”දෙකයි-දෙකයි-හතරයි කීමට ඇති නිදහසටයි-නිදහස කියන්නෙ. එම නිදහස ලබාගත හැකි නම් ඉතිරි සියල්ල නිකම්ම ලැබෙනු ඇත“
අධිපතිවාදී අනාගත රාජ්‍යයක මිනිස් බව වැලලී යාමේ ශෝක ජනක පුවත වස්තූ විෂය කරගත් 1984 නවකතාව මගින් නොමිනිස් සමාජය මෙහෙයවන ප්‍රධාන බලවේග දෙකක් ඉස්මතූ කර දක්වයි. එකක් නම් ඉතිහාසය විකෘති කර අකාමාකා දැමීමයි.එමගින් පක්‍ෂය බලාපොරොත්තූ වන්නේ මෙයට වඩා වෙනස් ඉතිහාසයක් (සමාජයක්) තිබිණැයි යමකූට සිතීමට ඇති අවකාශය බිඳලමින් සියලුම ඓතිහාසික වාර්තා විනාශ කරමින් ඒවා නැවත ලිවීම හෙවත් විකෘති කිරීම් නිවරදි කිරීම සිදු කිරීමයි.
දෙවැන්න නම් රහසින් හෝ පක්‍ෂයට විරුද්ධ පුද්ගලික මතවාද දරන්නන්ගේ මනස ශෝධනය කිරීමයි.මෙසේ කරනු ලබන මනස ශෝධනය කෙතරම් සාර්ථක අයුරින් සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස එම ශෝධනයට භාජනය වන්නන්ගේ මනස සහ පක්‍ෂයේ මනස එක සමාන වීමයි. දෙකයි-දෙකයි එකතූව හතර බව නොව පහ යයි පක්‍ෂය කියතොත් මෙම චිත්ත පෙරලියට භාජනය වන්නා කිසිම පැකිලීමකින් සංකාවක් ඉතිරි කර නොගෙන එය එසේ යයි පිලිගනිති.
“මා කරන්නේ අනතූරු ඇඟවීමක් පමණයි.මෙය සිදුවන්න ඉඩ දෙන්න එපා” යයි 1948 දී ලෙයින්ද දහදියෙන්ද ලියවුනු 1984 නවකතාව අප අතට පත්කරන්නට සමත් වූ ඔහු අන් කිසිවකු නොව එරික් බ්ලෙයාර් හෙවත් ජෝර්ජ් ඕවල්ය. ජෝර්ජ් ඕවල් යනු ඔහුගේ ආරූඩ නාමයයි.1903 වසරේදී මොතියාර් නම් උතූරු ඉන්දියානු ග්‍රාමයේ උපන් ඔහු තම කෙටි එහෙත් සිද්ධි බහුල ජීවිතයේදී ලබාගත් අමිහිරි වේදනාවන් කැටිකොට “මීනිසුනේ මේ නරාවලට නොවැටෙන්නයි” කරන දයාබර ඉල්ලීමත් මෙම කෘතිය මගින් ඔහු මුලු මහත් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. මතූ අනාගතයේදී මිනිස් සමාජයට එල්ල වියහැකි මහා අනතූරක සේයා පෙන්වමින් තම පොත ලියා නිමකල වසර වන 1948 යන්නෙහි ඉලක්කම් මාරු කිරීමෙන් 1984 නවකතාව හැදින්වූ බව සඳහන්ය.
