“නිවහල් අධ්‍යාපනය” – ‘ගුරු තරුවෙන් ‘ පෙන්වන මග දිගේ….

- නිදහස් මෙන්ම නිවහල් අධ්‍යාපනයක් වෙනුවෙන්…

අධ්‍යාපන පෞද්ගලීකරණය අද දවසේ ලේ සෙලවෙන කතිකාවක් බවට පත්ව තිබේ.පිරිසක් ‘නිදහස් අධ්‍යාපනයේ’ මුරබල්ලන් වීමටද  තවෙකෙකු ‘අධ්‍යාපන පෞද්ගලීකරණයේ” පියවරුන් වීමටද වෙහෙසෙන අයුරු පෙනේ. තවත් සමහරෙකු සමස්ථ අධ්‍යාපන පුද්ගලීකරණයට එරෙහි වනු වෙනුවට තමන්ගේ අනාගත රැකියා සහ ආදායම් අහිමිවීමේ භීතිය වෙනුවෙන් හුදු  ‘පුද්ගලික වෙද විදුහල්’ විරෝධය වැනි පටු සීමාවක සිරවී ඇතැයිද චෝදනා නැගේ.

අධ්‍යාපන ක්ෂේත්‍රය අරඹයා කන්නන්ගර යුගයෙන් පසු සිදුවන තීරණාත්මක හැරවුම වන ‘පෞද්ගලික විශ්ව විද්‍යාල’ පිළිබඳ කාරණය සමාජය තුල හොඳින් කලතා ඇතිකලයුතු කතිකාවකින් පසු සීරුවට ගත යුතු දේශපාලන තීන්දුවකි. නමුත් සිදු නොවන්නේද එයමය. ප්‍රකාශිත අරමුණුවලට වඩා මෙහි යම් සැඟවුනු අරමුණක් ඇත්දැයි සාධාරණ සැකයක් ගොඩ නැගෙන්නේ එහෙයිනි. ‘පෞද්ගලික නම් එපා ‘ යනුවෙන් වීදි බසින හුදු විරෝධාකල්පිකයන්ට මෙන්ම ‘මේක තමයි ට්‍රෙන්ඩ් එක .ලිං මැඩියොන්ට ඕව තේරෙන්නේ නෑ’ යනුවෙන් නැගෙන ‘ධනාත්මක’, ‘නූතනවාදී’ සිතිවිලිකරුවන්ට මෙන්ම විෂයභාර ඇමතිවරයා ඇතුලු බොහෝ දෙනාට මෙහි ගැඹුරින් හදාල ඒකමතියක් නොමැත. බොහෝ දෙනාගේ මේ පිලිබඳ මතය බොහෝ පටු සීමාවකට සීමාවන පෞද්ගලික කාරණා පමණි.

එබැවින් කල යුත්තේ සමාජයේ විවිධ තලයන් ඔස්සේ සිදුකරන දාර්ශනික කතිකාවකට ඉඩ සලසා එමගින් ලැබෙන අදහස්ද උපයෝගී කර ගනිමින්  ‘නිවහල් අධ්‍යාපනය’ තහවුරු වන දෙසට ගමන් කිරීමය.

ජයලත් මනෝරත්න නම් අපේ යුගයේ ‘පිනට පහළ වූ’ විශිෂ්ඨ කලාකරුවාගේ  ගුරුතරුව නාට්‍යයේ ‘නිවහල් අධ්‍යාපනයක්’ වෙනුවෙන් කෙරෙන මේ කතිකාව මේ සියලු දෙනාට තම තමන් නියෝජනය කරන අන්තයන් පිළිබඳ නැවත සිතන්නට හොඳ අවස්ථාවක් යැයි සිතේ.

ගුරු තරුව වේදිකා නාට්‍යයෙන්….

සංවාද සටහන උපුටා ගැනීම ගුරුතරුව නාට්‍යයෙන් :

මුල් ගුරුතුමා :

ඔන්න ඔය නිසයි මම කියන්නේ .අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාල සීමාවක් කියල.ඒ කියන්නේ යුග දෙකක් අතර.එක යුගයක් මැරෙනව .තව යුගයක් උපදිනව.ඒක තමයි යථාර්තය.නිදහස් අධ්‍යාපනය කියන එක ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් හඳුන්වාදිය යුතු විලාසිතාවක් නෙවෙයි.මහාවිහාරය ජේතවනය අභයගිරිය වගේ තක්සලාවලින් ඇරඹි , උතුරු මුල , දකුණු මුල , කපුරු මුල , වාද මුල , ගල්කුළු මුල , විල්ගමුව , මහනෙත්පාමුළ වැනි නිකායානුබද්ධ විද්‍යාතනය ඔස්සේ විකාශනය වෙලා  පැපිළියානේ සුනේත්‍රාදේවී , කෑරගල පද්මාවතී , තොටගමුවේ විජයභා , රයිගම ගණානන්ද වැනි මහා පිරිවෙන් දක්වා පරිනාමය වෙච්චි නිදහස් අධ්‍යාපන රටාවක් හෙළයේ තිබුණා.ඒ විතරක්ද. මේවායින් කලා කෞෂල්‍ය , විද්‍යා විශාරදත්වය , දියදම්වේදය , මානව හිතවාදීත්වය ඈ නන්වන් සිප් සතර හදාරන්නත් අවස්ථාව තිබුනා.

නැටුම් ගුරුතුමා :

මුල් ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ.අපේ හෙළ හැදියාව , ආගන්තුක සත්කාරය ,  මානව දයාව දඩමීමා කරගෙන හෙල දන මන පරගැති කිරීමේ නිකේතන විදියට මිෂනාරී අධ්‍යාපනික සිප් කරුවන් බිහිවෙන්නට පටන් ගත්තා.

මුල් ගුරුතුමා :

අන්න ඒ ආත්මාර්ථකාමී අධිරදවාදී ආක්‍රමණිකයො තමන්ගේ ආර්ථික සමාජ කළමනාකරණයට අවශ්‍ය කරන මානසික කුලීකාරයො බිහි කරන්න තමයි උන්ගේ භාෂාවෙන් උන්ගේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් සුළු පිරිසකට අවස්ථාව ලබා දුන්නේ

ඉංග්‍රීසි ගුරුතුමා

එහෙමවත් අවස්ථාවක් ලබා නොදුන්න නම් ද ඉතුරු වෙයි මේ විදියටවත් අධ්‍යාපනය.

මුල් ගුරුතුමා :

ඉතුරු උනා තමයි. අනේ අපේ අර සරණ හෙළයාගෙන් නිදහස් අධ්‍යාපනය ගිලිහිලා .දත් – නොදත් , ඇති- නැති ,හැකි-බැරි ,දග්ධ-විදග්ධ පරතරය තවත් වැඩි වුනා.ගැතිවාදී සුළුතරය වරප්‍රසාදලාබීන් උනා.අපේ ගමේ කොල්ලන්ට නිදහස් අධ්‍යාපනය කනා පල්ලම් ගහන විජ්ජාවක් උනා.

ඉතිහාස ගුරුතුමා

විජ්ජාවක්.විජ්ජාවක්කියනකොට ඉතිහාස ගුරුවරය හැටියට මට මතක් වෙන්නේ සමකාලීනව ඔය විජ්ජාවම පෙන්නපු ඉන්දියාව.1935 දී භාරතයේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඊනියා කමිටුවේ සභාපති ඉංග්‍රීසි ජාතික තෝමස් ග්‍රවියෙල් මැකොල් සාමිවරය කිව්වේ මොකක්ද ? පාලකයන් වන අප සහ ලක්ෂ සංඛ්‍යාත වූ රට වැසියන් යා කරන අතරමැදි තෝල්කයන් විය හැකි පිරිසක් , ඒ කිව්වේ ලෙයින් සහ පාටින් භාරතීයන් වූ සංකල්ප , ආකල්ප හා සදාචාරය අතින් ඉංග්‍රීසීන් වන පන්තියක් අප විසින් සැකසිය යුතුය කියල.අපේ පුංචි ලංකාවේ කලු සුද්දො බිහි වුනේ ඔය ආකාරයට නොවේද ?

නැටුම් ගුරුතුමා :

ගැල් කරුවා ගොනා හික්මවන්නේ ගමන යා ගන්න මිසක්කා ගෙරියාසනසන්න නෙවෙයිනේ.ඉතිහාසෙත් ඕව සිද්ධ වෙනවා.

ඉතිහාස ගුරුතුමා

ඉතිහාසය.ආන්න.ඒ ඓතිහාසික පසුබිමේ ඉඳගෙන තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම විවස්ථාව යටතේ ස්ථාපිත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගරු අධ්‍යාපන ඇමති වශයෙන් පත් වුනු ආචාර්‍ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ශ්‍රීමතානෝ

මුල් ගුරුතුමා :

ඒ කිව්වේ අපේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය

ඉතිහාස ගුරුතුමා

සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය අධ්‍යාපන වරම් පියවරෙන් පියවර කෙමෙන් පීඩිත පන්තිය අතරට විහිදිමේ මහා විප්ලවය ආරම්භ කලේ.

මුල් ගුරුතුමා :

එදා 1944 මැයි තිස් වෙනිදා අධ්‍යාපන සංශෝෂන ආඥ්ඥා පනත මගින් නිදහස් අධ්‍යාපන යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට අපේ කන්නන්ගර මැතිතුමා ඉදිරිපත් කලේ මෙහෙමයි.තෝම්ස් ග්‍රේ කියන කවියගේ පද හතරකුත් ගායකා කරමින්.මෙන්න මෙහෙම

සංගීත ගුරුතුමිය :

නොයනා හිරු රැස් සිතු ගැබ පතුලට

අගනා මිණි රැස් අඳුරෙම සැඟවෙත

පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත

හමනා සුළඟින් වනයෙම පරවෙත

විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැලවී සුවඳ අහිමි වී යන නයින් ඈත පිටිසරයේ දිළිඳු ගොවි පවුලක පොල් අතු සෙවනේ ඉපදී බුද්ධියේ සහ භාග්‍යයේ එළිය නොලබා නිවී මිලිනවන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහිකල යුතුය.

නැටුම් ගුරුතුමා :

හැබැයි සී.ඩබ්ලිව්.ඩබ්ලිව් එදා එහෙම කිව්වට මොකද ගස් බැලයන්ට අධ්‍යාපනය දුන්නම ගමේ පොල් කඩන්නේ කවුද කියපු ජාතික වීරයොත් එදා හිටිය.

මුල් ගුරුතුමා :

ඒ ගඩොල් වීරයො.

ඉතිහාස ගුරුතුමා

ගඩොල් කියනකොට එදා කන්නන්ගර උන්නැහේ මෙහෙමත් කියල තියෙනව. “ගරු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකවරුනි.එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුව .මා එනවිට තිබූ ගඩොලින් බැඳි රෝමය වෙනුවට ඉතිරි කර ආවේ කිරි ගරුඬ රෝමයකි කියල.අන්න ඒ වගේ අපි යන විටත් මිල අධික අධ්‍යාපනයේ මිල බැස්සුවාය, වසා මුද්‍රා තමන ලද පොතක් මෙන් තිබූ අධ්‍යාපනය විවෘත ලිපියක් බවට පත් කලාය,ධනවතුන්ගේ වරප්‍රසාධයක් වූ අධ්‍යාපනය දිළින්දන්ගේ දායාදයක් බවට පත් කලාය කියල උදම් අනන්න පුළුවන් නම් මෙම රාජ්‍ය මන්ත්‍රණ සභව,ඒක කොයි තරම් අගේද  ” කියල

ඉංග්‍රීසි ගුරුතුමා

ඔව් එදා ඒ හිතපු දේ අද ඉෂ්ඨ වෙලා තියවනද කියන එකයි ප්‍රශ්නේ ඉස්කෝලෙ මහත්තයෝ.

නැටුම් ගුරුතුමා :

ඉෂ්ඨ වෙලා නැත්නම් අපි ඒක ඉෂ්ඨ කරගන්න ඕන

මුල් ගුරුතුමා :

කොහොමටත් කන්නන්ගර මහත්තයගේ යෝජනා නිකන්ම සම්මත උනෙත් නෑ.බාධක වැට කඩොළු බොහොමයක් තිබුනා.යන්තම් හරි අත හිත දුන්නේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ හිටපු හේරත්නායක , ඊ.ඒ නුගවෙල , එස්.ඒ වික්‍රමසිංහ ආචාර්ය එන් එම් පෙරේරා යන මහත්වරුන් කියන වග මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි….

අපේ මේ උදා රැස්වීම දේශපාලන රැස්වීමක් වුනාදෝ කියල මට හිතෙනව.

කොහොමටත් ඉතින් දේශපාලනයෙන් තොර අධ්‍යාපනයකුත් නෑනේ.

ඉතිහාස ගුරුතුමා

හැබයි අධ්‍යාපනයෙන් තොර දේශපාලනඥ්ඥයො නම් ඉන්නව.

නෑ මම කිව්වේ ඉඳල තියෙනව.

……………………………………

සටහන

-  කැලුම් නිරංජන

13,692 Viewers

82 Comments to ““නිවහල් අධ්‍යාපනය” – ‘ගුරු තරුවෙන් ‘ පෙන්වන මග දිගේ….”

  1. නූතන ඡායාරූප ශිල්පියා. says:

    ගුරුතරුව ඉතා හරවත් රසවත් නාට්‍යක්.මා එය දෙවරක් නැරඹුවෙමි. කොහොමවුනත් නිදහස් අධ්‍යාපනය හරහා බිහිවුනු උගතුම් බොහොමයක් පිට රට ගොසිනි.එවුන්ට ඩයසපෝරවටවත් උත්තර කිරීමේ බුද්ධියක් හයියක් නොමැත.තව කොටසක් ලංකාවේ දුප්පත් අහිංසක ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට අරගනී.ලෙඩ්ඩුන්ට පිහි පාර අනී.විටෙක දූෂණය කරයි.නිරුවත් චායාරූප 6000ක් ගත් අවස්ථාවක් ලඟදී වාර්ථාවිය.
    නීතීඥයෝ වූවන් හොරුන් මිනිමරුවන් කුඩු ඒජන්තයින් නිදහස් කරමින් ගණිකාවෘත්තියේ යෙදේ.

    විශ්ව විද්‍යාල වලින් එලියට ආවට පස්සේ තවකෙක් රට අස්ථාවර කිරීමට අවශ්‍ය ත්‍රස්තවාදී දේශපාලන සංවිධාන සමග ක්‍රියාකාරී වැඩකොටසක් කරයි.මේ හැමෝම නිදහස් අධ්‍යාපනේ මගින් බිහිවු අවජාතකයෝ. අපේ බදු සල්ලි තවදුරටත් මෙවැනි මව්බිමට ආදරේ නැති තම ජාතියට හතුරන් වින කරද්දි නැගී නොසිටින හතුරා සමග එක්කාසු වන “සොම්බීස්” ලා සදහා වියදම් කිරීම මහ අපරධයකි,ජාතික අපරාධයකි!

    අපට මේ පැරණි ගරාවැටුණු පද්ධතිය නිසා හති වැටී තිබේ.නූත්නත්වයට ජාතිය ගෙනයාමට විෂම බලවේග පෝශණය කිරීම නොකරන්න.

    • හෙළයා says:

      ඔබ නගන චෝදනාවට උත්තරය නාට්ටියේ දෙබස් වලම ගැබ් වෙලා තියනවා.

      මුල් ගුරුතුමා :

      ඔන්න ඔය නිසයි මම කියන්නේ .අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාල සීමාවක් කියල.ඒ කියන්නේ යුග දෙකක් අතර.එක යුගයක් මැරෙනව .තව යුගයක් උපදිනව.ඒක තමයි යථාර්තය.නිදහස් අධ්‍යාපනය කියන එක ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් හඳුන්වාදිය යුතු විලාසිතාවක් නෙවෙයි.මහාවිහාරය ජේතවනය අභයගිරිය වගේ තක්සලාවලින් ඇරඹි , උතුරු මුල , දකුණු මුල , කපුරු මුල , වාද මුල , ගල්කුළු මුල , විල්ගමුව , මහනෙත්පාමුළ වැනි නිකායානුබද්ධ විද්‍යාතනය ඔස්සේ විකාශනය වෙලා පැපිළියානේ සුනේත්‍රාදේවී , කෑරගල පද්මාවතී , තොටගමුවේ විජයභා , රයිගම ගණානන්ද වැනි මහා පිරිවෙන් දක්වා පරිනාමය වෙච්චි නිදහස් අධ්‍යාපන රටාවක් හෙළයේ තිබුණා.ඒ විතරක්ද. මේවායින් කලා කෞෂල්‍ය , විද්‍යා විශාරදත්වය , දියදම්වේදය , මානව හිතවාදීත්වය ඈ නන්වන් සිප් සතර හදාරන්නත් අවස්ථාව තිබුනා.

      නැටුම් ගුරුතුමා :

      මුල් ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ.අපේ හෙළ හැදියාව , ආගන්තුක සත්කාරය , මානව දයාව දඩමීමා කරගෙන හෙල දන මන පරගැති කිරීමේ නිකේතන විදියට මිෂනාරී අධ්‍යාපනික සිප් කරුවන් බිහිවෙන්නට පටන් ගත්තා.

      ******************

      අපට වැරදුන තැන නැටුම් ගුරුතුමා පැහැදිලිව කියල තියනවා. දැන් කල යුතු දේ ගැන පැහැදිලි වේවි කියල හිතෙනවා.

      • මාතර ආතර says:

        @හෙළයා

        එල උත්තරේ මචෝ.

        මා ද එකල මේ නාට්ටිය නරඹා
        ජයලත් මනෝරත්නයන්ගේ අපුරු ප්‍රතිභා පුරන රංගනය
        සහ මනරම් වාග් චාතුර්යා විලාස
        දැක ගත්තෙමි.

        මෙතුමා නාට්‍යය රංගනය ගැන
        පොත් ලියා ඇත්නම්
        ඒවා කියවන්නට මා කැමැත්තෙමි.
        එවන් පොතක් ඇත්නම්
        දන්නා කෙනෙක් ලියන්න.

  2. ගොන් නාම්බා says:

    මේ දෙබස් කණ්ඩයෙන් නම් මට පේන්නේ කළු සුද්දෝ නම් වෙන කවුරුත් නෙමේ ජයලත් මනෝරත්නලම තමයි කියලයි. මොවුන් මේ කතා කරන්නේ සුද්දා විසින් නැති කරපු අපේ නිදහස් පිරිවෙන් අධ්‍යාපනය නැවත ඇති කිරීමක් ගැනද? සුද්දගේ අධ්‍යාපනය විධිමත් කිරීමක් ගැන නෙමේද මේ පාරම් බාන්නේ. මම නම් හිතන්නේ මේ ගොල්ලෝ නොදන්න මඟුලක් කතා කරනවා කියලයි. අනේ මෙහෙමත් පිස්සෝ. සුද්දගේ දේ සමාජය මත පතුරුවන්නේ සුද්දෝ විසින් ඇතිකරපු අධ්‍යාපනයෙන් බිහිකරපු කාලාකාරයොමයි. මේ ඒකට තවත් උදාහරණයක් නෙමයිද?

  3. pissupusa says:

    ඒ කියන්නේ යුග දෙකක් අතර.එක යුගයක් මැරෙනව .තව යුගයක් උපදිනව.ඒක තමයි යථාර්තය………

  4. අජය says:

    අප රටේ ඇත්තේ නිදහස් අධ්‍යාපනයක් නොව නොමිලේ අධ්‍යාපනයකි. පන්සල කේන්ද්‍ර කරගත් ගුණධර්මවලින් පරිපුන් පැරණි අධ්‍යාපන ක්‍රමය නැවත ඇතිකළ නොහැක. එයට වත්මන් සිසු පරපුරවත්, ඔවුන්ගේ දෙමාපියන්වත් අන්‍ය ආගමිකයන්වත් එකඟ නොවනු ඇත. දැන් කල හැක්කේ පැරණි අධ්‍යාපනයේ සාර ධර්ම නුතන අධ්‍යාපනයට මුහු කිරීමයි. එය වත්මන් ගුරුවරුන්, උගතුන්, පර්යේෂකයන් හා අධ්‍යාපන බලධාරීන් සතු වගකීමකි.

    නොමිලේ අධ්‍යාපනය නිසා අධ්‍යාපනය ලැබීමට කැමති අකමැති සැමට එය ලැබිණි. ඉන් අධ්‍යාපන අවජාතකයින්ද බිහි වී ඇත. කලියුගයේ ඕනෑම ජන සමාජයකින් සාම්පලයක් ගත්විට බහුතරය අදමිටුවන් ය. එය නොමිලේ අධ්‍යාපනය ලබා පිටවුවන්ටද පොදු ය. අප රටේ රැකියාවන්ගෙන් 99% කටම සා/පෙළ දැනුම ප්‍රමාණවත්ය. එබැවින් නොමිලේ අධ්‍යාපනය සා/පෙළ දක්වා පමණක් දීම ප්‍රමාණවත් බව මගේ හැඟීමයි. උසස් අධ්‍යාපනය ලැබීමට කැමති අය ඒ වෙනුවෙන් ඔනම් කැප කිරීමක් කරනු ඇත. ඝවෙෂනශීලි වනු ඇත. හුදෙක් රැකියාවන් පිණිස නොව ප්‍රඥාව පිණිස අධ්‍යාපනය ලබනු ඇත. එවිට අධ්‍යාපනය සැබවින්ම නිදහස් වනු ඇත.

  5. සිතුවිළි says:

    නිදහස් අධ්‍යාපනයක් ගැන අද කථා කිරීම සැබැවින්ම බමුණු කුල රකින්නන්ගේ පහසු අවියක් පමණි.
    සා පෙල විභාගයෙන් ඔබ්බට ගිය නිදහස් අධ්‍යාපනයක් අද ලංකාවේ තිබේද?
    රජයේ පාසැලින් ලබන අධ්‍යාපනයෙන්ම පමණක් විශ්ව විධ්‍යාලයට තේරෙන උසස් පෙල සිසුන් සිටින්නේ කුමන විශය ධාරාවකින්ද, රටේ කුමන පලාතකින්ද?
    උසස් පෙල සඳහා ටියුශන් කරනා ගුරුන් තමාට පන්ති වලට යාමට අපහසු යැයි කියා පුද්ගලික හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමට සැරසෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන්ද?
    පහසු තර්කයක් වී ඇති දුප්පත් දෙමා ප්යන්ගේ දරුවෙකුට නොමිලේ ලැබෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය අද උරුමද. ටියුශන් පන්ති සඳහා වියදම කල නොහැකි දෙමා පියන්ගේ දරුවන් උසස් පෙල සමත් වන්නේ කෙසේද? විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වන්නේ කෙසේද? ලාබ තර්ක ඉදිරිපත් කරන්නන්ට මේ සඳහා පිළිතුරු දිය හැකිද?

    ඇතැම් මුදල් ඇති දෙමාපියන්ගේ දරුවන් ටියුශ පැයක් සඳහා රුපියල් 3000 ක් වැයකරනා බව දන්නේ කීයෙන් කී දෙනාද?

    පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිවු වසරක් සඳහා වැයකල යුතු ලක්ෂ 50-60 පමණ මුදලට සාපේක්ශව මේ මුදල ලාබ නිසා මුදල් ඇති උන් රජයේ විශ්ව විද්‍යාල සඳහා සටන් කරන බව බොරුවක්ද?
    හැකිනම් නිදහස් අද්‍යාපනය වෙනුවෙන් කථා කරන උන් මෙයට පිළිතුරු දෙන්න

    • මාතර ආතර says:

      @සිතිවිලි

      1.

      ”ඇතැම් මුදල් ඇති දෙමාපියන්ගේ දරුවන් ටියුශ පැයක් සඳහා රුපියල් 3000 ක් වැයකරනා බව දන්නේ කීයෙන් කී දෙනාද?පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිවු වසරක් සඳහා වැයකල යුතු ලක්ෂ 50-60 පමණ මුදලට සාපේක්ශව මේ මුදල ලාබ නිසා මුදල් ඇති උන් රජයේ විශ්ව විද්‍යාල සඳහා සටන් කරන බව බොරුවක්ද?”

