SF හෙට නොව අදම කළ යුතු දෙය

June 2, 2012 at 12:42 pm | Lanka C News.

SF හෙට නොව අදම කළ යුතු දෙය

සරත් ෆොන්සේකා මහතා හිරෙන් නිදහස්‌ වීම කාගේත් සතුටට හේතුවූ බවට සැකයක්‌ නැත. සරත් ෆොන්සේකා මහතාගේ අදහස්‌ සමග කිසිසේත්ම එකඟ නොවන උදවිය පවා ඔහු විසින් තමන්ටම කරගත් මේ වින්නැහිය නිතර දෙවේලේ රූපවාහිනියෙන් දැකීමෙන් මහත් අපහසුතාවයටත් ලැඡ්ජාවටත් පත්විය. මින් ඉදිරියට එවැනි දර්ශන අපට රූපවාහිනියෙන් දකින්නට නොලැබීමත් සහනයක්‌ බව කිව යුතුය. එමෙන්ම සරත් ෆොන්සේකා මහතා තමාගේ සිරගතවීමට ලංකාවේ වෙනත් කිසිම දේශපාලකයෙකුට වඩා එඩිතර ආකාරයට මුහුණ දුන්නේය. විජය කුමාරතුංග මහතාද සිටියේ ෆොන්සේකා මහතා සිටි සිරකුටියේමය. එපමණක්‌ද නොව අච්චු කරනලද සිරකරුවකු නොවූ විජයට ආහාර පාන පිටින් ගෙන්වා ගැනීමට හැකියාව තිබුණේය. නමුත් ෆොන්සේකා මහතා ජම්පරයක්‌ හා කොට කලිසමක්‌ ඇඳගෙන හිරබත් කමින් සිටියේය. ෆොන්සේකා මහතා මෙන් නොව ගෙදරින් කෑම ගෙන්වාගෙන වුවත් විජයට මාස 3 ක්‌ හිරගෙදර ජීවිතය ඉවසිය නොහැකි විය. නමුත් ෆොන්සේකා මහතා සියල්ල ඉවසා අවුරුදු 2 කට පසුව සමාව ඉල්ලන්නේත් නැතුව එළියට පැමිණියේය. එයත් සැබවින්ම වීරකමකි.

ෆොන්සේකා මහතාට එසේ කිරීමට හැකි වූයේද ඔහු සාමාන්‍ය සිරකරුවන් සමග නොසිටි නිසා බවද කිව යුතුය. ඔහු සාමාන්‍ය සිරකරුවන් සමග සිටියේ නම් නිදා ගැනීමට සිදුවන්නේ බිම පැදුරක එකාගේ පිටට අනෙකා ඇළවෙන ආකාරයටය. එපමණක්‌ද නොව ඒ වැසිකිළිවල දණහිස උසට මළපහ කඳුය. එවැනි තැනක සිටියා නම් ෆොන්සේකා මහතා වුවද දවස්‌ දෙකෙන් ජනාධිපති සමාව ඉල්ලා ලිපියක්‌ ලියනු ඇත. රිමාන්ඩ් භාරයට පත්වන බොහෝ ප්‍රභූවරුන් කරන්නේ සිරගෙදර ඉස්‌පිරිතාලයට ඇතුළු වීමය. නමුත් එම ඉස්‌පිරිතාලයේ වැසිකිළියද පාවිච්චි කළ හැකි තත්ත්වයේ ඒවා නොවේ. ෆොන්සේකා මහතාට වෙනමම පහසුකම් තිබුණු නිසා ඔහුට එම අවුරුදු 2 ඉවසා සිටීමට හැකිවිය. ඒ කෙසේ වෙතත් අවසානයේදී ඔහු තමන්ගේ නඩු තීන්දුවලට එරෙහි අභියාචනාද ඉල්ලා අස්‌කරගෙන ජනාධිපති සමාව යටතේ නිදහස බාර ගත්තා නම් එවැන්නක්‌ මීට කලින් නොකළේ මන්දැයි ප්‍රශ්නයක්‌ පැන නඟී. ඔහු සිරගතවූ මුල් අවස්‌ථාවේදී ඔහුව බැහැදැකීමට ගිය විජයදාස රාජපක්‍ෂ මහතාද ඔහුට පවසා තිබුණේ නිකන් දුක්‌ විඳින්නේ නැතුව එවැනි දෙයක්‌ කරගන්නා මෙනි.

සරත් ෆොන්සේකා මහතාට මේ නිදහස ලබාදීම ගැන විවිධ පුද්ගලයන් උදම් ඇනුවත් එහි සම්පූර්ණ කීර්තිය යා යුත්තේ ටිරාන් අලස්‌ මහතාට බව කිව යුතුය. සිරගෙදරින් ඉස්‌පිරිතාලයට පැමිණෙන හැම අවස්‌ථාවකදීම ෆොන්සේකා මහතා ජනාධිපතිතුමාටත්, ආණ්‌ඩුවටත් බැණ වැදෙමින් කළ ප්‍රකාශ මධ්‍යයේ වුවත් සාකච්ඡා දිගටම කරගෙන යැමට හැකි වූයේ අලස්‌ මහතාගේ සුවිශේෂ දක්‍ෂතාවයක්‌ නිසාම විය යුතුය. සරත් ෆොන්සේකා මහතා හිරෙන් නිදහස්‌ වීමෙන් රටේ ජනතාවට ඇති වන ප්‍රධානම ප්‍රයෝජනය වන්නේ ඔහු දේශපාලනඥයකු හැටියට ඔහුගේම හැකියාව හා දක්‍ෂතාවයන් අනුව දැන් මැනීමට හැකි වීමය. දේශපාලනඥයකු සිරගතවී සිටීම ගැන ඇතිවන අනුකම්පාව මත තීන්දු ගැනීම නිවැරදි ක්‍රමවේදයක්‌ නොවේ. රාජපක්‍ෂ ආණ්‌ඩුවද අවසානයේදී ෆොන්සේකා මහතා එළියට දැමුවේද ඔහු වෙත අනුකම්පාව යොමු කරවා ගැනීමට හැකි තත්ත්වයක සිටීම ඔවුන්ට අවාසිදායක වන නිසාය.

