Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

ශ‍්‍රී ලංකාවේ උපාධිධාරීන්, මේසන් බාස්ලා සහ අත් උදව්කරුවන්

June 25, 2012 at 12:11 am | Lanka C News.

ශ‍්‍රී ලංකාවේ උපාධිධාරීන්, මේසන් බාස්ලා සහ අත් උදව්කරුවන්

- පසුගාමී මානසිකත්වය සහිත උපාධිධාරී විරැකියාව හා අතීසාරයට අමුඩයක්වූ  වැඩසටහන් නිලධාරී තනතුර

ශ‍්‍රී ලංකාවේ සාක්‍ෂරතාවය 95‍% වඩා වැඩිය. එහෙත් බාලාංශයට ඇතුළත් වන සිසුන්ගෙන් 2‍% වඩා අඩු ප‍්‍රමාණයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබති. මේ ඉහලින්ම උසස් පෙළ සමත්වූ සිසුන් වේ. අ.පො.ස (සා.පෙ.) ඉතාම දක්‍ෂම සිසුන් විද්‍යා විෂයධාරාවෙනුත් දෙවැනි පෙළ සමතුන් වානිජ විෂය ධාරාවත්, බහුතරයක් වූ තෙවැනි පෙළ සමත් වූ සිසුන් කලා විෂය ධාරාවෙනුත් අධ්‍යාපනය ලබති.

උසස් පෙළ හොඳින් සමත් නොවූ හා සාමාන්‍ය පෙළසාමාන්‍ය වශයෙන් සමත්වූවන් බොහෝවිට තාක්‍ෂණික පාසැල්වලට හා විවිධ පාඨමාලාවන් හරහා රැකියා වෙළඳ පොළ ඉලක්ක කොටගෙන උසස් අධ්‍යාපනයට අවතීර්ණය වී රැකියා වෙළඳ පොළ ජය ගනී.

අද වන විට වසරකට සිසුන් 22,000 කට ආසන්න ප‍්‍රමාණයක් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගනී. එනම් ඒ හා සමාන ප‍්‍රමාණයක් වසරකට උපාධිධාරීන් ලෙස රැකියා වෙළඳ පොළට එකතුවේ. බොහෝ විද්‍යා විෂයධාරාවන් හා වෘත්තීමය පාඨමාලා හදාරන අයවලූන්ට හැර අනෙකුත් බොහෝ උපාධිධාරීන්ට සුදුසු රැකියා වෙළඳ පොළක් ශ‍්‍රී ලංකාව තුළ බිහිවී නැත. යම්තාක් දුරකට විද්‍යා විෂයධාරාවන් හැදෑරූවන්ට හා වානිජ විෂයයන් හැදෑරූවන්ට රැකියාවක් සොයාගත හැකිවුවද කලා විෂය ධාරාවන් හැදෑරූ උපාධිධාරිට රැකියා නැත්තටම නැති තරම්ය.

මීට අමතරව විශ්ව විද්‍යාලයට යෑමට නොහැකිවූ බොහෝ අය බාහිර උපාධිය ඉතා මහන්සිවී හදාරයි. මෙම නිසා සමස්ථ විරැකියා බහුතරය කලා උපාධිධාරීන් වේ. මොවුන් විසින් අධ්‍යයනය කර තිබෙන බොහෝ විෂයන් කිසිම රැකියාවක් සඳහා (පවතින) සුදුසුකමක් ලෙස ගණන් නොගැනේ. එය පෞද්ගලික අංශය තුලදී නම් කිසිම වැදගත්කමකට නැති දෙයක් බවට පත්වේ. ඒ අනුව ගත්කල සමස්ථ උපාධිධාරීන්ගෙන් 60‍්‍ර කට වඩා කලා උපාධිධාරින්වන්නන් යැයි උපකල්පනය කලහොත් වසරකට විරැකියා පොලිමට එකතුවන කලා උපාධිධාරීන් ගණන 12,000 කට වඩා වැඩි විය හැක.

මෙම විරැකියාව යනු උපාධිධාරියෙකු සඳහා සම්මත රැකියා නොමැතිවීමයි. එහෙත් බොහෝ ගම්බද විරැකියා උපාධිධාරීන් කුමන හෝ ආර්ථික කර්තව්‍යකට අතගසා ජීවත්වෙයි. අයෙක් සාමාන්‍ය ලිපිකරු, කම්කරු සිට පෙදරේරු උදව්කරුවා දක්වාද,බහුතරතවත් අයෙක් තම දෙමවුපියන්ගේ රැකියාවවූ කෘෂිකර්මාන්තය වැනි පවුලේ කර්මාන්තවල යෙදී සිටිති. මෙයින්ද පිටස්තර වූ ප‍්‍රමාණයක් නිකමුන් ලෙස නොසිටිනවායැයි අපට කිව නොහැක. එහෙත් එය ප‍්‍රතිශතයක් ලෙස විශාල ප‍්‍රමාණයක් නොවන්නේය.

පෙදරේරු අත්උදවුකරුවෙකුට අද දවසේ රු. 800 ත් රු. 1000 ත් අතර ප‍්‍රමාණයක වැටුපක් දිනකට උපයාගත හැකිය. එනම් මසකට දින 22 ක් වැඩකලද රු. 9000 ත් රු. 22,000 ත් අතර ප‍්‍රමාණයක් උපයයි. එය උපාධිධාරියෙකු ලෙස ගතකළ සම්මත රැුකියාවක් නොවූවද, උපාධිධාරියෙකු රජයේ සම්මත රැකියාවක් තුළින් ලබාගන්නා මුදලකට වඩා වැඩිවේ. අද රජයේ රැකියාවකට උපාධිධාරියෙකු බඳවා ගන්නා විට රු. 15,600.00 පමණ මූලික වැටුපකුත් ජීවන වියදම හා අනෙකුත් වියදම් එකතුකර ගත්කළ රු. 19,000.00 කට ආසන්න මුදලක් මසකට උපයා ගත හැකිය. මෙයින් ගත්කළ රැකියාවේ ස්ථිරත්වය, තත්ත්වය, උසස්වීම් හා අර්ථසාධක හෝ විශ‍්‍රාම වැටුප් යන දේවල්වල ප‍්‍රථිලාභ හැරුණුවිට අද පෙදරේරු අත්උදවුකරුවකුගේ වැටුප උපාධිධාරියෙකුගේ වැටුපට වඩා වැඩිවේ.

රටේ සංවර්ධනය සඳහා ශ‍්‍රමදායකත්වය ගත්කළ ශ‍්‍රමය වගුරවන තැනැත්තන්ගේ  සුදුසුකම්වලට වඩා එම ශ‍්‍රමයේ ඵලදායීත්වය එයට ඉවහල්වේ. එය සහතික මිටියක් සමඟ රැකියා සොය සොයා යන්නකුට වඩා තම ශ‍්‍රමයවගුරවන පෙදරේරරු අත්උදවුකරුවෙකුගෙන් රටේ සංවර්ධනයට වන දායකත්වය වැඩි විය හැකිය. එනයින් ගත්කල ඔහු රටේ සංවර්ධනයට දායකත්වයක් දක්වන අතරම ඔහු ජනතාවගෙන් යැපෙන්නෙක් නොවන්නේය. එමනිසා උපාධියක් සහිතවවූවද පෙදරේරරු අත්උදවුකරුවකු සංවර්ධනයට දායකත්වයක් දක්වන්නෙකුවන අතර ජනතාවගෙන් යැපෙන්නෙක් නොවන්නේය.