      මෙය තව පැහැදිලි කරන්න පුලුවන්ද?

      2.
      නිදහස් අද්‍යාපනය රැකීම වෙනුවෙන්
      ඔබ දෙන විසඳුම
      කුමක්ද?

  6. චංචල සිතුවිලී says:

    පෞරුෂ හුචක්කුවාදී Chinthaka,Fernando,

    ලංකාවේ තිබු දිස්ත්‍රික්ක 22න් විද්‍යා විෂයන් හැදෑරු සහ ඉන් ඉහල තනතුරු ගත්(වයිද්‍ය/ඉංජිනේරුවන්) කී දෙනෙක් 1970 ට කලින් සිටියාද? ඒ අංශ වලින් වී.විද්‍යාල වලට යාමට හැකියාව තිබුණු දෙයියන්නාන්සේ විසින් ‘තෝරා ගත් පිරිස’ හිටි දිස්ත්‍රික් දෙකක් නම් කරපන්,ඊට හේතුවත් කියපන්. ඒ දිස්ත්‍රික් දෙකට විතරක් තිබී අනිත් 20 ටම තිබුනේ නැත්තේ මොනවද?

    ආත්මගරුත්වය තිබුනේ ඒ දිස්ත්‍රික් දෙකට පමණි! අනිත් ඔක්කොම පන්ති බේදේ! අනේ හුචක්කුවෝ උඹ දන්නා ඉටිය.මේවට උත්තර දීපන්,උඹේ පෞරුෂත්වයෙන්ම.

    Affirmative Action ගැන ජීවිතේට අහල නැති තෝ වාගේ ගොබ්බයෙක්ට මේවා තේරෙන්නේ නැහැ.තොපේ දෙයියන්නාන්සේගේ’තෝරා ගත් රාජ්ජ්‍ය’හෙවත් ඊශ්‍රායලයේ වී.විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේදී වුනේ/වෙන්නේ මොනවාද කියලත් ලිපියක් දෙකක් කියවල වරෙන්.ඒ එක්කම ඇමෙරිකාව,ඉන්දියාව,මැලේෂියාව ගැනත් අධ්‍යනයක් කරපන් තප්පුලන්නේ නැතිව.

    ලෝකේ මිලියන් 100 කට කිට්ටුව ඉන්න පිරිසක් වෙනුවෙන් කඩේ යන උඹට අපි මිලියන් 15 පුළුවන් නම් Ghetto වලට යවල සමුල ඝාතනය කරන්නට පුළුවන් නම් ඒකත් කරයි අර 1939- 1943 වෙන කල් කරපු විධියට.

    • Chinthaka says:

      උඹ සංඛ්‍යා ලේඛන දන්නවා නම් ඒවා එක්ක කතා කරපන්.. මම දන්නේ නෑ මොකද්ද ඔය දිස්ත්‍රික්ක කියල….කිව්වොත් කියන්න බලන්නම් මොනවද වෙලා තියෙන්නේ කියල…. උඹලා සංඛ්‍යා ලේඛන දැනගත්තට ඒවා විග්‍රහ කරන්න දන්නේ නෑ අපක්ෂපාති විදියට…. හරියට මීහරක්ට numbers ටිකක් ලැබුන වගේ… කියපන් facts මොනවද කියල…

      • චංචල සිතුවිලි says:

        හුචක්කුවාදී Chinthaka,උඹේ දෙයියන්නාන්සේගේ ‘තෝරා ගත් පිරිස’ හිටිය දිස්ත්‍රික්ක දෙකවත් දන්නේ නැතිවද මෙතැන හුලහුප්ස් ගහන්න ආවේ? උඹ වාගේ මීහරකෙක් එක්ක සංවාදයේ යෙදෙන එකත් කාලය නාස්ති කිරීමක්. දමිලයාගේ නැතිවූ ආත්මගරුත්වයක් ගැන විලාප දෙන්න කලියෙන් 1970 ට පෙර ඔය දිස්ත්‍රික් දෙකට විතරක් ලැබුනාවූ වරප්‍රසාද ගැන ඉගෙන ගෙන වරෙන්,ෆිගර්ස් දෙන්න පුළුවන් ඊට පස්සේ. මට ෆැක්ට්ස් උඹට(අ)ෆැක්ට්ස් බන්,හේතුව උඹේ තියෙන කුහක කම! දමිලයාට දමිල වීම නිසා වුනු බම්බුවක් නැහැ බන් ලංකාවේ. මන් උඹට පිලිවලට විග්‍රහ කරලා ලියන්නම්,ඉස්සෙල්ල හොයාගෙන වරෙන් අඩුගානේ අර ‘තෝරා ගත් පිරිස’ හිටිය දිස්ත්‍රික් දෙක.

        • Chinthaka says:

          මම හිතන්නේ උඹ කියන්නේ කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක දෙක….. ඒත් යාපනය කොළඹට සමගාමී වෙන්නේ එහි කොළඹට සමාන්තර පහසුකම් තිබුණ නිසා කියලද උඹ කියන්න සැරසෙන්නේ…?? That ‘s bullshit යාළුවා…. යාපනය කොළඹට සමාන්තර ලෙස සැලකුවේ එහෙ එවුන් වැඩියෙන් ඉගෙනගන්න දක්වපු උනන්දුව නෙමෙයි ද…?? යාපනයේ උගතුන් බිහිවීම උඹල රිස්සුවේ නැති නිසා නෙමෙයි ද…??

    • Chinthaka says:

      affirmative actions…?? ඇමරිකාවේ 1960 ගණන් වලට කලින් වෙච්චි දේවල් උන් හදාගත්ත… ඒත් තොපි…?? තොපි මොනවද කරලා තියෙන්නේ ඒ වැරදි නිවැරදි කරන්න…

      • චංචල සිතුවිලි says:

        ගොන් අලියෝ,ඇමෙරිකාවේ වි විද්‍යාල ඇඩ්මිෂන් සඳහා ඇෆ්ෆර්මටිව් ඇක්ෂන් යෙදුවේ 1971 න් පස්සේ. කල්ලන්ට ඒවාට යන්තම් ඇතුළු වෙලා ඉගෙන ගන්න ඉඩ හැදුවේ දශක ගානක් උන්ව වහල්ලු කරල, තෝ ඒකවත් දන්නේ නැතිද!
        ලංකාවේ අර ‘තෝරා ගත් පිරිසට’ (ඒ දිස්ත්‍රික් දෙකට) විතරක් උරුම උන වයිද්‍ය, ඉංජිනේරු අංශ, අපි වාගේ ගමේ පොල් කඩන්න/ තේ නෙලන්න හිටිය එව්වන්ට විවර වුනේ 1958 සිංහල රාජ්ජය බස වෙලා, 1974 වි විද්‍යාල ඇඩ්මිෂන් පොලිසි වෙනස් කරපු නිසා තමයි බොල. මේවා තොට ෆැක්ට්ස් නොවුනට බන් අපට මේවා ෆැක්ට්ස්. තොට හිතේ අමාරු ඇති තොපේ ගෙවල් වල වලන් හෝදන්න ගමේ බයියල නැති වීම ගැන. ඒ වගේම සුද්දගේ සපත්තු පොලිෂ් කරලා තාන්න මාන්න අරන් ඉංගිරිසියෙන් ඉදිමිලා, අපි වගේ ගමේ බය්යියන්ට දිගටම ලොකුකම පෙන්වන්න තිබුන අවස්ථාව මඟ හැරුණු එක ගැනත් තොගේ හිතට වාවන්නේ නැහැ නේද බොල.

        • Chinthaka says:

          අපේ ගෙවල් වල කොහෙන්වත් එවුන් වැඩට ගේන්න කොරු-අබ්බගාතයෝ හිටියේ නෑ… ඒවා කරන්න සල්ලි බාගේ අපිට තිබුනෙත් නෑ… සාමාන්යෙන් ඔය ස්ර්වන්ට්ස් මානසිකත්වය සහ ඒ හරහා පවා දෙමල මිනිසුන් කියන්නේ ගෘහස්ත ‘ස්ර්වන්ට්ස්ල’ ලෙස දැක්කේ උඹලගේ සිංහල උද්දච්ච ඉහල මධ්‍යම පන්තිය තමයි….

          1958 සිංහල රාජ්‍ය බස උන නිසා ඕනෑම පන්තියක කෙනෙක්ට විශ්ව විද්‍යාල යන්න වරම් ලැබුණා කියන්නේ කුමන පදනමක් යටතේ ද…?? එතකොට 1960 පාසල් ජනසතු කිරීම නිසා ගමේ එකාට ඉංග්‍රීසි ඉගෙගන්නට තිබුණ හැකියාව නැතිවීම ගැන උඹේ කතාවක් නැද්ද…?? ගමේ එකාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න හැකියාව තිබුණු සුළු නගර මිෂනාරි පාසල් ජනසතු කරලා ඒවායේ තත්වය පහලට අද දමල, තමන්ගේ එකාට ඒ අයිතිවාසිකම් භුක්ති විඳින්නට කොළඹ නුවර රෝයල්, සැන් තෝමස්, සැන් බ්‍රිජට්, ට්‍රිනිටි ආදිය ආරක්ෂා කරගත් හැටි උඹට පේන්නේ නැද්ද…??

          ඇමරිකාව උන්ගේ විශාල වැරදිත් නිවැරදි කරන් අද ඉන්න තත්වය බලපන්… උඹලට උඹලගේ සාපේක්ෂව කුඩා වැරදි තවමත් හරි ගස්සගන්න බැරි වීමත් බලපන්… කොතනද failure එක තියෙන්නේ කියල මට දැන් කියපන්?

  7. මාතර ආතර says:

    @Chinthaka

    (& Fernando)

    Chinthaka says ”මේකයි ෆර්නැන්ඩෝ ප්‍රශ්නේ… දකුණේ කට්ටියගෙන් වෙන කෙනහිලිකම් වලින් ගොඩ එන්න එදා ඉඳන්ම දෙමළට තිබුන එකම මාර්ගය ඉගෙනීම…. අති දුෂ්කර කාලගුණික භූ සාධක මැද්දේ ඒ මිනිස්සු වගා කරේ, ඉගෙනගත්තේ ආර්ථික නිදහස ලබා ගන්න….”Chinthaka

    1.
    ඒකමනේ බූරු වහන්ස,
    දුප්පත් සිංහල සහ මුස්ලිම් පොඩි එවුන්,දුෂ්කර පලාත්වල,
    මෙරටේ නිදහස් අද්‍යාපනය
    ලබා දුන්නට පස්සේ,
    කලේ.

    ඒකනේ අපේ ගමේ පොල් කපු එකාගේ පුතයි,
    යාපනේ ලුණු වවපු ගොවියාගේ පුතයි,

    අද බටහිර ඩොකාල,ඉංජිනේරුවෝ වෙලා
    යහතින් වැන්ජම්බෙන්නේ.
    2.
    ප්‍රශ්නේ තියෙන්නේ
    සුද්ද විසින් DIVIDE & CONQUER ක්‍රමේට පාලනය කරන්න
    වැඩි අද්යාපන පහසුතා යාපනයට දීමයි.

    ඊට පස්සේ උසස් පෙලට තිබුන ප්‍රයෝගික පරීක්ෂා / සම්මුඛ පරීක්ෂණ /
    දෙමල රචනා මාදිලියේ උත්තර පත්‍ර දෙමල ගුරුවරුන් පමණක් විසින් ලකුණු දීම් ආදියෙන් ඇති වුන පක්ෂග්රාහිත්වය,
    1971 ට පෙර වෛද්‍ය සහ ඉංජිනේරු පීට වලට,
    මේ රටේ 12% ඉන්න දෙමල සිසුන්
    අසාමාන්‍ය ලෙස 50% දක්වා වැඩිවීමෙන් පෙන්නුම් කලානේ.
    නමුත් එවන් අසාමාන්‍ය ලකුණු ගැනීමක්
    විශ්ව විද්‍යාල වලට ඇතුළු වුන පසුව දෙමල සිසුන් පෙන්නුම් කලේ නෑනේ.

    ආසන්න වශයෙන් ජන අනුපාතේ එන ලෙස 1973 ඉඳන් බාසා මාද්‍ය-ලකුණු ප්‍රමිතිකරණය ඇති කරලා, මෙම අසාධාරණය රජය විසින් නවතා දැමීය.මට මතක හැටියට එයින් 3% ක් පමණක් එට කලින ඇතුළුවුන මුස්ලිම් සිසුන්ගේ ඇතුළුවීම 8% දක්වා වැඩිවිය.
    3.
    උදාහරණයක් ලෙස, දැනුදු LONDON වල කිසිම විශ්ව විද්‍යාල පැකල්ටියකට,සම්මුඛ පරීක්ෂණ තබා, ආසන්න වශයෙන් ජන අනුපාතේ එන ලෙස සිසුන් ගත්තේ නැත්නම්,සුදු පොඩි එවුන්ට වඩා කටපාඩමට දක්ෂ ඉන්දියානු සහ චීන සිසුන්ගෙන් ඒවා පිරී යනු ඇත.’පක්ෂග්‍රාහී (biased) සම්මුක පරීක්ෂණ නවතපියව්’ කියා,මෙම ක්‍රමයට හේතුව දන්නා,කිසිම ඉන්දියානු හෝ චීන සිසුවක් උඩ පනින්නේ නැත.)
    4.
    එකල සමහර දෙමල බටහිර ඩොකාල පිට රට ගොස්, ”සිංහලයෝ මෝඩ නිසා, අපි වගේ වැඩිය සිංහල උන්ට ඩොකාල වෙන්න බැරිය” කියල මතයක් LONDON වල පැතිරුවය කියල, එකල LONDON වැඩ කල සිංහල බටහිර ඩොකෙක් කියනවා මා අසා ඇත.ඒ කතාව සුද්දන් (LONDON සුදු ඩොකාල ) විසින් එම සිංහල ඩොකාට කියා ඇත.(බලගෙන ගියාම,මෙයත් divide & conquer කේලමක් වෙන්නත් බැරි නැත)
    5.
    මෙම ඉතිහාසේ අමතක කරලා, මේ රටේ ඉදිරියට ප්‍රශ්න ඇති වන වලක්වන්න,’ප්‍රශ්න හඳුනා නොගෙන-සුදු බමුණන්ගේ ‘යෝජනා’ ගෙනල්ල’,කිසිවකුට සුගතියක් වෙන්නේ නැත.

    • Chinthaka says:

      සිංහල දෙමල මුස්ලිම් කෝක වුනත් දුප්පතාට ධනවතා ඉදිරියේ තිබුණ ප්‍රශ්නයට අමතරව ප්‍රශ්නයක් දුප්පත් සහ මධ්‍යම පාන්තික දෙමලාට සම පන්තියේ සිංහලයගෙන් තිබුනා…. ඒකට සිංහල දේශපාලකයින් පෝර දැම්ම… පස්සේ දෙමල දේශපාලකයින් ඒක තමන්ගේ පැවැත්ම නිර්මාණය කරගන්න සාධකයක් කරගත්ත….

      • මාතර ආතර says:

        @Chinthaka

        මේ Facts ගැන උඹ නිස්සද්ද මොකද?
        1.
        Chinthaka says ”සිංහල – දෙමල එකට ජීවත් වෙන්න (සැබවින්ම විය යුතු ලෙස) සැලසුම් කෙරෙන..”Chinthaka

        තේසවලාමේ නීතිය
        උඹට
        නැති කොරන්න පුලුවන්ද?
        2.
        ප්‍රශ්නේ තියෙන්නේ
        සුද්ද විසින් DIVIDE & CONQUER ක්‍රමේට පාලනය කරන්න
        වැඩි අද්යාපන පහසුතා යාපනයට දීමයි.

        ඊට පස්සේ උසස් පෙලට තිබුන ප්‍රයෝගික පරීක්ෂා / සම්මුඛ පරීක්ෂණ /
        දෙමල රචනා මාදිලියේ උත්තර පත්‍ර දෙමල ගුරුවරුන් පමණක් විසින් ලකුණු දීම්
        ආදියෙන් ඇති වුන
        පක්ෂග්රාහිත්වය,

        1971 ට පෙර වෛද්‍ය සහ ඉංජිනේරු පීට වලට,
        මේ රටේ 12% ඉන්න දෙමල සිසුන්
        අසාමාන්‍ය ලෙස 50% දක්වා වැඩිවීමෙන් පෙන්නුම් කලානේ.

        නමුත් එවන් අසාමාන්‍ය ලකුණු ගැනීමක්
        විශ්ව විද්‍යාල වලට ඇතුළු වුන පසුව
        දෙමල සිසුන් පෙන්නුම් කලේ නෑනේ.

        ආසන්න වශයෙන් ජන අනුපාතේ එන ලෙස 1973 ඉඳන් බාසා මාද්‍ය-ලකුණු ප්‍රමිතිකරණය ඇති කරලා,
        මෙම අසාධාරණය රජය විසින් නවතා දැමීය.

        මට මතක හැටියට එයින් 3% ක් පමණක්
        කලින ඇතුළුවුන මුස්ලිම් සිසුන්ගේ
        ඇතුළුවීම 8% දක්වා වැඩිවිය.

        ලංකාවේ 1973 සිට
        ප්‍රමිතිකරණයෙන් කළා සේ,
        London ,New Yolk ,Sydney වල

        ‘subjective සම්මුඛ පරීක්ෂණ’ තියල
        සුද්දෝ අන්තිමට කරන්නේ,

        සුදු පොඩිවුනට වඩා කට පාඩමට දක්ෂ නිසා
        වැඩියෙන් ඉන්දියානු චීන සිසුන් එන එක වලක්වන්න
        ජන අනුපාතෙට අනුව
        සිසුන් තෝරණ එක නොවේද?

  8. Chinthaka says:

    කරුණු කාරණා වැඩියෙන් සහ සංඛ්‍යා ලේඛන එක්ක දැන හිටියා කියලා පවතින තත්වය නිවැරදිව විග්‍රහ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ…. ඒකට තියෙන්නොන සාධාරනය සහ අප්ක්ෂපතිබව සාපේක්ෂව වැඩියෙන් අගයන rational mind එකක්…. සාපේක්ෂව වැඩියෙන් අගයන කියලා කිව්වේ අපි කාටවත් නිරපේක්ෂව සපුරා අපක්ෂපාති වෙන්න බෑ, සාමාන්‍ය මිනිසුන් වශයෙන්… තමන්ගේ සිතුම් පැතුම් රටාව අනුන්ගේ දුක පවා තේරෙන විදියට සකසාගත්තේ නැති එකෙක් කොච්චර නිව්ස් බැලුවත්, සංඛ්‍යා ලේඛන කට පාඩම් කලත් නිවැරදි දේ දකින්නේ නෑ…. දකින්න බෑ… Learn to put your self in other one’s shoes.

    • මාතර ආතර says:

      @Chinthaka

      @Fernando

      උදාහරණයක් ලෙස,
      London / New Yolk / Sydney etc
      වල
      කිසිම විශ්ව විද්‍යාල
      දැනුදු
      fiersly competitive
      පැකල්ටියකට,

      සම්මුඛ පරීක්ෂණ තබා,
      ආසන්න වශයෙන් ජන අනුපාතේ එන ලෙස
      සිසුන් ගත්තේ නැත්නම්,

      සුදු පොඩි එවුන්ට වඩා කටපාඩමට දක්ෂ
      ඉන්දියානු සහ චීන සිසුන්ගෙන්
      ඒවා පිරී යනු ඇත.

      ’පක්ෂග්‍රාහී (biased) සම්මුක පරීක්ෂණ නවතපියව්’ කියා,
      මෙම Interview based selection ක්‍රමයට
      හේතුව දන්නා
      කිසිම ඉන්දියානු හෝ චීන සිසුවක්
      උඩ පනින්නේth නැත.
      4.
      එකල සමහර දෙමල බටහිර ඩොකාල පිට රට ගොස්,
      ”සිංහලයෝ මෝඩ නිසා, අපි වගේ වැඩිය සිංහල උන්ට ඩොකාල වෙන්න බැරිය” කියල මතයක්
      LONDON වල පැතිරුවය කියල,
      එකල LONDON වැඩ කල සිංහල බටහිර ඩොකෙක් කියනවා මා අසා ඇත.
      ඒ කතාව සුද්දන් (LONDON සුදු ඩොකාල ) විසින් එම සිංහල ඩොකාට කියා ඇත.(බලගෙන ගියාම,මෙයත් divide & conquer කේලමක් වෙන්නත් බැරි නැත)
      5.
      මෙම ඉතිහාසේ අමතක කරලා,
      මේ රටේ ඉදිරියට ප්‍රශ්න ඇති වන prashna
      වලක්වන්න,
      ’ප්‍රශ්න හඳුනා නොගෙන-සුදු බමුණන්ගේ ‘යෝජනා’
      ගෙනල්ල,
      කිසිවකුට සුගතියක් වෙන්නේ නැත.

      • Chinthaka says:

        කට පාඩමට මුල් තැන දීල දොස්තරලා ගත්තොත් ඒ රටවල ලංකාවේ වගේ වෙදකමට වඩා පී-පී පාරට ලොල් වී හදිසියේ රෝගීන්ට වැරදි බෙහෙත් ලියන, ලෙඩුන් පයිසෙකට මායිම් නොකරන, දොස්තර මුදලාලිලා පමණක් බිහිවෙන නිසා සහ ලෙඩුන්ගේ භාෂාව කතා කර තේරුම් ගත නොහැකිව ලෙඩුන් මරණ දොස්තරලා බිහිවිය හැකි නිසා, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සාධාරණ මෙන්ම වඩාත් ප්‍රයෝගික ක්‍රියාවක්ම ය….. එසේ නොකර සිටිය නම් අද ලංකාවේ පාසල් වල ‘ක්‍රීම්’ එක වශයෙන් මෙඩිකල් ෆැකල්ටි ගිය එවුන්ගේනුත් වෙදකමට විය යුතු සාධාරණය නොවෙනවා සේ සුද්දට වෙන්නේ නිකම් බලා සිටීමට ය… වෙදැදුරන් විය යුත්තේ කර පාඩම් ඔස්තාර්ලාට වඩා ප්‍රයෝගිකව වෙදදුරෙකු වීමට සුදුසු මිනිසුන් සහ ගැහැනුන් ය… එකී සම්මුඛ පරීක්ෂණ වල කිසිදු පක්ෂාග්‍රහිත්වයක් නම් මා අසා නොමැත..

        London කතාව එක සිද්ධියක් පමණක් වෙන්න බැරි ද…?? ඔහොම සිද්ධි ගණන් ගත්තොත් දකුණේ ද වැඩි උතුරේ ද..?

        සුද්ද නම් මේ ප්‍රශ්න අනාගෙන නැත… සුද්දාගේ යෝජනා ද සලකා බලා නිවැරදි ලෙස තීරණයක් ගැනීම අපේ රටේ විදවතුන්ට භාර ය… සුද්දට මේවායේ වැරදුන තැන් නැති තරම් ය… හේතුව උන් සැම දෙයක්ම නිරන්තරයෙන් review /revisit කිරීම සහ වැරදි හදාගැනීමයි…. සුද්දා ඒ කාලයේ හැදුව පෝර්මයක්වත් අද කාලෙට ගැලපෙන ලෙස වෙනස් කරගත නොහැකි රාජ්‍ය දෙපාර්තමේන්තු ඇති ලංකාවේ උඹ මේ දොඩවන්නේ මොනවාද…??

        • මාතර ආතර says:

          @Chinthaka
          @Fernando

          පල පල යන්න.කෙප්ප කෙලින්නේ නැතිව.
          උඹ නම් පිට රටකට අඩියක් වත් තියල ඇති එකෙක්
          වෙන්න බැරිය.

          අහල බලාපිය USA UK Australiya වලට ගොහින්,
          මේ රටට නැවත ඇවිත් ඉන්න
          බටහිර ඩොකාලාගෙන්.
          සම්මුඛ පරීක්ෂණ වලින් තෙරුවය කියල
          බටහිර ඩොකාලගේ ගුණාත්මක බව
          කිසිම අන්දමකින් වැඩි වෙලා නැතිය.

