෛශි උන්ගේ ධෛර්‍යයත් නිසාම සිංහල ජාතිය මෙතුවක් අඛන්ඩව පැවතී ඇත.
      මින් එකක් බිඳ වැටුනු දාට සිංහල කමත් බෞද්ධ කමත් යන දෙකම නැති වේවි.
      3. පිළිතුරු අනවශ්‍යයි
      4. ඔබ බද්දර යයි කියා හඳුන්වන සමන්ත භ්ද්‍ර හිමියන්ගේ ගෝලයින් වූ “සත්‍යය කථාකරයි” හා “නිවැරදි තේරවාදය” සමග ඔවුන් සතු අන්ත දෘශ්ටියට එරෙහිව මා කරුනු දැක්වූ බව ඔබ නොදිටීම ගැන මා කනගාටු වෙමි.
      ඔවුන්ට අනුව මා මගඵල ලාබීන් පිළිනොගන්නා බෞද්ධ විරෝදියෙකි. ඔබට අනුව මා බද්දර ගේ ගෝලයෙකි, සසුනට එරෙහි කුමන්ත්‍රන කරුවෙකි.

      ඔබගේ පුහුදුන් මනසට ගෝචර නොවන කරුනු අරබයා ඔබගේ බැටදීමේ අයිතිය මා අභියෝග නොකරමි.

  53. +/- says:

    බුදුරැස් විහිදෙන පොසොන් සඳ බලන්න ඔබ සැමට ආරාදනා (පින් සිසිලෙන් තෙත්උ නෙත් ඇත්නම් හොදා)

    • Anonymous One orig says:

      සිංහල එවුනේ, මේකේ සිංහලෙන් තිබු පමණින් උඹල ඒවා සිංහල දැනුම කියල හිතන්න එපා. මෙතන ඉන්න බූරුවන්ගෙත් සුනඛයන්ගෙත් ගති එකතු කර බිහිවුන, මනුෂ්‍ය වෙස් ගෙන උඹල බිලිගන්න හදන බෞද්ධ කියන සොහොන් පිල්ලිවාදියොත්, අනිත් පිල්ලි කාරයෝ වගේම උඹලගේ පැවැත්ම නැති කරන්න හදන පිසාචයෝ රැළක්. මුන් හඳ බලන්න කිව්වට ඒක කරන්න එපා. උඹල හොඳටම දන්නවා හඳ මෝරන කොට උමතුව වැඩිවෙනවා. සතුනුත් ආවේෂ වෙනවා.

      අශුචි දකිනකොට එන හැඟීමයි කිරිපැණි දකින කොට හැඟීමයි එකද? ඒ කියන්නෙ දකින දේවල් අසන දේවල් අනුව සිතිවිලි වෙනස් වෙනවා කියල නේද? මුන් උඹලව විනාශ කරන්නයි හඳ බලන්න කියන්නෙ. හඳ බැලුවම අඳුරු සිතිවිලි වලින් සිත වෙලිලා අමනුෂ්‍ය ගති අරං මුන්ට ගොදුරු වෙනවා. හිරුයි උඹලට ආලෝකයත් ජීවිතයත් දෙන්නෙ. හිරු රැස් නාල ලෙඩ සුව කරගනිල්ල. උඹලට අමතක වුනාට, හඳ දිහා බලනවා නම් පරෙස්සමෙන් කරන්න ඕන. සිංහල අවුරුද්දේ හඳ බලන්න නැකැතක් තියෙන්නෙත් ඒක බැරෑරුම් දෙයක් නිසයි. ඔය බෞද්ධයන් කියන්නෙත් අනිත් ආකම් කාරයෝ වගේ සිංහලයගේ පරම සතුරෝ. පිපාසයට දිය උගුරක් වත් දෙන්න එපා. ගෙදරකට වැද්ද ගත්තොත් ඒක පාළුවට යනවා. මුන් මනුෂ්‍යයන් විනාශ කරන්න ආපු අමනුෂ්‍යයයන්ය. පේනවා නේද මුන්ගෙ කීම අහල උඹලගේ ජාතියට යන කල. මුන්ට කෑම බීම සල්ලිය භාගේ දීලා උඹලව රකින ඉටුදෙවියන් තරහකරගෙන හිඟමනට වැටෙන්න එපා. මුන් දෙන පින් වළට වඩා සුනඛයන්ගෙ නගුට වැනීම අගයව්. අනාගතේ රැකගන්න නම් මුන් සිතෙන් ගතින් පන්නල, ජීවත්වීමත් පැවැත්ම රැකීමත් වැළඳ ගනිව්. ඒක උඹලගෙ කම. ආකම් බල්ලට දාපියව්.

      • කළු සිංහ says:

        ඔබට තෙරුවන් සරණයි. පඥ්ඥාය දුබ්බලීකරණය නොවූ උපතක් මතු භවයේදී හිමි වේවා.

