විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘතීය ක්‍රියාමාර්ගය විසදුමක් නොමැතිව ඇදෙන බව පෙනී යයි. මේ සම්බන්දව විවිධ පාර්ශවයන් විසින් විවිධ මතිමතාතර දක්වනු ලැබේ. කාරනා කාරනා කෙසේ වුවත් මෙය අර්බුධයක් දක්වා වර්ධනය නොවී විසදාගත යුතු බව නම් කාගේත් පැතුම බව නිසැකය.
නිදහස් සෞඛ්‍යයත් නිදහස් අධ්‍යාපනයත් අන් කවරකටත් වඩා මෙරට පොදු ජන විඥානය තුල කිදා බැස ඇත්තේ යලි උදුරා දැමිය නොහැකි අකාරයෙනි. එමනිසාම කිසිදු ආන්ඩුවකට එම රාජ්‍ය ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියා කිරීමට මෙතෙක් හැකිවී නැත. පවතින ආර්ථික ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වන බටහිර කොන්දේසි හමුවේ රජය මෙම නිදහස් සේවාවන් විශාල බරක් ලෙස හදුනාගනී. බරින් නිදහස් වීමට ගිය ආන්ඩුවලට සැමදාමත් සිදුවූයේ ජනතා මර්ධනයෙන් තම ප්‍රසව වේදනාව සමනය කර ගැනීමටය.
අතීතයේ මේ අරගල මෙහය වූ සහ දිවි පිදූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හට එහි නොමද ගෞරවය පිරි නැමීමටත් අප මෙහිදී කුහක නොවෙමු. වෘත්තීය ක්‍රියාමර්ග දේශපාලනික අරමුනු මුදුන් පමුනුවා ගැනීම සදහාම සිදුකරන බවත් ඒවා මෙහෙයවන වෘතිය සමිති සමාගම් වල නායකයන් යම් යම් දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන රූකඩ බවත් පැවසීම ආන්ඩුව පැත්තෙන් අද ඉතා ජනප්‍රිය කතාවකි. එය ඇත්තක් වුවත් නැත්තක් වුවත් සාකච්ඡාවට බදුන්වන ගැටළුව සමාජය විසින් හුදු ගැටළුවක් ලෙස හදුනා ගන්නේ නම් උක්ත කරුන සම්බන්ධයෙන් වලංන්ගු භාවයක් ලබා ගත නොහැක. එසේ දේශපාලිනකව ආන්ඩු විරෝධී කන්ඩායම් විසින් වාසි ලබන්නේ නම් එහි වගකීමත් ආන්ඩුවම බලාගත යුතුය. ආන්ඩුව පැත්තෙන් රටට ඉටුවිය යුතු වගකීම් පැහැර හැර තිබියදී එයට එරෙහි වීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකැයි හුවා දැක්වීම තරම් තවත් විහිළුවක් තිබේද?
ඇතමෙක් විශ්ව විද්‍යාල ආචාර්යවරු සිදුකරන මෙම වෘතීය ක්‍රියාමාර්ගය කුමක් අරභයාදැයි නිවැරදිව හදුනා නොගෙන දෝශාරෝපණ වල යෙදෙති.එය හුදෙක් බඩ වඩා ගැනීමේ ක්‍රියාමාර්ගයකැයි ඔවුන් දකිති.එයට සාධාරණ යැයි සිතිය හැකි හේතුවක්ද ඇත. එනම් මෙතෙක් කාලයකට විශ්ව විද්‍යාල ආචාර්යවරු සංගමයක් ලෙස පාරට බැස මේ ගැන කතා නොකිරීමත්,අතීතයේදී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ ශිෂ්‍ය අරගල උදෙසා ලබාදුන් ආශිර්වාදය ප්‍රසිද්ධියේ පල නොවීමත් විය හැකිය. ශිෂ්‍ය සංගම් දුර්වලව පවතින මොහොතක ජනතා විමුක්ති පෙරමුනට හෝ පෙරටුගාමී සමාජවාදී පක්ශයට හෝ කඩේ යාමේ යෂ්ඨිය බාරගැනීමට ආචාර්‍යවරුන් ඉදිරිපත් වුනා යැයි පවසන්නවුන් අදබාලයින්ය. එසේනම් අපට ආණ්ඩුව තරහාකර ගැනීම අවාසිදායකය.අපට නිදහස් අධ්‍යාපනය තවදුරටත් මේ රටේ තිබුනත් නැතත් වෘතිකයන් ලෙස වැටුපක් ලැබෙනු ඇත. ආචාර්ය වරුන් බහුතරයකට තම දරුවන් සමග විදේශ ගතව සේවය කිරීමට අවස්ථාවක් සලසා ගැනීමද එතරම් අසීරු කටයුත්තක් නොවන බව දැනගත යුතුය.ලාංකීය බුද්ධි මතුන් කොපමන පිරිසක් මෙරට විශ්ව විද්‍යාල හැරගොස් විදේශයන්හි අධ්‍යාපන ක්ශේත්‍රයේ සේවයේ නියුතු වී සිටීද?රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දුර්වල කිරීම හමුවේ ආන්ඩුවට නම් මෙම කාරනය සතුටුදායී වනු නොවනුමානය.නමුත් එසේ රට හැරයනවුන් ගැන අපටත් විවේචන පවතී. මෙරට දූ දරුවන්ගේ වාසනාවකට තවමත් රටට ආදරය කරන ,නිදහස් අධ්‍යාපනයට කෙලෙහි ගුන සලකන විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් සිටිති.එම නිසයි මේ සද්භාවයෙන් යුතු කාර්යයට මෙරට සියලුම දෑහිතකාමී ජනයාගේ ආශිර්වාදය අප බලාපොරොත්තු වන්නේ.
වත්මන් ආන්ඩුවේ අධ්‍යාපන කප්පදුවේ තරම ප්‍රාමාණිකව විදහා දැක්වීමට අප උත්සාහයක් දරා ඇත.එනම් 2005දී ආන්ඩුව බලයට පත්වන විට වැයශීර්ෂ වල අධ්‍යාපනයට වෙන් කෙරුන මුදල දළ ජාතික නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2.9%කි.අද වනවිට එම අගය 1.9%ක් දක්වා පහල බැස ඇත.එයිනුත් විශ්ව විද්‍යාල වෙනුවෙන් වෙන්කල මුදල දළ ජාතික නිශ්පාදිතයේ ප්‍රත්ශතයක් ලෙස 0.52% සිට 0.27%ක් දක්වා අඩු කර ඇත. අප ගනනය කර ඇති පරිදි අවම තරමෙන් ඉදිරි වසර 2 තුල අධ්‍යාපනය සදහා වෙන්කරන මුදල අවම තරමෙන් දළ දේශීය නිශ්පාදිතයෙන් 6%ක ප්‍රතිශතයකට ඉහල නැංවිය යුතුය.ඒ නිදහස් අධ්‍යාපනය මෙරට සෑම දරුවෙකුටම ලගාකරදීම උදෙසාය.
වගකිව යුත්තන් පවසන්නේ අප ඉහත සරල ගනිත සූත්‍ර වරද්දවාගෙන අනවශ්‍ය ප්‍රශ්නයකට මූල හේතු සකසමින් සිටින බවය.ඔවුන්ට මුලින්ම මතක් කල යුතුව ඇත්තේ මෙම ගැටලුව සරල ගනිතසූත්‍ර වලින් වටහා ගත නොහැකි බවයි.ප්‍රතිශත වලින් ප්‍රකාශකිරීමට සිදුව තිබෙන්නේ පවතින ක්‍රමය තුල එය කාටත් තේරෙන සිංහලය බවට පත්වී ඇති නිසාය.දළ දේශීය නිශ්පාදිතය විචල්‍යයක් වන බැවින් එයට අනුව යමක් ප්‍රතිශතයක් ලෙස දැක්විය නොහැකි බව අපද දනිමු.නමුත් ආසියාවෙ ආශ්චර්ය කරා අප සීඝ්‍රයෙන් පියමනිද්දී අපගේ දළ දේශීය නිශ්පාදිතයේ අගය රොකට් වේගයෙන් ඉහල නගින බව මහ බැංකුව පවසන නිසා අප ප්‍රකාශ කරන ඉහත ප්‍රතිශත අගයන්ද ඒ අනුව වෙන්කරන වැය ශීර්ෂ වල මුදල් ප්‍රමාණයද වැඩිවිය යුතුමය.
අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ මෙරට සරසවි ඇදුරන්ගේ භූමිකාව පිලිබද කුමන වාද විවාද තිබුනද එවන් පිරිසක් රටට අවශ්‍යය.අප මෙහිදී පෙනී සිටින්නේ එම වෘතියේ අනන්‍යතාව උදෙසා මිසක් පුද්ගල චරිත වල හැකි නොහැකි,ගුන අගුන මත නොවේ.මේ රටට අවශ්‍ය දැනුම බිහි කරන්නා විය යුත්තේ සරසවි ඇදුරාය.සමාජය ඉල්ලන වෙනසක් ඇත්නම් ඊට අනුගතව වෙනස් වීමට ඔවුන් සූදානම්ය.මෙරට විශ්ව විද්‍යාල වලින් කෙරෙන පර්යේශන වලින් රටට අබමල් රේනුවක වැඩක් සිදු නොවන බව ඇතැම් මත වලින් කිය වුනද,එම පර්යේශන කිරීමේ හැකියාවත් දැනුම යාවත්කාලීන කිරීමේ ක්‍රියාවත් සිදු කිරීම නිතැතින්න්ම පැවරෙන්නේද විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන්ටමය. එම පර්යේශන වල ගුනාත්මක බව හා අවශ්‍යතාව තීරණය කල යුත්තේ දේශපාලන අධිකාරියයි.ඒ තම පටු අරමුනු උදෙසා නොව රටේ මහජනතාවගේ අවශ්‍යතාවය උදෙසාය.මේ සියලුම ක්‍රියාවන් අවසානයේදී දේශපාලනික වන නිසාම මෙරට ගුනාත්මක පාලන තන්ත්‍රයක් සහ පාලකයින් තැනීමේ වගකීමද බුද්ධිමතුන්ටම හිමිවේ.එසේ නම් බුද්ධිමතුන්ගේ ගුනාත්මක බව තීරනය කරන්නේ කවරහුද?ඒ සදහා ඔවුන් තුලම ස්වයං සංඝායනාවක් සහ විනයක්ද පැවතීම අත්‍යාවශ්‍ය වේ.
වෛද්‍ය කේ.එල්.ටී.ඩී.ජයවර්ධන
සම සෞඛ්‍ය විද්‍යා පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
(diluvet@yahoo.com )
Mema puta lokaa sb witharawath addyapanayak neha. He got degrees in netherland which is one of the poor ranked instututions granting PhDs.
The thing difficult to understand is how we can expect educated people who become henchmans of sustaining poluted political system. Recently, I read on a paper that another group of university professionals had established a forum supporting to UNP. In Sri Lanka there are enough divitions in the society. Today no notice of objection can be seen non political. Because of that the accusation of politicians in power becomes true sponteniously. However, at lest if possible to organize a non-political conversation and movement among educated people it would be a timely need to disoriented Sri Lanka today.
මුන්ට 6% පිස්සු. මොනවද මේ කියන බොළඳ කතා.
“.අපට නිදහස් අධ්‍යාපනය තවදුරටත් මේ රටේ තිබුනත් නැතත් වෘතිකයන් ලෙස වැටුපක් ලැබෙනු ඇත.”
— ඉතිං ඒ වැටුප අරං හිටපල්ලකෝ අපිට පව් නොදී.
“ආචාර්ය වරුන් බහුතරයකට තම දරුවන් සමග විදේශ ගතව සේවය කිරීමට අවස්ථාවක් සලසා ගැනීමද එතරම් අසීරු කටයුත්තක් නොවන බව දැනගත යුතුය.”
— මේ තර්ජනයක්ද? පුළුවන් නම් නොයන්නේ ඇයි? පුළුවන් උන් පඩි වැඩි කළා කියා නොයා ඉන්නවද. මේවට හිනා වෙන්න ඕනේ කොතනින්ද?
“2005දී ආන්ඩුව බලයට පත්වන විට වැයශීර්ෂ වල අධ්‍යාපනයට වෙන් කෙරුන මුදල දළ ජාතික නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2.9%කි.අද වනවිට එම අගය 1.9%ක් දක්වා පහල බැස ඇත.එයිනුත් විශ්ව විද්‍යාල වෙනුවෙන් වෙන්කල මුදල දළ ජාතික නිශ්පාදිතයේ ප්‍රත්ශතයක් ලෙස 0.52% සිට 0.27%ක් දක්වා අඩු කර ඇත”
— ඇයි ඕයි, තමුසෙලා ප්‍රතිශත වලින්ද කඩේ ගිහිං බඩු ගන්නකොට ගෙවන්නේ, ලයිට් බිල් වතුර බිල් ගෙවන්නේ. නිකං ගොන් ජෝක් සපයන්න එපා. රටේ ඔය කියන “දළ ජාතික නිශ්පාදනය” 2005 න් පස්සේ වැඩි වෙලා නැද්ද? 2005 වියදම් කරපු දේවල් වලට විතරද රටක් විදියට දැනුත් අපි වියදම් කරන්න ඕනේ. මේවා හොඳයි වැද්දන්ට. උන්නං හැමදාම එකම තැන ඉන්න නිසා හැමදාම එක ප්‍රතිශතයක් වෙන් කරලා චුන් එකේ ඉන්න පුළුවන්. තමුසෙලා කෙරටුගාමි හරි කුරුටුගාමි හරි ඕන පකිස් බූරුවෙකුට කඩේ ගියාට කමක් නෑ, හැබැයි රටේ සාමාන්‍ය ජනතාවගේ බුද්ධියට අපහාස නොකර. ගන්න පඩියට රටට සේවයක් කරන උන් නම් ඔහොම ටෝක් දුන්නට කමක් නෑ. ඔය පින්තුරේ ඉන්න උන් දෙන්නම එක වගේ ද්‍රෝහියෝ. මේ වගේ උන් නිසා වෙන්නේ සේවයක් කරන ආචාර්ය වරුත් නිකං පීචන් වෙන එක.
අපරාදේ උදේ පාන්දර අපි ලේ පුච්චා ගන්නවා.
අනේ හරකෝ තොවගේ උන් හොදයි දේශපාලුවන්ට කඩේ යන්න
එක්කෝ උඹ කැම්පස් තේරුනේ නැති මානසික අසහනයෙන් පෙලෙන කුහකයෙක්. නැත්තම් ආණ්ඩුවට රෙද්ද උස්සගෙන කඩේ යන බූරුවෙක්. උඹ දන්නවද ඔය කථිකාචාර්ය වරුන්ගෙන් අඩු ගානේ 50% කටවත් පිට රට රස්සාවක් හොයා ගන්න පුළුවන් කියල. උඹ දන්නවද එහෙම වුනොත් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියම බිඳ වැටෙනවා කියල. උඹ දන්නවද එස්.බී. කරන්න දඟලන්නෙත් එක කියල?
ඔයා වගේ අයනම් මේ රටේ ඉන්නේ අපේ රටට දෙයින්ගේම පිහිට තමයි.
Well said Joseph
hey umba hodai ban chande illanna. Umbe mole hodata thiyanawa. kudu tikak ehema genella tikak weda pennapang. MARA umbawa ethulata gani sure ekatama.
“ආචාර්ය වරුන් බහුතරයකට තම දරුවන් සමග විදේශ ගතව සේවය කිරීමට අවස්ථාවක් සලසා ගැනීමද එතරම් අසීරු කටයුත්තක් නොවන බව දැනගත යුතුය.”
— මේ තර්ජනයක්ද? පුළුවන් නම් නොයන්නේ ඇයි? පුළුවන් උන් පඩි වැඩි කළා කියා නොයා ඉන්නවද. මේවට හිනා වෙන්න ඕනේ කොතනින්ද?”
