ශ්රී බුද්ධ වර්ෂයෙන් වසර 2320ට පෙර එනම් බුද්ධ වර්ෂ 236 වැන්නේදී ඒ අසිරිමත් වූද අර්ථාන්විත වූද ඓතිහාසිකවූද ආගමනය මහින්දාගමනය ලෙසින් මිස්සක පව්වෙන් සනිටුහන් විය. ඓතිහාසිකවූත් පෞඩවූත් සභ්‍යවූත් ජාතියක අනන්‍යතාවය මේ විශ්වය මත තහවුරු කළ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයේ අරමුණු ඉලක්ක හා වත්මන් සිංහල දේශයේත් සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් දිශානතිය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට මහින්දාගමනයෙන් ලද අනන්‍යතාවයන් පුනාරාගමනය කිරීමට අවැසිම හා සුදුසුම කාලයයි මේ. මන්ද සියලූම භෞතික අයිතීන් මෙන්ම ගුණ ණැන ආදියද සෑම ආකාරයකින්ම පිරිහෙමින් පවතී. බුදු දහම විනාශ කරන්නට අද පෙරට ඇවිත් ඇත්තේ බහුතර වශයෙන්ම උප්පැන්නයට බෞද්ධ වූවන්ය. එනිසාම තත්ත්වය භායනක වී ඇත. මිත‍්‍ර වේශය හා සතුරු වේශය වෙන් කොට දැකීම පවා අපහසු වී ඇත. මෙවන් සියලූ තත්වයන් මත නියමයෙන් හා අනියමෙන් විනාශ වී යන්නේ ලෝකයේ තවත් බෞද්ධ රටකි. ලෝකයේ එකම සිංහල රටයි. මේ සියල්ල මොන අන්දමින් හඩ ගා කිව්වත් බීරි අලින්ට වීනා වයන්නාක් මෙන් වී ඇත. හුදු දේශපාලනික බලය රැක ගැනීම හා ඒ වටා ගොනු වී ඇති අන්තේවාසිකයන්ගේ සුඛ විහරණය සඳහා පමණක් කටයුතු කරන වගකිව යුත්තන් හා බලධාරීන් ටිකෙන් ටික රට උගසට තබ සියදිවි නසාගන්නේ පහන් දැල්ලට ගිජු වූ පළගැටියෙකු එයට පැන දිවි තොරකර ගන්නාක් මෙනි. ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහක් මෙන් පෙනෙන්නා සේ දවසක උන් ඔක්කෝටම තම තමන් සෘජුව හා වක‍්‍රව කළ විනාශයන් විඳවන්නට වේවි. හැබයි ඒ වන විට පෙරහැර ගිය මගක්වත් දකින්නට නොලැබෙනු ඇත.
ශ‍්‍රී ලංකාද්වීපය හුදෙක්ම ලෝකයේ පවතින සුවදායි මනරම් දිවයිනක් පමණක් නොව එය තුන් ලොවෙහි ම ශේෂ්ඨතම පුද්ගලයා වන සම්මා සම්බුදුන්ගේ පහස ලද ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියකි. එසේ පහස ලැබ නැණ ගුණයෙන් පිරි සත් පුරුෂ දනන් ද දස දෙස ජීවත් වූ භූමියකි. වර්තමානය එසේ නොවුනද අතීතය පිළිබඳව සාභිමානයෙන් යුතුව කතා කිරීමට හැකි පෞඪ ඉතිහාසයක් අපට හිමි වී තිබුණි. එම ඉතිහාසය පෞඪ වූයේ බුදු දහමේ පූර්ණ ආභාෂයෙන් පෝෂණය ලැබ නැණ ගුණයෙන් පිරිපුන් සත් දනන් විසින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සභ්‍ය වූ සංස්කෘතියක් ගොඩ නැගීම නිසාවෙනි. එම ශ්‍රේෂ්ඨ ක‍්‍රියාදාමයන් වදන් හරඹයන් ඔස්සේ අප ප‍්‍රකාශ කළ ද සැබවින් ම එය අති උත්කර්ෂවත් ක‍්‍රියාදාමයකි. විශේෂයෙන් ම රටක්, ජාතියක් ලෙස ලෝකය ම විශ්ව ගම්මානයක් වූ අද දවසේදී ද උදම් අනන්නේ එම ප්‍රෙෘඪ ඉතිහාසයේ සෙවනැලි පහස විඳිමිනි. අද මෙම සැබෑව සියල්ලට අමතක වෙමින් පවතී එනිසා බුදුදහමට නිසි තැන හා හිමිතැන නොදෙමින් සර්වාගමික පූට්ටුවක් සමාජගත කරමින් එහි වාසියද අන්‍යාගමිකයන්ට ලබා දෙමින් කටයුතු කරති. මහින්දාගමනයෙන් ලද ශ්‍රේෂ්ඨත්වයේ අක් මුල් සිඳලන භයානකම මායාව බවට මේ වන විට මිත්‍යාදෘෂ්ටික සර්වාගමික සංකල්පය පත්ව ඇත.
භෞතික මානයන් ඔස්සේ සංවර්ධිතයැයි පවසන ලෝකය තුළදී අප අපේ අනන්‍යතාව ලෝකයා හමුවේ අදටත් පිළිබිඹු කරවන්නේ පෙර දැක්වූ පරිදි බුදු සමය ආශ‍්‍රයෙන් ගොඩ නැගුණ උදාර සංස්කෘතියේ මහඟු දායාදයන්ගෙනි. අද වන විට නවීන ආකාරයට සරිලන අන්දමින් වෙනස් වී ඇතත් එදා මහින්දාගමනයෙන් ලද මහ`ගු ඵලයක් වූ අටලොස් කුලයන්ගේ සංවර්ධනීය අවස්ථාවක් විද්‍යසාන වනවා මිස සිදුව ඇති පරිවර්ථනයක් නොමැත. මේ බව සියුම්ව පරික්‍ෂාකර බැලීමෙන් මනාව තහවුරු වන්නකි. ‘‘ බලත්ත කුලය ල උයන්පල් කුලයල කුලිංග කුලයල මල්කරු කුලයල කපු කුලයල ඔසද වටු කුලයල සත් කරු කුලයල සරස් කුලයල පෙරහැර කුලයල තුනා කුලයල කුඹුල් කුලයල අරක්කැමි කුලයල කුඹුරු කුලයල ලෝකුරු කුලයල සුවණ්නකාර කුලයල වඩු කුලයල සිත්තරු කුලයල දෙව් කුලය ’’ මේ එම අටලොස් කුලයන්ය. මෙයින් අපට සපථ වන්නේ බුදු දහමින් තොරව මේ දෙරණේ කිසිදු දෙයක් නිම වී නොමැති බවයි. මහින්දාගමනයෙන් එලෙසින් තහවරු වූ නව දේශයක ආරම්භය අද වන විට උගසට තබා මුල අමතක කර දමා ඇත. එය එසේ නොවේ නම් දඹුල්ල පුදබිම අලූත්ම බිල්ල වී මුස්ලිම් අන්තවාදීන් අතින් දුෂණය නොවන්නට ඉඩ තිබිණ.
වර්තමානය වන විට ලහි ලහියේ ම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීමට වෙර දරන විධායකයේ සිට පහළට දිවෙන කවුරුත් පාහේ තරයේ සිහියේ තබාගත යුතු එක් සත්‍යයක් ඇත. ඔබ මේ විනාශකර දමන්නට යත්න දරන්නේ මෙරට තුළ උදාර සංස්කෘතියක් නිර්මාණය කිරීමේ පෙර ගමන්කරු වූ අනුබුදු මහා මහින්ද මහ රහතන් වහන්සේගේ උදාර ආගමනයේ ඓතිහාසිකත්වය හා යතාර්ථය බවයි. එය එසේ සිහියේ තබාගැනීමේ වැදගත්කම වන්නේ අතීතය නොතකා නැගී සිටීමට වෙර දරන්නවුන්ට ලෝක ධර්මය තුළදී යළි යළි පසුබෑම්වලට ලක් වන්නට සිදුවන බව අතීතය විසින් ම තහවුරු කර දී ඇති නිසාවෙනි. මෙරට සිංහල බෞද්ධ පදනම හේතුවෙන් රටක් ජාතියක් ලෙස අතීතයේදී ද අප සෑම විටම ආරක්ෂා කර දී ඇත. අනාගතයේදී ද එය එසේ ම සිදුවන බවට අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මන්ද මෙරට සිංහල බෞද්ධ පදනම පිළිගැනීම නිවටකමක් සේ සලකන පරාදීන මිනිසුන්ට කීමට ඇත්තේ ඔවුන්ගේ ස්වාධීන බව හැකිනම් ඇමරිකාවට ගොස් පෙන්වන බවයි. මන්ද අපේ රටේ තරම් ලෝකයේ වෙන කොහේදී නම් අන්‍ය ජාතිකයන්ට අන්‍යාගමිකයන්ට මේ තරම් සහනශීලිත්වයක් ලැබේද? මේ තරම් දියුණු යුගයක, මේ තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය , මේ තරම් මානව හිමිකම් කතාකරන යුගයක පවා අන් කිසිදු තැනක නොමැති නිදසහක් අන් අයට මෙහි ඇත. සමස්තයක් ලෙස සුළුතරය විසින් නිරන්තරයෙන් මහජාතියට හානි පැමුණුවා මිස සුළුතරයට හානී සිදු වී නොමැත. ඒ සභ්‍යත්වය නිරායාසයෙන් බෞද්ධයාට හිමිව ඇත්තේ බුදු දහමෙන් ලැබෙන ශික්‍ෂණයත් සමගය. නමුත් අද සිදුවෙන සැබෑව නම් බෞද්ධයාගේ ශික්‍ෂණයට අභියෝග කරමින් දිනෙන් දින එය හෑල්ලූ කිරීමයි. පිටස්තරයන් සේම අපේම යැයි කියන්නවුන්ද එසේ හෑල්ලූ කරති.
ලෝක පොලිස්කාරයා ලෙස සලකන ඇමරිකාව ලෝකය දෙස බලන්නේ බහු ජාතික, බහු ආගමික අනුකම්පාවකින් නොව, ඒ බව ප‍්‍රබලව ම තහවුරු වන එක් අවස්ථාවක් පමණක් අපි මෙහිදී දක්වමු. ඇමරිකානු ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට දිවුරුම් දෙන්නේ බයිබලය මත දිවුරාය. එයට අප අපහාස නොකරමු. ඔවුනට හැකිනම් ඔවුන්ගේ අනන්‍යතාව එසේ ප‍්‍රකට කරන්නට, අපිට එහිදී ඇති තහනම කුමක් ද? සිංහල බෞද්ධයෝ එහි වාසය කරන පමණින් එහි සිංහල බෞද්ධ රාජ්‍යයක් කිසිසේත් නිර්මාණය කළ නොහැක. අප එහි යන්නේ නම් අකමැත්තෙන් වුව ද ඔවුන්ගේ මූලික අයිතියට ගරු කරමින් වාසය කළ යුතුය. එහි පමණක් නොව ලෝකයේ කුමන රටක වුව ද තත්ත්වය එසේය. එනිසා මෙරට තව දුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයක් මිසක් ශ‍්‍රී ලාංකික ජාතියක් නොවන බව අපගේ දැඩි හැඟීමයි. එය එසේයෑයි පිළිගැනීමට අකමැති බටහිරගැති නූතන ක‍්‍රිස්තියානිවාදයට උඩ ගෙඩි දෙන පිරිස් ඉතිහාසය අමු අමුවේ ම විකෘති කරමින් මහින්දාගමනයෙන් ගොඩ නැගුණ මෙරට අදීන ඉතිහාසය නොපිළි ගැනීම පමණක් නොව මෙරටට සුඛාගමනයක් වූ මහින්දාගමනය ද බලහත්කාරකමක් ලෙස හූවා දැක්වීමට යත්න දරති. මෙය කෙටිකාලීන වූ ක‍්‍රියාදාමයක් නොව ඉතා සියුම් ලෙස දශක ගණනාවක් තිස්සේ දරන ලද නින්දිත උත්සාහයක ප‍්‍රතිඵලයකි. මෙරටින් සිංහල බෞද්ධකම සමූලඝාතනය කිරීමට නොයෙක් වේශයන්ගෙන් උත්සාහ කළවුන් එය එසේ කිරීමට අපහසු වූ තැන ඒ සඳහා නොයෙක් සියුම් කූට උපක‍්‍රමයන් භාවිතා කරති. මහා වෘක්ෂයක අතු කොළ සිඳ එය වනසාලිය නොහැකි තැනදී එහි මුදුන් මූල සොයා එය නසාලීමට දරන නින්දිත උත්සාහයක් ලෙස ද මෙය අවිවාදයෙන් ම සැලකිය හැක.
මෙම සංස්කෘතික විනාශයේ විද්‍යමාන මූලාරම්භය සනිටුහන් වනුයේ 16 වැනි සියවසයේ පටන්ය. එනම් ක‍්‍රි.ව. 1505 දී ප‍්‍රථම වතාවට පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙනි. ඔවුන් එසේ පැමිණෙද්දී රෝමානු කතෝලික ආගම ද රැගෙන ආවේය. ලක්දිව ජනයා වෙනත් ආගමකට බලහත්කාරයෙන්, වරප‍්‍රසාද ලබාදීමෙන්, සදාචාර විරෝධීව හැරවීම ආරම්භ කරන ලද්දේ පෘතුගීසින් විසිනි. බෞද්ධ ජනතාවගේ ආගමික නිදහස උදුරාගත් පළමු සතුරු කොටස ලෙස පරංගින් ඉතිහාසයේ ලියෑවී ඇත. ඔවුන් මෙරටට පැමිණි විලාසය හා සිදු කරන ලද ආගමික විනාශය පිළිබඳව කරුණු දක්වන බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව ඒ අඳුරු යුගයේ ආරම්භය මෙසේ සනිටුහන් කර ඇත. (1956) ”ඔවුන් ඉන්දියන් සාගරයේ විද්‍යමාන වූයේ වෙළෙන්දන්, ධර්ම දුතයන්, මූදු කොල්ලකරුවන් යන ත‍්‍රිත්ව ස්වරූපයෙනි. ඔවුන්ට නියමව තිබුණේ ආගම දේශනාවෙන් පටන්ගන්නටත් එයින් වැඩක් සිදු නොවූ තැන කඩුවෙන් තීන්දුව දෙන්නටත්ය”.
පරංගි පාලනය අවසන් වූ 1658 න් පසුව නැවත පරංගි බලය මෙරට ස්ථාපිත කිරීමේ ආගමික වැදගත්කම තේරුම්ගත් පරංගි පූජකයන් විසින් ලියන ලද කේරොස්ගේ ෆර්නා ඕ ඩික්කේරෝස්ගේ (The Temporal & Spiritïl ntestfo Ceylon) ග‍්‍රන්ථයේ පෘතුගීසි පාලකයන් ආගම පැතිරවීමටත් බලය පැතිරවීමටත් සිංහල බෞද්ධයන්ට කළ අති අමානුෂික වදහිංසා විස්තර කොට ඇත.
අනතුරුව එම විනාශය අඛණ්ඩව දියත් කිරීමේ කාර්ය භාරය ක‍්‍රි.ව. 1638 දී භාරගන්නා ලදී. ඕලන්දයෝ තම ආගම ලෙස රෙපරමාදු ක‍්‍රිස්තියානිය රාජ්‍ය ආගම ලෙසින් ඉදිරිපත් කළ ආකාරය පැහැදිලිය. නමුත් මොවුන් සිංහල බෞද්ධයන් විෂයෙහි දැක්වූ ආකල්පය එතරම්ම සාහසික නොවූහ. පරංගීන්ගේ සතුරන් ලෙස මෙහි පැමිණි ඔවුන් සිංහල ජාතිය සමග මිතුරු බවක් පෙන්වමින් තම අරමුණු සාක්ෂාත්කරණයට යොමු වී ඇත. ලන්දේසීන් බුදු දහම කෙරෙහි දක්වන ලද ආකල්පය සහාසික නොවූවක් බවට ජනප‍්‍රිය මතයයි. මෙරටදී ඔවුන්ට ගැටුමක් ඇති වූයේ සිංහල බෞද්ධයන් සමග නොව සිංහල කතෝලිකයන් සමගය. කෙසේ වෙතත් ලන්දේසීන් දේශීය ජනයා රෙපරමාදු ක‍්‍රිස්තියානියට හැරවීමේදී තම අදහස කියා පෑවේ ආඥවකිනි. ඒ බව 1956 දී මුද්‍රණය වූ බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාවෙන් පැහැදිළිය.
”බෞතීස්ම ලැබීමෙන් රෙපරමාදු සාමාජිකයෙකු බවට නොපැමිණි කිසිම ස්වදේශිකයෙකුට මුදලිකමක් ලැබිය නොහැකි බවත් ආණ්ඩුව යටතේ තනතුරක් දැරීමට හෝ ගොවිතැන් කිරීමට හෝ ඉඩක් නොලැබෙන බවයි”.
අනතුරුව බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ආරම්භ කරන ලද මහා විනාශයේ අනිටු විපාකයන් අද ද නොයෙක් වේෂයන්ගෙන් ක‍්‍රියාත්මක වෙති. 1815 දී මුළු රට ම නතු කරගත් ඉංග‍්‍රීසීන්ට සිංහල බෞද්ධයන්ගේ එක් කොන්දේසියකට යටත් නොවී සිටින්නට සිදු විය. ඒ අන් කිසිවක් නොව විහාරස්ථාන, දේවාල සහිත බුද්ධ ශාසනය රැකීමයි. සිංහල භාෂාවෙන් ලියා අත්සන් කරන ලද එම ගිවිසුමේ වගන්තිය මෙසේ දැක්වේ.
”මෙකී රටවල මුලාදෑනී සහ වැසියනුත් අදහන්නාවූ බුද්ධ ශාසනය ද දේවාගම ද කඩ කළ නොහැකිව පවත්වණ්ඩ ඕනෑවා සහ එහි කටයුතු ද සංඝයා ද විහාරස්ථානය ද දේවාල ද පවත්වණ්ඩ සහ ආරක්ෂා කරණ්ඩ ඕනෑය”.
ඔවුන් එසේ පොරොන්දු වුව ද එය හුදෙක් ම රැවටීමක් පමණි. ඒ බව පසක් වන්නේ ඒ ගිවිසුමෙන් පසුව ඔවුන්ගේ ක‍්‍රියා කලාපය හේතුවෙනි. වරෙක මෙම ගිවිසුමෙන් බුදු දහමට ආරක්ෂාව සපයා ඇති නිසා උරණ වූ එංගලන්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ විලියම් විල්බර් ෆෝස් නමැත්තා එවකට මෙරට ආණ්ඩුකාරයා වූ රොබට් බ‍්‍රවුන්රිග් වෙත දොස් පවරා ලිපියක් පවා එවා ඇත. මේ ආදියෙන් බුදු දහමෙන් පෝෂණය ලද මෙරට මහා සංස්කෘතිය අකා මකා දැමීමට අවශ්‍ය සෑම පියවරක් ම ගත්හ. මහා වෘක්ෂයක් විනාශ කර දැමීම අපහසු බව දැනගත් ඔවුන් එය තුළට රිංගා එහි අරටුව සිඳලීමට අවශ්‍ය කටයුතු යෙදීය. එවිට ඒ මහා වෘක්ෂය සිඳලීමට පහසු කරවන්නේය. මෙම ”කඳ පණු” න්‍යාය උපයෝගි කරගනිමින් මෙරටින් මෙම මහා සංස්කෘතිය විනාශකර දැමීමට කටයුතු සැලැස්වූ ඔවුන්ගේ ගමනේදී ඊට අභියෝගයක් වූ ගිහි පැවිදි බෞද්ධයෝ දහස් ගණනකගේ ජීවිත අහිමි කළේය. 1817-18 නිදහස් අරගල සටනේදී 55,000 කට අධික පිරිසක් දිවිපුදා ඇත. නිරායුද කුඩාපොල හිමියන් ම්ලේච්ඡු ලෙස වෙඩි තබා ඝාතනය කළේය. 1948 පමණවිට විහාරස්ථාන මංකොල්ලකෑම් කර විනාශකර කඩාබිඳ දැමීම බි‍්‍රතාන්‍ය සොල්දාදුවන්ගේ විනෝදාංශයක් බවට පත්වූහ. මේ නිසා බි‍්‍රතාන්‍ය පාලනය සමය සැබවින් ම බුදු සසුනේත්, ජාතියේත්, බෞද්ධයන්ගේත් අන්ධකාර සමය විය.
