යම් රටක ආහාර සුරක්‍ෂිතතාව එම රටේ ජාතික ආරක්‍ෂාව තරමටම බරපතල කාරණාවක් බව ලෝකය පුරාම තහවරු වී ඇති පරම සත්‍යයකි. එසේම රටක ජාතියේ අභිමානය රඳා පවතින්නේද එම කරුණ මතම බවටද විවාදයක් නැත. තම රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය (අඩුතරමින් මූලික ආහාර අවශ්‍යතාව) එම රට තුළදී සපුරාගැනීමට වැඩ පිළිවෙළක් නැති රජයක් තම ජාතියේ අභිමානය ගැන නොසිතන බව පැහැදිලිය. එවැනි තත්වයක් තුළ ආහාර සඳහා පිටරට මත යැපෙන සහ අනුන්ට අතපාන ජාතියක් බාහිර බලපෑම්වලට යටත් නොවී සිටින්නේ කෙසේද? එ් අනුව යම් රටක ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙළීම යනු එම රට පරාධීනත්වයට පත්කිරීමකි. අධිරාජ්‍යවාදී රටවල් අප වැනි රටවලට එරෙහිව එම තත්වය ඉතා සූක්‍ෂ්ම ලෙස උපාය මාර්ගිකව යොදාගනිමින් තිබෙන ආකාරය පුදුම සහගතය.
ඓතිහාසිකව ආහාර සුරක්‍ෂිතතාව රැකීමට මුල් වූ ප‍්‍රධාන මිනිස් හැසිරීම් තුනක් හඳුනාගත හැක. පළමුවැන්න මිනිසා තමා ජීවත්වන ප‍්‍රදේශයේ වැවෙන හෝ සොයාගත හැකි ආහාර වර්ග මුල් කොටගත් ආහාර පුරුදු ඇතිකර ගැනීමයි. දෙවැන්න ආහාරයේ විවිධත්වය හැකිතාක් වැඩිකර ගැනීමයි. එනම් ධාන්‍ය වර්ග, අල වර්ග, දෙල්, කොස්, කොළ වර්ග, පළතුරු, කිරි, මස්, මුහුදු පැළෑටි ආදී ගොඩබිම සහ ජලයේ වැවෙන සහ හැදෙන සියලූ දේ ඇතුළත් ආහාර වර්ග රාශියක් එක් වේලකදී වුවද පර්භෝජනය කිරීමට පුරුදු වීමයි. ඒ මගින් එක් ආහාර වර්ගයක හි`ගය හෝ සීමාකම අනෙක් වර්ගයෙන් පිරිමැසෙන බැවින් පොදුවේ ආහාර හි`ගයක් ඇතිවන්නේ නැත. තුන්වැන්න වෙළඳපොළ ගැන නොසිතා හැකිතාක් ආහාරයට ගත හැකි දේ වගා කිරීම සහ වනාන්තරවල වුවද ආහාරයට ගත හැකි ගහ කොළ රැුක ගැනීමයි. එවැනි මිනිසුන් කොස් ගසක් පැළ කරන්නේ එම ගසේ ඵලදාවට වෙළඳපොළක් තිබේද, නැද්ද යන්න ගැන සිතමින් නොවේ. ඔහු හෝ ඇය කල්පනා කරන්නේ රටේ ආහාර තොගය වැඩි කිරීමට දායක වීමේ සමාජ යුතුකම පිළිබඳවය. ප‍්‍රයෝජනයට නොගන්නා කොස් ගෙඩි පොළොවට පස්වීම ඔහුට ගැටලූවක් නොවේ. ඒ එය ස්වාභාවික ක‍්‍රියාවලියක් බැවිනි.
ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙළීමේ අධිරාජ්‍යවාදී උවමනාව ක‍්‍රියාත්මක කෙරෙන්නේ ප‍්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ණයදෙන ආයතන සහ එ්වායේ දේශීය එ්ජන්තයින් විසිනි. ජාත්‍යන්තර ණය කොන්දේසි සහ එම ණය යොදා ගනිමින් දියත් කෙරෙන වැඩසටහන්වල අරමුණු ඉතා හොඳින් පරීක්‍ෂා කිරීමේදී මේ බව වටහාගත හැක. ශ‍්‍රී ලංකාවේ පවතින තත්වය අධ්‍යයනය කිරීමේදී ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙළන උපක‍්‍රම (ඇත්තවශයෙන්ම උපායමාර්ග) 10ක් හඳුනාගත හැක. මේ දෙන ලද මොහොතේද එ දස වැදෑරුම් ආර්ථික ඝාතක උපායමාර්ගික උපාංග එකක් නෑර ඉතා සූක්‍ෂ්මව ක‍්‍රියාත්මක වේ. එවා ගැඹුරින් තේරුම් ගැනීමෙන් තොරව සහ ඊට එරෙහිව ප‍්‍රතිඋපායමාර්ග තේරීමෙන් තොරව ජාතියක් ලෙස අපට ඉදිරියට යා නොහැක.
එවා අතුරින් පළමුවැන්න විදේශීය රටවලදී නිෂ්පාදකයින්ට විශාල වශයෙන් සහනාධාර ලබාදෙමින් කෘත‍්‍රිමව මිල අඩුකළ ආහාර ද්‍රව්‍ය අප රටට ආනයනය කිරීමේදී තවදුරටත් දේශීයවද බදු සහන ලබාදීමයි. එවැනි ආහාර ද්‍රව්‍ය දේශීය වෙළඳපොළේදී විකල්ප දේශීය ආහාරවලට වඩා විශාල වශයෙන් අඩු මිලට විකිණේ. එසේ කරන්නේ ණයදෙන ආයතන විසින් ආණ්ඩුවේ අත කරකැවීම හරහා බදු ප‍්‍රතිපත්ති වෙනස් කිරීම මගිනි. බොහෝවිට එ් සඳහා පහසුකම් සලසන්නේ ආර්ථික ඝාතක ඉහළ නිලධාරීන් (විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ) විසිනි. ඊට අමතරව ඉහත සඳහන් කළ ආකාරයට අත කරකැවීම මගින් අත්සන් කරවන වෙළඳ ගිවිසුම් මගින්ද බදු සහන ලබා ගැනීම සිදුවේ. මීට වසර 40කට පමණ පෙර ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඇමෙරිකාව සමග අත්සන් කළ පී. එල්. 480 ගිවිසුම අනුව ඉතා අඩු මිලට ආනයනික තිරි`ගුපිටි වෙළඳපොළට ‘‘ප‍්‍රතාපනය’’ කිරීමට ඉඩදීම මේ සඳහා වන හොදම උදාහරණයකි. අදද තිරිගු පිටි සහ කිරිපිටි අප රටට ආනයනය කරන්නේ එ ආකාරයට විදේශිකව ලබාදෙන සහනාධාරවලට අමතරව දේශීයවද ලබාදෙන බදු සහන සහ වෙනත් ආයෝජන සහන යටතේය. විදේශීය කිරිපිටි වෙළඳපොළේ තවත් සුවිශේෂී තත්වයක්ද ඇත. එ් මිල අධික කිරි මේදය ඉවත් කොට එ වෙනුවට මිල අඩු ෆාම්තෙල් වැනි දේ එකතු කොට තවදුරටත් කිරිපිටිවල මිල අඩු කිරීමයි. දැනට පවතින තත්වය යටතේ විදේශීය සහනාධාරවල අහිතකර ප‍්‍රතිඵල අහෝසි කිරීම සඳහා ආනයනික තිරි`ගුපිටිවලට අඩුතරමින් කි. ග‍්‍රෑ. 1කට රු. 20ක සෙස් බද්දක් පැනවිය යුතු අතර ආනයනික කිරිපිටි කි. ග‍්‍රෑ. 1කට රු. 100ක සෙස් බද්දක් පැනවිය යුතුය. නමුත් වාමවාදී වෘත්තීය සමිති නායකයින් සහ ‘‘පොදු මහජනතාව’’ ඉල්ලා සිටින්නේ එසේ නොකරන ලෙසය. එසේ නොකර සිටීම මගින් දේශීය ආහාර නිෂ්පාදනය තව≥රටත් විනාශයට ඇද වැටීම හරහා ක‍්‍රමයෙන් ආහාර මිල ඉහළ යන බව ඔවුන් තේරුම් ගන්නේ නැත.
ආහාර සුරක්‍ෂිතතාවය වැනසීමේ දෙවැනි උපක‍්‍රමය වන්නේ ඉහත සඳහන් කළ ආකාරයට ආනයනික ආහාරවලට බදු සහන ලබාදීමට හෝ බලහත්කාරයෙන් ලබා ගැනීමට විරුද්ධව මහජනයා නැගී සිටීම වැළැක්වීමයි. වෙනත් වචනවලින් කියනවා නම් ආනයනික ආහාරවලට සෙස් බදු පැනවීම වැළැක්වීම සඳහා මහජනයා පෙළඹවීමයි. එය ඌරාගේ මාළු ඌරාගේම පිටේ තබා කැපීමකි. එ් සඳහා අධිරාජ්‍යවාදී බලවේගවලට වැඩි මහන්සියක් දැරීමට සිදු≥වන්නේ නැත. එ කටයුත්ත අධිරාජ්‍යවාදීන්ගේ සහයෝගයෙන් සමාජවාදය හැදීමට දගලන වාමවාදී දේශපාලකයෝ නොමිලේම ඉටුකර දෙති. ආනයනික ආහාරවලට බදු සහන ලබාදීම සහ දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීම යන ක‍්‍රියාවලි දෙක කිසිවිටක එකට සිදු≥කළ නොහැකි බව මේ දේශපාලකයින් තේරුම් ගන්නේ නැත.
පසුගිය වසර 10ක ආනයනික ආහාර ද්‍රව්‍ය මිලගණන් අධ්‍යයනය කළහොත් ආනයනික ආහාර නිසා දේශීය නිෂ්පාදනය ඇද වැටෙන ප‍්‍රමාණයන්ට සාපේක්‍ෂව ආනයනික ආහාර මිල ක‍්‍රමයෙන් ඉහළ දමන ආකාරය තේරුම් ගත හැක. නමුත් අප රටේ පාලකයන්ට මෙන්ම විපක්‍ෂයේ වෘත්තීය සමිති නායකයින්ටද එ් සරල සත්‍යය වටහාදීම පහසු නොවේ. කෙටිකාලීනව සෙස් බදු පැනවීම මගින් මිල මට්ටම් ඉහළ ගියත් එ් මගින් දීර්ඝ කාලීනව දේශීය නිෂ්පාදනය ඉහළ නංවා මිල පහත දැමිය හැකිය යන්න මහජනයා ප‍්‍රතික්ෂේප කරන්නේ තවත් එක් හේතුවක් නිසාය. එ් එසේ පනවන සෙස් බදු දේශීය නිෂ්පාදනය නැංවීමට සහ සමාජයේ පහළ ස්තරවලට සහනාධාර ලබාදීමට යොදවන්නේ නැතිව දේශපාලකයින්ගේ සුඛවිහරණය සඳහා වියදම් කරනවා යන මතයයි. එය බැහැර කළ නොහැකි සත්‍යයකි. එයට පිළිතුර ඇත්තේ විනිවිදභාවයෙන් යුතුව එම අරමුදල් අදාළ ක්‍ෂේත‍්‍රවල පමණක් වියදම් කරන බව සහතික කිරීම තුළය.