        • Anonymous One orig says:

          කියන කොටම තවත් පිසාචයෙක් කෙල පෙරනවා. උඹේ සරණ දීපන් උඹේ … මට ඔය සරණට වඩා බලුසරණ වටිනවා. උපදින දින තැන වෙලාව කලාව තෝරගන්න පුළුවන් මට නේද උඹ බයිල කියන්නෙ. අනේ හිවලෝ, උඹල බොරුවෙන් චාටුවෙන් සිංහල එවුන් රැවටුව කාලේ ඉවරයි. ආපහු ඉන්දියාවට පලයන්. අමනකම ඉහවහා ගිහිල්ල. ඒ වුනාට හැසිරෙන්නෙ සිදට් (සියල්ල දට්) කියල. මේ වගේ බූරු රැලක් හදනවා බොරු. මේ මෝඩයට සිංහල තේරෙන්නෙ නැද්ද?

        • කළු සිංහ says:

          ඔබට නැවත නැවතත් තෙරුවන් සරණයි. පඥ්ඥාය දුබ්බලීකරණය නොවූ උපතක් මතු භවයේදී හිමි වේවා.

  54. Anonymous One orig says:

    දෙවියන් ගැන කියන ගොන් කතා දැක පමා වී හෝ මෙය ලියන්නෙ සිංහලෙන් කියන අසිංහල මත, සිංහල මතය නොවන බව හුවා දැක්වීමටය.

    දෙවියන් ඉන්නවද? නැද්ද? ඇසූ විට උත්තරය පටලවන්නේ බොරුකාරයන්ය. මම කියා කෙනෙක් සිටියත් මම කියා කෙනෙක් ඇත්තෙත් නැත නැත්තේත් නැත යයි කෙප්ප කෙලින්නේ එක් ජීවිතයකින් තවත් එකකට යන ගමන පැහැදිලි කිරීමට නොහැකි බෞද්ධයන්ය. බෞද්ධයන් මගේ පිළිකුලට භාජනය වන්නේ උන් සිංහල දැනුම තමන්ගේ යයි කියමින් එම දැනුමට මඩ ගසන ඉහඳ පනුවන් රැලක් නිසාය. සිංහලයන්ගේ නිර්මාණයක් වන දේවත්වය පැහැරගෙන, මිනී මැරීම, සත්ව ඝාතනය කරන කුරුසකාරයන් වැනි දේවගැතියන්ද මෙවැනිම සිංහල දැනුමට මඩ ගසන නරුමයන්ය.

    දෙවියන් යයි හඳුන්වන වචනයට නියම අරුත නොකීවත් එමගින් “දන්න කෙනා” යන අදහස කියමින් දෙවියන් සිටින බව මිනිසුන් සිටිනවාටත් වඩා විශ්වාසවන්තව ප්‍රකාශ කරමි.

    මිනිසුන් වන අපි අපේ ප්‍රධාන අංග දෙක වන ගත හා සිත කෙසේ හැදෙනවා දැයි නොදනිමු. එහෙත් අප ගතේ හා සිතේ ඇති අනන්‍යතාවය මත ඒවා අහඹු නිපැයුම් නොවන බව දනිමු. මෙයාකාරයෙන් ස්වාභාවය පිරික්සීමේදී අවට පරිසරයේ ඇති විවිධාකාර සිදුවීම් වලට ඔරොත්තු දෙන ගතික සමතුලිතතාවයේ පැවැත්ම ස්ථීරසාර දෙයක් වන සිතේ ඇති දත්ත මත ගොඩ නැගෙන බව පැහැදිලිය.

    ගත කොතරම් සංකීර්ණදැයි අපටම තේරුම් ගත හැක. සිතේ ක්‍රියාකාරිත්වය හැදෑරූ විට එය ඊටත් වඩා සංකීර්ණ නිත්‍ය බවින් අනූණ වූ දෙයක් බව තහවුරු වේ. සිත කිසිදු බෙදීමකට හෝ අණුපිටපත් වීමකට භාජනය නොවන බව ජීව දත්ත මගින් තහවුරු වේ. එසේ නම් සිතද වෙනත් දෙයකින් නිපයන බව පැහැදිලිය. එම තෙවන කොටස ජීවයේ ආරම්භක තැන ලෙස ගත හැක. මෙම තෙවන කොටස ඉතා ප්‍රබල මෙන්ම ඒකීය නිපැයුමක් බව එහි නිෂ්පාදනයක් වන සිතත්, සිතේ නිපැයුමක් වන ගතත් තහවුරු කරයි. එය ඒකීය නොවූයේ නම් නීරෝගී, කකුල් හතරේ මිනිසුන්, අලි හිස් සහිත මිනිසුන්, මනු ඔළුවක් ඇති හස්තීන් වැනි මනාව වැඩකරන නිරෝගී සත්වයන් බිහිවිය යුතුය. ස්වාභාවය ඉඳුරාම වෙනස් නිසාත්, අනන්ත අප්‍රමාණ ජීවීන් තම වර්ගයාගෙන් හැර වෙන කිසිදු වර්ගයකින් බිහි නොවන නිසාත් ඒකීය නිපැයුම් ඇරඹුමක් ඇති බව තහවුරු වේ.

