කොටි කොඩිය බිම දැමූ අයෙක් ත‍්‍රිකුණාමලයෙන් ඉල්ලයි

දිනය 2004 වසරේ සැප්තැම්බර් මස දොලොස්වැනිදාය.

ස්ථානය ත‍්‍රිකුණාමලය නව උසාවි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවයි.

නැගෙනහිර කොටි බලය දළුලා වැඞී තිබිනි. කොටි ඊළමේ සිහින අගනගරය වුයේ ත‍්‍රිකුණාමලයයි. නගරයෙන් කොටසක පාලනය ශ‍්‍රී ලංකා රජය සතු වූ අතර වැඩි කොටස පාලනය වූයේ කොටි සංවිධානය මඟිනි.

අධිකරණ අමාත්‍යාංශයෙන් ඉදිකරන ලද නව උසාවි සකීර්ණය විවෘත කරන දින කොටි සංවිධානයෙන් නියෝගයක් නිකුත් කර තිබිනි. ඒ එදින උත්සවයට එසවිය යුත්තේ කොටි හිසක් පතරොම් කොපුවලින් වටකොට ඇති ලේ පැහැ පසුබිමක් සහිත කොටි කොඩිය බවටය.

මේ නියෝගයට එරෙහිව ශ‍්‍රී ලංකා ස්වෛරීත්ව සළකුණ වූ සිංහ කොඩිය ඔසවන්න තබා එවැන්නක් යෝජනා කරන්නටවත් ධෛර්ය ඇත්තෙක් අසලකවත් නොවීය. දෙමළ සහ මුස්ලිම් පක්‍ෂ නියෝජනය කරන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද පැමිණ කොටි නියෝගය ක‍්‍රියාවට නංවන්නට සැදී පැහැදී සිටියහ.

ලංකාවේ අගවිනිසූරු හා නීතිපති යන අධිකරණ කෙෂ්ත්‍රයේ ඉහළම නිල දරුවන් දෙදෙනා සහභාගි වූ මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබූණේද හින්දු සංස්කෘතික උත්සවයක අසිරි විදහාපාමිණි. තැන තැන රඹ තොරණ්ය. තැන තැන තැඹිළි වලු හා කෙසෙල් ගස්ය. සෑම තැනම පිරීතිරී පැවැතී ඇත්තේ හින්දු සංස්කෘතික උත්සවයක සැරසිලි හා මල්වැල්ය.

එහි ආරක්‍ෂාවට යොදවා සිටි ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශ සෙබළුන්ද තම හිසට ඉහලින් කොටි කොඩිය එසවෙන බව දැන සිටියද ලජ්ජා සහගත සාම ක‍්‍රියාවලියකින් පසු ඔවුන්ගේ කොදු බිඳී තිබිනි. හිස් බිමට බරවී තිබිනි.

කොඩිය එසවිය යුතු වේලාව වේගයෙන් ලංවිය.

ටොයෝටා ටවුන් ඒස් වර්ගයේ පරණ වෑන් රථයක් පැමිණියේ රියදුරා සහ තවත් එක් පුද්ගලයෙක් සමඟිනි.

සාමාන්‍ය සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසුනු කෙසඟ සිරුරකින් යුතු කාල වර්ණ පුද්ගලයෙක් වාහනයෙන් බැස්සේය. ඔහු වට පිට බැලීය. දෙමළ ජාතික දිස්ත‍්‍රික් ලේකම්වරිය, පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ සමව සිට කතා කලේය. පොලිස් නිළධාරීන් ඔහුට අචාර කලේය. සියල්ලෝම ඔහුට යම් සිද්ධියක කොටස් හොරෙන් මෙන් කීහ.

ගත වුයේ මොහොතකි. කෙටි දුරකතන ඇමතුමක් ගත් ඔහු කොටි කොඩිය අමුණා තිබූ ශ‍්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා විධානය බල පැවැත්විය යුතු කොඩි කණුව යටට ගියේය.

‘මේ ශ‍්‍රී ලංකාවයි. ඊලම නොවේ.’ කිසිදු දෙගිඩියාවක් නැත. වට පිට බැලීමක් නැත. සිහින දෙමළ ඊළමේ ලේ පැහැ කොඩිය කැබලි වී පාමුල වැටිනි. තවත් සුළු මොහොතකින් තම රියදුරා විසින් ගෙන දුන් අභිමානවත් ශ‍්‍රී ලංකා සලකුණ, සිංහ කොඩිය කොඩි කණුවේ ගැට ගැසිණි.

පිරිස ඉහලට ගත් හුස්ම පිටකර ගත නොහී බලා සිටිති. මේ නහරකාරයා පැය 24ක් ගෙවෙන්නට මත්තෙන් කොටි පිස්තෝල කල්ලියේ ගොදුරක් නොවන්නේ යයි කිව හැක්කේ කාටද?

ගැටගසන ලද සිංහ කොඩිය ඔසවන්න තරම් ධෛර්ය සහිත මිනිසෙක් නොනිල කොටි අග නගරයේ නොවීය.

කොනැත සිටියත් මැරෙන්නේ එක් වරය. කාල වර්ණ කෙසඟ තරුණයා මහත් ගෞරව සම්පන්නව ත‍්‍රිකුණාමලය අහසේ සිංහ කොඩිය අඟලින් අඟල එසැවීය. කොටි කොඩිය එසැවීමට සුදානම් වූ තැන සිංහ කොඩිය එසැවූ ධෛර්යවන්තයා විනාඩි කිහිපයක් සීරුවෙන් හිඳ එයට ගෞරවයද පල කලේය. බිමට නැමී තිබූ ආරක්‍ෂක අංශ සෙබලූන්ගේ හිස් උස් විය.

ඒ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් එකම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාය.

වාරියපොල හිමියන්ගේ ඉතිහාසය නැවත ලියවූයේ ජයන්ත විජේසේකරය.