තත්ත්වය මෙසේ පවතින කල රටතුල විවිධ දේශපාලන මතිමතාන්තර ඇතිවී නැතිවී යන අතර එක් එක් කාලයන් තුළ පැන නඟින මෙම ප‍්‍රශ්න උලූප්පාලන හා ඒවා මහා විශාල ප‍්‍රශ්න බවට හුවාදක්වන අර්ථ දක්වන, එම ප‍්‍රශ්න විකෘතිකරන පිරිසක් හා ඒවා වෘත්තිමය වශයෙන් ජනතාව තුළ වෙළඳාමේ යෙදෙන පිරිසක්ද සිටී. ඒ දේශපාලකයන් හා මාධ්‍යකරුවන් වේ. මෙම වෙළෙන්දන්ට අවශ්‍ය වෙළඳ භාණ්ඩ නිපදවා දීමට පවතින රජයන්හී නිලධාරීන් හා දේශපාලඥයන්ද සැදී පැහැදී සිටින හෙයින් විටින් විට මෙම වෙළඳ පොළට විවිධවූ දේශපාලනික වෙළඳභාණ්ඩ ඉදිරිපත් කිරීමටත්, එයින් පවතින රජයන් අත්අඩංගුවට ගැනීම හා ඒ තුළින් දේශපාලනික කප්පම් ගැනීමද සිදුකරයි. එමෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකියැයි කිවහැකි දේශපාලනික ව්‍යාධීන් ගැනද අනාවැකි පලකරයි. එහිදී රාජ්‍ය විරෝධී ගාමක  බලවේගයේ විශාල වැඩකොටසක් මෙම උපාධිධාරීන්ගෙන් සිදුවිය හැකි යැයි යන උපකල්පනය මත මෙම විරැකියා උපාධිධාරීන් රැකියා සහිත උපාධිධාරීන් බවට පත්කර ඉදිරියේදී ඇතිවන ප‍්‍රශ්නයකට උත්තර වශයෙන් රජය විසින් මෙම කොටසට රැකියා දුන්නා විය හැක. එහෙත් සැලසුම්ගත වැඩපිළිවෙලක් නැති භාණ්ඩාගාරයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කේවට්ටයන්ගේ උපදෙස් මත ලබාදුන් රැකියා අනාගතයේදී රජය අපහසුවට ලක්කරන මරු පාරාවලල්ලක් විය හැක.

රටේ සෑම පුරවැසියෙකුටම යැපීම් මාර්ගයක් තිබිය යුතුය. රැකියාවද ඉන් මඟකි. එමෙන්ම එම සුදුසුකම්මත රැකියාවක් කිරීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම ඇත. රටේ සංවර්ධනයට හා සමාජ සුභසාධනයේදී විවිධවූ ක්‍ෂෙත‍්‍රයන්ගෙන් රැකියා උත්පාදනයට අවශ්‍ය වටපිටාව සැකසීම හා අනාගත සැලසුම් සෑදීම දියුණු රජයක වගකීමයි. එහිදී උපාධිය යනු එක් සුදුසුකමක් පමණි. එහිදී රටට අවශ්‍ය කුමන වර්ගයේ උපාධිධාරියෙක්ද යන්න තීරණය කිරීමද රජයේ වගකීමක්වේ.

අද වන විට ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ තාක්‍ෂණ නිලධාරීන්ගේ හිඟය ඉතා උග‍්‍රය. එකී රැකියාවන්හී දහස්ගණනක් පුරප්පාඩු රටතුළ පවතී. එහෙත් කලා විශේෂ උපාධිධාරීන් දහස් ගණනක් රැකියා පෝලිමට එක්වී ඇත. වරද කාගේද? රටේ රැකියා උත්පාදනය හා විවිධාංගීකරණයේදී රජය විසින් විශාල කාර්යභාරයක් ඉටුකළ යුතුය. ජාතික ධනය වියදම්කර නිදහස් අධ්‍යාපනය මඟින් නිපදවන උපාධිධාරියා රටට වැඩදායක පුද්ගලයන් බවට පත්කිරීමට මූලික වීමද රජයේ වගකීමක් වේ.

සාමාන්‍ය ක‍්‍රමවේදය තුල රජයේ රැකියාවක් හිමිවන්නේ ඒ ඒ ආයතන වල ඇති පුරප්පාඩු පිරවීමෙන්ය. ඒ හැරුනුවිට යම්කිසි ආයතනයක සේවක සංඛ්‍යාව ඉහල දමාදෙන අළුත් රැකියා හෝ අළුත් තනතුරු ඇතිකිරීම හෝ වේ. රජයේ දෙපාතමේන්තු හා අමාත්‍යාංශවලට මෙන්ම අධිකාරී, සංස්ථා හා මණ්ඩලවලට බඳවා ගැනීමේදී අනුමත සේවක සංඛ්‍යාවක් ඇත. එය අනුමත කරවා ගැනීම සඳහා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ නිර්දේශමත භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන්ද අනුමත කරවාගත යුතුය. ඒ සඳහා සෑම ආයතනයකම පූර්ණකාලීනව වැඩකරන එක් නිලධාරියෙකු හෝ සිටී. එනම් එක් සේවකයෙකු ඉහල දමාගැනීම යනු ඉතා දුෂ්කර කාර්යයක් බවට ඒ සඳහා වෙහෙසෙන රාජ්‍ය නිලධාරීන් සාක්‍ෂි දරණු ඇත. වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂමේ නිලධාරීන් විසින් සුදුසුකම් හා අවශ්‍යතාවය මත ලබාදිය හැකි අවමය තීරණය කරනු ලබයි. එය සේවාලාභී අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා මණ්ඩලවලට කරදරයක් වුවද සමස්ථයක් වශයෙන් ගත්කල රාජ්‍ය සේවකයෙකුගේ බර ජනතාවට අනවශ්‍ය ලෙස දරන්නට සිදුවීම අඩුකිරීමට ගත් හොඳ කි‍්‍රයාමාර්ගයකි. නැතහොත් 1977 න් පසු ලංගම වැනි ආයතන වලටත් 1994 වැනි කාල වකවානුවල ජාතික ඛනිජතෙල් නීතිගත සංස්ථාවට දේශපාලඥයින් විසින් ඇතුලත් කල නුසුදුසු පුද්ගල අතිරික්තයක් නඩත්තු කිරීමට සිදුවීමේ ක‍්‍රමවේදය අද වන විට අනෙත් ආයතන වලටද සිදුවන්නේය.

වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂමේ නිර්දේශිත අවම සේවක සංඛ්‍යාව භාණ්ඩාගාරයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත වන්නේ තවදුරටත් කප්පාදුවීමෙන් පසුවයි. එම නිසා රාජ්‍ය ආයතනයකට අළුතෙන් සේවකයෙකු ඇතුලත් කරගන්නවා යනු පහසු කර්යයක් නොවන්නේය.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ගොඩවන රාජ්‍ය ආයතනයක අවංක නිලධාරියෙකුට, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මේස මත වීදුරුවට යටින් දමා ඇති විශාල අකුරින් මුද්‍රිත දැන්වීම දකිනවිට ආපසු හැරී එන්නට සිතෙන්නේ තමන් විසින් තම ආයතනයට නව සේවකයෙකු ඉල්ලීමෙන් අපරාධකාරයෙකු බවට පත්වී ඇත්දැයි යන කුතුහලයකින් යුතුවය. එනම් රාජ්‍ය ආයතනයකට සේවකයෙකු බඳවා ගන්නවා යනු එතැන් පටන් එම සේවකයා විශ‍්‍රාම යනතෙක් හා විශ‍්‍රාම ගොස් මරණය දක්වා ඔහු වෙනුවෙන් රජයක් වශයෙන් දරන්නට වන පිරිවැය වගුව දැකීමෙනි.

එම නිසා දැනට පවතින ක‍්‍රමවේදය තුල හරියාකාරව රාජ්‍ය ආයතනයකට සේවකයෙකු පත්කර ගන්නවා යනු දීර්ඝ වැඩපිළිවෙලක් මෙන්ම එය රටේ අවශ්‍යතාවයට කොතෙක් උදව් වන්නේද යන්නත් පිළිබඳව සොයාබැලීමකින් පසු සිදු වන්නකි.එනම් ඔහු රටේ සේවකයෙකු වශයෙන් සංවර්ධනයට දායකවන්නෙකු මිස ජනතාවට, රජයට බරක් නොවන්නෙකු වන්නට සාදාඇති යහපත් යාන්ත‍්‍රණයකි. එහෙත් පසුගිය කාලය තුල රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් බඳවා ගත්තේ කුමන පදනමක් යටතේද? ඔවුන්ගේ වැටුප කුමක්ද? ඔවුන්ගේ රාජකාරී මොනවාදැයි විමසූ කල අකමැත්තෙන් වුවද මේ ගැන නොලියා සිටීමට බැරිවිය.