    අපි ජීවීන් ලෙස හඳුන්වා ගත්තද නියත දත්ත අනුව නියත කාර්යයන් ඉටු කරන ස්වයංපාලිත ද්‍රව්‍යයමය නිපැයුමක් යන මතය අපගේ පැවැත්මට කිසිදු අහඹු විචල්‍යයක බලපෑමක් නැති නිසා තහවුරු වේ. එසේම සිතද එවැනිම ඊටත් වඩා සංකීර්ණ ද්‍රව්‍යයමය නිපැයුමක් යන මතය තහවුරු වේ. එම ද්‍රව්‍යයමය ස්වභාවය ගතින් තේරුම් ගත නොහැක්කේ ගතට ඇති උපාංඟ වල නිපැයුම වෙනත් අවශ්‍යතාවයන් ඉටු කිරීම නිසාය. සිත නිර්මාණය වන බාහිර නිපැයුම ඒකීය වන අතර, සිතට ඇති සබඳතාවය නිපැයීමට දායක වීමය. මෙම විශේෂ නිපැයුමත් අප වටා ඇති පරිසරයේ ඇති හැසිරීමත් දෙකට බෙදී සැකසුනු කොටස් දෙකකි. ස්වභාවය සරලය. මරහඬ දෙන බෞද්ධයන් කියන පරිදි අනිත්‍යයය. එහි ප්‍රතිවිරුද්ධ නිපැයුම නිත්‍යයය. අනිත්‍ය ස්වාභාවය ඉතා ජනප්‍රිය ගණිතමය ක්‍රියාකාරකම් දෙකකින් සපුරා විග්‍රහකල හැක. ස්වාභාවයට ප්‍රතිවිරුද්ධ නිත්‍යබව දෙන නිපැයුම විචල්‍යයන් අනන්තයක් ඇති සබඳතාවයක් දරණ එකකි. එහි විසඳුමද ඉතා සරල උපක්‍රමයකින් තෝරා බේරා ගනී. අදාල උපක්‍රමය ජීවයේ විවිධ චරිතයන් නිරූපණය කරන කාලය ගතවන ක්‍රියාවලියකි. ප්‍රතිඵලය අප ගෙවන ජීවත වලින් කදිට විග්‍රහ වේ.

    මම ඉහත කෙටියෙන් කීවේ නාම නැති පර්යේෂණයක ප්‍රථිඵලය. මේ අතරේ ලංකාවතාර සුත්‍රය නම් වූ බකයන් බිහිවීමට කලින් සිහළුන් නිමැයු දත්ත සමූහය දුටු විට මගේ සොයා ගැනීම මීට වසර දස දහස් ගණනකට පෙර සිහළුන් දැන සිට ඇති බව ප්‍රත්‍යයක්ෂ විය. එම වචන යොදා විග්‍රහ කලොත් ස්වාභාවයට ප්‍රතිවිරුද්ධ නිත්‍යබව දෙන නිපැයුම “හිරු” දෙවියන්ය. මෙම කෙනා ජීවයේ ආරම්භකයාය. සිත නම් අපේ ගතට නිත්‍ය බව දෙන අපේ රහස් සියල්ල දත්, ස්වභාවයත් එයින් ජීවය උකහා ගත් දැනුමත් යොදා අප වැනි අංඟ සම්පූර්ණ ජීවීන් බිහි කල කෙනාය. මේ සඳහා අනන්ත කාලයක් ස්වාභාවයෙන් දැනුම උකහා ගෙන රැස් කරගෙන සුදුසු තැන සුදුසු ජීවයට ලබා දී ඇත. අපේ ජීවයේ නිත්‍ය කොටස වන සිත අයත් වනුයේ අපේ අවතාරයට යයි කියනු ලැබේ.

    සිත ඉතාමත්ම සංකීර්ණ වූ නිපැයුම් වල හැකියාව ප්‍රබලය. එවැනි නිපැයුම් දෙවියන් ලෙස හැඳින්විය හැක. දෙවියන්, හිරු දෙවියන් හා ජීවීන් අතරමැද සිට ජීවීන්ට හිරු දෙවියන් සම්බන්ධ කරනවා. දෙවියන් යනු විවිධ ජීවින් මෙන්ම විවිධ අවශ්‍යතාවලට බිහිකල නිර්මාණය. එහෙත් ඉහලම තලයේ ඇති හිරුගේ විශේෂ හැකියාවන් නැත. වගකීම ජීවය රැකීමත් විමර්ශණය කිරීමත් නිරික්සීමත්ය. මිනිසුන් හා අප වැනි සියලු ජීවීන් සිතත් ගතත් අපේ ජීවයට සරිලන ලෙස නිපදවූ නිපැයුම්ය. ජීවීන් සතු හැකියාව ජීවත් වීමට සීමා වේ. මෙම නිපැයුම් කාලීනව වෙනස් කිරීම, නැවත සැකසීම ස්වභාවය ඉදිරියේ රඟ දැක්වෙන චරිතයන් අනුව සැකසීම හිරු දෙවියන්ට පමණක් සීමා වී ඇත. අපේ පැවැත්ම තීරණය වන ආකාරය මේ බව තහවුරු කරනවා.

