“රාජ්‍ය රහස් දැන ගැනීමට ජනතාවට අවශ්‍ය නැහැ” – රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින්
ශ්‍රී ලංකාවේ රජය ඇමරිකානු සම්බාධක නොතකා ඉරානයෙන් තෙල් ලබාගන්නේද? එසේම ඉන්දියාවට හොරෙන් චීනය සමග රහස් ගිවිසුම් ඇති කරගෙන තිබේද යන කරුණු ගැන මෙරට ජනාතවට අවශ්‍ය නැත. එම තොරතුරු අවශ්‍යව ඇත්තේ විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ටය. වන්නි මෙහෙයුම සමයේ ශ්‍රී ලංකා හමුදාව චීනයෙන් හා පකිස්‌තානයෙන් කුමන වර්ගයේ අවි ආයුධ මිලයට ගත්තේ ද යන්න දැන ගැනීමට මෙරට දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන දැඩි ලෙස උත්සාහ කෙරිණි. මේ පසුබිම යටතේ මෙයට වසර කීපයකට පෙර හිටපු රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක් ඇමරිකානු ක්‍රමවේදය වූ තොරතුරු දැන ගැනීමේ පනත මෙරටට ද ගෙනඒම සඳහා රජය මුලා කිරීමට උත්සාහ කළේය. පසුව එම තොරතුරු දැන ගැනීමේ පනත රජය වෙත යොමු කළේ පසුගිය රජයේ සිටි දේශපාලකයෙකි. ඔහු වත්මන් රජයට ද සම්බන්ධ වී එම පනත සම්මත කරගැනීමට උත්සාහ කළේය. එහෙත් ඇමරිකානු ක්‍රමවේදය මෙරටට කුමකටද? ජනතාවට තොරතුරු හෙළි කරන බව පවසන ඇමරිකානු රජය ඇමරිකානු ජනතාව වෙතින් විවිධාකාර තොරතුරු රැසක් වසන් කර ඇත. එසේම යුද්ධයට එරෙහි අයගේ වත්කම් තහනම් කිරීමේ ක්‍රියාදාමයක් හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් විසින් මෙහෙයවා තිබිණි. 1982 දී ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රීගන් විසින් තොරතුරු දැන ගැනීමේ පනතට අදාළව තොරතුරු රැසක් ප්‍රකාශයට පත් කිරීම තහනම් කරමින් නිවේදනයක් පනවනු ලැබීය. 2001 දී ඇමරිකානු නීතිපති ඇල්බර්ටෝ ගොන්සාලෙස් විසින් හිටපු ජනාධිපතිවරුන්ට අදාළ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම වළක්‌වන යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ්ගේ අනුමැතිය ලැබීය. 2002 දී ද ජාතික ආරක්‍ෂාවට අදාළ තොරතුරු හෙළි කිරීම වළක්‌වන නියෝගයක් ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කෙරිණි.
මෑතකදී ඇමරිකානු හමුදාව විසින් බ්‍රැඩ්ලි මැනින් නමැති සෙබළාට එරෙහිව යොමු කළ චෝදනාව වූයේ සතුරන්ට සහයවීම සඳහා රාජ්‍ය තොරතුරු හෙළි කළ බවයි.
මේ පසුබිම යටතේ මෙරට යම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් විදේශ රටකට ලබාදීම සඳහා රජය උතුරු ප්‍රදේශය සම්බන්ධයෙන් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ආරක්‍ෂක වැඩපිළිවෙළ ගැන තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා සිටියහොත් එම තොරතුරු අනාවරණය කරන්නේද?
මේ තොරතුරු දැන ගැනීමේ පනතට විරුද්ධ පක්‍ෂය ඉදිරිපත් කිරීම ද හාස්‍යජනකය. 2002 සටන් විරාම ගිවිසුමට අදාළ තොරතුරු ජනතාවට ඔවුන් යොමු කළේ නැත. එම ගිවිසුමේ මුල් පිටපත පවා අතුරුදන් වී ඇත. එදා සියලු තොරතුරු වසන් කළ පාර්ශ්වයන් මේ රජය යටතේ තොරතුරු දැන ගැනීමට ඉල්ලන්නේ කවුරුන්ගේ න්‍යායපත්‍රයක් සඳහා ද?