සකල බල පරාක්‍රමයෙන් යුත් පක්‍ෂයක් විසින් නිල බල ක්‍රමයක් ස්ථාපිත කරමින් මිනිසා විසින් ඓතිහාසිකව වර්ධනය කරගත් පවුල් බැදිම්, ප්‍රේමය, ලිංගික ආශාව වැනි හැඟීම් සම්බන්ධතා බිඳ හෙලමින් හුදෙක් බලයේ එකම පරමාර්ථය අනුන් මැඩ මෘග සතූටක් ලැබීම කරා ලඝු කරගත් භීෂණකාරී නිරයක් අප ඉදිරියේ සනිටුහන් කරයි.බුද්ධිමත් ජීවියකූ වු මිනිසාට විද්‍යාවද එහි මෙවලම් වන තාක්‍ෂණයද අභිමුව තමාගේ සියලුම භෙෘතික අවශ්‍යතා සපුරා ගත හැකි ලොවක් විවරව තිබේ. ඒ සඳහා තමාට ඉතිරිව පවතින කාලයෙන් මහ විශාල කොටසක් වැය කිරීමට අවශ්‍ය වන්නේද නැත. එම අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුවද ඉතිරිවන කාලය තම නිර්මාණාත්මක සම්පත් වඩ වඩා පෝෂණය කිරීමටද ඒවා සිත් සේ විඳීමටද යොදා ගැන්මට පිළිවන. තවද මෙම සරුසාර ජීවිතය උස් පහත් භේදයක් නොමැතිව හැමෝටම සමසේ භූක්ති විඳිය හැකිය. නමුත් මෙම ප්‍රිතිමත් සරුසාර ජීවිතයේ මාවත වසා පරම බලය තම අතට ගෙන භීෂණය,පීඩාව යොදමින් තම සිත තූල පවතින කූහක වධක ආඥාවෙන් පෙලුන මිනිසූන්ට තම සිතැඟි ක්‍රියාත්මක කරන්නට ඉඩ දුනහොත් අõපේක්‍ෂිත සුරලොව සිහිනයක් බවට පත්වීම ඒකාන්ත දෙයක් බව ඕවල් 1984 කෘතියේ අනතූරු අඟවයි.
විසිවන සියවසෙහි මුල් භාගය උදාවන්නේ සමස්ත ලෝකය කෙරෙහි වෙනස්කම් රාශියක් රැගෙනය.මිනිස් ශිෂ්ඨාචාරයේ මුහුණුවර උඩු යටිකූරු කිරීමට සමත් වූ මෙම වෙනස්කම් මගින් විද්‍යාවේත් තාක්‍ෂණයේත් ඇති වූ වෙනස්කම් මිනිස් වර්ගයාගේ යහපතට යොදා ගන්නේද නැතහොත් විනාශය සඳහා යොදා ගන්නේද යන බරෑරුම් ප්‍රශ්නය ලොව හමුවේ ඇතිවේ. සවභාව ධර්මයේ රහස් එලිකරගෙන මානව සංහතියේ යහ පැවැත්මට විද්‍යාව තාක්‍ෂණය උපකාරී වනවිට ඔහුගේ විනාශය වෙනුවෙන් පරමාණු බෝම්බය දක්වා අවි නිපදවීමද කෙරෙනුයේ මේ අවස්ථාවේදීය. මෙවන් පසුබිමක් තූල සමාජ තලයේ හටගත් ව්‍යාපාර දෙකක් වන කොමියුනිස්ට්වාදය හා පැසිස්ට්වාදය මගින් ප්‍රබල ලෙස අභියෝග ඉදිරිපත් කරන ලදි.
මනෝභාවයක් ප්‍රකට කිරීමක් ලෙස යමකූට හුවා දැක්විය හැකි 1984 නවකතාව මිනිසාගේ අනාගතය දුක්ඛිත තැවුල් එකක් බවත් ඉතිහාසයේ ගමන් ගන්නා මාවත වෙනස් නොවුනහොත් ලොව පුරා වෙසෙන මිනිස් වර්ගයා තූලින් මිනිස් ගූණදහම් නැති වී ගොස් ආත්මයක් නොමැති යන්ත්‍ර විය හැකිබව අනතූරු ඇඟවීමකි.