    හිරු දෙවියන් ගැන සිහළුන් කී දෑ අද නොයෙකුත් මානවයන්ටද පුළුවන් යයි කෙප්ප කියති. විශේෂයෙන්ම දෙවියන්ට සමීප හැකියාවන් ඇති බුධලාට ද මෙවැනි හැකියාවන් ඇති බව කීම පට්ටපල් බොරුවකි. හිරු චරිතය ස්වාභාවය මෙන්ම ඒකීය ස්වරූපයක් ගනී. හිරු දෙවියන් හා දෙවියන් රැවටිය හැකි යයි සිතන බෞද්ධයන් හා එවැනිම දෑ කරන ව්‍යාජ දේව භක්තියන් වන හින්දූන් කුරුසකාරයන් හා තම්බීන් දෙවියන්ට නිග්‍රහ කොට දේව උදහසට ලක්වී අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිති. ගතක් නැති දෙවියන් දඬුවම් දෙන ආකාරය චමත්කාර ජනකය. වරෙක ගත ඇති ජීවීන්ද උපයෝගී කරගනී. ස්වභාවය, සරල ගණිතමය ක්‍රියා දෙක නිසා කෙරෙන සිදුවීම් හැර අනෙක් සැම දෙවියන්ගේ වැඩය. දෙවියන් වරෙක, අප අතර සිරුරක් ගෙන සිටින බවද ඔවුන් විශේෂ හැකියාවන් ප්‍රදර්ශණය කරන බවද පෙන්විය හැක. දෙවියන් ක්‍රියාකරන ආකාරයත් සිහළුන්ගේ සිරිත් විරිත් අතරත් සම බවක් ඇත.

    දේවකාරිය ජීවිතය රැකීමත් පැවැත්ම තහවුරු කිරීමත්ය. අවශ්‍ය නම් ඒ සඳහා ලොව උඩු යටිකුරු කරන හැකියාවද ඇත. අද හිරු දෙවියන්ද අප අතර සිටින්නේ අනාගත ජීවය පිළිබඳ ලොකු වෙනසකට මුල පිරීමට යයි ආදි සිහලුන් හා මායා වරුන් කියා ඇත. වර්තමානය තුල මා කී දෑ සහතික වශයෙන් දැකිය හැක.

    දෙවියන්ට පින්දීම ගැන කියන්නේ පිස්සන්ය. දෙවියන්ට උඹලාගෙ පින් කන්නද? රටේ නායකයා සියලු රස පිරි බොජුන් ගන්නා විට හිඟන්නෙකු ඇහිඳ ගත් කොස් ඇටය රජතුමාට ඕන යයි කීවා නම්, ඔල්මාදය ඔඩු දුවා ඇති බව කියනවා. දෙවියන් දකිනවා යයි කියන්නේ ඔල්මාද කාරයන්ය. දෙවියන් හඳුනා ගන්නේ මිනිස් වෙස් ගත් දෙවියන්ය. ඔවුනට ආවේනික වූ සන්නිවේදන මගක් ඇත. දෙවියන් මලයාලි බසින් කතා කරන දේවාල බොරුකාරයන්ගේ තිප්පලයි. දෙවියන් ජීවිතයට ආදරය කරන පැවැත්ම රකින එවුන් පසුපස සැම විටම ඇත. අඬා වැලපී පඬුරු පාක්කුඩම් දීම වංචණික දේවාල බොරුකාරයන්ගේ බසට රැවටීමකි.

    අද මිනිසත් බව ලබා අනුන් සරණ යන බෞද්ධයන් කුරුසකාරයන් වැනි ඒක පුද්ගල මතයන්ට වහල් වී නිවන, ස්වර්ගය වැනි මිරිඟු පිටුපස දුවන්නෙ සිත ප්‍රමාණවත් නැති, ආධුනික හෝ අභියෝගයන්ට මුහුණ දීමට නොහැකි දුබල සිතැතියන් බව මනාව දැකිය හැක. අනන්ත කාලයක් තිස්සෙ සිදුවූ/වන කෙල සුවහසක් දේ වලින් සනාථ වන දෙය නම් ස්වාභාවය ඉදිරියේ අනිත්‍යයට මුහුන දී නිත්‍යබව ජයගැනීමේ නොපසුබට උත්සාහයක් බවය. වෙන වචන වලින් කියනවා නම් ජීවත් වීමත් පැවැත්ම රැක ගැනීමත් උදෙසා කරන නොනවතින උත්සාහයක් බවය.

    ස්වභාවය පවතින්නේද, එසේම දෙවියන් හා හිරු දෙවියන් ඇත. හිරු දෙවියන් සුවිශේෂ වන අතර හැකියාවෙන් අණූනය. මිනිසකු වූ විටද මිනිසුන්ට බැරි දෑම කරන්නේය. දෙවියන්ගෙ සහාය නොමදව ලැබේ. මිනිසුන්ට පමණක් සීමිත හැකියාවන් අතරේ දෙවියන් උපන් විට ජීවිතයේ සැබෑ වෙනසක් ඇත. අනෙකුත් දෙවියන් තමන් මනු බව ලබාගන්නේ තමන්ගෙන් රැකෙන උන් නඟා සිටවීමටය. ඉපැරණි සිංහල අවුරුදු සිරිතට ඉටු දෙවියන් සිහිකර කෙළෙහි ගුණ දක්වන ලෙස කීවේද තම තමන් ආරක්ෂා කරන දෙවියන් අගැයීමටය. හිරු දෙවියන් ඇතුළු දෙවියන් නොවන්නට අපේ ශරීරය සැදී ඇති ද්‍රව්‍යයන් ස්වාභාවයේ කොටසක් ලෙස පවතිනු ඇත. හිරු දෙවියන්ට නායක (නාථ) වැනි නොයෙකුත් නම් තිබුනද ඒ එකම කෙනෙකුම වේ. අවසන, දෙවියන් යනු අද්භූත දෙයක් නොව අප වැනිම එහෙත් සාමාන්‍ය ජීවීන්ට අහිමි සුවිශේෂ නිර්මාණ වලින් බිහි වූ හැකියාන් ඇති නිපැයුමක් බව තහවුරු වේ. මේ කීවේ ඉතා සරලවය. දැනුම ඇත්තෝ වගකීම භාර ගැනීමට ඉදිරිපත් වීම අගයමි.