ඉදිරි දින කීපයේදී කොටි පැරදවීමේ තෙවැනි සංවත්සරය ආරම්භ වේ. කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ලෙස ක්‍රියාත්මක වේ. විදෙස් මාධ්‍ය එජන්තවරු විවිධ ක්‍රමවේදවලින් රාජ්‍ය රහස් දැන ගැනීමට උත්සාහ කෙරේ.
එහෙත් ඇමරිකාව විසින් අල්කයිදා නායකයාව ඝාතනය කළ අන්දම ගැන තොරතුරු වසන් කර ඇත. ජිනීවා නිත්‍ය නියෝජිත තමාරා කුනානායගම් මෑතකදී පැවසුවේ ඇමරිකානු න්‍යාය පත්‍රයට මෙරට රජය එකඟ කර ගැනීම ඇමරිකාවේ අරමුණ බවයි.
රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් නමැති සංවිධානයට අරමුදල් සපයන්නේ ඇමරිකානු ආධාර ක්‍රමය බව ඇය හෙළි කළාය.
එසේම තොරතුරු දැන ගැනීමේ පනත ශ්‍රී ලංකාවට අවශ්‍ය බව හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් ද වරක් පවසා තිබිණි.
අද රටට එල්ලවී ඇති විදේශ මැදිහත්වීම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුව තිබියදී තොරතුරු දැන ගැනීම හා රාජ්‍ය රහස් හෙළි කළ යුතුද?
ඇමරිකාව මෙරටට සිය ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන්න යෑයි කියයි. ඉන්දියාව 13 වැනි සංශෝධනය සමග පොලිස් බලතල දිය යුතු බව පවසයි. නෙදර්ලන්ත තානාපති උතුරේ අධි ආරක්‍ෂක කලාප ඉවත් කරන්න යෑයි පවසයි.
මේ පසුබිම යටතේ ඇමරිකානු ක්‍රමවේදය වූ තොරතුරු දැන ගැනීමේ පනත රජය ලවා සම්මත කරගැනීමට උත්සාහ ගත්තේ කවුරුන් වෙනුවෙන්ද?
දිනේෂ් ගුණවර්ධන, කෙහෙලිය රඹුක්‌වැල්ල යන අමාත්‍යවරු මේ ක්‍රියාදාමය සම්බන්ධව දැඩි අවධානයෙන් සිටිය යුතුය.
මෙරට දෙකඩ කිරීමේ ක්‍රෝන් මිලියන ගණනක් වැය කළ නෝවීජියානු නෝරාඩ් සංවිධානය තවදුරටත් මෙරට මාධ්‍ය සංවිධාන යෑයි අටවා ගත් සංවිධානවලට ක්‍රෝන් අරමුදල් සපයයි. ඒ මෙරටට ඇති ඇල්ම නිසාද?
දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු මේ තොරතුරු දැන ගැනීමේ පනත වත්මන් රජය ලවා සම්මත කරගැනීමට උත්සාහ කිරීමේ පසුබිම ද පැහැදිලිය. විකිලීක්‌ස් වෙබ් අඩවිය මෙරට දේශපාලකයන්ට සම්බන්ධ රහස් තොරතුරු රැසක් හෙළි කළේය. ඇමරිකානු තානාපති කාර්යාලයට හෙළි කළ රහස් තොරතුරු එහි අන්තර්ගත විය. එක් දේශපාලකයෙක් පවසා තිබුණේ ශ්‍රී ලංකාවට සහාය දක්‌වන නොබැඳි ජාතීන්ගේ සංවිධානයට ප්‍රතිචාර දැක්‌වීමට වෙනම කණ්‌ඩායමක් පිහිටුවිය යුතු බවයි. එහෙත් මෙරට ජනතාවට මේ ද්‍රෝහි ක්‍රියා ගැන හෙළි වූයේ ද? ශ්‍රී ලංකාව විදෙස් රටවලට පාවාදීමට උත්සාහ කරන දේශපාලකයන්ගේ ද්‍රෝහී ක්‍රියා හෙළි කිරීමට බල කෙරෙන පනතක් නම් මෙරටට අවශ්‍ය වී ඇත.