එවකට සන්ධානයෙන් තරඟ කොට මන්ත‍්‍රී ආසනයක් දිනාගත් ජවිපෙ මන්ත‍්‍රීවරයා ඔහුය.

නැගෙනහිර සුරැකීමේ සංවිධානය හරහා සමාජ ක‍්‍රියාකාරිකයෙක් වූ ඔහු පසුව ජවිපෙ දේශපාලනයට පිවිසියෙකි.

මන්ත‍්‍රී විජේසේකරයන් උතුර සහ නැගෙනහිර වෙන්කිරීමේ ඓතිහාසික නඩුව මෙන්ම සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ගත් අධිකරණ ක‍්‍රියාවලීන්ගේ ප‍්‍රමුඛ ක‍්‍රියාකාරිකයෙක් විය.

කල් යාමේදී ජවිපෙ මතගැටුම් සමඟ කෙටි කලක් ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සිටියද ඔහු අද අත් හල නොහැකි යුතුකම වෙනුවෙන් නැවතත් දේශපාලනයට පිවිස සිටී. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් මෙවර පළාත් සභා මැතිවරණයට ඔහු තරඟ වදී. එදා කොටි කොඩිය බිම හෙලන්නට පෙර කෙටි දුරකතන ඇමතුමක් දුන් අය ඔහුට දේශපාලන නායකත්වය සපයයි. ඒ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශයයන්ය.

මෙවර සන්ධාන ලයිස්තුව තුල විජේසේකරයන්ට ඉඩ මදි විය. කොටි කොඩිය බිම හෙලූ ධෛර්ය තවමත් ඔහු තුලය. ඔහු ඓතිහාසික තීන්දුවක් යළිත් ගෙන තිබේ. ජාතික නිදහස් පෙරමුණේ පංචායුධය ලකුණින් ඔහු තරඟ වදී.

වීරයන් එසේය. අභියෝගය හමුවේ පලා යන්නෝ වීරයෝ නොවෙති.

අපි ඔහුට සුභ පතමු….

හිමි සූමඟුල් වාරියපොල පෙර දවස
කළ විකුමන් සිහිකර සතුරු අබියස
පා අබිමන් නංවා දද විජය ගොස
කළ විකුමන් ගෝකනපූර බල මෙලෙස

- ගුණදාස අමරසේකර

ඒ සම්බන්ධයෙන් 2004 වසරේ දිවයින පුවත්පතේ පලවූ සටහනක් මෙතනින්

60,288 Viewers

123 Comments to “කොටි කොඩිය බිම දැමූ අයෙක් ත‍්‍රිකුණාමලයෙන් ඉල්ලයි”

  1. sandun dhammika says:

    US CIA and MOSSAD have special interest on this election.

  2. upal says:

    wish you all the best Jayantha….You are a great man…

  3. Naya says:

    ජය වේවා…

  4. භූතයා says:

    මුලින්ම කියනව මේ ක්‍රියාව කරපු ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත විජේසේකර මහතාට මාගේ ප්‍රනාමය…………….

    ඒ වගේම මම සී නිව්ස් වලින් අහනව ඇයි මේ චන්දයක් තියෙන වෙලාවෙ එම පක්ෂයටම අදාල පුද්ගලයෙක් තම පක්ෂයේ අපේක්ෂකයෙක් ගැන ලියන ලිපියක් පලකරන්නේ ඇයි කියලා……………

    මම නම් දකින්නෙ මේක අනියමින් කඩේ යාමක් විදිහටයි !

    • Hadagasma says:

      We must salute this gentlemen. C news done there job. Why you complaining?

      • dumindu says:

        මේ වගේ කෙනෙකුට කඩේ යාමට ලජ්ජා වියයුතු නැත. c news කරපු වැඩේ කිසි වැරද්දක් නැහැ. අගයකලයුතු අය අගයකලයුතුයි මොන පක්ෂයේ හිටියත්. මේවගේ අය පුළුවන් තරම් promote කරලා දිනවන්න ඕන.

    • Chin says:

      Cant you understand the Govt. has not given the chance in their list to this Hero.
      Hence we have to know about him and support him. LCN has done its duty very well.

  5. වීර සිOහලයෙක්.

  6. patriot says:

    Best wishes !

  7. ch says:

    jayawewaaaaaaaaaaaaaaa

  8. wajira says:

    කාලෙකට පස්සේ අදහසක් දක්වන්න හිතුවා. මෙවැනි නිර්භීත සහෘදයෙක් අද කාලයේ සිටීම වාසනාවක්. අද අප අතර නැති අයුක්තියට විරුද්ධව තනියම හෝ නැගී සිටීමට ධෛර්යමත් කමක් මෙතුමාට තිබීම අපි අගය කල යුතුයි.
    අවාසනාවක මෙතුමා වැනි කෙනෙක්ටත් සන්ධානයෙන් ඉඩක් නැති වීමම අද යතාර්ථය හෙළි කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ එම ධෛර්යය ජනිපෙ සහ අනෙකිත් ප්‍රගතිශීලි කියන නායක රොත්තට තිබේද යන්නයි..

    • haramanis says:

      me wage ayata thamai ida neththe. ewunata thangalle sabahapathi kahawaththe raju akuresse sabapathi wage unta onatharan ida thiyanawa. asiyawe ascharyaya.

    • Shan. says:

      මේ වගේ මිනිස්සු වෙනුවෙන් කඩේ ගියාම මොකද. අනික මේවගේ වේලාවකදී නේද මේවගේ මිනිස්සුන්ට කාලගුණ සලකන්න පුළුවන්. කාලකන්නි හොරුන්ට කගේ යන්නද කියන්නේ.

  9. IW says:

    Wish you all the best Jayantha. We didn’t even know this story.

