පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පනත යලිත් කරලියට පැමින ඇත.පසුගිය දිනක උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී.දිසානායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී කරන ලද ආවේගශීලී කතාවක් ඇතැම් රජයේ රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති ප්‍රකාශයන් අතරතුර විකාශනය වූ සැටි බොහෝ දෙනාට මතක ඇත.
එතුමා ගිරිය පුප්පාගෙන කෑගසමින් සදහන් කරන අලුත්ම තර්කය නම් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඊනියා දර්ශක වලට අනුව ලොව දියුනු යයි සම්මත රටවල් සමග කරට කර සිටින මට්ටමක ඇති බවත්,කලාපීය අනෙකුත් රටවල් වන නේපාලය,මාලදිවයින, පකිස්තානය හා ඉන්දියාව වැනි රටවල් අභිබවා පෙරමුන ගෙන සිටින බවත්ය.
අපට සාපේක්ෂව නොදියුනු සෞඛ්‍ය ක්ෂේත්‍රයක් පවතින කලාපීය රටවලට සහ තවත් විදේශ රටවලට වසරකට දරුවන් 2000ක් පමණ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සදහා විදේශ ගත වන බව එතුමා කියයි.මෙයට පෙර අවස්තාවල එතුමා කදුලු සැළුවේ පිට රටවලට ඇදී යන එම විදේශ විනිමය ඉතිරිකර ගැනීමට නොහැකි වීම ගැනය.නමුත් දැන් ඇතිවී තිබෙන කනගාටුව නම් එම විදෙස් රටවලින් බාල අධ්‍යාපනයක් ලබා පැමිනෙන වෛද්‍ය වරුන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අනුයුක්ත වීම එහි ගුනාත්මක බව පිරිහීමට හේතුවක් වන බවය.එමනිසා ඉහල ගුනාත්මක බවින් යුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයක් හිමි අපේ රටේ එම මුදල් වැය කොට වෛද්‍ය වරුන් බිහි කිරීමේ වරද කුමක් දැයි එතුමා අසයි.
ඇමති තුමාගේ කෝපයට ලක් වන අනෙක් කාරනය නම් ඉංජිනේරු උපාධිය,කලා උපාධිය,තොරතුරු තාක්ෂණ උපාධිය ආදී බොහෝ පාඨමාලා මෙරටදී මේවනවිටත් මුදල් ගෙවා පෞද්ගලික ආයතන වලින් ලබා ගැනීමට හැකියාව ඇතත් වෛද්‍ය උපාධිය පමනක් තවමත් මුදලට ලබා ගැනීමට නොහැකි වී තිබීමයි.මෑතකදී මට්ටක්කුලිය ප්‍රදේශයේ අරඹා ඇතැයි කියන පෞද්ගලික ඉංජිනේරු පීඨයක් ගැනද එතුමා ආඩම්බරයෙන් කියාසිටී.
අපි මෙසේ එතුමාට පිලිතුරු දීමට පටන් ගමු.ඉංජිනේරු පීඨයෙන් වේවා ශාස්ත්‍ර පීඨයෙන් වේවා වෛද්‍ය පීඨයෙන් වේවා ශිෂ්‍යයන් ට ලබා දෙන දැනුම එකක් නොව කීපයකි.තවද රටට ඉංජිනේරු සේවාවල අවශ්‍ය තාවය හා වෛද්‍ය සේවාවල අවශ්‍ය තාවය එකක් නොව දෙකක්ය.මෙලෙසම එක් එක් වෘතිකයන්ගේ අවශ්‍ය තාවයද රටකට දැනෙන්නේ විවිධාකාර ලෙසටය.වැදගත්ම කරුන නම් මේ විවිධ ක්ෂේත්‍රයන්ගේ ගුනාත්මක භාවය සමාජයකට ඇතිකරන බලපෑම හාත්පසින්ම වෙනස් වූ කාරනයක්ද වීමයි.
උදාහරනයකට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සකසන අධ්‍යාපන විද්‍යාඥයින්(නිලධරීන්) ගේ ගුනාත්මක බව මත රටක ජනතාවගේ දැනුම් මට්ටම,හැකියාවන්,ආකල්ප හා චින්තනය රදා පවතී.ගුනාත්මක බවින් අඩු අධ්‍යාපනයක විපාක රටකට දැනෙන්නේ ක්ෂනිකව නොවේ.නමුත් වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුනාත්මක බවෙහි පිරිහීමක් රටකට ක්ෂනික මෙන්ම භයානක ප්‍රතිඵල අත්කර දෙයි.මක්නිසාද යත් එමගින් මිනිස් ජීවිත සෘජුවම අභියෝගයට ලක්කරන නිසාය.
අප රටේ අද පවතින ක්‍රමය අනුව සමාජ සම්බන්ධතා පිලියල වන්නේ වෘත්තීන්ගේ පවතින අධිපති වාදී බව මුල්කරගෙන වීම ඉහත සරල සත්‍යයෙන් පැහැදිලි වේ.බොහෝ දෙමාපියන් තම දරුවන් බටහිර වෛද්‍ය වරුන් කිරීමේ පොරයක නිරත වන්නේද මේ හේතුව නිසාමය.අද සමාජය ගිලගෙන පවතින නව ලිබරල් වාදී ආකල්ප වලට අනුව ඉල්ලුමද, සැපයුමද,අවසානයේ සියල්ලද දේශපාලනික වේ.
මෙයට පෙර සෑම අවස්තාවකදී මෙන්ම අප කියා සිටින්නේ නිදහස් අධ්‍යාපනය සුරකින ලෙසත්,මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ශක්තිමත් කර වෘතිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුම හැකිනම් සියයට සීයක්ම එතුලින් සපුරාලීමට කටයුතු කරන ලෙසත්ය. එහෙත් වර්ථමානයේ විදෙස් ණය හා ආධාර මගින් මුක්කු ගසා ඔසවා ඇති සමස්ත ආර්ථිකයේ අනාගතය තීරනය කරනුයේ නව ලිබරල් අධිරාජ්‍යවාදී ආම්පන්න විසිනි.ඒ වෙනකක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවයි. මෙරට අධ්‍යාපන,සෞඛ්‍ය,දේශපාලන ආදී සෑම ක්ශේත්‍රයකම වාගේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ඔවුන්ගේ කොන්දේසි වලට එකග වීමට සිදුවේ.නිදහස් අධ්‍යාපනයටත් නිදහස් සෞඛ්‍යය ටත් නැවතීමේ තිත තබා එම අංශ පෞද්ගලික කරනය කිරීමට බලපෑම් කෙරෙන්නේ අද ඊයේ සිට නොවේ.අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා එදා හිස එසවීමට උත්සාහ දරන්නේද මේ බටහිර පිල්ලිමය. පෞද්ගලික කරනය හරහා විවෘත වන නව වෙලදපල විලි ලජ්ජා රහිතවම සින්නක්කර භුක්තියට ගැනීමටද “සීපා” හෝ “සාටිස්” හෝ ගිවිසුම් හරහා ඉන්දියානුවන් බලා සිටී.
