මස් මාංශ කෑමෙන් වැලකී ආහාර පාලනය කරන තමා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් මත භාවනායෝගීව කල්ගත කරන බවත් එමඟින් තමන්ට කායික මෙන්ම මානසික සැනසිල්ල උදාකර ගැනීමට හැකි වූ බවත් ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා පවසයි.
හැටපස් හැවිරිදි ක්ලින්ටන් මීට වසර කිහිපයකට ඉහත දී හෘද රෝගවලින් පීඩා විඳ සැත්කම් කිහිපයකට භාජනය වීමෙන් අනතුරුව මෙසේ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා ඇත.
ක‍්‍රියාශීළී නිරෝගීමත් පෙනුමකින් යුතු කිලින්ටන්ගෙන් ඊට හේතුව කුමක්දැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ තමාගේ වෙනස නැතිනම් තමාගේ නිරෝගී බවේ රහස බුදුදහම බවය.
දෙවරක්ම ඇමරිකානු ජනාධිපති ධුරය දැරූ ක්ලින්ටන් මේ වන විට සරල ජීවන රටාවකට අවතීර්ණ වී සිටින බවත් වැඩි වශයෙන් පළතුරු සහ එළවළු ආහාරයට ගන්නා බවත් වැඩි දුරටත් පවසා ඇත.
එම සාකච්චාව මෙතනින්
ඔව් ඉතින් කරපුවා ගෙවෙන්නත් එපැයි.
එක නෙමේ දැන් මුට බිල් ක්ලින්ටෝන් උපාසක මාමා කියල කියන්ඩ වෙයි නේද ?
එතකොට මොනිකා කෙල්ල කන්නේ මොනවද දන්නේ නෑ…??
ඒකිට වෙන ඕන තරං කෙහෙල් ගෙඩි නැතැයි ඇමෙරිකාවේ.
ඇමෙරිකාවේ එව්වෝ ඒකිව බඩගින්නේ තියන එකක් නැහැ.
ලංකාවේ බෞද්යන්ටත් ( උපන්දා සිට බෞද්ධ උනත් ) නහින දෙහින කලේ ආවම තමයි , බෞද්ධ දර්ශනයේ අගය දැනෙන්නේ.
මෙයා ඒ අතින් සැහෙන ඉදිරියෙන්.
මෙයාගේ හාමිනේටත් පොඩ්ඩක් ‘අත්තොපනයික ධර්මතාව’ ගැන කියල දුන්නොත් හොඳයි.
ගෑනියි මිනිහයි අපේ රට විනාශ කරන්න හැම දේම කරලා දැන් සිල් ගන්නවා.
අපේ රටේ බෞඳ්ධ කම නැති කරන්න කටයුතු කරන මෙයාලා , දැන් උපාසකයො වෙලා. ඇත්තටම එහෙම නං අපිටත් සතුටුයි.
සිල් ගත්තට බලු කම හිතේ නැත්තං තමා හොද
muta kiyanna berida danne ne uge genita bududahamata kelinanna epa kiyala
Suddata Jaya wewa….
තරුණ කලේ බලු වැඩ කරලා වයසට ගියාම සිලවන්තයෝ වෙන්න බුදුදහම සපෝට් කරනවා මේක නම් මර ආගමක් ඕයි ඕනෑම ** වැඩක් කරලා රහත් වෙන්න පුළුවන් මෙහෙමත් ආගම්
මොන අගමේද බුරුවො කියල තියෙන්නේ වැරදි කරපු කෙනෙකුට නැවත නිවැරදි මාර්ගයට එන්න බැහැ කියල. උබගේ දෙවියන් වහන්සේ උබට පව් සමකරගන්න දෙන්නේ නැද්ද? එතකොට අල්ලාට අනුව කාම මිත්තචාරය වරදක්ද?
උබ ජීවිතේ කවදාවත් කිසිම වරදක් කරලා නැද්ද? පොල්බුරුවෙක් උනාට එක ප්‍රසිද්ධ කරන්නේ නැතුව හිටු
Excellent,
MALLIE,,, EWAGE POLBOORUWANTA REPLY KARALAA WADAK NAA,MOKADA, EELANG DAWASETH KERANNE EWAGEMA MODA KATHAAWAK THAMAI,,>
හැබැයි ඕන ජඩ වැඩක් කරලා පාදිලි ගොයියාගෙන් අශුද්ධ වූ ත්‍රිත්වයේ නාමයෙන් මාගේ පව් සම කරත්වා වගේ නෙවෙයි බුදු දහම. ඕනැම ජගතෙකුට කර්මය පටිසන් දෙනවා
සමහරක් පාදිලිලා සිස්ටර් එක්ක ආතල් අරන් තවත් පාදිලි කෙනෙක්ගෙන් වරදට සමාව ගන්නවලු . වැඩේ කියන්නේ මේ දෙවැනි පාදිලියා මීට කලින් ඕය කුපාඩි වැඩේම කරලා පලවෙනි පාදිලියාගෙන් සමාවගත්තු එකෙකෙ ලූ
තරුණ කාලේ ඕනෙ බලු වැඩක් කරන්න, පස්සෙ කාලේ රහත් වෙන්න පුලුවන් කියල බුදු දහමේ කොතැනකවත් සඳහන් වෙලා නෑ. දේවදත්ත තෙරණුන්ට, අජාසත්ත රජතුමාට මොකක්ද උනේ කියල අමතක කරන්න එපා. නමුත් ඕනෑම (මිනිසෙකුට ) පුලුවන් නම් ප්‍රඤාව දියුණුකරමින් කමටහන් වඩන්න ( නුවණින් විමසා බලන්න ) ඒ තැනත්තාට පුලුවන් නිවන් දකින්න. එහිදී ඔහුගේ පෙර ජීවිතය වදගත් නෑ. ඒ නිසා වඩා වැදගත්වෙන්නේ බිල් ක්ලින්ටන් කරන කියන දේ ගැන හොයන්නෙ නැතුව – තමුනුත් ප්‍රඤාව දියුණුකරන්න උත්සහගන්න එක.
තවදෙයක් මට කියන්න අමතක උනා. රහත් උනා කියල, තමන් කළ කර්මයන්ගේ ප්‍රතිවිපාකවළින් ගැළවෙන්න බෑ. මුගලන් මහා රහතන්වහණ්සේගේ, චක්ඛුපාල මහ රහතන්වහණ්සේ චරිත කථා කියවන්න. බිල් ක්ලින්ටන් කළ කර්මයක් වේනම් එය, එතුමාට විපාක දේවි රහත් වූවත්.
නරකෙට අනුබල දෙන්නේ, කර්ම-විපාක වලින් ගැලවීමක් නතිබව කියන බුදු දහමද , නැත්නම් කළපවු සමාකරගන්න පුලුවන් බව කියන නිර්මාණවාදී ආගම් ද?
තමන්ගේ මොලේට සත්‍ය වැහෙන්නෙ නැත්තේ පෙර පවට, මත්‍යා දුශ්ටිකව උපදින්නෙ පෙර පවට.
පුලුවන් තමයි. ඇයි සැක ද. අපි කාටවත් ජීවිතේ එක පාරක් වැරදුනා කියල ගල් ගහල මරන්නේ නෑ. බෙල්ල කපන්නෙ නෑ. අඩු කඩල වෙන් කරන්නෙ නෑ. ඒ වෙනුවට අපි දෙනවා අවස්ථාවක් නිවැරදි වෙන්න.
yako pau hodanawa kiyanne ahawal ekakatada.dewiyan idiri papochcharanaya karana ekath ehenam baruwakne nadda.
thamun moda buruvek unata kamak ne.aka pradarshanaya karanna apa.
ඒකිට වෙන ඕන තරං කෙහෙල් ගෙඩි නැතැයි ඇමෙරිකාවේ.
මිනිහෙක් ඇත්තටම බුදු දහමින් සැනසීමක් ලබනවානම් අතීතය සිහි කරලා ගරහන්න එපා.
චන්ඩාශෝකයන් ධර්මාශෝක උනේ බුදු දහම නිසා.
අනික මිනිහා දහම් මග ගත්තා කියා ගෑනි එහෙම වෙන්නේ නැහැ. ධර්මාශෝක රජුගේ බිසව තමයි ශ්‍රී මහා බෝධියට විස කටු ගහලා විනාශ කළේ.
ඒක නිසා මෙයා සිල් ගත්තා කියලා මෙයාගෙ ගෑනිව විශ්වාස කරන්නත් එපා.
මොකක්ද උඹේ මේ දෙපැත්තටම නැති සමාධාන විනිසුරු තීන්දු? දොන් නම් දොන් සිමන් නම් සිමන් බන්.
gani hadhanna bary minihata wena monawathma be be be…….bariya
අනික මිනිහා දහම් මග ගත්තා කියා ගෑනි එහෙම වෙන්නේ නැහැ. ධර්මාශෝක රජුගේ බිසව තමයි ශ්‍රී මහා බෝධියට විස කටු ගහලා විනාශ කළේ.
ලංකාවේ කාන්තාවන් මීට වඩා උත්තරීතර බව මින් මොනවට පැහැදිළි නොවේද?
ඔයා හරි කුමාරි නංගියේ,
අවුරුදු දෙදහස් ගනනක් තිස්සේ පදම් උනු බෞද්ධ සංස්කෘතියක් තුල හැදුනු අපේ වනිතාවෝ එක රැයකින් බෞද්ධ උනු මිනිසුන්ගේ අබෞද්ධ ගැහැණුන්ට වඩා බොහෝම උතුම් පිරිසක්.
ඒත් ඉතින් අර අනෙක් පිරිසටත් උවමනාව සහ කැපවීම තියෙනවානම් බුදු දහමේ රසය විඳින්න පුළුවන්.
නුඹ දෙවියන් වන්සේට පිටු පෑවට , ළඟදීම දඬුවම් ලැබෙනු ඇත, නුඹ ලෝකය ඉදිරියේ දෙවියන් වහන්සේව ලජ්ජාවට පත් කරයි.
මොනිකා. මොනිකා මොනිකා !!!!
ආමෙන්
creazy god.hih hih
ටිකක් හිතන්න යථාර්තය දිහා නුවණින් බලන්න, බොහෝ දේ අවබෝද වේවි.
here is no scientific evidence indicating that God exists. We all know that. For example:
God has never left any physical evidence of his existence on earth.
None of Jesus’ “miracles” left any physical evidence either. (see this page)
God has never spoken to modern man, for example by taking over all the television stations and broadcasting a rational message to everyone.
The resurrected Jesus has never appeared to anyone. (see this page)
The Bible we have is provably incorrect and is obviously the work of primitive men rather than God. (see this page)
When we analyze prayer with statistics, we find no evidence that God is “answering prayers.” (see this page)
Huge, amazing atrocities like the Holocaust and AIDS occur without any response from God.
Reply to ආමෙන්
Your God is a magician. How funny,
This is 21st Century,Wake up
Abu Huraira reported that Allah’s Messenger (mpbuh) took hold of my hands and said: Allah the Exalted and Glorious, created the clay on Saturday and He created the mountains on Sunday and He created the trees on Monday and He created the things entailing labour on Tuesday and created light on Wednesday and He caused animals to spread on Thursday and created Adam (pbuh) after ‘Asr on Friday; the last creation at the last hour of the hours of Friday, ie. Between afternoon and night.
This Hadith sounds the death knell for any Muslim trying to interpret the days of the Quran as indefinite periods of time. Furthermore, this Hadith leaves us with a scientific difficulty since it states that light, i.e. sun, was not created until Wednesday, after the creation of vegetation such as trees. This becomes more evident in the following traditions.
බුදුහාමුදුරෝ දේශනා කලේ ලෝක ස්වභාවය. ඒක ආගමකට වඩා පුළුල් දෙයක්. මොන විදිහට අපි ජීවත් උනත් අන්තිමේදී අපි හැමෝටම බුදු දහම උවමනා වෙනවා. ක්ලින්ටන් මහත්තය ඔය කාරණාව ඔබතුමාගේ බිරිදටයි අනෙක් සුදු මහත්තුරුන්ටයි , දවාලක් රැයක් නැතුව ලංකාවේ කතෝලික අගමැ පතුරවන කාදිනල් තුමාටයි මූලධර්මවදි නඩයටයි පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නනං.
කමෙසුමිච්චචර වේරමනී සික්ඛා පදං සමාදියාමි.
ඕනි අලුගුත්තේරු වැඩක් කරලා පව් හෝදන්න පුළුවන් ! ඔය ගම වල පව් හෙදුවට හර්ද සාක්ෂිය හෝදන්න බැහැ. බුද්ද්දගමේ කතා කරන්නේ ඇත්ත !
සමහරු නම් කියන්නේ
ලෝකේ මෙව්වේ දෙවියෝ,
ලෝකේ පේතලිය්, ගෝල කර නෙවෙය් !
දෙවියන්ගේ කෙමත්ත්ට ඕනි දෙයක් වෙන්නේ (ඒ කියන්නේ මන්ද බුද්දික දරුවෝ හැදෙන්නෙත්, කෙනෙක් ලෙඩ වෙලා විදවන්නෙත්, කෙනෙක් දුප්පත් කරවන්නෙත් දෙවියෝ!. එක එත්තනම් දෙවියන්ගේ පව් හෝදන්න වේලි කඩදාසියකින් ෆිදල නාන්න වෙය්!)
දෙවියෙක් කියල ඉන්න්වවන්ම් මේ ලෝකේ තියන සියලුම් අසදරනකම් වලට වගකිය යුත්ත තමය දෙවියෝ
පව් හොදා ගත්තම ලෙඩ සනීප වෙන්න ඕනි !
පරිණාම වාදයත් බොරු !
මොනවද මේ කතා, මොලයෙන් හිතන්න !
අල්පේච්ච වෙන එකනම් කොහොමත් හොඳය් ….
බුදුදහම කියන්නෙ එළවළුයි බතුයි ගිලින එක නෙවෙයි. බුදුදහම කියන්නේ ඊට වැඩිය පුළුල් අධ්‍යාත්මික අතින් දිවුණු වුණ සංසාර දුක ගැන පිරිසිදු අවබෝධයයි. නිගන්ඨයොත් ඔය විදිහට එළවළුයි බතුයි කාලා තමයි ඊර්ෂ්‍යායාව වෛරය පැතිරුවේ.ඒක නිසා ක්ලින්ටන් මහත්තයෝ හරි විදිහට බුදුදහම ඉගෙන ගන්න.මෙයා මේ මෙයාගෙ තරුණකම රැක ගන්න භාවනා කරනවා. මෙවා ඉතින් අපේ සමහර හොර බෞද්ධයන්ට නම් හරි ජොලි.
සත්තු මර මර,එකෙන් දිව පිනවන එකා කරන භාවනා..කිව්වලු! උඹ නිව්යෝර්ක් වලම හිටපන්. හැබැයි බුදු දහම කන්නේ නැතිව ඌරු ගාතයක් හරක් ගාතයක් කාල කාලක් ගහල නිදා ගනින්.පස් පව් කරන එව්වෝ ගැන කුමන කතාද!
ela ela
මෙතැනදී කාරණා කිහිපයක් තියෙනවා.
බිල් ක්ලින්ටන් කියන්නේ ඇත්තද කියලා මම දන්නේ නෑ. සමහර විට මේ පුවත වැරදි වෙන්නත් පුළුවන්. පුවත උපුටාගෙන තියෙන්නේ ඕපාදුප අඩවියකින්. මේ පුවත ඇත්ත උනත් මුන්නැහෙ “බුදු දහම” කියන්නේ අපි “බුදු දහම” කියන එකටමයි කියලා හිතනවානම් ඒක මෝඩ කමක්. බොහෝ විට මෙයා කතා කරන්නේ දලයි ලාමාගේ බුද්ධාගම ගැන වෙන්න පුළුවන්, ඒ දෙන්නා යාළුවො.
අනිත් කාරණේ තමයි මුන්නැහෙ “සැනසිල්ල උදා කර ගත්ත”, “භාවනා කරනවා”, “සරල ජිවන රටාවක්” කියා කිව්වාට අපිට සාපේක්ෂව ඔය එක කතාවක්වත් ඇත්ත නෙමෙයි. ඔය එකක්වත් අපිට අදාලත් නෑ, අපිට කරන්නත් බෑ. තමන් ක්‍රිස්තියානි විදිහට ජිවත් වෙන ගමන් පම්පෝරිය පිණිස ‘බුදු දහම’ කියා කියා ගැනීම පමණයි ඔතන තියෙන්නේ. ඒක හරියට ලංකාවේ මිනිස්සු ‘ෆෙන් ෂුයි’ පස්සේ යනවා වගේ විහිළුවක්. ක්ලින්ටන් සනීපෙන් ඉන්නවානම් ඊට හේතුව දොස්තරලා සහ බටහිර වෛද්‍ය ක්‍රමය. ඒත් එහෙම කිව්වාම කිසි ප්‍රවුර්ති වටිනාකමක් නැති නිසා කොහෙවත් නැති ‘බුද්ධාගමක්’ උලුප්පනවා. අපේ අයියලාටත් කොහේ හරි ඉන්න නාකි හම්පඩ සුද්දෙක්ගේ නමත් එක්ක ‘බුදු දහම’ කියවෙනවානම් තමන්ගේ හිනමානේ වහ ගන්න ඊට වඩා දෙයක් නෑ.
යකුනේ ආඩම්බර වෙන්න ඕනෙනම් ආඩම්බර වෙයව් තමන් බෞද්ධයෙක් වීම ගැන. කොහෙවත් ඉන්න පර සුද්දෙක් බෞද්ධ උනත් නැතත් අපිට ඇති වැඩේ මොකද්ද. එහෙනම් ලංකාවේ ඉන්න ක්‍රිස්තියානි කාරයෝ කොච්චර ආඩම්බර වෙන්න ඕනෙද බිල් ක්ලින්ටන් ඇරුනාම ඇමරිකාවේ ඔක්කොම ජනාධිපතිලා ක්‍රිස්තියානි වීම ගැන.
මුන්ට ලූස් !!!
ඇඬෙනව ඕයි.
ඈ.. ජෝසප්පුවෝ… බොලාට හරි අමාරු වෙලා ඇමරිකාවේ ජනාධිපති බුද්ධාගම හදාරනවා කිව්වම … එතකොට බෞද්ධයා වගේ කොමෙන්ට් කොරනවා .. නාකි සුද්ද .. අරක මේක කියල …
මොකා පිළිගත්තත් නැතත් බිල් ක්ලින්ටන් කියන්නේ ලෝකේ දියුණුම,බලවත්ම ජාතිය මෙහෙයවපු නායකයා
අපේ වගේ මන්තර ගුලි උණ්ඩි කරන ඉන්න පිස්සන්ට ඇමෙරිකාව මෙහෙයවන්න බෑ
ඒ වගේ මනසට වහල වෙන – මොන හුනියමක් මගින් හරි බලය තියාගන්න දගලන – අතොරක් නැතිව හැම එකාඅ පස්සෙන්ම යන එකෙක් වෙන්නේ නෑ ඇමරිකන් ජනාධිපතිවරයෙක්
එම නිසා මෙය අතිශය වැදගත් ප්‍රවුර්තියක්
ඒ වගේම ජෝසප්පුව කියනවා මේ ප්‍රවුර්තිය තියෙන්නේ කබල් බ්ලොග් එකක්ලු
Times of India කබල්ද, Daily mail-uk කබල්ද, ලබ්බේ කබල්ද … බලාපිය ගුගුලේ පොඩ්ඩක්
සැම ප්‍රධාන මාධ්‍යක්ම වාර්තා කරලා තියනවා
ආඩම්බරයි පුතා… ඔයා තමයි පළවෙනියා… හික්!
මන්තර ගුලි උණ්ඩි කරන ඉන්න පිස්ස, dunna Prabhakaran unnaheta
such that
USA pramukha horunta
Oyage namata galapenna (Means මුක පූට්ටු wenna)
Josage kathawata man 100% ekagayi. Machang, you are 100% correct. White buggers are just using Buddhism as a “fashion” only. Also you are right. For Bill Clinton, Buddhism is Mahyaana Buddhism of the Dalayi Lama. I get angry when I read things like this. These useless White buggers do all wrongs and after they get old they talk about Eastern religions just to get Attention. Also one more thing. It is EXTREMELY difficult for believers of BLIND FAITH religions like Christianity to give it up. So this guy is obviously a Christian, just trying to attention using Buddhism.
තනි ඇහැට කඳුළු එනවා බන්,පට්ට කියමන- පොත්ත සුදු එව්වන්ගෙන්ම බුදු දහම හදාරන්න කියල දෝත් මුදුන් දී බලා ඉන්න අපේ ඕල්කොට් -බද්දර පිරිසට ක්ලින් ටෝන් කරලා ගන්න මේ ප්‍රවුර්තියම මදැයි!
ubata ithin hamadam oroppuine bauddhayu monawa hari kiyanakota.anika clintonta kahanawatada gono anunge agamak gawagena cristhiyani darmayata niga dena katha kiyanne.e minihata yamak therila wenna athi ekai eya buddhagamata garu kanne.ekata ithin ogollanta jelane ithin.kawada hari lokayema bududahama babalenawa.
අනේ බිල් ඔයා කොහොම හරි ඔයාගේ (?) නෝනා අපේ පුංචි රටවල්වලට ලෙඩ දාන හිලරි වත් ඔය භාවනා මධ්‍යස්ථානයට ගෙනියන්න ප්ලීස් පින්සිදුවෙයි.
Dear Bill Clinton please please take your wife (?) Hilary who is making troubles on our small countries, to that Meditation centre.
Joseph…. boge uthasahaya etharam sarthaka naha… thava poddak try karanna oita vada hodata budu dahamata garahanna puluwan…
ආන්න බලාපල්ලා. ඕක තමයි මම හැමදාම කියන්නේ බුද්ධ දේශනාව හරියන්නේ සුද්දටම තමයි කියල. මොකද සුද්ද ලංකාවේ ඉන්න කාලකන්නියෝ වගේ නෙවෙයි හොඳට මොළේ තියෙන ජාතියක්. දැන් දැක්ක නේද සුද්ද අවසානයේ තෙරුන් ගත්ත බුද්ධ දේශනාව තමයි හරි කියල. කවද හරි සුද්දෝ තමයි බුද්ධ ධර්මය ආරක්ෂා කරගෙන ඉදිරියටම යන්නේ. ඒ වුණාට බුදු හාමුදුරුවෝ ඉන්දියානු ජාතිකයෙක් (වර්තමාන නේපාලයේ වුණත් ඒක ඒ කාලයේ අයිති ඉන්දියාවටයි) වීම ගැන මගේ එතරම්ම කැමැත්තක් නෑ. මොකද මට ඉන්දියානුවන් පෙන්නන්ඩ බෑ. බුදු හාමුදුරුවෝ කොච්චර හොඳ වුණත් ඉන්දියාවේ නිසා මට දැන් බුද්ධාගමත් එපා වීගෙනයි එන්නේ. ඒ නිසා මම ටිකක් හරි කැමති යුදෙව්වෙක් වෙච්ච ජේසුස් වහන්සේගේ දහමට. මොකද ජේසුස් වහන්සේත් සුදු හම තියෙන කෙනෙක් නිසා.
ක්‍රිස්තියානි දහම ලොව පුරා පැතිරේවා !
ඔය තරම් මෝඩවෙන්න එපා යළුවා, ඔයා ඔය අන්තිමට කියල තියනදේන් සහ ඔයාගෙ ප්රාර්ථනය මහා අකුසල කර්මයක් බව හොදින් මතක තියා ගන්න.
උබ ජේසුස්නම් වූ බුද්ධස්රාවකය ගෑන අහල තිබෙනවද?
modaya umba dan jesusta kade yanawa Namuth umba Jesus Ganesh danne deyak Naha Yako first of you must read the scriptures rather you following blindly
machan some thing wrong on you. May be your father and mother even don’t know who brought you world.
හම්…….-හද ගැස්ම- මට ඒ පුද්ගලයා ගැන තරහක් වෛරයක් ඇතිවෙන්නෙ නැහැ ගොඩක් ලොකු අනුකම්පාවක් දැනෙනවා, ඒත් කොහොමද ලොව් තුරු ධහම මේ වගේ මනසකට අවබෝධ කරවන්නෙ? ඔබට යහපතක් වේවා -හද ගැස්ම-
මම ටිකක් හරි කැමති යුදෙව්වෙක් වෙච්ච ජේසුස් වහන්සේගේ දහමට….ane TEST bun Jesus yudewek neami…udewo kianne Ishareyel karayo danne nethnum hariyata eka hoyala balala comment dapun
Jeseus is a jew. Judaism is a religion. You are the fool. Jesis is from galilee. Galillee is in Israel too.
What di you think. did you think that Jesus was an american or an Italian !!!?
You people are fools there is no jesus
Jesus Has No History
1.1. No Primary Source (First-Person) Accounts of Jesus Exist
No historians of the time mention Jesus. Suetonius (65-135) does not. Pliny the Younger only mentions Christians (Paulists) with no comment of Jesus himself. Tacitus mentions a Jesus, but it is likely that after a century of Christian preaching Tacitus was just reacting to these rumours, or probably talking about one of the many other Messiah’s of the time. Josephus, a methodical, accurate and dedicated historian of the time mentions John the Baptist, Herod, Pilate and many aspects of Jewish life but does not mention Jesus. (The Testimonium Flavianum has been shown to be a third century Christian fraud). He once mentions a Jesus, but gives no information other than that he is a brother of a James. Jesus was not an unusual name, either. Justus, another Jewish historian who lived in Tiberias (near Kapernaum, a place Jesus frequented) did not mention Jesus nor any of his miracles. It is only in the evidence of later writers, writing about earlier times, that we find a Jesus. What is more surprising (Jesus could simply have been unknown to local historians) is that academics note that the gospels themselves do not allude to first-hand historical sources, either!
yako jesus indiyawe gihin hitiya aurudu 15 withara.ehedi eya buddhagama igenagena thiyenawa.passe miniha darmaya igenagena ayemath yudew ratata bgihilla patangaththa parana buissines eka.ehedi ana gahala elluwa.pora marune naha.passe mala kiyala miniya gal guhawaka thibba .ethanadi porata sihiya awa.passe mariyath ekka kotaluwekuge hora rahasema ayeth inndiyawata giya.mariya maruna pakisthane hariyedi.pora thaniyenma giya kashmiryata.eka eya issela hitapu thana.ehedi tharuniyak samaga wiwahawela pirimi daruwekuth labuna.ehedi nama isop kiyalalu kiwwe.aurudu 54 kma idala ehedi miyagihin thiyenawa.thawama jesuge sohona thiyenawa.kashmir wala.eka hambayo rakagena innawa.un kiyanawa eka unge prophet kenekge kiyala.lagadi americawen dna parikshanayakata gihin thiyena aththada kiyala balanna.ara hambayo tika ekata ida dila naha.bbc ekai indiyan anduwenuth egana you tube eke program damala thiyenawa.mariyage sohonath thawama thiyenawa.lokema maha boruwakin rawatala thiyenne jesu swargeta giyakiyala.swargaya kiyanne indiyawata wennathi neda.hambayoth oyawagema thamai boruwen rawatanne mulu lokayama .ewata sakki onatharam you tube eke thiyanawa.kawada ho sathyaya eliwewi.sathyaya jayaganewa.
What is going on?
If everybody become good Buddhists, then who will do the
role of the policemen? There should be someone to do the
policemen’s job.
However congratulations Mr. Bill Clinton. Wish you a long
healthy life BTW.
මම මේ මෝඩයට කොච්චර කිවිවද කට පරිස්සම් කරගෙන කථා කරන්න කියලා.එක වතාවක් මොනික කෙනෙක් ගැන කියලා ඇදගෙන හොදටම නෑවා.දැන් මම කොහොමද අපේ පල්ලියේ පාදර්ගේ මූණ බලන්නේ?මම මෙච්චර පල්ලිය ගොඩදාගන්න හදන කොට මූ එක වචනෙන් මගේ මුලු ප්‍රෝග්‍රෑම් එකම කෑවා.තු .. නොදකින් විතරක්.ජනාධීපතිකම කලාට මොලේ කළදක් නෑ.
Nice
Madem Clinton,
Here we also got a one like your husband. His name is Sarath Fonseaka.
His mouth is also a big one.
habey podi wenasakata thiyenne, SF nam Gotage Mas kannayi balan inne.
අපේ රටෙත් ඔහොම තමා, ගෑනි නැට්ට උස්සන කවුරුවුනත් අන්තිමට පන්සලේ තමා නවතින්නේ
අම්මපා…. බඩුම තමයි!!!!!
හර්ද සැත්කමකට භාජනය වෙනවා කියන්නේ පරලොව දොරකඩටම ගොස් ආපසු එනවා කියනෙකයි, ඒ තත්වයට මුහුණ දුන් කෙනෙක් හැටියට මට වැටහෙනවා මෙතුමා තුල ඇතිවී ඇති වෙනස හෝ සත්‍ය අවබෝධ වීගෙන එන බව, මස් මාංස වලින් වැලකී එළවලු පලතුරු වලට හුරු උණය කියන්නේ සොබා දහමේ සත්‍ය වැටහුනා කියන එකයි. මිනිසාට සහ ගවයාට මෙන්ම සමහරක් සිවුපාවුනට පැතලි දත් පිහිටා ඇත්තේ මාංස අනුභවයට සුදුසු නොවන නිසයි, නමුත් ඒ සොබාදහමේ සත්‍යට වය, එළුවා, හස්තියාවැනි තිරිසන් සතුන් ගරු කලත් බුධියෙන් ඉහල මිනිසුන් වන අප තිරිසනුන්ටත් පහල මට්ටමක සිටිමින් රුධිරයේ වේදනාවේ රස තළුමරමින් බුක්ති විඳින්නේ සත්‍ය වැටහීමක් නැති නිසා නොවේද? යම් දිනෙක මරණාසන්නව ගිලනවා වේදනා විඳ ජීවිතය ගලවා ගත්තෙකුටනම් රුධිරයේ සහ වේදනාවේ සත්‍ය තුලින් බොහෝ දේ වටහා ගන්නවා ඇත. මෙතුමාගේ පණිවිඩය සකල ලෝක වාසීන්ගේ සිත් සුව පිණිස වේවා.
ඔන්න නියම අදහසක්. මාත් නිර්මාංශ තමයි මෙහෙම හිටියට. සුද්දෝ එන්ඩ එන්ඩම නිර්මාංශ වෙනකොට ආසියාතිකයෝ එන්ඩ එන්ඩම මාංශ භක්ෂක වෙනවා.
ලොව සියලු මිනිසුන් නිර්මාංශ භක්ෂකයින් වේවා !
සුද්දෝ නිර්මාණශ වෙන හැටි ඒ රටවල් වලට ගියානම් බලාගන්න තිබ්බා.
Test ට transit එකකටවත් සුද්දගේ රටට යන්න ලැබේවා.
සාධු සාධු සාධු සාධු
කවුරු කවුරුත් දැන් අඩු වැඩියෙන් බෞද්ධ ඉගැන්වීම් ප්‍රයෝජනයට ගන්නවා . මොකද කවුරු හරි ලස්සන වචන ටිකක් කිව්වහම බුරුවො වගේ පිළිගන්න ය දැන් අඩුවෙගන එන්නේ .
තර්ක කරනවා , විමසීම් කරනවා .
මම ඇමෙරිකාවේ ඉන්න කෙනෙක්ගෙන් ඇහුව . බිල් ක්ලින්ටන් ගේ කතාව ඇත්තක්.
ane huke,
puluwannak kiyamu clean town mahattayo mama christian nemei, baudhdhayek kiyala
dhahamakin kiyana hoda deval pilipadinawa kiyana ekai e aagama dhama pili aran e aagame baktikeyaku weema kiyana ekai dekak
mama nam kiyanne me news ekat deshapre-mii punnakku ekak, ape evunta baan choon ekak dennat ekka
http://timesofindia.indiatimes.com/life-style/people/Bill-Clintons-hired-a-Buddhist-monk/articleshow/15351481.cms
This is the diferent of Sri lankan ” malayali ” ( from south india) people and catholic Americans….that’s why im real Sinhala Buddist..
කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී තිබ…ේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත.
ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස් වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, “එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර”
මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර ඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..
මෙම කඳවුරට එහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ “51 වැනි කළාපය” නොහොත් “ඒරියා 51″ යන නාමයයි. (Area 51)
ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන “ෆැන්ටසියක්” වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු “අභ්‍යාවකාශ ආඥා දායකයේ” (United States Space Command)නියෝග මත “තහනම් ගුවන් කළාප අංක 4808″(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ “සාමාන්‍ය” ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.
මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී “කෙස් කෙළින් සිටුවන රහස” මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑම ශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහ ජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළ නොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..
මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි…
“පිට සක්වළ ජීවිහු අතර “දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු “තත්ථාගහ්” (Thaththaggah) සහ “නීදෝක්” (Needhok) යන නාමයන්ගෙන් අමතති…”
මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය “විශ්ව බෞද්ධ” ප්‍රජාවක් ගැන නොවේද?……( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි “ආගමික” රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු “පෘථිවි” ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )
බුදු පියාණන්ගේ විශ්වනීයත්වය…..
Written by D.K. 26-05-2010, in Cardiff of Wales, United Kingdom..
Can you point to the source of this article?
>>
මේ සේවකයන් සියළු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර ඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති.
>>
That’s people like me man.
I love uncle SAM more than my life. But they didn’t accept my green card
application last year.
Because they realized that a person who abandons his motherland would always abandon his adopted land. once a traitor always a traitor.
There is noting called a ‘land’ man.
There is only a concept called State. And it’s united
, it’s united states.
It’s not like Sri Lanka, where we call it ‘Motherland’.
It’s nothing called motherland. it’s a democratic state.
Where democracy is a good reason to leave here.
it seems that motherland does not have any respect back to us
that we put on her.
BTW , US engineer could earn 50K annually, and government
is silence against attack on innocence. You got a big mouth
like Russia, but you don’t have a mouth against those
discrimination. If we do crimes against our own people , then
there’s nothing called a concept ‘Motherland’ any longer.
It’s just a land and we have to pay tax, nothing more than
that.
Tell me a good reason than this?
Where is your big mouth now?
තමන් ඉපදුන රටට ආදරය නොකරන එකා ගැන වෙන උන්ටත් විස්වාසයක් නැත.
Mother SL is silent when child abuses are happening.
When innocence is under attack… Where was her big mouth
when those things are going on…?
So we don’t have a motherland anymore, neither I don’t
think you have a one.And I’m not a product of free education.
As I told before , I’m a open university student and that’s
all. Tell and say this crap to UoM people or government uni
people,I don’t have time to waste with you shitt.
I’m not telling to punish those who did crimes, because I don’t
like to be the policemen.[because policemen is also doing a sin,
I don't want to be a policemen nor instruct you to do his
job, I don't want to involve in any sins, neither policemen or
criminal, I'm innocent]. If dog come and byte you , Buddhism says
not to byte it back. But facts are facts, we don’t have a country
or a state without securing the safety of innocents. So we don’t
have a country anymore. Democracy ,liberty and freedom is under attack.
Do you still believe in a motherland?
I don’t think you’ll reply me back. But just for curious,
where was your big mouth now ?
Wow, what a comment Ranga i like to see you in Araliyagaya Mandiraya as soon as you can….
Mr.Ranga i like to go Area 51 with my people. can you help me ? i hate this Dabana right now….
කතාව ඇත්ත. මාත් අහලා තිබුනා මීට කලින්. ඒත් මේ කමෙන්ට් එක නිසා මේ දැන් මම ගූගල් කරලා බැලුවා, අනික් අයත් හොයලම බලාගන්න.
Umbata berida ungen ahala mata lesiyen chande dinanne kohomada kiyanna?…
Berty
රෙජීම් වෙනස් කරන්න අනික් රටවල් යටත් කරන්න උපදෙස් දෙන්නෙත් මේ බවුද්ධ ප්‍රජාවේ අයමද අනේ නිකන් ඉඳින් බයිලා නොකිය ,ඇමෙරිකාවේ ප්රෝපගන්ඩ වලට අහුවෙන ගඩු කඩන එකෙක් උඹ . ( දැන හෝ නොදැන )
බුදුහාමුදුරුවො මස් කන්න එපා කියල නෑ.ඔක දෙවදත්තගෙ අදහසක්.මෙය බුදුරදුන් ප්‍රතික්ශෙප කලා
ඔවි මෙහෙම කියල තියෙන්නව පානාති පාතා වේරමණී සික්ඛා පදං සමාධියාමි කියල, ඒ කියන්නේ පණ තියෙන සතුන්ට හිංසා කිරීම ප්රාණය නිරුද්ධ කිරීම අකුසලකි ???????
දැන් මෙයා යෝගී ඉස්සර ජෝගී..
උපාසකය වගේ ඉඳන් ගෑනු කීප දෙනක් ඉක්ක ඉඳල තමන්ගේ මාය්යට අතේ මාට්ටු වුන ලෝක ශූර ඇමෙරිකානු බෞද්ධ ගොල්ෆ් ක්‍රීඩක,තමන්ගේ වුර්තියෙ ඉන්න ගමන් හොර ගෑනු එක්ක ප්‍රසිද්දියේ ඉඳල ගම කා ගත්ත අපේ TV එකේ බන දෙසන හිටපු අග විනිසුරු වගේ ඔක්කමල,බුදු දහම පිලි පදින බව පෙන්නන ‘ලෝකෙට පරකාස ගෙදරට මරගාත අපාය අද්දර බක තපස්සු’නොවේද?
@අනේ මන්ද
දන්නෝ දනිති!
නාකි උනාම යකත් සිල් ගන්නවා..
@dga
පට්ට කියමන!
හැබැයි හිතෙන් නෙවී,මැරුණම නැවත ඉපදෙන්නේ ඒකනේ.
අපේ බුදු පිළිම ටික ආරක්ෂා කරගනිල්ලා
Ai dannadda hilarita buddhagama ugannane galle mitree budunne.dan hilari ayage agra srawikawane.onanam ahala balapalla galle ekekkgen.
ඔයගමන්ම ඔහේගෙ මායියවත් මෙහෙනින්වහ්න්සෙ කෙනෙක් කොරවනවකො.එයා දැන් මුලු ලෝකෙටම හෙන වාතයක්වෙලා තියෙන්නෙ.
පිස්සුද බන්. අහෝ දෙව්දත් නොදිටි මොක්පුර!
මේ පුවත ඇත්ත උනත් මුන්නැහෙ “බුදු දහම” කියන්නේ අපි “බුදු දහම” කියන එකටමයි කියලා හිතනවානම් ඒක මෝඩ කමක්. බොහෝ විට මෙයා කතා කරන්නේ දලයි ලාමාගේ බුද්ධාගම ගැන වෙන්න පුළුවන්, ඒ දෙන්නා යාළුවො….uputaganima…from Joseph…nuba hari Joseph batahira kohewuth therwadaya januppriya nahe…Mahayana sunkulpa thama bathira janupriya wela thienne,,,,
උඹ හරියටම හරි වෙන්න පුලුවන් පිස්සු පූසා. ලොකය බුද්ධාගම කියල ගන්නෙ මහායානය. දලයි ලාමා තමයි බෞද්ධ පාප්. ක්ලින්ටන් මෙහෙ බුද්ධාගම් කාරයෝ කෙලින පිස්සු දන්නවනම් අමරිකාවේ බුද්ධාගම තහනම් කරන්න වෙනම අරගලයක් කරනවා.
Ela
සහතික ඇත්ත මචෝ, අනික් අපේ සමහරක් හාමුදුරුවරු කරන දේවල් ක්ලීන් ටවුන් කාරයට දන්නවනම් ඉතින් බඩුම තමයි.
Mechachara kaluth ithin
Baawa Naawa Naawa hitiye ?
puluwan nam ganiwa hada ganna
ඇත්තටම කිව්වොත් මිනිස්සුන්ට ඇත්ත වැටහෙන්නෙ නාකි වෙලා,උදවු කරන්න කවුරුවත් නැතිවෙලා,තමන්ට දැන් ඉස්සර වගේ බැහැයි කියල තේරුම ගියාට පස්සෙ. හැබැයි ඒකෙන් නාකි මිනිස්සු බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන එක අවතක්සේරු කරනව නෙමෙයි. කොහොම උනත් පමාවෙලා හැරී ඇත්ත දැනගෙන, අවබෝධයෙන් කරන එක හොඳයි. හරියට භාවනා කරල හිත දියුණු කරගෙන, බෞද්ධ දර්ශනය හරියට පිලිපද්දොතින් ඊළඟ ආත්මෙදි වත් හොඳ බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න වාසනාව ලැබෙයි,තමන් කල පවු යටපත්වෙලා.(ගොඩක්ම හිත දියුණු කරගත්තොතින් දිව්‍ය ලෝකෙ උනත් යන්න පුළුවන්). කොහොමටත් බිල් ක්ලින්ටන් කියන්නෙ ලෝකෙ බලවත්ම රාජ්‍යයේ ජනාධිපතිවෙලා හිටපු කෙනෙක්,එහෙම කෙනෙක්ගෙන් මේ වගේ ප්‍රකාශයක් ආපු එක බෞද්ධ දර්ශනයේ ප්‍රචාරයට හොඳ දෙයක්.
බුදුහාමුදුරුවො නම් නිර්මාංශ වෙන්නෙයි කියල නෑ උපාසක,උපාසිකා පක්ෂ වලට. භික්ෂුන්ට හා භික්ෂුනීන්ට නම් අනීවාර්යයි. ඒත් ඉතින් නිර්මාංශ වෙන එක කොහොමටත් හොඳයි,කරන්න පුලුවන්නම්. තමන්ගෙ ශරීර සෞක්‍යට හොඳයි. ඒත් භාවනා කරනවනම් නිර්මාංශ විය යුතුයි. එහෙම නැති උනොත් භාවනාව පිහිටන්නෙ නෑ. ඒක මම අත්දැකීමෙන්ම දන්න දෙයක්.
ජීවක සූත්‍රය හොදින් ඉගෙන ගන්න.මස් කෑමට තියෙන පෙරෙත කමනිසා නම් ඒක වෙනත් විදියකට අර්ත දක්වන්න එපා.
ane macho hilari nangiwath set karaganinko apita paduwe inna deela
අයියෝ ක්ලින්ටන් පප්පා දැන්වත් ලංකාවට වරෙන්,,,,,,,,,,,,,,,,,,,
ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨතම ආගම බුදු දහමයි !!
බුද්ධ දහමයි… අපේ මොන්ගල් බුද්ධාගමයි කියන්නෙ දෙකක්. ඒක පටලවාගන්න එපා…. මන් මේ වෙලවේ බීලා ඉන්නෙ. ඒ වුනාට මන් හිතනව මන් කියපු දේ හරි කියලා. ක්ලින්ටන් උන්නැහේ කියල තියෙන්න්නෙ බුදු දහම ගැන මිසක් ඕල්කොට් උන්නැහේ මෙහෙ හදපු ක්‍රිස්තියානි මොඩල් බුද්ධාගම ගැන නෙවෙයි. ඒක තෙරුම් ගනිල්ලා නිකන් වැල් බයිලා ගහන්නෙ නැතිව.