ඔබගේ දැනුම මේ ප්‍රකාශය තුලින් මොනවට පැහැදිලි වේ…. ඔබේ මට්ටමින් අන සියලු දෙනාවම මනින්න එපා…
මචං ජෝසෆ් (හොඳ වෙලාවට උඹ ජෝසෆ් ස්ටාලින් (ලෝකල්)) නොවුණෙ,
නලින් තුමා එදා වාද පිටියෙදි ඇණ ගත්ත වගේ පෙනිච්ච හින්ද මාත් ඔය ප්‍රතිශත ගැන ටිකක් හොයල බැලුව. ඇත්තටම ඕක දළ ජාතික නිෂ්පාදිතයෙ ප්‍රතිශතයක් ලෙස අරගෙන ඒක මදි කියන පදනමින් අපේ ගරු උගත් පිරිස ආණ්ඩුවෙන් ගේම ඉල්ලන එකෙන්ම පේන්නෙ ඒ ගරු උගතුන්ගෙ තියෙන කුහක කම. ආණ්ඩුවට බණිනවනම් අඩුම තරමින් සමස්ථ රාජ්‍ය වියදමෙන් අධ්‍යාපනයට වෙන් කරපු ප්‍රමාණෙ මදි කියල බනින්න ඕනෙ. හැබැයි ගරු උගතුන් එහෙම කියන්න කැමති නැහැ. මොකද ඒ ප්‍රතිශතේ අච්චර අඩු නැති හින්ද.
අධ්‍යාපනික ගුණාත්මකභාවය අතින් දැනට ලෝකයේ ඉතාම පහළම දර්ශකයක් දරන ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වර්තමානයේ සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා තවදුරටත් පහල වැටීමේ අවදානමක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු විසින් පවසයි. තවමත් මෙම අර්බුධය සමථයකට පත් වී නොමැති නිසා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් මෙම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. එසේම එමෙන්ම මෙවර පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවලින් ඉවත්වීමටද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර ඇත.
2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල උගන්ඩාවේ, ඝානාවේ , සුඩානයේ සහ ඉතියෝපියාවේ ජාතික විශ්වවිද්‍යාල වලට වඩා පහත් දර්ශකයක් දරයි. සාක්ෂරතාවය අඩු අසමත් අප්‍රිකානු රාජ්‍යවල විශ්ව විද්‍යාල පවා මේ අනුව අධ්‍යාපනික ගුනත්මකභාවෙන් ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පරාජය කොට තිබේ. වර්තමාන සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා මෙම දර්ශකය තවදුරටත් පහත වැටීමට ඉඩ තිබේ.
2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකික විද්‍යාල සහ අප්‍රිකානු විශ්ව විද්‍යාල වල තත්වය පහත දැක්වේ (උපුටා ගැනීම http://www.webometrics.info/top12000.asp Ranking Web of World Universities 2012 January )
Sri Lankan Universities World Rank
University of Colombo 1447
University of Peradeniya 1909
University of Moratuwa 2794
University of Sri Jayewardenepura 3078
University of Kelaniya 4434
Open University of Sri Lanka 5012
University of Ruhuna 5071
University of Jaffna 7940
Sabaragamuwa University 8627
Rajarata University 9145
African Universities World Rank
Makerere University 1,177
(Uganda)
University of Khartoum 1,216
(Sudan)
Kwame Nkrumah University 1,338
(Ghana)
Addis Ababa University 1,367
(Ethiopia)
ඔයාගේ ඔය විශ්ලේෂණයට මේ අප්‍රිකානු රටවල් අධ්‍යාපනයට වැය කරන මුදල (ශ්‍රී ලංකාවට සාපේක්ෂව) ඉදිරිපත් කලොත් නේද හොඳ?
මේ Z ස්කෝර් එක මුල ඉඳලම අවුල් කල විද්වත් කමිටුව කවුද……? මේ අවුලට මුල මේ වර නම් තටිල් ඇතුලු විද්වතුන් භාරගත යුතුයි..!!! සන්ඛ්‍යාන සූත්‍රය හැදුවේ ඇමති නෙමෙයි මේ විද්වත් කමිටුව නේ……!!! ඒක ඒ අය ස්වාධීනව කරපු වැඩක්…….!!! අනිවාර්යයෙන් මේ සන්ඛ්‍යාන සූත්‍රය හදපු කමිටුවේ උන්නු තටිල් බූරුවා මේ ගැන කියන්නෙ මොනවද කියලා මාධ්‍ය නොවිමසන්නේ ඇයි………?? විචාර බුද්ධියෙන් මේ ප්‍රශ්නෙ දිහා බැලිය යුතුයි……. කවුරුත් කියන්නන් වාලේ ඇමතිට බැන්නට වැඩක් නෑ………..!!!! අපේ රටේ බහුතරයක් යතාර්ථයට පයින් ගහලා මාධ්‍ය සන්දර්ශණවලට යට වෙන්නේ ඇයි……….????
අනේ හරකෝ, උඹ මොනවද දන්නේ මහාචාර්ය තටිල් ගැන. නිකන් උම්බෑ කියන්නේ නැතුව හිටපන්. 2001 ඉදන් ගත්ත එතුමා හදපු Z -Score එකෙන් තමයි. කරුමෙට මේ සැරේ නියැදි දෙකකට Z- score ගණනය කරන්න උනා. නමුත් සංක්‍යනයට අනුව එක කරන්න බැ. එක මුල ඉඳන්ම තටිල් කිව්වා. එත් මේ ගොන් ඇමැතියල උන්ට ඕන හරක් ටිකක් ගෙන මේක නැව. නිකන් හරකෙක් වගේ දන්නේ නැති ඒවාට කතා කරන්න යන්නේ නැතුව හිටපන්. තවත් මේ ගැන දන ගන්න ඕනනම් මේක කියෝපන්.. http://www.upuls.net/2012/07/z-score-srilanka/ එත් තේරෙන්නේ නැත්නම් මට කියපන් මම උබට උගන්නන්නම්.
ඉස්සෙල්ලා Z එක හදපු කරුණාරත්න මහාචාර්යතුමාගේ කණ්ඩායමට වැරදුනු එක ඇත්ත…!!!! ඒකනේ පරන Z එක අහොසි කරලා අලුතින් Z එක ගණනය කරන්න කියලා අධිකරණය නියෝග කලේ……….!!!! ඉතින් මේ අලුත් Z එක හදපු කමිටුවේ ගරු තටිල් මහාචාර්යතුමා හිටියනේ…..!!!! මම අහන්නේ ඇයි ඒ මහත්තයා මේ වැඩේ නිවැරදි ක්‍රමවේදය අනුව කරේ නැත්තෙ කියලා තමා………..!!! ඒකනේ දැන් තියෙන අවුල…………!!!! මේ පාර හරියට Z එක හැදුවෙ නැත්තෙ ඇයි…………..????
රටේ යමක් කමක් තේරෙන ජනතාව අද පවතින තත්වය පැහැදිලිව තේරුම් ගත යුතුය.
අපේ රටේ ප්‍රධාන සරසවි වල විද්‍යා, ඉංජිනේරු විෂය පථයන් තුලින් පළමු සහ දෙවන ඉහල පෙළ සමර්ථ ලබන උපාධිධාරින්ගෙන් 90% ට වඩා ඇමෙරිකාවේ පශ්චාත් උපාධිය සඳහා යන අතර ඔවුන්ගෙන් නැවත රටට පැමිණෙන්නේ 1% වැඩ අඩු පිරිසකි. ඒ එන්නේද ලංකාවේ සරසවියක ආචාර්ය තනතුරක් ලත් අය පමණි. බොහෝවිට ඔවුන් පැමිණෙන්නේ මා පියන් සහ ඉඩකඩන් බලාගත යුතු නිසාය.