මෙහිදී ක්‍රියාත්මක වන ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග වල න්‍යාය පත්‍රය උසස් අධ්‍යාපන ඇමති තුමාත් ආණ්ඩුවත් හොදින් දනී.නමුත් ඔවුන් නොදන්න කාරණය නම් ජනතාවද අද මේ සත්‍යය හොදින් දන්නා බවයි.මෙතරම් දුරට හෝ බටහිර බලපෑම් වලට ප්‍රතිරෝධයක් දැක්වීමට ආණ්ඩුවට සිදුවන්නේ බහුතර සිංහල බෞද්ධ ඡන්ද පදනම අමතක කල නොහැකි බැවිනි.සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වි ආණ්ඩුවකට පැවතීම උගහටය.
මෙවැනි සිදුවීම් ලඝු කොට නොගෙන සමස්තයක් ලෙස ගැනීමට අද අප පුරුදුව සිටිමු.එම සංසිද්ධි වල ඇති චක්‍රීය බවද අපට වෙනදාට වඩා වටහාගත හැකිය.
හැකිනම් උසස් අධ්‍යාපන ඇමති තුමන්ටත් ඔහුගේ ආණ්ඩුවටත් කිරීමට ඇති වගකීමක් පෙන්වා දීමට කැමැත්තෙමු.එනම් තවමත් අධිරාජ්‍ය වාදී ග්‍රහනයේ පවතින ආර්ථිකය,දැනුම,සංස්කෘතිය හා දේශපාලනය යන අංශ කෙරෙහි අපේම සිංහල බෞද්ධ දැනුමක් නිර්මානය කර ස්වාධීන තීන්දු තීරන ගැනීමට හැකි වාතාවරනයක් සකස් කිරීමයි.ඒ සදහා දැයේ දරුවන් නිවැරදි මාවතට යොමුකිරීමයි.අප අභියෝග කර සිටින්නේ මෙරට එක ජාතික විශ්ව විද්‍යාලයක් පිහිටුවා එම කාර්‍යය ආරම්භ කරන ලෙසයි.
විද්‍යාලංකාරය එදා ලංකා විශ්ව විද්‍යාලය නමින් බටහිර දැනුම ප්‍රචලිත කරන ආයතනයක් බවට පත් කිරීමෙන් සිදුවූ ඓතිහාසික වරද නිවැරදි කිරීමට ප්‍රවේශයක්වත් ගන්නා ලෙස මේ අවස්ථාවේ මතක් කර සිටිමු. පිරිවෙන් අධ්‍යාපනය සමාජයෙන් ඈත් කිරීමේ පටන් මෙරට තිබූ අග්‍රගන්‍ය දැනුම් පද්ධති වල් බිහිවීම සිදු වූයේ ඉංගිරිසීන්ගේ උවමනාවට බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම දැනුම නැවත සමාජ ගත කිරීමේ ජාතික කාර්‍යයෙහි මෙරට විවිධ පලාත් වල විසිරී සිටින බුද්ධිමතුන් නියැලී සිටී.ජාතික විශ්ව විද්‍යාලයක් පිහිටුවා එම දැනුම සම්මුති ගත කිරීම සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබීමට සුදුසු කාලය දැන් එලඹ තිබේ.
- වෛද්‍ය සුමේධ ආරියරත්න.
S B Karanna ona eka deyak tamai.
Campaus walin JVP ballo pannala danna.ekek dennek marala hari.
Private campus ratakata ona.eka piliwelakata athi kara yutui.
මේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ මහත්වරුන්ගේ එ විරුද්ධත්වය තනිකරම වෘත්තීය කුහකත්වය නිසා මිසක නිදහස් අධ්‍යාපනයට තියෙන ආදරයකට නොවෙයි, නිදහස් අධ්‍යාපනය පෙරට දමගෙන ඉන්නේ ඒක හොද පලිහක් නිසා පමණයි. දැන් මෙතුමාම කියන විදිහාට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පමණයි රටේ නැත්තේ, අනෙක් සියළුම උපාධී සල්ලි දීල ලබා ගන්න පුලුවන්නේ. එතකොට ඔය නිදහස් අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ? ඇයි ඔය උත්තමයෝ (උන්ම කියන විදිහට, නිදහස් අද්ධ්‍යපනය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටින ) රටේ ආනෙක් පුද්ගලික උපධී ආයතන ආරම්භකරන වෙලාවේදී නිහඩව හිටියේ?
මේක තනිකරම ඔබතුමාලාගේ වෘත්තීය කුහකත්වය නොවෙයිද?
අනිත් කාරණය රටේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපනය විනාශ කරනවා කිය කියා මහ සත්ව කරුණාවකින් අඳෝනා නගන වෛද්‍ය උත්තමයින්ට, සමහර තුට්ටුදෙකේ ඉල්ලීම් මුල්කරගෙන වැඩවර්ජන කරනකොට එමඟින් සාමන්‍ය ජනතාවට වෙන අසධාරණය ගැන කිසිම කැක්කුමක් නැත්තේ?
අවසාන වශයෙන් එක ප්‍රශ්ණයක් අහන්නම්.ඔබතුමා, රජයේ ඉස්පිරිතාලේ ස්ට්‍රයික් දවසට හවස චනල් සෙන්ටර් එකේ වැඩ කරනව නේද?
Oya kiyana okkomala hawasata thamange madiya thara karaganna wada!! rajaye ispirithala wala leddu gana balanna welawak naha.
A yako Nidahas Adyapanaya Malagama kale UNP Premadasa neda, Oya tire dakkama mata mathak wenne eka
gr8 article.
Ragama private medical college eke A/L arts ayath hitiya !! Oka thamay SL piliwela!!!
රාගම ඔය කියන එක තිබ්බ තැන කොහෙද දන්නෙ නෑ නේද?
ඒ තිබුනෙ වෛද්‍ය උපාධියක් නෙමෙයි අනික කළා විෂයධාරාවෙන් කැම්පස් යන මට්ටමට ලකුණුගත්ත ලමයි විතරයි ශ්‍රවන චිකිත්සක කියන කොටසට ගත්තෙ. අනික ඒ ළමයි සමාන කරන්න බෑ මාලබේ උපාධි කඩේ ඉන්න උසස්පෙළ සමත් වෙන්නවත් බැරි මීහරක්ට.
Ops friend.
Don’t mind me telling this to you.
But your mouth is like a sharp knife. Don’t you figure out your words are hurting
other people?
And I also have friends in SLIIT , and sometimes they are more genius than UoM Computer
Engineering people. Believe me, so we can’t measure skills or expertise like that.
