පුරාවිද්‍යා දෙපාර්තමේනතුව ප්‍රකාශ කරන පරිදි පසුගිය වර්ෂයේ නිදන් හෑරීම් 1063 ක් වාර්තා වී ඇත.මෙහි උච්චතම සිද්දිය වාර්තා වූයේ මහ විලච්චිය පළාතෙනි. එහි වැව ඉස්මත්තේ බැකෝ යන්ත්‍ර යොදා වලවල් හෑරීමේ නිරත වූ විශේෂ කාර්ය බලකා සෙබලු කණ්ඩායමක් ගම්මුන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් නිදන් හොරකම් ගැන රජයට ද ඇඟිල්ල දික් වූයේය.ඉපැරණි ශිෂ්ඨාරයක් හිමි රටක මෙවැනි තත්වයක් උදාවීම බෙහෙවින්ම ඛේදනීය කරුණකි.
ලංකාවේ බෙහෝ පළාත්වල පැරණි රාජධානි පිහිටා තිබූ බව ඉතිහාසයේ සදහන්ය. බස්නාහිර තෙත් කලාපයේ පවා වනදුර්ග අතර මෙවැනි බලකොටු පිහිටා තිබී ඇත. නමුත් වැඩි වශයෙන්ම පැරණි රජරට නොහොත් උතුරේද රුහුණේද නැගෙනහිර පළාතේද මෙවැනි රාජධානි දීර්ඝකාලයක් පැවතී ඇත. එසේම මේ පළාත්වල සෑම වැවක් ආසන්නයේද පැරණි සිද්ධස්ථානයක් පිහිටා තිබුණු තරමටම බුද්ධ ශාසනය ලංකාව පුරාම ව්‍යාප්ත වී තිබුණි.මෙවැනි ස්ථාන දාගැබ් පෙති පිළිම මෙන්ම බොහෝ පුරාවස්තු වලින් ගහනය. සතුරු ආක්‍රමණ වලින් පසුව මේ ස්ථාන නටබුන් වී ගිය පසු ගඩොල් ස්ථර ඇරුණු කොට ඉතිරිව ඇත්තේ ගලින් නෙලන ලද විවිධාකාරයේ පුරා වස්තු පමණකි. ඉතිහාසයේ සඳහන් පරිදි මේ ස්ථානයන් සඟසතු කොට පූජා කරන අවස්ථාවලදී ධාතු නිදානයන් කර ඇත.
ඇතැම් සැදැහැවත් රජවරු මෙන්ම උපාසක ඇත්තන්ද තමන්ගේ ශ්‍රද්ධාව නිසා තමන් පරිභෝග කළ නොයෙකුත් වස්තූන් ඒවායේ තැන්පත් කළහ. එම නිසා ධාතු නිදාන හා චෛත්‍ය නිදාන යනුවෙන් සඳහන්කළ ක්‍රියාවලියක් තිබූ බව අප පිළි ගත යුතුය. එසේම සිංහල වෛද්‍යවරු තමන් සතුව පාරම්පරිකව පැවත ආ වෙදකම මෙන්ම ප්‍රතිකාර ක්‍රමයන්ද ඇතුලත් පුස්කොළ පොත් මෙන්ම හෙණරාජ තෛලය වැනි බලගතු තෙල් වර්ග යම් යම් ස්ථානයන්හි තැන්පත් කරන ලද්දේ සතුරන් ගෙන් ආරක්ෂා කර ගැනීම පිනිසය. ඒවා හැඳින්වෙන්නේ බෙහෙත් නිදාන ලෙසිනි.
මීට අමතරව රජරට වැව් ශිෂ්ඨාචාරය පණ ගැන්වූ රජවරු මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම මහා වැව් නඩත්තු කරනු පිණිස වැව් අසබඩ වස්තුව නිදහන් කළ බව පැවසෙයි. මේවා හැඳින්වෙන්නේ වැව් නිදහන් වශයෙනි. මේ සියල්ලටම වඩා වෙනස් නිදන් වර්ගය වස්තු නිදන් යනුවෙන් හැඳින්වේ. රජවරුන් අමාත්‍යවරුන් සතුරු ආක්‍රමණයන් අවස්ථාවලදි පලා යන විට හෝ සැඟවී ගත් විට ඔවුන්ගේ වස්තුව නිදන් කිරීම මෙහිදී සිදුවෙයි. අපවත් වී වදාල පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් මේ පිළිබඳව වෙසෙසි විමර්ශණයක් කර ඇති බව උන් වහණ්සේ ගේ ලිපි ලේඛන විමසා බැලීමෙන් පෙනේ.
අනුරාධපුර රාජධානිය වැඩි වර්ධනය වන විට බුද්ධ ශාසනය ට වෙසෙසි රාජ්‍ය අනුග්‍රහයක් හිමි විය.රජවරු ශ්‍රද්ධා භත්තියෙන් විහාරස්ථාන වලට ඉඩකඩම් පූජා කළහ. ඉන් පසු ඒ දීමනාවන් ගැන ජනතාවට දැන ගත හැකිවන පරිදි අත්තාණි කණු පිහිටවූහ. ඇතැම් විට ගල් පර්වත වල සටහන් කර තැබූහ. පසු කාලයේදී බහුලව තඹ සන්නස් මගින් මේ ඉඩ කඩම් පූජා කළහ. මෙවැනි ගල් ටැම්වල දීමනා පාඨ වලින් පසු කපුටා බල්ලා වටාපත ආදී සළකුණු ද කොටා තිබේ. මෙයින් අදහස් කරන්නේ යම්කිසිවෙකු මේ ප්‍රදේශ වල තිබෙන පෙති පිළිම චෛත්‍ය ආදියට හානියක් කරන්නේ නම් එම පුද්ගලයා මරණින් පසු තිරිසන් ආත්ම වල උප්පත්තිය ලබන බවයි. කවුඩු බලු වෙත්වා යන පාඨය මෙහිදී අවධානය කර ඇත. මෙලෙස ශාසනික පරිභෝගික වස්තූන්ට හානි කිරීම බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. වැව් ආශ්‍රිතවද යම් යම් වස්තූන් නිදහන් කරන ලද්දේ වැවේ නඩත්තුව පිණිසයි. කෙනෙකු එම වස්තුව ගොඩ ගෙන පුද්ගල පරිභෝජනයට ගනී නම් එයද බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. බෞද්ධ ධර්ම දේශනා වල හරය මැනවින් තේරුම් කර ගෙන සිටි පැරණි ජනතාව පවට බිය ඇති පිරිසක් වූහ. එසේම රාජ නීතියටද බිය වූහ. මේ නිසා ඔවුන් අතින් මේ පූජා වස්තු වලට කිසිම හානියක් සිදු නොවූහ. සතුරු ආක්‍රමණ වලදී දාගැබ් බිඳ වස්තුව පැහැර ගත් අවස්ථා රාශියක් වාර්තා වී ඇත. එහිදී වුවද සාමූහිකව එම ස්ථාන ආරක්ෂා කර ගන්නට සටන් වැදුණු ජනතාව ගැන ඉතිහාසයේ ඇත.