    This article should be copied and emailed to all. These are the type of people who should be in Parliament.

    Can not believe he is not given nomination while thugs & cowards like Mervin Silvas, and rapists are nominated…

    Good luck to you!

  10. කෙළෙහි ගුන දන්න එකා says:

    ජවිපෙන් ගිලිහීගිය ඒ කාර්යභාරය ජාතික නිදහස් පෙරමුණ කරනවා කියලා අහන්න ලැබීම බුදුන් දහසක් බුදුවන උදේ පාන්දර අසන්නට ලැබුණ වාසනාවන්තම පුවතයි.අපේ රට කියන තරම් අවාසනාවන්ත නැත.කිනම් මොහොතක හෝ අවශ්‍යම වෙලාවේ වීරයාන් පහල වේ.ජයන්ත විජේසේකර අපේ කාලයේ වීරයෙකි.එතුමාට ජය වේවා

    • gona says:

      ජවිපෙන් ගිලිහීගිය ඒ කාර්යභාරය, jawipeta kisidineka oya adahas karana kaarya baarayak thibbe na, eyalata thiyenne wenama uwamanawak, rata gana hithana un tika yanthan ahakata panna, ee mee wage aya

  11. Nalaka says:

    විජාතිකයන්ගේ පස්ස ලෙවකමින් සිටි නාපුංෂක ආණ්ඩුවට කොටින්ට එරෙහිව දිවි දෙවැනි කොට දේශපාලනය කල පොදු පෙරමුණේම පාර්ලිමේන්තු වරයකු වූ ජයන්ත විජේසේකර වැනි අයකුට අපේක්ෂකත්වය දීමට ලය්ස්තුවේ ඉඩක් නොතිබුනේ එකල කොටි නායකයාගේ කටු ලෙවකමින් සිටි හකීම් ගේ පානෙන් අවජාතික පළාත් සබාවක බලය ගැන සිහිනයක සිටි බැවිනි.

    මෙවර මැතිවරණයේදී සිංහලයන් චන්දය දිය යුත්තේ ජා.නි.පෙ වැනි ජාතිකත්වයේ කොදු නාරටිය සිද නොගත්, සටන්කාමිව තනිව හෝ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තරම් ධෛර්යක් තිබෙන පක්ෂයකටය.

  12. Nimal-uk says:

    ජය වේවා, ඔබ වීරයකි

  13. ගිරවා says:

    එදා ඕක කලා කියල පත්තර වල මුල් පිටුවල ගියේ. රටේ තිබුනු වතාවරනේ හැටියට මේ මනුස්සය ජීවතුන් අතර ඉන්න් එකත් ලොකු ජයග්‍රහනයක් තමයි. මේ වගේ මිනිස්සුන්ට කොහොමත් නාමයෝජනා ලැයිස්තුවල ඉඩ මදි. ඒවට ඉද තියෙන්නේ තංගල්ල ක්ලාස්, අකුරැස්ස ක්ලාස් කහවත්ත ක්ලාස් මන්ත්‍රීලට

  14. Nera says:

    Jayen jaya…

  15. sakalabujan says:

    ජයෙන් ජයම වේවා. ත්‍රිකුනාමලයෙ ඉන්න අපේ සින්හල සහොදරයෝ පක්ශ පාට බලන්නේ නැතුව තීරණයක් අරගනීවි කියලා හිතනවා. මේවගේ පුද්ගලයකුට අවස්තාව දෙන්න ආණ්ඩුවට නොහැකිවීම ගැන සහ හකීම් නැමති අවස්තාවාදියෙකුට කඩේ ගොස් පස්ස බිම ඇණගෙන ඉන්න ආණ්ඩුවට එය නියම පාඩමක් වේවි.

  16. srilankan says:

    කිසිම පක්ෂ භේදයක් නොසලකා ජයන්ත වීරසේකරට දෙන චන්දය මනාපය රට දැය වෙනුවෙන් තම ජිවිත අත් පා ඇස් පුජා කරමින් අපේ හෙළ බිම රැක ගත් අභීත රණවිරුවන්ට කරන උපහාරයකි .කාඩ් බෝඩ් දේශප්‍රේමින් රට විනාස මුකයට ඇද ගෙන යන මේ වකවානුවේ කොන්ද පන තියෙන ජයන්ත වීරසේකර කරලියට පැමිණීම රටේ වාසනාවකි .ඔබ ඇතුළු කණ්ඩායමට අපේ සුභ පැතුම් .

  17. sakalabujan says:

    අමතක වුනා. LCN, මේවගේ පුද්ගලයෙකුට කඩේ ගියාට කමක් නෑ.

  18. බණ්ඩා says:

    LCN චන්දෙ එනකල්ම හිටියා news එක අපිට කියන්න, හොර ගෙඩියා….

  19. banda says:

    LCN චන්දෙ එනකල්ම හිටියා news එක අපිට කියන්න, හොර ගෙඩියා………

  20. dumindu says:

    චන්දය හිමි සියලුම ත්‍රිකුණාමල වැසියන් මෙතුමාට චන්දය දියයුතුයි පාට, පක්ෂ අතහැරලා. නැත්නම් ඉතින් පුරුදු අටවත් පාස් නැති පරිදි ළමා අපචාර කාරයොයි, පාගකරයෝයි පත්කරලා ටිකදවසකින් C news බලබල උන් කරනේව දැකල අනේ අපොයි කියල comment දන්නා තමා ඉතින් තියෙන්නේ.

  21. hewwel says:

    මහින්ද රාජපක්ෂ, ගොටභය , විමල් වීරවංස , අතුරලියේ රතන හාමුදුරුවෝ , මේ අය ඔක්කොම මාතර ඉපදුනේ කොහොමද ?

  22. Seya says:

    Hats off to a hero. Obata page pranamaya. Sinhalayini weerayeku newathath path kara ganna.