දැන් එන්ගලන්තෙ ලන්ඩන් උ/පෙ කරල SSS ගත්ත උන් එහෙ මෙඩිකල් ෆැකල්ටියට ගිහින් තියරි හොයලා , හදල එව්වම මෙහෙ ඉන්න උන්ට උක පුඩ දගෙන පිලිගන්න පුලුවන්.. එවා අති විශිශ්ටයි..මෙහෙ මෙඩිකල් ෆැකල්ටියක් දැම්මම හෙන කැහිල්ල..අනේ යකෝ ඉන්ටෙර්නෙට් එකෙ බලපන් ලොකේ දියුනු වෙච්ච හැම රටකම තියන යුනිවෙර්සිටි ගනන.. එන්ගලන්තෙම 115 විතර…..
සක්විති හරි. ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ද වෙන්නේ සම්පුර්ණයෙන්ම උන්ගේ තියෙන කුහකකමයි ඉරිසියාවයි හින්ද. තමන්ට තියෙන වරප්‍රසාද තවත් අයත් බුක්ති විඳිනවට මුන් කැමති නෑ. ලෝකේ මුල්ම ප්‍රයිවට් කැම්පස් එකද ඔය මාලබේ තියෙන්නේ. වෙන රටවල්වල ප්‍රයිවට් කැම්පස් නැද්ද. එදා කොමියුනිස්ට් කියපු රටවල් අද වෙනකොට මේවයින් කොච්චර විදේශ විනිමය හොයනවද. මේ කාලකන්නින්ට බය නොවී තව විශ්ව විද්‍යාල වලට අවසර දෙන්න ඕනේ.
බ්ලඩි බගර්ලාගෙන් මීට වඩා යමක් බලපොරොත්තු විය නොහැකියි. දැන් ඉන්න උසස් අද්යාපන ඇමතිවරයාත් ලේකම්වරයාත් වි.වි.ප්ර.කොමිසමේ සභාපති ගොයියාත් වැටෙන්නේ ඒ ගණයටම තමා. ඔක්කොම බ්ලඩි බගර්ස්ලා. මොවුන් මේ රටේ අහිංසක දුප්පත් බදුගෙවන ජනතාවට ලැබෙන දේ සීමා කොට සල්ලිකාරයින්ට පමණක් ලබා දෙන්නට කටයුතු කරමින් සිටින්නේ. උතුම්ම අධිකරණයෙන් කියලාක් සෙඩ්ස්කෝ ප්රශ්නට තවම විසන්දුමක් නෑ. සරසවි ඇදුරන් දේශන ශාලාවලට යවන්නට පියවරක් ගන්නේ නෑ. මේවා බ්ලඩි බගර්ස්ලාගේ වැඩ නොවේනම් වෙන මොනවාද?
බගර් යන ඉංග්රීසි වචනයේ තේරැම ශබ්ද කෝෂයකින් බලා ගන්නවා නම් හොන්දයි.
මෙතුමාගේ කතාව කියන කතාව අගය කළ යුතුයි. ලංකාවෙ දැනුම පිරුනු තැනක්. ඒ පිරිල තියෙන දැනුම රටේදරුවන්ට ඛෙදලදෙන්න තරම් පහසුකම් අපේ රටේ නෑ.අපි දැන් කළයුතුදේ ඒ පහසුකම් ගොඩනගන එක. රටේ ප්‍රධාන වෘත්තීන් වලට පැමිනිය යුත්තේ දැනුම ඇති අය. උසස් පෙළ නිකන් පාස් තුනක් ගන්න බැරි මීහක් ඇයි අපේ රටේ වැදගත් යැයි සම්මත රැකියාවලට අරගෙන ජනතාවගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හදන්නෙ?
මමනම කියන්නෙ මූලික උපාදිය( bachelor) ලංකාවෙ උපාධියක් නෙවෙයිනම් කිසිම රජයේ රැකියාවකට ගන්න එපා. එහෙම රැකියා දෙන හෙනේ තමයි අපේ ලමයි පාරෙ වේලෙන්නෙ. බොහොම සරළයි පිටරට ගිහිහින් වෛද්‍ය උපාධිය අරන් ආවට මෙහෙ රැකියා දෙන්න එපා. M.B.B.s srilanka නෙවෙයිනම් රැකියා දෙන්න එපා.
ඒ වගේම පෞද්ගලික වෛද්‍ය උපාධී කඩවලට ලංකාවෙ උපාදිය දෙන්න ඉඩක් දෙන්නත් එපා.
Ha Haaa!!! Oya kiyana hatiyata lamayek AL fail wunahama uta aye kohewath gihin igena ganna baha, igena gaththath lankawe doctor kenek wenna baha. oka thamai oyalage oluwata gahala thiyana hene!! hithan inne AL pass una kiyala okkoma karaganna puluwan kiyala. Apith colombo wala AL karala hoda result aran eth Uni yanna bari una. Ithin rata gihin aluth dewal igena gena enakota apita thanak nadda!! nikan moda katha kiyanna epa!!
If we completely done according to what you told , then you won’t be able to
use internet that you using now.
Either you won’t have electricity, do you know my father is a Engineer [not a design,but
filed engineer] when Samanalawava project was going on. And he told me most of the engineers
who at the design level are not Sri lankan MTech or MEng people. They are imported from
UK and USA. If not them we won’t be able to finish that project. Are you nuts?
What are you talking about?
If you could ,be friendly with white people and learn their technology and bring that
technology to here. That’s a good thing. But there is something that …your actions
are always louder than your words.
There is a reason why our Educational system can’t emit that kind of engineers with
that kind of specialty ?
We got robotic engineers [ there are thousands of unemployeed BTech completed guys
and girls who are graduated on Mechartonics ] , but we still giving our underwater
oil drilling operations to India. Why is that? Could you explain ?
There is a difference. We and our engineers lack the experience.
OBAGEY WAYASA API DANNEY NAHA…NAMUTH KATH KORANA VILASAYEN PENENAWAA THARUNAI KIYALA….AL PASS WELA KIYALA….MEDICAL COLLEGE KIYALA….HABAI ITHAMATH DUSHTA MANASAK THIBENNEY…OBATA PASUWA SITINA SISUWAA SELECT KARA NOGATHTHEY MARK 3 ADU NISAA NAM…. OHU MODAYEKDHA …. KUMAKDHA WENNEY OHU FOREIGN DIGREE EKAK GATHTHAHAMA……KUHAKA KAMEN PIRILA….LANKAAWATA BADUMA THAMAI
පෞද්ගලික වයිද්ය විද්යාලයක් ප්‍රමිතියකට හෑදුවාට කම් නෑත.එය මුදලාලිලාගෙ අතට ගියොත්,ලෙඩුන්ට දෙවි පිහිට විතරයි.
@Fernando
අනේ පරනැන්දුවෝ ,
උඹ ජීවත් වෙන්නේ ලංකාවේද?
ඕක මේ කපේදී
‘මේ සිංහල බෞද්ද රටේ’
වෙන්නේ නැති වැඩක්!