ඒ කෙසේ වෙතත් ෆොන්සේකා මහතා දැන් නිදහස්‌ය. ඒ නිදහස ලබා පැය 24 ක්‌ ගත වීමට මත්තෙන් ඔහු යුද අපරාධ චෝදනා ගැන මත භේදයක පැටලුණි. ඔහු නිදහස්‌ වූයේ මැයි 21 වැනිදාය. මැයි 22 වැනිදා BBC පුවත් සේවයේ වෙබ් අඩවියේ ලිපි 3 ක්‌ පළවිය. ඒ ඔහු නිදහස්‌ වී පැමිණි දාම බී.බී.සී.ය සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් සකස්‌ කරන ලද ලිපියද එම ලිපි සමගම ෆොන්සේකා මහතාගේ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටයද වෙබ් අඩවියේ තිබුණි. එම නිසා අදාළ ලිපිවල තිබුණු දැ ඔහු ඇත්තටම කීවාද නැත්ද යන්න ගැන සැකයක්‌ තිබිය නොහැක. එම ලිපිවල ප්‍රධාන සිරස්‌තලය වූයේ

“ශ්‍රී ලංකාව යුද අපරාධ විමර්ශනයට මුහුණ දිය යුතුයි.”

“ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති යුද අපරාධ විමර්ශනයකට ආණ්‌ඩුවට සහයෝගය දිය යුතු බව කියයි.”

මේ සම්බන්ධව ලිපිවල කියවුණේ ෆොන්සේකා මහතාගේ මතයට අනුව යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශනයකට ලංකාව සහයෝගය දැක්‌විය යුතු බවත් ලංකාවේ පාලකයින් තමන්ගේ මුහුණු වසාගෙන සැඟවීමට යමක්‌ ඇති බව හඟවන ආකාරයකට හැසිරෙන බවත්ය. එපමණක්‌ද නොව ඔහු බී.බී.සී.යට පවසා තිබෙන ආකාරයට ආණ්‌ඩුවත් ඔහුත් අතර ඇති වෙනස වන්නේ ඔහු ඕනෑම ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයකට සහයෝගය දැක්‌වීමට සූදානම් වීම බවයි. එපමණක්‌ද නොව ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට ඔහුට හැකි බවද ඔහු පවසා සිටී. මේ අනුව බලන කල පසුගිය ජනාධිපතිවරණයත් අදත් අතර කිසිදු වෙනසක්‌ සිදුවී නැත. ජනාධිපතිවරණය සමයේදී ද තමා ඕනෑම ජාත්‍යන්තර යුද අධිකරණයක්‌ ඉදිරියේ සාක්‍ෂි දීමට සූදානම් බවත් යුද අපරාධ කළ උදවිය ආරක්‍ෂා කිරීමට තමන්ගේ බෙල්ල දීමට සූදානම් නැති බවත් ෆොන්සේකා කියා සිටියේය. බොහෝ දෙනෙක්‌ ඒ කතාව නිර්වචනය කළේ රාජපක්‍ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා ඔවුන්ව ජාත්‍යන්තර යුද අධිකරණයට වුවත් පාවාදීමට ඔහු සූදානම් බවටයි. දැන් නැවතත් අපට අසන්නට ලැබෙන්නේ එවැනිම කතාය. අපට ඇසෙන කතාව එකම වුවත් දෙපිරිස එම කතාවට දෙන නිර්වචනය වෙනස්‌ය. ෆොන්සේකා විරෝධීන් පවසන්නේ මේ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයකට පාවාදීමට කරන ද්වේශ සහගත තර්ජනයක්‌ හැටියටය. ලංකාවට එරෙහි විදේශ බලවේග ද ෆොන්සේකා මහතා කියන මේ කතා තේරුම් ගෙන සිටින්නේ ඒ ආකාරයටමය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා යුද අපරාධ විමර්ශනයකදී සරත් ෆොන්සේකා මහතා තමන්ගේ ප්‍රධානතම සාක්‍ෂිකරුවකු හැටියට දැනටමත් හඳුනාගෙන සිටින ආකාරය මීට සති ගාණකට මුලදී ස්‌ටීවන් රැප් නමැති රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියාගේ ලංකාව සම්බන්ධ වාර්තා අනුසාරයෙන් ද අප පෙන්වා දුන්නෙමු.

