‘අපේ’ මාර්ග සංවර්ධනයේ උපන් ගෙයි අවුල..

- ‘ජනප්‍රිය සංවර්ධන මගේ සැනෙන් ඉගිල්ලෙන්නට පෙර මඳක් නැවතී බලමු….

මීට කලකට පෙර නම් ඈත ගමක වැඩි කරදරයක් නැතිව යාමට හැකි පාරක් දුටු විට බොහෝ දෙනා එය ‘ගම් උදා පාරක් ‘ එසේ නැතිනම් ‘ ප්‍රේමදාස මහත්තය හදපු පාරක් ‘ යැයි හැඳින්වීමට නිරායාසයෙන්ම පෙලඹිණ. එසේ වූයේ නිදහස ලැබීමෙන් පසු චන්ද්‍රිකා පාලනය අවසන් වන තෙක්ම අප රටේ මාර්ග සංවර්ධනයේ ඇඟට දැනෙන වෙනසක් කලේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ යුගයේ බැවිනි. ඉන්පසු චන්ද්‍රිකා යුගය තුල ඉබි ගමනින් ගිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති හැල්මේ දුවන්නට ගත්තේ රාජපක්ෂ පාලන කාලය තුලදීය. හුදු විවේචකයකු (ගොසිප් උගතෙකු වැන්නකු) පමණක්ම නොවන උග්‍ර රාජපක්ෂ විරෝධියකු පවා අන් සියලු දේට එකඟ නැතත් මාර්ග සංවර්ධනයේ සිදු වූ මේ පිම්මේ යෑම පිලිබඳ අවම ප්‍රතිවිරෝධයකින් යුතුව හෝ එකඟ වනවා ඇත.

අධිවේගී නගරාන්තර මාර්ග, නාගරික මාර්ග , නගර ආශ්‍රිත අතුරු මාර්ග මෙන්ම ගම්බද අතුරු මාර්ග පවා කාපට් අතුරා එසේ නැතහොත් කොන්ක්‍රීට්/කොන්ක්‍රීට් ගල් අතුරා පසුගිය වසර කිහිපය තුලදී විශාල වෙනස් කමකට භාජනය වී ඇති අයුරු දෘශ්‍යාභාධිතයකු නොවන ඕනෑම අයෙකුට දැනෙන ප්‍රායෝගික සත්‍යකි. කෙසේ නමුත් මේ මාර්ග සංවර්ධනය සඳහා පොම්ප කරන අති දැවැන්ත මුදල කොතරම්දැයි බොහෝ දෙනාට අවබෝධයක් ඇත්ද? අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 2% පමණ වෙන් වෙද්දී මාර්ග සංවර්ධනයට ඊට වැඩි මුදලක් වැය කිරීමෙන් වර්ථමානයේ අප රට මාර්ග සංවර්ධනයට දී ඇති ප්‍රමුඛතාවය කෙතරම්දැයි තේරුම් ගත හැක. එසේ වුවද මේ දරන අති දැවැන්ත පිරිවැය අද දවසේ පොදු ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට කොතරම් උපකාරී වී ඇත්ද? රටේ සැබෑ සංවර්ධනයට කෙලෙස පිටුවහලක් වී ඇත්ද? අන් බොහෝ අත්‍යවශ්‍ය උපයෝගීතා පසක තිබියදී මාර්ග සංවර්ධනය ප්‍රමුඛතා ලැයිතුවේ උඩට ආවේ කෙසේද? මාර්ග පද්ධතියේ දියුණුව පිටුපස දැවන්ත ආයෝජන ගලා විත් ඒ හරහා උත්පාදනය වන රැකියා අවස්ථා, ආදායම් අවස්ථා ආදියෙන් මුලින් ඒ පෙදසත් පසුව ඉන් මුලු රටත් සංවර්ධනය වේ යැයි දශක කිහිපයක් අත් හදා බලා ඇති ආර්ථික විද්‍යා දාර්ශනික මතය සැබෑවන් නොවී තිබියදී සහ සැබෑ වන පාටක්වත් නොපෙනෙද්දී තව දුරටත් ඒ පසුපසම හඹා යෑමේ අවසන් ප්‍රතිඵලය කුමක් වේද? අප මෙන්ම මාර්ග සංවර්ධනය පිටුපස ආයෝජන පැමිණ සුර පුරයක් වේයැයි සිහින මවා අවසානයේ ‘සිහින හොරු අරන්’ ගිය නයිජීරියාවට අත් වූ ඉරණමට අපත් පත් වේද? නයිජීරියාවේද දැවැන්ත ආයෝජන අපේක්ෂාවෙන්  මාර්ග සංවර්ධනයට අති විශාල මුදල් ප්‍රමාණයක් යෙදවූ නමුත් රටට ඉන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී බංකොලොත් වී ගිය අතර අති විශාල මුදල් සම්භාරයක් ගසා කෑ නිලධාරීන් – බලධාරීන් නම් යහමින් වැජෙබෙමින් සිටිති. අද අපේ රටේ තත්වයෙහිද මීට වඩා වෙනසක් ඇත්ද?

භෞතිකව දැනටමත් අධි සංවර්ධනයක් ලබා ඇති රටවල් දෙස බලා එහි මාර්ග පද්ධතිය සමග සසඳා අප රටවල්ද තවම ඒ මට්ටමට සංවර්ධනය වී නැත්තේ මාර්ග සංවර්ධනයේ අඩාලකම නිසාය යන්න පොදුවේ ඇති ප්‍රබුද්ධ මතයයි. නමුත් සැබෑව එයමද? එම බොහෝ රටවල් මුලින් දැවැන්ත මාර්ග පද්ධතියක් තනා ඉන් පසු ඒ හරහා දියුණු වූවා නොව මාර්ග සංවර්ධනයට සමගාමීව අනෙකුත් අංශද (කාර්මික , කෘෂිකාර්මික ආදී) සංවර්ධනය කරගැනීම මගින් මේ කියන ‘දියුණුව’ කරා ලං වී ඇති බව අප වටහා ගත යුතුය. (මේ භෞතික දියුණුව සැබෑ දියුණුවේ දර්ශකයක් ද නැත් ද යන කරුණ වෙනම සාකච්චා කල යුතු ගැටළුවක). හුදකලා මාර්ග සවර්ධනය වෙනුවට අනෙකුත් නිෂ්පාදන , කර්මාන්ත හා සේවා අංශයන් සමග ඒකාබද්ධ වූ සංවර්ධන පිළිබඳ සංයුක්ත දැක්මක් අපට තිබිය යුතුය.එසේ නොමැතිව වසර කිහිපයකට පෙර අඬ බෙර ගසා ආරම්භ කලේ යැයි කියූ ගමට කර්මාන්ත 300 වැනි වැඩසටහන් ලප් තැනම ලොප් වෙද්දී මාර්ග පමණක් ගම් දනව් සිසාරා හැල්මේ දිව්වාට ඇති පලක් නැත.