          යකෝ අදත් සම්මුඛ පරීක්ෂණ වලින් තේරිලා
          අල වැඩ කරන,
          ඇට්ටි හැලෙන්න Whisky බොන,
          කුඩු ගහන MEDIKAL STUDENTS ල,
          බටහිර ඩොකාල ඉන්නවා.

          අහුවෙන එවුන්ට විතරක්
          දඬුවම් හම්බ වෙනවා.

          මේ රටේ රජයේ වෛය්ද්‍ය විද්‍යාල වලට
          නොකර,
          මාලම්බේට විතරක්
          තෝරන කොට,
          සම්මුඛ පරීක්ෂණ තියන්නේ මොකද කියල
          උඹ දන්නවද?

          Subjective as opposed to
          Objective method of selecting medical students in USA UK Australia වල
          සම්මුඛ පරීක්ෂණ තියන්නේ,
          උඹ කියන කට පාඩම් කරලා විතරක් ඩොකාල වෙන්න දෙන්න බැරිය කීවට,

          එකේ ප්‍රධාන අරමුණක් තමයි,

          සුදු පොඩි එවුනට වඩා කම්මැලි කමෙන් අඩු,
          ඉන්දියානු / චීන පොඩි එවුන්
          ඒවාට වැඩියෙන් ඇතුළු වෙන එක පාලනේ කොරන්න,
          ආසන්න වශයෙන් ජන අනුපාතේ තබා ගැනීම.

          ඒක ඒ රටවල ඉන්න ඉන්දියානු / චීන පොඩි එවුනුත්
          හොඳට දන්නවා,නමුත්,එය අසාධාරණය කියල
          උඩ පනින්නේ නැතිය.

          Paas out වෙලා
          වැඩියෙන් සල්ලි හම්ඹ කොරන්න පුළුවන්
          ඉංජිනේරු,නීති,වාණිජ,බැංකු ආදී
          Fierce competition ඇති
          හැම පැකල්ටියකම
          තත්වය එයය.

          මේ රටේද,
          1973 සම්මුඛ පරීක්ෂණ නොතිය,
          බාසාව අනුව ප්‍රමිතිකරණය ගෙනාවේ,
          ආසන්න වශයෙන් ජන අනුපාතෙට
          සිසුන් තෝරා ගැනීමටය.

          එයින් මේ රටේ ඊට කලින් සුද්ද විසින් ඇති කල ක්‍රමයට අනුව,
          අවුරුද්දකට 50% ක් විතර මේ රටේ දෙමල බටහිර ඩොකා ල වෙච්චි ඇත්තෝ 20% කට පමණ අඩු වුන අතර,
          මේ රටේ 47% සිංහල ඩොකාල ආසන්න වශයෙන් 70% දක්වා වැඩි වී
          මුස්ලිම් ඩොකාල 3% සිට 8% ට දක්වා වැඩි විය.

          මේ රටේ සහ බටහිර රටවල එකම වෙනස,
          උන්ට ඕන වැඩේ වැඩේ,
          උන්ට ඕන ප්‍රතිපල,
          සාධාරණය කියා ලොවට පෙන්වමින්,
          ‘කපටි කමෙන්’ ART එකට කරන්න දක්ෂ වීමය.

          ලංකාවේ වගේ නොවේය,
          උන්ගේ රටේ භාෂාව සහ
          ඉතිහාසේ උගත්තේ නැත්නම්,
          පුරවැසිකම් ගැනිලි බොරුය!

          මේ රටේ එහෙමෙ කලොත්
          උඩ පනින්නේද උන්මය!!

        • Chinthaka says:

          මාතර ආතර,

          “අහල බලාපිය USA UK Australiya වලට ගොහින්, මේ රටට නැවත ඇවිත් ඉන්න බටහිර ඩොකාලාගෙන්. සම්මුඛ පරීක්ෂණ වලින් තෙරුවය කියලබටහිර ඩොකාලගේ ගුණාත්මක බව කිසිම අන්දමකින් වැඩි වෙලා නැතිය”.

          උඹ ඉන්ෆොර්මේෂන් ගන්නේ මිදී තිත්තයි කියන් එන අයගෙන් නේ… උඹ දන්නවද ලංකාවේ qualified ඩොකාල western world එකේ දී ඇනගන්නේ මොකද කියල… අපේ කට්ටියට Medicinal පැත්ත කරගන්න පුළුවන් උනාට patient management පැත්ත nil. ලංකාවේ වගේ ලෙඩ්ඩුන්ට පාර්ට් එක දාන් එහෙ වෙදකම් කරන්න බෑ ගොයියෝ… ලෙඩෙක්ට කතා කරන විදිය, එහි තිබෙන නිරවුල්තාවය, කරුනිකකම, possible law suits ගැන දැනුම සහ ලෙඩෙක්ගේ ප්‍රශ්නයට ඇහුම් කන්න දෙන්න පිළිවන් වීම ආදී නොයෙක් දේවල් exmine කරනවා… ඉතින් ලංකාවේ වගේ මම තමයි බුවා කියන් ගියොත් ඔක්කොම හබක්… A lot of hard work to be put forward.. ඉතින් ඒ වගේ දේකින් ගුණාත්මක බව වැඩිවෙන්නේ නෑ කියන එක කුහකකමක් බං… කොහොමත් අපේ දොස්තරලා ලංකාවේ නර්ස්ලගේ ඉඳන් පොඩ්ඩන්ට දාන් ඉන්න සෙල්ලම් නම් පුතා පිටරට වානා… එහෙ නර්ස්ල ඩොකාට ඔලුව නවන්නේ නෑ.. කඩේ යන්නෙත් නෑ.. ඉතින් ඒවා කාල ඉන්න බැරි වැඩවසම් යුගයේ දොස්තරලට පිටරට සිස්ටම් එක හරි යන්නෙත් නෑ… qualified exam එක අමාරුවෙන් හරි pass උනත්… අනික අල්ම්කවේ වගේ සල්ලි හොයන්න පුළුවන් සහ අමුතු පිළිගැනීමක් තියෙන රස්සාවක් නෙමෙයි පිටරට දොස්තරකම.. just another job required to run the society like another job by it self .

          “උඹ කියන කට පාඩම් කරලා විතරක් ඩොකාල වෙන්න දෙන්න බැරිය කීවට, එකේ ප්‍රධාන අරමුණක් තමයි, සුදු පොඩි එවුනට වඩා කම්මැලි කමෙන් අඩු, ඉන්දියානු / චීන පොඩි එවුන් ඒවාට වැඩියෙන් ඇතුළු වෙන එක පාලනේ කොරන්න, ආසන්න වශයෙන් ජන අනුපාතේ තබා ගැනීම”.

          ආයෙත් කියන්න තියෙන්නේ වැරදි සිතුවිල්ලකින් උඹ කරන්නේ වැරදි ප්‍රශ්නයක් හිතේ තියන් ඉන්න එක… දොස්තර කියන්නේ medically qualified වුන කෙනෙක් පමණක් නෙමෙයි western world එකේ.. ලංකාවේ ඉන්න ඇඳගත්ත දොස්තරලා, උන්ව දැක්කම කාණුවට බහින ලෙඩ්ඩු, බැගැපත් වෙන ලෙඩ්ඩු, තමන්ගේ රෝගය ගැන විස්තර ඇහුවොත් දොස්තර මහත්තය උදහස් වෙයි කියල මැරෙනකන් බයේ ඉන්න ලෙඩ්ඩු ඒ සමාජයන්වලට afford කරන්න බෑ බං…. කාගෙවත් කරුණාව මත නෙමෙයි ඒවායේ වැඩ සිද්ධ වෙන්නේ… තමන්ගේ අයිතිවාසිකම් මත… I pay for my doctor or my tax money , So I deserve the best possible treatment . එච්චරයි.

        • Chinthaka says:

          “Paas out වෙලා වැඩියෙන් සල්ලි හම්ඹ කොරන්න පුළුවන් ඉංජිනේරු,නීති,වාණිජ,බැංකු ආදී Fierce competition ඇති හැම පැකල්ටියකම තත්වය එයය”.

          පට්ට බොරු බං… මමත් ඉගෙන ගත්තේ පිටරටක තමයි… අපි නම් ඔය කියන තත්වය දැකල නෑ.. සමහර qualifications වලට පමණක් ඔය තත්වය අදාලයි… Early Childhood Teaching, Medicine වගේ… එත් IT , Engineering, Accounting, Business degrees වලට ඔහොම එකක් නම් නෑ…

          “ලංකාවේ වගේ නොවේය, උන්ගේ රටේ භාෂාව සහ ඉතිහාසේ උගත්තේ නැත්නම්, පුරවැසිකම් ගැනිලි බොරුය!”

          දැන් මම අරන් තියෙන්නේ උන්ගේ ඉතිහාසය ඉගෙන ගෙන ද…?? බොරු නේ බං… ඔන්න භාෂාව නම් ඕනේ… ඒ ඉතින් ඒ රටේ වැඩ කරගන්න භාෂාව ඕනෙම නිසා… මොකද ඒ රටවල් වලට මිනිස්සු පිටින් ගන්නේ එහෙ ඵලදායිතාවය වැඩි කරගන්න… ඉතින් භාෂාව නැතිව කොහොමද ඒ මිනිස්සු ආර්ථිකයට contribute කරන්නේ…

          උඹට ලංකාවේ ඒ කතාව කියන්න බෑ ශතවර්ෂ ගණනාවක් ඉන්න දෙමළුන්ටයි, මුස්ලිමුන්ටයි…. ඔන්න හෙට අනිද්දා යුරෝපෙන් හරි අප්‍රිකාවෙන් හරි ලංකාවට මිනිස්සු එන්න ගත්තොත් උන්ට කියන්න පුළුවන් සිංහල හෝ දෙමල දැනගත යුතුමයි කියල… හැබැයි ඉතින් එහෙම නීතියක් පනවන්නේ risk factor (ඒ මිනිස්සු එන නොඑන හැකියාව) එක තමන් අධ්‍යනය කරාට පස්සේ…

        • මාතර ආතර says:

          @Chinthaka

          Chinthaka says
          …ඔන්න භාෂාව නම් ඕනේ… ඒ ඉතින් ඒ රටේ වැඩ කරගන්න භාෂාව ඕනෙම නිසා… මොකද ඒ රටවල් වලට මිනිස්සු පිටින් ගන්නේ එහෙ ඵලදායිතාවය වැඩි කරගන්න… ඉතින් භාෂාව නැතිව කොහොමද ඒ මිනිස්සු ආර්ථිකයට contribute කරන්නේ…

          1.
          බූරුවෝ,
          කඳුකරේට තේ නෙලන්න ඉන්දියාවෙන් ආපු දෙමල ජනයට,
          මේ රටේ පුරවැසිකම ගන්න ඕන නං,
          සිංහල ඉගෙන ගන්න ඕන කියල රජය කියන කොට,
          ‘උඹලගේ හුචක්කු පෞරශේ’
          ඒ කාලේ උඩ පැන්නේ මොකෝ?
          2.
          සුද්දෝ කරන විදියට,
          යාපනේට දුන්කොල වවන්න ගෙනාපු ඉන්දියනුවන්ටයි,
          කඳුකරේට තේ නෙලන්න ආපු ඉන්දියානු කාරයන්ටයි,
          ”මේ රටේ පුරවැසිකම ගන්න ඕනනං, සිංහල බස ඉගෙනුම අනිවාර්යය” කීවොත්
          ‘හුචක්කු පෞරශේ’ ඇතුළු උඹල ”අසාධාරණ වැඩ කරන්න එපෝ” කියල උඩ පනිනවා,
          ඒ වැඩේම සහ ඉතිහාසේ ද ඇතුළුව,(උදා ඇමෙරිකාවේ එංගලන්තේ) පුරවැසිකම ගැනීමට
          බටහිර රටවල් කරනකොට
          ‘හුචක්කු පෞරශේ’ ඇතුළු උඹලගේ මුක පූට්ටු වෙනවා

  9. Chinthaka says:

    මාතර ආතර,
    එස්.එල් ගුනසේකරයන් දිවයිනට කියූ, නමුත් උඹේ වාසියට උඹ දැක්කේ නැති පාර්ට්ස්…..

    1) මෑතකදී දඹුල්ලේ මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ කියන තැනක ප්‍රචණ්‌ඩ ක්‍රියා කරන හැටි පත්තරවල පින්තූර පිටින් පළවුණා. කිsසිම ක්‍රියාමාර්ගයක්‌ අරගෙන නෑ.
    2) ඊට කලින් කෝට්‌ටේ පැත්තෙ ක්‍රිස්‌තියානි පල්ලියකටත් පහර දුන්නා. පොලිසිය කිසි දෙයක්‌ කළේ නෑ. ආණ්‌ඩුවේ මැරයෝ කරන මේ ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය නිහඬව සිටීමෙන් පෙනෙන්නෙ පොලිසිය ආණ්‌ඩුවෙ අතකොළුවක්‌ බවට පත් වී තිබෙන බවයි.
    3) පසුගියදා ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ සභාපති සතුව විදේශ විනිමය විශාල ප්‍රමාණයක්‌ තිබුණ කියල හෙළිදරව් වුණා. ඔහු මගෙත් කිට්‌ටු ඥතියෙක්‌. නමුත් මම කියන්නෙ නීතිය කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. ඔහු සතුව තිබුණ ඒ විශාල විදේශ විනිමය ප්‍රමාණය ගැන පරීක්‍ෂණයක්‌ කරනවද? නමුත් සරත් ෆොන්සේකා මහතාගේ දුවගේ නැන්දම්මා සතුව විදේශ විනිමය තිබුණයි කියල ඇයට විරුද්ධව නඩු දැම්මා. ඒක සාධාරණද?

    • මාතර ආතර says:

      @Chinthaka
      @Fernando

      ඒකම තමයි ගොනෝ
      මාත්
      S L ගුණසේකර මහත්තයත් කියන්නේ.
      1.
      ඔය ක්‍රිස්තියානි / මුස්ලිම් පල්ලි කඩන එවුන්

      (සමහර විට මහරගම එක නම්,
      රවතවත්තේ ළමා අපරාද කෙස් එකේ, බොරු චෝදනා කාලය කියන එකාව හිරේට නොයවා shape කරපු, හුචක්කු පෞරශේගේ අනුදැනුම ඇතිව කල වැඩක් වෙන්න බැරි නැත!)
      සහ

      83 ජුලි කලබල කාලේ මේ රට වනසපු එවුන්,
      ඒ කාලේ යාපනේ පුස්තකාලේ ගිනි තියපු එවුන්,

      කුඩු විකුණන ‘කුඩු දුමිය’ වගේ එවුන්,
      ගෝනවල සුනිල්,
      ජුලම්පිටියේ අමරේ වගේ එවුන්
      වනාහි
      ‘බලයේ ඉන්න රජයේ ලොක්කන්ගේ තගාල’
      කොරන අමනකම්.
      2.
      ඒ අමනකම් වලට හේතුව,
      මේ රටේ තියෙනවාය කියල උඹල වගේ එවුන් විලාප දෙන,
      සිංහලයන්ට නැති දෙමල සහ මුස්ලිම් ජනයට පමණක් ඇති,
      ආත්ම ගරුත්ව ප්‍රශ්නයක් නම්
      නොවේය.
      3.
      ඒ අමනකම්,
      උඹල වගේ අමනයන් විසින්,
      ප්‍රශ්න මොනවාදැයි හඳුනා නොගෙන
      ගේන්න හදන,
      සුදු බමුණන්ගේ ‘කනා පොට්ටේ විසඳුම්’ වලින්,
      තවත් වැඩි වී
      මේ රට තුනකට කැඩී යා හැක.
      4.
      S L ගුණසේකර මහත්තය සහ මාද කියන්නේ,
      ‘පොලිස් බල්ලන්ගේ ඉවෙන්’
      වැඩ ගන්න,
      ‘පොඩි’ සිංහල දෙමල මුස්ලිම් මිනිහට එක නීතියකුත්,
      ‘ලොකු’ සිංහල දෙමල මුස්ලිම් මිනිහට තව නීතියකුත් ඇති එක, මේ රටේ වහා විසඳීමට අවශ්‍යය,
      එකම ජාතික ප්‍රශ්නය බවය.

      • Chinthaka says:

        දෙමළාට සහ අනෙක් සුලුතරයින්ට වුන/වෙන අසාධාරනකම් මේ රටේ සාමාන්‍ය දේශපාලනයේ අතුරු ඵලයක් නම් එකී දුෂිත දේශපාලනය පිරිසිදු වී වල්වැදුණු නීතිය ක්‍රියාත්මක වෙන දාට සියලු වෙනස්කම් ප්‍රානිභූත වී යන බව සැබෑ ය….. බොහෝ කාලෙකට පසුව උඹ සමග එකඟ වෙන්නට හැකියාවක් ලැබුණි ය…. ඒත් ප්‍රශ්නය වනාහි රටේ නීතිය හා දේශපාලනය පිරිසිදු කිරීමද වඩාත් ලෙහෙසි සහ ප්‍රයෝගික…. නැතිනම් බහුතරය සුළුතරයට මනුස්සයින් ලෙස සලකන්නට ඉගෙන ගැනීම ද…??? කොයික වුනත් වැඩේ සිද්ධ වෙනවා ය…. පලවෙනි ක්‍රමය ඉහල සිට පළලට ය… දෙවැනි ක්‍රමය පහල සිට ඉහලට ය…

        • මාතර ආතර says:

          @Chinthaka
          @Fernando
          1.
          උඹ කියන ‘මෙරටේ දෙමල සහ මුස්ලිම් ඇත්තන්ට පමණක්
          ඇති,
          සිංහලයන් සහ ඒ ඇත්තන් බටහිර රටවල පුරවැසිකම ගත්තම
          නැති,
          ‘වෙනස්කාරකම්’ discrimination
          පළමුව එළිපිට සාකච්චා කර
          හඳුනාගෙන/ප්‍රසිද්ද කර
          ‘වෙනස්කාරකම්’ discrimination කරන
          සින්හයලයන් ඉන්නවනං,
          දඬුවම් දෙන්න ඕන,
          අපේ මහානාම හාමුදුරුවන් මහවන්සේ ලියා ඇති පරිදි,
          පාර්සියාවෙන් ඇවිත් රට පාලනය කරපු දෙමල එළාරගේ සාදාරණත්වයට අනුව
          දඬුවම් දීපු ක්‍රමයට.
          2.
          Chinthaka says ”සිංහල – දෙමල එකට ජීවත් වෙන්න (සැබවින්ම විය යුතු ලෙස) සැලසුම් කෙරෙන..”Chinthaka

          තේසවලාමේ නීතිය
          උඹට
          නැති කොරන්න පුලුවන්ද?

        • දුම්රිය නිවේදක says:

          58 වන වේදිකාවේ සිට ගමන් කරමින් සිටි අධිවේගී යාල්පාන් දේවිය නොහොත් Chinthaka තිරිංගය පාගා මොහොතකට මන්ධගාමි වේ.ඉන්පසුව මේ මන්ධගාමය දිගටම පවතිනු ඇත.

        • Chinthaka says:

          දුම්රිය නිවේදක,
          මගේ දුම්රිය කොතනද හයියෙන් යන්නේ.. කොතනද හෙමින් යන්නේ… කොතනද නවත්වන්නේ කියන එක මං දන්නවා… හැබැයි මහත්තයෝ පීලි පන්නන්න නම් ලේසි වෙන්නේ නෑ මේ දුම්රිය….

  10. චංචල සිතුවිලි says:

    Chinthaka,
    [මම හිතන්නේ උඹ කියන්නේ කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක දෙක….. ඒත් යාපනය කොළඹට සමගාමී වෙන්නේ එහි කොළඹට සමාන්තර පහසුකම් තිබුණ නිසා කියලද උඹ කියන්න සැරසෙන්නේ…?? That ‘s bullshit යාළුවා…. යාපනය කොළඹට සමාන්තර ලෙස සැලකුවේ එහෙ එවුන් වැඩියෙන් ඉගෙනගන්න දක්වපු උනන්දුව නෙමෙයි ද…?? යාපනයේ උගතුන් බිහිවීම උඹල රිස්සුවේ නැති නිසා නෙමෙයි ද…??says Chinthaka]
    පුතා දිස්ත්‍රික්ක දෙක හරි.දැන් පුතාට කියන්න පුලුවන්ද ලංකාවේ වැඩියෙන් ඉගෙනගන්න උනන්දුව ඇති දමිළයන් හිටියේ යාපන දිස්ත්‍රික්කේ පමණද එහෙනම් ඒ මොකද කියලත්.ඒ එක්කම කියාපන්කෝ යාපන දමිළයන්ට තිබුණු ,එහෙත් අනිත් දිස්ත්‍රික්ක හිටි දමිළයන්ට නැති දේවැලුත් හොඳේ.පිළිවෙලට යමු කොල්ලෝ,සිංහල ගමේ බයියලට වුනු දේ තේරුම් ගන්නත් එක්කල.
    ඉගෙන ගන්නට ඔය මහා උනන්දුව තිබුණු යාපන දමිළයන් ගැන උඹට තියෙන සාංකාව දුරු කොරල, ලංකාවේ වෙච්චි දේ තේරුම් ගමුකො,ඊට පස්සේ ඇමෙරිකාව ගැනත් කතා කොරන්න බැරිය.

    • Chinthaka says:

      යාපනයේ අධ්‍යාපන පහසුකම් සාපේක්ෂව හොඳයි…. අනෙක් දිස්ත්‍රික්ක වලට වඩා…. අනෙක් දිස්ත්‍රික්ක කිව්වේ මන්නාරම, වවුනියා, මුලතිවු, ත්‍රිකුණාමලේ සහ මඩකලපුව වගේම මොනරාගල, අනුරාධපුර, පුත්තලම, හම්බන්තොට, නුවරඑලිය, බදුල්ල, රත්නපුර ආදිය…….. හැබැයි යාපනය කොළඹ සමග සමපාත වෙන්න තරම් පහසුකම් අතින් ඉහල මට්ටමක හිටියේ නෑ… නුවර සහ ගාල්ල ඊට ඉහලින් හිටිය…. ඒත් කොහෙවත් තිබුණු යාපනය කොහොමද විශ්ව විද්‍යාල මට්ටමේදී කොළඹට සමපාත උනේ…?? යාපනයේ දෙමල සිසුන් ඉහල ලකුණු මට්ටම් ගත්ත නිසා නෙමෙයි ද…?? දෙමල සිසුන් ඉහල මට්ටම් ගත්තේ තනිකර දෙමල ගුරුවරුන්ගේ පක්ෂග්‍රහිකම නිසා කියල ද කියන්නේ…?? එහෙම උනා නම් උන් කොහොමද විශ්ව විද්‍යාල මට්ටමේත් ඒ හැකියාවන් පිළිබිඹු කරේ..

      මාතර ආතර කියන්නේ එයාලගේ දක්ෂතාවය ෆැකල්ටි ඇතුලෙදි එහෙම තිබුනේ නෑ කියල…. ඒක බොරුවක්.. මං අහල තියෙන විදියට ඒ කාලේ ක්ලාස් ගහන තරමක් දෙමල සිසුන් හිටියේ… ජන අනුපාතයට ඉහලින්… දෙමල සිසුන් ඉහලට ආවේ දෙමල උත්තර පත්‍ර ලකුණු කරන්නන් හෝ සුපවයිසර්ල හින්ද නම් ඊට පියවරක් ගන්න ආණ්ඩුවට බැරි උනාද..?? මේවා ඔක්කොම තමන්ගෙන් වෙච්චි වැරදි වහගන්න කියන කතා…

      • මාතර ආතර says:

        @Chinthaka
        @Fernando

        Chinthaka says”එහෙම උනා නම් උන් කොහොමද විශ්ව විද්‍යාල මට්ටමේත් ඒ හැකියාවන් පිළිබිඹු කරේ..
        මාතර ආතර කියන්නේ එයාලගේ දක්ෂතාවය ෆැකල්ටි ඇතුලෙදි එහෙම තිබුනේ නෑ කියල…. ඒක බොරුවක්.. මං අහල තියෙන විදියට ඒ කාලේ ක්ලාස් ගහන තරමක් දෙමල සිසුන් හිටියේ…” Chinthaka

        පල පල යන්න පට්ට කෙප්ප නොලිය.
        උඹ නම් කැම්පස් ගිය එකෙක් වෙන්න නම් බැරිය.
        කැම්පස් ගිය එකෙක් ගෙන් හරි,postgraduate degree කරන්න බටහිර රටවලට ගොහින් ඉන්න එවුන්ගෙන් හරි, අහල දැන ගනින් උඹ ඔය කියන විදියේ මහා වෙනසක්, දෙමල සහ සිංහල සිසුන්ගේ ප්‍රතිපල අතර තියෙනවද කියල.