මොනවද බීවෙ බන්..ඉවරද?
මෙතුමා බෞද්ධ දර්ශනය හරියට හදාරනවනම් ගොඩක් හොඳ දෙයක්. එකෙන් හිතේ සැනසීම අනීවාර්යෙන්ම ලැබෙනව. ඒ වගේම අපචාර,අපරාධ වලට හිත යොමුවෙන එකත් අඩුවෙනව. දැන් ලෝකයේ ඇතිවී තිබෙන අපරාධ වැඩිවීමට පිළිතුරත් මේකෙන්ම ලැබෙනව.
ඒ වගේම කාම අපරාධ වලට තවත් මුලිකම හේතුවක් තමයි අපේ ආහාර රටාව. විශේෂයෙන්ම broilers කුකුළු මස්,සොසේජස්, සහ අනෙකුත් කෘතීම ආහාර වර්ග. මේ ආහාර වර්ග හදන්න වර්ධක හෝමෝන යොදාගන්නව. broiler කුකුලෙක් වැඩෙන්න යන්නෙ දවස් 45. ඒ වර්ධක හෝමෝනවල ආනුභාවයෙන්. ඒ හෝමෝන සහිත ආහාර කෑවම අපේ ශරීරයෙත් අස්වාභාවික වර්ධනයක් සහිත රටාවක් ඇතිවෙනව. දැන් කාලෙ ගැහැණු ළමයි අවුරුදු 5,6 පවා වැඩිවියට පත්වෙන්නෙ මේ නිසා. මේ විතරක් නෙමෙයි අපේ හැඟීම්,ආකල්ප පවා වෙනස් වෙනව. ඒකයි පොඩි එකෙක් දැක්කත් හිත ගිනිගන්නෙ. අපි කන එළවලු වලට යොදන කෘතීම පොහොර නිසාත් මේදේම වෙනව. හොඳම දේ කොම්පෝස්ට් පොහොර යොදාගන්න රටපුරා උනන්දු කරවන එක,ඒකට රජය මැදිහත්වෙන්න ඕන. අනෙක KFC වගේ ඒව හැකිතරම් සීමා කරන්න ඕන, විශේෂයෙන්ම පොඩි දරුවන්ට ඒ කෑම නොදී ඉන්න ඕන. cola බීම ඇතුළු කාබනික බීම වර්ගත් පොඩි ළමයින්ට නොදී ඉන්නවනම් හොඳයි.
අනෙක් එක තමා international schools. මේවයේ යන ළමයි මොනවද කරන්නෙ කියල උන්ගෙ අම්මල,තාත්තල වත් දන්නෙ නෑ. අපේ රටේ තියෙන රජයේ පාසල් වල තත්වය දියුණු කරල,ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ඇති කරල(දැනටත් සමහර පාසල් වල තියෙනව),පහසුකම් වැඩි කරන්න ඕන. එතකොට ඒවට යන ප්‍රමාණය අඩු වේවි.
අනෙක අපේ රටේ සාම්ප්‍රධායික විදියට තිබුන පාසැල් ක්‍රමය වන පිරිමි පාසැල් සහ ගැහැණු පාසැල් ක්‍රමය නැති කරන්න ඕන. සේරම මිශ්‍ර පාසැල් කරන්න ඕන. ඕනම දෙයක් හංගල තියෙනකොට ඒ ගැන හොයන්න, විශ්ලේෂණය කරන්න හිතෙනවා වැඩි. විවුර්ත කරන්න, එතකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙයි(හැබැයි ටික කාලයක් යාවි මේ තත්වෙට හැඩගැහෙන්න). මොකද දැන් තියෙන නවීන තාක්ෂනය ප්‍රතික්ෂේප කරල අපිට ඉස්සරහට යන්න බෑ,ඒකත් එක්කම යනවනම් අපි අපේ ක්‍රමය අදාළ විදියට වෙනස් කරන්න ඕන. mobile phones,internet….මේවා use කරනවනම් අනීවාර්යෙන්ම අපි ටිකක් නම්‍යශීලී වෙන්න වෙනව.
අනෙක් කරුණ මේ සියල්ල අතරෙම ධහම් පාසැල් අධ්‍යාපනය අනීවාර්ය කරන්න ඕන, රජයේ සහ පුද්ගලික අංශයේ සෑම රැකියාවකටම විතරක් නෙමෙයි වැඩිදුර අධ්‍යාපනය සඳහා සහ විවිධ පාඨමාලා සඳහාද ධහම් පාසැල් සහතිකය අනීවාර්ය කරන්න ඕන.
මේක මගේ අදහසක් විතරයි. වැරදි ඇති, වැරදි නිවැරදි කරල මේ කියපු ටිකෙන් පටන්ගෙන වැඩපිළිවෙලක් හැදුවොත් මම හිතන්නෙ අපිට දුෂණයෙන්,භීෂණයෙන්,අපරාධ වලින්,තොර රටක් හදාගන්න පුළුවන් වෙයි.
අපේ රටේ හොර දේශපාලුවන්ට නුවන පෑදේවා!!!
සහ (දැනටමත් ඇති හා නරක දේවලට යොදවන
නුවන) රටේ යහපත වෙනුවෙන් යොදන්න හිත හැදේවා!!!
ඔබ කියන සියලු දේට එක්ඟ නොවුනත්, දහම් පාසල් අධ්යාපනය, මව්පියන් දරුවන් ගැන හොයා බැලීම අඩුවීම වගේ දේවල් ඇත්ත. මම ඉන්නේ වෙන රටක. මෙහේ තියෙන්නෙත් ජාතියන්තර පාසල්. නමුත් ලමයි පාසල් ඇරිලා ආවහම දෙමාපියෝ හොඳින් හොයා බලනවා දවසේ උන දේවල් ගැන. ගුරු-දෙමාපිය නිරන්තර සාකච්චා තියනවා. පාටියකට ගියත් කොල්ලො කෙල්ලො ගැන ඇහ ගහගෙන ඉන්නේ. හොඳ පවුල් පසුබිමකින් එන ලමයෙක් ලේසියෙන් දුරාචාරයට පෙලබෙන් නෑ.
dga
එහෙනම් ඔයා ඉන්නව ඈත්තෙ ක්‍රිස්තියානි රටක. ඕක තෙරවාදි බුදුදහම තියෙන මියන්මාරය ටිබෙටය, නේපාලය, තායිලන්තය, වගේ හිගන රටක් වෙන්නට බෑ.
Clinton mas malu noka Bududahama ugaththata mehe athalossak wana sebe hamuduruwaru arunu wita anith hora ganayo mas malu kanawa witharak nemei thawa set ekak anith minisunwath kanna balagena inne.
meya dan meheme indala sowaan weywee neyda ,….. ?
බලයේ ඉන්නකම් ඔක්කෝම බලු වැඩ කරලා පැන්ශන් ගියාම සිල් ගන්නවා. පැන්ශන් ගිය දාක බැරැක් ඔබාමාත් හිලරි ක්ලින්ටනුත් ඕකම කියයි.
මෙතුමා බලයේ ඉන්නකොට ට තිබ්බේ පුදුම පෞර්ෂත්වයක් , කතාවක් කරනකොට බලන්න හිතෙනවා එකෙන්ම, එත් බලය ගිලිහිලා නික්කම්ම (හිටපු) ජනාදිපති ක්ලින්ටෝන් උනාට පස්සේ දෙකකේ පරධෙලෙක් වගේ මනුස්සයෙක්, ක‍්‍රියාශීළී නිරෝගීමත් පෙනුමකින් යුතු ජීවිතය බුදු දහම නිසා කියලා කිව්වමත් හිත පිරෙනවා මොකද මේක කියන්නේ නිකන් මනුස්සයෙක් නෙමේ නේ, මෙය ඇමෙරිකාවේ හිටපු ජනාධිපති, ඒ විතරක් නෙමේ දෙන ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්ගේ ස්වාමියා සහ ලෝකේ දියුණුම,බලවත්ම ජාතිය මෙහෙයවපු නායකයා. මෙය ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිලගෙන් ලෝකෙත් එක්කම හෙකිතාක් හොදින් ඇමෙරිකාවේ බලු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරපු යුද්දේ ගෙන වේධිය විස්වාසනොකරපු මනුස්සයෙක්. කොහොම උනත් ලස්සන ඇමෙරිකාවේ ලස්සන ජනාධිපතිවරයෙක් විදියට තම ලෝකයට පෙනී හිටියේ සංසන්දනාත්මකව බුෂ් වරු සහ හුසේන් ඔබාමා එක්ක බළකොට. මස් මාංශ කෑමෙන් වැලකී ආහාර පාලනය කරන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් මත භාවනායෝගීව කල්ගත කරන මෙතුමාගේ කල්ක්රියව ගෙන ප්‍රසිද්ද වේමම දවාලක් රැයක් නැතුව ලංකාවේ කතෝලික අගමැ පතුරවන කාදිනල් තුමාටයි මූලධර්මවදි නඩයටයි මේක මාරු පහරක්. තව පල්ලිපස්සේ යන සරත් ෆොන්සේකාට, පාස්ටර් කල්ලියේ රෝසි ගේ අදබලය වෙච්ච සජිත් ට සහ දෙවගෙති ලක්ෂ්මන් වික්රමසින්ග්හේ ගේ ස්සහොදරය වෙච්ච ලංකාවේ විපක්ෂනායක රනිල් ට මේවා දරන්න බේරී දේවල් වෙන්න ඕනේ. කොහොම උනත් මෙතුමාගේ බිරිද කොලොම්බියාවේ ගිහිල්ල සලසා බර්ර් ගැනේ ක්ලුබ් ගැනේ බියර් බීල ගෙහෙනු එක්ක නටල ගවුම උස්සල හිනාවෙලා කරන විකාර දෙකකම සහ එයාගේ කල්ක්රියව ලංකාව කෙරේ විහිදෙන ආකාරය දෙකකම සේහෙන තරහක් එනවා. කොහොම උනත් බුදුදහම කියන්නෙ එළවළුයි බතුයි ගිලින එක නෙවෙයි. බුදුදහම කියන්නේ ඊට වැඩිය පුළුල් අධ්‍යාත්මික අතින් දිවුණු වුණ සංසාර දුක ගැන පිරිසිදු අවබෝධයයි. මේක කිල්න්ටෝන් යුවලට අවබෝධ වෙනවා කියනඑක නම් ලොකු දෙයක් තම, එක එහෙම වෙනවා කියලා මට නම් විස්වාස කරන්න අමාරු දෙයක්. රහත් උනා කියල, තමන් කළ කර්මයන්ගේ ප්‍රතිවිපාකවළින් ගැළවෙන්න බෑ. මුගලන් මහා රහතන්වහණ්සේගේ, චක්ඛුපාල මහ රහතන්වහණ්සේ ගේ කතා අපිට බන පොත් වල ඕනේ තරම් තියෙනවා. එත් අප්‍රමාදව ධර්මයට එන්න කියන දේට වැඩ කියන්න දෙයක් නේ…පවු නොකරපු ය ලෝකේ නේ, හෙමෝම පවු කරලා තියෙනවා. කමක් නේ දෙන වත් හරි මාර්ගයට අවොත්. මේ මොනවා උනත් ජේසුස් ඉන්දියාවේ ගිහින් හිටිය ඖරුදු 15 විතර .එහෙදි එය බුද්ධාගම ඉගෙනගෙන තියෙනවා .පස්සේ මිනිහ දර්මය ඉගෙනගෙන අයෙමත් යුදෙව් රටට බ්ගිහිල්ල පටන්ගත්ත පරණ බුඉෂිනෙස් එක කියලා කතාවකුත් තියෙනවා නේ. එක නිසා මේක කිරල බලල අපේ බුදුදහම අපි රෙකගේන්නේමට පල්ලි පිල්ලි වලට ඉඩ නොදී රේක ගනිමු.පහත ලින්ක් එක බලන්න
http://www.youtube.com/watch?v=aNSBuDTV4VE
උබට මේව තේරෙයිද මන්ද?ලෝකයේ ක්‍රිස්තියානින් නොහිටින්න උබත් අද කොනකපාල කෙනෙක්. කොහොමද ඉන්ග්‍රිසි ආපු වෙලාවෙ ඔටෝමාන් කට්ටිය මෙහෙ ආවනම්.සුද්ද ලන්කාව පාලනය කරද්දි යම්කිසි නීතියකට ඒක කලා. (කොටින්ම අදට වඩා එදා නීතිය හොදින් ක්‍රියාත්මක උනා කියල වයසක අය කියනවා)ඔටෝමාන්ල ආවනම් නීතිය කුමක් වෙන්න ඉඩ තිබුනාද.ඒක නිසා ඔය ක්‍රිස්තියානින්ට බෑනිල්ල නවත්තපන්. අපි උබලගෙ දහමට කරන හානිය මොකක්ද?බලපන් උබල පත් කර ගත්ත උබලගෙ දේශපාලුවො උබලගෙ ආගමට කරන හානිය. ඒ විතරක්ද හාමුදුරුවරු කරන හානිය
බිල් ක්ලින්ටන් කියන්නේ පෙර භව වල බොහෝ පින් කල අයකු විය යුතුයි එහි ප්‍රති මේ භවයේදීම ලැබිල තියෙනව අද බුදු දහම ගැන ඕනෑම කෙනෙකුට දැන ගන්න පුලුවන් ඒත් කීයෙන් කීදෙනාද මේ දහම ගැන දැන ගන්නේ ඊටත් පිනක් තිබිය යුතුයි ඔහු සුනාමි වෙලාවෙ ලංකාවට ආවා මෙහෙ මිනිස්සුන්ගේ දහමින් පෙර පැවති පෝෂනයෙන් තවමත් පවතින වටිනා මිනිස් ගුණයන් දුටුවා අරලිය මැදුරේදී ආප්ප ලුනුමිරිස් කෑවා මෙහෙ අයගේ කතා ඇහැවුවා බුදු දහම ගැන සොයා බලන්න සිතක් පහල වෙන්න ඇති
යමකු ආර්ය්‍ය මාර්ගය ගැන විමසන්නේද ඒගැන සිත පහදවා ගන්නේද ඒ මගෙහි ගමන් කරන්නේද මුලු ජීවිතයේ පෙර වැරදි අවබොද වන්නේමය එම නිසා ඔහුගේ පෙර වැරදි කියමින් හෙලා දකිනවාට වඩා වර්ත මානය අගය කිරිම වටී
ඔයාගේ නෝනට කියනවද එහෙනම් බෞද්ධ රටවල්වලට කෙලින්ඩ plan කරන්නේ නැතිව ඉන්න කියල.
මමයි තව යාලුවෙකුයි මේ ලගඳි ගියා ගාල්ලේ යක්කල මුල්ලේ නාගොඩ කියන ගමේ තියෙන පංසලකට නම මතක හැටියට නම් නීගොදාරාමය වගේ
එකේ ඉන්නෙ බොහොම තරුණ හාමුදුරු නමක් හාමුදුරුවො හරිම උතසාහ වන්තයි ගමේ මිනිස්සු එකතු කරගෙන පංසලයි හමයි අතර බැදීම ගොඩ නගන්න වගේම මිනිස්සුන් ගේ වගෙම කුඩා ළමයි ගේ දහම් දැනුම දියුනු කරන්න ලොකු උත්සාහයක යෙදෙනවා
මම දැක්ක තරුණ හාමුදුරුවරු ගෙන් බය නැතුව හොඳයි වැඩක් කරයි කියන්න පුලුවන් කෙනෙක් තමයි එතනදි දැක්කේ
හැබයි පංසල නම් හොඩාක් ගරාවැටිලා අපි හාමුදුරුවො එක්ක කතා කලාම කිවුවේ හාමුදුරුවො පංසලට ඇවිත් ආවාස ගේ ඇතුලේ වැවිලා තිබ කැලේ කපලා සුද්ද කරලා පදිංචි උනා කියලා ඉට පස්සේ ගම වටේ ගිහින් මිනිස්සු එකතු කරගෙන ඇවිත් ධර්ම ශාලාවේ වැවිලා තිබ්බ මහ ගස් චෙන් සො එකෙන් කපලා පංසල නැවත පටං ගත්තා කියලා
ගමේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්ර ශ්නේ තමයි පංසලට යන්න හරි පාරක් නැති එක ඔන්න කාට හරි කරනවා නම් එල කිරිම වැඩක් 500M කන්දකට එන්න තියෙන අඩිපාර ඩොසර් කරලා වාහනයක් පංසලට ගන්න පුලුවන් තත්වෙට පත්කරල දෙන එක
මොකද ගමේ ගොඩාක් මිනිස්සු යැපෙන්නේ තේ වතුවල වැඩ කරලා ඉතින් එයලාට එකට දායක වෙන්න අමාරුයි
මහා ලොකුවට බුද්ධාගම බේර ගන්න කියලා කෑ ගහන අපේ කට්ටිය පුලුවන් නම් මෙ වගේ දියුනු වෙන්න උත්සාහ කරන පංසල් හොයලා එවට හැකිපමණ උදවු කරනවා නම් අපෙන් සමාජෙට වෙන්න ඔනි යුතුකමක් ඉටු උනා කියලා අපිට මැරෙන දවසක සතුටින් මැරෙන්න වත් පුලුවන් වෙයි නෙද ?
@ waruna,
නියමයි. කවුරුහරි වැඩේ පටන් ගන්නවනම් මමත් උදවුවක් කරන්නම්(මම දැන් ලංකාවෙ නෙමෙයි ඉන්නෙ. ඉතින් මට සක්‍රීයව දායක වෙන්නනම් බැරිවෙයි. ඒක නිසා කවුරුහරි ඔර්ගනිසින්ග් පාරක් දැම්මොත් පුළුවන් උදවුවක් කරන්නම් බොක්කෙන්ම).
Umba pitarata giye mehe bath kala ethiwelada?
උඹ සොසේජස් කන්න බලාගෙන කට ඇරගෙන හිටපන්, බලන් හිටපන් තව ටික දවසකින් කොස් ගෙඩියක්වත් නැතිවෙයි කන්න හොයාගන්න.
waruna, please give me details of the temple.
යකුනේ ආඩම්බර වෙන්න ඕනෙනම් ආඩම්බර වෙයව් තමන් බෞද්ධයෙක් වීම ගැන. කොහෙවත් ඉන්න පර සුද්දෙක් බෞද්ධ උනත් නැතත් අපිට ඇති වැඩේ මොකද්ද.
100% agreed.
කොටා වුනත් කතාව ඇත්ත
සිද්ධාර්ථ,
ඔබට මෙන් යස ඉසුරු
සත් මහල් ප්‍රාසාද
සෘතුවෙන් සෘතුවට
අපට නැත කලකිරෙන්නට
ජීවිතය
ඒනිසා පහසුවෙන්
යා නොහැක ගිහි ගෙයින්
- මහගමසේකර
ක්ලින්ටන් උන්නැහේටත් කියන්න තියෙන්නේ කරන්න තියෙන ඔක්කොම කෙලි කලාට පස්සේ අපිත් බුදු දහම පිළිපදින්න තමයි ඉන්නෙ කියල…
ලොව මැව් දෙවියනේ,කොහේ සැන්ගී සිටද
කන්‍යා මරියා අපේ ගැබිනියක් කෙරෙව්වේ
මහා මැදුරු අගුළු ලා ගව ලෙනක් විතරමද
මවා පෙන්වා හැරියේ අපේ මරියට එදා?
ලොව මැවූ දෙවියනේ,කොහේ ඔබ හිටියේද
ජේසු පුතු අඬන විට පිය සෙනෙහෙ ඉල්ලලා
ලොව මැව් දෙවියනේ,ඔබේ නෙත් කන් වීද
ජේසු පුතු මරණ විට කුරුසයේ ඇන ගසා?
මේ මොකද බොලේ ආගමක් ඇදන් කෑ ගහන්නේ..?? උඹට මම ලිව්ව එකවත් තේරෙන්නේ නෑ නේද..?? පුදුමාකාර අන්තවාදියෝ අද රටේ ඉන්නේ.. උන්ට මහගමසේකර දන්නෙත් නෑ.. බුදු හාමුදුරුවෝ දන්නෙත් නෑ… බිල් ක්ලින්ටන් දන්නෙත් නෑ…
@Chinthaka
මහගම සේකර ගෙ
‘අබිනික්මන කරන්නට බැරි හේතුව ලෙස,සිදුහත් කුමරුන්ට මෙන් සැප නැති මාලිගා නැති බව ය’ කියමින්
ලියා ඇති කවිය
සමග
”ක්ලින්ටන් උන්නැහේටත් කියන්න තියෙන්නේ කරන්න තියෙන ඔක්කොම කෙලි කලාට පස්සේ අපිත් බුදු දහම පිළිපදින්න තමයි ඉන්නෙ කියල…”
උඹ ලියා ඇති
හරුපෙන්
බිල් ක්ලින්ටෝන් කළා මෙන්
තුන් වන සිල් පදේ කැඩීමක්,
සිදුහත් කුමරු කල බව
ගම්‍ය වනවා නොවේද?
නමුත් සිදුහත් කුමරු
එසේ හැසුරුන බවක්
වාර්තා වී නැත.
සිදුහත් කුමරු එහෙමයි කියල මම නම් හිතුවේ නෑ… ඒත් බිල් ක්ලින්ටන් නම් එහෙමයි කියල කව්රුත් දන්නවා නේ… ඇරත් සිදුහත් කුමරු අභිනිෂ්ක්රමනයට කලින් එහෙම සිටිය නම් එකේ වැරද්දක් කියන්නත් බෑ… ඔහු ඒ කාලයේ සමාජයේ එක්තරා පුරුකක් පමණයි නේ ඒ වෙනකොට (බුදු බව පුරන්න කලින්)…. ඒ දේවල් නේ ඔහුට ගිහි ගෙය කලකිරෙන්න හේතු වුනෙත්… එක අතකට ඔහුගේ ක්‍රියා පටිපාටියේ ලොකු වැරද්දක් තිබුන නම් ඉපදීම අවසන් කරන්නත් බෑ නේ…
මෙතන ප්‍රශ්නය තියෙන්නේ ආතර, මහගමසේකර පීඩිත පන්තියේ මුහුණුවරින් ලියපු සුන්දර කවිය තේරුම් ගන්න බැරි පට්ට හරක් අද මේ රටේ ඉන්න එක සහ හැමදේම ආගම වාදයකට හරවගන්න කුහක කාලකන්නි ඉන්න එක….
@Chinthaka
එහෙම නම්
ඒ විදියටම,
මේ සිංහල අපගේ රටයි//
අප ඉපදෙන මැරෙන රටයි//
සම කරුණා ගුණ මහිමේ //
අප උපතින් ලද උරුමේ//
කියල
අපේ මහගම සේකර ලියා තැබූ දේ,
තේරුම් ගන්න පුළුවන්,
කුහක නැති සිතක්
ඔබට තිබේද?
@Chinthaka,
පොත් දැනුම තිබුනට
කටක් තිබුනට හැකර පාටට
තැන නොතැන නොදැක සිට
නොදාපිය සේකරයන්ගේ කවි ගෙන
උඹේ දිවේ නැති ඇට
නිසාවේ මේ සට පට
කරකවා හැරෙව්වට
පිළිගන්නේ කව්රුන්ද?
@ඇසේ මධුර ගී
එළෙ එල කවි ටික මචෝ.
කියල වැඩක් නෑ!
ගිහිකල සිදුහත් කුමරුගේ පැවැත්ම ගැන තේරුම් ගැනීමටත්, සත්‍යය අවබෝධ කිරීමට කැමති උදවියටත් මාටින් වික්‍රමසිංහම වියතා විසින් රචිත භවතරනය හොඳ මග පෙන්වීමක් සපයයි.
එහෙත් එය හුදු නවකථා විලාශයෙන් නොකියවා, එහි එන අනෙකුත් දහම් පිළිබඳ තර්ක අවබෝඅධ කරමින් කියවීම වටී.
ප්‍රබන්ධයක් උවද මා දකිනා අගනා කෘතියකි.
@සිතිවිලි
බටහිර නවකතා විවරණ ක්‍රම ගෙඩි පිටින් ගිල්ල,
මාටින් වික්‍රමසිංහම ‘වියතා’ විසින් රචිත භවතරනය පොතේ
ලියා ඇති කෙප්ප පට්ට ගැසූ
අපේ යක්කඩුවේ ප්‍රන්ගාරාම හාමුදුරුවන් ගේ පොතත් කියවන්න.(මට ඒ පොතේ නම මතක නැත;?බවතරනයට පිළිතුරු ?)
මට මතක ඇති,එක් උදාහරණයක් ලෙස,එතුමන් එම පොතෙන් කියා තිබෙන්නේ,
සාරසන්ක්ය සසර ගණනාවක් බුදු බව ලැබීමට පුරුදු පුහුණු වුන සිදුහත් කුමරු,
බව තරන නව කතාවේ ඇති විදියට,
සතුන් දඩයම් කරන්නෙක් (හෝ Chinthaka මෙවැන්නක් ගම්‍ය වන සේ ලියා ඇති ලෙස,
බිල් ක්ලින්ටන් මෙන් ගෑනු සොන්ඩෙක්වත් )
විය නොහැකි බවයි.
ආතර සහෝදරයා,
බොහෝම ස්තිතුයි, භවතරනයට පිළිතුරු නම් වූ ග්‍රන්ථය කියවිය යුත්තක් ලෙස මම සිතමි. එය මට තවම හමුවී නැත.
“භවතරණය” සත්‍යය වාර්ථාවක් ලෙස සිතා යමෙකු කියවූවොත් එහි ගැටීමක් ඇතිවේ. එහෙත් එය මා කියවූවේ සමකාලීන අනෙකුත් දෘශ්ටීන් පිළිබඳ එහි සිදුහත් කුමරුන් කරන වාද පිළිබඳ කල් ගෙන තේරුම් ගනිමිනි.
මා සිතන හැටියට කෙනෙකුට මැදුම් පිළිවෙත තේරුම් ගැනීමට එය හොඳ කෘතියක් බවයි.
එනමුත් නොඇලී නොගැටී කියවිය යුතු පොතක් බවනම් සැබෑය.
මා සිතන හැටියට
සිදුහත් කුමරු ගැහැණුන් ආශ්‍රය කරන්නට ඇත (අඩුම ගනනේ යශෝදරාව ) ඉන් ආශ්වාදයක්ද විඳින්නට ඇත එහෙත් ආශ්වාදය පසුපස ඇති ආදීනවය තේරුම් ගැනීමට තරම් උන්වහන්සේ බුද්ධිමත් වූයේය එම නිසා ආශ්වාදයේ නොගැලී බුද්ධත්වය පසක් කරගනු ලැබීය.
එම නිසා සිදුහත් කුමරු ගැහැණු සොඬකු නොවුනු බවට තර්ක උවමනා නැත.
ඔබ කියන පොත මා සොයාගෙන කියවන්නම්
ඔබට පින්
@සිතිවිලි
1.
ඔබ කොළඹ ඉන්නෙක් නම්,මහජන පුස්තකාලයේ විමසුම් අංශයෙන් එම පොත / ?පොත් දෙක lending කල හැකිද කියා හෝ (මට මතක හැටියට ප්‍රඥාරාම හාමුදුරුවෝ research කරලා,මාර්ටින් මහත්තයාගේ නව කතාවේ තිබ්බ කාරණා පට්ට ගහල තිබුන,පොත් කොටස් ?දෙකක් වශයෙන් ලියල) නැත්නම්,reference section එකට ගොස් කියවිය හැකිද කියා සොයා බැලිය හැක.
2.
අපේ සරත්චන්ද්‍ර ප්රොපා සමග
පේරාදෙණි ගුරුකුලේ සිටි අපේ ගුණදාස අමරසේකර මෙන්,
මාර්ටින් මහතාද
‘බටහිර කාම කතා රැල්ලෙන්’
මත් වී සිටියෙකි.
මුලින් ‘කරුමක්කාරයෝ’ කියා ලියූ නවකතාව එවැන්නක් ය,
එහි ගත යුත්තක් නැතිය
කියා ගුණදාස මහත්තය ප්‍රසිද්ධියේ පිලි ගත්ත.
මාටින් මහත්තයත්
අද ජීවත් ව සිටියානම්,
‘බවතරණය’ නවකතා ගැනත්
ඒකම කියාවි!
3.
බවතරණය කියවපු
ජයසේන ජයකොඩි උතුමන්,
ඉතා දැඩි ලෙස කම්පා වී,
වහාම ලියන්න පටන් ගත්ත
‘අමා වැස්ස’.
අන්න කියවන්න,’සැබෑ සිදුහත් චරිතය’ වටා ලියුනු
නවකතාව.
මන් දන්නා හැටියට දැනට මේ රටේ වැඩියෙන්ම මුද්‍රණය වී ඇති නවකතාව.
එය ඉංග්රීසි චීන ඇතුළු ලෝකේ භෂාවන් කීපයකට පරිවර්තනය වුනා.
මා බාසා දෙකෙන්ම අමා වැස්ස නව කතාව කියෙව්වා.
නමුත් සිංහල බසින් දැනෙන ‘රසය’,
ඉංග්‍රිරිසි බසින් දැනේද කියා
මට සැකයි.
4.
‘සිතේ ඇඳුන කලකිරීම කුමරිය, ඔබ පමණයි, දැන සිටියේ,පෙර සිට//’ කියා
අපේ කවිය ලියා තිබුනත්,
සිදුහත් කුමරුන් නිසා යසොධරාවන්ට රාහුල කුමරුන් උපන්න.
‘සසර පුරුද්දට’,තුන් වන සිල් පදේ කඩමින්,
මහල් තුනේ සිටි කෙල්ලන් සේවනය කාලය කියා,
සල්ලි ගරන තවත් නවකතාවක්,
ඉස්සරහට තවත් බූවෙක් ලියන්න බැරි කමකුත් නැතිය!
ආතර හා නියමසිංහ,
මාටින් වික්‍රමසිංහයන්ගේ භවතරණය මා එකඟයි හෝ මා විරුද්ධයි යන පූර්වනිගමන වලට නොපැමිණ ක්යවීමෙන් යමක් ලැබිය හැකියැයි මා තවමත් සිතමි.
නියම සිංහ කියා ඇති පරිදි වික්‍රමසිංහයන් තුල බෞතිකවාදී අදහස් වූ බව නම් එම පොතින් ගම්‍ය වේ. එහෙත් සියල්ලට එකඟ නොවී සියල්ලට විරුද්ධ නොවී කියවීම හරවත්.
ජයසේන ජයකොඩි ශූරීන්ගේ පොත් සියල්ලම පාහේ මා කියවා ඇත. එහෙත් මා දකිනා හැටියට එතුමා සාකච්චා කරන්නේ තර්කානූකූල ගැඹුරු සත්‍යය වෙනුවට නිරුවත් සත්‍යයයි. මේ පිළිබඳව ඔබ දෙපලගේ අදහස් දැන ගැනීමට කැමතියි.
ආතර කියූ පරිදි භවතරනයට පිළිතුරු ලියා ඇති භික්ෂුන් වහන්සේ කියා ඇති තර්කයටනම් එකඟ වීම අසීරුයි. එනම් සසරෙහි පිරූ පින් මහිමයෙන් සිදුහත් කුමරු සියළු පවින් වැලකුනු උපාසකයෙකුව සිටි බව පිළිගැනීම අසීරුයි. එහෙත් කම් සැප විඳීමෙන් එහි නොගැලී එහි ආදීනවය සිදුහත් කුමරු අවබෝධ කළේ සසරේ වැඩූ පින් මහිමය නිසා බව සිතිය නොහැකිද?
ඔබගේ අදහස දැන ගැනීමට කැමතියි.
බවතරනය මාටින් වික්‍රම සිංහ ලියන යුගයේ අරපේ රටේ උගතුන්ගේ පිලිගැනීම් සමාජ ආකල්ප අදට පමනක්නොව ඊට පෙර කාල වලටත් වඩා බටහිර කරනය වී තිබුන බව එදා ලියැවු පොත පත පරිශීලනය කිරීමෙන් වැටහෙනු ඇත. කලක් අපේ විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීමේදී පාදර් පීටර් පිල්ලේගේ අනුමැතිය අවශ්‍ය විය මේ නිසාම උගතුන් යයි සම්මත පිරිස සියලුදෙනාම යම් දර්ශනයක් පිලිගත්තේ බටහිර එවකට පිලිගත් ඔවුන් විද්‍යාත්මකයයි පිලිගත්ක්‍රමයට පමනි .
භවතරනය ලියූ මාටින් වික්‍රම සිංහයන් ඔහුගේ සියලු නවකතා තුලින් පෙන්වා ඇත්තේ ඔහුගේ පිලිගත් දර්ශනය හා මිනුම් දන්ඩ බටහිර චින්තනය බවයි තමාසිතන ක්‍රමය අවංකවම නිවැරදියයි ඹහු විස්වාස කල බව පෙනේ තවපැත්තකින් තද කොමියුනිස්ට් වාදියකු වන ඹහු සිත ඇතුලු සියල්ල බෞතිකයයි යන මතය දැරූ වෙකි මේ නිසා දයලෙක්තික වාදය, බෞතික වාදය , පරිනාමවාදය හා පන්ති සටන ඔහුගේ සියලු ප්‍රකාශන වලට පදනම වී ඇත එසේ සිතන්නෙකු බුදු දහම දෙසද බලනුයේ බටහිර ඇරිස් ටොටල්ගේ විඤඥාන වාදය දෙස බලන ආකාරයටය.
මාටින් වික්‍රම සිංහයන්ගේ පමනක් නොව අදිකාරම් තුමාගේ ඇතැම් ප්‍රකාශද මේ ආකාර බවපෙනෙනු ඇත.
Oya Kiyana Pansala Hadanna Sajith Premadasagen 50,000/= Illanna
මට දුකයි මේ කොමෙන්ට් කරන අයගෙ මුග්ධකම් දැකලා.අනේ අනිච්චන් කියල හිතෙනවා.ක්ලින්ටන් ගෙ කොන්දෙ අමාරුවකට යොගී ව්‍යායාම කරනවලු.ඒකට මෙහෙ කතාව යන්නෙ තිසරන සරණ ගිහින් කියල.ක්ලින්ටන් තියා ඕල්කට්වත් බෞද්ධයො නොවෙයි.මේ කතාව ගියෙත් වැඩි ප්‍රසිද්ධියක් වෙබ් අඩවියක.ක්ලින්ටන් බුදුදහම වැලද ගත්තානම් ඒක ලෝක මාධ්‍ය වල උනුසුම් පුවතක් වේවි.කිසිම තැනක ඒක නෑ.දිනමින පත්තරෙයි මේ සයිට් එකෙයි විතරයි ගියෙ.
බුදුදහම විද්‍යාත්මකයි කියන එක මන්තරේ වගෙ ජප කලාට බුදුහාමුදුරුවො කියපු මොකකද විද්‍යාඥයො සනාථකරල තියෙන්නෙ
බිල් ක්ලින්ටන් හෝ වෙනත් ප්‍රසිද්ද කෙනෙක් බුදුදහම වැළඳ ගත්තොත් එක පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් දෙන්නේ නැහැ .
සුදු හමක් භාවනා කරනවා කීවම මොකෝ බන් ඔච්චර කැසිල්ල? කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටලු-ඔය මල පෙරේතයා මොනවා කලහම අපට මොකෝ!
බුදු දහම ගැන කිසිදා විද්‍යාගාරයක පරීක්ෂන පැවත්විය නොහැක මෙතෙක් පහලවූ ඉහලම විද්‍යාඤඥයා බුදුහිමියන් බව පවසා ඇත්තේ අයන්ස්ටයින් නම් විද්‍යාඤඥයාය අද ලෝකයේ ඉහලම විද්‍යාඤඥයා එසේ කියන්නේ නම් අනෙකුත් අයගේ තර්ක කුමටද
මේ ලෝකය ගෝලාකාර බව මුලින්ම අසන්නට ලැනේනේ බුදු දහමේය විශ්වය අපරිමිත බව දේසනා කර ඇත්තේ බුදුහිමියන්ය කොතෙක් විද්‍යාව දියුනු වුවද විශ්වයේ සීමාවක් දැක්විය හැකිව තිබේද හේතුඵල වාදය හා අනිත්‍යවාදය අද විද්‍යාවද පිලිගන්නව වෙනස්වීම නිසා හටගන්නා බවත් ලොව ඇති සියල්ල වෙනස්වෙමින් පවතින බවත් කිසිදු විද්‍යාගාර පරීක්ෂනයක් නොමැතිව පැවසුවේ කෙසේ දැයි විද්‍යාඤඥයන් මවිතය පලකරනව බුදු හිමියන් දෙසූ කිසිදු දහම් කරුනක් ගැන විද්‍යාවට හො වෙනත් කිසිම දහමකට අභියෝග කල නොහැක අපේ රටේ මෙන් අනතවාදී ලෙස ආගම බදාගත් පිරිසක් බුදු දහම ගැන ව්මසා නොබැලුවද නිදහස් මනසක් ඇති ප්‍රඤඥා වන්තයකුට බුදු දහම විමසා බලන්නේ නම් වැටහෙනු ඇත
මෙතෙක් ඇමරිකාවට කොන්දේසි විරහිතව කඩේ ගිය බොහෝ දෙනෙකුට ක්ලින්ටනගේ බෞද්ද කම දරාගත නොහැකිවා සේ පෙනේ
මින් පෙනී යන්නේ නියම සිංහ විද්‍යාගාරයෙ කව්ලුවෙන් පැන ගොස් ඇති බවය.මේ පින්කමට දායක වුන ඇත්තන්ට ජයවේව! විද්‍යාගාරයෙන් පැනල නියම සිංහට මුව පෝතකයෙක් වෙනුවට නිල් තණ නිල්ලක් ලැබේව!!
@නියම සිංහ
නියම සිංහ says ‘මාටින් වික්‍රමසිංහයන්ගේ පමනක් නොව අදිකාරම් තුමාගේ ඇතැම් ප්‍රකාශද මේ ආකාර (i.e.මාර්ටින් මහතා විසින් ‘බව තරණය’ ලියන කාලයේ තිබු ‘බටහිර ?වන්දනා/ මිනුම් දඬු’ගෙඩි පිටින් කොපි කල)බවපෙනෙනු ඇත’.නියම සිංහ
අපේ සිල්වත්,යථාවාදී තථාකාරී,උජු පටිපන්න ගුණැති,
ජීවිතයේ එක වතාවක් පමණක් මුවින් පස් පව් නොකරමි කියා ප්‍රකාශ කර මැරෙනකම්ම ඒවා පිළිපැද්ද,
සිවුරු නොඇන්දත්
කටපුරා’සංඝ’ කියා කිව හැකි,
අදිකාරම් උතුමන්ගේ
එවන් ප්‍රකාශ ගෙනහැර දක්වනු මැනව.
මාතර ආතර මෙසේ ලියන්නේ ඔබ සමග වාදයකට නොව අදිකාරම් තුමාගේ දේශන මම අසා ඇත්තෙමි එක් වරක් පන්සිල් ගැනීම එතුමාට ප්‍රමානවත් වන්නට ඇති මා සෙසු පෟතග්ජනයන් හා සංසන්දනය කරමින් ඒ ගැන වාද නොකරමි එනමුත් මෛත්‍රීභාවනාව සම්බන්දයෙන් මෙතුමා ගෙනහැර පෑවේ බටහිර රූපික තර්ක ක්‍රමයේ තර්කයකි.
එතුමා පවසන ආකාරයට මෛත්‍රී භාවනාව බොරුවකි සියලු සත්වයන්ට එකවර සුවපත්විය නොහැක එසේ වන්නේ එකකුගේ සුවපත් වීම තවකෙකුගේ දුකට හේතුවකි උදා. මුවා කොටියාගේ ආහාරයයි කොටියා සුවපත්වීමට නම් මුවා මරං කෑ යුතුය එවිට මුවා දුකට පත්වේ මුවාගේ ජීවිතය අහිමිවේ මේ නිසා කොටියාටවත් මුවාටවත් එකවර සුවපත් විය නොහැක එම නිසා සියළු සත්වයො නිදුක් වේවායි සිතීම එතුමාගේ තර්කයට අනුව මුලාවකි මෙය එතුමා බොහෝ තැන දේශනා කල ප්‍රසිද්ධ කරුනකි මේ තර්කයට ඔබ එකඟ වන්නේද මම කරුනු සහිතව එකඟ නොවෙමි.
මාටින් වික්‍රමසිංහද අවිහිංසා වාදියෙකි
අදිකාරම් තුමා ගැන නියමසිංහ සමග එකඟ වෙමි. ඔහු හොඳ මිනිසෙකු බව සැබෑය. එහෙත් හොඳ බෞද්ධයකු නොවේ (වල් ක්ලින්ටන් ද මා දකින ලෙස බෞද්ධයකු නොවේ. ඒ බව මගේ මුල් කොමෙන්ටුවේ සඳහන් කළෙමි). මාතර ආතර සැම විටම ඔහු වැනුවත් මා ඒ ගැන වචනයක් හෝ නොකීවේ එය කිසි තැනකට අදාළ නොවන නිසාය.
මා අදිකාරම් ගේ දේශනා අසා නැත. එහෙත් ඔහු ගේ ලිපි කියවා ඇත. අපේ පාසල් පුස්තකාලයේ තිබු ඔහු විසින් රචිත ලිපි ඉතා වැඩි ගණනක් කියැවූ ශිෂ්‍යයා මා යැයි සිතමි. සතලිස් වසරකට පෙර ඔහු සත්‍යයැයි සිතා සිටි විද්‍යා දැනුමෙන් වැඩි ප්‍රමාණයක් තව දුරටත් සත්‍ය නොවූ වකවානුවක ඔහු ජීවත්ව සිටියානම් තමන්ම මුලින් ලියූ දේ වෙනස් කර ගන්නා බව මට එකලම සහතික විය. එහෙත් මම ඔහුගේ ලිපි කියවීමි. ඔහුගේ අවංක, ස්ථිර ප්‍රතිපත්ති හා තමන් විශ්වාස කරන දෙය වෙනුවෙන් දෘඩව පෙනී සිටීමත්, රට ගැන සහ ඊටත් වඩා ජනයා ගැන ඔහුගේ තිබුණු ආලයත් ඔවුන් මෙලෝ දුකින් මුදවා ගැනීමට ඔහු තුල වූ අධිෂ්ඨානයත් ගරු කළ යුතු කරුණු වේ.
අදිකාරම් ගේ අවිහිංසාව බෞද්ධ මෛත්‍රිය හා කරුණාව විසින් ජනිත කෙරුණු බෞද්ධ අවිහිංසාව නොවේ. ඔහු ගාන්ධි ගුරු කොට ගත් තරමක භෞතිකවාදියෙකි. ඔහු කර්මය හා කර්මඵලය පිලි ගත් බවට කෙනෙකුට සහේතුකව පැවසිය හැකිද? (දැන් සිටින කාලෝ පොන්සේකා දොස්තර මහතා අදිකාරම් තුමා ගේ ජීවමාන පොසිලයක් බව සිතමි.)