අභ්‍යාසලාභීන් වශයෙන් බඳවාගත් මෙම උපාධිධාරීන්, වැඩසටහන් නිලධාරීන් බවට පත්කර මොවුන්ට තාවකාලික පත්වීම් දුන්නද ඉදිරියේදී (මාස 06 කට පසු) ස්ථිර සේවයට අනුයුක්ත කරන බවට මොවුන්ට දී ඇති පොරොන්දුවයි. මෙම සියළුම උපාධිධාරීන් රු. 10,000.00 ක මාසික දීමනාවකට යටත්ව රටපුරා ඇති ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇත. සංඛ්‍යාත්මක වශයෙන් ගත් කළ එක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකට 40 ත් 200 ත් අතර සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇත. ඉඩ මදිකමින් මොවුන්ගෙන් කාර්යාලවල ඇතුලතත් පිටතත් මිදුලේත් වත්තේත් පිරී ඉතිරී ගොස් ඇත. එමෙන්ම නිශ්චිත රාජකාරියකින් තොරව ඔවුන් මෙහි කල්මරමින් සිටී. ප‍්‍රාදේශීය ලේකම්වරු විසින් මොවුන් විවිධ ක්‍ෂේත‍්‍ර රාජකාරීවල අනුයුකත කර ඇත්තේ කාර්යාලවල ඉඩ නැතිකම හා ඔවුන්ට දිය හැකි රාජකාරියක් නැති හෙයිනි. සමහර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඔවුන් යන්නේ සතියකට වරක් දෙවරක් පමණි. අනෙක් කාලය ක්‍ෂේත‍්‍රයේ යැයි කියමින් ගෙදරට වී සිටී.

මෙයින් බොහෝ උපාධිධාරීන් මින් පෙර තමන්කරකර සිටි උපාධිධාරියෙකුට උචිත නොවේයැයි සම්මතයක් බවට හැඳින්වූ වෙනත් රැකියා අතහැර මෙම රැකියාවට අයදුම්කර ඇත. අද ඔහු රජයේ නිලධාරියෙකුයැයි,මනසින් පොහොසත් වී සිටී. එම නිසා ඔහු විසින් මෙතෙක් කරමින් සිටි රැකියා ඔහු විසින් තවදුරටත් නොකරයි. මෙහි භයානකම පැත්ත වන්නේ රජයේම සංස්ථා හා මණ්ඩල හා අධිකාරිවල වැඩි පඩි ගත් අයද, පෞද්ගලික අංශයේ රු. 25,000.00 ක් රු. 35,000.00 ක් ගත් අයද, විශ‍්‍රාම වැටුපක් ලැබෙන වගකීම් වලින් ඌණ රජයේ රැුකියාවක් සඳහා රු. 10,000.00 පත්වීමකට ගමට පැමිණීමයි.

මෙම උපාධිධාරීන්ගෙන් ඉතා කුඩා කොටසක් කිසිමදෙයක් නොකරන නිකමුන් වුවද, බහුතරය කුමන හෝ ඌන, අර්ධ රැකියාවක නිරතවූවන් වන්නේය.එම රැකියා උපාධිධාරියෙකුට සුදුසු වුවද, සුදුසු යැයි කිව්වද, එය රැකියා වෙළඳ පොලේ ඇති ඉල්ලූම සහිත රැකියාවක් වේ. එනම් එම රැකියාව අනිවර්යෙන්ම සංවර්ධනයට රුකුලක් වන රැකියාවක් වේ. සංවර්ධනයට රුකුලක්වන රැකියාවක නිරතවන්නන්ගේ ශ‍්‍රමයට උපයන වැටුපද සංවර්ධනයේ යෙදවූමක් වන අතර එම වැටුපෙන් ජීවත්වන ඔහු රටට ණයකාරයෙකු හෝ ජනතාවට බරක් නොවන්නෙක් වන්නේය.

මෙම සංවර්ධන සහකාර තනතුරට එන්නට පෙර ඔහු සංස්ථා මණ්ඩලයක හෝ අධිකාරියක සේවය කලේ නම් එයද රටේ අවශ්‍යතාවය මත නිර්දේශිත අනුමත කළ රැකියාවක් වූහ. එම රැකියාවන් කරන ලද්දේ යම්දුරකට රටේ සංවර්ධනයට දායකවන, ජනතාවගේ මුදලින් නඩත්තු වන ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවූ සේවයක් සඳහාය. එම අර්ථයෙන් එයද ජනතාවට බරක් නොවන රැකියාවක් වන්නේය.

එහෙත් රජයේ ඊනියා දක්‍ෂ නිලධාරීන්ගේ උපදෙස් මත ඉදිරියේදී ඇතිවන බෙන්ගාසි කරුලිකරුවන්ගෙන් රැුකියා විරහිත උපාධිධාරින්බේරා ගැනීමේ පරම චේතනාවෙන්දෝ කඩිනමින් ලබාදුන් මෙම සියළු උපාධිධාරී රැුකියාවන් රටේ සංවර්ධනයට අඩකොටයක් බවට පත්වී ඇත.ඔවුන් ජනතාවගෙන් යැපෙන රටට බරක් ඇති කොටසක් බවට පත්කර ඇත. ඉහතින් සඳහන් කළ සම්මත අසම්මත රැකියාවන් වල යෙදුනු සියළු උපාධිධාරීන්ගෙන් ශ‍්‍රමිකයන් ලෙස රටට සිදුවූ සේවය ස්වයංක‍්‍රීයව නතරවී පලදායීතාවයෙන් තොර ජනතාවගෙන් යැපෙන පරිපෝෂිතයන් බවට පත්කර ඇත.

එමෙන්ම මෙම දුප්පත් අධ්‍යාපනය විසින් නිෂ්පාදිත දුර්වල උපාධිධාරියාද අභියෝග බාරගත නොහැකිව පසුගාමී මානසිකත්වයකින් පෙළෙන තරුණයෙකි. ඔවුන් මහන්සිවී වැඩකර පෞද්ගලික ආයතනයක සේවය කිරීමට අකමැතිය.74‍% ක් වූ පෞද්ගලික රැකියා වෙළඳ පොළට වඩා 26‍% ක් වූ රජයේ රැකියා වෙළඳ පොළෙහි අඩු පඩියට වැඩකරන්නට ඔහු කැමතිය. මන්දයත් කල්මැරීමටත්, අඩු වගකීමක් දැරීමටත්, මොනවකලත් සොච්චම් පඩිය වුවත් රජයේ රැකියාවක් බැවිනුත්, එය මාසේ අන්තිමට ලැබෙන එක ස්ථිර නිසාත්, නිකමෙකු ලෙස කාලය ගතකලද නොකලද අවසානයේ සොච්චම් විශ‍්‍රාමික වැටුපක් ලැබෙන හෙයිනුත් ඔහු මනසින් මෙම වැඩක් නැති රජයේ රැකියාවක් ලබාගැනීමට සිහින මවයි.

කෙසේ වෙතත් අද වන විට මොවුන් රජයේ සේවකයන් ලෙස බඳවාගෙන අවසන්ය. භාණ්ඩාගාරයේ විශේෂ ව්‍යාපෘති මඟින් තාවකාලිකව මොවුන්ට පඩි ගෙවනු ඇත. ඉතා ඉක්මනින් කාලය මාස 06 පසුකර යනු ඇත. සැලසුමක් නැතිව බඳවා ගත්තවුන් සැලසුම් සහගතව වෙනත් ආයතන වලට බඳවාගත නොහැක. යම් ප‍්‍රමාණයකින් රාජ්‍ය ආයතන වල පුරප්පාඩු පිරවූවද බහුතරයක් මෙම පත්වීමේම සිටිනු ඇත. එදාට මෙම විශ‍්‍රාමික පඩි සහිත ස්ථිර රැකියා සිහිනය බිඳුනුවිට එම සිහිනය සැබෑකර ගැනීමට රජයට විරුද්ධව කොටුව දුම්රියපොළ ඉදිරිපිටට ගොස් උද්ඝෝෂනය කර රැකියාව ස්ථිර කරගැනීමට සටන් කිරීමට සිදුවනු ඇත.