    දෙවියන් අදහනවා යයි කියන වසලයන් දේව කෝපයට ලක් වූයේ කෙසේද? දෙවියන් යදිමින් දෙවියන් කෝප කරවන අමනයන්, අපරාධකාරයන් නොමග ගොස් කරන දේවල් නිසාය. ආරාක්ෂක භටයන්ට ගරු කිරීමට ඔවුන් ඉදිරියේ රෙදි ඔසවා අධෝභාගය පෙන්වා හූ කියන්නයි බූරුවකු කීවිට, ඒ ගොන් කතාව විශ්වාස කරන අමනයන් එකී පරිදි ක්‍රියාවෙන් ගරු කල විට ගුටි බැට කන්නේ නැද්ද? එසේම දෙවියන් යදිමින්, මුසාවෙන් වංචාවෙන් දෙවියන් රවටන විට ලේ බීම මස් කෑම සත්ව ඝාතනය වැනි ම්ලේච්ඡ ක්‍රියා කරන විට දේව උදහසට ලක් නොවේද?

    අපට අභියෝගයක් දී ඇත. ඇත්ත බොරුවෙන් වෙන් කර හඳුනා ගැනීමය. අප කෙතරම් දක්ෂද? ඇත්ත හා නැත්ත අතර වෙනස දැනීමට ඒවායේ අන්තිමටම යා යුතුය. එය දන්නෙ එක් අයෙකි. අනෙක් සැම පරදී. ජය පරාජය මරණාසන්නයේදී අපගේ මුවින් එන ලෙස තරඟය සකසා ඇත. කී දෙනෙක් ජය ගෙන ඇද්ද? අනන්ත කාලයක් සිටීමට නොනවතින අරගලයක් අවශ්‍යයය. එයට ජීවත්වීම යයි කියනු ලැබේ. පරාජිතයන් අඳෝනා කියමින් ජීවිතය අතහරිති.

    • පිස්සා says:

      “මම කියා කෙනෙක් සිටියත් මම කියා කෙනෙක් ඇත්තෙත් නැත නැත්තේත් නැත යයි කෙප්ප කෙලින්නේ එක් ජීවිතයකින් තවත් එකකට යන ගමන පැහැදිලි කිරීමට නොහැකි බෞද්ධයන්ය” කියන නිසා පුංචි උදාහරණයක් කියන්නම් මෙම ධර්මයේ සදහන් වන .

      හිරු එළියත් , ගසත් , පොළවත් ඇති කල්හි මහා පොලව මත ගසෙහි සෙවනැල්ල වැටීම යන සංසිද්ධිය සිදුවේ . එමනිසා සෙවනැල්ලක් නැති බව කියන්නේනම් ඌ මෝඩයෙකි . නමුත් සබැ ලෙසම සෙවනැල්ලක් ඇත්ද ? සෙවනැල්ල යනු හිරු එලිය ඇති විට මහා පොලොව මත ඇති වන ගසේ ප්තිබිම්බයක් පමණි , එම නිසා සෙවනැල්ලක් ඇති බව කියන්නේ නම් ඌද මෝඩයෙකි . ලෝකයෙහි සම්මුති හා පරමාර්ථ වශයෙන් ධර්මතා දෙකකින් බුදු දහම තුල දේශනා වේ . මතු පිටින් බලන විට පරමාර්ථය යටපත්ව සම්මුතිය පෙනෙන අතර , විමර්ශනාත්මකව බලන විට සම්මුතිය යටපත්ව පරමාර්ථ ඉස්මතු වේ . නමුත් සත්‍ය ඇත්තේ එකක් පමණකි , සත්වයෙක් නැති බව කීම සම්මුතියට පටහැනි අතර , සත්වයෙක් ඇති බව පරමාර්ථයට පටහැනි වේ . මෙම ගැටලුව සත්‍ය අවබෝදය සමග විසදෙනු ඇත . ( හෙතුම් පටිච්ච සම්බුතන් , හේතු බංගා නිරුජ්ජති – හේතු ගැටීමෙන් ම ඇති වන , හේතු නැති වීමෙන් නැති වන දෙයක් බව )

      තවද එක ජීවතියකින් තවත් ජීවිතයකට යන ගමනද මෙම දහමේ සදහන් උපමාවකින් දක්වමි . එය දැල්වෙන පහනක් ලං කර තවත් පහනක් දැල්වීමක් හේතු කොට දේශනා කර ඇත . මෙහිදී සැබෑවටම හුවමාරු වන ගිනි දැල්ලක් නොමැත , එමනිසා එකම ජීවිතය නැවත තව තැනකට යන බව නොදැක්වේ . සිදු වනුයේ දැල්වූ පහන ලං කිරීම නිසා නොදැල්වු පහන දැල්වීමට අවශ්‍ය හේතුව ( ජ්වලන උෂ්ණත්වය ඇති කිරීම ) ඇති කිරීම පමණි . එම නිසා වෙනත් ජීවිතයක් ප්‍රති සන්ධිය ලබන බවද නොදැක්වේ ( එම ජීවිතය නොවන්නේය , අනෙකක්ද නොවන්නේය ).