සෙස් බදුවලට එරෙහිව ජනතාව පෙළඹවීම සඳහා විදේශීය සමාගම් සමග කිට්ටුවෙන් ගනුදෙනු කරන ඉහළ නිලධාරීන් අතළොස්සක් විශාල භූමිකාවක් ඉටු කරයි. අයවැය මගින් පාර්ලිමේන්තුව අනුමත කළ කිරිපිටි සහ තිරිගුපිටිවලට යෝජනා කළ සෙස් බදු (එහිදී ප‍්‍රමාණයන් සඳහන් නොකර යෝජනාවක් පමණක් ඉදිරිපත් විය) මේ වනතුරුත් පනවා නැත. එ් වෙනුවට ඔවුන් බදු ආදායම් ඉපයීම අනුව හෝ ජාතික නිෂ්පාදනයට දායක වීම යන අරමුණු දෙකටම අනුව වැදගත් නොවන ද්‍රව්‍ය සඳහා බදු පනවා ඇත. එ අනුව දේශීයව වගා නොකරන සුදු ලූණු සහ පරිප්පු වැනි ද්‍රව්‍යවලට සෙස් බදු පනවා ඇත. පරිප්පුවලට විකල්පයක් වන කව්පි වර්ගද රටට ආනයනය කරන තත්වයක් තුළ පරිප්පුවලට බදු ගැසීම හදිසි කාර්යක් නොවේ. හදිසි කාර්යක් වන්නේ තිරිගු පිටි සහ කිරිපිටිවලට බදු පැනවීමය. ආර්ථික ඝාතක නිලධාරීන් එසේ අනවශ්‍ය ආකාරයට අනවශ්‍ය දේවලට සෙස් බදු පැනවීම හෙවත් කළ යුතු දේ වෙනුවට නොකළ යුතු දේම කරන්නේ සෙස් බදු විරෝධී මහජන මනෝභාවය වර්ධනය කිරීම සඳහාය. එ නිසා එ විරෝධය ආහාර සුරක්‍ෂිතතාවයට එරෙහි වන ප‍්‍රධාන උපාංගයක් ලෙස සැලකේ.
තුන්වැනි උපක‍්‍රමය වන්නේ දේශීය ආහාර වගාව සඳහා යොදාගන්නා බිම් ප‍්‍රමාණය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කිරීමයි. මෙහි පළමු පියවර හේන් වගාව නීතියෙන් තහනම් කිරීමයි. වසර දහස්ගණනක් තිස්සේ පරිසර හිතවාදීව පවත්වාගෙන යනු ලැබූ හේන් වගාව සහ වැව් තාවුලූ වගාව ග‍්‍රාමීය ප‍්‍රදේශවල ගෘහස්ථ ආහාර අවශ්‍යතාවයෙන් වැඩි කොටස සපුරාදීමට සමත්විය. එහි අතිරික්තය වෙළඳපොළට යොමු වූ අතර රටේ කව්පි, මුං, කුරහන් වැනි ධාන්‍ය අවශ්‍යතාව එ් මගින් සම්පූර්ණයෙන්ම පාහේ සැපිරිණි. අද එ් සියල්ල ආනයනය කිරීමට සිදු≥වන්නේ හේන් වගාව තහනම් කිරීමේ සෘජු ප‍්‍රතිවිපාක ලෙසය. එදා හේන් වගාව ග‍්‍රාමීය පවුල්වල සංස්කෘතියක් බවට පත් වී තිබුණි. ග‍්‍රාමීය ගෙවත්තේ බොහෝවිට වගා කෙරුනේ කොස්, දෙල්, පොල් සහ පළතුරු වැනි බහු වාර්ෂික ආහාර බෝගයන්ය. හේන භාවිතා වූයේ ධාන්‍ය සහ අනෙකුත් ආහාර වර්ග නිෂ්පාදනය සඳහාය. එදා මුΩළු පවුලේම සහභාගීත්වයෙන් පවත්වාගෙන ගිය ආහාර නිෂ්පාදනය මත පදනම් වූ ග‍්‍රාමීය සංස්කෘතිය අද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. මල්ලක් උස්සාගෙන දවසට කිහිපවරක් කඩපොළට දුවන සහ ඒ තැන්වල පැය ගණන් නිකරුනේ කාලය ගතකරන අලස ග‍්‍රාමීය සංස්කෘතියක් බිහිවන්නේ එ් ක‍්‍රියාවලිය තුළය.
වල් අලි ගමට එන නිසා ගෙවත්තේ කන බොන දේ වගාකරන්න එපා යයි වියළි කලාපයේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් ගම්මුන්ට උපදෙස් දෙන්නේද ඉහත සඳහන් කළ අලස සංස්කෘතිය ප‍්‍රචලිත කරන රාජ්‍ය නිලධාරීන්ගේ පරිපාලන සංස්තෘතිය තුළය. රටේ සහල් අතිරික්තයක් තිබෙන නිසා කුඹුරුවල හරකුන්ට කන්නට තණකොළ වගා කළ යුතුයයි නිලධාරීන් යෝජනා කරන්නේද එ සංස්කෘතිය තුළමය. ඊට අමතරව වැව් තාවුල්ලේ වගාකොට තිබූ අස්වැන්න නෙළා ගැනීමට ආසන්නව තිබූ බෝග වර්ග රාජ්‍ය නිලධාරීන් විසින් යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන ප‍්‍රසිද්ධියේ විනාශ කරන්නේද එ තුළය. එ් සියල්ලටම අමතරව දේශීය ආහාර අවශ්‍යතාව සැපිරීම සඳහා යොදාගතයුතු බිම්වල ඊනියා වාණිජ බෝග ප‍්‍රචලිත කරන්නේද මේ ක‍්‍රියාවලිය තුළමය. පසුගිය කාලයේදී වියළි කලාපයේ ගර්කින් වගාව සහ දුම්කොළ වගාවද මෑත කාලීනව සත්ව ආහාර සඳහා බඩ ඉරිගු වගාවද ප‍්‍රචලිත වන්නේ එ සමස්ත ක‍්‍රියාවලියේම කොටසක් ලෙසය. පසුගිය කාලයේදී ගොවියාට සෘජුව ආහාරයට ගත නොහැකි සෝයා වගාව කුඹුරු ආශි‍්‍රතව ප‍්‍රචලිත කිරීමට විවිධ ආයතන ඉදිරිපත් වන්නේද මේ සමස්ත පින්තූරය තුළම බව වටහා ගැනීම අපහසු නැත. ඊට අමතරව වල් ඌරකුට උගුලක් අටවන හෝ හාවුන් පැනීම වැළැක්වීම සඳහා දැලක් එළන ගොවියා පොලීසියට කුදලා ගෙන යන්නේද දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොවියා ගොවිතැනින් ඈත් කිරීම සඳහාය.
ආහාර භෝග වෙනුවට ඊනියා අපනයන භෝගවලට ප‍්‍රමුඛතාවය ලබාදීම (එවා යම් පමණකට වගා කිරීම යම් ප‍්‍රදේශවල ගැටලූවක් නොවේ) සාධාරණීකරණය කෙරෙන්නේ විදේශ විනිමය ආදායම ගැන කියමිනි. එහෙත් මල්, පළතුරු, එළවළු සහ සියලූම කුළුබඩු ඇතුළු සුළු අපනයන භෝගවලින් වසරකදී උපයන ආදායම රුපියල් මිලියන 20,000 ඉක්මවා යන්නේ නැත. එහෙත් තිරිගුපිටි ආනයනය සඳහා පමණක් ඊට තුන්ගුණයකට වඩා වැඩි විශාල මුදලක් වැයවේ. පසුගිය කාලයේදී ‘‘එක් ගමකට එක් භෝගයක්’’ යන ගොන් තකතීරු සංකල්පයක් යටතේ වා◊ණිජ භෝග සමග ආහාර භෝග වගා කිරීමට ගොවියාට යම් දැක්මක් සහ උනන්දුවක් තිබුණා නම් එය නැතිකර දැමීමටද ආර්ථික ඝාතක නිලධාරීන් කටයුතු කළේය.
ආහාර සුරක්‍ෂිතතාවය වැනසීමේ හතරවැනි උපක‍්‍රමය වන්නේ කෘෂිකර්මාන්තය සඳහා වන රාජ්‍ය මැදිහත් වීම ක‍්‍රමයෙන් අඩුකොට එ් වගකීම බහුජාතික සමාගම්වලට පැවරීමයි. ලෝකයේ දියුණුම කෘෂි ව්‍යාප්ති සේවයක් තිබූ අප රටේ එම නිලධාරීන් ග‍්‍රාම සේවකවරුන් බවට පත්කොට එම සේවය විනාශ කරන්නේ එහි සෘජු ප‍්‍රතිඵලයක් ලෙසය. දැන් ගොවියාට සමාගම්වල රූපවාහිනී වැඩසටහන්වලින් සහ ඔවුන්ගේ කෘෂි රසායන බෙදාහරින්නන්ගෙන් උපදෙස් ලබාගැනීමට සිදුවන්නේ එ මහා විනාශකාරී තීන්දුවේ ප‍්‍රතිඵලයක් ලෙසය. එදා ගොවියාගේ හේන් පැලට ගිය ව්‍යාප්ත නිලධාරියා අද නගරයේ ඊනියා කෘෂි උද්‍යානයක සිට ගොවියාට නගරයට ඇවිත් ඉගෙන ගන්නා ලෙස කියන්නේද එ් කුමන්ත‍්‍රණයේම ප‍්‍රතිඵලයක් ලෙසය. ඊට අමතරව මහඉලූප්පල්ලම, බතලේගොඩ වැනි ලෝක පූජිත කෘෂි පර්යේෂණ ආයතන කඩා වැටීමට ඉඩ සලසා අනෙකුත් මහා පරිමාණ ගොවිපොළ බහුජාතික සමාගම්වලට විකුණා දමන්නේද එ ක‍්‍රියාවලිය තුළමය. රජයේ බීජ නිෂ්පාදන වැඩ සටහන් ක‍්‍රමයෙන් කප්පාදු කරමින් එ් සඳහා මහා සමාගම් දිරිමත් කරන්නේද එහිම කොටසක් ලෙසය.