මේ අයගෙන් ඉතා විශාල පිරිසක් පැමිණ වසර දෙක තුනක් යන විට පවතින තත්වය කෙරෙහි කලකිරෙයි. ඇමරිකාවේ නතර වුන සඟයන් ඉතා හොඳ දිවිපෙවෙතක් ගත කරමින්, ඔවුන්ගේ දරුවන් ඉතා හොඳ අධ්‍යාපනයක් ලබමින්, සරසවි වල රැකියාව කරනවුන් පර්යේෂණ පත්‍රිකා පිට පත්‍රිකා පළකරමින් තම H-අංකනය වැඩිකරගනිමින් සිටින විට තමන් ඊට ඉතා පහල මට්ටමක සිටීම ඔවුනට මානසිකව වදයක් වේ. දරුවා පාසලට ඇතුළු කිරීමේ සිට හොඳ වහනයක් නඩත්තු කිරීම දක්වා අනවරත අරගලයක යෙදෙන ආචාර්යවරයා ට පර්යේෂණයක් කිරීමට සුදුසු වාතාවරණයක් ඇතිකරගැනීමම මහමෙරක් තරම් අසීරු වේ.
මේ තත්වය මත තමා ලංකාවට පැමිණි හේතුන්ගේ ඇවෑමෙන් ඔවුන් නැවතත් රටින් පිටවීමට නිරතුරු උත්සුක වෙයි. මේවන විට ලංකාවේ සරසවි වල විද්‍යා හා ඉංජිනේරු පිත වලින් ඉවත්වන ආචාර්යවරුන් පිළිබඳව සංගණනයක් කළහොත් ඔබට මෙහි ඇත්ත වැටහෙනු ඇත. සමහර ආචාරයවරුන් 10 දෙනෙකු ඉවත් උනත් සරසවියකට දැනෙන්නේ නැත. නමුත් සමහර ආචාරයවරුන් එක්කෙනෙක් ඉවත් වුවත් එය 20 දෙනෙකුගේ අඩුවක් සාදයි. අවාසනාවකට රටින් පිටවන්නේ දෙවැනි කණ්ඩායමයි.
කළා, වාණිජ, වෛද්‍ය, නීති අංශ වල මෙම බුද්ධි ගලනය එතරම් දැනෙන්නේ නැත. මුලදී ඇමරිකාව හා යුරෝපයට ඇදගත් අපේ බුද්ධිය මේවන විට ඈත පෙරදිග, මැද පෙරදිග සහ අප්‍රිකානු රටවල් පොම්ප කරගනිමින් පවතී. මේ රටවල් වල අපේ බුද්ධියට ගෙවන මිල ඇමරිකාවේ මෙන් දෙතුන් ගුණයක් වන අවස්ථා ඇත.
මේ තත්වය තේරුම් ගැනීමට නොහැකි වුවහොත් තව වසර 10 කින් පමණ ලංකාව විද්‍යා-බුද්ධි කාන්තාරයක් වනු ඇත
ජෝශප් කියල තියනදේට මමත් එකගයි, මුන්ට දැන් කෙල වෙන බව තේරිලා, ” අපේ මේ ප්රායත්නය අපේ හොදට නෙමෙයි, ජනතාවගේ හොදටයි” කියලා කියන්න පබ්ලිසිටි කැම්පේන් එක්ක පටන් අරන්, මුන් ගෙන් ඉගෙන ගත්තාට අපි ගොන්නු නෙමෙයි අපි විතරක් නෙමෙයි, මුලු රටම මුන් ගැන පුදුම තරහකින් ඉන්නේ, මුන් කරන බලු වැඩ වලට
විස්ව විද්යාිල ආචාර්ය වරුන්ට හොද පඩි ලැබෙනවා, වාහන දීමනා, උපදේශක දීමනා, ආදී වෙනත් වාසිත් තියනවා, මේ ලගදී පඩි වැඩිකලා, දැන් මුන් ආයෙත් වැඩි කරන්නලු, මෙතන තියෙන්නේ වෙන මොනවත් නෙමෙයි දේශපාලනෙ
විශ්ව විද්යාාල ආචාර්ය සම්මේලනේ ආචාර්ය වරුන්ගේ බහුතරයක ගේ අදහස නිරූපනය කර්න්නෑ, හොදින්ම පේනවා සබාපතිකමට පත්වෙලා ඉන්න ගල් ඉබ්බා දිහා බැලුවාම, චන්ද්රිසකා කාලේ මූ රූපවාහිනී සංස්ථාවේ පිලිකන්නේ නිදා ගත්තා, පුෂ් බයිසිකලේ ගිහින්, පැකේජ් එකට කඩේ ගිහින් තුට්ටු දෙකක් ගන්න.
ශ්රීි ලංකා රජයේ හමුදාව “කුලී මිනීමරු හමුදාවක්” කියලා, ටීවී එකේ කියන්න තරම් විනයක් නැති, ශීලාචාර කම්ක් නැති කටට බ්රේික් නැති එකෙක් ඕකා.
දල ජාතික නිෂ්පාදන කතාව හොදයි, “කොන්ඩෙ බැදපු චීන්නුන්ට” අපේ රටේ තියෙන සුබ සාධන ආර්ථිකේ වගේ නිකම් දෙන ආර්ථ්කයක් ලෝකේ කොහේ වත් නැහැ, උපන් දා ඉදන් මැරෙන කම් හැම දෙයක් ම නිකන්, ඉපදෙන්නේ රජයේ රෝහලක නිකන්, ඉස්කෝලේ යන්නේ නිකන්, පොත් පත්, කෑමත් නිකන්, සමෘධි , ජන සවිය කියලා අම්මා අප්පටත් නිකන් සල්ලි, ලෙඩා දුකට නිකන් බෙහෙත්, ගෙවලුත් නිකන්, වැස්සක් වැස්සොත් ගංවතුර ආධාර, පෑව්වොත් නියං ආධාර, ඒ මදිවට රජයේ රස්සා තියෙන එවුන්ට අර්ථසාධක, විශ්රාේම වැටුප් අඩු පොලී නිවාස නය මේ හැම් දෙයක්ම.
නිදහස් අධ්යාලපනේ සෑම දෙනෙකුටම ලබා දෙනවා කියන එක හීනයක් පමනයි, අනික ඒක කරන්නේ, අනාගත පරම්පරා ගන්නාවක් ලෝකෙට නය කරලා, අපි කරන්න ඕන අධ්යාීපනේ සෑම දරුවෙකුටම ලබා දිය හැකි ක්රරම හෙවීමයි, නිදහස් අද්යාවපනේ කියලා ලෝකෙට නය වෙලා වැඩක් නැහැ.
මේ අපේ විශ්ව විද්යාලල ආචාර්ය වරුන්ට රට රස්සා ලැබෙන්නේ නැහැ, ඒක හීන මානයෙන් කියන බොරුවක්, ලැබුනොත් ලැබෙන්නේ මැද පෙරදිග කම්කරු රස්සාවක් තමයි.
අපේ විශ්ව විද්යාරල වල උගන්වන්නේ ඒ අයගේ බැච්වල හිටපු යන්තම් ගොඩ දාගත්තු කට්ටිය ( නලින් වෙනස්, නලින් වැඩ කාරයා, ජී එලුත් එහෙමයි , හැබැයි බටහිර ගැත්තා) මේ අද ආචාර්ය කම් කරන අයගේ බැච්වල හිටපු වැඩ කාරයෝ පොරවල් ඒ අය ආචාර්ය උපාදි කර්න්න ගිය රටවල රස්සා ලැබිලා ඒ රටවල නතර වෙලා ඉන්නේ, මේගොල්ලෝ එහෙම රට යන්න බැරිව මෙහෙම ආචාර්ය උපාදිකරලා ඒ ගොල්ලන්ගේ බැච් වල වැඩ කාරයෝ ගැන, ඉරිසීයාවෙන් හීනමානයෙන් කැකෑරි කැකෑරි ඉන්න අය.
පිට රට වල ආචාර්ය උපාධි ගත්ත අයත් ඉන්නවා, නමුත් තුට්ටුදෙකේ හිගන විශ්ව විද්යාගල වලින්, ඒ ආචාර්ය උපාධියට ඒ රටවල රස්සා දෙන්නේ නැහැ, මේ ගොල්ලෝ එහෙම ආචාර්ය උපාදියට පස්සේ ඒ රටවල රස්සා හොයලා, රස්තියාදුවෙලා, රස්සා ලැබුන්නැතිවුනාම රට වෙනුවෙන් සේවයක් කර්න්න කියලා මෙහෙට කඩා පාත්වෙච්ච අය.