වස්තු තණ්හාවෙන් සහ රාජ්‍ය ලෝභයෙන් සිටි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු ගැන සද්ධර්මාලංකාර කතා වස්තුවේ තිබේ. ඔහු රජ්‍යත්වය හා බලය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු දාගැබ බිඳවන්නට උත්සාහ කලේය.මේ දාගැබ ආරක්ෂා කරන හෙල්ලොලිය නම් ගමේ ප්‍රධානියා ද අවනත කරගන්නට උත්සාහ කලේය. නමුත් පවට තිබෙන බිය නිසා ඔහු ඊට අකමැති විය. මේ ප්‍රධානියා ඇතුලු පිරිස උල හිඳුවා මරණ ලද අතර සිරි නාග වෙනත් දාගැබ් රාශියක් බිඳවා වස්තුව එක් රැස් කොට ජන බලය ද ගෙන රජ්‍ය පැහැර ගත්තේය. නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම බඩ පලා ගෙන නිරයට ගියේය. එහි විපාකයන් සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත්තේ මෙසේය. යම් කිසිවෙක් බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතු පිහිටුවා බැඳි දාගැබක් බින්දේ නම් එසේ වූ පව් කළ තැනැත්තන් පාපිෂ්ඨ වූ සිරි නාගයන් පරිද්දෙන් ම අවීචි මහා නරකයේ උපදන්නේමය. තවද යම් කිසි වෙක් බුද්ධ රූපවල අත් පා කන්නසා සිඳ බිඳ නැසූයේ නම් එවැනියන් එපරිද්දෙන්ම මෙම ජාතියෙහි බොහෝ දුක් විඳ නිරයේම උපදනේය. තවද යම් කිසි කෙනෙකුන් සංඝයා වහණ්සේට කිසියම් අපරාධයක් කලාහු වී නම් එසේවූ සත්වයෝ නරක තිර්‍ය්‍යයක් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහිම මහ දුක් විඳිනාහුමය.
වර්තමානයේදී මේ සියලු පාපකර්මයන් වලට පෙළඹිමක් සමාජය තුල ඇතිවී තිබේ.කොටි ත්‍රස්වාදීන් හෝ යුරෝපීය යටත් විජිතවාදීන් නොකළ තරමේ විනාශයක් රටේ පූජ්‍ය ස්ථාන වල සිදු වේ. ආරක්ෂක අංශවලින් පවා මෙවැනි අපරාධ වලට රුකුල් දීමක් සිදු වන බව වාර්තා වේ. මෙම තත්වය පාලනය කිරීමට පත් කර ඇති පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව කටයුතු කරන ආකාරය දෙස බලන කල්හි අඩුපාඩු රාශියක් ම දක්නට ලැබෙන බව කිව යුතුය. පළවැනි කාරණය නම් පැරණි නිදන් වස්තු පිළිබඳ ඔවුනට තිබෙන අනවබෝධයයි. උදාහරණයක් වශයෙන් යම්කිසි ගල් පර්වතයක් බෝර ගසා එහි තුල තිබෙන යම්කිසි වස්තුවක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවක දෙපාර්තමේන්තුව නිරුත්තර වේ. ඊට හේතුව සළකුණු සෙල්ලිපි හෝ භෞතික ඉඳිකිරීම් නොමැත්තේ නම් එම ස්ථානය පුරවිද්‍යා ස්ථානයක් ලෙසට ඔවුන් නොපිළිගැනීමයි. නමුත් නවීන ස්කෑන් යන්ත්‍ර පවා ගෙන්වා ගෙන නිදන් කොල්ලකරුවන් ඒ ස්ථාන වල තිබෙන භෞතික වස්තූන් නිරීක්ෂණය කරති. එවැනි ස්ථාන රාශියක් ගැනම දිවයින සෑම තැනින්ම වාර්තා වී ඇත. මේ ස්ථාන ගැන තිබෙන නොතේරුම් කම නිසා ඇතැම් විට නිළධාරීන් විසින්ම මේ ගල් පර්වතයන්හි ගල් වලවල් දැමීමට අවසර පත්‍ර නිකුත් කරති.නිදන්හාරන්නන් මේ මගින් නිදන්හෑරීමට නීතිමය ආවරණයක් ලබා ගනිති.