රටක ආහාර සුරක්‍ෂිතතාව වැනසීමේ පස්වැනි උපාංගය වන්නේ මනුෂ්‍ය ආහාර සත්ව ආහාර සඳහා යොදා ගැනීම සහ සත්ව ආහාර නිපදවීම සඳහා යොදාගන්නා බිම් ප‍්‍රමාණය වැඩි කිරීමයි. පසුගිය දිනවල බොරු සහල් අතිරික්තයක් මවා පාමින් විවිධ පාර්ශ්ව විසින් සහල් සත්ව ආහාරවලට යොදාගැනීම සාධාරණීකරණය කළේය. (පාන් පිටි මෙ. ටො. ලක්‍ෂ 10ක් ගිල දමන රටක සහල් අතිරික්තයක් ගැන කථා කිරීම තරම් විහිළුවක් තවත් තිබිය හැකිද?) එ අනුව පසුගියදා රජයේ ගබඩාවල තිබූ සහල් මෙ. ටො. 30,000ක් ‘‘ගුල්ලන් විදින ලදී’’ ලේබලය අලවා හොර රහසේම පාන් පිටි සමාගමට විකුණා දැමීය. ඇත්ත වශයෙන්ම මේ ප‍්‍රමාණය දැනට එළිදරවු වී ඇති ප‍්‍රමාණයට වඩා බොහෝ වැඩි විය හැක. මේ තත්වය තුළ දැන් සත්ව ආහාර සඳහා බඩඉරි`ගු භාවිතා කිරීම සාපේක්‍ෂව අඩුවීම නිසා ඊනියා බඩඉරිගු ‘‘අතිරික්තයක්ද’’ ඇති වී ඇත. එ අනුව බඩඉරිගුද අඩු මිලට මිලදීගැනීමට පාන් පිටි සමාගමේ සත්ව ආහාර මෝලට හැකියාව ලැබී ඇත. ඊට ප‍්‍රතිචාර ලෙස දැන් ‘‘කැකිල්ලේ බලධාරීන්’’ කියන්නේ සත්ව ආහාර අතිරික්තයක් ඇති බැවින් කුකුල් මස් පිටරට පැටවිය යුතු බවයි.
ඔවුන් කියන ආකාරයට ඔවුන්ට කුකුල් මස් මෙ. ටො. 5000ක ඇණවුමක් ලැබී ඇත. කුකුල් මස් කි. ග‍්‍රෑ. 1ක් සඳහා ධාන්‍ය කි. ග‍්‍රෑ. 4ක් වැය වේ. ඒ අනුව මස් පිටරට පැටවීමෙන් කළමනාකරණය කළ හැක්කේ ඊනියා අතිරික්ත සහල් තොගයෙන් මෙ. ටො. 20,000ක් පමණි. එ් ප‍්‍රමාණය දැනටමත් සත්ව ආහාර ලෙස විකුණා ඇත. ඊනියා සහල් අතිරික්තය කළමනාකරණය කිරීම සඳහා තිරිගුපිටි පරිභෝජනය අඩුකර සහල් සහ සහල්පිටි පරිහෝජනය වැඩි කළ යුතුය, යන ඉතා සරල ක‍්‍රියාමාර්ගය මේ බලධාරීන් පිළිගන්නේ නැත. එ වෙනුවට කුකුල් මස් පිටරට පැටවීම වැනි ඉතාමත් හාස්‍යජනක උත්තර ඉදිරිපත් කිරීමෙන් ඔවුන් ප‍්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ අඳබාලකම පමණක් නොවේ. ඒ මගින් පාන් පිටි සමාගම කෙරෙහි වන ඔවුන්ගේ ආදරය මෙන්ම ජාතික ප‍්‍රශ්නයක් පිළිබඳව වන පටු සහ≥දුෂ්ට ආකල්පද ප‍්‍රකට වේ. කෙසේ වෙතත් දියුණු රටවල පවතින අධික සහ කෑදර මස් පරිභෝජන සංස්කෘතිය සමස්ත ලෝකයේම ආහාර සුරක්‍ෂිතතාවයට අනතුරු එල්ල කරමින් ඇත.
මෙම ක‍්‍රියාවලියේ සය වැනි උපක‍්‍රමය වන්නේ දීර්ඝ කාලීනව පාංශු සංරක්‍ෂණය නොසලකා හරින කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමයි. පස නිසරුවීම සහ බඩගින්න අතර වන සනාතන සම්බන්ධය අද ලෝකය පුරා ඉතා හොඳින් ඔප්පු වී ඇත. අධිරාජ්‍යවාදීන්ගේ මේ දුෂ්ට උපක‍්‍රමය මගින් අරමුණු කිහිපයක් ඉටුවේ. එක් පැත්තකින් එ් මගින් කෙටිකාලීනව අඩුවියදම් සහිතව වාණිජ භෝග ප‍්‍රචලිත කිරීම සිදුවන අතර අනෙත් පැත්තෙන් ක‍්‍රමයෙන් රසායනික පොහොරවලට ගොවියා දිගින් දිගටම හුරු කිරීම සිදු≥වේ. මේ ක‍්‍රියාවලිය තුළ දිගින් දිගටම වගා භූමි අත්හරිමින් නව භූමි යොදා ගැනීමද සිදු වේ. මෑත කාලීනව වියළි කලාපයේ මහා පරිමාණ බඩඉරි`ගු වගාව ආශ‍්‍රිතව මෙම ක‍්‍රියාවලිය විශාල වශයෙන් දැකගත හැක. ඊට පෙර කඳුකරයේ දුම්කොළ වගාව ආශ‍්‍රිතවද මෙය සිදු≥විය. අධිරාජ්‍යවාදීන්ගේ පස නිසරු කිරීමේ ව්‍යාපෘතියේ නවතම උපක‍්‍රමය රසායනික පොහොරවලට ආසනික් සහ සයනයිඞ් වැනි විෂ වර්ග එකතු කිරීමයි. මෑත කාලීනව විද්වතුන් පිරිසක් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන පොහොර සාම්පල් පරීක්‍ෂා කිරීමේදී සමහර තොගවල ආසනික් මි. ග‍්‍රෑ. 300 තරම් (කි. ග‍්‍රෑ. 1කට) ඉහළ ප‍්‍රමාණවලින් අඩංගු වන බව සොයාගැනීමට හැකි විය. ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාවේ වගාබිම්වල යොදන පොහොර ප‍්‍රමාණය ඉතා වැඩි නිසා (ඉන්දියාව මෙන් දෙගුණයක්) පොළොවේ ආසනික් එකතු වීමද වැඩිවේ. ආසනික්වලින් මහ පොළොවේ ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ කරන බැවින් ස්වාභාවිකව පස සරු කිරීමේ ක‍්‍රියාවලිය අඩාල වේ. ක‍්‍රම ක‍්‍රමයෙන් මේ තත්වය වර්ධනය වීම තුළ දිගින් දිගටම සෑම කන්නයකදීම රසායනික පොහොර යෙදීමට සිදුවේ. එ් අනුව පස විනාශ කරන වගා ක‍්‍රමවලින් දීර්ඝකාලීනව කෘෂිරසායන මත යැපීමද සිදුවේ. මහා සමාගම් සහ ඒවාට කඬේ යන ආර්ථික ඝාතක නිලධාරීන් මේ සියල්ල සාධාරණීකරණය කරන්නේ අස්වැන්න වැඩි කිරීමේ නාමයෙනි. එහෙත් මේ ක‍්‍රියාවලිය තුළ දීර්ඝකාලීනව අස්වැන්න අඩුවන බව සහ වියදම වැඩිවන බව ඉතා පැහැදිලිව ඔප්පු වී ඇත.
ආහාර සුරක්‍ෂිතතාවයට විනකරන හත්වැනි ක‍්‍රමය ආහාර වෙළඳපොළ මධ්‍යගත කරමින් ‘‘ආහාර සැතපුම්’’ ප‍්‍රමාණය වැඩි කිරීමයි. මේ සඳහා හොදම උදාහරණය ඊනියා ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු රැස්කර බෙදාහැරීමයි. එළවළු නුවරඑළියේ සිට දඹුල්ලට ගෙනවිත් එතැනින් ආපසු නුවරට යෑමේදී ආහාරයක් ගොවිපොළේ සිට පාරිභෝගිකයාගේ කුස්සිය දක්වා යෑම සඳහා ගමන්කරන දුර හෙවත් ආහාර සැතපුම් ප‍්‍රමාණය වැඩිවේ. සහල් අතිරික්තයක් නිපදවන්නේ නැති ප‍්‍රදේශවල මහා පරිමාණ සහල් මෝල් ස්ථාපිත කිරීමද මේ සඳහා උදාහරණයකි. (උදා :- මරඳගහමුල) ආහාර වර්ග ගෙවත්තේ හෝ ප‍්‍රාදේශීය ගොවිබිම්වලින් හෝ ප‍්‍රාදේශීය කුඩා වෙළඳසැල්වලින් කුස්සියට ගමන් කිරීම වෙනුවට මධ්‍යගත මහා පරිමාණ සුපර් මාර්කට්වලින් කුස්සියට යන ක‍්‍රමය තහවුරු කිරීම වෙළඳපොළ ආර්ථිකයක මූලික අවශ්‍යතාවයකි. විදේශීය ආහාර ප‍්‍රචලිත කිරීම සඳහා එය පූර්ව කොන්දේසියක් බවටද පත්වේ. වෙළඳපොළ මධ්‍යගත කිරීම තුළ ආහාර ද්‍රව්‍යවල කෘත‍්‍රිම අතිරික්තයක් ඇතිකොට ගැනුම් මිල අඩු කිරීමේ ප‍්‍රවණතාවයක් ඇතිවේ. අද දඹුල්ල ඊනියා ආර්ථික මධ්‍යස්ථානයේදී ගොවියා මුහුණ දෙන්නේ එ් කටුක යථාර්ථයටය. එ් තුළ විශාල වශයෙන් ආහාර ද්‍රව්‍ය තොග වෙළඳපොළේදී හෝ ගොවිපොළේදීම විනාශ වී යෑමද සිදු≥වේ. එය පශ්චාත් අස්වනු නාස්තියේ ප‍්‍රධාන පැතිකඩකි. කොතෙක් ආර්ථික මධ්‍යස්ථාන තිබුණත් ආහාර සුරක්‍ෂිතතාවට ඉතා වැදගත් වන ගොවියාට සහතික කළ මිලක් ලබාදීමේ අවශ්‍යතාවය එ් මගින් ඉටුවන්නේ නැත.
අටවැනි උපක‍්‍රමය සත්වැන්නට නෑකම් කියයි. එනම් කුඩා පරිමාණ ආහාර සැකසුම් කර්මාන්තශාලාවල පැවැත්ම අනතුරට පත්වන ආකාරයට මහා පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම ඊට අයත් වේ. හොඳම උදාහරණය බදු සහන යටතේ ආනයනය කරන කිරිපිටි යොදාගනිමින් මහා පරිමාණ යෝගට් කර්මාන්තශාලා ඇති කිරීමයි. මෙම කර්මාන්තශාලා සඳහා ආයෝජන මණ්ඩලය යටතේද විවිධ බදු සහන සහ වෙනත් සහන ආදියද ලැබෙන බැවින් කුඩා පරිමාණ යෝගට් කර්මාන්තකරුවාට මේ මහා සමාගම් සමග තර`ග කළ නොහැක. එ් මගින් දේශීය දියර කිරිවලට ඇති ඉල්ලූමද අඩුවේ. සහල් සහ සහල්පිටි කර්මාන්තය ආශ‍්‍රිතව ද මේ තත්ත්වය වර්ධනය වෙමින් ඇත. මේ තත්වය විසින්ද ආහාර සැතපුම් ප‍්‍රමාණය වැඩිවේ. එවිට දේශීය ආහාර මිලද ඉහළ යන බැවින් ආනයනික ආහාරවලට වාසියක් ඇතිවේ. ඊට අමතරව මධ්‍යගත ප‍්‍රවාහනය නිසා ඉන්ධන පිරිවැය වැඩිවීම මගින් ජාතික ආර්ථිකයටද නිශේධාත්මක බලපෑමක් සිදුවේ.