එක වරක් පන්සිල් ගැනීමේ කතාව ඔහු කී බවක් මා දැන සිටියේ නැත. නමුත් ඔහුගේ පොත් කියවන පාසල් සමයේ මාද ඒ අදහසම දැරීමි. ඉතාම මුග්ධ ඒ අදහස තවමත් දරණ බුද්ධිමතුන්ට යෝජනා කළ යුත්තේ එසේනම් එක වරක් පමණක් දත් මදින/ මුහුණ සෝදන ලෙසයි. බුදු රදුන් දෙසුවේ “සෝදා සෝදා පිරිසිදු කරන” ලෙසයි (මෙය මගේ වචනයකි, නිවැරදි පාලි පරිවර්තනය නොවිය හැක.) නැතහොත් නිරන්තරයෙන් විමස විමසා නිවැරදි කර ගන්නා ලෙසයි. එක වරක් පමණක් පන්සිල් ගැනීම ප්‍රමාණවත් යැයි කියන්නන් පූරණ කාශ්‍යපයන්ගේ ශ්‍රාවකයන් මිස තථාගත ගෞතම ශ්‍රාවකයන් විය නොහැකියි.
අවසන් වශයෙන් කිව යුත්තේ අප තමන් තුලින් අවබෝධය ලබා ගනු මිස අදිකාරම් හෝ බිල් ක්ලින්ටන් හෝ සමන්ත භද්‍ර හෝ වෙනත් කෙනෙකු හෝ පසුපස යාම පලක් නැති බවයි. මානම් මෙහිදී බින් ලාඩන් ගෙන් වුවත් ගත යුතු දේ ගැනීමට සුදානම් ය, එහෙත් ඔහු උත්කර්ෂයට නංවා පොරක් කළ යුතු නැත. විමුක්තිය යනු අදිකාරම් ද හැර දමා යාම මිස අදිකාරම් පසුපස යාම නොවේ. බුද්ධිමත්හු වටහා ගනිත්වා.
ඔබ දෙදෙනාගේම අදහස් කියවීමට ප්‍රිය උපදවයි. තොරතුරු වලින් අප දැනුවත් කරයි. ස්තුතියි.
තවදුරටත් මේ ඔස්සේ සකච්චාව ගෙන යනවානම් අගෙයි
ආතර හා නියමසිංහ,
මාටින් වික්‍රමසිංහයන්ගේ භවතරණය මා එකඟයි හෝ මා විරුද්ධයි යන පූර්වනිගමන වලට නොපැමිණ ක්යවීමෙන් යමක් ලැබිය හැකියැයි මා තවමත් සිතමි.
නියම සිංහ කියා ඇති පරිදි වික්‍රමසිංහයන් තුල බෞතිකවාදී අදහස් වූ බව නම් එම පොතින් ගම්‍ය වේ. එහෙත් සියල්ලට එකඟ නොවී සියල්ලට විරුද්ධ නොවී කියවීම හරවත්.
ජයසේන ජයකොඩි ශූරීන්ගේ පොත් සියල්ලම පාහේ මා කියවා ඇත. එහෙත් මා දකිනා හැටියට එතුමා සාකච්චා කරන්නේ තර්කානූකූල ගැඹුරු සත්‍යය වෙනුවට නිරුවත් සත්‍යයයි. මේ පිළිබඳව ඔබ දෙපලගේ අදහස් දැන ගැනීමට කැමතියි.
ආතර කියූ පරිදි භවතරනයට පිළිතුරු ලියා ඇති භික්ෂුන් වහන්සේ කියා ඇති තර්කයටනම් එකඟ වීම අසීරුයි. එනම් සසරෙහි පිරූ පින් මහිමයෙන් සිදුහත් කුමරු සියළු පවින් වැලකුනු උපාසකයෙකුව සිටි බව පිළිගැනීම අසීරුයි. එහෙත් කම් සැප විඳීමෙන් එහි නොගැලී එහි ආදීනවය සිදුහත් කුමරු අවබෝධ කළේ සසරේ වැඩූ පින් මහිමය නිසා බව සිතිය නොහැකිද?
ඔබගේ අදහස දැන ගැනීමට කැමතියි.
මාතර ආතර” සිතුවිළි’මම මේ දිනවල කාර්ය්‍ය බහුල බැවින් පිලිතුරුදීම තරමක් අපහසු බව කීමට සිදුව ඇත මමඅදිකාරම් තුමාගේ දේශන අසා ඇතිවා පමනක්නොව කලක් ඒවා වෙනුවෙන් තර්කද කරඇත්තෙමි ඉතා ගුණයහපත් විද්‍යාක්ඤඥයකු වූ එතුමා එන්.එම් පෙරේරාගේ සම කාලීනයෙකි එංගලන්තයේ ලැබූ අධ්‍යාපනය හා එහි බල පෑම එතුමා තුලිනුත් මා දුටිමි
භවතරනය පොතේ මාටින් වික්‍රමසිංහයන් සිදුහත්කුමරු සුවිශ්ෂී චරිතයක් වශයෙන් නොදකී සිදුහත් වරිතය බෞද්ධයාට අසම සම චරිතයකි පාරමී කියන වචනය තුල පරිනාම වෙනස් වීම කියන අර්තයත් ඇත බුදුවීම සඳහා ඇවැසි පමනට වීරිය ප්‍රඤඥාව සීලය ආදී ගුණයන් සාරා සංඛ කල්පලක්ෂයක් පුරා වර්ධනය කරගත් තුසිතදෙවුලොව සිට බුදුවීම සඳහාම මෙලොවට පස්මහ බැලුම් හෙලා පැමිනි එදා මෙදා තුර ලොව පහලවූ සුවිශෙෂී චරිතයයි බුදු බව ලැබීමට පෙර වුවද අපට සිදධාර්ථ චරිතය සෙසු පෟතග් ජනයන් හා සම තත්වයේ ලා සැලකිය නොහැක භව තරනය දඩයම් කරන දඟකාර තරුනයකු සේ පෙන්වීම ඒ චරිතයේ සුවිශේසී ගුණයන් නොසලකා හැර ඇත.
කාල් මාක්ස් ක්‍රිස්තියානි වැනි ආගම් සඳහා කී ආගම අබිං වැනි ප්‍රකාශ හා ග්‍රීක කතාවල එන චරිත බුදු දහම සඳහාද මිනුම් දන්ඩක් කරගෙන ඇතිවා සේ පෙනේ මේ මගේ පුද්ගලික අදහස කෙටියෙන් දැක් වීමකි.
Ela
@සිතිවිලි
@නියම සිංහ
1.
අප මහා බෝසතාණෝ ‘තම වරිගයා’ මරණින් බේරා ගැනීමට පමණක්,අවශ්‍ය තැනදී,හිතා මතා ප්‍රාණඝාතය කල බව,ත්‍රිපිටකයෙ ඇතුලත් වී තිබෙන-ජාතක කතා වල සඳහන් වේ.මේ රටේ ‘සිංහල බෞද්ධයාව’ දනිපනියේ නිවන් දක්කන්නට තටමන ‘කපටි බක තපස්සු’ විසින්,සිංහල බෞද්ධයාට රට බෙර ගැනීමට වුනත් ප්‍රාණ ඝාතය අකැපය කියා කී නමුත්,ජාතක කතා පොත කියවා ඇති අපේ ‘සිංහල බෞද්ධයාට,’ තමන්ට ඉතිහාසයෙන් හිමි මුල් තැන ගනිමින්,පිළිම නෙලා නැති විරුවන් සමගින්,තම දිවි පුදා නන්දිකඩාල් ගොස් ‘වැඩේ ඉවරයක්’කරලා, අපේ සහෝදර දෙමල සහ මුස්ලිම් ජනයාද බේරලා දාන්න,ඒ ‘වැදී බන’ බාධාවක් නොවීය.මේ රටේ,’මෙත් වැඩීම සමග අප රැකීම වටා ගෙතුන’ මේ සිද්දීන් ගැන,අප තවම නිවන් දැක නැතත්,පුළුවන් තරම් දුරට ඇලෙන්නේ ද ගැටෙන්නේ ද නැති ව, ‘අවදියෙන්’ යුතුව තව දුරටත් සාකච්චා කරමු.
2.
සිදුහත් කුමරු ලෙස ඉපදෙන විට,දසමහ පාරමී සම්පූරණ කර සිටි නිසා,බවතරණයේ නව කතාවේ මාටින් මහතා කියා ඇති පරිදි,සතුන් දඩයමේ යාම තියා එවන් සිතුවිලි වත්,සිදුහත් කුමරාට පහල වෙන්න නම් බැරිය.මාටින් මහතාගේ බව තරණය නව කතාවේ ඇති එවැනි ‘කෙප්ප’ කියවා කම්පා වී, ඊට පසු,අපේ ජයසේන උතුමන් ලියු ‘අමා වැස්ස’ නව කතාව, ඉතා පිළිගත හැකි (මාටින් මහතාගේ පොත මෙන්), ‘බටහිර අනුකාරක කොපියක්’ නොවූ බව,මට පැහැදිලි ව දැනුනි.නමුත් සිතිවිලි ට එය එසේ නොදැනීම අපේ සාකච්චාවට බාධාවක් නොවේ.
3.
‘සිංහල සංගීතය එක තැන පල්වෙනවය’ කියා අපට,අනුකාරක-බටහිර සංගීතය ‘ගිල්ල වන්න’ හදපු,මේ රටට නොගැලපෙන ‘කේමදාස-සිංහල ඔපරා සංගීතය’ මෙන්,බටහිර නව කතා අනුකාරක-මාටින් මහතාගේ බවතරණය නව කතාවට වඩා, මේ රටේ ‘පැල වුනේ’,'මේ රටේ පය ගසා සිටි,ජයසේන උතුමන් ලිවූ අමා වැස්ස නව කතාවය.ථෙරවාදී බුදු සසුන ඉන්දියාවෙන් අතු ගෑවුන හේතු සහ මේ රටේ සිංහල ථෙරවාදී බුදු සසුන,අවුරුදු 2600 ක් තිස්සේ තර්ජන වලට නොසැලී ‘පැල වී’ තිබීමට හේතු සොයා බැලීම වටි.
4.
එකල මා ද සහභාගී වූ,අපේ අදිකාරම් උතුමන්ගේ සාකච්චා වලට අනුව,එතුමන් සම්මුති වශයෙන් වත් ‘මම’ කියා දෙයක් ඇති බව පිලි ගත්තේ නැතිය.මට මතක හැටියට,එතුමන්ගේ බොහෝ සාකච්චා අවසන් වුනේ,එවැන්නක් ගම්‍ය වන පරිදිය.’මම’ ඇති ය කියා සිතන නිසා,’මැනීම’ / ‘සැසඳීම’ ඇති වී, ‘තමන් හරිය’/ ‘තමන් අනිකට වඩා සීලයෙන් හෝ උසස් ය’ කියා සිතීම,බොහෝ ප්‍රශ්න වලට මුල බව,සාකච්චා වෙන්,ප්‍රශ්න කරමින්,විමසමින්,අප කාටත් පෙන්වා දුනි.
5.
‘මම’නැත්නම් ‘ස්වයන් චරිතපධාන’තියෙන්න බැරිය කියා එතුමන් සිතන්නට ඇත.ඒ වගේම,එතුමන්ව අන්ධ ලෙස අනුකරණය නොකර,’තමන්ම සත්‍ය අවබෝධ කර ගත යුතු නිසා’,එතුමන් කිසිම කෙනෙක් ට ‘තම ජීවිත කතාව’ ලියන්නට අවසර දුන්නේ වත්,පොත් ලියන්නන්ට පරණ විස්තර කීමට වත් ගියේ නැත.නමුත්,වටින් ගොඩින් අසා,එතුමන් ලඟින් ඇසුරු කර,එතුමන් මිය ගිය පසු,එතුමන්ගේ ජීවිත කතාව ලියු ?විජේවික්රමයන්ට අනුව, අඩු ගන්නේ එතුමන් මල පසු, ‘දේහයට කල යුත්තේ කුමක්ද කියා’ ලඟින් හිටි අය ඇසු විට,”මමක් නැති කල දේහය ද මගේ නොවේය,ඒ නිසා කැමැත්තක් කරව”කියා කියූ බවත්, ?විජේවික්රමයන් ලියා තිබේ.
6.
එසේම අදිකාරම් තුමන්,’අනිකුන් සිතන දේ ක්ෂණිකව කිව හැකි සහ ගස් වල අතු තමන් දෙසට හැරවීමේ චිත්ත බලය දියුණු කර සිටි කෙනෙක් බව’,එතුමන් ලගින් ඇසුරු කල අය ?විජේවික්රමට කියා ඇති බව එම පොතේ ලියා තිබුනා මට මතකය.එය ඇත්ත වුනත්,එනිසාම එතුමන්,භෞතික වාදියෙක් නොවී විඥාන වාදියෙක් වෙන්නේද නැත.
7.
‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා’ යැයි මෙත් වැඩීම,සිංහයා විසින් ‘මුවා’ කොහොමටත් මරණ නිසා,ප්‍රායෝගික නොම වේය කියා අදිකාරම් තුමන් කියූ බව,නියම සිංහ අපට මතක් කර දෙයි.(නිවන් අවබෝධ වී ‘මමත්වය’ නැති වන තෙක්, මෛත්‍රී භාවනාව වැඩීම, තම සිතට / ගතට සහ ‘මුවාට’ කෙසේ වෙතත්,අනුන්ටද හොඳය කියා මම සිතමි.) ‘මම’ නැති නම් මෙත් වැඩීමද ‘මට’ කල නොහැක යන්න ගම්‍ය වන පරිදි එතුමන් කල ප්‍රකාශය බටහිරින් කොපි කල භෞතික වාදයක් නොවේ.එතුමන් විසින් ලියන ලද ‘සිතිවිලි’ පත්‍රිකාවල,(මට මතක හැටියට) එතුමන් ලියා තිබෙන්නේ,’සිතිවිලි’ වනාහි,හුදෙක් අපේ පන්චේන්ද්රයන්ට ගෝචර වුන,’මනසේ’ සෑදුන රූප බවත්,එම නිසාම ඒවා ‘භෞතික’ බවත්,එම නිසා ඒවා,අපේ සීමාසහිත දැනුමට සහ සීමාසහිත මතකයට ‘සාපේක්ෂව සීමාසහිත’ බවත් ය.එතුමන්ට මෙවැන්නක් කොපි කිරීමට,කිසිම බටහිර භෞතික වාදියෙක්,ඉහත සඳහන් වගන්තිය ලියා තිබෙනවා නියමසිංහ දැක තිබේ නම් එම මුලාශ්‍රය දක්වන්න.
8.
මෙයම,ඉන්දියාවේ උපන්, ලංකාවට දෙවරක් අදිකාරම් තුමන් ගේ ආරාධනාවෙන් සපැමිණි,(බලන්ගොඩ ආනන්ද මයිත්රිය හාමුදුරුවන්ට අනුව ?මතු බුදු වන) ජිඩ්ඩු ක්‍රිෂ්ණ මූර්ති උතුමන් විසින් ද (Utube හි,Jiddu Krishnamurthi දේශනා බලන්න) ,විදුසර පත්තරේ අපේ ප්‍රවාද යටතේ, අපේ නලින් උතුමන් ගේ ‘නිර්මානාත්මක සාපෙක්ෂතාවදයෙන්ද’ සංගත ලෙස පිළිඹිබු වේ.මේ නිසාම,ඒ කිසිවකු ,බව තරණය ලිවූ අපේ මාටින් මහතා මෙන්,’බටහිරයන් ගේ මත ගෙඩි පිටින් කොපි කල ‘භෞතික වාදියෙක්’ වන්නේ නැතිය.
මාතර ආතර,සිතුවිළි,නියම සිංහ,ජෝසප්,
බුදු දහමින් බින්දුවක් හරි තම ජීවිතයට ආලෝකයක් වුනා නම් එය එසේ වූවායයි කටක් ඇරලා කියන්න පුළුවන් වෙන්න ඕන-නමුත් ඔය අදිකාරම්, ක්‍රිශ්නමුර්ති වාගේ අය බුදු දහමින් පෝෂණය වෙලත් ඒ ගැන සඳහන් නොකර තමන්ගේ දර්ශනයක් මවා පෑවා/ගෙන හැර දක්වන්නට උත්සහ කලා. එක අතකින් ‘මම’ නැහැ කියන ගමන් ඔවුන්ගේ මමත්වය ඔවුනටත් නොදැනීම අනිත් අතින් ඉලිප්පුනා.ඒ නිසා ඒ දෙපල ගැන අප්‍රසන්නතාවයක් මිස මට නම් කිසිම ඇල්මක් නැහැ.
මාර්ටින් ගොයියා කත් ඇද්දේ බටහිරට-ඉතින් ඉඩක් ලද සැනින් විවේචනය කරේ අපේ සිංහල බොදු කම/අපේ සිරිත් විරිත්.මඩොල්දූව ඇරෙන්නට ඔහු ලියු කිසිත් මට නම් ප්‍රිය නැත. බවතරණය මොන හිතකින් ලිව්වද කියන්න මට නම් තේරෙන්නේ නැහැ- ඒ තරමටම අපුලයි. ජාතක කතා නොපිළිගන්නා, දස පාරමිතා විසුලුවකට ගන්න උන්දලට නම් අගේ ඇති.එහෙම බලන කොට අමා වැස්ස, අනද හිමි වාගේ කෘතීන් කරපු ජයසේන ජකොඩියන් මට නම් රටක් වටිනවා.
අධිකාරම් තුමාගේ හෝ ක්‍රිශ්න මූර්තිගේ දර්ශන පිළිබඳ මා හට ගැඹුරු දැනීමක් නැත. එහෙත් මා අසා ඇති පරිදි ඇදිකාරම් යනු අවිහින්සා වාදියෙකි, පංචසීල වාදියෙකි, එම නිසා සැබෑ බෞද්ධ පැවැත්ම පිළිබඳ ගැටළුවක් ඇතිවේ. අවිහින්සා වාදය යනු ජෛන මහා වීරයන්ගේ දහම මිස බුදු දහම නොවේ.
භවතරණය කියවන විට අප තුල අපුලක් ඉපදේනම ඒ ගෞතම බුදුන් කෙරෙහි වූ භක්තිය හා ආදරය ගෞරවය වැනි වූ ලාමක මිනිස් හැඟීම් නිසාමය. එහෙත් එවැනි දෘෂිටීන්ගෙන් හැකිතාක් ඈත් වී එය කියවා බලන්න. එය දස පාරමිතා හෝ ජාතක කථා ප්‍රතික්ශේප කිරීමක් හැටියට මා නොදකිමි.
දස පාරමිතා පිරූ බෙලෙන් සිදුහත් තවුසානන් තමන්හට උරුම වූ සියළු සැප විඳීමෙන් පසුත් තම භද්‍ර යෞවනයේදීම කම් සැපෙහි ආදීනව දුටු බව හා එසේ දැකීමට තරම් ගඹුරු ප්‍රඥාවකින් යුක්ත වූ බවනම් මා පිලිගනිමි.
ජාතක කථා ආදිය එම කථා වල සඳහන් අයුරින්ම සැබෑ ලෙස සිදුවූ ඉතිහාස වාර්ථා ලෙස ඔබ දකීනම් එය නිවනට බාදාවක් හැටියට මා සිතමි. මන්ද එම කථාවල ඊට වඩා ගඹුරු හරයක් ඇති බැවිනි. එම හරය මතුකොට ගත හැක්කේ එම කථා දෘශ්ටි වශයෙන් පිළිනොගැනීම තුලම පමණි.
භවතරනය උවත් අමා වැස්ස උවත්, ජයකොඩි ශූරීන්ගේ පිච්චමල කථාමාලාව උවත් එසේ කියවීමෙන් තව තවත් බොහෝ දේ උකහා ගත හැක.
දෘශ්ටියකට ගැති නොවී කියවීමේහි ශක්තිය ඇතිනම් ඕනෑම බෞද්ධයෙකුට අන්‍යාගමික ග්‍රන්ථ වුව කියවීම වරදක් නොවේ. එහෙත් මූලිකවම තම දහම පිළිබඳ ලියවුනු කෘති දෘශ්ටියෙන් බැහැරව කියවිය හැකි විය යුතුයි.
මා දකිනා හැටියට ජයකොඩි ශූරීන්ගේ බොදු පදනමක් සහිත පොත් බොහෝ විට උපෙක්ශාව පදනම් කරගනී. පාඨකයා නිකමකු කරවයි. ඒ අතරම ඇතැම් තැන්වලදී මාටින් වික්‍රමසිංහයන් ඉක්මවා ගොස් සත්‍යය, කරුනු විග්‍රහයකින් තොරව නිරුවත්ව ඉදිරිපත් කරයි.
සිතුවිළි,
මැටි මට මාර්ටින් ගොයියගේ බවතරණය අමු පුස්සකි. මම කිසිම දෘෂ්ඨියක ඉඳ එය කියෙව්වා නොවේ. නමුත් සිදුහත් චරිතය හිතුමතේ/අවිචාරත්මකව අඹන්නට ඒ ගොය්යට අවසර නැත.
උඹ කියන නිසා අසමි- කියාපන් ඔහුගේ එක වගන්තියක් උඹේ හිත ඇඳ බැඳ ගත් ඔය බවතරණයේ එන. ඒ වගේම ජයකොඩියන්ගේ අමාවැස්සේ උඹ කියන පාඨක අපව නිකමුන් කෙරවූ නිරුවත් සත්‍යද ලියපන් අමතක නොකර. එකම දෙයක් දිහා උඹත් මමත් බලන්නේ කොතරම් වෙනස් කෝණ වලින්ද කියල දැන ගන්නට මෙය උදව් වේවි.
ජාතක කතා ගිහි අපට දෙනු ලබන්නේ දිවියට පන්නරයකි. අම්මගේ උනුහුමට ගුලි වෙලා පොඩි එකා සන්දියේ අහපු ඒ කතා අපට දිවිමඟ සරු කරන්නට මඟ සලසා දුන්නෙක්ම විය. දස පාරමිතා ගැන අමුතුවෙන් ඉගෙනුමට දෙයක් තිබුනේ නැත්තේ මේ නිසාය- එය පසක් වුයේ/වෙන්නේ මගේ දරුවන්ට නැවත, නැවත ඒවා කියවා දෙන විටය. ඔවුන් ජාතක කතා ගැන මන් පොඩි කල හිතුවාට වඩා හිතයි-ක්‍රියාවටද නගයි-හොඳ නරක වෙන් කර ගනියි. ඒවා දකින විට හිතේ ඇති වෙන්නේ සතුටක්! ජාතක කතා ඉතිහාස වාර්තා හැටියට කිසි දිනෙක නොසිතුවෙමි. ඒ නිසා නිවනට බාදාවක් නොවේ යයි උඹ කියූ නිසා සැනසුම් සුසුමක්ද හෙලුවෙමි!
=/?,
තමන් දෘශ්ටියක ඇති නැති බව වටහා ගැනීම ඉතා අසීරු කරුනකි, ගඹුරු අවබෝධයෙන් තොරව අප පිළිගන්නා සියල්ලම දෘශ්ටීන්මයි. එය බොහෝ විට සාකච්චාවට බඳුන්වී ඇතිමමක් නැත. මමක් ඇත යන වාදවල සඳහන් අයුරු නොවේ.
ඔබ කියනා ආකාරයට, අම්මාගෙන් අත්තම්මාගෙන් ඇසූ බන කථා හා ජාතක කථා තුලින් අප සිත තුල උපදින්නේ බුදුන් කෙරෙහි වූ මහා “දේවාකාර” භක්තියකි. කොටින්ම කුඩා කල අප හිතේ ගැටළුවක් ඇතිවූ විට බුදුන්ගෙන් පිහිට යදිමු. ඊට අමතරව දහම් පාසලේදී ඉගෙන ගන්නා බෞද්ධ ඉතිහාසය අනුව උපන් සැටියේ නෙළුම් මල් පිටින් වැඩි සිදුහත් කුමරුගේ ආශ්චර්‍යය නීසා මහා භක්තියක ආදරක් උපදී.
එහෙත් මේ සියළු භක්තීන් හා ආදරය අවබෝධයක් නම් ඇති නොකරයි.
බුද්ධ චරිතය දෙස වෙනස් මානයකින් බලන භවතරනය අප තුල ගැස්මක් ඇති කරන්නේ එබැවිනි.
සිදුහත් කුමරුන් හුදු පුහුදුන් තත්වයට මෙහිදී ඇදදමා ඇතියැයි කියන චෝදනාවද නිවැරදි නොවේ. මහ බෝසතුන් සසරෙහි කිසිම තැනකදී යම් මග ඵලයක් ලබා ඇතියැයි සඳහන් වේද? මා දන්නා සැටියට නැත, එසේනම් සියළු පාරමී පුරා සිටියත් පාරමී පින් බලය දරා සිටියත්, උන්වහන්සේ බෝ මැඩ බුද්ධත්වය පසක් කරනා තුරු මමත්වයෙන් පිරි, ආශ්වාදයන් භුක්ති විඳි පෘතග්ජනයෙකු නොවීද? ආර්‍ය මගට නොපිවිසුනු පුහුදුන් බවින් මිදුනෙකු ගැන දහමේ සඳහන් වේද?
භව තරණයේ එන සැටියට සොහොන් පල්ලාගේ දියනියගේ සුලැඟිල්ල මිරිකා කුමරු ආශ්වාදයක් ලැබීමත් ඉන් මොහොතකට පසු ඒ මිනිසුන්ගේ ජීවන රටාව සහ උන් ගෙවන් ජීවිතය ගැන කුමරුන් මිතුරා හා එළැඹෙන ගැඹුරු සාකච්චාවත් බලන්න. කුමරුන් පුහුදුන් බව නිසා ආශ්වාදයන් ලබනා බවත්, එහෙත් සසරෙහි පිරූ පින් මහිමයෙන් උරුම වූ මහා ප්‍රඥ්ඥාව නිසා ක්ශ්නයකින් එම ආශ්වාදයට වඩා මහා අවබෝධයක් ඉන් ලබනා බවත මම දකිමි.
සතර පෙර නිමිති සක් දෙවිඳුන් පහල නොකල බවට වන අදහසද මට වෙනස් සිතුමක් පහල කළ තැනකි. බුදු චරිතයට ආරූඩ කළ මේ දෙවත්වය හැර දමනා තුරු අපට දහම් මග පසක් කර ගත නොහැකිය. එහෙත් ප්‍රවේසම් විය යුතුය, බුදු චරිතයෙන් දේවත්වය බැහැර කිරීම යනු භෞතික වාදය වැළඳගැනීම නොවේ. මේ සෑම තැනකම මැදුම් පිලිවෙත ඇතත් එය කාන්දමක විකර්ශනය මෙන් අප මධ්‍යයෙන් ඉවතටම තල්ලු කරයි. අප සැම විටම රැඳෙන්නේ මධ්‍යයෙන් මදක් එක් පසකයි නැතහොත් එක් අන්තයකයි.
බුදුන් කෙරෙහි වූ භක්තිය හැර දැමීම තුලම ආකාරවතී ශ්‍රද්ධාව මතු වේ.
සෑම සිතුවිල්ලකටම මූලික වන ලෝභ ද්වේශ මෝහයන තුනමය. භක්තිය හටගන්නේ මෝහය නිසාමය, මම මමය, මගේ ආගම බෞද්දය, මගේ ශාස්තෲන් බුදු හිමියන්ය, මගේ නිසා මා ඒ කෙරෙහි බැඳෙමි. අනෙකෙකු ඒ දෙස වෙනස් අදහසක් පල කල විට මා ඒ සමග ගැටෙමි.
මෙයින් එක් වර මිදිය නිහැකි බව ඇත්ත එහෙත් මා තුල ඇති පුහුදුන් බව පසක් කර ගැනීම හොඳ පළමු පියවරක් විය නොහැකිද?
මේ මගේ පුහුදුන් මනසට වැටහෙන සැටියි.
ජයකොඩි ශූරීන්ගේ අමාවැස්සෙහි මටනම් දැකක් ගත හැකි වූයේ හැමදා ම දුටු සිදුහත් කුමරුන් හා හැමදාම දුටු බුදුන්ම පමණි. එහි මතකයට කා වැදුනු තැනක මතක් කරගත නොහැක, නැවතත් කියවා සොයා බැලීමට සිතේ.
ඔහුගේ පිච්චමල කථා මාලාව මට වඩා වෙනසක් දැනවීය.දහම් පොත් කියවීම හුරු වීමට හොඳ පොත් පෙලකි. එහෙත් එක දිගට එය කියවන විට ඉන් මතුවන්නේ හුදු උපේක්ශාවම පමණි. කථාව කියවීමෙන් පසු මාතුලනම් කිසිදු වීර්‍යයක් ඉතිරි නොවීය. පුහුදුනෙකු වූ මටද මොකෙකු හරි පොල්ලකින් හිසට පත බෑවද වන්නක් වූවාවේ කියා සිතෙන තරමට මානම් එයින් අක්‍රමන්‍ය විය. එම නිසා එම අගනා පොත් පෙළ මමනම් නැවත නොකියවමි. යශෝදරාව ගැන ලියා ඇති පොත මට ජුගුප්සාවක් ඉපදවීය අදාල තැන් දැක්වීමට මැලිවෙමි. එහෙත් ජයකොඩි ශූරීන්ගෙ පොත්වලින් ගත හැකි දෑ බොහෝ බවද පිළිගනිමි.
ඔබ ජාතක කතා තුල දරුවන් යෙදවීමෙන් මට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව දකිමි. ඒ අතින් මා ඉතා පසුගාමීය, මගේ දරුවන් බොහෝ දුරට දහම භෞතිකවාදීව දකින්නට හුරු වී ඇති බවක් දකිමි. මුදවාගැනීමට වෙහෙසෙමි.
=/?
ඔබගේ බොහෝ අදහස් කැමැත්තෙන් කියවමි,
ඔබ පැවසූ අදහස් ඔබගේ හැටියට අපට මතකයෙහි රඳවා ගැනීමට =/? වෙනුවට වචනයෙන් කියවිය හැකි ආරූඩ නමක් යොදා ගත්තානම් හොඳයැයි සිතමි.
උඹ මාව අත් දෙකෙන්ම අල්ලලා බිත්තියකට හිර කල සැටියෙකි,මීට පෙර +/- කල ලෙසටම!
මා ලියන කිසිත් මගේ විතරක් නොවේය.මා ලියු යමක් නිවැරදි නම්/යහපත් නම්/පැහැදිලි නම් ඒවා විශේෂයෙන් මගේ අම්මගෙන් ලැබුණු දායදයන්මය.සිංහල බොදු පදනම ජනිත කෙරෙව්වෙත් ඊළඟ පරපුර ගැන හිතන්නට පුරුදු පුහුණු කලෙත් මගේ මව්තුමියයි.ආදර්ශයෙන් විකසිතව කිසිත් මගෙන් බලාපොරොත්තු නොවී ආදරයෙන් මට ලොව පෙන්වුයේ අම්මයි.ඉතින් මම ලියමි.බලයක් නැති හෙයින් මගේ හඬ බොල් වුවද යුතුකම්/වගකීම් වෙනුවෙන් පෙනී සිටිමි.
හොඳා..උඹ කියන නිසා එන මහේ ඉඳන් මේ සමාන කව්ද කියන සංකේතය විසි කර පෙර ලියු නමකින්ම ලියන්නෙමි,එතකල් ඉවසා වදාරපං.
@=/?
@joseph
@නියම සිංහ
1.
නුගේගොඩ අනුලා ළදරු පාසල අසල Jiddu Krishnamurthi මද්යස්ථානයෙන් අපේ අදිකාරම් උතුමන්ගේ පොත් සහ පත්‍රිකා මිල දී ගත හැක.Jiddu Krishnamurthi තුමන් පුනරුත්පත්තිය / පුනභවය තිබේද යන ප්‍රශ්නයට පිළිතුරු දීම මග හැර තිබේ.(UTUBE හි එතුමන් සමග අපේ වල්පොල රාහුල තෙරුන්ගේ සාකච්චාව සහ On the Path යන ගුණදාස ලියනගේ ලියු පොත බලන්න)
2
අපේ අදිකාරම් තුමා ත්‍රිපිටකය හොඳින් හදාරා තිබුනත්,මරණින් මතු කුමක් වේද කියා එතුමන්ට ‘අවබෝදයක්’ නැති බව,ප්‍රසිද්දියේ පිළිගත් නිsaa,අපේ Carlo ප්රොපා මෙන්, එතුමන්ද භෞතිකවාදියෙක් ලෙස නම් කිරීම සමහර විට හරි වෙන්න පුළුවන්ය.
3.
Jiddu Krishnamurthi තුමා,තමන් ධම්ම පදය ඇරෙන්න කිසිම බෞද්ධ පොතක් කියවා නැති බව ප්‍රකාශ කලත්,එතුමන් ගේ utube හි දේශනා අසන විට,සහ එතුමන් ගෙන් audience එක අසන හරස් ප්‍රශ්න වලට,ඉතා ව්‍යක්තව,ක්ෂණයකින් දෙන පිළිතුරු දෙස බලා සිටින විට,එතුමන් පෙර ආත්ම භාව වල ලබා ගත් බුදු දහමේ දැනුමෙන්,සති පට්ටනයේ චිත්තානු පස්සනා ව දේශනා කරන බවක් මට හැඟේ.
4.
‘මැණිකක්’ කවුරුන් පෙන්නුවත්,එය ‘ගූ ගොඩක්’ නොව,’මැණිකක්’ ලෙස හඳුනා ගන්න පුළුවන් නම්,ඒ ‘මැණික’ සොයා ගත් පුද්ගලයා වැදගත් නොවේ!
5.
එසේ ‘මැණිකක්’ පෙන්neema,
එම ‘උත්තමයන්ge වත්’ ,
?එම උත්තමයන් ව ‘පොරවල්’ කිරීමට?,
නිර්නාමිකව මෙහි කොටන,
පොරවල් වීමට තටමන්නේ නැති
‘අපේwath’ අභිප්‍රාය නොවේ.
මාතර ආතර,
උඹේ අංක 1,2 කියන්නේ මම කියන දේම නොව-ඒ නිසා වාදයක් නැත.
අංක 3- මට නම් තේරුනේ ඔහු කෙරු තරමක් කරේ මැවීමක් බවයි.’ධම්ම පදය විතරක් කියෙව්වා’මෙච්චර බුදු දහම ගැන ලියවුන පොත් පත් තිබුන වකවානුවක ඔහු ධම්ම පදය විතරකින් නවතින්නේ කොහොමද බන්? අපේ බුදු හිමි පෙන්වූ දහමින් බුදු හිමියන් වෙන් කරල ඒ දහමම වෙනත් වචන වලින් ඔහුගේ කර ගන්නට හරිම හීන් නූලෙන් වැඩ කල කෙනෙකු හැටියකුයි ‘මැටි මට’ නම් ඔහු පෙනුනේ/පෙනෙන්නේ!
අංක 4 බුදු දහමේ පරම සත්‍ය යන්න මැණිකක්මය. වාදයක් නැත. නමුත් ඒ පරම සත්‍ය වූ මැණික වෙනත් නම්/ගම්/වාසගම් වලින් එන්නේ නම් මට ආරුඪ වන්නේ යකාය. ඇත්ත ඇති සැටියෙන් නොදැකීමක් ලෙසයි එය මා දකින්නේ.අනේ බන් මාතර,තාම සසරේ සැරිසරන ප්‍රාණ කූඩුවක වන මට මාර්ග පල සහතිකයක්ද නැත! එබැවින් තාම මගේ හිතේ/ගතේ මම,මගේය යන ‘ලාමක අදහස්’ පෙරටු කරගත් මගේ මේ රට දැය සමය ආගම ගැන බන්දනය ඇත්තේය.ඒ නිසා උඹ ඔය කියන විදියට හිතන්නට, ඒ තත්වයට ආ දිනෙක බලමු- තාම නම් බැරිය.
අංක 5 ගැන කිසිම ගැටළුවක් නැත්තේමය.එහෙම නැත්නම් බන් මෙහෙම පරිප්පු කන්න ඕනය- ආරුඪ නම් වලින් ලිය ලිය!
=/?
ඔබ අසා ඇති පැන වලට පිලිතුරු ,කොළඹ මහජන පුස්තකාලයේ ඇති
Mary Lutyeans ලියු Jiddu Krishnamurthi biography පොතේ,
ගුණදාස ලියනගේ ලියු On the Path (වල්පොල රාහුල චරිතාපදානය) පොතේ,
?විජේව්ක්රම ලියු E W අදිකාරම් පොතේ,
සහ UTUBE හි Walpola Rahula thero discussion with Jiddu Krishnamurthi
හි ඇත.
සිතුවිළි ,Joseph ,මාතර ආතර හා =/?
කලකට පෙර කොවූර් කාලෝ පොන්සේකා ප්‍රධානකොට බිහිවූ යථාර්ත වාදීන්ගේ සංගමය අද හේතු වාදීන්ගේ සංගමය ලෙස පෙනී සිටියි මේ සංගමය විසින් එකල ගිනි පෑගීම කටු ගැසීම වැනි දේව භක්තියෙන් කරන බොහෝ දෙයට ක්‍රියාත්මකව මැදිහත්වී බොරුකල අවස්තා ලයනල් ප්‍රනාන්දු නම් කෙනෙකු විසින් ලියන ලද දෙවියෝ සහ බූතයෝ නම් පොතෙන් එලි දක්වා ඇත ඔවුන් සමග ක්‍රියාත්මකව මේ කටයුතුවලට සම්බන්ද වූ පිරිස් අදටත් සිටී කොිළඹ වෛද්‍ය විද්‍යාලය මේ සඳහා විසාල දායකත්වයක් දක්වා ඇතිබව පෙනේ.
හින්දු ආගමේ ඇදහීම් ගුප්ත විද්‍යා පේනකීම් වලට අභියෝග කලද බුදු දහමේ දේවල් සම්බන්දයෙන් සාර්තක අභියොගයක් එල්ල කර නැති නමුත් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ශ ඥානයෙන් කර්මය පුනර් භවය නිර්වානය ඔප්පුකල නොහැකි හෙයින් පිලි නොගන්නා බව ඹවුන් කියා ඇති අතර බුදු දහමට එරෙහි ප්‍රධාන එක් තර්කයක් වී ඇත්තේ එක්තැනකට වී බාවනා කිරීමෙන් ලෝක යථාර්තය අවබොධ නොවන බවයි ඒ සඳහා පරීක්ෂන නිරීක්ෂන නිගමන වලට පැමිනිය යුතු බවයි එමෙන්ම ආසාවන්ට මුල්වන ඉන්ද්‍රියන් ඉවත් කිරීමෙන් ආසාවන්ද ඉවත්කල හැකි බවට තර්කද ඉදිරි පත් කර ඇත.
මේ මත දරන අති විශාල පිරිසක් අදටද සිටී ඔවුන් අතර උගතුන් යයි සම්මත අයද සිටී බහුතරය විද්‍යාව හා සම්බන්ද අයය මේ අයට යම් අභියෝගයක් කර තිබුනේ මහා චාර්ය්‍ය චන්දන ජයරත්න, මහාචාර්ය්‍ය ග්‍රැන්විල් ධර්මවර්දන, මනො වෛද්‍ය හරිස්චන්ද්‍ර වැනි කීපදෙනෙකි.
කලක් යටපත්ව තිබුන මේ විවාදයන් නැවතත් හේතුවාදීන් තුලින් ඉදිරිපත් වෙමින් පවතී මේ ගැන ඔබටත් යම් අදහසක් ඇතිද?
සාකච්චාවටත් අවබෝධයටත් හොඳ කරුනක්,
මූලිකවම යථාර්ථ වාදය හෝ හෙතු වාදය යනු වාදයක්මය. බුදු දහම යනු සියළු වාද බැහැර කළ දහමකි.
ඔබ කියනා පොතත් හේතුවාදීන්ගේ බොහෝ පොතුත් මා කියවා ඇත.
හුදු වාදයන් වන ඔවුන්ගේ දැක්ම පිළිබඳ බුදු දහමින් විග්‍රහ කිරීමට වෙර දැරීම හරසුන් දෙයකි. මන්ද ඔවුන් ඔවුන්ගේ වාදය තුළ රැඳුනු දෘශ්ටිවාදීන්ය. දෙවියන් ඇත , ලෝකය මැවුවාය යන මත වල රැඳුනු දෘශ්ටිවාදීන්ගේත් ඔවුන්ගේත් මටනම් වෙනසක් නැත.
ඔවුන් කියනා අයුරු විද්‍යාත්මක පර්යේශන් තුලින් එක්වරක් නිවැරදි වූ දේ නැවත වැරදුනු තැන් බොහෝය. එමගින් පරම සත්ත්‍යය සොයා ගත නොහැකි බව ගැන තවත් තර්ක කුමටද?
බුදුන් ගැන හෝ දෙවියන් ගැන භක්තියෙන් පසුවන්නන්ට ඉන් මිදී තමන් දැරූ මෝඩ කම තෙරුම් ගැනීමට ඔවුන්ගේ පොත් හා මතවාද හොඳය. එහෙත් ඒ වෙත ගොස් නැවත පැමිණිය යුතු ලොකු දුරක් ඇති බව සිතෙහි තබා ගත යුතුය.
සියල්ල ථර්කයෙන් හා මත වාදීව ජය ගැන්මම ඔවුන්ගේ දර්ශනයයි. කාලාම සූත්‍රයෙහි බුදුන් විසින් “මා තක්ක හේතූ” ලෙස දක්වා ඇත්තේ එදාද ඔවුන් වැනි වූ අය සිටි නිසා විය හැක.
කොවුර්ගේ ලිපි වලට වඩා මා කාලෝ දොස්තර මහතාගේ ලිපි කියවා ඇත. ඊට වඩා අදිකාරම් දේ ලිපි කියවා ඇත. ඒ නිල් කොට කලිසම් ඇඳි යුගයේදීය. විද්‍යාව (බටහිර විද්‍යාව) ගැන එතරම් ගැඹුරු දැනුමක් නොතිබුණු යුගයක ඔවුන් මහා ප්‍රාඥයින් ලෙස පෙනීම ගැන මටම සමාව දිය හැකිය. මගේ පියා “භක්තිමත්” නොවූ තර්කානුකුල චින්තනයකින් හෙබි කතෝලිකයකු වීමත් ඊට බලපාන්නට ඇත. මා කුඩා කල කතෝලික හා බෞද්ධ ආගම් දෙකටම නිරාවරණය වීමි. කුඩා කල මට මැවීම ප්‍රශ්නයක් විය. පසුව විනිශ්චය හා සදාකාල ජීවනය ප්‍රශ්නයක් විය. මා බෞද්ධයෙකු වූයේ ක්‍රම ක්‍රමයෙනි. දැන් මට ඒ අය ලියු දේ කියවීමට උනන්දුවක් නැත. ඔවුන්ගේ පදනම වැරදි බව මා සිතන බැවිනි.