රාගම අපරදිග වෙද කඩේ අරින කොට,
සම්මුක පරීක්ෂණ තියල තෝරන්නේ නැතිව,
වෙද විදුහලට නොතේරුන ඩෙන්ටල් ලිස්ට් එකේ පලවෙනියගෙන් ”ගෙවල වෙද කඩේට එනවද?” කියල අහල, එයා ”අනේ මට මුදල් නැති නිසා බැහැය” කිව්වොත් දෙවනියගෙන් අහල, ඒ පිලිවලට යන්න,
එතකොට සාධාරණ නේ කියා,
ඒ කාලේ එයට විරොදේ දක්වපු බටහිර වෙද සිසුන් කරපු ඉල්ලීම,
රාගම ලොක්කෝ ප්‍රතික්ෂේප කාලය කියල
මගේ යාලු අපරදිග ඩොකෙක් ඒ කාලේ කීව,
මට මතකය.
පටන් ගන්න කොටම
තේරීම අසාධාරණ වෙන කොට
ප්‍රමිතිය ගැන කවර කතාද?
සමහර විට මම එතරම් උගත් නොවන නිසා මේවා නොතේරෙනවා වෙන්ඩ පුළුවන්, නමුත් මට මෙතන කොම්මෙන්ට් දාන මහදැන මහත්තයෙකුට කියල දෙන්න පුලුවන්ද මේ සිංහල බවුද්ද දැනුම පද්දතියක් නිර්මාණය කර ගත්තම මේ ඔක්කොම ප්‍රශ්න නිරාකරණය වෙනවා කියල හැම තිස්සෙම කියන දේ මොකක්ද කියල. මම දන්නා විදියට අපි සිංහලයෝ විදියට නම් අමුතු දැනුම පද්දතියක් නිර්මාණය කරගෙන නැහැ. අපේ රජ කලේ ඉඳන් තිබ්බ ගොඩක් ගොඩ නැගිලි, වැව්, වෙදකම, යුද කලාවන් සහ අපේ ආගම් (බවුද්ද විශේෂයෙන්ම), සංගීතය, නැටුම් … මේවා ඔක්කොම ඉන්දියාවෙන් අපු දේවල් හෝ ඉන්දියාවෙන් ඒවගේ අඩිතාලම උඩ අපි ගොඩනගපු දේවල්. එහෙම නැතුව අපි සම්පූර්ණයෙන්ම ස්වාදීන දැනුම පද්දතියක් ගොඩ නගල එක පාවිච්චි කරලා කරපු දේවල් නොවෙයි. ඊටත් පස්සේ කාලේදී ආපු බටහිරයෝ අපිව බටහිර දැනුම පද්දතියට විවුර්ත කලා, ඊටත් අමතරව චීනය වගේ වෙනම දැනුම පද්දතීන් නිර්මාණය කළ ශ්‍රේෂ්ට ශිෂ්ටාචාර ඒවා ලෝකයට දයද කරන විට අපි කිසිවක් ලෝකයට දායාද කලේ නැහැ කියන එක පිලි ගන්න වෙනවා , ඉතින් අපි ඒ දැනුම පද්දතිය උඩ තමා ගොඩක් දේවල් අද නිර්මාණය කරගෙන තියෙන්නේ. එක නිසා අපි පවුද්ගලික වුනත් රාජ්‍ය උනත්, බිහිවෙන මොන විශ්ව විද්‍යාලයක් ගත්තත් නිර්මාණය වෙන්නේ ඒ දැනුම පද්දති උඩ ඉඳගෙන තමා. එහෙම නැතුව රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් බිහිවෙන කට්ටිය දේශීය සිංහල බවුද්ද දැනුම පද්දතියක් බිහිකරන සහ පවුද්ගලික විශ්ව විද්‍යාල වලින් විජාතික කුමන්ත්‍රණ කාරයෝ බිහි වේවි කියන දේ දැන් මිනිස්සුන්ට එච්චර මාර්කට් කරන්න පුළුවන් සටන් පාටයක් නෙවෙයි. මේ දොස්තර මහත්තයත් අන්තිම වශයෙන් තමන්ගේ බමුණු කුලය සහ දොස්තර වුර්තියට තවත් කට්ටිය එකතු වෙලා තමන්ගේ ඩිමාන්ඩ් එක අඩු කර ගන්න කැමති නැති නිසා මෙහෙම බොරුවට පුද්ගලික විශ්ව විද්‍යාල වලට බනිමින් හිටියට එතුමාගේ ළමයෙකුට උනත් රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනොත් එතුමත් ලමයව මේ විශ්ව විද්‍යාලයකට දමනවා සිකුරුයි
ඔය දැනුම පද්ධති කියන්නේ ලොවෙත් නැති විහිළු බං… රට වටේට මුහුද තියන් මාලුවෙක් අල්ලන් ටින් කරගන්න බැරිව ලඟක් වෙනකම් හිටිය අපට මොන දැනුම පද්ධති ද…??? මුන් හිතන් ඉන්නේ මුන්ගේ තිබුණු ඔක්කොම සුද්දා අරන් ගියා, සුද්දා ආවේ නැතිනම් මුන් මීටත් වඩා දියුණු ජාතියක් වගේ මෝල් හීන…. අදටත් සැලසුමක් ඇතිව වැඩක් කරගන්න බැරි ගොන් හරක් ටිකක් ඉන්න ලංකාවේ විශ්ව විද්‍යාල තියෙන්නේ කට පාඩම් කරපු ඔස්තාර්ලට මිසක්, රටට දයට වැඩක් කරන්න ප්‍රමාද වී හෝ උසස් අධ්‍යාපනය ලබන්න කැමති හිතෛෂීන්ට නෙමෙයි… A /L exam එකෙන් විතරක් කැම්පස් යන නොයන එක මනින අපේ රටේ system වල මේ කපේට අවශ්‍ය ප්‍රමාණයට උගත්තු බිහිවෙන්නේ නෑ…
@Chinthaka
ලංකාවේ අපරදිග මෙඩිකල් පැකල්ටි වලට තෝරන කොට,
දෙමල සිසුනට වුනාය කියන අසාධාරණ ගැන,
උඹ ලියපු දෑ අරබයා, මා මෙහි,
එකින් එක උඹේ කරුණු අරන්,
උඹට පිළිතුරු දක්වමි.
Chinthaka says හරි පිටරට වැඩ කරන ලංකාවේ බටහිර ඩොකාල ඔයාට information දුන්න නම්, මෙතන තර්කය මොකද්ද…?? සම්මුඛ පරීක්ෂණ ගැන ද…?? ඔය සම්මුඛ පරීක්ෂණ කෙරුවාව ඕස්ට්‍රේලියානු කලාපයේ නම් ඔහේ කියන පදනමෙන් තියෙනවා කියල මම අහල නෑ…. මිනිස්සු ඕනෑම දෙයක් ගැන විවිධ අර්ථකර්තන දෙනවා… තමන් දාගෙන ඉන්න කන්නාඩිය අනුව…. අනික උඹට කට්ටිය විවිධ දේවල් කිව්වත් උඹ ගන්නේ උඹේ මතයට ගැලපෙන ටික විතරයි… මට නම් ඔය කියනවා වගේ අසාධාරණ ක්‍රමයක් ගැන කවදාවත් අහන්න ලැබිල නෑ…Chinthaka
ඔස්ට්‍රලියාව ගැන වනන උඹ නම් ඔස්ට්‍රලියාවේ පස් පාගපු එකෙක් නම් වෙන්න බැරිය.