පෙර කී සියල්ල දක්වන ලද්දේ ඉතා සැකවිණි. එමෙන් ම අන් කවරෙකුටවත් පහර ගැසීමක් හෝ අපහසුතාවයට පත් කිරීමක් ද නොව එය හුදෙක් ම ඉතිහාසය විසින් සපථ කරනු ලබන සත්‍යය වූ සිදුවීම්ය. එනිසා මේ පිළිබඳව කවුරුන් හෝ කලබල විය යුතු නැතැයි අපගේ හැඟීමයි. ඇරත් සමහරුන්ට ඇත්ත තිත්ත බව අපි දනිමු. නමුත් කාගේත් හිතසුව පිණිස වූ ඇත්ත තිත්ත නොවන බව ද සිහි තබාගත යුතුය. නමුත් ලක්දිව සභ්‍ය වූ දේශයක් කිරීම උදෙසා ඉවහල් වූ මහින්දාගමනයේදී එවන් අඳුරු, දුක්ඛිත, අතීතයක් කිසි ම තැනක සඳහන්ව නොමැත. එසේ සඳහන්ව ඇත්නම් එය ඔප්පුකර පෙන්වා දෙන ලෙස ද අපි අභියෝග කරන්නෙමු. මහින්දාගමනය සමග විධිමත් ලෙස මෙරටට බුදුදහම හඳුන්වා දීමෙන් එය සැබවින් ම සුඛාගමනයක් මිසක් කිසි ම විට කළු පැල්ලම් සහිත කාරණයකට ඉවහල් නොවීය. මහින්දාගමනයත් සමග මෙරට ජනයා ලද ශික්ෂණය නිසා ම නොයෙක් ජාතීන්ට මෙරටට විත් රිසි සේ කටයුතු කිරීමට ඉඩ දීමට තරම් මෙරට ජනයා ඉවසිලිමත් වූ බව ද අන්තවාදීන්ට සිහි කළ යුතුය. මූලික පදනම වූ බුදු දහම රැුගෙන මිහිඳු මිහියන් මෙරටට වැඩම කළ අවස්ථාවේ සිට මේ දක්වා කිසි ම අවස්ථාවක බලහත්කාරයෙන් කිසියම් පිරිසක් තම ආගමට හරවා ගැනීම සඳහා වද හිංසා කළ බවක් කිසි තැනක සඳහන් වේද? එහෙත් මුස්ලිම් ආගම ජිහාර් යුද්ධය මගින් ද, කතෝලික භක්තිය කුරුස යුද්ධය මගින් ද කරගෙන ගියේ අන්‍යාගමිකයන් කඩුවේ බලයෙන් තම ආගමට හරවා ගැනීමයි. 16 වැනි සියවසේදී මෙලෙස ඉතා උපක‍්‍රමශීලීව ජපන් ජාතිකයන් ක‍්‍රිස්තියානි ආගමට හරවා ජපන් පාලකයන්ට විරුද්ධව උසි ගැන්වීමේ ප‍්‍රතිඵලය වූයේ එසේ රජුට විරුද්ධව උසි ගැන්වූ අහිංසක ජපන් ජාතිකයන් 20000 ක් පමණ මරුමුවට පත් කිරීමයි. පරංගීන්ගේ මෙම කපටිකම් තේරුම් ගත් ජපාන පාලකයන් ජපානයෙන් පරංගින් නෙරපා දැමුවා පමණක් නොව අන් කිසිදු ජාතිකයෙක් ජපානයට ඇතුල් වීම ද තහනම් කරන ලදී. මෙරට පාලකයන් එවැන්නක් නොකළ ගොංකම එවැනි ඉතිහාසඥයන්ගෙන් පැහැදිලි වේ.
නමුත් මෙහිදී අපට විමතියට කරුණ නම් ඇතැම් බටහිර ගැති නූතන ක‍්‍රිස්තියානිවාදීන්ට ආවඩන පිරිස් මහින්දාගමනය ද පරංගි, ලන්දේසී, ඉංග‍්‍රීසි ආදින් විසින් කරන ලද තිරශ්චීන ආක‍්‍රමණයට සමාන කොට දැක්වීමට යත්න දැරීමයි. එයින් නොනැවතුණ ඔවුන්ට අනුව යන අපූර්ව මන්දබුද්ධික ඉතිහාසඥයන් පිරිසක් මෑතක සිට බිහිව ඇත. ඔවුන් පවසන්නේ මෙරට ශ‍්‍රී විභූතිය විදහා දක්වන ජීවමාන ප‍්‍රතිමූර්තිය බඳු අනුරාධපුර, පොළොන්නරුව ආදි යුගයන්ට පෙර සිට මෙරට කතෝලික දහම තිබූ බවටයි. එයින් ඔවුන් උත්සාහ කරන්නේ මෙරට තුළදී සිය ආගමික ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමටය. ඒ සඳහා ඔවුන්ට අයත්ව ඇත්තේ එක ම සාධකයක් පමණි. එනම් අනුරාධපුර යුගයේ තිබී හමු වී ඇති නෙස්ටෝරියන් කුරිසියක් කෙටූ කළු ගල් පුවරුවකි. එම ගල් පුවරුව දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත්කොට ඇත. හුදෙක් එම සාක්ෂිය පදනම් කරගෙන නිර්මාණය කිරීමට යත්න දරන ඉතිහාසය තුළින් ගම්‍ය වන්නේ මෑතකාලීන ලාංකික ඉතිහාසය මැනවින් හා ගැඹුරින් අධ්‍යයනය කර නොතිබීමයි. එවන් එක් සාධකයක් පමණක් හමුවීමේ සම්බන්ධය විමසීමේ දී ක‍්‍රි.ව. 3 – 4 සියවස්වල සිට ලංකාව සහ රෝමය අතර ඉතා දියුණු වෙළඳාමක් පැවති බව ඒ සම්බන්ධව සොයා ගෙන ඇති ”විදේශීය මූලාශ‍්‍ර” සමග ලංකා විශ්වවිද්‍යාලයීය ලංකා ඉතිහාසය පර්යේෂණ ග‍්‍රන්ථයේ විස්තරව දක්වා ඇත. මෝසම් සුළං ආශ‍්‍රයෙන්, රුවල් නැව්වලින් මෙරටට පැමිණි රෝම, ග‍්‍රීක වෙළඳුන් පමණක් නොව අරාබි වෙළෙඳුන් ද තම ආපසු ගමන සඳහා මෝසම් සුළං එන තුරු මෙරට රැඳී සිටි කාලවලදී ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමත් ඔවුන්ට ආගම ඇදහීමට ඉඩදීමට තරම් මෙරට සිංහල බෞද්ධ පාලකයෝ කාරුණික වූහ. මෙම කුරුසිය එවැනි සම්බන්ධයක් ලෙස ගත හැකිය. ඉහතින් අප පැවසූ කරුණ සනාථ කිරීම සඳහා 12 වන සියවසෙහි මහ පැරකුම්බා රජු විසින් නෛනතිවූ හි පිහිටුවා ඇති ශිලා ලිපිය සාධකයකි. එහි විදේශයෙන් පැමිණි මුහුදුබත් වූ හෝ අකරතැබ්බයට පත් වූ නැවියන් හටත් ඔවුන්ගේ අඹුදරුවන්ටත් ආරක්ෂාව සැලසීම විශේෂයෙන් සඳහන්ය.
තර්කානුකූලව විමසා බලන්නේ නම් ශ‍්‍රී ලංකාවෙන් මැද පෙරදිග හෝ වෙනත් රටකට රැකියාවකට යන අයෙකු විසින් ධර්ම චක‍්‍රයක් හෝ වෙනත් බෞද්ධ සංකේතයක් එරටට රැගෙන ගොස් එහි බුදු දහම ව්‍යාප්තව තිබූ බවට පවසන්නාක් මෙනි. මෙනිසා මහා අභියෝග මධ්‍යයෙහි අදටත් ශේෂව පවතින එම ශිෂ්ට සම්පන්න සංස්කෘතිය හා බුදු දහම විනාශ කිරීමට සෑම ප‍්‍රයත්නයක් ම දරන මූලධර්මවාදී පිරිස් ලක්දිව සෑම අතින් ම සභ්‍ය වූ දේශයක් කිරීමට ප‍්‍රමුඛ ඓතිහාසික සන්ධිස්ථානය වූ මහින්දාගමනයට ද නිගා කරමින් මහින්දාගමනයෙන් ලද දායාදයන් භුක්ති විඳීම හාසයට කරුණකි. එමෙන්ම ලාංකීය සමාජයේ මුල සිටන් අග දක්වා සෑම දෙයක්ම ප‍්‍රතිනිර්මාණය වූයේ බුදු දහමේ ආභාෂයෙනි. අද වන විට මේ රටේ ඉතිහාසඥයන් වී ඇත්තේ කළු සුද්දන්ය. අවාසනවක මහත ඉතිහාසය චිත‍්‍රපටවලට නගන්නේද ඔවුන්මය. ඔවුන් ඇත්ත දනිති. එහෙත් කිසිදු විටෙක ඒ ඇත්තට ඉස්මතුවීමට ඉඩ නොතබන්නට තරම් කුහකයන් වී ඇත. ඔවුන් සැබවින්ම ආදරය කරන්නේ රට හෝ ජාතියට නොව බටහිර සංස්කෘතියටයි. උප්පතියෙන් හිමි වූ ලබ්දිය ගතානුගතිකව බදාගනිමින් එහි නැති සුජාතභාවයක් ඇති කර ගැනීමට ප‍්‍රවාද හා බොරු ඉතිහාසයන් ප‍්‍රතිනිර්මාණය කරමින් බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ පදනමට නිර්දය ලෙස පහර දෙති. මේ සියලූ තත්ත්වයන් මත කළගුණ දන්නාවූ ජාතියක් නම් මේ රට ජාතිය නගා සිටුවන්නට වියැකී යන මහින්දාගමනයේ යතාර්ථයන් නැවත ආවර්ජනය කරමින් බෞද්ධ පදනමට මේ රටේ හිමිතැන ස්ථාපිත කරන්නට මිහිඳු ගමනේ පුනරාගමනය අරමුණු හා ඉලක්ක ඔස්සේ යළි ආගමනය කළ යුතුමය. එසේ නොවුනහොත් අයාලයේ ගිය ජාතියක් ජම්යක් නැති සමාජයක් බිහිව වල්මත් වූ තිරශ්චීනයන් පිරිසකගේ පාරාදීසයක් බවට පත්වනු නොඅනුමානය.
- පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
@Chinthaka
මේ ලිපිය කියවල උඹ ඉතින් ගොන් ප්‍රශ්න අහන්නෙපා ‘ඉතිහාසේ කන්නද කියල’!
මාතර ආතර
JR පප්පත් එහෙම අහල බදුද්දීන් අද්යාපන ඇමතිය ලව්වා ඉස්කෝල වල ඉතිහාසේ උගන්න එක නැවැත්තුව නේද?රනිල් පප්පා ආපහු ජනපති වුනොත් Chinthaka ලව්වා ඒකම කරන්න බැරි කමකුත් නැත.
jr maru
ඉතිහාසය නිසා රටේ වර්තමානය සහ අනාගතය කන උඹල දැක්කම දුකයි සහ කේන්තියි බන්….. ඒත් ඉතින් මේක උඹලගේත් රට නිසා කන්න හරි බොන්න හරි උඹලටත් අයිතිය තියෙනවා…. අපි නම් පුතා කැවෙන දාට මේකේ ඉන්නේ නෑ…. ඕන් කිව්වා…..
දෑන්ම පලයන්කො.
හෑමදාම කලේ දෙදස් පන්සීයෙ බයිලාව ගෑසීමයි.අහල පහල රටවල්වලට එච්චර ඉතිහාසයක් නෑතත් උන් ඉතා ඉහලින් ජීවත්වෙනවා.අපි හිගමනටම යනවා.
තෙරවාදි බුදුදහම තියෙන එක රටක් තියෙනවද දියුනු.මෙම තිත්ත ඈත්ත පිලිගෑනීමට බෞද්දයන් අකෑමෑතියි.
යන දවස උඹ කියන්නොන නෑ…. එත් උඹල වගේ පොල් බූරුවෝ නිසා වල පල්ලට ගිය රටක් ලෙස මේක ඉතිහාසයට එක් වෙන එක දරාගන්න අමාරුයි…. ඒ නිසා අන්තිම ට්‍රයි එකත් දෙනවා මතවාදීමය වශයෙන් දේශපාලන අන්තවාදීන්ගෙන් සහ ගොට්ටන්ගෙන් මේ රට බේරගන්න….
Fernando,අපිට නම් දෙදහස් පන්සියයක දැහැමි අතීතයක්වත් තියෙනවා,උඹට රොබර්ට් නොක්ස් ඇරුනම කව්ද බන් ඉන්නේ? රැන්කින් ගේ පස්සේ එල්ලිලා පලයන්.
Chinthaka,උඹ හිටිය කියල අපිට අමුර්තේ හම්බ වෙනවා නේ! නික්ම යන්න මහතාණනි,ගුවන් තොටුපල වහල නැහැ.
දෙදාස්පන්සීයක් තිබිලත් බලපන් උබල ඉන්න තත්වය.තාමත් ක්‍රිස්තියානි රටවලින් හිගමනේ යනව.
Just see Therawadhi Buddhist countries.Nepal.Thailand.Myanmar Thailand’s main income is prostitution.Nepal is one of the poorest country in the world.Myanmar – There is no law and order, like Sri Lanka. There is something wrong men in BUDDHISM.
Fernando,උඹ මොකෝ බන් ඔය වුර්තිය ගැන ඔතරම් කතා කරන්නේ? එහෙනම් බන් උඹලයේ මහපොච්ච ආ රටේ කරන්නෙම ඕක නේ,යන්තම් ඇටෙන් පොත්තෙන් එන්නත් කලින් ඉඳන්ම.
අනික කුසට එන දරුවා කාගේද කියලත් ෂුවර් නැහැ,DNA පරික්ෂණ නොතිබ්බ නම් එහෙම අර දරුවට අප්පල හැට හුට හමාරක්. බලපන්කෝ සිවිලයිස්ඩ් වෙච්චි තරම!
“මිහිඳු ගමනේ පුනරාගමනය අරමුණු හා ඉලක්ක ඔස්සේ යළි ආගමනය කළ යුතුමය. එසේ නොවුනහොත් අයාලයේ ගිය ජාතියක් ජම්යක් නැති සමාජයක් බිහිව වල්මත් වූ තිරශ්චීනයන් පිරිසකගේ පාරාදීසයක් බවට පත්වනු නොඅනුමානය.”
පඥ්ඥාලෝක හිමියන්ගේ සමස්ත ලිපියේම සාරාංශය උන්වහන්සේ එහි අවසන් වැකියෙන් මනාව දක්වා ඇත. මා මෙහි උපුටා දක්වා ඇති එම වැකියේ අරුත හොඳින් හඳුනා ගත හැකි බෞද්ධයන් පිරිසක් අපට බිහිකරගත හැකිනම් එය සමස්ථ ගැටළුවටම පිළිතුරු සපයනු ඇත.
මෙම සියලු ප්‍රශ්න සඳහාබෞද්ධයන් වෙත පිළිතුරු ඇත්තේ ශ්‍රී සද්ධර්මය තුලින්ම බවත් එය පහදා ගත හැක්කේ වෛරයෙන් අනුන් දෙස බැලීමෙන් නොව, ප්‍රඥාවෙන් තමන් දෙස බැලීමෙන්ම බවත් බොහෝ බෞද්ධයන්හට අවබෝධ වෙත්වා.
ඉතා අගනා කාලීන ගැටළු දහම තුලින් දුටු ලිපියකි.
මේ එන අභියෝග වලට මුහුන දීමේ ශක්තිය සහ දැනුම අප වෙත තිබිය යුතුයි ලිඳේ ඉන්න ගෙම්බන් සේ නොවිය යුතුයි පැරනි කොමියුනිස්ට් රටවල අය විසාල වශයෙන් බෞද්ද වෙමින් පවතී ත්‍රිපිටකය කියාවා තමාම තේරුම් ගැනීමට සිංහල හා පාලි ඉගෙන ගන්නා අයද බාහෝ වේ
ඔබ කියන දේ හරි. දෑන් ඒ රටවලත් ආගමික නිදහස තියෙනව. කෑමති කෙනෙක්ට කෑමති ආගමකට මාරු වෙන්න පුලුවන්.ඒවයෙ ඈන්ටි කන්වර්ශන් බිල් ගේන්ඩ හෑදුවෙ නෑ.පන්සල් කෑඩුවෙ නෑ.ආගම වෙනස් කරන අයව බලහත්කාරයෙන් හෑරෙව්වෙ කියල බෞද්දයින්ට ගෑහුවෙ නෑ.
ඔබ කියන දේත් හරි, ආගම කියන දේ උපතින් ලැබෙන දෙයක් නොවී අවබෝධයෙන් ලබන්නක් උනානම් මිනිසුන් මීට වඩා සාමකාමී වේවි.
අනෙක ලංකාවේ ඇතැම් සංවිධාන බෞද්ධයන් තම ආගමට හරවාගන්න වැසිකිලි පෝච්චියක් වගේ සුලු දීමනාත් ගම්මුන්ට ලබාදීලා තියෙනවා. ඉතින් යමෙක් ඒවගේ දෙයකට ආගම හරවනවානම් ඔහු තමන් දැරූ ආගම ගැන දක්වන අගය කිරීම ඉන් සනාත වෙනවා.
හිටපු ආගමේ ඇත්තන ඔහුව කෙතරම් දැනුවත් කොට ඇතිද, ඒ ආගම දැරීමෙන් ඔහු යම් හරය්ක් ලබා ඇතිද යන්න මින් සනාත වෙනවා.
ඒ වගෙම අද බටහිර ඇතුලු බොහෝමයක් රටවල මිනිසුන් බෞද්දයන් බවට පත් වෙමින් සිටිනවා. හැබයි ඒ වැසිකිලි පෝච්චියක් ලබා ගැනීමට නොවෙයි. මොකද බුදු දහමෙ හිස්ගෙඩි ගනන වැඩිකර ගැනීමෙ වැඩ පිළිවෙලක් නැති නිසා.
යමෙකු බුදු දහම වැලඳ ගන්නවානම් ඒ හුදෙක්ම අවබෝධය පහළ වීම නිසයි. එනම් තමා මෙතෙක් සිටි මිත්‍යාව අවබෝධ කර ගැනීම නිසයි.
වරක් හෝ තෙරුවන් සරණ ගියෙක් මරනයට පෙර නිත්‍ය මිත්‍යා දෘශ්ටිකයෙකු වුවොත් ඔහුට යන කලදසාව, අපිට කීමට ඇත්තේ අනේ අපොයි කරගත්තු අපරාදයක් කියා පමනයි.
මාතර ආතර/සිතිවිලි
අපට ඔලුගෙඩි ගනන වෑඩිකරගන්න අවශ්ය නෑ.බ්ය්බලයේ තියන එක දෙයක් කරන්න පමනක් ආසයි. ඒ වෙන දෙයක් නොව අපගේ විශ්වසය අනුව ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි පෑමිනීම ඉක්මන් කරගන්න.එයනම් “……….මාගෙ සුබාරන්චිය සාක්ශියක් පිනිස ලොව මුලුල්ලේ දේශනා කරනු ලබන්නේය. එවිට අන්තිමය පෑමිනෙන්නේය…” මතෙව් 24 පරිච්චේදය.එවිට මේ ලෝකයෙ දුක,කදුල වේදනාව දුශනය අවසන් කලහෑකියි.ඔබලා අපේ සබාවට ආවත් නාවත් අපට කමක් නෑ. ඒක ඔබේ නිදහස් කෑමත්ත. නමුත් හෙල උරුමය මීට ඉතා බයයි. ඒ මේ රට ක්‍රිස්තියානි රටක් වෙයි කියල.
@Fernando
Anonymous One orig උගේ ‘පිස්සු මරගාත සිංහල හිරු කුමරා’ නැවත ඇවිත්
මේ ලොව සුරපුරක් කරනවා කියනවා වගේ,
උඹ ඔය කියන ‘අනාගතේ සුබාරංචි’ බයිබලේ තියෙන කතන්දරේම තමයි, කුරානේ තියෙන්නෙත්.
‘සුභාරංචිය’ නැවත ආවම
මේ රට විතරක් නොව මුළු ලෝකෙම අන්තිමට මුස්ලිම් වනවා කියලත් උන් කියනවා.
උඹල සුබාරංචිය ආවම ලෝකෙම ක්‍රිස්තියානි වන බව කියනවා.
හෙළ උරුමේ කට්ටියවත්,බවුද්දයෝ වත් කවදාවත් එහෙම මේ රටවත්,මුළු ලෝකෙම වත් බෞද්ද වෙනවය කියල නැතිය.
”මහින්දාගමනයේ යතාර්ථයන් නැවත ආවර්ජනය කරමින්
බෞද්ධ පදනමට
මේ රටේ හිමිතැන
ස්ථාපිත කරන්නට
මිහිඳු ගමනේ පුනරාගමනය අරමුණු හා ඉලක්ක ඔස්සේ යළි ආගමනය කළ යුතුමය”
මෙහිදී අප
පරෙස්සම් විය යුත්තේ
මුන්ගෙන්ය.
1.
පරමාර්ථ ලෙස ‘මමක්’ නැති කොට ‘ජාතියක්’ කියා දෙයක් තියෙන්න බැරි බව
දන්නා අපට කොළ කඩා පාමින්,
අපව ඉක්මනටම නිවන් දක්කන්න
‘අපාය අද්දර බන දෙසන බක තපස්’
කොක්කුන්ගෙන්.
2.
ඉන්දියාවේ ථෙරවාදී බුදුදම අතුගා දාපු
‘සුදු බමුණු මහායාන කූටෝපක්රම’ වලින්.
3.
මේ රටේ ථෙරවාදී බුදුදම රැකපු,
වැවයි දාගබයි-අනන්‍ය අඛණ්ඩ-වාරි ගොවි නිපැයුම් සංස්කෘතිය ගොඩ නගපු
සිංහල බසට සහ ආගමට,
අන් රටවල ප්‍රධාන බසට සහ ආගමට හිමිවන සේ,
මේ රටේ ඉතිහාසයට අනුව හිමි තැන දීම තුලින්,
මේ රටේ අන් ජන වර්ගයාගේ ආත්ම ගරුත්වයට ප්‍රශ්නයක් වනවාය කියා
ඒ ඇත්තන්ව
කුලප්පු කරන Chinthaka වැන්නන්ගෙන්.
අපි වැනි එවුන්ගෙන් මේ රට බේරාගන්නකොට, ජාතියේ මුර දේවතාවුන් යයි කියාගන්නා උඹලා නියෝජනය කරන කට්ටිය මේ රට විනාශ මුඛයට ඇදන් ගිහිල්ල ඉවරයි….. වැවයි දාගැබයි, ගමයි පන්සලයි කියල අපිටත් පාතාලෙන් යාන්තමට ඇහිලා නොඇසී යයි….. ඊට පස්සේ අධිරාජ්‍යවාදයටම තමයි රට ගොඩගන්න වෙන්නේ….. ජාතියේ මුර දේවතාවුන්ගෙන් රට බේරගන්න අධිරාජ්‍යවාදයට චන්දය දෙන්න කියල අලුත්ම සටන් පාටයක් ඇහුනොත් පුදුම වෙන්න එපා…. ඒ දවස බොහොම ලඟයි……
උඹ හරි ආස ඇති ආයෙත් උඹේ මුතුන් මිත්තෝ ටික මෙහෙ ගෙන්න ගන්න. අනේ බොල නරියෝ, අපි මිනීමරු ත්‍රස්තයෝ ටික හැඳි ගාවන කොට උඹේ මුතුන් මිත්තෝ කිව්වේ මොනවද අපිට?