හයි වේ හයි - ෆයි වේ වීමේ කරුමය

අපේ රටේ මාර්ග සංවර්ධනය අතින් මෑත කාලීන උත්තුංගම නිර්මාණය නම් “කොළඹ – මාතර” දක්ෂිණ අධිවේගී මාර්ගයයි. අධිවේගී මාර්ග පිලිබඳ මුල්ම කතිකාව අප රට තුල ඇති වන්නේ අසූව දශකය තරම් ඈතකදීය. ප්‍රේමදාස ,චන්ද්‍රිකා ,රනිල් යුග තුනේදීම මෙය සැබෑ නොවූ ‘සිහිනයක්’ විය .ආරම්භක ඇස්තමේන්තු මුදල මෙන් හත් අට ගුණයක පිරිවැයක් දරමින් වුවත් අවසානයේ එය රාජපක්ෂ යුගයේදී සැබෑවී තිබේ. (ආරම්භයේදී මෙහි කි මී. 60 ක්‌ සඳහා රුපියල් මිලියන 8500 ක්‌ ඇස්‌තමේන්තුකළද, අවසානයේ කි.මී. 95ක් සඳහා රුපියල් මිලියන 75,000 වැයවීමේන් මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුවේ අපගමනයේ ප්‍රමාණය ගැන වටහා ගත හැක) ‘සිහින සැබෑවේනම් ඕනෑම පිරිවැයක් දරන්නට අප සූදානම්’ යැයි සිතන්නන් බහුල වීම රටකට කෙලෙස බලපායිද? කෙසේ වුවද ගාල්ලට දැනට අධිවේගී මගේ යන පිරිස් ‘අයියෝ ඒක මාතරටම තිබුනනම් කොතරම් හොඳද’ ‍යි සිතා ලත වෙති. මාතරට යම් දිනක එය නිම වූ කල හම්බන්තොටට දි වූවා නම් කොතරම් අගනේදැයි සිතෙනු ඇත. මෙලෙස සෑහීමකට පත් නොවන හඹා යෑම් අවසන් වන්නේ කොතනින්ද?

මාර්ග සංවර්ධනයේ මේ අනවරත හඹා යෑම් සපුරාලීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේ ඒ හා සබැඳි සංවර්ධනයට අවශ්‍ය අනෙකුත් සියලු අංශයන් අමතක කරමින් ද? දැනට ආර්ථිකයට අවම මෙහෙයක් සිදුවන (නිෂ්පාදන කාර්යන්ට අනුබලයක් නොවන මාර්ග සංවර්ධනයෙන් සිදුවන මෙහෙය ඉතා අල්පය) අධිවේගී මගෙන් පැයෙන් ගොස් ඉතිරිවන පැය දෙකෙන් ‘රන් දෙපැය ‘ හෝ ‘ආදරෙයි මං ආදරෙයි’,  ‘නුඹ නැත්නම් මම මැරෙනව’ වැනි රට පිදුරු සදැසි ටෙලියක් නරඹා නිදා ගැනීමෙන් හෝ සැනෙන් උණවටුණට ගොස් මුහුදේ කිමිදී  ගිනි ගහන අව්වේ ‘බබකියු’ එකක් දමා හැල්මේ කොලඹ පැමිණීමෙන් ලැබෙන ආත්ම වින්දනයෙන් රටක් වශයෙන් පලක් ඇත්ද? (සමහර විට අධිවේගී මගක, නැත්නම් අලුත සැදූ මගක නිස්කලංකේ රිය පදවා මානසික තෘප්තියක් ලබන බොහෝ දෙනා මේ අදහසට එකඟ නොවනු ඇත. නමුත් හුදකලා මානසික තෘප්තීන් බහුතර පොදු ජනතාවගේ  දුප්පත් බත් වේල පවා  අහිමි කරන්නේ නම්, අහිංසක අපේක්ෂා කුඩු පට්ටම් කර දමන්නක් නම් ඉන් සැබෑවටම පලක් වේද ?) අක්‍රමවත් අසමමිතිකව සංවර්ධන විව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ අවසන් ප්‍රතිඵලය මෙය නොවේද?

මාර්ග ඇතුලු යටිතල පහසුකම් සමග නිෂ්පාදන ක්‍රියවලියක් ඒකාබද්ධ වූ වැඩසටහනක් ක්‍රියාත්මක වූයේ නම් උණවටුනේ නෑමට යන අය වෙනුවට අලුත් කර්මාන්තශාලාවේ වැඩ බැලීමට යන කාර්මිකයන්ගෙන් , නිලධාරීන්ගෙන් ,අලුත් වගාබිම්බල අස්වනු පටවා ගෙන එන ගොවීන්ගෙන් අධිවේගී මග එලිය වනු ඇත. මාර්ග පද්ධතිය හුදකලාව සංවර්ධනය කරනු වෙනුවට ඒ සමගම ක්‍රමක්‍රමයෙන් වැඩෙන කර්මාන්ත, කෘෂිකර්ම ආදී අංශ පිලිබඳ මනා සැලසුමක්ද ඒ සමගම තිබිය යුත්තේ එබැවිනි. ඒ හරහා උපදින ආදායම් මාර්ගවලින් අධිවේගී මගේ හැල්මේ පියබායන සුඛෝපභෝගී වාහන දෙස බලා හූල්ලන අහිංසකයන් වෙනුවට නව බලාපොරොත්තු සහිත මිනිසුන් නිර්මාණය කර ගත හැක. එසේ නොමැතිව ‘අපරැක්කේ අම්මා’ මුණ ගැසෙන්නට පෙර ගැමුණු කුමරු යුද්ධ කලාක් මෙන් අරහේ මෙහේ සිදුකරන හුදකලා ව්‍යාපෘති වලින් නම් රටක් ලෙස ගොඩ ඒම උගහටය. ඒ හරහා සිදු වන්නේ  ව්‍යාපෘති මෙහෙයවන හා උපදෙස් දෙන අතලොස්සකගේ සුඛ විවරණය වෙනුවෙන් ජාතියම මහා ණයකරුවන් බවට පත් වීමේ ඛේදවාචකය නොවේද?

