Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

Teez jube

නව ‘‘ඊළාම් සැලසුම’’ යනු කුමක්ද?

August 14, 2012 at 12:03 am | Lanka C News.

නව ‘‘ඊළාම් සැලසුම’’ යනු කුමක්ද?

නව ඊළාම් සැලසුම යනු කුමක්දැයි බොහෝ විද්වත්හු ප‍්‍රශ්න කරති. ඔවුන් කියන්නේ සම්බන්දන්ලා අලූතින් ඉල්ලන්නේ ප‍්‍රභාකරන්ගේ පැරණි ඊළම මිස වෙනකක් නොවන බවය. එය සත්‍යයකි. ඔවුන් සියලූ දෙනාගේ අවසාන අරමුණ කිසිසේත්ම වෙනස් වී නැත. වෙනස් වී ඇත්තේ එම අරමුණට ළගාවන ක‍්‍රමවේදය හෙවත් උපායමාර්ගය පමණි. ඔවුන්ගේ පැරණි උපායමාර්ගය ප‍්‍රවේශ ත‍්‍රිත්වයකින් සමන්විත විය. පළමුවැන්න ව්‍යවස්ථානුකූලව බලය බෙදීමකට ආණ්ඩුව තල්ලූ කර ගැනීම මගින් පළමු වටයේදී ෆෙඩරල් පන්නයේ හෝ ඊට ආසන්න ලක්‍ෂණ සහිත බල ව්‍යුහයක් ස්ථාපනය කර ගැනීමයි. ඒ බල ව්‍යුහයට අනිවාර්යෙන්ම පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු කර ගැනීම තීරණාත්මක සාධකයෙකි. අවසානයේදී ජනමත විචාරණයකින් වෙනම රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ගැනීමට අදහස් කරන්නේ ඒ බල ව්‍යුහයයි. සුඩානයේදී අන්තර්කාලීන ආණ්ඩුව නැමැති බල ව්‍යුහය ජාත්‍යන්තර මැදිහත් වීම මත පැවැත්වූ ජනමත විචාරණයක් මගින් වෙනම රාජ්‍යයක් බවට පත් විය.

ඒ පැරණි ත‍්‍රිත්ව උපාය මාර්ගික ප‍්‍රවේශයේ දෙවැන්න ආයුධ සන්නද්ධ කැරැුල්ලක් හෙවත් යුද්ධයක් මගින් බලය බෙදීම සඳහා කේවල් කරීමයි. 2005 ජනවරම නිර්මාණය කරමින් අප රටක් ලෙස මෙම කේවල් කිරීමේ යුද්ධය පරාජය කොට කේවල් කිරීමේ බලය අහෝසි කළ යුතුය, යන තීන්දුව ගන්නා ලදී. ඊට පෙර වසර 30කට ආසන්න කාලයක් තිස්සේ යුද්ධයේ කේවල් කිරීමේ බලය යොදාගනිමින් බෙදුම්වාදී බලය බෙදීමකට ඒ ඒ වකවානුවල දී පැවැති ආණ්ඩු බියගැන් වූ ආකාරය නැවත විස්තර කිරීම අවශ්‍ය නැත. එහිදී තුන්වැනි උපාය මාර්ගික ප‍්‍රවේශය වක‍්‍ර ජාත්‍යන්තර මැ`දිහත්වීමයි. වක‍්‍ර යන විශේෂණ පදය යෙදීමට සිදු වන්නේ එහිදී සෘජුව හමුදාමය මැදිහත් වීමක් සිදු නොකරන බැවිනි. නමුත් ඉන්දියානු හමුදාව සෘජු ආක‍්‍රමණයක් ලෙස නොවුවත් සාම හමුදාවක් ලෙස සෘජු සහ වක‍්‍ර යන ආකාර දෙකටම අනුව මැදිහත් වීය. ඇත්තවශයෙන්ම 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව බලය බෙදන්නේ ඉන්දියාවේ වක‍්‍ර බලපෑම මතය. ඉන්පසු එතැනින් එහාට තවදුරටත් බලය බෙදීම සඳහා නෝර්වේ, ඇමෙරිකා සහ ජපානය වැනි රටවල් ප‍්‍රබල ලෙස මැදිහත් විය.