ලෑතර වෑතර
දෑන් කට්ටියක් ආව නේද දර්ම රාජ්යයක් හදන්න. මොකද උනේ.
Fernando,උඹ ඉස්සෙල්ල පලයන් වතිකානුවවට ගිහින් ධර්ම රාජ්‍ය එහෙ හදා ගනින්.අපි අපිට පුළුවන් හැටියට මෙහෙ ධර්ම රාජ්‍ය හදාගන්නම්.
වතිකානුවත් සමග අපේ කිසිම සම්බන්දයක් නෑ. ඈයි ඔයාට තරහ ගිහින් වගේ. ඈත්ත කියද්දි අමාරුයි නේද?
Fernando,පිස්සුද බන් මේ මන් කතා කරන හැටි.උඹට මිනිස්සු ඉංග්‍රීසියෙන් ලියල ඉඩියට්/මොරෝන් කිව්වම ගානක් නැහැ. මන් උඹ කියපු ගමන් හරිම අමාරුයි නේ!
ඒක නෙවෙයි උඹ වතිකානුවට නෙවෙයි නම් සම්බන්ධ, කොහාටෙයි සම්බන්ධ? අනේ මන්ද බන් කෝටියක් ප්‍රභේධ තියෙන නිසා උඹටත් මතක් කර ගන්න බැරිව ඇති.
ඔය කෝක කරන්නත් ඉස්සර සසුන සුද්ද කරොත් හොද නැද්ද? අන්න පොසොන් පෝයදා හාමුදුරු නමක් නැකතට වැඩ අල්ලලා කියලා ආරංචියි.
බොලන් ගොන්නාම්බෝ, උඹල ඉස්ටෑයිල් එකටත් හිස මුඩු කරනවා,ඒ මදිවට හොරකමුත් කරනවා. ඉතින් හිස මුඩු කරගත් පන්සිල් පද රකින්නේ නැති හරකෙක් සිව්රක් හොරකම් කරගෙන ඒක ඇඳගෙන පාහර වැඩක් කල පලියට අපේ සිල් රකින/දහම් දන්නා/රහසින් වත් පව් නොකරන පැවිදි රුවනට අත දික් කරන්නට ගිහි උඹට තියෙන්නේ මොන අයිතියද? වැරද්දක් කළා නම් දඬුවම් ලැබේවි. උඹ ළඟින ළඟින තැන ගොම රිටි හලන්නේ නැතිව හිටපිය.
ane jr gana mathakkarannath epa.eya thamai okkoma gata gahala yanna giye.
ජේ ආර් ගේ ගැට වලින් අපිට තවම ගැලවුමක් නැහැ කියන එකනම් සම්පූර්ණ ඇත්ත. හැබැයි බදුඩීන් මහමුඩ් කියන ආගම්වාදියාට අධ්‍යාපන ඇමති කම දීල බෞද්ධ අධ්‍යාපනයට වින කලේ නම් සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ 70-77 ආණ්ඩුවෙන්.
ඇතැම් භික්ෂූන් වහන්සේලා ධර්මය සැහැසි ලෙස ධනෝපායන ක්‍රියාවලියක් බවට පත් කර ගෙන තිබෙන අතර, සමහර තරුණ භික්ෂූන් වහන්සේලා ධර්මය ‘පැණි වදයක්’ බවට පත් කර ගෙන ජුගුප්සාව උපදවන්නේ ය. ලාමක සල්ලාපයන් සහ දොඩමලුවීම් සමගින් භික්ෂූන් අවර ගණයේ නිවේදකයින් සමග සම අසුන් ගැනීම පිලිකුල් සහගත ය. අපවත් වූ සෝම හිමියන්, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජන විඥානයට යම් බලපෑමක් කළ බව සත්‍යයකි.
දිට්ට දම්මවෙදනීය කර්මය.
ඒකෙ තේරුම දන්නවද?
මේ ලිපිය අනිත් ඒවාටත් වඩා හපන්.
සිංහල ජාතිය විකුණාගෙන කන බෞද්ධයනි, උඹලා වැනසෙනවාමය. ඊට පෙර උඹලා සිංහල ජාතිය රැක ගත් බවට කියන කතාවේ තේරුම කුමක්ද?
සිංහල ජාතියට කල මහඟු සේවා මේවාද?
1. දෙමළුන් සිංහල හෝඩිය කපා කොට අණුපිළිවෙල දෙමළකරණය කර ඇත.
2. සිංහලයන්ට නිජ බිමේ උරුමය අහිමි කර ආගමණික දෙමළුන් ගානට දමා ඇත.
3. සිංහලයන් තිරිසනෙකුගෙන් පැවැතෙන්නේ යයි අවලාද නගා ඇත.
4. සිංහල දැනුම උඹලාගෙ දැනුම ලෙස හංවඩු ගසා ඇත.
5. අසිරිමත් අතීතය මකා ගිනි තබා විනාශ කර ඇත.
6. හිඟනුන් රජ කරන, පරයන් චූ කරන ජාතියක් බවට සිංහලයන් පත් කර ඇත.
7. මරණය සොයන අමනයන් පිරි රටකි.
8. දිනෙන් දින පිරිහුන සමාජයකි.
9. සිංහලකම වල් වැදී ඇත.
10. උඹලා සිංහලයන්ගෙන් කා බී යැපී රැකී උන්ට කෙලවා ඇත.
11. උතුරේ සිංහලයන් වඳවී දෙමළුන්ගේ ඊලාම් (සිංහල) නිජ බිමක් වී ඇත.
….
තවත් කෙඳිරි ගාන්නේ ඉතිරි වී ඇති සිංහලයන් ටිකටත් කෙලීමටද? උඹලාට වැරදුන තැනක් ඇත. එය දැන් පෙනි පෙනී ගිනි දළු සේ බුර බුරා නැග උඹලා අළු කරන මොහොත ළඟට ඇවිත් ශෝකාලාප කීමෙන් ඵලක් නැත.
@මාතර ආතර,
දේවාල අටවාගෙන, දෙවියන්ට පුද පූජා කරන හින්දු ආගම මේ රටට ගෙනාවේ මීට වසර හාරදහසකට පමණ පෙර සිඟමනෙන් බැහි වැටුනු මලයාලි අහිගුණ්ඨකයන්ය. සිංහලයන්ට බලෙන් රිංඟවීමට හදන බුද්ධාගමට, ක්‍රිස්තියානි ආගමට වඩා ඊට කලින් ආ+කම වන හින්දු ආගම රාජ්‍ය සහාය ලබන ආගම වනවාට උඹ විරුද්ධද? මහ රජාද අදහන ආකම, අද නිල ලත් ආකම වී …. නිසා, හින්දු ආගමට රටේ මුල් තැන දීමට වෙර දරනු.
පර දේ දෙසමින්, පර මුදල්, උපකාර, පහසුකම් ගෙන රටට වින කරන NGO බොහෝය. එහෙත් සිංහලයන්ගෙන් කා, බී, යැපී, රැකී සිංහලයටම කෙලින එකම NGO එක බෞද්ධාගම් කාර NGO හිඟන රැළය. අද උන් සිංහල අඩවි අරක් ගෙන ඇත්තේ -මදුරුවන් වගේය. පරයන්ට දර දිය අදින ද්‍රෝහින් කුස ගින්නෙන් මිය යන දිනය අත ළඟය.
@Chinthaka
@Fernando
@Anonymous one orig
@සිතිවිලි
පහත ලියා ඇති කරුණු කියවා,
මේ රටේ ඉතිහාසෙට අනුව
මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස හැඳින්වීමට විරුද්ද නම්,
හේතු දක්වන්න.
1.
”මහා බ්‍රතාන්යය
(= වෙල්ස සහ ස්කොට්ලන්ත බස් සූක්ෂම ලෙස වල පල්ලට යවමින් සිටින ‘එංගලන්තය’)
ඉන්රීසි-ක්‍රිස්තියානි රටක් ලෙස හැඳින්වීමට
අප මැලි විය නොයුතුය”.
ඒ රටේ වර්තමාන අගමැති ඔක්ස්බ්රිග් හි කියපු කතාව
2.
”ඔස්ට්‍රලියාව ඉංග්‍රීසි-ක්‍රිස්තියානි රටක් යන්න,
අපේ රටේ පුරවැසිකම ගත්ත
මුස්ලිම් අයට ඉවසන්න බැරි නම්,
ඒ අය ආපු රටටම යාමට,
පිට වන දොර කවදත් ඇර තිබේ!”
ඒ රටේ හිටපු අගමැති ගේ කතාව
3.
”පුරවැසි කම ලබා
බහු වාරිගික බහු ආගමික මිනිස්සු හිටියත්,
එංගලන්තේ හඳුන්වන්නේ ඉංග්‍රීසි ක්‍රිස්තියානි කියල ,
ප්‍රන්සේ හඳුන්වන්නේ ප්‍රංස කතෝලික …ආදී
ලෝකේ මොන රටත්,
එහෙනන්
සිංහල බෞද්ද වෙලා තිබ්බ
ලංකාව විතරක්
බහු ආගමික බහු වාර්ගික කියල හඳුන්වන්න
පේමදාස උන්නැහේ දඟලන්නේ මොකෝ?”
ලෝකේ බොහෝ රටවල වැඩ හිටි Ven වල්පොල රාහුල On the Path, biography by ගුණදාස ලියනගේ
ඕස්ට්‍රේලියාවේ 64%ක් ක්‍රිස්තියනි. 19% ආගමක් නෑ.තව කොටසක් ආගම සම්බන්දයෙන් කිසි අදහසක් ප්‍රකාශකර නෑ. අන්යාගමිකයන් 6%ටත් වඩා අඩුයි.එමනිසා එය ක්‍රිස්තියානිරටක් කියා හෑදින්නුවට කමක් නෑ. නමුත් වියවස්තාවේ කිසිම ආගමකට තෑනක් දී නෑ ක්‍රිස්තියානින් 64%ක් ඉදලත්.
ලන්කාවෙත් එහෙමද?
ප්‍රන්සයේ සහ එන්ගලන්තයේද අන්යාගමිකයන් ඉන්නෙ 10%කට වඩා අඩුවෙන්.
@Fernando
උඹල මේ රටට පාත් වෙන්න ඉස්සෙල්ල
මේරට 99% සිංහල බෞද්ද.
දැන් අපට කෙලවන්න හදන්නේ,
මේ රටේ අර ඔස්ට්‍රලියාවේ වගේ අගමැතියෝ හිටියේ නැති හින්දද?
මිහිදු මහා රහතන් වහන්සේ ලන්කාවට එන්න කලියෙන් ලන්කාවෙ බුදුදහමක් තිබුනෙ නෑ.(අපිට එහෙම තමා ඉගෙන්නුවෙ පලවෙනි පන්තියේදී)
ඉන්දියාව ලන්කාවෙ රජතුමාව බලහත්කාරයෙන් බුද්දාගමට හෑරෙව්වා. ඉන්පසු රජතුමා මිනිස්සුන්ව හෑරෙව්වා. රජතුමා කියන එක මිනිස්සු නොකලොත් වෙනදේ මාතර ආතරට තේරුන්ගන්න තරම් බුද්දියක් ඈතෙයි මම සිතමි.ලන්කාව එහෙමයි බෞද්ද රටක් උනේ.
ඔය ක්‍රිස්තියානි 64% වුනේ ලක්ෂ ගණනක් අහිංසක ඇබොජින් වරු මරල ඊටපෙර ක්‍රිස්තියානු කාරයෝ හිටියේ නැහැ කොහොමවුනත් කලු මිනිස්සු ඹය රටේ තුන්වෙනි පන්තියේ සුද්දො කියන්නේ උන්ට ලැබුන දේව වරප්‍රසාදයක් කියල
@Chinthaka
Chinthaka says …වර්ජන, තර්ජන, කැළඹිලි, කෝලාහල, යුද්ධ, කැරලි නැතිව හාමුදුරුවෝ එකට හිටි අවස්තාවක් කියපන් මතක නම්…… ඒ කියන්නේ ඒ ජාතියේ ඒවා නැතුව කට්ටියට පැවැත්මක් නෑ කියල බං…Chinthaka
ගොන් හරකෝ,
තොපේ කාදිනල් තුමා මොරටුවේ ළමා නිවසේ ළමයින් ව
ලිංගික අපයෝජනයට බඳුන් කාලය කියල චෝදනා එල්ල කළ නඩුව විභාග වීමට පෙර,
ඒකට බලපාම් කොලේ
වර්ජන තර්ජන වලින් නෙවි නම් මොන උලව්වෙන්ද?
ඔය තවමත් හොඳ පැවැත්මක් තියෙන්නේ!
මේ ලිපිය ඉතා ව්‍යාකූලයි. මේ ලිපිය ලියන හිමියන් දැඩි හිත් වේදනාවකින් එය ලියා ඇති බව “දවසක උන් ඔක්කෝටම තම තමන් සෘජුව හා වක‍්‍රව කළ විනාශයන් විඳවන්නට වේවි”, “හුදු දේශපාලනික බලය රැක ගැනීම හා ඒ වටා ගොනු වී ඇති අන්තේවාසිකයන්ගේ සුඛ විහරණය සඳහා පමණක් කටයුතු කරන වගකිව යුත්තන් හා බලධාරීන් “, “බුදුදහමට නිසි තැන හා හිමිතැන නොදෙමින් සර්වාගමික පූට්ටුවක් සමාජගත කරමින් එහි වාසියද අන්‍යාගමිකයන්ට ලබා දෙමින්” වැනි යෙදුම් සාක්ෂි දරනු ඇත.
නමුත්, මේ පිළිබඳව වෙනත් කිසිවෙකුට ඇඟිලි දික් කිරීමෙන් පලක් නැත. නිදහසට පෙර ක්‍රිස්තියානි රටක් වූ ලංකාව බෞද්ධ රටක් බවට පත් කර ගැනීමට ප්‍රමාණවත් උත්සාහයක් මෙතෙක් දැරුනේ නැත. ඊට හොඳම අවස්ථාව 1956 උදා වූ නමුත් 2500 බුද්ධ ජයන්තිය සැමරීම, සිංහලය රාජ්‍ය භාෂාව කිරීම, විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් වසා දමා එනමින් විශ්ව විද්‍යාල ඇරඹීම වැනි තොරොම්බල් මිස වැදගත් දෙයක් කිරීමට කිසිවෙක් උත්සාහ ගත්තේ නැත. 1972 ව්‍යවස්ථාව වැනි දෙයක් එකල ගෙනවිත් අවශ්‍ය දේ කලානම් දැන් කන් කෙඳිරි ගෑමට අවශ්‍යතාවයක් නැත. 1972 වන විට පමා වැඩිය. ඒ වන විට සභාගයට එක්ව සිටි රත්තන් නිසා 1972 ව්‍යවස්ථාව අංගවිකල එකක් විය. 2005 ජන වරම විසින් 50 වසරකට පසු ලබා දුන් නව ආරම්භය 2009 මැයි මස වන විට පළමු ජයග්‍රහණය ලබා ගත් නමුත් එහි වන්දිය ඉතා වැඩිය. අමාරුවෙන් ලැබූ ඒ ජයග්‍රහණය පවා බන්දේසියක තබා පරාජිතයා වේදිකාවට නංවා ඌට පවරා දෙන ලෙස වැඩ කටයුතු සිදු වෙමින් ඇත. ඒ ජයග්‍රහණය පිණිස ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සෙනෙවි වරු ගෞරවය බෙදා ගත නොහැකිව කා කොටා ගැනීම අභාග්‍යයකි.
බුදු දහම අනෙක් ආගම් මෙන් ස්වාරක්ෂක පද්ධතියක් නොවේ. ඊට එකතු වන්නන්ට ප්‍රසාද දීමටත්, ඉන් වෙන් වන්නන්ට දඬුවම් දීමටත්, ඊට එරෙහි වන්නන් මැඩ පැවැත්වීමටත් යාන්ත්‍රණයක් එහි නැත. බුදු දහමින් සම්පුර්ණ ප්‍රයෝජනය ගත්තෝ ගඟින් එතෙර වූ පසු ඔරුව කුමටදැයි එය හැර දමා යන්නෝය. නිවන් අවබෝධ කළ කෙනෙක් ‘මම’ යන ප්‍රඥාප්තිය පවා හැර දමන නිසා ඔහුට දහම කෙරෙහි ඇත්තේ උපේක්ශාවකි. එය රැක ගැනීම ගැන කියනුම කවරේද. ඉතාම උගත්, ප්‍රඥාවන්ත සාරිපුත්ත තෙරණුවන් වැනි අය පර-වාද මථනය පිණිස වාදයට පිළිපන් නමුත් එවැනි උගත් කමක් නැති, සිව් සිඹිලියා නොපත් රහතන් වහන්සේලා වාදය මග හැරීම පිණිස නගරය අත හැර ගිය බව මිලින්ද ප්‍රශ්නය ආදියෙහි පෙනෙයි.
දුටු ගැමුණු රජු විසින් මීට වසර දෙදහසකට පෙර බුදු දහමට සංශෝධනයක් එක් කරන්නේ මේ අනතුර දුටු බැවිනි. ඒ අනුව බුදු දහම රැක ගැනීම සිංහලයින්ගේ හා සිංහල රජුගේ ප්‍රමුඛ කාර්‍යභාරය බවට පත් විය. බුදුරදුන් පරිනිර්වාණ මංචකයේදී ලංකාව සක් දෙවිදුන්ට බාර කළ බවත්, ඔහු එය උපුල්වන් දෙවිදුන්ට බාර දුන් බවත් වැනි ජනප්‍රවාද ඇත්තේද වෙනත් කිසි රටකට පෙර ත්‍රිපිටකය මෙහිදී ග්‍රන්තාරුඪ කෙරුණේද දළදා වහන්සේ හිමි කෙනෙකුට ලක්දිව රාජ්‍යත්වය හිමිය වැනි සම්ප්‍රදායන් පැන නැගුනේද එබැවිණි. දැන් ප්‍රමුඛ කාර්ය (බුදු දහම රැක ගැනීම) අනතුරේ නැති විට සිංහලයින්ට දෙවන කාර්ය (දුකින් අත්මිදීම) කෙරෙහි යෙදීමට නිදහස ඇති විය. ධාතුසේන රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ මහානාම තෙරුන් විසින් මහාවංශය ලියවෙන්නේ ඉහත කී කරුණ ස්ථාවර කිරීම පිණිසය.
අනුරාධපුර යුගයෙන් පසු දීර්ඝ කාලීනව අතර්ජිත සමයන් ලක් ඉතිහාසයේ නොමැති වීම අධ්‍යාත්මික පරිහානිය කෙරෙහි බලපෑවේය. නමුත් තර්ජනය පහ වූ කල අධ්‍යාත්මික දියුණුව ගැන අපට වෙහෙසිය හැක. ඒ පිරිසිදු බුදු වදන ග්‍රන්තාරුඪව ඇති බැවිණි. තර්ජනය තවමත් පවතින නිසා එය පහ කර ගැනීම අද දවසේ සිංහලයාගේ ප්‍රමුඛ කාර්යය විය යුතුය.
Joseph අය්යේ …..උඹේ කොමෙන්ටුව හරි අගෙයි. මගේ සුභ පැතුම්.
උඹ ලියු අකුරක් නෑර එකඟය. අව්රුදු 500ක් තිස්සේ අපව පාගා සිට,පෙන්නු අරුමෝසම් කදාවළලු සහ පෙව් ඒ ඉනා බෙහෙත තාමත් බිහි කරන්නේ කොන්ද වකුටු වූ ඇටසැකිලි විනා රට ජාතිය ආගම රැකීමට පෙරමුණ ගන්නට හැකි කොන්ද ඇති සිංහල බෞද්ධයන් නොවේ. තව ටික කලකින් සිංහල කතා නොකරන අනාගමික ලිබරලයන් ලංකාව කදාවළලු සුරපුරක් කර මේ මිලියන් 15 ලොවෙන් වහ වහා අතුරුදහන් කරවන්නට පිඹුරු පත් සකසා ඇත.
අපේ හරකිට කොච්චර කිව්වත් හරි යයිද මන්දග සල්ලි පස්සේ දුවන හරක් රැලක් වෙලා. ජාතියක් ආගමක් ගැන වගේවගක් නැහැ. පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ලියපු ටික බලලා වත් හැදුනොත් හොදයි. නැත්නම් ඉතින් මේ රටට බුදු සරණ නෙමේයි ඉදිරියට කියන්න වෙන්නේ අල්ලගෙ පිහිටයි කියල….
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසන්න ඔ්න. අපේ රටට හෙණ ගැහැව්වේ දීන ඉන්‍දියානු මානසිකත්‍වයට ගියදා ඉඳළයි.
පහදලා දුන්නනම් නෙවද අගේ ඔය’ඉන්දියානු මානසිකත්වය’ගැන පොඩ්ඩක්.’බටහිර මානසිකත්වය’ හා පොඩි සන්සන්දනයකුත් කළා නම් වටිනවා.
@Fernando
@Chinthaka
@Anonymous One orig
අතීතයේ සිට මේ රටෙන් බටහිර රටවල් වලට ගොස්, එම රටවල පුරවැසි කම ගත්
ලාංකීය සිංහල,දෙමල සහ මුස්ලිම් ඇත්තන්
‘කල ගුණ සැලකීමක් ලෙස’ හෝ
එම පුරවැසි කම ගැනීමට බලකිරීමෙන් (මෙවන් බල කිරීම් මේ රටේ නම් නොවුනි)හෝ
එම බස උගෙන,
ඒ රටවල ප්‍රධාන බසට සහ ප්‍රධාන ආගමට,
ඒ රටවල ඉතිහාසෙන්
හිමි තැන පිළිගන්නේ
යම් සේ ද,
අතීතයේ සිට මේ රටේ පුරවැසිකම ගත් දෙමල, මුස්ලිම්, බර්ගර්, හින්දු, කතිලික සහ ක්‍රිස්තියානි ඇත්තන්
මේ රටේ ඉතිහාසෙන්
සිහල ථෙරවාදී බුද්දාගමට හිමි තැන
‘කල ගුණ සැලකීමක් ලෙස’ හෝ
පිළිගත්තොත්,
අනාගතේදී
මේ රටේ ජාති සහ ආගම් වාදී
ප්‍රශ්න අඩුවනු ඇත.