හේතුවාදීන් හින්දු හෝ බෞද්ධ හෝ කතෝලික හෝ ප්‍රාතිහාර්යයන්ට, සම්ප්‍රදායික විශ්වාසයන්ට හා සිරිත් විරිත් වලට පහර ගසන්නේ ඒවා සමාජ ප්‍රගමනයට හානිකර හා සමාජයන් පැරණි යුගයේ බැඳ තබන්නේ යයි කියමිනි. මේ ප්‍රගමනය ගැන කතාවම කාල් මාක්ස්ගේ (සහ තවත් අයගේ) හිතේ ඇති වූ ප්‍රබන්ධයකි. අප්‍රිකාවේ එක්තරා තැනක ගසින් බැසි වඳුරෙක් ගලක් අහුලාගෙන සතුන්ට පහර දී මරා මස් කෑම අරඹා ගල් දෙකක් එකට ගටා ගින්දර උපදවා අප්‍රිකාව පුරා පැතිරී දෙවනුව ලෝකය පුරා පැතිරී සතුන් ඇති කර පසුව ගොවිතැන් කිරීම පටන් ගෙන රෝදය නිපදවා රජුන් ඇති කොට ආගම් නිර්මාණය කොට වැඩවසම් යුගය ඇති කර ගත් බවත්, ඉන් පසුව ධනවාදය හා කාර්මික විප්ලවයත් අනාගතයේ දිනෙක සමාජවාදය ඇති වී ස්වර්ගය මිහි මත ඇති වන බවත් ඒ කතාවේ සාරාංශයයි. ඔය බයිලා දැන් කල් ඉකුත් වී ඇත. ඒ නිසා ඔය කතාව මත පදනම් වන සියලු පඬියෝ පුස්සෝමය (වචන ආචාර්ය නලින් ද සිල්වා). උන් ගැන කතා කිරීමම පලක් නැත.
දෙවන කොටස ආචාර්ය චන්දන ජයරත්න, ග්‍රැන්විල් ධර්මවර්ධන හා හරිස්චන්ද්‍ර ඔබ දක්වා ඇත. මේ අය ඉහත කි හෙතුවාදින්ට අභියෝග කිරීම හොඳ වැඩකි. එකිනෙකාගේ පිටවල් කසා ගැනීම මගින් දෙගොල්ලන්ටම මාධ්‍ය ඉඩක් වෙන් කරගෙන පොරවල් විය හැකි බැවිනි. හිටපු මහණෙක් වන විද්‍යාවේදී පිටිදුවේ ද මේ කණ්ඩායමට ඇතුලත් කළ හැක. මේ අය සිතා සිටින්නේ බුද්ධ කාලයේ සිටි මිනිසුන් විසින් තනා ගත් දැනුම් සහ කතන්දර සහිත බෞද්ධ සාහිත්‍යය පවා බුද්ධ භාෂිත බවයි. ඒ සමගම බටහිර විද්‍යාව පරම සත්‍ය නොවන බවත් එය පියවරෙන් පියවර සත්‍ය වෙත ලං වෙමින් ඇති බවත් මේ අය සිතති. ඔවුන්ට හමු වන තර්කානුකුල නිගමනය නම් බටහිර විද්‍යාව විසින් යම් දිනෙක බුද්ධ ධර්මය අපෝහනය කෙරෙනු ඇති බවයි. නැතහොත් බටහිර විද්‍යාව බුද්ධ ධර්මය මත සමපාත වනු ඇති බවයි. හීනමානය වසා ගැනීමට ඉතා හොඳ උපක්‍රමයකි. මේ අයට බටහිර විද්‍යාව හා පැරණි භාරතීය (දඹදිව) විද්‍යාවන් හා ඒවායේ ගැඹුරු සෛද්ධාන්තික වෙනස් කම් ගැන කිසි අවබෝධයක් නැත. චන්දන විසින් චක්‍රාවාට ගැන කියන්නෙත්, පිටිදුවේ විසින් නිවුටන් නියම වලින් කර්මය හා කර්ම ඵලය විග්‍රහ කරන්නෙත්, හරිස්චන්ද්‍ර සහස්සී ලෝක ධාතු ගැන කතා කරන්නේත්, ග්‍රැන්විල් ක්වොන්ටම් භෞතිකයෙන් මනෝකාය ඔප්පු කිරීමට තැත් කරන්නේත් මේ නිසයි. මටනම් මේ දෙගොල්ලන්ම පිස්සන්ය, පුස්සන්ය.
මා මුන් දෙගොල්ලන්ටම බැන්න නිසා මේ ටිකත් කිව යුතුය. මා පැරණි කොමෙන්ටුවක කී පරිදි මේ අය රට වෙනුවෙන් සිය සේවය කර ඇතැයි සිතමි. ඒ සේවය වෙනුවෙන් ඒ අය අගයමි. නමුත් ඔවුන් ගුරු කරගෙන ඔවුන්ගේ මත අනුව මගේ මතය හැඩ ගස්වා නොගනිමි.
මම බෞද්ද පවුලක ඉපදුනත් බෞතික වාදීන් ගේ ඇසුරේ එනම් ඊනියා උගතුන්ගේ ඇසුරේ හැදුනු වැඩුනු නාගරිකයකු වූ මම දහම් පාසැලකටවත් ගොස් නැත එහෙත් ස්වාදීනව විමසා බැලීමට කුඩාකල සිට පුරුදුව සිටීම නිසා මම අද දහම් රස විඳිමි අන් අයටද ඒ රස බෙදා දෙමි මා හා කලක් එකට විසූ පැරනි මිතුරන් සිතන්නේ මා මන්ද බුද්දික වි ඇතිබවයි
එක් මිතුරෙක් දිනක් විදේශිකයන් පිරිසක් සමග මා මුනගැසිමට වෙනත් කාරනයකට පැමින සිටින අතර මගේ මිතුරා ඔහුගේ බෞතිකවාදී දේශනය කරන්නට විය මේ අතර සිටි චෙක් ජාතිකයෙක් බුදුදහම ඹහු අගය කරන බවත් බාවනා ක්‍රම ගැන ඉගෙන ගන්නාබවත් මාක්ස් වාදයෙන් සහ බෞතිකවාදයෙන් නැගෙන හිර යුරොපය දුරස් වෙමින් බුදු දහම වෙත නැඹුරුවෙමින් සිටින බවත් මිතුරාගේ කතාවට එරෙහිව ප්‍රකාශ කරන ලද්දෙන් මිතුරා භාවනා කිරීමෙන් උම්මත්තක වන බවත් එසේ කිරීමෙන් ලෝක යථාර්තයෙන් දුරස් වන බවත් කියමින් බුදුදහමට එරෙහිව කරන කතාවට එරෙහිව මම ඇසුවේ ඔබ ඔබ ගැන දනීද කියායි එතැන් පටන් විදේශිකයා මගේ මිතුරා තමන්ගැන හරියට නොදන්නා බව පිලිගන්නාතෙක් මේ ප්‍රහ්නය දිගින් දිගට නොයෙක් ආකාරයෙන් විමසන ලදී අවසානයේදී විදේශිකයා මගේ මිතුරාට කීවේ ලෝකය සෙවීමට ප්‍රතම තමන් ගැනසොයා බලා තමා කවුදැයි දැන ගන්නා ලෙසත් මේ මිනිස් සිරුරද ලොකයක් යයි බුදු හිමියන් පවසා ඇති බවත්,නිවැරදි භාවනාවෙන් තමා ගැනම අවබෝද වන බවත්ය. (මේ චෙක් ජාතිකයා සිංහල බස චතුර ලෙස හැසිරවූ බවද කිව යුතුය)
මගේ මිතුරා දැන් මා සමග අමනාප සේ පෙනේ එහෙත් ඔහුද කවදා හෝ සත්‍යය පසක් කරනු ඇත මහුගේ බෞතික වාදී මාන්නයේ කඩතුරාවන් ඉවත්වේවායි පතමි.
යථාර්ත වාදීන්ගේ සංගමය පටන් ගන්න නැකත හැදුවේ කවුද දන්නෙන් නැහැ නේද ? සමහර වෙලාවට නම වෙනස් කලේ ගණ පිහිටවීම නරක ඇති . කොහොම උනත් ඔවුන්ට පින් . මතු ඇත බවයේ ඔවුන් ට නිවන් අත්වේවා
ලන්කාවෙ ජනතාව එදා ඉදල බලපු නෑකෑත් වල හෑටියට ලන්කාව දෑන් සුරපුරක් වෙලා තියෙන්න ඔනෙ .එ උනාට අදටත් ඉදිරියෙන් ඉන්නෙ නෑකෑත් ගෑන දන්නෙවත් නෑති බටහිර රටවල්
ඉතින් බන් අපි නැකත් බලලා පෝරුවේ නැගලා ටික දොහකින් කසාදය දික් කර ගන්නවා.
බටහිරයෝ නැකත් නැතිව කසාද බැඳ ගෙන,ටික දොහකින් කසාදෙ කුරුටු ගානවා.දැන් කව්ද ඉදිරියෙන් ඉන්නේ? පල පල!
@සිතිවිලි
1.
ඔබ සඳහන් කරන පරිදි,සිදුහත් කුමරා විවාහ වීමට පෙර,එතුමන්ට නෙත් ගැටුන,සමහර කෙල්ලන් ගැන පමණක් ඇතිවුනා වූ රාගික සිතිවිලි,මාර්ටින් මහතාගේ බව තරණය නව කතාවේ පමණක් නොව,මට මතක හැටියට,ජයසේන ශූරීන්ගේ අමා වැස්ස නව කතාවේද සඳහන් වේ.මේ කතුවරයන් දෙදෙනා එවන් සිතිවිලි විස්තර කරන විදිය,ඔබට ‘දෙයාකාරයකින්’ පෙනීම,මට නම් පැහැදිලි නැත.පුළුවන් නම්,පොත් දෙකෙන්ම,අදාළ වගන්ති උපුටා දක්වා,අපට එම ‘වෙනස’ පැහැදිලි කරන්න.
2.
විවාහ වීමට පෙර කෙල්ලෙක් ගැන රාගික සිතිවිලි පහල වීම වැනි ‘ඉතා කුඩා’ අකුසල සිතිවිල්ලක් මෙන් නොව,දස මහා පාරමී පුරා සිටි උතුමෙක් අතින්,සිතා මතා,සතෙකුගේ ප්‍රාණඝාතය කිරීමත් සමග,එවන් අකුසල කර්මයක් ඔබ සසඳන්නේ කෙසේද?
3.
මාර්ටින් මහතාගේ බව තරණය විරුද්ධව නැගුන විරෝධයට හේතු වුන කරුණ වූ,’සිදුහත් කුමරුන් සතුන් මරණ සිතිවිලි පහල කර ගනිමින්,සතුන් දඩයමට ද සහභාගී වුනාය’යන කරුණ පිලිම්බන්දව,ඔබ තවමත් ලිස්සා යමින් නිශ්ශබ්දව සිටින්නේ මන්ද?
ආතර
1. මම අමා වැස්ස භවතරණය හා සසඳා හෙලා නොදුටුවෙමි. එහෙත් භවතරණය මෙන් අමා වැස්ස මා තුල කිඳාබැසි මතකයක් ඉතිරි නොකළේය. එනිසයි මා කීවේ ඔබ සැම එය අගයන අයුරු දුටුවිට නැවත කියවා බැලීමට සිත්වූ බව. පොත මා ලඟ තිබේ නැවත කියවා බලන්නම්.
2.මා දකින හැටියට භවතරණය යන නව කැතාවේ සිදුහත් යන චරිතය මහ බෝසතුන්මයැයි කිව නොහැකිය. ඒ බෝසතුන්ගේ කථාවෙන් උපුටාගෙන ප්‍රතිනිර්මානය කළ කථාවකි. එසේනම් එහි රජ කුමරු ප්‍රාණගාතයක් කිරීම සිදුහත් කුමරු එසේ කල්ලයැයි සසඳන්නේ කෙසේද? එය අපට රුචි නොවේනම් එය අමතක කර වඩාත් හරවත් දේ කෙරෙහි යොමු නොවන්නේ මන්ද?
එසේම භවතරණයේ එන දෙව්දත් හී විද බිමහෙලූ හන්සයා සිදුහත් විසින් ගලවා ගන්නා අවස්ථාව හා ඒ අරඹයා දෙව්දත් හා ගැටුමක් ඇතිකර ගැනීම සමග අප එකඟයි නේද? එසේ වන්නේ සිදුහත් කුමරු මෙයාකාර විය යුතුයැයි අප සිතෙහි ඇති පූර්ව නිගමනයන් නිසා නොවෙයිද?
මේ අවස්ථා දෙකම සමව සළකා කථාව කියවාගෙන ගියා නම් වඩා නරකද?
3. ලිස්සා ගියේ නැත, මා ඒ කරුන වඩා වැදගත් කොට නොදුටු නිසා එය උලුප්පා නොදැක්වීමි.
@සිතිවිලි
@Joseph
බවතරනය නව කතාවේ මත භේදයට තුඩු දුන් ‘ප්‍රධාන කරුණු දෙකට’ සිතිවිලි දැන් අවතීරණය වී ඇත.මේ සම්බන්දයෙන්,ඔබ සිටියේ,(joseph නම් තාමත් එලියේය?) ‘කොටුව’ ඇතුලට නෑවිත් අහසට ‘බොක්සින් ගසන්නේක්’ ලෙසය කියාය,මට මෙතෙක් වෙලා සිතුනේ !ඒ නම්,ප්‍රධාන අදාළ කරුණ වන බවතරණය නව කතාවේ ඇති ‘සිද්ධාර්ත’ කුමරුන් විසින් සතුන් මැරීම සහ දෙවන කරුණ වන,අමා වැස්ස නව කතාවෙද ඇති,විවාහයට පෙර,අන් සමහර කෙල්ලන් කෙරේ රාගික සිතිවිලි අතීම අරබයා ය.මා හට නම් මේ පිලිම්බන්දව ‘කිඳාබැසි මතකයක්’ඇත්තේ පහත සඳහන් දේ පමණි.
1.
මොන ‘නව කතා උපක්‍රමයක්’ දමා වුවද,මුළු බවතරණය නව කතාවම එකට ගත් කල,බටහිර මතවාද අනුකාරක / භෞතිකවාදී මාටින් මහතා විසින් කර ඇත්තේ,සිදුහත් චරිතයට,දැන හෝ නොදැන,’මඩ’ ගැසීමකි.අහිංසා පාරමිතාව සම්පුර්ණ කල උතුමෙක් අතින්,(බවතරණය නව කතාවේ එන පරිදි),කිසිකලෙක සිතා මතා සතෙක් දඩයම් කිරීමේ,සිතක් / සසර පුරුද්දක් පහල වෙන්න බැරිය.දෙව්දත් විදපු කුරුල්ලා බේර ගැනීමට රණ්ඩුවකට පැටලුනය කීමෙන්,ඉහත කී වැරැද්ද මැකෙන්නේ ද නැතිය.මේ රටේ NGO ක්‍රිස්තියානි කාරයන්ව සනසවන්න ද කොහෙද,එකල ?කොළොඹ කැම්පස් එකේ ලියු පත්‍රිකාවක,බුදු රදුන,චන්න කුමරු තම නෑනව විවාහ කර ගැනීමට එරිසියාවෙන්,එය වැලකුවය කියාද කෙප්පයක්,ජයදේව උයන්ගොඩ විසින් ලියා තිබුනා මට මතකය.
2.
මෙම නව කතා දෙකේම,විවාහ වීමට පෙර,සිදුහත් කුමරුන්ට ඇති වුන රාග සිතිවිලි අතර වෙනසක් මට නොදැනුන අතර,ඒ පිලිම්බන්දව මge විරෝධයක් ද නැතිය.
ආතර භවතරනය කෙරෙහි වූ ඔබගේ දැක්මට මා ගරු කරමි, ඒ ඔබගේ දැක්මයි, එහෙත් මේ සිතුවිළි නම් වූ ආරූඩ නමට මුවා වී සිටිනා මටනම් බටහිර වාදී වේවා, භෞතික්වාදී වෙවා, ඕනෑම අකාරයකට ගොඩ නැගූ කථාවක් තුලින් වෙනස් අයුරකින් සිතීමට පොළඹවයිනම් මා එයට රුචි වෙමි.
එකම කරුන විවිධාකාරයෙන් විමසීමට රුචිවෙමි. අනෙකාගේ මතය මම කිසි විට හරි හෝ වැරදි යනුවෙන් වර්ග නොකිරීමට වෙහෙසෙමි. එහෙත් ඔහු එසේ කියන්නේ මන්දැයි සිතීමට වෙහෙසෙමි.
උදාහරනයකින් ගතහොත්, මූලිකව ඔබගේ සිංහල තේරවාදී බුදු දහම යන්න ප්‍රථික්ශේප කල මා ඔබ එසේ කියන්නේ ඇයිදැයි තේරුම් ගත්තාක් මෙන්.
@=/?
1.
=/? says ‘…මට නම් තේරුනේ ඔහු (Jiddu Krishnamurthi )කෙරු තරමක් කරේ මැවීමක් බවයි.’ධම්ම පදය විතරක් කියෙව්වා’මෙච්චර බුදු දහම ගැන ලියවුන පොත් පත් තිබුන වකවානුවක ඔහු ධම්ම පදය විතරකින් නවතින්නේ කොහොමද බන්? අපේ බුදු හිමි පෙන්වූ දහමින් බුදු හිමියන් වෙන් කරල ඒ දහමම වෙනත් වචන වලින් ඔහුගේ කර ගන්නට හරිම හීන් නූලෙන් වැඩ කල කෙනෙකු හැටියකුයි ‘මැටි මට’ නම් ඔහු පෙනුනේ/පෙනෙන්නේ!….=/?
අපේ අදිකාරම් තුමන් පාසලේ උගෙනුමට දක්ෂ නොවූ ජිඩ්දු ක්රිශ්නමුර්ති තුමන්,සාමාන්‍ය පෙළ පවා සමත් වුනේ කීප වතාවක් උත්සාහ කල පසුවය.එවන්නෙක්ට සසර පුරුද්දක් නැතිව,කිසි දිනෙක කෙනෙක,ගැඹුරු සිතිවිලි ගැන අසන ප්‍රශ්නවලට අනා ගන්නේ නැතිව ව්‍යක්තව,ක්ෂණිකව,සංගතව උත්තර දිය නොහැක.බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය සහ වල්පොල රාහුල හාමුදුරුවන් ද මෙය පිළිගෙන තිබේ.
කුඩා කල ජාන වලට වඩා පෙර සසර පුරුද්ද නිසාය කියා මා විශ්වාස කරන,පශ්චාත් උපාධි ගත්,කිසි දිනෙක අසා නැති බසා කතා කල හැකි කුඩා ළමුන් ගැන මා කියවා තිබේ.ජන්මෙට වඩා පුරුද්ද ලොකුය කියන්නේ,සසර පුරුද්දටත් එක්කය.
අපාය අද්දර බක තපස් බද්දරලා කවුද කියල,ඉතා ලේසියෙන් හඳුනා ගැනීමේ නුවණ ඇති,අපේ E W අදිකාරම් උතුමන්ව නම්,’’ධම්ම පදය විතරක් කියෙව්වා’වැන්නක් කියා,ගොනාට අන්දන්න කිසිවකුට බැරිය.
2.
=/? says ‘…..පරම සත්‍ය වූ මැණික වෙනත් නම්/ගම්/වාසගම් වලින් එන්නේ නම් මට ආරුඪ වන්නේ යකාය. ඇත්ත ඇති සැටියෙන් නොදැකීමක් ලෙසයි එය මා දකින්නේ.අනේ බන් මාතර,තාම සසරේ සැරිසරන ප්‍රාණ කූඩුවක වන මට මාර්ග පල සහතිකයක්ද නැත! එබැවින් තාම මගේ හිතේ/ගතේ මම,මගේය යන ‘ලාමක අදහස්’ පෙරටු කරගත් මගේ මේ රට දැය සමය ආගම ගැන බන්දනය ඇත්තේය.ඒ නිසා උඹ ඔය කියන විදියට හිතන්නට, ඒ තත්වයට ආ දිනෙක බලමු- තාම නම් බැරිය….=/?
එල,
මාද පළමුව.මේ රට රකින ‘සිංහලයෙක්’,දෙවනුව මේ ‘බුදු සසුන’ නිසා මගේ දිවිය ආලෝකමත් කර ගත් ‘බෞද්දයෙක්’,තෙවනුව මනුස්සයෙක්.නිවන් දකින කම් අපි ඔහොම යමු.
අප්පට සිරි දෑන් දම්මපදයත් තියෙන්නෙ ගොන්නුන්ට වගෙ මරු මරු.ඔහොම යන්……
@ඇතුලාන්තය
එවැනි අදහසක් ගම්‍ය වන දෙයක් මා ලියා නැත.
ඇතුලාන්තය, උඹේ ගොන් ගුරුට නම් බුදු දහමේ කිසිත් අදාළ නොවන්නේය.
සිතුවිළි,
උඹ මට 07.02am ට ලියු පිළිතුරේ ප්‍රධාන කොටස වන[බුද්ධ චරිතය දෙස වෙනස් මානයකින් බලන භවතරනය අප තුල ගැස්මක් ඇති කරන්නේ එබැවිනි] හා
මාතරට 04.17pm අංක 2 යටතේ ලියු [මා දකින හැටියට භවතරණය යන නව කැතාවේ සිදුහත් යන චරිතය මහ බෝසතුන්මයැයි කිව නොහැකිය.ඒ බෝසතුන්ගේ කථාවෙන් උපුටාගෙන ප්‍රතිනිර්මානය කළ කථාවකි.] හා සැසදෙන්නේ නැත,පරස්පරය!ඔහොම කොහොමද මලේ’දෘෂ්ටි’වෙනස් කරමින් යමක් ගැන’අවබෝධයක්’ලබන්නේ?
මාර්ටින් ගොයියා සිංහල බොදු අපව තල්ලු කලේ අඳුරු ආගාධයකටමය-ඔහුගේ හිතළු ඔහුම තියා ගත්ත නම් හොඳ යයි මා කියන්නේ එබැවිනි.සිදුහත් චරිතය හිතුමතේ/නිර්ධය ලෙස නිර්වචනය කිරීම ගැන සමාවක් නැත්තේමය.
======
ජෝසප්,
[බුද්ධ කාලයේ සිටි මිනිසුන් විසින් තනා ගත් දැනුම් සහ කතන්දර සහිත බෞද්ධ සාහිත්‍යය පවා බුද්ධ භාෂිත බවයි] මින් උඹ අදහස් කරන්නේ කුමක්දැයි පහදපාන්.පන්සීය පනස් ජාතකය මීට ඇතුලත්ද?
[නමුත් ඔවුන් ගුරු කරගෙන ඔවුන්ගේ මත අනුව මගේ මතය හැඩ ගස්වා නොගනිමි.]උඹේ මතය කුමක්ද?
=====
මාතර ආතර,
[මේ රට රකින‘සිංහලයෙක්’,දෙවනුව මේ ‘බුදු සසුන’ නිසා මගේ දිවිය ආලෝකමත් කර ගත් ‘බෞද්දයෙක්’,තෙවනුව මනුස්සයෙක්.නිවන් දකින කම් අපි ඔහොම යමු.]මගේ ආචාරය උඹට,කොයිහැටි වුනත් මා නම් තවම සිටින්නේ මා හිටි තැනමය.බුදු හිමි දැල්වූ පහනේ ආලෝකයේ සරණ යාමට මට කණාමැදිරි එලි අවැසි නැත.
====
නියම සිංහ,
විද්‍යාගාර විද්‍යාවෙන් ඔප්පු කර පෙන්වන්නට බුදු දහමේ කිසිත් නැත.කොවුර්ටත්,කාලෝටත් කපුටා කොහාගෙන් වෙන් කර දැන ගන්නට හැකිද උන් කුඩා කල?මට නම් සැකයි!
හිත ගැන දන්නේ තමන්මය- ඒ හිත විග්‍රහ කර බුදු හිමි පෙන්වූ පසුත්- බටහිරෙ මනෝ විද්‍යාවෙන් මිනිස් හිත විග්‍රහ කරමින් නටනා නැටුම දකින’මැටි මට’තිරය වහන්නටම සිත් වේ.හරිශ්චන්ද්‍රලා ගැන කීමට හිතෙන්නේ එපමණකි.
සිතුවිළි,මගේ අන්තිම වගන්තිය මෙසේ නිවැරදි විය යුතුය.කමන්න.[සිදුහත් චරිතයට හිතුමතේ/නිර්ධය ලෙස නව නිර්වචන දීම ගැන සමාවක් නැත්තේමය.]
=/?
ඔබ ඇසිය යුතුම පැනය අසා ඇත,
මුලින්ම, “බුද්ධ චරිතය දෙස වෙනස් මානයකින් බැලීම” සහ “සිදුහත් කතාවෙන් උපුටාගෙන ප්‍රථිනිර්මානය කිරීම” යන කරුනු දෙක ප්‍රථිවිරුද්ධ වන්නේ කෙසේදැයි මට පහදා දෙන්න.
මා දකිනා සැටියට න යමක් ප්‍රතිනිර්මානය කිරීමට වෙනස් මානයකින් එදෙස බැලිය යුතුමය. නැතහොත් නිර්මානය වන්නේ චායා පිටපතකි.
බෞද්දයන් වූ අපට දෘෂ්ටිය යනු යූ එන් පී කාරයා සදාකල් යූ එන් පී වන්නා සේ රැකගත යුතු දෙයක් නොව විවිධාකාර කොට බැලීමෙන් බිඳලිය යුතු දෙයකි. දෘෂ්ටි වශයෙන් යමක් ගැනීම ඔබව කොටුවක් තුලට සීමා කරයි. දෘශ්ටිය බිඳලීම තුල ඔබගේ දැක්ම පුළුල් වී අවබෝධය පහල වෙයි.
දෘශ්ටිය පිළිබඳවනම් ඔබ මා දුටු හැටි නිවැරදිය, මා උත්සහ කරන්නේ එක් දෘශ්ටියක රැඳී නොසිට එකම කරුන විධාකාර කොට විමර්ශනය කිරීමටයි.
සිදුහත් චරිතය නිර්වචනය කිරීම ගැන ඔබ කියා ඇති දෙ පිළිබඳ මා පිළිතුරු දීමෙන් වලකිමි. ඔබගේ දැක්මට ගරු කරමි.
[බුද්ධ කාලයේ සිටි මිනිසුන් විසින් තනා ගත් දැනුම් සහ කතන්දර සහිත බෞද්ධ සාහිත්‍යය පවා බුද්ධ භාෂිත බවයි]
— චක්‍රාවාට (සක්වල), මහාමේරුව, සහස්සී-ද්විසහස්සි-ත්රිසහස්සි ලෝක ධාතු, මනෝකාය ආදී ඉහත නම් සඳහන් පුද්ගලයන් ඇසුරු කරන දේ. මා අවධාරණය කරන්නේ ත්‍රිපිටකයේ ඒ නම් සඳහන් වූවාට ඒවාට එකල තිබු තේරුම දැන් ඔවුන් භාවිතා කරන බටහිර විද්‍යාත්මක තේරුම නොවන බවයි.
[නමුත් ඔවුන් ගුරු කරගෙන ඔවුන්ගේ මත අනුව මගේ මතය හැඩ ගස්වා නොගනිමි.]
— ‘මගේ මතය’ එහිම කියා ඇත. ඉහත නම් කි සියලු දෙනා පිස්සන් සහ පුස්සන් බවත් ඔවුන්ගේ අදහස් ඉවත් කළ යුතු බවත් මගේ මතය වේ. අවධාරණය: ඔවුන්ගේ බෞද්ධාගමික විග්‍රහ ගැන පමණක් ඉහත අදහස අදාළ කර ගත යුතුය. බටහිර විද්‍යා උගතුන් ලෙස ඔවුන්ගේ හැකියාව හා දැනුම අවතක්සේරු නොකෙරේ.
@Joseph
දොර මණ්ඩලආවේ (UTUBE බලන්න ) හි කතා කරන හැටි දුටු විට,ඉතාමත් සරල ලෙස ඇඳුම් අඳින,අපේ විසේෂඟ හරිස්චන්ද්‍ර අපරදිග-මනෝ ඩොකා නම්,උඹ කියන අන්දමේ ‘පොරක් වෙන්න දඟලන’ කෙනෙක්ය කියා මට සිතෙන්නේ නැතිය.
සමහර විට අප ලියා ඇති දේවල් දුටුවොත්,අප දෙදෙනාද ‘පොරවල් වන්නට තටමන වය’කියා ඒ ඇත්තන්ටද කියන්නට පුළුවන්ය!
එතුමන් ලියා ඇති ‘Psychological aspects of Jathaka stories’පුළුවන් නම් කොළොඹ මහජන පුස්තකාලෙට ගොස් කියවන්න.
@=/?
1.
”කොටුවෙන් පිට ඉඳන්,තනියෙන් බොක්සින් ගසන්නේ නැතිව”,ප්‍රස්තූත කාරනාවන් (issues )හඳුනා ගෙන,ඒවා ගැන,කිරි ගහට ඇන්නහේ (hitting the nail on the head ),’කෙලින්ම කොටුව ඇතුලට පැමිණ,මා සමග බොක්සින් ගසන්නන් අතරින්’ඔබ අගතැන්පත්ය!
2.
අපේ සිල්වත් E W අදිකාරම් උතුමන් සහ ජිඩ්දු ක්රිශ්නමුර්ති උතුමන්ගේ දේශනාවන් මා සිත තුල එතුමන්ලා කෙරේ ඉමහත් ගව්රවයක් ඇති කලත්,බුදු දහමින් ඔබ ලද ආලෝකය සමග සසඳන විට,ඔබට නම් ඒවා ‘කනාමැදිරි එලි’ බව ඔබ ලියා ඇත.පිලි ගනිමි.’ආලෝකෝ උදපාදී’ අපට අවබෝධ වන තෙක් ඔහොම යමු.
@Joseph
@සිතිවිලි
Joseph ගේ අදහස් ද ‘මාටින් මහතාගේ බවතරණය නව කතාවේ සිදුහත් කුමරු සතුන් මරණ මහා බොරුව’ සම්බදයෙන් ගැන ගැනුමට මා කැමති නිසා ඔහුටද මෙයින් අමතමි.
1.
පෙර දිනයක මෙහි මවිසින් සිතිවිලිට ලියන ලද කොමෙන්ටුවක, මේ රට අවුරුදු 2600 ක රැකුන,මේ රටේ ‘සිංහල බුදු සසුන’ යනුවෙන් මා ලියා තිබුන පද දැක,ඔහු කිපී කුලප්පු වී මා සමග කොමෙන්ටු සංවාදයෙන් කලක් වැළකී සිටි බව මතකය. නමුත් දැන් සිතිවිලි,ඒ පදවල අරුත අවබෝධ කර ගෙන,ඒවා පිළිගෙන, සන්සුන්ව සිටින බව පෙනේ.
2.
මා දන්නා හැටියට,සමාජවාදියෙක් ලෙස,බුදු දහමේ දැක්වෙන පුන භවයවත් (පුන උත්පත්තියවත්) පිළිගත්තේ නැති(සිතිවිලි එසේ නොවේය කියා උපකල්පනය කරමි!),භෞතික වාදී,මාර්ටින් මහතා,බටහිර ‘Cow Boy style ‘ නවකතාවෙන් මත් වී, අවිහිංසා පාරමිතාව සම්පුර්ණ කල (මෙය ජය්නයන්ගේ ‘අන්තවාදී අහිංසා මගුලක්’නම් නොව!) සිදුහත් කුමරු,”සතුන් මරණ සිතැතිව දඩයමයමේ ගොස් සතුන් මැරුවාය”(දේවදත්ත විදපු කුරුල්ලා බේර ගැනීම ගැන නොව,තවමත් සිතිවිලි,සිදුහත් කුමරු සතුන් මැරීම සම්බදයෙන්,”කොටුවට නොපැමිණ අහසට බොක්සින් ගසන බවක්” මට හැඟේ)යන බවතරණයේ ඇති
”සිදුහත් කුමරු සතුන් මරණ මහා බොරුව”,
සිතිවිලි කියන්නා සේ,
හුදෙක් ප්‍රතිනිර්මනාත්කම,වෙනත් කෝණයකින් බැලීමේ,හිතළු-ප්‍රයෝගයක් පමණක්ය කියා පිළිගනිමින්,
මාද කුලප්පු නොවී නොකිපී සන්සුන්ව මේ කරුණ අරබයා සිතිවිලි සමග කොමෙන්ටු නොලියමි.
(පුළුවන් නම්,අපේ යක්කඩුවේ පග්නාරාම හාමුදුරුවන්ගේ,බවතරණයට පිළිතුරු පොත කියවන්න.)
නියම සිංහsays”බුදු දහමට එරෙහි ප්‍රධාන එක් තර්කයක් වී ඇත්තේ එක්තැනකට වී බාවනා කිරීමෙන් ලෝක යථාර්තය අවබොධ නොවන බවයි” මෙ වාක්යයෙ මුලට විකුර්ති උන බුදුදහම ලෙස නිවෑරදි විය යුතුයි.බුදුරදුන්නම් එක් තෑනකට වි බාවනා කිරිම නිවනට අනිවාර්ය කරුනක් බව කියා නෑ.බවනා නොකරත් මාර්ගපලයන්ට පත් විය හෑකියි.සුද්දොදන රජතුමා බුදුන්ගෙන් බන අසා මාර්ගපලයක් ලෑබුවෙ බාවනා කරලාද?
ඇතුලාන්තය,
වාක්‍යයකින් කොටසක් උපුටා දක්වනිම් වැරදි අරුත් මතුකරන්න එපා. නියම සිංහ කියා ඇත්තේ භෞතික වාදින් බුදු දහමට එරෙහිව නගන තර්කයකුයි. නැතිව මේ ඔහුගේ අදහසක් නොවෙයි.
බුදු බන අනුව වැඩූ ප්‍රඥාව ඇති පුද්ගලයාට එක් බන පදයකිනුත් රහත් ඵල ලැබිය හැකියි, සුදොවුන් රජු මෙන් සෝවාන් ඵල නොවේ.
එහෙත් වැඩූ ප්‍රඥාව නැති කෙනාටද භාවනාවෙන් ප්‍රඥාව දියුනු කොට මග ඵල ලැබිය හැකියි.
භෞතික වාදීන්ගේ මෙවැනි තර්ක අල්ලාගෙන භාවනාව හා මග ඵල ගැන වාද කිරීමත් හිස් දෙයක්.
මාදකින්නේ ලොකයේතිබුහොඳම දේශපාලන ක්‍රමය තිබී ඇත්තේ ලංකාවේය එසේ නොවන්නට ජනයාගේ කුසගිනි නිවන මහා වැවුද ස්‍රද්දාව ඇතිකරන මහා දාගැබ්ද සිත් නිවාලන ශිල්ප කලාවන්ද බිහි නොවනු ඇත.
ලෝකයේ එදවස මෙවන් මහා නිමැවුමක් කලේද ඒ වහලුන්ය හැම එකක්තුලම පාහේ යම් අධිරාජ්‍යයකු තම බලය හා අබිමානය පෙන් වීමය මහ පවුරු මාලිගා පිරමීඩ වැනි මේහැම එකක් දකින්නකුටම සිහිවන්නේ යදමින් බැඳ කසයෙන් මඩින ලද අපාදුක් විඳින මිනිසුන්ය
නිවී සැනසුන මිනිසුන් තුලින් පමනක් බිහිවූ කලාවන් ලංකාවේ තරම් ලොව අන් තැනක වේද? එකල සියලු රාජ කාරීන් පෙලගැසී තිබුනේ යුතුකම් පෙලක් මතය රජුමහා වැවු කරවුයේ යුතුකමටය වෙද මහතා වෙදකම්කලේත් ගුරුවරයා ඉගැන්වූයේත් කලාකරුවා කලා නිමැවුම් කලේත් යුතුකමටය මේ අයගේ කුඹුරේ හේනේ සහ අනිකුත් වැඩෙජනතාව කරදුන්නේ යුතුකමටය
පරසතුරු ආක්‍රමන නිසා මේ සමාජ ක්‍රමයට හානි වී ඇති නමුත් යුතුකම සම්මුතියක් වශයෙන් යුරොපා ආක්‍රමන දක්වාම පැවත ආ බව පෙනේ මේ සියල්ලට මුල් වී ඇත්තේ බුදු දහමයි මේ තත්වය ඉස්මතු වන ආකාරයේ ලේඛන කලාවක් අපේ ලේකකයන් අතින් බිහිවී ඇතිද.
@නියම සිංහ
රත්මලානේ මල්ලිකාරාමාධිපති,අපේ වැලිගම ඥානරතන හාමුදුරුවන්ට අනුව,අපේ පැරැන්නන් එකල විවාහ වුනේ,’කාමය සතපවා ගැනීමේ චේතනාව පෙරදැරි කර ගෙන නොව,හුදෙක් දරුවන් ලබා
තම යුතුකම
ඉටුකිරීමටය.’
හ්ම්.ඔය අදහස් ටිකනම් වටිනව
ඔබගේ මේ අදහස සමග ඉතාමත කැමැත්තෙන් එකඟ වෙමි.
බුදු දහම මත ගොඩනැගුනු අප සමාජයේ පදනම වූයේ යුතුකමමයි.
එහෙත් බටහිර ආක්‍රමන වලින් පසු, යුතුකම් නොදන්නා ඔවුන්ගේ සමාජයේ පැවැත්ම උදෙසා ඇතිකරගත් අයිතිවාසිකම් නම් වූ දර්ශනය අප සමාජයට බලහත්කාරයෙන් රිංගවීම තුල සියල්ල ව්‍යාකූල වී ඇතැයි දකිමි.
කොටින්ම මේ අප කරනා දෙය දෙසම බලන්න, කාලය ගෙවමින් මේ කරුනු සකච්චා කරමින් අප කරන්නේ අයිතිවාසිකමක් භික්ති විඳීමද නැතහොත් යුතුකමක් ඉටු කිරීමද?
මෙ ඔක්කොටම මුල නිදහසින් පසු ලන්කාව බටහිර මොඩලවල් 100% වෑලදගෑනිමට යාම.එම මොඩලවල් 50%වත් අඩුකර ඉතිරි කොටසවත් දෙශිය සහ බෞද්දාගමික ආකල්ප මත රට ඉදිරියට ගෙනයාමෙ උඩුගoයාමය ආරම්බකිරිමට ලන්කාවෙ සමත්වන්නෙ කවරෙක්ද?අනෙක් අතට මෙ යන බටහිරකරන රෑල්ල ලන්කාව පමනක් නොව මුලු ආසියාවමත් ඔබත් මමත් වෙලා ගෙන හමාරය.දෑන් මෙය 100%අනෙක් පෑත්තට හෑරවිම කොහෙත්ම ප්‍රායොගික නොවෙ.
@Joseph
සිදුහත් චරිතය වටා ලියවුන,මාටින් මහතාගේ බවතරණය නව කතාවේ,පෙර භවවල අවිහිංසා පාරමිතා සම්පුර්ණ කල සිදුහත් කුමරුන්,සතුන් මරණ සිතැතිව සතුන් දඩයමේ ගියාය යන ‘බොරුව’ ගැන ඔබේ අදහස් දැන ගනු රිසියෙමි.
ඔය කියන බවතරණය මා කියවා නැත. ඒ ගැන මගේ උනන්දුවක් ද නැත. එහෙත් සිදුහත් කුමරු මරණ චේතනාව සහිතව දඩයමේ ගිය බව කෙනෙක් කියයි නම් එය විහිළුවක් කොට ගනිමි. සිදුහත් කුමරු වංශයෙන් ශාක්යයෙකි, ගෝත්‍රයෙන් ගෞතමයෙකි, කුලයෙන් ක්ෂත්රියයෙකි (එනම් කෙත් කරවූවෙකි). ඔහු දඩයමේ යාම අප දන්නා සිදුහත් සිරිත හා සැසදෙන්නේ නැත. මරණ චේතනාව සහිතව දඩයමේ යන්නෝ දඩයක්කාරයෝය නොහොත් වැද්දෝය. ක්‍රීඩා අභිලාෂයෙන් දඩයමේ ගියා යයි කීවානම් තරමක් හෝ සලකා බැලිය හැක. මක් නිසාද යත් ජවාධික වල් තිරිසනෙක් හඹා යාම හෝ ඉගිලෙන පක්ෂියෙක් විද දැමීම හෝ අභ්‍යාස ලෙස සැලකිය හැකි බැවිනි. තමන් කිසිම චේතනාවක් නැතිව දඩයමේ යන්නන් හා එක්ව නිකන්ම වනගත වුවත් ඉන් ලබා ගත හැකි දැනුම අනල්පය. මේ ගැන කිව යුත්තේ එපමණකි.
භවතරනය කියවා නැති වුවත් ජෝසප් නිවැරදි තැන ස්පර්ශ කොට ඇත.
භවතරණයේ කියනා පරිදි එහි එන සිදුහත් නම් වූ ශාක්‍ය මානවකයා ගුරු කුලයේදී දුනු ශිල්ප පුහුනුවේ ප්‍රායෝගික පුහුණුව සඳහා ඔහුගේ පන්ති සගයන් සනග වනගත වී ඉලක්ක හුරුව පිනිස පියාඹන පක්ශින් ඉලක්ක කරයි. එහෙත් හී වැදුනු පක්ශියෙකු දෙස බැලීම පවා ඔහු ප්‍රතික්ශේප කරයි.
එහි කිසි තැනක සිදුහත් විසින් මරණ චෙතනාවකින්, ද්වේශයෙන්, විනෝදය පිණිස සතුන් මැරූ බවක් සඳහන් නොවේ. එසේම මැරූ සතකු දෙස බලා වෙනත් කුමරකු සතුටු වූ විට සිදුහත් තමා මරා දමූ සතකු දෙස බලා සතුටු වීම වැද්දන්ගේ ගතියකියි කියා මිතුරා හෙලා දැක ඔහු හා වාදයකටද එළැඹේ.
මෙසේ ලියුවේ භවතරණය කියවා නැති අප මිතුරන්ගේ දැනගැනීම පිණිසය.
@සිතිවිලි
සිතිවිලි says ,’භවතරණයේ කියනා පරිදි එහි එන සිදුහත් නම් වූ ශාක්‍ය මානවකයා ගුරු කුලයේදී දුනු ශිල්ප පුහුනුවේ ප්‍රායෝගික පුහුණුව සඳහා ඔහුගේ පන්ති සගයන් සනග වනගත වී ඉලක්ක හුරුව පිනිස පියාඹන පක්ශින් ඉලක්ක කරයි. එහෙත් හී වැදුනු පක්ශියෙකු දෙස බැලීම පවා ඔහු ප්‍රතික්ශේප කරයි.’සිතිවිලි
මා සිතන විදියට,
අද බුදු රදුන් සිටියා නම්
‘ත්‍රි කොටි පාරිශුද්ධ මාංසය ප්‍රතික්ෂේප’ මෙන්ම,
අවිහිංසා පාරමී පුරපු සිදුහත් කුමරු,
‘මරණ චේතනාවෙන් යුතුව,සිතා මතා සැලසුම් කර,දුනු වලින් පක්ෂ්හීන් මරා,
ඉන් පසුව අහක බලා ගත්තාය යන්නද,
(බටහිර කව් බෝය් කතාවලින් මත් වුන) මාටින් මහතාගේ නව කතාවේ ඇති
බොරුවක් ය කියා
පිළිකෙව් කරනු ඇත!