එවිට ද්විත්ව රංගනයේ යෙදෙන දේශපාලකයන් ගැන හෙළිවනු නියතය. එහෙත් එවන් තොරතුරු හෙළිදරව් කිරීමට බල කෙරෙන යෝජනා කිසි දිනෙක ඉදිරිපත් වන්නේ නැත.
මෙම තත්ත්වය මත රජය අතීතය සිහිපත් කළ යුතුය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොටි හඬ ගුවන්විදුලි මූලස්‌ථානයට බෝම්බ දැමීම හෙළා දුටු මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා ගෙන ආ තොරතුරු දැන ගැනීමේ පනත සටන් විරාම ගිවිසුමට මුල්වූ දේශපාලකයා වෙතින් ද රජයට යොමු විය. එය දැන් විපක්‍ෂය විසින් රජයට යොමු කර ඇත.
තමන් බලයේ සිටින විට ඉදිරිපත් නොකළ එම පනත වත්මන් රජය ලවා සම්මත කරගැනීමට උත්සාහ කරන්නේ කුමකටද? එසේම රොබට් බ්ලේක්‌ලාට හා එන්.ජී.ඕ. ක්‍රියාදාමයන්ට රජය බිලිවිය යුතුද?
කොටි ජයගනු ඇතැයි පුන පුනා බලා සිටි එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කරගැනීමට උත්සාහ කරන්නේ 2002 ක්‍රියාදාමයේ 2 වැනි අදියර යටතේය.
එදා ඔවුහු රජයට බලපෑම් කළහ. එන්.ජී.ඕ. ක්‍රියාකාරකම් රැසකට අනුමැතිය ලැබිණි. එහෙත් වන්නි මෙහෙයුමත් සමගම එන්.ජී.ඕ. මෙහෙයුම්වලට බරපතළ බාධක ඇති විය.
දැන් තොරතුරු දැන ගැනීමේ පනතට මුවාවී රාජ්‍ය රහස් දැන ගැනීමට ඔවුහු උත්සාහ කරති.
මේ පසුබිම යටතේ රජය ඊට එකඟ විය යුතුද? ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවාහිදී එක් එන්.ජී.ඕ. ක්‍රියාකාරියකු විසින් කොටි හිතවාදියකුට පැවසුවේ කොටි පැරදවූ රජය බිඳ දැමීමට උපක්‍රම කීපයක් දියත් කර ඇති බවයි.
තොරතුරු දැන ගැනීමේ පනත මගින්ම අප එම උපක්‍රමය අරඹන්නෙමු යෑයි ඔහු දක්‌වා තිබේ. මේ තත්ත්වය මත දෙස් විදෙස් එන්.ජී.ඕ. ක්‍රියාකාරකම්වලට ගොදුරු විය යුතුද?
- කීර්ති වර්ණකුලසූරිය
ස්තුතියි චීනයට සහ පකිස්තානයට…
ඇමරිකාව බන්ග වෙවා !!!!
NGO බන්ග වෙවා !!!
ලන්කවට උදව් කරන, කරපු රටවල් වලට ජය වෙවා!!
ane me thorthuru danaganime panathata issella lankawe sammatha wena panath tikai, ihala usawi wala nadu thindu tikai minissunta balaganna pahasu kramayak haduwa nam hodai.mokada niladarinta ona hatiyata neethi hadala dan sillara kadayak wath minihekta karaganna ba.dawasa gane usawi geniyanawa.bothal walata wathura pirei keyala ewa pirunoth dengu hadei keyala bothal munin harawala thibbath dada gahanawa. ane apoi. wahane belt eka thibbe nathath dada gahanawa.