කුමක් හෝ රැකියාවක් කරමින් හෝ විරුකියාවෙන් විසිරී සිටිය උපාධිධාරියා එදාට එක මිටියකට බැඳ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට ගෙනඑනු ඇත. මෙතෙක් බෙන්ගාසි කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත්වේයැයි උපකල්පනය කල විරැුකියා උපාධිධාරියා රජය විසින් එක පොදියකට කැටිකොට අරගලකාරයන් අතට බන්දේසියක දමා පුජා කරනු ඇත.

මෙය සමහරවිට වත්මන් රජයට විරුද්ධව කරන අනාගත සැලසුමේ භාණ්ඩාගාර උපදේශකයන්ගේ රාජකාරිය වන්නටද බැරිනැත. මන්දයත් එම උපදේශකයන් එදාට ඇතිවෙන ආණ්ඩුවේත් නිලධාරීන් වන්නට බලන් ඉන්නා බැවිනි.

- වෛද්‍ය සුමිත් වන්නි ආරච්චි

සභාපති, ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂය


19,984 Viewers
Print

51 Comments to “ශ‍්‍රී ලංකාවේ උපාධිධාරීන්, මේසන් බාස්ලා සහ අත් උදව්කරුවන්”

  1. Mahajanaya says:
    June 25, 2012 at 8:35 am

    Well Said

    Reply
  2. anu says:
    June 25, 2012 at 8:37 am

    great article

    Reply
  3. ඔහෙ පලයන් says:
    June 25, 2012 at 8:51 am

    great article

    Reply
  4. sandun dhammika says:
    June 25, 2012 at 9:16 am

    >> එම රැකියා උපාධිධාරියෙකුට සුදුසු වුවද, සුදුසු යැයි කිව්වද, එය රැකියා වෙළඳ පොලේ ඇති ඉල්ලූම සහිත රැකියාවක් වේ. එනම් එම රැකියාව අනිවර්යෙන්ම සංවර්ධනයට රුකුලක් වන රැකියාවක් වේ

    Who want’s to develop this country?
    We everybody knows how this country is running. What kind of people are running
    this country. Their students are studying in US MIT like places. While they
    telling us to help develop this country. Who cares them? Even I’m not a
    conventional university student, and 1-13 education does not given me anything.
    And I’m studying at open university and I’m paying for it. So I’m free to go.
    I don’t own to this country.

    Better thing is complete your skills and qualifications and go for a
    better job don’t care which country. Then that way if when you sending money
    to your parents your doing a service. Even Lord Buddha Serve his parents well.
    Take that and follow that.This country is already a part of United States.
    Just love my people that’s all.

    Reply
    • Ryan-Melbourne says:
      June 25, 2012 at 10:38 pm

      sandun Dhammika

      Structural engineer is totally different and in USA or any western country there are similar positions to ” Mason Bass” and they are Plumber, Brick Laying, Plasterer, concreter etc. this is for your info. Cheers!!!

      Ryan Melbourne

      Reply
  5. sandun dhammika says:
    June 25, 2012 at 9:25 am

    >>
    කුමක් හෝ රැකියාවක් කරමින් හෝ විරුකියාවෙන් විසිරී සිටිය උපාධිධාරියා එදාට එක මිටියකට බැඳ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට ගෙනඑනු ඇත. මෙතෙක් බෙන්ගාසි කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත්වේයැයි උපකල්පනය කල විරැුකියා උපාධිධාරියා රජය විසින් එක පොදියකට කැටිකොට අරගලකාරයන් අතට බන්දේසියක දමා පුජා කරනු ඇත.

    >>

    Well, as I predicted many things , this is also going to be happen. Your right in
    your note. This is what going to happen.

    I’m waiting for a mass murder to happen. That’s the EOF Mahinda Rajapaksa government. Unlike the UNP government this government is non friendly with
    US. So if we provide the reason to them that will happen according to their
    plan.

    President need smart people. Smart people around him, not the
    political riots. But now it’s too late to make it correct.Another problem
    is there, when mahinda was kicked , there won’t be a future to this country.
    Mahinda is worse, but we don’t have a alternative either. That also have to
    be told. and Mahinda is not responsible for everything, but responsible for
    his mega wastage, it’s too late now BTW.

    Too sad. But it’s too late now.

    Reply
  6. Citizen says:
    June 25, 2012 at 9:25 am

    Very good article. All this is true. I think the solution to this is that government pension should be scrapped and replaced by provident fund system. Also, if all jobs are contractual instead of being made permanent then the employer can demand a certain amount of productivity from a person. Our country does not move forward due to this excessive public sector employees where you could get the salary without doing any work and continue to get 90% of the salary even after retirement. There are not enough people to undertake new and productive projects. For political reasons governments want to give jobs to graduates and because of poor quality they cannot do anything on their own. This is the tragedy of our country

    Reply
  7. People Voice says:
    June 25, 2012 at 9:27 am

    ජාතික ධනය වියදම්කර නිදහස් අධ්‍යාපනය මඟින් නිපදවන උපාධිධාරියා රටට වැඩදායක පුද්ගලයන් බවට පත්කිරීමට මූලික වීමද රජයේ වගකීමක් වේ.

    Reply
    • sandun dhammika says:
      June 25, 2012 at 9:40 am

      >> රටට වැඩදායක

      To which country? Don’t be selfish. Think globally. They should be
      prepared to global job market.Specially for the United States.

      Reply
      • Reality says:
        June 25, 2012 at 1:09 pm

        Yes we have to produce skilled and more specialised workers rather than sending house maids.

        Reply
        • sandun dhammika says:
          June 25, 2012 at 4:18 pm

          Ya,
          We still importing the people from Japan and United States.

          Even the Australia government does. For a example there are no nuclear
          power in Australia , and there is no reactor industry or reactor engineers
          specific to that filed inside Australia.

          Another thing our engineers or our Sri Lankan companies can’t do is underworld
          oil drilling, even we couldn’t fix our sea cables , we lack that kind of
          marine robotics engineers. We don’t have that specialty insider Sri Lanka.
          There are many specialty if we think. just after MSc , you could earn 65K.
          But seriously need to be specialized.

  8. kumari says:
    June 25, 2012 at 10:03 am

    hama dekatama rajayata baninne nathiwa thaman hari de igena gaththa nam hari godak durata bahira upadhi karanne gramiya gahunu lamai. bahira upadhi karana ayathanayak asalata gihin balanna bahutharayak inne gahanu lamai. mokada a ayage pawul mattamen a aya hithanne rajaye rakiyawak labaganima ihala deyak kiya. namuth nagaraye ehema naha private sector ekata yomu wela honda watupak ganna puluwan kiyala owun dannawa.A/L result awata passe me ayata yana para penna dena eka wadihiti hamage yuthukamak. karannan wale bahira upadhiya karanne nathiwa. bahira upadhi karana bahutharayak kisiwa rakiyawaka yedenne naha. demapiyantath barak wemin owun owunge aramuna rajaya wetha bara karanawa.

    mama danna muslim school 1 thiyenawa eke o/l result & A/l results awama a pasele adi sisun awith a ayawa danuwath karanawa me dewal kalama me widiye deyak labenawa kiyala. ay a widiye wad piliwelak lankawa purama kriyathmaka karanna bari.

    Reply
  9. Dubai Boy says:
    June 25, 2012 at 10:55 am

    Exactly correct, lots of things came to know

    Reply
  10. දියසේන says:
    June 25, 2012 at 11:22 am

    පාසල් කාලය දික් කිරිම වැරදි වැඩක්.ජාතික අධ්‍යාපන‍යක් මුන්ට නැ.8 වසර වෙනකන් පන්ති පවත්වා ඉන් පසුව ස්ව අධ්‍යාපනයෙන් බැහැරව කතෝලික කරණය නවත්වා හොද අධ්‍යාපනයක් දිය යුතුයි.අවුරුදු 3 ක් ඇති.ඒ සදහා විශ්ව විද්‍යාල කාර්මික විද්‍යාල සහ සියලුම රැකියා ආයතන සම්බන්ධ කල යුතුයි.රැකියාව තමයි මුන්ට දෙන්න ඕනෙ ඊට පස්සෙ වෙන මොනවාද.උඹල ඔක්කොම හොදයි හැබැයි බුරුවො.