පක්‍ෂයේ මතය තම මානසික මතය බවට පත්කර ගත් පක්‍ෂයේ පටු උවමනාවට තම මානසිකත්වය සීමාකර ගත් “ද්විත්ව චින්තනවාදීන්“ හෙවත් “හොඳ සිහිය“නොමැති යථාර්තය නොදන්නා මනෝ විකෘතියකින් දේශපාලන භාවිතවේ යෙදෙන ලාංකීය වර්තමාන රතූ සහෝදරයින්ට 1984 කෘතිය හොඳ අත්පොතක් ලෙස හඳුන්වා දීම වරදක් නැත.
මෙවන් විපරිත මානසිකත්වයකින් පිරුනු මිනිසුන්ගෙන් පිරි පක්‍ෂයක අනාගත භාවිතාව යම් කිසි රටක මිනිසුන්ගේ සුභ සිද්ධියට ඉවහල් නොවන බව පුදුමයක් නොවන බව 1984 නවකතාව අපට පසක් කර දෙයි.
1984 සහ වර්තමාන ජවිපෙ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශණාත්මක විමසිල්ලක්
1984 නව කථාව යථාර්තයක් බවට පත් කරමින් ශ්‍රි ලංකාවේදී ජවිපෙ විසින් එයට සැබෑ වටිනාකමක් දී ඇති බවත් 1948 දී ඕවල් විසින් ලංකාවේ අනාගත පක්‍ෂයක සැබෑ වැහැරීම පිළිබඳ ජීවමානව පැවසීම අතිශයින්ම, පුදුමසහගතය. ජවිපෙ උත්පත්තියට පෙර එනම් 1965 ට පෙරදීම මතූ උපදින විප්ලවීය පක්‍ෂයක අනාගත වැහැරීයාම පිළිබඳ අනාවැකි පලකිරීම සම්මාන ලැබීමට පාත්‍රවන කාරණාවක් වුවද අද වන විට රචකයාද අප අතරින් සමුගෙන ඇත්තේ අනාගත පරපුර වෙත වටිනාම අදහස් සහිත ප්‍රබන්ධ කතාවක් හිමිකර දෙමිනි.මෙම යථාර්තය ජවිපෙ සමාජිකයාගේ මනසට ලබාගැනීමට අවකාශය පවා නොසැපයූ ජවිපෙ ගතානුගතික ප්‍රතිපත්ති මගින් සමාජයට දායාද කරන ලද්දේ දක්‍ෂ,කැපවීමේ ගූණය, විනය සහ සාමුහිකත්වය සහිත යාන්ත්‍රික චරිතයකි.
ජවිපෙ අන් කිසිදු පක්‍ෂයකට නොකල හැකි අන්දමේ පක්‍ෂ විනය අතින් උසස්ම අංග ලක්‍ෂණ ඇති පක්‍ෂයකි.සංඛ්‍යත්මකව විශාල වූ අනිකූත් පක්‍ෂ දෙකට නොකල හැකි අන්දමේ දැවැන්ත ක්‍රියාවලියක් ඒ තූල ගැබ්ව තිබුණි. නමුත් පක්‍ෂ සාමාජිකයාට පක්‍ෂයෙන් නියම කරන ලද පොත පතට අමතරව අනිකූත් දෑ පරිශීලනය කිරීම නිලනොවූ නීතියකට යටත්ව තිබේ. එහිදී සමාජිකයා තමාගේ දැනුමට සම්බන්ධ කර ගන්නේ පක්‍ෂය මගින් නියම කරන ලද චිත්‍රපට,සඟරා,පත්‍රිකා පමණකි. තමන් සතූව පවතින දැඩි නිර්ණායකයන් කිහිපයක් මගින් ගන්නා තීන්දු තීරණ එක්තරා න්‍යායකට පමණක් සීමා වී ඇති බව සීතන්නට හෝ ඔවුනට නුපුලුවන. ඔහුගේ මනසින් බාහිර සමාජයක පවතින ජීවිතයක ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුමක් අවබෝධයක් නොමැත. මෙම සාමාජිකයා බාහිර සමාජය හා සම්බන්ධ වන්නේ එක්තරා මානසික වියවුල්කාරයකූගේ ස්වභාවයෙන් නොවේද?