ජාති ආගම් ප්‍රස්න අඩු කල හෑක්කේ එමගින් නොව මිනිසුන් අතර වයිරය නොවෑපිරීමෙන්ය.අද හෙල උරුමය මෙය ඈරබුව අතර එයට මහ ඉහලින් පෝර දමමින් සිටී.
එයින් ලෑබුනු එකම ප්‍රතිලාබය එම හාමුදුරුවන් කෝටිපතියන් වීම පමනි.අද ඔවුන් එදා ආරම්බකල දර්ම රාජ්ජය කෝ?
සිංහල බෞද්ධයාට වෙනත් රටක් නැහැ ගොන් බාස්,අපේ ගැන කතා කරන්නට. මේ රටේ ඒ අයිතිය අපට නැත්නම් උඹේ මහප්පොච්ච ආ රටට ගිහින්ද අපේ දේවල් ගැන කතා කරන්නේ අපි? උඹලට වෙලා තියෙන්නේ ඇත්ත ඇති හැටියෙන් පිළිගන්නට බැරි කම, මොනම වෙලාවක වත් වෛරයෙන් ද්වේශයෙන් අනිකාව පාගන්න,හරි සිංහල බෞද්ධයා වැඩ කරන්නේ නැහැ.
ඒක හින්ද වෙන්න ඈති පල්ලි කඩල .ක්‍රිස්තියානින්ට පහර දුන්නෙ.1505 පෘතුගීසි කාරයො කරපුව උබල තාමත් කරනව බන්.
@Fernando
කතිලෝක ආගම වැළඳ ගන්නේ නැතය කියල 1500 ඉඳන් ප්ර්තුගීසි කාරයොයි,
ඊට පස්සේ ඉංග්‍රීසි කාරයොයි
අහ්නිසක නිරායුද ළමා ලපටි ගැහැණු සිංහලයන්ව මරපු එකයි,
එක පලිය්යකට දාමරිකයෝ රැලක් (උඹලම වෙන්නත් බැරි නැත!)
ගිනි තියපු එකයි
සසඳන්න පුලුවන්ද බූරුවෝ?
හහ් උඹලට තවම හොඳා අපේ වෙහෙර විහාර ගිනිබත් කරලා ඒ උඩ පල්ලි හදන්න. උඹගේ ආගමට හරවන්නට අපේ බුදුහිමි අනුරුව යොදපු කුකීස් හදල කව්වන්න තරම් අමන හිත් ඇති උඹල නොව ලොවට සුබාරංචි ගෙන එන්නේ!
+සිතුවිලි, කලබල වෙන්න එපා, 2004 නත්තල් දවසේ මේගොල්ලො මාතර මහ පල්ලිය ලඟදි බුද්ධ රූප ඉටිපන්දම් හදලා පත්තු කරලා මුහුදේ පා කරලා තියෙනවා බුදුන්ව මේ භූමියෙන් පිටකරන්න කියලා.
හැබැයි පහු වෙනිදා ස්වබාව ධර්මයා උත්තර දුන්නේ බුදුන් පිටකරලා නෙවෙයි ඉතාම දරුනු විදියට. එදානම් මුන්දැලා සෑහෙන්න බය උනා. හැබැයි දැන් ආපහු අමතක වෙලා.
මම කියන්නේ නැහැ මේ සිදුවීම් දෙකේ සම්බන්දයක් තියෙනවා කියලා ඒත් එහෙම සිදු උනා.
To Fernando .
උඹව හක්කේ තියල සෙම අරින්ඩ හිතෙනවා මට. බලපන් උඹ ලියල තියන විකාර…
“මාගෙ සුබාරන්චිය සාක්ශියක් පිනිස ලොව මුලුල්ලේ දේශනා කරනු ලබන්නේය. එවිට අන්තිමය පෑමිනෙන්නේය…”
-මොකක්ද බන් මේ statement එකේ තේරුම?..මෙලෝ රහක් තියන තියෙන කතාවක් ද මේක ? මේ statement එකෙන් විතරක් ප්‍රශ්න කීයක් අහන්න පුලුවන්ද.
“එවිට මේ ලෝකයෙ දුක,කදුල වේදනාව දුශනය අවසන් කලහෑකියි.”
-පිස්සු කියවන්ඩ එපා බන් ..බයිබලයේ තියන දේවත් ගෙඩි පිටින් ගිලින්නේ නැතුව තේරුම් අරගන්න, වටහාගන්න බලපන්.
එය තේරුන් ගන්න යම්කිසි තරමක බුද්දියක් අවශ්යයි.ඔබට එය බෑරි බව මන් දන්නවා.
ආ එහෙමද මචන්..තරමක බුද්ධියක් ඕනද..එහෙනම් උඹේ තරමක බුද්ධියෙන්..ඔකේ තේරුම කියපන් පද ගත අර්ථයෙන්…
මෙහෙමයි, ලවුඩ් ස්පීකර් දාල දවසට පස් පාරක් සුබාරංචිය කියන කට්ටියක් ඉන්නවනේ. එතකොට මුනුත් එක්ක කට්ටි දෙකයි. දැන් ඒ දෙකොට්ඨාශය ඇමරිකා මහද්වීප දෙක, අප්‍රිකාව, යුරෝපේ හා ඕෂනියාව සම්පුර්නෙන් අල්ලලා ඉවරයි. ආසියාවේ පොඩි කොටසක් විතරයි අල්ලන්න තියෙන්නේ. ඒ ටික ඇල්ලුවට පස්සේ ලෝකේ පුරා සුබාරංචිය කියවෙන්න ගන්නවා. එක සෙට් එකක් සිකුරාදාට, අනිත් සෙට් එක ඉරිදට.
කා ගන්න සත්තු දෙන්නෙක් එක කුඩුවක දැම්මා වගේ, ඒක තමයි ‘අන්තිමය’ කියලා කියන්නේ. ඕක වලක්වන්න බෑ, කල් දාන්න පුළුවන්… තව අවුරුදු 2400 !!! ඒ ටික අල්ලන් ඉන්න එක තමයි අපේ වගකීම.
මමත් ආසාවට බුදු දහම ඉගෙන ගන්න ගියා හාමුදුරුවරු ලගට. ඔවුන් කියන දේවල් එකකට එකක් වෙනස්. අන්තිමේදි අල්ලල දෑම්ම.ඔවුනුත් හරියටම දන්නෙ නෑති බව තමා මට තේරුනෙ.
කට්ටියක් මස් මාලු කන්න බෑහෑ කියනව. තව කට්ටියක් කියනව දුන්නොත් කෑවට කමක් නෑ කියනව.බොහෝ කාරනාවලට උත්තර දෙවර්ගයක් ලෑබුනා.
ඔය වගේ ගොබ්බ ප්‍රශ්න අහන්නද උඹ බුද්ධාගම ඉගෙන ගන්න ගියේ….
එක තමයි මෙම දහමේ තියෙන විශේසත්වය , කව්රුත් කිව්වා පලියට පිළිගන්නේ නෑ. තම තමන්ගේ නන පමණින් තේරුම් ගන්න දෙයක් , හාමුදුරුවෝ මේ වගේ වෙනස් අදහස් දරන්නේ උන් වහන්සේලාගේ දැනුමත් එකතු කරලා විමසල .
අර මොකක්දෝ ආගමක තියනවා වගේ ලෝකේ පැතලියි කියල දෙයියෝ කියන නිසා අනුගාමිකයෝ සේරෝම ලෝකේ පැතලි කියල පිළිගන්න ඕනේ කියල නියමයක් මේ දහමේ නෑ .
පුදුම වැඩේ කියන්නේ සුබාරංචි කොච්චර නම් ගෙනාවද මේ මාරදුතයත්(Fernando)? ඒ වුනාට තව බැරි උනා ලෝකෙම සුරපුරක් කරන්න,කයිවාරුව විතරයි.
@Feranado
Fernando says,”මිහිදු මහා රහතන් වහන්සේ ලන්කාවට එන්න කලියෙන් ලන්කාවෙ බුදුදහමක් තිබුනෙ නෑ.(අපිට එහෙම තමා ඉගෙන්නුවෙ පලවෙනි පන්තියේදී)
ඉන්දියාව ලන්කාවෙ රජතුමාව බලහත්කාරයෙන් බුද්දාගමට හෑරෙව්වා. ඉන්පසු රජතුමා මිනිස්සුන්ව හෑරෙව්වා. රජතුමා කියන එක මිනිස්සු නොකලොත් වෙනදේ මාතර ආතරට තේරුන්ගන්න තරම් බුද්දියක් ඈතෙයි මම සිතමි.ලන්කාව එහෙමයි බෞද්ද රටක් උනේ.”Fernando
එහෙම නම් ඉන්දියාවේ
ථෙරවාදී බුද්දාගම අතුගෑවුනාට පසු,
මේ රටේ රජකළ හින්දු රජවරු,පුර්තුගිසි,ලන්දේසි,ඉංග්‍රීසි රජුන්ගේ කාල වකවානුවල,
මෙරටේ ඔක්කොමල එම රජාගේ ආගමට හැරෙන්න ඕන නේ?
අනේ උඹලගේ කතෝලික පාසලේ දීපු ලන්න වත්,
විචාර බුද්දියෙන් දකින්න තරම් වත් මොලයක් උඹට නැති හැටි.
ඕව හොඳයි ගොය්යෝ කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න!
ක්‍රිස්තියානින්ටයමක් පල කල හෑකි එකම ස්තානය මෙම වෙබ් සයිටය පමනි. වෙන කිසිම එකක මේ ආකාරයෙන් අපේ ඒවා පල කලේ නෑත.මේවා තමා සුලු ආගමිකයන්ට කරන දෙවන පන්තියේ සෑලකීම.එමනිසා මෙම වෙබ් අඩවියට අපේ ස්තුතිය.
දෑන් මාතර ආතර පවා පිලිගන්නවා අපේ පල්ලි ඒ අයගෙ උදවිය කඩපු බව.
උතුරේ ද්‍රවිඩයන්ටත් ඈත්තේ මේවෑනි ආත්ම අභිමානය පිලිබද ප්‍රස්නයක් තමා.
@Fernando
කතිලෝක ආගම වැළඳ ගන්නේ නැතය කියල
1500 ඉඳන් ප්ර්තුගීසි කාරයොයි,
ඊට පස්සේ ඉංග්‍රීසි කාරයොයි
අහ්නිසක නිරායුද ළමා ලපටි ගැහැණු සිංහලයන්ව මරපු එකයි,
එක පලිය්යකට දාමරිකයෝ රැලක් (උඹලම වෙන්නත් බැරි නැත!)
ගිනි තියපු එකයි
සසඳන්න පුලුවන්ද බූරුවෝ?
කලකට පෙර පුවත්පතෙක මා කියවූ ලිපියක වූවේ තිස්ස රජු අශෝකයන්ගේ ආඥාව පිළිගෙන අශෝකයන්ගේ පුත්‍රයා මෙහි පිළිගත් බවයි. අශෝකයන් එවූ කකුධ භාණ්ඩ සමගින් නැවත අභිශේකයක් කෙරුනේ එම යටත් වීම සංකේතවත් කරනු වස් බවයි. ඒ ලේඛකයාට අනුව මුහුදින් එතෙර ගොඩබිමින් ගවු දහස් ගණනකට ඈත සිටි, කාලිංග යුද්ධයෙන් හෙම්බත් වී සිටි අශෝක රජු කිසිම යුද්ධයක් නොකර සිංහලය යටත් කරගෙන ඇත.
බුදු දහම රජාඥාවකින් මහජනයා වෙත පිළි ගැන්වුණු බව දැන් දැන් අපට විවිධ පඬි වරු වරින් වර මතක් කර දෙති. මෙවැනි නව දැනුම් සම්භාරයන් සාමාන්‍ය සිංහල බෞද්ධයින් විසින් ගොඩ නොනැගී විවිධ නිකාය වල ක්‍රිස්තියානි කාරයන්, මාක්ස්වාදීන් හා පශ්චාත්වාදීන් ආදීන් විසින් පමණක් ගොඩනැගෙන්නේ අපේ කිසියම් අඩුවක් නිසා යැයි මට සමහර විට සිතෙයි.
සිංහල අපත්, ඊශ්‍රායල් ජනයාත් කරුණු කිහිපයකින් සමානය. අප කිසියම් ජාතියකින් ආදර්ශ ගත යුතුනම් ඒ යුදෙව් ජාතියෙන් පමණක් බව මා මේ අඩවියේදීම කිහිප වරක් පවසා ඇත.
පළමු කරුණ අප දෙගොල්ලන්ම ලිඛිත ඉතිහාසයකට උරුම කම් කීමයි. අපට ‘වංශකතා’ සාහිත්‍යයක් වෙයි. යුදෙව්වන්ට බයිබලය ඇත. දෙවන කරුණ අප දෙගොල්ලෝම ‘තෝරා ගත්’ ජනතාව වෙති. යුදෙව්වෝ ලෝකය මැවූ දෙවියන් වහන්සේ විසින් පොරොන්දු දේශය කරා රැගෙන යාමට තෝරා ගැනින. සිංහලයෝ සවුනේ ගෙවා දත් බුදුරජාණන් වහන්සේ විසින් පන්දහසක් කල් පවත්නා ශාශනය රැක ගැනීම පිණිස තෝරා ගත්හ.
බොහෝ බෞද්ධයින් සිතා සිටින පරිදි බයිබයලය යනු පොතක් නොවේ. බයිබලය යනු විවිධ කාල වල විවිධ ලේඛකයන් විසින් ලියවුනු ලේඛන එකතුවකි. මතෙව් 19:26, ලූක් 1:37, ජෙරමියා 32:17 ආදී වශයෙන් බයිබල උපුටන අංකනය කෙරෙන්නේ ඒ නිසාය. එහි ප්‍රධාන කොටස් දෙකකි. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුමයි. මෙයින් අපේ ප්‍රස්තුතයට අදාල වන්නේ යුදෙව්වන් විසින් පිළි ගැනෙන පැරණි ගිවිසුමයි.
දෙවියන් විසින් ලෝකය මැවිනැයි විශ්වාස කරන යුදෙව් ජනයා මුල් දේපල වන ආදම් හා ඊවා ගේ සිට තමන් වෙතට පැමිණෙන පරම්පරානුග පිළිවෙලක් ගොඩ නැගුවෝය. ඊශ්‍රායල් යනු දෙවියන් විසින් තම ජනයාට පොරොන්දු වූ දේශයයි. මිසරයේ වාල් භාවයට පත් යුදෙව් ජනතාව නොයෙක් දුක් කම්කටොලු විඳ අවසානයේ පැමිණ පදිංචි වන්නේ එහිය. පසු කාලීනව රෝම වරුන් විසින් තම නිජ බිමෙන් පලවා හරිනු ලැබ ඔවුහු ලෝකය පුරා විසිරී යති. ජේසු තුමන්ට ඇන ගැසූ නිසා ඔවුන්ට නිජ බිම අහිමි වූ බව කියමින් කාලකන්නි සතුටක් ලබන කතෝලික මිත්‍රයින් මට සිටී.
එසේ විප්‍රවාස කෙරුණු යුදෙව් ජනයා වසර 1900 කට පමණ පසු තම නිජ බිම නැවත දිනා ගත්හ. ලෝකය පුරා බල පරාක්‍රමය පැතිරූ ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් සමග ඔවුහු සියවස් ගණනක යුධ කළහ. ඒ අතරතුර 1939-1945 අතර කාලයේදී හිට්ලර් විසින් පමණක් ලක්ෂ 60ක් යුදෙව්වන් මරණ ලදැයි කියනු ලැබේ. ඒ සා විනාශයන්ගෙන් පසුව නැවත නැගී සිටීමටත්, තම නිජ බිම ලබා ගැනීම පිණිසත් යුදෙව්වන් අත වූ ආයුධය කුමක්දැයි ඔබ සිතන්නෙහිද. ඒ වනාහි බයිබලයයි. එහි ඇති විලම්බීත, පිස්සු විකාර හා විසංවාද සියල්ල දෙවියන්ට පවරා දුන් ඔවුහු එම කතා සත්‍යයයි වන විශ්වාසය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යමින්, ඒ වෙනුවෙන් අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින්, වධ බන්ධන වලට ලක් වෙමින් තම උරුමය රැක ගත්හ. මහපොළොව මත සිය උරුමය කියා පාන කිසි සාධකයක් නැතිව තිබියදීත් ඒ පොළොවේ උරුමය කෝටි සංඛ්‍යාත පලස්තිනුවන්ගෙන් උදුරා ගත්හ. ඒ වනාහි විශ්වාසයේ ශක්තියයි.
සිංහලයෝ ද යුදෙව්වන් තරම් නොවූවත් බොහෝ දුක් ගැහැට වලට ලක් වූහ. නමුත් කිසි කලෙක සිංහලයෝ ස්වකිය නිජ බිමෙන් මුළුමනින් පලවා හරිනු නොලැබූහ. නමුත් නිජ බිමෙන් 2/3 උදුරා ගැනීමට තැත් කෙරුණු කුරිරු ත්‍රස්තවාදයක් පරාජය කෙරී වසර තුනක් ගත වුවා පමණි. ඒ බෙදුම්වාදී ව්‍යාපාරය තවම වනසා නැත. ත්‍රස්තවාදය වැනසීමට අවි වලින් පුළුවන. නමුත් බෙදුම්වාදී මතවාදය පරාජය කිරීමේ ආයුධය කුමක්ද? අප සතු අයුධ දෙකක් ඇත. ඒ වනාහි අපගේ වංශ කතා සහ පොළවෙන් වැළලී ගිය නටබුන්ය. මේ දිවයින කෙරෙහි අපගේ උරුමය කියා පාන සිංහලය පුරා විසිරී ඇති නටඹුන් දෙමළ හා මුස්ලිම් ජාතිවාදීන්ගේ විනාශකාරී හස්තයට හසු වීමත්, අපගේ වංශ කතා අමුතු ආකාරයේ ඉතිහාසඥයන් පිරිසක් විසින් විහිළුවක් බවට පත් කිරීමත් තවදුරටත් ජාත්‍යාලයෙන් යුත් සිංහලයන් විසින් ඉවසිය යුතු නැත.
ඉතිහාසය ගැන කියවෙන සියලු තැන් වංශකතා සමග සංගත වන බවට වග බලා ගත යුතුය. බුදු රජාණන් වහන්සේ ලංකාවේ උපත ලද බව කියන නාකි හම්පඩ චිවරධාරියාත්, කාශ්‍යප රජු කළ සිට පැවතෙන ක්‍රිස්තියානියක් ලංකාවේ ඇතැයි කියන පාදිලි වරුනුත්, දේවානම්පිය තිස්ස රජු විසින් ආඥාවකින් වැසියන් බෞද්ධ කළ බව කියන ක්‍රිස්තියානි පඬි වරුනුත් හන තබා පිටුවාහල් කළ යුත්තේ ජාතික සේවයක් ලෙස සලකමිනි. යුදෙව්වන් නම් දැනුත් කරන්නේ එයයි. සිංහල රජවරු එදා කලේත් එයයි.
දැන් අපට සිංහල රජෙක් නැති නිසා යුදෙව්වන් රටක් නැති කාල වල කළා සේ කටයුතු කළ යුතුය. හැකි සෑම අවස්ථාවකම තමන් කවුද කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව සිංහලයින් දැනුවත් කළ යුතුය. සිංහලයෝ වනාහි දෙවියන්ගේ වැඳුම් ලත්, දේවාතිදේව සම්බුද්ධ රාජයන් වහන්සේ විසින් පන් දහසක් කල් පවත්නා ස්වකිය ශාශනය රක්ෂා කරනු වස් තෝරා ගැනුණු ජනතාවයි. ඒ වගකීම ඔබ අතින් ඉටු නොකෙරේනම් ඔබ සිංහලයෙක් ලෙස ප්‍රතිඥා දීමට සුදුසු වන්නේ නොවේ.
ජොසප්
තෙරවාදි බෞද්ද දහම තියෙන රටවල් වලින් ඒක දෑන් ක්‍රමක්‍රමයෙන් නෑතිවීගෙන යනවා නේද.ලන්කාවෙත් වෙන්නෙ ඒක තමයි. ඒකට ප්‍රදාන හේතුව හාමුදුරුවරුයි.
බෞද්දයින්ගෙන් කීදෙනෙක් ජීවක සුත්‍රය දන්නවද? කීදෙනෙක් මස් මාන්ස කනවද? ඔබ නියම බෞද්දයෙක් නම් ඔබට මස් මාලු අනුභව කල හෑකිද.?අපි නම් නියම ක්‍රිස්තියානින්. අපි කිසි දිනෙක මස් මාලු නොකන්නෙමු.අරක්කු,සිගරට් බාවිතා නොකරමු.එම නිසා එන්න අපේ පියාපත් සෙවනට. අපි ඔබ රෑක ගන්නෙමු
අනේ බින්කුන්ඩෝ,එතකොට උඹල කුකුල්ලු/කලුකුමාල පුරවල දෙසැම්බර් මාසේ කාවද සමරන්නේ? ඇල්කොහොල් බැරල් ගණන් බීල රෝහල් ගත කරන්නේ කුකුල් පියාපත් යටට ගිය පාර වෙන්ටැ!
Joseph අය්යේ ….කවදත් වගේ හොඳ comment එකක්. මගේ ප්‍රණාමය….උඹේ comment කියවල ඉගෙන ගන්න සැහෙන දේවල් තියනවා. උඹ කරන සමාජ මෙහෙවරට උඹට පින්….