රාජිය රහස් දැනගැනීමේ අවශිය තාවයක් ජනතාවට වුවමනා නැත .ඒවා දැන ගැනීමට අවශිය අය ඩොලර් කොටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් සි අයි ඒ ,මොසාඩ් ,රෝ ආදී නොයෙකුත් සංවිධාන පවත්වාගෙන යනු ලබනවා .බල්ලෝ මස් කටු වලට කොතරම් කැදරේද එතරම්ම ඩොලර් වලට විදේශ සංචාර වලට කෑදර මැති ඇමතිවරු අපේ රටේ ඕනෑම තරම් සිටින බව රහසක් නොවේ .එම නිසා රාජිය රහස් දැන ගැනීම එම ආයතනවල චරපුරෂයන්ට කජු කනවා වගේ දෙයකි .ඇත්ත වශයෙන්ම තොරතුරු දැනගැනීමේ පනතකින් ජනතාව අපේක්ෂා කරන්නේ සැම රාජිය කටයුත්තකදීම තිබිය යුතු පරදෘශීය භාවය ඇති කිරීමයි .දැන් ලංකාවේ හොදම නිදසුන් නම් අතේ සතේ නැතිව හිටිය පුද්ගලයන්, දේශපාලකයන් අවුරුදු දෙක තුනක් ඇතුලත කොටි ප්‍රකෝටිපතියන් වීමයි .ලෝකයේ දැනට සිටින කොටි ප්‍රකෝටිපතියන් ගේ ජිවිත කතා කියවනවිට ඔහුන් කෙතරම් අමාරුවෙන්ද එම තත්වයන්ට ඇවිත් තියෙන්නේ කියල දැන ගත හැක .එහෙත් ලංකාවේ දේශපාලකයෝ ඔහුන්ගේ හෙන්චයියෝ (දුෂිත නිලදාරීන් ඇතුළුව ) ඉතාමත් අඩු කාලයකින් ලංකාවේ අග්‍ර ගන්නීය පෝසතුන් වෙන්නේනේ කෙසේදැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත .සැම දෙයක්ම රටේ තිබෙන නීතියට අනුව කරනවානම් සැම ක්‍රියාකාරකමක්ම පරදෘශීය භාවය කින් යුක්තනම් තොරතුරු දැන ගැනීමේ පනතක් ගැන බිය විය යුතු නැත .මෙය රනිල්ගේ කාලේ කෙරුවේ නැහැ ඇයි අපි එක කරන්නේ කියලා කියන එකත් මහා අනුවන ක්‍රියාවක් බවයි අපේ හැගීම මක්නිසාද යත් රටේ අවාසනාවට රනිල් බලයට පත් වුව හොත් ඔහුටත් එම සම්මත නීතියට යටත් වීමට සිදුවෙනවා ඇත .ජේ ආර් නමැති අධම පාලකයා වියවස්තව සම්මත කෙරුවේ කිසිදාක එය වෙනස් කරන්ඩ තුනෙන් දෙකක් බලය නොලැබෙනු ඇති සිතාගෙනය .එහෙත් අපේ රටේ ජනතාව එම බලය මේ සන්ධාන රජයට ලබා දී ඇත .එයම බලය තමුන්ගේ පාලන කාලය දීර්ග කිරීම පමණක් නොව රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවරු කරන මෙවැනි පනතක් සම්මත කර ගැනීමෙන් සන්ධානයට තම චන්දය දුන් චන්දදයකයට කරන උපහාරයකි .රජ්ජිය රහස් රැක ගැනීමේ වගන්තියක් මෙහි අඩංගු කල හැක .මෙවැනි පනත් සම්මත කර ක්‍රියාත්මක කරන රට වල ප්‍රජන්තරවාදය වඩ වඩාත් තහවරු වී ඇති බව පෙනී යයි .