මේ දුෂ්ට ආර්ථික ඝාතක ක‍්‍රියාවලියේ නමවැනි උපක‍්‍රමය දේශීය ආහාර නිෂ්පාදනය සඳහා ආනයනික යෙදවුම් මත යැපීම වර්ධනය කිරීමයි. එ අනුව මේ වනවිට බීජ, පොහොර සහ පලිබෝධනාශක වැනි ප‍්‍රධාන යෙදවුම් සඳහා විදේශීය සමාගම් මත යැපීමට සිදු වී ඇත. බීජ සම්බන්ධයෙන් ගත්විට තත්වය ඉතා බරපතල වේ. බීජ සුරක්‍ෂිතතාව සෘජුව ආහාර සුරක්‍ෂිතතාව සමග බැඳී පවතී. එ් අනුව බීජ සුරක්‍ෂිතතාව අනතුරේ හෙලූ විට ආහාර සුරක්‍ෂිතතාව ඉබේම අනතුරට පත්වේ. මේ වනවිට බීජ නිෂ්පාදනය සඳහා වන රජයේ වගකීම ක‍්‍රමයෙන් බහුජාතික සමාගම් වෙත බාරදීමේ ක‍්‍රියාවලිය බොහෝ දුරක් ඉදිරියට ගොස් ඇත. බීජ පනත සංශෝධනය මගින් සහ බුද්ධිමය දේපළ පනතට බීජ ආශ‍්‍රිත බුද්ධිමය දේපළ අයිතිය ඇතුළු කිරීමට ගන්නා උත්සාහයද සෘජුවම බහුජාතික සමාගම්වල උවමනාව සමග බැඳී පවතී. පොහොර සහනාධාරය මගින්ද අවසානයේ සිදු≥වන්නේ රසායනික පොහොර මත යැපීම තව≥දුරටත් දිරිගැන්වීමයි. ශ‍්‍රී ලංකාවේ රසායනික පොහොර භාවිතය ඉන්දියාවේ මෙන් දෙගුණයක් බවට පත්වන්නේ අක‍්‍රමවත් ලෙස ලබාදෙන මෙම සහනාධාරය නිසාය. සියලූ සහනාධාරවලට විරුද්ධ වන ණය දෙන ආයතන පොහොර සහනාධාරයට පක්‍ෂ වන්නේ කුමක් නිසාද යන්න ඉතා පැහැදිලිය.
ආහාර සුරක්‍ෂිතතාව වැනසීමේ දසවැනි උපක‍්‍රමය මහජනයාගේ ආහාර පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීමයි. එනම් දේශීය ආහාරවලට වඩා ආනයනික ආහාර වර්ගවලට වැඩි කැමැත්තක් පාරිභෝගිකයා තුළ ඇති කිරීමයි. මෙහිදී ඉහත සඳහන් කළ පරිදි මිල අඩුකිරීම ප‍්‍රධාන සාධකයක් ලෙස භාවිතා වේ. එහෙත් ආක‍්‍රමණශීලී වෙළඳ ප‍්‍රචාරණය මෙහිදී ප‍්‍රධාන වේ. අද සෑම රූපවාහිනී නාලිකාවකම පාහේ සෑම විනාඩියක්ම මහා සමාගම් විසින් බදු≥ගෙන ඇත. මේවායේ ප‍්‍රචාරණය වන බොහෝ පෙළඹවීම් ඇති කරන දැන්වීම් ආහාර පනත අනුව නීති විරෝධී වේ. මේ වන විට කිරිපිටි වර්ගයක් සහ යෝගට් වර්ගයක් ප‍්‍රචලිත කිරීම සඳහා එවැනි නීති විරෝධී දැන්වීම් අමු අමුවේ යොදාගනිමින් ඇත. එහෙත් සෞඛ්‍ය බලධාරීන් එ්වාට එරෙහිව ඇගිල්ලක් හෝ ඔසවන්නේ නැත. ඊට අමතරව රට පුරා ඉතා අලංකාර ලෙස පේස්ටි‍්‍ර ෂොප් ජාලයක් බිහිකිරීම සඳහා පාන්පිටි සමාගම් උදව් කරන්නේද එ් ප‍්‍රචාරක ව්‍යාපාරයේම කොටසක් ලෙසය. මේ ප‍්‍රචාරණ ව්‍යාපෘතිවලට ඉතා සූක්‍ෂ්මව වෛද්‍යවරුන් ආදී රජයේ නිලධාරීන් සහ විද්වතුන් පවා යොදාගන්නා බව පැහැදිලිව පෙනෙන්නට ඇත.
ආහාර සංස්කෘතිය වෙනස්වීම මගින් සිදු≥වන්නේ ආනයනික ආහාරවලට ඇබ්බැහි වීම පමණක් නොවේ. එ් මගින් ආහාර සඳහා වෙළඳපොළට දුවන සංස්කෘතියද දිරිමත් වේ. ගෙවත්තේ හැදෙන එසේ නැතහොත් තමා ජීවත් වන ප‍්‍රදේශයේ වැවෙන එළවළු සහ පළතුරුවලට පුරුදු වෙනවා වෙනුවට වෙළඳසැල්වල ඇති ‘‘සම්මත ආහාර ද්‍රව්‍යවලට’’ පුරුදු වීම මගින්ද ආහාර සුරක්‍ෂිතතාව අනතුරට පත්වේ. විදේශීය ආහාර වැඩි වශයෙන් පුරුදු කළ හැක්කේ ආහාර සඳහා වැඩි වැඩියෙන් වෙළඳපොළ මත යැපෙන පිරිස්වලටය. ආහාර සංස්කෘතිය වෙනස්වීම සහ ආහාර සඳහා බහුලව වෙළඳපොළ මත යැපීම නිසා අද රට තුළ බරපතල මහජන සෞඛ්‍ය අර්බුදයක්ද නිර්මාණය වී ඇත. දියවැඩියාව රෝගය බහුලව පැතිරීම සහ තිරි`ගුපිටි බහුලව ආහාරයට ගැනීමේ සංස්කෘතිය අතර දැඩි සම්බන්ධයක් පවතින බව පර්යේෂණ මගින් ඔප්පු වී ඇත. එහෙත් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව ඔවුන්ට කළ හැකි අවමයවත් කිරීමට ඉදිරිපත් වන්නේ නැත. ඔවුන්ගේ ආහාර පිළිබඳ උපදෙස් පොතේ මුල් පිටුවේම පාන් ගෙඩියක පින්තූරයක් ඇතුළු කොට ඇත. අධික ලෙස තිරි`ගු ආහාර පරිභෝජනයේ අහිතකර බලපෑම් පිළිබඳව වෛද්‍යවරුන්ද අවවාද කරන්නේ ඉතා කලාතුරකිනි. රූපවාහිනීවල අතෝරක් නැතිව බණ කියන මහා සංඝරත්නයෙන්ද මේ ජාතික ව්‍යසනයට එරෙහිව වචනයක් කියවෙන්නේ ‘‘කැස්බෑවා වියසිදුරින් අහස බලන’’ වෙලාවකය. මේ සියල්ලෙන් පැහැදිලි වන තවත් ප‍්‍රධාන කරුණක් ඇත. ඒ යම් රටක ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ වැටීම සහ එම රටේ ජනතාවගේ පොදු හෘද සාක්‍ෂිය බිදවැටීම අතර ප‍්‍රබල සම්බන්ධයක් තිබෙන බවයි.
කෙසේ වෙතත් රටේ ආහාර සුරක්‍ෂිතතාව වැනසීම සඳහා යොදා ගන්නා දස වැදෑරුම් උපායමාර්ගික ප‍්‍රවේශය පිළිබඳ මහජනයා පමණක් නොව විද්වතුන්ද හොඳින් දැනුවත් වී නැත. දේශපාලකයින් සහ උසස් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව නම් කථා කොට ඵලක් නැත. මේ තත්වය පිළිබඳ අවම වශයෙන් පුළුල් කථිකාවක් ගොඩනැ`ගීම සඳහා දායකවීම අද යුගයේ රටට ආදරය කරන මිනිසුන්ගේ අවම වගකීමකි. එසේම රටක රජයක් ඉබාගාතේ වෙරිකාරයකු සේ ගමන් කළත් ආහාර සුරක්‍ෂිතතාව රැුකගැනීමේ ප‍්‍රති උපායමාර්ගික ක‍්‍රියාකාරකම් බොහොමයක් මහජනයාට තනි තනිවත් සමූහයක් ලෙසත් ක‍්‍රියාත්මක කළ හැක. යමකු තනිවම කුස්සියේදී හෝ ගොවිපොළේදී ගන්නා තීන්දුවක් සමහරවිට නූගත් දේශපාලකයින් පාර්ලිමේන්තුවේදී ගන්නා තීන්දුවලට වඩා වැදගත් විය හැක.
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
Well said Kiri.
mee harakta oova therenne ne….
“සුගියදා රජයේ ගබඩාවල තිබූ සහල් මෙ. ටො. 30,000ක් ‘‘ගුල්ලන් විදින ලදී’’ ලේබලය අලවා හොර රහසේම පාන් පිටි සමාගමට විකුණා දැමීය.”
මේ වංචාකාරී..දේෂදොර්හී..අවජාතක..පඩත්තල..ජාවාරම්කාර..දොන් ජුවම් ධර්මපාලල ඉන්න ඉන්න.. අසික්කිත මේ යූ ඇන් පී ආණ්ඩුව ගෙදර යවන්න පාරට බහින්න… හුට්ටා…මටත් දුමී අයීයට වගේ අමතක උනා..යූ ඇන් පී ආණ්ඩුවක් නෙමෙයිනෙ තියෙන්නෙ..දේශමාමක ආණ්ඩුවක් නෙ.. සොරි වෙන්ඩ ඕනෙ..
“ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙළීමේ අධිරාජ්‍යවාදී උවමනාව ක‍්‍රියාත්මක කෙරෙන්නේ ප‍්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ණයදෙන ආයතන සහ එ්වායේ දේශීය එ්ජන්තයින් විසිනි.”ෆට්ට කතාව මචන්. 2/3 බලයකුත් එක්කලම දේශප්‍රේමී ආණ්ඩුවක් පත් කරා කියල හිතුවා. බලනකොට පත් කරගෙන ඉන්නේ ආර්ථික ඝාතකයෝ ටිකක්නේ.
එතකොට අර සිරිපාල ඇමතිගේ සහෝදරයෙකුට අයත් අරලිය හෝටලය ගහල තියෙන්නේ වැව ඇතුලෙනේ. වැවේ ජලය හෝටලයේ මිදුල හරියට එන කොටම වතුර මුදා හරිනවා. අන්තිමේ වැව පිරෙන්නේ බාගෙට. එතකොට ආණ්ඩුවේ සිරිපාල ඇමති තුමාත් ආර්ථික ඝාතකයෙක්ද? නැත්නම් අපේ ගරු සිරිපාල ඇමති තුමා ආර්ථික ඝාතකයන්ව ආරක්ෂා කරනවද? නොදන්නා නිසා ඇහුවේ අයිබෝවන්.