මෙතන තර්කය තමයි,fierce competition තියෙන මෙඩිකල් පැකල්ටි වලට තෝරන subjectiveසම්මුක පරීක්ෂන (ඔස්ට්‍රලියාවද මේ ක්‍රමය අනුගමනය කරයි) කරන panel එකේ ඉන්නේ 99% ක්ම සුද්දෝ!
එහේ තියෙන මෙඩිකල් පැකල්ටි වලට සම්මුක පරීක්ෂනෙන් විතරක් අසමත් වුනොත්,එයට හේතු අසමත් වූ සිසුව ඉල්ලා හිටියත්, feed back කරන්නේ නෑ, අර අසමත් වුන සිසුවාට.”අවාසනාවකට මෙන්, තරඟය වැඩි නිසා, ඔබ සම්මුක පරීක්ෂනෙන් පමණක් අසමත් වුනි” කියල තමයි feed back ඉල්ලුවහම ලියුම එවන්නේ!(මේවා facts හොඳේ).
හේතුව, හරියට feed back කලොත්, වැරදි හදා ගෙන ඊළඟ පාර පාස් වෙන්න පුළුවන් නිසා.එහෙම වුනොත් හරි, 100% objective assessments වලින් පමණක් තේරුවොත් හරි ,සුදු පොඩිවුන්ට වඩා මහන්සි වන ඉන්දියානු චීන සිසුන් වැඩියෙන් ඇතුළු වෙන්න පුළුවන්.ඉතින් ආසන්න වශයෙන් ජනානුපාතේ තියා ගන්න හොඳම ක්‍රමේ තමයි සම්මුක පරීක්ශනේ.
නමුත් ලංකාවේ 1960 ගණන් වල සම්මුක පරීක්ෂණ practical නැති කලේ දෙමල සිසුනට පක්ශාග්රාහිව ලකුණු දීම නිසා. ඒවගේම බාසාව අනුව ලකුණු ප්‍රමිතිකරනේ 1972 ගෙනාවේ,සිරිල් මතෙව් පාර්ලිමේන්තුවේදී පෙන්න දුන් සේ (ref Habzard on Diabolical conspiracy) දෙමල වුහගත රචනා මාදිලියේ (උදා; මදුරුවාගේ ජීවන චක්‍රය in Zoology 1972) උත්තර වලට ලකුණු දෙන marking sheme එක lenient විදියට ලකුණු දීමට, දෙමල ගුරුවරුන්ට වෙනම marking scheme එකක්, කුමන්ත්‍රණ කාරී ලෙස යවා තිබීම.
ඉතින් බාසාව අනුව ලකුණු ප්‍රමිතිකරණේ කරලා, ඊට පස්සේ දිස්ත්රික පදනම ද ගෙනල්ල,අන්තිමට වුනේ මේ රටේ 1972 ට පෙර අපරදිග මෙඩිකල් පැකල්ටියට, 50% ක් පමණ ප්‍රතිශතයක් ඇතුළු වුන දෙමල සිසුන්, 20% දක්වා ජනානුපාතෙට ආසන ලෙස අඩුවී, සිංහල සහ මුස්ලිම් සිසුන්ගේ ඇතුළුවීම ජනානුපාතෙට ආසන්න ලෙස වැඩි වීමයි.
දැනුත් මොන ස්කෝර් එක දැම්මත්,අන්තිමට බලන්නේ ඒකයි.subjectiveසම්මුක පරීක්ස්සන තියල බටහිර ලෝකේ කොහෙත් වෙන්නෙත් එකයි.බටහිර ලෝකේ ඉන්න ඉන්දියානු සහ චීන සිසුන් මේක දන්නවා ,නමුත් උඩ පනින්නේ නැනේ,ජනානුපාතේ සාධාරණ නිසා.
නමුත් උඹල ”මේ ජනානුපාතේ බැලිල්ල නිසා දෙමල සිසුන්ට අසාධාරණයක් වුනො” කියල
උන්ව කුලප්පු කරනවා.
චින්තක
මා හොදාකාරවම දන්නවා කෑනඩාවෙ දොස්තර කෙනෙක් වෙන්න වසර 4ක උපාදියක් අවශ්ශයි. ඉන්පසු එම්කෑට්( MCAT) විබාගයද ඉහලින්ම සමත් විය යුතුයි. ඉන්පසු සම්මුක පරීක්ශන කීපයක් තියෙනවා. ඒවට හුගක් ඉන්නෙ යුදෙව්වො. උන් අපේඋන්ට කෑපිල්ල දමනවා.එයිනුත් තේරුනොත්, තව වසර 4ක් මෙඩ් ස්කූල් එකක ඉගෙන ගන්න ඕනෑ. ඈමරිකාවෙත් තත්වය මේ හා සමානයි.
@Fernando
Chinthaka ට ඕක තේරෙන්නේ නෑ.තාමත් ‘ඔස්ට්‍රලියා සුරන්ගනා ලෝකේ’බයිලා තමයි ලියන්නේ.
http://www.youtube.com/watch?v=2UNRZPymLAs
Mata Hithena HAti….Ombata mona rajathumada kiwwe waw hadanna ape thakshanaya madiynaya ehinda indiawenuth ewa illagaththya kiyana eka….Mati moolo Indiaweth ne ewge hadapu wawak hoyaganna. Thiyenawa ewa nikan ape pokunu wage…Ape dewal 2.50 ta dala katha karanna issela edawas wala ape rate karapuwai anith ratawal karapuwai COMPARE korapita…MATA SURE NE UMBA SB DA KIYALATH…..