රජයේ මාධ්‍ය හොරණෑවලට අනුව නම් දකුණු ලක හුදී ජනයා අධිවේගී මගෙන් මහත් ඵල මහා ආනිසංස ලබන්නේය. මා පියන් කොලඹ රාජකාරි නිමවී දරුවන් වෙත සැනෙන් ඉගිල්ලෙන්නේය. දෙනියායේ , අකුරැස්සේ ,ගාල්ලේ ගස් ලබු උණු උණුවේ මැනිං මාර්කට්ටුවට බාන්නේය. යක්කලමුල්ලේ මී කිරි වලින් කොලඹ සුපිරි වෙලඳසැල් ඉතිරී යන්නේය. නමුත් සැබෑව මීට වඩා කෙතරම් වෙනස්ද?

දැනට වැඩ නිම වී ඇති කොට්ටාව – පින්නදූව මගේ බසයක එක් ගමනක ගාස්තුව පමණක් රු 470 කි. දෙපසට 940 කි. රු 940 ගෙවා ගාලු ගොස් කොළඹ ඒමට හැක්කේ 2500න් මසක් ජීවත් වන්නේ යැයි ආර්ථික විද්‍යාඥ්ඥයින් විශ්වාස කරන රටේ පොදු ජනතාවට නම් නොවේ. විධායක ශ්‍රේණියේ රැකියාව කරන්නේකුට පවා මේ වියදම දරා ගත නොහැකි වටපිටාවක සාමාන්‍ය ලිපිකරුවකු වැනි පොදු ආර්ථික මට්ටමක සිටින බහුතර ජනතාවට රූපවාහිනියෙන් පෙන්වන අධිවේගී මගේ සුන්දර දසුන් නැරඹීම හැර මින් ඇති පලක් නොමැත. මින් පෙන්නුම් කරනුයේ මෙය අධි වේගී පමණක් නොව අධි වියදම් මාර්ගද වන බව නොවේද? (‘හයි වේ’ පමණක් නොව ‘හයි ෆයි වේ’ බව නොවේද?) රටේ පොදු ජනතාවට අත් විඳිය නොහැකි මේ අත්දැකීම පිලිබඳ අන් කරුණුවලදී මෙන්ම ජනාධිපතිවරයාගේ අවධානයද යොමු විය යුත්තේ අධිවේගී මගේ අධිවේගයෙන් යන්නන් බොහොමයක් දෙනා පාහේ  ඔහුට එරෙහි වද්දී එතුමා බලයට පත් කරන්නට වෙහෙසුනේ සහ වෙහෙසෙන්නේ මේ අව වරප්‍රසාදිත බහුතර සාමාන්‍ය ජනයා වන බැවිනි. එසේම  මෙම මාර්ග සංවර්ධනයට ගන්නා ණය කන්දරාව ගෙවන්නට මේ අහිංසකයන් ගන්නා හාල් කිලෝවෙන් , පරිප්පු සීයෙන් ගෙවන බද්දෙනුත් දායකත්වයක් ලැබෙන  බැවිනි.

මේ අධිවේගයේ ගාස්තුවේ සැර අඩු කිරීමට නම් කල යුත්තේ දැනට පත්තර,වතුර බෝතල් , වායු සමීකරණ සහිත අධි සුඛෝපභෝගී යැයි බෝඩ් ලෑල්ල ගසා දුවන බස් රථ වෙනුවට (අවශ්‍ය නම් ඒවා එලෙසම තිබියදී අලුතින් බස් රථ යෙදවිය හැකිය.)  සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට ආරක්ෂිත බස් රථ සේවාවක් ඇරඹීමය. එය ලංගම හරහා ඇරඹිය හැකිය. බහුතර පොදු ජනතාවගේ පලමු අරමුණ පත්තර වතුර  බෝතල් නොව රාජකාරි නිමවා ආරක්ෂිතව හැකි ඉක්ම නින් ගෙවල් බලා යෑමය.

මාර්ග සංවර්ධනයේ උපන් ගෙයි අවුල

අධිවේගී මාර්ග හැරුණු විට අනෙකුත් ග්‍රාමීය මාර්ග සංවර්ධනයටද වත්මන් පාලනය කලින් අත් නොවිඳි තරමේ අති විශාල ධන්ස්කන්ධයක් වියදම් කරමින් තිබේ. නමුත් මේවා නිසි සඵලතාවයෙන් යෙදවෙන්නේ දැයි දැන ගැනීමට ආර්ථික විද්‍යාඥ්ඥයකු වීමට අවශ්‍යය නැත. ග්‍රාමීය මාර්ග සංවර්ධනය ප්‍රාදේශීය සභා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන යාන්ත්‍රණ දෙකෙන්ම සිදු වුවත් අවසානයේ ප්‍රතිඵලය අපේක්ෂිත මට්ටමට පැමිණ නොමැති බව ආර්ථික විද්‍යා න්‍යාය නොදන්නා ඒ මාර්ගවල යන අහිංසක ගැමියකුට පවා වැටහේ. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හෝ වෙනත් මන්ත්‍රීවරයකු (බොහෝ දුරට සභාපතිවරයා කල දුටු කල වල ඉහ ගැනීමට ලැබෙන ඒ අනගි අවස්ථාව වෙනත් අයෙකුට නොදේ ) හරහා නැත්නම් ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සිදුවන මාර්ග ව්‍යාපෘතිවලින් වෙනසක් නොමැතිව ප්‍රසිද්දියේ අමු අමුවේ ගසා කන්නේ ගසා කෑම යන්න දේශපාලනඥ්ඥයන්ට පමනක් උරුම දෙයක් නොව ‘උගත්’ නිලධාරීන්ටද කල හැකි කාර්යක් බව පසක් කරන්නට මෙනි. බොහෝ අවස්ථාවලදී ප්‍රාදේශීය ලේකම් හරහා සිදුවන ව්‍යාපෘතිවලදී තත්වය වඩා කණගාටුදායක වන්නේ ස්ථර කිහිපයක නිළධාරින් සතුටු කිරීමට සිදුවන බැවිනි.පාපැදියෙන් ප්‍රාදේශිය සභාවට ගිය සභාපතිවරයා වැඩි දිනක් නොගොස්ම  ඉඩකඩම් හිමි යානවාහන පිරිවරාගත් මහා ධන කුවේරයකු බවට පත් වී ඇත්තේ කෙසේදැයි නිගමනය කිරීමට විගණන වාර්ථා හෝ ආර්ථික විද්‍යා න්‍යායන් අවශ්‍ය නොවේ. සාමාන්‍ය මිනිසුන් දිගින් දිගටම  මේ හදිසි ධන උල්පත් පහළවීම වාසනාව, කර්මය නිසා වූවක් යැයි සලකා නිහඬව සිටිනු ඇතැයි බලධාරීන් සිතන්නේ නම් එය මුලාවක් බව දැන්වත් වටහා ගත යුතුය. අඟල් 6 කොන්ක්‍රීට් එක අඟල් 2ක දමා කම්බි කූරු 6 වෙනුවට 2 දමා පොදු ජන මුදල් ගසාකන පාපතරයන්ට අපායට කලින්ම දඬුවම් හිමිවන බව මතක තබා ගත යුතුය.