        කොළඹ කිසිම පැකල්ටියක,උඹ කියන අන්දමේ අසාමාන්‍ය ලෙස ක්ලාස් / distinction ගැහිල්ලක් දෙමල සිසුන්ගේ නැතිය කියල අපේ නලින් ප්රොපත් දැනට අවුරුදු 20 කට පෙර The Island පත්තරේ ලියල තිබ්බ මට මතකයි.බටහිර ගොහින් වැඩ කරලා තියෙන, මේ රටේ මා දන්නා බටහිර ඩොකාලත් කියන්නේත් ඒකම තමයි.

        උඹ ඔලුවෙන් හිටන් කීවත්,
        දැනුත් බටහිර රටවල, fierce competition තියෙන පැකල්ටි වලට (උදාහරණයක් ලෙස මෙඩිකල් පැකල්ටි වලට) තෝරන කොට, සම්මුක පරීක්ෂණ තියල,සුද්දෝ කොරන්නේ,සුදු පොඩිවුනට වඩා කට පාඩමට දක්ෂ,ඉන්දියානු සහ චීන පොඩි එවුන් වැඩියෙන් එන එක වලක්වල, ආසන්න වශයෙන් ජන අනුපාතෙට සිසුන් ගන්න එක තමයි.ඒක ඒ පොඩි එවුන් කවුරුත් දන්නවා,නමුත් ”තෝරන ක්‍රමේ හරිම subjective නේ” කියා උඩ පනින්නේ නෑ.ඒක නිසා තමයි,සම්මුක පරීක්ෂනෙන් පමණක් අසමත් වෙන ළමයින්ට, FEEDBACK ඉල්ලුවම ‘අවාසනාවකට මෙන් ,තරඟකාරීත්වය වැඩි නිසා ඔබ සම්මුක පරීක්ෂනෙන් පමණක් අසමත් විය” කියල පමණක් ලියුම එවන්නේ.ඉතින් ඒ පොඩි එකා ඊළඟ පාර සම්මුක පරීක්ෂනෙට ගියත්, ඒ ආනිසංසෙම වෙන්න පුළුවන්.ඔන්න උන්ගේ feed back!මේවා facts හොඳේ.

        1973 බසා අනුව ප්‍රමිතිකරණේ කරලා කලෙත්,(දැනුත් ?Z score දාල කොරන්නෙත්,)
        මුළු ලෝකෙම අන්තිමට බලන්නේ
        ප්‍රතිපලේ ආසන්න වශයෙන් ජන අනුපාතෙට ලඟද කියන එකයි.

  11. Chinthaka says:

    “යාපනේට දුන්කොල වවන්න ගෙනාපු ඉන්දියනුවන්ටයි,
    කඳුකරේට තේ නෙලන්න ආපු ඉන්දියානු කාරයන්ටයි,”

    මාතර ආතර ගොන් සන්,
    1) සුද්ද තේ දළු නෙලන්නයි, දුම්කොළ වවන්නයි මෙහාට ගෙනාවේ සංක්‍රමනිකයින්ද… නැතිනම් වහල් සේවකයින් ද…??
    2) තේ දළු නෙලන්නයි, දුම්කොළ වවන්නයි උන්ට සිංහල ඉගෙන ගන්න අවශ්‍ය වුනේ නැතිනම් ඊට පස්සේ සිංහල ඉගෙන ගන්න කියන්නේ අහවල් එකට ද…?
    3) ඉතිහාසගත සාධක තියෙන මිනිසුන්ට පසුව බල පවත්වන නීති අදාළ නෑ… බටහිර රටවල ඉංග්‍රීසි factor එක ආවේ බොහොම මෑතකදී… හේතුව ඉංග්‍රීසි බැරි බොහෝ සංක්‍රමණිකයින් ඒ රටවල තමන් පැමිණි කාරණා ඉටු කරගන්නේ නැතුව සහ ආර්ථිකයට දායකත්වයක් නොදී නිකම් ජීවත් වෙන නිසා…. ඒත් ඉස්සර එහෙ ගිය මිනිසුන්ට ඒවා අදාළ නෑ..

    • මාතර ආතර says:

      @Chinthaka

      Chinthaka sayas,
      1.
      ”සුද්ද තේ දළු නෙලන්නයි, දුම්කොළ වවන්නයි මෙහාට ගෙනාවේ සංක්‍රමනිකයින්ද… නැතිනම් වහල් සේවකයින් ද…??”

      තේසවලාමේ නීතිය දැම්මේ ලන්දෙසිකාරයෝ දුම්කොළ වවන්න ගෙන්නපු

      (දැන් හරියට මේ රටේ බටහිර ඩොකාලව බටහිර රටවල පුරවැසිකම දීල එහෙම තියා ගන්නවා ‘වගේ’ කියල උපකල්පනය කරමුකෝ)

      ඇත්තන්ව ඉන්දියාවට යන්න නොදී යාපනෙම තියා ගන්න දිරි දීමනාවක් ලෙසටයි.
      ඉතින් ඒ ඇත්තන් වහලුන් වෙන්න බෑනේ! හරි ඒ ඇත්තන් වහලුන්ය කියල උපකල්පනය කලොත්, උඹ කියන්න තටමන්නේ මොකක්ද බන්?
      2.
      නිකන් කියල බලපන්කො ඔය Thesawalame නීතිය තහනම් කියල විජේදාස උන්නැහේට පාර්ලිමේන්තු පනතක් ගෙන්න කියල!!
      3.
      Chinthaka says,
      ”තේ දළු නෙලන්නයි, දුම්කොළ වවන්නයි උන්ට සිංහල ඉගෙන ගන්න අවශ්‍ය වුනේ නැතිනම් ඊට පස්සේ සිංහල ඉගෙන ගන්න කියන්නේ අහවල් එකට ද…?”

      මේ රට බස අනුව බෙදන උඹේ ‘කොටි බලල’ එලියට පැන්න!

      3) Chinthaka says
      ”බටහිර රටවල ඉංග්‍රීසි factor එක ආවේ බොහොම මෑතකදී… හේතුව ඉංග්‍රීසි බැරි බොහෝ සංක්‍රමණිකයින් ඒ රටවල තමන් පැමිණි කාරණා ඉටු කරගන්නේ නැතුව සහ ආර්ථිකයට දායකත්වයක් නොදී නිකම් ජීවත් වෙන නිසා…. ඒත් ඉස්සර එහෙ ගිය මිනිසුන්ට ඒවා අදාළ නෑ”

      නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!

      • Chinthaka says:

        @ මාතර ආතර,
        1. “ඇත්තන්ව ඉන්දියාවට යන්න නොදී යාපනෙම තියා ගන්න දිරි දීමනාවක් ලෙසටයි. ඉතින් ඒ ඇත්තන් වහලුන් වෙන්න බෑනේ! හරි ඒ ඇත්තන් වහලුන්ය කියල උපකල්පනය කලොත්, උඹ කියන්න තටමන්නේ මොකක්ද බන්?”

        වහලුන් උනත් නැතත් ඒ මිනිස්සු දැන් ලංකාවේම කොටසක්…. ඒ මිනිස්සුන්ගේ පරම්පරා ගානක් මෙහෙ… ඒ අලුත් පරම්පරා දන්නේ තමන්ගේ රට කියන්න මේක විතරයි…. ඒ වගේ අවස්ථාවල අදට බලපාන භාෂා ප්‍රශ්න දැන් ඒ මිනිස්සුන්ට බලපාන්නේ නෑ… ඒවා බලපාන්නේ නව සංක්‍රමණිකයින්ට පමණයි…
        2. නිකන් කියල බලපන්කො ඔය Thesawalame නීතිය තහනම් කියල විජේදාස උන්නැහේට පාර්ලිමේන්තු පනතක් ගෙන්න කියල!!

        ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ උඹට නේ… උඹ කියපන්… ඊට කලින් මට ප්‍රශ්නයක් වෙලා තියෙන උඹලගේ සිංහල-බෞද්ධ අන්තවාදය නතර කරපන් කියන එකයි මට ඉල්ලන්න තියෙන්නේ..
        3. මේ රට බස අනුව බෙදන උඹේ ‘කොටි බලල’ එලියට පැන්න!

        ගොන් කතා කියන්නෙපා බූරුවෝ… අතීතයේ ආගමන විගමන නීති තිබුනද… උන් මෙහෙ ආව හෝ ගෙනාව උඹලගේ විජය ආව වගේම…. දුම්කොළ සහ තේ වවන්න සිංහල ඕනි කියල උඹල ඒ කාලේ කිව්වේ නැතිනම් දැන් මොනවද ඔය කතා…. කිසිම රටක අතීතයට බල පවත්වන ලෙස නීති දාන්නේ නෑ… උදා: ලෙස 1998 ජනවාරි 1 වැනිදායින් පසු ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරන්නන්ට…. යනුවෙන් තමයි රෙගුලාසි එන්නේ…. උඹ නිකම් බොරු දන්නේ නැති පාර්ට් දන්නා එපා උඹ වාසියට…. තෝ වයසට ගියේ අම්පයරින් කරලද ගොනෝ..??

        4. බටහිර රටවල ඉංග්‍රීසි factor එක ආවේ බොහොම මෑතකදී… “නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!”

        ඉස්සෙල්ල උත්තරේම ආයෙත් කියවපන්… උඹට මැන්ටල් බන්… 1695 ට බල පැවැත්වෙන විදියට දැන් නීති දාන්න පුළුවන් ද…?? යකෝ ඔස්ට්‍රේලියාවට ඇවිත් කොහොම හරි ගල් වෙලා අවුරු ගානක් හිටපු එවුන්ට පස්සේ permanent residence දුන්න…. ඒත් ඒක බල පැවැත්වුනේ එක්තරා අතීත කාලයක (යම් දවසකට ප්‍රථම) පැමිණි සංක්‍රමණිකයින්ට විතරයි…. ලංකාවේ භුක්තියට සවිවෙනවා කියල නීතියක් තිබුනේ… අන්න ඒ වගේ…

        • මාතර ආතර says:

          @Chinthaka
          @Fernando
          1.
          Chinthaka says ”වහලුන් උනත් නැතත් ඒ මිනිස්සු දැන් ලංකාවේම කොටසක්…. ඒ මිනිස්සුන්ගේ පරම්පරා ගානක් මෙහෙ… ඒ අලුත් පරම්පරා දන්නේ තමන්ගේ රට කියන්න මේක විතරයි…. ඒ වගේ අවස්ථාවල අදට බලපාන භාෂා ප්‍රශ්න දැන් ඒ මිනිස්සුන්ට බලපාන්නේ නෑ… ඒවා බලපාන්නේ නව සංක්‍රමණිකයින්ට පමණයි…”Chinthaka

          අනේ පල යකෝ යන්න,බුරු කතා නොලිය.අද බටහිර රටකට නිල් තන බිම් හොයා ගෙන යන එකත් සන්ක්රමනිකයෙක්,එදා මේ රටට දුම් කොළ වවන්න යාපනේටත්, තේ වවන්න උඩරටටත් ගෙනාපු ඇත්තනුත් සන්ක්රමනිකයෝ තමයි.තේසවලාමේ හදල දුන්න උන්ව තිය ගන්න,බටහිර රටවල පුරවැසිකම හදල දුන්න මේ රටේ එවුන්ව එහෙ තියා ගන්න.තව අවුරුදු 100ක් යන කොට මෙහෙන් බටහිර රටවලට ගිය සිංහල දෙමල මුස්ලිම් සංක්‍රමණිකයන් සහ ඉස්සර ඉඳන් මෙහෙට ඇවිත් ඉන්න සංක්‍රමණිකයන්ගේ වෙනස තියෙන්නේ, ඔය මොන වැඩේ කරන්නත්,මේ රටේ සිංහල අනිවාර්ය වීම අවශ්‍ය නෑ,හැබැයි බටහිර රටවල ඉංග්‍රීසි අනිවාර්යයි!!බටහිර රටවල ඉංග්‍රීසි අනිවාර්ය කලොත් උඹලගේ මුක පූට්ටු,මෙහෙ සිංහල අනිවාර්ය කලොත්, උඹලගෙයි, ‘හුචක්කු පෞරශයෙයි’
          -කෙන්
          දුම් දානවා.

          2. ”නිකන් කියල බලපන්කො ඔය Thesawalame නීතිය තහනම් කියල විජේදාස උන්නැහේට පාර්ලිමේන්තු පනතක් ගෙන්න කියල!!

          Chinthaka සය්ස්,”ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ උඹට නේ… උඹ කියපන්… ඊට කලින් මට ප්‍රශ්නයක් වෙලා තියෙන උඹලගේ සිංහල-බෞද්ධ අන්තවාදය නතර කරපන් කියන එකයි මට ඉල්ලන්න තියෙන්නේ..Chinthaka

          බටහිර රටවල ඉතිහාස වලට අනුව ඒ රටවල ප්‍රධාන ආගමට සහ ප්‍රධාන බස ට හිමි තන ලැබීම මෙන්, ඉතිහාසයෙන් මේ රටේ පධාන ආගමට සහ ප්‍රදාන බසට හිමි තැන ලැබීම අන්ත වාදයක් වෙන්නේ කොහොමද ගොනෝ?

          3. ”Chinthakage මේ රට බස අනුව බෙදන උඹේ ‘කොටි බලල’ එලියට පැන්න!”

          Chinthaka says ,”ගොන් කතා කියන්නෙපා බූරුවෝ… අතීතයේ ආගමන විගමන නීති තිබුනද… උන් මෙහෙ ආව හෝ ගෙනාව උඹලගේ විජය ආව වගේම…. දුම්කොළ සහ තේ වවන්න සිංහල ඕනි කියල උඹල ඒ කාලේ කිව්වේ නැතිනම් දැන් මොනවද ඔය කතා…. කිසිම රටක අතීතයට බල පවත්වන ලෙස නීති දාන්නේ නෑ… උදා: ලෙස 1998 ජනවාරි 1 වැනිදායින් පසු ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරන්නන්ට…. යනුවෙන් තමයි රෙගුලාසි එන්නේ…. උඹ නිකම් බොරු දන්නේ නැති පාර්ට් දන්නා එපා උඹ වාසියට…. තෝ වයසට ගියේ අම්පයරින් කරලද ගොනෝ..??”Chinthaka

          සුද්ද මේ රට අල්ලන් හිටපු කාලේ,නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙනේ බන්.(දැන් නම් ඒ බලය තියෙන්නේ,රාවතාවත්ත ළමා අපරාද කේස් එකේ, කේස් එක shape කරලා, බොරු චෝදනා කරපු එකා හිරේට නොයවපු ‘හුචක්කු පෞරශේට’!.) මන් කූරිය ගහන්න ඉස්සෙල්ල,IPL umpire කෙනෙක් ලෙස ඇවිත්,උඹට වැඩ පෙනන්නම්.

          4. චින්තක සය්ස්,”බටහිර රටවල ඉංග්‍රීසි factor එක ආවේ බොහොම මෑතකදී…’ඉස්සෙල්ල උත්තරේම ආයෙත් කියවපන්… උඹට මැන්ටල් බන්… 1695 ට බල පැවැත්වෙන විදියට දැන් නීති දාන්න පුළුවන් ද…?? යකෝ ඔස්ට්‍රේලියාවට ඇවිත් කොහොම හරි ගල් වෙලා අවුරු ගානක් හිටපු එවුන්ට පස්සේ permanent residence දුන්න…. ඒත් ඒක බල පැවැත්වුනේ එක්තරා අතීත කාලයක (යම් දවසකට ප්‍රථම) පැමිණි සංක්‍රමණිකයින්ට විතරයි…. ලංකාවේ භුක්තියට සවිවෙනවා කියල නීතියක් තිබුනේ… අන්න ඒ වගේ…චින්තක

          යකෝ මන් කියන්නෙත් ඒකම තමයි ‘ඉතිහාසේ නැවත විකාශනය වෙනවා’ ”එනිසා එක වලක්වා ගන්න නුවනින් පියවර ගත යුතුයි” කියන එකවත් අහල නැති බූරු වහන්සේ කෙනෙක් උඹ නම්.

          ඕක නිසා තමයි දියුණු ජපානේ,බූමි පුත්‍ර මලසියාවේ, සහ සවුදි අරාබියාවේ වගේ රටවල් කාටවත් පුරවැසිකම් දෙන්නේ නැත්තේ.බුරුමෙට ඉන්දියාවෙන් ගෙන්නපු කන්කරුවන්ව ආපහු එංගලන්තෙට එක්කන් යන්න සුද්දන්ට සිද්ද වුනේ.

  12. මාතර ආතර says:

    @Chinthaka
    @Fernando

    1.
    Chinthaka says ” ප්‍රශ්නයක් දුප්පත් සහ මධ්‍යම පාන්තික දෙමලාට සම පන්තියේ සිංහලයගෙන් තිබුනා…”

    ඒ මොකක්ද?Facts දීපන් Fiction නොවේ.

    2.
    Chinthaka says ”කාගෙවත් කරුණාව මත නෙමෙයි ඒවායේ වැඩ සිද්ධ වෙන්නේ… තමන්ගේ අයිතිවාසිකම් මත… I pay for my doctor or my tax money , So I deserve the best possible treatment . එච්චරයි..’.

    බටහිර රටක වේද පීඨ වලට සිසුන් තේරීමේදී,
    සම්මුඛ පරීක්ෂණ වලින් අනාගතේදී ,
    ”මේ සිසුව ඔය වගේ අල ඩොකෙක් වේවිද” කියා සොයා ගැනීමේ
    ‘අංජනම් බලන ක්‍රමයක්’
    බටහිර රටවල වෙද සිසුන් තෝරණ
    ‘සම්මුක පරීක්ෂණ’ වල නැත.
    එම නිසා ජන අනුපාතෙට සිසුන් තෝරණ ක්‍රමේ ගැන අපේ සාකච්චාවට, මෙය අදාළ නැත.
    ඇරත්
    මේ රටේ දෙමල / මුස්ලිම් ප්‍රදේශ වල
    සමහර
    දෙමල / මුස්ලිම් බටහිර ඩොකාල
    ලෙඩුන් කෙරේ හැසිරීමත්
    ඔහොමය.

    ඒ කෙසේ වෙතත්
    උඹ එරිසියාවෙන් බනින,
    මේ රටේ බටහිර ඩොකාල අතර,
    දුප්පත් අහිංසක ලෙඩ්ඩුන්ට ගෙම්බර් දාන්නේ නැති,
    සල්ලි පස්සේ නොදුවන,
    දෙවියන් වන් සිංහල දෙමල මුස්ලිම් ඩොකාල සිටී.
    වරක් මගේ පන බෙරුවේද
    එවන් එකෙකි.
    3.
    Chinthaka says ”අපේ කට්ටියට Medicinal පැත්ත කරගන්න පුළුවන් උනාට patient management පැත්ත nil. ලංකාවේ වගේ ලෙඩ්ඩුන්ට පාර්ට් එක දාන් එහෙ වෙදකම් කරන්න බෑ ගොයියෝ… ලෙඩෙක්ට කතා කරන විදිය, එහි තිබෙන නිරවුල්තාවය, කරුනිකකම, possible law suits ගැන දැනුම සහ ලෙඩෙක්ගේ ප්‍රශ්නයට ඇහුම් කන්න දෙන්න පිළිවන් වීම ආදී නොයෙක් දේවල් exmine කරනවා… ඉතින් ලංකාවේ වගේ මම තමයි බුවා කියන් ගියොත් ඔක්කොම හබක්… A lot of hard work to be put forward.. ඉතින් ඒ වගේ දේකින් ගුණාත්මක බව වැඩිවෙන්නේ නෑ කියන එක කුහකකමක් බං…”

    ඔය කියන එකම ගුණාත්මක බවක් වත්,
    බටහිර රටවල
    සිසුන් තෝරණ සම්මුක පරීක්ස්හනෙන්
    සොයා ගන්න බැරිය.

    එහෙම පුළුවන් නම්,
    බටහිර රටවල පැකල්ටියට නොතේරුන සිසුන්,
    සම්මුඛ පරීක්ෂණයෙන් පමණක් අසමත් වී වෙද පීට වලට නොතේරුන විට
    සම්මුක පරීක්ස්හනෙන් නොතේරුන හේතු,
    FEED BACK කරන්නය කියල ඇහුවම,
    එම සිසුන්ට උන් එවන ලියුම,
    ”අවාසනාවකට,තරඟකාරීත්වය වැඩි නිසා,ඔබ සම්මුඛ ප්රීක්ස්හනෙන් නොතේරුනි” කියා එවීමන්
    පෙන්නුම් කරන්නේ,

    අන් කිසිවක් නොව,

    ‘subjective සම්මුඛ පරීක්ෂණ’ තියල
    සුදු පොඩිවුනට වඩා කට පාඩමට දක්ෂ නිසා
    වැඩියෙන් ඉන්දියානු චීන සිසුන් එන එක වලක්වන්න
    ජන අනුපාතෙට අනුව
    සිසුන් තෝරණ එක
    නොවේද?
    4.
    ඇරත්
    උඹ ඔය ඉරිසියාවෙන් බනින,
    සම්මුක පරීක්ෂණ නොතිය
    මේ රටේ පැකල්ටි වලට තේරුණා වූ,
    මේ රටේ ඩොකාල,

    පස්චාත් උපඩිය ගන්න
    බටහිර රටවලට ගියාම,
    උඹ කියන සුද්දෝ වැඩ කරන විදියටම
    වැඩ කරනවාය.

    ඒ නිසා අපේ ඩොකාල සම්මුක පරීක්ෂණ වලින්
    පැකල්ටි වලට තේරුනේ නැතත්,
    සුදු ඩොකාල වගේ
    ඒ රට වලදී වැඩ කරන්න
    අපේ දොකලට පුළුවන්ය.
    බැරි නම් උන්ව ඒ රටවලට වැද්ද ගන්නේද නැත.

    ඊට පසුව ඒ ඩොකාල
    නැවත මේ රටට පැමිණ,

    අල වැඩ කරමින්
    සමහර ඩොකාල
    දුප්පත් අසරණ ලෙඩ්ඩුන්ට ගෙම්බර් දාන එක,
    අපේ ලෝකේ සාම රටකම
    ජන අනුපාතෙට පැකල්ටි වලට සිසුන් තෝරණ සාකච්චාවට
    අදාළ නැත.

    • Chinthaka says:

      ගොනෝ මම ලිව්වේ ලංකාවෙන් ගිය ඩොකාලට පිටරට ගිහින් එහෙ ඩොකෙක් විදියට practise කරන්න බැරි උන්ගේ qualifying exam එක පාස් වෙන්න බැරි නිසා… මොකද එකේ patient management side එක අපේ එවුන්ට අමාරු නිසා…. ඉතින් ඒක ඇනගෙන ලංකාවට යන එකා පිටරටට බනින්නේ නැතුව හොඳ කියන්නේ නෑ බන්…. උඹ දන්නවද indian doctors ල බර ගානක් ඔය exams pass වෙන්න බැරුව ඒවායේ taxi එලවනවා කියල…. උඹට ආරංචි එන්නේ ඔන්න ඒ වගේ කස්ටියගෙන්… මට මොන ඊර්ෂ්යවක්ද උන් ගැන බන්…?? උන්ගේ attitude එක ගැන දුකක් ඇරෙන්න…

      එහෙම නැතුව medicine කරන්න ෆැකල්ටි යන්න interview වලට යන පොඩි එවුන් ගැන නෙමෙයි… ඒක ගැන මුලින් කිව්වා නේ…. උඹ කියන විදියේ ජන අනුපාතය සෙවිල්ලක් මං හිටිය රටවල නම් නෑ… උඹ මේ හත්ව වරන් බයිලා නේ ලියන්නේ බොරුවට දික් ගස්සලා…

      • මාතර ආතර says:

        @Chinthaka

        මන් උඹ ඔය ලියල තියෙන ඒවාට උත්තර දෙන්නම්.