ආතර සහෝදරයා,
බුදු රදුන් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ප්‍රථික්ශේප නොකල බව ඔබගේ දැනගැනීම පිනිස පවසමි.
එක්තරා වනගත භික්ශු පිරිසක් නගරය කරා එලැඹෙමින් සිටිනාතර සිංහයෙකු විසින් මරනා ලද මුවෙකු දැක එම මස පිස අනුභව කලේය. අනතුරුව එම භික්ශූන් අතර ඒ පිළිබඳ වරදක්ද නැතිද යන්න පිළිබඳ එකඟ තාවයක් නොවීය. එය බුදුන්ගෙන් විමසූ විට උන්වහන්සේ වදාරන්නේ, සිංහයෙකු, කොටියෙකු, ව්‍යාග්‍රයෙකු, වලසෙකු මරා දැමූ සතෙකුගේ මස අකැප නොවන බවයි.
මේ කථාව ඉතා පැහැදිලිව විනය පිටකයේ සඳහන් වේ.
රජ කුමරකුගේ වගකීම වන හරඹ පුහුනුව සඳහා කොතෙක් පාරමී පිරුවද පුහුදුනෙකු වූ කෙනෙකු සමාජයීය බලපෑම මත ක්‍රියා කිරීම “චේතනාහං භික්කවේ කම්මං වදාමි” යන බුදු වදනට ගලපා බලන්න.
අද බුදු රදුන් නැති වුවද, මනා කොට දෙසූ ධර්ම විනය අදත් ජීවමානව පවතියි. එමනිසා ඔබ නගන පැනයට පිළිතුරු දීමට බුදු කෙනෙකුගේ පැමිණීම අවැසි නැත. ප්‍රඥාවම සෑහේ.
@Joseph
පින්.මා පැයකට පමණ පෙර පුනබව /කරුම පිලිබඳව මා ලියු කොමෙන්ටුවට ද ඔබේ ප්‍රතිචාරේ බලාපොරෝත්තුවෙන් මෙය ලියමි.
ප්‍රස්තුත කරුණ වූ,
සමහර විට ‘බටහිර කව් බෝය්’ කතා වලින් මත් වී සිටි මාටින් මහතාගේ බවතරණය නව කතාවේ
ප්‍රධානම බොරුව නම්,
සිදුහත් කුමරු විනොදෙට දඩකෙලියේ ගොස්,සිතා මතා සතුන් මරුවායය යන්නය.
@Joseph
@නියමසිංහ
@සිතිවිලි
පින්වතුනි,
අනිච්චාවත සංඛාරා වී,වල දැමීමට හෝ පුච්චා දැමීම සඳහා,අප සියලු දෙනාගේම දේහයන් මියගිය විගස,අප සියලු දෙන කරන ලද කුසලාකුසල කර්ම වලට වග කිව යුතු ලෙස,නැවත,සතෙක්,දේවියක්,බඹෙක්,අපායේ දඬුවම් ලබන්නෙක්,යකෙක්,පෙරේතයෙක්,කුම්භාණ්ඩයේක් හෝ ගන්ධබ්බයෙක් නැත්නම් තවත් මිනිසෙක් හරි වෙලා,නැවත ඉපදෙන්නේ නැතිය,අප රහත් වුනත් නැතත් මේ භවයෙන් පසු ඔක්කොම ‘කම්මුතුය’ කියා සිතන කට්ටිය (උදා;’සමාජවාදයෙන්’ මත් වී ඇති සුචරිත ගම්ලත්,මාර්ටින් මහතා වැන්නන්, බටහිර විද්‍යාවෙන් මත් වී ඇති අපේ කාලෝ ප්රොපා වැන්නන් ‘භෞතිකවාදීන්’ ය කියා මට සිතුන.
1.
මුළු ලොව සිටින,අපේ සමහර දේශපාලකයන් කරන්නා සේ,’ගල් ආඳන් සේ’ මග නොහැර,මේ පැනයට,ඔව්ද නෑද කියා,කෙලින් පිළිතුරු,ඔබ තෙපල දෙන්නේ නම් අගයමි.
‘භෞතිකවාදීන්’ යන්නට,මගේ අර්ථ දැක්වීම හරිය කියා,මොහොතකට උපකල්පනය කලොත්,ඔබ තිදෙනාත්,රහත් වුනත් නැතත්,මේ කුණු කයේ මරණින් පසු, නැවත තවත් භවයක,’අප ද නොව වෙන කෙනෙකුද නොව’ වශයෙන්,නමුත්,කරන ලද කුසලාකුසල කර්ම වලට වග කිව යුතු ලෙස,නැවත ඉපදීමක් නම් කිසිසේත්ම සිදු වෙන්නට බැරිය කියා සිතන,එවන් භෞතිකවාදින්ද?
2.
අපේ සිල්වත් E W අදිකාරම් උතුමන්ගෙන්,ත්‍රිපිටකයේ දැක්වෙන මෙවන් නැවත ඉපදීමක් වෙන්න පුලුවන්ද කියා ප්‍රශ්න කලවිට,එතුමන් ගේ පිළිතුර වුයේ ”මම නොදනිමි” යන්නය.
ජිඩ්දු ක්රිශ්නමුර්ති උතුමන් නම්,මේ පැනයට,කිසිම උත්තරයක් නොදී,එවන් ප්‍රශ්න කරුවන් ගෙන් තවත් හරස් ප්‍රශ්න අසමින්,මග හැරියෝය.
මේ උත්තමයන් දෙදෙනාද මගේ ‘අර්ථකථනයට’ අනුව භෞතිකවාදීන් කියා නම් කිරීමේ වරදක් නැතිය!
ඇති යන්තම් උඹට ඒ ගැන තේරුණා.සසර සැරි සරන අපි ගැන මුනිවත රකිමින් පන්සීය පනස් පස් ජාතකයට විරිත්තනවා කියන්නේ භෞතිකවාදීන් නොවෙන්න වෙන කව්ද බන්?
ආතර සහෝදරයා,
මගේ අවබෝධයේ හැටියට භෞතික වාදීන් ලෙස මා දකින්නේ, මෙ දුර්වල මිනිස් සිරුර තුල ඉපදී එහි ඇති පංච් ඉන්දිර්යන් පමණක් භාවිතා කරමින් එම ඉන්ද්‍රියන්ට ගෝචරවන දෑ තුලින් පමණක් සත්‍යය සෙවිමට උත්සහ කරන, පසිඳුරන්ට ගෝචර නොවන සියල්ල බොරු හෝ සිදුවිය නොහැකි කරුනු ලෙස හෝ මනස්ගාත ලෙස අර්ථ දක්වන උන්ය.
එහෙත් මාගේ අදහස (මාගේ අදහස් ලෙස මා දක්වන දෑ කිසිදා වෙනස් නොවන තීන්දු නොවේ, වඩා නිවැරදියැයි පිළිගත හැකි මතවාද හමුවූ වුට මා එයද සලකා බලමි )පසිඳුරන්ට ගෝචර නොවන යමක් කෙනෙකු විමසූ විට එය තමන් නුවණින් හෝ පසක් කොට නැතිනම් ඒ පිළිබඳ මා කීමට නොදන්නේ යැයි කියන්නා අවංක මිනිසෙකි.
බුදුන් කියා ඇති නිසා, ජාතක පොතේ ඇති නිසා, මාගේ ආගම් ග්‍රන්තයේ ඇති නිසා, උගතෙකු වැදගතෙකු කී නිසා මා එය මෙසේ යැයි පිළිගන්නවා යනුවෙන් යමෙකු පවසයි නම් එය දෘශ්ටිවාදී අදහසක් ලෙස මා දකිමි.
මෙසේ කීමෙහි අදහස බුදුන් කී දෙය සැක කිරීම නොවේ, එහෙත් ප්‍රත්‍යක්ශ වශයෙන් පසක් කරගන්නා තුරු අප එය අවබෝධ කර නැති බවයි. මෙසේ කරුනින් කරුන පසක් කිරීම තුල අප විචිකිච්චාව දුරුකොට නියම මගට පිවිසේ.
ඔබගේ පැනයට ඍජුපිළිතුර නම්, පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක් නැත රහත් උවත් නැතත් මේ භවයෙන් සියල්ල කම්මුතුයි කියනා කෙනෙකු භෞතික වාදියෙකු ලෙස ඔබ හැඳින්වීම මා නිවැරදියැයි සිතමි. මන්ද ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ මරණින් පසු තත්වය මිනිස් පසිඳුරන්ට ගෝචර නොවනා බැවින් මිස දියුනු කළ ප්‍රඥාවෙන් හා භාවනාවබෝදයෙන් නොවිය හැකි බැවිනි.
යමෙකු මා ප්‍රඥාවෙන් එය අවබෝධ කලා යැයි කියනවානම් එයද අපට පිළිගත නොහැකිය, මන්ද එය බුදුන්ගේ දහමට පරස්පර බැවිනි. එමෙන්ම මේ දෙකින් එකක්වත් අප ස්වයංව පසක් කොට නැති බැවිනි.
කළ යුත්තේ, තමා විසින් එය පසක් කිරීමට උත්සහ දැරීමත්, මා භෞතික වාදියෙකුද නැද්ද යන්න පහදා ගැනීමත් බවයි මාගේ අදහස.
සසර සැරි සරන තෙක් ඔබ මගේ..//
මන් පෙම් කරන අවදියේ,මගේ දේවියට වික්ටර් රත්නායකගේ මේ ගී ඛණ්ඩය නොවරදවාම ලීව මතකයි.
සිතුවිළි, මාතර ආතර, ජෝසප්, නියම සිංහ උඹල මේ සසර සැරිසරන අපි ගැන හිතන විදිය කීව නම්!භෞතිකවාදයක් අල්ල ගෙන රූටන්නේ නැතිව!
පුනර්භව සංකල්පය පොතපතේ ඇති අයුරු කියවා තේරුම් ගෙන ඇත්තෙමි.
එහෙත් අවබෝධයෙන් පසක් කොට නැත්තෙමි.
එම නිසා එය ඇතැයි කියා කරුනු දැක්වීමෙන්ද, නැතැයි කියා තර්ක කිරීමෙන්ද වලකිමි.
බැලූ බැල්මට ගැඹුරක් නොදුටු එහෙත් පසුව අවබෝද කල බොහෝ දර්ම කාරනා මෙන් මෙයත් අවබෝදයට වෙහෙසෙමි.
බුදුන් මෙය ඇතැයි පවසා අති නිසා, එය ඇත යන පදනමෙහි පිහිටා, එය සිදුවිය හැක්කේ කෙසේදැයි සොයමින් පසුවෙමි.
මගේ බෞතික වාදී යුගයේ මාගේ සිතුවිලි තුල පෙරලියක් කල එක් සිදුවීම් මගේ මතකයේ ඇත මම මෝහනය කිරීම හදාරා මෝහනය අත්හදා බලා ඇත එහිදී පුනර් භවය ගැන කී දෙදෙනෙකු හමුවී ඇත ඒ ගැන සොයා බලා ප්‍රත්‍යක්ෂ වුවද ඒ අයගේ ඉල්ලීම නිසා ඒ ගැන ප්‍රසිද්ද නොකලෙමි ඒ අය සහ මේ පරීක්ශනයට සම්බන්ධ අය අදද ජීවතුන් අතර සිටී
@නියම සිංහ
@Joseph
@=/?
@සිතුවිලි
නියම සිංහ කියන දෙයට සමාන දෙයක් බටහිර රටවල ඉන්නා අපරදීග මනෝ-වෙද ඩොකාලද,(Also read, a Psychiatrist ‘s research on a few Sri Lankan childeren ;Dr Ian Stevenson ‘s Children Who Remember Previous Lives ) ලියා තිබෙනවා මා කොහේදෝ දැක ඇතත්,
පන්චෙන්ද්රයන්ට කෙලින්ම හසු නොවන නිසා,?අපේ සිතුවිලි මෙන්,
කර්මය / පුන භවය නොපිළිගන්නා අපරදිග බහුතිකවාදී විද්‍යාඥයින්,
අපේ නලින් ප්රෝපා ලියන විදියට elecrona සහ ගුරුත්වාකර්ශනයද
එසේ පන්චෙන්ද්රයන්ට කෙලින්ම හසු නොවනත්
ඒවා ඇතය කියා පිලි ගනී!
මාගේ මිතුරනි,
ආතර සහෝදරයා කියනා පරිදි මාගේ පංචේන්ද්‍රියන්හට ගෝචර නොවනා පමණින් පුණර්භව සංකල්පය ප්‍රතික්ශේප කිරීමට තරම් මා උද්දච්ච මෝඩයෙකු නොවෙමි.
සිහි නුවනින් මා කියා ඇති දේ කියවන අන් අය එය තෙරුම් ගනු ඇතැයි මා සිතමි.
මා කියනා දෙය යමෙකු තෙරුම් නොගැනීම ගැන හෝ වැරදි අර්ථකතන දීම පිළිබඳ මා කලබල නොවෙමි මන්ද අනෙකෙකුගේ තේරුම් ගැනීමෙන් හෝ නොගැනීමෙන් මට ඇති ඵලයක් නොමැති බැවිනි.
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි – ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ – මටද ආදරේ කියා තිබේ … හික් ! විහිළුවක් කළේ !!!
“සසර සැරිසරන තෙක් ඔබ මගේ” යනු මගෙත් ප්‍රියතම ගීයකි. ඒ එසේ වුවත් සංසාරය යන්න අප වැනි චූ කොල්ලන්ට හරඹ පාන්න තියෙන මාතෘකාවක් නොවන බව මගේ අවංක අදහසයි. ඇත්තටම ඔය ගැන ඇත/නැත යන ස්ථිර අදහසක් කෙනෙක් කියනවානම් ඔහු බුදු හාමුදුරුවන්ටත් වඩා අධි-බුද්ධ (වචනය අයිතිය: ඇනෝනිමස් 1 orig ගෙන්) යැයි සිතා සිටින කෙනෙක් විය යුතු බව මම දෘඩව විශ්වාස කරමි. පොඩි උන්ට කියා දෙන විට ඔවැනි දෑ භාවිතා කල යුතු වුවත් දැනුම් තේරුම් ඇති ය සමග කතා කරන විට ඔවැනි දේ කීම වරදකි.
මේ පිළිතුර සියලු දෙනා අසතුටු කෙරෙන පිළිතුරක් බව අනුමාන කරමි. එහෙත් මා දන්නා බුදු දහමේ ගැඹුර තුල ඔය ප්‍රශ්නයට ඒකාන්ත පිළිතුරක් නැත.
@=/?
@Joseph
රාග සිතිවිලි පහල වීම නිසා,විවාහ වීමට පෙර,විරුද්ධ ලිංගිකයන් කෙරේ මනෝ ගසමින් සිටි,මා දන්නා කොල්ලන් ගැන සලකා බලු විට,+/? විසින් විහිළුවක් කරමින් (මේ ලොව / පෙර සසර ගැන) ලියා ඇති ගීතයේ, ඉතාමත් ‘ගැඹුරු සත්‍යයක්’ ඇතය කියා මට සිතේ!
නමුත් පෙරුම් පුරා,සිදුහත් කුමරුම සොයමින් පැමිණි යසොධරාවන්ට නම්,විවාහ වීමට පෙර,වෙනත් කොල්ලන් කෙරේ එවන් සිතිවිලි පහල නොවුයේ ය කියා සිතමි.
නැවතත් සතුටු විය හැකි අදහසක් ජෝසප් ගෙන් ඉදිරිපත් වී ඇත.
තව තවත් ප්‍රඥාව වැඩීමට ශක්තිය පහළ වේවා.
@නියම සිංහ-ඔබ පවසන යුතුකම් ඉටු නොකිරිම වෑනි ප්‍රශ්නවලට මුල නිදහසින් පසු ලන්කාව බටහිර මොඩලවල් 100% වෑලදගෑනිමට යාම.එම මොඩලවල් 50%වත් අඩුකර ඉතිරි කොටසවත් දෙශිය සහ බෞද්දාගමික ආකල්ප මත රට ඉදිරියට ගෙනයාමෙ උඩුගoයාමය ආරම්බකිරිමට ලන්කාවෙ සමත්වන්නෙ කවරෙක්ද?අනෙක් අතට මෙ යන බටහිරකරන රෑල්ල ලන්කාව පමනක් නොව මුලු ආසියාවමත් ඔබත් මමත් වෙලා ගෙන හමාරය.දෑන් මෙය 100%අනෙක් පෑත්තට හෑරවිම කොහෙත්ම ප්‍රායොගික නොවෙ.
ඈතුලාන්තය .. මෙම ක්‍රම අද ලෝකය ගමන් කර ඇති දුර බැලූ විට ප්‍රාෙයාගික නොවන්නා සේ පෙනේ අද තනි රටක කිසිම ක්‍රමයක් පවත්වාගෙන යා නොහැකි මට්ටමට ජාත්‍යන්තර කරනය වී ඇත එසේ නම් ලෝකයේ සිදුවන්නේ කුමක්ද කියා අප විමසිය යුතුයි කෙසේ වුවත් ලෝකයම දේශපාලන වශයෙන් වෙනස් නොවන්නේ නම් අනානගත ලෝකය ජීවයට අනතුරු දායක ස්ථානයක් වනු ඇත
අද ලොකයේ තන්හාව මුල්කරගත් අනාගත ලෝකයේ පැවැත්මක් නොතකන ලෝක ජනගහනයෙන් 5%ක වුවමනා සපුරාලන ක්‍රමයක් සම්මුතිය වී ඇත මේ ක්‍රමය තුල ප්‍රජාතන්ත්‍රවාදය නමැති කඩතුරාවට මුවාවී සිදුවන්නේ ලෝක විනාශයයි මේ ක්‍රමයේ සන්ධිස්ථානයකට ලෝකය පැමින ඇත බටහිර ලෝකයට මේ ක්‍රමය තුලින් තව දුරටත් ලොව සූරාකෑමට නම් චීනය රුසියාව වැනි රටවල් යුදමය වශයෙන් පරාජය කලයුතුය එමෙන්ම පකිස්තානය, කියුබාව, උතුරු කොරියාව වැනි රටවල්ද?න්‍යෂ්ඨික බලවතුන් වී හමාරය අවිගත්තො අවියෙන් නැසෙන්නෝය එහෙත් එක වෙඩි උන්ඩයක් වත් නොතනන අපවද විනාස වන්නට පුලුවන මේ නිසාම අද වන්නේ කුමක් දැයි අප විමසිලිමත් වීම වටී
පලමුව අප යුතුකම නැමැති සංකල්පය හැකි සෑම අයුරකින්ම සමාජ ගත කිරීමට උත්සාහ දැරිය යුතුයි එසේම ප්‍රබුද්ධ බොදු සමාජය මේ අපේ පැරනි වටිනානාකම් පිලිබඳ දැනුවත් විය යුතුයි එපමනක් නොව මකියා වෙල්ලි, කාල් මාක්ස්, කවුටිල්ල චානක්‍ය වැන්නන්ගේ දේශපාලන ක්‍රම ගැනද දැනුවත් විය යුතුය.
@සිතිවිලි
@නියමසිංහ
@Joseph
පින්වතුනි,
සිතිවිලි says,’බුදුන් මෙය (ජාතක කතා වලට පදනම් වී ඇති,එකිනෙක බැඳුනු,පුනභවය / පුන උත්පත්තිය/කර්මපල යනාදිය )ඇතැයි පවසා අති නිසා, එය ඇත යන පදනමෙහි පිහිටා, එය සිදුවිය හැක්කේ කෙසේදැයි සොයමින් පසුවෙමි.’සිතිවිලි
‘පළමු වන පරම සත්‍යය’ ලෙස බුදු රදුන් අපට පෙන්වා දුන්,ජාතක කතා වලට පදනම් වී ඇති,පුනභවය / පුන උත්පත්තිය/කර්මපල පිළිබඳව,තම තමන් ගේ විශ්වාසය හෙළිදරව් කරන මෙන් මා,ඔබ තෙපලට කරන ලද ආරාධනයට අනතුරුව,=/? ගේ පිළිතුරට අනුව ඔහු ‘මේවා’ විස්වාස කරන බව පෙනෙතත්,Joseph සහ නියමසිංහ ගේ අදහස් ද (ගල් ආන්දන් සේ ලිස්සල මග හරින අදහස් නොව) බලාපොරොත්තුවෙන්,පහත සඳහන් කරුණු දක්වමි.
1.
‘පළමු වන පරම සත්‍යය’ ලෙස බුදු රදුන් අපට පෙන්වා දුන් විදියට,මේ රටට මනුෂ්‍යයන් ලෙස පාත් වීමට පෙර,අනන්තයක් වූ භාව / ආත්ම කූඩු වල සැරි සරමින්,(අප තිදෙනා ලියන,එකිනෙකට වෙනස් වූ ශෛයිලින් අධ්‍යනය කිරීමෙන්,අප එකිනෙකාගේ ජන්මෙට-බටහිර විද්‍යා ජාන වලට-වඩා ලොකු,සසර පුරුදු මොනවාදැයි ඉඟියක් ගත හැක!)පසු ගිය භාව /ආත්ම කුඩුවෙන් පැන විත්,’ අප ද නොව වෙන කෙනෙකුද නොවන’, නමුත්, කරන ලද කුසලාකුසල කර්ම වලට වග කිව යුතු ලෙස,අප දැන් ‘අම්බානක් පරිප්පු කමින්!’,ජීවත් වේ.
2.
මේවා (නැවත ඉපදීම සහ කර්ම පල)
හරියටම සිදුවන යාන්ත්‍රනය කුමක් ද කියා තියා,
මේ මොහොතේ සිදුවන සිතිවිල්ල ඊළඟ මොහොතේ වෙනස් වන යාන්ත්‍රනය වත්,
සිතිවිලිට කිසි දිනෙක,භාවනාවෙන් හෝ,සොයා ගත හැකි නොවනු ඇත.
එයට හේතුව ඒවා,ත්‍රිපිටකයේ ඇති පරිදි,අචින්තය ධර්ම කරුණු පහෙන් තුනක ට අයිති වීමය .
3.
අපේ කාලෝ ප්රොපා වැනි භෞතික වාදීන්,ප්‍රසිද්දියේ වනන්නේම, කලාම සුත්‍රයේ මුල් භාගය පමණි.එහි අග භාගය ගැන මුනිවත රකිති!මිනිසුන්ට ලනු දෙන අපාය අද්දර බක තපස්සුන් දෙසන දේවල් නොව,සමාජයේ පිළිගත් සිල්වත් ‘වින්ග්නුන්’කියන පරිදි,මේ දේ කුසලය,මේ දේ අකුසල් ය,මේ දේ මගේ දෙලෝ වැඩ පිණිසම වේමය කියා,තම තම නැණ පමණින් දැන,පිලිගන්නය කියා ය,කලාම සුත්‍රයේ දෙවන භාගයේ සඳහන් වන්නේ.
4.
මේ ලොව යමෙක්,අනුනට ආකර්ෂණය වන පරිදි,ඉතා ලස්සන ට නීරෝගිව ඉපදීමත්,තව කෙනෙකුන්,(අනිකුන් දෙවරක් නොබලන ලෙස!),ඉතාමත් අවලස්සනව,පෙරදිග හෝ අපරදිග කිසිම ඩොකෙක්ට,දියුණු වූ බටහිර විද්‍යාවෙන් වත් සුව කල නොහැකි දරුණු රෝග සෑදී,ඉපදී දුක් විඳීම,තම තම නැණ පමණින් යමක් තේරුම් ගැනීමට සාමාන්‍ය බුද්ධියක් ඇති,නුවණැත්තෙක් වන ඔබට පැහැදිලි කර ගැනීමට, ‘පසු ගිය භාව /ආත්ම කුඩුවෙන් පැන විත්,’ අප ද නොව වෙන කෙනෙකුද නොවන’,නමුත්,කරන ලද කුසලාකුසල කර්ම වලට වග කිව යුතු ලෙස ඉපදෙනවාය’යන ‘පරම පළමුවන සත්‍යය’ හැරෙන්න වෙනත් සත්‍යයක් තිබේද?
ආතර සහෝදරයා,
ඔබ කියනා පරිදි පුනර්භව සංකල්පය මේ සසරෙහි කෙදිනක හෝ මා අර්හත්වය අවබෝධ කරනා තුරු මට නොවැටහුනද, පූර්ණ විමුක්තිය උදාකරගත් එදාට මට එය පසක් වනු අතැයි මා සිතමි. මන්ද පූර්ණ ලෙසම විචි කිච්චාව දුරලූ රහතෙකුට එය පිළිබඳව පැහැදිළි දැක්මක් තිබිය යුතුයැයි මා අනුමාන කරනා බැවිනි.
එම නිසා ඔබගේ මතය මත මා උකටලී නොවෙමි. බුදුන් අචින්ත්‍ය කරුනු දෙසුවේ පුහුදුන් මිනිස් මනසටයි. නැතිව පූර්ණ විමුක්තිය ලද්දවුනට නොවේ.
අනෙක ඔබ ප්‍රශ්න මතුකරනා විලාසය අනුව මට වැටහෙන්නේ ඔබ ථර්ක ශාස්ත්‍ර මූලදර්ම යොදාගෙන දහම ගැන සාකච්චා කරන බවකුයි.
ධර්ම සකච්චාවකදී දෘශ්ටියට නතු නොවන පුද්ගලයාට ඍජු පිළිතුරු දිය නොහැකි තැන් බොහෝ විය හැකිය. මෙයද බුදු දහමේ ඇති අසිරියකි. කෙනෙකු ඍජුපිළිතුරු ප්‍රතික්ශේප කිරීමෙන් ජනිත වන අදහස නම් ඔහු තමන් තුල ඇති දෘශ්ටීන් හඳුනාගෙන ඇත්තෙකු බවයි.
එය ඔබ දකිනායුරු “ආඳන් සේ ලිසායාමකැයි” මා කිසි සේත්ම පිළිනොගනිමි.
අනෙක ඔබ අනෙකුන්ට කොටුවක් තුලට ආරාධනා කළද, සබෑ බෞද්ධයා උත්සහ කරන්නේ උපතින්ම අප රැඳී සිටින කොටුවෙන් පිටතට පැමිණීමටයි.
එම නිසා මා කරුණාවෙන් හා මෛත්‍රියෙන් ඔබට එසේ ආරාධනා කරමි.
ඔබ කියනායුරු ඍජු පිළිතුරු තරක ශාස්ත්‍රයට අනුව වලංගු වුවද ධර්මයට අනුව අනවශ්‍ය තත්වයකි.
=/? ට දුන් පිළිතුර මීට ගැලපේ.
— http://lankacnews.com/sinhala/main-news/73286/#comment-344364
සරලව කියතොත් කර්මය, කර්ම ඵලය හා පුනර්භවය බෞද්ධ අර්ථයෙන් පිලි ගනිමි. එහෙත් ඒ ගැන ගැඹුරු සංවාද වලට එළඹීමට නොකැමැත්තෙමි.
ජෝසප්,
හෙහ් හෙහ්..මගේ දේවිය කුමරියක වී සිටි කල උඹට පෙම් බැන්දා නම් ඒ පෙම් බැන්දේ ‘අනවබෝධයකින්’මය.උඹ මක් කරලද ඒ කුමරියව රවට්ට ගත්තේ බන්?මන් නම් ඒ ගීයට රුචි නැත.
ගුණදාසගේ දවසක් පැල නැති හේනේ අකාල මහා වැසි වැස්සා තුරුලේ හංගා ගෙන මා උඹ තෙමුනා අම්මේ ..//නමැති ගීය නම් අපුරුය.ලෝකෙට අහිමි වෙලා තියෙන්නේ මේ දයාව කැටි වුන සෙනෙහස මිසක් උඹ කියනා ඇදල ගත්ත දමල ගැහුවා..වැනි ‘සිනමා පෙම්’නොවේ!ඒකෙන් කාරියක් නැහැ බන් -පස්සේ වෙලාවක සින්දුවක් දෙකක් කියමු.
‘මැටි පොඩි මගේ’අවබෝධයට අනුව,සසර සැරිසරන අපට ජාතක කතා තුලින් දස පාරමිතා ගැන අනර්ඝ පැහැදිලි කිරීමක් කරයි.මන් ඒ ගීය ගෙන හැර පෑවේ උඹල දැනුම් තේරුම් නැති උන්දැලා යයි නිගමනයක සිට නොවන අතර සංසාරය ගැන වචන කෙලි මටද රුචි නොවේමය.නමුත් මලේ,නිවන් අවබෝධ කරන්නට උත්සහ කරපල්ලා/බුදු දහමේ ගැඹුර හොයපල්ලා/බුදු භාෂිතය හොයාපල්ලා/මසුත් කාපල්ලා/තුන්වැනි සිල්පදෙත් කඩපල්ල/රටක් දැයක් සමයක් ජාතියක් ආගමක් නැති හෙයින් ඒ ගැන කට පියා ගනිල්ලා යයි කියමින් කෑ මොර දෙන්නවුන් නිවන යන්නෙහි තේරුම සංසාර ගමන කෙලවර කර ගැනීම බව/නැවත නැවත නොඉපදෙන බව අපට අමතක කරවා’ඔප්පුව’පෙන්වයි’.ඔප්පු’නොකොළොත් ම්හූ..විශ්වාස කරන්න බැහැ!!උන්දැලා දියෙත් නැතිව ගොඩ බිමෙත් නැතිව ඉස්මත්තට වී සිටී,දෙපැත්තටම ලෙහෙසියෙන් බට හැකි බැවින් උන්ගේ ‘භූමිකාව’අයස්කාන්ත ලෙස කල හැකි හෙයිනි.උඹ එවැන්නෙක් නොවේ යයි අනුමාන කරමි!
ඔබගේ සුන්දර භාශා විලාසයටත්, වදන් වැලටත් ප්‍රිය කරමි.
සරළව නමුත් පැහැදිළිව කරුනු ඉදිරිපත් කිරීමෙහි ඔබ සමතෙකි.
උඹට මේ දක්වපු කරුණු වලංගු වන්නේද නොවන්නේද කියා නම් කියා නැත, අහෝ! වැනීමෙන් කුමන නම් පලක්ද මා ප්‍රිය මලයන්ඩියනි!
@=/?
ඔබ කියන්නේද මා කියන දේමය කියා උපකල්පනය කරමින්,ඔය ‘හෑල්ලෙන් ‘කියැවෙන හරය,
එක වැකියකින්,කෙටියෙන්,පැහැදිලිව
ප්‍රකාශ කල හැකිදැයි විමසමි.
මාතර ආතර,
ඉපිද මැරේ-යලි ඉපැදේ නොතිර සසර සාගරේ..//
ඕන් පොඩි මගේ’හෑල්ල’කෙටියෙන් ජෝසප්ට අනුව ‘මහා දැනුම් තේරුම් ඇති’උඹටලට!
අද ලෝකයේ නවීන විද්‍යාෙවන් හෙලිකරගන්නා අලුත්දෙවල් බුදුදහම විමසීමේදී අළුත් දේවල් නොවන බව පෙනී යයි එහෙත් බුදු කෙනෙකු පහල වන්නේ සියලු සත්වයෝ දුකින් මුදවා ගැනීමට බැවින් සෙසු දේවලට ප්‍රධාන තැනක් ධර්මයේ දී නොමැත වහෙත් බුදු දහමේ පෙන්වා දී ඇති යථාර්තය හැමකාලයටම ගැලපේ අපට පෙනෙන නොපෙනෙන සියල්ල අනිත්‍ය බව බුද්ධ දේශනාවල සඳහන් වේ මෙය ලොකයේ පරම සත්‍යයයි
අප කාලය වශයෙන් දකින්නේ වෙනස්වීමයි ඕනෑම මූල ද්‍රව්‍යයක් එහි පරමානුව මුල් කරගෙන පවතී පරමානුව ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හා චාලක ශක්තිය මුල්වී නිර්මානය වේ චලනය ඉලෙක්ටෝනහා ප්‍රෝටෝන අතර ඇති එකඟ තාවය හා ප්‍රතිවිරොදී තාවය නැතිනම් ඇලීම හා ගැටීම නිසා හටගනී චලනය හා සමගම කාලය බිහිවේ
අප දකින සෑම වස්තුවක්ම වෙනස්වෙමින් පවතී
සිතුවිලිද හට ගන්නේ වෙනස්වීම නිසයි සිතුවිලි වල වෙනස්වීම ගැන ආනන්ද හිමියන් ඇසූ පැනයකට බුදුහිමියන් එක් නිමේෂයකදී ඇති වන සිතුවිල ප්‍රමානය අබ කරත්තයක් තරම් යයි වදාරා ඇත
(මෙය මඩවල උපාලි හිමියන් රූපවාහිනී ධර්ම සාකච්චාවකදී පවසන ලදී)
මේ සිතුවිලි ඇලීම ගැටීම පවතින තාක් කල් පවතී ඒ හට ගන්නේ ඇලීම ගැටීම නිසාය අප කැමති වුවත් අකමැති වුවත් සිතුවිලි හට ගනී මේ අඛන්ඩ සිතුවිලි පරම්පරාව භවය වේ මේ හිත මෙසේ කවුරුත් අසා ඇති පරිදි ධූර මග්ඝං ඒකචරං එනම් දුර යන තනිව හැසිරෙන සිරුරක් නැති ගුහාවක වාසයකරන (එනම් සිරුරක වාසය කරන බව) නිරන්තරයෙන් ස්පන්දනය වන එනම් මේ වෙනස්වීම චක්කු විඤඥාන භවාංග සෝතු විඤඥාන වශයෙන් සිදුවේ අපට ශබ්දය හා රූපය පිලබඳ සංඥාව එකවර ඇතිවන්නේ නැත මේ දෙක අතරේ කිසිත්නැති තත්වයක් ඇතිවේ එය භවාංග නම්වේ සිතද හැසිරෙන්නේ තරංගා කාරවය මෙම වේගය භවුතික වස්තූන් ගේ උපරිම වෙගය තුන්වරක් සිදුවන විට 17ත් වාරයක් සිදුවේ
බුදු හිමියන් පෙන්වා දුන්නේ තමා තුලම ඇති යතාර්තය දකින ආකාරයයි ඒ යතාර්තය දකින තෙක් භවය පවතී
බුදු දහම සම්මුති වශයෙන් එකල පැවති පැරණි භාරතීය (දඹදිව) විද්‍යාවන් ප්‍රතික්ෂේප කර නැත. එහෙත් පරමාර්ථ වශයෙන් ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ‘ත්‍රිවිද්‍යා’ ව ඉදිරිපත් කර ඇත. ඒ නිසා බෞද්ධ අපට විද්‍යාවන් ඇත්තේ තුනකි. සත්‍යයන් ඇත්තේ සතරකි. ‘විශ්ව සත්‍යය’, ‘පරම සත්‍යය’ හෝ වෙනයම් කුමක් හෝ කියාගෙන එන ඕනෑම පිල්ලියක් සමග ගැටෙමි. බෞද්ධයෙකු සම්මුති වශයෙන් බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප නොකරයි. බටහිර විද්‍යාව පරමාර්ථ වශයෙන් ප්‍රතික්ෂේප කරමින් ම ස්වකිය ජීවනෝපාය පිණිස එයම භාවිතා කිරීම අපට ගැටළුවක් නොවේ. නියමසිංහයාගේ මේ ප්‍රතිචාරයට මා උත්තමාචාර දක්වන්නේ එබැවිනි.
සතර මහා භූතයන්ගෙන් ලෝකය සැදී ඇති බව ධර්මානුකුලව අපට උගන්වයි. මේ බුද්ධ භාෂිතයක් නොවේ. එකල තිබු දැනුමකි. බුදු රදුන් දේශනා කලේ පඨවිය පඨවිය ලෙස නොදකින ලෙසයි. “මෝඩයා පඨවිය පඨවිය ලෙස ගනී, පඨවිය මම යයි සිතයි, පඨවිය මගේ යයි සිතයි” ලෙස උන් වහන්සේ වදාලය.
ලෝකය සතර මහා භූතයන්ගෙන් සැදුනක් ලෙස තවදුරටත් සලකනු නොලැබේ. ඒ දැනුම දැන් පරණ වී ඇත, එහි අධිපති භාවය ගිලිහි ඇත. දැන් සැලකෙන්නේ ලෝකය පරමාණු වලින් සෑදුන බවයි. පරමාණු ද ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන ආදියෙන් සැදුනු බවත්, පරමාණුද ක්වාක ආදී උප පරමාණුක අංශු වලින් සැදුනු බවත් ඒවාද අවසන් විද්‍රහයේදී ශක්ති පැකට් පමණක් වන බවත් බටහිර භෞතික විද්‍යාවේදී ඉගැන්වේ. (මේ මට්ටමේදී තන්තු ප්‍රවාදය, සමාන්තර විශ්ව, මහා පිපිරුම, වොර්ම් හෝල් වැනි මනස්කාන්ත මාතෘකා ඔබ සාකච්චා කළ හැකිය). ඔබ ක්වොන්ටම් භෞතික විද්‍යාව අධ්‍යයනය කරයි නම් මා කීමට උත්සාහ කරන දේ අත්දැකීමෙන් දන්නවා ඇතැයි සිතමි.
බටහිර විද්‍යාව කොපමණ දියුණු වුවත් බුදු රජාණන් වහන්සේ දෙසු අනිත්‍යතාවය සෑම තැනකම ඇත. චක්‍රාවාට, මන්දාකිනි වැනි මහේක්ෂ වස්තුන් ගත්තත් බෝසෝන, තන්තු, ක්වාක, න්යුට්‍රිනෝ වැනි ක්ෂුද්‍ර අංශුන් සැලකුවත් මේ අනිත්‍යතාව දෘෂ්‍යමානය. අනිත්‍යතාවය අනිත්‍යතාවය ලෙස නොදක එය න්යුට්‍රිනෝ, ක්වාක්, බෝසෝන, ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන, හයිඩ්‍රජන්, ජලය, බැක්ටීරියා, මැස්ස, සිංහයා, පොල් ගස, පුටුව, කොම්පියුටරය, රථය, මිසයිලය, චන්ද්‍රයා, සුර්යයා, මන්දාකිනි (මේවා සංස්කාර වේ) ආදී ලෙස ගැනීම මායාව හෙවත් මෝහය පමණි. අවිද්‍යාව යනු එයයි. මේ අවිද්‍යාව තුල ජිවත් වීම සංසාරයයි. අනිත්‍යතාවය අවබෝධ නොකර ගන්න තාක් ඔබ සංසාරය ගැන ගී ලියමින්, බනිමින්, ඊටම පෙම් කරමින් ගමන් කරනු ඇත. එය අවබෝධ කර ගත් විට සංස්කාර ලෝකය හැර දමනු ඇත. ඒ ලෝක විනාශයයි. බුදු රජාණන් වහන්සේ දහම් දෙසුවේ මේ ලෝක විනාශය පිනිසමයි. පරමාර්ථ වශයෙන් ගත් කළ සංසාරය ගැන කතා කිරීමට දෙයක් නැත.
මේ ටික ලිවීමට ඉඩ විවර කර දුන් නියම සිංහයානෙනි, අභිධර්මය ගැන වෙහෙසෙනු වෙනුවට සරල සද්ධර්මය ගැඹුරින් තේරුම් ගැනීමට ඔබ තැත් කෙරේවා, ඔබට අවබෝධය වඩා දුර නොවේවා !
(
මාතර අතර, සිතිවිලි, =/?,
මගේ අවබෝධයේ ගැඹුරුම තැන ගැන ලිවීමි. මේ ගැන මිට වඩා අවබෝධයක් මට නැත. මේවා යම් තරමක අවබෝධයක් නැති අය හා සාකච්චා කළ යුතු කරුණු නොවේ.
)
ජෝසප් සොයුරානෙනි,
ඔබගේ අවබෝධයට මා ගරු කරමි, ඔබ තවත් බොහෝ දුරයා යුතුය, ඒ සඳහා ඔබට තව තවත් ප්‍රඥාවම වැඩිදියුනු වේවායි පතමි.
ඔබගේ කෙටි ලිපිය ඉතා අරුත් බරය.
ස්වභාවයෙන්ම දෘශ්ටීන්හි ගැලී සිටින සත්ත්වයෙකු වූ මිනිසා සම්මුතියත් පරමාර්ථයත් වෙන්කර ගැනීමෙහි නොහැකියාවකින් පෙලෙන බව අවබෝධකරගැනීම ඉතා වැදගත් වූ කරුනකි. එමෙන්ම දෘශ්ටීන්ගෙන් මිදීම මූලිකවම දහම අවබෝධයෙහි මග හැටියට මම දකිමි.
බුදුන් වහන්සේ මුලින් ගැඹුරු දහමක් වූ ධම්ම චක්ක පවත්තනය දෙසුවත් පස් වග තවුසන් රහත් බව නොලැබූ බැවින් ඒ පිළිබඳව විමසූ උන් වහන්සේ එයට හෙතුව ලෙස ආත්මවාදී දෘශ්ටිය බව වටහා ගෙන දෙවනුව අනත්ත ලක්ඛනය දෙසූබව මා අසා ඇත්තෙමි.
එසේනම් අප විසින්ද පරමාර්ථයත් සම්මුතියත් පහදා ගන්නා තෙක් විමුක්තියක් උදා නොවන බවම නොවේද අප සැම මේ කියා සිටින්නේ.
එහෙත් සම්මුතිය සම්මුතිය ලෙස දුටු පමණින් එය දිවියට බද්ධ කරගැනීම ඉතා අසීරු කරුනකි. අපගේ මනස් නිරතුරුවම සම්මුතිය මත යැපීමට උත්සහ ගන්නේ නිරායාසයෙනි.
මේවා අවබෝධයක් නැති උන් හා සකච්චා කිරීම නොමැනවැයි කියමින් ඔබ ගිය දුර ටිකක් වැඩියැයි සිතමි.
සංස්කාර ධර්ම යනු කුමක්ද, පරමාර්ථය හා සම්මුතිය යනු කුමක්ද, පංච උපාදාන ස්කන්දය යනු කුමක්ද හා පංච්ස්කන්දය යනු කුමක්ද වැනි කරුනු මා බොහෝ සේ විමසා බලා ඇති තැන්ය. තව දුරටත් විමසමින් සිටින තැන්ය. මා ගැටුමින් මිදීම පිණිස පුනර්භවය පහදා ගැනීමට උත්සහ කරන බව කීවත් සත්‍යය නම් මා ඒ පිළිබඳව නොවෙහෙසෙන බවමයි.
අප මෙසේ සාකච්චා කරන කරුනු ඔස්සේ තව දුරටත් ස්වයංව විමසා බැලීම දියුනුවට මග පාදයි.වාදය නොව සාකච්චාවම දියුනුවට මගයි.