එලෙසම අක්‍රමවත් මාර්ග සංවර්ධනයේ තවත් එක් සෘණාත්මක ලක්ෂණයක් නම් එකාබද්ධ සම්බන්ධීකරණයක් නොමැතිව එක් එක් ආයතන මගින් සිදු කරන හුදකලා ව්‍යාපෘති මගින් මාර්ග සංවර්ධනයට යොදන මුදල් නිකරුණේ වැනසී යාමයි. මාර්ගයක් කාපට් අතුරා සති දෙකක් යන්නට මත්තෙන් වෙනත් සමාගමකින් (බොහෝ දුරට දුරකතන   හෝ අන්තර් ජාල සේවා සපයන ආයතනයක් ) පැමිණ අලුත නිම කල මාර්ගය වගේ වගක් නොමැතිව කපා කොටා තමන්ගේ වැඩය කරගෙන යයි.ඉන් පසු කලින් තිබුනාටත් වඩා මාර්ගය අබලන්ය. මෙය සාමාන්‍ය වාහනයකින් ගමන් බිමන් යන බොහෝ දෙනා (අධි සුඛෝපබෝගී වාහනවල යන අදාළ බලධාරීන් නිළධාරීන් ආදීන් හැරුණු කල) අත්විඳ ඇති අත්දැකීමක් බවට සැක නැත. ඒකාබන්ධ සම්බන්ධීකරණයක් නොමැතිව නිකරුණේ කාබාසිනියා වී යන මේ මුදල් වලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නා නම් මීට වඩා හොඳ යැ‍යි යමෙකුට සිතුනහොත් එය අසාධාරණ නැත. මනා සැලසුමක් නොමැතිව , එමෙන්ම එකාබන්ධ සම්බන්ධීකරණයක් නැතිව හිතුමතේ ව්‍යාපෘති සිදු කිරීමේ මේ සහ එමගින් අති විශාල මහජන මුදල් ප්‍රමාණයක් කාබාසිනියා වීමේ උපන් ගෙයි අවුල දැනුවත් මැදිහත්වීම්ක් හරහා දැන්වත් විසඳාගත යුතු අත්‍යන්ත අවශ්‍යතාවයකි.

රටකට මාර්ග සංවර්ධනය අනවශ්‍ය යැයි මනස විකෘති නොවූ කිසිවකු නොකියනු ඇත. ගැටළුව ඇත්තේ ඒවා අනෙකුත් නිෂ්පාදන ක්‍රියාමාර්ග සමග සංගත නොවීමේ අවුලයි. …නමුත් මෙරටට  ණය දෙන ආයතන සහ ඒවා වෙනුවෙන් මෙහි සිට මෙහවර කරනා ආර්ථික උපදේශකයන් උපදෙස් දෙන්නේ ‘මුලින් මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් හදන්න,ඉන් පසු ආයෝජන ගලා ඒවි ‘ යනුවෙනි.මෙවැනි උපදේශකයන් ආර්ථික වලයේ කේන්ද්‍රයෙන් ඈත ඇති අපි වැනි රටවල් වලට කල විපත් පිලිබඳ සවිස්තර සටහනක් ජෝන් පර්කින්ස්ගේ “ආර්ථික ඝාතකයකුගේ පාපොච්ඡාරණය” පොතෙහි සවිස්තරාත්මකව සටහන් කර ඇත.අපේ රටවල් වලට නම් ආර්ථික ඝාතකයන් අවශ්‍ය නොවන්නේ අපි ස්ව කැමැත්තෙන්ම ආර්ථික ඝාතකයන්ගේ අරමුණ ඉටු කරමින් සිටින බැවිනි.එලෙස නොවෙ නම් පොදු ජනතාවගෙන් 90‍% භාවිතා කරන පොදු ප්‍රවාහන ජාලය ශක්තිමත් කරනු වෙනුවට ප්‍රාදේශීය දේශපාලනඥ්ඥයාගේ සිට ඉහලට සාක්කු පිරෙන , රටක් වශයෙන්  අප අමාරුවේ වැටෙන මෙගා ව්‍යාපෘති අත්‍යවශ්‍ය ව්ය්‍යාපෘති ලයිස්තුවේ පෙරට එන්නේ නැත.

පසු ගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කල මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මාර්ග සංවර්ධනයට අදාළව එහි 41 වන පිටුවේ සඳහන් පහත ප්‍රකාශයෙන් අපි මේ සටහන අවසන් කරමු.

“…පොදු ප‍්‍රවාහනයේ නූතන ගමන් මග.. නූතනත්වයෙන් අනූන වූ ජාතික ප‍්‍රතිපත්තියක් ..