නමුත් ෆොන්සේකා මහතා මෙය නිර්වචනය කරන්නේ වෙනස්‌ ආකාරයකටය. ඔහු කියා සිටින්නේ වත්මන් පාලකයින් යුද අපරාධ චෝදනාවලට මුහුණදීමට බිය වුවත් ඔහු එසේ බිය නැති බවයි. මෙය “බය” හා “බය නැතිකම” අතර වෙනසක්‌ හැටියට හුවා දැක්‌වීමට ඔහු උත්සාහ කළත් මෙය පාවාදීමක්‌ හැටියට අනෙක්‌ පැත්ත දකී. මේ යුද අපරාධ චෝදනා සම්බන්ධව කතා කිරීමේදී අප පැහැදිලිවම සඳහන් කළ යුතු කාරණය වන්නේ ජාත්‍යන්තර යුද නීතිය අනුව නම් ලංකාවට එරෙහිව නඩුවක්‌ නැති බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උත්සාහය වන්නේ නඩුවක්‌ පැවරීමට මිස නඩුවෙන් දිනීමට නොවේ. නඩුවක්‌ පැවරුවත් එයින් ජයගත නොහැකි බව ඔවුන් හො¹කාරවම දනී. ඔවුන්ට අවශ්‍ය වන්නේ නඩුවක්‌ පවරා රාජපක්‍ෂවරුන් හිරගතකොට ලංකාව තුළ ආණ්‌ඩු වෙනසක්‌ ඇති කිරීමයි. 1990 ගණන්වලදී කොළඹ මහ නගර සභාවේ සිරිසේන කුරේ කල්ලිය විසින් රත්නසිරි රාජපක්‍ෂ නගරාධිපතිවරයාට කළ දේ මට මේ අවස්‌ථාවේදී සිහිවෙයි. රත්නසිරි රාජපක්‍ෂ (මැදමුලන රාජපක්‍ෂවරුන්ගේ ඥතියකු නොවේ.) නගරාධිපති හැටියට සිටීම ඉවසීමට නොහැකි වූ සිරිසේන කුරේ කල්ලිය කළේ ඔහු නඩුවක පටලවා තමන්ට හිතවත් වැඩබලන නගරාධිපතිවරයකු පත් කර ගැනීමයි. රත්නසිරි රාජපක්‍ෂ පසුව සියලු චෝදනාවලින් නිදහස්‌ වුවත් ඒ වන විට ඔහුගේ නිල කාලය අවසන් වී තිබිණි. මේ ක්‍රියාදාමයත් සමග ඔහුගේ දේශපාලන දිවියත් එහෙමම අවසන් විය. බටහිර රටවලට අවශ්‍ය වී ඇත්තේ ද ලංකාවට එරෙහි යුද අපරාධ නඩුවකින් ජය ගැනීම නොව නඩු පවරා රාජපක්‍ෂ ආණ්‌ඩුව නැති කිරීමටය.

මෙහිදී ෆොන්සේකා මහතා කියා සිටි පරිදි යුද අපරාධ විමර්ශනයක්‌ ආරම්භ කළ පසු ඔහු චෝදනාවලට පිළිතුරුදීමට සූදානම් බවයි. මේ අවස්‌ථාවේදී බටහිර රටවල ෙච්තනාවත් ෆොන්සේකා මහතාගේ ෙච්තනාවත් එකම දිශාවකට ගමන් කරන බව අපට පෙනේ. දෙපිරිසටම අවශ්‍යව තිබෙන්නේ යුද අපරාධ විමර්ශනයක්‌ ආරම්භ කිරීමට බව පැහැදිලිය. ඉහතින් සඳහන් කරන ලද බී.බී.සී. සම්මුඛ සාකච්ඡාවේදී ෆොන්සේකා මහතා පවසා සිටි තවත් කාරණයක්‌ වූයේ යුද්ධය අවසානයේදී හමුදාව භාරව සිටියේ තමා මිස දේශපාලනඥයින් නොවන බවත් තමන් ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට සූදානම් බවත්ය. යුද අපරාධ විමර්ශනයකදී පාඩුවක්‌ සිදුවන්නේ තමාට නොව බලයේ සිටින රාජපක්‍ෂවරුන්ට බව ඔහු හොඳාකාරවම දනී. එපමණක්‌ ද නොව බටහිර බලවතුන්ගේ ඉලක්‌කය වන්නේ ද රාජපක්‍ෂවරුන් මිස තමා නොවන බවත් ඔහු දනී. එපමණක්‌ ද නොව බටහිර බලවතුන් තමා ඔවුන්ට සිටින වටිනාම සාක්‍ෂිකරුවා හැටියට සලකන බවත් ඔහු දනී. එම නිසා යුද අපරාධ විමර්ශනයක්‌ ඉදිරියේ සාක්‍ෂිදීමට තමන් බය නැතැයි කීම සද්භාවයෙන් කරන දෙයක්‌ නම් නොවන බව පැහැදිලිය.