දක්ෂයෝ ඉන්නවා තමයි, නමුත් බොහොම අත ලොස්සයි, කාටත් මතකයිනේ මේගොල්ලෝ රජරට වකුගඩු රෝගය අනාගත්ත හැටි, මේ වැඩකාරයොන්ට බැරිවුනා තාමත් මේකට හේතුව හොයාගන්න, නලින් මූලික වෙලා කරලා පෙන්නුවාම පොල්ගගහා රටවටේගියා, කිසිම බුද්ධිමත් කතිකාවක් වුනේ නැහැ.
අපිත් මේ ගොල්ලන්ගෙන් ඉගෙන ගත්තා, අපේ බැචාලා දැන් මේ වායේ උගන්වනවා, කියන්න කනගාටුයි සද්භාවයෙන් වැඩකරන අය බොහොම අඩුයි, අපේ රටේ හැම ආයතනයක් වගේම ( දේශපාලකයෝ, ව්යාකපාරික ප්රිජාව, පූජ්යැ පක්ෂය දොස්තරලා ) මේ ගොල්ලොත් දූෂිත ආත්මාර්ථකාමී කැකෑරෙන ඉරිසියාවකින් හීනමානයෙන් පෙලෙන පිරිසක්.
මේ රටේ කිසි දෙයක් නිකන් ලැබෙන්නේ නෑ. කවුද ඔය බොරැ කතාව කියන්නේ. ඒ වෙලාවට අය කරන්නේ නෑ තමයි. ඒත් අපි බදු ගෙවනවා හිටු කියලා. ප්රාදේශීය ලේකම් කාර්යාලෙකින් උප්පැන්න සහතික පිටපතක් ගන්න ගියාම පොටෝ කොපියක් දෙනවා රැ 25.00කට පොටෝකොපියට රැ.5.00 යන්නේ. ඔන්න ඔහොමයි නොමිලේ ලබීම. අද්යාපනය නොමිගල් ලැබෙනවා කීවාට කොයිතරම් වියදමක් යනවාද කියා දෙමව්පියෝ දන්නවා. ටියුෂන් දෙන්න බැරි දෙමාපියන්ගේ දරැවන්ට විද්‍යා වයිද්ය ඉංජිනේරැ අංශවලට යන්න මේ ආත්මෙට බෑ. රජයේ වියදමෙන් සව්ක්ය පහසුකම් ලැබෙන්නේ කෙහෙලිය. දුමින්ද වැනි අයට පමණයි. රජයේ රෝහල්වලින් හෙම්බිරිස්සාවට ඉහළ ලෙඩකට නොමිලේ බෙහෙත් ලැබෙන්නේ නෑ. රජයෙන් නොමිලේ බෙහෙත් ලැබෙන තෙක් බලා හිටියොත් ඒ ලෙඩාට මැරෙන්න තමයි වෙන්නේ.
අනේ කරුනාකරල ගාල්ල කෑල්ල හලපන්.නිකන් උඹෙ නම විතරක් දාපන්.නැත්තම් අනෙක් උන් හිතාවවි ගාල්ලෙ ඔක්කොම උඹ වගෙ මොඩයො කියල.
ඔයා හරියට සතේට බදු ගෙවනවා වගේ . අනේ යනවා යන්න නිකන් බොරු නොකියා. අපේ රටේ තමා ගොඩක් දේවල් නිකන් දෙන්නේ . හරියට බදු ගෙවන්නෙත් නැහැ හැමදේම නිකන් ගන්න බලාපොරොත්තු වෙනවා. ළමයි ටියුෂන් යන්නේ පාසලේදි දෙන දේ මදි නිසානේ. එතකොට ඒකටත් වැරදි රජයද තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැති ගුරුවරුද? එහෙම නැතිනම් දෙමාපියන්ද? රජයෙන් දෙන සල්ලි මදිවෙලාද නැතිනම් ඉගැන්විමේ තියන දුර්වල කම නිසාද ළමයි ටියුෂන් යන්නේ. ටියුෂන් නොගියාට කැම්පස් පාස් වෙන අය ඖන තරමි ඉන්නවා
විශ්වවිද්යාුල ආචාර්ය වරුන්ගේ සංගම කියනේ, දේශපාලන බලල් අතක්, ඒ කේ ලොක්කා සමහරවිට හිතන් ඉන්නවා ඇති, මිනිහා තමයි පොර කියලා, හරියට, නගුට හිතුවා වගේ මම බල්ලා වනනවා කියලා.
ශ්රීහ ලංකා රජයේ හමුදාව “කුලී මිනීමරු හමුදාවක්” කියලා, ටීවී එකේ කියන්න තරම් විනයක් නැති, ශීලාචාර කම්ක් නැති කටට බ්රේහක් නැති එකෙක් ඕකා.
චන්ද්රිදකා ආන්ඩුව කාලේ, බයිසිකල් කට්ටක රූපවාහිනිය අයිටීඑන් වල අගුපිල් වල ලැග ලැග NGO වලටයි චන්ද්රිසකා ආන්ඩුවටයි කඩේ ගියා අපි ඇහින් දැක්කා, අපි මැරිලා ඉපදුනේ නැහැ.
LTTE එක යුදමය වසයෙන් පරද්දන්න බැහැ කියලා කියපු මතයේ කසකාරයා මිනිහා තමයි, LTTE-NGO ව්යා්පාරය තිබුනානම් ඒකෙන් වෙනවෙනත් වාසි ලබගන්න ඉන්න අයගේ ඉස්සරහින්ම හිටපු කෙනේක්, වෙන මොනවත් නෙමෙයි, LTTE ක යුදමය වසයෙන් පරද්දලා දැන් ඊනියා “ජනවාර්ගික ප්රේශ්නය” කියන NGO මතයත් කට උත්තර නැති ගානට පැර දිලා යන අවස්ථාවක, වෛරයෙන් ඉරිසියාවෙන් කැකෑරෙමින් ගත්තු දේශපාලන තීන්දුවක් මේක.
Moda joke danna epa ban. Owa gihin kiyapang MARA ta
ඔබත් මියැදෙයී මමත් මියැදෙමි අනාගතයක් දරුවන්ට කොහේදෝ
සරසවියටම නාකිවීයයි ඔබතුමන්ලට හදවතක් නැත්දෝ
අවුල් ජන්ජාලයකි හැමවිට විසඳුමක්වත් සොයනවත්දෝ
කල්මැරීමෙන් වෙන්නේ මොනවද කියල ඔබලා දන්නේ නැත්දෝ
‘ආචාර්ය නිර්මාල් තම ආචාර්ය උපාධිය ලබා ඇත්තේ නෙදර්ලන්තයේ පැරණිම සරසවිය මෙන් ම ලෝකයේ හොඳම සරසවිවලින් 65 වැනි ස්ථානය දරණ (Shanghai JiaoTong Ranking – 2011) ලේඩන් සරසවියෙනි. ලංකාවේ හොඳම උගතුන් පවා ඔහු ගේ බුද්ධිමත්භාවය පිළිගනිති”
ඔච්චර බුද්ධිමතා එහෙනන් ශ්‍රාස්ත්‍රීය පත්‍රිකා බර ගානක් ලෝකේ ඉහලම් ශ්‍රාස්ත්‍රීය සගරා වල පලකරලා ඇතිනේද? මෙන්න මිනිහාගේ ශාස්ත්‍රීය පත්‍රිකා ගාන “0 ”
හොදයි හොදයි වෙබොමෙට්‍රික්ස් නරකයි, ෂැංහායි ජියෝ ටොන්ග් තමයි හොද, හරියට නිකං කැහි ගෑනද හොද හොටු ගෑනිද හොද කියලා ඇහුවා වගේ, මිනිහගේ බුද්ධිය රෙද්දපල්ලේන් බේරෙනවා, ඇයි උඹ අහගෙන හිටියේ නැද්ද ටී එන් එල් වි වාදයේ දී ගිරිය පුප්ප ගෙන ලංකා හමුදාව කියන්නේ කුලී මිනීමරු හමුදාව කියලා කිව්වා, කෝ ඔය බුද්ධිමතාගේ විනය.