සමස්ත ශ‍්‍රී ලාංකික සමාජයෙන් 90‍% ක පමණ ප‍්‍රතිශතයක් තම එදිනෙදා කටයුතු වෙනුවෙන් භාවිතකරනු ලබන්නේ දුම්රිය, බස්රිය, ත‍්‍රීවිලර් වැනි පොදු ප‍්‍රවාහන සේවාවන්ය. එහෙත් ජනගහනයෙන් 10‍% ක් පමණ වූ පෞද්ගලික වාහන හිමියන් මාර්ගයේ වැඩි පරාසයක් වෙන්කර ගැනීම නිසා අද අප හමුවේ සංකීර්ණ සමාජ ප‍්‍රශ්න ගණනාවක් උද්ගතව තිබේ. මේ සඳහා ශිෂ්ඨත්වයෙන් හා නූතනත්වයෙන් අනූන වූ පොදු ප‍්‍රවාහන සේවාවක් නිර්මාණය කොට, පොදු ප‍්‍රවාහන සේවාව භාවිත කිරීම ගෞරවයක් ලෙස සලකන වටපිටාවක් සැකසිය යුතුය යන්න මාගේ විශ්වාසයයි. පෞද්ගලික බස්රිය, ලංගම හා දුම්රිය මගියෙකු ලෙස මා ජීවිතය පුරා ලබාගත් දැනුම හා අවබෝධය විසින් මෙකී මඟ පෙන්වීම මා මනස තුළ තැත්පත් කොට තිබේ.”

 - උපුටා ගැනීම මහින්ද චින්තන ඉදිරි දැක්ම (41 පිට)

ජනාධිපතිතුමනි.තවමත් ප්‍රමාද නැත. තවදුරටත් එය  මනස තුල  තැත්පත් කොට සිටීමෙන් පලක් නැත.ඒ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමට සුදුසුම සහ හැකිම කාලයයි මේ.

කැලුම් නිරංජන

 

32,275 Viewers

41 Comments to “‘අපේ’ මාර්ග සංවර්ධනයේ උපන් ගෙයි අවුල..”

  1. +/- says:

    multiplier effect

    • =/? says:

      ඔය වාක්‍ය ඛණ්ඩ නොලිය බලන එකෙකුට තේරුම් ගන්න ලියපන් බන්. අර(සි)රි-වර්ධනයා ගැන ලියවුන ලිපියේ උඹව බේර ගන්න කියල ලිව්වට දැන් නම් මටත් අනින්න හිතෙනවා හිල් වෙන්න ටොක්කක් උඹට;-)

  2. පිස්සා says:

    පාරවල් හොඳට හැදුවම ඒවගේ යන්න යන කාලය ඉතුරු වෙනවා. දවසක් තුල වැඩ ගොඩක් කරගන්න පුළුවන් වෙනවා. එවිට කාලය මෙන්ම මුදල්ද ඉතුරු වන බැවින් රට ඉක්මනින් දිවුණු වෙනවා. ඒක තමා පාරවල් හදල බලාපොරොත්තු වන්නේ. ඒත් ඒක එහෙමම වෙනවද??????
    ජනතාවගෙන් 90% ක් යන්නේ බස් සහ කෝච්චි වල. ප්‍රයිවට් බස් යනවා නෙවෙයි ගාටනවා. කෝච්චි සේවයත් ගන්න දෙයක් නැහැ. ඉතින් කොහොමද පාරවල් හැදුව කියල සංවර්ධනයක් ලැබෙන්නේ??????????

  3. 96 කොල්ලෝ says:

    mokada me pissa,high way ekaka nikan bus duwanna kiyana,

    • 2012 කොල්ලෝ says:

      ‘නිකන් බස්’ කියන්නේ මොනවද?
      දැනට යන්නේ නිකන් බස් නෙවෙයිද?
      බෝතල් පත්තර දුන්නම එක ආරක්ෂිත බස් එකක් වෙනවද?
      මේ කියල තියෙන්නෙ නිකන් බස් නෙවෙයි. ආරක්ෂිත බස් රථ සේවයක් අඩු මිලකට දෙන්න කියල.
      හොඳින් කියවන්න…

      මේ අධිවේගයේ ගාස්තුවේ සැර අඩු කිරීමට නම් කල යුත්තේ දැනට පත්තර,වතුර බෝතල් , වායු සමීකරණ සහිත අධි සුඛෝපභෝගී යැයි බෝඩ් ලෑල්ල ගසා දුවන බස් රථ වෙනුවට (අවශ්‍ය නම් ඒවා එලෙසම තිබියදී අලුතින් බස් රථ යෙදවිය හැකිය.) සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට ආරක්ෂිත බස් රථ සේවාවක් ඇරඹීමය. එය ලංගම හරහා ඇරඹිය හැකිය.

  4. :) says:

    :) a wunaata apita payen gaallata yanna puluwan…

  5. ගාල්ලේ සමන් says:

    මාර්ග පමණක් නොවෙයි මේ කාගේ නොයෙක් සංවර්ධන සිදුවනවා. මේ ඉදිකිරීම් කෙරෙන්නේ පොදු ජන අවශ්යතාවය සලකා නොව සීයට 10 බලාගෙන ය. පෙන්නේ ඉදිකිරීම පමණයි. අනාගත පරම්පරාවට ගෙවන්නට සිදුවන ණය කන්දරාව කිසිවකුට නොපෙනීම කණගාටුවට කරැණකි. ඒ ණයට අර සීයට 10 ද ඇතුළත් ය.

  6. Buma says:

    හැබෑවට අපි ඔක්කොමට තේරෙන දෙ මෙ ආන්ඩුවලට තේර්න්නේ නැති එකනෙ අවුල…

  7. maya says:

    මුල්ම ලියුම්කරු සමග එකඟ වෙනතැන් මටද ඇත. නමුත් ගාලේ සිට මාතරට නොව මුළු රටපුරාම අදිවේගී මාර්ග තිබෙනවානම් හොඳය කියල හිතන යද ඉන්නවා. එහි ලාභ ප්‍රතිලාභ , පලදයීතව මෙතෙකැයි කිවනොහැක . නමුත් අත්‍යවශය මෙයමද කියා දෙවරක් සිතය යුතය . එසේම ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් ගැන විවේචන තිබෙන්න පුළුවන. එසේම තමාට තමුන්ගේ අදෝමර්ගය අදායම් මාර්ගයක්ද කරගත හැකිය.