යුද අපරාධ අධිකරණයක්‌ ඉදිරියේ ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට තමන්ට හැකියාවක්‌ ඇතැයි ෆොන්සේකා මහතා පවසන්නේ නම් ඔහු ඒ දේ කිරීමට යුද අධිකරණයක්‌ පත්වන තුරුම බලා සිටින්නේ මන්ද යන ප්‍රශ්නය පැන නගී. යුද අධිකරණයකදී ඉදිරිපත් විය හැකි සියලුම චෝදනා දැනටමත් බටහිර රටවල් විසින් පලකොට තිබෙන වාර්තාවල සඳහන් වී ඇත. බෑන් කී මූන්ගේ ලංකාව සම්බන්ධ උපදේශන කමිටු වාර්තාව ද මේ අතුරින් ප්‍රධාන තැනක්‌ ගනී. යුද අධිකරණයකදී ඒ තිබෙන චෝදනා අඩු වනවා මිස දැන් තිබෙන ප්‍රමාණයට වඩා කිසිසේත්ම වැඩි වන්නේ නැත. එම නිසා ෆොන්සේකා මහතා යුද අධිකරණයක්‌ පත්වන තුරු බලා සිටින්නේ නැතුව මේ තිබෙන චෝදනාවලට දැන් සිටම පිළිතුරු දිය යුතුය. එම පිළිතුරු ප්‍රමාණවත් වුවහොත් යුද අපරාධ චෝදනා ගොනු කිරීමටවත් බටහිර රටවලට නොහැකි වනු ඇත. ෆොන්සේකා මහතා ඕනෑම යුද අපරාධ චෝදනාවකට පිළිතුරු දීමට තමන් සූදානම් බව පවසන්නේ රණවිරුවන් එවැනි චෝදනාවලින් මුදා ගැනීමට නම් ඔහු දැන්මම එම චෝදනාවලට තමන් සතුව ඇති පිළිතුරු දීමට පටන්ගත යුතුය. එසේ නොමැතිව තමන්ට මේ ඇති චෝදනාවලට පිළිතුරු දිය හැකි යෑයි කියමින් එසේ පිළිතුරු දීමට නම් මුලින්ම ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ ආරම්භ විය යුතුය යන ස්‌ථාවරයේ සිටීම සද්භාවයෙන් කරන දෙයක්‌ නොවන බවට තීන්දු කිරීමට අපට සිදුවනු ඇත.

- සී. ඒ. චන්ද්‍රප්‍රේම / Divaina

 

27,114 Viewers

34 Comments to “SF හෙට නොව අදම කළ යුතු දෙය”

  1. doctor says:

    sf hoday habai ranil ta kade yanawanam uth wadak ne

  2. ලක්මිණ says:

    අද ඇත්තේ SF ගේ දේශපාලන දිවියේ අවරෝහණ යුගයද?

    SF ගේ දේශපාලන දිවියේ ආරෝහණ යුගයක් තිබුනා නම් ඒ තිබුනේ ඔහු නාම යෝජනා භාරදී ගෙවුන මුල් සති දෙක තුන තුලය. එතැන් පටන් අද දක්වාම ඇත්තේ අවරෝහනයකි.

    මේ අවරෝහනයට ප්‍රදාන හේතුව වුයේ ලංකා දේශපාලනයේ හද ගැස්ම හදුනා ගැනීමට තරම් SF දේශපාලන වශයෙන් මුහුකුර ගොස් නොතිබීමයි.

    කවදාවත් රජෙක් යටතේ පාලනය නොවූ ඇමරිකාවේ දේශපාලනයත් වසර දහස් ගණනක් රජුන් යටතේ පාලයවූ ලංකාවේ දේශපාලනයත් අහසට පොළව සේ වෙනස්ය.

    ලංකාවේ ජනතාවට අවශ්‍ය මනා පෞරුෂයකින් හෙබි, ආකර්ශනීය, චතුර කථික, ජනතාවදෙස බලා සානුකම්පිතව කතා කරන නායකයෙකි.

    එම නායකයා බුද්ධිමත්ද, ඇත්ත කතා කරනවාද, කාර්ය ශුරද, රට දියුණු කරනවාද එසේත් නැත්නම් හොරා කනවාද කියා සොයා බැලීමට තරම් වුවමනාවක් අපේ රටේ ජනතාවට නැත. සිරිවර්ධන උපසකලාගේ, පිටිදුවේ සිරිධම්මලාගේ, උඩුවේ ධම්මාලෝකලාගේ පිටිපස්සෙන් දහස් ගණන් ඇදෙන රටේ, ජනතාවගේ ආකල්ප ගැන තව කුමක් කිව මනාද?

    මේ අනුව ගත කල රනිල් වික්‍රමසිංහට හෝ කරු ජයසුරියතව වසර දහසකින්වත් ලංකාවේ බලයට ඒමට නොහැක. සජිත් ප්‍රේමදාසටත් අවශ්‍ය පමණට කරුණු කරන පිහිටලා නැත.

    මේ අනුව ගත කල පෞරුෂය සහ ආකර්ශනීය බව විපක්ෂයේ දැන් සිටින කාටත් වඩා SF ට ඇත. කථිකත්වය සහ කතා කල යුතු නොයුතු දේ ගැන අවබෝධය දියුණු කරගත් විට SF ගේ ආරෝහණය ඉබේම ඇතිවනු ඇත.

    අද වන විට රට නන්නත්තාර වී ඇතිබව දන්නෝ දනිති. දිනෙන් දින ඉහල යන ණය කන්දරාව සහ කාටත් හොරෙන් අච්චු ගහන කොටි ගණන් රුපියල් සල්ලි ඇරුනහම අද අපිට ආර්ථික වශයෙන් ඉතිරි වී ඇති දෙයක් නැත. නායකත්වය ජනතාව ඉදිරියේ පෙන්වන පෞරුෂය ජාත්‍යන්තරය ඉදිරියේ රෙද්ද පල්ලෙන් වැක්කෙරෙන බව දන්නේ ජී එල් පීරිස් එක්ක යන නඩය පමණි. රටට අදායමක් ලැබෙන එකම ව්‍යාපෘතියක්වත් මතක ඇති කාලයක බිහිවී නැත. ඒ වෙනුවට බිහිවන්නේ කෝටි ගණන් පාඩු ලබන පවුලේ හිත සුව පිනිස ඇතිකළ මෙගා ව්‍යාපෘතිය.