ඔබට බොහෝ පින් ඔබගේ මත මෙසේ විවෘතව දැක්වීම ගැන.
මෙහි සිටින සියල්ලන්ටම ප්‍රඥාවම පහළ වෙවා.
සිතුවිළි,
[මා ගැටුමින් මිදීම පිණිස පුනර්භවය පහදා ගැනීමට උත්සහ කරන බව කීවත් සත්‍යය නම් මා ඒ පිළිබඳව නොවෙහෙසෙන බවමයි] එහෙමනම් මලේ, උඹ මක්කටෙයි නිවන(නැවත සසරේ නොඉපදීම) ලබන්නටම පොර කන්නේ? මා නම් සසරේ ඇවිදමි,මගේ දේවියද දරුවන්ද කැටුව- උඹ මෙයට ‘තන්හාව’ යයි කීවද මේවා ගිහි මට නම් යුතුකම් වගකීම්ය. එය හමාර කල පසුව ජීවමාන බුදුන්ගේ අභියස දහම් අසා නැවත සසරේ නොඉපදීමට ඇත්නම් කියා සිතමි/පතමි.
සොයුර,
සසර අති බව මට දැනෙයි, එහෙත් ඒ කෙසේදැයි නොවැටහෙයි. එමෙනිසා එය ඇති නැති බව ගැන කතාකිරීමට නොදනියි. මට වැටහෙන අයුරු මා තවම විචිකිච්චාව දුරලා නොමැත.
එහෙත් සසර ඇති බවක් දැනෙනා නිසා ඉන් මිදීමටත් මතුභවයකදී හෝ නිවන සාක්ශාත් කිරීමටත් වෙරදරමි
ජෝසප් සොයුර
ඔබ අභිධර්මය ගැන කී කරුන හා මම එකඟ වෙමි හා එසේ පවතිමි, එහෙත් මෙම මතය බොහෝ විට ගැටුමට මග පාදනා බැවින් මා සකච්චාවට බඳුන් නොකරමි. එහෙත් ඔබ කියා ඇති නිසා මා එකඟත්වය මෙසේ කියා සිටිමි.
Joseph මිතුර ඹබ ගේ අදහස් බලා මට කීමට ඇත්තේ එක්දෙයකි ඒ ඔබ ප්‍රඤ්ඥා වන්තයකු බවයි මෙ දැනුම තවතවත් දියුනු වේවායි යන්න මාගේ ප්‍රාර්තනයයි.
@Joseph
අපේ පන්චේන්ද්රයන්ට කෙලින්ම ‘ගෝචර’ වන,ත්‍රිපිටකයේ ද සඳහන් ‘සතර මහා භූතයන්’ ගැන සහ ‘මනස’ගැන නිසි අවබෝධය පමණක්,සසරින් එගොඩ වීමට ප්‍රමාණවත් නිසා,එම අවබෝධයට අනවශ්‍ය,අපේ පන්චේන්ද්රයන්ට කෙලින්ම ‘ගෝචර’ නොවන,පරමාණු / ඉලෙක්ට්‍රෝන/ ක්වොන්ටම් ප්‍රවාද,බුදු රදුන් දේශනා කලේ නැත කියා සිතමි.
මේ ලොකයේ සියල්ල අනිත්‍ය බව බුද්ද දේශනාවයි සිතට තනිව පැවතිය නොහැක භෞතික හරීරයක් අවශ්‍යය අනිත්ත්‍ය දකින්නේ බෞතික වස්තූන් තුලින්ය බවුන් වඩන්නේත් කමටහන් භාවිතයෙනි එකල පිලිකුල්භාවනාවට පාදකකරගත් නහරූ පිලා වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල ඉනද්‍රිය ගොවරවන්නේද? බුදු හිමියන් ධර්මය දේශනා කලේ ඒ ඒපුද්ගලයාගේ දැනුමේ මට්ටමිනි අද පරමානුව එදා මිනිසෙකුට ආකාශ ධාතුව මෙන් විය හැකිය ඔබට ගොචර දෙය මට ගොචර නොවිය හැකිවාක් මෙන්ම මට ගෝචර දෙය ඹබට ගෝචර නොවිය හැක අප කල යුත්තේ නොදන්නා දෙය දන්නා අයගෙන් දැන ගැනීමයි.
[අභිධර්මය ගැන වෙහෙසෙනු වෙනුවට සරල සද්ධර්මය ගැඹුරින් තේරුම් ගැනීමට ඔබ තැත් කෙරේවා,ඔබට අවබෝධය වඩා දුර නොවේවා!]
ජෝසප්ගේ මේ ප්‍රාර්ථනය එලෙසම ඉෂ්ට සිද්ධ වේවා!නුවණැස පහල වේවා!විද්‍යාගාර විද්‍යාවට අන්වීක්ෂ බාර කෙරේවා! එන සසරෙත් අප’අන්(තර්)ජාලයෙන්ම’මුණ ගැහේවා!
@සිතිවිලි
ඔබ ලියා ඇති කරුණු,පිලිවෙලින්,එකින් එක අර ගෙන,’අපේ ධර්ම සාකච්චාව’ තව දුරටත් කිරීමට අවසර.
පළමුව,
ඔබගේ ගේ ‘මනස’ (මගේ ‘මනස’ මෙන්) තවමත් පුහුදුන් නිසා,තමන් විසින්ම භාවනා කර,’මනසේ’පුහුදුන් බව නැති වූ මොහොතක-තම ‘පන්චේන්ද්රයන්ට’ ප්‍රත්‍යක්ෂ වන තෙක්,ජාතක කතා වලට පදනම් වී ඇති,ත්‍රිපිටකයේ සඳහන්,කර්ම ඵල සහ පුන භවය / පුන උත්පත්තිය (අචින්ත්‍ය ධර්ම) යන සංසිදධීන්,ඇති බව හෝ නැති බව,ඔබට ප්‍රකාශ කල නොහැකි ය කියා,පැහැදිලිව ලියා තැබීම ගැන ඔබට පින්.
දෙවනුව,
…සිතිවිලි says ,’අනෙක ඔබ ප්‍රශ්න මතුකරනා විලාසය අනුව මට වැටහෙන්නේ ඔබ ථර්ක ශාස්ත්‍ර මූලදර්ම යොදාගෙන දහම ගැන සාකච්චා කරන බවකුයි’.සිතිවිලි…නමුත්,මේ සම්බන්දයෙන් මා ඉදිරිපත් කර ඇති කරුණු,’තම තම නැණ පමණින් දැන ගත යුතු’කරුණු නොව,හුදෙක් ‘තර්ක’ පමණක් ය කියන,ඔබ ගේ ලියවිල්ල මට අපැහැදිලිය.ථර්ක ශාස්ත්‍ර මූලදර්ම මොනවාදැයි මා කිසි දිනෙක අසා නැති නිසාත්,මට ඒ පිලිම්බන්දව ඔබගෙන් ඉගෙනීමට රිසි නිසාත්,ඒ මොනවාදැයි කියා,ලැයිස්තු ගත කලොත්,පින්.ඉන් පසුව,එම ථර්ක ශාස්ත්‍ර මූලදර්ම යොදා ගන්නේ නැතිව,මේ අරබයා මා ලියා ඇති කරුණු නැවත ඉදිරිපත් කරන්නම්.
පළමු කරුන,
මනසේ පුහුදුන් බව නොමැති වූ විට, කර්මය කර්ම පලය හා පුනර්භවය, පසිඳුරන්ට ගෝචර විය යුතුයැයි මා නොසිතමි. එහෙත් මෙවැනි ගඹුරු කාරනා පූර්ණ මිදීමත් ධර්මාවබෝධයත් ලද තැනැත්තාගේ දියුනු මනසට වැටහිය හැකිය.
දෙවන කරුන
ඔබ ස්වභාවයෙන්ම තර්කයට දක්ශයෙකි, ඔබ තර්කය හදාරා නතිනම් එය පැසසිය යුතු තත්වයකි. ඔබ බොහෝ විට පැනයකට ඔවු හෝ නෑ වැනි ඍජු පිළිතුරු බලාපොරොත්තුවන අතර, එසේ කිවනොහැකි තැන්වල මා විස්තරාත්මකව පවසන දෙයින් සාරාංශකොට අරුත විකෘති වන අදහසක් මතු කර ගනී.
තර්ක ශාස්ත්‍රය නම් වූ විද්‍යාවත් එවැනි දෙයකි.
මාගේ පිළිතුර ඔබ ලිස්සායාමක් ලෙස දකීනම් ඔබ ඉන්නේ එතැනමයැයි මා සිතමි.
ආතර මාමේ,
“ත්‍රිපිටකයේ තියෙනවා” කියන්නේ පිලි ගන්න හේතුවක් නොවේ. ත්‍රිපිටකයේ තියෙන හැම දේම බුදු නුවණීන් අවබෝධ කර ගත් සත්‍යය නොවේ. සතර මහා භූතයන් කියා කියන්නේ ලෝකයේ සංයුතිය ගැන ඒ කාලේ තිබුන “විද්‍යාත්මක” පැහැදිලි කිරීමයි. ෂට් ශාස්තෘ වරුන්ගෙන් කෙනෙක් (මට නම මතක නෑ) ගේ ඉගැන්වීම උනේ සත්වයා මරණින් පසු පඨවි කොටස ධාතුවටත්, ආපෝ කොටස ආපෝ ධාතුවටත්, තේජෝ කොටස තේජෝ ධාතුවටත්, වායෝ කොටස වායෝ ධාතුවටත් එක් වන බවත් මරණින් මතු කිසි දෙයක් ඉතිරි නොවන බවත්ය (උච්ඡේදවාදය). ඉතින් බුදු හිමියන් සතර මහා භූතයන් සත්‍යයැයි දෙසුවානම් එහි අදහස අඩු වශයෙන් ඒ ශාස්තෘ වරයා කී එක් අදහසක් තථාගතයන් වහන්සේ විසින් පිලි ගත් බවයි. නමුත් සත්‍යය නම් ඒ ශාස්තෘ වරයා හා බුදු හිමියන් යන දෙදෙනාම භාවිතා කළේ ඒ කාලයේ සමාජය පිළිගත් දැනුම බවයි. සතර මහා භූතයන් යනු බුදු හිමියන් ගේ ධර්මයේ කොටසක් නොවේ. ඔබට එය කිසි ප්‍රශ්නයක් නැතිව ඔබේ අවබෝධයට ගැලපෙන තරමින් පරමාණු වලින් හෝ උප පරමාණුක අංශු වලින් හෝ තන්තු වලින් හෝ විස්ථාපනය කර ගත හැක.
සතර මහා භූතයන් පන්චේන්ද්රියන්ට ගෝචර වන බව ඔබේ වැරදි වැටහීමකි. “භූත” යන වචනය යෙදුන වහාම ඒ ප්‍රපංචය පන්චේන්ද්රියයන්ට කෙලින්ම ගෝචර නොවන බව වටහා ගත යුතුය. සතර මහා භූතයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පන්චේන්ද්රියයන්ට ගෝචර නොවන මනස විසින් පනවන වියුක්ත භුතාර්ත වේ. ඔබට කිසිවෙක් ඒවා ගැන ඉගැන්නුවේ නැත්නම් ඔබට ඒවා ගැන චිත්ත රුපයක් හෝ නැත. උපමාවකින් කියන්නේ නම් ගුරුත්වාකර්ෂණය වැනිය. ((ආචාර්ය නලින් ද සිල්වා ගුරුත්වකර්ශය ඇතැයි කියන පඬියන්ට ඉලෙක්ට්‍රොන දුසිමක් එවන ලෙස අභියෝග කළේ මේ කරුණ ඔහු දන්නා බැවිනි. ඔහු ඔබට පඨවි ධාතු රාත්තලක් එවන ලෙස අභියෝග කිරීමට ඉඩ ඇත. ඔබ ඔහු අගයන නිසා මේ කරුණ එකතු කළෙමි.))
අවබෝධයට අනවශ්‍ය නිසා පරමාණු, ක්වොන්ටම් ප්‍රවාද ආදිය දේශනා නොකළ බව තවත් ජනප්‍රිය මතයකි. මේ මතය ද වැරදිය. එකල තිබු ‘විද්‍යාව’ ට අනුව ලෝකය නිර්මාණය වී තිබූ දේ (සතර මහා භූතයෝ) අනිත්‍යය වශයෙන් දෙසූ උන් වහන්සේ පසු කාලයක නිර්මාණය වන විද්‍යාවක් යටතේ ලෝකය නිර්මාණය වී ඇත්තේ වෙන දෙයකින් (පරමාණු) යයි කියන විට ඒ අනිත්‍යය නොවන බව දෙසාවී යයි ඔබ සිතනවාද? සතර මහා භූතයන් සේම පරමාණු ද ලෝක නිර්මාණය අවබෝධ කර ගැනීම උදෙසා මිනිසා විසින් නිර්මාණය කළ වියුක්ත භුතාර්ථ වේ. ඉන්ද්‍රිය ගෝචර ‘මම’, ‘මව’, ‘පියා’, ‘පුත්‍රයා’ පවා අනිත්‍යය බව දෙසූ බුදු රජාණන් වහන්සේ අර කී ප්‍රපංච සියල්ල ද ප්‍රතික්ෂේප කළහ. උන් වහන්සේ ලෝක නිර්මාණයත් ලෝක විනාශයත් ගැන වෙනම පටිච්ච සමුප්පන්න ධර්මයක් දෙසුහ. එහි සතර මහා භූතයෝ නැත. ඒ නිසා පරමාණු ගැන දැන එහෙත් දේශනා නොකළ බව කීම සිහිමද ගතියෙන් කෙරෙන ප්‍රකාශයක් ලෙස සළකමි.
නැවත කියමි, මේවා අවබෝධය පිණිස පිහිට කර ගත යුතු කරුණු මිස ප්‍රසිද්ධියේ සාකච්චා කළ යුතු කරුණු නොවේ. සැරියුත් තෙරණුවන් මරණ මංචකයේ සිටි අනේපිඩු සිටානන්ට අනිත්‍ය සම්ප්‍රයුක්ත දේශනාවක් කළ විට සතුට උහුලා ගත නොහැකි වූ සිටු තෙමේ දශක ගණනක් ඔබට උවැටන් කළ මට මෙවැනි ධර්මයක් දේශනා කිරීමට මෙතෙක් කල් ගත්තේ මන්දැයි විමසිය. සුදු අඳින, කෙස් රැවුල් වවන, පවුල් පෝෂණය කරන ගිහියන්ට ඒ බණ අවබෝධ කර ගත නොහැකි නිසා බව තෙරුන් වහන්සේ ගේ පිළිතුර විය. මේ අඩවිය විවිධ පුද්ගලයන් ගැවසෙන තැනකි. මෙවැනි සාකච්චාවන්ට මෙතැන සුදුසු නොවේ යයි සිතමි. මෙතරම් ගැඹුරට යාමේදී අප සාකච්චා කරන අනෙක් සියලු දේ (සිංහල බුද්ධාගම, රට, ජාතිය, සිංහල බස, දේශපාලනය, දෙමළ ජාතිවාදය හා බෙදුම්වාදය ආදී මාතෘකා) අවලංගු වන බැවිනි.
බුදු දහමේ “ලෝක” ලෙස භාවිතා කරනුයේ සතර මහා ධාතුවෙන් සෑදුන වස්තුවකට නොව , ලෝක යනු “වෙනස් වන ස්වභාවයෙන් යුක්ත” බවයි . නිවන ලෝකෝත්තර වනුයේ මෙම වෙනස් වන ස්වභාවයෙන් මිදුන නිසාය . සතර මහා දාතුවත් එහි උපාදාය රූපත් ( චතුර්ණන්ච භුතන් , ඉදි උපාදාය රුපන් ඉදන් උච්චති රුපන් ) “රුප” ලෙස උන් වහන්සේ වදාළහ ( රූපය ලෝකය තුල පැවතීම වෙනම කතාවකි ). නමුත් රූපය දැකීමට මෙම සුද්ධාෂ්ටක ගැන අවබෝධය ( පථවී , ආපෝ , තේජෝ , වයෝ , වර්ණ , ගන්ධ , රස , ඕජාව ) අවශ්‍ය යයි මම නොදකිමි . මක් නිසාදයත් සත් හැවිරිදි වියේදී මහරහත් උණු සෝපාක ගෙන් දෙවන පැනය ලෙස බුදු රජාණන් වහන්සේ ඇසුවේ “දැක නම් කිම?” ලෙසයි , එහිදී “නාම රුප” ලෙස සෝපාක පිළිතුරු දෙන ලදී . සෝපාක ජීවත් උණ පරිසරය අනුව , එවකට පැවති විද්යාව අනුව සම්මත සතර මහා භූතයන්ගෙන් සෑදුන රුපයක් අදහස් කලා විය නොහැකිය ( සෝපාක සත් හැවිරිදි වියේදී රහත් වීමට නුවන තිබුන නිසා එවැනි දැනුමක් නොතිබුනේ යයිද මට කිව නොහැකිය ) .
නමුත් මෙම දහම ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන සමග පටලවාගෙන අච්චාරු කර සංකීරණ කරනොගෙන අනිත් සම්මත විද්‍යාවන් වෙනමත් මෙම දහම වෙනමත් පරිහරණය කරන්නේනම් වැඩදායක බව මම සිතමි .
ජෝසප් ගේ අදහසින් මට වැටහෙන්නේ ඉල්ක්ට්‍රෝන ප්‍රෝටෝන හෝ සතර මහා භූතයින් යනු සම්මුති සත්‍යය බවත් පරමාර්ත සත්‍යය ඊට වෙනස් බවත් කීමකි. පටලැවීමක් නොදකිමි.
අනෙක පහත මාගේ නම් ලැයිස්තුවේ පිස්සා යන නම නොකියවීම ගැන පිස්සා මට කමා කරනු ඇතැයි සිතමි.
යකා මලයත් ආව නම් හොඳයි මයේ හිතේ. +/- මේ අඩවියෙන් දුරස් වූවාවත්ද? මුන් දෙන්නාම ආ යුතු කාලය හරිය. ඉන්නා තැනකින් වහාම අවුත් අපව දැනුවත් කරව්!
පිස්සා,
ඔබ නැති අඩුව දැනිණි. ඔබ මට වඩා නම් බොහෝ දේ දන්නා බව දනිමි. ඔබේ පැමිණීම භාග්‍යයකි. ඔබ විස්තර කරන උපාදාය රූප හා සුද්ධාෂ්ටක ගැන මම කිසිත් නොදනිමි. එහෙත් ධර්මාවබෝධයට ඒවා අනවශ්‍ය බවනම් මම පිලිගනිමි.
සත් හැවිරිදි සෝපාක සාමනේරයන් සෝවාන් වුයේ පැවිදි කිරීමට පෙරයි. උන් වහන්සේ රහත් වුයේ ඔහු සොයා පැමිණි මව් තුමියට දෙසු දහම් ඇසීමෙන් බව මගේ මතකයයි. ඒ කෙසේ වුවත් බුදු රජාණන් වහන්සේ විසින් “ඒක නාම කිං” ආදී ලෙස පැන විමසුවේ සිවුපිළිසිඹියා පත් රහතන් වහන්සේ නමකගෙනි. උන් වහන්සේ සාමාන්‍ය ක්ෂිනාශ්‍රවයන් වහන්සේ නමක් නොවේ. උන් වහන්සේ දෙන පිළිතුරට පෙර ජිවත් වූ පරිසරය හෝ එකල පැවති විද්‍යාව හෝ වෙන කිසි දෙයක් හෝ බල පාන්නේ නැත. ඊට බලපාන්නේ අර්ථ, ධර්ම, නිරුක්ති, පථිභාන සහිත සර්ව සම්පුර්ණ අවබෝධය ම පමණි. ඔබේ ලිපියේ සඳහන් “දැක නම් කිම?” යනු යාන්ත්‍රික දෝෂයක් යැයි සිතමි. එය දැක නොව දෙක විය යුතුය.
ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන දමා දහම අච්චාරුවක් නොකළ යුතු බව මාද පිළිගන්නා දෙයකි. මා එසේ කිරීමට තැත් කළා නොවේ. වරදවා වටහා නොගන්න. මා කළේ ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන තුල පවා දහම දැකිය හැකි බව පෙන්වා දීමයි. එය කිසි සේත් වරදක් නොවේ.
හ්ම්, ඉතින් දැන් මේ වලට ලුලා පැමිණි නිසා කනයා පසු බැසිය යුතු යැයි සිතමි. අවසර !
එහෙම යන්නට උඹට අවසර නැත,මේ හොඳම හරිය වේ.නැවතියන් ජෝසප්;-)
ඔබ කනයා නම් අප මොකුන්ද? කීමට උදාහරන නැත.
=/? කියනා පරිදි යකා සහ +/- නැවත මෙහි පැමිණිය යුතුය. සාකච්චාව කිසිදා නොපැමිනුනු ගැඹුරකට එලැඹ ඇත. දහම් පොත් ගනනාවක් කියවනවාට වඩා එකිනෙකා දහම දකින හැටි සකච්චාව ඉතා ප්‍රියයි, එකිනෙකා දැනුවත් කරයි.
ඉදිරියටම යමු.
ජෝසප් මිතුර
ඔබගේ අදහසක් දුටු සැනින් එය කියවා වචන කිහිපයක් නොලියා සිටිය නොහැක. ඔබව අගය කිරීම ඔබට උපේක්ශාවෙන් දරාගත හැකි බව සිතමි.
මේවා අවබෝධය පිනිස යොදාගත යුතු කරුනු මිස ප්‍රසිද්ධියේ සකච්චා කලයුතු කරුනු නොවේ – ඔබ හරියටම හරි.
එහෙත් දැන් ජෝසප්, මාතර ආතර, නියමසිංහ, =/?, +/- ,සිතුවිළි මෙකී නොකී පිරිස කයින් නොදන්නවා වූ මනසින් හඳුනන පිරිසක් නොවෙයිද?
අප විසින් මේ කරන්නේ දර්ම මාතෘකාවක් සහිත ලිපියක් අල්ලාගෙන එයින් අනෙකුන් නික්ම ගිය පසු එය අපගේ සකච්චා සභාවක් කරගෙන සකච්චා කිරීමක් නොවෙයිද?
ඉඳහිට මෙහි පිවිසෙන කෙනෙකු අපට අදහසක් දක්වාවි. ඇතැම් විට මෙහි පිවිස මේ සියල්ල කියවා නිහඬව සිටින්නන් කොතෙකුත් ඇති.
කමක් නැහැ දරුවෝ “කාලේන ධම්ම සකච්චා ඒතං මංගල මුත්තමං” (දරුවෝ කියලා කියවුනේ ඔබ මට වඩා වයසින් පමනක් බොහෝ බාලයෙකුයැයි සිතුනු නිසායි අමනාප නොවන්න )
අපි තව දුරටත් සකච්චා කරමු. එකිනෙකා ක්‍රමයෙන් දියුනුවට පත් වේවි.
ලංකා සී නිවුස් පාලකයින්ටත් මහා පිනක් අත්වේවි.
මම පරමානු ගැන සඳසන් කලේ මා කියන දෙය සරල බසින් පැහැදිලි කිරීමටයි අද පරමානු ඉලෙක්ට්‍රෝන සම්මුති සත්‍ය වශයෙන් කවුරුත් භාවිතා කරයි ඒත් මේවා ගැන විද්‍යාවේදීන්ද හරියටම නොදන්නා නමුත් යම් පමනකට මේවායේ ක්‍රියා කාරීත්වය හඳුනාගෙන ඇත එහෙත් මේ හැම දෙයක්ම පවතින්නේ වෙනස්වෙමින්ය යන්න විවාදයක් නැතිව කවුරුත් පිලි ගනී එනම් කාලය නිර්මානය වන්නේ වෙනස්වීම නිසාය එනම් මේ විශ්වයම කාලයයි කාලයේ මැවුම්කරු වෙනස්වීමයි භෞතික මෙන්ම චෛතසික සියලු දේ වෙනස්වෙමින් කාල අවකාශය තුල රැඳේ බුදු හිමියන් මේ පරම සත්‍ය අනිත්‍යයි දුක්කයි අනාත්මයි වශයෙන් කැටි කොට දක්වා ඇත මේවා අවබොධයත් සමගම භග්‍යවතුන්වහන්සේ සර්වඤ්ඥ යයි සිත පැහැදේ මේ නිසා භවය ගැන සැක නොකරමි.
න්‍යෂටික ශක්තිය විදුලිබලය විද්‍යුත් චුම්බක තරංග විකීරන ආලොකය මේ සියල්ල අද අප ජීවිතය හා බැඳී පවතී අද විදුලිය කපන පැය දෙකක කාලය අපව ගල් යුගයට ඇදදමයි පරමානු ගැන බුදු හිමියන් පමනක් නොව හිමිවරුන්ද දැනුවත්ව සිටි බවට බොහෝ දේමා දැක ඇතත් මේ වෙලාවේ ඒ කොතනදැයි මෙන්ම ඒ සඳහා භාවිතා කරතිබූ වචනද මට මතක නැත සොයාබලමු නැවත හමුවේවි
සතර මහා භූතයන් ගැන මුලින්ම සඳහන් වන්නේ වේදයෙහිය මේවා බුදධකාලයේ තිබූ සම්මුතීන් බව එයින් පැහැදිලිවේ එහෙත් ධාතුවිභංග සූත‍්‍රයේ භූතයන් වශයෙන් නොව ධාතුව වශයෙන් කොටස් හයක් දක්වා තිබේ
01. පඨවී ධාතුව 02. ආපෝ ධාතුව 03. තෙජෝ ධාතුව 04. වායෝ ධාතුව 05. ආකාශ ධාතුව 06. විඤ්ඤාණ ධාතුව මේවාට බුදු දහමේ අර්ත දැක්වීම් වල වෙනස්කම් ඇත ඒ පුනරුත්පත්තිය පුනර් භවය වශයෙන් දක්වා ඇතිසේය.
මෙසේ ලියන්නේ යහපත් චේතනා වෙන්මය ඔබලාගෙන් බොහෝදේ දැනගතිමි වැරදි ඇත්නම් නිවැරදි කරන්න
@Joseph
@සිතිවිලි
1.
‘දහම’ ගැන නුවනින් විමසන තරමට,’දහම’ මැණිකක් මෙන් තවත් ඔප වැටී පෙනෙනු ඇත.ප්‍රසිද්දයේ සාකච්චා කලත් නැතත්,දහම ත්‍රිපිටකයේ කාටත් කියවීමට විස්තර කර ඇත.මෝඩයන් එය වැරදි තැනින් අල්ලාගැනීම,නයාගේ වලිගෙ අල්ල ගත්ත වගේ වුනාට කරන්න දෙයක් නැතිය.(උදාහරණයක් ලෙස,” ‘මම’ නැත්නම්,’මට’ පෙර භාව /ආත්ම වල කල කරුම පල දෙන්නේ කොහොමදැයි?”අසන මෝඩයෝද සිටිති)
2.
සතර මහා භූතයන් ගැන (පමණක් නොව පස් පව් වලින් වැලකියව් කියමින් පවා අවවාද දෙමින් ද ) දෙසපු අන් ආගමික ගුරුන්,බුදු රදුන් ඉපදීමට පෙර ද ඉන්දියාවේ සිටි පලියට,බුදු රදුන් එවැන්නක් පිළිගත්තේ නැතිය,ත්‍රිපිටකයට ඒවා මෝඩයන් එබ්බුවාය කියන Joseph ගේ ලියවිල්ල නම්,’වලිගෙ පාගා ගනිල්ලකට’ සාමානය කියා සිතුනි.
3.
සංසාරය අනන්න්තය,මුලක් අගක් නොපෙනේ.එනිසා ගෞතම බුද්ධ දෙසනාවට අනුව බුදු වරුන් 28 ක් සිටි බව ලියවී ඇතත්,සමහරවිට,ඊටත් වඩා ඈත ඉතිහසේට ගියොත්,තවත් බුදුවරු පහල වී ඉන්නට ඇත.එසේම ඒ අනාදිමත කාලයක සිටි බුදුවරුන් ගේ දෙසනාවල් වල තිබුන,පෙර භවවල කරන ලද කරුම විපාක,පස් පව්,’සතර මහා භූත යෙදුම්’ යනාදිය දිගටම ඉන්දියානු සමාජයේ පවතින්නට ඇතත්,බුදු වරයෙක් ප්‍රධාන වශයෙන් ලොව පහල වන්නේ,කාලයක් යන විට සමාජයෙන් නැති වී යන thilakuna ‘නැවත’ වටහා දී අපව සසරින් එගොඩ කර වීමටය.
4.
රුප ස්කන්ධය විස්තර කෙරෙන,සතර මහා භූතයන්ගෙන් පටන් නොගෙන,තිලකුණ කියා දෙන්නට බැරිය යයි සිතමි.එසේම බුදු දහම වනාහි/’නිවන’වනාහි ‘ශුනයතාවාදයක්’ වත් (nihilisam (සිංහල පරිවර්තනය?)
වත් නොවේ.
5.
මා තවමත්,සිතිවිලි මට පළඳන ලද ‘මා තර්ක කිරීමට ඉතාමත් සමත් ය ‘යන ‘කටු ඔටුන්න’ ගලව ගන්න බැරිව සිටිනවා නොවේ!නමුත් සිතිවිලි සඳහන් කල (?අපරදිග /?පෙරදිග) තර්ක ශාස්ත්‍ර ‘මුල ධර්ම’ මොනවාද?
6.
මා අසන්නේ සරල පැනයකි.භෞතික වාදීන්,’අපේ පන්චේන්ද්රියන්ට පෙනෙන’,බලුබය පත්තු වන්නේ ‘අපේ පන්චේන්ද්රයන්ට නොපෙනෙන එලෙක්ට්‍රෝන සෙලවීම’ නිසාය කියා පිලි ගනී.එසේ නම්,’අපේ පන්චේන්ද්ර්යන්ට හසුවන ලෙස’,එක බිලිඳෙක්,දීයුණු වූ බටහිර විද්යාවටවත් සුව කල නොහැකි ඉතාමත් දරුණු රෝගත් සමග පීඩා විදීමට ඉපදෙන විට,තව බිලිඳෙක් සාමාන්‍ය ලෙස,’අසාධාරණව’ ඉපදීමට,එක ප්‍රධාන ‘සාධාරණ’ හේතුවක් වන්නේ,’අපේ පන්චේන්ද්රයන්ට හසුනොවන පෙර භාව/ආත්මවල කරන ලද කරුම පල’යන සාධාරණ දහම නිසාය කියා පිලි නොගන්නේ ඇයි? මෙය පිලි ගැනීමට,තම තම නැණ පමණින් දැන ගත යුතු වූ-සාමාන්‍ය බුද්ධියක් ඇතිද?නැත්නම් භාවනා කොට රහත් වී පමණක් අවභෝධ කර ගත යුතුද?
1. විරුද්ධත්වයක් නැත.
2. ‘ත්‍රිපිටකයට ඒවා මෝඩයන් එබ්බුවාය’ යනු මගේ කීමක් නොවේ. මා කිවේ ත්‍රිපිටකයේ ඇති බව හේතුවක් කොට ගෙන සියලු කතන්දර සත්‍යය යැයි පිලි නොගත යුතු බවයි. උදාහරණයක් දෙමි. භුමි කම්පා ඇති වන අයුරු ගැන බුදු රදුන් අනද තෙරුන්ට දෙසු දේ බලන්න. මේ ගැන මීට වඩා දුර නොයමි.
3. ඇත්තකි. එකී බුදු වරු 28 නම නම් ගෞතමයන් වහන්සේ ප්‍රථම නියත විවරණය ලැබූ කල්පයේ පටන් උන් වහන්සේ ගේ බුද්ධත්වය දක්වා කල්ප වල පහල වූ බුදු වරුය. ඒ කල්පයේ බුදු වරුන්ට (තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර) නියත විවරණ දීමට පෙර බුදු වරු සිටිය යුතුය. එහෙත් ඉන්දියානු සමාජයේ පැවති සියලු දැනුම බුද්ධ භාෂිත නොවේ.
4. නියම ශ්‍රී සද්ධර්මය වන ත්‍රිලක්ෂනය, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය ආදී දහම් කියා දීමට රුපස්කන්ධය ආදිය අවශ්‍ය යැයි සිතෙන්නේ ඒවා අනුසාරයෙන් ඉගෙන ගත් අයටය. වෙනත් අයුරකින් කියතොත් සතර මහා භූතයින් ගැන දන්නා, ලෝකය සතර මහා භුතයින්ගේ එකතුවෙන් සෑදුන බව සිතන අයට දහම කියා දීමට ඒවා අවශ්‍යය. අනෙක් අයට සතර මහා භූතයින් ගැනත් උගන්වා දහමත් ඉගැන්වීමට යාම පලක් ඇතැයි මම නොසිතමි.
නිවන ශුන්යතාවයක් යැයි මම මොහොතකටවත් නොසිතමි. මා සිතන්නේ මේ සංස්කාර ලෝකයම ශුන්යයක් බවයි. ලෝකය ශුන්‍යය නම් ලෝක නිරෝධය වන නිවන ශුන්‍ය විය නොහැක.
5. -
6. කාලෝ දොස්තර මහතාගෙන් ඇසිය යුතු පැනයකි.
@Joseph
6.
අපේ කාලෝ ප්රොපා කෙසේ වෙතත්,
බටහිර විද්‍යාවෙන් ද සහ බටහිර ජාන වලින් ද මත් වුන /හැසිරීමෙන් ඕල්කොට් බෞද්ධයන වුන,පුන භාව/පුන උත්පත්ති / ජාතක කතා / කර්ම පල යන සියල්ල,
බුදු රදුන් දේශනා නොකළ /නිවන් අවබෝධයට අනවශ්‍ය ,
ත්‍රිපිටකයට ඔබ්බපු, ‘අමු කෙප්පය’ කියන,
කැම්පස් එකේ සිටින කල,මේ පිලිම්බන්දව මා සමග සාකාච්චා කල,මා දන්නා අපරදිග ඩොකාල එකෙක් දෙන්නෙක්ද (ඔවුන් සිතන්නේ,’පෙර භාවයක් නැත-අප මල පසු,කුසලාකුසල කරුම පඩිසන් දීමට තව භවයක අප උපදින්නේද නැත’ කියාත්,නමුත්,’කැමති අයට නිවන අවබෝධ වන දහමක් බුදු රදුන් දෙසු’බවත්ය !)
මෙවන් පැන වලට උත්තර දීමෙන් (ගල් ආන්දන් මෙන් ලිස්සා යමින්)
එකල වැළකී සිටියෝය.
@Joseph
ඔබ යෝජනා කර ඇති ලෙස මා අස ඇති 6 වන සරල පැනයට අපේ භෞතිකවාදී කාලෝ ප්රෝපා (එකල මා මිතුරු,බටහිර විද්‍යාවෙන් මත වුන,අපේ බටහිර ඩොකාල දෙදෙනා මෙන් ) නම් පිළිතුරු නොදෙන බව මට විශ්වාසය.
වෙනකක් තියා,පුද්ගලිකව හමුවී සාකච්චා කලත්,
කුමක් දෝ හේතුවක් නිසා,කාලෝ ප්රෝපා මෙවැනි දේවල් ප්‍රසිද්ධ වෙබ් අඩවි වල කතා කරන්නත් ‘බිය’ බව,
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=59966
අපේ නලින් ප්රෝපා කාලෝ ප්රෝපාට ලියා ඇති යොමුවෙන් පෙනේවි.
( මාතර ආතර — 3 >සංසාරය අනන්න්තය,මුලක් අගක් නොපෙනේ ,) “අනෝ තග්ගෝ අයන් භික්කවේ පුබ්බා කෝටි නපන්නති” – මහණෙනි , මෙම අති දීර්ග සංසාරයෙහි පුඋර්ව කෙළවරක් නොපනවමි . අප මහා බෝසතාණන් වහන්සේ මවගෙන් අනියත විවරණ ලැබූ දා පටන් බුදුවරු පන් ලක්ෂ දොළොස් දහසකගෙන් නියත හා අනියත ( මනෝ ප්‍රනිදාන , වචී ප්‍රනිදාන , නියත විවරණ ) විවරණ ලබා අති බව සඳහන්ය . මෙම කාලය තුල මගහැරුණු බුදුවරු ගැන සදහනක් නොමැත , ලෝක ධාතුවෙහි පහල වූ බුදුවරු ගණන කියා නිම කල නොහැකි බව සඳහන් වේ .
@Joseph
නුඹ පෙර දැක්වූ අදහසට ප්‍රතිචාර දැක්වූ මුත් ඒ නුඹ හා මත ගැටුමක් නිසා නොවෙයි . එය වෙන තැනක සදහන් කරනවාට වඩා එහි සඳහන් කිරීම යෝග්‍ය යයි සිතු බැවිනි .
දැක නම් කිම?” යනු යාන්ත්‍රික දෝෂයක් යැයි සිතමි — එසේමය , එය “දේ නාම කිං” ලෙස විය යුතුය , නිවැරදි කිරීමට පින්.
සතර මහා දාතුව ගැන නුඹ බොහේ දේ දන්නා බව වටහා ගතිමි , නුඹ පවසන පරිදිම එය ඉන්ද්‍රිය ගෝචර නොවන්නේය , සුද්ධාෂ්ටක යනු සතරමහා ධාතුව හා එය අපට ගෝචර වන ආකාර වල එකතුවකි . එනම් සතර මහා ධාතුව අති තැන “වර්ණ , ගන්ධ , රස , ඕජාව ” යන සතර මහා ධාතුවේ ඉන්ද්‍රිය ගෝචර ස්වභාව උපදී . මෙහි උපාදාය රුප ලෙස දක්වුයේද “වර්ණ , ගන්ධ , රස , ඕජාව” යන ඒවා වේ . මක් නිසාදයත් අප උපාදානය කරන්නේ මෙමෙ රුප ස්වභාව වේ .
ලුලා පැමිණෙන ස්වභාවය මාතර ආතර, joseph , +- , සිතිවිලි ,නියම සිංහ, =/?,ඈතුලාන්තය ආදී නොයෙක් ආකාරයෙන් විය හැකිය , කනයා අවස්තනුකුලව එයින් වැඩ ගත යුතුය . මත්තෙහි නුඹ දහම ගැන දන්නා බොහේ දේ එලියට ඒවි යයි සිතමි , විය වුතුව ඇත්තේ සුදුසු අවස්ථාව එළඹීම පමණි , නුඹ බොහෝ දේ දරා සිටින බව මට හැඟෙයි .
1/ එකඟයි, ත්‍රිපිටකයේ සඳහන් ඇතැම් ගැඹුරු කරුනු හැදෑරීමට නොවෙහෙසෙන ඇතැමුන් මෙවැනි සාකච්චාවකින් අගමුල නැතිව මැදින් කරුනක් ඩැහැගෙන වාදයට පැමිණීම වඩා ගැඹුරු කරුනු දහම නොහදාරන්නන් ඇති තැන සාකච්චාවෙන් විය හැකි එක් දොසකි.
2/ ජෝසප් පිළිතුරු දී ඇත
3/ මා දකිනා හැටියට කලින් කල බුදු වරු පහළ වනුයේ
සබ්බපපස්ස අකරනං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සසණං
යන්න කියා දීමටයි.
4/ ජෝසප් විසින් හරවත් පිළිතුරක් දී ඇත.
5/ තර්ක ශාස්ත්‍ර මූල ධර්ම නොදනිමි. කෙසේ වෙතත් ඔබ විසින් නැවතත් සාකච්චාව තර්කය මුල් වූ වාදයකට ගෙන ආබව ඔබ නොදකීද? මාගේ පිළිගැනීමෙහි හැටියට තර්කය පදනම් කරගත් වාදයෙන් ලැබිය හැක්කේ හුදු මානසික මුලාවක් වූ ජයක් පමණි. සත්‍යය වශයෙන්ම ලැබිය හැක්කක් නොමැත. එහෙත් සාකච්චාවෙන් දැනුමත් අවබෝධයත් වඩවයි.
මා සාකච්චාවට ඉතාමත් රුචි උවත් වාදය පිළිකුල් කරමි. ජයක් බලා පොරොත්තුවෙන් හෝ ලූලා වීමට (ජෝසප් කී පරිදි )මෙහි නොරැඳෙමි. මාගේ දැනුමෙන් දිය හැකි යමක් දී මෙහි සිටින සැබෑ “පණ්ඩිතයින්ගෙන්” (අසෙවනාච බාලානං පන්ඩිතානංච සේවනා ) බොහෝ දෙයක් ලැබීමට බලා පොරොත්තු වෙමි.
6/ භෞතිකවාදීන් නොදැක පිළිගන්නා බලුබය දල්වන ඉලෙක්ට්‍රෝන සෙලවීම ස්විචය දමා ඇති හෝල්ඩරයකට ඇඟිල්ලක් දමා පසිඳුරන්ගෙන් එකක් වූ ස්පර්ශයට දැනෙනවාදැයි බලන්න. භෞත්ක සිද්ධාන්ත පසිඳුරන්ගෙන් එකකට හෝ දැනිය හැකිය එසේ නැතිනම් පසිඳුරන්ගේ දැනීමක් පදනම් කරගෙන ගොඩ නගා ගත් ප්‍රවාදයකින් අරුත් දැක්විය හැකිය.
එහෙත් කර්මය කර්ම ඵලය කිසිස්දු ඉන්ද්‍රියකට ගෝචර නොවනවා මෙන්ම සූත්‍රයකට යොදා පැහැදිලි කිරීමටද නොහැකිය. එසේම අප දකින කිසිදු ඵලයක් එක හෙතුව හටගන්නා බවක් දහමෙහි නොකියවේ. ඕනෑම එක් හේතුවක් නිස භහු ඵලද, නොයෙකුත් භහුවිද හේතු නිසා එක් පලයක්ද හටගත හැක. එසේනම් ඔබ උදා. ගත් පලයට එකම හේතුව කර්මයයැයි දහම ඇසුරින් කිව නොහැකිය.
සියල්ලටම හේත්ව කර්මය නම් වූ පූර්ව බුද්ධ කාලීන මතය බුදුන් විසින් එඳුරාම බැහැර කරන ලද්දකි.
ක්‍රියාවම කර්මයයැයි දැක්වූ ජෛන මහා වීරයන්ගේ දහමෙහි සියල්ලට හේතුව ලෙසද කර්මය දක්වා අතැයි අසා ඇත, (නිවැරදිදැයි නොදනිමි )
කර්මය විසින් භවය සකසන බව දහම කියන නිසා ඔබ කියනා පරිදි උපත සඳහා කර්මය බලපාන බව කිව හැකිය. එහෙත් මට වඩා නම් විචිකිච්චාව දුරැලූ රහතෙකුට මේ පිළිබඳ පැහැදිලි දැක්මක් තිබිය යුතුය. මාද පතන්නේ එවන් පැහැදිලි දැක්මකි.
@සිතිවිලි
සිතිවිලි says ,”මා සාකච්චාවට ඉතාමත් රුචි උවත් වාදය පිළිකුල් කරමි.”සිතිවිලි
1.