    මොනවා කලතා වැඩක් නැත කොන්දොස්ත්රත් රියදුරත් සියල්ල පාලනය කරවනම්. අප රටේ ජනාධිපති වරු 5 හිටයත් තවම මේ දෙන්න පාලනය කරන්න පුළුවන් කෙනෙක් බිහිවෙලා නැත. ජනාධිපති තුමනි හැකිනම් අභියෝගය බාරගන්න.ඇමතිලා සහ කමිටුවලින් පලක් නැත.

  8. apita hithena hati says:

    “රටේ පොදු ජනතාවට අත් විඳිය නොහැකි මේ අත්දැකීම පිලිබඳ අන් කරුණුවලදී මෙන්ම ජනාධිපතිවරයාගේ අවධානයද යොමු විය යුත්තේ” යකෝ හරියට අනිත් කරුණු වලදී එතුමාගේ බරපතල අවධානය යොමු වෙනවා වගේ හරියට. ඩෙංගු හැදිලා පෝලිමේ මැරෙනවා, රටේ සදාචාරය බින්දුවට බැහැල හම්දුරුවෝ පිස්සු නටද්දී එක එක භූතයෝ බුදු වෙන්ඩ හදනවා, තමන්ගේ ගෝලයෝ කප්පම් ගද්දි තවත් එවුන් ළමා ගණිකාවෝ යොදාගෙන ගණිකා නිවාස පවත්වන් යනවා ….. මෙහෙම කි නොකී දේවල් වෙද්දී එතුමා කොලේ මොකක්ද කියල අහන්නේ නැති කට්ටිය මේකට විතරක් එතුමාගේ අවධානය යොමු වෙයි කියන්නේ රටේ ජනතාව ගොන්නු කියල හිතල වෙන්ඩ ඇති

    • ඇත්ත says:

      ඔබේ කතාව හරි
      නමුත් කියන දෙයින් ඉහත කියපු කතාව ප්‍රතික්ශේප් වෙන්නේ නෑ.
      ඔබ කියූ කරුණු බොහොමයක් ඇත්ත. ඒවා ජනාධිපහිවරයා සැලකීමට ලක් වෙලා නෑ තමයි. හැබැයි ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වෙන්න කලින් තව ස්ථර කීයක් තියෙනවද ඕව ගැන කටයුතු කරන්න.නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? බලධාරීන් කී දෙනෙක් ඉන්නවද?
      ඒ කිසිවෙකුත් තම වගකීම ඉටු නොකරන විට අවසාන බලාපොරොත්තුව තමයි ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වෙන්න ඕන කියන එක.
      පහුගිය කාලෙ ඔවැනි බොහෝ මැදිහත්වීම් සිද්ධ වුනා.ඔබ දැනුවත් නැත්ද දන්නෙ නෑ.
      උදා :
      බේස්ලයින් ව්‍යාපෘතිය.

    • kalukumara says:

      ඔය හෙම දේම ඔය විදියට වෙනවා නම් ඇමෙරිකාව මේ තරම් මහන්සි ගන්නේ අපිව වට්ටන්න……රටේ දුප්පත්කම 2005 සිට බාගයකින් අඩුවෙලා තියෙන අතරේ මේ අතරේ ඩෙංගු හැදිලා පෝලිමේ මැරෙනවා, රටේ සදාචාරය බින්දුවට බැහැල හම්දුරුවෝ පිස්සු නටද්දී එක එක භූතයෝ බුදු වෙන්ඩ හදනවා, කප්පම් ගද්දි තවත් එවුන් ළමා ගණිකාවෝ යොදාගෙන ගණිකා නිවාස පවත්වන් යනවා ….. මෙහෙම කි නොකී දේවල් වෙද්දී ඒ හෙම දේම පාලකයා පිට දන්නා පුලුවන්ද?. මොකද කොහෙවත් යන භූතයෝ, පිසචයෝ කරන හෙම රෙද්දකටම පාලකයාට වග කියන්න පුලුවන්ද? බෙහෙ… මේ හෙම දේටම වෙන්නේ වසර 7-8 වගේ සුලුකලයක් තුල සහෝදරයට අමතක වෙලා මම හිතන්නේ මොකද දරුණු යුද්ධයක් ඉඅවර කරලා සාමය උද කරපු රටක හදිස්සියේම ස්ත්‍රී දුෂණ, ළමා ගණිකාවෝ වෙඩිවෙලා ද ? නෙහෙ එක බලවත් ප්‍රශ්නයකට විසදුම දුන්නම ඊට පස්සේ තියෙන ප්‍රශ්න වලට වෙඩි ඉඩක් යොමුවෙනවා. අනික තම ලංකාව තුන්වන ලෝකයේ රටක් කියන එක අමතක කරන්න එපා ඔය කියන දුයුණු රටවලවත් ස්ත්‍රී දුෂකයෝ සහ පුජ්‍ය පක්ෂය පිස්සුකෙල්ලිනේ නෙද්ද? එහෙම කියනවනාඕ ඔබ පිට රටක ඇවිදපු නෙති කෙනෙක්.

    • Amda / ඇම්ඩා says:

      මෙ සයිට් වල කමෙන්ට්ස් දන්න පුලුවන් කෙනාට මේකෙ තියෙන පිටරට ඔන් ලයින් පත්තර බලන්න බැරි කමක් නෑනෙ. පොඩ්ඩක් බලනවා අපි දියුනුයි කියල හිතාගෙන ඉන්න රටවල තියෙන දේවල්. මේව අපේ රටේ මීට කලිනුත් උනා. ඒත් ඊට වඩා වැඩි ප්‍රමුඛත්වයක් යුද්ධය සම්බන්ධ නිව්ස් වලට ලැබුනා. ඒ නිසා මේවට ලැබෙන අවධානය අඩු වුනා. ඒත් දැන් යුද්ධයක් නැති නිසා ගමේ මිනිහෙක් කාට හරි පල් පාට් එකක් දැම්මත් ඒකත් පත්තරේ යනවා. අනික අද හැමෝගෙම අතේ කැමරා ඵෝන් තියෙනවා. ඕනෙම තැනක සීන් එකක් උනොත් ඒකට නිව්ස් ක්ලිප් එකක් කොහෙන් හරි හම්බ වෙන්නෙ ඒකෙ ප්‍රථිපලයක් විදියට. ඒක හොඳ ප්‍රවනතාවයක්.
      ඒත් ඇත්ත. ලන්කාවෙ කාන්තාවන් සහ ලමුන් රැක ගන්න නම් විශේශ යමක් කරන්න වෙයි. බලය ඇති අය අපරාධ චෝදනාවලින් ගැලවෙන එක නවත්තන්න කරමයක් තිබිය යුතුයි. ඩෙංගු උවදුරට පිලිගත හැකි විසඳුමක් තිබිය යුතුයි.