මට උඹට ඉතිහාස පාඩම් කියල දෙන්ඩ වෙලාවක් නැති වීම ගැන සමාවන්න, කෙසේ නමුත් උඹ ඉන්ටෙර්නෙට් එකේ සර්ච් එකක් දැම්මොත් ඕනේ තරම් පෙර අපරදිග රටවල් වල තිබ්බ පැරණි ශිෂ්ටාචාර විසින් කල වැව් වගේම තවත් ශ්‍රේෂ්ට නිර්මාණ ගැන ඕනේ තරම් සොයා ගන්න පුළුවන්, එකට ඔය ආණ්ඩුවෙන් ගහල දෙන ඉතිහාස පොතෙන් ටිකක් එපිටින් සොයන්න වෙයි. මගේ තර්කය වන්නේ අපි වෙනම දැනුම පද්දති නිර්මාණයට කලින් දැනට තියෙන දැනුම පද්දතියාවත් හරියට අද්‍යනය කරන්න කියලයි. එකෙන් කිසිම හානියක් වත් අපේ දේශීයත්වයට බලපෑමක් වෙන්නේ වත් නැහැ. අපි අනිත් දැනුම පද්දති හොදින් හැදෑරීම වගේම ඒ දැනුම පද්දති වලට අපේ දේශීයත්වය ආරෝපණය කිරීමත්, ඒ මගින් අලුත් දේවල් නිර්මාණය කිරීමේත් කිසිම වැරද්දක් නැහැ. අපේ අතීත රජ දරුවෝ කලෙත් එකම තම, එදා හිටිය බුද්දිමත් මිනිස්සු ඉන්දියාවෙන් වගේම තවත් රට වලින් ලබා ගත්ත අද්‍යාපනය අපේ දේශීය නිර්මාණ කිරීමට යොදා ගත්ත වගේම එය හොදින්ම කල, එහි කිසිම වැරද්දක් නැහැ. නමුත් මේ ලිපියෙන් කියන පරිදි අලුතෙන්ම රෝදය නිර්මාණය කිරීමට උත්සහ කිරීම මෝඩකමක් මිසක් දේශප්‍රේමයක් නෙවෙයි. අපිට දියුණු වීමට නම් අනිවාර්යයෙන්ම පුද්ගලික අද්යාපනික ආයතන වගේම වෙනත් රට වල සිටින උගතුන්ගේ සහය සහ ඔවුන්ගේ දැනුම ලබා ගැනීමත් අවශ්‍ය වෙනවා, ඒ වගේම ලංකාවෙන් වෙන රට වලට ගොස් එම රට වල දැනුම සහ අද්යපනයත්, අවුරුදු ගණනාවක අත්දකීමුත් ලබා ගත අපේ මිනිස්සුන්වත් නැවත ලංකාවට ගෙන්වාගෙන ඔවුන් ගේ උසස්පෙළ පරතිපල සහ ඔවුන් ඉගෙන ගත්තේ පුද්ගලික ද නැත්නම් රජයේද කියන මගුල් සොයන්නේ නැතුව ඔවුන්වත් අපේ දියුණුවට යොදා ගන්න වෙනවා. මේ ළිං මැඩි ආණ්ඩුවට සහ තමන් ඔක්කොම දේවල් දන්නවා (ලෝකේ ඉන්න අනිත් රටවල උගත්තු මෝඩයෝ කියල) කියල හිතන් ඉන්න ඔවුන්ගේ දේශප්‍රේමී ඇමති මණ්ඩලේට නම් එක කරන්න බහ, ඒ සඳහා රටට ඇත්තටම ආදරේ විවුර්ත මනසක් තිබෙන නායකයෙක් අවශ්‍ය වෙනවා. එහෙම කෙනෙක් දැනට නම් පේනතෙක් මානෙකවත් නැති බව නම් මට විශ්වෂයි.
මේක ලියන බටහිර ඩොකා,
‘අපේ දැනුම් පද්දතිය රැක ගනිමු’ කියන්නේ,
කැලණිය ඇත්තෝ භාවනා කරලා,
මේ රටේ පෙරදිග ඩොකාලගේ වැඩ
අනාගතේදී පෙන්නනවා කියන එකයි.
එතකොට කවුරුත් අපරදිග ඩොකෙක් වෙන්න පොර කන එකක් නෑනේ.ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවා.
මේ මහත්තය ඉන්නේ කොයි ලෝකෙද දන්නේ නැහැ. මේවා හොඳයි ලංකාව ඇතුලේ ඉඳන් හීන බලන ලිං මැඩියන්ට.
ලංකාවේ තියෙනවා කියන දැනුම දීල මොනවා කරන්නද?
මේ රටේ හොඳින් ඉගෙන ගන්න වැඩි දෙනා පිටරට ගිහිල්ල ඩොලර් හම්බ කරන්නේ. ලංකාව අද දුවන්නේ ඒ සල්ලි වලින්.
තවත් සමහර ඔල මොට්ටල මැට්ටෝ හිතාගෙන ඉන්නවා ප්‍රයිවෙට් යුනිවර්සිටි වලින් සල්ලි දීල උපාධි ගන්න පුළුවන් කියල.
සල්ලි වලට තමයි ඕනෑම විශ්ව විද්‍යාලයක් පවත් වාගෙන යන්නේ. ඔය තමුන්නහෙලා කියන රජයේ ඒවටත් දුප්පත් අපි සල්ලි දෙනවා. මහජනයාගේ මුදල්.
ඒ මුදල් ලැබෙන්නේ නැති ඒවා ඉගෙන ගන්න එවුන්ගෙන් සල්ලි ගන්නවා.
දැන් ලංකාවේ තියෙන්නේ අන්තිම විකාර සිස්ටම් එකක්. හැම මිනිහම හැම දෙකින්ම බදු ගෙවනවා. ඒ බදු වලින් රජයේ වී. විද්‍යාල පවත්වාගෙන යනවා.
තමන්ගේ සල්ලි වියදම් කරගෙන පිටරට ළමයි යවල උගන්නන මිනිස්සුත් මේ රටේ විශ්ව විද්‍යාලවල නිකන් ඉගෙන ගන්න ළමයින්ටත් තමන්ගේ මුදල් වියදම් කරනවා.
පුද්ගලික අංශයේ මිනිස්සු තමන්ගේ වැටුපෙන් / අදායමෙන් සැහෙන කොටසක් බදු ගෙවන වා.
ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල ඉන්න බහුතරයක් මෝඩයෝ එකවත් තේරුම් ගන්නේ නැතුව පෙළපාලි යනවා.
ඉන්දියාවේ පුද්ගලික ආයතන වලින් පාස් වෙන් උන් ලක්ෂ ගානක් මැද පෙරදිග සුපිරි පඩි ගන්නවා. ඒ සල්ලි වලින්ම කේරලය අද පොහොසත් ප්‍රාන්තයක්.
ලංකාවේ පුද්ගලික ආයතන තිබුනේ නැත්නම් ඔක්කොම මිනිස්සුන්ට ආණ්ඩුවේ රස්සා දෙනවද?
ඒ වගේ පුද්ගලික විශ්ව විද්‍යාල දැම්මම පුළුවන් එවුන්ගේ ළමයි ඒවාට යනවා.
එතකොට තව තවත් ඇත ගම්වල දුප්පත් ළමයින්ට ආණ්ඩුවේ වී.විද්‍යාල වලට එන්න ඉඩ විවුර්ත වෙනවා.
ඔය නිදහස් අද්යාපන කෑල්ල ගෙන කැගහන්නේ කුහක කමට.
