මාලඹේ නාගරික පරිසරයෙන් මිදී මහවෙල නමින් හදුන්වන ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නිවස වෙද ගෙදර නමින් ප්‍රදේශ වාසීන් අතර ප්‍රකටව ඇත.පොහොය දිනයක් වන එදින මා එහි යන විටත් කුඩා මිදුල පුරාවටත් ගෙතුල ඉඩ ඇති සෑම තැනකමත් පැදුරු එලා සකස් කොට තිබුනේ සීයකට පමණ වාඩි වී ගත හැකිවන පරිදිය. උදෑසන නවය වන විට පැමින සිටි සියලු දෙනා භාවනාව සඳහා සූදානමින් සිටී.ඇය නමින් ප්‍රියන්තා සේනානායක වන්නීය.වෙද ගෙදර සියලු වැඩ සටහන් මෙහෙයවන්නේ ඇයයි.විද්‍යාවේදී උපාධි ධාරිනියක් වන ඇය දරුවන් සිටින මවකි.භාවනාව සඳහා සූදානම් වූ අය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා ඇත.නවකයින්,චිත්ත සමාධියට පත් වූවන්,විදර්ශනා වඩන ඇත්තන් ඒ අතර වෙති.චාම් පෙනුමකින් හෙබි ඇය මයික්‍රෆෝනය අතට ගෙන එදින පැමින සිටින නවක කණ්ඩායම ඇමතීම අරඹයි. ඔබ එදිනෙදා රටේ සිදුවන දේ කෙරෙහි අවධානයෙන් පසුවන අයෙක් නම් ඉහත නම ඇසූ සැනින් ඇයව හදුනා ගනු නියතය.
රජරට සීඝ්‍රයෙන් පැතිරීගෙන යන වකුගඩු රෝගයට හේතුව සොයාගත නොහැකිව විවිධ පර්යේෂණ කණ්ඩායම් විසින් විවිධ මත පල කරමින් සිටි කාලයක එම රෝගයේ සැබෑ හේතු කාරකය විෂ ආසනික් බවට හෝඩුවාව කැළනිය සහ රජරට විශ්ව විද්‍යාලයීය ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමට ලබා දුන්නේ ඇයයි.ඒ ඔස්සේ පර්යේෂණ මෙහෙය වූ ඔවුන් අද රජරට වකුගඩු අකර්මන්‍ය වන රෝගයට හේතුව ගොවි බිම් වලට යොදන කෘමි නාෂක සහ රසායනික පොහොර වල අධික සාන්ද්‍රන වලින් අඩංගු වන ආසනික් මූල ද්‍රව්‍යය බව ඔප්පු කොට හමාරය.මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද එම සත්‍ය පිලිගන්නා ලදී. මෙම වකුගඩු රෝගය සම්බන්ධව රුපියල් කෝටි ගණන් අරමුදල් වියදම් කරමින් සිදුකල පර්යේෂණ අසාර්ථක වෙද්දී විද්‍යාඥ වරියක් වත් වෛද්‍ය වරියක් වත් නොවූ ඇය මේ සත්‍යය සොයා ගත්තේ කෙසේදැයි ඔබට ප්‍රශ්ණයක් වනු නොඅනුමානයි.
නාථ දෙවියන් හරහා සිදුවුනු සන්නිවේදනයකින් එම කාරනය දැනගත්තා යැයි පැවසූවොත් ඔබ එයටද පුදුම වනු නොඅනුමානය.මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට සිදුවන මේ විශාල අපරාධය දැක සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ද කම්පාවට පත් ව සිටීම ඇත්තෙන්ම පුදුමයට කාරණයක් නම් නොවේ.බටහිර සංස්කෘතික හර පද්ධතියකට උපතින්ම උරුම කම් කියන අපට මෙවන් සිද්ධියක් මනසට ගෝචර කර ගැනීමට තරමක් අපහසු බව සැබෑය.නමුත් ස්වාධීන සහ විචාරවත් මනසකින් මේ ලිපිය කියවන පාඨකයාට නම් මේ කරුණු විසංවාදයක් නොවනු ඇත.
සිංහල බෞද්ධ සංස්කෘතියක් මේ ලොව තුල පැවතීමේ අවශ්‍යතාව කුමක් දැයි යමෙකුට ප්‍රශ්නයක් විය හැකිය.මෙය වර්තමානයේ ඊනියා ගෝලීය කරනය හමුවේ අභාවයට යන එමෙන්ම තම ස්වභාවික මරණය සඳහා වන මර්ගය තෝරාගනිමින් සිටින සංස්කෘතියක් බවට අප අතර සිටින බොහෝ දෙනාගේ මතය වී ඇත.එලිපිට ප්‍රකාශ කිරීමට අකමැති වුවත් සිංහල බෞද්ධයන් වන අප විසින් මුහුන දියයුතු අමිහිරි සත්‍ය මෙය බව බොහෝ දෙනා විශ්වාස කරයි.සිංහල බෞද්ධ රාජ්‍යයක් ගැන ,ජාතික චින්තනයක් ගැන කතාකරන්නේ ජාතිවාදයෙන් සහ අතීත කාමයෙන් ඔලුව ඔද්දල් කරගත් හමස් පෙට්ටියෙන් පැන ආ කීපදෙනෙක් බව සමාජ ආකල්පයක් ලෙස වර්ධනය කෙරී ඇත.
ප්‍රශ්ණය පටන් ගන්නේ පිරිසිදු බුදු දහම අප අවබෝධයට නොගත් තැන් පටන්ය.මෙරට පන්සල් දොලොස් දාහක් පමනත්,භික්ෂූණ් වහන්සේලා තිස් හත් දාහක් පමනත් වැඩ වාසය කලත් අප අද ධර්මය ලෙස භාවිතා කරන්නේ කුමක්ද යන ප්‍රශ්ණය පැනනැගී ඇත.පෝය දිනයකදී පාරට බැස්සොත් අතුරු සිදුරු නැතුව සිල් ඇත්තන්ගෙන් පිරී ගිය අසපු, ධර්ම ශාලා සොයා ගැනීමටද අපහසු නැත. අපි ධර්මය කෙරෙහි කොතරම් දුරාවබෝදයකින් ක්‍රියා කරමු දැයි සරල උදාහරණයකින් විමසා බැලීම වටී.
අද බනක් ඇසුවොත් හාමුදුරුවෝ පන්සිල් පද පහේ ඇති වැදගැම්ම පහදා දීම සහ ඒ ඔස්සේ අවිහිංසාවාදී සමාජයක් නිර්මානය කෙරෙන පිලිවෙල අප කොතෙකුත් අසා ඇතිවාට සැක නැත.සතුන් නොමරන, අන් සතු දේ සොරකම් නොකරන,කාමයෙහි වරදවා නොහැසිරෙන,මුසා බස් නොකියන,සුරාව භාවිතා නොකරන මිනිසුන් සිටින සමාජයක් කොතරම් අවිහිංසක දැයි තේරුම් ගැනීමට සිල් සමාදන් වන බෞද්ධයකු වීමට අවශ්‍ය නැත.එය ප්‍රකෘති මනසක් ඇති අබෞද්ධයින්ටද මනාව වැටහේ.ඔය බණ කීවට ඕවත් ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් දැයි ඇතමෙක් තර්ක කරන්නේද ඒ නිසා විය යුතුය. අපට වැරදුනු තැන පටන් ගන්නේද මෙතනින්ය. එක බුදු වදනක් පිසුනාවාචයක් හෝ සම්පප්‍රලාපයක් ලෙස දේශණා වී නැති බව බෞද්ධයින් දත යුතුය. බුදු රජාණන් වහන්සේ ධර්මය සියලු සතුන්ට දේශණා කලේ නිවන් අවබෝධය ලබා ගැනීම උදෙසාම මිස කුමන ආකාරයකින්වත් ලෞකික සැප විඳීමින් භවගාමී වීමට නම් නොවේ.එයට හේතුවනම් මේ මුළු විශ්වය පුරාවටම ජීවයක් පවතීනම් ඒ අකාර හතරකි.මනුෂ්‍ය(එනම් අපගේ ස්වරූපය දරන ජීවීන්),තිරිසන්,අමනුෂ්‍ය(භූතයින්,පෙරේතයින් අදීන්),සහ දේව (බ්‍රහ්ම ද ඇතුලත්ව ) යන ආකාර හතරය.මෙයිනුත් ජීවියකු පැවතීමට නාම කාය සහ රූප කාය යන කොටස් දෙක එක්ව පැවතිය යුතුය.සරල ලෙස පැවසූවොත් නාම කාය යනු විඤ්ඥාණය හෝ මනස හෝ සිත ලෙස ගත හැකිය.රූපකාය යනු අපගේ බාහිර ශරීරයයි.එය මස්,ඇට,ලේ,නහර වලින් සැදී ඇත.මනසක් හෝ සිතක් ඇති බවද අපට වැටහෙන නමුත් එය වාස්තවිකවම පවතින්නක් දැයි අපට අවබෝධ නොවේ. මෙම කාරනා වල සත්‍ය අසත්‍ය තාව මැනීමට අපට විද්‍යාත්මක පර්යේෂණ කිරීමට අවශ්‍ය නොවේ.අපට අප තුලින්ම එය තේරුම් ගත හැකිය.ධර්මය අවබෝධයේදී තමන් විසින් තමාවම පර්යේෂණාගාරයක් කර ගැනීම අත්‍යාවශ්‍ය කාරණයකි.