        ඊට ඉස්සෙල්ල
        මන් ලියපු කරුණු වලට
        අංක පිළිවෙලට
        උඹේ ප්‍රතිචාර ලියපන්.

        පටලව ගන්නේ නැතුව
        සාකච්චාව කර ගෙන ඔහොම යමු.

  13. චංචල සිතුවිලි says:

    Chinthaka,
    උඹ කියනවා යාපනයේ අධ්‍යාපන පහසුකම් සාපේක්ෂව හොඳයි…. අනෙක් දිස්ත්‍රික්ක වලට වඩා…. අනෙක් දිස්ත්‍රික්ක කිව්වේ මන්නාරම, වවුනියාව, මුලතිවු, ත්‍රිකුණාමලේ සහ මඩකලපුවට වඩා කියල – (මන්නාරම, අම්පාර, නුවරඑලිය එහෙමත් ඔය ගොඩට එකතු කරපන්.) යාපනයේ අධ්‍යාපන පහසුකම් විශිෂ්ට වුනේ/කලේ මොකැයි/කව්දැයි කියල උඹ කියන්නේ නැහැ,මන් අහන්නෙත් නැහැ,මොකද ඒ කස්ටිය උඹේ දෙවියන් වහන්සේගේ ‘තෝරා ගත් පිරිස’ නොව!

    දමිළයන් උන්න අනිත් දිස්ත්‍රික්ක ටිකත් උඹම ලිව්ව නිසා දැන් කියපන් මොන හේතුවක් නිසාද උන්ට 1970 ට කලින් විද්‍යා අංශයෙන් වී. විද්‍යාල වලට යන්නට ආසාටවත් නොහැකි වුනේ කියල. මොකද උඹ මෙච්චර කල් මතයක් ගෙනෙන්නට තැනුවා, දමිලයාට වැඩියෙන් ඉගෙනගන්න උනන්දුව තිබුණය, උන් දක්ෂය,ඒ විතරක් නොවේය උන් වෙහෙස මහන්සි වී වතු පිටි වලත් වැඩ කොලාය කියල. එම නිසාවෙන් ඔවුනට විද්‍යා අංශයෙන් වී.විද්‍යාල වලට යාමට හැකි විය කියල.හොඳයි එහෙමනම් බාල කොල්ලෝ, කියාපිය උඹම ලියපු අනිත් දිස්ත්‍රික්ක වල උන්නු දමිළයන්ට එය නොහැකි වුනේ මක් නිසාවෙන්ද කියල? උන්ට ‘වැඩියෙන් ඉගෙනගන්න උනන්දුව තිබුණය,උන් දක්ෂය,ඒ විතරක් නොවේය උන් වෙහෙස මහන්සි වී වතු පිටි වලත් වැඩ කොලාය’ කියන දේ අදාළ නොවුනේ මක් නිසාද? උඹ මෙතන උඩ කරනම් ගහන්නේ යාපනයේ දමිළයන් වෙනුවෙන් විතරද? එහෙමනම් ඒ මොකද?

    වී.විද්‍යාල වලට ගිහින් යාපන දමිල සිසුන් පර්ෆොර්ම් කරපු හරිය උඹත් එක්ක ඊට පස්සේ කතා කරන්නම්. ඉහත පැන වලට හරි උත්තර ලැබුනට පස්සේ.

    • Chinthaka says:

      මම දන්නා තරමින් දෙමල සිසුන් හැමදෙනාම පාහේ සිංහල සිසුන්ට සාපේක්ෂව hard working හරහා ඉගෙනීමට මුල්තැන දුන් අය…. ඊට හේතුව තමයි උසස් (තෘතීයක) අධ්‍යාපනය නැතිව දේශපාලනික සම්බන්ධතා මගින් හෝ ද්විතියක අධ්‍යාපනය මගින් පමණක් දෙමලාට සිංහල භාෂාවත් නැතිව රස්සාවක් ගැනීමට හැකියාව දකුණේ ආණ්ඩු මගින් අවම කරලා තිබුන නිසා…

      එතැනදී යාපනයේ දෙමල සිසුන් ඉදිරියෙන් සිටියේ ඔවුන්ගේ අධ්‍යාපන පහසුකම් සාපේක්ෂව ඉහල මට්ටමක තිබුන නිසා…. මේ දෙය එහෙම නැති කියන්න පුළුවන් සිංහල අය නම් මට මෙතෙක් හමුවෙලා නෑ… ඔබ ඇතුළු මෙතන ඉන්න සමහර ඒ කාලේ අත්දැකීම් තිබෙනවා යයි සිතිය හැකි අයගේ අන්තවාදී දේශපාලනය දකින කල ඔබගේ මතය කිසිසේත් අපක්ෂපාති මතයක් ලෙස නම් පෙනෙන්නේ නෑ…. සිංහල අන්තවාදී කඳවුරේ සිට ලියන ඔබගේ මතවාදයේ ඔබට වාසි සහගත සත්‍ය දේ තිබිය හැකි බව මම ලඝු කොට තකන්නේ නැතිමුත් ඔබ කියන සත්‍යය සහ මා කියන සත්‍යය නියෝජනය කරන ප්‍රතිශතයන් අතරෙයි සැබෑ විවාදය තියෙන්නේ….

      යාපනයේ මිනිසුන් කාලගුනිකව, භූ සාධක අනුව විතරක් නෙමෙයි හැකියාවට නොසලකන දේශපාලනය නිසා ද අතවර වින්දා…. වගා කරන්නට ඔවුන්ට extra effort එකක් දරන්න සිදු වුණා… ඉගෙන ගෙන university යන්නත් එහෙමයි… මෙකී සාධක නිසා ඔවුන් ස්වභාවයෙන් දකුණේ ජනතාවට වඩා දුෂ්කර තත්ත්ව වලට ඔරොත්තු දෙන්න හැඩගැසුනා… මේ ගැන දකුණේ බුද්ධිමතුන් අතරේ මෙන්ම දේශපාලකයෝ තුලද ඊර්ෂ්‍යාවක් පැන නැගුන… දෙමලා දෙමලාට අදින තත්වය තවත් වර්ධනය වෙන්න ඇත්තේ මෙකී ‘කවදාවත් අපිට අපේ අයිතිවාසිකම් කොළඹින් නම් ලැබෙන්නේ නෑ’ යන්න ප්‍රත්‍යක්ෂ උන පසුව නෙමෙයි ද…?? මේ ඊනියා ඊළාම් අරගලයට වුවත් මුල් කාලයේ සම්බන්ධ උනේ යාපනයේ සරසවි සිසුන් ආදී බුද්ධිමත් කොටස් නෙමෙයි ද…?? මුලදී මාක්ස්වාදී සහ දකුණේ ජ.වී.පෙ සන්නද්ධ අරගලවල ස්වරුපයක් ගත්ත එකී සන්නද්ධ ක්‍රියා අන්තිමට ආණ්ඩුවේ ‘සුපුරුදු දෙමළ සංහාරය’ ඇරඹීමත් සමගම ඉන්දියාවේ සහයෝගයත් ඇතිව ම්ලේච්ච ත්‍රස්තවාදයේ බියකරු යක්ෂයා නිර්මාණය කල බව තමයි මම නම් දැක්කේ…

      මුල් කාලයේ එසේ තිබී පසුව කොටි ත්‍රස්තවාදය ලෙස මෙකී බියකරු වර්ධනය වීමට මුලික හේතුවක් නම් දකුණේ සන්නද්ධ අරගලයේදී සිංහල වූ පමණින් දියත් නොවුණු ආණ්ඩුවේ මර්ධන යාන්ත්‍රනය, උතුරේ සන්නද්ධ අරගලයේදී දෙමළ වූ පමණින් ක්‍රියාත්මක වීම ය…. මේක නෑයි කියන්න පුළුවන් නම් අන්කල්… ඔයාට මට මතක ටිකවත් මතක් නැති බවයි කියන්න තියෙන්නේ… එක්කෝ ඔයාගේ පක්ශග්‍රහිකම විසින් අමතක කරනු ලැබ තියෙනවා..

    • චංචල සිතුවිලි says:

      Chinthaka,ඔය වැල්වටාරම් වැඩක් නැහැ නේ දරුවෝ,මන් උඹෙන් ඇහුවේ බොහොම සරල ප්‍රශ්න දෙකක්.

      මන්නාරම,වවුනියාව,මුලතිවු,ත්‍රිකුණාමලේ,මඩකලපුව,අම්පාර,නුවරඑලිය කියන දිස්ත්‍රික්ක 07 හිටිය දමිළයන්ට, යාපනයේ උන්නු දමිළයන්ට ‘විතරක්’ තිබුණු වැඩියෙන් ඉගෙනගන්න තිබුන උනන්දුව,දක්ෂ කම, කැපවීම, ඉගෙනුමට අමතරව ගොවිතැන් කිරීම අදාළ නොවන්නේ මොන කරුණක් නිසාද?

      1970 ට කලින් ඒ දිස්තික්ක වල දමිළයන්ට මොන හේතුවක් නිසාද වෛද්‍යවරු/ඉංජිනේරුවන් වීමට අවකාශ නොලැබුණේ කියල නේ!

      උඹ ඊට උත්තර නොදී ඔය මොනවද දොඩවන්නේ? උඹ මතයක් ගෙනාව දමිළය බොහොම මහන්සි වෙලා වැඩ කොරන උදවිය ය කියල, එහෙමනම් බාල කොල්ලෝ,ඒ වාගේම දමිලයන් ඉන්න ඉහත දිස්ත්‍රික් 07 නුත් වැඩිපුර වෛද්‍යවරු/ ඉංජිනේරුවන් වෙන්නට එපාය,බොහොම මහන්සි වෙලා වැඩ කොරන හංදා.

      මගේ ප්‍රශ්නය පැහැදිලි නැතිද/නැත්නම් උඹ ලිස්සනවද?

      • Chinthaka says:

        උත්තරය සරලයි… කොළඹින් තරම් වෛද්‍යවරයෝ, ඉංජිනේරුවෝ මොනරාගලින් බිහිවෙන්නේ නෑ නේ…. එත් ප්‍රශ්නය තියෙන්නේ කොළඹයි යාපනයයි සමාන කරේ කවර පදනමක් යටතේ ද…??

        • මාතර ආතර says:

          @Chinthaka

          Chinthaka says ”එත් ප්‍රශ්නය තියෙන්නේ කොළඹයි යාපනයයි සමාන කරේ කවර පදනමක් යටතේ ද…??Chinthaka

          ඒකට තමයි ගොනෝ,
          1972 කාලේ,මේ රටේ භාෂා මාද්‍ය අනුව ලකුණු ප්‍රමිති කරණය ගෙනල්ල,
          දැන් බටහිර රටවල subjective සම්මුක පරීක්ෂණ තියල කරනවා වගේ,
          ආසන්න වශයෙන් ජන අනුපාතෙට,
          කැම්පස් වලට සිසුන් තෝර ගත්තේ.

          කියවපිය ඒ කාලේ Hanzard වාර්තා on Diabolical Conspiracy ,බටහිර වෙද විදුහලට ඇතුළුවෙන්නත් අවශ්‍ය වුන,උසස් පෙළ සත්ව විද්‍යාවට, 1973මදුරුවාගේ ජීවන චක්කරේ ගැන, ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්න වලට ලකුණු දෙන විදිය,පක්ෂග්‍රාහී ලෙස දෙමල ගුරුවරුන්ට වෙනම Marking scheme එකක් යවල තිබුන බව.

        • චංචල සිතුවිලි says:

          මචන් මාතර ආතර,උඹ පොඩ්ඩක් හිටිං පැත්තකට වෙලා,ඌට ලිස්සන්න පාර නොකප.මේ බකස්ට කව්රුහරි අඹරවල දීල තියෙනව හොඳ ලනුවක්,ඌ ඒක ගිලල ඉන්නේ,ඉතින් ඒක වමාරවන්න නම් උගෙන්ම උත්තර ගන්නට ඕන.

        • මාතර ආතර says:

          @චංචල සිතිවිලි

          මචන් චංචල,
          Chinthaka ත් අර
          Anonymous One orig &
          මැවුම් වාදියව මැව්වේ කවුද කියන ප්‍රශ්නෙට අංජබජල් උත්තර දීපු Fernando වගේම
          ‘අහන ප්‍රශ්නෙට උත්තර නොදී ලිස්සන පල්ලි පිල්ලියක්’ ද කොහෙද.

          මා මේ රටේ බටහිර ඩොකාල ගැන,
          පහල අංක දමා ලියූ සමහර කාරනාවලට,
          තාමත් සද්ද නෑ.

        • Chinthaka says:

          චංචල සිතුවිලි සහ මාතර ආතර,
          ලිස්සන්නේ මොනවටද බන්… මම කියන්නේ අනිත් දෙමල දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව යාපනේ අධ්‍යාපන මට්ටම උසස්…. ඒක හරියට දකුණේ කොළඹ දිස්ත්‍රික්කය අනික් දිස්ත්‍රික්කවලට වඩා ඉස්සරහින් ඉන්නවා වගේ…. උඹලට එච්චර සරල දෙයක් තේරෙන්නේ නැද්ද…?? ඒත් ප්‍රශ්නය තියෙන්නේ කොළඹයි යාපනයයි අධ්‍යාපන මට්ටම් අතින් සමාන කරන්න බෑ නේ…. මම හිතන්නේ මහනුවර සහ ගාල්ලත් අධ්‍යාපන පහසුකම අතින් යාපනයට ඉස්සරහින් ඉන්න ඇති නේ…. එහෙව් එකේ යාපනයේ සහ කොළඹ cut off marks සමාන්තර කිරීම දෙමළට කරපු අසාධාරණයක් නෙමෙයි ද…?? දෙමල කැම්පස් යන එක අඩු කරන්න නේ කොළඹ marks ගානට යාපනයත් ඉහල දැම්මේ… ඒත් ඒ දිස්ත්‍රික්ක දෙක අධ්‍යාපන පහසුකම් අතින් එක සමාන ද…?? නෑ නේ… අන්න ඒකට උත්තර කියපන් හතර වරන් කියවන්නේ නැතුව…

  14. චංචල සිතුවිලි says:

    Chinthaka,ඉන්නේ යාපනේද කියල ඇහුවම,කියනවා හොටු පිහින්න කරදහියක් හොයනවා කියල- තොගේ උත්තරෙත් ඒ වාගේ එකක්.ලජ්ජා නැතිද කොට්ටෝරුවෝ උඹට?
    ඔන්න මන් ආයෙත් තවත් සරල කරලා ඒ ප්‍රශ්නම අහනවා.ඔව්/නැහැ කියල උත්තර ලියපන් බක පණ්ඩිතයෝ.

    1.වැඩියෙන් ඉගෙනගන්න උනන්දුව,දක්ෂ කම,කැපවීම,ඉගෙනුමට අමතරව ගොවිතැන් කිරීම අදාළ වන්නේ යාපනේ දමිළයන්ට විතරද?

    2.මන්නාරම,වවුනියාව,මුලතිවු,ත්‍රිකුණාමලේ,මඩකලපුව,අම්පාර,නුවරඑලිය කියන දිස්ත්‍රික්ක 07 හිටිය දමිළයන්ට එය අදාළ නැති නිසාද 1970 ට කලින් ඒ දිස්තික්ක වල දමිළයන්ට විද්‍යා අංශයෙන් වී.විද්‍යාල වලට යාමට අවකාශ නොලැබුණේ?

  15. මාතර ආතර says:

    @Chinthaka
    (@Fernando)
    1.
    Chinthaka says ,”ගොනෝ මම ලිව්වේ ලංකාවෙන් ගිය ඩොකාලට පිටරට ගිහින් එහෙ ඩොකෙක් විදියට practise කරන්න බැරි උන්ගේ qualifying exam එක පාස් වෙන්න බැරි නිසා… මොකද එකේ patient management side එක අපේ එවුන්ට අමාරු නිසා…. ඉතින් ඒක ඇනගෙන ලංකාවට යන එකා පිටරටට බනින්නේ නැතුව හොඳ කියන්නේ නෑ බන්….”Chinthaka

    උඹ නම් බටහිර රටක ඉන්නා එකෙක්වත්,ඒ රටවල පස් පාගපු එකෙක් වත් වෙන්න බැරිය.මේ රටෙන් ගොහින්,ස්ථිර පත්වීම් අරන් බටහිර ඩොකාල ලෙස වැඩ කරන සිංහල බටහිර ඩොකාල කොච්චර නම් ඉන්නවද?

    ඒ කාලේ,මන් ඉගෙන ගත් කොළොඹ ඉස්කෝලේ ඉගෙන ගත්ත සමහර සිංහල කොල්ලෝ, අද ඩොකාල වෙලා සමහරක් මේ රටේත්,තවත් සමහරක් බටහිර Sydney,London,New Yolk වැනි නගර වල (ඒ ඒ රටවල patient management විභාග සමත් වෙලා) ඒ රටවල ඩොකාල ලෙස
    ස්ථිර පත්වීම් අරන්
    තාමත් වැඩ.(සමහරුන් විශ්‍රාම අරන්). ඒ සමහරුන් මට කියපු සහ මා එහෙ ඉන්නා කාලේ ඇසූ දේවල් වල (FIRST HAND INFORMATION )දැනුමෙන් තමයි,මේවා ලියන්නේ
    2.
    Chinthaka says .”එහෙම නැතුව medicine කරන්න ෆැකල්ටි යන්න interview වලට යන පොඩි එවුන් ගැන නෙමෙයි… ඒක ගැන මුලින් කිව්වා නේ…. උඹ කියන විදියේ ජන අනුපාතය සෙවිල්ලක් මං හිටිය රටවල නම් නෑ… උඹ මේ හත්ව වරන් බයිලා නේ ලියන්නේ බොරුවට දික් ගස්සලා…Chinthaka

    මොලේ මන්ඥන් ද?උඹට මතක නැද්ද උඹ කීව
    ”සිංහලුන්ට වඩා දෙමල ළමයි මහන්සි වෙනවා වැඩිය,උගෙනුමට ද සිංහලුන්ට වඩා දක්ෂය,ඒ නිසා ජනානුපාතෙට වඩා සින්හලුන්ට වැඩිය දෙමල සිසුන් වෙද විදුහල් වලට, 1971 ට ඉස්සෙල්ල වුනා වගේම තේරෙන එක, සාධාරණය” කියල.

    ජනානුපතෙට සිසුන් ගැනුමට,ලංකාවේ බසා අනුව ප්‍රමිතිකරණේ කළා වගේ,
    අපිත් ළමයින් කැම්පස් වලට ගන්නේ ජනානුපතෙට තමයි කියල ඔස්ට්‍රලියාවේ,එංගලන්තේ,ඇමෙරිකාවේ සුද්දෝ
    කෑ ගහල කියන්නේ නෑනේ.නමුත් උන් ආර්ට් එකට ඒක කරනවා.

    ඒක නිසා තමයි උන් සම්මුක පරීක්ස්හනෙන් විතරක් අසමත් වුන බටහිර රටවල වෙද විදුහලට නොතේරුන සිසුන්ට,සම්මුක පරීක්සනෙන් අසමත් වුන හේතු feedback කරන්නේ නැත්තේ.කරොත් ඊළඟ පාර වැරදි හදා ගෙන සමත් වෙනවා.(These are facts)

    ඒනිසා,සුදු පොඩිවුනට වඩා කට පාඩමට දස්ස ඉන්දියානු සහ චීන ළමයි වැඩියෙන් බටහිර වෙද විදුහලට ඇතුළු වන විදිය පාලනය කරන්න පුළුවන් එකම විදිය, subjective සම්මුක පරීක්ෂනෙන් විතරක් අසමත් වෙන සිසුන්ට,සම්මුක පරීක්ස්හනෙන් පමණක් අසමත් වුන හේතු,එම සිසුන් Feedbak ඉල්ලුවත්,නොදී සිටීමයි.

    උඹේ මොලේට නොතේරුනාට, මේක ඉන්දියානු චීන ළමයිනුත් දන්නවා,නමුත් උන් ‘සම්මුක පරීක්ෂණ subjective නේ, අසාධාරණය” කියල උඩ පනින්නේ නෑ.හේතුව, බටහිර රටවල් අවසාන ප්‍රතිපලයෙන් ජන අනුපාතෙ ගන්න එක සාධාරණය කියල උන් දන්නවා.

    නමුත් 1973 බසා අනුව ලකුණු ප්‍රමිතිකරණය කරලා,ජනානුපාතේ ගන්න එක මේ රටේ කරන කොට,උඹලා ඇතුළු පල්ලි පිල්ලි විසින් දෙමල පොඩිවුන්ව
    කුලප්පු කරවනවා.
    3.
    Chinthaka says,”උඹ දන්නවද indian doctors ල බර ගානක් ඔය exams pass වෙන්න බැරුව ඒවායේ taxi එලවනවා කියල…. උඹට ආරංචි එන්නේ ඔන්න ඒ වගේ කස්ටියගෙන්… Chinthaka

    මා ලීවේ ඉන්දියාවේ බටහිර වෙද කළු කඩ වලින්,සල්ලි වලට බටහිර වෙද උපාදිය අරන්,ඉන්දියාවෙන් බටහිර රටවලට ගොහින් ඒ රටවල විභාග සමත් වෙන්න බැරිව,
    Taxi එලවන එවුන් ගැන නෙවී.

    මන් උඹට මේවා ලියන්නේ,ලංකාවෙන් ගොහින් බටහිර රටවල් වල ස්ථිර පත්වීම් අරන් වැඩ කරන / වැඩ කල සිංහල බටහිර ඩොකාලගෙන් අහගෙන(First hand information)

    ලිස්සල යන්නේ නැතිව,ඔබගේ ප්‍රතිචාර, ලියා ඇති අංක පිළිවෙලට දක්වන්නේ නම් මැනවි .

    • මාතර ආතර says:

      @Chinthaka
      (@Fernando)

      1971/72 දී පටන්,උසස් පෙළ රචනා මාදිලියේ ප්‍රශ්න වලට උත්තර ලියන බස අනුව ලකුණු ප්‍රමිතිකරණේ ගෙනාවේ, ආසන්න වශයෙන් ජනානුපාතෙට කැම්පස් වලට සිසුන් ගැනීමටයි.

      මේ රටේ බටහිර වෙද විදුහල් වලට ඊට පෙර ඇතුළුවුන දෙමල සිසුන් 50% පමණ වූ ප්‍රමාණය 30% පමණ දක්වා ඉන් අඩු වී,50% ක් පමණ සිංහල සිසුන් ගේ ගණන 70%පමණත්,3% ක් පමණ වූ මුස්ලිම් සිසුන්ගේ ගණන 08% පමණ දක්වාත් ඉන්පසුව වැඩි වුනා.

      1972 උසස් පෙළ සත්ව විද්‍යාව උත්තර පත්‍ර ගුරුවරුන් විසින් ලකුණු කිරීමේදී, සිංහල පරීක්ෂක වරුන්ට යවන ලද Marking Scheme එකට වඩා Lenient type Marking Scheme එකක්,දෙමල මාද්‍යයෙන් කුමන්ත්‍රණකාරී ලෙස දෙමල ගුරුවරුන්ට යවා තිබුන බව,පාර්ලිමේන්තුවේදී (please refer ,The Diabolical conspiracy as reported in Hanzard by Cyril Mathew ) Cyril Mathew ඇමති තුමා විසින්,දෙමල සිසුන්ගේ ව්‍යුහගත රචනා උත්තර පත්‍ර වලට අයතා අන්දමින් ලකුණු දී තිබුන අයුරු පෙන්වා දෙමින්, ඔප්පු කළා.