අදිරාජ්‍ය වාදී යුගයේ කවිවලින් පවා අපේ දේෂීය ආහාර නරක බාල බව කියල තියෙනව
,,ජම්බු ජම්බල වරකා කන ළමයි නරකා ,,වැනි කවි පේලි පරන පාසැල් වල ඉගැන්වූ විෂයන් අතර පවා තිබී ඇත
කොස් සහ කොස් ඇට ගැනත් එහි පෝෂනය ගැනත් ජනතාවට පෙන්වා දී ඇත්තේ පිෂ්ටය අදික පෝෂන ගුණයෙන් අඩු ආහාරයන් හැටියටයි ඒත් කොස් ඇට ප්‍රෝටීන් බහුල ආහාරයක් බව අන්තර් ජාලයෙන්ම බලාගන්න පුලුවන්
අපේ දේෂීය ආහාර වල ගුණයන් ගැන නොකීවාට සෝයා වල ගුණ ගැන කොතරම් වර්නනා කරනවාද? නිර් මාංෂිකයන්ට නැතිවම බැරි ආහාරයක් බවට අද සෝයා පත්ව ඇත.
තියෙන්නේ දේශප්‍රේමී ආන්ඩුවක්නම්,
ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා බලයකුත් තියනවනම්,
දේශද්‍රෝහී විපක්ෂයට කිසිදු අවස්ථාවක් නැත්නම්,
යුද්ධය අවස්ථාවේ ජාත්යන්තර බලපෑම නොසලකා කටයුතු කරන්න ශක්තිය තිබුනානම්,
ආර්ථික ඝාතකයින් ලෙස මෙම ලිපියෙන් වහෙන් ඔරෝ දක්වා තිබෙන තනතුරු වලට නිලධාරීන් පත්කරන්නේ දේශප්‍රේමී රාජ්‍ය නායකයමනම්,
අධිකරණයෙන් වැරදිකරුවන් කර සේවයෙන් පහ කිරීමට නියෝග ලද ඉහල නිලධාරීන් නැවතත් සේවයේ පිහිටුවන්නේ දේශප්‍රේමී රාජ්‍ය නායකයමනම්,
සැබෑවටම රටේ ආර්ථිකය ඝාතනය කරන්නෙත්…….. ආහාර සුරක්‍ෂිතතාව වනසන්නට නායකත්වය දෙන්නේත්…… අනාගත පරපුර අස්ච්ර්යක් පෙන්වා අනතුරේ හෙලන්නෙත් එකම කෙනෙක් නොවේද ?
P.L 480 givisumata eda DR.N.M.perera akamathiuna.
1975 lanka samasamaja pakshaya mathnige rajayen
iwath kireematath eya balapaawa.
උඹ ඔය වගේ ලිපියක් ලියන්න හිතුවේ මොකද කියල මට නම් හිතා ගන්න බැහැ. මේ වගේ 2/3 බලය තියන දේශප්‍රේමී ආණ්ඩුවක් විදේශීය කුමන්ත්‍රණ පරාජය කරන වෙලාවක ඔය වගේ සුළු දෙයක් පරාජය කරන්න බැහැයි කියලද උඹ හිතාගෙන ඉන්නේ. අපේ දේශප්‍රේමී ආණ්ඩුවට අපහාස කරන්න එපා මචන්.
ධිවර අමාත්‍යංශයෙන් මේ ලඟදි පිටරටින් සැමන් ටින් ගෙන්වන එක නැති කරල ලංකාවේ මාළු වලින් සැමන් හදන්න ෆැක්ටරියක් අරිනවා කියල ලොකුවට කයිය ගැහුවා … පස්සේ චිනේ හවුල් ආයෝජනයකින් ධිවර අමාත්යංශය ඇරපු සැමන් ෆැක්ටරියේ යන්තර චීනෙන් ගෙනල්ල සැමන් පැක් කරන්න ඕනා ටින් ටිකත් චීනෙන් ගෙනල්ල දැන් ලංකාවේ මේ ටින් මාළු කර්මාන්තය කරන්න අවශ්‍ය ලින්නා සහ ටුනා මාළු අවශ්‍ය තරම් නෑ කියල මේ ෆැක්ටරියට අවශ්‍ය සියලුම මාළු අවශ්‍යතාවය චීනෙන් ගෙන්නනවා … මෙය දැනුත් වෙමින් තියෙනවා ….එතකොට ලංකාව සහලින් ස්වයන්පොෂිතයි කියා කියා බයිලා ගැහුවට රටේ හැමතැනම කඩවල් වල විකුනන්න තියෙන්නේ ඉන්දියාවෙන් ගෙන්නපු ගඳ ගහන නාඩු හාල් .. එත් කිලෝව රුපියල් 55 ට වැඩියි … ලංකාවේ හදනවයි කියන දේශීය හාල් මේ ඊයේ පෙරේද පළමු වරට පිට රටට වික්කේ කිලෝ එක රුපියල් 32 ට … නමුත් දැන් එම හාල් තොගය ගත්ත රට කියනවා ඒ හාල් නම් රුපියල් 32 ට තියා නිකන්වත් එපා කියල … අර කේරලෙන් ගෙනාපු පොල් තොගය වගේ අන්තිම ජරා හාලක්ලු ඇරලා තියෙන්නේ ……ගමේ ගොඩේ කොස් දෙල් , සහ වෙනත් එළවලු කාල ශක්තිය ලැබෙන්නේ නැ… ඒවා හොඳයි බඩගින්න නිවාගන්න …. කොස් දෙල් කාපුවම හොඳ ශක්තිවන්තයෝ බිහිවෙනවනම් වෙලහකට ලංකාව ඔලිම්පික් වලින් රන්පදක්කම් තොග පිටින් අරන් තියෙන්න ඕනා …. ඔය පාන් කන සුද්දෝ තමයි හැමදාම ශක්තිවන්තයෝ ….මස් ජාති හොඳට කන්න ඕන .. එතකොට තමයි හොඳට ශක්තිමත්ව ඇඟ හැදෙන්නේ … පිටරටවල් වල තියෙන කිරි ජාති බොන්න ඕන … නැත්නම් ඔය ගමේ ගොඩේ ඉන්න මීහරක් හරි පාරේ අයාලේ රස්තියාදු වෙන වැස්සියන්ගේ කිරි ටිකක් බිලා බත් බේසමක් එක්ක කොස් දෙල් , කුරක්කන් කාල ශක්තිවන්තයෝ බිහිවෙන්නේ නැ …. ඒවා හොඳයි ආහාර නැත්නම් කාල නොමැරී ජිවත් වෙන්න …
එතකොට ඉස්සර දස මහ යෝදයන් හිටියයි කියන්නෙ,විශාල ගොඩනෑගිලි හෑදුවයි කියන්නෙ,ඒව කලේ ඕව කාලද. නෑතිනම් ඒවත් බොරුද දන්නෙ නෑ.ඒවත් කරන්න ඈත්තෙ, ඉන්දියාවෙ පොරවල්ද දන්නෙ නෑ.
උඹ ගිහින් වතිකානුවේ ජීවත් වෙයන් අපට පව් නොදී.
කාගේ හරි කමක් නැහැ මලකුනක් කන්න තියෙනවා නම්…..අනේ මස් පෙරේතයෝ, ඕව ගිලල ග්ලැක්සෝ කාරයගේත්, ෆර්මා කාරයාගේත් මඩිහ තර කරලා දීපන්. උඹල වාගේ එව්වන්ට දෝත් මුදුන් තියල වඳිනවා උන්!
හැක් අමුතුවෙන් ආර්ථික ගතකොයෝ මොකටද බොලව් ,ලංකාවේ ඉන්න මැටි හරක් ඇමතිලා ටික ඉන්දෙදි
කට පරිස්සමින් මචන්…………. ජනතා ආණ්ඩුවේ දේශප්‍රේමී ඇමතිලට මුකුත් කියන්න එන්න එපා.
ශ්රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බව කියමින් සන්වර්දනයේ ඉහලින්ම සිටින බව කියමින් මේ රටේ මිනිස්සුන්ව [ ගොන්නුන්ව ] ගොනාට අන්දන ආණ්ඩුව ශ්‍රී ලංකාව යනු තවමත් සන්වර්දනයේ ගේට්ටුව වත් දැකල නැති තැනක සහ ලෝකයේ ඉතාම දුප්පත් තැනක සිටින බව පැහැදිලිවම මේ ඔලිම්පික් තරඟයේදී ඔප්පු කරමින් සිටින බව දැන් මුළු ලෝකයම දන්නවා සහ දකිමින් සිටිනවා …. එයට හේතු කීපයක් තියෙනවා ….