    • mee haraka says:

      භූතයෙක් ,පිස්සෙක් නොවී දැනුවත් වෙන්න……!!! දෙන තේරෙනවා නේද කවුද ගොනා කියල ඔබට දීපු උත්තර වලින්…………කාවවත් ගොනාට අන්දන්න බෙහෙ ….ඔබ ම ගොනාට අන්දෙනවා මිසක්

  9. Indika Prasad Gamage says:

    GOOD ARTICLE…appreciate

  10. Maama says:

    හොරබඩු කරදරයක් නැතිව දකුණට ගෙනියන්න හදපු පාරවල් ඕවා. ඔකෙ යන වාහන චෙක් කරන්නෙ නෑ ගාලුපාරෙතරම්. ඕන බඩුවක් පැයෙන් ගාල්ලේ!!

  11. hewwel says:

    නීතියක් නැති රටේ මොක හැදුවත් වැඩක් වෙයිද ?

  12. gamaya says:

    2005 පසු ජාතික අදායම දෙගුණ වී එති පසුබිමක විරෙකියව 4.9% ස්ථාවරයක පවත්වාගන්න පුළුවන් වුන රජයකට බොහොම වෙදගත් වෙන්නේ රජය නය ප්‍රමාණය 75% වගේ මට්ටමක පවත්වගීම අතරේ මේ සංවර්ධනය දීගටම පවත්වාගෙන යේම. මේ අතරේ ඩෙංගු හැදිලා පෝලිමේ මැරෙනවා, රටේ සදාචාරය බින්දුවට බැහැල හම්දුරුවෝ පිස්සු නටද්දී එක එක භූතයෝ බුදු වෙන්ඩ හදනවා, කප්පම් ගද්දි තවත් එවුන් ළමා ගණිකාවෝ යොදාගෙන ගණිකා නිවාස පවත්වන් යනවා ….. මෙහෙම කි නොකී දේවල් වෙද්දී ඒ හෙම දේම පාලකයා පිට දන්නා බෙහෙ. මොකද අපිට අමතක වෙලා නෙහෙ අපි ඉන්නේ බාල වයස්කාර දැරියක් දුෂණය කරපු ගෝනවල සුනිල්ට ජනදිපති සමව සහ සමාදාන විනිශ්‍යකරකමක් ප්‍රදානය කරපු ස්ත්‍රී දුෂණ රෙසකට වග කියන ටැක්සි අබේව Airport එකේ විධායක අද්‍යක්ෂ කරලා එතැනිනි නතර නොවී ස්ත්‍රී දුෂණ, මිනී මෙරුම් ඇතුළු තවත් අපරද රෙසකට වගකියන සොත්ති උපාලිව OIC ලගේ පුටුවල වාඩිකරලා රජ කරවපු යුගයකින් පස්සේ අපි අද ඉන්නේ. මේ සේරම කරන්නනේ යුද්දය අවසන් කරපු නායකයා කියන එක අමතක නෙහෙ වගේම අද රටට වරායවල් හදනවා, ගුවන්තොටුපළවල් අදිවේගී මාර්ග හදනවා, නොරොච්චෝලේ පිටිවෙල්ලේ බලාගාර හෙදෙනවා ඒ අතරේ පාරවලුත් හෙදෙනවා කියන එක අමතක කරන්න කතාවත් බේරී බව මේකෙන් තේරෙනවා. මේ හෙම දේටම වෙන්නේ වසර 7-8 වගේ සුලුකලයක් තුල බව මේ හෙමකෙනේකුටම අමතක වෙලා………….මේ සොවධන රේල්ල ඇරෙබුනේ 2005. අද අපි ඉන්නේ 2012. 1948 සිට 2005 වෙන තුරු වෙච්චා වේද ටික සලකල බලන්නේ අවංකව එතකොට තම තමන්ගේ අවංක ප්‍රමාණයට තෙරෙඉ මොනවද වෙලා තියෙන්නේ කියල රටට

    • හාල්මැස්සා says:

      gamaya ඒ විතරක් නෙමෙයි ටයර් සෑවල හැටදාහක් තරුනයන් පිලිස්සුන යුගයකුත් තිබුන තව වදකාගාරත් තිබුන ගෑනු ලමයි දූෂනය කරල මරන්න ලයිසොනුත් දීලතිබුන.තරුන දරුවො ඉන්න කොයි දෙමවු පියොත් දරුවන් හංගන යුගයක් තිබුන ඒව කරපු හැතිකරේට කවදාවත් මේ රටේ බලයක් නම් ලැබෙන්නේ නෑ.

  13. බුද්ධිකා රෙෂානි says:

    අපේ රටේ මිනිස්සු යන්න ඔන D.S. මුදලාලිට ඔන විදියට. තව කොච්චර කාලයක් මෙ පාර මේ මනුස්සයගෙ බුක්තියට ලියල දෙනවද ? අඩු ගානෙ CTB බස් ටිකක් හරි දාලා සමන්‍ය මිනිහෙකුට මෙ පාර බුක්ති විදින්න දෙන්න. මෙක නම් සාමන්‍ය මිනිස්සු මාර්කට් කරලා පොහොසත් මිනිස්සුන් වෙනුවෙන් සාමන්‍ය මිනිස්සු බිල්ලට දෙන ආණ්ඩුවක්