    Reply
  11. Nishan says:
    June 25, 2012 at 11:49 am

    බැරිද මේසන්කමට වඩුවැඩටත් උපාධි දෙන්න. අඩු ගානේ ඩිපොලෝමා එකක්වත්? විහිලු නෙවෙයි එහෙම උනා නම් අපේ මේසන් බාස්ලා වඩු බාස්ලා ඔස්ට්‍රේලියාවට, එංගලන්තෙට විතරක් නෙවෙයි ඇමරිකාවටත් යවන්න තිබුනා. ඒ රටවල් වල ඕවට ඩිප්ලෝමා දෙනවා.

    Reply
    • මධ්‍යස්ථ මතධාරිය says:
      June 25, 2012 at 4:24 pm

      True

      Reply
    • sandun dhammika says:
      June 25, 2012 at 6:58 pm

      In United States there’s no job title called ‘Masen Bass’, there’s
      a title called, structural engineer. He is actually doing a engineering.

      In those countries structural engineers use computers in the filed.
      So their constructions are quality and very precise. Not like our maka bass
      work.

      Our maka bass people only know do it in their own way, no hold any responsibility
      about the structure that they made and charge his work and have local kassipu
      at the end of the day. They are the people who have condem their job, not us.
      What we could do for that?

      Take a look at a US plumber and SL plumber. See the difference. They are known
      as a ‘Plumbing expert/engineer’. Because they know the theories and how it
      works. Not like our plumbers. Because of that both plumber and their customer
      is both happy. Unlike here , there in USA they don’t need to contract another
      plumber after another 6 months.

      Out carpenter even don’t know how to use a hacksaw. Don’t go and try to
      tell this is how. Because he know his own way of doing it. You simply can’t
      help him because it’s like telling your grandfather not to take big weed ciga.

      This problem is lack of quality life. We seriously lack this quality.
      Very sad too sad. Degree and a diploma is also somewhat that measures some
      skill, and teaches how to do it.It’s something that bring both profession and
      the product into a higher quality. <<- and we seriously lack that quality.

      Reply
    • sun... says:
      June 27, 2012 at 12:49 pm

      yes Nishan…
      oya hari.mata e athdakeema tiyenawa mama abroad inna nisa.mehe (japan) campus yanna beri vena ayata taman kemathi subject ekak igena gannavanam collages tiyenawa.ee collage ekaka 2 years ourse eka follow karala etanin campus gihin (after 1 and half years) degree eka ganna puluwan.ehema netnam campus nogihin collage course eken diploma eka aragena job walata yannath puluwan.me wage system ekak ape rate tiyenawanam kockkara hodada.campus wala no prblem.Job no problem.Overseas one taram job. Taruna oyalawath ekatu wela me system hadanna ape rate.

      Reply
    • sun... says:
      June 27, 2012 at 1:06 pm

      yes Nishan…
      oya hari.Meson wedata upadhi ganna puluwan.mata e athdakeema tiyenawa mama abroad inna nisa.mehe (japan) campus yanna beri vena ayata taman kemathi subject ekak igena gannavanam collages tiyenawa.ee collage ekaka 2 years ourse eka follow karala etanin campus gihin (after 1 and half years) degree eka ganna puluwan.ehema netnam campus nogihin collage course eken diploma eka aragena job walata yannath puluwan.me wage system ekak ape rate tiyenawanam kockkara hodada.campus wala no prblem.Job no problem.Overseas one taram job. Taruna oyalawath ekatu wela me system hadanna ape rate.

      Reply
  12. dude says:
    June 25, 2012 at 12:45 pm

    උපාධි දරීන්ට රැකියා නැත්තේ ඇයි ?
    1. රැකියා වෙළඳ පලේ තියන vacancy ගන්නට වඩා උපාධි දාරීන් ගණන වැඩි නිසා
    2. වැඩි පුර ඉන්න නිසා හොඳම උපාධි තියන, පන්ති සමර්ථ තියන, හොඳම හැකිය තියන, හොඳම දේශපාලන හා නිලධාරී සම්බන්දකම් තියන, හොඳම ඉස්කෝලෙන් පිටවුනු කෙනාව තියන තනතුරුවලට thoragannawa .
    3. එක්කෝ රැකියා වෙළඳපලේ රැකියා අවස්ථා වැඩි කරන්න ඕන.. (ලංකාව දියුණු කරන්න තව කොයි තරම් කල් යයිද)
    4. නැත්නම් විශ්ව විද්‍යාලෙට එන පිරිස අඩු කරන්න ඕන ( දවසින් දවස විශ්ව විද්‍යාලවලට ගන්න පිරිස වැඩි කරනවා…අඩු කරන්න ගියොත් මේ රටේ හැම කෙනාම එකට විරුද්ධ වෙයි)
    5. එහෙමත් නැත්නම් විදේශ රැකියා අවස්ථා ක්‍රමවත් විදිහට දැනුවත් කරලා අවස්ථාව දෙන්න ඕන ( විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවැරදි තොරතුරු දීල, අතරමැදියෝ නැතුව රට යන්න ක්‍රමයක් සකස් වෙන්න ඕන)
    6. පවුද්ගලික අංශයේ ඇතැම් ඉහල නිලධාරීන් උපාධි දාරීන් බඳවා ගැනීමට ඇති අකමැත්තට ( හැකියාවක් නැති නිසා නෙමේ කවද හරි දවසක තමන්ට අභියෝගයක් වෙයි කියල පොඩි මානසික භීතියක් සමහර යට තියනවා/ මේකේ ඇත්ත නැත්ත ඒ ආයතන වල යම දන්නවා/ මොන සුදුසුකම තිබුනත්, ඒ අංශයේ ඉහල ඉන්න කෙනෙකුට වඩා කවදාවත් ඉහල යන්න බැරි කෙනෙක්ට තමයි වැඩි කැමැත්ත/ හැම අයතනෙම නෙමේ..ගොඩක් ආයතනවල)

    ගොඩක් අයගේ මතය උපාධිදරීන්ට රැකියා නැත්තේ හැකියාවක් නැති කම නිසා කියලයි. උපාධිදාරීන් අතර හැකියාව ඇති අයත් නැති අයත් ඉන්නවා.. හරියට පවුද්ගලික අංශයේ දැනටත් වැඩ කරන උසස්පෙළ සමත් අය වගේ..හැකියාවක් ඇති අය වගේම නැති අයත් ඉන්නවා ඒ තැන්වල..

    Reply
  13. Reality says:
    June 25, 2012 at 1:11 pm

    ඒක තමයි ආසියාවේ ආශ්චර්යය ! කසිප්පු කාරයන් රජවෙනවා උගතා බලු වෙනවා.

    Reply
  14. Citizen says:
    June 25, 2012 at 1:15 pm

    First mason’s helper at 800 rs a day, then mason at Rs. 1500 a day , then head bass 2000 rs a day and finally a contractor , may be 5000 a day. Many have come this way and become successful.What more do you want.Of course our graduates instead of working hard and climbing up the ladder this way are so lazy that they are happy with a trainee in a govt dept at 15,000 a month! Tragedy of Sri Lanka!