      • Anonymous One orig says:

        Anonymous One orig says:
        Your comment is awaiting moderation.
        June 5, 2012 at 4:28 pm

        යමක් ඇත්තේද නැත්තේද නැත යන්න මානසිකව කෙනෙකු බිඳීමට මහඟු අවියකි. හිර වූ විට ගැලවිජ්ජාවට නියම තුරුම්පුවකි.

        ඔබ ඉදිරිපත් කරන්නේ ඔබේ ගුරා කීවේ යයි කියා පැවතෙන දේවල්ය. මම ඔබේ ගුරා නොදත්තේ යයි කියමි. එවිට ඔබද ගුරාගේ නොදත්කම උරුම කරගන්නවා. මම උපහැරණ මත නොරඳමි. ඔබේ ගුරා යොදාගත්තා යයි කියන උපමා වල අන්තර්ගතය මගේ කීම තවත් තහවුරු කරනවා. උපමාවෙන් කී දෑද මා මුලින් කී දෑ සේම පටලවා ගැනීම්ය. මා කී දෑ මනුෂ්‍යයන්ට සීමා නොවේ. සියලු සත්වයන්ටද ශාකයන්ටද අදාළය. ඔබේ ගුරා ශාක ඝාතනය ගැනද නිහඬය.

        මගේ දැනුමට පරමාර්ථ හෝ සම්මත වැනි පුහුදුන් කාරක අදාළ නැත. අනන්ත වූ විශ්වයේ මනු වචනයට පරිබාහිර වූ සිද්ධීන් මිස අනුන් තැනු තර්ක විතර්ක නැත. ඇත්තටම වචනද අනවශ්‍යය. මා වචන යෙදුවේ මනුෂ්‍ය පරිභෝජනයටය. වචනවලට සිංහල අරුත ඈඳා ඇත. කිසිදු තැනක වචන විරුද්ධාර්ත දීමෙන් හෝ ද්විත්ව අරුත් දීමෙන් හෝ අච්චාරු ලියා නැත.

        ඔබේ ගුරු බිහිකල වචන නැත. අනුන්ගේ වචන යොදා ගෙතු නිශ්ඵල ප්‍රබන්ධයේ අග මුල ගැලපීමට යොදා ගත් වචන උඩු යටිකුරු කිරීම, ගෙතූ ප්‍රබන්ධය නිශ්ඵල කරයි. මම නොකියා කිව්වේ ඔබේ ගුරු ජීවිතය අනිත්‍ය යයි කියන, ජීවිතය නිවා දැමිය හැකි යයි කියන කතාව ජීවිතය කුමක්දැයි නොදැන කී කෙප්පයකැයි පැවසීමය. ඔබ මා බොරු කිරීමට නම් ගුරු නොදත් ජීවිතය මට වඩා දැනගෙන පිළිතුරු දීම කල යුතුය.

        ඔබ කිවූ උපමාද අර්ථ විරහිතය. කිතුල් ගස මගේ බඩ වැනි යයි කිව හැක. එහෙත් එහි අර්ථයක් නැත. ජීවිතය ගිනි දැල්ලකට උපමා කොට නිවීමක් ගැන ඔබේ ගුරා කියයි. සංකීර්ණ ද්‍රව්‍යයමය එකතුවක් වන ජීවිතය වෙනුවට සරල ද්‍රව්‍යයක් වන කළු ගලක් ගෙන එය ගිනිදැල්ල ලෙස නිවිය හැකි යයි ඔබ කියනවාද?

        සෙවනැල්ල මිනිසුන් මවා ගත් දෙයකි. එතැන සංසිද්ධියක් නොව පරිබාහිර මිනිස් දෘෂ්ඨිය මත ගොඩ නැගූ මිනිස් අරුතකි. එහෙත් ගස හිරු පොළව වචනයට සීමා නොවූ ස්වාභාවික දේවල්ය. ඔබ ගස, හිරු, පොළව ඇත්තේද නැත නැත්තේද නැත කීවොත් අසන්නා ඔබේ සිහිනුවන සැකයට බදුන් කරනු ඇත.

        මා කී දෑවලට ගුරුද මමය. සාධක එමටය. කිසිදු අසමත්වීමක් නැත. කැඩීමක් නැත. නිත්‍ය ලෙසම බැඳී ඇත. මංමුලා වී පාර කියන කෙනෙකු හැසිරෙන්නේද ඔබේ ගුරා වැනිය. ස්වාභය ඉදිරියේ අනන්තවත් දත්ත මගින් මා පවසන දෙය තහවුරු වේ. ඒවා වචන වලින් ගලවා දියත් කලේ නම් මාගෙන් පරිබාහිර වූ ස්වාභාවික කාරකයන්ගේ එකතුවකි. මිථ්‍යාවට එවන් දත්ත නැත. ඇත්තේ උඩුයටිකුරු කල වචන හා අරුත් නැති උපමා පමණි. බොරු කී නිසා මරණාසන්නයේදී තම සාවද්‍යබව හෙලි කර මිය ගියේ මා කී තරඟයෙන් පැරදීමෙනි. මෙය මානවයා නිතර මුහුන දෙන අවසන් ජීවිත ක්‍රියාවයි.