Nirmal was a x-team member
The Adaptable Peasant: Agrarian Society in Western Sri Lanka Under Dutch Rule, 1740-1800
Nirmal Ranjith Dewasiri
0 Reviews
BRILL, 2008 – 294 pages
This study investigates the structural changes in western Sri Lanka’s agrarian society under the administration of the Dutch United East India Company (VOC). In the areas where peasant agriculture was the predominant form of production, changes in the land tenure system paved the way for a modern system of private property relations. A new class differentiation emerged and the indigenous chiefs turned into powerful landowners. In addition to this, new light is shed on the dynamics of caste formation as a result of the early colonial encounter.
Preview this book »
People who got degrees in US, UK, Australia and Canada are much educated and professional than netherland people. Resaon is that netherland language is a great barrier for foreign students to learn something. I agree witth Harasha in that view point.
Gon Harsa having only 2 simples in 1982 /83 BIO subject at royal college, this is the truth. After that what was happening useless.
මහාචාර්ය නලින්ද සිල්වාගේ ගණිත-භෞතික විද්‍යා දැනුම පිළිබඳව කිසිඳු තර්කයක් නැත. ඔහු මෙතෙක් ලංකාවේ බිහිවූ ඉහලම විද්‍යඥයෙකි. එහෙත් ඉන් ඔබ්බට එතුමාගේ ගත යුත්ත කුමක්දැයි 80 දශකයේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ සිටි අයකුගෙන් අසා දැනගන්න. එදා ඔහු පසු පස ගිය වුන් අද ඔහුට දෙස් දෙවොල් තබයි. එහෙත් ඔහු ඉදිරියට යයි. මන්ද එක් මන්ද බුද්ධික පරම්පරවකගේ අසා පාදෙන විට තවත් එවැනි පරම්පරාවක් බිහිවන බැවිනි.
අද මහාචාර්ය නලින්ද සිල්වාගේ පුතුන් ඉන්නේ කොහේදැයි ඔහුට කඩේ යන කට්ටිය දන්නවාද? රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔවුන් විදේශ විශ්වවිද්‍යාල වලින් උපාධි ලබා ගෙන අද විදේශ විශ්ව විද්‍යාල වල සේවය කරයි. ඔවුන් නැවතත් මෙහි එන්නේ ඉදහිට රටේ ඇති මෝඩකම් දැක බලාගෙන යාමටයි. ප්‍රිය සම්භාෂණ වලදී ඔවුන් විදේශිකයන් ඉදිරියේදී පවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට පලු පැලෙන්න බනිති.
යථාර්තය නොදන්නා අඳ බලයන් තව මෝඩ පරම්පරාවක් ඉදිරියට ගෙන යයි.
මෙවැනි කාලකන්නින් ගේ ප්‍රශ්න වලට නලින් සර් මෙන්ම ඔහුගෙන් උගත් බොහෝ අය බොහෝ අවශ්ථාවල පිලිතුරු දී ඇත. ඒත් කාලකන්නින් දිනෙන් දින වැඩිවේ. නලින් ද සිල්වා මහතා ගෙන් රටටවූ සේවය මෙතන නොලියමි. බොරුවට නිදාගෙන ඉන්නා කාලකන්නින් කුහකයන් කීද්දීමට බලාපොරොත්තු නොවෙමි. ඔහුගේ දරුවන් සම්බන්දයෙන් ලියූ දේ ගැන යමක් පවසමි. මගේ මව මා කුඩාකලදී මැද පෙරදිග රටක සේවය කලේය. විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ දුක්විදිනා බොහෝ මිනිසුන් එම රටවල අනන්ත දුක් විදිමින් සේවය කරයි. ඔවුන් නොදැනුවත්වම රටට විශාල විදේශ විනිමය ප්‍රමානයක් ලැබෙන්නේද එම වහල් සේවයෙනි. ලෝක ශ්‍රම වෙලද පල ගෝලීය කරනය වී ඇති තත්වයක් යටතේ වෘතීය නිපුනතාවකින් හෙබි තරුණයන් පිටරටවල සේවය කිරීමෙන් මේ රටට විශාල විදේශ විනිමය ප්‍රමානයක් උපද්දවා ගත හැක. ඉහත කොමෙන්ටුව ලියූ කුහක කාලකන්නියාට අනුව කිසිවෙක් පිටරටටකට ගොස් සේවය කිරීම වැරදි දෙයකි. මෙවැනි මුග්ද මැට්ටන්ට පිලිතුරුදීම මහත් පිලිකුලකි. මා දන්නා බොහෝ තරුනයන් ඉන්නවා ඔවුන් ගේ උගත් කමේ හැටියට මේ රටේ රැකියා නැති නිසා පිටරට ගොස් වැඩ කොට විදේශ විනිමය ලංකාවට උපද්දවන. මෙවැනි කුහක කාලකන්නින් ගේ නින්දා අපහාස මැද එම තරුන තරුණියන් නිහඩ සේවයක් රටට සිදුකරයි. ඇත්තෙන්ම නලින් සර් ගේ දරුවාද එවැනි නිහඩ චරිතයකි. නලින් ද සිල්වා විවේචනය කල යුත්තේ ඔහුට වඩා යම් දෙයක් රටට කල අයකි පමණි. කිසි දෙයක් නොකර කාලකණ්නි කමේ ඈනුම් ඇර ඇර, වැඩ කරන මිනිසුන්ට දෙස් දෙවොල් තියමින්, එකම ප්‍රශ්නය හැමදාම අසන ලක්මිණ වැනි නරුම කුහකයන්ට එය කිසිදා කල නොහැක.
@Lion Heart
එල
ඉතින් යකෝ විදේශ විනිමය ගෙන්නන්න කරන්න තියන හොඳම දේ ලංකාවේ ඉන්න උසස් පෙළ සමත් වුන හැම එකාටම විදේශීය ශ්‍රම වෙළඳ පොලට ගැලපෙන යමක් උගන්නලා රට යවන එකනේ. සාමාන්‍ය පාඨමාලාවක කාලය වසර දෙකයි. වසර දෙකෙන් පසු රට ගිහින් විනිමය බර ගානක් ගේන්න පුළුවන්.
ඩොලර් කෝටි ගානක් ගිනි පොලියට ණය වෙලා හදපු නැවු එන්නේ නැති වරාය වගේ දෙයක් වෙනුවට කාර්මික විද්‍යාලයක් දාල වැදගත් දෙයක් උගන්නලා කොල්ලෝ කෙල්ලෝ රට ඇරියනම් මේ වෙනකොටත් ලොකු විදේශ විනිමයක් රටට ඇවිල්ලා. ඔය නැවු එන්නේ නැති වරා නැති වුනා කියල ලංකාවට ලොකු පාඩුවක් වෙන අකක්ය. කොළඹ නැත්නම් ගාලු වරාය තියෙන්නේ. එකත් නැත්නම් තිරිකුනාමලය වරාය තියෙන්නේ. රටේ ඉන්න හරක් දේශපාලුවන්ට මේ වගේ ලෙහෙසියෙන් විදේශ විනික්මය උපයන්න පුළුවන් ක්‍රම පෙන්නේ නැහැ. දැක්කත් නොදැක්ක වගේ අහක බලාගන්නවා. හැබැයි කොමිස් කුට්ටි හම්බවෙන දෙයක් තියනවනම් ඒක ගවු ගානක් ඇත තිබ්බත් යසට පේනවා.
පොල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලු. හරි වැඩේ මෙයා. ආනන්දයට නොයවා රාජකීය විද්‍යාලෙට යැව්වේ ආනන්දෙට වඩා හොඳට රාජකීය විද්‍යාලේ බටහිර චින්තනේ හොඳට උගන්නන නිසා. පිටරට රැකියා කරන්නේ මෙහෙ ඒ බේබිලාට ගැලපෙන රස්සාවල් නැති නිසා. කියන්නකෝ මෙයා මෙහෙ කරන්න බැරි එහෙ කරන රස්සාව.
අනේ යකො නොදන්න මගුල් කතානොතර හටහං
රැසියිවේ සහ චීනයේ ආණ්ඩුවට පක්ෂපාත පරිදි කමෙන්ටු ලියන අය ඉන්නවා. උන් කරන්නේ ආන්ඩුවට විරැද්ධ අයට පව්ද්ගලික මඩ ගහන එකයි.උන් රජයේ සේවකයෝ. උන්ට හොන්දට ගෙවනවා.