‘සාකච්චාවකත්,තර්කයකත්’ අතර වෙනස උදාහරණ දෙමින්,කෙටියෙන් පහදන මෙන් ඉල්ලා සිටිමි.
2.
පිළිකුල යනු යනු ගැටීමකි.යමක් ‘තර්කයක්’සේ පෙනුන පමණින්,එයට විරුද්දව ගැටීමෙන් හෝ ඒ සමග ඇලීමෙන් හෝ නොසිටින්නට උත්සාහාහ කරන්න.(?ලුලා විසින් කනයාට / ?කනයා විසින් ලුලාට අවවාදයක්?)
අවවාදය හිස් මිදුනිම් පිළිගනිමි,
මා කී අනෙක් කාරනා ගැන අදහසක් නැත්තේ එකඟ නිසාද?
@සිතිවිලි,
ඔබේ අනිත් කාරනා එකෙන් එක,ව්මර්ශනයට බඳුන් කර,අපේ සාකච්චාව දිගටම කිරීමට බලාපොරොත්තු වෙමි.
ඔබ මුලින් මට ප්‍රතිචාරයක් ලෙස ලියා ඇති,’තර්කය යනු කුමක්ද’ පිලිම්බන්දව මට පැහැදිලි අවබෝදයක් නැති නිසා,පළමුව,‘සාකච්චාවකත්,තර්කයකත්’ අතර වෙනස,උදාහරණ දෙමින්,කෙටියෙන් පහදන මෙන් ඉල්ලා සිටිමි.
හිතුවිලි මා දැක නැත- නමුත් හිතුවිලි ඇත!යම් හිතුවිල්ලක් ඇති වුනේ දැන්ද,මීට මොහොතකට පෙරද කියා දන්නෙත් මන්මය.එහි ප්‍රමාණය,සියුම්/රළු බව කවුරු කෙසේ නම් මනිනු ලබත්ද? වැදගත් අවැදගත් බව කිරන්නේ කෙලෙසද?’සංයුක්තව’ හෝ ‘වියුක්තව’ එදෙස බලා නිගමන දෙන්නට හැකි අයෙක් වීද? මගේ හිතුවිලි පෙරලිය හඳුනන්නේ මන්මය/විටෙක එය වටහා ගන්නට මටද බැරිය! එසේ නම් එයට අර්ථ කථන දෙන්නට/සම්පිණ්ඩනය කරන්නට වෙනෙකෙකුට හැකි වන්නේද නැත.අනුමාන කලද එය නිවරදි බව නිශ්චය ලෙස කියන්නට කිසිවෙකුටවත් බැරිය.ඔය විද්‍යාගාර විද්‍යාවට/එහි පරතෙරට ගිය විදුවරයන්ට නම් එය කොහෙත්ම බැරිය.අපේ බුදු දහම හිත මූලික කරගත් දහමකි.හිතුවිලි අඳුනා,එයට බෙහෙත් දුන් දහමකි.මෙයට ඔය විද්‍යාගාරය කෙලෙස එබුවද පලක් නැත/ඔබන්නටද බැරිය.
විද්‍යාගාර විද්‍යාව මඟින් ලෞකික සැපය වෙනුවෙන් කරන්නාවූ ‘උඩ පැනීම්’ සම්බන්ධව උපේක්ෂාවෙන් බැලිය හැකි වුවත් එය ලෝකෝත්තර සැපයටත් අගුළුපත් තියන්නට එන විට නම් උහුලන්නට බැරිය.මේ දෙක කලවන් අච්චාරුවක් නොකර අපේ බොදු සීමාවන් අඳුනා ගත යුතුය.ඒ බොදු සීමාවන් තුල සිටීමෙන් ඔය විද්‍යාගාර විද්‍යාව හැරවිය පෙරලිය හැකිය නමුත් එහි අනිත් පැත්ත නම් කෙලෙසක වත් සිදු නොවේමය.එනම් බුදු දහම හරවා පෙරලා’ඔප්පු’ලියන්නට විද්‍යාගාර විද්‍යාවට නම් කිසිවිටෙක බැරිය.මේ ගැන පුහු තර්ක විතර්ක කිරීමද නොවටී. වෙනස අඳුනා ගන්නට හිතට වෙලාවක් දෙන්න.
@=/?
අපට සිතිවිලි ඇති බව අප දනිතත්,එය සිදුවන යාන්ත්රනයවත්,අපට එම සිතිවිලි විද්‍යාගාර තුල objectivelyඔප්පු කර වත්,එය තවකෙකුට පෙන්විය නොහැකි,අචින්ත්‍ය ධර්මයක් ය යන්න,ඔබ පැහැදිලි කර ඇත.
ජාතක පොතේ ඇති පුන භාව/පුන උත්පත්ති සහ කර්ම ඵලද එසේමය.(කාර්ම ඵල )අචින්තය.
නමුත්,මා මලත්,ලබන භවයට ගෙන යන,පවතින ධර්මයකි.
@Joseph
1.
සුනාමි ඇතිවන ක්‍රමය ගැන යම් සඳහනක් ත්‍රිපිටකයේ මා කියවා ඇතත්,ගොඩ බිම කම්පා වන විදිය විස්තර කරනවා කියවා නැත.කරුණාකර විස්තර ලියන්න පුලුවන්ද?
2.
සතර මහා භූත කොටස් අයත් රූප ධාතුවෙන් පටන් නොගෙන,
සති පට්ට්හානේ / දම්සක් පැවතුම් සුත්‍ර යනාදිය
බුදු කෙනෙක් තව පුහුදුන් අයෙක් ට තිලකුණ පහදා දෙන්නේ කෙසේද?
1. භුමි කම්පා වන හේතු අටක් උන් වහන්සේ දෙසුවේ ආයු සංස්කාරය හැරි අවස්ථාවේදී ය. අපේ සාකච්චාවට ප්‍රස්තුත වන්නේ මින් පළමු ක්‍රමය පමණි. එහිදී උන් වහන්සේ ආකාශයේ වායුව ඇති බවත්, වායුව මත්තෙහි, ජලය ඇති බවත්, ඒ මත්තෙහි ඝන පොලොව ඇති බවත් සුළං හමන විට ජලය සෙළවෙන බවත් ඒ රැල්ලෙන් පොලෝ කම්පන ඇති බවත් දෙසයි. මෙය එකළ පැවති භාරතීය විද්‍යාවට අනුව ලෝකයේ පිහිටීම හා භූ කම්පන විස්තර කළ ක්‍රමය බව මම සිතමි. මෙහි දෙවන හේතුවද එසේය. ඉතිරි හේතු 6 බුදු රජාණන් වහන්සේ තම ඥානයෙන් දැන ගත් දේ වේ.
විස්තර: http://thripitakaya.com/2012/02/20-%E0%B6%86%E0%B6%BA%E0%B7%94-%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8F%E0%B6%BB%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A2%E0%B6%B1-%E0%B7%84%E0%B7%9D-%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%A0/
2. බුදු කෙනෙක් තව කෙනෙකුට පහදා දෙන අකාරය බුද්ධ විෂය වේ. එය අපට නිර්ණය කළ නොහැක. ඒ එසේ වුවත් අද පවතින අධිපති විද්‍යාව බටහිර විද්‍යාව වන නිසා උන් වහන්සේ ට අනිත්‍යය වටහා දීමට භාවිතා කළ යුතු වන්නේ අද පවතින දැනුමට සාපේක්ෂ වචන හා උදාහරණ පමණි. රූප, වේදනා, සංඥා, සංකාර හා විඥාන යන පංච උපාදානස්ඛන්ධය අනිත්‍යය බව කීමට පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත කොටස් අවශ්‍ය නොවේ. මගේ අවංක අදහස නම් ඒ හතර පැරණි භාරතීය (වෛදික) අවර්තිතා වගුව බවයි. පසුව මීට හිස් බව (ශුන්‍යතාවය) විස්තර කිරීමට ආකාශ හා ජීවය විස්තර කිරීමට විඥාන යන දෙක එකතු කර නියම සිංහ පෙන්වා දුන් ධාතු සය උපදවා ගන්නා ලදී. මේවා වෛදික දහමේ කොටස් මිස සර්වඥතාඥානය විසින් සොයා ගත් දේ නොවේ.
————————————–
වැදගත් දෙයක් පෙන්වා දීමට මේ අවස්ථාව යයි සිතමි. ඉලක්කම් හෝඩියේ 0 සහ පස් මහා බැලුම් අතර සම්බන්ධයක් කෙනෙකුට කිව හැකිද?
ජෝසප් සොයුර, මාගේ අදහසක් එකතු කරන්නම්, පංච් උපාධානස්කන්ධය අනිත්‍ය වන්නේ එය සිතින් උපාධානය කරගෙනම සිටිම නිසා හෝ සිත් උපාධානය කරගෙන පවතින නිසා නේද? එසේනම් ඔබ නිවැරදියි මෙය භෞතික හේතූන් පදනම් කරගෙන පැවසිය නොහැකිධර්මයන්ය.
සම්මුති වශයෙන් පිහිටි පංචස්කන්දයෙන් (උපාදාන ස්කන්ද නොවේ ) රූප කොටස පමණක් භෞතිකත්වයට හෙවත් මහා භූත් ධර්ම හා බැඳේ ඉතිරි සතර වන නාම ස්කන්ධ සිතම උපාදානය කරමින් පවතීයැයි මට සිතේ.
මේ ගැනත් මා මිතුරන්ගෙන් පැහැදිලි කිරීමක් පතමි.
1.
@Joseph
1.
බුදු රදුන් විසින් පෘතුවිය දෙස,තම බුද්ධ ඥානයෙන්,ආකාශයේ සිට ‘නරඹන’ විට,ජලය ලෙස සඳහන් වන්නේ වලකුළුද (මුහුදු ජලයද) කියා,මේ ත්‍රිපිටක ලියවිල්ලේ පැහැදිලි නැතිය.
ඇරත් මේවාද චිත්ත නියාම මෙන්,අචින්ත ධර්ම 5 න් එකකට අයිති නිසා,(සහ දේව දත්තයන් ද සහ කැලණියේ රහතන් වහන්සේ නමක් තෙල් කටාරමේ පුළුස්සා අපවත් කරන ලද රජා යන දෙදෙනා,පොලොව දෙබෑ කරන ගෙන අපායට ගියා සේ) , භුමි කම්පා සිදුවන යාන්ත්රණය ද (exact mechanism )කිසිදිනෙක බටහිර විද්‍යාවට හසු නොවේ.
එනිසාම ඒවා වැලකීමට ද කිසි දිනෙක බටහිර විද්‍යාවෙන් නම් බැරි වනු ඇත.
2.
‘සිත මිස කය නැති බඹ ලොව’බ්‍රහ්මයන්ට බන කීමේදී නම්,තිලකුණ පහදන’ඔබේ ක්‍රමය’ ගැලපුනත්,මේ මනු ලොව අප වැනි පුහුදුන් අයට බන කීමේදී,සතර මහා භූතයන් ඇතුලත්-රූප වලින් පටන් නොගෙන,පළමුවන ‘චක්‍රීය’ චතුරාර්ය සත්‍ය දේශනා කල නොහැකිය කියා සිතමි.
1. බුද්ධ ඥානයෙන් ආකාශයේ සිට බැලීමක් ගැන මෙහි නැත. මේ ජේදය ඉතා සරලය.
“මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ වෙයි. ජලය වාතයෙහි පිහිටියේය. වාතය ආකාශගතය. ආනන්‍දය, යම් කලෙක ඒ මහා වාතයෝ හමත්. මහා වාතය හමනවිට ජලය කම්පා වෙයි. ජලය කම්පා වන විට පෘථිවිය කම්පා වෙයි. ආනන්‍දය, මහත්වූ භූමි චලනයක් ඇතිවිමට මේ පළමුවන හේතුවයි.”
මෙහි පෘතුවිය යනු බටහිර විද්‍යාවේ උගන්වන හිරු වටා කැරකෙන තුන් වන ග්‍රහ වස්තුව ලෙස ගැනීම මේ වියවුලට හේතුවයි. පැරණි භාරතියයන් සැළකු පෘතුවිය ජල තලය මත පාවෙන නෙළුමක් වැනි එකකි. නෙලුම් පෙති/පත් මෙන් සතර මහද්විපයෝ ඇත. ඒ සියල්ල වට කර වාතය ඇත. මේ වායු බුබුල පිහිටියේ ආකාශ කුක්ෂියේය, එනම් හිස් අවකාශයේය. හිරු සඳු ඒ ග්‍රහයන් හා තරු ආවේනික වේගයෙන් එකී ලෝකය වටා යයි. මේ ගැන පුර්ණ විග්‍රහයක් කියවා ඇතත් දැන් නම් මතක නැත.
භුමි කම්පා සිදු වන යාන්ත්‍රනය බටහිර විද්‍යාවේදී භූ තැටි සංචලනය ඇසුරින් විස්තර කෙරේ. එය පිළිගත් විද්‍යාත්මක මතයකි. භූ කම්පන පාලනය කර ගත නොහැක්කේ ඒ ගැන නොදන්නා නිසා නොව එහි පරිමාණය ඉතා විශාල නිසාය.
2. සිත මිස කය නැති බඹ ලොව බඹුන්ට බණ කිව නොහැක. ඇසීමට කන් නැති බැවිනි. පස් වග මහනුන්ට ප්‍රථම ධර්ම දේශනාව ඇසීමේ භාග්‍යය ලැබෙන්නේ ඒ නිසාය. සතර මහා භූතයන් ඇසුරු කරගෙන බණ කීමේ වැරද්දක් මම නොදකිමි. එය එපා බවක් හෝ මම නොකීවෙමි. එහෙත් ඒවා දැන ගැනීම සිවුසස් අවබෝධයට අත්‍යාවශ්‍ය නොවන බවකි මම කිවේ.
“සතර මහා භූතයන් ඇතුලත්-රූප” යන යෙදුම මටනම් තේරුම් ගැනුම අපහසුය. “‘චක්‍රීය’ චතුරාර්ය සත්‍ය” යන යෙදුමද එසේමය. පටිච්ච සමුප්පාදය නම් චක්‍රීය බව දනිමි. චතුරාර්ය සත්‍යය චක්‍රීය වන්නේ කෙසේද?
@Joseph
1.
ත්‍රිපිටක ජාතක කතා වල සමුද්‍ර වාණිජ කතාව කියවා සිට,මතක තබා ගත්තෙක්,මෑතක මේ රටේ සුනාමි මුහුද වරක් පළමු රැල්ලෙන්,දනිස්ස දක්වා ගොඩ ගැලූ විට,ඊළඟට කර වටා ගලන රැල්ල එන්න පුළුවන් කම ඇතය සිතා, පසු පස නොබලා දුවා,කෑ ගසා අනෙකුන්වද බේරා ගෙන,තම පනත් බේරා ගන්නට තිබිණි!
ඒවගේම දේව දත්තයන් සහ රහතන් නමක් තෙල් කටාරමකට දමා පුච්චා මැරූ කැලණියේ රජු ද,වත්තල පැත්තේ දී,පිට නැගී ඇතු පිටින්ම,පොලොව පලා ගෙන නිරයට ගිය බව කොහේදෝ ලියැවී ඇති බව මා අසා ඇත.මේවා ඇත්ත නම්,මේ පව් කාරයන් දෙන්න පමණක් ගිලා බැස්සේ,ඉතා කුඩා ප්‍රමාණයේ පොලෝ තල සෙලවුන භුමි කම්පාවකින් විය යුතුය.
ඇරත්,ඔබ විසින්,කවුරුත් පිළිගත්තාය කියන පොලෝ තලවල සෙලවීමට හේතුව,ඊට යටින් ඇති උෂ්ණත්ව වෙනසක්ය කියා තිබෙතත්,ඒ උෂ්ණත්ව වෙනස් වීමට හේතුවවත් තවම සොයා ගෙන නැතිය.හරියටම මෙම ‘අචින්ත ලෝක ධර්මවල’ යාන්ත්රණය නොදන්නා නිසා,දේව දත්තයන් ගිලා බැස ගිය කුඩා පොලෝ තල සෙලවීමටවත්,අනිත් භුමි කම්පා ආපු ලොකු පොලොතල සෙලවීමට මුල්ම හේතුව වත් කිසි කෙනෙකුට සොයා ගන්න බැරිය.
අප ඉන්නේ ‘අරූප’ බඹ ලොවේ නොවේ නිසා,මේ ඔක්කොම සිදුවීම්,අඩුම ගානේ,සතර මහා භූතයන්ගෙන් තොරව,විස්තර කලද නොහැකිය.
2.
අරූප නිසා ?ඇස් නැති,අරූප බඹුන් මේ ලොවට පාත් වී බුදු බන ‘දුටුවේද’,නැත්නම්,?කන් නැති නිසා,කන් නෑසෙන අරූප බම්බුනට,බුදු රදුන් අරූප බඹ ලොවට,?එර්දියෙන් ‘වැඩ’ බන දේශනා කලේද කියා නොදනිමි.
මා උගත් දහමට අනුව,සරල රේඛාවක් මෙන් නොව,අගක් මුලක් දැකිය නොහැකි අනන්ත වූ සසර දුක්ඛ ‘චක්කරේ’,සතර මග භූත යෙදුම් යොදමින්,පළමුවන සත්යයේද,(..වින්ගාන/නාම රූප…,සලායතන,ඵස්ස,සංඥා,සංඛාර,වින්ගාන/නාම රූප …යන දුක්ඛ ‘චක්‍රය’ VICIOUS CYCLE /සතිපට්ඨ්හන සුත්‍රයේද /දම්සක් පවත්තන සුත්‍රයේද මෙය විස්තර කෙරේ.) ,මෙම දුක්ඛ චක්කරේට හේතුව දෙවන චතුරාය සත්‍යයෙන් විස්තර කෙරෙන අතර,එම දුක්ඛ සසර චක්‍රයෙන් ,’අත්ථා හි අත්තනෝ නාතෝ’ලෙස ‘ගැලවීම’ තුන්වන සහ හතරවන චතුරාය සත්‍යයෙන් විස්තර කෙරේ.
සෝපාක සත් හැවිරිදි වියේදී නිවන් දුටවේ අහම්බෙන් නොව සෝපාකගේ පෙර පින් බලයෙන් හා සසරේ කාළයක් නිවන් මග ගමන් කොට ගොඩ නගාගත් කුසල් නිසාවෙනි. සෝපාක වැනි අය එකල තවත් දඹ දිව ඕනෑ තරම් සිටින්නට ඇත එහෙත් එදින බුදු හිමියන් මහා කරුනාවෙන් ලොව බලද්දී සෝපාක දර්ෂනය වූවේ ඔහුගේ පෙරපින් මහිමයෙනි.
මෙම අඩවියට එන දහස් ගණනක් අතුරින් අප කීප දෙනෙකු මෙසේ ලියන්නේ පෙර පුරුදු නිසා විය හැක සියලු රසයන් පරයා දහම් රස විඳිය හැකි නිසාවෙනි.
රහත්තන් වහන්සේලාගේ උදාන වාක්‍ය දෙස බලන්න රහත් බව ලබන්නට ගමන් ගත්මාර්ග විවිදය විෂමය ඒ ඒ අයට ආවේනික ක්‍රමයට සසර පුරුදු කරන ලද ක්‍රම ඔස්සේ සිත මෙහෙයවා ඇති බව පෙනේ.
අප නොදන්නා දේ සොයා යනුයේ දන්නා දේ තුලිනි මේ ලොව ඇති ඕනෑම විද්‍යාවක් දර් ශනයක් තුලින් බුදු දහමේ යථාර්තය දැකිය හැකිය. ඒ බුදු දහම ලොව පරම සත්‍ය වන බැවිනි ඒ තුලින් දහමට අවැඩක් නොවේනම් ලෝකයටද අවැඩක් නොවේ නම් අප අන් අයගේ මග අපේ මතයට නොගැලපෙන නිසා නවතා ලිය යුතුනොවේ.
@පිස්සා
1.
ඔබ කියන පරිදි අන්නන්තවත් බුදු රදුන් ඉන්දියාවේ පහල වී සිටියානම්,ජාතක කතාවල විස්තර කෙරෙන පරිදි නැවත ඉපදීම,කර්ම පලය,පස් පව් සහ සතර මහා භූතයන් පිළිඹඳ සඳහනක්,වේදයට /ජයිනාගමට එන්නට ඇත්තේ,එක්කෝ වේද / ජයින බමුණන් සමත භාවනා කර දැනගත් දැනුමෙන්,හෝ,සියලුම බුදු රදුන් ද ඒවා දේශනා කර ඇති හෙයින්,වේදයට ඒවා ඇතුළු වන්නට ඇත කියාත් සිතමි.
නමුත් ‘සිත මිස කය නැති බම ලොව ජීවත්වන ලොව බ්‍රාහ්මණයන්ට’ කෙසේ වෙතත්,මෙලොව ඉන්න පුහුදුන් අපට නම්,සතර මාහා භූතයන් ඇතුලත් රූප වලින් පටන් නොගෙන,සති පට්ටානේ / දම්සක් පැවතුම් වැනි ‘චක්‍රීය සසර’ විස්තර කෙරෙන දහම්,තේරුම් ගන්න පුලුවන්ද?
2.
ඔබේ මතයේ හැටියට,ත්‍රිකෝටි පාරිශුද්ද මාංශය,බුද්ධ දේශනාවක් ද,නැත්නම්,ත්‍රිපිටකයට,’අප වෙනුවෙන් මරා’
කඩේ විකිණීමට ඇති මස් මාළු කෑමට ගිජු ‘කෙනෙකුන්’ ඔබ්බපු එකක්ද?
3.
‘කරුමක්කාරයෝ නවකතාව ලියා පස්චාත්තාප වුන ගුණදාස අමරසේකර මහතා’ මෙන්,’බටහිර කව් බෝය්’ කාම නව කතාවෙන් මත් වී සිටි මාර්ටින් මහතාගේ බවතරණය නව කතාවේ එන පරිදි,පෙර භව / ආත්ම වල අහිම්සා පාරමිතාව වඩා තිබු සිදුහත් කුමරු දඩ කෙලියේ යමින්,පක්ෂීන්ට දුන්නෙන් විද මරා අහක බලා ගත්තාය කියන දේ,ඔබේ මතයට අනුව වෙන්න පුළුවන් ඇත්තක්ද/බොරුවක්ද?
4.
අපේ කය වැලලෙන හෝ පුච්චන ලෙස මිය ගිය විගස (ජාතක කතාවල සඳහන් පරිදි ) නැවත ඉපදීම සහ ලබන භවයේ/ආත්මයේ,අප කල කුසලාකුසල කර්ම පල පඩිසන් දෙන්න පුළුවන්ය යන්න ඔබ පිළිගන්නවාද?
1 – නැත , සතර සති පට්ථානයේ කායානුපස්සනාව අවසානයට ඇත්තේ කය සංකාර වල සන්සිදීමක්ය , සතරමහා ධාතුව ගැන මෙනෙහි කිරීමෙන් කාය සංකාර සමනය වීමක් දකීවි යයි සිතීම අපහසුය , කායානු පස්සනාව ආනා පානා සති භාවනාව සමග දක්වා ඇත්තේ අප කුමන ක්‍රියාව නවතුවද හුස්ම ගැනීම නවත්තන්නේ නැති බැවිනි , එය අවසාන කාය සන්කාරය වන බැවිනි . “දම්සක් පැවතුම් සුත්‍රය” ගැන මා තුල ලොකු දැනීමක් නැත , එම නිසා ඒ ගැන කීමට නොදනිමි .
2 – මස් මාළු කෑමට අවැසි අයෙකුට එය කෑමට තිරිපිටක ධර්මය වෙනස් කල යුතු යයි මම නොසිතමි , දෙව් දත් තෙර භික්ෂුව මස් මාන්ස අනුභවයෙන් සම්පුර්නයෙන් වැළකිය යුතු යයි කියා බුදුන්ට නීති පනවන්න යයි කියූ විට උන් වහන්සේ වදාළේ කැමති අය කාපුදෙන් , අකමැති අය නොකාපුදෙන් කියාය . “ත්‍රිකෝටික පාරිශුද්ද මාංශය” බුද්ධ දේශනාවක් ලෙස දකිමි , එසේ නූනද එය අනුභවයෙන් පවක් සිදු වන්නේමයයි මම නොදකිමි . නමුත් බුදු රජාණන් වහන්සේ “ආම ගන්ධ” සුත්‍රයේදී වදාළේ මස් මාංශ කෑම පිලිබඳ තර්ක නොකර පස් පවින් වලකින ලෙසය .
3- මගේ මතකයේ හැටියට මා නවකතා තුනකට වඩා කියවා නැත , 98 වසරේ සිට මේ දක්වා කෙටි කතාවක් වත් කියවා නැත , කියවා ඇත්තේ කවි පොත් 10 පමණ විය යුතුය . සිදුහත් කුමරුද ගිහි ගෙයින් නික්මීමට පෙර සාමාන්‍ය රජ කෙනෙකු නිසා දඩ කෙලියේ යමින්,පක්ෂීන්ට දුන්නෙන් විදීම ආදී දේ සිදුවිය හැකි බව ඇතැමුන්ට කිව හැකි උවද ඔහුගේ රජ වංශය අනුව මෙය කොතරම් ගැලපේදැයි මම නොදනිමි .
4- ජනක කර්මයෙන් උපන් සත්වයෙකුට , උපස්තම්බ කර්මය මගින් එම කර්මය තව තවත් බල ගන්වයි ( සැප ජනක කර්මයක් නම් තව තවත් සැප පිණිසද , දුක් සහගත නම් තව තවත් දුක පිනිසමද ) , උප පීලක කර්මය මගින් එම කර්මය දුර්වල කරයි , උප ඝාතක කර්මය එම කාර්ම බලය නැති කර දමයි . මා ශ්‍රද්ධාවෙන් බුදු දහම අදහන්නෙකු බැවින් කර්මය පිලිගනිමි .
පිස්සා හේතුවක්නැතිව ඵලයක් හට නොගනී ඕනෑම සතකුගේ මරනයට හේතුවන කර්මයක් ඇත ප්‍රාන ගාතයෙදී එයට භාජනය වන සත්වයාට පෙර කර්මානු රූපව එය සිදුවන අතර ප්‍රාන ඝාතය කරන තැනැත්තාගේ චේතනාව නිසා ඔහු අකුසල කර්මයක් කරගනී ප්‍රානය නිරුද්ධ වූ සිරුර තව දුරටත් ප්‍රානියකු නොවේ මස් කෑමේදී ඔබ තුල ඇතිවන චේතනාව කිසිසේත්ම ප්‍රානඝාත අකුසලයක් නොවේ එහෙත් මිය ගිය සතා කෙරෙහි වෛරී චේතනාවක් ඇතිවන්නේ නම් එය අකුසලයකි.
නියම සිංහ සොයුර,
සතකු කුමන ආකාරයට මරණයට පත් උවද මරණයට හෙතුවන කර්මයක් ඇති බව මා නොදකිමි.
දහමේ අති අයුරු මරනයට හේතු තුනක් ඇත මින් එකකින් සත්ත්වයා මරණයට පත් වේ එනම්
ආයුක්ෂය
කර්මක්ෂය
අහම්බය.
මරණයට මුහුන දෙන්නාගේ තත්වය කුමක් වූවත් ඝාතකයා ප්‍රාණ ඝාත අකුසලය කර ගනී, එය ඍජුවම ඝාතකයාගේ සිතුවිලි හා බැඳී පවතී.
මාංශ භක්ශනය යනු ප්‍රාණ ඝාතයට බොහෝ සේ වෙනස් වූ දෙයකි.
“චේතනාහං භික්කවේ කම්මං වදාමි” යන බුදු වදන තුලින්ම වුවත් ප්‍රාන ඝාතයත් මාංශ භක්ශනයත් යන කරුනු තේරුම් ගත හැකි බව මාගේ දක්මයි.
@සිතිවිලි
බුධාග්ඥානය පහලවූ විට බුදු රදු විසින්,’නිරාමිස’ ප්‍රීතියෙන් යුතුව ප්‍රකාශිත උදාන වාක්‍යයේ ඇති,’ආසාව නමැති වඩුවා’ හැඳින නිසා එනිසා ඇතිවුන කෙලෙස් කැණී මඩල හදුනා ගෙන විනාස කර දමා,නැවත නැවත පෙර මෙන්,අනන්තයක් වූ,එක එක භව වල ආත්මවල ගෙවල් (අනේක ජාති)සෑදීමට ඉඩ නැත යනුවෙන්,පුන භව/පුන උත්පත්ති /කරුම පඩිසන් දීම සිදුවුණා වූ..”අනේක ජාති සංසාරසං ….”යන බුදු වදන්ද අමතක නොකරන්න.
පෙර භවයක පෙරදිග ඩොකෙක් වී සිටියදී ගුරු මුෂ්ටිය තබා ගනිමින් ?ඔලුව කැක්කුමකට බෙහෙත් කියා නොදී? තිබුන නියාවෙන්,ඒ කර්ම ඵලයට අනුව බුදුරදුන්ට හිස රුදාවක් ඉඳහිට සෑදුන බව,මා අසා ඇත.
අපේ සාකච්චා සභාව මුල් පිටුවෙන් හැලිලා!!!!
දැන් ඉතින් තව සභාවක් සොයා ගනිමු.
@සිතිවිලි
පිස්සාට සහ Joseph ට
මවිසින්,අන්තිමට යොමු කර ඇති ප්‍රශ්නවලට,
ඒ දෙපලගේ ප්‍රතිචාර ලැබීමෙන් පසු,
අපේ සාකච්චාව ගෙන යාමට සුදුසු
‘LCN මුල් පිටුවේ ඇති පුවත් යොමුවක්’
යෝජනා කලානම් අගෙයි.
ජෝසප්,මාතර ආතර,සිතුවිළි,පිස්සා,නියමසිංහ,
රූප,වේදනා,සංඥා,සංකාර හා විඥාන යන පංච උපාදානස්ඛන්ධය අනිත්‍යය බව
දැන් අප ඉන්න’විද්‍යාගාර විද්‍යා පඬි සමාජයට’අනුරූපව කුමන වදන් යොදාද කියා දිය යුත්තේ මේ පථවී,ආපෝ , තේජෝ,වයෝ යන සතර භූතයන් නැතිව මේ ගැන නොදන්නා මන් වාගේ හරකෙකුට?
මිනිස් සිරුර හැදිලා තියෙන්නේ මේ සතර භූතයන්ගෙන් නම් පංච උපාදානස්ඛන්ධය අනිත්‍යය බව පසක් කර ගන්නට මොකැයි එය අවැසි නොවන්නේ බොලව්?
දිරා ගෙන යන මගේ මතකයේ හැටියට බොලව්,අපේ බුදු හිමි වරෙක තම රූ සපුව ගැන හිස උදුම්ම ගත් කාන්තාවකට(නම මතක නැතෝ)ඇයට වඩා අතිලස්සන/සුවඳති/වර්ණවත් ලියක් ඇය ඉදිරියේ දක්වා ක්‍රමයෙන් ඒ අතිලස්සන ලියගේ සතර භූතයන් දියවී අවලස්සන වී යන අයුරු පෙන්වා,මට මේ මතක නැති කාන්තාවට පංච උපාදානස්ඛන්ධය අනිත්‍යය බව පෙන්වා මානය දුරු කල හැටි.ඉතින් බොලව් මක්කටෙයි මේ සතර භූතයන් උඹල ප්‍රතික්ෂේප කොරන්නේ මේ ‘විද්‍යාගාර විද්‍යාවක්’ නිසා?
සිතුවිළි,උඹ කිව්වහේ මේ ‘බිල්’පතෙන් කොහාට හරි යන්නට ඕන, කොහාටෙයි යන්නේ බන්?
=/?, ඔබ් මෙතැනදී බරපතල කරුනු ගනනාවක් පටලවාගෙන දෝ සැකසිතිනි, නැතිනම් මට ඔබ කියන දෙය නොවැටහේ.
මා දකිනා අයුරින් පංච් ස්ඛන්දයකට බෙදා දක්වා ඇත්තේ සිරුර නොව, සත්ත්වයායි.
පංච්ස්ඛන්දය හි රූප ස්ඛන්ද හා නාම ස්ඛන්ද ලෙස නැවතත් කොටස් දෙකකි. පංචස්ඛන්දයෙහි රූපය පමනක් රූප වන අතර ඉතිරි සතරම නාම ස්ඛන්ද වේ. නාම ස්ඛන්ධයන්ගේ කිසිදු භෞතික ස්වභාවක දහමෙහි හමු නොවන අතර එය සතර මහා භූතයන් හා තිබිය හැකි සම්බන්ධය මට නොවැටහේ. (ජෝසප් හැකිනම් මට මෙය පහදා දෙන්න ඔබට පින් )
පංච්ස්ඛන්දයම සත්ත්වයා සිතින් උපාදානය කොටගෙන සිටිනා බැවින් හෝ පංචස්ඛන්දය සිත උපාදානය කොටගෙන පවතිනා බැවින් පංච උපාදාන ස්ඛන්ධයක් ගැන අප සකච්චා කරයි.
වියැකී යන රූමත් ලඳක් පෙන්වා බුදු හිමියන් කලේ රූපයෙහි අනිත්‍යබව පසක් කොට රූප මානය බිඳහෙලීම මිස පංචස්කන්දයේ අනිත්‍ය බව පෙන්වීම නොවේ.
තන්හාව හේතු කොටගෙන හටගන්නා නාම ධර්ම රූප හා එක් වීමෙන් සත්ත්වයා හටගනී. අනිත්‍ය හෙවත් වෙනස් වන සුළු රූප ධර්ම අපවිසින් බිඳ හෙලිය නොහැක. එහෙත් සිතම උපාදාන කොට පවතින නාම ධර්ම බිඳ හෙලිය හැක. සත්ත්වයා බිඳ හෙලීමෙන්ම නිවන පසක් කරගත හැකි වෙතැයි සිතමි.
“මිනිස් සිරුර හැදිලා තියෙන්නේ මේ සතර භූතයන්ගෙන් නම්” කියූ තැනම ඔබේ ප්‍රශ්නයට පිළිතුර ඇත.
මිනිස් සිරුරත් අප දකින මුළු ලෝකයමත් තුල ත්‍රිලක්ෂණය දැකිමම පමණි ඇත්තේ. මිනිස් සිරුර හැදිලා තියෙන්නේ මේ සතර මහා භූතයන්ගෙන් බව සිතන්නේ නම් නම් සතර මහා භූතයන් අනිත්‍ය දුක්ඛ අනත්ත බව දකින්න. මේවා සැදී ඇත්තේ පරමාණු වලින් බව සිතන්නේ නම් ඒවා අනිත්‍යය දුක්ඛ අනාත්ම ලෙස දකින්න. සතර මහා භූතයන් වුවත් පරමාණු, ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන ඈ ඊනියා ‘විද්‍යාත්මක’ ප්‍රපංච වුවත් මේවා අප විසින් අවිද්‍යාව නිසා ඇති කර ගන්නා සංස්කාර පමණි. ඒවායේ යථා ස්වභාවය අනිත්‍යය, දුක්ඛ හා අනත්ත ම පමණි.
ඔබ කියන ලිය ඛේමා රහත් මෙහෙණිය විය යුතුයි. එහෙත් ඒ කතාවට සතර මහා භූතයන් අදාළ නොවේ. අඩු වශයෙන් පංච උපාදානස්ඛන්ධය ගැන කතාවක් හෝ ඊට අදාල නොවෙයි.
ඛේමාව ස්වකිය රූපය සුන්දර බව සිතා උඩඟු වූ කතකි. ඈට වඩා ළාබාල සුන්දර කතක් ක්‍රමයෙන් මහලු වී මාරි වැටී වියැකී යන ලෙස පෙන්වීම සදෘශයකි. එනම් එතරම් ලස්සන කාන්තාවත් එසේ වැහැරී ගියානම් මා ගැන කියනුම කවරේද යන තැති ගැන්මයි ඈ තුල ඇති කරනු ලැබුයේ. ඉන් දුරු වන්නේ රූප මදය පමණි. රුපයේ යථා ස්වභාවය ඈ වටහා ගන්නේ පෙර කි කම්පනය යටතේම දහම් ඇසීමෙනි. දහම් ඇසීමෙන් පසු මහන වී බවුන් වඩා සිව්පිලිසිඹිය පත් රහත් භාවයට පත් වීමෙන් අනතුරුව පමණි ඈ තුල අර කියන අවබෝධය ඇති වූයේ.
මාත් මා සිතන ලෙසට සිතුවිලි හා නියමසිංහත් සතර මහා භූතයන් ප්‍රතික්ෂේප කරන බව වැරදි වැටහීමකි. අප කිසිවෙක් ඒ අදහස නොදරමු. අප කියන්නේ සතර මහා භූතයන් ගෙන් තොර දහමක් ගැන නොවේ. අප කියන්නේ සතර මහා භූතයන් ගැන නොදන්නා අයට වුවත් දහම දැකීමට දැන් තිබෙන විද්‍යාව බාදාවක් නොවන බව පමණි. උදාහරණයක් ලෙස ඔබේ කතෝලික/ ක්‍රිස්තියානි ඥාතියෙක් සලකන්න. ගෙඩිය පිටින්ම ලෝකය දෙවියන් මැව්වා යයි සිතා සිටිනා ඌට පඨවි-ආපෝ-තේජෝ-වායෝ, ආදී බොහෝ දේ උගන්වා අනිත්‍යය වෙත පැමිණීමට වඩා එක වරම ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන, න්යුට්‍රෝන සැදී ඇත්තේ උප පරමාණුක අංශු වලින් බවත් මේවා පදාර්ථ නොව විචල්‍යය ශක්ති පැකට් බවත් ඒ අනුව ඒවා අනිත්‍ය බවත් කී විට වටහා ගනී, ඔහුට තර්කයක් ඉතිරි නොවේ .
අනිත්‍යය වූ දෙයක් ඇතැයි ගෙන අල්ලා ගැනීම දුක බවත් එසේ ගත යුතු දෙයක් නැති බැවින් අනත්ත බවත් වටහා දීම ලෙහෙසිය. ඒ වෙනුවට පඨවිය ගැන කීමට ගියොත් වෙන්නේ ඒවා ගැන වාද විවාද කිරීමටය. මෙය අත්දැකීමකි.
බුදු රදුන් චුල්ලපන්ථක තෙරුන්ට දුන්නේ රෙදි කැබැල්ලක් පමණි. උන් වහන්සේ රෙදි කැබැල්ලේ අනිත්‍යය දුටහ. කිසා ගෝතමියට උන් වහන්සේ වදාළේ අබ මිටක් සොයාගෙන එන ලෙසයි. ඈ නොලැබුණු අබ මිට තුල අනිත්‍යය අවබෝධ කළාය. බුදු දහමේ සුවිශේෂ අනන්‍ය ලක්ෂනය වන්නේ මේ අනිත්‍යය පිලිබඳ දැනුම යි. එය පෙන්වා දීමට භාවිතා කරන උපකරණය වැදගත් නොවේ. වැදගත් වන්නේ අවබෝධය පමණි. මක් නිසාද යත්, අවබෝධය ලැබුණු පසු උපකරණය කර තබාගෙන යාමක් නැති බැවිනි.
Joseph මාකීමට සිටි දෙයක් ඉතා හොඳින් පවසා ඇත එය අනුමත කරනවා හැරෙන්නට වනෙ යමක් කීමට නැත
ජෝසප්, ඔබගේ මේ පැහැදිලි දැක්මටත් තේරෙන අයුරින් කරන පැහැදිලි කිරීමටත් මා රුචි වෙමි.
රූප ධර්ම තුලත් නාම ධර්ම තුලත් රූප නාම එක්වී සැදෙන සිත තුලත් ඇති ත්‍රිලක්ෂනය තෙරුම් ගැනීම ඉතාමත් වැදගත් කරුනකි. ඔබ මතුකොට ඇත්තේ හොඳ තැනකි.
අනිත්‍යපෙන්වීමට යොදා ගන්නා උපකරනය නොව ඒ තුලින් ලබන අවබෝධයම වැදගත් බව මා විසින්ද හොඳින් අවබෝධ කරගත් හා තවත් කෙනෙකුට හෝ දහමේ ගැඹුරු තැන පෙන්වා දීමට යොදාගන්නා ක්‍රමයකි.
පෙර එක් තැනන්ක ඔබ විසින් සතරමහා භූතයන්ගේත් නාම ධරම වලත් යම් සම්බන්ධයක් පෙන්වා දුන්නා. එය මට නොවැටහුනු තැනක්, හැකිනම් නැවත එය පහදා දෙන්න.
සිතුවිළි,
මිනිස් සිරුර කියා දැක්වීම මගේ වරදකි -එය මනසක්?ඇති සත්වයා විය යුතුය.උඹට බෝ පින්.
අපේ මේ පංච උපාදානස්ඛන්ධය අනිත්‍ය වන්නේ පථවී,ආපෝ,තේජෝ,වයෝ යන සතර භූතයන් අනිත්‍ය වන නිසා නොවෙයිද බන්?ඒ කියන්නේ මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා නෙව-සරල බසින් කීවොත්.ඉතින් මේ වෙනස් වීම පහදන්නට මේ සතර භූතයන් යොදවනවා විනා වෙන මොනවද අද අපට තියෙන්නේ ‘විද්‍යාගාරයෙන්’ගත හැකි,එදා භාරතීය සමාජ පසුබිමේ නොතිබුණා වූ?ජෝසප්ගේ උත්තර වලින් මට නොතේරෙන තැනක් තමයි ඔය.
අනික තමයි,රූපය නැත්නම් නාමයක් නැත-අනේ බන් මන් වැරදිද?එතකොට අර රූමත් ලලනාව මානයෙන් පිම්බිල හිටිය කියන්නේ ඇගේ තිබුණු මානය නමැති විඥානය(අරමුණ/හිතුවිල්ල) නිසා නොවෙයිද?ලලනාවක් හෝ ගැටයෙක් තම රූපය(වර්ණය/ගන්ධය/කුලය/බලය/පොත් දැනුම …)පෙරටු කර ගෙන අපිට භෞතිකව අල්ලන්නට බැරි හිතුවිල්ලකින් සිටීම හෝ නොසිටීම මත නිසා නෙවෙයිද පංච උපාදානස්කන්ධය වෙනස් වෙන්නේ?
නූල් බෝලෙක පැටලුන ගානයි බන් ඒ පාර, පුළුවන් නම් ලිහල දියන්-ඇතෙක් බරට පින් එවන්නට.
මිතුර,
මා දකින හැටියට මෙය පහදන්නම්
පංච්ස්කන්දය යනු අප විසින් ඇත යන මුලාවෙන් රැකගන්නා තවත් එක් සම්මුතියක් පමණි. මේ පංචස්කන්දය පවතින්නේ සිත මුල්කරගෙන් නොහොත් උපාදානය කරගෙනය. වෙන අයුරකින් කිවහොත් සිත් නැති තැන උපාදන්නයකිරීමට දෙයක් නති බැවින් පංච්ස්කන්දයක පැවැත්මක් තිබිය නොහැක. මේ අයුරින් උපාදානය කරනු ලබන්නාවූ පංච්ස්කන්දය පංචුපාදානස්කන්දය ලෙස දක්වනු ලැබේ.
මේ පංචස්කන්ද යන සම්මුතිය තුල රූප නම් වූ භෞතික කොටසක් ඇතුලත් වෙයි, මෙම භෞතික කොටස සමග ඔබ අප දන්නා සතරමහා භූතයන් සම්බන්ධ වේ. එහෙත් ජෝසප් කියා ඇති පරිදි මේ සතරමහා භූතයන් ගැන අසා නැති කෙනෙකුට පහදා දීමේදී එදා භාරතයේ පැවති මෙවැනි දැනුමක් ගැන අමුතුවෙන් පහදා දීම එම පුද්ගලයාට කරන පලරහිත කරදරයක් විය හැකිය.
මෙහිදී පහදා දීමට භාවිතා කරන වච්න හෝ උදාහරන කිසිසේත් වැදගත් නොවන බව මාද ජෝසප් සමග හොඳින්ම එකඟ වෙමි. මෙහිදී වඩා වැදගත් වන්නේ අවසානයේ යමෙකු ලබන අවබෝදයම මිස ගිය පාර නොවේ.
මෙහිදී විද්‍යාගාරයෙන් පැහැදිය හැකි භාරතීය විද්‍යා තුල නොතිබුනා වූ දෙයක් ගැන නොකියවේ. එහෙත් පැහැදීම සඳහා යොදාගන්නේ භාරතීය විද්‍යාවන්ද නැතහොත් බටහිර විද්‍යාවද යන්න නිවැරදිව පහදා දිය හැක්කාට ගැටළුවක් නොවේ.
ඔබ අසන පරිදි රූපයක් නැතිනම් නාමයක් නැත යන්න, සිත නැතිනම් නාම රූප දෙකම නැත ලෙස නිවැරදි විය යුතුය.
ඔවු රූමත් කත මුලාවී සිටියේ මානය නැමැති සිතුවිල්ලෙනුයි. එම සිතුවිල්ලට පාදක වූයේ රූපය නිත්‍ය ලෙස ගැනීමයි. බුදුන් පහදා දුන්නේ රූපය නිත්‍ය නොවනා බවයි. නිත්‍යවූ රූපයක් මත උපාදානය වූ මානය රූපය නිත්‍ය නොවන බව වැටහීමත් සමගම බිඳ වැටේ.
නොයෙකුත් ආකාරයෙන් හටගන්නා මානයට හේතු වන්නේ මෝහයයි, මෝහයට ලෝභය හා ද්වෙශය හේතු වේ, මේ ලෝභ ද්වේශ මෝහ යන කරුනු තුන සැමවිටම එකිනෙකා මත යැපේ. අඛන්ඩව මේ කරුනු තුන එකිනෙකා පෝශනය කරමින් සිටිනා බැවින් අප නිරතුරුව සෑමදෙයක්ම ඇත යන ලෞකික මුලාවෙන් පසුවේ.
දහම පටලවා ගැනීමට තරම් සංකීර්ණ නැත, එය ගැඹුරුය එහෙත් සරලය. නොකඩවා කරන විමසා බැලීමෙන් ඔබට අවබෝදය පහල වේවි.
ආතර සොයුර,
මගේ නොදියුනු මනසට වැටහෙන අයුරු,
වාදය යනු තර්කය පදනම් කරගෙන තමන් නිවැරදියැයි පිළිගන්නා මතය අනෙකා ඉදිරිපත් කරන සියළු කරුනු අභිබවා ජයගැන්මයි. (මෙය පොතක සඳහන් නිර්වචනයක් නොවේ මා එය තේරුම් ගෙන අති සැටි පමණි )
මා එහිදී දකින්නේ යමෙකු තර්කයෙන් ජය ගන්මට උත්සහ දරනා විට අනෙකා කෙතරම් වැදගත් හරවත් දෙයක් කීවද වාදය ජය ගැන්මට සිතනා කෙනා එහි හරය නොව, එය තමාට එරෙහි අදහසක් ලෙස සලකා එයට එරෙහි වීමම අරමූනු කරනා බැවින් කිසිවක් අවබෝධ කර නොගනී.
ඔබ වාදයක් ජය ගැන්මේ මානසිකත්වයකින් පසුවනවානම් මා මෙවන් කරුනු කොතෙක් කීවත් ඔබ මට එරෙහි මතයක්ම මතුකරමින් නැවතත් වාදයක් ඉදිරිපත් කරාවි. එවිට මා කී සියල්ල දියට කපූ ඉනි මෙනි.
කාරි නැහැ මා ඔබ සමග උරන නොවී මෙසේ කියන්නේ ඔබ එය පිළිගත හොත් ඔබත් බොහෝ දුර යා හැකි පින්වන්තයෙකු නිසාමයි.
මෙලෙස තරකයට පෙළඹෙන මානසිකත්වය මා දකින්නේ දෘශ්ටියකට නතු වූ හැටියකටයි. සර්ව බලධාරී දෙවියන් ඇතැයි පිළිගන්නා කෙනා අනෙකෙකු කුමක් කීවත් දෙවියන් හෝ තම ග්‍රන්තයේ ඇති දේ කථා කරනවා මිස තම අවබෝධයෙන් කිසිවක් නැතිවා මෙනි. එමෙන්ම අනෙකා කියනා දෙය පිළිගතහොත් තමා පරාදයි යන හැඟීමක් මුල්බැස ඇතුවා මෙනි.
බුදු දහම තුල පවා මමත්වයෙන් මුලා වූ සත්ත්වයා බුදුදහම, බුදුන්, බුදු සසුන මගේ යන මිත්‍යාවෙන් ගැලී තම දෘශ්ටියට එරෙහි වන ඕනෑම වැරදි හෝ නිවැරදි මතවාදයක් හා ගැටීමට පෙලඹේ. එමගින් යමක් වටහා ගැනීමට තමන්ට ඇති මහඟු අවස්ථා මග හැර ගනී.
මා වාදය පිළිකුල් කරනවායයි කිවේ එහෙයිනි. වාදයකට එන්නා හා මා නොගැටෙමි, බොහෝ විට මා අනෙකාට දිනුම දී නිහඬ වෙමි, එවැනි විටකදී මට අනුව අප දෙදෙනාම පරාජිතයින්ය.
සාකච්චාවේදී අප අනෙකා කියන දෙය වටහා ගැනීමකින් තොරව සාදක කිසිවිට ඉල්ලන්නේ නැත, අනෙක සාදක වලට වඩා මටනම් වදගත් වන්නේ අනෙකා යම් මතයකට පැමිනි සිතුවිල්ලයි.
දැන් ඔබ මගේ අනෙකුත් කරුනුවලටද වාදයකින් තොරව සාකච්චාමය අයුරින් පිළිතුරු දෙනවානම් හොඳයි.
ඔබ කැමතිනම් තර්කය ගැන යමක් කිවහැක
ඉතාමත් කැමැත්තෙන් ඔබගේ අදහස් අගයමි.
නියම සිංහ,තර්කයේ මූලධර්ම දන්නවා නම් ලියපන්,’මැනර්ස්’ විසි කරලා;-)
පින්වතුනි,
1.
සිතිවිලි මුලින් උපකල්පනය කල විදියට මා දන්නා තර්ක ශාස්ත්‍ර මුල ධර්මයක් නොමැත.තර්ක ගැන මා අසා තිබුනේ,උසාවියක ‘බොරුව ඇත්ත කරලා’ මිනි මැරූ චුදිතයව බේරන නීතිඥයා මෙන්,හොඳට නරකට දෙකටම භාවිතා කල හැකි,ආයුධයක් වන් වූ තර්කය ට අනුගත වූ පමණින් යමක් පිලි නොගෙන,අපේ කාලෝ ප්රොපා වැනි භෞතිකවාදීන්ට දිරව ගන්න බැරි නිසා නිශ්ශබ්දව සිටින,කාලාම සුත්‍රයේ අග භාගයේ සඳහන්ව ඇති පරිදි,සමාජයේ ඉන්නා වූ මෙලොව සිටින ‘වින්ගුන්’ විසින් මෙලොව සිටින අපට,’එලොවට’ වැඩ දායක වන ලෙස මේ මේ කරුණු කුසලයට හේතුවනවා ය කියා,තම තම නැණ පමණින්,සිතුනොත් පමණක් පිලි ගන්නය යන්න පමණකි.
2.
එම නිසා කාලාම සුත්‍රයේ අග භාගයේ සඳහන්ව ඇති,’එලොව සහ කුසල අකුසල’ වගේම,ත්‍රිපිටකයේ ඇති ජාතක කතා වලට පදනම් වුන,අප මේ ලොව ඉපදීමට පෙර,අප සිටි භවයක් සහ අප කරන ලද කුසලාකුසල කරුම පඩිසන් දීමක් යන කරුණු පිලිගන්න වෙනවාය.’මේ සඳහා’ භාවනා කර රහත් වෙනකම්ම සිටිය යුතුද යන ප්‍රශ්නය තර්කයක්ද?
3.
‘ත්‍රිපිටක පොතේ’ තිබු පමණින් හෝ ‘ගුරා’ කියූ පමණින් හෝ පිලි නොගන්න යන්න සඳහන් කාලාම සුත්‍රයේ මුල භාගය,එහිම අග භාගයත් සමග සංගත නොවේය,ඒ වගේම යමක්,කාලාම සුත්‍රයේ අගභාගයේ තිබු පමණින් ම,ඇත්තය කියා පිළිගත යුතුද ?,එහි අග භාගය ත්‍රිපිටකයට පස්සේ එබ්බුවා වෙන්න බැරිද ?(‘මම’ නැත්නම් කරුම පඩිසන් දෙන්නේ කාටද? යනුවෙන් සමහර මෝඩයන් විසින් අසන පරිදි!) යනාදී ලෙස මෙහිදී ‘මෝඩ තර්කද’යමෙකුට ගෙන හැර දැක්විය හැක!
4.
‘කොටුවෙන් පිට සිට අහසට බොක්සින් නොගසා’ මා ඉන්න ‘කොටුවට’ පැමිණෙන්න කියා මා ආරාධනය කලේ,ප්‍රස්තුත කරුණු වලට,’කාලය ඉතිරි කර ගැනීමට’ඍජු පිළිතුරු බලාපොරොත්තුවෙන් පමණි.නැතිව මා කියනදේ පමණක් බලෙන් පිලි ගන්නවමින් ,මගේ ‘කොටුවේ’ ඇතුලේ කිසිවකු ‘හිර කර’ තැබීමට නොවේ.
5.
බවතරණය නවකතාවේ මා අසන ලද පැනය,පිස්සා විසින් වටහා ගෙන නැති සෙයක් පෙනේ.ජන්මෙට වඩා පුරුද්ද ලොකුය කියන විට ‘සසර පුරුද්දද’ අයත්ය කියා සිතමි.භව ගණනාවක් ම අහිම්සා පාරමී වඩා,සසර පුරුද්දක් ඇති කරගත් සිදුහත් කුමරු විසින්,’පියාඹන පක්ෂීන්ව දුන්නෙන් විද මරා අහක බලා ගැනීම’ වෙන්න පුළුවන් දෙයක්ද කියාය මා ඇසුවේ.(මෝඩ තර්ක ගෙන හැර පාමින්,සසර පුරුද්දට රාහුල කුමරු බිහි වීම සමග මෙය පටලවා ගත නොයුතුය!)
6.
Joseph කියන පරිදි සතර මහා භූතයන් පමණක් නොව,නැවත ඉපදීම,කරුම පඩිසන් දීම,පස් පව් වලින් වැළකීම යනාදී මේ සියල්ලම බුදුන් රදුන් ගේ සපැමිනීමට පෙර,ඉන්දියාවේ සමහර බමුණන් විසින් දෙසමින් සිටියෝය.
සමහර විට ඊට කලින් ලක්ෂ ගණනක් බුදුවරුන් විසින් දේශිත මේ කරුණු ඒ බමුණන්ට පරම්පරාගතව ලැබෙන්නට ඇත.නැත්නම් ඒ බමුණන් සමත භාවනාවෙන් ලබා ගන්නට ඇත.මේ සියල්ල ත්‍රිපිටකයේ සඳහන් වූ පමණින් (Anonymous one orig නම්,සිංහලයව ගොනාට ඇන්දු,LCN වලින් පැන ගිය කපටියා විසින් ”බුදු බන හින්දු කොපියක්ය” කියා කියූ ලෙස!) ඒවා වේදයෙන් ත්‍රිපිටකයට එබ්බුවා කියා කිව නොහැක.
නමුත්,නැවත බුදු කෙනෙකුන් ගේ සපැමිණීම වෙන තෙක්, ‘තිලකුණ / විදසුන’ කාලයෙන් කාලයට නැති වී යයි.කලක් යන විට තිලකුණ ගැන අවබෝධයක් නැතිව යන සමාජයට,එයින් මිදීමට,සබ්බ පාපස්ස අකරණං …යනාදී ලෙස විදසුන් භාවනාව කියා දී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ලීමට බුදු කෙනෙක් පහල වේ.
7.
අවසන් වශයෙන්,සිතිවිලි විසින් සාකච්චාවක සහ තර්කයක ඇති මුලික වෙනස ගෙන හැර දැක්වුවට පින්.එකල,අපේ E W අදිකාරම් තුමන් ගේ සාකචාවල ට සහභාගී වුන මා දුටුවේත්,J ක්රිශ්නමුර්ති තුමන් ලංකාවට සපැමිණ ?1982 ?දී කල සාකච්චාවල (see UTUBE )ද මා දුටුවේත් එයයි.
නැතිනම්,අප හය දෙනාම ”මා පමණක් හරිය,මා අනෙකට වඩා සීලයෙන් හෝ උසස්ය,ඒ නිසා ජය මටය,අනෙකා පරාදය,හූ…”කියමින් තර්ක /වාද කරමින් සිටින විට,බැරිවෙලාවත්,මේ රටේ ‘සිංහල තෙරවාදී බුදුසසුන’ නැති කරන්න කියා,කොහෙන් හෝ බෝම්බයක් ගසා,අප සියලු දෙනා එකවිට මේ රටේ කූරිය ගැසුවොත්,අප 6 එලොවටද මේ වාදය රැගෙන ගොස්,සසර දික් කර ගනු ඇත!
මාතර ආතර,
1. උඹ කියන දේ හරිය. ගොයම් කොලය පෙන්වා කොල්වින් ආර් ද සිල්වා කල තර්කය මතකේ ඇත- එය තර්කයකි. ඌ දිනුවේය- ඉන් පසු මට නම් කිසි විටක උසාවියේ ‘උගත් මිතුරන්’ ඇසුර ප්‍රසන්න නොවීය. තර්ක කරන්නේ අනෙකා පරාජය කරන්නටය -එහි ඇති සත්‍යක් නැත. අපේ බුදු හිමියන් වරෙක තර්කයෙන් තර්කය ජය ගත හැක නමුත් එය සත්‍ය නොවේ යයි වදාළ බව මතකය. උඹ තර්ක කරන ලෙස මා නොදකිමි. උඹ කියන දේ මට තේරුම් ගන්නට හැකිය-වැරැද්ද දුටු තැන උඹ කුලප්පු වේ-උඹේ වරද එයයි. සමාවෙයන් ගහෙන් ගෙඩි එන ලෙසට එය කීවට!
2. නැත.
3. ඒක නේ බොලන් තම නැණ පමණින් ඇවිත් බලව කියල බුදු රදුන් වදාළේ. කාලම සුතුරේ පලවෙනි කොටස හරියට වඳුරට හම්බ වුනු දැලිපිහිය වාගේ. ඔහේ කපනවා ඉවක් බවක් නැතිව. ඒ වගේමයි අපේ ත්‍රිපිටකයට නොයෙකුත් අර්ථකතන දෙන්න බක පඬිවරු සූ ගාල!
4. උඹේ කොටුව නරක නැත- එකම නරක තමයි වැරද්දක් දුටු සැනින් උඹ තලන්නට එන එකයි-කර්ණකටෝරක වාදනයයි!
5.එකඟයි. මා පෙර කීවා සේ මාටින් ගොයියා කලේ අධිරාජ්‍යවාදීන්ට කඩේ යාමකි. එය කල හැකි එක විදියක් තමයි අර උඹ කියන ‘කව් බෝයි’ හීයා,…කියල තෝනෙන් අශ්වයට ගහල සිදුහත් චරිතයට හානි කරන එක. ඌ ඒක කරන්නට මැලි වුනේ නැහැ-අපේ කරුමෙට.
6.පින් සිද්ද වෙයි ඒ ඇනෝ කපටියා ගැන මතක් නොකර හිටින්!
7.උඹ අර භූතයෝ දෙන්නගේ නම් දෙක මොකට ලිව්වද මන්ද!කණාමැදිරි එළි මොකටද බන් මෙච්චර පැහැදිලි සරල දහමක් තියෙන කොට.
හුම් හුම් …අපි 6 දෙනත් අර භාරතේ එදා විසූ 06 දෙනාද මන්ද සසරේ තවම සැරිසරන -පුර්ණ කස්සප, මක්ඛලි ගෝසාල,අජිත කේශකම්බල,පකුධ කච්චායන,සංජය බෙල්ලට්ටිපුත්ත,නිඝන්ට්ට නාතපුත්‍ර වාගේ;-) තම අදහස් ‘විතරක්’ හරිය කියන!
@=/?
1.
හා හා එය එසේ වූ පමණින්,මේ රටේ සියලු නීතීඥයන් ගැන ඉක්මන් තීරණ වලට නොඑනු මැන.මේ රට අතහැර නොගොස්,සල්ලි පස්සේ නොදුවන,දෙවියන් වන්,සමහර අපරදිග ඩොකාල මෙන්ම,බටහිර රටක විරාජමානව සල්ලිවල පීනමින් සේවය කිරීමට ඕනෑ තරම් අවස්ථා තිබුනත්,මේ රට අතහැර නොගොස්,මේ රටට,රටේ සුගතියට අවංකව තම සේවය කරමින් ඉන්නා වූ,සල්ලි පස්සේ නොදුවන,ඉතා සරලව දිවි ගෙවන,මා මිතුරු නීතිඥයන් කීප දෙනෙක් ගැන දනිමි. මගේ කුලප්පුව පෙන්වා දීම ගැන ඔබට පින්.එසේ නොවී සිටීමට මින් මතු උත්සාහ කරමි.
4.
සමා වෙන්න මේ නම මතක් කලාට,Anonymous One orig විසින් බුදු බණේ සඳහන් පුන භව සහ කරුම පඩිසන් දීම යනාදිය හුදෙක් ‘හින්දු කොපිය’ කියමින්,’ලෝකෙට මුල්ම දැනුම ගෙනාවේ සිංහල දියසේන / හිරු කුමරා කියමින්,එවුන් නැවත ‘ළඟදීම ඇවිත් මේ රට ගලවා ගන්නවාය’ කියමින්,සින්හලයව ගොනාට අන්දමින් ලනු දෙන විට නම්,මා එම කෙප්ප පන්න පන්නා නොකඩවා ‘තැලුවේය’.
Joseph ටද මගේ ‘ඒ නොනවත්වා තැලීම’ ඉවසා ගන්න බැරුව මට ආඩපාලි ද කීවා මතකය.එවිට Joseph ට මගේ පිළිතුර වුයේ,අපේ ගමට/ගෙදරට ‘බටහිර සමහර පල්ලි පිල්ලි’ ඇවිත් ‘ගැලවුම් කාරයා ළඟදීම එනවාය’ කියමින් යන විට,උන්ගේ පස්සෙන් ගොස් ඒ ගැන ප්‍රශ්න කිරීමේ පුරුද්දක් (තැලීමක්) මට කුඩා කල සිටම තිබුන බවය.
මාගේ ලියවිලි ඔබ විසින් ශබ්ද නගා කියවන්නේද?වාදනයක් ය කියා ලියා තබන්න,ඒවායේ තාලයක් තිබේද?නැත්නම්,ඒවා කර්ණ කටෝර නොව ‘චිත්ත’ කටෝර විය යුතුය.කෙසේ වෙතත් එය පෙන්න දුන්නට පින්.මින් මතු සෞම්‍ය බසින් ලියන්නට උත්සාහ ගනිමි.
6.
ඒ ඉල්ලීමට එකඟ වෙන්න නම් බැරිය.මක් නිසාද යත්,උගේ අවතාර,නොයෙක් වෙසින්,නැවත පහල විය හැකි නිසා,සුපරීක්ෂාකාරීව සිටිය යුතු නිසාය.
7.
පුනභව සහ කරුම පඩිසන් දීම ගැන ‘නොතේරෙනවය’ කියපු ‘ඔබ හඳුන්වන කණාමැදිරි එලි දෙකත්’ පැවසුවේ,ඒවා සම්බන්දයෙන් සිතිවිලි පවසන දේමය;එකම වෙනස,සිතිවිලි විසින් ”කවද හරි රහත් ඵලයට,’ඔහු’ පැමිණෙන විට, පුනභව සහ කරුම පඩිසන් දීම ඇත්තය කියා,’ඔහුට’ තේරේවි කියා ප්‍රකාශ කර සිටීම පමණය.
අප හය දෙනා,එකට,බුදුන් දකින කම්,සසරේ ඔහොම යමල්ල.කෝ යකා?ඌත් එකතු වුනොත් හතයි.
සමහර බෞද්දයන්ට තම ශාස්තෟ වරයා බුදුන් බව අමතක වී ඇත කලක් කෙනෙකුට නලීන්ද සිල්වා ශාස්තෟ වරයා වේ තවත් සමහරුන්ට පිටිදූවේ වැනි නොයෙකුත් බුදු දහමට පටහැනි දේශකයන්ද ශාස්තෟ වරුන් වේ
බොහො දෙනෙකුට අද පවතින යථාර්තයට බියය බුදුහිමියන් සර්වඤඤ නම් දහම අකාලික නම් දේශනා කර ඇත්තේ ලෝකයේ පවතින යතා සොභාවයනම් විදයාගාර වලට බිය වන්නේ තමාගේ නූගත් කම නිසාම බව පෙනේ ඇත්තටම මේ අය එකම තැන පල් වන මිනිසුන්ය. වෙනස්වන ලෝකය හා ගැලපීමට හා හරියට දහම තේරුම් ගැනීමටවත් නොහැකි පිරිසකි .
@නියම සිංහ
බොහොම අමාරුවෙන් තටමා,ඉංගිරිසි පොඩ්ඩක් කට ගා ගත් ගමේ ගොඩයකු වුන මා,බටහිර විද්‍යාව ගැන යම් තරමක අද්‍ය්යනයක් ලබා,බටහිර රටකට ගොස් පස්චාත් උපාධියක් ද ලබා ඇති හෙයින්,’විද්‍යාගාර විද්‍යා වලට’ බිය නොවෙමි.
කයිවාරුවකට කියනවා නොව,නමුත්,එකල මා කැම්පස් සිටිනා කලද,මා හඳුනන,හැසිරීමෙන් ඕල්කොට් බෞද්ධ වූ,ඩොකාල කීප දෙනෙක් සමගද,බටහිර විද්‍යාවේ ඇති සමහර පුහු තැන් ගැන,උන් නිරුත්තර වන ලෙස ‘සාකච්චා/වාද’ කර ඇත්තෙමි.
සමග අපේ නලින් ප්රොපා,මටත් වඩා,එම විද්‍යාවන් ඉතා ගැඹුරු ලෙස හදාරා,අතැඹුලක් සේ The Island සහ විදුසර පත්තරවල ඉදිරිපත් කර ඇති නිසා, ‘සම්මුති බටහිර විද්‍යාවේ’ ඇති ‘පදනම් විරහිත බව,’ සහ ‘එම බටහිර සම්මුති ප්‍රවාද වලින් වැඩ ගැනීමට පමණක් එය භාවිත කල හැකි බව’ මා තේරුම් ගත්තෙමි.
පෙර කල සංගීතයේ අති දක්ෂ අපේ ප්‍රේමසිරි කේමදාස මහතානන්ද,රටේ අවාසනාවකට,ඔහුගේ දිවියේ අවසන් කාල වකවානුවේදී,බටහිර ඔපෙරා වලින් මත් වී,සිංහල සංගීතේ ‘එක තැන පල්’ වෙනවා කියන ‘බයිලාව’ වාදනය කරමින්,අසා සිටිනවිට විට බටහිරයන්ටත් අපටත්,ඔක්කාර එන,’සිංහල ඔපෙරා,’ සිංහල කෙලි-කොල්ලන්ගේ කට හඬවල් වලින් ඉදිරිපත් කර විහිලු සැපයීය.රටේ වාසනාවකට,මේ රටේ පසේ තිරිඟු පැල නොවෙන්නාසේ,කිසිවකු ඒවා ගිල්ලේ නැත.
මා හට බුදු රදුන් අමතක වී අපේ නලින් ප්රොපා ශාස්තෘ වරයෙක් නොවී ඇති සේ ම;දැනට මේ රටේ,’සංගත ප්‍රවාදයක්’ ඉදිරිපත් කර ඇතී එකම එක ප්රොපා වශයෙන්,’නැති මනස,නැති මනසෙන් අවබෝධ කර ගෙන,නිවන් අවබෝධ කර ගනිමු’ යන්න,එතුමන්ගේ ‘නිර්මානාත්මක සාපේක්ෂ ප්‍රවාදයෙන්’ පැහැදිලි කළා විනා, අපේ නලින් ප්රොපා කිසි කලෙක බුදු බණට ‘නව අර්ථ කථන’ දීමට ගියේ නැතිය.එම නිසා බටහිර විද්‍යාවෙන් ?මත් වුන,ඔබගේ එකතැන පල් වෙන කතාව දැනට වලංගු නැතිය.
සිතුවිළි,
ඇතෙක් බරට පින් කළාවූ ඒ මනරම් පැහැදිලි කිරීමට.පංචඋපාදානස්කන්ධය හැදින්නෙමි.’හිත’ නැති කල රුපයක්ද නාමයක්ද නැත- මගේ ඒ වරදද නිවැරදි කලාට පින් සිදුවේ.ඛේමා තෙරණියන්ගේ නම සිහිපත් කර කල පැහැදිලි කිරීමට ජෝසප්ටත් ඒ පිනම එවමි.
වේදනා,සංඥා,සංකාර හා විඥාන උපදින්නේ හිතේය.මේ හිත කොහේ තියෙනවාදැයි දන්නෙක් නැත. නමුත් ඇත. හිතුවිලිද එසේමය කොහේ කොතන ඇතිවෙනවාද යන්නට උත්තර නැත.මේ හිතුවිලි වෙනස් වන වේගයට අනුව ඊයේ උඹෙන් මේ ප්‍රශ්නය ඇසු =/?මද මේ නැවත උඹට ලියන්නේ-නැත,වෙන කෙනෙකුද නොවේය!
ඉදින් මා මිය ගිය පසු මිහිදන්/ආදාහනය වන්නේ මගේ රූපය වුනත් මා ළඟ එතෙක් තිබු විඥානය රැගෙන මමත් නොවන,වෙන කෙනෙකුත් නොවන’මමෙක්’එන බවයට/නැවත ඉපදීමකට ලක් වෙන්නේ මගේ පෙරේතකම නිසා හෙවත් දැඩිව අල්ලා ගත් අර ලෝභ ද්වේශ මෝහ හිතුවිලි හෙවත් විඥානය මම නැති කර නොගත් නිසාය.මෙය ‘ඔප්පු’කර ගත නොහැකි හෙයින්ද එහි යාන්ත්‍රනය සමීකරණගත කල නොහැකි කමෙන්ද පිළිගන්නට ‘විද්‍යාගාර කුක්කන්’ මැලිය.
‘විද්‍යාගාරයේ පරමාණු’දැක ඇත්තෙක්ද නැත.නමුත් ඉලෙක්ට්‍රොන,ප්‍රෝටෝන,න්යුට්‍රෝන මවා ‘නැති පරමාණු’, ‘ඇති පරමාණු’කරලයි! අනේ බොදු අපිද ඒවා සම්මුති ලෙස පිලි ගන්නට අකමැත්තක් නොදක්වයි!නමුත් මේ ‘විද්‍යාගාර කුක්කන්’ නම් අපේ නැවත ඉපදීම/සසරේ යාමවත්,කර්මයවත් පිලි ගන්නේ නම් නැත.සාධක නැති හෙයින් ඔප්පු කර ගත නොහැකි කල….කියා පැන දුවයි!
ඉතින් සිතුවිළි, පථවී,ආපෝ,තේජෝ,වයෝ යන සතර භූතයන් හෙවත් පංචේන්දියන්ට හසුවන,පෙනෙන්නට තියෙන සරල දේවල් පැත්තකට දමා ‘නැති පරමාණු’ වලින් රූප,වේදනා,සංඥා,සංකාර හා විඥාන උන්ට කියා දෙන්නේ කෙසේද/කියා දුන්නට පලක් වේද?’ඇවිත් බලව’කියා මිසක අපේ බුදු රදුන් බලෙන් කිසිවෙකුට පෙවූ යමක් නැත.
අනික තමයි,දැලි පිහියේ වැඩට වෑය යෙදුවොත් යෙදේ විපතට..කියල අපේ මහින්ද හිමියෝ ලිව්වේ නිකන් නම් නෙවෙයි.ඒ නිසා උඹයි,ජෝසපුයි කියන අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වන සේම,ඊට යොදා ගන්න උපකරණද ඒ හා සමානවම ඉතා වැදගත් වේ- මේවා පටලව ගත්තොත් තව 2500 ක් අපේ බුදුහිමි පෙන්වූ මඟ යන්නට නම් නොලැබේවි- අපට නොවෙයි බන් අපේ දරු මුණුපුරන්ට!
@=/?
Ela
=/? මිතුර,
රූපය නිසා සලායතනයත්, සලායතනය නිසා ස්පර්ශයත්, ස්පර්ශය නිසා වේදනාවත්, වේදනාව නිසා විඥානයත් හට ගන්නා බව බුදු හිමියන්ගේ දෙසුමයි.
එමෙන්ම සත්ත්වයෙකු හටගැන්මේදී රූප, වේදනා, සඤ්ඤා, සංකාර හට ගත් විට විඥ්ඥානය හටගන්නා බවත්. විඥ්ඥානයට පෙර පසු නොවීම සිත හටගන්නා බවත් බුදුන්ගේ දෙසුමයි.
එම නිසා නාමස්කන්ධ සිතේ හටගන්නවා යන්න ගැටළු සහගත යෙදුමකි. එහෙත් පංච උපාදාන ස්කන්ධය නිසා සිතත්, සිත උපාදානය කරගෙන පංච උපාදානස්කන්දයත් පවතිනවා කීම වඩා අරුත්බරයැයි සිතමි.
කෙනෙකු අදාහනය වන විට විඥානයත් රැගෙන අනෙක් බවයට යනවායයි කීමද මට ගැටළු සහගත තැනකි.
එනම්, විඥානය යනු පවතින තැනකින් තැනකට ගෙන යා හැකි දෙයක් නොවේ. සලායතන වෙත ස්පර්ශයක් ලැබුනු විට ඉන් හටගන්නා වේදනාව විසින් අදාල ස්පර්ශයට අනන්‍ය වූ විඥානයක් භිහි වේ. එම විඥානය විසින් ඒ කෙරෙහි අදාල වූ සිත හට ගනී. මෙයද නිරතුරුව ඇති වෙමින් නැති වෙමින් පවතින ධරමතවයකි.
එහෙත් මියගිය පුද්ගලයා වෙනත් පුද්ගල ස්වරූපයකින් නැවත භවයක් සාදාගෙන එහි සලායතල උප්යෝගි කරගෙන නැවතත් විඥාන පද්දතියක් හා පෙර භවයේ සිතුවිලි මත පදනම් වූ නව සිතුවිලි පරම්පරාවකුත් සාදා ගනී.
මේ නාමස්කන්දයන්ගේ පැවත්ම කිසිදු භෞතික සාදකයක් මත නොපවතින නිසා, නූතන විද්‍යාවෙන් හෝ එදා පැවති භාරතීය විද්‍යාවන්ගෙන් පැහැදිලි කල නොහැක. භෞතික පදනම් මත පවතින සියළු විද්‍යාවන්ගේන් පැහැදිලි කල හැක්කේ රූපය නම් වූ සත්ත්වයාගේ සම්මුති රූපය පමණි.
මෙහිදී අප කියන්නේ මේ සම්මුති ආකාරය පැහැදිලි කිරීමට කෙනෙකු යොදාගන්නේ කුමක්ද යන්න වැදගත් නොවන බව පමණයි. නැතිව විද්‍යාගාර විද්‍යාවෙන් පමණක් එය පැහැදිලි කල හැකි බවක් නොවේ.
අනෙක සාධක සාක්කි මත යැපෙන කිසිවෙකුට සත්ත්වයා යන සම්මුතියෙහි සැබෑ ස්වරූපය කිසිදු භෞතික විද්‍යාවකින් පහදාගත නොහැක. එය කළ හැකි එකම ක්‍රමය බුදුන් පෙන්වාදුන් අයුරින් සිතම වර්ධනය කිරීමෙන් පමණි.
සතර භූතයන් තුලින් පංචස්කන්දය දැකීමට උත්සහ දරනවානම් ඔබද තනන්නේ දැලි පිහියෙන් කල යුතු දෙය වෑයෙන් කිරීමට නොවේද?
මා දකින අයුරින් අපට නූතන විද්‍යාවෙන් හෝ සතර භූතයන්ගේ පැහැදිය හැක්කේ පංච්ස්කන්ධයේ 1/5ක් වූ රූපය පමණකි. තවත් පහදා ගැනීමට 4/5ක් ඉතිරිව ඇත. අර රූපය සඳහා සතර භූතයන් ම යෙදිය යුතුයැයි ඔබ කියනවානම් එහි වරදක් නැත.
සසුනෙහි පැවත්ම කිසිසේත් ඔබට මට පාලනය කළ හැකි දෙයක් නොවන බවයි මාගේ අවබෝධය. එමනිසා මේ දහමින් හැකි තරම් ප්‍රයෝජන ගන්න, අපේ දරුවන් ලෙස මතු උපදිනා උන් සැබේ පින්වන්තයින් නම් සසුන පවතින කාලය තුල උපදීවී, එහෙත් ඔබට රත්තරන් නැවක් ලැබුනත් එය රත්තරන් බව වටහා ගැනීමට සිහියක් නැතිනම් ඇති ඵලය කුමක්ද, එවන් රන් නැවක් මතු පරපුරට දීමට මානම් බලාපොරොත්තු නොවෙමි
@සිතිවිලි
1.
සිතිවිලි says ,’එහෙත් මියගිය පුද්ගලයා වෙනත් පුද්ගල ස්වරූපයකින් නැවත භවයක් සාදාගෙන එහි සලායතල උප්යෝගි කරගෙන නැවතත් විඥාන පද්දතියක් හා පෙර භවයේ සිතුවිලි මත පදනම් වූ නව සිතුවිලි පරම්පරාවකුත් සාදා ගනී’.සිතිවිලි
වින්ගාන/නාම/රුපවින්ගාන/නාම රුප.. යන ‘චක්‍රීය පළමුවන සස දෙවන චතුරාර්ය සත්‍ය’ ඔබ පැහැදිලි කර ඇත.
මිය යාමේදී රූපය විනාස වෙන විටත්,අරුප බඹ ලොව ඉපදෙන විටත්,අන්තිම වින්ග්චනය නව වින්ගණයක් (මුල් වින්ගනයත් නොවන වෙනත් වින්ගනයක්ද නොවන)බවට පත්වේ.
2.
අපට අපේය කියා උපාදාන කොට බදා ගැනීමට සතර මහා බුතයන් තියා,සිතිවිලි වත් නැති කොට,වඳුරට දැලි පිහි කතාව අදාළ වන්නේ,තද/වායු/වැගිරෙන සුළු/රස්නේ යනාදී අපට,අපේ සලායතන වලට දැනෙන ගති ගැන කතා නොකර,අපට නොදැනෙන එලෙක්ට්‍රෝන ප්‍රවාද වලින්,එක තැන පල නොවී සිටින්නට උත්සාහ කරන විටය!
සිතුවිළි,
සතර මහා භූතයන්ගෙන් මා දැකීමට උත්සහ කරන්නේ පංචස්කන්ධයේ අනිත්‍යතාවයයි.රූපය නිසා සඤ්ඤාව ඇති වී,එය දුකද/සැපද කියා හඳුනා ගෙන වේදනාව ඇතිවී එය බදාගත්/ගැටුණු හෙයින් සංස්කාර ඇති වී විඥානයක් හට ගනී.මෙය හට ගන්නේ හිතෙහිය.හිත ඇත්තේ කොයිබදැයි ඇසුවාට උත්තර දිය හැකි ජගතෙක් නැතිය!
කොණ්ඩය දුර්වර්ණ වී,හම රැලි වැටී,දන්තාවන් මුක්ත වෙන විට (පඨවි)ද ,හම තුවාල වී ලේ ගලා, පැසවූ එයින් සැරවා ගලන විට(ආපෝ)ද, කාපු බත් පත දිරවා ගත නොහැකිව බඩේ රුදාව හැදී තරු පෙනෙන විට (තේජෝ)ද, හුස්ම ගන්නට බැරිව ලතවන විට (වායෝ)ද සතර මහා භූත වී ‘සම්මුති අපට’ දන්නවන්නේ අනිත්‍යමය.
මෙය ‘සම්මුති වශයෙන් ඉන්න අපට’ අපුරුවට ගෝචර වන අතර විද්යාගාරයෙවත් නොමැති ‘නැති පරමාණු’ උපකාරී කර ගෙන මෙය ගෝචර කර ගත හැක්කේද? මේ සතර මහා භූතයින් ගෙන් ප්‍රත්‍යක්ෂ නොවන අනිත්‍ය, අනේ බන් කෙලෙසද ඔය විද්‍යාගාරය අනුසාරයෙන් පහදන්නට යන්නේ? අඬුව තියෙද්දී අහවල් කෙන් ගෙඩියකටද බන් අත පුළුස්ස ගන්නේ?
බොදු අපේ ඔලු ගෙඩිවලට ඔබ්බවා ඇත්තේ පෙර අර මීහරක් සිටුවරයාට අග්‍රගන්‍ය සළුවක් කර දෙන්නට ආ හොර සන්නාලියා විසින් පැතිරුවා වැනි මතයක්ම නොවේද? ‘විද්‍යාගාරයට නොගියොත්/එය නොපිලිගත්තොත් උඹල මීහරක් වේ’-අනේ ඉතින් බොදු අපිත්’මීහරක්’නොවන්නට මේ කියන විද්‍යාගාරයටම ගොස් බුදු දහමින් පෙන්වූ අනිත්‍යතාවය ඉන්ම ‘ඔප්පු’ කර ගත යුතු වන්නේය! අනිත්‍ය තේරුම් ගන්නට අප පැරණි/නව භාරතයට යායුතුද නැත-මේ’ඌගාත් විද්‍යාගාරයට’යාමද කල යුතු නැත.එය වටහා ගන්නට අපට අප තුලින්ම හැක. ඒ කියන්නේ දැලි පිහියෙන් කිරි නොකෑමට තරම් සැබෑ බුද්ධියක් අපට ඇත.මෙය හීන/අධි මානයක් නොවේය.යහපත් සිහියම පමණි!
මම සිංහල බෞද්ධයෙක්‌මි. මා අනුගමනය කරන්නේ කාලාම සූත්‍රය ය. මම හැකිතාක් දුරට ඇසූ නිසා, පොතක පතක තිබූ නිසා ආදී වශයෙන් නොපිළිගෙන ප්‍රශ්නයක මුලට ගොස් එය විශ්ලේෂණය හා සංස්‌ලේෂණය කර ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. එසේ නොහැකි වූ විට මගේ විඤ්ªන්ගේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. මට පුනර්භවය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂයක් නැත.එහෙත් මම ඒ පිළිබඳ බුදුන් වහන්සේගේ හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනත් අයගේ ප්‍රත්‍යක්‍ෂය පිළිගනිමි.මට කර්මවාදයක් අවශ්‍ය නොවේ. බුදුන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් කර්මය පිළිබඳ දැනුම මට ප්‍රමාණවත්ය.බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි පට්‌ටපල් බොරු කතා ඉදිරියේ වැඳ වැටුණු, වැටෙන මහා ප්‍රාඥයන් යනුවෙන් හැඳින්වුණු, හැඳින්වෙන ඇතැමුන් පුනබ්භවය ප්‍රතික්‍ෂේප කළ බව, කරන බව මම දනිමි. ඔවුන්ට තිබුණේ, තිබෙන්නේ හීනමානයකි.
Prof Nalin de Silva
Irida Divaina 26/08/12
අපට අකාලික දහම කියා දුන් බුදු රදුන්ගේ පුබ්බේනිවාසානුස්සති නුවනටත් ආඩපාලි කියමින් ‘විද්‍යාගාර කුක්කන්’ අනුදක්නයට ආවතේව කරමින් අයින්ස්ටයින්ද පුම්බා “ඔහුත් කීව නම්…”කියමින් කැඩුණු තම වලිගය වටේම කැරකෙයි.මේ කුක්කගේ ඇසට මා පල් වුනු නුගතෙක්ය- කාරියක් නැත!
‘වෙනස් වන ලෝකය හා ගැලපීමට’ අපේ බුදු දහම ඔය විද්‍යාගාරයට ඔබ්බවා’යතාර්ථවාදී’වී’ඔප්පු’කරගන්නට වලි කන’විද්‍යාගාර උගත් කුක්කන්’ අසල මම අකම්පිතව බලා සිටිමි.
පින්වතුනි,
බන පොත් කියවා මා තේරුම් ගෙන ඇති පරිදි,අප මල පසු අපේ ‘රූපයෙන්’ ගිලිහෙන ‘අවසන් ව්න්ගානය’,උදාහරනයක් ලෙස,එක්කෝ,කරන ලද කුසලාකුසල වලට අනුව,රූප නැති-සදාකාලික නොවූ -බඹ ලොවේ ‘ඕපපාතිකව’ ,(සදාකාලික නොවූ-තිරිසන්,දේව,යක්ෂ,ප්‍රේත,කුම්භාණ්ඩ…etc) නැත්නම්,තවත් මව් කුසක,’කළල රූපයකට’ ඇතුළු වීමෙන්,එම අවසන් වින්ගානයත් නොවන වෙනත් වින්ගානයකුත් නොවන ලෙස, ‘භවයක්’ ලබයි.
මේ සසර ‘චක්කරේ’ කඩා දමන්න නම්,”අනේක ජාති සංසාරං..”යන බුදු වදනට අනුව තන්හා උපාදානය ඇති කරන වඩුවා හැඳින,සංකාර/වින්ගාන සෑදීම (සහ නැවත කළල ‘රූපයකට’ ඇතුළු වීම) වලකා ගත යුතුය.එවිට නැවත භවයක් හෝ කුසලාකුසල කිරීමක් සිදු නොවේ.බුදු කෙනෙකුන් මෙලොව පහල වී අපට පෙන්වා දෙන නිවන යනු එයයි.