ඹය මැවුම් වාදය පස්සෙ යනනේ එක්කො මෝඩයො නැත්තං කපටි. දැන් යුරෝපා රටවල පල්ලි යන්නේ මේ රටවලින් ගිය එවුන් වතරයි. මෙහි පිටු පස ඇත්ත්තෙ සසත්‍ය නොව දේශ පාලනයයි. එංග ලන්තයේ කොඩියම කුරුසයක් රාජ්‍ය යන්ත්‍රය පල්ලියෙන් පාලනය වන්නේ මේ මැවුම් වාදය බොරුවක් කියල ඔය ආගමේ ඉන්න බහුතරයක් දන්නව ඒකෙන් ලැබෙන වරප්‍රසාදනිසයි ඉන්නේ නැත්තං මෙච්චර දියුනු ලෝකෙක මැවුම් වාදය වැනි නොදියුනු දෙයකට පවතින්න පුලුවන්ද.
මද්යස්තව බලන බෞද්දයෙකු ලෙස Fernando බුදුදහමට ,හෙල උරුම පක්ශයට එරෙහිව ඉදිරිපත් කර ඈති අඩුපාඩු මා පිලිගනිමි.නමුත් පක්ශාග්‍රාහි විම පිලිබද කනගාටු වෙමි.ගොන්නාම්බා,Thilaka Randeni ගෙ කෙටි අදහස් වලින් රට තුල වන තිත්ත ඈත්තක් කියවෙ.ඔබ දෙපලට මගෙන් මල් මිටක්.
මතක තියා ගනිල්ලා මේක බහු වාර්ගික බහු ආගමික හොඳේ.ලෝකෙම ඉන්න රටක් නැති දෙමල ජන වර්ගයාට මේකෙන් කෑල්ලක් දුන්නම ගෙවෙනවද?බෞද්දයෝ වශයෙන් ඒක දානමය පිනක් නේද?
සාගරේ වාගේ තියෙනවා නේ කුට්ටි කරලා දෙන්න!උඹට ඔල්මොරොන්දම්ද මිලියන් 90ක් ඉන්න දමිල මිනිස්සුන්ට රටක් නැති එක දුකට කරුණක් තමයි.එහෙම කියල මේක දීල හරියනවය, ඔය ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව එහෙම මොන තරම් ලොකුද. හිතේ අමාරු කාරයන්ට/නුගත් පාඩම් කාරයන්ට/මානව අහිමිකම් පිස්සන්ට කියාපන් එයින් ටිකක් බෙදල ඔය මිලියන් 90 ට රටක් හදල දෙන්න කියල. මේක සිංහල බොදුනුවන්ගේ රට. අපිත් එක්ක කැමති අයට සහජීවනයෙන් ඉන්න ඉඩ තියෙනවා, බැරි අය ගියා දෙන්.
පියවරුන්ගේ වල්මත් වීම රටේ අනාගතය විනාශ කර ඇත!
බිය නොවන්න අපේ හාමුදුරුවනේ,
අපි රහතුන්ගේ සුසුම් අනා-පානයට ගනිමි,
සියලුදෙනා පරිහරණය කල/කරන ජලය පරිහරණය කරමි,
ඉලක්කයක් අරමුණු කර ඇත,
මෙතුවක් කල් අපිට ධර්මය ආරක්ෂා කරදුන් වීරයන් නිවන් දකිනා තුරු,
අපිත් සියලු දුක ඉවසමි,
බෙදාගත් වගකීම්, සමාධි ගතකල ක්‍රියාවන්ට රුකුලකි!
cricket ක්රී ඩාවේ බොහෝ පන්දු යවන්නන්ගේ පන්දුවේ චලිතය ප්රෙශ්නඅර්ථයකි, එය නිවෙරදිව වටහා ගන්නා පිතිකාරුවා නිවෙරදි පිතිහරබයෙන් ලකුණු රැස් කරන්නාක් මෙන්, පින්වන්තයින් ජිවන ක්රීනඩාවේ ප්රනශ්න වලටද පිළිතුරු සොයමින් කුසල් සිතින් පින් ලකුණු රැස්කළ යුතුය.
මචන්+/-, සිංහල වැකි රීති අමතක කරලා සිංහල ලියන්න එපෝ!
මම —-මි වලින්ද, අපි—මු වලින්ද ඉවර කලයුතු!!!
වැරදීමක් සමාවෙන්න!
+/-,
ආදරෙන් ටොක්කක් අනින්න කෙනෙක් හිටිය නිසා හොඳට ගියා නේද බන්.මන් මේක කලින් දැක්ක නම් ටිකක් කුලප්පු වෙනවා හැබැයි!ඒක නෙවෙයි,දම් පදයක් ඉගෙන ගමුද?
චරං චේ නාධිගච්චෙයිය
සෙයියන් සදිසමත්තනෝ
එකචරියන් දල්හන් කයිරා
නත්ති බාලෝ සහායතා
දම් පදය -බාලවග්ග-
තේරුම මන් දන්නා තරමට:කට්ට තනියම කඟවෙනෙක් වාගේ ජීවත් වන එක හොඳයි,වටපිටේ ඉන්නේ ඇසුරට නුසුදුසු අය නම්.
උඹට පුළුවන් නම් හොඳ එකා වාගේ මේ හැම පදයකම හා එහි වචන වල තේරුම කියා දියන්.පින් සිද්ධවෙච්චාවේ.
චංචල සිතුවිලි,
කලන මිතුරෙක් සොයමින් අවිදින්නෙකුට තමාට වඩා උසස් කෙනෙකු හෝ සමාන කෙනෙකු හෝ නොලැබෙන්නේ නම් තනිව හැසිරීමේ අදහස දැඩි කර ගත යුතුය, බාලයන්-මෝඩයන් හා එක්වීම හොද නැත.
මගේ අත්දකීම අනුව ජීවමාන කලන මිතුරන් සොයා ගැනීම ඉතා අපහසු කාර්යක් වන අතර සියලු වයස් මට්ටම් වලට ගැලපෙන එකම කල්‍යාණ මිතුරා බුදු පියාණන් පමණි.
+/-,
පින් මල්ල දුන්න මෙන්න සවිස්තරාත්මකව ලිව්වට.කලන මිතුරෝ ගැන කතා කුමට බන්.කාසි පනම් අත මිට සරුවටද,කඩු කස්තාන පිත්තල බොත්තම් සවිව ඇති කලද එවැන්නන් බුරුතු පිටින් අසල ගැවසෙන බව පුත්තලම් බූරු හතර පස් දෙනෙක් වූ වයසට ආ කල මනාවට දැනේ!
උඹට මේ දම් පදයේ එන වචන වෙන වෙනම අරන් ඒවායේ සිංහල තේරුම් දෙන්න උඹේ ශබ්ධකෝෂය ඇසුරෙන් පුළුවන් නම් අපුරුයි බන්.වෙලාවක් නැත්නම් කාරියක් නැහැ,අමතක කරපන්.
රටේ ජනගහනයෙන් 7% වූ පිරිසක් මේ රටේ ප්‍රධාන ආගමට බාශාවට විරුද්දව කල හැකි හැම දෙයක්ම කරනව කලක් ඔවුන් කීවේ සිංහලයා මෝඩයා වශයෙනි අපිව ශිහෂ්ට කලේ සුද්දො ඇවිල්ලලු කලිසම සුද්දගෙලු සිංහල බෞද්දයො ගොඩයෝ බයියොලු ලෝකයට දැන් බොරුවක් වූ මැවුම් වාදී පොතේ ගෙම්බො අපිට කියනව ලිඳෙ ඉන්න ගෙම්බොලු උන් දන්නෙ නැහැ කලිසම ලෝකෙට ආසියාවෙන් ගිය ඇඳුමක් කියල ඒ තරමට සුද්දට ගැතිකං කරනව අපේ රජ ඇඳුමෙත් කලිසම තියෙනව
දෙමල මිනිස්සුන්ගේ අයිති වාසිකම් වෙනුවෙන් යයි පෙනී සිටිමින් බෙදුම්වාදයට ආදාර කලේ පල්ලිය මුන් ගොතපු බොරු බේගල් අපමනයි 83සිංහලයො කෝවිලක පූජකයෙක් වූ ප්‍රබාකරන්ගේ තාත්තව තාර බැරල් එකක දාල මැරැව කියල ප්‍රචාරය කලා යුද්දෙන් පස්සෙයි කවුරුත් දැනගත්තේ ප්‍රභාකරන් කියන්නේ 1946 ලංකාවට හොරෙන් ආව කල්ලතෝනියෙක්ගේ පුතෙක් කියල ඒ මිනිහා මැරුනේ යුද්දෙන් පස්සේ අම්ම තවමත් ඉන්නව
ප්‍රබාකරන් ක්‍රිස්තියානි ආගම වැලඳ ගන්නව පුතා බෞතීස්ම කරනව කුරුසයන්ගෙන් සහ කුරුස රටවලින් ඌට ආධාර ලැබෙනව ඒ ආධාර වලින් ඌ පොදු දේපල විතරක් නෙමෙයි හාමුදුරුවරු දලදා මාලිගාව ශ්‍රී මහා බෝදියට පහර එල්ල කරනව මට මතකයි ඒවට සතුටින් පිනා ගිය කුරුසයෝ උන්ට හොඳ වැඩේ කියල හිනා වුනා විතරක් නෙමෙයි ප්‍රබාකරන් උන්ගේ වීරයෙක් වුන හැටි එල් ටී ටී එක පැත්තට දිගටම කඩේ ගිය ජයලත් ජයවර්දනලා වැනි කුරුස ලොක්කො බොරු සාමයක් දාගෙන උන් එක්ක නටපු නාඩ ගං කාටත් මතකයි මේවාට විරුද්දව හෙල උරුමය සෑහෙන සටනක් කලා
ස්වක්ඛාතො භගවතො ධම්මො….වශයෙන් පාලියෙන් කියැවෙන්නේ මනා කොට ගලපා දේෂනා කර ඇති භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මය ඇවිත් බලන්න තමා තුලින් විමසා බලන්න ප්‍රත්‍යක්ෂ ලෙස තම නැණ පමණින් අවබෝධ කරගන්න. මෙවන් ආරාධනාවකින් තමයි මිහිඳු හිමියන් මේ ලක්බිමට පැමින ලක්වැසියනට දහම් දෙසුවේ.බුදු දහම ජනතාව අතර මුල් බැස ගැනීමට මූලික වූ ප්‍රධාන කාරනාව නම් රටේ ජනතාවගේ භාෂාව වු සිංහලෙන් දෙශනා කිරීමත් බුදු හිමියන් ලංකාවට කීපවිටක් වැඩම කොට පෙලහර පා සටන් නිරාකරනය කොට සාමය ඇති කොට කල සේවය ජනතා සිත් සතන් තුල පරම්පරාවෙන් පරාවට මතකයේ ගබඩා විතිබීමත් සහ රටේ ජනතාව සාමකාමී ප්‍රඤඥාවන්තයයින් වීමත්ය
ක්‍රිස්තියානි ආගම හෝ මැවුම් වාදී මූලයක් සහිත ඕනෑම මූලධර්ම වාදී ආගමක් ලොකයේ ප්‍රචාරය කර ඇත්තේ බිය වද්දමින් විරුද්ද වාදීන් අමු අමුවේ ඝාථනය කරමින් බව අද කාටත් රහසක් නොවේ.
මේ නිසාම ලෝකයේ කෙතරම් යුද්ද ඇතිවී ඇතිද
බුදු දහම ප්‍රචාරයට අශෝක අධිරාජයා බලය යෙදුවේනම් අපට පෙර දකුනු ඉන්දියාවම බෞද්ධ විය යුතුව තිබුනි එහෙත් එසේ නොකර මේ ධර්මය ප්‍රචාරය කර ඇත්තේ ඉතා ප්‍රඤඥා වන්ත ගුණවත් පාලකයකු සිටින ඒ හා සමාන ගුණවත් නැණවත් ජනතාවක් වෙසෙන දේශයන් ගැන පෙර විපරම් කර දේශයටම පැමින පාලකයා බුද්ධි පරීක්ශනයකටද ලක්කරමින්ය. මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාගේ ,මහරජ මෙය කිනම් ගසෙක්ද, වශයෙන් කල බුද්ධි පරීක්ශණය මෙයට හොඳම උදා හරනයයි දෙශනා කල සූත්‍රය චුල්ල හස්ති පදෝපම සූත්‍රය එනම් ඇතුන් අල්ලන විද්‍යාව මණාලෙස ප්‍රගුණ කල මිනිසුන්ට තමා දන්නා දෙයින්ම දහම පැහැදිලි කරීම කෙතරම් අපූරුවට කරඇතිද.
ක්‍රිස්තියානි ආගම නිරායුද මිනිසුන් දරුවන් මරා කිතු දහම වැලඳ ගන්නවුන්ට වරදාන චරප්‍රසාද දී හාමුදුරුවරු නැත්තටම නැතිකලත් පන්සල් වැනසුවත් බුදුදහම මිනිසුන්ගේ සිතින් මකා දැමිය නොහැකි විය. ඒ ජනතාවගේ ශක්තිය නිසාමයි ත්‍රිපිටකය රැකගෙන උපසම්පදාව සියමෙන් හා බුරුමයෙන් ලබාගෙන නැවතත් සාසනය පිහිටුවීමට හැකියාව ලැබුනේ.
“මමත් ආසාවට බුදු දහම ඉගෙන ගන්න ගියා” කියා ඒ ගමන්ම “එන්න අපේ පියාපත් සෙවනට” කියන Fernando මිතුර, ඔබට පිළිතුරක් දෙමි.
* “තෙරවාදි බෞද්ද දහම තියෙන රටවල් වලින් ඒක දෑන් ක්‍රමක්‍රමයෙන් නෑතිවීගෙන යනවා නේද.”
— මොන පිස්සුද. ඒක යෙහොවඃ ගේ ආගම පතුරන ඔයාලගේ බොස් ලා මුලින්ම ඔයාලට කියා දෙන බොරුවක්. ඉතින් ඔයාල චූන් වෙලා මිනිස්සුන්ට බයිබල් බෙදන්න ගිහින් ගුටි කනවා. බොස්ලා ඒවා ප්‍රවෘත්ති කරලා විකුණලා තව තව සල්ලි හොයනවා.
* “ලන්කාවෙත් වෙන්නෙ ඒක තමයි. ඒකට ප්‍රදාන හේතුව හාමුදුරුවරුයි.”
— ලංකාවේ එහෙම කර ගන්න ඔයාලට තියෙන ප්‍රධාන බාධකය හාමුදුරුවරුයි. ඒ අය දෙන දෙයක් ගිලලා පන්සලට වෙලා පඩික්කම් පුරව පුරවා ඉන්නවට ඔයාල කැමති ඒ නිසයි.
* “බෞද්දයින්ගෙන් කීදෙනෙක් ජීවක සුත්‍රය දන්නවද? කීදෙනෙක් මස් මාන්ස කනවද? ඔබ නියම බෞද්දයෙක් නම් ඔබට මස් මාලු අනුභව කල හෑකිද.?”
— ජිවක සුත්‍රය කී දෙනෙක් දන්නවද කියලා නම් මම දන්නේ නෑ. කී දෙනෙක් මස් මාංස කනවද කියලත් මම දන්නේ නෑ. එත් ඒක අදාල වෙන්නෙත් නෑ. බුදු දහමේ තියෙන හැම සුත්‍රයක්ම හැම කෙනෙක්ම දැනගෙන ඉන්න ඕනේ නෑ. නියම බෞද්ධයෙකුට මස් මාලු අනුභව කල හෑකිද යන ප්‍රශ්නයත් එසේමයි. ඔබ නියම බෞද්ධයෙක් නම් ඔබ ඊට පිළිතුර දැන ගත යුතුයි. ඔබ නියම බෞද්ධයෙක් නොවේනම් ඔබට ඒ පිළිතුර වැඩක් නැත.
* “අපි නම් නියම ක්‍රිස්තියානින්. අපි කිසි දිනෙක මස් මාලු නොකන්නෙමු.අරක්කු,සිගරට් බාවිතා නොකරමු.”
— සිගරට් නම් තිබුනේ නෑනේ ඒ කාලේ. ඒත් මස් මාළු නොකන අරක්කු නොබොන ක්‍රිස්තියානි කාරයෙක්නම් ඔහු ජේසුටත් වඩා ක්‍රිස්තියානි කාරයෙක් විය යුතුයි. ජේසු තුමාගේ ගෝලයන්ගෙන් කී දෙනෙක් වෘත්තීය මාළු කාරයන් වීදැයි ඔබ දන්නෙහිය. මස් මාළු නොකන අරක්කු නොබොනවා යැයි පාරම් බාන ඔබ සමහර විට බිෆ්, පෝක්, හැම්, බේකන් කා විස්කි, බ්‍රැන්ඩි හා වයින් බොනවා ඇත. එසේ නොවේනම්, ඔබේ ක්‍රිස්තියානි නිකාය කරන්නේ බෞද්ධයන් රැවටීමට පහල මට්ටමේ අලෙවි නියෝජිතයින් වන ඔබලා ලවා මෙවැනි පිළිවෙත් රැකිමකි. ජේසු හාස් කම් මගින් මිනිසුන්ට ඇති තරම් බීමට වයින් ලබා දුන්නේය. නියම ක්‍රිස්තියානි යයි කියන ඔබ අරක්කු නොබොන්නේ යැයි කීම බොරුවක් නොවන්නේ අරක්කු නොබොන, එහෙත් බියර් හෝ වයින් හෝ බොන, නත්තල සැමරීම පිණිස සිය නිවසේම තැඹිලි, ඇපල්, මිදී ආදියෙන් වයින් සාදා ගන්නා කතෝලික ඥාතීන් මට සිටින බැවිනි. කතෝලික කෙනෙක් කරන දෙයක් කතෝලික නොවන ඔබට එරෙහිව යොදා ගැනීම සුදුසු නොවන බව මම දනිමි. එහෙත්, ඔබ සියලු දෙනා අදහන්නේ එකම දෙවියන් හා එකම ජේසු නිසාත් නියම ක්‍රිස්තියානින් ගැන ඔබ කතා කරන නිසාත් මේ අවස්ථාවේ ඒ යොදා ගැනීමේ වරදක් මට නොපෙනේ.
* “එම නිසා එන්න අපේ පියාපත් සෙවනට. අපි ඔබ රෑක ගන්නෙමු”
— CTC ඊගල් >> දුම්කොළ විකුණා මිනිසුන් මරණ CTC සමාගම ඒ මිනිසුන්ම රක්ෂණය කිරීම විහිළුවක් නොවේ. දෙපැත්තකින් මිනිසුන් සූරා කෑම සාර්ථකව කෙරේ. ඔවුන්ගේ ආදර්ශ පාඨය ඔබ විසින් තෝරා ගැනීම අහම්බයක් විය නොහැක.
* “මමත් ආසාවට බුදු දහම ඉගෙන ගන්න ගියා හාමුදුරුවරු ලගට. ඔවුන් කියන දේවල් එකකට එකක් වෙනස්. අන්තිමේදි අල්ලල දෑම්ම.ඔවුනුත් හරියටම දන්නෙ නෑති බව තමා මට තේරුනෙ. කට්ටියක් මස් මාලු කන්න බෑහෑ කියනව. තව කට්ටියක් කියනව දුන්නොත් කෑවට කමක් නෑ කියනව.බොහෝ කාරනාවලට උත්තර දෙවර්ගයක් ලෑබුනා.”
— ඔයා ආසාව කියන්නේ මස් කන්න තියෙන ආසාවද ? ඔයා ගියේ බුදු දහම ඉගෙන ගන්න කියලා කිව්වට ඔයා අහලා තියෙන්නේ බුදු දහම ගැන ප්‍රශ්න නොවෙයි නේ. හාමුදුරු වරු එක එක දේ කියපු එක පුදුමයට කාරණයක් නෙමෙයි, ඇත්තටම පන්සලට ගිහින් ඔයා මොනවද කිව්වේ/ඇහුවේ?
කෙසේ වෙතත් දහම දැන ගැනීම පිණිස පන්සලට ගොස් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම සාමාන්‍ය බෞද්ධයෙකුට උනත් ප්‍රයෝගික ක්‍රමයක් නොවෙයි. ඔබ බුදු දහම ඉගෙනීමට කැමතිනම් කළ යුතු ප්‍රායෝගිකම දෙය හැකි තරම් කියවීමයි. ඔබ සිංහල දන්නා නිසා ඔබට බුදු දහම ඉගෙන ගැනීමට ඕනෑ තරම් මේ දහම් දිවයින තුල ඉඩ ඇත.සරල එහෙත් සම්භාව්‍ය කෘති වලින් අරඹන්න. නූතන පොත් පිලිබඳ එතරම් විශ්වාසයක් තැබිය නොහැක්කේ පොත් ලිවිම දැන් රස්සාවක් කරගෙන ඇති නිසාය. ඒවායේ අන්තර්ගතය නොමග යවන සුළුයි. මීළඟට විශ්වාසය තැබිය හැකි ක්‍රමය දම් දෙසුම් වලට සවන් දීමයි. සමානයන් අතර සාකච්චාවත් ඉතා හොඳ ක්‍රමයක්.
හාමුදුරු වරු වෙනස් වෙනස් දේ කීම වරදක් නොවේ. ඒ ඒ පුද්ගලයා යමක් තේරුම් ගන්නා අයුරු වෙනස් ය. ඔබ වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා විට ඔබ තුල මුලින් පැවති අදහස් වෙනස් වීම ක්‍රමයෙන් සිදු වනු ඇත. එය ඔබ විසින් කර ගත යුතු දෙයකි. අනෙක් අයට ඒ කර දීමට නොහැකිවා පමණක් නොව කිසිවෙක් අනෙකෙකුට එය කර දීමට බැඳී ද නැත.
ක්‍රිස්තියානියේ මෙන් ගැලවීම් කරුවෙක් බුදු දහමේ නැත.