මේ කමෙන්ටු කියවන විට පැහැදිලි වන්නේ මෙහි ද එවැන්නක් ඇති බවයි.
මෙහි එන දේශපාලුවා නමැති අයගේ කමෙන්ටුවට විරැද්ධ අදහසක් ඇති කමෙන්ටුවක් මා ලීවා. එය පළ නොකිරීමෙන් පෙනී යන්නේ ලංකාසීනිව්ස් පවා ආණ්ඩුවට කඩේ යන ආයතනයක් බවයි. මගේ ප්රස්නේ හැම මිනිහාම ආණ්ඩුවට කඩේ යා යුතුද? ආණ්ඩුවට විරැද්ධව මත පළ කළ නොහැකි ද? ආන්ඩුව හිතාමතාම කරන වියදම්වලින් සීයට එකක් යෙදෙව්වත් අද්යාපනයට අල දේශීය නිශ්පාදිතයෙන් සීයට හයක් වෙන් කරන්න පුලුවන් වෙයි. මේ ආණ්ඩුව තමන්ගේ පව්ද්ගලික සුඛ විහරණය සන්දහාත්, තමන්ගේ ගිණුම් තර කර ගැනීම සන්දහාත් අති විශාල ලෙස මහජන මුදල් නාස්ති කරන බව බොරැවක් නෙවෙයිනේ. එහෙම නම් ඒවා විවේචනය කිරීමේ වරද කුමක් ද?
අනේ කරුනාකරල ගාල්ල කෑල්ල හලපන්.නිකන් උඹෙ නම විතරක් දාපන්.නැත්තම් අනෙක් උන් හිතාවවි ගාල්ලෙ ඔක්කොම උඹ වගෙ මොඩයො කියල
They are always speaking about that white people done to us.
How they use our people as their slaves. Yes true they use our people
as slaves. But it’s generations ago and it’s their nazi governments
but not white race.
I don’t know why our people so jelous with white people? Normal due to
their educational resources their higher in education, jelous is not the right
thing to do for that. The right thing to do is find out why we are not match with
them when it comes to international job market competitive with them.
And also China is the #1 country which uses slaves today. Why nobody talk about
it? Why everybody so Chinese supportive? The answer is this is how JVP
brainwashed you. If you could see it transparently then you are so lucky and
intelligent. Nevertheless we can’t hate Chinese also, it’s all about their
nazi government and constitution which uses slaves.
If you could escape from this brainwashed mind , then your a winner.
White people have already escaped from it, that’s why they enjoy democracy
in their countries.
අනේ ගොනෝ උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නේ දෙකක්. මහ ලොකු බුද්ධිමතා හින්දා වෙන්ඩ ඇති යුද්ධෙ දිනන්ඩ බෑ කියලා කිවුවේ. ඔය නිර්මාලයා කසිකබල් මාක්ස්වාදියෙක්. NGO පප්පෙක්. LTTE එකට කඩේ යන උග්‍ර සිංහ්ල බෞද්ධ විරෝධියෙක්. මහ ලොකු බුඩ්ඩි මතා.
නලින් ද සිල්වා සෛද්ධාන්තික භෞතික විද්‍යාවට දක්ෂයෙක්ය, අනෙක් චින්තනය වැරදිය කියන උන් දන්නා චින්තනය සුද්දගේ චින්තනයද?ඔය කියන උන් නලින්සර් ගේ භෞතික විද්‍යාව හෝ ච්න්තනය ගැන මෙලෝ අවබෝධයක් නැති අයයි. මම දන්නා එකෙක් කීවා නලින් සර් නොදන්නා දේශපාලනයක් කතා කොරන්නේ දන්නා විද්‍යාව කතා කලාම ඇති කියල.ඇත්තටම ඒ කියපු එකා මොකක්වත් දන්නා එකෙක් නෙමෙයි. එහෙව් උගත්තු තමයි මේ මැරෙන්න ටෝක්ස් දෙන්නේ. මම හිතන්නේ නලින් සර් කියන එකෙන් මට ගත හැක්කේ කුමක්ද කියන එක විතරයි. එයාගේ පුතා මොකද කරන්නේ කියන එක මට වැදගත් නෑ. මොකද මම දන්නවා දෙවදත්තත් සිදුහත් කුමරුගේ නෑයෙක් කියල. නලින් සර් ගේ ජාතික චින්තනයේ දාර්ශනික අදහස 100% හරි. විශ්ව විද්‍යාලයක් කියන්නේ විවධ චින්තනයන් ගැටිය යුතු තැනක් මිස ගිරව් සිටිය යුතු තැනක් නොවේ. ඒ සදහා ආචරය වරුන්ට හැබැයි චින්තනයන් තිබිය යුතුයි. ඒ අතින් නිර්මාල් රන්ජිත් වැරදි නැති නමුත් මම ඔහුගේ අදහස් වලට කැමති නැත.
ගුරුවරුන් යනු සමාජය ගරු කල යුතු චරිතයක් වන බව අමතක කළහොත් සමාජයේ එක වැදගත් ගුණයක් කඩා වැටේ. හාමුදුරුවන්ට ගරු නොකරන සමාජයේ ආද්යාත්මය කඩා වැටේ. ගණිකාවක් දුටු පමණින් අම්මට ගහන්නේ තිරිසනෙකි.රජය සහ මෝඩ ජනයා දැන හෝ නොදැන කරමින් සිටින්නේ ඒ වනචාරී ක්‍රියාවයි. එහි ප්‍රතිපල රටට පසුව දැනේවි.
රෑන්ක් එකෙන් විශ්වවිද්‍යාල මැනීම ලොකු විහිළුවකි.ඒ සදහා යොදා ගන්න නිර්ණායක අද්යාපන ගුණාත්මක බව පමණක් මනින්නේ නැත. එකම විශ්වවිද්‍යාලෙට එමනිසා විවිද රෑන්ක් ඇත. සැබෑ ප්‍රශ්නය පසෙකලා මිනිසුන් කතාකරන්නේ ඉතාම මෝඩ කාරණාය. Z ස්කෝර් එක තටිල්, කුලතුංග සර් ලගේ හෝ දෙසපලකයන්ගේ වරදක් නොව,එය එම ක්‍රමයේ අනන්‍ය දෝෂයක්.එම ක්‍රමය හැර වෙනත් ක්‍රමයක් ගැන සිතා බැලීම කලයුතුයි.
@පුරන්
එල
lipiye kiyana widiyata anduwe uvamanawa rajya adyapanaya binda wattanna. eka hari kiyala mam piligannawa, me wana thuru me anduwen adyapanayata karala thiyana hathurukam walin eka penava.
Namuth me strike eka bahuthara wishwa vidyala guru warunge mathaya nemey. meka suluthara mathaya. but in democracy if you do not agree with the union’s ideas at least you have to keep your mouth shut, you have to stay silence. meka thamay university wala wenne.
Dr. Nirmal Ranjith Dewasiri kiyanne buddhimathek wenna athi, mam eyawa paudgalikawa danne naha, namuth eya katha baha karana widiya adahas dakwana widiya anuwa eya api danna university proffessors lata wada nam wenas. ape lecturers la kawadawath minissunta buruwo, minimaruwa…. etc wage kiyanne naha. Gaurawayen katha karanava. SB amathi thuma wage tharu pahe moda weda karana kenekta unath amathi thuma/ our minister kiyala nisi widiyata katha karanava. eka e minissunge thiyana ugath kama…
ANITH EKA… oya wishwa vidyala prashna walata thiyana hondama wisaduma saha ekama wisaduma thamay SB amathi thuma wa oya thanathuren iwath karala Ph.D sudusukama thiyana ath dakim thiyana mahacharyawarayekuta amathikama denna one. SB enna kalin campus wala ohoma prashna thibune naha. eka dawasak strike nokara mulu year ekama eka digata weda kla elaga vacation eka enakal. wishwa vidyalaya wala inna aya widiyata api dakina ekama wisaduma eka…
නිර්මාල් රන්ජිත් කියන ඇදුරා,
මේ රටේ සිංහල බෞද්ධ සාර ධර්ම වලට විරුද්දව,
බටහිර ලිංගිකත්වය මොඩලයක් කරා,
මේ රටේ තරුණ පරපුර දක්කන්න සූදානම් වුන,
‘මොලේ කචල් Xකණ්ඩායමේ’ හිටිය කියල ආරංචියි.