    Reply
  15. Chinthaka says:
    June 25, 2012 at 3:11 pm

    සමාජයක් පවතින්න ඊනියා ‘වයිට් කොලර්’ ජොබ්ස් විතරක් තිබිල බෑ… ‘බ්ලූ කොලර්’ ජෝබ්සුත් තියෙන්නොන… ඒවාටත් නිසි ගරුත්වයක් ලැබෙන්නොන…. මේසයක් පස්සේ ඉඳන් කුරුටු ගාන එකා මහත්තයෙක් වෙන්නයි ඊට වඩා අතිශයින් වැදගත් කාර්මික වැඩක් කරන කෙනා නිකම්ම නිකම් technician වෙන්නයි බෑ… පිටරටක නම් technician, mechanic කියන්නේ අපේ රටේ engineer කෙනෙක් ගානට සලකන ජොබ්ස්…. ඒ රටවල් වල engineers ලට අපේ රටේ වගේ ඔෆිස් අස්සට වෙලා ටයි පටි හිර කරන් ඉන්න බෑ… කෙලින්ම ෆීල්ඩ් එකේ වැඩ.. කොටින්ම පිටරටක කුණු ලොරියෙන් ඇවිත් garbage ගෙනියන මනුස්සයට ලොකු respect එකක් තියෙනවා… මොකද ඒ මනුස්සය නැති උනොත් ගෙවල් වල ගඳ ගහගෙන ඉන්න වෙන්නේ කියල ඒ රටවල් වල මිනිස්සු දන්නවා… අපේ රටේ සෑම ජොබ් එහෙකටම dignity එකක් ඇතිකරනකම් මේ තත්වය වෙනස් කරන්න බෑ… ඒ නිසා සෑම කාර්මික රැකියාවකටම පිළිගත් qualifications ඇති කරන්නොන… අනෙක් අතට සුදුසුකම් නැතිව මිනිස්සු වැඩ කරන්න ගිහිල්ල කොච්චර අනතුරුදායක දේවල් සිද්ධ කරන්න පුළුවන් ද… උදාහරණ විදියට එහෙන් මෙහෙන් අමුනගෙන මේසන් බාස් වැඩේ, electrician වැඩේ කරන අය නිසා ඒ වැඩේ කරගන්න මිනිස්සු කොච්චර අමාරුවේ වැටෙනවා ද..?? අපේ රටේ කසාදයක් කරගන්නත් ලේසි නෑ කාර්මික අංශයේ රස්සාවක් කරන එකෙක්ට… ඒ කිව්වේ එහෙම එකෙක්ට මේ කපේට දොස්තර නෝනා කෙනෙක්, නීතිඥවරියක් කැමති වෙනවා ද…?? bull-shit තමයි…

    Reply
    • මාතර ආතර says:
      June 25, 2012 at 3:34 pm

      ඔන්න ඔහොම
      sensible facts
      ලියපන්,

      මේ රටේ දෙමල සහ මුස්ලිම් ජනයට
      පමණක් ඇති,
      නමුත් සිංහලයට නැති,
      ‘සුදු බමුණන්ගේ මනස්ගාත පල්ලි පිල්ලි fictional ප්‍රශ්න’
      නොලිය.

      Reply
      • Chinthaka says:
        June 26, 2012 at 2:53 am

        එහෙමයි සර්… තාම hangover ද…?? තැඹිලි ගෙඩියක් ගැහුවා නම් ඕව ඔක්කොම කම්මුතුයි…

        Reply
        • මාතර ආතර says:
          June 30, 2012 at 12:58 pm

          Ela

    • රන්වන් වී කරල says:
      June 25, 2012 at 6:29 pm

      මේ ගැන උඹ කියන දේ හරි. අනිත් එක තමයි,හරියට ඉගෙන ගත්ත මිනිහට පුළුවන් කමක් තියෙන්න ඕන/උගේ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්න ඕන ඕනෑම දෙයක් කර ගන්න. පැහුණු වී කරලක් දිහා බලපං බිමට නැවිල තියෙන්නේ,බොල් වී ගහ ඉද්ද ගැහුවා වාගේ කෙලින් වෙලා ඉන්නවා. මේ දෙය තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට බැරි මොකද! උපාධිදරයන්ට ඊට සරිලන රස්සාවක් නැති නම් තියෙන රස්සාවක් කරන්න තරම් නිහතමානි වෙන්න ඕන/ප්‍රායෝගික වෙන්න ඕන,දුක් ගීත ගයන්නේ නැතිව.එතකොට සමාජෙට ගුණාත්මක වැඩත් ලැබෙනවා, ඌට අතට යම් ගානකුත් එනවා.

      Reply
    • නියම සිංහ says:
      June 25, 2012 at 7:57 pm

      Chinthaka මෙතනදී නම් මම ඔබ සමග එකඟ වෙනවා මේ රටේ ශ්‍රමයට සහ උපකල්පන ශක්තියට කිසිම තැනක් නෑ මේ තත්වය වෙනස් නොවුනොත් අපේ රටේ අනාගතය ගැන හිතාගන්නවත් බැහැ

      Reply
    • sun... says:
      June 27, 2012 at 12:29 pm

      very good y’r comment Chintaka.. Mama Inne Japan. me rete Meson vitarak nevei hema job ekakatama niyama garutwayak tiyenawa.Meneger kiyala indagena inne neha.Mama udeta company ekata yanakota factory menager atugaanawa.tamange tahwaya nevei kalayutude thamai muulikawa salakanne. ee nisama dinen dina diunu venawa.mama keeve eka example ekak.mehe company wala niladarin godak neha.okkoma ekata weda.ape ratawal ewage hadaganna kisi dawasaka puluwan wevi kiyala hitannawat beha.

      Reply
      • මාතර ආතර says:
        June 30, 2012 at 1:00 pm

        @sun

        SINHALA type google

        Reply
  16. Yehiya says:
    June 25, 2012 at 5:48 pm

    Mason is well paid & respectable job.

    Reply
    • sandun dhammika says:
      June 25, 2012 at 7:05 pm

      Yes of course,It’s a well respected job.

      Problem is not that. The socieaty already given them the respect for that
      job. They are the people who lose it. I’m not talking about all the ‘Meson
      bass people’. But many are maka bass type guys. Very few are good people.

      But only if he knows how to keep his respect. Only if not got drunk and
      shout at the street while coming home.

      Answer me to this question.

      Why does a graduated girl does not like to marry a mason bass even the mason
      bass is rich? Why is the reason.
      [the answer is they are the people who lose their respect, not the other
      people condem them].

      Reply
      • Chinthaka says:
        June 26, 2012 at 3:38 am

        What you said is only partially true… While the ‘bass’ people themselves too are responsible for their own behaviour, there is still a widely spread social belief in Sri Lanka that those people belong to somewhat inferior class or they come from an uneducated background or only rasthiyadukaarayas typed turn masons. So what ‘Bass’ people nowadays do is just living up to that social expectation that has been thrusted upon on them. They are often surrounded by uneducated people and people from so-called lower class as the rest of the society is not ready to associate them as friends, but just to get the job done. So, this is like a Chicken and egg situation now, but I guess it started as result of social conditioning, because bass people used to have good reputation when sudda was around as they pay the respect to the skill.

        Reply
        • sandun dhammika says:
          June 26, 2012 at 11:19 am

          >> social expectation

          your talking about respect right. What I telling on this is very simple.
          Every educated man[ not a PHD in polymer electronics, but a one who went to a
          university or school] knows how to receive that respect back from the society.

          There is a difference in every time how he behave. Eating to using a toilet
          /bathroom he have a difference. On every activity he is showing his
          education level and family background to the people.

          Answer this question? If you hire a bass to do a job in your home , do you
          allow him to use your family toilet ? You simply tell him to use the outside
          one.Are’t you? Because you know if you take him to your society, he will
          certainly be a trouble to you.

          This is why , as Nishan already told , we need to professionalize their
          social status using some education. I learnt many things from the previous year
          in my university. Not only technological things that will be useful in my
          my future job. But there are little things like, how to behave in the library?
          how to walk without disturbing others, or even met a course coordinator and get
          expert advise on something, etc etc. There is a difference between a person
          who didn’t went to a university/school or a person who went there.

          There are some decent ethics and a difference on how they behave. Because of
          that he automatically respect the people around him and he automatically
          receive that respect back from them. So that respect we are talking in here.
          Am I correct?

          I’m talking about that difference.

        • Chinthaka says:
          June 26, 2012 at 11:48 am

          Sandun,
          From my point of view it is not only mason bass that has to change his style… Rest in the society too have a responsibility to treat people as equally as possible regardless of their educational, family or ethnic/religious backgrounds..

          About your question – letting a bass to use family toilet… Well, if we have another toilet that is meant for outsiders we do not need to right..? It doesn’t matter whether it’s a bass or a doctor, outsider is outsider.. that’s how I look at the matter.