කිර්ති වර්ණකුල මහත්තයෝ … උඹට මේ ලිපිය ජනතාව අතරට අරිනවට ආණ්ඩුවෙන් කියක් හම්බ උනාද ? ලංකා සි නිවුස් වලට ආණ්ඩුවෙන් කියක් විතර හම්බ උනාද කියල අපිට දැනගන්න බැරිද ? ඔබ සඳහන් කර ඇති අයුරින් රටේ ආරක්ෂාව සම්බන්දයෙන් රහස් දැන ගැනීමට ජනතාවට අවශ්‍යතාවයක් නැත … නමුත් රටේ සංවර්දනය සහ ආර්ථිකය , පරිපාලනය සම්බන්දයෙන් ජනතාවට දැනගැනීමට අවශ්‍ය , දැනගත යුතු රහස් රාශියක් ඇත …ඔබගේ මේ ලිපිය මගින් සඳහන් කරන්නේ රටේ ආරක්ෂාව ගැන සම්පුර්ණයෙන්ම සඳහන් කරමින් ආර්ථික , සංවර්දන , පරිපාලන කරුණු ගැන කොලේ වසා සඳහන් නොකර සියල්ලම ගැන ජනතාවට දැනගැනීමට අවශ්‍ය නැත කියන එක පෙන්නිමටයි … මට මෙහිදී පුදුම වියහැකි කරුණක් සඳහන් කල හැක …. උදාහරණයක් ලෙස විශේෂයෙන්ම ශ්‍රිලංකාවේ ඕනෑම පුද්ගලයෙක් අසල්වැසියා උදේට ,දවල්ට ,රැට කියක් වියදම් කර කෑවේ බිවේද ? වහනයක් ගත්තොත් එය කීයකට ගත්තේද ? එය ගැනීමට කොහොම මුදල් හොයාගත්තේද ? ගෙයක් හැදුවොත් එයට ගිය වියදම පවා සොයන පුද්ගලයන් සිටින රටක් බව අපි සියල්ලන්ම දනිමු .. නමුත් අසල්වැසියා ජිවත් වෙන්නේ අපි හොයන මුදල් වලින් නොවේ .. එසේ උවත් අපි අසල්වැසියා ජිවත්වන විදිය පවා සොයනවා නම් අපේ බදු මුදල් වලින් ජීවත්වෙන ආණ්ඩුව [ රජය ] රටේ සංවර්දනයට , ආර්ථිකයට , පරිපාලනයට කරනු ලබන වියදම් කුමන අයුරින් කරනවද කියන එක දැනගැනීමට අකමැති කවුද කියා මටනම් සිතගැනිමටද අපහසුය .. සමහරවිට පාසල් නොගිය , යමක් කිවුවත් තේරුම් ගැනීමේ හැකියාවක් නැති පුද්ගලයන් නම් ඔය ගැන සොයා බැලීමේ අවශ්‍යතාවයක් නැත කිවිමේ හැකියාවක් ඇත …. ඔබ තුමා ජනමාද්‍ය වේදියෙක් උවේ කෙසේද කියා මට ලොකු ප්‍රශ්නයක් පන නගී.. මක් නිසාද යත් ඔබ තුමා මෙසේ තොරතුරු දැනගත නොහැකි නම් කෙසේ ජනමාද්‍ය වේදියෙක් වෙන්නද? තොරතුරු දැනගැනීමේ අයිතියේ තිබෙන අතිශය වටිනාකම ගැන මම සරල උදාහරණයක් දෙන්නම් ….අපේ ගෙදරට යන පාර මග නැගුමෙන් සාදන බව සඳහන් කර එයට යන වියදම රුපියල් කොටි 10 ක් බව සඳහන් කර බෝඩ් ලෑල්ලක් එල්ලා එය සාදන ලදී …නමුත් මා මිත්‍ර පාරවල් සාදන කොන්ත්‍රාත් කරු පැවසුයේ එයට ගිය වියදම රුපියල් කොටි හතර හමාරක් බවයි ….ජනතාවගේ බදු මුදල් වලට දේව පිහිටයි ….