    උදේ අවදිවුන වෙලාවේ සිට රෑ නිදියන තෙක් අපේ ජනතාව මේ අවනඩුවල ගහට විඳිති. හෙට දිනය වඩා බියකරු බව ඔවුන්ට ඉවෙන් මෙන් දනෙති. එහෙත් ඔවුන්ට වගක් නැත. මන්ද ඔවුන්ට අවශ්‍යවන මනා සිංහලෙන් කතාකරන පෞරුෂයක් ඇති නායකයෙක් සිටින බැවිනි..

    SF ඉහත අඩු පාඩු හදාගෙන ආවොත් ඔහු නොවරදවාම ජනපති පුටුව දක්වා යනු ඇත. එහෙත් ඔහු තුල නැති ආර්ථික විද්‍යා, සමාජීය දර්ශන සහ ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ දැනීම හරි හමන් අයගෙන් නොගත හොත්, SF අවා කියා වල පතුලට යන රටේ වෙනසක් ඇති නොවනු ඇත

    • සිංහල සර් says:

      “සිරිවර්ධන උපසකලාගේ, පිටිදුවේ සිරිධම්මලාගේ, උඩුවේ ධම්මාලෝකලාගේ පිටිපස්සෙන් දහස් ගණන් ඇදෙන රටේ, ජනතාවගේ ආකල්ප ගැන තව කුමක් කිව මනාද?”
      ඔබගේ ඉහත වාක්‍ය කණ්ඩය ඇරුණාම අනෙක් සියලු දේ සදහා එකග වෙන්න පුලුවන්.එහි සදහන් ආකාරයට මේ රටේ බෞද්ධයින් කොටසක් නිසා මේවගේ මෝඩ දේශපාලකයින් බිහිවෙන බව කියවෙනවා නේද?ඇත්ත මෝඩ විදියට පස්සෙන් යන කරන්නන් වාලේ කියන දේවල් කරන බෞද්ධයින් ඉන්නවා තමා.නමුත් ඔවුන්ම විතරක්නෙමේ මේකට වගකියන්න ඕන.ඉස්ලාම් කතෝලික හින්දු යන ආගම් සියල්ලේම ඉන්නා මෝඩ හරක් රැල මේ වින්නැහියට වග කියන්න ඕන.මම නම් දකින්නේ හරි විදියට බෞද්ධ ධර්මය පිලිපදින කෙනෙකුට නම් චන්දය දෙන්න තරම් කිසිවෙක් මේ ලංකාව තුල දැනට ක්‍රියාකාරී දේශපාලනය තුල නෑ.මොකද චන්දය ඉල්ලන අයගේ ගතිගුණ එළිපිටම පෙනෙද්දී ඒ වැරදි සදහා අනුබල දීමක් ‍නියම බෞද්ධයෙකුට කල නොහැකි නිසා.ඒක නිසා සමස්ථ දේශපාලනයම ගැන කලකිරී කවුරු හෝ චන්දය නොදී ඉන්නවානම් ඔහු සමහර විට හොද බෞද්ධයෙකු වීමට පුලුවන.අනික ඉහත සදහන් කල තිදෙනාම කුමක් හෝ වැදගත් දෙයක් ජීවිතයේ කුමන මොහොතක හෝ කියලා තියෙනවා.අපි දැන ගන්න ඕන හරිදේ ගන්න.එයාට ඕනී දෙයක් එයාලා කියයි.අපි අන්ද නොවී ඒ දේ දකින්න අවශ්‍යයි.

    • Future says:

      ඔබේ නිගමනය සමග 100% ක් එකඟයි. ගොපල්ලාට අනුව හරක් රැලත් හරක් රැලට අනුව ගොපල්ලාත් අනුවර්තනය වෙන ඒක ස්වබාවිකයි. අපේ නායකයින්ට ගොපල්ලා කිවුවවත් ජනතාවට හරක් කිවුවවත් නෙවෙයි, උදාහරනෙකට ගත්තේ.

    • Original buwa says:

      >>කතා කල යුතු නොයුතු දේ ගැන අවබෝධය දියුණු කරගත් විට SF ගේ ආරෝහණය ඉබේම ඇතිවනු ඇත.
      Me sandaha avama washayen wasara 500k weni ithaa keti kaalayak pramaanawathya.

      Nethahoth, sinhala bhashawa iganagannekuta, Kalaarthye Asambhawyakriyawak sandahaa udaaharanayak lesa gatha heka

  3. Patriot says:

    All those who have written articles on this website so far try to play down the real popularity and recognition of SF intentionally.But they can’t hide the truth from the people and they will take action when the time comes.These writers’ ideas spring up from the same source and with the same hope.

    • gihan says:

      Exactly… They think all readers fools like Mr Chndrapema. i feel sorry for him. he write for his bread and breakfast not as a professional journalist. Were is free media who can write balance article rather than prostitute journalism.

    • Rashid says:

      Patriot !

      I agree with you. That is the reality

  4. වසන්ත says:

    1.තම පක්ෂය දියුණු කරගෙන ස්වාධීන දේශපාලන ගමනක් යෑම.සජිත් කරූ වැනි පිරිසක සහයද සමඟ මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම.

    ප්‍රතිඵලය – ෆොන්සේකා සහ රනිල් පරාජය වී මහින්ද ජයග්‍රහණය කිරීම.