යටත් විජිත සමයේ පිහිටුවා ලූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවමත් ක්‍රියා කරන්නේ එම මානසිකත්වය අනුවයි. ඔවුන් ගේ බෙහෝ වාර්තාවන් හෝ සෙල්ලිපි සංග්‍රහයන් සිංහල භාෂාවෙන් පළවන්නේ නැත. මේ නිසා සෙල් ලිපි ගැන හෝ වෙනත් පුරා වස්තු ගැන සාමාන්‍ය ජනතාවට අවබොධයක් නැත. මේ නිසා ටැම් ලිපි රාශියක්ම නිදන් හාරන්නන්ගේ යකුලු පහරට ලක් වී ඇත. කෙසේ වෙතත් පාසල් අවදියේ සිටම මේ පූජනීය වස්තු ගැන වැටහීමක් ලබා දිය යුතුය. පවට බිය ඇති කීරීම මෙන්ම අදාල නීති නිසියාකාරව ක්‍රියාකිරීමද අත්‍යවශ්‍ය කරුණකි. පොළව යට තිබෙන නිධි රජය සතු වුවත් ඒවා දේශපාලකයිනට ලබා ගැනීමට අයිතියක් නැත. මේ පුරා වස්තු විනාශයට ප්‍රධාන හේතුව රජය සිය කාර්යභාරය මග හැර සිටීම යයි කිය යුතුය. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයට දක්වන කුඩම්මාගේ සැලකිල්ලෙන්ම ඒ බැවි සනාථ වේ.
- මතුගම සෙනෙවිරුවන් / seneviruwan.blogspot
එතකොට නිදන් හාරන්න ලයිසන් දීපු එක්කෙනට මොකද වෙන්නෙ ??????
KAWDHA ARA HELA KARUMAYE INNA HAMADHURUWADHA ?????
මේ පුරා වස්තු විනාශයට ප්‍රධාන හේතුව රජය සිය කාර්යභාරය මග හැර සිටීම යයි කිය යුතුය. Meya ruwan wekiyaki!!!
රුවන් වැකියක් ද?
“මෙවැනි ගල් ටැම්වල දීමනා පාඨ වලින් පසු කපුටා බල්ලා වටාපත ආදී සළකුණු ද කොටා තිබේ. මෙයින් අදහස් කරන්නේ යම්කිසිවෙකු මේ ප්‍රදේශ වල තිබෙන පෙති පිළිම චෛත්‍ය ආදියට හානියක් කරන්නේ නම් එම පුද්ගලයා මරණින් පසු තිරිසන් ආත්ම වල උප්පත්තිය ලබන බවයි.”
එතකොට සෙනෙවි මහත්තයෝ මේ කියන හැටියට ඔය වටාපත තියෙන නිදන් හෑරුවොත් මහන වෙන්න හරි, ඊට එහාට යන්න හරි පුලුවන්ද……………..
මොකද වටාපතින් කවදාවත් තිරිසන් ආත්ම නිරූපනය වෙනවා කියලනම් මම අහල නෑ……….
භූතයෝ, වටාපත සලකුණෙන් දැක්වෙන්නේ ඒක සඟ සතුකල දේපලක් කියන එක.
ඉතිං මචන් හැම නිදානෙකම වටාපත සලකුන නැහැනෙ….
නිධන් අයිති රජයට. තවත් පැහැදිලි කරනවානම් ඒවා අයිති රාජ රාජ මහාමාත්‍ය ආදී කොට ඇති පාලකයින්ට. ඔවුන්ගේ නෑයින් සහ දැසිදස්සන්ටත් පොඩි අයිතියක් තියෙනවා.
නිධන් පමණක් නොවේ පුරවැසියන්ගේ සියලුදේ අයිති පාලකයින්ට. සියලුදේ කිවුවම අඹුදරුවන්, නිශ්චල චංචල දේපොළ මේ සියලු දේ අයිති පාලකයින්ට.
එතකොට අර එල්ලාවල කොහෙද උපදින්නේ?
Good Question ?
Good Question ??
Good Question ???
නිදන් හරණ උන් විතරක් නෙමේ,දේශපාලනය කරන උනුත් අයේ දෙකක් නැහැ ලබන ආත්මේ දුක විඳින සත්තු වෙලා තමි ඉපදෙන්නේ..මිනිස්සු උන්ට කරන සාප දිහා දැක්කම සත්ව ආත්මයක් වත් ලැබුනොත් ලොකු දෙයක්..
“නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම බඩ පලා ගෙන නිරයට ගියේය”
මේ අවුරුද්දේ අගෝස්තු 12 න් පස්සේ ආයෙමත් සැරයක් මේ link එකට ගිහිල්ල බලන්ඩ. ඒ සඳහා කට්ටියම මේ link එක කොහේ හරි file එකක save කරලා තියා ගන්ඩ. අපේ අයටත් අගෝස්තු 12 න් පස්සේ වෙන්නේ මේ දේම තමයි. “රජ කම් කලත් කල කම් පල දේ”
අගෝස්තු 12 න් පසුව වන දේ තුලින් අපේ අයටත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය සත්‍යයක් බව වැටහේවා !
what is the special in august 12
DONT LIE….
THEIR IS NOR REINCARNATION …who PROVE IT ?
DONT SPOIL PEOPLE’s MIND.
hai maaraya , kaputo , wenne na, kelinma apa gatha wenawa, kalapa gaanak windawanna wenawa eekai atta
our load buddhaa proved
moda katha kiyanna epa gono umba dakkada satthu wela ipadenawa
මීට අමතරව රජරට වැව් ශිෂ්ඨාචාරය පණ ගැන්වූ රජවරු මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම මහා වැව් නඩත්තු කරනු පිණිස වැව් අසබඩ වස්තුව නිදහන් කළ බව පැවසෙයි. මේවා හැඳින්වෙන්නේ වැව් නිදහන් වශයෙනි. මේ සියල්ලටම වඩා වෙනස් නිදන් වර්ගය වස්තු නිදන් යනුවෙන් හැඳින්වේ. රජවරුන් අමාත්‍යවරුන් සතුරු ආක්‍රමණයන් අවස්ථාවලදි පලා යන විට හෝ සැඟවී ගත් විට ඔවුන්ගේ වස්තුව නිදන් කිරීම මෙහිදී සිදුවෙයි. අපවත් වී වදාල පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් මේ පිළිබඳව වෙසෙසි විමර්ශණයක් කර ඇති බව උන් වහණ්සේ ගේ ලිපි ලේඛන විමසා බැලීමෙන් පෙනේ
ඇතැම් සැදැහැවත් රජවරු මෙන්ම උපාසක ඇත්තන්ද තමන්ගේ ශ්‍රද්ධාව නිසා තමන් පරිභෝග කළ නොයෙකුත් වස්තූන් ඒවායේ තැන්පත් කළහ. එම නිසා ධාතු නිදාන හා චෛත්‍ය නිදාන යනුවෙන් සඳහන්කළ ක්‍රියාවලියක් තිබූ බව අප පිළි ගත යුතුය.