මෙයාගේ ගෙදර ඉස්සරහ කාර්පට් කරලා දුන්නනේ
අනේ කීර්ති කොල්ලෝ, මොලේ ඇති කතාවක් කියහන්කෝ, ඉරනෙන් තෙල් ගන්නවානම් හොරෙන් ඇමෙරිකාව නොදනීද? මොකද ඉරානෙන් තෙල් ගන්න එක කටුගෙයින් කඩු ගන්නවා වගේ වැඩක් නෙවි, අපේ රාජ්ජය රහස් කියන්නේ නිදන් හාරන ඒවා, දෙමළෙක් අල්ලලා සුදු වෑන් වලින් උස්සන ඒවා, එන්ස්බී කොටස් මගඩිය, ඕවා, මර්වියට තියෙන අපරාද සහ උට ගත්ත පියවර, පනත තිබුනානම් හොරු මීන්මරුවෝ හන්ගන් ඉන්නන වෙන්නේ නෑ දැන් වගේ. ඇමෙරිකාවට වැදගත් දේවල්, උන් ගන්නවා ගන්නේ පත්තර වලින් ම නෙවේ ඔය කැබිනට් වල, ආයතනවල ඉන්න අයගෙන්, එන් ජී ඔ කාරයෝ කියන ඒවා අහලා වැඩ කරන්නේ නෑ උන් වැදගත් දෙයක් කියන්නේ නේතනම, තෙල් ගන්න ව වගේ ඒවා එන් ජී ඔ වලින් ඇහුවොත් ඇමෙරිකාව නන්නතාරයි. ඔය පනත තිබුනානම් කඩේ යන යුන් එහම කරන්නේ මොකෝ, ළමයි ට ඉගන ගන්න දෙන්නේ අරමුදලෙන්ද, බදු සහන මොනවද, වරදාන මොනවද,කෙහෙළිය රට ඉන්න කාලේ වියදම් කාගෙන්ද, දුමින්ද වියදම් කාගෙන්ද, ගුවන් යාන චාටර් කොරනකොට කොමිස් ක්කොහෙද ,,,දැන ගන්නවා, දැන ගන්නවා, රෙදි ගැලවෙනවා, රෙදි ගැලවෙනවා, රෙදි ගැලවෙනවා, බය වෙනවා බය වෙනවා බවෙනවා බයවෙලා අයෙත් එන් ජී ඔ කොටි පෙන්නනනවා,
රටෙ තණකොල වැවෙනකන් ඔයාට කැම නං හිග වෙන්නෙ නැ
කීර්ති වර්ණකුලසූරිය මෙහි දි කථා කරන්නේ ඉතා සංවේදී තත්කාලීන රාජ්‍ය රහස් ගැන ය. ඒ රහස් ඒ කාලයේ පිටතට නුදුන්නත් පසුව එලියට දැමීම බොහෝ ප්රජාතන්ත්රවාදී රටවල සිරිතකි. දැන් යුද්ධය අවසන් වී වසර තුනක් ඉක්ම ගොස් ය. එබැවින් ඒ කාලයේ මහජන මුදල් වැයකළ ආකාරය ගැන මහජනයා දැන්වත් දැනුවත් විය යුතුයි.
රාජ්‍ය රහස් නොවන තොරතුරැ කොපමණ නම් තිබේ ද? උදාහරණයක් ලෙස රාජ්‍ය සේවාවට නිලධාරීන් බන්දවා ගැනීම සන්දහා පැවැත්වෙන තරග විභාග ගත හැකි ය. විභාග දෙපාර්තමේන්තුව විභාග පවත්වා ප්රතිපල අදාළ අමාත්‍යංශයට (උදා – රා.ප. අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය)නිකුත් කරයි. ඉන්පසු සම්මුඛ පරීක්ෂණවලට කැන්දවනු ලැබේ. සම්මුඛ පරීක්ෂනයෙන් පිරිසක් තෝරා ගැනෙති. විභාග ප්රතිපල ලබා දෙන්නේ ඊට පසුවය. මෙම ක්රියා මාර්ගය විනිවිද භාවයෙන් තොරය. පරිපාලන සේවා ව්‍යවස්ථාව අනුව සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු 25ක් ලබා දේ. මේ ලකුණු 25 ලබා දෙන්නේ සම්මුඛ පරීක්ෂණයේ දී ය. සම්මුඛ පරීක්ෂණයක දි oral test එකකින් 25ක්ම දෙනවා නම් තරග විභාගයක් කුමට ද?