  14. Amda / ඇම්ඩා says:

    අපි කොහොම විවේචනය කලත් මේ මාර්ගයෙන් හොඳ ප්‍රථිපල ගන්න අය ඕනෙ තරම් ඉන්නවා. කරාපිටිය රෝහලේ ලෙඩ්ඩු කීදෙනෙක් ඉක්මනට කොලඹ ගෙනත් ජීවිතේ බේරගන්න ඇද්ද. කීදෙනෙක් මේ මාර්ගය නිසා කාලය, මුදල් ඉතුරු කරගන්න ඇද්ද. මේක හයි ෆයි වේ එකක් වෙන්නේ කොහොමද. මේවා කලයුතුව තිබුනු, නමුත් කරන්න බැරි වුනු දේවල්. අපි යුද්ධය නිසා අවුරුදු 30ක් පස්සට ගිය ජාතියක්. මට මතකයි එකතරා කාලයක් තිබුනා ලංකාවේ පාරවල් වල වාහනයකට යන්නත් බැරි තත්වයක්. අද එහෙම පාරවල් දකින්නේ කලාතුරකින්. ඒ හොඳ වෙනස කවුරු කලත් අගය කරන්න කුහක වෙන්න එපා. අපි රටේ සංවර්ධනය දිහා බලන කෝනය වෙනස් කරගමු. එකම දේ අපේ පොදු ප්‍රවාහනය දියුනු වීමට තවමත් අසමත් වීමයි. අපේ දුම්රිය සහ බස් ප්‍රවාහනය යම් ප්‍රමිතියකට ගෙන ආ යුතු කාලයයි මේ. එය සිදුවුනොත් මේ මාර්ග සහ ප්‍රවාහන සංවර්ධනයේ උපරිම පල මහජනතාවට නෙලා ගත හැකිවෙයි.

    • බුද්ධිකා රෙෂානි says:

      කී දෙනෙක් ඉන්නවද ? මම දන්න විදියට කරාපිටිය ඉතාම් දියුනු රොහලක්

  15. hewwel says:

    මම මහින්දට කැමතිය් මම මගේ වොල්වෝ ජීප් එකේ සුස් ගාල යන වේගයෙන්ම දුම්රියේ නැගල මම යන තැනටම මට වඩා වේගෙන් ඔය වැඩ කරන පන්තියේ දහදිය ගඳ ගහන එවුන් අවොත් මගේ ආතල් එක අඩු වෙනවා , අපේ පන්තිය රැකගනිමු රජතුමනි .
    පිටත වටරවුම් මාර්ගයත් මුදල් අයකරන්න හිරි වැටෙන්නම ,දුම්රිය පාරවල් නම් ඔය නගර වටේ හදන්නම එපා .

    • සුද්දට ජයවේවා says:

      මම හිතන් හිටියේ උඹ පදින්නේ වැඩිම උනොත් මයික්‍රෝ එකක් කියලයි … කමක් නැ සුද්දට පිහිට වෙන්න රුපියල් ලක්ෂ දෙකට තුනට ගන්න පුළුවන් පරණ වොල්වොත් [ ඉතාම අලුත් මයික්‍රෝ එකට වඩා ඉතා ඉහල සැප පහසුකම් තියෙන පරණම පරණ වොල්වෝ ] ලංකාවේ තියෙනවනේ ..

  16. Raththa says:

    ඔනෑම දියුනු රටක වඩා වෙදගත්ම ප්‍රවාහන සේවය වන්නේ දුම්‍රියයි. ලියුම්කරු හුදෙක් අදොනාවක්, දොශාරොපනයක් කරනවා මිස, කිසිදු  විකල්පයක් දි නොමත.අදිවේගි මාර්ග රටට උවමනයි. නමුත් ඊට පෙර රටේ දුම්‍රිය ජාලය 100% දියුනු කල යුතුය. මන්දයත්, රටේ සාමාන්ය ජනයා ගමන් කරන්නෙ දුම්‍රියෙන් වන නිසාය. අද රටේ පෞද්ගලික බස් සේවාවන් මෙම තත්වයේ තිබෙන්නෙ  රටට හරි හමන් දුම්‍රිය සෙවයක් නොමෑති නිසාය. ඒ කෙසේ වෙතත්, ඔනෑම දියුනු රට්ක ගමනාගමනයට වියදම සෑරය. එහි පෑය 5ක ගමනාන්තය දුම්‍රියෙන් හො බසයෙන් යනවට වඩා ගුවනින් (ප්ලේන් එකෙන්) යන එක ලාබය හොදම ක්‍රමය වන්නේ, මග නෑවති නේවති හො තමාගෙම වාහනයකින් ඒ ගමන යාමය. යුරොපයේ ජීවත් වන්නො මෙය හොදින් දනිති. ඔවුන්ගේ එදිනෙදා වියදමෙන් වෑඩි හරියක් යන්නේ ගමනා ගමනයටය. ඉහත ලියුම් කරු හුදෙක් කරුනු නොදෙන කියවන්නන් හට අදිවේගි මාර්ග පිලිබද නොපහත් හෑගිමක් ඈති කිරිමට උත්සහ දරා තිබේ 

    රත්තා

  17. yamaya says:

    ane manda ooyi, paarawal nathuwath bane, thibuna parana huchakku paarawal walin gihin kohoma yannada me race eka

  18. හාල්මැස්සා says:

    ප්‍රේමදාස යුගයේ පාරවල් කොන්තරත් කාරයො පොහොසත් කෙරුව විතරයි. වැඩිකල් පැවතුනේ නැහැ

  19. නියම සිංහ says:

    අපේ රටේ මොන හොඳ දේ කෙරුවත් මේ වගේ කුහක විවේචන වලින් ගැලවෙන්න බැහැ.

  20. සියදොරිස් says:

    මේ මාර්ගයේ තමයි අර මෛත්‍රී බොසතුන් යැයි කියා ගන්න කිං සච්ච ගවේෂී සදහා ගියේ.සමන්ත බද්දත් ගුටිකෑවේ ඔය පාරෙන් ගිහින් හොර පාරකට හරවලා තමයි.විජේදාසත් ඔය පාරේ ගිහින් ආවට පසේ සංඝරාජා තත්වෙට තමාව උසස් කරගත්තා. හයි ෆියි වීම සදහා මාර්ගඵල ලාභීන් වීමට හයිවේ එකේ ටොප් ගියර් දාල ගිහම වෙන දේවල්….?

  21. nayana says:

    hallo anunte upades dene eke keranne katath puluwan boru bane dannethi dewal liyanne nathiwa hitiyanam hodai wenada paye 2 yane kota ada paye 1 te yanekota wenase danennathi harak inna ratak!!!!!!!!!!!!!!!!!!!

  22. හෙළ සිංහ says:

    මාර්ග සංවර්ධනය ගැන මෙන්න මේ ටිකත් හිතුවනම් නේද හොඳ???

Leave a Comment