1 – ඔලිම්පික් තරඟයක් යනු ඒ සඳහා ඉදිරිපත් කරන්නේ තම රටේ හොඳම ක්‍රීඩකයන් බවට කිසිම සැකයක් නැත ….නමුත් ශ්‍රී ලංකාවෙන් අංශ ගණනාවක තරඟ අංශ ඉතා විශාල ප්‍රමාණයක් ඇති මේ 2012 ඔලිම්පික් තරගාවලියේදී ඉදිරිපත් කිරීමට සිටින්නේ තරඟ කරුවන් 7 ක් පමණි … පිහිනුම් කරුවන් දෙදෙනාම ඉතාම පහත් ලෙස තරඟ අවසන් කර පරාජයට පත්විය … මගේ කල්පනාව නම් එම පිහිනුම් කරුවන් දෙදෙනා මේ ඔලිම්පික් තරඟ සඳහා ඉදිරිපත් නොකලා නම් හොඳයි යන්නය ..වසර 30 ක් යුද්දය පවතී රටක දක්ෂ හමුදාවක් සිටින රටක් බව කියන ලංකාවෙන් ඉලක්කයට වෙඩි තැබීමේ අංශ සඳහා ඉදිරිපත් කිරීමට දක්ෂ ක්‍රීඩකයන් නැත .. යන්තම් කොහෙන් හෝ එක අයෙක්ව සොයාගෙන ඉදිරිපත් කලද එම ක්‍රීඩකයාද ඉදිරිපත් වූ ක්‍රීඩකයන් 45 දෙනා අතරින් 43 වෙනි ඉස්තානයට පත්විය ..බැඩ්මින්ටන් වලින් තිලිනි අන්ත පරාජයක් ලැබිය ….. එයින් යන්තම් හෝ එක තරඟයක් ජයගත්තේ නිලුක පමණි …. එයද ලෝකයේ 8 වන දක්ෂ ක්‍රීඩකයාට විරුද්දව 48 වන ස්ථානයේ පසුවන නිලුක ජයගත්තේ සබැ වාසනාවකට බව සිතේ …. දුවන්න ,පනින්න , බර උස්සන්න , සහ ජුඩෝ , රෙස්ලින් සහ අනිත් සියලුම තරඟ අංශ සඳහා ඉදිරිපත් කිරීමට තරම් වත් සුදුසු ක්‍රීඩකයන් ලංකාවේ නැත …
2 – ලංකාවෙන් ඉදිරිපත් කරන ක්‍රීඩකයන් පළමු වටයේ පරදින බව දන දැනත් ක්‍රීඩකයන් 7 දෙනෙක් සඳහා ලංකාවේ ක්‍රීඩා ඇමති සහ නිලදාරීන් 30 දෙනෙක් ලන්ඩන් බලා සැපක් ගැනීමට ගුවන් ගත වීම …මෙහිදී කිවයුතු නින්දිතම සහ ලජ්ජා සහගතම කරුණ නම් රට වෙනුවෙන් ඉදිරිපත් කරන ක්‍රීඩකයාගේ පුහුණු කරු ව මේ සඳහා සහබාගි කර නොගත් එකම ලෝකයේ දුප්පත් , නොදියුණු රට ශ්‍රීලංකාව බව රටටත් ලෝකයටත් පෙන්වීමයි ….සියලුම තරඟ සඳහා ඉදිරිපත් වන ලෝකයේ සියලු රටවල ක්‍රීඩකයන්ගේ පුහුණු කරුවන් තරගයක් අතරතුර ඔවුන්ට ශක්තිය දීමට සහ උපදෙස් දීමට ඔවුන් පිටුපස හැම තරන්ගයකදිම පෙනී සිටිද්දී ලංකාවේ ගොස් ඇත්තේ එම ක්‍රීඩකයාගේ ක්‍රීඩා සංගමයේ සබාපති සහ අනුග්‍රාහක බව මම දැනගත්තේ නිලුකගේ තරඟය නිසාය …. මෙහිදී මම පුදුමයට පත්වීමි … මම පමණක් නොව මේ බව දන්නවා නම් ලෝකයේ සියලු දෙනා [ ලංකාව හැර ] පුදුම වෙන බවත් මම දනිමි … මෙයනම් ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්යක් බව කිවයුතුමයි ….බැඩ්මින්ටන් සංගමයේ සබාපති යනු රේගු නිලදාරියෙකි …. ඔහු රේගුවේ රාජකාරි පසෙකලා නිලුකගේ පුහුණු කරුට ගෙදර නිදාගැනීමට සලස්වා එංගලන්තයේ සැපක් ගැනීමට ගොස් ඇත …. එසේ ගොස් බැඩ්මින්ටන් තරඟ අවසන් උවද ඔලිම්පික් අවසන් වෙනතෙක් එම්ගලන්තයේ රැඳී සිටි … මෙහිදී කිවයුතු වටිනාම දෙයනම් ජපානයෙන් ඉදිරිපත් කල ක්‍රීඩකයන් 305 දෙනාගෙන් තරග අවසන් වෙන වෙන හැටියට ඔවුන්ව එංගලන්තයෙන් වහාම ඉවත්කර ගනී … පදක්කමක් ගත් නොගත් සියලු ක්‍රීඩකයන්ව තරඟයෙන් පසුදාම තම රටට ගෙන්වාගනී …. මෙය මම අත්දුටුවෙමි ….අනිකුත් දියුණු රටවල් ද එසේ කරමින් සිටි … මේ අයුරින් කෙසේ හෝ නිලදාරින්ට ඔලිම්පික් යාම සඳහා කෙසේ හෝ ක්‍රීඩකයන් 7 ක් තෝරාගෙන පට්ටි පිටින් ලන්ඩන් ගොස් ඔලිම්පික් ඉවරවෙනකම් රටේ සල්ලි වලින් එහෙ සැප ගන්නේ ලංකාව ඇතුළු නොදියුණු , දුප්පත් රටවල් කීපයක් පමණි …. මෙය සත්‍යයකි….
3 – කෙසේ හෝ අවසානයේ කීමට ඇත්තේ ඔලිම්පික් තරඟාවලියේදී ලංකාවට ඉදිරි අනාගතයේ හෝ රන් පදක්කම් ලබා ගැනීමට අවශ්‍යනම් ඔලිම්පික් වලට ඇතුල් කලයුතු අංශ කීපයක් ඇත …. ඒවා පහත සඳහන් කරමි ….1 බොරු කීමේ තරඟය 2 මිනිස්සුන්ව ගොනාට ඇන්දවීමේ තරඟය 3 – මිනීමැරීමේ තරඟය 4 – නයට ගෙන සැප ගැනීමේ තරඟය 5 – ගැනුන් සහ පොඩි ළමයින් දුෂණය කිරීමේ තරඟය 6 – නීතියක් නැතුව අයාලේ පාරේ වාහන පැදවීමේ තරඟය 7 – ලොක්කන්ට පුකදීමේ තරඟය 8 – ජරාව කෑමේ තරඟය …. තව ගොඩක් තරඟ අංශ තිබුනත් සඳහන් කිරීමට වෙලාවක් නැතිවීම ගැන සමාවෙන්න …
මෙම ඉහත සඳහන් ක්‍රීඩා අංශ ඔලිම්පික් වලට ඇතුල් කළහොත් ලංකාවට නිතරඟයෙන් ජයගත හැකිවෙයි සිතමි … සමහර වෙලාවට 3 වන ලෝකයේ නොදියුණු සහ ඉතා දුප්පත් රටවල් කීපයක් පමණක් තරඟයක් දීමට ඉදිරිපත් විය හැක …
රය , ඉදිරිපත් කිරීම සහ ලංකාවේ සිරස සහ රුපවාහිනිය එය ඉදිරිපත් කරන සහ විචාරය කරන අයුරු දකිනා විට ලංකාව තවම ඉතා නොදියුණු මට්ටමක බවද නොකියාම බැරිය ….
පලයන් පලයන් යන්න……….. බටහිර ගැති, අධිරාජ්‍යවාදී, සුද්දට ආවඩන උඹ වගේ එකෙක් කියන දේවල් කරලා රට දිවුණු කරන්න බැහැ. අපේ දේශීය, දේශප්‍රේමී ඇමතිලා වැඩ කරන විදිහ හරි. අපේ දේශප්‍රේමී ක්‍රීඩා ඇමති පුහුනුකරුවන්ව් ලංකාවේ තියල වෙන උන්ව ඔලිම්පික් යැවුවේ පුහුණුකරුවන්ට කියන සංකල්පය බටහිරින් ආව එකක් නිසා. අනික ඔය බැඩ්මින්ටන් අධිරාජ්‍යවාදීන් අපට හදුන්වා දීපු එකක්. දේශප්‍රේමී ආණ්ඩුවට ජය වේවා.
මොනවද වෙන්නෙ කියල හිතාගන්න බෑ.මහා කාලකන්නි රටක්.ඒත් චන්දයක් තිබ්බොත් මේකම දිනනවනේ. පුදුමයි. ඒත් ඈත්තයි.උබ මේ කියන දේවල් ඈත්ත නම්, මේ රට මොනයම් ක්‍රමයකින් හෝ විනාශ වී යා යුතුයි.
අහවල් මඟුලකටද මේ කාලකන්නි රටේ උඹ ඉන්නේ-පලකො උඹේ බාප්පා ඉන්න දිහාවටම!
උඹට සුදු හමක් මොනවා කලත් හරි ඉහලයි නෙව, ග්‍රීක් මිනිස්සු කාපුව දිරවා ගන්න දුවන්න ගත්ත,ඇන කොටා ගත්ත…කන්න නැති එව්වන්ට අත්පොලොසන් ගහන්න කියල. මුලාරම්භය ඕක නේ බන්, ඕක ඔලුවේ උඩ තියාගෙන පාරම් බාන්නේ නැතිව වැඩකට ඇති යමක් ලියපන්- මේ මුල් ලිපියට ගැලපෙන්න.
ඔලිම්පික් යනු අපේ දෙයක් නොවේ. එය ග්‍රීකයන්ගේ දෙයකි. දැන් පවතින ඔලිම්පික් උළෙල ප්‍රංසයන් විසින් අරඹා ඉංගිරිසින් ඇමරිකානුවන් ජර්මානුවන් ආදීන් විසින් නව ක්‍රීඩා එක් කරමින් ඇති කර ගන්නා ලද දෙයකි. මෙහි ඇති එකම ප්‍රධාන ක්‍රීඩාවක් හෝ ලාංකීය ජනයාට ගැලපෙන්නේ නොවේ. ඒ නිසා ඒවා ගැන කතා කර පලක් නැත. දුන්නෙන් විදීම, ඉලක්කයට වෙඩි තැබීම වැනි ශරීර ශක්තිය, සුචල්‍යතාව සහ නම්යශිලිතාව බල නොපාන සියුම් ක්‍රීඩා පමණක් සිංහලයාට ගැලපේ. එහෙත් ඒවාට අපට වඩා අනුවර්තනය වූ ජන කොටස් ද සිටින නිසා දිනා ගැනීම ස්ථිර නැත. සියවස් විසි ගණනක් පුරා තැනිතලා වාසයට, හෙමින් ගමනට, නිවී සැනහුණු අල්පේච්ච ජිවිතයකට හුරු කෙරුණු ජනතාවකට ක්‍රීඩාවක් වශයෙන් කළ හැක්කේ කුරුල්ලන් එළවීම, හූ කීම හා දිය බුං ගැසීම පමණක් වී නම් එය පුදුමයක් නොවේ.
එසේම විදීම, වෙඩි තැබීම වැනි ක්‍රීඩා සඳහා රටේ වැඩෙන ප්‍රජාව තුල උනන්දුව හීනය. ඒවාට ජානමය අනුවර්තනය ඉක්මවා නව තාක්ෂනය මුසු වී ඇති නිසා සාමාන්‍ය ජනතාවට ඒවා දැරිය නොහැක. එවැනි ක්‍රීඩා වලට හැකියාව ඇති දුප්පත් දරුවන්ට අත දීමට ද කෙනෙක් නැත. මේ කතාව එසේ තිබියේවා… “සුද්දට ජයවේවා” ඔබේ දිග හෑල්ල ඉතා ලජ්ජාවෙන් කියවීමි. අංක 2 ගැනනම් කියා පලක් නැත. ඒවා සත්‍යය. එහෙත් මේ කතා ප්‍රධාන ලිපියේ ප්‍රස්තුතයට අදාළ නැත.
මේ ආණ්ඩුව ‘දේශප්‍රේමී’ ආණ්ඩුවක් යැයි කීමට ආණ්ඩුවේ එල්ලී සිටින මැක්කන් (ඇමති වරු) හා ආණ්ඩුවේ කටු කන කුක්කන් (නිලධාරීන්) ආදීන් බලා සිටින බව ඇත්තකි. බම්බුව තමා… මේක ‘දේශප්‍රේමී’ ආණ්ඩුවක් නොවේ. ‘බලයප්රෙමි’ ආණ්ඩුවකි. අනෙක් සියලු ආණ්ඩු විසින් නොකරන ලද ත්‍රස්තවාදය වැනසීම 2005 ආණ්ඩුව විසින් කරන ලදී. එය කළ යුතුය. මක් නිසාද යත් අප චන්දය දුන්නේ ඒ වෙනුවෙන් වන බැවිනි. 2010 මේ ආණ්ඩුවට අප බලය දුන්නේ දෙමළ ජාතිවාදය, නිජබිම් මිත්‍යාව අවසන් කර මුස්ලිම් ගෝත්‍රවාදීන් විසින් සමහර ප්‍රදේශ වල පවත්වාගෙන යන පාතාල ආණ්ඩු ඉවත් කර සියලු රට වැසියන්ට රටේ ඕනෑම තැනක නිදහසේ ජිවත් වීමේ අයිතිය රැක දීම වෙනුවෙනි. ආණ්ඩුව එය කරන පාටක් නැත. ඒ වෙනුවට කාදිනල්ගේ පෞර්ෂය හා තානාපති තර්ජන හමුවේ දන නවා බෞද්ධයන් අසරණ කර ඇත. මේ අසරණ කම ප්‍රචණ්ඩත්වය ලෙසින් ප්‍රකාශ වීම කිසි කෙනෙකුට යහපතක් නොකරයි.