ජෝසප් සහෝදරයා,
ඔබගේ පැහැදිලිකිර්‍රිම් ඉතාම අනර්ගයි, බුදු දහම ඉගෙනීමේ ආසාවකින් පෙලෙන ඕනෑම කෙනෙකුට ඔබදී ඇති උපදෙස ඉතාම කාලේචිත සහ ප්‍රථිපලදායක උපදෙසක්.
දහම වටහා ගැනීමට කෙනෙකු අනුගමනය කලයුතු හොඳම පිළියම වැඩි වැඩියෙන් හොඳ පොත් කියවීම තමයි. මේ උපදේශය බොහෝ දෙනාට වැදගත් වන්නක් බැවින් මම මෙයට යමක් එකතු කරන්න සිතුවා.
බුදුදහම යනු කුමක්දැයි බලන්න පොත් කියවන කෙනෙකුට ඉතාම අගනා පොතක් තමයි
ලොස් ඇන්ජලීස් විහාරාදිපති වල්පොල පියනන්ද හිමියන්ගේ “Saffron Days in LA” හෝ ඇමරිකාවේ කසාවත නමින් බද්‍රජී මහින්ද ජයතිලකයන් විසින් කර ඇති පරිවර්ථනය.
මෙය ඉතාම සරළව කෙටිකථා පොතක් කියවන්නාක් මෙන් රසවත්ව කියවිය හැකි පොතක්.
උනන්දුව ඇති කෙනෙකු සොයාගෙන කියවන්න.
බුදුදහම විවේචනය කිරීමට මගක් සොයමින් දහම ඉගෙනගන්නා කෙනෙකුට උවත් මෙය කියවා බැලීමට ඉතා අගනා පොතක්.
අගනා කොමෙන්ටුවක්…. රේරුකානේ චන්දවිමල නාහිමි විසින් රචිත පොත් පත් අනර්ඝ ය . කටුකුරුන්දේ ඥානා නන්ද හිමියන් රචිත පොත් ද ඉතා අගනා බව අසා ඇත. නමුත් කියවීමට තවම අවස්ථාවක් නොලැබුණි.
මහසෝනා
පාපොච්චාරණය කල විට ගැලවීමක්ද, කන්නලව් වලට උත්තරද අප දහමේ නැත. හිත හැමදෙයටම පෙරටු වන අතර එහි පාලනය කර ගත් තැනැත්තා බුදු දහමේ අසිරි විඳියි. ක්ෂණික සැනසීමක් සොයා යන්නවුන්ට මේ දහම ගැඹුරු වැඩි හෙයින් මේ Fernandoට නම් ගැලපෙන්නේ සර්වබලධාරි අප්පුච්චාගේම පිහිටය.පොත් පත් කියවා තේරුම් ගන්නට තරම් පැසුණු බුද්ධියක් දිවි හිමියෙන් අහිමි මොහුට ‘ප්‍රේම කරනවා’ ඇරෙන්නට වෙන කුමක් නම් කරමුද?
අපේ ආගමේද එහෙම දෙයක් නෑත. පවු කමාකිරීමේ බලය ඈත්තේ දෙවියන්ට පමනි. මිනිසුන් එය කරන්නේ කෙසේද යන්න මටත් ගෑටලුවකි.
උඹේ ආගම මොකක්ද බන්? හරියට කියපන්කො.
ජොසප්
මස් මාලු සම්බන්දව ඔබ ඉතා ලස්සනට ලිස්සා යන පිලිතුරක් දී ඈත.
හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්නේ නෑතිව පොත පතින් ඉගෙන ගන්නේ කෙසේද? ඒවත් ලියා ඈත්තේ මිනිසුන්ය. ඒවා හරිද වෑරදිද කියා දන්නේ කොහොමද.
බ්යිබලයනම් අඩුම තරමින් එම ප්‍රස්න්නයෙන් ගොඩවිත් ඈත. එනම් එය දේව අනුභාවයෙන් දුන් බවත් මිනිස්සුන්ට ඕන ඕන දේ එහි අඩන්ගු නෑති බවත්ය.එක එක හාමුදුරුවන් වෙනස් වෙනස් දේ කියන විට මිනිසුන්ට එතෑනම කලකිරීම ඈතිවී ඉගෙන ගෑනීම එපා වෙනවා ඈත.බුදු හාමුදුරුවන්ම මෙම දර්මය නෑතිවීයන බව පවසා තියෙනවා නොවේද. ඉතින් මේක රෑකගන්න මෙතරම් උත්සාහ කරන්නේ ඈයි.
බලන්න එදා කොරියාවයි,අද කොරියාවෙයි වෙනස. එදා මුඩුක්කු දකින විට අපි කිවුවෙ කොරියාව කියල. ඒ එදා කොරියාව බෞද්ද රටක් වශයෙන් තියෙන විටදි. ඒක ක්‍රිස්තියානි රටක් උනා විතරයි ලබාපු දියුනුව කොහොමද.
පුතා ,
මස් මාලු කන එක ගැන joseph ගේ අදහසද උඹට දැනගන්න ඕනේ , බුදුහාමුදුරුවෝ කියපු අදහසද ?
joseph ගේ අදහස නම් මම දන්නේ නෑ , එත් බුදුහාමුදුරුවෝ “ආහාර” කියන එක කොටස් තුනකින් විස්තර කරලා තියනවා , කබලින්කාර ආහාර ( රළු ) , ස්පර්ශ , මනොසන්චේතනා ලෙස . පොඩ්ඩක් දන්නා කෙනෙකුට කියල ඕක අහගත්ත නම් උඹට තේරෙයි උඹ අහන ප්‍රස්නේ අදාලද නැද්ද කියල . එත් මේ දහම උඹට ටිකක් ගැබුරු වැඩි වෙයි( නුඹ බෞද්ධ නොවන නිසා ) , මේක අභිධර්ම දේශනාවක් .
තව සුත්‍ර පිටකයේ තියනවා “ආම ගන්ධ සුත්‍රය ” කියල දේශනාවක් , ඔකේ තියෙන්නේ බමුණෙක් මස් මාලු කන එක ගැන බුදු හාමුදුරුවොත් එක්ක කරන වාදයක් .මේකෙන් උඹට පිළිතුරක් ලැබෙයි
අප විසින් ආහාරය ගත යුතු දේ පිලිබදව බයිබලය විස්තරකර දී තිබෙනවා.
ඒදන් උයනේදී එලවලු හා පලතුරු. – උප්පත්ති 1:30
පාපයට වෑටුනාට පසු මිනිසාගේ ජීවිත කාලය කෙටි කිරීමට මස් මාන්ශයට ඉඩ දෙන ලදි.ආදම් ගේ ජීවිත කාලය අවු.930 උප්.5:5 උප්.9:2-4
මෝසස් ඊජීප්තුවේ සිට යුදෙව්වන් පලස්තීනයට රෑගෙන එනවිට මන්නා දෙන ලදි. නික්මයෑම 16:4 -6
පලස්තීනයෙ පදින්චි කල පසු . ලෙවී කතාව 11:1 – 40
ලෝකයේ අවසාන කාලයෙ ඉන්නාවු අපි නෑවතත් ඒදන් උයනේ ගතකල ජීවිතයම ගත කල යුතුය.. එලිදරව් 14:13 මක්නිසාද අපේ ක්රියා සමගම අපි ස්වර්ගයට යන බෑවිනි.එහි මස් මාලු කෑමක් හෝ වෙනත් කිසිමාකාරයක වරදක් yanne නෑත.මෙය තව ගෑබුරට ඉගෙන ගෑනීමට අවශ්ශ මාත්තෘකාවකි.
නුඹේ ශ්‍රද්ධාව අනුව නුඹට සුගතිය ( ස්වර්ගය ) ආවරණය නොවන බව පෙනී යයි . නමුත් බෞද්ධ අප සොයන්නේ මෙලොවදීම සැනසීම ලබා දෙන මාර්ගයකි . නුබේ මැවුම්කර දෙවියන් වහන්සේද , නුඹද , මමද කිසිදු වෙනසක් නොමැතිව ජාති , ජරා , මරණ , සෝක පරිදේව , දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩා විදින්නෝය.
මාගේ සාස්තෘ බුදුරජාණන් වහන්සේටද ජරා , මරණ යන පොදු ධර්මතා උරුම උවද උන්වහන්සේ සෝක පරිදේව , දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදී වාසය කල සේක . තවද උන්වහන්සේ ජාතිය ක්ෂය කල හෙයින් මත්හෙහි ජරා , මරණ සිදු නොවන්නේමය . අප සොයනුයේ එම මගයි.
නිරයේ දුකට සාපේක්ෂව සුගතිය මහා සැපතක් උවද ඒ සියල්ල තාවකාලික දේවල් වේ , නිතර නිතර සකස් කල යුතු දේවල් වේ ( සංඛාර දුක්ක ) , නුඹගේ ගැලවුම්කාරයාද නිරයෙන් මිදුනේයැයි කිව නොහැක .
ෆර්නෑන්ඩු සහෝදරයා,
ඔබ ඔබගේ තර්කය ජය ගැනීම උදෙසා ඔබම අදහන බයිබලය විකෘති කර දැක්වීම කොතරම් පහත් වැඩක්ද.
ඔබ්ගේ තර්කය ජය ගැන්ම සඳහා ඔබ ඉදිරිපත් කරන්නෙ බයිබලයේ සඳහන් කොටස් අඩු කරමිනි.
උදාහරන දක්වතොත්.
මෝසස් පලස්තීනයට පැමිනීමේදී, දෙවියන් වහන්සේ ඔවුන්ට මන්නා නම් වූ ආහාරය ලබා දෙන ලදී. ඉන් සෑහීමකට පත් නොවූ මිනිසුන් මාංශ ඉල්ලා සිටිවිට මාංශ සඳහා දෙවියන් විසින් වටුවන් ලබා දෙන ලදී.
දෙවියන් අනුමත කල දේ ඔබට තහනම් වූයේ කෙසේද?
ස්වර්ගයේදී මස් මාලු කෑමක් නොව, මාංශමය ශරීරයකින් තොරවූ ආත්මීය ජීවිතයක් ගත කරනා වුන්ට දෙවියන්ගේ අපරිමිත වූ ප්‍රේමය මිස අන් කිසිදු අහරක් නැත.
ඔබ ස්වර්ගයට යන්නේ අනෙකුත් දෑ කමින් බොමින් සතුටු වීමටද? එසේ නම් ඔබගේ බලා පොරොත්තුව ස්වර්ගයේදී ඉටු නොවනු ඇත.
මින් පසුවවත් බයිබලයෙන් යමක් උපුටා දක්වන විට එය නිවැරදිව කරන්න. තර්කය ජය ගැන්ම පල රහිතයි, අදහස් හුවමාරු කරගැන්ම දියුනුවට මග පාදයි.
සිතුවිලි
වටුවන් කෑ යුදෙව්වන්ට මොකද වුනේ. “නමුත් මාන්ස ඔවුන්ගේ දත් අතරේ තිබෙත්දීම ඒවා විකන්නට පලමුවෙන් ස්වාමින්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්දව ඈවිලුනේය.ස්වාමින්වහන්සේ ඉතා මහත් වසන්ගතයකින් සෙනගට පහර දුන්සේක….”ගනන් කතාව 11:31 – 35
SITHUWILI
I do not want to cheat anyone. It is very difficult to type in Sinhalese. That is why I make shortcuts. However, I give you Bible verses.
ෆනෑන්ඩු සහෝදරයා,
ඔබ දහම අනුව මිනිසා උපතින්ම පවු කාරය අසරණය, ඉතින් එම අසරණයින් තමන්ගේ මෝඩ කමට ඉලා සිටි දෙයක් දෙවියන් විසින්ම ලබා දී එය පිළිගත් වරදට ද්ඬුවම් පැමිනවීම නිවැරදිද?
එය වැරදක්නම් දෙවියන් එය ලබා දීම ප්‍රතික්ශේප නොකලේ මන්ද?
වාදය පිනිස නොවේ මාගේ දැනුම් පිණිසම පමනි මට මේ කරුනු පැහැදිලි කර ගැන්මට ඔබගේ සහය බලා පොරොත්තු වෙමි
NP
මුලින් නුසුදුසු බව පෑවසූ අතර,දිගින්,දිගටම කරදර කරමින් ඉල්ලන්නේනම් එය දෙනු ඈත.එහි ප්‍රතිපලය අපිම දරාගත යුතුය.
මහා අන්ත්‍රයේ පිලිකාවට ප්‍රදානම හේතුව මස්,මාන්ශ අනුභවය බව ඔබ දන්නවා ඈතෙයි සිතමි.
එන්.පීගෙන්ද මන් ඉල්ලන්නේ මස්,මාන්ශ කන්නේනම් වහාම නවතාදමන ලෙසයි. මෙය ශරීරයට හොද නෑත.
ෆනැන්ඩු සහෝදරයා, මම දන්නා දෙයක් ඔබෙන් අසන්නම්, මාංශ කෑම සර්වබලධාරි දෙවියන් විසින් ප්‍රතික්සේප කොට ඇත්නම්, දෙවියන්ගේ පුත්‍රයා වූ ජේසුස් වහන්සේ තමන් මරණයෙන් උත්තානු වූ බව තම සගයින්ට තහවුරු කිරීමට ධීවරයන් වූ ඔවුන්ගෙන්ම ලබා ගත් මසුන් අනුභව කලේ ඇයි?
මේ වරදට ජේසුස් වහන්සේ දෙවියන්ගෙන් දඬුවම් ලැබුවාද ?
එසේනම් ඒ කුමන අයුරකින්ද?
Fernando,
උඹට කොල්ලෝ, හිට්ලර්ව මතකද?,1939 ඉඳන් ඌ කල හරිය. අර අසරණ යුදෙව්වෝ මිලියන් 06 ක් උඹලයේ දෙය්යන්නාන්සේ ලඟට යැව්ව තනි රක්කවන්න. උඹ හිට්ලර්ගෙන් ද පැවති ගෙන එන්නේ- ක්‍රිස්තියානි/නිර්මාංශික නේද ඒ හරකත්? හරි බායි- බලේ තියෙන්නේ යුදෙව්වෝ ළඟ. උඹ මොනවද පරණ තෙස්තමේන්තුව ගැන දන්නේ? කියපන් ඇයි යෙදෙව්වන් ව සමුල ඝාතනය කරන්නට ඌට ‘දෙයියෝ’ ඉඩ දුන්නේ කියල. උඹ උඹේ ආගම බලා ගනින් අලුත් තෙස්තමේන්තුවත් එක්ක,අපේ දේවල් වලට හොට නොදා.
පිලත්ගේ පිලිතුර: “මේ දර්මිශ්ටයාගෙ ලේ ගෑන මම නිදොස් වෙමි.නුබලාම බලාගනිල්ලයි කීවේය.මුලු සෙනග උත්තර දෙමින් ඔහුගේ ලේ අප පිටද, අපේ දරුවන් පිටද වේවයි කීවේය.” මතෙව් 27:24 ඔබගේ ප්‍රශ්නයට පිලිතුරක් ලෑබෙන්න ඈතෙයි සිතමි.
Fernando,කිසිම දෙයක් පැහැදිලි නැත. [ධර්මිෂ්ටයාගේ.....] මොකක්ද බන් ඒ කතාව. පැහැදිලි කරපංකෝ බලන්න. එතකොට 1948 ඊශ්‍රායලය හැදුවට පස්සෙත් උඹේ බායි බලේ දික් වෙලා දෙය්යියෝ කතා කරාද?
අනේ මන්ද බන් උඹ කියන ඒවා උඹටත් තේරෙන්නේ නැහැ, ඉතින් අපට තේරෙයියැ.
රබයියෙක් ළඟ හෙම ඕව කියනවා නොවෙයි ඕන් උඹව අල්ලලා යවයි අලුතෙන් concentration camp එකක් හදල ඒ කාලේ උඹල කොලා වාගේ ඒ අහිංසකයින්ට.
ෆෙර්නෑන්ඩු සහෝදරයා,
පිලත් ගේ කථාව පසුබිම් කථාව සමගම කියන්න, ඔබ ඉදිරිපත් කරන කථා කෑල්ලකින් අපට තේරුම් ගත හැක්කක් නැත.
සිතුවිලි
යුදෙව්වන්න්ව එදා පාලනය කලේ රෝමවරු.යුදෙව්වන්ට තමන්ගෙ සුලු සුලු ප්‍රස්න විසදා ගෑනීමට අවසර දී තිබුනත්, කෑපිටල් පනිශ්මන්ට් එක දෙන්න නිදහසක් තිබුනෙ නෑ. ඒකට රෝම ආන්ඩුකාරයාගෙන් අවසර ගන්න ඕන. ඒකයි පිලාත් ලගට ගෙනිච්චෙ.පිලාත්ට තේරුනා මොහු වරදක් කර නෑති බව. ඔහුට උවමනා උනේ ක්‍රි. ව සේව නිදහස් කරන්න. ඒකයි කිව්වෙ මේ දර්මිශ්ටයා අත මට වරදක් නොපෙනේ කියල. එහෙත් අවසානයේ බේරෙන්න බෑරි තෑන එතුමාව මරන්න පිලාත් අවසර දුන්න.
ෆර්නෑන්ඩු සහෝදරයා,
ඔබ තුමා කියලා තියෙනවා ඔන සැබෑ කිතුනුවෙකු ලෙස මස් මාංශයෙන් සුරාවෙන් දුම්වැටියෙන් වැලකී ජීවත්වෙන්නෙක් කියලා.
මම බයිබලයේ කරුනු ඉගෙනීමට උනන්දුවන්නෙක් හැටියට ඔබගෙන් ඉල්ලාසිටින්නේ මස් මාංශයෙන් හා සුරාවෙන් වලකින ලෙස බයිබලයේ දෙවියන් ඔබට උපදෙස් දී ඇත්තේ කොතැනකද?
කරුනා කර එම කොටස උපුටා දක්වන්න.
ඔබට ස්තුතියි.
පිලිතුර පිස්සා නමින් ලියන තෑනෑත්තාට ලියා ඈත.
පන්සිල් පද පහට ප්‍රානඝාතය ඇතුලත්ය මාන්ස අනුභවය ඇතුලත් නැත ප්‍රානය නිරුද්ධ වූ පසු තවදුරටත් ප්‍රානියකු එහි නැත ඔබේ මාංශ අනුභවය මොන ආකාරයෙන් හෝ ප්‍රනඝාත වේතනාවක් හා බැඳේද එහි ප්‍රානඝාත අකුසලය සිදුවේ එසේ චේතකාවත් නොමැති තැන අකුසලයක්ද නැත. සත්වයකු ක්‍රම හතරකට මියයයි ආයුස කෙලවර, වීමෙන් කර්මය කෙලවර වීමෙන් , මේ දෙකම කෙලවර වීමෙන් හා අකල් මරන වශයෙනි. ආයු හො කර්මය කෙලවරවීමෙන් මිය යන සතකු යමකු මරනචේතනාවෙන් ඝාතනය කලත් අකල් මරනයකට මරනචේතනාවෙන් භාජනයකලත් ප්‍රාන ඝාතඅකුසලය සිදුවේ. කර්මයට ප්‍රධාන වන්නේ සිත සහ එහි ඇතිවන චේතනාවයි එම නිසා මස් කෑම තීරනය කල යුත්තේ එය කරන තැනැත්තාමයි සිත සහ එහි ඇතිවන චේතනාව දන්නේ එම පුද්ගලයාමය හාමුදුරු කෙනෙකු හො අන් කවරකුවත් නොවේ. තමාට පිහිට විය යුත්තේද තමාමය.
ප්‍රනාන්දු මහතා අසා ඇති පැනයට පිලිතුරු ලබාගැනීමට නම් බුදුදහම පුහුනු කල යුතුය. ඒ හා ගැලපෙන චිත්ත පරිනාමයක් තුලින් ගොඩ නැගුන චිත්ත රටාවක් තිබිය යුතුයි.
ඕකට තමා කියන්නෙ කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නව කියල.
තව සතෙකුගේ ප්‍රානයක් නසන්ට මිනිසෙකුට තියෙන අයිතිය කුමක්ද? මෙවෙනි දෑ කරන්නේ කෑලේ සත්තු නේද.
චංචල සිතුවිලි,
ධම්ම පදයේ බාල වග්ගයේ දෙවැනි ගාථාව මේ අයුරුයි.
චරං – (ඇසුරට කළන මිතුරෙකු සොයමින් ) හැසිරෙන්නේ
වේ – ඉදින් (එවිට )
නා’ධිගච්ඡෙයිය – නො ලද්දේනම්
සෙය්‍යං – (ගුණ නුවනින් ) ශ්‍රේෂ්ටයෙකු හෝ
සදිසම්’ත්තනෝ – (ගුණ නුවනින් ) සමානයෙකු හෝ
ඒක චරියං – එකලාව (හුදෙකලාව ) හැසිරීම
දළ්හං කයිරා – දැඩි කරන්නේය (කුමක් හෙයින්ද යත් )
බාලේ සහායතා – ගුණ නුවනින් අඩු බාලයෙකු හා මිතුරු බව
නත්ථි – නතිව (නැත )
ඇසුරට නිසි මිතුරෙකු සොයා යන තැනැත්තේ තමාහට ගුණයෙන් වැඩියෙකු හෝ සමයෙකු නොලබානම්, තනිව විසීම තහවුරු කරන්නේය. ගුණ දහම් නොපුරන බාලයා හා මිතුරු කමක් නම් නැත.
ධම්ම පද අර්ථ ව්‍යාඛ්‍යානය
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි
පි-69
මේ අගනා ග්‍රන්ථය මට කළණ මිතුරෙකි.
සිතුවිළි මබට පිං
යමකු දන්නේද දන්නා බව නොදන්නේ මෝඩයෙකි
යමකු නොදන්නේද නොදන්නා බව නොදන්නේ මෝඩයෙකි
යමකු නොදන්නේද නොදන්නා බව දන්නේද ඇසුරු කරව
යමකු දන්නේද දන්නා බව දන්නේද ප්‍රඤඥා වන්තයෙකි ඇසුරු කරව
මම හිතනව මෙයද කලණ මිතුරන් සොයන්නට බුදුහිමියන් දුන් උප දෙසකි
මේ ගැන විස්තර දන්නා කෙනෙක් ඇතිනම් පහදා දෙන්න
නියම සිංහ,
මා මෙය මීට පෙර අසා තිබෙනවා එහෙත් එය දහමේ කොතැනක සඳහන් වූවක්දැයි දන්නේ නැහැ.