      ඉතින් දැනුත්,
      1972 ට පසු මේ රටෙත්,
      ලෝකේ කොහෙත්,මොන ක්‍රමයෙන් හරි කරන්නේ,ආසන්න වශයෙන් ජනානුපාතෙට සිසුන් ගන්න එක තමයි.

    • Chinthaka says:

      මාතර ආතර,
      1) මම අපේ දොස්තරල බටහිර රටවල වැඩ කරන්නේ නෑ කිව්වේ නෑ…. එත් මම කිව්වේ උඹට ඔය වැරදි පින්තූර සපයන්නේ එහෙ අනාගෙන ලංකාවට හැරෙන තැපෑලෙන් ආපු එවුන් කියල…. එහෙ ගිහින් උන්ගේ qualifying exam එක පාස් වෙන්න බැරිව medicine give up කරපු එවුනුත් ඉන්නවා… දාල ආව එවුනුත් ඉන්නවා…. පාස් වෙලා ඒත් ලංකාවේ වගේ අතට පයට නර්ස්ල attendantla නැති නිසා බැන බැන රස්සාව කරන අතෘප්තිකර දොස්තරලත් නැතුව නෙමෙයි…. යකෝ ලංකාවේ ඉහලම ලකුණු ගන්න එවුන් පිටරට ගිහින් හොඳ තැන්වල ඉන්න එක ගැන අමුතුවෙන් පුදුම වෙන්න තියෙනවා ද…?? අපිටත් ආඩම්බරයි තමයි රස්සාව හොඳට කරන ගමන්ම attitude එකත් නිවැරදිව පවත්වාගෙන යන එවුන් ගැන….
      2) විභාගයකින් සමත් උනාට පස්සේ ජන අනුපාතය හොයන ක්‍රමයක් ගැන මම නම් අහල නෑ… interview තියල ෆැකල්ටි වලට ගන්නේ බොහොම අල්පයක් qualifications වලට විතරයි… ඒවා එහෙම කරන්නේ ජන අනුපාතයක් බලන්න නෙමෙයි… විභාග පාස් උන පමණින් එවන් රැකියා කරන්න අවශ්‍ය commitment එක නැති නිසා… උදාහරණයක් විදියට early childhood teaching වලට ළමයි ගන්නකොට එයාල පොඩි ළමයින්ට ආදරේද සහ එයාලගේ personal values වගේ දේවල් ගොඩක් හොයනවා…
      3) ඉන්දියාවේ එවුන්ට වඩා අපේ ඩොකාලගේ තත්වය ඉතා හොඳයි… ආයෙත් කියන්න තියෙන්නේ A /L විභාගයෙන් ඉහලම ලකුණු ගත්ත එවුන්ට ඒක කරන්න බැරි නම් කවුද කරන්නේ…?? ඒක ඕනෙවට වඩා කියවන්න නම් දෙයක් නෙමෙයි… වෙන රටවල ද්විතියක අධ්‍යාපනයේ ඉහලම දක්ෂතා දක්වන එවුන් අපේ එවුන්ට වඩා extra mile එකක් යනවා… හේතුව උන් අපේ එවුන්ට වඩා ප්‍රායෝගිකව උගතුන් නිසා….

      • මාතර ආතර says:

        @Chinthaka
        (@Fernando)

        යන්නේ කොහෙද මලේ පොල්?…?..!

        ඇයි ලිස්සන්නේ,
        මා ලියූ කරුණු දැක්කේ නෑ වගේ,
        ඒවාට කෙලින්ම ප්‍රතිචාර දක්වන්නේ නැතිව?

  16. Chinthaka says:

    http://dbsjeyaraj.com/dbsj/archives/1545

    මෙන්න කියවපල්ලා උඹල වහන්න හදන ඇත්ත….

    • මාතර ආතර says:

      @Chinthaka

      අප කතා කරන කැම්පස් වලට සිසුන් ගන්න විදියේ ක්‍රම වලට අදාලව මා කියන දේ වලට,
      ඔය වෙබ් අඩවියේ උත්තර දී නැතිය.

      1983 කලබල වල ‘ඇත්ත වහන්න’ ගියේ කවුද බන්?
      ජෙයරාජ් ගේ ඔය වෙබ් අඩවියේ ඒ ගැන,මණ්ඩාවල හාමුදුරුවන් ලියා ඇති කරුණු දුසිමට,උඹ එකඟද?

      නැත්නම් ඒ මොන කරුණු වලටද,
      ඒ මන්ද කියා හේතු දක්වපිය

  17. චංචල සිතුවිලි says:

    Chinthaka බාල කොළුවො,කෝ බන් අහපු ප්‍රශ්නෙට උත්තර?,එක එක ලින්ක් දීල ලිස්සන්නේ නැතිව ලියපන්.
    ඔය කියන කේක් ගෙඩියේ බොලන් දමිළයන් දමිල වීම නිසා ලංකාවේ උන්ට ඇති ප්‍රශ්න ගැන කියත් නැහැ, ප්‍රශ්න නැති හෙයින් විසඳුම් කියත් නැහැ,රචනා මිසක්ක!හරියටම උඹ උන් ගැන මේ අඩවියේ රචනා ලියනවා වාගේ ඕන්!

    මන් ඇහුවේ උඹ ඔය කියන ‘හාර්ඩ් වර්කින්’ කොරන දමිළයන් ඉන්නේ යාපනේ විතරද ඒ නිසාද 1970 ට කලින් අනිත් දිස්ත්‍රික්ක වල උන්නු උන්දලට විද්‍යා අංශයෙන් වී.විද්‍යාල අහිමි වුනේ කියල. මොකක්ද බන්! උඹ ඉකි ගහපු හැටියට මන් හිතුවේ කඳුළු එනවා ඇති කියල මුහුදට හරවන්න තරම් බැලින්නම් උඹ ඉකි විතරයි ගහන්න දන්නේ!මන් මේ අහන ප්‍රශ්නෙට උත්තර හනික දියං.

    • Chinthaka says:

      Are you blind…?? I’m repeating what I said as a reply underneath…
      චංචල සිතුවිලි සහ මාතර ආතර,
      ලිස්සන්නේ මොනවටද බන්… මම කියන්නේ අනිත් දෙමල දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව යාපනේ අධ්‍යාපන මට්ටම උසස්…. ඒක හරියට දකුණේ කොළඹ දිස්ත්‍රික්කය අනික් දිස්ත්‍රික්කවලට වඩා ඉස්සරහින් ඉන්නවා වගේ…. උඹලට එච්චර සරල දෙයක් තේරෙන්නේ නැද්ද…?? ඒත් ප්‍රශ්නය තියෙන්නේ කොළඹයි යාපනයයි අධ්‍යාපන මට්ටම් අතින් සමාන කරන්න බෑ නේ…. මම හිතන්නේ මහනුවර සහ ගාල්ලත් අධ්‍යාපන පහසුකම අතින් යාපනයට ඉස්සරහින් ඉන්න ඇති නේ…. එහෙව් එකේ යාපනයේ සහ කොළඹ cut off marks සමාන්තර කිරීම දෙමළට කරපු අසාධාරණයක් නෙමෙයි ද…?? දෙමල කැම්පස් යන එක අඩු කරන්න නේ කොළඹ marks ගානට යාපනයත් ඉහල දැම්මේ… ඒත් ඒ දිස්ත්‍රික්ක දෙක අධ්‍යාපන පහසුකම් අතින් එක සමාන ද…?? නෑ නේ… අන්න ඒකට උත්තර කියපන් හතර වරන් කියවන්නේ නැතුව…

      • මාතර ආතර says:

        @Chinthaka
        (@Fernando )

        1)
        Chinthaka says ”මම අපේ දොස්තරල බටහිර රටවල වැඩ කරන්නේ නෑ කිව්වේ නෑ…. එත් මම කිව්වේ උඹට ඔය වැරදි පින්තූර සපයන්නේ එහෙ අනාගෙන ලංකාවට හැරෙන තැපෑලෙන් ආපු එවුන් කියල….” Chinthaka

        මා මෙහි ලියනලද First hand information ගත්තේ,එහෙම ඇනගෙන හැරෙන තැපෑලෙන් ලංකාවට ආපු ඩොකාලාගෙන් හෝ ඒ කාලේ ඇන ගත්ත ෂෙඩ් වල ජොබ් කරන ඉන්දියානු ඩොකාලගෙන් හෝ නෙවී.

        මා බටහිර පශ්චාත් උපාධි ගන්න ගිය කාලේ ඇසු දුටු දේවල්,සහ දැනට බටහිර රටවල ස්ථිර පත්වීම් අරන්,මේ රට නැවත එන්නේ නැතිව දිගටම එහේ වැඩ කරන බටහිර ඩොකාලා තමයි
        මට මේ First hand information දුන්නේ.
        2)
        Chinthaka says …. ”පාස් වෙලා ඒත් ලංකාවේ වගේ අතට පයට නර්ස්ල attendantla නැති නිසා බැන බැන රස්සාව කරන අතෘප්තිකර දොස්තරලත් නැතුව නෙමෙයි…. Chinthaka

        උඹ මේ රට දාල යන්නේ නැතිව වැඩ කරන,මේ රටේ බටහිර ඩොකාලට ඉරිසියාවෙන් බනින අමු කෙප්ප ඕව!එහෙම වැඩ කරන ජාතියේ බටහිර ඩොකාල ඉන්නේ උඹේ ඔලු ගෙඩියේ ඇතුලේ මිසක් ලෝකේ කොහෙවත් නෙවී.

        මේ රටේ සිංහල, දෙමල සහ මුස්ලිම් ඩොකාල,එකෙක් දෙන්නෙක් එහෙම ඉන්නවා කියල උපකල්පනය කලත්,අපේ මේ, දෙමල වීම නිසා බටහිර වෙද විදුහලට දෙමල සිසුන් අඩුවෙන් ගැනීම අසාධාරණද, කියන සාකච්චාවට එය අදාලද? නෑනේ.
        3)
        Chinthaka says ,”යකෝ ලංකාවේ ඉහලම ලකුණු ගන්න එවුන් පිටරට ගිහින් හොඳ තැන්වල ඉන්න එක ගැන අමුතුවෙන් පුදුම වෙන්න තියෙනවා ද…?? අපිටත් ආඩම්බරයි තමයි රස්සාව හොඳට කරන ගමන්ම attitude එකත් නිවැරදිව පවත්වාගෙන යන එවුන් ගැන….”Chinthaka

        වැඩ කරන රට වෙනස් කල පලියට ‘ආකල්ප’ වෙනස් වෙන්නේ කොහොමද? උදාහරණ දෙමින් පැහැදිලි කරන්න පුලුවන්ද?
        4)
        Chinthaka says ,”විභාගයකින් සමත් උනාට පස්සේ ජන අනුපාතය හොයන ක්‍රමයක් ගැන මම නම් අහල නෑ… interview තියල ෆැකල්ටි වලට ගන්නේ බොහොම අල්පයක් qualifications වලට විතරයි… ඒවා එහෙම කරන්නේ ජන අනුපාතයක් බලන්න නෙමෙයි… විභාග පාස් උන පමණින් එවන් රැකියා කරන්න අවශ්‍ය commitment එක නැති නිසා… උදාහරණයක් විදියට early childhood teaching වලට ළමයි ගන්නකොට එයාල පොඩි ළමයින්ට ආදරේද සහ එයාලගේ personal values වගේ දේවල් ගොඩක් හොයනවා…”Chinthaka

        Fierce compitition කොහෙත්ම නැති early childhood teaching පැකල්ටි වලට තොරණ ක්‍රමේ ගැන නෙවී, මා කතා කළේ. උදාහරණයක් ලෙස Fierce compitition ඇති ලන්ඩන් මෙඩිකල් පැකල්ටි වලට තෝරණ කොට,සම්මුක පරීක්ෂනෙන් පමණක් අසමත් කියල දැනුම් දෙන ළමයින්ට,FEED BACK අහපුවම ලියුම එවන්නේ,”තරඟකාරීත්වය වැඩි නිසා, අවාසනාවකට,ඔබ සම්මුක පරීක්ෂනෙන් පමණක් නොතේරුනි”කියල විතරයි.This is a FACT.

        සම්මුක පරීක්ෂනෙන් පමණක් අසමත් වීමට හේතු අර ළමයිනට දැන්වුවොත්,ඊළඟ පාර pass වෙන එක වළක්වන්නත් ,සුදු පොඩි එවුනට වඩා කට පාඩමට දස්ස, ඉන්දියානු සහ චීන ළමයින් ගේ ගණන පාලනය කරන්නත් තමයි සුද්දෝ එහෙම කරන්නේ.

        මෙහෙම වෙන්නේ, ඔය කැම්පස් වලට තෝරණ ඉන්ටෙර්වීව් වලට එන සමහර interviewers ල කට්ටිය,ඉන්ටෙව්ව්ව්ව් එකේදී සිසුන් කතා කල යුතු විදිය,ඇස් හරවන විදිය,එයාල Medicine කරන්න එන්නේ වෙනත් වාසි බලාගෙන නෙවී, ලෙඩුන්ට කරුණාවටය කියල පෙන්නන විදියට කතා කරන්නේ කොහොමද,සහ එයාලගේ personal values මෙඩිකල් පැකල්ටියට තේරෙන විදියට පෙන්නන්නේ කොහොමදත් කියල TUITION දීල ගානකුත් හම්ඹ කර ගත්තට පස්සෙයි!!

        මේවාගේ TUITION වලින්,Video camera දාගෙන ඉන්ටෙව්ව්ව් practice කරලා,කරලා සම්මුඛ පරීක්ෂනේදී ‘රඟපාලා,’සල්ලි බලා ගෙන පමණක්,ලෙඩුන්ට කරුණාව නැති සිසුන්,
        බටහිර මෙඩිකල් පැකල්ටි වලට තේරෙන එක වලක්වන්න බැරිය.එහෙම සම්මුඛ පරීක්ෂණ වලින් අංජනම් බලා,හොඳ කාරුණික සිසුන් පමණක් වෙද විදුහලට තෝරණ ක්‍රම මුළු ලෝකෙම තවම සොයා ගෙන නැතිය.

        අන්තිමට සුද්ද ආර්ට් එකට ජනානුපාතෙට මෙඩිකල් පැකල්ටි වලට ගන්නවා,කවුරුත් ඉන්දියානු සහ චීන පොඩි එවුන් උඩ පනින්නේ නෑ,සම්මුක පරීක්ෂණ subjective සහ අසාධාරණයි කියල.
        නමුත් 1972 ඉඳන් මේ රටේ,බස අනුව ලකුණු ප්‍රමිතිකරනල කරලා ජනානුපාතෙට,බටහිර වෙද විදුහලට සිසුන් ගන්න කොට, උඹල දෙමල ළමයින්ව කුලප්පු කරවනවා ඒක අසාධාරණය කියල!!
        5)
        Chinthaka says ,” ඉන්දියාවේ එවුන්ට වඩා අපේ ඩොකාලගේ තත්වය ඉතා හොඳයි… ආයෙත් කියන්න තියෙන්නේ A /L විභාගයෙන් ඉහලම ලකුණු ගත්ත එවුන්ට ඒක කරන්න බැරි නම් කවුද කරන්නේ…?? ඒක ඕනෙවට වඩා කියවන්න නම් දෙයක් නෙමෙයි… වෙන රටවල ද්විතියක අධ්‍යාපනයේ ඉහලම දක්ෂතා දක්වන එවුන් අපේ එවුන්ට වඩා extra mile එකක් යනවා… හේතුව උන් අපේ එවුන්ට වඩා ප්‍රායෝගිකව උගතුන් නිසා…” Chinthaka

        අපේ පොඩි එවුන්ට වඩා,බටහිර පොඩි එවුන් යන extra mile එකේ විස්තරයි, උන්ගේ ප්‍රයෝගිකත්වයේ විස්තරයි,උදාහරණ දෙමින් පැහැදිලි කළා නම්.

  18. චංචල සිතුවිලි says:

    Chinthaka,උඹ වාගේ හපුට්ටෙක්!උඹේ සාපේක්ෂතා වාදය දාපන් බල්ලට.උඹ දමිළය සිංහලයාට වඩා හාර්ඩ් වර්ක් කරන හෙයින් 1970 ට පෙර උන් වී.විද්‍යාල විද්‍යා අංශයෙන් දෝර ගලා සිටීම සාධාරණයකරන්නට නටන නාඩගම තුල කිසිම සංගත බවක් නැත කියා තවම තේරෙන්නේ නැතිද? දමිළයන් ඒ තරමින් හාර්ඩ් වර්ක් කොරන්නේ නම් මොකද බන් දමිළයන් හිටි අනිත් දිස්ත්රික්ක වලින් එක ළමයෙක් වත් වී විද්‍යාල වලට නොගියේ 1970 වනතුරු?

    1.තොපේ මිෂනාරීන් යාපනය තෝරා ගෙන එහි අධ්‍යාපන පහසුකම් විශිෂ්ට කොලේ මුළු මහත් ලක් වැසියන් කෙරෙහි වූ අනුකම්පාවෙන් නොවෙයි.
    2.තොපේ මිෂනාරීන්,ඉංගිරිසිය යාපනේ අධ්‍යන බස කොලේ මුළු මහත් ලක් වැසියන් කෙරෙහි වූ ප්රෙමයෙනුත් නොවෙයි.
    3.70% ක්ට වඩා සිංහලු ඉන්න රටක නිදහස ලබා වසර දෙකක් යන්නට මත්තෙන්, එනම් 1950 චෙල්වනායගම් 50ට50 ඉල්ලුවේ මුළු මහත් ලක් වැසියනට සාධාරණය කරන්නට නොවෙයි.
    4.තොගේ සුද්දා තේසවලාමේ නීතිය පැල පැදියම් කෙරෙව්වේ මුළු මහත් ලක් වැසියන් කෙරෙහි වූ අනුකම්පාවෙනුත් නොවෙයි.
    5.1948 වෙනකොට රජයේ ඉහල පෙලෙන්ති වල හිටිය නිලදරුවන්ගෙන් 50%ක් යාපන දමිළයන් වුයේ, උන් ‘හාර්ඩ් වර්ක්’කොරන නිසා නොවේය.
    ඉහත කාරණා 05 නිසා 1970 වෙනතුරු 49% යාපන දමිළයන් විද්‍යා අංශයෙන් වී.විද්‍යාල තුල සිටියේ උන් ‘හාර්ඩ් වර්ක්’කොරන නිසාය කියා තෝ කියන්නේ නම් තෝ අමු බොරු කාරයෙකි. ඉහේ ඉඳන් මුළු ඇඟම කන්නෙකි.කඩේ යන්නෙකි,මල්ල පුරවා ගන්නෙකි.එහෙමත් නැත්නම් සිහි බුද්ධියක් නැති රැලේ යන්නෙකි.

    ඒ වගේම 1970 වනතුරු වව්නියාව,මුලතිව්,මන්නාරම,මඩකලපුව,අම්පාර වැනි කිසිම දිස්ත්‍රික්කයකින් දමිළයන්ට විද්‍යා අංශ කැප නොවුනේ,යාපන දමිළයන්ට සුවිශේෂී වූ හාර්ඩ් වර්ක් ඇටිටියුඩ් එක නොතිබූ නිසා නම් උඹ ගෙනා ඒ තර්කයටද වැලේ වැල් නැත.එනම් ‘දමිළය සිංහලයාට වඩා හාර්ඩ් වර්ක් කරයි’යන මතය එහෙම් පිටින් පුස්සකි/මායාවකි.
    ඒ නිසා පිලිගනින් තෝ කියන’දමිල හාර්ඩ් වර්ක්’මතය ලොව තුල පැතිරු මහා ප්‍රෝඩාවක් බව.
    ඒ මතය විසි කරපු විටෙක මම උඹට කොළඹ හා ලංකාවේ අනිත් දිස්ත්‍රික්ක ගැනත් ලියා,ඉංජිනේරු/වෛද්‍ය පීඨ වල යාපනයෙන් ආ දමිලයන්ගේ හාර්ඩ් වර්ක් ගැනත් ලියන්නම්.

    • Chinthaka says:

      ඔබ කියන කාරණා අභියෝග කරන්න දත්ත මා සතුව නෑ… කෙසේ නමුත් ඔබ කියන දෑ වල යම් සත්‍යයක් තිබෙන බව මා පිලිගන්නවා… ඒත් දැක්වූ කරුණු 5 න් මුල් කරුණු 2 නම් ඉතා බොළඳයි… මොකද මිෂනාරි අධ්‍යාපනයේ යාපනයට වැඩි සෙනෙහසක් දැක්වුයේ නෑ…. එහෙත් ඔබ ඇතුළු දකුණේ සිංහල ප්‍රජාව ප්‍රතික්ෂේප කරපු දේ ඔවුන් ප්‍රතික්ෂේප නොකරපු නිසා එහි යහපත් ඵල ඔවුන් මෑතක් වනතුරුම අත්වින්ද කියන එක නෙමෙයිද ඇත්ත…?? එහෙම නැතිව කොළඹ, මහනුවර, ගාල්ල ප්‍රදේශයන්හි අදටත් යෙහෙන් (සුළු නගර අතහැර ගෙනත්) වැජඹෙන මිෂනාරි අධ්‍යාපන ආයතන දැක දැක යාපනයට පමණක් වැඩි සැලකිලි තිබුණා යයි කීම විහිළුවකි… අනික එකී ඉහල අධ්‍යාපනය පසුකාලීනව ප්‍රතික්ෂේප කරෙත් ඔබම නොවේ ද…??

      අනික යාපනය ඇරුණුකොට උසස් අධ්‍යාපනය හැදෑරූ අනෙක් දිස්ත්‍රික්කවල දෙමල සිසුන් වැඩි දෙනෙක් යාපනයේ අහ්ද්‍යාපනය ලැබුවා වෙන්න බැරිද…?? (එහි වූ වැඩි පහසුකම් නිසා). අනෙක් දිස්ත්‍රික්ක වලින් කිසිවකු විද්‍යා අංශයට තේරී පත් වුනේ නැතැයි කියන්න ඔබ සතු සාක්කි කවරේද…??

  19. චංචල සිතුවිලි says:

    Chinthaka,හෙහ් හෙහ්..’ඔබ’!ඔන්න ඕක තියපන් දුම් ටිකක් වැදෙන්න දුම්මැස්සක් උඩින්.

    රටක දිස්ත්‍රික්ක හෝ ප්‍රාන්ත හෝ පළාත් හෝ ඔය කියන ඕනම විකාර නමකින් මායිම් නම් කර ඇත්නම් ඒ හැම තුතිකුඩයකම ඉන්න මීහරක්ට එක හා සමානව රිසොර්ස් බෙදල දෙන්න ඕන,හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වෙන විදියට වැඩ සිද්ධ වෙන්නට ඕන.ඉගෙන ගන්න එකෙක් ඉන්නවා නම් ඒ පහසුකම් පාදක කර ගෙන ඉහලටම යන්න ඉඩ හදල තියෙන්න ඕන.

    උඹ මන් පෙන්නපු 3,4,5 පිලිගන්නවා නම්,හොඳට බලපන් 1,2 ත් නිසා නෙවෙයිද 3,4,5 ට පාර කැපුනේ කියල.1,2 ත් නොවෙන්න මේ සංවාදය උඹත් එක්ක වෙන්නේ නැහැ බන්. මිෂනාරීන් ආවේ අපිට ආදරේකට නෙවෙයි;උන්ට ඕන කොලේ උන්ගේ දේවල් ලොව පතුරවල,උන් වාගේ පිරිසක් හදල තියල,හූරගෙන යන්න පුළුවන් දෙයක් ඇත්නම් කදමළු බැඳන් යන්න.තවත් ශත වර්ෂ ගණනාවක් යන කල් උන්ට සිරස නමන් ඉන්න එව්වෝ ටිකත් ගානට බෝ කරලා,කොටවල මරාගන්න තැනටත් හදල උන් මාරු!