ඒ වගේම නන්දිකඩාල් යාමට විරුද්දව,
‘සුදු බමුණන්ට’ කඩේ ගිය එකෙක් මූ.
නමුත් මෙතන දී,
විශ්ව විද්‍යාල ඇදුරන් ගේ ප්‍රශ්න මොනවද කියා,
ප්‍රසිද්දියේ සජීවී රූප වාහිනී විවාදයක්,
නිර්මාල් රන්ජිත් කියන ඇදුරා සමග,අපේ මහින්දයය විසින් සැලසුම් කළා නම්,
අපට,බොරු කාරය
ආණ්ඩුවද,මේ ඇදුරන්ද කියා
දැන ගත හැකියි.
එහෙම නොකරනවා නම්
අපේ මහින්දයය ඇදුරන්ට සලකන විදිය
හරි මදි කියල මට හිතෙනවා.
@ මාතර ආතර
නිර්මාල් රන්ජිත් ආචාර්ය තුමා ගේ පුද්ගලික මතවාද සහ ආචාර්ය සංගමයේ මතවාද එකට පටලවා ගන්න එපා. පැහැදිලිව ඒ දෙක දෙකක්. ආචාර්ය සංගමයේ අනෙක් බොහෝ දෙනා වර්තමාන රජය බලයට පත් කරන්න දර දිය ඇදපු අය.
ඔබ නොබැලුවාට විශ්ව විද්‍යාල ඇදුරන් ගේ ප්‍රශ්න මොනවද කියා,ප්‍රසිද්දියේ සජීවී රූප වාහිනී විවාද කීපයක් (දෙරණ 360 සහ වාද පිටිය, TNL ජනහඬ) පසුගිය සතියේ ,නිර්මාල් රන්ජිත් සහ වෙනත් ආචාර්ය වරුනුත්, රජය ට සම්බන්ධ නලින් ද සිල්වා ඇතුළු අයත් සමග පැවැත්වුනා. බොරු කරන්නේ ආණ්ඩුව බව එමගින් රටටම පෙනුනා.
@SK
අපේ නලින් ප්රෝපා සහ නිර්මාල් රන්ජිත් සහභාගී වුන
එම වාද බැලීමට,
ඒවායේ වෙබ් යොමුව
එවන්න පුලුවන්ද?
සම සෞඛ්‍ය විද්‍යා පීඨය යනු කුමක්ද?
එයින් වන සේවය කුමක්ද?
සම සෞඛ්‍ය විද්‍යා පීඨය යනු පරිපූරක වෛද්‍ය (භෞත චිකිත්සාව, වෛද්‍ය රසායනාගාර සේවාව, ඖෂධ වේදය, විකිරණ ශිල්පය) සහ හෙද සේවය සඳහා උපාධි පිරිනැමීම සිදුකරන ආයතනයයි. ඔබ ඒ බව නොදැන සිටීම පුදුමයට කරුණකි.
ස්තුතියි,
තව ප්‍රශ්න ටිකක් හිතට ආව.
1.
මේකේ ලොක්ක වන ජයවර්ධන මහත්තය,පෙරදිග ඩොකෙක්ද, අපරදිග ඩොකෙක්ද?
2.
ඕකෙන් උපාධි අරන් බටහිර රටවල රස්සා ගන්න යන කොට,උපාධි සහතිකේ උඩින්, ‘සම සෞක්කිය’ කියන පද ඉංගිරිසියට හරවල ලියන්නේ මොන ඉංග්‍රීසි වදන්ද ?
3.
සිංහලෙන් හිතුවොත්,’සම සවුක්කි’ කියන වදන්, මේ උපාධි වලට ගැලපෙන්නේ කොහොමද කියල විස්තර කරන්න පුලුවන්ද?
Mema harshata kunu biththara mada gahanna keneku ona.
සත්‍ය වශයෙන් බලන විට අද ලංකාවේ විශ්ව විද්‍යාලවල උගතුන් නැත. අන්තර්ජාතිකව පිළිගැනීමකට ලක් වී තිබෙන උගතෙකු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්දතිය තුලින් සොයා ගැනීම කළුනික සෙවීමකි. තමන් බුද්ධිමතුන් යැයි සිතන ආචාර්ය මහාචාර්යවරු බොහොමයක් විදේශීය විශ්ව විද්‍යාල වල රැකියා අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි වූ වනපොත් කිරීම තුලින් විභාග සමත් වී කිසිම නිර්මාණශිලිතාවක් නව දැක්මක් නැති අනුන් සමග සහ තමන් සමග තරහවී සිටින කුහක ඉර්ෂියාව සහ ආත්මාර්ථය මත කටයුතු කරන පිරිසකි. සරසවි ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් සටනක් පමණක් නොවේ. මෙය තමන්ගේ පැවැත්ම පිළිබඳවද සටනකි. විශ්ව විද්‍යාල ගුණාත්මක භාවය ඉහල නැග්වීමට ගෙන ඒමට මේ පිරිස් කිසිදු එලදායි දෙයක් මේ දක්වා සිදු කොට නැත. සරසවි වල පවතින නවක වදය වැනි දරුණු මානව හිමිකම් උල්ලංඝනයට තිත තැබීමටවත් මේ උගත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හැකි වී නැත. නමුත් ජනමාධ්‍ය වලින් කතා කරන්නේ මානව හිමිකම් මානව සාරාර්ථ ගැනය. මොවුන් ද ගුණාත්මකභාවය මෙන්ම සදාචාරාත්මක බවින්ද පහල වැටී සිටින ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල නමැති මඩ ගොහොරුවේ නිෂ්පාදනයන් නිසා විශ්ව විද්‍යාල අර්බුධය නිම කිරීම වෙනුවට කරන්නේ එය තවත් අර්බුධ කරා රැගෙන යාමයි. මේ නිසා අද රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කෙරෙහි ඇති ගරුත්වය සහ විශ්වාසය බිඳ වැටී තිබේ.
ඇත්තද මෙයා… එතකොට කොහෙද මෙයා උගතුන් ඉන්නේ. කියන්නකෝ බලන්න ඔයා දන්නා එක්කෙනෙක් දෙන්නෙක්. කියන්නකෝ බලන්න ඔය කියන උගතුන්ගේ ලෝකෙම පිළිගත් පර්යේෂණ හෝ පර්යේෂණ පත්‍රීකා කිහිපයක්. ඔය තරම් නුගතුන් නම් විශ්වවිද්‍යාල වල ඉන්නේ ළමයි පොර කාගෙන විශ්වවිද්‍යාල වලට එන්නේ ඇයි මෙයා. මේවා නිකන් විශ්වවිද්‍යාල වලට යන්න බැරි වුන විශ්වවිද්‍යාලවලට ගිහින් නිසි අධ්‍යාපනයක් ලබා නොගත් මෝඩ තකතීරුවන්ගේ කතා. විශ්වවිද්‍යාලවලට වෛර කරන මමද පොර කියලා හිතන් ඉන්න අයගේ කතා.
@SK
ස්තුතියි,
තව ප්‍රශ්න ටිකක් හිතට ආව.
1.
මේකේ ලොක්ක වන ජයවර්ධන මහත්තය,පෙරදිග ඩොකෙක්ද, අපරදිග ඩොකෙක්ද?
2.
ඕකෙන් උපාධි අරන් බටහිර රටවල රස්සා ගන්න යන කොට,උපාධි සහතිකේ උඩින්, ‘සම සෞක්කිය’ කියන පද ඉංගිරිසියට හරවල ලියන්නේ මොන ඉංග්‍රීසි වදන්ද ?
3.
සිංහලෙන් හිතුවොත්,’සම සවුක්කි’ කියන වදන්, මේ උපාධි වලට ගැලපෙන්නේ කොහොමද කියල විස්තර කරන්න පුලුවන්ද?