          These people should have the access to education and get them qualified and make them even better presentable, they’re all true… At the same time society need to recognize them as first – human, second – professionals too for them to take the pride of what they do. How come someone afford to ignore his valuable mason bass who construct his/her dream house that is gonna last for atleast couple of generations..??

  17. Saduni says:
    June 25, 2012 at 8:00 pm

    There are advantages in government jobs
    (1) Job is secure. This article emphasize the attractive well paid private jobs. However if you are laid off, who is going to take care of our children? Note that Nokia company laid off thousands of employees this year with just one day notice (10,000 more job cuts)
    (2) You can work with dignity. In private companies, you have to always satisfy the managers (gotta allanawa). Otherwise you will not get bonus, increments, higer posts.

    Reply
  18. සිතිජ says:
    June 25, 2012 at 8:06 pm

    2004 අවුරුද්දේ අපේ campus එකේ කුලපති වෙලා හිටපු පියතුමා අපේ උපාධි ප්‍රදානෝත්සවයේදී ( BIT(External) 1st batch convocation) කිව්වා ලංකාවේ කලා උපාධිධාරීන්ගෙන් බොහොමයක් අයට පුලුවන් සිංහල භාශාවෙන් පාසලක උගන්නන්න විතරයි කියල.. තවමත් මේ කිව්ව එක වලංගුයි.. වැරැද්ද ඒක උගන්නන campus එකේ නෙවෙයි, අරමුණක් නැතුව ඉගෙන ගන්න අයගේ…

    ඊට අවුරුදු 3 කට (2007 June) පස්සේ මට හිතුනා මෙක හරියටම හරිද කියලා බලන්න. අපි අපේ company එකේ Management Trainee vacancy එකක් හදලා BA 1st class (internal degrees සහ external degrees වෙනසක් නැතුව) තියන උපාධිධාරී 26ක් interview කරා…

    කියන්න කනගාටුයි.. හරියට CV එකක් හදලා තිබුනෙ application ඔක්කොම 500+ ගානකින් බොහොම සීමිත ගානක් විතරයි (මට මතක 15ක් වගේ). 16 දෙනෙක් computer එකක් පාවිච්චි කරන්න දන්නේ නෑ. 22 කට තමන්ගෙ අනාගත goals & objectives නෑ.

    මේ අපි අහපු සරල interview questions ටිකක්…

    1. Where do you want to be in you career after 2 years?
    … ගොඩක් දෙනෙක් විකාර දෙඩෙව්වා.. අඩුම ගනේ I want to be a Manager කියන්න වත් පුලුවන් උනේ හතර පස් දෙනෙකුට විතරයි.

    2. If you get the amazing power in the world, what would you do to achieve your career goals?
    … හොඳ ලස්සන උත්තර තිබුනා… කිසිම ගැලපීමක් නැති..

    3. Now since you don’t have that amazing power what are the things you have already done for this
    …සමහරු තවම කිසිවක් නෑ ජොබ් එකක් හම්බ උනාම හිතනවා. තව සමහරු nothing..

    අන්තිමේදී අපි තීරණ්ය කලා ඒ එක අයදුම්කරුවෙක්වත් අපි බලාපොරොත්තු වෙන තනතුරට හරි යන්නේ නැහැ කියලා.
    පස්සේ B.Sc.(External) (ශ්‍රි ජ-පුර) එක්කෙනෙක් hire කලා.. දැන් ඒ කෙනා Program Manager කෙනෙක් Rs. 150k+ per month පඩියක් ගන්න..

    කියන්න නම් දේවල් ගොඩයි…. ඔන්න ඕකයි තවමත් තත්වේ..

    Reply
    • මාතර ආතර says:
      June 30, 2012 at 12:34 pm

      @සිතිජ
      1.
      උඹ කියන ප්‍රෝග්‍රෑම් මැනජරයාගේ මාසික පඩිය හරියටම කියනවද?
      2.
      ඒ මනුස්සය මොනවද,උඹල බලාපොරෝත්තුවුන දේවල් වලින්,උඹලගේ කුම්පැනියට දැනට කරලා තියෙන දේවල්?

      Reply
      • සිතිජ says:
        July 3, 2012 at 3:08 pm

        @මාතර ආතර;
        1. පඩිය මට හරියටම කියන්න බැහැ.. මොකද ඒක confidential නිසා.. නමුත් අපේ Company එකේ Program manager කෙනෙක්ගේ minimum Basic salary එක Rs. 150,000.00 per month. මේකට Traval allowance, MBO target acheivement incentive වෙනම එකතු වෙන්න ඕනේ. තව half yearly bonus – 50% of monthly salary වෙනම..

        2. අපේ company එකේ ඕනම තනතුරකට R&R (Roles and Responsibilities) වෙනම define කරලා තියෙන්නේ. අපි අපේ Employees ලගෙන බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා හරියටම ඒකේ තියනවා.. ඊට අමතරව MBO වලින් short term objectives set කරලා තියෙන්නේ. හැම මාස 3කට සැරයක් personal score card evaluate කරනවා MBO එක්ක. එයාලා company එකට කරලා තියන දේවල, තමන්ට company එකෙන් ලැබේන්න ඕන් දේවල score card/MBO discussions වලදි කතා කරන්න පුලුවන්. කෙනෙක් තමන්ගෙන් වැඩ කරන තැනට තියන වටිනාකම හරියටම අඳුනා ගත්තේ නැති උනාම තමයි කලකිරෙන්නේ, අයිස් ගහන්නේ, etc.

        Reply
  19. Dafaq says:
    June 25, 2012 at 10:03 pm

    දෙවැනි පෙළ සමතුන් වානිජ විෂය ධාරාව??? wtf
    යකෝ මම O/L A 7ක් තිබිලත් කොමර්ස් කරේ

    Reply
    • පෛසර් පීතර චින්තර යන්තර මන්තර says:
      June 26, 2012 at 11:03 pm

      හරි යකෝ… A/L A 8 තියෙන උන් තමයි Science කරන්නේ!

      Reply
      • දමිත් says:
        June 29, 2012 at 10:40 am

        මූ කොහොමද යකෝ කාලා උපාධිය 3 පන්තිය උපාධියක් කියන්නේ. මොන පදනමින්ද ඒ 8 ගත්ත මම අද විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබද අචාර්යවරයෙක් මට ලැබෙන පඩියමයි වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයාටත් හබ්බවෙන්නේ….

        Reply
        • සිතිජ says:
          June 29, 2012 at 2:32 pm

          ගන්න පඩිය ගැන නෙවෙයිනේ මෙතන් කතා කරන්නේ.. රටට කරන පලදායී වැඩ ගැනනේ..

          ආචාර්යතුමා කරන්නේ තවත් කලා උපාධි අපේක්ෂක ලමයි ටිකකට උගන්නන එකයි මොකක් හරි ඉතිහාසය ගැන පර්යේෂණ කරන එකයි නේ.. ඒකෙන් රටේ දියුණුවට තියන පිටිවහල Medical, Science හෝ Engineering සමාන කරන්න පුලුවන් ද?

        • මාතර ආතර says:
          June 30, 2012 at 12:28 pm

          @දමිත්,

          උඹ කියන විදියට,
          කනිෂ්ට පෙරදිග / අපරදිග ඩොකෙක්ටත් සහ අපරදිග / පෙරදිග විශේෂඥ ඩොකෙක්ටත්,
          මේ රටේ ආණ්ඩුවෙන් ලැබෙන පඩි වල
          වෙනසක් නැද්ද බන්?

  20. නියම සිංහ says:
    June 27, 2012 at 9:34 am

    රටක නිශ්පාදන ක්‍රියාවලිය හා එක්නොවන අධ්‍යාපනය රටට බරක් ඒ උගතුන්ද රටට බරක් දෙමාපියන් තම දරුවන් ඉහල තැනකට යැවීමට දරන වෙහෙසත් දරුවන් තම ළමා කාලය කැපකරමින් දරන වෙහෙසත් මෙසේ අපතේ යාම අපරාධයකි. රටක් උරදී බිහිකරන උගතා ඒ රටේ රැකියා බිහිකරනවා වෙනුවට අපෙන් රැකියා ඉල්ලීම හරිද. අලුත් යමක් අපේ උගතුන් තුලින් බිහිවන්නේද?
    මෙසේ උගතුන් රැකියා නැතිව සිටින අතර නැවුවල සේවා සැපයීම සඳහා ඉන්ජිනේරුවන්ගේ හිඟයක් පවතී එසේ යිටීනම් හොඳ ආදායම් පුද්ගලිකවත් රටටත් ලැබෙන අතර ඒ නිසාම වරායන්ද දියුණු වනු ඇත. හැබැයි මෙතනදී සහතිකය නොව තම දැනුම ප්‍රායෝගිකව යෙදිය යුතුවන අතර රජයේ ආයතන වල මෙන් නොවිය යුතුය.