  23. kpk says:

    MOna de sthubbath methuwama aniwaryayen path karanna one.
    Eka me rate sinhala janathawata karnaa sewayk

  24. susantha says:

    පන්සලේ ගන්ටාරේ වත්තක එල්ලුවොත් එකට මිනිස්සු කියන්නේ ටකේ කියල.

  25. MAHA RAWANA says:

    සිංහල කම ,සිංහල ජාතිය , ගැන එදා කතාකරපු හරිෂ් චන්ද්‍ර, නලින් ගුණදාස, පාඨලී , වගේ මිනිසුන් JVP එක ට එදා ජාතිවාදී වර්ගවාදීන් උනා.
    මේ රට ගොඩනගන්න අරක්සකරපු මිනිසුන් වෙනුවෙන් විමල් ගේ වෙන් වීම අද ආශීර්වාදයක් වෙලා. මෝඩ දේශ පාලුවන්ට හොඳ උත්තරයක්.

  26. GIMBUTA says:

    RATA WENUWEN JATHIKA WAGAKIEMAK, ITU KARAPU VEERAYEK GANA NEWS EKAK DAMIMA KADE YAMAK HATIYATA HITANA PASUGAMIN GANA KANAGTUWENA EKA TAMA DAN APITA ITHURU WELA TIYENNE.

  27. මමයි ‍ෆොනී says:

    පුතේ උඹට ජය නියතයි තිරිකුණාමලේ !

  28. gamaya says:

    ‘මේ ශ‍්‍රී ලංකාවයි. ඊලම නොවේ.’ කිසිදු දෙගිඩියාවක් නැත. දෙන් කිසිම ප්‍රස්නයක් නෙත. දෙන් යුද්ධය ගෙන විකාර කතා කියා කියා ජන්දේය ඉල්ලන්නට පුළුවන් ඕනේ කෙනෙකුට. මොකද ඕනේ ගොනෙකුට යුද්ධ කල හෙකි නේ. ආරක්‍ෂාවට යොදවා සිටි ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශ සෙබළුන්ද තම හිසට ඉහලින් කොටි කොඩිය එසවෙන බව දැන සිටියද ලජ්ජා සහගත සාම ක‍්‍රියාවලියකින් පසු ඔවුන්ගේ කොදු බිඳී තිබිනි. මෙකල සරත් ෆොන්සේකා කොහිද වුයේ? සරත් ෆොන්සේකා කොහිද වුයේ? යුද්දය තනියම ජයගත් යුධ විරුවා නිදි ද මේ දවසේ? සරත් ෆොන්සේකා වෙනි කාඩ් බෝඩ් දේශප්‍රේමින් රට විනාස මුකයට ඇද ගෙන යන මේ වකවානුවේ කොන්ද පන තියෙන ජයන්ත වීරසේකර කරලියට පැමිණීම රටේ වාසනාවකි. එකල ඒ සරත් වත් මේ සරත් වත් නොවුනි. එකල නිකම්ම්ම සරත් වුනි. නමුත් ඒ ජයන්ත වීරසේකර නොමල මිනිසෙක් විදියට ජීවත් ව සේයේය කියල තමා ලියන්න වෙන්නේ ඉතහාසය ලියන දාට. වීරයන් එසේය. අභියෝගය හමුවේ පලා යන්නෝ වීරයෝ නොවෙති.එහෙම නෙතුව වාසිය බලාගෙන ජාතිය පාවාදෙන්නේ නෙහෙ. මේකෙන් තේරෙන්නේ මහින්ද රාජපක්සේ ජනාධි පතිතුමා බලයට එක්නකාඕ මේ අද ඉන්න හෙම යුධ වීරයම ඉපදිලා නේහෙ කියලඊ. මහින්ද ඉපදුනාට පස්සේ තමා මේ මහින්දගේ පිහිටෙන් මේ ය ඔක්කොම වීරකම් කලේ. මේ වකවානුවේ කොන්ද පන තියෙන ජයන්ත වීරසේකර සේබේ විරිවෙක් වෙන්නේ ඒ නිසඊ. ත්‍රිකුනාමලයෙ ඉන්න අපේ සින්හල දෙමල සහොදරයෝ පක්ශ පාට බලන්නේ නැතුව තීරණයක් අරගනීවි කියලා හිතනවා ජයන්ත වීරසේකර සහෝදරයට වාසියක් වෙන විදියට. ජයන්ත වීරසේකර සහෝදරයට අඑයු බොහෝ වේවා.

  29. සිරි says:

    කියවන්නට සතුටු ලිපියක් කාලෙකට පස්සෙ.ගොඩක් සතුටුයි මෙහි අදහස් පලකර ඇති උදවිය මෙමෙ වීරයාව අගය කොට කතා කිරීම.

    ඇත්තෙන්ම ඔබ අගයකල කෙනෙකි.අප රටට අවශ්‍යව ඇත්තේ ඔබ වැනි උදවියයි.
    එසේ නොමැතිව නැගෙනහිර හම්බ ඡන්ද ටිකට වහ වැටිල රාමසාන් නිසා රට ඉඳි බදු ඉවත්කරන උන් නොවේ.

  30. Shree says:

    මාගෙ බලාපොරොත්තුවෙ දිදුලන දෑස් අයා බලා සිටින්නෙ මොහු මෙ සිරිලක නිරිදුන් වන දින පෑමිනෙන තෙක්ය, එය නොවන බව මා දනිමි, එසේ උවහොත් මෙ සිරිලක යලිත් බෞද්ද රාජ්යක් වනු නොඅනුමනය.

  31. KUMAR-KUWAIT says:

    ME WAGE UNTA THAMAI KADE YANNA ONE..KADE BARINAM SUPER MARKET GIYATH KAMAK NA..
    GO AHEAD MR.JAYANTHA…JAYA WEWA..

  32. One Shot says:

    ජය වේවා!