නිදන් හොරා !!!!! $
මතුගම සෙනෙවිරුවන් මහතාගේ නම පලකරනවද ? මෙතනට වැඩ නිදන් තියෙන තැන ගැන හොයාගන්න පුළුවන් වේවි එතුමාගෙන් .මේ පින්තුරේ මම හිතන්නේ එතුමා ගොඩ ගතපු දඹ රන් පිළිම තියෙන නිධානෙ ?
කරුණාකරලා එතුමා ගේ ටලිෆෝන් නො, වත් පලකරනවද.. මම මේගැන පොතක් ලියනවා.
වස්තුව පොළොවේ යට හංගපු,
මසුරු තාත්ත කෙනෙක් ඒ ගෙදරම බලු පැටියෙක් වෙලා නැවත ඉපිද,
ඌගෙන් හංගපු වස්තුව පුතා විසින්,ඌව නිදි කරවල,හංගපු වස්තුව පෙන්නන කිව්වම,
සොයා ගත්ත ක්‍රමයක් බුදු රදුන් දේශනා කල බව මා කියවා ඇත.
ඔය කියන්නේ තෝදෙය්ය බමුණට වෙච්ච දේ ගැන. “තෝදෙය්ය උඹ එදත් මට බිරුවා අදත් බුරනවා නේද?” යි බුදු රජුන් ඇසුව වගේ මෙතන බුදුන්ට විරුද්දව කොමෙන්ට් දාන බල්ලන්ගෙනුත් අහන්න වෙනවා.
මාතර ආතර මට මතක විධියට තෝදෙයිය බමුණගෙ කතාව මේ බල්ල මෝහනය hypnotize කරල අහගත්ත හැටියි කියවෙන්නේ මේක අහල ඒකාලෙ ඉපදිච්ච එවුන්ව හොයයිද දන්නෙ නෑ මෝහනය කරන්න.
මෙතන කිසි Hypnotize කිරීමක් කරේ නැහැ. හොඳට කන්න බොන්න දීල සැප යහනක නිදා ගන්න දීල නින්දෙන් අවදි උනගමන් තාත්තේ නිදනේ පෙනන්න කිවම ලබපු සතුටට පෙන්නුවා
mama aparada duppath janaya kisi dinaka mavan pau nokarai mavani mha aparada rate nayakaya atulu paran parawama nidhan harai mayata araksawa dana araksakainda mawani aparada karai salli balloth kan natibawa dana dana ratema dasapaluwan mama papay yadai munta ditta damma wadaniya karmaya patisam dima wadi durak novanu ate.
වසර ගණනකට පෙර ඇසුරු කල මගේ මිතුරකු නිතරම තර්ක කලේ රජවරු නිදන් තැන්පත් කලේ මතු පරපුරට ප්‍රයෝජන ගැනීමට බවයි. ආත්මාරක්ෂක සටන් ක්‍රම ප්‍රගුණ කර සිටි ඔහු තමන් අද්භූත බලවේගවලට බිය නැතැයි කට මැත දොඩවමින් නිදන් සොයා තැන තැන යනු මට මතකයි. ඉන් පසු කලෙක ආරංචි වුයේ එවැනි එක ගමනකට පසු ඔහුගේ සිහිය විකල් වූ බවයි. තනිවම කියවමින් අයාලේ ගිය ඔහු ගැන ඉන් පසු දැන ගන්නට නොලැබිණි.
මමත් දන්නවා ඔය වගේ මොංගල් පොරක් , පොරට තියෙන්නේ අමුතුම විදිහේ පිස්සුවක් .
අර “Anonymous One orig ” නමට comments දාන්නේ ඌ තමයි .
කිචා කියන්නේ නිකම් නොවේ. උඹ බුද්ධිමතා. කොයි වැසිකිළියෙද මෙච්චර කල් හිටියෙ?
එක සැරයක් ප්‍රතිචාර නැවැත්තුවම බෞද්ධයෝ කියපු කතා. උන් කියපු දේවල් දැක්ක නම් උඹ භයටම මැරෙනවා. උඹලා සිල්වත්. කරන්න බැරි දෙයක් නෑ. නිවනට යන මග දන්නවා. රහත් වෙන හැටි දන්නවා. නිදන් බින්දම වෙන දේත් දන්නවා. අනේ මන්ද? බැලුවම නොදන්න දෙයක් නෑ. ඔක්කොම බණේ තියෙනවා.
අනේ ඉතින් අපි මොන්ගල්. මනුෂ්‍යයෙක් වෙලා ඉපදුනා නම් මනුෂ්‍යයෙක් විදියට ජීවත්වෙන්න කියල මම කියනවා. උඹල මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා ඒක අත හැරල නිවන් යනවා. උඹල තරම් බුද්ධිමත් ප්‍රාතිහාර්ය අනුහස් ඇති අය තවත් නෑ. වරදකට තියෙන්නෙ හිඟනකම විතරයි. උඹ miniskama ඇට් ජීමේල් ඩොට් කොම් ට ලිව්ව නම් බඩ පිරෙන්න උත්තර ලැබෙනවා.
@නියම සිංහ
තොදෙය්ය බමුණා,
බලු පැටවෙක් සේ ඉපදීමට පෙර,
බුදු රදුනට ‘බුරපු’
කාරනා කීම?