      • පිස්සා says:

        —— ඔබ ගස, හිරු, පොළව ඇත්තේද නැත නැත්තේද නැත කීවොත් අසන්නා ඔබේ සිහිනුවන සැකයට බදුන් කරනු ඇත —-

        උපමාව මෙතරම් සරලව නුඹ හුවා දක්වනුයේ නුබේ අදහස තහවුරු කරගැනීමට මග සලසගනිමිනි . මගේ ගුරුගේ දහම අනුව නුබේ දැනීමද මම පහද දෙන්නම් . මෙම උදාහරණයේ ගස , හිරු , මහපොළොව නැති බව නුඹ කීමට උත්සහ දරා ඇත , නමුත් නුවනින් බලුවෙකු හට මේවා මෙම උදාහරණයේදී “හේතු ” ලෙස මිස “ඵල ” ලෙස ගෙන නොමැති බව පෙනී යා යුතුය , හේතු නැති බව මෙම දහමෙහි සදහන් වන්නේ නැත , එසේ සිතන්නේනම් එය නුබේ මෝඩ කම නිසාම සිදු වන්නකි . උපමාවක අග මුල ගලපා ගැනීමට නොහැකි නුඹට තව දුරතට් මෙම දහම කියන්නේනම් මමද නුඹට වඩා මෝඩයෙකි .

        • Anonymous One orig says:

          “—— ඔබ ගස, හිරු, පොළව ඇත්තේද නැත නැත්තේද නැත කීවොත් අසන්නා ඔබේ සිහිනුවන සැකයට බදුන් කරනු ඇත —- මෙම උදාහරණයේ ගස, හිරු, මහපොළොව නැති බව නුඹ කීමට උත්සහ දරා ඇත, …..”

          ඔබේ කීම වැරදිය. ගස, හිරු, පොළව නියතයෙන්ම ඇති බව පවසන මම, එම අරුත් ඇති වචන හැදුවන්ගේ බුද්ධියද අගයමි. මා අදහස් කලේ ඇතැයි නැතැයි කීම විකාර මනසකින් එන කතාවක් බවය. සෙවනැල්ල මිනිසුන්ගේ නිපැයුමක් යයි කීවෙමි. රෑ අඳුර සෙවනැල්ලක් නම් එය කාගේදැයි කිව මැනවි.

          මම හේතු, ඵල, අරූ, මූ, වැනි වාර්ගික කිරීමක් නොකරමි. ගෙඩියෙන් ගසක්ද ගසකින් ගෙඩියක්ද සැදුන පමණින් හේතුවක් ඵලයක් ගැන කිව හැකිද? ගෙඩියෙන් ගෙඩිද ගසෙන් ගසක්ද හැදෙන අවස්ථා ඇත. එහෙත් මවකට දරුවක බිහි වෙනවා මිස දරුවකුට මවක් බිහි නොවන බව දනිමි.

          ඔබගේ ගුරා වැරදි යයි කීමට තරම් මම ඔබගේ ගුරාගේ දහම දනිමි. එය ඔබට සීමා වූ දෙයක් නොවන බව ඔබ දනීද? මා කියන දෙය දන්නේ මමය. එහෙත් මගේ උපතට වසර දහස් ගණනකට පෙරද සිහළුන් එයම දැන සිට ඇත. එවරද කීවේ මම යයි සිතමි. නැවත උපත ගැන කියන ඔබද වාසියට පමණක් එම නොදන්නා දෙය භාවිතා කරනවා නේද?

          මෝඩකම කියා දෙයක් නැත. අනුන්ගේ දේ යන්තමින් දැන කී පමණින් බුද්ධිමතෙකුද නොවේ. අභියෝගය දන්නවාද නොදන්නවාද යන්නයි. ඔබේ ගුරුගේ කීම් මගේ කීමට උපුටාගෙන නැත. ඒ මා දන්නා තරමින් තේරුමක් නැති වචන හරඹයක් ලෙස දකින නිසාය. උදා: ජීවිතය නිවනවා යයි කීම නොදත්තකු කල වචන හරඹයෙකි. හැකිනම් ස්වාභාවික සිද්ධිමය පදනමක සිට මා කී දේ බොරු කරන්න. මගේ උත්සාහයද එයමය.

        • පිස්සා says:

          — අඳුර සෙවනැල්ලක් නම් එය කාගේදැයි කිව මැනවි ?
          අඳුර සෙවනැල්ලක් නොව , එය ආලෝකය නැති තැන හට ගන්නා දෙයක් බව නුඹ නොදන්නා බව දැනගතිමි .