අනෙක් අතින් ආර්ථිකය වේගයෙන් විජාතිකකරණය වෙමින් පවතී. වෛද්‍ය වසන්ත බණ්ඩාරයන් විසින් මේ ලිපිය ලියවෙන්නේ ඒ නිසාය. ඉන් පෙන්නුම් කෙරෙන්නේ මේ රජය පිහිටුවීමට දර දිය ඇද්දා වූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය අද පත් වී ඇති අසරණ අඩියයි. මේවා අපිට කියා පලක් ඇත්ද, මේවා කිව යුත්තේ මහ වාසලටය. ඔය කියන නිලධාරින් පත් කරන්නෙත් මාරු කරන්නේත් මහ තැනින්ම තමා. හෙජිං සුදුවෙන් කෝටි දහස් ගණනක් වඩබාමුඛයට යැවු ත්‍රස්තවාදීන් අද නිදැල්ලේය. ආසනික් නැව් පිටින් නිදහස් කළ වස-වර්තියා නිදැල්ලේය. රටට වැඩක් නැති ඉක්මනින් පරලොව යා යුතු කාලකන්නි ලෙඩ මන්ත්‍රී වරු සුව කර ගැනීමට කෝටි ගණන් පිනට දෙයි. මිනීමරුවන්, දූෂකයන් ජනපති සමාව ලබා ගෙදර යයි. රට වෙනුවෙන් පෙනී සිටිනු වෙනුවට එක එකාට බාගෙට නැමෙන විදේශ අමාත්‍යාංශයක් ඇත. මේවා මෙසේ තිබියදී මේක ‘දේශප්‍රේමී’ ආණ්ඩුවක් යැයි ස්වල්ප බුද්ධියක් හෝ ඇති එකෙකුට කිව හැකිද?
සැබවින්ම හැකිය. මක් නිසාද යත් අනිත් උන් ඊට වඩා දේශද්‍රෝහීන් වන බැවිනි.
ක්‍රිකට් ගැන මොනවද කියන්නේ? ඒක සිංහලයන්ට සුදුසු ක්රීඩවක්ද?
එතකොට රගර් ගැන මොනවද කියන්නේ?
ලාලිත්‍ය සර්,
ඔබ තුමා ඔය ප්‍රශ්නේ නාහා ඉන්නයි තිබුනේ. බලන්න ක්‍රිකට් කියන්නේ කම්මැලි, සිරුර වෙහෙස නොවන නියම සිංහල ක්‍රමයට ගැලපෙන ක්‍රීඩාවක් තමයි. ඒ වගේ තව එක ක්‍රීඩාවක් තමයි කැරම්. සිංහලයින්ට ගැලපෙන ක්‍රීඩා තමයි ඒවා. රගර් එහෙම එකක් නෙමෙයි. ඒත් සිංහලයා කියන්නේ මිශ්‍ර ජාතියක් නිසා අගනුවර සහ මහනුවර පැති වල ඉන්න අලි පැටව් වගේ අඩි 6-7 කොල්ලන්ට දවසට පැය ගණන් යකඩ උස්සලා ටින්-කිරි බිලා ඇඟ හදාගෙන රගර් ගහන්න බැරි නෑ. ඒත් ලෝක මට්ටම තියෙන්නේ ඊට ගොඩක් ඉහලින්.
විකිපීඩියා රිපෝටර් ,
කෝකටත් තෛලය වගේ ඉන්නේ එකම සුසන්තිකාව විතරයි නේද. ඔයාගෙම හෑල්ලේ අන්තිම ජෙදේ කියවන්න “Susanthika was the first and only Asian national to win an Olympic medal in any of 100m, 200m or 400m sprint events!” ඔය කියන්නේ මම කියන දේම තමා. මේ කලාපේ උන්ට දිවිල්ල හරි යන්නේ නෑ. මම මේකත් කියන්නම්. සුසන්තිකාට තියෙන්නේ පිරිමි ඇඟක් (මම කියන දේ කුණුහරපයක් ලෙස ගන්න එපා). එයා පිරිමි හෝමෝන ගන්නවා කියලා කවුරු හරි කියනවානම් මම විරුද්ධ වෙන්නේ නෑ. ඒ කතාව ඇත්ත නොවුනත් සුසන්තිකා කියන්නේ ඔලිම්පික් තිබුන අවුරුදු 116 ටම පහල උනු එකම එක උදාහරණය විතරයි. එයාගෙන් කිසිම කතාවක් ඔප්පු කරන්න බෑ.
———
තමන් කවුද කියලා තේරුම් ගන්න. තමන්ට පුළුවන් මොනවද කියලා තේරුම් ගන්න. බැරි දේවල් වලට මහා පරිමානෙන් සල්ලි නාස්ති කරලා වැඩක් නෑ. සුසන්තිකා වගේ විශේෂ දක්ෂතා ඇති කෙනෙක් ඉන්නවානම් එයා උඩට එයි. අන්න එතකොට පුළුවන් සුසන්තිකාට වගේ ඇමරිකා යවලා සැප දීලා සාෆ් සහ ආසියානු රන් පදක්කම් දිනා ගන්න. සමහරවිට ලෝක ශුරතා පදක්කමක් දෙකක් ඔලිම්පික් පදක්කමක් උනත් බැරි වෙන්නේ නෑ. ඒත් වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා.
Agree with you, government is doing their job.
We don’t need to contribute to that sin.
It’s just like using a cat hand because we don’t
like to get our hand burnt.
SU should understand this complexity and use their
brain in maximum. Only that way Sinhalese nation will
survive longer. Long live Sinhalese nation.
It’s just using people everywhere on the earth.
Even Uncle SAM uses us everybody in the name of democracy.
Joseph
සුසන්තිකා ජයසිංහ was brought up in a poor family in a small village 60 kilometres north of Colombo, where running spikes cost more than the average month’s wage, she had no access to proper sports equipment or coaches.
Yet in spite of these underprivileged conditions she managed to progress to a standard where she could claim medals at both the Summer Olympics and IAAF World Championships in Athletics.
Susanthika was the first and only Asian national to win an Olympic medal in any of 100m, 200m or 400m sprint events!
කර්මය විස්වාස කරන බෞද්ධයෙකු හැටියට මට කියන්ඩ තියෙන්නේ “කරුමේ තමා” කියල තමයි.
සත්‍ය (ඒ කියන්නේ බෞද්ධ දර්ශනය) දැනගත් පලියට එකෙන් කිසි දෙයක් ගම්‍ය වෙන්නේ නැහැ.
සත්‍ය නොදත් බටහිර රටවල් අපිට වැඩ කෝපන ශිෂ්ටද? මට තේරෙන විදියට නන් රටක සන්වර්දනයට,
අදහන ආගමේ ඇති සම්බන්දයක් නැහැ. තියෙනවනන් තියෙන්නේ ඉතා අඩු බලපෑමක් විතරයි.
අපි බෞද්ධ නිසා ලෝකේ අපරාද, ස්ත්‍රී දුෂණ, වාහන වලින් මැරෙන, ළමා අපචාර අඩුම රටක් වෙනද ඕනේ.
හැබැයි එකේ අනිත් පැත්තයි වෙලා තියෙන්නේ. මේකෙන් මට නන් තේරෙන්නේ ආගම නෙමෙයි, වෙන වෙන
දේවල් තමයි බලපානේ කියල.
Mahinda is not a Buddhist man.
He is a American marine, he just do what US told him to do.
He is a loyal son of Uncle Sam, He is an American.
අනිත් කාරණේ තමයි, කවුරු මොනවා කිව්වත්, මේ ආණ්ඩුවට විපක්ෂයෙන් “විකල්පයක්” නැහැ. ඉතින් මේ ගොල්ලොන්ටම තමයි අපිට දෙන්ඩ තියෙන්නේ අනිත් මැතිවරණ වලදී. රනිල්ව එලවනකන් මේ රටේ විපක්ෂයක් නැහැ. ඒක නං සිකුරුයි.
ඉස්සර ඉස්කෝලේ යනකොට පුංචි අපට ඇදිහස ගිල්ලුවේ මොකදැයි කියල අපි කී දෙනෙක් තේරුම් ගත්තද? අපිව උන්ගේ තිරිඟු වෙළද පොලේ ඉත්තෝ කරවන යටි අරමුණයි එහි තිබුනේ! ඒක හරියටම ඉෂ්ට වෙලා මේ වෙන කොට- දැන් ෆාර්මසි කාරයන්ට මල්ල කරේ- අපි දායක වුනේ එසේ මෙසේ ‘දියුණුව’කටද!
කොස් දෙල්, අල බතල, මුං ඇට, කඩල ටිකක් තම්බගෙන කන එක ලැජ්ජාවක් වෙලා… පිෂ්ටය වැඩිලු- ස්ථුල වෙනවලු- ගොඩේලු! හැබැයි සුදු පාන්/තිරිඟු කුකී එකක් කාපු ගමන් ලැබෙන තෘප්තිය හරියට යුරෝපීය හමක් හම්බ වුන ගානයි අපේ මී හරක්ට. අනේ ඉතින් මේවා ගැන කොපමණ කීවත් යටත් විජිතවාදී හීනමානය අරින්න ලෙහෙසියෙන් බැහැ, ඒ උනාට මේවා ගැන නොකියත් බැහැ-
අපි අටු දෙල්/අටු කොස් හදල දුම්මැස්ස පුරවා ගත්ත අවාරෙට කන්න. අල බතල වැව්වේ ඕන වෙලාවකට හාර ගෙන කන්න පුළුවන් නිසා. කුඹුරේ හදපු වී ටික පොඩ්ඩ පොඩ්ඩ කොටා ගෙන කෑවේ කන්න පුළුවන් ප්‍රමාණයම ගිලල ලෙඩ වෙන්න ඕන නැති නිසා.ගෙදරට අමුත්තෙක් ආවම කඩේ පිලේ දිව්වේ නැහැ සංග්‍රහ කරන්න තිරිඟු පිටි බෝල හොයා ගෙන. ජීවිතේ සරලයි- ස්වයංපෝශිතයි.
වත්ත පුරාම තිබුනේ කන්න පුළුවන් කොළ වර්ග. අද වත්තේ හැදෙන මුකුණුවැන්න ගහක් කඩල කන එක, ගැට තුඹ කොළ ටිකක් කඩල කන එක, තෝර කොළ ටිකක්, මුරුංග කොළ ටිකක් කඩල කන එක හිතට හරි නෑ- ඔය හැම දේම කඩෙන් සල්ලි දීලම ගේන්න ඕන කන්න. සමහරු කොළ මැල්ලුම් කන්නෙත් නැහැ-කොහෙන් හරි මලකුනක් සල්ලි දීල නොගෙනාවොත් අප්පා.. එදාට මුලු ගෙදරම බඩගින්නේ! මස් බෝල, සොසේජ් කරලක් නැත්නම් පොඩි එකා ලතෝනි දෙනවා. මෙන්න අපේ 21 වන සියවසේ ‘දියුණුව’!