ඉහත දැක්වුණේ එක් උදාහරණයක් පමණි. රජයේ කාර්යාල කරන නාස්තිකාර වියදම් ගැන බදු ගෙවන ජනතාව දැනගත යුතු නැද්ද?
ඉන්දියාවේ අන්නා හසාරේ ගෙනගිය ව්‍යාපාරය (movement) ගැන අධ්‍යයනය කළ යුතුයි.
දැන් යුද්ධය අවසානය. යුද රහස් ගැන නොව බදු ගෙවන ජනතාවගේ මුදල් නාස්ති කරන ව්‍යාපෘති ගැන තොරතුරැ මහජනයා දැන ගැනීම වැදගත් බව කීර්ති වර්ණකුලසූරිය නොදන්නවා නොවේ. දැන් කාලයේ පත්තරකාරයින් මහජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කරනවා වෙනුවට ආණ්ඩුවට කඩේ යාම ඛෙදයකි.
බෝතල්පත්තර කාරයෝ මිට වඩා පොදු ජන මෙහෙවරක් ඉටු කරති. ගෙවල්වල ඉතිරිවන වැඩකට නැති දෑ මුදලක් ගෙවා රැගෙන යාමෙනි ඒ.
අනේ මෝඩ .ගොන් ..බුරු සමන් තේරෙන්නේ නැත්නම් කටවහගෙන .තව මීහරක් දෙන්නෙක් හදාගෙන හිටු .ìì
ඔබ ඉතාම නිවැරදිය. පාරදෘශ්‍යභාවය යහපාලනයේ මුලිකාංගයකි. බදු මුදල් වියදම් කළ අකාරය දැනගැනීමේ පරම අයිතියක් බදු ගෙවන පුරවැසියන්ට ඇත.
මගේ ලග ඔය රහස් නැ.සියලු බෞද්ධ රටවල් සමග දැඩි සම්බන්ධතාවයක් පවත්වනවා.එය මහයාන ථෙරවාද කියන දෙකටම අදාලයි.බෞද්ධයන්ගෙ අයිතිය රැක ගන්නවා ඕවගෙ ප්‍රශ්න වලදි මම මුහුණ දෙන ආකාරය ඔබලට බලා ගන්න පුලුවන්
මොන මොංගලයෙක්ද බං මූ…?
Your right.
We are a Buddhist country.
We have no enemies and no hidden polices like USA,Russia ,India.
We have no hidden chemical weapons or nuclear bombs.
And we accept everybody as friends , because there are no enemies.
But we don’t welcome friends from backdoor.We do welcome them from
front door warmly.
KIERTHI, oba puwath path kalawediyeku unata pasu,
obage saama lipiyakma ma kiyawa atha. ein jaathiyata
kala sewaya imahathya.obage thorathuru samahara nayakayo
piligathha,samaharu krodayen prathikshepa kalaha.namuth
oba eda siti thanama sita jaathiya wenuwen hada naganneya,
eya jaathiyata shakthiyaki,ratata dahiryaki.obge puwath
path kalawa age karamu.obata jaya,dahiriya labewa…
යෙකා් ෙතාපිට විතරද ෙස්රම දැනගන්න ඔ්න. අෙන් විමලෙයා කෙඩ් යන ඒක හරි. ඔෙහාමත් යනවද ෙදපරංෙශත් නැති කරෙගන
OH……WHAT A COUNTRY THIS IS