උන් බයයි තමන්ගේ හැකියාව ගැන. තව එකෙක් හරියට ඉගෙන ගෙන අවොත් උන්ව කැපෙයි කියා සැහෙන බයක් තියෙනවා.
blody bugger
amma thaththath yavannada lesti
What is the assurance that all state medical colleges give proper training. eg.Rajarata campus does not have a Prof unit,
මම හිතන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිට වීම වරදක් නෑ කියලයි. නිදහස් අද්‍යාපනය සුරැකීමට පුද්ගලික වෛද්‍ය විද්‍යාල නොපිහිටවීමෙන් පමණක් හැකි වන්නේ නෑ.නිදහස් අද්‍යාපනය කඩ වැටීමට අනෙක් අංශ වලත් පුද්ගලික උපාධි කඩ ඇති කීරීමත් බලපානවා. ඉන්ගිනේරු, පරිගණක,නීති, කළමනාකරන , ආදී අංශ වල ඉස්සර ඉඳලම උපාධි දුන්නා. එම අවස්ථා වල අද මේ අද්‍යාපනය සුරකින්න මහන්සි වෙන මහත්වරු කොහෙද හිටියේ.වෛද්‍ය පීටයේ උදවිය කීවේ ආර්ට් (කලා) කරන උන්ට වැඩ නෑ, ඒ හින්ද උන් හැම දේටම උද්ගෝෂණය කරනවා, අපි එහෙමද ඝම්බීර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ ඒ නිසා අපි නම් ඕවට නෑ කියලයි.වුර්තියක් ලෙස වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් නමුත්, අනෙක් සස්ත්රීය විෂයන් සමග සැසදු විට විෂයක් වශයෙන් එය ගම්බීරද? ඌනම අයකුට ඕනෑකම ඇත්නම් ඉගෙන ගත හැකි විෂයක්. යටත් විජිත සමයේ වහල් මානසිකත්වය සමග සුද්ද දුන් වුර්තීන් පිළිබද අසාමාන්‍ය ගෞරවයක් මිනිසුන් අතර ඇති උනා.ගමේ වෙදාට නැති ඝම්බීරත්වය දොස්තරට අවේ එහෙමයි.
ඔවුන් වෛද්‍ය වරුන් වූ විට කිසිම අනුකම්පාවකින් තොරව, පොඩි දේටත් මිනිසුන් බිල්ලට දී වර්ජනය කරනවා. වැඩියෙන් වැඩ කරනේ පුද්ගලික රෝහල් වල. ඒවා සදාරණීය කරණය කරන්නේ කොහොමද.ප්‍රමිතියක් ඇතිව පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම හොඳයි.එවිට මිනිසුන්ට විකල්ප ඇති වෙනවා. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය තිබුණු කාලෙත් ඔය කියන අඩු සුදුසුකම් තියන අය ගත්තා. දැන් ඒ අය විශේසඥ වෛද්‍යවරු.සමහර විට ආචාර්ය මහාචාර්යවරු පවා ඉන්නවා. අනිල් ජාසිංහ, හෙක්ට වීරසිංහ වගේ උදවියත් රුසියාවෙන් ඉගනගෙන තියෙන්නේ.රුසියාවට කලා කරපු අයත් යනවා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න.උපාධියත් ගන්නවා.
අනෙක් අංශ වල උපදී කඩ වලින් දෙන විට නිදහස් අද්යපනයට ප්‍රස්නයක් නැත්තේය,පුද්ගලික වෛද්‍ය විද්‍යාල අතිකීමෙන් පමණක් ඊනියා නිදහස් අද්‍යාපනය සුරකෙන්නේය යන මිත්‍යාවෙන් බැහැර වෙන්න.
If we think about Sri Lankeeyathwaya, It is thwe time to commence National University (Jatika Vishwavidyalaya) that concist of Sri Lankan Medical / Engineering / Agricultural / Technological and so on universities.
That is a must.
පෞද්ගලික වෛද්‍යය විද්‍යාලයක් අපේ රටේ බිහිකරනාවට අකමැති කුහක වෛද්‍යයවරු තමන්ගේ ළමයි කොහොමහරි පිට රට යවල වෛද්‍යය වරයෙක්/වරියක් කරගන්නවා. ආණ්ඩුව අනේ අපේ ළමයි පව් පව් කියා කියා කිඹුල් කඳුළු හැලුවට මෙතන තියෙන්නේ වේනම් නියාය පත්‍රයක්.පාගා ගහන්න කොමිස් ගහන්න කොන්ත්‍රාත් ගන්න තමන්ගේ යාළුවො සතුටු කරන්න ඕවා තමයි එකේ තියෙන්නේ. ආණ්ඩුව හැබෑවටම ළමයි ගැන හිතනවානම් රජයේ විශ්වවිද්‍යාල පද්දති පුළුල් කරලා වැඩිපුර ළමයි ටිකක් වෛද්‍යය හා ඉංජිනේරු පීට වලට බඳවා ගන්න පුළුවන්. කිසිම වැඩකට නැති කළා උපාදිය හදාරන ප්‍රමාණය අවම කරලා ඒ වෙනුවට තාක්ෂණ විශ්ව විද්‍යාල බිහිකරන්න ඕනා. හන්බන්තොට හරක්ට යන්න හදපු ගුවන්පාලම්, මිහින් එයාර් එකට නිරපරාදේ යට කරන සල්ලි සහ කබ්රාල් ග්‍රීසියේ නැති කරපු සල්ලි ටික යෙදෙව්වනම් තව විශ්ව විද්‍යාල තුනක් විතර හදන්න පුළුවන්. වෛද්‍යයවරු පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා අපේ ළමයි ගැන ඇතිවෙන කැක්කුම ඔය පඩි වැඩිකරන්න කියා කියා strike කර කර ලෙඩ්ඩු මරනකොට පහල වෙන්න කියල පාර්ථනා කරනවා. ආණ්ඩුවත් කුහකයි.වෛද්‍යයවරු ඊට වඩා කුහකයි. දැන් විපක්ෂේ ඉඳන් කෑ ගහන හැම ලපයි සිපයියලත් උන්ගේ ආණ්ඩුවක් ආපුදාට කරන්නෙත් ඕකයි.
කොලු ගැටයා
GMOA එකේ කට්ටිය වැඩ වර්ජනේ කලේ,1970 ගණන් වල ඉඳන් ආණ්ඩු වලින් කල අසාධාරණ පිස්සු වැඩ වලට විරුද්දව සාධාරණය ලබා ගන්නයි.එහෙම නොකලා නම් අද මේ රටේ වැඩ කරමින් ඉන්න බොහෝ හොඳ ඩොකාල රට දමා ගිහින්.
ඉන්දියාවේ වගේ,
පුද්ගලික බටහිර වෙද උපාධි කඩ දාල,
මුදල් සහ බලය මත සිසුන් තෝරා,
ඉන් පිට වෙන එවුන්ගෙන් බහුතරය,
දැන් ඉන්න බටහිර ඩොකාලගේ සුළුතරයට වඩා,
ලෙඩුන්ව හූරන් කමින් පිස්සු කෙලිනවා සිකුරුය.
වෙද විදුහලට නොතේරුන dental ලිස්ට් එකේ පළමුවෙන් ඉන්න සිසුවාගෙන්,”මුදල් ගෙවා වෙද කඩේට එනවද” කියා අසා,”මුදල් නැති නිසා බැරිය” කීවම, දෙවෙනි සිසුවාගෙන් අසා ඔහු හෝ ඇය, හා කීවොත්, ඒ අනුපිළිවෙලට ඔන්න තෝරන ප්‍රමිතිය හොඳය.