          —-ගෙඩියෙන් ගසක්ද ගසකින් ගෙඩියක්ද සැදුන පමණින් හේතුවක් ඵලයක් ගැන කිව හැකිද? ගෙඩියෙන් ගෙඩිද ගසෙන් ගසක්ද හැදෙන අවස්ථා ඇත
          අතීත හේතු —->වර්තමාන ඵල , වර්තමාන හේතු ——–> අනාගත ඵල , ගෙඩියෙන් ගෙඩිද ගසෙන් ගසක්ද සැදෙනුයේ මෙම හේතු ඵල සන්ධියට අනුව වේ .

          —— අනුන්ගේ දේ යන්තමින් දැන කී පමණින් බුද්ධිමතෙකුද නොවේ !
          විවාදයක් නැත . ම කියනුයේ අනුන්ගේ දෙයක් යන්තම් දැනගෙනය , නමුත් නුඹේ සියලු දැනීම් අභිබවා එම යන්තම් දැනීම ඇති බව දැනගෙන හමාරය .

          —නැවත උපත ගැන කියන ඔබද වාසියට පමණක් එම නොදන්නා දෙය භාවිතා කරනවා නේද?
          වාසි ගැනීමට අප දෙදෙනා තරගයක යෙදෙන බව නොදනිමි .

          —- හැකිනම් ස්වාභාවික සිද්ධිමය පදනමක සිට මා කී දේ බොරු කරන්න
          ජීවය ඇති වන ආකාරය පිළිබඳව මෙම දහමේ සදහන් දෙය මම මතු දිනක කියමි . එය නුඹ කී දේ බොරු කිරීමට නොව , විඥ්ඥයතන සමාපත්තිය වඩුවෙකුගෙන් මෙවැනි අදහසක් ඇති විය හැකිය ( නුඹට එවැනි සමදියක් ඇති බව නොකියමි ) , එම නිසා නුඹ කියන දේ බොරුවක් නොවන්නේය . නමුත් මෙම දහම ඉන් ඔබ්බට යන අයුරු මම එදිනට පැහැදිලි කරන්නෙමි .

    • +/- says:

      @Anonymous One orig

      අයියා, වෛරී සිතක් මාහට නැත,

      ඔබ අදිත්යෙක්මය (ආදී+සත්‍ය සොයන්නා), පරම ආදිත්‍ය මාගේ කල්යාන මිතුරෙකි,

      සිදුවීම වලට අර්ථකතන දුන් සිද්ධාර්ථ කුමරුරට පරිබව නොකරනු!

      • Anonymous One orig says:

        ආයෙත් මැකුවා නේද? ඕක තමයි කෙරුවාව. අතීතය ලැජ්ජා සහගත නම් එය නැවත ලියා සුදු හුණු ගාමු. අර කුරුනෑගල පැත්තෙ බයියෙක් පරණ වලව් හොයන්නෙත් ඒකට නේ. මම ඒක දැම්මේ උඹලගෙ කිල්ලෝට වල තියෙන කුනු පෙන්වන්නයි. ඔය වගේ එවුන් දින්නේ කවදාද?

      • +/- says:

        මිනිසුන් නැති අඳුරකට, කොතරම් විශාලව එළියක් දුන්නද පලක් නොමෙත!

  55. +/- says:

    බුදුරැස් විහිදුන පොසොන් සද පින්වන්තයින් දුටුවෙහිද?

    • +/- says:

      දින කිහිපයක්

      04.06.2012 – පොසොන් පෝය දිනය

      05.06.2012 – ලෝක පරිසර දිනය

      06.06.2012 – සිකුරු සංක්‍රාන්තිය

      +/- පොඩි එකා : මිහිදු හාමුදුරුවොත් මුලින්ම කතා කලේ අබ ගසක් ගැන, ඊට එහාගිය ආර්ය සත්‍ය අපි කවදා දකීද?

    • +/- says:

      අඹ ගෙඩියක හැඩය ගත්ත, පරිසර හිතකාමී රටේ පවතිනා ලෝක සත්‍ය (චතුර් ආර්ය සත්‍ය) ආරක්ෂා කරන්නන් අතරමන් නොවුවෝ වෙති!

    • Anonymous One orig says:

      පව් අප්පා. උඹට තනිකම් දෝසෙද? ලියල තමන්ම උත්තර ලියා ගන්නෙ ඇයි කියල දන්නවනේ. මම ලියපුව කියවපු මොළේ තියෙන එවුන් හඳ දිහා බලනවා තබා ගෙයින් එළියට වත් බැස්සෙ නැත්තෙ මානසික නීරෝගිබව රැක ගන්නයි.

      • +/- says:

        එදා අදුරේ යන්නන්ට සඳ එලිය සැපතක් විය

        • Anonymous One orig says:

          පල් හොරුන්ට වෙන්න ඇති.

          බටහිරයන්ට බළල් ඇස් ලැබුනේ දවල් කල සැඟවී සිට, රෑ කල හොරකමින් ජීවත් වූ කොකේසස් වැසියකුගෙනි. අද මැදපෙරදිග සිටින තම්බීන් කලින් සිටියේද එම ප්‍රදේශයේය. එදා සොරකම අද වෙළදාම ලෙස ගෞරවාර්ථ ලබා ඇත. අදත් අඳුරේ යන බෞද්ධයන්ට සඳ එළිය අඟනේය.

        • +/- says:

          අදුරේ ඇති දුෂ්ටි විතානය කුමක් දකීද?

Leave a Comment