,
@=/?
Ela
ලොකුම ආර්ථික ඝාතකයින් ඉන්නේ රට ඇතුලේ ඉහල පුටු වල. උන් එක්ක බැලුවම අධිරාජ්‍යවාදී ඇමෙරිකාව කැලේ යකෝ………………
පරණ ඒවා පැත්තක තියමුකෝ. මේ තියෙන්නේ පසුගිය මාසය තුල අහපු දේවල්.
1. හෙජින් ගිවිසුම [කෝටි 5000] – කබ්රාල්, අසන්තද මේල් (සාමාන්‍ය පෙළ පමණක් සමත්), රජයේ සමහර ලොකු ලොක්කෝ.
2. ග්‍රීක බැංකු වල ආයෝජනය – කබ්රාල්
3. බාල තෙල් ගෙන්වීම – සුසිල්
ඇත්තටම කියුවොත් කබරාලය ආර්ථිකය ඝාතනය කරලා තියන හැටිත් එක්ක ගත්තාම සුසිල් කරලා තියෙන්නේ අබ ඇටයක් වගේ සුළු දෙයක්. කබ්බගේ පාඩුව මකන්න මහජන සම්පත 4000 වාරයක් ඇදුනත් මදි බොලන්.
@Joseph
1.
කුනුහරපයකට ගනිමින් වරදවා ගන්න එපා කියල,
ඔබ විසින් අපේ සුසන්තිකා කෙල්ලගේ ‘බොඩිය පිරිමි’ එකක් වගේනේ කියා
ලියා තැබීම නම් නොහොබී.
2.
සුසන්තිකාගේ බොඩිය ගැන එවන් අපහාසාත්මක ප්‍රකාශයක්
එකල ක්‍රීඩා ඇමතියාද කළා මට මතකය.
3.
එහෙම බැලුවම
හින්දි චිත්තර පට වල ඉන්න පියරු බබාලා වන කොල්ලන්ගේ බොඩිය
‘ගෑනු බොඩියක් වගේ’ නොවේද කියා
සුසන්තිකාටද ඇසිය හැක.
4.
හේනේ කුඹුරේ වත්තේ පිටියේ දවසෙම මහන්සි වී,
හරක බාන සමහ හෙට්ටු වුන,
ආදී කාලේ සිංහල ගෑනු සහ පිරිමින්ට නම්
උඹ කියන ජාතියේ ක්‍රීඩාවන් හොඳ වුනත්,
දැන් ඉන්න
TV එක ඉස්සරහ කාලේ ගත කරන
බහුතර ගෑනු සහ පිරිමින්ට නම්,
කාපුවා දිරවන්නත් එක්කල,
ඔලිම්පික් ට්‍රය් එකක් දාන්න,
ඇඟ නම්‍යශීලී කර ගැනීමේ
වරදක් නැත.
ඇයි මිනිස්සු ‘එපා’ කියන දේම කරන්නේ.
1. සුසන්තිකාට තියෙන්නේ පිරිමියෙකුගේ වගේ මාංශ පේශි වැඩුණු පළල් උරහිස්, ගනකම් මහත බෙල්ලක් තියෙන ඇඟක් තමා. ලෝකේ ගොඩක් ක්‍රීඩිකාවන්ගේ ඇඟවල් එහෙම තමා. ඒකෙ වැරද්දක්වත් නොහොබිනා කමක්වත් නැත්නම් ඒ බව කීමේ නොහොබිනා කමක් ඇත්තේ ඇයි. එහෙත් එසේ කීමෙන් ඔබේ සිත් රිදිනි නම් සමා වන්න.
2. එකල ක්‍රීඩා ඇමති නම් කීවේ කුණු කතාවක් තමා. ඒත් සුසන්තිකා තමයි මුලින් කීවේ තමන්ට ලිංගික අතවර කරන්න ආවා කියා. ඒ ගැන ඊට වඩා මම නොදනිමි. කොහොමත් එකල අපි ඕවා ගැන තේරෙන උන් නොවේ.
3. හින්දි චිත්‍රපට පසෙක තබන්න, දැන් රුපවාහිනී නාලිකා වල ඉන්න නිවේදකයන් සහ නළුවන් මොක්කුද ?
4. දැන් ඉන්න උන් උවත් ආදී සිංහලයින්ගෙන් පැවතෙන නිසා ඔවුන්ගේ ජාන කිට්ටුව වෙනස් නොවේ. එහෙත් ආහාර පුරුදු හා ව්‍යායාම මගින් යම් තරමක දියුණුවක් ලද හැකිය. නමුත් ලෝකයේ සියලු ජන කොටස් සහභාගී වන ඔලිම්පික් වැනි තරගාවලියක අනුන්ගේ ඉසව් වල පදක්කම් දිනා ගැනීම නම් විහිළුවක් පමණි. අපට ඇති එකම උදාහරණය සුසන්තිකාය. ඩන්කන් වයිට් සුද්දෙකි.
—
ඔබ එක එක ඉසව් වල පදක්කම් ඉතිහාසය ආවර්ජනය කරන්න. එක එක ඉසව් ලෝකයේ එක එක කලාප හා ජන වර්ග විසින් භුක්තියට ගෙන ඇති අයුරු ඔබට පෙනේවි. ඇමරිකාවේ එක්සත් ජනපද පදක්කම් දිනන්නේ වෙනත් කලාප වල ක්‍රීඩකයින් තම ධජය යටතේ ක්‍රීඩා කරවීම මගිනි. පැරණි සෝවියට් දේශය විවිධ ජන වර්ග සිය ගණනකින් යුතු දක්ෂතා එකතුවක් විය. නුතන ක්‍රීඩා බලවේගයක් වන චීනය තම ජන වර්ගයට ආවේනික දක්ෂතා ඇති ක්‍රීඩා වල ආයෝජනය කරමින් ඒ මත අධිපත්‍යය පිහිටුවා ඇත. ලෝකයේ මුළු ජනගහනයෙන් 1/5 සිටින චීනයට අනෙක් ඉසව් වලද සුවිශේෂිතයින් (අපේ සුසන්තිකා වැනි) සිටීම අහම්බයක් නොවේ. පුදුමය වන්නේ එසේ නොවීනම් ය.
අපට පදක්කම් දිනිය නොහැක්කේ රජය හෝ පෞද්ගලික අංශය හෝ අනුග්‍රාහකත්වය නොදක්වන නිසා නොවේ. අප අනුන්ගේ ඉසව් කිරීමට උත්සාහ දරන නිසාය. අප අපට ගැලපෙන ඉසව් තෝරාගෙන ඒ මත ආයෝජනය කරයිනම් රටක් ලෙස ඒ ඉසව් වලට දක්ෂ කුඩාවුන් තෝරාගෙන ඉදිරියට ගනීනම් ඔවුන් වෙනත් අංශ වලට යොමු වීම අවම කිරීමට කටයුතු කරයිනම් අපටද ඔලිම්පික් පදක්කම් දිනිය හැක. අපට ගැලපෙන ඉසව් ඔලිම්පික් හි නොමැතිනම් ඒවා ඇතුල් කර ගත යුතුය. මා සිතන අන්දමට අපට ගැලපෙන තවත් එක් ක්‍රීඩාවක් වන්නේ කඩු සටන්ය.
මේවා දීර්ඝ කාලින සැලසුම් සහිතව කළ යුතු කාර්යයන්ය. එසේ නැතිව TV එක ඉස්සරහ ඉන්න ගෑණු සහ පිරිමි කාලකන්නි කාපුවා දිරවා ගැනීම පිණිස කරන ව්‍යායාම වලින් ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමට කතා කිරීම යනු අහිකුන්ඨික නායක සුනිල් පෙරේරා “සයිමා කට් වෙලා” ගීතය ගයා අමද්‍යප ව්‍යාපාරයට සවියක් වීමට කතා කිරීම වැනි වැල් බයිලාවකි.
ඔබ ලියා ඇති බොහෝ දේ පිලි ගනිමි.
1.
ගමේ පාරට බැස්සම,හෙරලි පොලිස් කා,වත්තේ පිලේ හේනේ කුඹුරේ හොඳට වැඩ කරන,
තවමත් ඔලිම්පික් ට්‍රය් නොකරන,’වාණිජ ලෙස දුප්පත්’,සුසන්තිකා වගේ ‘පිරිමි යකඩ ඇඟවල්’ තියෙන කෙල්ලොත්,
කිසිම වැඩක් නොකර TV එක්ක ඉස්සරහ කාලේ ගත කරන ගමේ ලොක්කන්ගේ ‘ගෑනු ඇඟ ඇති කොල්ලොත් ‘ මට පෙනේ.
ඒ එසේ වුන පමණින් ඒ අයට ප්‍රසිද්දියේ එසේ කීම නොහොබී.හේතුව එයින් එම කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ ‘ලිංගික චින්තනයට / ලිංගික මමත්වයට’ පහර වදින නිසයි.
පාරේ ජෝඩු දමා යන පෙම් යුවලවල් දුටු විට,මා දකින අනිත් දේ නම්,
එසේ ‘කොලු සහ කෙලි බාහිර දැක්මක්’ තිබුනත්,ඒ දෙගොල්ලනට ‘විරුද්ධ ලිංගිකව’
එසේ බාහිරව නොපෙනෙන අනෙකකු සමග
‘යහළු වීමට’ එය කිසිම බාධාවක් ද වී නැති බවයි.
2.
ලිංගික චෝදනා පිළිබඳව,සුසන්තිකා කීවේ ඇත්තක් නම්,උක්ත ඇමතියාට,
‘එම ඇමතියා සම-ලින්ගිකා ආසාවන් ඇති එකෙක් නෙවේ නම්’,
සුසන්තිකාව කෙල්ලෙක් ලෙස ලස්සනට පේන්න පටන් ගත්තේ,ඇය ඔලිම්පික් පදක්කම ගත්තාට පසුව යයි උපකල්පනය කරමි.
ඒ සමහර බලවත්තුන්ගේ ආසාවල් තම ‘ග්‍රාහකයාගේ’ උසස් වීම් අනුව වෙනස් වන බව මා දැක ඇති නිසාය.
3.
දවසෙම වත්තේ පිලේ හේනේ කුඹුරේ හොඳට මහන්සි වී වැඩ කල අපේ මී මුත්තන්ට තිබුන උඹේ ජාන තර්ක අනුව,
අපේ කොල්ලන්ට 1996 දී 50 over ලෝක ශූරතාවේ දිනන්නවත්,ටෙස්ට් status ලබා ගන්නවත් බැරි වෙනවාය.
එම නිසා අඩු ගානේ කොළොඹ ඉන්න බේබිල ටිකවත්,
තමන්ගේ වියදමින්,
ඔලිම්පික් swimming ,tennis වගේ පදක්කම් ගැනීමට
ඇඟ නම්‍යශීලී කර ගන්න උත්සාය නම්
හොඳය.