එහෙනම් අපේ රජ්ජුරුවොයි ඇමතිටිකයි ගොලබාලයෝටිකයි?
පුරාවස්තු මංකොල්ල කන තිරිසන්නු මක බෑවිලා පලයන්!!!
තව අවුරුදු ගණනක් ගියාම අපේ රටේ දැකිය හැකි අමුතු සතෙක් – කපුටෙක් වගේ විශාල එහෙත් හිසේ රෝම නැති, ඇගේ හම කහ පාටට හුරු ප්‍රිය වචනයෙන් සවාමිය ගැන ගුනගායන කරන , හැම දෙයක්ම ස්වාමියට අයිතියි කියන, ස්වාමියට වෙන අයෙක් බනින විට කහ පාට හම පුම්බා හතුරා පලවා හරින ස්වාමියා වෙනුවෙන් කහ පාට හමේ ඕනෑම මඩක් ගාගන්න කෙනෙක්.
අතීතයේ සිට නොයෙකුත් දෑ නිදන් කර ඒවායින් නිදහස් වුනේ, තමන්ට එය විශාල බරක් වූ නිසාය. වටිනා දෑ නිදන් කලේ එයින් විනාශය ගෙනා බව තහවුරු වූ බැවිනි. කඩු වැනි අවි නිදන් කලේ එයින් ඝාතනය වූවන් සිහි වීමත්, උන්ගේ අවතාර හොල්මන් කිරීමත් වැනි අශුභ සිදුවීම් නිසාය. තවත් වෙලාවන් හිදී පරසතුරන්ගෙන් බේරගැනීමට වස්තුව නිදන් කලේ නැවත ගැනීමටය. ඒවාට ඇති ඇල්ම හිමි කරුවන් බැඳ තබයි. ඒවා සොරකම් කල විට විනාශය දෙන්නේ මලපෙරේතයන් වූ හිමියන්ය. කුවේර වැනියවුන් වැඳීමට නිදන් කල දේ ගැනීම දේව කෝපයට හේතු වේ. දෙවියන්ට නින්දා කිරීම විනාශයට ආ වැඩීමකි. අනුන්ගේ දෑ සොරා ගෙන, බියෙන් වැළලූ තැන්ද ඇත. මරණය අභියස නැගෙන චේතනාව ඊ ළඟ දිවිය නිර්ණය කරනවා යයි කියන මහා කෙප්පය මත, නිදන් රකින බවට පොරුන්දු දෙන විට ගෙල කැපීමෙන් නැසුනු අසරණ සේවකයන් අපමණය. උන්ගේ කෝපයද නිදනට අරක් ගෙන ඇත. කෙසේ වෙතත් ජීවත් වීමට අත්‍යාවශ්‍ය දෑ නිදන් කර නැත. පැහැය, දුර්ලබකම වැනි ගුණ නිසා මවා ගත් අගයක් ඇති දෑ වලට ලොබ කිරීම මරු කැඳවයි.
අනාගත භීතියෙන් පෙලෙන උන්මත්තකයන් ගැලවීමට නොකරන දෙයක් නැත. දුටුගැමුණුගේ කඩුවක් ගැන කියන කතාව විමතිය දනවයි. දුටුගැමුණු කඩුවෙන් යුද කලේ නැත. යුද කලේ එළාර සමඟ රජුට රජු යන සම්මතයට අනුවය. කතාවට අනුව භාවිතා කලේ හෙල්ල හා පළිහ පමණි. දුටුගැමුණු යමක් නිදන් කර ඒවායින් නිදහස් වුනේ නම් එය ඉදි කර නිමාව නොදුටු සුදුවැලි සෑය යටට දමන්නට ඇත. රාජසිංහයන් ගොනාට ඇන්දවූ මලයාලි කට්ටඩියන් තවත් එවැනි අයට අන්දවා සුදු වැලි සෑය බිඳීමට උත්සාහ කරනු ඇත. විනාශය සුභ දායක වන්නේ එයින් මිදීමක් වන නිසාය. කෙසේ වෙතත් සොහොන් (ධාතු) ගැබ් බිඳින විට, ඒවා ඉදිකිරීමට විනාශ කල, ආදි සිංහලයන් ඉදිකල පිරමිඩාකාර කුළුණු මතුවනු ඇත. ගුවනින් ගමනට මග පෑ කුළුණු, සොහොන් (ධාතු) ගැබ් වලට වඩා සිය දහස් ගුණයක් අඟනේය. අද ඇරඹී ඇති විනාශයට තව තවත් නිදන් හාරා උදව් කිරීම කොතරම් නිවැරදිද? නොඑසේ නම් සුගතයක් කවදා උදා වේවිද?
@Anonymous One orig
1.
Anonymous one orig says’කඩු වැනි අවි නිදන් කලේ එයින් ඝාතනය වූවන් සිහි වීමත්, උන්ගේ අවතාර හොල්මන් කිරීමත් වැනි අශුභ සිදුවීම් නිසාය.’
යමෙක් මලයින් පස්සේ, ඔක්කොම ඉවරය, නැවත ඉපදීමක් නැත, එහෙම කියන බුදුබන හින්දු කෙප්පයක්ය කියා ලීව උඹ,මේවා කියන්නේ කටින්ද?
බුදුබනේ හැටියට නම්, යමෙක් මලාට පසු අවතාර හොල්මන් ලෙස නැවත ඉපිද, අපට කරදර කලොත්,එලව දැමීමට ක්‍රම තියෙනවා.බුදු රදුන් එකල රතන සූත්‍රය දේශනා කිරීමට නියම කලෙත්, ලංකාවට අහසින් වැඩ, මේ රටේ අද අපට සුගතියෙන් ඉඳීම සඳහා, එකල මලාට පසු අවතාර හොල්මන් ලෙස නැවත ඉපිද, මෙරට අරක් ගෙන හිටි සිටි අවතාර හොල්මන් එලව දැමුවාය කියාත් උඹ දන්නවද?