    Reply
    • මාතර ආතර says:
      June 30, 2012 at 12:57 pm

      @නියම සිංහ

      ඔහොම රටවල් තියෙන්නේ
      කොහෙද?

      Reply
  21. Rangna Rajapaksha says:
    June 27, 2012 at 6:36 pm

    මේ රටේ අනිත් හැම දේකටම වගේම අධ්යා පනයටත් ජාතික ප්ර තිපත්තියක් නැත. රටේ -ලෝකේ රැකියා වෙළදපොළ අනුව අධ්යාේපනය පෙළගස්සන්න පුලුවන් දැක්මක් අද මේ රටේ අධ්යායපන බලදාරීට තිබේද? එහෙව් අධ්යානපනයකින් බිහිවන උපාධීධාරියාට කොහෙද CV එකට දාන්න Vision, Mission ?

    රටේ අවශ්ය තාවය හදුනාගෙන අධ්යායපන පෙළගස්වන තෙක් මේ ගැටළුවට පිලිතුරු නැත. දිනපතා හා සති අන්ත පුවත් පත් වල ඇති පුරප්පාඩු ප්රනමාණය කොපමණක්ද ඒ අතරින් නිදහස් අධ්යානපනයෙන් බිහි වු උපාධිධාරීන්ට මෙකී රැකියා වෙළදපොළ ජය ගැනීමට ඇති හැකියාව කෙතරම් ද යන්න ඔබම සිතා බලන්න. මහ හයියෙන් ගිරිය පුප්පා “අපේ රට නිදහස් අධ්යාකපනය ඇති රටක් “ කීමෙන් පලක් නැත. අවසානයේ රැකියා වෙළදපොල තුල ඔහු අවලංගු කාසියක් වනු ඇත. මෙහි වරද කාගේද? දුක් මහන්සි වී ඉගෙන ගන්නා දරුවන්ගේ ද ? එසේ නැතිනම් නොකා නොබී දරුවන්ගේ අධ්යාගපනය වෙනුවෙන් වෙහෙසී එක් එක් විෂය ධාරාවන් සදහා යොමු කරන දෙමවුපියන්ද ? මේ ප්රඇශ්න වලට නිශ්චිත පිලිතුරු සෙවීමට වඩා අද මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය හා ජීවත් වීමට අවශ්යද මූලික අවශ්යරතාවයන් හෝ සපුරා ගැනීමේ අරගලයට යටවී ඇත. එහෙයින් පෙරකී ගැටළු යටපත් වී ඇත; අදාල බලධාරීන්, වගකිවයුත්තන් යෙහෙන් වැජබෙති, සැප විදිති උන්ට රටට අධ්යාාපනයට හෙනගහල ගියත් කම් නැත. අනුන්ට බෝලේ පාස් කර තම තනතුර රැකගැනීමේ නිර්ලජ්ජ ක්රිගයාවේ යෙදෙමින් සිටී. මෙයට හොදම උදාහරණ මේ දින වල මාධ්යෙයන් ඔස්සේ තිරගතවන Z ලකුණ , ලංකාවේ විභාග යන ටෙලි සිත්තම් තුලින් ඔබට සමීප වී ඇත.

    “මේ විහිළුව පරදවන්නට හැකි පමණින් හෝ දායක වී රටේ අනාගතය වෙනුවෙන් යමක් කර සාඩම්බර මිනිමෙකු වී මැරිල යන්න”

    Reply
  22. මාතර ආතර says:
    June 30, 2012 at 12:55 pm

    @Chinthaka
    1.
    ජාති ආගම් / කුල මල / දුප්පත් පෝසත් යන මෙකී නොකී බේද නැතිව, සැමට එකවිදියට සලකන්න ඕනය කියා, අපට ‘පල්ලි පිල්ලි බන’ කියන ඔබගෙන් පැනයක් අසමි.

    ඔබගේ ගෙදර තිබෙන්නේ එකම නාන කාමරයකට සම්බන්ද වැසිකිලියක්ය කියාද,ඔබගේ ගෙවත්තේ පොල් ගස් ද තිබේය කියා සිතමු.ඔබගේ ගෙදර අලුත්වැඩියාවට එන මේසන් බාස්සුන්නැහෙට,උපාධියක් ඇතා හෝ නැතා හෝ,පොල්ද කැඩීමට හැකි නිසා,ඔබ යම් මුදලක් පොරොන්දුකරවාගේ ඔහු ලව්වා, ඔබගේ ගෙවත්තේ පොල් ටිකද කඩා ගත්තාය කියා සිතමු.ඔහු පොල් කඩා ඉවර වුන විගස, ඔහුට වැසිකිලි යාමට අවශ්‍යය කියා ඔබට කීවොත්, ඔබගේ ගේ ඇතුලේ තිබෙන එකම නාන කාමරේට සම්බන්ද වැසිකිලිය පාවිච්චි කිරීමට, එම මේසන් බාස්සුන්නැහෙට ඉඩ දෙන්නේද? නැද්ද?
    2.
    ‘ගුරු තරුවේ’ මා අසා ඇති පැනවලටද උත්තර බලාපොරොත්තු වෙමි.

    Reply
    • Chinthaka says:
      July 2, 2012 at 2:02 pm

      1. ඔය වැනි ප්‍රශ්න මගෙන් ඇසීමම හිරිකිත දනවන සුළු ය…. තමන්ගේ ගෙදරම වැඩක් කිරීමට පැමිණ ශරීර අවශ්‍යතාවයක් ඇතිවූ මිනිසෙක්ට (හොරෙක් නම් නෙමෙයි පමණක්) නාන කාමරය පාවිච්චි කිරීමට ඉඩ දීම ඔබට ප්‍රශ්නයක් වුවාට අපට නම් කතා කල යුතු දෑ නොවේ ය…
      2. සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇත… වැල් බයිලා නැවත නැවත අසමින් ඔබ කරන විහිළුවලට උත්තර දෙන්නට මට කාලය මුලින් බාධාවක් නොවුවත් දැන් බාධාවක් ය….

      Reply
  23. විමසිලි says:
    June 30, 2012 at 1:11 pm

    වැහිවතුර ගෙතුලට කාන්දු නොවන ලෙස,මේ රටේ ගෙදරක වහලක් හදන්න පුළුවන් බාස් ල,කොහෙද ඉන්නේ කියල, කවදාවක්වත් වහලකින් වැහි වතුර කාන්දු නොවුන ගෙවල් වල ඉන්න එවුන්ට අපට දැන ගැනීමට ලියන්න පුලුවන්ද?

    එහෙම ගෙවල්වල ඉන්න එවුන්ගේ recommendation වලින්,බාස් කෙනෙක් පරොපෙක් කරලා,Colombo University එකේ, ”වැහිවතුර ගෙතුලට කාන්දු නොවන වහලවල් හදන විදියේ” උපාධි පාඨ මාලාවක් ඇති කලොත්, ?ජපානේ වගේ,ප්‍රශ්නේ විසඳෙයිද?

    Reply
  24. පිට ඉන්න එකෙක් says:
    July 2, 2012 at 1:28 pm

    අනේ මන්ද ලංකාවේ උපාදි නම්. මම ෆිසිකල් සයන්ස් සෙලෙක්ට් උනා , ඒකට නොගිහින් මම කලා ටෙක්නිකල් කොස් එකක්. අද මම පිට රටක රස්සාව කරනවා මාත් එක්ක කැම්පස් ගිය උන්ගේ පඩිය වගේ 15 ගුණයක් මම ගන්නවා.

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English