    2.යූඇන්පිය ට එක් වී රනිල් ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම.

    ප්‍රතිඵලය – පසුගිය ජනාධිපතිවරණයේ දී සිදු වූවා මෙන් උතුරු නැඟෙනහිර ඡන්ද කිසිවෙක් වෙනුවෙන් හෝ භාවිතා නොවී (තමන්ට විරුද්ධව යුද්ධ කරපු ෆොන්සේකා ඉන්න පක්ෂයකට ඡන්දේ දෙන්න හෝ මහින්දට ඡන්දෙ දෙන්න දෙමළ මිනිසුන්ට පිස්සු නැති නිසා) රනිල් පරාජය වී මහින්ද ජයග්‍රහණය කිරීම.

    3.මහින්ද දුන් සමාවට පින් දී නැවත ඔහු සමඟ මිතුරු වීම.

    ප්‍රතිඵලය – මහින්ද ජයග්‍රහණය කිරීම.

    4.දේශපාලනය නොකර ගෙදරට වී නිකං සිටීම.

    ප්‍රතිඵලය – මහින්ද පරාජය වීම.

    නිගමනය – සරත් ෆොන්සේකා කිසි දවසක මේ රටේ ජනාධිපති වන්නේ නැත.තං මැට්ටං කාරයන්ට වෙන වීරයෙක් ඉක්මනින්ම හොයා ගන්න වෙනවාය.මේඝවර්ණ/බ්ලොග්අඩවියෙන් උපුටාගත්තකි

  5. Future says:

    ෆොන්සේකා මහතා දේශපාලනයෙහි පරිනත නැති බව සත්‍යයකි. නමුත් ෆොන්සේකා මහතා ජාත්‍යන්තර අධිකරණයකදී යුධජයෙහි දේශපාලන නායකත්වයට එරෙහිව පැමිණිල්ලේ සාක්ෂි කරුවෙකුව රාජපක්ෂවරු දංගෙඩියට හැර ලංකාවට විත් දේශපාලනය කල හැකියැයි සිතන තරමේ අඳබාලයෙකු යයි නොසිතමි.

    ඒත්තු යන ආකාරයට ප්‍රකෘතිය විකෘතියක් කරන අකාරය පිළිබඳව විමල් ඇමතිතුමා ඇතුළු දේශප්‍රේමීන්ට, gota’s war කතු තුමාගෙන් උගත හැකි පාඩම් බොහොමයක් අඩංගු ලිපියකි.

    • Original buwa says:

      >>ෆොන්සේකා මහතා දේශපාලනයෙහි පරිනත නැති බව සත්‍යයකි. නමුත් ෆොන්සේකා මහතා ජාත්‍යන්තර අධිකරණයකදී යුධජයෙහි දේශපාලන නායකත්වයට එරෙහිව පැමිණිල්ලේ සාක්ෂි කරුවෙකුව රාජපක්ෂවරු දංගෙඩියට හැර ලංකාවට විත් දේශපාලනය කල හැකියැයි සිතන තරමේ අඳබාලයෙකු යයි නොසිතමි.

      Ese nosithenne, hethu saadhaka ethuwa nam ea bawa kiyanna.
      SF denata kala-kee de anuwa, apata nam sithenne, ese kala bawata SF mahathaawa andaa athi bawath, ohu eya endagena athi bawathya.

      Lankaawe deshapalanaya kireema kese wethath, Raja-Pawulata geamak denakan (thamanta kelawunath) SF ta ninda yana wagak karana prakaasha walin penenne netha.

  6. deenu says:

    SF Deshapalane pari natha naha kiyana eke therume aththa thathwaya pahadili karoth SF hora wada wancha wada karala ne hodata ewa karanna egena gena waren kyana ekada aththa. deshapalanaye parinatha kiyana Rajapakshalage hora wada wancha wada karana mahajana mudal kabasiniya karana ekada parinatha bawaya kiyanne .

    • Rashid says:

      Deenu !

      sahodaraya oba ithamath niweradie.
      ada desapalanaye parinathabawaya aethi puthgalayo ratata mokada karanne ?

      oya parinathabawaya gaena kathakarana mahaththuru tikak kalpana karala balanna ada rate mokada wenne kiyala.

      Parinathabawaya, parinathabawaya kiyamin rata winasakaramin siyaluma naraka weda karana ekada api desapalakayekugen balaporoththu wenna one ?

      • slarmy says:

        horakam karala nethnam eyage duvage husband mokada thavamath hire. monava unath adikarana theenduvak uday hireta giye. rata kanava kiyana aya horakam karanava kiyana aya eyalata viruddava monava hari karanne neththe aey. deshapalaneta ena hemoma apata aadareta enne ne. thamange salli viyadam karala avith nikam apata karanne n aluthen ena kena mula idalama kanna ganna kota goday. kana eka kala thiyena nisa tikay. eka nisa kana ekama inna eka hoday oya SF gena danna tiken eyage hora weda danna aya dannava.

  7. Hibutta says:

    ෆොන්සේකා මහතා දේශපාලනයෙහි පරිනත නැති බව සත්‍යයකි. නමුත් ෆොන්සේකා මහතා ජාත්‍යන්තර අධිකරණයකදී යුධජයෙහි දේශපාලන නායකත්වයට එරෙහිව පැමිණිල්ලේ සාක්ෂි කරුවෙකුව රාජපක්ෂවරු දංගෙඩියට හැර ලංකාවට විත් දේශපාලනය කල හැකියැයි සිතන තරමේ අඳබාලයෙකු යයි නොසිතමි.

  8. pissupusa says:

    SF do it ur own style………..

  9. Oryx says:

    ෆොන්සේකා යනු ඉතා හොඳ හමුදා නිලදරියෙකි එහි කිසිම විවාදයක් නැත නමුත් ඔහු මහා ගුණ මකුවෙකි කිසිම කෙලෙහි ගුණයක් නැති මිනිසෙකි දැන් ඔහු පලි ගැනීමේ චේතනාවෙන් පෙලෙන උම්මත්තයෙක් වැනිය.

    • Singhala Bauddhaya says:

      ඔහු ‘කෙළෙහි ගුණ’ දැක්විය යුත්තේ කවර නම් කරුණකටදැයි පැහැදිලි කරන්නේ නම් මැනවි.

      • අසෝක මාලිමගේ says:

        මගේ අදහස නම් ඔහු කෙලෙහිගුණ දැක්විය යුත්තේ මාතෘ භූමියටයි.. (රාජපක්ෂවරුන්ට නොව..)

      • slarmy says:

        සියලුදෙනාම නීතියට ගරු කල යුතුය් . කෙසේ හෝ සිර දඩුවම් ලැබූ ඔහුට ජනාධිපති සමාව ලබා දීම ගැන ඔහු කෙලෙහි ගුණ දැක්විය යුතු බව බොහෝ දෙනෙකුගේ අදහසය්.

    • Rajith says:

      This is absolute truth in a short and sweet form. Base of all political war between two sides.

  10. Rashid says:

    Budhimath ugath pirisak me sanwadayata ekwee aethibawa penenawa.
    ape ratata jayawewa. me thulin thamai a jayagrahanaya labenne
    oba/api siyalu denatama jayagrahanaya ekanthaie.

  11. lapya says:

    sf modaya. rajaya ekka ekathu una nam sf dinum

  12. lapya says:

    meka army comda kale soldier la office karaddi 89 eliyata demma.a soldier la aneka duk wenda. muta upan gedara hena gahanna one. kawadawath mekata me athmaye gelaweemak ne. panuwo dala merenn one.

    Army eke pirisak

  13. srilankan says:

    කිසිම දිනක ජනරාල් කුමන පරිසරයක සිටියත් සමාව ඉල්ලා බැගපත් නොවන බව නම් ඉර හද මෙන් අපට විශ්වාසයක් තිබේ .ජනරාල්ට නිදහස දීමට සිදුවුයේ එතුමාට එක පිට නොයෙකුත් අනවශීය චෝදනා නගමින් නඩු පවරා පලිගැනීම් නොනවතින විට රටේ ඇති වුන ජනතා අප්‍රසාදය සහ ජිනිව කලබලෙන් පසුව රජයට ඇති වුන බාහිර බල වේග නිසා යයි අපට සිතේ .රටේ අපමණ දුෂිතයන් රාජ්‍යය අනුග්‍රහ යටතේ නිදහස් වෙද්දී ජනරාල්ගෙන් කරන පලිගැනීම රටේ ජනතාවගෙන් බහුතරයක් එතුමා කුමන දේශපාලන අදහසක් දැරුවත් අනුමත නොකළහ .ටිරාන් අලස් මාස ගනනක් මොනවා සාකච්චා කලාදැයි දන්නේ දෙවියන් පමණයි මක්නිසාද යත් ස්ත්‍රී දුෂකයන් මිනීමරු දේශපාලකයන් 1977 අගති ගාමී දුෂ්ට පාලකයා ඇති කල විධායක බලයෙන් නිදහස් කෙරුවේ ඔය වගේ සාකච්චා කරලද ? නිල රතු කොළ කන්නාඩි දමා ගන්නේ නැතිව නිවහල් මනසකින් ජනරාල් ගේ සම්මුක සාකච්චා සවන් දීමෙන් සත්‍යය වටහා ගත හැකි බැවින් අනිත් කරුණු සම්බන්දව තීරණ ගැනීම බුධිමත් ජනතාවට අයත් කරුණකි .ජනරාල් දේශපාලනය කරනවා නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඔබතුමාට සහයෝගය දෙන එහෙත් යුධය කාලයේදී එයට එරෙහි උන අය සමග වැඩකරන විට ඉතා ප්‍රවේශම් වුවහොත් ඔබේ සහ අපේ රටේ අනාගතය සුභ දායක වෙනවා ඇත .ඔබතුමාගේ දේශපාලනයෙන් අපිට වැඩක් නැත .වර්තමානයේ ශ්‍රී ලංකික දේශපාලකයන් අපිට නයාට අඩු කොළ වගෙය .මේ කරුණුද මෙහි සටහන් කලේ ජනරාල්ට අපේ රට බේරා ගත් යුධ ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වුන නිසාම අපේ සිත් තුල තිබෙන ගෞරවය නිසා මිස දේශපාලකයෙකු වීම නිසා නොවේ .ඔබතුමා අපිට ජනරාල් කෙනකු මිස ඊනියා මැතිතුමේකු නොවේ . නිදහස් අධියපනය ලබා දුන් ආචාර්ය සි. ඩබ්ලිව්. ඩබ්ලිව් .කන්නන්ගර මැතිතුමාට පින් සිද්ද වෙන්ට අද අපිට දේශපාලකයන්ගේ උදව් නැතිව මේ ලෝකේ කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන්න පුළුවන් .එත් අපි ඉපදුන රටටත් අපි ආදරෙයි .

    • Sakwithi says:

      හිටපු ජෙනරාල් සරත් ෆොන්සෙකා, නිත්‍යවශයෙන්ම නියෝජනය කරන්නේ බටහිරයි, ඇමරිකාව, බ්‍රිතාන්‍ය් සහ නෝර්වේ, ඇතුලු කොටි පරාජයකිරීමෙන් උරණව ඉන්නා බටහිරයි. මෙතනදී බටහිරයන්ට ශ්‍රී ලංකාවේ ඉන්න හොදම ඉත්තා ෆොන්සෙකා මහතායි, හැබැයි ඒ බව එතුමා නොදන්නවා වෙන්න බැහැ, මෙතනදී එතුමාගේ එකායන අරමුණ, යකෙක් එක්ක හරි එකතුවෙලා රාජපක්ෂලාව පන්නන්ලා ආන්ඩු බලය ලබාගැනීමයි, මේ අරමුණ ලිබියාවේ බෙන්ගාසි කැලරි කරුවන්ගේ අරමුනම තමයි. ඇත්ත වශයෙන්ම ෆොන්සෙකා මහත්තයා ශ්‍රීලංකාවේ බෙම්ගාසි පන්නායේ බටහිර ධූතයා, මේ එතුමා කරන කියන ආකාරය දිහා මැතහත් ලෙසට බලන ඕනෑම කෙනෙකුට පෙනීයන කාරණාව. ෆොන්සෙකා මහතාට ඇති බයට ඇති කෑදරකම ඇත්තවශයෙන්ම මෑත කාලයේ හෝ අතීතයේ අපේ ඉතිහාසයේ පහල උන කිසිම දෙශපාලකයෙකුට තිබ්බේ නැති ආකරයේ කෑදරකමක්, සැබෑලේසටම මෙතුමා දොන් ජුවන් ධර්මපාලවත් වඩා ඒ අතින් බොහෝම ඉදිරියෙන් ඉන්නේ.

  14. මාතර ආතර says:

    …කුමටද
    කුසලට
    කම්මැලි
    වන්නේ?

  15. me kalaweddata thiyenne harma loku adhomukaye amaaruwak.

  16. Tarzan mama says:

    Chandraprema —— meka tamai 88/89 UNP ekata kuliyata miniii maruwe . Weerawansa e dawaswals meka ta ahu vuna nam pana pitin puchchanawa. Dan this mini marawa kuliyata Rajapaksa family eka lewa kanawa. This is problem with this PA idiots . Terrorists , prostitutes , drug dealers , underworld thugs , third class dirty actors actress’s , UNP killers all inside now…… !!

  17. Tarzan mama says:

    Kuliyata liyana this PRAA murderer now trying to teach to SF to what to do ….. What a jokes

  18. me moosaleyage moona me bebsite eken ayin kolaanam kochchara hondada?

  19. Sakwithi says:

    හිටපු ජෙනරාල් සරත් ෆොන්සෙකා, නිත්‍යවශයෙන්ම නියෝජනය කරන්නේ බටහිරයි, ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ නෝර්වේ, ඇතුලු කොටි පරාජයකිරීමෙන් උරණව ඉන්නා බටහිරයි. මෙතනදී බටහිරයන්ට ශ්‍රී ලංකාවේ ඉන්න හොදම ඉත්තා ෆොන්සෙකා මහතායි, හැබැයි ඒ බව එතුමා නොදන්නවා වෙන්න බැහැ, මෙතනදී එතුමාගේ ඒකායන අරමුණ, යකෙක් එක්ක හරි එකතුවෙලා රාජපක්ෂලාව පන්නන්ලා ආන්ඩු බලය ලබාගැනීමයි, මේ අරමුණ ලිබියාවේ බෙන්ගාසි කැරලි කරුවන්ගේ අරමුණම තමයි. ඇත්ත වශයෙන්ම ෆොන්සෙකා මහත්තයා ශ්‍රී ලංකාවේ බෙන්ගාසි පන්නායේ බටහිර ධූතයා, මේ එතුමා කරන කියන ආකාරය දිහා මැතහත් ලෙසට බලන ඕනෑම කෙනෙකුට පෙනීයන කාරණාව. ෆොන්සෙකා මහතාගේ බලයට ඇති කෑදරකම ඇත්තවශයෙන්ම මෑත කාලයේ හෝ අතීතයේ අපේ ඉතිහාසයේ පහල උන කිසිම දෙශපාලකයෙකුට තිබ්බේ නැති ආකරයේ කෑදරකමක්, සැබෑලේසටම මෙතුමා දොන් ජුවන් ධර්මපාලවත් වඩා ඒ අතින් බොහෝම ඉදිරියෙන් ඉන්නේ. බලය ලබා ගන්නට තමන්ගේ අම්ම අප්පා පමනක් නොවෙයි කසාද ගෑනී, දරුවොත් පවල දෙන්න පුලුවන් ජාතියේ මනුස්සයෙක්.මෙතුමව ඉහට උඩින් අදහන අපේ රටේ ජනතවට ජයවේවා, අපිත් බලාගෙන ඉන්නේ මෙතුමා බලයට ඇවිල්ල රට සුඛිත මුදිත කරන හැටි. එදාට ලිබියාවට උනා වගේ ශ්‍රී ලංකාවටත් වෙන එක නවත්තන්න සක්කරයාටවත් බැරිවෙයි.

Leave a Comment