2.
Anonymous One orig says,’කෙසේ වෙතත් සොහොන් (ධාතු) ගැබ් බිඳින විට, ඒවා ඉදිකිරීමට විනාශ කල, ආදි සිංහලයන් ඉදිකල පිරමිඩාකාර කුළුණු මතුවනු ඇත.’
උඹ අර අස්සේ තාමත් හන්ගන් ඉන්න,ළඟදීම එලියට ඇවිත් ‘මේ රට සුර ඇතුළු ලෝකයම ජාති ජරා මරණ නැති සුරපුරක් කරනවාය කියන,ලෝකෙටම මුල් දැනුම සහ වෙදකම බිහිකලාය කියන උඹේ පිස්සු මරගාත සිංහල හිරුදෙවි / දීයසේන කුමාරගේ ලනු නේද? එක්කෝ උන්ට පයිතියන්ද?
අනේ මහදැනමුත්තෝ,
‘පිරමිඩාකාර කුළුණු’ තියෙන්නේ කොහෙද බොල,
එහෙම නම් එක්කෝ ඒක පිරමිඩයක්,නැත්නම් කුළුණක්.
‘දොන් සිමන්’ දෙකම බෑනේ!
මගේ කකුල් දෙක අස්සෙ පිරමිඩාකාර කුලුණක් තියෙනව, එක ගැනද උබලා දොඩන්නෙ?
mm kiyada?
අතීත අසුරයන් ගුවනින් ගියා කියන එක ඇත්ත. ඔබ කියන ආකාරයේ කුළුණු මගින් ප්‍රති ගුරුත්ව බලයක් ඇතිකරලා වෙන්න පුළුවන්.හරියට spellbinder කතා මාලාවේ වගේ ක්‍රමයකින්.
කරුමෙට “මාතර ආතර ” වගේ ගොන් හරක් ඉන්න අද කලේ සමජෙක මේවා විස්වාසකරන්නේ නැ.ඔයිට වඩා සාධක සහිතව ඉදිරිපත් කලානම් හරි
දැන් සිංහල කියාගන්න මලයාලින් විසින් හැම සදකයක්ම වනසල ඉවරයි. නමුත් තවමත් අත නොතබපු තැන් තියනවා
ඔබේ ප්‍රතිචාරය අගයමි. මම මෙතන කරන්නේ තොරතුරු දෙනවාට වඩා දේශප්‍රේමය උතුරන අයගෙ ප්‍රතිචාරය බලන්න කරන පරික්ෂාවක්. ඒ තොරතුරු ළඟදි අන්තර්ජාල අඩවියක දානවා.
“ඔබ කියන ආකාරයේ කුළුණු මගින් ප්‍රති ගුරුත්ව බලයක් ඇතිකරලා වෙන්න පුළුවන්.”
- ඇත්තටම කුළුණු (tower) වල හතරැස් පාදය ඈතට පෙනෙන කොට දිසාව තීරණය කරන්න පුළුවන්. ළඟට එනකොට මුදුන් තුඩ සූක්ෂම ලෙස දිසාව තීරණය කරන්න යොදාගන්න පුළුවන්. Spellbinder කියන්නේ කතාවක් විතරයි. ඒත් ප්‍රති ගුරුත්ව බලය සහිත හැකියාවන් තිබුනු බව දැනට ඉතිරි වී ඇති දත්ත මත තහවුරු වෙනවා. ඒවා ලියල තියෙන්නෙ කරපු අය නොව දැකපු අයයි. ඒ නිසා හරි දැනුම නෑ. ඒ තාක්ෂණය මා සතුයි. ඒක අද ඇති දැනුමේ නැති එකක්. ඒ කාලේ හිටපු අය අද ඉන්න බොරු බුද්ධිමතුන් වගේ මවා පෑම් කලේ නෑ. රාමායනය, පන්සිය පනස් කතා වගේ මවාපෑම් අවශ්‍ය වුනෙත් නෑ. පේනවා නේද අනුන් කියන දේවල් බදාගෙන බුද්ධිමත් කියන අයගේ හැසිරීම. කැමති නම් miniskama ඇට් ජීමේල් ඩොට් කොම් ලිපිනයට ලියන්න.
හෙහ් හෙහ් තොපි දෙන්නම නල්ල මලේ ගොන්නු දෙන්නෙක්.
@චංචල සිතුවිලි
උඹ මොළකාරයා. බණේ ඔක්කොම තියෙනවා. කටපාඩම් වෙලා.
( මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීම => මනුෂ්‍යත්වය කැම => මිනිස් + කෑම => minis+kama => miniskama ) ඇට් ජීමේල් ඩොට් කොම්
Anonymous One orig ගොන් තඩියා මගේ නමත් හොරකම් කරලා,මගේ නම යටින් ගහන ඉර අමතක වෙලාද කොහෙද?
එක නෙමෙයි, කොබන් උබේ අර අ051354646 කියල දාන ඉලක්කම? එකට යකා ගැහුවවත්ද?
“මහරජ , මහා සෑය ඉදි වනුයේ මෙතැනයි” මිහිදු මහා රහතන් වහන්සේ දේවානම් පිය තිස්ස රජු අරඹයා රුවන් වැලි සෑය පිළිබඳව අනාගත වාක්‍ය මෙසේ ප්‍රකාශ කළේය . තවද උන්වහන්සේ මෙම කල්පය තුල රුවන් වැලි සෑ පුද බිම එම වකවානුවට අනුරුප ආගමික පුද බිමක් ලෙස පවතින බවත් , සෑම වකවානුවකම මිනිසුන්ගේ පුද පුජා වලට ලක් වන බවද වදාරන ලදී . තවද මෙය පෙර වකවානු වල බිලි පුජා පැවැත්වීම සදහාත් , කන්‍යාවන් දේව ගැති වරුන් හට පුද දුන් බවත් , තවත් විටක සතුනට අභය දීම ආදී හොඳ නරක දෙකටම යොදාගත් බවත් , බුද්ධ කාල වල එය බොදු පුද බිමක් ලෙස පවතින බවත් වදාළ සේක .