  33. bath kana eka says:

    මේ වගේ කෙනෙක් මේ වෙලාවෙදි ඉදිරිපත් උන එක ඇත්තටම හොඳයි. අපේ රට මුස්ලිම් සහ දෙමල අන්තවාද වලින් විනාසවේගන යන මේ වෙලාවෙදි,වගකිවයුත්තන් බල තන්හාවෙන් ඇස් කන් පියාගෙන ඉන්න වෙලාවෙදි, අපේ රටට අවශ්‍යම මොහොතෙදි තව තවත් ජයන්ත විජේසේකරල ඉදිරිපත්වෙන්න ඕන,රට වෙනුවෙන්,ජාතියවෙනුවෙන්,ආගම වෙනුවෙන්. රටට,ජාතියට,ආගමට වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්ට දෙන්න බැරි නාමයෝජනාව දෙන්න තියාගෙන ඉන්නෙ කුඩුකාරයන්ට,මන්කොල්ලකාරයන්ට එහෙම නැත්නම් කේවල් කර කර තමන්ගෙ ජාතිය ව්‍යාප්ත කරන්න අර අදින අවස්තාවාදීන්ට වෙන්න ඇති. ත්‍රිකුණාමලයෙ මිනිස්සුන්ට ඔන්‍න‍ ඉතා හොඳ,ආපහු නොලැබෙන අවස්තාවක්, රජයටත් පාඩමක් උගන්වන්න.
    ඒවගේම එදා ජාතික කොඩිය එසවීම තහනම් කිරීමට විරුද්ධව විරෝධය පෑ උප්පුවේලි ධර්මවිජය බෞද්ධ ආයතනාධිපති අහුන්ගල්ලේ ශීල විසුද්ධි හිමිපානන්ටත් අපගේ මහත් වූ ප්‍රණාමය!

  34. akila says:

    Hats off…, we need heros and heros has to come from the society and society has to help them to become heros, but you already their just we want you to take that historical responsibilities for our motherland…, all the best

  35. සුද්දට ජයවේවා says:

    ” මෙවර සන්ධාන ලයිස්තුව තුල විජේසේකරයන්ට ඉඩ මදි විය.” — හික් හික් හික් ,,,

  36. saකයා says:

    wish you all the best Jayantha….You are a great man…

  37. මාතර ආතර says:

    අපේ අපරදිග දත් ඩොකාගේ
    මේ කවිය
    කෙතරම් මනරම් ද?

    හිමි සූමඟුල් වාරියපොල පෙර දවස
    කළ විකුමන් සිහිකර සතුරු අබියස
    පා අබිමන් නංවා දද විජය ගොස
    කළ විකුමන් ගෝකනපූර බල මෙලෙස

  38. emma says:

    කොටි කොඩිය බිම හෙලූ ඔහුට මෙවර සන්ධාන ලයිස්තුව තුල ඉඩ මදි විය. එතකොට ඉඩ ලේබුනු කට්ටිය කොහොම වීරයෝ කියල හිතාගන්න පුළුවන් හා හා හා හා ………………..

  39. Krushikarma Amathi says:

    මම ඉන්නේ ලංකාවේ නෙවි. එත් මට හිතුන මේ වීරයාට චන්දෙ වෙනුවෙන් පුංචි උදව්වක් කරන්න පුලුවන්නම් හොන්දෛ කියලා. තවම මම මේ රට ඇවිත් ගොඩ දවසක් නා. තවමත් ඉන්නේ PROBATION PERIED. එත් පුළුවන් විදයකින් ඔබතුමාට උදව්වක් කෙරීම මගේ රටට කරන දෙයක් කියල මට හිතෙනවා. කරුණාකරලා ඔබ තුමාගේ eMail ලිපිනය සහ බැංකු අංකයක් සහ දුරකථන අංකයක් සඳහන් කරන්න. මට පුළුවන් පුංචි ගානෙන් මන් උදව් කරන්නම්.

  40. japure ajith says:

    chanda 1000 aduwen hambawei

  41. Sinhala Handa says:

    jaya wewa!

  42. පියුමිකා says:

    අයියණ්ඩිය, මට ඔබ වැළඳගන්නට ඉඩ දෙන්න…ඔබට ඒ ආඩම්බර නංගිගෙ හදවතේ ඔබ වෙනුවෙන් ඇති ගෞරවය දැනේද ?

  43. දියසෙන says:

    යක්ෂ නාග දේව සිංහල ඒකතු වි සිංහලය හැදුවා සෙ .සත්පුරුස ධර්ම පළමුව සිංහල දෙවනුවට ගෙන සත්පුරුෂ සිංහලයන් සත්පුරුෂ දෙමලුන් සත්පුරුෂ මුස්ලිමුන් ඒකතු කර බුදු රජාණන් වහන්සෙ සරණ ගිය ධර්මය සරණ ගිය සංඝයා සරණ ගිය අලුත් ජාතියක් හදමු

  44. rajen says:

    this is true story. before this article we knew who is Jayanth and what he did for Tricko. As sri lanken we should respect to him. pls send me your email to rajengaja@yahoo.com we can discuss many more and i am away from the country.

  45. සිංහලයා says:

    එල ඩයල් එකක්නේ . සුභ පැතුම් !

  46. කළුතර says:

    මෙම සිදුවීම නැවත මතක් කලාට සිනිව්ස් ඔබලාටත්,
    ඒ අභීත ක්‍රියාව කල එතුමාටත් මගේ ගව්රවය…. පුද කරමි…
    මෙවැනි ය තව තව තව පහල වේවා…!

    • thamara says:

      I agree with you 100%

      • kumari says:

        ත්‍රිකුණාමලයෙ හොඳ මිනිස්සුන්ට ඔන්න ඉතා හොඳ,අවස්තාවක්, කෙළෙහි ගුන දන් න මේවගේ අය දිනවන්න ඕන.ජය වේවා…

  47. kumara says:

    සමහර වෙබ් සයිට් රෙදි නැතිව පොඩි උන් දුෂණය කරන රටේ සල්ලි කාබාසිනයා කරන උන්ට කඩේ යනවා ඒවාට අපේ මේ උගත් මහත්වරු මොනවත් කියන්නේ නැ නමුත් ලංකා සි නිවුස් රට වෙනුවෙන් යමක් කල තමන්ගේ රටට අවමනක් වෙන අවස්ථාවේ එයට එරෙහිවූ ජයන්ත වීරසේකර මහත්මයට කඩේ ගිය කියා සි නිවුස් වෙත චෝදනා කිරීම වැරදියි

  48. mathllan says:

    මෙන්න චන්ද ප්‍රතිපල ජාතික ලභාගත් චන්ද 159

    • Krushikarma Amathi says:

      yako sathek wenna epa. thoge a—-ta

      • Mahinda says:

        ma yaka neda ara trinco UC eke Kunu tractor elevve?? me wage thunweni panthiye halapruwanta nomination denna puluwanda wadagath pakshayakata..katussange kare rattaran bandinna epa.. Weerawansata thamai ma wage sakkili minissu hariyane.. mokada weerawansayath ma panthiye ekene..

        • TIN TIN says:

          mahinda kiyala comment dana aka upan gey mooodayek…

        • Karu says:

          මේ විදිහට හිතන අමනයො ඉන්න එක අරුමයක් නොවෙයි. මේ පොල් බූුරුවට වැදගත් උනේ ජයන්ත එදා කළ ඒ විරෝධාර වැඬේ නෙමෙයි. ඔහු කුණු ඇද්ද කියන එක. මෙවන් අමනයන්ට බුුදුහාමුදුරුවො වසල සුත‍්‍රයෙන් උත්තර දීල තියෙනව. මූ සූනීත හාමුදුරුවන්ටත් අපහාස කරයි කසළ ශෝධකයෙක් කියල. මොනව උනත් ජයන්තගෙ අද දේශපාලනය ගැන මම දන්නෙ නැහැ. ඔහු එදා කළ කාර්යය අභිතයි. ඊට හිමි ගරුත්වය ඔහුට හිමියි.

        • ss says:

          me vage comment danne muge janma gathi pennanna.me vage thirisannu nisa thama lankavata mehema vela thiyenne.

  49. kukka says:

    KEEP IT UP SIR, THE NATION WILL FOLLOW YOU

  50. ගමේ කොල්ලා says:

    සුභ පැතුම් විජේසේකර මහත්මයා ,,

  51. danuka says:

    ” මෙවර සන්ධාන ලයිස්තුව තුල විජේසේකරයන්ට ඉඩ මදි විය.”

  52. balaveagaya says:

    හෙලදෙරනේ අභිමානය රැකගන්ට
    ඔබකල සේවයට ගරුබුහුමන් පුදන්නට
    දිවිඇතිතුරා ලක්මෑනිව රැකගන්ට
    කවිමල්දමක් පුදනෙමි මම ජයන්තට

  53. දියසෙන says:

    අැත කියන ඒක වැරදියි නැත කියන ඒක වැරදියි.ඔබ කෙසෙද කියන්නෙ වර්ථමානය ගැන.සම්මා දෟෂ්ටිය නම් හෙතු අැති විට ඵලය අැත.හෙතු නැතිවිට ඵලය නැත.හෙතු අැති වුන විට ඵලය අැතිවෙ.හෙතු නැති විට ඵලය නැතිවෙ.චතුස්කොටිකව සිතිය යුතුයි ද්විකොටික නෙවෙ

  54. උඩරට නියම සිංහල කකුලක් says:

    this is the call real srilankan.come on jayantha you will win

  55. ක්‍රිකට්ටුවා says:

    ත්‍රිකුණාමලයේ ජනතාව බුද්ධිමත් ලෙස තීරණයක් ගෙන ඔබගේ ජයග්‍රහණයට සහය පලකරනු ඇතැයි සිතමි… ඔබට ජය…!!!!!!!

  56. සොත්ති උපාලි says:

    ආඩම්බරයි කොන්දයි දිවයි එක එක තාලෙට නැවෙන කාලෙක ඔබ වගේ අයෙක් සිටීම ගැන ඔබට ජය

  57. පන්හිඳයා says:

    ජය ලබන ජයන්තය-දිරි තිබෙන ජයන්තය
    සවිය දුන් ජයන්තය-විරිය ඇති ජයන්තය

    උඹ වාගේ දිරි පුතෙක්-උඹ වාගේ රන් පුතෙක්
    උඹ වාගේ මුදු පුතෙක්-වැදු මව් පින් කතක්

    දිරිය බෝ වේවා-සවිය ගත රකීවා
    තිසරණ සරණ වේවා-ලක් මව දිනේවා!

  58. සිතුවිළි says:

    ඔබ තුමා කුමන ආකාරයේ පුද්ගලයෙකුදැයි මම නොදනිමි, එහෙත් මේ ලිපියෙහි සඳහන් කාරනය (මීට පෙරත් මා අසා ඇති ) පමණක් පදනම් කරගෙන මා, ඔබ සැබෑ සිංහලයෙකු, සැබෑ දේශප්‍රේමියෙකු යැයි කියමි.
    ඔබ සැබැවින්ම තම පණට වඩා දේශයේ ගෞරවය ඉදිරියෙන් තැබූවෙකි.

    ඔබට නිසැක ජයම පතමි

  59. Ranga from Florida..... says:

    Good job Mr.Jayantha Wijesekara.

    ත්‍රිකුණාමලයේ ජනතාව බුද්ධිමත් ලෙස තීරණයක් ගෙන ඔබගේ ජයග්‍රහණයට සහය පලකරනු ඇතැයි සිතමි… ඔබට ජය… c/p by – ක්‍රිකට්ටුවා..

  60. ruwic says:

    මැටි හරක්ට ඡන්දය දෙන මිනිසුන්ට
    නුඹවන් ලක්මවගෙ විරැ දරැවන්ට
    කතිරය ගසන්නට ණුවනැස අැතිවන්ට
    කළයුතු යාගයක් වේනම් දන්වන්ට

    • bath kana eka says:

      @ruwic,
      විශිෂ්ටයි. තව තවත් මෙවැනි නිර්මාණ පල කරන්නට ශක්තිය ලැබේවා!

  61. maya says:

    ඉතාමත් කලාතුරකින් හැමෙකමවාගේ එක පුද්ගලයෙකුට එකම විදියට පක්ෂව කොමෙන්ට්ස් දල තියනවා දැක්කම හරිම සතුටුයි . ඔබ දිනුවත් නැතත් මම හිතනවා ඔබ දැනටමත් දිනුම් කියල. තරමක් නම්‍යශීලී වෙන්න . ඔබට ජය නියතයි. ජයන්ත ඔබට සහ අපේ රටට ජයවේවා.

  62. saranga,,kanthala says:

    trikunamaladi sinhala apa thani vi sitiyadi nayakathavaya sapay jana nayakayanai ,, api oba samagi ,,,,anivarayanama oba asana 2k jayanava atha ,,,,

  63. kumaraya says:

    thirikunamala janathawani, obage watina manapaya
    JAYANT5HA WEERASEKARATA rata wenewen pradanaya karanna.

  64. kumaraya says:

    thirikunamala janathawani, obage watina manapaya
    JAYANTHA WIJESEKARATA rata wenuwen pradanaya karanna.

  65. නියම සිංහ says:

    කලවිරුකම කොටි උන්ඩෙට පපුවදිදී
    තවමත් ඇත අප හදවත් පතුලෙ රැඳී
    ගුණමකුවී සිටියොත් ඔබ චන්දෙ නොදී
    ඒ සාපය මතුයෙහි අප හැමට වදී

  66. madhawa says:

    mema siddiya sebe nam OBATA JAYA!

  67. Politics says:

    All sinhalese in Trincomalee must VOTE for this brave man Hon. Wijesekera.

  68. sena says:

    THEN HE MUST GO TO JAIL.BECAUSE HE HOVE THE FLAG IN TRINCOMALEE.BUT GEN.SARATH FONSEKA HOVE THE FLAG IN WHOLE NORT & EAST.GENERAL JAILED WITH THE SUPPORT OF BRAVE,CLEVER,EDUCATED PANCHAAYUDA LEADER.THAT IS THE GIFT HE GOT THEN WIJESEKARA MUST GO TO JAIL,NOT IN TO PC.

    • haramanis says:

      umbata pissu umba angoda gihin mole check kara ganin.
      genaral hire giye tender magadiyakatai sudu kodi kathawatai. ehema nethuwa uthuru negenahira kodi ussala nemei. negenahira kodi ussana kota genaral satan kare maruwath ekka hospital eke.

  69. මාතර ආතර says:

    ‘සිංහල දෙමල මුස්ලිම්’ සැම රකින බලේ

    ‘සිංහල බුදු සසුන’ රැකුනොත් ‘සැම’ රැකතේ,

    කුලමල බේද හැරදා තිරිකුනාමලේ

    ජයන්තය්ය වැඩ අරඹා රට රැකතේ.

  70. දිනේෂ් says:

    V. Good. We are with you.. Mr. Jayantha.

  71. SUNIL says:

    Sinhala jathika veerayo(sinhala national heroes)

  72. ඔහු නියම වීරයෙකි සිංහල ලෙයක් ඇති කෙනෙකුට ඔහුට චන්දය නොදී සිටිය නොහැක

  73. සූරපප්පා says:

    good luck :)

  74. mahinda r kithulgoda says:

    nagena hirin gilihee yamata aaasanna apage urumaya thawa duratath raka ganeemata awasinam paksaha pata walin thorawa obage watina manapaya weera sekara mahatha wetha puda karanamen kaarunikawa danwa sitinne sakkili balayata path uwahoth ehi yamatada sihala obata badaka watenneda paksha pata walin thorawai.

  75. විල් තෙර says:

    කියන කියන පදයට නොතියා පාද
    ගයන වයන බෙර පද තෝරා හාද
    නුවන යොමා කරමින් ලොව නින්නාද
    එඩිතර නුඹට ජය පතනෙමි නමා හිස

    තෙරුවන් අසිරි නුඹට!

    • මාතර ආතර says:

      @විල් තෙර

      නුඹට ජය පතමි හිස නමින් මාද

      යනුවෙන් 4 වෙනි පදේ ලීවනන්,
      එළිසමය එනවා මචන්.

      • විල් තෙර says:

        පදමට එලිසම හදනා ආතර
        කෙවිටෙන් තලනා මාතර ආතර
        උඹ කරනා මේ සේවය සුන්දර
        අගයමි අගයමි උඹටය මාතර!

    • හොඳ හෙළයා says:

      එඩිතර ගතිය සිංහලයගේ නොම යන්නේ
      ජයන්තයන් පෙන්නුවේ එය ගොකන්නේ
      සිටිනා පිරිස දැන් එඩිතර ගොකන්නේ
      දීමට සිය මනාපය පෙරටම එන්නේ

      සැම විට වටනේය මිනිසුන් රට ගැන සිතන
      උන් හට මනාපය නැත වෙන්නේ අමන
      පක්ෂ භේද දුරලා වැසියන් මෙතන
      තබව් මෙවැනි මිනිසුන් පෙරමුණේ එතන

  76. =/? says:

    මගෙත් ආයු ගෙන මටත් වඩා කල් උඹ වැන්නවුන් ජීවත් වී ලක්දිව රකීව! ජයවේව!