    උඹ මෙතැන කරනම් ගැහුවේ සැබෑ තත්වය නොදැන! විද්‍යා අංශයෙන් විශ්ව විද්‍යාල තුලට යන්නට තිබුණු හැම වරමක්ම 1970 ට කලින් උරුම වෙලා තිබුනේ යාපන දමිළයන්ට-ඔන්න ඕක ෆැක්ට් එකක් බන්. උඹ ළඟ දත්තත්/සාක්කිත් නැතිලු.වෙච්චි සංගෙඩිය දන්නෙත් නැහැ,ඒ උනාට මරලතෝනි දුන්නේ-[දමිළය වනාහි 'හාර්ඩ් වර්ක්'කරන පිරිසකි..සිංහලයා උන්ට කෙනෙහෙලිකම් කරන්නේ ඒ නිසාවෙනි] කියල නේ? උඹ දැන්වත් ඒ දුර්මතය විසි කරනවද? 1948 නිදහස ගන්න කොටම කරන්නට තිබුණු දේවල් නොකළ නිසාවෙන් අපි අදත් දුක් විඳිනවා.

    මට දත්ත දෙන්නත් පිළිවන්,ඇහින් දුටු සාක්කි වාගේම,මා වින්ද සාක්කිත් උඹට මේ ගැන දෙන්නට පුළුවන්. දැනට හොයන් කියවපන් Comparative Education Vol 15,No3 1979,මේකේ තියෙනවා මන් කියපු බොහෝ දේවල්.

    • Chinthaka says:

      අධ්‍යාපන ප්‍රමිතිකරණයෙන් දෙමල අය කියනවා වගේ දෙයක්ම නෙමෙයි වුනේ කියන එක මං අහල තිබුනා…. ඒත් මට තිබුණ ප්‍රශ්නය මාතර ආතර කියන ජන අනුපාතෙට අනුව සිසුන් සරසවි වලට ගැනීම… තව ‘දෙමල සිසුන් සරසවි වලට එන එක වැඩියි… ඒක නවත්වන්නොන’ කියන චේතනාවෙන් ප්‍රමිතිකරණ ගෙනාව නම් එකත් වැරදියි….

      මිෂනාරීන් කරපු දේවල් ඔයාට දැන් එක එක විදියට විස්තර කරන්න පුළුවන්…. ඔලුවේ නහර උලුප්පගෙන…. ඒත් උන් කරේ අමුතු දෙයක් නෙමෙයි… යටත් විජිතවාදී පාලනය… ඔයාල කියන කළු සුද්දෝ ඇති කරන ඒවා, තව අවුරුදු ගණනකට උන් වගේ හිතන මිනිස්සු කියන සංකල්ප උන්ගේ ඒ කාලේ තිබුනැයි කියන කතා විහිළු…. උන්ට පහසු වෙන විදියට ඉන්න ස්වදේශික මිනිස්සුන්ව උන් පාලනය කරා… එතකොට උන්ගේ දේවල් නිරන්තරයෙන් අපේ සංස්කෘතියට ලැබුන…. අපේ මිනිස්සු තමන්ට හොඳයි කියල හිතුන දේ, තමන්ගේ පෞද්ගලික වාසියට හෝ වැළඳ ගත්ත… උන් අපේ රටවල් හූර ගත්ත… හැබැයි අපිටත් නොතිබුණු හොඳ ජාති ඕන හැටිය දීල…. අධ්‍යාපනය…. පාරවල්… සිවිල් සේවය…. උන් අවුරුදු ගණන් අපේ එවුන්ට මක බැවේන්න ප්ලෑන් ගැහුවේ නෑ මනුස්සයෝ… ඒවා කරගත්තේ අපේ උන්ගේ අහේතුවට… පඩත්තරකමට… සුද්ද නරක නම් සුද්දා උන්නු අපේ 1948 යි, අපේ අදයි, අද සුද්දගේ රටයි සංසන්දනය කරලා බලපන්…. 1948 දී අපේ රටත් හොඳයි…. අද සුද්දගේ රටත් හොඳයි… ඒත් අද අපේ රට…?? විදේශිකයින්ගෙන් නිදහස ලැබුනට අද අපේ රටේ තියෙන නිදහස මොකද්ද බං…?? සැබෑ ප්‍රජාන්ත්‍රවාදී, සංවර්ධිත රටක මිනිස්සු ගතකරන නිදහස් ජීවිත එක්ක බැලුවම….

      විද්‍යා අංශයේ දෙමළුන් ගැන ඔබ කියන කතාව මං අහල තියෙනවා… ඒත් ඒ අන්තවාදී සිංහල මතධාරියෙකුගෙන්…. නමුත් මම එක හෙලා එය ඉවත දමා නෑ… මේ දේවල් වල සම්පුර්ණ අසත්‍යතාවයක් නෑ… ඒත් ඔහෙලට පුලුවන්ද අධ්‍යාපන ප්‍රමිතිකරණ ඇරුනම දෙමළට වෙනත් අංශ වලිනුත් හිරිහැර වුනේ නැතැයි කියන්න…?? මොකද 1958 කෝලාහල වලින් දෙමළුන් මැරුවේ… දෙමල ළමයි නටන උණු තාර බැරල් වලට වීසි කරේ… දෙමල සත්‍යග්‍රහ වල ඔලු පලුවේ…??

      • චංචල සිතුවිලි says:

        Chinthaka,උඹ ගොදුරක් ගිල දාපු පිඹුරෙක් වාගේ අරෙහෙටයි මෙහෙටයි ඇඹරි ඇඹරි යන්නේ නැතිව කියවල වරෙන්/තේරුම් අරන් වරෙන් 1970ට කලියෙන් විද්‍යා අංශයෙන් වී.විද්‍යාල ප්‍රවේශයේදී වෙච්චි අසාධාරණ කම් ගැන,මන් කියපු කාරණා 05 ගැනත් මෙනෙහි කරන ගමන්.ඊට පස්සේ උඹේ තියෙන මුරණ්ඩු කමට මෙතන ලතෝනි දුන්නු ‘දමිල හාර්ඩ් වර්ක්’මතය විසි කරපන්.

        මම අන්තවාදියෙක් නෙවෙයි,(ඒ එක්කම මතක තියා ගනින් සිංහලයට හිමිතැන කතා කිරීම අන්තවාදයක් නොවන වග.සිංහල අපිට හිමිතැන ගැන,අපි මිලියන් 15 විතරයි කතා කරන්නේ ලෝකේ,නමුත් දමිළයට මිලියන් 100 ක්ට ආසන්නයේ ලෝකේ ඉන්නව කියන එක ‘ෆැක්ට්’ එකක් වග අමතක නොකරපන්.)උඹ ජීවිතේට අහල නැති දුෂ්කර ගම්මානෙකින් ආපු දමිළයන් අතර හිටිය මිනිහෙක්.උන්ගේ දුකයි,මගේ දුකයි අතරේ කිසි වෙනසක් තිබුනේ නැහැ.1970 න් පස්සේ ඒ දමිලයන් සහ මන් වාගේ සිංහලයනුත් ලැබුවේ අපට එතෙක් අහිමි කරලා තිබුන වරමක්. යාපන ‘හාර්ඩ් වර්ක්’ දමිළයන්ට සීමා වුනු ඒ හතර මහා නිධානෙ බෙදල දීම උඹ දකින්නේ අසාධාරනයක් හැටියට නම් තෝ එක්ක නැවත කතා කිරීමෙන් පලක් නැත. නමුත් එකක් කියමි, තෝ වාගේ යන්තමට යමක් දැන ගෙන සංගු පිඹින්නන් සිටින තුරු අපේ සිංහල දමිල මුස්ලිම් සහජීවන ජීවන ක්‍රමය නම් බොරු!

        • Chinthaka says:

          ඔබ ඉහත කමෙන්ට් එකේ ලිව්ව දේවල් ගැන මට ලොකු පැහැදීමක් තියෙනවා… අඩු තරමේ එහි තිබෙන මානුෂිය ගුණාංග දැක්කම…. ඉස්සර ලියුව උද්දච්ච කයිවාරු නැතිව… ඔබ කතා කරන්නේ ගොඩක් ඔයාගේ පෞද්ගලික අත්දැකීමෙන්…. ඔබ සුපිරිවාදය කරපින්නාගත් සිංහලයෙක් නොවෙන්න පුළුවන්…. ඒත් මේ රටේ දෙමලාට සිංහලයාගෙන් වුනු අසාධාරනකම් (මං කියන්නේ වෙනම රටක් හෝ පාලනයක් දෙන්න අවශ්‍ය දේවල් නෙමෙයි) එසේ නැතැයි කීම නම් unbiased statement එකක් විදියට ගන්න බෑ… ඔබට අසාධාරණයක් වුණා නම් ඒ ඔබේ පන්තිය නිසා… මට ද සිදුවුණා වගේ… ඒත් දෙමල මිනිස්සු සැහෙන කොටසකට සිංහලයන්ගෙන් හෝ ආණ්ඩුවෙන් සිදුවුණා දේවල් ඔවුන්ගේ පන්තිය නිසා වුන දේවල් නෙමෙයි… ඇයි ඔබ මේ ඇත්ත පිළිනොගන්නේ…?? මට තියෙන ප්‍රශ්නය ඒකයි…

          මම කතා කරේ ලෝක දෙමල ජනගහනය ගැන නෙමෙයි… ඒ ගැන මට කිසිම කිචියක් නෑ… ඒත් අපේ රටේ 12% පමණ ඉඳල අද වෙනකොට ඊට වඩා ගොඩක් අඩු ප්‍රතිශතයකට බැහැල තියෙන අහිංසක දෙමල මිනිහ වෙනුවෙන් මම කතා කරේ බහුතරයගේ සුපිරිවාදයට මම කවදත් විරුද්ධ නිසා… සිංහලයෙක් වශයෙන් මට බහුතරය සිතන සැටිත්, කතෝලිකයෙකු වශයෙන් සුළුතරයකගේ හැගීමුත් මට තේරුම් ගන්න පුළුවන්…. දෙමළා සිංහලයාගේ හෝ බෞද්ධ අයිතිවාසිකම් උල්ලංඝනය කරපු ලෝකෙක මම මෙහෙම කතා කරන්නේ නෑ… එහෙම උනා නම් මම කතා කරන්නේ සිංහල – බෞද්ධයා වෙනුවෙන්… ඒත් සිදුවුනේ එහි අනෙක් පැත්ත නම් උඹල මෙතන නටන නැටුම මොකද්ද…?? ඊලම දෙන්න නෙමෙයිනේ කතාව…. අද ලෝකේ ජාති – ආගම්වලට තියෙන සමනත්මතාවය ගැන හිතාගන්නවත් බැරි ලංකාවේ මිනිස්සු තමයි උඹල වගේ උඩ පනින්නේ… ඒත් උඹ වුනත් දැන් කියන දේවල් නෙමෙයිනේ මෙතන මුලින් කියුවේ.. මගේ උත්තරත් දේශේ හැටියට බාශේ තමයි….

        • මාතර ආතර says:

          @Chinthaka

          යන්නේ කොහෙද මල්ලේ පොල් ?

  20. මාතර ආතර says:

    @Chinthaka
    (@Fernando )

    උඹ තවම සද්ද නැතිව ඉන්න
    මේ කරුණු,අංක පිළිවෙලට,
    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර නොදී
    ලිස්සලා නොයන,කෙලින් ප්‍රතිචාර
    උඹෙන් බලාපොරොත්තුවෙන්
    නැවත ලියමි.
    1)
    Chinthaka says ”මම අපේ දොස්තරල බටහිර රටවල වැඩ කරන්නේ නෑ කිව්වේ නෑ…. එත් මම කිව්වේ උඹට ඔය වැරදි පින්තූර සපයන්නේ එහෙ අනාගෙන ලංකාවට හැරෙන තැපෑලෙන් ආපු එවුන් කියල….” Chinthaka

    මා මෙහි ලියනලද First hand information ගත්තේ,එහෙම ඇනගෙන හැරෙන තැපෑලෙන් ලංකාවට ආපු ඩොකාලාගෙන් හෝ ඒ කාලේ ඇන ගත්ත ෂෙඩ් වල ජොබ් කරන ඉන්දියානු ඩොකාලගෙන් හෝ නෙවී.

    මා බටහිර පශ්චාත් උපාධි ගන්න ගිය කාලේ ඇසු දුටු දේවල්,සහ දැනට බටහිර රටවල ස්ථිර පත්වීම් අරන්,මේ රට නැවත එන්නේ නැතිව දිගටම එහේ වැඩ කරන බටහිර ඩොකාලා තමයි මට මේ First hand information දුන්නේ.
    2)
    Chinthaka says …. ”පාස් වෙලා ඒත් ලංකාවේ වගේ අතට පයට නර්ස්ල attendantla නැති නිසා බැන බැන රස්සාව කරන අතෘප්තිකර දොස්තරලත් නැතුව නෙමෙයි…. Chinthaka

    උඹ මේ රට දාල යන්නේ නැතිව වැඩ කරන,මේ රටේ බටහිර ඩොකාලට ඉරිසියාවෙන් බනින අමු කෙප්ප ඕව!එහෙම වැඩ කරන ජාතියේ බටහිර ඩොකාල ඉන්නේ උඹේ ඔලු ගෙඩියේ ඇතුලේ මිසක් ලෝකේ කොහෙවත් නෙවී.

    මේ රටේ සිංහල, දෙමල සහ මුස්ලිම් ඩොකාල,එකෙක් දෙන්නෙක් එහෙම ඉන්නවා කියල උපකල්පනය කලත්,අපේ මේ, දෙමල වීම නිසා බටහිර වෙද විදුහලට දෙමල සිසුන් අඩුවෙන් ගැනීම අසාධාරණද, කියන සාකච්චාවට එය අදාලද? නෑනේ.
    3)
    Chinthaka says ,”යකෝ ලංකාවේ ඉහලම ලකුණු ගන්න එවුන් පිටරට ගිහින් හොඳ තැන්වල ඉන්න එක ගැන අමුතුවෙන් පුදුම වෙන්න තියෙනවා ද…?? අපිටත් ආඩම්බරයි තමයි රස්සාව හොඳට කරන ගමන්ම attitude එකත් නිවැරදිව පවත්වාගෙන යන එවුන් ගැන….”Chinthaka

    වැඩ කරන රට වෙනස් කල පලියට ‘ආකල්ප’ වෙනස් වෙන්නේ කොහොමද? උදාහරණ දෙමින් පැහැදිලි කරන්න පුලුවන්ද?
    4)
    Chinthaka says ,”විභාගයකින් සමත් උනාට පස්සේ ජන අනුපාතය හොයන ක්‍රමයක් ගැන මම නම් අහල නෑ… interview තියල ෆැකල්ටි වලට ගන්නේ බොහොම අල්පයක් qualifications වලට විතරයි… ඒවා එහෙම කරන්නේ ජන අනුපාතයක් බලන්න නෙමෙයි… විභාග පාස් උන පමණින් එවන් රැකියා කරන්න අවශ්‍ය commitment එක නැති නිසා… උදාහරණයක් විදියට early childhood teaching වලට ළමයි ගන්නකොට එයාල පොඩි ළමයින්ට ආදරේද සහ එයාලගේ personal values වගේ දේවල් ගොඩක් හොයනවා…”Chinthaka

    Fierce compitition කොහෙත්ම නැති early childhood teaching පැකල්ටි වලට තොරණ ක්‍රමේ ගැන නෙවී, මා කතා කළේ. උදාහරණයක් ලෙස Fierce compitition ඇති ලන්ඩන් මෙඩිකල් පැකල්ටි වලට තෝරණ කොට,සම්මුක පරීක්ෂනෙන් පමණක් අසමත් කියල දැනුම් දෙන ළමයින්ට,FEED BACK අහපුවම ලියුම එවන්නේ,”තරඟකාරීත්වය වැඩි නිසා, අවාසනාවකට,ඔබ සම්මුක පරීක්ෂනෙන් පමණක් නොතේරුනි”කියල විතරයි.This is a FACT.

    සම්මුක පරීක්ෂනෙන් පමණක් අසමත් වීමට හේතු අර ළමයිනට දැන්වුවොත්,ඊළඟ පාර pass වෙන එක වළක්වන්නත් ,සුදු පොඩි එවුනට වඩා කට පාඩමට දස්ස, ඉන්දියානු සහ චීන ළමයින් ගේ ගණන පාලනය කරන්නත් තමයි සුද්දෝ එහෙම කරන්නේ.

    මෙහෙම වෙන්නේ, ඔය කැම්පස් වලට තෝරණ ඉන්ටෙර්වීව් වලට එන සමහර interviewers ල කට්ටිය,ඉන්ටෙව්ව්ව්ව් එකේදී සිසුන් කතා කල යුතු විදිය,ඇස් හරවන විදිය,එයාල Medicine කරන්න එන්නේ වෙනත් වාසි බලාගෙන නෙවී, ලෙඩුන්ට කරුණාවටය කියල පෙන්නන විදියට කතා කරන්නේ කොහොමද,සහ එයාලගේ personal values මෙඩිකල් පැකල්ටියට තේරෙන විදියට පෙන්නන්නේ කොහොමදත් කියල TUITION දීල ගානකුත් හම්ඹ කර ගත්තට පස්සෙයි!!

    මේවාගේ TUITION වලින්,Video camera දාගෙන ඉන්ටෙව්ව්ව් practice කරලා,කරලා සම්මුඛ පරීක්ෂනේදී ‘රඟපාලා,’සල්ලි බලා ගෙන පමණක්,ලෙඩුන්ට කරුණාව නැති සිසුන්,
    බටහිර මෙඩිකල් පැකල්ටි වලට තේරෙන එක වලක්වන්න බැරිය.එහෙම සම්මුඛ පරීක්ෂණ වලින් අංජනම් බලා,හොඳ කාරුණික සිසුන් පමණක් වෙද විදුහලට තෝරණ ක්‍රම මුළු ලෝකෙම තවම සොයා ගෙන නැතිය.

    අන්තිමට සුද්ද ආර්ට් එකට ජනානුපාතෙට මෙඩිකල් පැකල්ටි වලට ගන්නවා,කවුරුත් ඉන්දියානු සහ චීන පොඩි එවුන් උඩ පනින්නේ නෑ,සම්මුක පරීක්ෂණ subjective සහ අසාධාරණයි කියල.
    නමුත් 1972 ඉඳන් මේ රටේ,බස අනුව ලකුණු ප්‍රමිතිකරනල කරලා ජනානුපාතෙට,බටහිර වෙද විදුහලට සිසුන් ගන්න කොට, උඹල දෙමල ළමයින්ව කුලප්පු කරවනවා ඒක අසාධාරණය කියල!!
    5)
    Chinthaka says ,” ඉන්දියාවේ එවුන්ට වඩා අපේ ඩොකාලගේ තත්වය ඉතා හොඳයි… ආයෙත් කියන්න තියෙන්නේ A /L විභාගයෙන් ඉහලම ලකුණු ගත්ත එවුන්ට ඒක කරන්න බැරි නම් කවුද කරන්නේ…?? ඒක ඕනෙවට වඩා කියවන්න නම් දෙයක් නෙමෙයි… වෙන රටවල ද්විතියක අධ්‍යාපනයේ ඉහලම දක්ෂතා දක්වන එවුන් අපේ එවුන්ට වඩා extra mile එකක් යනවා… හේතුව උන් අපේ එවුන්ට වඩා ප්‍රායෝගිකව උගතුන් නිසා…” Chinthaka

    අපේ පොඩි එවුන්ට වඩා,බටහිර පොඩි එවුන් යන extra mile එකේ විස්තරයි, උන්ගේ ප්‍රයෝගිකත්වයේ විස්තරයි,උදාහරණ දෙමින් පැහැදිලි කළා නම්.

    • මාතර ආතර says:

      @Chinthaka
      @Fernando )

      මේ ලියුමේ 4 වන කාරණාවට අදාලව කියන්න ඕන
      තව කරුණක් තමයි,
      ලන්ඩන් මෙඩිකල් පැකල්ටි වලට තෝරණ ‘Subjective සම්මුඛ පරීක්ෂණ පැනල්’ වල ඉන්න intervirewers ල 99% ක්ම වගේ සුද්දෝ.මේවා facts හොඳේ.

    • චංචල සිතුවිලි says:

      මචන් මාතර ආතර,මුනින් අතට හැරවිල තියෙන කළගෙඩියකට මොන තරම් වතුර දැම්මත් එක වතුර පොදක් රඳවන්න ඇහැක? එක්කෝ කළ ගෙඩිය හැරවෙන්න ඕන නැත්නම් වතුර නොදා ඉන්න ඕන. මූ නම් අර Fernandoටම ගැලපෙන හිතුවක්කාරයෙක්. අදාළ දේ නෙවෙයි කතා කරන්නේ- නමුත් කතාවක් නොනවත්තා කර ගෙන යනවා!

    • Fernando says:

      මට අදාල ප්‍රස්න වලට උත්තර
      1 දෙවියන් මෑව්වෙ කව්ද.
      කවුරුත් නෑත. දෙවියන් කියන මහා බලයට පටන්ගෑම්මක් හෝ අවසානයක් නෑත. ඒකයි මම ඈහෙව්වෙ සන්ක්යාවල මුල්ම හා අවසන් අගය. එය රින අනන්තය හා දන අනන්තයයි.මුලක් හෝ අගක් නෑත.
      2.ලන්කාවෙ තිබිය යුත්තේ එක නීතියයි. උඩරට, තේසවලාමෙ නීති ඉවත් කල යුතුයි.යාපනයේ,සින්හලුන්ටත්,හිගුරක්ගොඩ දෙමල අයටත් ඉන්න පුලුවන් විය යුතුයි.
      3.අඩ්යාපනයේදි යම් වාසියක් දෙමල සිසුන්ට ලෑබුනා. මම එය පිලිගනිමි.

      • මාතර ආතර says:

        1.Fernando says,”දෙවියන් කියන මහා බලයට පටන්ගෑම්මක් හෝ අවසානයක් නෑත”Fernando

        එහෙම දෙයක් සඳහන් වන බයිබලයේ පිටුව සහ වගන්ති අංකය දක්වන්න.

        2.සුව කල නොහැකි රෝග සෑදී ඉපදෙන ඇත්තන් ව, සර්ව බලධාරී දෙවියන් එහෙම මවපු එක, සාධාරණද?

        3.බුදුබනේ ලියා ඇති අයුරින්,යමෙක් ලෝකයේ පෙර කරන ලද අකුසල කර්මයන්ට අනුව කරුම පඩිසන් දීමේ සංසිද්දිය වනාහි,අසාධාරණ මැවීමක් කල සර්වබලධාරී දෙවියන් ගේ ක්‍රමයට වඩා,සාධාරන දහමක් බව ඔබ පිලි ගන්නේද?

        4.අපගේ නැවත ඉපදීම මරණය තිබෙන,මුලක් හෝ අගක් පුදුදුන් අපගේ මනසට නොපෙනෙන,අනන්ත වූ සංසාරයක් ගැන බයිබලයේ සඳහන් වේ නම්,එම පිටුව සහ වගන්ති අංකය දක්වන්න.

        5.පුළුවන් නම් Chinthaka හමු වුනොත්,මා ඉහත අසා ඇති ඔහුට අදාළ ජනානුපාතෙට ලන්ඩන් medical faculty වලට සිසුන් ගැනීම ගැන,ප්‍රතිචාර දක්වන්න කියන්න.