— ගුවනින් ගමනට මග පෑ කුළුණු, සොහොන් (ධාතු) ගැබ් වලට වඩා සිය දහස් ගුණයක් අඟනේය.——–
පිරමීඩ වැනි උස ස්ථාන වලට ගොස් බිලි පුජා පැවැත්වූ නුඹේ ආදී සිංහලයා හට ( ගුවනින් යාම යනු එම ප්‍රාණය දෙවියන් වෙත ආදී යන බව ඔව්න් ඇදහු බවයි )
, ඊට වඩා යහපතක් සම්බුද්ධ ධාතු තැන්පත් කළ සොහොන් ගැබකට වැඳීමෙන් සිදු වන්නේමය .
ඔයා අනාවැකි මවනව නේ. ඔයාල ඕව බදාගෙන ආකම් පැතිරවීමට කලින් බිලි පුජා පැවැත්වීම සදහාවත් , කන්‍යාවන් දේව ගැති වරුන් හට පුද දීම සඳහා වත් භාවිතා නොවූ බවට මම සහතික කරමි. ඔයා කියන ම්ලේච්ඡ දේවල් ඔක්කොම ආවේ පිටින් නොවෙයිද? ඒත් අද මනුෂ්‍යකම අත හැරල නිවන සොයන ඔයාලගෙ සොහොනක් දකින කොට මට සිත් වේදනාවක් දැනෙනවා.
@Anonymous One orig,
මු අර රොබෝ හදන්නේ මේකටද? මුගේ මොලේ නට් බුරුල්වෙලා!
හැබැයි පුතෝ පාරමී පුරලා හැදුන ගස්සවල ඉතුරු වෙච්ච අරටු ටික විනාස කරන්න උබට බැ.
දැන ගනියුව්! තව ගස් ගොඩක් උබල ආරක්ෂා කරන බව,
ලී බැරල් කරලා ගන්න තෙල්ටිකෙන් වෙනදේ බලපන් ලගදි!
+/-,ලී බැරල් නම් නියමයි. උඹ බලන් ගියාම හීන් නුලෙන් දෙනවා ඇනෝ ගොය්යියට වැඩක්. මෙතැන් ඉඳන් මාත් උඹේ මේ ලී බැරල් වචනේ පාවිච්චි කරනවා හොඳේ මෙතැන ඉන්න ගොන් ලී බැරලයන්ට.
පව්. මොළේ වැඩියි.
@චංචල සිතුවිලි, ඔබ වෙනුවෙන් මල් පිපේවා!
————————————————————————–
@Anonymous One orig, මොලේ වැඩි නෑ ගොනෝ, ගුරුගෙන් ගත්ත දැනුම විනාශ කරන තොපිවගේ එවුන් එක්ක මොලෙන් හැප්පෙනවා
@+/-
පව්. ඔයාට මොළේ නෑ.
ගුරුල බුධල කුජල සිකුරුල නොදන්න දේවල් ගොඩක් දන්න මට දැනුම ගොඩක් වටිනවා. විනාශ කරන්නෙ මොනවටද?
ඔයාට පුළුවන් නම් මේ ලෝකෙ මට විසඳන්න බැරි ප්‍රශ්ණයක් කියන්න. ඔයාට රත්රන් වැඩක් නැති නිසා මම පැරදුවොත් ඇතෙක් බරට පුන්නක්කු දෙනවා.
අසව් අසව් මෙන්න අපට නියම මිනිස් ගුණාංග 11 ක් හඳුන්වා දුන් පට්ටි ගොන් නාම්බාගේ අලුත් සොයා ගැනීම! හෙහ් හෙහ්’පිරිමිඩාකර කුළුණු’ හාරාගෙන යන විට සම්බා වෙයිලු.’කුලුනාකාර පිරමිඩ’ත් හම්බ වෙයිද පට්ටි ගොනෝ? මේකා වුර්තියෙන් ඉංජිනේරුවෙක් කියා ලිව්වත් මතකයි,අම්මපා උඹ වාගේ මැට්ටෙක්.
ඔයාගෙ ධර්මෙ ඕවත් තියෙනවද? හික්ස්! ඔයා අර කිව්ව වගේ මදුරුවො කන කොට ගණන් ගන්න එපා. අනේ යන්න බැරිද ජා ඇල, ගම්පහ පැත්තට.
@Anonymous One orig
+/- උඹට ලීව පරිදි
යෝජනා=යොදුන්!
හී හී
හී හී
මොකා කරත් මෙ වනසන්නෙ අපෙ උරුමය අපෙ කම මුන්ට කවදාවත් සුගතියක් නම් නැ.
@Anonymous One orig
අප මහා බුදු රදුන් සහ මිහිඳු මහ රහතන් වහන්සේ
අහසින් ලංකාවට වැඩියේ,
තම සිතේ ඇති භාවනා කර වඩා ගත් එර්දි බලෙන්.
අපේ රාවන අහසින් ඉන්දියාවට ගියේ,
තම අතින් පයින් සහ නුවන යොදා සදා ගත් දඬු මොණරෙන්.
උඹේ
‘පිස්සුමරගාත පිරමිඩාකාර කුළුණු හෝ කුලුනාකාර පිරමිඩවල’ බලෙන්
නොවේ බොල.