නමුත්,ඒ කාලේ රාගම බටහිර වෙද කඩේ අරින කොට,ඒකට විරොදේ පලකල රජයේ අපරදිග වෙද සිසුන්ගේ එම ඉල්ලීම,රාගමට සිසුන් තෝරන මඩුල්ල විසින් ඉවත ලා,
සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් අති බහුතරයක් සිසුන් පස්ස දොරෙන් තොර ගත් බව,
මා හට ඒ කාලේ බටහිර ඩොකෙක් කීව මතකය.
තෝරණ කොටම වැඩ ඔහොම නම්
ප්‍රමිතිය ගැන කවර කතාද?
මාතර ආතර
ඔබත් සමග මා 100% එකඟයි.මේ රටේ, ඉහල ප්‍රමිතියකට අනුව, පුද්ගලික වෙද සිසුන් තෝරන්න ඕන හොඳම විදිය, ඕකම තමයි කියල,මේ රටේ ඉස්පිරිතාල වලට එන දුප්පත් / පොහොසත් ලෙඩුන්ගෙන් ඇහුවොත් කියාවි.
ඔය ප්‍රෂ්නය දිහා විවිද පැතිකඩ වලින් බලන්න පුළුවන්. කොහොම උනත් ඔය දොස්තරලා ටිකයි. මැටිමෝල් කැම්පස් කාරයෝ ටිකනම් ඔය ක ගහන්නේ රටට අදරරේට නම් නෙවෙයි.ඔවුන්ට ඕනේ ඒ ඒකාධිකාරය හැමදාම රටතුල පවතගේනයන්න. ඔලුව පහත්කරගෙන පාඩම් කරලා කරලා. ගෙකින් එළියකට ආසාවකට ඒ කලේ එලියට බහින්නේ නැතුව. මහලොකු සමාජ වාධි පිටින් නමක් හදාගත්තට. හධිස්සියකට ගමේ කොල්ලෝ එකතුවෙලා කරන අවුරුධුඋත්සවයකටවත් යන්නේ නැති අපේ කැම්පස් බුලට් (සමාවෙන්න මම මේ සඳහන් කරන්නේ හුදෙක් ඔය විප්ලව කරන මරාගන්න කැම්පස් බුලට් ගැන ) ඔය චාම්පස් එක ඇතුලට ගියාම වෙනස්වෙන එකනේ පුදුමේ. තමන්ගේ වේල නොකා එක දරුඅට දීල බඩගින්නේ ඉන්න අපේ අම්මල තත්තලා , කොහොම හරි උගන්න්නල බුලට් ල කැම්පස් එවන්නේ. චන්ඩි පාට් කොස් එකකට හෝ බෝඩ් උස්සන් කෑගහන්න නෙවෙයි. ඔය රටට ආදරේ බුලට් ගැන මොන කතාද. අඩුම තරමේ ජොබ් එකකට ගියාට පස්සේ එන අහිංසක මිනිස්සුන්ට හරියට තමන්ගේ වදෙවත් කරනවධ. අනේ බන් මේ වැඩක් බලාගෙන ගෙදරින් දෙනදෙයක් කාල වෙනදෙයක් බලාගෙන . ඕක ඇතුලට ගිහින් පිස්සු කෙලින්නේ නැතුව ඉගෙනගෙන ගෙදර මිනිස්සුන්ටත් සලකාගෙන රටටත් වැඩක් කරලා අන්න ඒකාලේ වෙද්දී මොනවහරි කරපල්ලා. මේ බොරු චණ්ඩිපාට් ගොන් පාර්ට් දන්නේ නැතුව අහිංසක අම්මල දුක් දෙන්නේ නැතුව. මේ අපේ රටේ මිනිස්සු ඔය හැමෝටම ඔය පවුද්ගලික ව්ශ්වවිද්යල පනතට ඩොන් ගිහින් තියෙන්නේ අයි කියල මිනිස්සුන්ට තේරෙනවා.
Doctor Ariyarathne…… The Medical Profession in this Country is British…..so what are you talking about imperialism….? The British education is prevailing all over the world….so what is the superiority of Sri Lanka Medical Colleges ….? You speak as if the whole world is depending on Sri Lanka for Medical Support…..
The importance for the Commonwealth Medical Institutions wer given by the British Medical Association…because those were their Colonies…. So..what crap are you talking ? If the British Medical Association decides that our system is not acceptable…. That is their education n Sri Lanka …… We are DOOMED…
THE COUNTRY PRODUCE ONLY 1000 MEDICAL GRADUATES PER YEAR….WHEN THE NEED IS AROUND 3000 – 4000 FOR PROPER MEDICAL CARE… AS A RESULT THE ANTI IMPERIALIST PATRIOTS CHURNING OUT OF UNIVERSITIES RAPE THE PATIENTS….. THE PRESENT RATIO IS 1: 1500 ……
PRIVATE MEDICAL EDUCATION IS THE NEED OF THIS CENTURY….WHATEVER THE ANTI IMPERIALIST BUDDHIST PATRIOTS ….ER ….ERS IN OUR BRITISH COLONIAL UNIVERSITIES SAY….. THE GOVT MUST GET ALL THE FOREIGN EDUCATED DOCTORS WHO DESIRES TO WORK IN SRI LANKA …….
ELSE IMMEDIATELY THE GOVT SHOULD BAN THE FREE EDUCATION …BUT CHARGE A FEE OF RS. 5,000,000 PER 6 YEARS OF EDUCATION THAT IS FUNDED TODAY BY THE TAX PAYERS IN THIS COUNTRY….. CREATE A LEVEL PLAYING FIELD…..
@ R Dias
SINHALA type google
@ R Dias
රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරන කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්‌ඩායමට පළමුවෙන් ප්‍රකාශ කළේ නාථ දෙවියන්ය. එතුමන් සමඟ හිඳිමින් වෛද්‍ය කරුණු සම්බන්ධයෙන් අපට උපදෙස් දුන්නේ විපස්‌සක දෙවියන්ය.
ඒ සියල්ල අප ලබාගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි.
ඒ මහත්මිය බටහිර වෛද්‍ය විද්‍යාව හෝ හෙළ වෙදකම හෝ දැන සිටි කාන්තාවක් නොවේ.
Prof N De Silva
copied from Irida DIVAINA 15/07/2012
@ R Dias
මේක ලියන බටහිර ඩොකා,
‘අපේ දැනුම් පද්දතිය රැක ගනිමු’ කියන්නේ,
කැලණිය ඇත්තෝ භාවනා කරලා,
මේ රටේ පෙරදිග ඩොකාලගේ වැඩ
අනාගතේදී පෙන්නනවා කියන එකයි.
එතකොට කවුරුත් අපරදිග ඩොකෙක් වෙන්න පොර කන එකක් නෑනේ.
ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවා.