කොටකෙතනට භූත දෝෂලු, හේතුව මිනිස් බිලි නොදී නිධන් ගැනීමක්

- මැණික් ව්‍යාපාරිකයෝ සැක කරති

20 වැනිදාට එළි වූ වෙලේ පටන් පොලිස් කණ්ඩායම් විවිධ පරීක්ෂණවල නියැලී සිටියද පෙර දිනයේ මෙන් අවට වාසීන් මෙම නිවස හෝ එහි සිදුවූ ඝාතන හෝ පොලිස් පරීක්ෂණ පිළිඹද තැකීමක් නොමැතිව තම තමන්ගේ දෛනික රාජකාරිවල නිරත වන්නට පටන් ගත් බව වාර්තා වේ. ඒ තරමට කොටකෙතන ග්‍රාමයේ සිදුවන ඝාතන අද එහි වැසියන්ට සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇතුවා පමණක් නොව, කතා කරන්නට පවා සුදුසු මාතෘකාවක් නොවේ යැයි ඔවූහු කල්පනා කරති.මේ වනවිට කොටකෙතන ග්‍රාමයේ මිනිස් ඝාතන 14ක් සිදු වී තිබෙන බව වාර්තා වේ. මෙම ඝාතන සම්බන්ධයෙන් කොටකෙතන අවට වෙනත් ගම්වල වැසියන් දරන්නේ අද්භූත අදහසකි.

ඔවුන් පවසන ආකාරයට මිනිමැරුම් සම්බන්ධයෙන් කොටකෙතන ජනතාව තරම් ලංකාවේ කිසිම ගමක ජනතාව ඒ තරම් දැනුවත් වී නැත. මන්ද කොටකෙතන ගමට ආවේනික මිනිමැරුම් 14ක් එගම සිදුවීමත් ඒ පිළිඹද විවිධ ආරක්ෂක හා විද්‍යානුකූල පියවර රැසක් වගකිවයුතු අංශ විසින් ක්‍රියාත්මක කර තිබෙන බැවිනුත් ය. පොලිස් ආරක්ෂක මුර කපොල්ලක්ද පිහිටුවා තිබේ. එහෙත් වරින්වර නොකඩවා කොටකෙතන ගමට පමණක් ආවේනික වන ආකාරයට බිහිසුණු මිනිස් ඝාතන සිදුවෙමින් තිබේ. ඒ සෑම මිනිමැරුමකටම භාජනය වූයේ කාන්තාවන් සහ තරුණියන් වීම මෙහි තිබෙන කැපී පෙනෙන සිද්ධියයි.

පසුගිය කාලයේ මේ ආකාරයට සිදු වූ මිනිමැරුම් සම්බන්ධයෙන් විටින් විට සැකකරුවන් අත්අඩංගුවට පත් වූහ. බොහෝ සැකකරුවන් පවසා සිටියේ ‘මට කරන්න හිතුනා..’ වැනි හැගීමක් රටට දැනෙන ආකාරයේ පිළිතුරුය. අත්අඩංගුවට පත් වූ බොහෝ දෙනාගේ පවුල් සීසීකඩ කැඩී ගියේය. ගෙවල් දොරවල් ගිනිබත් විය. දරුමල්ලන් අනාථ වූහ.අදටත් ඔවුන් බොහෝ දෙනා පසුවන්නේ හිරේ විලංගුවේය. සමාජයට මුහුණ දෙන්නට බැරිය. කිසිවකුගෙන් පිලිසරණක් හෝ අනුකම්පාවක් නැත. යන්න එන්න තැනක් නැත. අතේ මිටේ තිබෙන සල්ලිය බාගේ පිදුරු මෙන් ‘දැවී’ ගියේය. මේ සෑම වද වේදනාවක් විදින්නේ කොටකෙතන ගමේ සැකකරුවන් හා ඔවුන් සමග මෙම අපරාධවලට සම්බන්ධ විණැයි සැක කරන පුද්ගලයන්, කාන්තාවන්, ඔවුන්ගේ දරුවන්, සහ ඥතීන්ය. ඔවුන් විදන දසවද රටට නොරහසකි. එබදු ඉරණමකට පංගුකාරයන් වී සිටින කොටකෙතන ගමේ මිනිසුන් යළිත් වරක් කොටකෙතන ගමේ මිනිමරන්න හේතුව කුමක්ද? මෙය අභිරහසක් නොවේදැයි කහවත්ත ආශ්‍රිත ජනතාව ප්‍රශ්න කරති.

ඉන් අනතුරුව ඔවුන් ඉදිරිපත් කරන්නේ අද්භූත තොරතුරුය. මේවා නිතියට හෝ විද්‍යාවට එකග නොවේ යැයි මම කොතෙක් කීවද ඔවුන් දරන අදහස වෙනස් කරන්නට මට නොහැකි විය. එබැවින් මම ඔවුන්ට සවන් දුන්නෙමි. ඇත්ත හෝ සාවද්‍ය හෝ වේවා , මෙම අභිරහස් ඝාතන රැල්ල සම්බන්ධයෙන් ඔවුන් දරන අද්භූත මතය සමාජගත කිරීමට මම කල්පනා කෙරුවෙමි. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව,නීතිය සහ විද්‍යාවට අමතරව සමාජය තුළ ගොඩ නැගෙන විශ්වාස පිළිබද දැනුවත් වීම බාහිර සමාජයටද ඇති අයිතිවාසිකමක් සේ සැලකූ බැවින්ය.

රත්නපුරය,කහවත්ත පමණක් නොව,කොටකෙතන කියන්නේද සමන් දෙවි හාමුදුරුවන්ට අයත් පුණ්‍ය භූමියයි.මෙම පුණ්‍ය භූමිය නිකම්ම නිකම් පස් කන්දක් නොවේ. කෝටි ගණන් මැණික් හිටිහැටියේ මතුවන බිමකි. කොටකෙතන යනු එබදු වටිනා මැණික් පිරි බිමකි. එම ගමේ කෙසෙල් පැලයක් සිටවන්න වළක් කැපුවත්,රබර් මුලක් ගලවා දැම්මත් මැණික් මතුවන බව ගම්මුන්ගේ අදහසයි. මැණික් පමණක් නොව,කොටකෙතන නිධන්වලටද ප්‍රසිද්ධ බව රටේ ලෝකේ අය දන්නේ නැත. නමුත් කොටකෙතන ගමට එය රහසක් නොවේ. නිධන් ගන්නට බිලිපූජා පැවැත්විය යුතු බව කියති. ඒ නිකම්ම නිකම් කුකුල් බිලි නොව, මිනිස් බිලිය. මිනිස් බිලි පූජා පොරොන්දු වෙමින් නිධානයක් හෝ වෙනත් වටිනා වස්තුවක් මහ පොළොවෙන් ලබා ගෙන එම පොරොන්දුව නිසි පරිදි ඉෂ්ඨ නොකිරීම මේ මහා මිනිස් ඝාතනය රැල්ලට හේතුවක් වශයෙන් රත්නපුරය පළාතේ සමහරු දකිති. නිධානය හෝ වස්තුව මහ පොළොවෙන් කවදා ලබා ගත්තාද?ඒ කවුරුන්දැයි කියන්නට කිසිවෙක් නොදනිති. නමුත් එවැන්නක් සිදු වූ බවට දැඩි විශ්වාසයක් පවතී.මානසික වශයෙන් දුර්වල මිනිසුන්ගේ සිත්වලට තණ්හාව ඇතුථ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම මිනිස් සංහාරය සිදුවන බව ඔවුන් විශ්වාස කරති. ”මට කරන්න හිතුනා..” යනුවෙන් සැකකරුවන් කරන ප්‍රකාශය තුළ තිබෙන්නේ මිනිස් බිලි ගැනීමක් සදහා පොළඹ වන අදෘෂ්‍යමාන බලවේගයක් යැයි රත්නපුර ,කහවත්ත අවට වැසියන් විශ්වාස කරති.

මේ වනවිට කොටකෙතන ගම අතහැර යන්නට බොහෝ දෙනා තීරණය කර අවසන්ය. අපරාධ සිදු කළ නිවාස වසා දමා ඇත. ඒ අවට වතු හා බිම් කට්ටි පාලුවට ගොසින්ය. මෙම ගෙවල් දොරවල්, ඉඩකඩම් තවත් කොපමණ කාලයක් මේ ආකාරයට පාලුවට තිබේදැයි කියන්නට දන්නේ නැත. ගම්මුන් එක්නෙකා දෙස බලන්නේ සැකයෙන් හා බියෙන්ය. සමන් දෙවි හාමුදුරුවන්ගේ පුණ්‍ය භූමියේ ‍ෙම්සා විපතක් සිදුවෙද්දි උන්වහන්සේ නිහඩව පසුවීම පුදුමයක් නො‍ෙව්දැයි රත්නපුර හා කොටකෙතන අවට වැසියන් ප්‍රශ්න කරති.

- අනුර හොරේෂස්

 

35,003 Viewers

44 Comments to “කොටකෙතනට භූත දෝෂලු, හේතුව මිනිස් බිලි නොදී නිධන් ගැනීමක්”

  1. ඩිංගි මහත්තයා says:

    මොන බොරුද….. මිත්‍යාමත පතුරවන්න එපා !!!

  2. වීර වන්ෂොට් says:

    මේක අනිවාර්යෙන්ම කුමන්ත්‍රණයක්. මේ කියන විදියට ගත්තොත් පහුගිය කාලේ ලංකාවේ නිදන් හාරපු හැටියට හරිනම් ලංකාවටම බුත දෝෂ ගහන්න ඕනේ. මැණික් ඉඩම් දාල මිනිස්සු ගමෙන් ගියාම ඔය ඉඩම් ගන්නේ කවුද කියල බලමුකෝ. එතකොට මිනී මරවල මිනිස්සුන්ව එලවපු එකාව කිරි කජු වගේ හොයා ගන්න පුළුවන්.

    • One Shot says:

      මටත් නිකමට වගේ හිතුනා, නිධන්වලට අරක් ගත්ත බහිරවයෝ කෝපවෙලාවත්ද කියල. ඒත් ඉතින් නිධන් හොරු යහතින් වැජබෙද්දී අසරණයින් බිලී ගන්නේ අහවල් දේකටද?

    • kumari says:

      මටත් හිතෙන්නෙම ඔකොම තමා. මේ භූමියේ එතරමි මැණික් තියෙනවා නමි . මෙම භූමිය‍ට ඇහැගහගෙන ඇති කවුරු හරි

  3. මම කරපු ලොකුම වැරැද්ද​ says:

    එතකොට වරද සමන් දෙවියන් ගේද​?
    සමන් දෙවියන් යනු මග පල ලාභී දෙවි කෙනෙකි. එබඳු උත්තමයෙක් සිහිනෙන් පවා මනුස්ස ඝාතන සිදු නොකරයි. ඝාතන රැල්ල සමන් දෙවිඳුන් මත පැටවීමට ගත් ලාමක උත්සාහයකි මේ.
    නමුත් මේ නිසා සැබෑ වරද කරුවන් සොයා ගැනීම නතර නොකල යුතුය​.
    සමහර විට අන්‍ය ආගමික පිරිසක් මේ පසු පසු සිටිනවා නොවන්නටත් බැරිය​. මගපල ලාභී දෙවි කෙනෙක් මිනිසුන් මරනවා කියා සමාජය මත ප්‍රචලිත කිරීමත්, ඒ තුලින් සැදැහැ සිත නසා දැමීමත් කළ හැකි බැවිනි. කල්පනා කාරීව සිටිය යුතුයි…

    • ගෝතයා says:

      අනේ මන්ද සමහර මිනිස්සුන්ට රෑ දවල් – දවල් රෑ. මේකේ කොහෙද බන් සමන් දෙවියෝ මිනිස්සු මරණ කතාවක් කියල තියෙන්නේ?

    • TKM says:

      …මේක කියවල දෑන් මටත් පිස්සු වගේ……………

  4. saman says:

    අනුර හොරේෂස් කියන්නේ වගකීමෙන් කරුණු දක්වපු ලේකකයෙක්…. අනේ ඔහුට ගිය කලක්.

  5. මෝඩයා says:

    මේ ප්‍රදේශයේ සුවිශේෂී මත් ද්‍රව්‍යක් භාවිතයේ තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ මගින් ඇති වන මනස් විකාරය ගැහැනුන් කෙරෙහි විශාල වෛරයක් ඇතිකරනවා

  6. ගාල්ලේ සමන් says:

    අනුර හොරේෂස් මේ කාරණය ඔබ මතු කළ එක හොන්දයි. ඔබ දැන ගත යුතු කාරැණක් නම් දැන් දෙවියන් ලංකාව අත හැර ගොස් බොහෝ කල් ගත වි ඇති බවයි. කුඩා දැරියන්ට පත්තිනි මෑනියන්ගේ බැල්ම ඇති බව කියතත් දැන් ඔවුන් නොකඩවා අතවරවලට ලක්වන්නේ පත්තිනි මෑණියන් ද නැති බැවිනි. එලෙස දෙවොල් දෙවියන් නැති බවට සාක්ෂිය නම් සුනාමියේ දී වැඩිම ජීවිත සංඛ්‍යාවක් (ප්රතිශතයක්) බිලි ගත්තේ සීනිගම දි වීමයි.
    දෙවියන් කිසියම් රටක් අත හැර යන්නේත් ඒ රට යක්ෂ, ප්රේත, පිශාච යනාදීන් ගොදුරැ සොයන තැනක් බවට පත් වන්නේත් ඇයි ද කියා බුද්ධ දේශනාවේ සන්දහන්වේ. සියලු නොපනත් කම්, දුරාචාර, සංවර්ධනයේ පිරැවටයෙන් වැසිය නොහැකි ය.

  7. ලක්මිණ says:

    රටේ ඉහලම තැනින් දුෂණය සහ භිෂණය පටන් ගත් කල, නීතිය නිදිවදින්න ගත් කල, මැති ඇමති වරුන්ගෙන් පටන් ගෙන ප්‍රාදේශීය දේශපාලකයා හරහා ගමේ චන්ඩි අය්යා තෙක් අවැඩ පැතිරීම විග්‍රහ කිරීමට ඕනෑම පොඩි එකෙකුට හැකිය. කල යුතු ප්‍රතිකර්මය මේ අවනඩු දුරු කිරීමය. එහෙත් සිදු වන්නේ වෙන හැම පාහර ක්‍රියාවක්ම එක්කෝ යක්කු ප්‍රේත භූතයෝ සහ අමනුස්ස බලවේග වලට බැර කිරීමයි. නැත්නම් ස්වාභාධර්මයට බැර කිරීමයි. මේ දෙකම ඉතා ලෙහෙසිය මන්ද භූතයෝ සහ ස්වභාව ධර්මය යන දෙකම උත්තර දෙන්න එන්නේ නැති බැවිනි.

    ගමේ ගොඩේ දිග සාය අදින ගැහැණු දුෂණය කොට මරා දැමු විට කොළඹ ඉන්න අතලොස්සක් කොට ගවුම් අදින ය නිසා මෙය සිදුවෙනවයයි කී ඇමතියෙක් ඉන්න රටක???

  8. ඇට මැස්සා says:

    අනුර හොරේෂස් මාධ්‍ය වේදියකු වුවත් ..මොහු මෙම ලිපිය කිසිදු වගකීමකින් තොරව ගොනුකොට ඇත .
    1) මෙම ලිපියේ ,මිනිස් බිලි නොදුන් නිධන් සහ මැණික් ගැන සදහන් කොට එමගින් වක්‍රාකාරව සදහන් කොට ඇත්තේ මෙම අපරාධ රැල්ල නැවතීමට මිනිස් බිලි දිය යුතු බවත් …
    එසේත් නැතහොත් පොලිසියට බැණ නොවදී අමනුස්සයන්ට වග කීම බැහැර කොට මුක පුට්ටු කොට සිටිනා මෙනි.
    2) අපරාධ සිදු වන්නේ කොටකේතන පමණක් නොවන බවත් දේශපාලකයන් සහ අපරාධ අතර ඇත්තේ අසූචි සහ නිලමස්සා මෙන් වෙන් කල නොහැකි මන සම්බන්දතාවයකි .
    කලයුත්තේ රාජ්‍ය පාලනයෙන් කාලකන්නි දේශපාලකයා වෙනකොට …තරාතිරම නොබලා දඬුවම් දී ..නීතිය ක්‍රියාත්මක කිරීමයි..එසේ නොමැතිව දෙවියන් යකුන් මෙයට සම්බන්ධ කොට
    මනසින් ලෙඩවූ මිනිසුන් තවත් අසරණ කිරීම නොවේ ..මාධ්‍ය වේදියා මිනිසුන්ට මග පෙන්විය යුතුය .
    3) කොටකෙතන ගමේ මැණික් නිධන් ඇත්නම් ඒවා ලබා ගැනීමට ගම්මුන් බිය කොට එලවා දැමීමට යම් කණ්ඩායමක් කටයුතු කරන්නේද යන්නද සොයා බැලිය යුත්තකි .

  9. ඇදුරා says:

    අනුර හොරේෂස් ට අමනුස්ස දෝසයක් ද ? නැත්තන් මැණික් මුදලාලිලා ගේ කොන්ත්‍රාත් එකක් අදිනවද ? කොටකෙතන ගමේ මිනිස්සුන්ට අමනුස්ස දොස ගැන කියලා එළවලා දාලා මැණික් ගරන්න.
    මේ මනුස්සය මාධ්‍ය වේදියෙක් ද? කට්ටඩියෙක්ද ?

  10. කන්කොට නිලමේ says:

    හාමුදුරුවරු පන්සල් වල …පාර්ලිමේන්තුවේ …
    ඇමතිවරු මන්ත්‍රීවරු සුර සැප කම් සැප විඳිනවා
    මිනිස්සු මනසින් ලෙඩ වෙලා ..
    මිනිමරා ගන්නවා …කිරි සප්පයෝ පොඩි උන් දුෂණය කරනවා ..
    නීතිය කෝ ?? ධර්මය කෝ ?
    මේ 2012 ලංකාවේ අවසානය ද?
    දැන්වත් අපේ හාමුදුරුවරු සමාජයේ මනස් සුවපත් කිරීමට ඉදිරියට පැමිණිය යුතුයි

  11. Leslie H Wijesinghe says:

    අනුර හොරේෂස් ව අල්ලාගෙන වහාම අංගොඩ යැවිය යුතුයි නැත්නම් ලොකු මුදලක් දී කට වහාගෙන පැන හනංගගෙන ඉන්න කිව යුතුයි ඒ මන්ද පිස්සු නිසා මෙස්ය් කිවා විය හැක නැත්නම් මුදල් නැති කමට දුෂිත දෙසප්ලුවෙකුට හෝ මැණික් මුදලි කෙනෙකුට කඩේ ගියා විය හැක

  12. premasiri says:

    හාමුදුරුවරු බුදුදහම කෙළසනවා ඒ නිසා පිරිත් පින්කම්ම් මල පුජ නවත්වමු මොකද බුදුන් අනුලා වදාල දේවල් නෙවෙය් සල්ලි හම්බකරන්න යොදාගත්තු ඒවා

    • yaka says:

      “පිරිත් පින්කම්ම් මල පුජ නවත්වමු” Oheth Yakkunta buuthayanta, mala prethayanta oona widiyata jeewath wana kenek wage , nathnam mewa nawatthamu kiyanne ai

  13. yaka says:

    යක්කුන්ට බොරු කරල නිධන් ගත්තම, ඒවට පලි ගැනීම් කරන්නෙ එහෙම කරපු උන්ගෙන් මිසක් අහක ඉන්න මිනිස්සුන්ගෙන් නෙවේ. ඒක එහෙම නම් ඔය මැරුන මිනිස්සු, නිධන් අරන් තියෙන්න ඕනෙ නැත්නම් කපුවො වෙන්න ඕනෙ , එහෙම එකක් මෙතන නෑනෙ, කොහොමත් මෙතන යක්ශ දොසයක් තියනව කියල මට හිතෙනව, මාරුවෙන් මාරුවට යකා වැහෙන එකා කවුරුහරි මරාදානව, හොඳ යකෙදුරෙක් ගෙන්නන්න නැත්නම් , ලොකු පිරිතක් කියන්න,

    යකා

  14. Diesel says:

    minissunwa gamen pannanna gotapu kataawak. dont know who are behind this.
    Government? Politicians? Muslims? Lets see.

  15. ලබු says:

    දැන් මෙයා කියන විදියට කොටකෙතනට නෙමෙයි, මුළු රටටම අමනුස්ස දෝසයක් හැදිලා වගෙයි.

  16. Sana says:

    මොන මගුලක්ද මේ. බොරු පතුරන මෝඩයෝ. රට එන්න එන්න අගදෙට යන්නේ මෙහෙම බොරු පතුරන මෝඩයෝ නිසා.
    මිනීමරුවෝ යට ගහන්න කරන ජරා පහර වැඩ.

  17. banda says:

    සීන් එක ලස්සනට වෙන පැත්තකට හරවන්න වගෙයි හදන්නේ

  18. ඉ. බ. වේ.  says:

    මට තේරෙන හැටියට මේ දේවල් කරන්නේ හම්බයෝ වෙන්න පුළුවන්. බොදු රටක් වූ අපේ අසල් වැසි මාල දිවයිනෙදිත් මේ අය ඔය වගේ කාන්තා බිලි ගත්තා. දැන් එය මුස්ලිම් රටක්. මේ ඝාතන පිටුපස ඕකුන් ඉන්න හොඳටම පිළිවන්. 

    • ටිකක් හිතපල්ලා says:

      ඒක හරි ඔය පැත්තේ හම්බ මැණික් ව්‍යාපාරිකයෝ හෙම ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලන්න වෙනවා මිනිස්සු ටික ගියාට පස්සේ අපූරුවට ඉඩම් ටික ඩැහැ ගනී ඔවුන්,,ඊට පස්සේ කහවත්තත් අපූරුවට හම්බ පුරයක් කොරයි,,

  19. Machan says:

    aniwaaa muslim thamai ooka karanne. mokada un generate wena widiyata unta idam nehe. ehema nethnum hotel ekak dananth wenna puluwan.

  20. wele wel ne says:

    m…m…m.. poddak hithanna ona warthawak. paththarawala dala minissunwa baya karala gamen elawala dala “Ara Kattiyata” kiyala menik tika harannada danne ne me uppara wettiya. e nisa gamanam dala yanna epa gam wesiyane.

  21. A C P says:

    ඔය මිනීමරුවෝ එකෙක් දෙන්නෙක් එල්ලුවනම් ඔය මොන බුත දොසවත් නැහැ …

  22. One Shot says:

    සමන් දෙයිහමුදුරුවෝවත් බලන එකක් නෑ ඕයි, රටේ සිද්ධවෙන දේවල්වල හැටියට.

  23. sakunthala says:

    මටනම් හිතෙන්නේ කොටකෙතන සියලු අපරාද මිනී මැරුම් වලට පළාතේ දෙස්පාලුවෙකුගේ ලොකු සම්බන්ධයක් තියෙනවා, මන්ද? මැණික් ව්‍යාපාරය කරන බලවත් දෙසපලකය දන්නවා කොටකෙතන ඉඩම් වල ඇති වටිනාකම, දැන් ඔවුනට අවශ්‍ය දේ සිදුවෙමින් තියෙනවා, ඒ කියන්නේ ගම්මුන් ගෙවල් දොරවල් ඉඩ කඩම් අතහැර යන තැනට පත්වෙලා, හෙට අනිද්දා වෙනකොට දේශ පාලුවගේ හෙන්චියන් දාල තුට්ටුවට දෙකට ඔය ඉඩම් ටික දේශ පාළුව අරගෙන භූත දෝෂ දුරුකරන්න කියා බැකෝ යන්ත්‍ර දමා පළාතම විනාශකර මැණික් හොයනවා, ඊට කලින් ගමේ කොන්ද ඇති එකෙක් ඇත්නම් ඔය භුතයගේ මුහුණුවර තියෙන පළාතේ ප්‍රබල දේශපාලුවට ගිනිතියපල්ලා

  24. බුතයා says:

    “මේ වනවිට කොටකෙතන ගම අතහැර යන්නට බොහෝ දෙනා තීරණය කර අවසන්ය. අපරාධ සිදු කළ නිවාස වසා දමා ඇත. ඒ අවට වතු හා බිම් කට්ටි පාලුවට ගොසින්ය. මෙම ගෙවල් දොරවල්, ඉඩකඩම් තවත් කොපමණ කාලයක් මේ ආකාරයට පාලුවට තිබේදැයි කියන්නට දන්නේ නැත.”

    එල එල එල……………… මිනි මරපු එකයි බුත කට කතාවයි නියමෙට වැඩ කරලා තියනවා. තව ටික දවසකින් මුන් මේ ඉඩම් විකුනන්න දාවි. බුත කතාව නිසා එකෙක් වත් මේ ඉඩම් ගන්න එන්නේ නහ. මම ඉඩම් ටික අරගෙන මැණික් ගරන්න පටන් ගන්නවා. එතකොට එන අදායමෙන් කුලියට මිනි මරපු හෙන්චයියලාට ගෙවුවට පස්සේ මුළු අදයමම මට තමා.
    - බුතයා ( දේශපාලුවා සහ මැණික් ව්‍යාපාරික)

  25. මැට්ටා says:

    පෙනෙනවට වඩා දෙයක් ඔය ඝාතන රැල්ල පිටිපස්සෙ තියෙනව කියල ඕනෙම මැට්ටෙකුට තේරෙනවනෙ යකෝ……පොලිසියෙ හරි CID එකේ හරි ඕක හොයාගන්න පුලුවන් එක්කෙවත් නැතුව ඇති කියලයි මැට්ටට හිතෙන්නෙ…..

  26. අමාරිස් අය්ය says:

    ඔය නිදන් කතාවත් විස්වාස කරන්න බෑ , මැණික් ඉඩම් කතාවත් විස්වාසකරන්න බෑ. ඔය පැත්ත ගැන මම දන්නවා ටිකක්, ඉඩම් තිබුනට හැම ඉඩම්වලම මැණික් නැහැ. මිනිස්සු බය කරන්න හදනවඊ කියන කතාව නිකන් මෝඩ කතාවක්. මෙතන මොකෙක් හරි මානසික රෝගියෙක් හරි, (විස්වාස නොකෙරුවත්) යම්කිසි අමනුෂ්‍ය බලපෑමකින් ඔය මානසික ශකිත්ය අඩු පුද්ගලයින් ලව මේ ව කරන්නත් ඉඩ තියෙනවා. ඔකේ තව පැත්තක් තියනවා, ඔය කහවත්ත ඇඹිලිපිටිය වගේ පැතිවලට දකුණෙන් හුගක් මිනිස්සු ඇවිත් ඉන්නවා, මිනිස්සු කතාවට කියන්නේ උන් හරි දරදඬු දරුණු මිනිස්සු කියල (ඔය නහයට අහන්නේ නැහැ කියන්නේ), මම මේ දකුණේ මිනිස්සුන්ට අපහාස කරන්න හදන්නේ නැහැ එත් පිළිගත් සත්‍යයක් තමි තංගල්ල, වැලිගම, දික්වෙල්ල පැත්තේ ඉන්නේ දරුනි මිනිස්සු කියල හුගක්, ඕනිම දෙයක් කඩුවෙන් තමයඉ විසදන්න හදන්නේ. ඒ පැතිවල හිටපු ඔය වගේ පහල මට්ටමේ ය හුගක් ඔය ඇඹිලිපිටිය ගොඩකවෙල වගේ පැතිවල ඉන්නවා. ගොඩක් ගංජා වැඩ කරන්නේ උන්. ඒ කතාවත් එහෙමෙ තියෙද්දී, අපි ඔය අමනුෂ්‍ය කතාවත් එකපාරටම බැහැරකරන්න අමාරුය්. අමනුෂ්යාගේ බලය වැඩිනම් ඔය දුර්වල මනසවල් තියෙන මිස්සුන්ගෙන් උන්ට ඕනි වැඩ කරගන්න පුළුවන්. මම හුකක් කතා අහල තියෙනවා බුදුදහම ගෙන හොදටදන්න සිල්වත් හාමුදුරු කෙනෙග්ගෙන්. එව්වට අනුවනම් ඕක එහෙම වැඩක් වෙන්නත් බැරිකමක් නැහැ. මොනවා උනත් පව් නොකර මනස ශක්තිමත් ඉන්න මිනිස්සුන්ට ඔය මොන අමනුෂ්‍ය බලපෙම්වත් නැහැ. සමහරක් වෙලාවට මිනිස්සු ඔය මෝඩ තීරණ අරන් විනාශ වෙන්නෙත් ඔය පෙරේත බලපෑම් වලින් වෙන්නත් පුළුවන්, එකතමි බුදුදහමේ කියන්නේ සිත තමි ඔක්කොම ට මුල කියල, තාර්කික හික්මු සිතට හුගක් ඔයවගේ එව්වා මග එර්ගන්න පුළුවන්. ඔකේ ඇත්ත එලියට එයි බලමු එතකොට මොකක්ද කියල.

  27. delaa says:

    loken uthum rata lankawai ape lankawai !!!!!!!!!!!

  28. මාතර ආතර says:

    @Anura Horeshus

    අංජනමක් ඇරලා
    මිනි මරුව ඉන්න තැන අල්ලන්න
    කට්ටඩියකුටම බැරිද ?

    • විල් තෙර says:

      අංජනම් තිබුනේ ඉස්සර! කට්ටඩියෝ යක්කඩියෝ වෙලා බන් දැන්, උන් කරන්නේ දෂ්ට කරන එක විතරයි.

  29. R.Dias says:

    අනිවාර්යයෙන්ම මෙය කණ්ඩායමකගේ ප්‍රබන්ධයක්… ඔය කියනා ප්‍රදේශයේ මෑනික් ඈති…නමුත් ඉඩම් හිමියන්ව එලවාගන්නේ කෙසේ ද එය භුක්ති විදීමට ? …ඔන්න දුන්නා 4 වෙනි වරටත් …ඒ අතර භුත යක්ශ ..ප්‍රෙත කතා … අවසානයෙදි පදින්චි වී ඉන්නා ඈයො යනවා…ඉඩම පාලුවට යනවා… මොකෝ යක්ශ ප්‍රෙත බෑල්ම තිබෙනවා නෙවෑ…කවුද පදින්චි වෙන්නේ……

    පසුව රත්නපුරේ සිටින මහසෝන් පරපුර යන්තර සුත්‍ර මගින් මෑනික් ගොඩ දානවා ….හොදයි නොවේද වෑඩේ….කෑළණි ගගේ බෑහෑල රත්ත්‍රන් සොයාපු උන්දලා නොවෑ….උන්ට වඩා ප්‍රෙතයො..යක්ක්ශයෝ කොහෙය්ද….මෙවුන් දෑක්කහම මහසෝනා පන එපා කියාගෙන දුවන කාලයක් මේක ….. නෑතිනම් මල් පොහොට්ටු පොඩි කොරාවිද.. තනියම නොවෙයි පෝලිමේ….පෝලිමේ….

    කලුකුමාරයා….රීරි යකා…මෝහිනි….මදන යකා …මහසෝන යන ඈයොන්ගේ පරපුර අලුත් රෑකිය සොයාගෙන …විදේශ රෑකියා අමාත්යන්සේ පත්තේ කරක් ගහනවාලු

  30. sin says:

    නූගත් මිනිසුන් රවටමින් තව තවත් කුරිරු අපරාද කරමින් ඉන්න මේ මිනී මරුවන් එකෙක් එල්ලපු දාට ඔය ඔක්කොම දේව සාප, යක්ශ සාප ඉවරයි. ආන්ඩුවක්, නීතියක් නැති රටක මිනිසුන් මෙවන් බොල් තර්ක ඉදිරිපත් කරන්නේ කරගන්න දෙයක් නැති නිසයි. පොලිසියට ඕනෙනන් ඔය ඕනෙ යකෙක් අල්ලන්න පුලුවන්. අර ජනපති ආර්යාවගේ සහෝදරයගෙ ගේ කඩපු එකා අල්ලන්න පොලිස් කන්ඩායම් 4ක් දැම්ම. දැම්ම විතරක් නෙවෙයි අල්ලත් ගත්ත. එවන් සුලු දේවල් එක්ක ගත්තම මේ මිනී මැරුම් කොතරම් කුරිරුද? ලොකුද?

  31. චූටි නංගි says:

    ආණ්ඩුවෙ කෙනෙක් කහවත්තෙ ඉඩම් වලට කෙල හලනවා..

  32. අවස්ථාවාදියා says:

    එල එල මේ ලිපියෙනුත් මේ ගමේ අයව එලවන්න පොඩි අනිබලයක් ලබා දෙමින් භූත දොස නර බිලි ගැන සඳහන් කරලා දැන් ගමත් චුට්ටක් විටර පලු වෙලා කියල කියනවා මට හිතෙන විදියට මේක ලියපු මහත්තයත් මේකට පොඩි තල්ලුවක් දෙනවා වගේ. ඒ අස්සේ මං වගේ පොරවල් මුස්ලිම් මිනිස්සුන්ට මේක හරවන්න ට්‍රය් කරනවා එල එල ඔහොම යන් ඔහොම යන් කව්රු හරි හැදෙන්නේ නෙත නේද

  33. weediyabandara says:

    ආණ්ඩුවේ බාර් සහ මත් ද්‍රව්‍ය තමයි මේකට මුල.(root cause)

Leave a Comment