ඕවල්ගේ අනාගත අනාවැකියට අනුව 1984 එන පක්‍ෂය විසින් ද කියවෙනුයේ මේ හා සමාන ගූණාංගයන්ගෙන් පවතින පක්‍ෂ ව්‍යුහයක් පවතින මානසික සිරවීමකි.එහිදී දිනපතා මිනිත්තූවෙන් මිනිත්තූවට අතීතය යථාවත් කරමින් පක්‍ෂය විසින් කරන ලද සෑම ප්‍රකාශනයක්ම, අනාගත පුරෝකථනයෙන්ම හරිම දේ යයි විශ්වාස කිරීමට පක්‍ෂ සාමාජිකයන්ට බල කරන ලදි.පක්‍ෂයේ වර්තමාන අවශ්‍යතා සමග නොගැලපෙන පුවත් මතවාදයන් වාර්තාවන් චිත්‍රපට සඟරා කිසිදු අයුරකින් සාමාජිකයාගේ අතට පත් කිරීමෙන් වැලකී සිටින ලදි.ඕවල්ගේ ප්‍රබන්ධයේ පක්‍ෂයේ ඉහලම නායකත්වය අපට හඳුන්වා දී ඇත්තේ “ලොකූ සහෝදරයා” ලෙසිනි.පක්‍ෂ සාමාජිකයාගේ මනසේ ඉහලින්ම දැඩිව නිරතූරුවම ඇත්තේ “ලොකූ සහෝදරයා නිරතූරුව ඔබ ලඟයි” යන පාඨය පමණකි.ලොකූ සහෝදරයා කල කී දෑ පමණක් සාමාජිකයා ග්‍රහණය කර ගත යුතූව තිබුණි.1984 ප්‍රබන්ධයට අනුව “සෞභාග්‍යයේ අමාත්‍යාංශය” විසින් අතීතය විකෘතිකර පක්‍ෂයට අනුරැප වන ලෙස සකසන ලද ප්‍රවෘත්ති පමණක් පක්‍ෂයේ අභ්‍යන්තර සාමාජිකයාට නොදෑනෙන පරිදි මුල් කොපිය වෙනස්කම් කර පල කරන ලදි.
ලංකාවේ අනාගත දේශපාලනය සුභවාදී ආකල්පයක් කරා ජීවමාන දුන් පක්‍ෂයක් වූ ජවිපෙ එම පරමාදර්ශී දේශපාලන භාවිතාවෙන් පිට පනිමින් අනපේක්‍ෂිත බිඳ වැටීමකට ලක් වූයේ ඒ පිළිබඳ විශ්වාසය තැබූ පක්‍ෂ සාමාජිකයා පමණක් නොව ඔවුන්ගේ විශ්වාසයට පාත්‍ර වූ ජනතාවද අපේක්‍ෂා භංගත්වයට පත් කරමිනි.ජවිපෙට මොකද වුනේ යන ප්‍රශ්නාර්ථය සමාජය මතූපිට කතාබහට ලක් වූ අතර එමගින් ඉස්මතූ වී ඇති පැනයට තූලනාත්මක පිලිතූරක් සම්පාදනය කිරීමට පක්‍ෂයට පවා නොහැකි වුවද ,එවැනි පක්‍ෂයක ගමන් මග එසේ වන විට ඇති විය හැකි නියතය ඛේදාන්තයක් බවත් ඕවල් 1948 දී පෙන්වා දී ඇත.ලංකාවේ අනාගත දේශපාලන පක්‍ෂ පිළිබඳ කිසිදු දිවැසක් නොතිබූ ඔහු ඒකාකාරී ප්‍රතිපත්ති මාලාවක් සහිත, දැඩි නිකායවාදී, පවතින තත්වයන්ට සාපේක්‍ෂව තීරණයන් වෙනස් කීරීමට නම්‍යශීලී නොවන අන්ධ විශ්වාසය සහිත පක්‍ෂයක අනාගතය ලියා තැබීය.