  77. Nandana says:

    Api hamotama meya honda adarshayak. sithe dhairyaa thibe nam kanda bada nethuwath minisunta weerayek wenna puluwan.Kodiya esaweemata wada methandi selakiyautthe avi asadharanya idiriye avi balayata ho monama balayakatawath hiss nonamiya uthu bawai.Thawath Jayantha Wijesekerala oba hema atharin bihiwewa.Mage ekama puthath hamudha niladhariyek.Ohugenuth mama balaporothu wanne mewani konda pana ethi kriyawan. JAYANTHa PUTHA obata theruwan saranai.

  78. kkkkk says:

    ඔබ කළ වීරක්‍රියාවට මාගේ ගෞරවය.සන්ධානයේ ලැයිස්තුවේ ඉඩමදිවුයේ නුඹට නම් කුමට තවත් සන්ධානය. ඔබගේ දේශපාලන තීන්දුවටලට මා 100% එකගනොවුවද ඔබට ගෞරව කරමි.

  79. හාල්මැස්සා says:

    සංධාන ලයිතුව ඉඩමදියි කියන්නේ
    විරුවකුට ඒ නිසා නෑ තැනක් ලැබෙන්නේ
    එක මිටියකට සිටි ජනතාව බෙදෙන්නේ
    සතුරු බලවෙගයන් නව පනක් ලබන්නේ

  80. sarangika says:

    Obata Jayen Jayama Pathami!
    Thurunuwan Saranay!

  81. podda says:

    ජය වේවා…

  82. ss says:

    Sebe Sinhalayek.Obata jaya

  83. චන්දදායකයා says:

    මෙවර සන්ධාන ලයිස්තුව තුල විජේසේකරයන්ට ඉඩ මදි විය.ඒ සන්ධාන ලයිස්තුව වීරයන්ගෙන් පිරී ඇති නිසාය.එමනිසාජයන්ත විජේසේකරට ජන්දය දියයුතු නැත.

  84. md says:

    මමද ඔබ සමඟම ජවිපේ හැර ඔබ සමඟම ආවෙමි ! නමූත් අද මට උනූත් නැත.මූනූත් නැත. මක් නිසාද යත් යූධ සමයේ උන් ගිය ගමන ද වැරදි , දැන් ඔඹලා යන ගමනද වැරදී. හැබැයි ලංකාවේ අනික් උන්ට වඩා උඹලා හරී !

  85. gaya says:

    ltte ekata pin sidda wenna ape samahara aya eda deshapalanaya kalata ada janatawa ataram moda neha../

  86. Shan says:

    මේවගේ මනුස්සයෙකුට කඩේ ගියාට පව් නැ. කටුලෙවකන බල්ලන්ට කඩේ යන්නද කියන්නේ. වීර සිංහල සහුර්දයණනි ඔබට ජය පතමි.

  87. මුස්ලිම් සහ ඇතැම් දෙමළ ජාතිවාදී සහ ආගම් වාදී නායකයො නැගෙනහිර සමඟිය බිඳිනව. වෛරය වපුරනව. ජාතීන් අතර අසමගිය සහ ගැටුම් ඇතිකරනව.

    “මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුව එක්ක ඉන්නවද නැද්ද කියල ඡන්දෙන් පස්සෙ තීරණය කරනවලු”

    ඉතින් ඇයි ඡන්දෙන් පස්සෙ? දැන්ම තීරණය කරන්න පුලුවන්නෙ. මේ කරන්නෙ තනිකර බොරුව. දැන් ඉවත් උනොත්, ඡන්දෙන් පස්සෙ ආයෙ ආණ්ඩුවට එන්න විදියක් නැහැ. ඡන්දෙන් පස්සෙ ප්‍රථිඵල ආවහම, වපුරපු ජාත්වාදයේ හැටියට ඡන්ද නැහැ කියල තේරුණහම, ඇමතිකම් වල රහ වැටිල ඉන්න, තමන්ගෙ (හොර) ව්‍යාපාර වලට රැකවරණය නැති වෙනකොට මේ හිවල්ලු බයයි……
    http://denethharinna.blogspot.com/2012/08/blog-post_30.html

    මේ මුස්ලිම් කොංග්‍රස් නායකයො පුදුම ද්විත්ව චරිත පුද්ගලයො. ඔවුන් නැගෙනහිරදි මුස්ලිම් ජාතිවාදය අවුස්සනව. ආණ්ඩුව පල්ලි කඩනවලු ! මුස්ලිම් අයට හිරිහැර කරනවලු ! ඉඩම් වලින් එලවනවලු ! ඉඩම් අයිතිය ගන්න ඔවුන්ට ඡන්දෙ දෙන්නලු ! අනෙක් පළාත් සභා වලදි, ඔවුන් ආණ්ඩුව තුළ ඉදගෙනම, ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරනව. ආණ්ඩුව වර්ණනා කරනව. ආණ්ඩුව මුස්ලිම් වරුන්ට සහ රටේ ජනතාවට බොහොම වැඩ කරනව කිය කිය ඒ ගැන උදම් අනනව. මෙහෙම ජාතිවාදය අවුස්සන ඔවුන්ගෙ නායකයගෙ දරුවො, ලංකාවෙ තිබෙන ප්‍රධානම බෞද්ධ බාලිකා විද්‍යාලයේ (කොළඹ විශාඛා විද්‍යාලය) ඉගෙනුම ලබනව.
    http://denethharinna.blogspot.com/2012/08/blog-post_155.html

    ඉතින් සිහළුනි, දෙනවාද ඔබේ ඡන්දය, කිසිම දිනෙක, අසිංහලයෙකුට, වපුරන ජාතිවාදය සහ අසමගිය?

  88. hasi says:

    wishing y the success for election..

Leave a Comment