දන්නා කෙනෙකු සඳහන් කරන්න
නියම සිංහ,
මින් එක කොටසක් දම් පදයේ තියෙනවා.උඹ කියන්නේ මෙහි විකාශනයක් වන්නට ඕන. බාල වග්ගයට අයිති මේ දම් පදය කියවල බලන්න.තව එකක්,උඹට මතකද යහළුවන් වර්ග 8ක් (නරක 4ක්,හොඳ 4ක් ඉන්නවා) වචී පරම,අනුප්පියභාණි,අපායසහාය…කියල මතක් වෙන්නේ නැහැ බන් ඉතිරි ටික,පුළුවන් නම් හොයා ගෙන කොටපන්.
යො බාලෝ මජජති බාල්‍ය්න්- පණ්ඩිතෝ වා’පි තෙන සො
බාලොච පඬිතමානි – ස වෙ බාලෝති වුච්චති
තේරුම : මෝඩයෙක් ඔහු මෝඩයෙක් බව දන්නේ නම් ඔහු නුවනැත්තෙකි
එහෙත් මෝඩයෙක් ඔහු නුවනැත්තෙක් යයි කියා සිතන්නේ නම් ඔහුට වඩා මෝඩයෙක් තවත් නැත.
සිතුවිළි, +/- ත් මීට වඩා ලස්සනට මේ දම් පදය පහදන්නට දන්නවා ඇති. සිතුවිළි, නැවතත් උඹෙන් පෙර උපකාරය බලාපොරොත්තුව සිටිමි.
සිතුවිළි,
දුන්නාවූ මේ දහම් දැනුමට/උඹේ වෙලාවට/මහන්සියට බොහෝ පින්.උඹේ යහපත් වූ හැම සිතුමක්ම පැතුමක්ම ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!
ඇඟිල්ල දාන්න දුන්නම මුළු ඇඟම ඔබන්න හදනවා කියල හිතන්න එපා,උඹට පුලුවන්ද මට මුලික පාලි දැනුම ලබන්නට පාර පෙන්වන්න. දම් පදය පාදක කර ගෙන වචන දැන ගෙන පාලි බස ගැන මනා අවබෝධයක් ගන්නට හැකිවෙයිද? නැත්නම් මේ මා කරන්නේ මිරිඟුවක් හඹා යනවා වාගේ වැඩක්ද?
චංචල සිතුවිලි,
දහම ගවේශනයට වෙහෙසෙන අප කිසිවෙකුත් පරිපූර්ණ වූවන් නොවෙයි.
එසේම අනවශ්‍ය වාදවලට නො එළැඹී දහම කරුනු සාකච්චා කරන්නන් ඇසුරු කළ යුතු අය ලෙස අපට මේ ගාථාව ඇසුරින්ම තේරුම් ගත හැකියි. එම නිසා මෙහි සිටින බොහෝ දෙනෙකු ඇසුර ප්‍රියජනකයි. (පුද්ගලිකව එකිනෙකා නොහඳුනනවා උවත් )
ඔබ කියන ආකාරයට පාලි ක්‍රමානුකූලව ඉගෙන ගත හැකි ක්‍රමයක් තිබෙනවානම් මමත් ඉතා කැමතියි. එහෙත් මම එහෙම ක්‍රමයක් දන්නේ නැහැ.
මම බොහෝ විට පාලි ගථා සිංහල පරිවර්ථන සමග සැසඳීමට උත්සහ කරනවා. ඒ තුලින් භාශාව ගැන යම් තෙරුමක් ගත හැකියි. එය සම්පූර්ණ ක්‍රමයක් නම් නොවෙයි.
@සිතිවිලි
මේ ප්‍රශ්නෙට ඔබෙන්
තවම උත්තරයක් නොලැබුන නිසා
නැවත අසමි.
‘සිංහල දෙමල හෝ ඉංග්‍රීසි-බුධ්හාගම’ කියා දෙයක් තිබෙනට බැරි බව
මාද ඔබද පිළිගන්නා නමුදු,
මිහිඳු මහ රහතන් වහන්සේ විසින්
මේ රටේ ඇති කරන ලද
‘සිංහල ථෙරවාද බුදු සසුන’
යන වචන වලට
විරුද්දවත්,
අන් රටවල
ඉතිහාස වලට අනුව
ඒ රටවල ප්‍රධාන බසට සහ ප්‍රධාන ආගමට
දී ඇති හිමිතැන,
මේ රටේද
එසේ වීම ට
විරුද්දවත්,
කුලප්පු වන්නෙක්ද ඔබ?
@Anonymous One orig
@Chinthaka
@Fernando
Anonymous One orig විසින්
සංගත ලෙස සාක්කි නොදී,
‘උගේ පිස්සු මරගාත සිංහල දියසේන කුමාර / හිරු දේවිය කියන මිනිහ’ තමයි
මේ ලෝකෙට මුල් දැනුමයි වෙදකමයි
මැව්වේ කියල දීපු,
බොරු ඉතිහාසේ,
කවුරුත් ගිල්ලේ නැත.
සිංහලය ගොනාට අන්දන
බැලුම් පුම්බල,
ඌ කරන්නේ,
පල්ලි පිල්ලි වලින් කහවනු හම්බ කරන එක.
සිංහලයන් ඔක්කොමලාව
ඉක්මනටම
නිවන් දක්කන්න බන කියමින්
දඟලන,
‘බක තපස් කොක්කුන්ගේත්’
”මේ රටේ ඉන්න දෙමල සහ මුස්ලිම් ඇත්තන්ගේ ඇත්තන්ගේ
‘ආත්ම ගරුත්වේ’ විනාස වුනො”
කියා විලාප දෙන
හුචක්කු පෞරශයේත්,
Chinthaka,
Fernando ගේත්,
අපාය අද්දර බද්දරලගේත්,
& Anonymous One orig ගේත්
අරමුණ එකමය.
එනම්,
ඉන්දියාවේ මහායාන බමුණු බල පෑමෙන් අතු ගෑවුන ථෙරවාදී බුදුදම රැකගත්,
හෙළ-බොදු බන්දනේ
කඩා,
අන්රටවල ඉතිහාස වලට අනුව
ඒ රටවල ප්‍රධාන ආගමට සහ බසට දී ඇති හිමි තැන,
මේ රටට ලැබෙන එක
නැති කිරීමට,
මේ රටේ දෙමල සහ මුස්ලිම් ජනයා
කුලප්පු කරමින්,
දැන්ගලීමය.
මාතර ආතර,
උඹ කියන දේ සැබෑවක්මය. උන්දැලට ඕන ගහට පොත්ත වාගේ එකට බද්ධ වෙලා තියෙන අපේ සිංහල බොදු සංකල්පය කඩල සුනු විසුනු කරන්න. උන් ඒක කරන්නට නොයෙකුත් උප්පරවැට්ටි දමමින්, නොයෙක් වෙස් බැඳන් එන්නේ. මේවා තේරුම් නොගෙන අත පය අකුලන් උන්නොත් ඔක්කොම ඉවරයි. හුඟක් අවධියෙන් ඉන්න ඕන කාලයක් මේක. දැන් අපට තහනම් වචන කෝටියක් තියෙනවා පාවිච්චි නොකළ යුතු,ඒවා අතරට;සිංහල බොදු අපේ සංකල්පය,අධිරාජ්ජ්‍ය වාදියෝ,කළු සුද්දෝ,අපේ රටේ ඉන්න සිංහල දමිල මුස්ලිම් කිතුනු සහජීවනය අයිතියි. මේවා ගැන අපි කතා කලොත් අපිට නම් පටබන්දනවා අන්තගාමියෝ කියල. අපිට ඇරෙන්නට මේ ලෝකේ ඉන්න අනිත් හැමෝටම පුළුවන් ප්‍රධාන ජාතියත් ආගමත් මුලික කර ගෙන රටක් කරන්න!
චංචල සිතුවිලි,
ඔබගේ ඉල්ලීමට
ධම්මපදය
බාල වග්ගය
සිවු වැනි ගාථාව
යෝ – යමෙකු
බාලෝ – බාලවූ (දෙලොව දියුනුව නොදන්නා වූ )
බාල්‍යං – තමාගෙ බාල බව, තමා බාලයෙකු බව
මඤ්ඤති – වටහා ගනීද
සෝ – හෙතෙම
තේන – එම කාරනයෙන්
පණ්ඩිතෝ වා අපි – පණ්ඩිතයෙකු වන්නේය, පණ්ඩිත සමාන හෝ වන්නේය
බාලෝච – අනුවනයාම (බාලයාම )
පණ්ඩිතමානී – (තමා ) පණ්ඩිතයෙකියි දකින්නේ
ස වේ – ඔහු ඒකාන්තයෙන්
බාලෝ ඉති වුච්චති – බාලයා යැයි කියනු ලැබේ.
යම් මෝඩයෙකු තමා කල වරද දන්නේ නම් එම කාරනයෙන් ඔහු නුවනැත්තෙකු හෝ නුවණත්තෙකු සමානයෙකු වන්නේය. තමා පණ්ඩිතයෙකු වශයෙන් සිතන අනුවණයා ඒකාන්තයෙන්ම මෝඩයෙකු යැයි කියනු ලැබේ.
බුදුන් වහන්සේ විසින් ජේතවන විහාරයේදී ගැට කපන්නන් දෙදෙනෙකු ඇරබ දෙසන ලදී.
ධම්මපද අර්ථ ව්‍යාඛ්‍යානය
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි
පි-70
“යෝ – යමෙකු
බාලෝ – බාලවූ (දෙලොව දියුනුව නොදන්නා වූ )
බාල්‍යං – තමාගෙ බාල බව, තමා බාලයෙකු බව
මඤ්ඤති – වටහා ගනීද
සෝ – හෙතෙම
තේන – එම කාරනයෙන්
පණ්ඩිතෝ වා අපි – පණ්ඩිතයෙකු වන්නේය, පණ්ඩිත සමාන හෝ වන්නේය”.
“යමෙකු බාලවූ (දෙලොව දියුනුව නොදන්නා වූ ) තමාගෙ බාල බව, තමා බාලයෙකු බව වටහා ගනීද හෙතෙම එම කාරනයෙන් පණ්ඩිතයෙකු වන්නේය, පණ්ඩිත සමාන හෝ වන්නේය”.
මාර ගොන් කතාවක් නෙ. තමන් බාලයෙක් (වයසෙන් අඩු එකාට තමයි බාලයා කියන්නෙ; “ථේරවාදී” කියන්නේ “වැඩිහිටියන්ගේ ඉගැන්වීම්” වලට නේ. Theravada, Sanskrit: स्थविरवाद sthaviravāda, ; literally, “the Teaching of the Elders” or “the Ancient Teaching,” ) කියල දැන ගත්තත් නැතත් බාලකම නැති වෙන්නෙ නෑ. ඒ වගේමයි පණ්ඩිතකමත්. අර මම කියල ඉන්නවා, නෑ කියලා ශ්‍රාවකයන් මුලා කලා වගේ කතාවක් නෙ මේකත්. “බ” කාරයෙන් පටන් ගන්න බාලයා, බල්ලා, බූරුවා, බෞද්ධයා කියන ඔක්කොම එක ගණයකට වැටෙන බව පෙනෙනවා.
ඔය සෝම උන්නාන්සෙ ඔයාල දැනගන්න කලින් මට නෑ ගෙදරකදි හම්බ වෙලා තියෙනවා. එදා, මම දන්න දෙයක් ගැන එයා තමන් නිර්දෝෂියි කියන්න දඟලපු හැටි මට දැනුත් මතක් වෙනවා. මම එයා මියැදුනාට පස්සෙයි දැන ගත්තෙ පසු කාලෙක ප්‍රසිද්ධියක් ලැබුව කියල. එයා සිංහල ජාතිය නොමග යවන්න දරපු උත්සාහයට ප්‍රබල විරෝධයක් නොදැක්වීම ගැන දුක් වෙන්නේ ඒ කාලේ වඩා බරපතල දේවල් කිරීමට සිදු වීම නිසයි. ඒත් දැන් මම වැල් පොලියත් එකතු කරල ප්‍රතිප්‍රහාර දෙන නිසා සිංහලයන්ට මගෙන් අතපසු වීමක් නොවී යයි සිතමි.
Anonymous One orig,අනේ මේ නිකන් පල පට්ටි ගොන් බාල ලී බැරලයෝ.
උඹට පුළුවන්නේ;කාමගින්න= දරුගින්න කරන්න නොව. පැත්තකට ගිහින් ඒ සමීකරණය විසඳපන් උඹට නොතේරෙන ගැඹුරු දේවලට හොට නොපොව.
ඇනොනිමස් සහෝදරයා,
එකම වචනයට විවිදාරුත් දැරීම ලොව සෑම මිනිස් බසකටම පොදු වූ ධර්මතාවයක් බව ඔබ තුමා නොදන්නවායැයි මම නොසිතමි.
එහෙත් ඔබතුමා තර්ක ගොඩනැගීමේ චෙතනාවෙන් එක් වචනයක් සඳහා වූ එකම අරුතක රැඳී සිටින බවද හොඳාකාරවම දකිමි.
කෙසේ වෙතත් මෙම ගාථාවේ අරුත සඳහා ඔබ දී ඇති පිළිතුරට මම ප්‍රති පිළිතුරු දීමෙන් වැලකෙමි. ඒ මන්ද යන්න සිහි බුද්ධිය ඇත්තන්ට ඉහත ගාථාව ඇසුරින්ම අවබෝධ කරගත හැක.
ඔබට යහපතක්ම වේවා.
උඹ දන්නා දේ මේ දහමේ ඇති දේ කියල හිතන්න එපා , බුදු දහමේ බාලයා හා පණ්ඩිතයා හදුනාගන්න ආකාරය “බාල පණ්ඩිත සුත්‍රය ” කියන සුත්‍රයේ මනාකොට දේශනා කරලා තියනවා .
වැඩක් නැහැ බන් ඔය බූතයාට යමක් කියවා තේරුම් ගන්නට බැරිය.
සිතුවිළි,උඹේ හැම යහපත් වූ සිතුවිල්ලක්ම ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා.බෝ පින්.
@චංචල සිතුවිලි,සිතුවිලි
මෙවැනි ධර්ම සාකච්චා කරන ඔබ දෙපලට බොහො පින්!
පොල්වත්තේ බුද්ධදත්ත නාහිමිගේ ශබ්ද කෝෂයට අනුව සිතුවිලිගේ පරිවර්තනය හරියටම හරි.
සක්‍රියව දායක නොවුනට සමාවෙයන් මචෝ.
+/-,
මේ පරිවර්ථන මගේ නොවෙයි, මා උපුටා දක්වන්නේ ගංගොඩවිල සෝම හිමියන්ගෙ පරිවර්ථනයි. එහි යම් පිනක් ඇත්නම් එය උන්වහන්සේටම අත්වේවා.
බුදු දහමේ සැබෑ හරය නොදැක සිටි දහස් ගනනකට බුදු දහම යනු මහා ශක්තියක් පුබුදු කල හැකි දහමක් බව ඒත්තු ගැන්වූ උන්වහන්සේ සියළු දෙයින්ම නිදොස් පුද්ගලයෙකු නොවිය හැකියි, එසේම තමන් වහන්සේ යම් දියුනුවක් ලබා ඇත්තෙකු බව උන් වහන්සේ කිසි තැනක ඉඟියකින් හෝ දක්වා ඇති බවක් මා අසා නැත.
එහෙත් තමන්ට හැකි පමණින් මිනිසුන් දහම කරා යොමු කරවීමට උන් වහන්සේ දැරූ තැත අතිශයින්ම වන්දනීය පූජනීය කර්තව්‍යයකි.
වියලි කාලගුණය නිමා කරමින්, අපේ රටට මහා වැසි ලැබී… වැවු, ගංගා, ජලාශ පිරේවා!
+/-, වැස්ස වළාහක දෙවියන් අපේ ඇනෝ බාල ලී බැරලයාගේ ඉර දෙයිය අල්ලන් ගොහින්ලු බන්.
ගස් හිටවපල්ලා,වතුර නාස්ති නොකර හිටිල්ල.
මිහිඳු ගමනේ පුනරාගමනය ඇරමුනු හා ඉලක්ක ඔස්සේ යලි ආගමනය කලයුතුයැයි දැක්වෙන පඥ්ඥාලෝක හිමියන්ගේ ලිපියේ සරාංශය අප මෙහිදී මූලිකවම ග්රමහනය කර ගත යුතු බව මගේ වටහීමයි. අද වන විට සිංහලයා සහ ලාංකීය බෞද්ධයා මුහුන් දී ඇති සියළු ගැටලු සඳහා වූ පිළිතුර මෙහි ගැබ් වී ඇත.
මහින්දාගමනයෙන් ලාංකීය ජාතිය ලැබූ මූලිකම වටිනාකම වූ අධ්යාැත්මික වර්ධනයෙන් ගොඩනැගුනු ශක්තිය අද වනවිට අධ්යායත්මික පිරිහීම නිසාම ලාංකීය ජාතියට අහිමිවෙමින් පැවතීම සිංහලයන් තවමත් හඳුනාගත් බවක් නම් දක්නට නැත.
ජෝසප් තැනක කියා තිබූ පරිදි ලේකඛ හිමියන් විටෙක ද්වේශයකින් කරුනු දක්වා ඇති බව මාද පිළිගනිමි. එහෙත් සමස්ථ ලිපියේ සාරාංශය අද ජාතියට අවැසි ඉලක්කය පහදා දී ඇති බව මාගේ අදහසයි.
සියලු ගැටළු වලට පිළිතුරක් ලෙස බෞද්ධයා සිය අධ්යාලත්මික වර්ධනය ගොඩනගා ගැනීම අද කඩිනම් අවශ්යදතාවයක් වී ඇත. එනම් අද වනවිට බුදුදහමේ ඇති ශක්තිය කුමක්ද යන්න පවා බෞද්ධයාට හඳුන්වා දිය යුතු තරමට එය පිරිහී ඇත. ඇතැමුන් තර්ක කරන පරිදි බෞද්ධයන්ට එරෙහිව අන් අය කරන ඇතැම් කූට උපක්රදම ඉදිරියේ අපද ඔවුන්ට එලෙසින්ම පිළිතුරු දිය යුතු වේ. එහෙත් අප විසින් ඔවුන් අනුගමනය කරනවානම් අප සතු ශක්තියක් කොහිද. බෞද්දයාගේ සැබෑ ශක්තියවූ පවත්නා සම්මතයට පටහැනිව සිතීමේ හැකියාව අප විසින් වහවහා ගොඩනගා ගත යුතුය.
ඒ සමගම සියළු කාරනා වලදී මැදුම් පිළිවෙතෙහි රැඳී තීරන ගැනීමෙහි වැදගත් කම ජනතාවට අවබෝධ කරදිය හැකි තරමට බුද්දිමත් භික්ශූන් ජනතාව අතරට යායුතුයි. අන් ආගම් වාදීන් අපට එරෙහිව පොලු මුගුරු ඔසවන විට එයට එරෙහිව යෝනිසෝමනසිකාරයෙන් බුද්දියෙන් ප්රිඥාවෙන් ප්ර්ථි ප්රහහාර දීමට තරම් නිවුනුමනසකින් බෞද්ධයා සන්නද්ද කල යුතුයි.
වැඩි වැඩියෙන් බෞද්ධයා දහමට නැඹුරු වූ විට දහමේ ශක්තිය මගින් ඔවුන්ට ඔවුන්වම රැකගත හැකි වේවි.
අන් අයුරකින් කියතහොත් ප්රටඥාව වැඩූ පුද්ගලයාට තමන් කරා එළඹෙන අභියෝගය කල් තියා හඳුනා ගැනීමේ ශක්තිය පහළ වෙයි. එවිට අනෙකෙකු අපට ගැසුවායයි ඔවුනට එරෙහිව පොලු මුගුරු ගැනීමට සිදු නොවන ආකාරයට සූක්ෂමව කටයුතු කිරීමට බෞද්ධයා ශක්තිමත් වේවී.
අප වරදක් නොකරන නිසා අපට නොවරදීවී වැනි ලාමක සිතුවිල්ලකින් බොහෝ එහාට ගිය සත්යාවාදී වූ දහමේ ශක්තිය පුබුදුවා ගැනීමෙන් ජාතියට සවියක් දිය හැකි බුදු පුතුන් වහන්සේ නමකගේ ශක්තිය ජාතියට ඉතාමත් ඇවැසි වේලාවකි.
උදාහරනයකින් දක්වතොත් පන්සිල් රකින් පුද්ගලයාට සත්ය ය පැවසීමෙන් අනවශ්යව ගැටළුවක් පැනනැගිය හැකි විටෙක බොරු නොකියා සත්ය්යද නොපවසා සිටීමට තරම් උපායශීලී වියයුතුය. එහෙත් සත්ය ය නොපැවසීමේ චේතනාව යහපත් විය යුතුය.
මාගේ මේ අදහස්බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය හැකි උවත් තෙරුවන් සරණ ගියවුන් දහමේ මගින්ම සිය ශක්තීන් වඩවා ලෞකික ආරක්ශාවත් ලෝකෝත්තර සුවයත් ලබාගත යුතු බවයි මාගේ අදහස. මූලිකවම සියළු බෞද්ධයන් තමාවම ගවේශනය කොට තමා සතු දුබලතා හඳුනා ඉන් මිදීමට කටයුතු නොකලහොත් අපගේ වල කපනු ලබන්නේ අනෙකෙකු නොව අප විසින්ම බවයි මාගේ හැඟීම.
සිතුවිළි,මුල් ලිපිය ලියු මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කිසිම තැනක ද්වේශයකින් කරුණු දක්වා නැත, නමුත් හද පිරි වේදනාවකින් ලියු බවක් මට දැනුනි. අපට අපවත් නැති වී යන සෙයක් නේද ඒ හිමියන් කියන්නේ? දෙතුන් වතාවක්ම ඒ ලිපිය කියවූ මම උන්වහන්සේගේ අදහස පිලිගනිමි. අප අද මේ වෙනතුරුත් ඉතිරි වී සිටීම මට නම් පුදුමයක්! ආත්මාර්ථයෙන් පිරුණු පුහුදුන් අපේ මිනිසුන්ගේ හිතුවිලි රටාව මේ වෙන කොට අපේ මුළු සමාජයම ඇද දමා ඇත්තේ ප්‍රපාතයකටය. වගකීම් යුතුකම් නොදන්නා නමුත් ‘මානව හිමිකම් කොමිසම්’ පුරවන හිස් කලගෙඩි නම් කොතරම්ද!
ඒවාගේම ජෝසප් ඔහු ලියු කොමෙන්ටුවේද අපේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද්වේශයෙන් කරනු සඳහන් කර ඇතැයිද දක්වාද නැත.ද්වේශය ගැබ් වූ සටහනක් උඹ දැක්කේ කොහෙද? ද්වේශයේ තේරුම වේදනාව නොවේ නේද බන්? මට ඩිමෙන්ශියාවත්ද?
@සිතිවිලි
@Joseph
සිතිවිලි says ‘ජෝසප් තැනක කියා තිබූ පරිදි ලේකඛ හිමියන් විටෙක ද්වේශයකින් කරුනු දක්වා ඇති බව මාද පිළිගනිමි.’
එම හාමුදුරුවන් ලියා ඇති,
‘ද්වේශය පිටවෙන එම වදන්’
උපුටා දක්වන්නේ නම් මැනව.
ජෝසප් සහ ඔබ සැම වෙත මා කනගාටුව ප්‍රකාශ කරනවා මා යොදාගත් වැරදි වචනය පිළිබඳ.
චංචල සිතුවිලි ඔබ නිවැරදියි, ජෝසප් කියා ඇත්තේද මා එකඟ වන්නේද පඤ්ඤාලෝක හිමියන් හිත් වේදනාවකින් කරුනු දක්වා ඇති බවයි. මෙහි ද්වේශයෙන් කරුනු දැක් වීමක් සිදු වී නැත. එය මා විසින් වචනයක් වරද්දවා ගැනීමක් පමණයි.
එම වචනය හිත් වේදනාවකින් ලෙස නිවැරදි කොට මගේ අදහසට ඔබ ප්‍රතිචාර දක්වනවානම් මා ඉතා කැමතියි.
පාලිභාෂාවතරනය නම් පොතෙකින් පාලි ඉගැන ගත හැකි බව දැනගතිමි ඒ පොත සොයා බලන්න. ලැබුනොත් කාටත් දන්වන්න.
කතුවරයා කවුද?
http://library.srilankaramaya.org/Books/BookWithSubCategory.aspx?CategoryId=5&SubCategoryId=41&CategoryName=Languages&SubCategoryName=Other%20Languages
ඉහත ලින්ක් එකෙන් ඔබට මේ පොත් ගැන තොරතුරු ගත හැකියි.
සිතුවිළි සොයුර ඹබට තුති මාතර ආතර මේ පොත ලබාගෙන ඉගෙන ගන්නා ආකාරය පිලිබඳ උපදෙස් අවශ්ය නම් විමසන්න.
උඹට බෝ පින්.පොත් කීපයක්ම තියෙනව උදව් කර ගන්න. නාරද හිමියන්ගේ/ නන්දරත්න හිමියන්ගේ/ ශ්රී බුද්ධරත්න හිමියන්ගේ පොත් හැකි විගස අතට ගෙන පොඩි පාඩමක් පටන් ගන්න ඕන.
මමත් හිතුවේ ඒකම තමයි
සිතුවිළි, [ලාංකීය සමාජයේ මුල සිටන් අග දක්වා සෑම දෙයක්ම ප‍්‍රතිනිර්මාණය වූයේ බුදු දහමේ ආභාෂයෙනි. අද වන විට මේ රටේ ඉතිහාසඥයන් වී ඇත්තේ කළු සුද්දන්ය. අවාසනවක මහත ඉතිහාසය චිත‍්‍රපටවලට නගන්නේද ඔවුන්මය. ඔවුන් ඇත්ත දනිති. එහෙත් කිසිදු විටෙක ඒ ඇත්තට ඉස්මතුවීමට ඉඩ නොතබන්නට තරම් කුහකයන් වී ඇත. ඔවුන් සැබවින්ම ආදරය කරන්නේ රට හෝ ජාතියට නොව බටහිර සංස්කෘතියටයි. උප්පතියෙන් හිමි වූ ලබ්දිය ගතානුගතිකව බදාගනිමින් එහි නැති සුජාතභාවයක් ඇති කර ගැනීමට ප‍්‍රවාද හා බොරු ඉතිහාසයන් ප‍්‍රතිනිර්මාණය කරමින් බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ පදනමට නිර්දය ලෙස පහර දෙති. මේ සියලූ තත්ත්වයන් මත කළගුණ දන්නාවූ ජාතියක් නම් මේ රට ජාතිය නගා සිටුවන්නට වියැකී යන මහින්දාගමනයේ යතාර්ථයන් නැවත ආවර්ජනය කරමින් බෞද්ධ පදනමට මේ රටේ හිමිතැන ස්ථාපිත කරන්නට මිහිඳු ගමනේ පුනරාගමනය අරමුණු හා ඉලක්ක ඔස්සේ යළි ආගමනය කළ යුතුමය. එසේ නොවුනහොත් අයාලයේ ගිය ජාතියක් ජම්යක් නැති සමාජයක් බිහිව වල්මත් වූ තිරශ්චීනයන් පිරිසකගේ පාරාදීසයක් බවට පත්වනු නොඅනුමානය...මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි]
උඹේ අදහස් මේ මුල් ලිපියේ අන්තිම කොටස හා ගැලපේ නම් උඹත් මාත් හොයන්නේ/පතන්නේ/වෙහෙසෙන්නේ එකම දෙයක් වෙනුවෙනි.මැටි පහනක ආලෝකය දැක පලගැටියන් සේ දිව විත් ඒ ගිනි දැල්ලට හසුව ‘ක්ෂණික දියුණුව’ ලබා පිච්චි කුරුකුට්ටන් වනවාද,මැටි පහන රකිමින්,එහි තෙල් අඩු වන්නට ඉඩ නොදී පහන් තිරත් ,තෙලුත් දමමින් ඒ ආලෝකය සැමට ලැබෙන්නට සලස්වනවාද යන්න තීරණය කල යුත්තේ උඹත් මාත් නොහොත් අපේ මුළු ජන සමාජයමයි.මට දරු මල්ලන් මෙන්ම ජාතියක්,ආගමක්, බසක්,දේශයක් ඇති නිසා ‘ක්ෂණික දියුණුව’ ඔස්සේ ගොස්’හුචක්කු පෞරුෂ විශ්ව ගම්මානයට’ ආගමනය වී මගේ/අපේ ගම්මානය හලන්නට තරම් කුහක නොවෙමි.
වගකීම් නුදුටුවා සේ ඉඳ අයිතීන් වෙනුවෙන් කෑමොර දෙන්නට මට ඇත්තේ කුමන නම් අයිතියක්ද? සිඟාල සිටු පුතුනුවන් අවදි කල බුදු හිමි පෙන්වූ ඒ යහ මඟ යන්නට වෙහෙසෙන මම වගකීම් අඩු නැතිව ඉටු කරමි,ඒවා කරන විට විඳින්නට වන දුක් ගැහැට තනිව විඳිමි.මා ලබන සිහින් තෘප්තිය එහි ඇති බව කිසිවෙක් තේරුම් නොගත්තද කාරියක් නැත.අද කල යුතු දේ අද කරන්නට ඉටා ගමු. උඹට සෙත් වේවා!
ඔවු සහෝදරයා, ඔබත් මමත් අතර මේ කරුණ අරබයා ගැටුමක් නැත. බුදු දහමේ හරය තුලින් තමාගේත් අප සමාජයේත් අභිවෘද්ධිය පතන අප සැමගේ දැක්ම එයයි, දැක්ම විය යුත්තේ එයයි.
පඥ්ඥාලෝක හිමියන් පවසන උපතින් ලත් ලබ්ධිය කරපින්නාගෙන අද ඉතිහාසය විග්‍රහ කරමින් චිත්‍රපටි තනමින් ඇස් පනා පිට දකිනා සත්‍යය ඉස්මතුවීමට ඉඩ නොදෙන උන් කෙරෙහි තෝ වැරදියැයි අපට ඇඟිල්ල දිගු කල හැකිද?
මා එසේ ප්‍රශ්න කරන්නේ ඇයි?, මේ හැසිරීම හුදු ප්‍රාතමික පුහුදුන් හැසිරීමම නොවෙයිද? සියළු සත්වයෝම තම පසිඳුරන් මනස වෙත යොමු කරන දත්තයන් මත තීරණ ගනිමින් පසිඳුරන්ට ගෝචරවන දෑ පරම සත්‍යය ලෙස දකිමින්, ඒ මත ගොඩනගා ගත් ලෝකයක ජීවත් වන බව අප හොඳාකාරව දනිමු.
ඉතින් අපගේ අති භහුතරයක් වූ බෞද්ධයන්ද අද ජීවත් වන්නේ මේ අයුරින්ම නොවේයැයි කාටනම් බෞද්ධ ලේබල් කාරයින්හට සුදු හුණු ගෑ හැකිද?
මහින්දාගමනයෙන් පෝශනය වූ සිංහල සමාජය ගොඩ නැගුනේ මේ පුහුදුන් හැසිරීම පහත් හැසිරීමක් බව තහවුරු කරමිනි. එහෙත් අද වනවිට පුහුදුන් දෘශ්ටිවාදි හැසීරීමේ පතුලට කිමිදී ඇති බෞද්ධ ලේබල් කාරයින් සසුනට කරනා වූ විනය අන් ආගමිකයින් කරනා වූ විනයට වඩා අති භයානක බව මාගේ දැක්මයි.
මා දකින හැටියට දෘශ්ටිවාදීන් බෞද්ධද අබෞද්ධද යන්න වඩා වැදගත් නොවේ. දෘශ්ටිවාදී බවම ඔවුන් මුලා කොට ඇති සැටි දැකිය හැකි පුද්ගලයා දෘශ්ටිවාදී ආගම් ලබ්දිකයින්ට වඩා උස් තැනක සිට සමාජය දෙස බැලිය හැක්කෙකි.
අප මහින්දාගමනය පුණරාගමනය කරනවානම් එය කළ යුත්තේ මෙතැන සිටයි.
සියළු බෞද්ධයන්ගෙන් අතලොස්සක් හෝ මෙතැනට ගෙන ආහැකිනම්, මේ අයුරින් හුදු ලාබාපේක්ශාවන් පසෙක ලා සැබෑ බුදු දහමේ හරයන් කථා කරන, ඒ හඳුනාගත් බුදු පුතුන්ගේ සත්පුරුශ ආස්‍රය සමාජයට වැඩි කල හැකිනම් ඔබ අප බලා පොරොත්තු වන පුනරාගමනය අරමුණු හා ඉලක්ක ඔස්සේ ආගමනය කළහැකි බව මාගේ පුද්ගලික දැක්මයි.
තෙරුවන් සරණයි
@සිතිවිලි
‘මහින්දාගමනයෙන්’
පසු ඇති කල,
‘ථෙරවාදී සිංහල බුදු සසුන’ යන වදන් දුටුවිට,
ඊට විරුද්දව,
NGO,Chinthaka ,Fernando,’හුචක්කු පෞරශේ’වැන්නන් මෙන්
ඔබතුමාත්
කුලප්පු නොවේ නම්
‘අවුලක්’ නැත.
ආතර සහෝදරයා,
මාගේ කුලප්පු වීම හෝ නොවීම මත ඔබගේ චිත්ත සමාධිය බිඳගන්න එපා.
ඔබ තුමා “ථෙරවාදි සින්හල බුදු සසුන” නම් වූ සංකල්පය තුලින් අදහස් කරන්නේ සිංහලයා විසින් රැක බලා ගත් ථේරවාදි බුදු සසුන නම්, ඔබතුමාගේ සරල මතුපිට අරුත සමග මට ගැටීමක් නොමැත.
එහෙත්, සිංහල අපට අඛන්ඩව රැක ගැනීමට බැරි වූ උපසම්පදාව අප ඉල්ලා ගත්තේ එය අඛන්ඩව රැක ගත් සියමෙන් හා බුරුමයෙනි. ඒත් සරණංකර මහනා හිමිට මතු බුදු බව ලැබෙන උන්වහන්සේ කල මහා උත්සහය නිසාවෙනි.
යම් විදියකින් එදා සරණංකර නා හිමි නොවුනා නම් අද අපට ආඩම්බර වීමට සිංහල ථේරවාදි බුදු සසුනක් වේද?
අද වනවිට කතෝලික 30%ක්, මුස්ලිම් 30% ක් හා හින්දු 30%ක් සමග දුකසේ වසන නාම මාත්‍ර බෞද්ධයන් 10%කට අඩු ලංකාවක් බිහි නොවෙතැයි ඔබට කිව හැකිද? එසේ උනානම් අද වනවිට ක්‍රිස්තියානි මුස්ලිම් කුරුස යුද්ධ කාරයින්ගේ ලේ හලන මරණයේ භූමියක් මේ හෙල පොලොව මත නොවෙයිද?
සියමයන් හා බුරුමයන් තම දිවිහිමියෙන් රැකගත් උපසම්පදාව අපට දානය කර අප වෙත දැක්වූ අනුග්‍රහය සුළුකොට තැකිය හැකිද? ඉතින් ඔවුන් කීවොත් අද ලංකාවේ ඇත්තේ සියම් ථේරවාදි බුදු දහම හෝ රාමඤ්ඤ ථේරවාදි බුදු දහම් කියා ඔබ එකඟ වනවාද?
උපසම්පදාව තුලින් එදා සරණංකර මහ නා හිමියන් අපට සසුන රැක නොදුන්නානම් අප රැකි ත්‍රිපිටකයෙන් හෝ අනෙකුත් ධර්ම ග්‍රන්ථ වලින් වැඩක් වේද?
ඔබ සිංහලයෙකු නිසා බුදු සසුන ඔබගේය, අන සියළු බෞද්ධයන් එසේ කීමට පටන් ගත හොත් එය සසුනේ වැඩ පිණිස / අවැඩ පිණිස පවතීද?
මාගේ අදහස කාටත් තේරුම් ගත හැකි සරල බසින් මෙහි පැවසූයේ ඔබ එය නැවත නැවත ඇසූ නිසාම පමණි.
තෙරුවන් සරණයි.
@සිතිවිලි
කිසිම ප්‍රශ්නයක් දැන් නැත.
‘සිංහල ථෙරවාදී බුදු සසුන’
ඉන්දියාවෙන් සපැමිණි මිහිඳු මහ තෙර
ඇති කර,
ටිබටයෙන් සපැමිණි මිහිඳු තෙරනුවන්, සහ
‘පන්සලේ පියතුමා’ විසින්
”යනෙන යනෙන තැන වෙහෙරක් පෙනීයන්”වැනි වූ කවියෙන්
සවිමත් කර,
සියම් උපසම්පදාවෙන්
පන්නරය ලබමින්,
දකුණු ඉන්දියාවෙන් සපැමිණි
බුදුගොස් තෙරුන්,
කිසිවකුට තම තමන් ට හිතුමතේ අර්ථකතන දිය නොහැකි වීමට,
සිංහල ත්‍රිපිටකය
මල බසක් වූ පාලි බසට
ලිවීමෙන්,
ගොම නොදැමුණ
‘එළකිරි’
ගංගාවක් සේ,
සිංහලයන්
ඉන්දියාවෙන් අතු ගෑවුන ථෙරවාද බුදු දම
රැක ගත්තා සේ
එයම සිංහලයන් වද
රැක ගනිමින්,
අප සියලු දෙනට නිවන් අවබෝද වන තෙක්
‘ගලා’ යයි.
ආතර සහෝදරයා,
නිවැරදි කිරීමක්, මා අසා ඇති පරිදි බුදුගොස් හිමියන් පාලියට නැගුවේ සිංහලයෙන් තිබූ අට්ට කථා ග්‍රන්ථ මිස ත්‍රිපිටකය නොවේ.
ත්‍රිපිටකය මුල් ග්‍රන්ථාරූඩ කිරීමේ සිටම පැවතියේ පාලි බසින් බවයි මගේ දැනුම.
මා වැරදිනම් කිසිවෙකු මා නිවැරදි කරන්න.
සිංහල බෞද්ධයාගේ වකුටු වූ කොන්ද කෙලින් කරන්නට එක රැයකින් බැරිය.ඒ වෙනුවෙන් පවිත්‍ර ව්‍යායාමයක යෙදෙන ආදරණීය මිනිසුන් මුණ ගැසීම ගෙන දෙන්නේ සවියකි/බලයකි/ආඩම්බරයකි.යථාවාදී තථාකාරී වීමට අපි හැමෝටම බැරිය.නමුත් ඒ ආසන්නයට යාමට මහන්සි වීම අත් නොකල යුත්තකි. ලොව මිලියන් 15 ක් වත් නැති සිංහලබෞද්ධ අපට නැති වූ දෑ බොහෝය,එකතු වූ දෑ ද හිසේ කෙස් ගණනට ඇත.නැති වූ දේ වෙනුවෙන් වැලපීමත්,එකතු වූ දේ කොනහා අයින් කිරීමත් නොකලයුත්තකි.දැන් මේ ඉතිරිව තියෙන දෙය රකින්නට එක් විය යුතු තැන විරිත්තා බලි ඇරීමෙන් කවර නම් සුගතියක් අත්වේද? නුවන/යහපත් දැකීම වැදගත් වන්නේ මේ නිසාය.
අපි සිංහලබෞද්ධ නොවිය යුත්තේ අර බටහිර ගැත්තන්ගේ කියුම් බහටය.අප තවමත් සුදුහමට වශී වී සිටිමු, සත්‍ය එයයි! මේ වකුටු කොඳු දිග අරින්නට ලෙහෙසි නැත.අප්පුච්චාගේ වාසගම අම්මාද,ඒ යුවලගේ දරු මල්ලන්ද ගැනීම ‘ලේබල්’ කිරීමක්ද/අම්මගේ අගය හෑල්ලු කිරීමක්ද/දරුවන්ගේ අයිතීන් උදුරා දැමීමක්ද/මෙය ගල් ගසා මරා දැමිය යුතු වරදක්ද?
පට්ට කතාව! කොන්ද නැති කමට මක් කොරන්නද බන්. පත්තුවක් ගහල ගමු.
අප රටට උදාවී ඇති වියලි කාලගූණයෙන් විසාල වශයෙන් ඡනතාව පීඩාවට පත්ව ඇත වියලිකාලගුණය මගහැරී ත්‍රිවිද රත්නයේ ආනුභාවයෙන් අප රටට වැසිලැබෙන මෙන් අප කවුරුත් ප්‍රාර්තනා කරමු.
දේවෝ වස්සතු කාලෙන
සස්ස සම්පත්ති හේතුච
දීපෝ භවතු ලෝකොච…
රා..ජා..භවතු………………
එහෙත් හරි වැස්ස
මෙහෙත් හෙම වෙන්ට
අපොයි හරි වැස්ස
වෙලක් උතුරන්ට!
බුලත්මද කන්නේ- සුරුට්ටුද බොන්නේ//
ලලල් ලල ලල්ල ලලල් ලල්ල
හෙනං ගෙන එන්න- සුරුට්ටුව බොන්න//
ලලල් ලල ලල්ල ලලල් ලල්ල
බුලත් නැටි විසය!- සුරුට්ටුම බොන්න
ගින්දරත් මෙන්න – සුවර්ගෙට යන්න
ලලල් ලල් ලාල- ලලල් ලල් ලාල//
Ela
මෙතන එක එක අය කියන ඉතිහාස වර්නනයි,වන්ශය කබල් ගෑමයි,ආගම්වාදිකමයි,ජාතිවාදයයි වෑනි බහුබුත කතා කිව්වට ඔය කතා වලින් එදා සිදු උන ආගමනය නෑවත පුනරාගමනය කල නොහෑක.මිහිදු හිමියන් බොහො විට වෑඩියෙන්ම බලාපොරොත්තු වන්නට ඈත්තෙ ලාන්කිකයන් නිර්වානයට පත් වනු දෑකිමයි.දුකින් මිදවිමයි.එයයි රහතන්වහන්සෙ කෙනෙකුට කිරිමට ඉතිරිව ඈත්තෙ.එදා සිදු උන එම ආගමනය නෑවත 80%ක් වත් පුනරාගමනය කිරිමට නම් ලන්කාව තුල මාර්ගපල ලාබින් බොහො බිහිවිය යුතුයි.
ඔවු නිවැරදි ථේරවාදය නම් සහෝදරයා, මෙතැනදී මම ඔබ සමග එකඟයි.
මහින්දාගමනය පුනරාගමනය කල හැකි හොඳම විදිය වැඩිදෙනෙකු නියම දහම් මගට පිවිස මගපල ලාබීන් බොහෝ භිහි කරගැන්මයි.
මගපල ලාබීන් හිඟ උවත් සැබෑ දහම් මග අවබෝධ කරගත් උන් බොහෝ වීම තුල දහමේ ශක්තිය අපට ප්‍රායෝගිකවම දැකගත හැකි වේවි.
මා දකින හැටියට අද අපට ඉතිරිවී ඇති එකම මග මෙපමණයි.
බුදු පිළිම අනුකරණය කරමින්
හස්ත මුද්‍රා සහිත තම පින්තූර Face Book එකේ දා ගන්න වූ,
අපාය අද්දර බද්දර,
සෝවාන් වුන ඇත්තෙක් නම් වෙන්න බැරිය.