එකම ආදේශකයක් ගෙන හැර පාමින් පක්‍ෂ සාමාජිකයාගේ මනස එක්තරා රාමුවකට පමණක් සීමා කර ගැනීමට සමත් ඕවල්ගේ 1984 ප්‍රබන්ධයේ එන පක්‍ෂය විසින් සමහර දිනෙක පක්‍ෂයේ ඉතාමත් නොවැදගත් පාක්‍ෂිකයකූගේ ජීවන ප්‍රවෘත්ති ගෙන හැර දක්වමින් අනෙක් හැමෝම එය ආදර්ශයට ගත යුතූ යයි පවසන අවස්ථාද තිබුණ අයුරු එහි සඳහන් වනුයේ අපූරුවටය.
මානුෂීය සම්බන්ධතා පිළිබඳ මහා ඉහලින් කතා කරන ජවිපෙ විසින් පක්‍ෂයේ සමාජිකයාට නිල නොලත් ලෙස තහනම් කර තිබූ මිනිසුන් හා ගැහැණුන් අතර ඇතිවිය හැකි එහෙත් පක්‍ෂයට පාලනය කල නොහැකි සම්බන්ධතා 1984 ප්‍රබන්ධයේ එන පක්‍ෂය තූලද එලෙසින්ම පැවතිනි.ලිංගික කාර්යයේ වූ ආශ්වාදය මිරිකා හරිමින් මානසික ඒකාකාරීත්වයෙන් යුත් මිනිසකූ හෙවත් සීමා සහිත ගූණාංගයන්ගෙන් යුත් මිනිසකූ නිර්මාණය කිරීම ජවිපෙ වුවමනාව වන විට ඕවල්ගේ ප්‍රබන්ධයේ එන පක්‍ෂයේද එය එලෙසින්ම සිදුවන අයුරු පෙන්වා තිබීම අදහාගත නොහැකි සමානතාවයක් පැවතීම සැබවින්ම විශ්මය ජනකය. විවාහය සහ ඉන් පිටත බාහිර සමාජය හා පවතින සබඳතා පිළිබඳ සොයා බැලීමට කමිටුවක් තිබූ ඕවල්ගේ ප්‍රබන්ධයේ සාමාජිකයාගේ විවාහ ඒ සඳහාම වූ විශේෂ කමිටුවක් මගින් අනුමත වීම අත්‍යාවශ්‍ය විය.එවැනි සම්මතයක් හෝ නීතියක් නැතැයි එලිපිට ප්‍රකාශ නොකලද එය රහස් නීතියක් ලෙස පක්‍ෂය තූල පැවතිනි. පක්‍ෂයේ සමාජිකයාට තමන්ගේ මානුෂීය සම්බන්ධතා පිලිබඳ සිතීම අපහසු දෙයක් විය. ඒ ප්‍රමාණයට පක්‍ෂයේ මෝහන බලය විසින් මතකයන්, මානුෂීය ආශාවන්, මානුෂීය සම්බන්ධතා
විකෘති කිරීමක් කර ඇත.
මෙම ආවේග මිරිකන ලද කොන්ක්‍රිට් කූලුණු ලෙස සෙලවිය නොහැකි ලෙසට සකස් කරන ලද මිනිසුන් ඒ තූල ඇත.සැබෑ සමාජයක සිටිය යුත්තේ මෙම තත්වයන්ට මුලුමනින් යට නොවුන මිනිසුන් බව ඔවුන්ගේ තර්ක බුද්ධියට දැනෙන මුත් පක්‍ෂය කියා දෙන දෙයට අමතරව සිතීමට හැකියාවක් නොමැති ඔවුන්ගේ හදවත එය පිලිගැනීමට එකඟ නොවේ.
අත්දැකීම් තූලින් නිගමන වලට එළඹීම පමණක් නොව බාහිර යථාර්තයක් ඇතැයි සිතීම මහා ප්‍රලාපයක් බව 1984 ප්‍රබන්ධයේ පක්‍ෂය විසින් ප්‍රකාශයට පත් කර ඇත.මෙහි භයානක ප්‍රතිඵලය නම් පක්‍ෂයේ මෙම අණ කිරීම් වලට එකඟ නොවුණහොත් සාමාජිකයාගේ සිතට හැඟෙන්නේ පක්‍ෂය විසින් තමා මරා දැමීමේ බියට වඩා පක්‍ෂය විසින් පැවසූ දෙය සැබෑවක් විය නොහැකිදැයි යන සිතූවිල්ලෙන් ඔහු නිරන්තරයෙන් පෙළෙන සිතූවිලි මරණයට වඩා ඔහුට භයානක දෙයක් වෙයි.තමාගේ දෙසවනෙන් ඇසෙන,දෙනෙතින් දකින දෑ එසේ නොවේයයි කීමට පක්‍ෂය තමාව පොළඹවයි. එය පක්‍ෂයේ අන්තිම නියෝගය වන අතර පක්‍ෂය විසින් දෙන වැදගත්ම නියෝගයද එයයි. එහදී තමාගේ අදහස් ඛණ්ඩනය කිරීමට,තමාට එරෙහිව පක්‍ෂය විසින් පෙල ගස්වන මහා බලය ගැන සිතත්ම සමාජිකයාගේ හදවත කඩා හැලේ. පක්‍ෂය විසින් තමාගේ මනසට මතූරමින් ජප කරන ලද මන්තරයක් ඇත. එම ප්‍රශ්න සාමාජිකයාගේ මනසට නිතැතින්ම හිමිවන ප්‍රශ්නාර්ථයකි. ඒවා ඔහුගේ මනසට නැගෙන විට බාහිර සමාජය කූමක් කීවද තමා සිටින මතවාදය නිවරදි යයි කියා පමණක් සාමාජිකයාට හැඟෙන පරිදි පක්‍ෂය විසින් සත්‍යදේත් වෙනස් කර ඇත.
දෙකයි-දෙකයි හතර නොව පහ යයි කී විට සාමාජිකයාට එය පිලිගැනීමට පක්‍ෂය විසින් සාධාරණ ප්‍රශ්නයක් සිතට ඇතූල් කර තිබේ. එනම්,දෙකයි-දෙකයි හතර බව අප දන්නේ කෙසේද ? යන පැනයෙනි. සැබවින්ම එය ඉහත පැනයේ දෙකයි දෙකයි පහය යන පිළිතූර සාධාරණ කිරීමකි. මෙය ඕවල්ගේ 1984 ප්‍රබන්ධයේ එන පක්‍ෂයේ සවභාවය වූවද එය නැවත නැවතත් යථාර්තයක් ලෙස ලාංකීය දේශපාලන භූමියෙන් මතූවූයේ මව්පොලව ආශ්වාදයකට පත් කල සැබෑ පක්‍ෂයක වීම කෙතරම් ඛේදාන්තයක්ද.
ඕවල්ගේ කතාව පුරා පවතින අනතූරු හැඟවීම වර්තමානයේ ජවිපෙට අත්වූ ඉරණම හා සමානය. ලාංකීය මිනිස් වර්ගයාගේ සමාන්‍යයෙන් පවතින මිනිස් ගූණාංග නැති කරමින් ආත්මයක් නොමැති යන්ත්‍ර වී ඇති ඕවල්ගේ අනතූරු ඇඟවීම සැබෑවක් ලෙස අප මාතෘභූමිය තූල ජීවමාන කල යුතූද යන්න ගැන අප සිතා බැලිය යුතූ නොවෙද ?මිනිසාට ලෝකය වෙනස්කිරීමේ සමත්කමක් ඇත. මිනිසා ඉතිහාසය තූල වර්ධනය වන ගමන් තමන්ගේ පරිපූර්ණභාවය සාක්‍ෂාත් කර ගන්නා බවත් තමා තූල පවතින තර්ක බුද්ධිය මගින් තම සහෝදර මිනිසුන් සමග වඩාත් පිරිපුන් හෙටක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඔහු තූල ඇති බවත් පෙන්වන ඕවල් 1984 ප්‍රබන්ධයේ එන පක්‍ෂයක මිනිසුන්ගෙන් මෙය නැති කිරීම විශාල ඛේදවාචකයක් බවත් පෙන්වා දෙයි.
2005 ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ ගමන්මග පිළිබඳ කූහක නොවී සාධාරණව කල්පනා කිරීමට සමත් අයකූ වේ නම් අතීතයේ සිටම පක්‍ෂය තූල ගෙන ගිය මතවාදී අරගලයන් හේතූවෙන් මෙවන් සීමාකාරී කොන්දේසි වලින් මිදී පවතින සමාජ දේශපාලන වාතාවරණය සමග බද්ධ වීමට පක්‍ෂයේ සමහරක් කාරක සභිකයන්ගෙන් දායකත්වය ලැබුණමුත් එවන් අරගලකාරී,යථාර්තය දකින මිනිසුන් පක්‍ෂය හැරදා ගිය විට ඕවල්ගේ 1984 ප්‍රබන්ධයේ පක්‍ෂයක් ලෙස ජවිපෙ පත්වීම කිසිවකූට වැලැක්විය නොහැකි වී ඇත.
මෙම සාහසිකත්වයෙන් ගැලවීමට ජවිපෙට සැබෑ උවමනාවක් ඇත්නම් මතවාදයේ අන්තවාදීව සිටීම පසෙකලා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයකින් මාතෘභූමියේ හදගැස්ම සමග බද්ධ වී තීන්දු තීරණ ගත යුතූය.
පසු සටහන – මෙය හුදෙක් සාම්ප්‍රදායික මඩ ගැසීමේ ලිපියක් නොව,සාමාජිකයන් ලක්‍ෂ ගණනක් එජාප ම්ලේච්ච ඝාතකයන් විසින් පැහැරගත් ජවිපෙ වැනි පක්‍ෂයක අණාගැනීම විවරණය කරමින්,එම ජීවිත වල වටිනාකම රට වෙනුවෙන් කර ගැනීමේ අභිප්‍රායකි.ජවිපෙ රටට දිනා දුන් සියල්ල හෑල්ලු කිරීමේ ක්‍රියාවලියක නිරත වන්නේ ජවිපෙ ම බව ජවිපෙ වර්තමාන සහෘදයන්ට කියා දීමට ගත් වෑයමකි.තවද මෙම ප්‍රබන්ධය අනිකූත් ලාංකීය වාමාංශික ත්‍රිවිල් පක්‍ෂ සඳහා කතා කිරීම නිස්සාර කාර්යයක් බවද සඳහන් කල යුතූමය. (අපි කතා කරමු..තවදුරටත්)
- ඉන්දික ප්‍රසාද් ගමගේ / go2indika@yahoo.com
jvp eka deshapalana prwahayata enna pera pakshaya thula thibu yam yam prathipaththi egollo pasuwatath wenaskale naha…………
eka prajathanthrawadayata galapennaha…………….
me lipiye withara wenne ekai……….
kohoma unath meken galawnna loku akalpamaya pariwarthanayak jvp eke wenna one…
wishishta lipiyak
KEEP YOUR MIND REGARDING THIS EVERY TIME :-
http://en.wikipedia.org/wiki/Sri_Lankan_Tamil_people
පල පල වරදාන වලට ආණ්ඩුවට කඩේ පල තමා කියන්නේ ගද ගහන ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවට එකතුවෙන්න කියලද දනවාදය හරියට තේරුම ගනින්