මක්නිසාද යත් මුලින් කී රූපකාය ඡායාරූප ගත කර හෝ කොටස් කපා හෝ පෙන්විය හැකි වුවත් නාම කාය කිසිදා එලියට ගෙන මෙන්න නාමකාය යැයි පෙන්විය නොහැකි වනු ඇත.ඒ වෙන දෙයක් නිසා නොව මනස(එනම් නාමකාය )මනසේම නිර්මාණයක් වන බැවින්ය.චිත්තයක් ඇතිවී නැතිවන ධර්මතාවයක් ලෙස ගත් කල්හි එය තවත් එවැනි ඇතිවී නැතිවන චිත්ත රාශියකින් සමන්විතවන කල්හි මෙය කෙලවරක් නොමැතිව ඒ චිත්තයන්ද තවත් කුඩා යැයි කියන චිත්තවලින් සමන්විත වන බව පැවසූ කල්හි අපට මවාගත හැක්කේ මෙය චිත්ත පෙලහරක් ලෙසිනි.අපට චිත්තයක් කොටින්න්ම කිවහොත් සිතුවිල්ලක් ඇති උනා යැයි තේරුම් යන්නේ අර ඉහත කී චිත්ත පෙලහරේ යම් විශාලත්වයකින් යුතු චිත්ත කාණ්ඩ වලට පමනි.ඒවා සැදී තිබෙන කුඩා චිත්තයන් අපගේ මනසට ගෝචර නොවන්නේ හරියට ගල් කැටයක හෝ වස්තුවක පරමාණු පියවි ඇසට නොපෙනෙන පරිද්දෙනි.මනසට ග්‍රහනය කර ගත හැකි මෙම කුඩාම ච්ත්තය ට චිත්ත ක්ෂණයක් යැයි කියමු.
තවද මෙම චිත්තයෙන් චිත්තයට දත්ත ලබා දෙමින් චිත්ත පෙරහර ගොඩ නැගෙන බවද එය මනස ලෙස නිර්මාණය වන බවද අපි කියමු.එනම් මනස මනස ලෙස ගන්නේ අන් කවරකුවත් නොව මනස විසින්මය.එනම් මනස මනසේම නිර්මානයක් වන්නේ එලෙසය.අවධාරණයෙන් පැවසිය යුතු කරුන නම් මේ චිත්ත හෝ මනස හෝ පවතින්නක් ලෙස ගැනීමම ආත්ම වාදී වේ.එය වැරැද්දකි.මනසට සාපේක්ෂව මෙතෙක් අප ගොඩ නැගුවේ මෙම ධර්මතාවය තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රවාදයක් මිස අන්වීක්ෂයකින් හෝ බලා දුටු දෙයක් නොවන බව වටහා ගත යුතුය. එසේ නම් මෙම නාමකායක් තිබේ යැයි වැටහෙන දෙය බටහිර විද්‍යාවෙන් කවදාවත් වාස්තවිකත්වයෙන් ගත නොහැකි වන බව පැහැදිලිය.මෙම මනස පිලිබඳ අපේ ප්‍රවාදය මුලින්ම ගොඩ නගන ලද්දේ මහාචාර්‍ය නලින් ද සිල්වා විද්වතාණන් බවත් ගෞරවයෙන් සිහිපත් කල යුතුය.මෙම චිත්ත එකකින් නතර නොවී පෙරහැරක් ලෙස වැඩෙන්නේ ස්වභාවයෙන්ම ඒවාට පවතින ලෝභ ,ද්වේශ ,මෝහ නම් ගුණ ප්‍රධාන කොට ගෙනය.
නිකමට සිතන්න ඔබ යමක් දුටු සැනින් එයට කැමති සිතක් පහල වුවහොත් ඒ සිතිවිල්ල කොතරම් දුරට වැඩෙනවාද කියා.සමහර විට එය කෙලවර වන්නේ දැකපු දේ නිසා ඇතිවූ සිතිවිල්ලට කොහෙත්ම සම්බන්ධයක් නොමැති සිතිවිල්ලකිනි.එයින්ද කෙලවර නොවී එය තවත් සිතිවිලි පරම්පරාවකට ආරභක චිත්තයක්ම වන්නේය. මෙය ලොභයකදීද මෝහයකදීද මේ ලෙසම ක්‍රියාකරයි.අප ඉපදෙන මොහොතේ සිටම මැරෙන තුරාවටම ඉහත් සඳහන් කල චිත්තවලට ඇති නිසග ගුණ ත්‍රිත්වය ප්‍රධාන කොට ගෙන චිත්ත ඇතිවේ.මැරෙන මොහොතේදී එනම් නාම කාය රූප කාය හැරයන මොහොතේදී ඇතිවන චිත්තය මත ඊලග භවයට අදාල රූපකාය පිලියල වේ.එම චුති චිත්තයද අදාල නව රූප කාය සමග ප්‍රතිසන්ධි වී අලුත් චිත්ත පරම්පරාවක් ජනිත කිරීම අර්ඹයි.දැන් නාම කාය අලුත් රූපකායක් සමග එකතුවී නව ජීවියකු නිර්මාණය කොට ඇත.මේ ජීවියා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?ඒ පෙර භවයේ සිටි ජීවියාමද?බෞද්ධ සාහිත්‍යයේ එන සුප්‍රසිද්ධ මිලින්ද ප්‍රශ්ණය නම් ග්‍රන්ථයේ මිලිඳු රජු විසින් නාගසේන හිමියන්ගෙන් ,භවයෙන් භවයට ගමන් කරන්නේ එකම සත්වයා දැයි විමසූ කල උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ එම සත්වයාද නොව වෙනත් සත්වයකුත් නොවන බවය.අප මුලින් ගොඩ නැගූ ප්‍රවාදය මේ කාරණා සමග මොනවට සංගත භාවයක් දක්වන්නේ දැයි දැන් අපට වැටහේ.
අනෙක් කරුන නම් කුසල්,අකුසල් පිලිබඳ ධර්මයේ එන විග්‍රහයයි. කුසල් අකුසල් යනු මේ කාරණයට අදාලව නිවන් අවබෝධය පිනිස විඤ්ඥාණය සුදුසු තත්වයට පත් කරමින් යන ගමනේදී උපකාරීවන හැකියාවන් සහ නොහැකියාවන් ලෙස දැක්විය හැකිය.අප ඉහතින් සාකච්ඡා කල ලෝභ,ද්වේශ,මෝහ යන විඤ්ඥාණයට අදාල නිසග ගුණයන් වර්ධනය කිරීමට අකුසලයන් සමත්වේ.මීට සාපේක්ෂව කුසල් මගින් ලෝභ,ද්වේශ,මෝහ යන කාරණා යටපත් කිරීමටත් උපකාරී වේ.කුසල් මගින් නාම කාය තුල නිවන් අවබෝධයට අදාල සුභවාදී වෙනස් කම් ඉටුකර ගැනීමට හැකි අන්දම දානය ,ශීලය, භාවනා,ප්‍රඥා යන කරුණු ඔස්සේ තෙරුම් කෙරී ඇත.ඊට කලින් තවත් එක දෙයක් අපේ මෙම විඤ්ඥාණය ගැන කිව යුතුය.එනම් එය ප්‍රධාන කොටස් හයකින් සැදී ඇති බවයි. එනම් සලායතන යනුවෙන් හඳුන්වන රූපකායට අදාල ඇස්,කන්,නාසය,දිව,සම ඇතුළු ස්පර්ශ ඉන්ද්‍රිය නුත්(ආයතන පහක් සම්පූර්ණ වේ.) හයවන ඉන්ද්‍රිය ලෙස සලකන මනස විසිනුත් එවන සංඥා ග්‍රහණය කිරීමටත් ඒ අනුව ක්‍රියාත්මක වීමටත් නාම කාය කොටස් හයකට බෙදී පවතී.උදාහරණයක් ලෙස ඔබ බඩගින්නේ සිටින අවස්ථාවක රස නහර පිනා යන ලෙස සැකසූ අහාරයක් ලැබෙනවා යැයි සිතන්න.එවිට ඔබ එය අනුභව කරන්නේ දිවෙන් රස විඳීමින් ඒ රස කෙරෙහි තෘශ්ණාවක්ද ඇතිකර ගනිමින්ය.එවෙලේ ඔමට මොහොතකටවත් නොසිතෙන කාරණය නම් මේ අනුභව කරන ආහාරයද හුදු සංස්කාරයක්ම පමණක් බවයි.එනම් රසවත් ආහාරය ලෙස නොවෙනස්ව පවතින දෙයක් නොමැති බව සහ එය මනසේම නිර්මාණයක් වන බවය.මෙතනදීය අර අප මුලින් සඳහන් කල විඤ්ඥාණයේ දිවට අදාල කොටස මගින් මුළු විඤ්ඥාණයම නිවන අවබෝධ කර ගැනීමට යන මාර්ගයෙන් වෙනස් දිශාවකට විඤ්ඥාණය යොමු කරයි.අන්න දැන් අකුසලයක් නැත්නම් හැකියාව නොමැති බවක් සිදුවී ඇත.මේ අකාරයට අවශ්‍ය නම් ඔබටම ආයතන පහෙන්ම අකුසල් සිදුවන අකාර සාධනය කරමින් ලිවිය හැකිය.ඒවා ලක්ෂ කෝටි ගණනක් වත් ලියවෙනු ඇත.මක් නිසාද මේ ආයතන පහ පිනවීමට අතීතයේ නොතිබූ ක්‍රම අද නිර්මාණය වී ඇත.අනාගතයේ තවත් ක්‍රම නිර්මාණය විය හැකිය.ඒ ක්‍රමද ඔබට සාධනය කර බැලිය හැකිය.
මේ අයුරින්ම මනසින්ද අකුසල් කිරීමට හැකි බව සිතා ගැනීම දැන් අපහසු නැත.බුදු රජාණන් වහන්සේ රහසින් වත් පව් නොකල සේක යන පදයේ අරුත දැන් පැහැදිලි වෙතැයි සිතමි.එසේ නම් දානය යනු කුමක්දැයි විමසා බලමු.ඔබ රෝගියෙකුට වකුගඩුවක් දන් දීමට තීරණය කලායැයි සිතමු.සැබැවින්ම අසීරු තීරණයකි.මේ තීරණය ගැනීමට නම් ඔබ ඔබේ අනාගත ජීවිතය සැපෙන් සනීපෙන් ගතකිරීමට ඇති අසාව අත්හල යුතුය.එමෙන්ම ශල්‍ය කර්මයේදී සිදුවන වේදනා ,එක්තැන්ව ගත කල යුතු අමිහිරි කාලය ඉවසීමට සිත හදා ගත යුතුය.අවසානයේදී තම සිරුරේ ඇති අවයවයක් තමන්ට නැතිවීම ගැනද ආසාව අත්හල යුතුය. මෙම මානසික ක්‍රියාව මගින් නැවත සිදුවන්නේද කලින් කුසල් මගින් විඤ්ඥාණය විෂයෙහි සිදුකල බලපෑම මය.දානය තුලින් ඇතිවන ශීලය නම් මෙම නිවන ප්‍රත්‍යක්ශය කෙරෙහි විඤ්ඥාණයේ සිදුවන හැඩගැසීම නැත්නම්හුරුවීම ලෙස හැඳින ගත හැකිය.මෙම විඤ්ඥාණ හුරුකිරීමට බුදුන් වහන්සේ හඳුන්වාදුන් අභ්‍යාසයක් ලෙස භාවනාව හැඳින්විය හැකිය.
භාවනාව වැඩීමට නම් නැවත ශීලය තිබීම අවශ්‍යය.භාවනාව වැඩීමෙන් පසු විඤ්ඥාණය සමාධියට පත්වන අතර අවසාන අදියරේදී ප්‍රඥාව පහල වීම යනු නිවන ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීම ලෙස හැඳින්විය හැකිය.මෙතනදී විඤ්ඥාණය නැතිකිරීම එනම් නැති මනස නැති මනසින් අවබෝධ කිරීම මගින් පමණක් නිවන ප්‍රත්‍යක්ෂ වනවා යැයි අප විසින් සලකනු ලබයි.මෙම දීර්ඝ විග්‍රහයෙන් මට කීමට අවශ්‍ය වන්නේ අප මෙතෙක් කල් පන්සල්වල, නිවස තුල බුද්ධ වන්දනාව කල කාලය ගතහොත් මොනතරම් නම් කාලයක් ගත කර ඇතිද?එයින් මිනිත්තු කීපයක්වත් අප මෙම පාලි පාඨ වලින් කියවෙන ගැඹුරු සත්‍ය ඉස්මතු කර ගැනීමට යොදවා ඇත්ද?පන්සිල් හෝ අටසිල් හෝ ඊටත් වඩා අධි ශීලයක් සමාදන් වීමට ගත කරන කාලයට අනුලෝමව කුසල් රැස්වනවා යැයි අප තුල පවතින ආකල්පය තව දුරටත් වලංගු වන්නේ නැත.
නිවන ඇත්තේද අප තුලම බව වටහා ගැනීමට තවත් කරුනු කුමටද? නිවන් ප්‍රත්‍යක්ෂය යනු සංකල්ප වලින් අවබෝධ කොට ගත නොහී ප්‍රත්‍යක්ෂයෙන් ගත යුත්තක් වන්නේ මේ නිසාය.එය ව්‍යායාම මගින් යම් කෙනෙක් තම සිරුරේ මාංශ පේෂි වඩවන්නේ කෙලෙසද,භාවනාව නම් ව්‍යායාමය මගින් විඤ්ඥාණය නැත්නම් නාම කාය නැමති ඉන්ද්‍රිය වර්ධනය කර ගැනීමට සමානය.එම ව්‍යායාමය කිරීමට රූපකාය ආධාර කරගනිමින් කලහැකි දානය සහ ඇතිකර ගන්නා ශීලය හරියටම ව්‍යායාම සඳහා භාවිතා කරන උපකරන වැනිය.
සංස්කෘතිය නිර්මාණය වන්නේ මෙතනදීය.උදාහරණයක් ලෙස උපාසක උපාසිකාවන්ට සුදු පැහැ වස්ත්‍ර අඳින ලෙස බෞද්ධ සංස්කෘතිය තුල අනුබල දෙයි.සුදු පැහැය යනු ඇස අල්ලා නොගන්නා පැහැයන්ගෙන් එකකි.එනම් ඇසෙන් ඇතිකරගන්න ඡන්ද රාගයට සුදු පැහැය අනුබල නොදෙන වර්ණයකි.ඇස නිසා ඇතිකර ගන්න තෘශ්ණාව නිසා පමනක්ම සත්වයා මේ භව ගමන කොතෙක් දික් කර ගන්නේ දැයි බුදු බණේ මනාව පැහැදිලි කරයි.බෞද්ධ කම තුල සිංහල සංස්කෘතියක් බිහිවන්නේ මෙලෙසය.සිරුර වැසෙන ලෙස ඇඳීමෙන් තමන්ව දකින අය තුල රාගය ඇතිකිරීම අඩුකරවන අතරම තමන් නිසා අනුන් තුල රාග සිතිවිලි උපද්දවීමෙන් තමන් ඇති කරගන්නා අකුසලයටද එයින් වැට බැඳීම සිදු විය.එසේ නම් නියම බෞද්ධයාට ,බෞද්ධ කමත් සිංහල සංස්කෘතියත් හරියට ගහට පොත්ත මෙනි.මෙරට සිංහල සංස්කෘතිය රැකීමේ වැදගත්කම ඇත්තේ එතනය. එය හුදු ජාතිවාදයක් වත් අධිපතිවාදයක් වත් නොවන්නේ එනිසාය.පංච සීලය රැකීමටත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හැසිරීමටත් සුදුසු වටපිටාවන්ගෙන් එදා සිංහල සංස්කෘතිය පොහොසත් විය.සංස්කෘතීන් වෙනස් වන බව අපට බෞද්ධයන් ලෙස පිලි ගැනීමට බාධාවක් නොමැත.සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දැකීමට හුරුකල සිංහල බෞද්ධයනට මෙය කොහෙත්ම අසීරු කරුණක් නොවේ.නමුත් ඒ වෙනසද සිදුවිය යුත්තේ අනෙක් සංස්කෘතීන්ට සාපේක්ශව අපේ හර පද්ධතීන් රැකෙන පරිදිය.
ප්‍රාණ ඝාතයෙන් තොරව එදා සිදු කල හෙල ගොවිතැනත්,හෙල නිල වෙදකමත් පරම්පරා ගනනකට එපිටින් බටහිරයන් විසින් මෙරටින් තුරන් කොට පැවති වාතාවරණයක් තුල සම්‍යක් දෘෂ්ඨික දෙවි වරුන්ගේ පිහිට නොලැබෙන්නට මෙම විද්‍යාවන් යලි කිසිදිනක පන නොලබනු නියතය.මෙරට සිටින ඇතැම් ඊනියා හේතුවාදීන් නම් මෙය සත්‍යක් ලෙස පිලි නොගනු ඇත.නමුත් ඉහත විස්තර කල බෞද්ධ හර පද්ධතියේ ඇති තාර්කික බව ඉදිරියේ ඔවුන්ගේ භෞතික වාදය දිය වීම නම් වැලැක්විය නොහැක.බුදු දහම බටහිර විද්‍යාත්මක ක්‍රමයෙන් ඔවුන්ට පහදා දීමට අපට අවශ්‍ය නැත.මක් නිසාද බෞද්ධ දර්ශණයට වෙනම විද්‍යාවක් ඇති නිසාය.අවශ්‍යනම් එය හදාරා නිවන ප්‍රත්‍යක්ශ කර ගැනීමට ඔවුන්ට බාධාවක්ද නොමැත.මහ වෙල ලඟ වෙද ගෙදරට පැමින සිදුවන දෙය දැකබලා ගන්න. එතුලින් නිර්මල දහම් අසිරිය විඳීමින් සම්‍යක් දෘෂ්ඨික මාර්ගයේ පිහිටා කටයුතු කිරීමට සැමට අරාධනා කරමු.
- වෛද්‍ය සුමේධ ආරියරත්න / Sudil2000@yahoo.com
බුදු දහම අදේවවාදී දහමකි. බුදුන් වහන්සේ යනු දේවාති දේව වේ. දෙවි සංකල්පය නිර්මල බුදු දහමට ඇතුළු වුයේ හින්දු ධර්මයේ ආභාශයෙනි. මිනිසාගේ ගැලවුම්කරුවා මිනිසා මිස දෙව් බඹකු නොවන බව බුදුන් වහන්සේ විසින්ම වදාලා තිබේ.
බුදු දහම ගැනවත් දෙවියන් ගැනවත් නොදැන මත පල කරන්න එපා…. එකෙන් සියලු දෙනාම අවුල් වෙනවා.. අපගේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ එක ගුණයක් හඳුන්වන්නේ ‘සත්තා දේව මනුස්සානං’ කියල. ඒවගේම සුත්‍ර වලදී කියල තියනවා…. බුදුන් ගේ පිහිට කෙසේ ලබා ගත යුතුද කියලා… අපට ප්‍රශ්නයක් ආවම ඒක විසඳ ගන්න විවිද ක්‍රම මේලෝකේ තියනවා. උදාහරන ලෙස ‘ විද්‍යාත්මක ක්‍රම වේදයකින්, ජෝතිෂ්‍ය පිහිටෙන්, ආගම වල පිහිටෙන්, සාමාන්‍ය ප්‍රයෝගික ක්‍රම වලින්, ස්වභාවයෙන්ම හෝ තම අදිෂ්ඨානය වීර්ය වගේ විවිද ක්‍රම වලින්. තමා මුහුණ දෙන අතිශය දුෂ්කර අවස්ථාවක කිසිවකුගේ පිහිටක් නොලැබෙන අසරණ මොහොතක අපි කරන්නේ රහත් බව හෝ සෝවාන් වැනි මාර්ග පල ලබා ගැනීම නෙවිනේ….. දෙවියන්ගේ හෝ පිහිට ලබා ගෙන තම ජීවිතයට ශක්තියක් ලබා ගැනීමයි…… තමන්ගේ ගෙදර වත්තේ තියන තණකොළ ටික කපාගන්න අපි මහා ගස් කපන කියත් පාවිච්චි කරන්නේ නෑ වගේම…. අපේ සාමාන්‍ය ජිවිතයේ ප්‍රශ්න විසඳගන්න සංකීර්ණ ක්‍රියාවලිවලට යන්නේ නෑ….. පලමුව අපි විසඳ ගන්න බලනවා… බැරිනම් දැනමුතු කම් හෝ ගැලපෙන විසදුමක් ප්‍රයෝගිකව හොයනවා.. බැරිමනම් තමයි දෙවියන් වැනි බලවේග වල පිහිට පතන්නේ……. බුදු දහමේ නියම හරය අවබෝද කරගෙන නියම බුදු දහම පරිශීලනය කරමින් මැද මාවතේ ගමන් කිරීමයි වැදගත් …. ආගම වලට ගරහමින් පිස්සන් ලෙස හැසිරීම කවදාවත් වැඩක් වෙන්නේ නෑ… තමා නොකරන දෙයක් උනත් ගරහන්න හොඳ නෑ… ලෝක දර්මය එයයි… තම තම නැණ පමණින් තමයි හැම දේම අවබෝද වෙන්නේ…. අපේ මේ ආත්මයත් සංසාර චක්‍රයේ ඒක අවදියක් විතරයි….. මේ ආත්මයේදී එකතු කරගන්න දැනුම පුරුද්ද සහ විනය ඊලඟ ආත්ම වලට ඉතා වැදගත්……….
නැත. අග්ගඥ්ඥ සූත්‍රයට අනුව දේව වර්ග තුනකි.
1) උප්පත්ති දේව : දිව්‍ය ලෝක වල ඉන්න ඕපපාතික දෙවියන්.
2) සම්මත දේව : රජවරුන්ට දේවයන් වහන්ස, දේවීන් වහන්ස කියල කියන්නේ එකනේ? ඒ කට්ටිය තමයි සම්මත දේව.
ඇත්තටම දෙවියන් කියල කොටසක් ඉන්නවා, ඒක ඇත්ත. ඒත් ඒ ගොල්ලොන් ගෙන් නිවන් බලාපොරොත්තු වෙනවනම් ඒක මෝඩ කමක්. බුදු දහම දේව වාදිත් නෙවෙයි ,අදෙවවාදිත් නෙවෙයි.
බුදුන් වහන්සේ දේවාති දේව ලෙස හඳුන්වන්නේ ලොව දෙවියන් නමින් සත්ව කොට්ඨාසයක් සිටින බැවිනි. මෙය හුදෙක් හින්දු ආගමෙන් ආ සංකල්පයක් නොවේ. කරත්තය ඇදීමට ගවයන්ද, ගේ මුර කිරීමට බල්ලන්ද, ආදී ලෙස සතුන්ගෙන් උදව් ගන්නා අප දෙවියන්ගෙන් උදව් ගැනීම පමණක් හාස්‍යයට ලක් කරන්නේ ඇයි?
බුදු දහම අදේවවාදී දහමක්, එකෙන් කියන්නේ දෙවියෝ නැ කියන එක නෙමේ, දෙවියන් විසින් මේ සියලු දෙයම මැව්වා, දෙවියෝ කියන්නේ සර්ව ලෝක බලධාරියා වගේ කියන ආගම් තමා දේවවාදී කියන්නේ, නමුත් බුදු දහම හේතු පල වාදය, කර්මය,පටිච්ච සමුප්පධය වගේ තාර්කික දේවල් මත පදනම් වෙලා තියෙන්නේ, කොහෙවත් කියන්නේ නැ දෙවියෝ විසින් මවපු දේවල් ගැන, බුදු දහමට අනුව දෙවියෝ කියන්නේ මිනිස්සුන්ගෙන් යැපෙන කොටසක්, ඒ නිසා තමා අපි දෙවියන්ට පින් දෙන්නේ
@ Potheguru
ඔබ මෙහිදී වැරදි දැක්මකට පත්ව ඇත
බුදුන් දෙසු බනෙහි මනුෂ්‍ය සහ සත්ව රූප වලට අමතරව, මිනිස් පංචෙන්ද්‍රිය යන්ට ගෝචර නොවන “සත්ව” (නම සුදුසු දැයි නොදනිමි) කොට්ටාශ රාශියක් ගැන සඳහන් වේ (නොයෙකුත් මට්ටම් වල සිටින ප්‍රේත, යක්ෂ, දේව, බ්‍රහ්ම ආදී). බුදු බනෙහි නැත්තේ යුදෙව් දර්ශනයේ ඇති ලෝ-පාලන එක දේව වාදයයි.
නවීන විද්‍යාවෙන් දකින්න උත්සහ කලත් ඉහත බුදු වදන් ඉතා සරලව පැහැදිලි කල හැක. කුබියාට ඒකමානයත්, බල්ලාට ද්විමානයත් ගෝචර වේ. මිනිසාට ත්‍රිමානය ගෝචර වේ. නමුත් විශ්වයේ ඇත්තේ ත්‍රිමානය පමණකි යයි මින් අපට තීරණය කල හැකිද? අයිස්ටයින් කාලයද මානයක් ලෙස අර්ථ දැක්විය. අද අපි ගණිතය තුලින් විශාල පරාසයක බහුමාන ගැන කතා කරමු. මෙම සෑම මානයකම ත්‍රිමාණ විඥාණයට ගෝචර නොවන සත්ව කොට්ටාස අනන්තවත් පැවතිය හැක. බුදුන් පැවසු පරිදි මිනිසා යනු මෙවන් සත්ව කොට්ටාශ අසු කෙලකින් එකක් පමණි.
මේ විශ්වයේ සියලු සත්ව කොට්ටාශ එකිනෙක හා බැඳී ඇත. එක් එක් සත්ව කොට්ටාශය තුල විවිධ කුසලතා ඇත. ත්‍රිමාණ ලෝකය බැලුවත්; කුරුල්ලට අහසේ සිටින්නද, මළුවට ඕනෑතරම් කල් වතුර යට සිටීමටද පුළුවන. මිනිසාට මේ දෙකම බැරිය. එහෙත් ත්‍රිමාණ ලෝකයේ ඇති වස්තු යොදා ගනිමින් මෙම දෙකම කිරීමට සමත් මොලයක් ඔහුට ඇත. අදත් අපි අනෙකුත් සතුන්ගෙන් නොයෙකුත් උපකාර ලබමු. අපද (හැමෝම නොවෙයි) සතුන්ට උපකාර කරමු (සත්ව වෛද්‍යවරයෙක් සතෙකු සුවපත් කිරීම සලකන්න. නැතහොත් ඔබ ඔබේ බල්ලව සබන් ගා නවන අවස්ථාව සිහිපත් කරන්න).
අප රස කරගන්න පින් දෙවියන්ට අනුමෝදන කිරීමෙන් අප දෙවියන්ට උපකාර කරමු. එලෙසම දෙවියන් හා සන්නිවේදන කල හැකි අයෙක් වෙතොත්, අනාගතය දැනගැනීම හෝ විශ්වයේ අපට ගෝචර නොවන රහස් දැනගැනීම වරදක් නොවේ. එමෙන්ම එය අරුමයක්ද විය යුතු නොවේ.
අපට ගෝචර නොවන දේ නැති සිතීමට අපි කුඩා කල සිටම පුරුදු වීම බොහෝ අය මෙම දේව සන්නිවේදන හාස්‍යට ලක් කිරීමට හේතුවයි.
ලක්මිණ උඹගේ ඇගට අමුත්තක් දැනෙනවද?
ඊයේ හොඳට හිටපු උඹට අද මේ මොකද වෙලා තියෙන්නේ.
ඔබගේ මාතෘකාව වන “සිංහල බෞද්ධ කමට යලි පන දෙන මහවෙල ලඟ වෙද ගෙදර” වුවත් ඔබ මෙහි ලියා අත්තේ ඔබට හිතෙන දේවල් මිස මහවෙල වෙද ගෙදර ගැන නොවේ.
ඒක තමයි…මමත් හිතුවේ ඒ වෙද ගෙදර ගැන ලිපියක් කියල..
correct
බුදු දහම තුල බාහිර දේ කිසිත් සම්බන්ද නැත. බුදු දහම යනු නිවන්මග මිස වෙන දෙයක් නොව. එසේනම් නිවන ලබා ගත යුත්තේ තමන් මිස බාහිර සම්බන්ද උදාහරණ හෝ ලෞකික තුල සම්බන්ද දේවල් ගව ගැනීමෙන් තොරවි.
දොස්තර මහත්තයෝ, විඤ්ඥාණය කියන්නේ සිත හෝ මනස නෙමෙයි. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න..
aththatama mokadda kiyala oya mahathmaya poddak pahadili kalanam api katath dannaganna thibuna
වැහි වහින්න කියලා දෙවියන් යැදලා ,,,,,,,
පුද දෙන දානේ හොරෙන් බුදින කොට …….
වැහි වහීද මන්දා……
enybody can explain what is the diference of god @ DEVIYO.
go to this site.. u will understand who is god & deviyo…
http://www1.kalaya.org/search/label/දෙවියෝ
http://www1.kalaya.org/2011/05/blog-post_4434.html
I dont care whether what this news says is right or wrong. It In Fact is OUR INHERITANCE. I Salute it.
Hail Motherland.
අදහස් දැක්වුවන්ගේ බුදුදහම ගැන ඇති උනන්දුව දැනුම ගැන සැබෑ සතුටක් ඇතිවේ…..
නොපමාව ආර්ය මඟ යෑම මෙකල අප ලද මිනිසත් භවයේ අවශ්‍යතාවයකි.
සැමට තෙරැවන්සරණයි !
ඔන්න ඉතින් දැන් නාථ දෙවියන්ට බනිවි හැමෝම
ඈයි බයද?එතකොට සමන්තබද්‍ර ස්වාමින්වහන්සෙ නාත දෙවියන්ට පුජා පවත්වනවිට මහායානෙ කරනවයි කියල ඔයාට නාත දෙවියන්ට බනින්නනම් පුලුවන්නෙද?
මක්කටෙයි බයවෙන්නේ?අතේ තියන නිවනට පයින් ගහලා, ඇතින් තියන කන්දට හිතින් නැගල, මේ හැමෝම මට වඩා පහත් කියන මහායානේ තමා ප්‍රශ්නේ!
අපි නම්, හෙලේ නගින් ඩොන් පුතා, අග්ගල කන් ඩොන් පුතා කියල හැමෝම එක්ක ගිහින් තමා සිරිපාදේ වැන්දේ ………….
තොප්පිය හරිනම් දාගන්න……….
උඹ නම් පංකාදුවට උත්තර දෙනවා!සරලයි ඒ වුනාට දුවන්න දෙනවා දෙන එක.
GOOD….KEEP READING
බුදු දහම අදේවවාදී දහමක්, එකෙන් කියන්නේ දෙවියෝ නැ කියන එක නෙමේ, දෙවියන් විසින් මේ සියලු දෙයම මැව්වා, දෙවියෝ කියන්නේ සර්ව ලෝක බලධාරියා වගේ කියන ආගම් තමා දේවවාදී කියන්නේ, නමුත් බුදු දහම හේතු පල වාදය, කර්මය,පටිච්ච සමුප්පධය වගේ තාර්කික දේවල් මත පදනම් වෙලා තියෙන්නේ, කොහෙවත් කියන්නේ නැ දෙවියෝ විසින් මවපු දේවල් ගැන, බුදු දහමට අනුව දෙවියෝ කියන්නේ මිනිස්සුන්ගෙන් යැපෙන කොටසක්, ඒ නිසා තමා අපි දෙවියන්ට පින් දෙන්නේ …!
ඔය ගෙදරට ගොහින්,
මෙම මැතිනියව,appointment එකක් අරන් මුණ ගැහෙන්න පුළුවන්,
දුරකථන අංකයක් හරි,
email address එකක් හරි
තියෙනවද?
ඉංගිරිසි දන්න, අපරදිග ඩොකාල එක්ක සම්බන්ධකම් පවත්තන, අපරදිග උන් හදපු ටෙලෙෆෝන් පාවිච්චි කරන බටහිර ගැති දේශද්‍රෝහීන් එක්ක මේ මැතිනිය ගනුදෙනු කරයි කියල මන් හිතන්නේ නැහැ. සැළලිහිනියෙක් අතේ සන්දේශයක් යවල බලපන්.
uba pissek ne
මමද නැත්නම් මාතර ආතල් කාරයද පිස්සා? ඌ සුද්දට බැන බැන සුද්ද හදුන්වා දුන්න ක්‍රිකට් අම්පයර් කමක් කරනවා. සුද්දට බැන බැන බටහිර වය්ද්‍යා වරු ලඟට යනවා. සුද්දට බැන බැන (කිසිම හේතුවක් නොදැන) සුද්ද හදපු කොම්ප්යුටරේ පාවිච්චි කරමින් කොමෙන්ට් කොටනවා. ඒත් ලංකාවේ උගතුන්ට කිසිම තැනක් නොදෙන ලංකාවේ මේ පවතින අසාධාරණ ක්‍රමයට බනින්නේ නැහැ. දැන් කවුද බන් නියම පිස්ස?
@තවත් එකෙක්
මා බනින්නේ අපට ලනු දෙන
‘සට කපට සුදු බමුණන්ට’ පමණි.
ලොව කලාතුරකින් පහල වෙන ඉතාමත් සාධාරණ තීන්දු දුන් Dickie Bird වැනි සුද්දන්ට,
මා මේ රටේ ‘සිංහල / දෙමල /මුස්ලිම් කපටීන්ට’ වඩා ගරු කරමි.
කිසිම සටකපට බවක් නැතිව,
විවුර්තව,
ප්‍රශනය හරියට හඳුනා ගැනීම
ප්‍රශනය විසඳීම
ක්‍රියාත්මක කරන විදිය,
හොඳට පැහැදිලිව
දක්වන සුද්දෙක් ගේ
කතාව අහපිය.
http://www.lords.org/laws-and-spirit/spirit/mcc-spirit-of-cricket-cowdrey-lecture/2012-cowdrey-lecture,1620,AR.html
@ මාතර ආතල්
උඹ සුද්දන්ට බැන්නට සුද්දෝ සිංහලයන්ට වඩා සාධරණයි කියල දැනගන උඹ ඒ රටවල් වලටම යන්න ඕනේ. සුද්දගේ රටේ නීති 2 ක් නැහැ. හැමෝටම එක නීතියයි. වැරැද්දක් කලොත් දේශපාලුවෝ අස් වෙනවා. සිංහල රටේ නීති 2 ක් තියනවා. දේශපාලුවන්ට එක විදිහකුත් සාමාන්‍ය මිනිස්සුන්ට තව එකක්. කරුමේ කියන්නේ සිංහල මිනිස්සු මේක වැරදියි කියල දන්නෙත් නැහැ. මොකද සිංහලයෝ බහුතරයකට සාධාරණය අසාධාරණය කියල දෙයක් ගැන අවබෝධයක් වත් නැහැනේ.
සහතික ඈත්ත
මම කියන්නෙ මෙකයි නුඹල හොරු නූඹල අපෙ උරුමය හදනවා මම කියන්නෙ රහතන් වහන්සෙ ගැන .මමත් ඒක්කෙනෙක් උඹල දන්නවද මම මෙ කතා කරන්නෙ කොහොමද කියල උඹ දන්නවද මගෙ නම මම කියන්නෙ හැමදාම ඔව ගැන හිතන්න ඒපා කියල උඹල හොරු මගෙ නම අරහත් කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො .නුඹල හිතන්නෙ මට ඒවා බැ කියාද හැබැයි ඒකක් කියන්නම් නුඹ මට අභියොග කරොත් මම ඒවා බාරගන්නවා .නමුත් කියන්නෙ උඹල හොරු
thonam diyasena namin inna awalamek.kisiwekuta waradak nokarana evani uthumange nama pawa sadahan karamin karagena yana deya wishala aparadayak.horatakkadiyann peni peni waradi karanawa ewata kisima wiruddathwayak nodanwa ratata jathiyata ithamathma ahinsaka sewayakkarana mewani uthumanta agaurawa karana nubawani aya aperate ipadima maha abagyayak.nikarune uthumanta agaurawa nokara idimu.kiribathgoda nanananda therun apta labadena sahanaya wachana walin kiyanna baha.ethumange siyalu katayuthu sarthaka wewa.uthum wu nirwanadathuwenma sanaseema labathwa.modayanta nnanaya pahalawewa.
සිල්වත් ස්වාමීන්වහන්සේලාට අපහාස කරල තෝ නිරයේ දැවෙන දිනය වැඩි ඈතක නොවේ
1.
මේ ලිපිය ලියපු ඇත්තAA
පෙරදිග ඩොකෙක්ද,අපරදිග ඩොකෙක්ද?
2.
වැඩි වැඩියෙන් අස්වැන්න ගන්නය කියල,
සුද්දන්ගේ ලනු ගිලල,
මේ රටේ පස විනාස කරන වස පෝර දැමීම නිසා,
මහා විනාසයක් ඉදිරියේදී වෙන්න පුළුවන් කියල,
මුලින්ම නවසිය හට ගණන් වල,මා දන්නා විදියට,අපට අනතුරු ඇඟවූයේ,
අපේ සිල්වත් E Wඅදිකාරම් තුමන්.
එතුමන් දැන් නාථ දේව මණ්ඩලේට පත්වෙලා,
සත්වාහාරයෙන් සහ පස්පව් වලින් තොර,
මේ මැතිනිය හරහා පණිවිඩ එවනව දෝ කියලත්
වෙලාවකට හිතෙනවා.
මේ ලිපිය ලිවුවේ අපරදිග ඩොකෙක්.
හුටා……….. දැන් මොකද කරන්නේ බොලේ? ඌ දේශද්‍රෝහියෙක්ද දන්නේ නැහැ නේද? මල කෙලියයි බොලවු.
නියමයි
@ඩොකා
බෙල්ල හිරවෙන Tieඑක ගලවල,
කලිහන් ඇඳන්,සපත්තු දා ගෙන
අපේ නලින් ප්රෝපා එක්ක වැඩ කරන
තවත් බටහිර ඩොකෙක්ද,
මේක ලියල තියෙන්නේ බොල?
සුද්දගේ ශිල්පයන් ඉගෙන ගත් බටහිර ඩොකෙක්. සමහර විට සුද්දගේ රටෙන්ම දිග්රියකුත් ගහල ඇති. මොකෙක් වුනත් සුද්දගේ නම ගෑවිලා තියෙන නිසා ඌ අනිවාර්යෙන්ම දේශද්‍රෝහියෙක් වෙන්න ඕනේ.
@ඩොකා
වෙන්න බෑනේ.
එහෙනං ගුණදාස අමරසේකර උත්තමය වගේ අපරදිග දත් ඩොකාල,
ආසනික් ප්‍රශ්නෙදි අපේ නලින් ප්රොපාට සහයෝගේ දීපු ඔක්කොම අපරදිග අපරදිග ඩොකාල වනාහි,
උඹ කියන ජාතියේ ඩොලර් වලට රට විකුනන NGOජාතියේ
‘මල යක්කු / මල යකින්නියන්’ නෙවීනේ.
@ මාතර ආතල්
එහෙනම් මොකද යකෝ හැමවෙලේම කුහක සිතින් බටහිරයෝ = සුද්දා = NGO කාරයෝ කියල කොමෙන්ට්ස් දාන්නේ? කුහක කම වැඩි එකත් ලංකාවට මේ වගේ වෙන්න එක හේතුවක්. කුහාක් කම යනු එක්තරා වර්ගයක් මෝඩ කමක්.
@ඩොකා
මේ රටෙන් ගොහින්,
පරන්සේ,එංගලන්තේ,ඉතාලියේ,ජර්නියේ,ඇමෙරිකාවේ,ඔස්ට්‍රලියාවේ පුරවැසිකම අරන් ඉන්න
ඉන්න උඹල වගේ,
‘NGO බටහිර ගැති රොත්ත’,
ඒ රටවල ඉතිහාසෙන් ප්‍රධාන බසට සහ ආගමට ලැබී ඇති හිමි තැන
වැඳලා පිළිගන්න ගමන්,
මේ රටේ ඉතිහාසෙන් සිංහල බසට සහ බුද්ධාගමට
එසේ හිමි තැන ලැබීමට විරුද්ධව
කුලප්පු වෙන
තොපි තමයි කුහකයෝ!
වහල් මනසෙන් ඉන්න වහල්ලු හිරකර තබන්න ඔන්න හොද මාතෘකාවක් සහ කරුනු ගොන්නක්…දෑන් අරුන් ගහන කොමිස් අමතක වෙලා යයි….මෙම ලිපියෙ සදහන් පුද්ගලයා කරන්නෙ වහල්ලු මිනිසුන් කරන එක නොවෙයි….තවත් වහල් කමෙහි රදවා ගෙන තියාගන්න පුලුවන් වහල් මනසක් නිර්මාණය කිරීමයි.. වෙදෙක් යයි කියාගන්නා මෙම ලිපිය ලියා ඈති ඔහු පවා වහල් මනසකින් ජීවත් වෙනවා කියන එක නොදන්න එක නොවෑ පුදුමෙ …ඉතින් කොහෙද කුඩා මනසකින් යුතු වහල්ලු බේරා ගන්නේ…
මෙවන් ක්‍රියාවන් වල නියෑලෙන්නාත් වහල් මනසකින් යුක්තවූවෙක්….නොදියුණු ලෝකයෙ සිදුවෙච්ච ක්‍රියාවන් අදටත් ගෑලපෙනවා කියාලයි පිලිගන්වන්න හදන්නේ… ඉතින් වහල් මනසකින් යුක්ත මිනිසුන් එයින් ගෑලවෙන්නෙම නෑහෑ….
අලුත් දෑ නිපදවන්නෙ නෑති ජාතියක් ලොව කොතනකවත් දියුණු නොවෙන බව ..අසා ඈති නොවෑ….
මුලු රටම වහල් මනසින් ඉන්න නිසාවෙන් නොවෙයිද මේ චන්දෙන් පත්වෙච්ච සොර මුලට ආචාර කොරන්නෙ රජෙක් ආරොපණය කරලා.ප්‍රශස්ථි ගී කියන්නෙ…සිදුහත් පරම්පරාවෙන් පෑවත එන්නන් ( වහලෙක් කියල තිබුන බුදුන්ගෙ නෑයෝ කියාල ) ගෑමුණුගෙන් පෑවත එන්නන් කියාල..කියන්නෙ…වහලුන් නොවෙයි නම් කවුරුන්ද. ..?
බුදුන්ටත් වදිනවාලු ….උන්වහන්සෙගේ ධර්මය දන්නෙ නෑහෑ …වහල් බවින් මිදෙන්න ඕනෑ එය තේරුම් ගන්න…
නිවහල් සිතිවිලි සිතනා උඹ ගැන ආඩම්බරයි කොල්ලෝ.
නිවහල් සිතිවිලි මවනා සිතත් උදාරයි//
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි//
උඹ එල කොල්ලෙක්, උඹ වගේ හිතන, කෙලින් අදහස් ප්‍රකාශ කරන බොහොම ටිකයි අද ඉන්නේ. කරුමේ කියන්නේ අපේ රටේ වැඩිපුර ඉන්නේ හරක්, හරිය වැරැද්ද තියා කරන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති මී හරක්. උන්ට කියන සිංහලවත් තේරෙන්නේ නැහැ. ඉස්සර මා ශ්‍රී ලාංකිකයකු වීම ආඩම්බරයක්. දැන් කියන්නත් ලැජ්ජයි. ලෝකයේ ඉන්න බුද්දීමත්ම මෝඩයෝ රැල ඉන්නේ දැන් ලංකාවේ….
අමෙරිකානුවන් අපගෙ රටෙහි වහල් මනසින් මිදුනු නියම සින්හල නමක් තිබෙන… ගුණපාල…නම් පුද්ගලයෙකුත් යොදාගෙන අගහරු ග්‍රහයා මත යානයක් ගොඩ බෑස්සවුවා ….. අපි බොරු මනස්ගාත වල හිරවෙලා අමෙරිකානුවන්ට බනිනවා…උන් වහල් මනසෙන් සිටියා නම් අපි තවමත් හෙලුවෙන් ගල්ගුහා වල… දකින්න ඈති නොවෑ රජවරු කියන මදාවියො පාලනය කල ලන්කාවෙ …වහල් බවින් යුක්ත ගෑහෑණු පිරිමි දෙපක්ශයටම උඩුකය වසා ගෑනීම තහනම් බව… 1850 සිටන් රූප අන්තර්ජාලයේ ඕනෑ තරම් තිබෙනවා…. එම කාලයෙ අමෙරිකාවෙ වහල්කම් කල අප්‍රිකානු ජාතිකයන් පවා උඩුකය වසන්නෙ නෑතුවයි සිටියෙ….අවුරුදු 175 පමන පෙර…
.පුදුමය කියන්නෙ අවුරුදු 175 ගොහිල්ලත් මෙය වෑටහෙන්නේ නෑති වහල්ලු යෑයි සිතනා …වහල් ජීවිත ගතකරන ඈදුම් ඈදගෙන…හෙලුවෙන් දගලන…චන්දයෙන් පත් වෙච්ච හොරුන්ට රජු කියන වහල්ලු තවමත් මෙම රටෙහි… බුදුන් ඉපදුනායෑයි කියමින් කෙස් පෑලෙන තර්ක ගෙනෙමින් …නොදන්නා බව නොදන්නා හරක්ට ආචාර්ය යෑයි කියමින්…ජීවත් වෙන එක නොවෑ පුදුමෙ…. බුදුන් උපන් රටවල..බුදු බණ අසනා …පිලිපදින්නන් …නිදහස් ..නිවහල් මනස් වලට උරුමකම් ඈත්තන් බව නොදන්නේ ද…උන් වහල්ලු ම යෑ..
උඹට පින් මචන්! මට ටිබෙට් හාමුදුරුවොයි ධර්මපාල තුමයි මතක් වුනා. සත්තයි. හැබැයි කොල්ලෝ වහල්ලු අල්ලන්න යොදා ගන්න සුදු වැන් එකෙන් පරිස්සම් වෙලා හිටපන්.
@R Dias
අපේ මහින්දය්යට
‘උඹ කියන වහල් මනස’
තිබ්බනම්,
‘නන්දිකඩාල් යැවිලි’
බොරු!
ඔය වගේ පට්ට හොරු මිට පෙරත් පහල වුන ජනතාවට කෙලවල යන්න ගිය පත්තර පිටු ගන්න උන ගැන ලිව්වා ලනක්වේ පුරවැසියන නැහැ ඉන්නේ හරක් දෙකෝටියක් ජනතාව හරක් ඕවට අහුවෙනවා
oyath harak nambek ne. mole nethnum kata wahan hitu. kiyapu de etta neme num oversea wala oppu wenne komada kiyala hithala balapan.
ko mekata katha karanna ara panditha dewa wadiyo nadda.hama ekatama hota damana baka pandithla ko.unta mewata uththara deeganna baha.mewaye theruma wath danne naha ekai wela thiyenne.
මිනිසාට දෙවියෙක් වන්නටද,රාක්ෂයෙක් වන්නටද හැක. ඒ වාගේම නකුට හංගා ගෙන දුවන බලු පෝතකයෙක් වන්නටද හැක. තම හිත දිහා බලාපියව් බොලව්!
හිත් ගල් වෙලා බොලව්! කුළු ගෙඩියක් අරන් බින්දත් වැඩක් වේද මන්ද…
මට තියෙන ප්‍රශ්ණය තමයි… නිදහස් අධ්‍යාපනයෙන් 48 සිට පි බිහිකර ගත්තු දෙස්තරලට,ආචාර්ය,මහාචාර්යලාට මේක හොයාගන්න බැරු වුනේ කියන එකයි? අපරාදේ අපේ බදු සල්ලි!
@හෙළයට එරෙහි යුද්දය
අපි දෙන්නා
එක් වීලා//
සහයෝගෙන් ‘වැඩේ දෙන්නේ’//
කියන බයිලාව
උඹ අහල තියෙනවද?
මෙ ලිපියටත් දේශපාලනය ඈද ගන්න රට හරක් ඉන්නව නොවෑ!! තමා කෑමති දේශපාලන පක්ශයේ අනාඨ බාවය නිසා සෑම දෙකටම දේශපාලන ඈද ගන්න තරම් මොලෙ අවුල් වෙච්ච සෑහෙන පිරිසක් ඉන්න බව දෑක්කම පවු කියලා හිතෙනවා අපේ රට ගෑන!
නාසා ආයතනය කියුරියෝසිටි රෝවරය අගහරු ග්‍රහයා වෙත යවනකොට අපේ අය කොතනද…..??? නාථ දෙයියෝ හරි,සිහල බෞද්ද දර්මය හරි,වෙන හැට හුටාමාරක දෙවිවරු ගෙන හරි….. තොරතෝංචියක් නැතුව කෑගහගහ………පිටිදුවට/සිරිවර්දනලට/කිරිබත් ගොඩලට පලුයනකම් බැන බැන දේශප්‍රේමය දෝරෙගලමින් බුදුන්ටත් වඩා බණ දෙස දෙස,බුදුන්ටත් වඩා බණ දන්නා බව කියමින්……ඇමෙරිකාවට/සුද්දට පලුයනකම් දොස් දෙවුල් තියමින් දේශීය ආර්ථික/දේව සංකල්ප කට මත දොඩමින් ඉරිසියාවෙන්,කුහකත්වයෙන්,ආත්මාර්ථයෙන් ඉහවහා ගිහින් බොරුවම කියන,බොරුවම කරනා ප්‍රයෝගිකව කිසිත් නොකරන සහ කල නොහැකි සංකල්ප,අල්ලාප සල්ලාප දොඩමින් යුරෝපීයයන් සැදූ ලොව තුලම හිඳිමින්,ඉන් පලප්‍රයෝජන ලබමින් නමුත් බටහිර විද්‍යාවට/බටහිරයන්ට ගරහමින් කිසිම මර්ගපලයක්වත් නොලබමින්ම වැඩකටම නැති කයකුයි,සිතකුයි තියාගෙන….එලොවටත් නැති මෙලොවටත් නැති දිවිපෙවතක් ගතකරමින්……අන් සියලුම ජාතින් දියුණු වෙනකම් හෙළුවෙන් සිටින මෙවන් ජාතියක් මන් මෙලොව නොදුටුවෙමි..මොවුන් වඳ වුනොත් වඳ වෙන්නේ සොබාදහමට උවමනා නිසාමය.ප්‍රයෝගිකව කිසිත් කල නොහැකි ජාතින් වඳවී යාම සොබාදහමේ නීතියකි…මෙයින් ඔබට ගැලවීමට අවශිය නම් වහ වහ කල යුත්තේ මනහ්කල්පිත ලෝකයෙන් මිදී සිත සැහැල්ලු කර වඩාත් ප්‍රයෝගික මාර්ගය සොයායමය….එයින් ඔබේ ගතද සිතද නිවේමය.වඩා වඩාත් නව නිර්මාණ කිරීම සහ යටත් විජිත වහල් මනසින් මිදීමය.(ආගමද මෙයට ඇතුලත්ය) ලෝකය ඔබට ලබාදුන් දේ මෙනෙහිකරගෙන ඔබ ලෝකෙට යමක් ලබාදීමය.අපිට කල නොහැකි වූ දේ අනෙකුන් කලේ කොහොමද සිතීමය.ආගමෙන්,බහුබූත දේවලින් සිත නිදහස් වූ දවසට ඔබ නිදහස්ම වූ නිර්මල චින්තකයෙක් වන බව ප්‍රයෝගිකවම ඔබට වැටහේවි.
මොන මගුලටද බන් අඟහරුට යානා යවන්නෙ???
‘දියුණුව’ පෙන්වන්න බොලව්!
සහතික ඈත්ත.මෙ බුදුදහම නමෑති නාගයා බහුතර බෞද්දයන් අල්ලාගෙන ඉන්නෙ වලිගයෙන්.
උඹ ප්‍රමුඛ බද්දර පෙරමුණ වෙන්ට! අපි නම් නැහැ ඕන්.
හහා.මෙන්න හෙතුව.ලන්කාවෙ වෑරදි බුදුදහම ලන්කාව දුප්පත් කරල.එකඉ මෙ සෙරටම මුල.කියපියව්.මොන තෙරවාදි රටද ලොකයෙ දියුනු වෙලා තියෙන්නෙ කියලා???තෙරවදය තියෙන්නෙ හිගා කකා ජිවත්වෙන්න නෙමෙ.
@Senkadagala,
ඔය ‘ප්‍රායෝගික මාර්ගය’ ගැන තව කියලා දීපන්කො පණ්ඩිත!
මොකටද අපි අගහරු වලට යානා යවන්නේ .
ලොකු පරිස්සනාගාර හදල අරක මේක හොයන්නේ .
මම දැක්ක , computer තව වැඩි දියුණු කරන්න හදනවා . දැනට තියන ඒවා හොදටම ඇති කියලා ඕනේ එකෙක්ට තේරෙනවා .
බොරුවට චන්ද්‍රිකා උඩ යවනවා .
මේවගේ නිස්සාරණ දේවල් වලට වෙලාව වැය කරන එක තේරුමක් තියනවද? අපි මේක ගෙන බුද්දීමත්ව බලන්න ඕනේ . අපි අපේ සිත ගැන හොයන එක ඔයට වැඩිය හොද නැද්ද ? .
අපේ දේවල් නිවැරදි කියල ඔප්පු වෙන කොට සමහර උන්ට හෙන ඉරිසියය් .
මුන් දන්නේ නැහැ අපි සුද්ද හෙළුවන් ඉන්න කොට අපි ගුවන් යානා තාක්ෂනය පාවිච්චි කර කියලා.
දැන ගත්තත් මුන් පිලි ගන්නෙත් නැහැ . කුහක කමට දන්නේ නැහැ වගේ ඉන්නවා .
මුන්ට බටහිර විද්‍යාව කිව්වොත් හරි ලොකුය් .
ඔය කියන බටහිර විද්‍යාවෙන් මොනවද කරන්න පුළුවන් . පුවක් ගෙඩියක් ලෙලි ගහගන්න පුලුවන්ද ?
මේ ඔක්කොටම මුල බටහිර විද්‍යාව අපේ පාසල් වල උගන්වන එක . අපේ වටිනා දේවල් අමතක කරලා දාල.
AL වලට විද්ද්යව කරලා විස්ස විද්ද්යාලයේ ගියාම අපේ උන්ට මුල මතක නැහැ .
ඇත්තටම ලංකාවට බොරු උපාදි කාරයෝ ඕනේ නැහැ . උන් කරන දෙයකුත් නැහැ . බොරුවට නාකි වෙනවා .
කඩේක ඉන්න මුදලාලි කෙනෙක් ඊට වඩා බුද්ධිමත් .
ලංකාව දියුණු වෙන්නනන් හොද බිස්නේස් කාරයෝ ටිකක් හිටියනං ඇති.
අනික බිස්නේස්ස් කරන කට්ටිය ගාව ඔය බොරු විද්‍යා කතා නැහැනේ . මේවගේ ලියුමක්වත් කියවල තේරුම් ගන්න මොලේ තියනවා .
හුගක් වෙලාවට ආගම දහමටත් ඒ අය නැබුරුය් .
අපි අපේ දේ ආරක්ෂා කර ගන්න ඕනේ . නැත්නං දන්නෙම නැතුව මේවා වෙන උන් අයති කර ගන්නකන් අපිට කට උඩ තියා බලන් ඉන්න වෙන්නේ .
හොදට මතක තියා ගන්න ඕනේ ගුවන් යානා තාක්ෂණයට වෙච්චදේ , වෙන දේවල් වලට නොවෙන්න වග බලාගන්න ඕනේ .
If you have please give me a contact number or the address of her. I wanna to meet her to know whether she can cure one of my relation, who is supposed to be die within next few months because of a cancer. Hope to see a soon reply!
මෙම යහපත් වෙදැදුරාණන්ට අපගේ කෘතවේදිත්වය හිමිවිය යුතුයි. එතුමා බොහෝ අයගේ ඇස් විවර කරන ලිපියක් ලියා ඇත. පාඨක භවතුන් “සඳ පෙන්වන විට සඳ දෙස නොව එය පෙන්වන ඇඟිල්ල දෙස“ බලන ආකාරයෙන් මෙම සටහන් වැඩිහරියක් ලියා තිබෙන බව පෙනේ! නැවත එම ලිපිය කියනව ලෙස සියල්ලන්ට ම ඇරයුම් කරමි.
බටහිර විද්‍යාව “දෙවියන්“ වශයෙන් සලකන අය අද එම විද්‍යාවත් යායුතු අතක් නොදැන, තමන් විසින් මිහිලියට, මිනිසාට, සතාසිවුපාවාට කරන ලද විනාශය ආපසු හරවාගැනීමට නොහැකිව සිටින බව ඉතා පැහැදිලි කරුණකි. ඒ අතර එම විද්‍යාව ද ආධ්‍යාත්මික ගමනක් ගැන තොරතුරු ද සොයමින් සිටින වග දවසින් දවස ප්‍රකට වන කරුණකි.
නිරීක්ෂ්‍යයෙන් පරිබාහිර නිරීක්ෂකයකු නොමැති බව පිළිගන්නා තැනට එය පැමිණ සිටී: “නිරීක්ෂකයා වෙනුවට සහභිගීවන්නා(Participator)“ යන්න යෙදියයුතුයැයි කියන්නේ ද එබැවිනි.
@Mandawala Hamuduruwo
“සැනසිල්ල ඇති වුණේ බුදු දහමිනුයි, මම භාවනා කරනවා – බිල් ක්ලින්ටන්” යන
මුල් පිටුවෙන් ගිය ලිපියේ ඇති කොමෙන්ටු ගැන
සමාලෝචනයක් කිරීමට
ඔබ තුමන්ට
ආරාධනය කරමි.
ලන්කාවෙ වෑරදි බුදුදහම ලන්කාව දුප්පත් කරල.එකඉ මෙ සෙරටම මුල.කියපියව්.මොන තෙරවාදි රටද ලොකයෙ දියුනු වෙලා තියෙන්නෙ කියලා???තෙරවදය තියෙන්නෙ හිගා කකා ජිවත්වෙන්න නෙමෙ.
උඹේ මොලේ සූරල අහක් කොරලද!
@ඩොකා
ඩොකා says ,’උඹ සුද්දන්ට බැන්නට සුද්දෝ සිංහලයන්ට වඩා සාධරණයි කියල දැනගන උඹ ඒ රටවල් වලටම යන්න ඕනේ. සුද්දගේ රටේ නීති 2 ක් නැහැ. හැමෝටම එක නීතියයි.’ ඩොකා
මන් බනින්නේ උඹල වගේ ‘සුදු බමුණන්ගේ ලනු ගිලින තුප්පහියන්ටයි’ අපට එක ‘නීතියකුත්’ උන්ට එක ‘නීතියකුත්’ ඕන කියන ‘සුද්දන්ටයි’ විතරයි.
මාත් බටහිර රටවල් කීපයක හිටපු එකෙක්.උඹ නම් ඒවගේ රටක පස් පාගපු බවක්වත් නොපෙනේ.ගොහින් බල,උදාහරණයක් විදියට,ඉතිහාසෙට අනුව ප්‍රධාන බසට සහ ආගමට හිමි තැන ඒ රටවල්වල දෙමින්,මේ රටට විතරක් එහෙම නොකරව් කියා,අපට,හඳුනාගෙන නැති ප්‍රශ්නවලට කනා පොට්ටේ විසඳුම් බලෙන් ගිල්ලලා,මේ රට 3,4 කට බෙදන්න තටමන උන්දලා කවුද කියල.
ආසනික් සටන අත්හැර ජාතික කතිකාවතක් දක්වා ගෙනයන්නට මේ සියලු කණ්ඩයම් එක් කිරීමට නාථ දෙවියන් ප්‍රධාන සියළු දෙවිවරැන්ටත් දෑහිතකාමීනටත් ශක්තිය තුණුරැවන් බලෙන් ශක්තිය ලැබේවා !!!!!!!!!!!!!
අත්හැර නොව අත්නොහැර