        • Fernando says:

          1.සොයාගත්විට පලකරන්නම්.
          2.පාපයට පසු සිදුවු අයහපත් ප්‍රතිපලයට දෙවියන් වගකිවයුතු නෑ.නමුත් ඔබ පනත් දසයම රකිමින්,ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ගෑලවුම්කරු ලෙස පිලිගත්තොත් ඔබට කිසිම කරදරයක් වෙන්නේ නෑ.නමුත් ප්‍රස්නය මිනිසුන් පව් කරමින් අමාරුවේ වෑටුන විට කරන්නේ දෙවියන්ට බෑනීමයි.” එහෙත් නුබ සෑබවින්ම උන්වහන්සේගේ හඩට කන්දී මා කියන සියල්ල කලොත්, මම නුබේ සතුරන්ට සතුරෙක්ද…………මම නුබ මද්යයෙන් රෝග ඉවත් කරන්නෙමි.” නික්මයාම 23:20-33 පොරොන්දුව ලබාගෑනීමට පෙර ආග්න්යාව ( commanandments,statues, laws)රෑකිය යුතුයි.
          පාපයෙන් පසු දෙවියන්ට අවශ්ශනම් මිනිසුන් සදාකාල මරනයට කෑපවී යාමට ඉඩදී බලා සිටීමට දෙවියන්ට පුලුවන්කම තිබුනි. එහෙත්,ඔහු තම පුත්‍රයා එවා සදාකාල මරනයෙන් මිනිසා ගලවාගෙන නෑවත සදාකාල ජීවිතය ලබාදුනි. කෑමති අයට පමනක් එය ලබාගත හෑකිය. “…නුබේ දෙවිවු,ස්වාමින්වහන්සේගේ හඩට නුබ කන්දෙන්නෙහි නම් සියලු ආශිර්වාද නුබ කරා පෑමින,නුබ සමග වන්නේය…”ද්විතීය කතාව28:1-14

        • Fernando says:

          3 වෙනි ප්‍රස්නයට පිලිතුර ඉහත ලෑබී ඈත.
          4 මරනය සම්බන්දව බ්යිබලයේ කරුනු.
          ” එහෙත් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්යය දකිනතුරු කිසිසේත් මරන රසය නොවිදින්නෝයෑයි සෑබෑවින් නුබලාට කියමි…”ලූක් 9:27ක්‍රිස්තුස්වහන්සේගෙ දෙවෙනි පෑමිනීමේදී, දර්මිශ්ට මිනිසුන් මරනය නොදෑක ස්වර්ගයට ගෙනියන බව මෙයින් හෑගේ.ස්වර්ගය යනු පාපය නොකර මිනිසුන් සිටින ස්තාන වේ.මෙවෙනි ග්‍රහලෝක විශ්වයෙ ඈත.පාපයට අසුවුයෙ පොලොවේ සිටි ආදම් හා ඒව පමනි.”නමුත් අන්තිම හොරනෑව පිබින කල මොහොතකින්,ඈසිපිය හෙලන ක්ශනයකින්,අපි සියල්ලෝම වෙනස් කරනුලබන්නෙමුව.මක්නිසාද හොරනෑව පිබිනු ලබන්නේය,එකල මලාවු,නොදිරන ස්වභාවයෙන් යුක්තව නෑගිටිනු ලබන්නෝය……”1 කොරෙන්ති15:50-58
          “මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද,උත්තම දේවදූතයකුගේ හඩද,දෙවියන්වහන්සේගේ හොරනෑ නාදයද ඈතුව ස්වර්ගයෙන් බසින සේක.ක්‍රිස්තුස්වහන්සේ තුල මලාවු අය පලමුකොට නෑගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමින්වහන්සේ සම්මුකවන පිනිස වලාකුල්වලින් අහසට ඈදගනු ලබන්නෙමුව…” 1 තෙසලෝනික 4:13-18

        • Fernando says:

          මෙසේ අවු.1000ක් ස්වර්ගයේ ජීවත්වන දර්මිශ්ටයන් නෑවත පොලවට ගෙන ඒ. ඉන්පසු මියගියාවු,අදර්මිශ්ටයන් නෑවත නෑගිටවනු ලබන අතර,ඔවුන්ගේ පව් කියාදී, යක්ශයා (සාතන්)සමග ගින්නෙන් පුලුස්සා සදාකාල මරනයෙන් විනාශ කරනු ඈත. එය කෙනෙකුට තත්පර ගනනක්ද, තව කෙනෙකුට දින කීපයක්ද විය හෑක.ඉන්පසු මෙම පොලව පුලුස්සා විනාශ කරන අතර අලුත් අහසක්ද අලුත් පොලවක්ද නිර්මානය කර දර්මිශ්ටයන් එහි සදාකාලයටම ජීවත්වනු ඈත.
          අදර්මිශ්ටයන් නෑවත ඉපදීමක්,මරනයක්,හෝ නොමෑති අතර ඔවුන් ගෑන සිහිවීමක්ද නෑත. මෙය හරියට නිවන වාගේය. සසර කෙලවර වී ඈත.
          ඉතින් වඩා හොද දර්මිශ්ටයෙක් ලෙස ජීවත් වී ස්වර්ගයට යෑමද, සසර කෙලවර කර ගෑනීමද? තීරනය ඔබ අතේයි.
          “අවු.දහස කෙලවර වු පසු සාතන් තමාගෙ හිරගෙයින් මුදනු ලෑබ……….එවිට ස්වර්ගයෙන් ගිනි බෑස ඔවුන් විනාශ කලේය.එලිදරව් 20:7-10
          “අලුත් අහසක්ද අලුත් පොලවක්ද දුටිමි…. නමුත් මිනීමරන්නන් වේශාකම්කරන්නන්….. ගින්නෙනුත් ගෙන්දගමිනුත් දෙවෙන(burning) විලෙහි තමුන්ගේ කොටස වන්නේය. එය දෙවෙනි මරනය යයි මට කීවේය….”එලි 21:1-8

      • මාතර ආතර says:

        @Fernando

        යන්නේ කොහෙද මල්ලේ පොල්!

    • Chinthaka says:

      මාතර ආතර,

      1) හරි පිටරට වැඩ කරන ලංකාවේ බටහිර ඩොකාල ඔයාට information දුන්න නම්, මෙතන තර්කය මොකද්ද…?? සම්මුඛ පරීක්ෂණ ගැන ද…?? ඔය සම්මුඛ පරීක්ෂණ කෙරුවාව ඕස්ට්‍රේලියානු කලාපයේ නම් ඔහේ කියන පදනමෙන් තියෙනවා කියල මම අහල නෑ…. මිනිස්සු ඕනෑම දෙයක් ගැන විවිධ අර්ථකර්තන දෙනවා… තමන් දාගෙන ඉන්න කන්නාඩිය අනුව…. අනික උඹට කට්ටිය විවිධ දේවල් කිව්වත් උඹ ගන්නේ උඹේ මතයට ගැලපෙන ටික විතරයි… මට නම් ඔය කියනවා වගේ අසාධාරණ ක්‍රමයක් ගැන කවදාවත් අහන්න ලැබිල නෑ…
      2) මං මොනාටද දොස්තරලා ගැන ඊර්ෂ්‍යා කරන්නේ බන්…. අනික ඊර්ෂ්‍යාව කියන දේවල් අපිට නම් පුරුදු පුහුණු දේවල් නෙමෙයි… මම කියන්නේ අපේ system එකේ තියෙන වැරදි… සමාජ අසාධාරණ…. ඒ කතාවයි දෙමල සිසුන්ගේ ප්‍රශ්නයි අතරේ අදාලත්වයක් නෑ… ඒක කියුවේ ‘සිය රට දේ සිරි සැප දේ’ කියන පක්ෂග්‍රාහී මතයේ ඉන්න උඹට පිටරට දේවල් පීචන් කරන්න කලින් තමන්ගේ හිලවල් දිහා බලන්න කියල… අපි දෙයක් අපිට වඩා දියුණු එවුන්ගෙන් ගත්තොත් ඒක අපිට… බොරුවට නිකම් සර්ව සම්පුර්ණ කතා කියන්න එපා…. තමන්ගෙන් confidence factor එක හදාගන්න බොරු පූචානම් ගහල බෑ…
      3) ආකල්ප වෙනස් කරගන්න වෙනවා පිටරටකට ගියාම…. ලංකාවේ වගේ දොස්තර මහත්තයෝ කියන වඳ වැටීගෙන එන ලෙඩ්ඩු නෑ… අනික දොස්තර සේවාවත් ඒ සමාජයේ තියෙන තවත් එක සේවාවක් විතරයි…. එය දඩමීමා කරන් ලංකාවේ දොස්තරලා ගතකරන සුපිරි ජීවිත පිටරටවල නෑ…. ඒක කියන්නේ ඊර්ෂ්‍යාවෙන් නෙමෙයි…. ඇයි උඹල කැමති නැද්ද කම්කරුවත්, ලිපිකරුවත්, ගුරුවරයාත් දොස්තර සමග එක තලයේ සමාජගත වෙනවට… ඔන්න ඔය දේවල් සම්බන්ධයෙන් තමයි ලංකාවේ සුපිරි සමාජයට පිටරට ගියාම ආකල්ප වෙනසක් අවශ්‍ය වෙන්නේ…. නැතිනම් ඉතින් ගෙවල් වල හිටපු සේර්වන්ට්ස්ල ගැන කියා කියා සුද්දන්ට පව් දෙන ලංකාවේ පඩ චරිත නම් කොපමණ ද…?? සුද්දෝ ඒ වගේ එවුන්ගෙන් අහනවා ඔච්චර ඔහොම හිටිය නම් අහවල් ඒකටද මේවයේ ආවේ කියලත්… ලැජ්ජාවේ පණ යනවා බන්…
      4) මේක ගැන නැවතත් කියන්න තියෙන්නේ ඔයා බලන පාට කන්නාඩිය වෙන්න බැරිද මේකට හේතුව…?? මොකද ඔය වගේ දේවල් තියෙනවා නම් ඒ රටවල් වල අනිවාර්යයෙන් challenge කරන්න පුළුවන් under discrimination law ….??
      5) සුද්දන්ගේ හොඳට ඉගෙන ගන්න එකා අපේ එවුන්ට වඩා ගොඩක් ඉහලට යනවා…. මොකද ඒ වගේ උන් දැනුම එක්රැස් කරන්නේ විභාග පාස් වෙන්න විතරක් නෙමෙයි…. අන්තිමට ඉතා ලාබාල වයසින් PHD කරලා ප්රෝෆාලත් වෙලා…. නැතිනම් scientists ලා වෙලා මුළු ලෝකෙටම නව දේවල් හා දැනුම ව්‍යාපත් කරන්නේ උන් තමයි….. එක ගැන මේ ලෝකේ දිහා දැක්කම උඹට පේන්නේ නැද්ද…?? උඹ උගතෙක් උණු පමණින් අනිත් එවුන්ව under estimate කරන එක ලංකාවේ සමහරුන්ගේ style එක කියල මන් දැකල තියෙනවා…

  21. චංචල සිතුවිලි says:

    Chinthaka,පඳුර වටේට විඳින්නේ නැතිව අදාළ දෙය කතා කරපන්.
    උඹ ප්‍රෝඩාවකට අසුව දමිලයා ‘හාර්ඩ් වර්ක්’ කරයි. සිංහලයා එසේ නොකරයි. ඒ නිසා දමිලයාට සිංහලු අසාධාරණයක් කලා යයි කියමින් තප්පු ලන උඹට යාපන දමිළයන්ට පමණක් හිමිවූ’දේව වරම්’ හිමි නොවූ අන් දිස්ත්‍රික්කවල සිටි දමිළයන් ‘හාර්ඩ් වර්ක්’ නොකරන ගොඩට අයිති වුයේ මන්දැයි පැහැදිලි කරන්ට බැරිව උඩ පනින උඹ නම් කදිම තකතීරුවෙකි. මුල මැද අග නොදැන කිචි කවන නිසා හිනැහෙන තෝ වාගේ පට්ට පල් හොරෙක් එක්ක කතා කිරීම නොවටී.

    • Chinthaka says:

      මෙහි මූලික තර්කය ලංකාවේ දෙමලාට සිදුවුන කෙනෙහිලිකම් ය…. එය නෑ කියන, හිතට විරුද්ධව කතා කරන ඔබලා සමග කුමන කතා ද…?? සමකාලින දේවල් ඔබ කතා කල යුතුව ඇත්තේ සමකාලින අයෙකු සමග ය…. මට මේ ගැන අමුතුවෙන් දැනුවත්වීමට අවශ්‍ය නැත…. (තර්කය සඳහාම පමණක් හෝ මට එය කල හැකිව තිබුණි.. internet එකේ research කරත් ඒ ගැන ඒමට සාක්ෂි ඇතිවාට සැක නැත…ඒත් මා කතා කරන්නේ අපි ස්වභාවිකව ඇසු දුටු දේ පිළිබඳව මිසෙක තර්ක කිරීම සඳහාම නොවේ ය)

  22. චංචල සිතුවිලි says:

    Chinthaka,මෙතැන කොමෙන්ටු ලියන්නට එන උන්දැල සමකාලින වීම නොවීම ගැන ප්‍රශ්නයක් නැත. මෙතැන කොමෙන්ටු ලියන උන්දැල ‘ඔබ’කීවද’උඹ’කීවද ප්‍රශ්නයක් නැත.මේ වාගේ මාධ්‍යක් භාවිත කරමින් අදහස් දැක්වීමේදී ඉහත කාරණා කිසිත් අදාළ නොවේය. ඒ නිසා මීහරකෝ, උඹ කුලප්පු වී වලං බිද ගත්තේය. මට කල හැකි දෙයක් නැත.තෝ වාගේ පුස් වැල ගෙඩියක් කුණු විය යුත්තේ ගහ යටදීමය.

    ඉන්ටර්නෙට් රිසර්ච් කරන්නට මට ඔලුවේ ගායක් නැත.උඹට දැනුවත් වීමට ‘ඉන්ටර්නශෝනල්’ජර්නලයක නමක් දුන්නේ උඹ ‘ඉන්ටර්නශෝනල්’ පිස්සෙක් නිසාවෙනි. නැෂනල් ජර්නල් සහ ඒ සම්බන්ධව ලියවුනු පොත් පත් එමට ඇත.මට නම් ඇහින් දුටු සාක්කිද තොග ගණන් ඇත.1970 දක්වා යාපන දමිලයාට හිමිව තිබුනේ ‘දේව වරම’කි.එයට’හාර්ඩ් වර්ක්’නමින් නම් පට බැන්දේ උඹ සහ උඹ වාගේ අන්ධයෝය. ලංකාවේ අනිත් දිස්ත්‍රික්ක වලද දමිළයන් අපුරුවට සිටියේය.නමුත් ඒ’දේව වරම’නොහොත් උඹගේ ‘හාර්ඩ් වර්ක්’,1970 දක්වාම උන්ට නොලැබුණි.තොට ඒවා කීවිට උන බම්බු ගිල්ලාක් මෙන් ඇඹරෙයි. ‘දේව වරම’ හිමි යාපන දමිළයන්’ෆෙයාර් ෂෙයාර්’ ලනු අඹරන කල තෝ වැනි බුම්මට්ටයෝ ඒ ලනු ගෙල පුරා දමා ගනිති.

    තර්ක නෙවේ, එදිනෙදා ජීවිතයේ කතා බහක් කරන්නටද උඹ වාගේ පුස්සෙක්ට බැරිය.දමිළයන් අතර සිට උන් සමඟම මෙතෙක් දුර ආ මට තෝ වැනි ලේ මාපිලන් ගැන ඇත්තේ පිළිකුලෙකි.මින් පෙරත් කීවෙමි, අපේ හතුරන් වන්නේ උඹල වැන්නවුන්ය. තොපි සිටින තාක් කල් අපේ මේ රටේ සිංහල දමිල මුස්ලිම් සාමය/එක් වී රට නැගීට්ටුවා ගැනීම් නම් වන්නේ නැත!

    • Chinthaka says:

      ඔබ කියන අන්දමට යාපනය දමිළයන්ට තිබුණු අනවශ්‍ය ‘දේව වරමක්’ නැතිවූ නිසාවෙන් උන් සටන් මගට පිවිසියා නම් මන්නාරමේ, වන්නියේ, ත්‍රිකුණාමලයේ, සහ මඩකලපුවේ දෙමළා උන්ට අලගු තබන්න ගියේ (අති විශාල කුල භේද සහ ප්‍රාදේශීය වෙනස්කම් මධ්‍යයේ) කුමක් නිසා ද…?? කොටි සංවිධානයේ හිටපු බොහොමයක් die hard සටන්කරුවන් පැමිණියේ යාපනයේ නොවන ප්‍රදේශ වලින් වන නමුත් යාපනයේ ප්‍රදේශවාසීන්ට නායක තනතුරු ලැබුනා යයි කීම කොටි සංවිධානය පිලිබඳ පක්ෂපාති දෙමලුන්ගේ ප්‍රසිද්ධ චෝදනාවකි… කෙසේ නමුත් අවුරුදු 30 ක් ඇදී ඇදී යන අයුරින් මරාගෙන මැරෙන යුද්ධයක් කල හැකි ත්‍රස්තවාදී සංවිධානයක් බිහිවුයේ ප්‍රශ්න නැති නිසා යයි ඔබ කීම කෙසේ නම් පිලිගන්නද…??

      මම නම් අසා ඇත්තේ, දැක ඇත්තේ ඔබට තාමත් නොතේරෙන ඒ සත්‍යම ය… රට බෙදන්න ප්‍රශ්නයක් නැති බව සැබෑ ය… එය මම මුල සිටම කීවෙමි… එහෙත් ප්‍රශ්නයක් තිබුණු බව සහ ඊට යම් විසඳුම් අවශ්‍ය බව ඔබට නොතේරෙන්නේ මක් නිසා ද…?? ඔබට මෙතන සමානාත්මතාවය පිලිබඳ කතා කරන මාව පෙනෙන්නේ ලේ මාපිලුන් හැටියට ය… ඔබට අවශ්‍ය අතීතය carpet එහෙකින් වසා දමා අනාගතයේ, අතීත වැරදි සිදු වන්නට ඉඩ නොදී ඉදිරියට යන්නට ය…. ඒ ගැන මට නම් කිසිදු ප්‍රශ්නයක් නැත… මන්ද යත් රිදුනේ මට නොවේ… එහෙත් සැබවින් රිදවාගත් ලාංකීය දෙමල ජනතාව ඊට ලෑස්ති දැයි ඔබ ඔවුන්ගෙන් අසා දැන ගත යුතුය….

      • චංචල සිතුවිලි says:

        Chinthaka,ගම යාපනේද කියල ඇහුවම,හරක් මස් කන්නේ නැහැ කියල උත්තර දුන්නට උඹටවත් මටවත් ඇති පලක් නැත.
        1970 ට පෙර යාපනයට පමණක් උරුම වුන ‘දමිළයන්ට සුවිශේෂී වූ හාර්ඩ් වර්ක් ඇටිටියුඩ්’ එක අන් දිස්තිර්ක්කවල සිටි දමිළයන්ට අදාළ නොවුනේ මක් නිසාද- මේ සරල ප්‍රශ්නෙට උත්තර දීල හිටිං.
        චංචල සිතුවිලි

  23. මාතර ආතර says:

    @Chinthaka

    ලංකාවේ අපරදිග මෙඩිකල් පැකල්ටි වලට තෝරන කොට,
    දෙමල සිසුනට වුනාය කියන අසාධාරණ ගැන,
    උඹ ලියපු දෑ අරබයා,
    මා මෙහි,
    එකින් එක උඹේ කරුණු අරන්,
    උඹට පිළිතුරු දක්වමි.

    Chinthaka says හරි පිටරට වැඩ කරන ලංකාවේ බටහිර ඩොකාල ඔයාට information දුන්න නම්, මෙතන තර්කය මොකද්ද…?? සම්මුඛ පරීක්ෂණ ගැන ද…?? ඔය සම්මුඛ පරීක්ෂණ කෙරුවාව ඕස්ට්‍රේලියානු කලාපයේ නම් ඔහේ කියන පදනමෙන් තියෙනවා කියල මම අහල නෑ…. මිනිස්සු ඕනෑම දෙයක් ගැන විවිධ අර්ථකර්තන දෙනවා… තමන් දාගෙන ඉන්න කන්නාඩිය අනුව…. අනික උඹට කට්ටිය විවිධ දේවල් කිව්වත් උඹ ගන්නේ උඹේ මතයට ගැලපෙන ටික විතරයි… මට නම් ඔය කියනවා වගේ අසාධාරණ ක්‍රමයක් ගැන කවදාවත් අහන්න ලැබිල නෑ…Chinthaka

    ඔස්ට්‍රලියාව ගැන වනන උඹ නම් ඔස්ට්‍රලියාවේ පස් පාගපු එකෙක් නම් වෙන්න බැරිය.
    මෙතන තර්කය තමයි,fierce competition තියෙන මෙඩිකල් පැකල්ටි වලට තෝරන subjectiveසම්මුක පරීක්ෂන (ඔස්ට්‍රලියාවද මේ ක්‍රමය අනුගමනය කරයි) කරන panel එකේ ඉන්නේ 99% ක්ම සුද්දෝ!

    එහේ තියෙන මෙඩිකල් පැකල්ටි වලට සම්මුක පරීක්ෂනෙන් විතරක් අසමත් වුනොත්,එයට හේතු අසමත් වූ සිසුව ඉල්ලා හිටියත්, feed back කරන්නේ නෑ, අර අසමත් වුන සිසුවාට.”අවාසනාවකට මෙන්, තරඟය වැඩි නිසා, ඔබ සම්මුක පරීක්ෂනෙන් පමණක් අසමත් වුනි” කියල තමයි feed back ඉල්ලුවහම ලියුම එවන්නේ!(මේවා facts හොඳේ).

    හේතුව, හරියට feed back කලොත්, වැරදි හදා ගෙන ඊළඟ පාර පාස් වෙන්න පුළුවන් නිසා.එහෙම වුනොත් හරි, 100% objective assessments වලින් පමණක් තේරුවොත් හරි ,සුදු පොඩිවුන්ට වඩා මහන්සි වන ඉන්දියානු චීන සිසුන් වැඩියෙන් ඇතුළු වෙන්න පුළුවන්.ඉතින් ආසන්න වශයෙන් ජනානුපාතේ තියා ගන්න හොඳම ක්‍රමේ තමයි සම්මුක පරීක්ශනේ.

    නමුත් ලංකාවේ 1960 ගණන් වල සම්මුක පරීක්ෂණ practical නැති කලේ දෙමල සිසුනට පක්ශාග්රාහිව ලකුණු දීම නිසා. ඒවගේම බාසාව අනුව ලකුණු ප්‍රමිතිකරනේ 1972 ගෙනාවේ,සිරිල් මතෙව් පාර්ලිමේන්තුවේදී පෙන්න දුන් සේ (ref Habzard on Diabolical conspiracy) දෙමල වුහගත රචනා මාදිලියේ (උදා; මදුරුවාගේ ජීවන චක්‍රය in Zoology 1972) උත්තර වලට ලකුණු දෙන marking sheme එක lenient විදියට ලකුණු දීමට, දෙමල ගුරුවරුන්ට වෙනම marking scheme එකක්, කුමන්ත්‍රණ කාරී ලෙස යවා තිබීම.

    ඉතින් බාසාව අනුව ලකුණු ප්‍රමිතිකරණේ කරලා, ඊට පස්සේ දිස්ත්රික පදනම ද ගෙනල්ල,අන්තිමට වුනේ මේ රටේ 1972 ට පෙර අපරදිග මෙඩිකල් පැකල්ටියට, 50% ක් පමණ ප්‍රතිශතයක් ඇතුළු වුන දෙමල සිසුන්, 20% දක්වා ජනානුපාතෙට ආසන ලෙස අඩුවී, සිංහල සහ මුස්ලිම් සිසුන්ගේ ඇතුළුවීම ජනානුපාතෙට ආසන්න ලෙස වැඩි වීමයි.

    දැනුත් මොන ස්කෝර් එක දැම්මත්,අන්තිමට බලන්නේ ඒකයි.subjectiveසම්මුක පරීක්ස්සන තියල බටහිර ලෝකේ කොහෙත් වෙන්නෙත් එකයි.බටහිර ලෝකේ ඉන්න ඉන්දියානු සහ චීන සිසුන් මේක දන්නවා ,නමුත් උඩ පනින්නේ නැනේ,ජනානුපාතේ සාධාරණ නිසා.

    නමුත් උඹල ”මේ ජනානුපාතේ බැලිල්ල නිසා දෙමල සිසුන්ට අසාධාරණයක් වුනො” කියල
    උන්ව කුලප්පු කරනවා.

Leave a Comment