@මාතර ආතර
ඇයි බන් උස ගොඩනැගිල්ලක ඉඳන් බිමට පැන්නම පොඩි වෙලාවක් හරි අහසේ පාවෙන්න පුළුවන්නේ
@Anonymous One orig
ම මැවූ පුවතක් නැත , ම දන්නා ඉතිහාස කරුණු ගෙන හැර දැකුව පමණි . සිංහලුන්ගේ ඉතිසාහය හැදෑරීමට නුඹට මම තව මගක් කියන්නම් , 550 ජාතක පොතේ “සිංහල ජාතකය ” කියල ජාතකයක් තියනවා , එක බලල උඹට කල්ප ගානකට කලින් ලංකාවේ ජනජීවිතය ගැන යම් තොරතුරක් දැනගන්න පුළුවන්
@පිස්සා
Anonymous One orig ගේ
‘අලුත්ම පිස්සු මරගාත-පිරමිඩාකාර කුලුණුත්’,
කුලුනාකාර පිරමීඩත්
මොනවද කියල
උඹේ පිස්සු මොලේට තේරෙනවද?
ඔය ගැන කතා කරලා තේරුමක් නැ බන් , මූ අන්තිමට කියයි “පිරමිඩාකාර කුළුණු” කියන එක අපිට තේරෙන දෙයක් නෙවෙයි , එක මුල් දැනුම බිහි කල සිංහල හිරු දෙයියගේ සංකල්පයක් කියල .
මොකද මූ මොකක් හරි ගොන් කතාවක් කියල අනාගද්දී අන්තිමට මු මවාගත්ත දෙයියෝ පිට දාල මාරු වෙන එකානේ.
@සිතුවිළි
“බුද්ධ දෙශනාවක් වශයෙන් සූත්‍ර පිටකය තුළ සඳහන් වන යම් සූත්‍රයක අප දිනපතා සමාදම් වන පංචසීලය සඳහන් වී ඇතිද. එසේනම් ඒ කුමන සූත්‍ර දේශනාව තුලද? ” යන ගැටලුව නුඹ පෙර ලිපියක යොමු කල නිසාද මෙතෙක් ඒ සඳහා කිසිවෙකුත් අදහස් නොදැක්වූ නිසාද “බුද්ධ භාෂිතය ” පිළිබඳව ත්‍රිපිටකයේ සදහන්ව ඇති කරුණු අනුව “පංච සීලය ” බුදු දහම සමග බද්ධ වීම පිළිබඳව මා දකිනා ආකාරය ( මා අනුමාන කරන , ප්‍රක්ත්යක්ෂයෙන් නොදත් ) මෙසේ දක්වමි .
මෙම අදහසෙහි යම් නොගැලපීමක් මෙම දහම සමග ඇත්නම් , මෙම අදහස සාහසිස ලෙස මෙතනම ඝාතනය කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි , ඊට හේතුවනම් මා නොදැනුවත්ව හෝ හානි කරනුයේ තුන් ලොවක් සැනසී වදාල , අපටද සැනසීමට මග පාදන දහමට නිසා වන හෙයිනි .
සිල් රැකීම බුදු සමයට පෙර සිටම ඉන්දියාවේ පැවතුන දෙයකි , නමුත් මෙය බුද්ධ භාෂිතය අනුව සැලකීමේදී බෞධයන් හට මෙය එක කරගැනීමේ වරදක් නැත . යම් බ්‍රක්මයෙක් , දෙවියෙක් , ශ්‍රමණයෙක් හෝ ගිහියෙක් යම් කිසි දෙයක් කීවේද , එය බුදු රජාණන් වහන්සේ දේශනා කල දහම හා සැසදේ නම් එය බුද්ධ භාෂිතය ලෙස ගැනීමේ වරදක් නැති බව බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත . ඒ අනුව පංච සීලය බුදු දහමට එක් වූ දෙයක් ලෙස මම දකිමි .
බුදු දහමේ සියලු ඉගැන්වීම් සුත්‍ර පිටකයට පමණක් සීමා වෙන්නෑ. අනිත් පිටක දෙක අමතක කරන්න එපා. පංචශීලයේ සිට කෝටියක් සංවර ශීලය දක්වා කරුණු අඩංගු වන්නේ විනය පිටකයෙයි.
පිස්සා,ඔබ මේ කරුන සාකච්චාවට ගැනීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.
අජය කියන කාරනයද නිවැරදි විය හැකියි, පංච්සීලය පිළිබඳ දේශනාවක් විනය පිටකයේ සඳහන්ව තිබීමට ඉඩ තියෙනවා.
දහම ගැන අවබෝදයක් දැනුමක් ඇත්තෙක් එය අපට පහදා දෙනවානම් ඉතා අගෙයි.
පිස්සා කියන ආකාරයට සිල් රැකීම බුදුන්ට පෙර භාරත්යේ වූ සිරිතක් බවත් එය බුදු දහමට අනුගත වී ඇති බවත් මා අසා තියෙනවා. එමෙන්ම ඔබ කියන අයුරු අනෙකෙකුගේ අදහසක් බුදුන් අනුමත කලාද විය හැකියි.
අනෙක ධර්මය හා ගැලපෙන කරුනු බුද්ධ භාශිතයක් නොවූ පමණින් මා ප්‍රතික්සේප කරන්නෙක් නොවෙයි.
මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේ මාගේ අරමුන වූයේ පංච්සීලය මර්ගපලාවබෝදයට කෙසේ අනුගත වේද යන්න පහදා ගැනීමටයි.
සීල්ය මගින් සමාධියත් සමාධිය තුලින් ප්‍රඥාවත් වැඩෙන බව මා දන්නවා. එය ප්‍රායොගිකවම ඔප්පු කළ හැක්කක්. එහෙත් සීලය යනු මෝඩයෙකු සේ එම කරුනු පහෙන් පූර්ණ ලෙස අවබෝධයකින් තොරව දෘෂ්ටි වාදීව වැලකී සිටීමයැයි මට පිළිගැනීමට අපහසුයි.
අවබෝධයෙන් පංචසීලය රැකීමත් එය මගපල කරා යොමුකරවීමත් ගැඹුරින් සාකච්චා කළ යුතු බවයි මා සිතන්නේ.
ඔබට පින්
රජයෙන් නිදන් හරනකොට නැවත ඉපදෙන්නේ මොකෙක් වෙලාද