යුද්ධයේ පරාජයෙන් පසුව මේ ‘‘ත‍්‍රීවිල්’’ උපාය මාර්ගයේ එක් රෝදයක් ගැලවී ගියේය. දැන් ‘‘නව ඊළාම්’’ සැලසුමක් යටතේ ජාත්‍යන්තර බෙදුම්වාදීන් විසින් ගැලවී ගිය යුදමය ප‍්‍රවේශය වෙනුවට ‘‘අවිහිංසාවාදී නිරායුද වීදි සටන්’’ නැමැති රෝදය සවි කිරීමට උත්සාහ කරයි. ඊට අමතරව වක‍්‍ර ජාත්‍යන්තර මැදිහත්වීම නැමැති රෝදය වෙනුවට සෘජු ජාත්‍යන්තර මැදිහත්වීම නැමැති ශක්තිමත් රෝදයක් සවිකිරීමට කටයුතු කරමින් ඇත. ඒ නිසා දැන් ඉතා පැහැදිලිවම උපාය මාර්ගික වශයෙන් ‘‘නව ඊළාම් සැලසුමක්’’ ඇත. පසුගිය දිනවල සම්බන්දන් මහතා ආණ්ඩුව විසින් තමාට අභ්‍යන්තර ස්වයං පාලනයක් ලබා නොදුනහොත් ජාත්‍යන්තර මැදිහත් වීම මත බාහිර ස්වයං පාලනයක් ලබා ගන්නා බවට තර්ජනය කළේ මේ නව සැලසුමට අනුවය. එහිදී ඔහු ඉතා පැහැදිලිව කියා සිටියේ දැන් යුද්ධය යල්පැනගොස් ඇති නිසා ඒ වෙනුවට ‘‘අවිහිංසාවාදී නිරායුද මහජන සටන්’’ යොදා ගත යුතු බවයි. වෙනත් වචනවලින් කියනවා නම් ඉහත සඳහන් කළ ජාත්‍යන්තර නව උපායමාර්ගික සැලසුම අනුව යුද්ධය වෙනුවට ‘‘නිරායුද වීදි සටන්’’ ආදේශ කළ යුතු බවයි.

පසුගිය වසරේදී ඊජිප්තුව, ලිබියාව වැනි රටවල ආණ්ඩු පෙරළා තමාගේ රූකඩ ආණ්ඩු පත්කර ගැනීමට සහ දැන් සිරියාවේදී ඒ දෙයම කිරීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ආක‍්‍රමණය සාධාරණීකරණය කිරිමේ නිමිත්ත ලෙස යොදාගන්නේ ඒ ඊනියා අවිහිංසාවාදී සටන් බව ඉතා පැහැදිලිය. එසේම කොසෝවේ බෙදුම්වාදී යුද්ධයේ අවසාන භාගයේදී නේටෝ හමුදා විසින් සර්බියාවට ගුවන් ප‍්‍රහාර දීම සඳහා යොදා ගත්තේ ඊනියා අහිංසක උද්ඝෝෂකයින් හෙවත් ගම්වැසියන් 800ක් දෙනා සර්බියානු හමුදා විසින් ඝාතනය කිරීමේ සිද්ධියයි. ඒ ගුවන් ප‍්‍රහාර මගින් සර්බියාව නැමැති ස්වෛරී රාජ්‍යය යුද්ධමය වශයෙන් දුර්වල කොට කොසෝවෝ නැමැති වෙනම රාජ්‍යයක් ස්ථාපිත කළාට පසුව එළිදරව් වූයේ ඒ අහිංසක මිනිසුන් මරා දැමුවේ කොසෝවෝ ගරිල්ලන් විසින්ම බවය. පසුගිය දිනවල හිටපු ජෙනරාල් ෆොන්සේකා මහතා විසින් ජාත්‍යන්තර ප‍්‍රජාවට කරන ලද ආරාධනය තේරුම්ගත යුත්තේ මේ පසුබිම මතය. ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත් සේවයට ඔහු කියා සිටියේ තමා ශ‍්‍රී ලංකාවට ‘‘අරාබි වසන්තයක්’’ කැඳවීම සඳහා මහජනයා පාරට බැස්සවීමට සූදානම් බවය. එම ප‍්‍රකාශයේ බරපතළකම යම් පමණකට හෝ තේරුම්ගත් නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ඔහු ඊළ`ග වාක්‍යයෙන් කියා සිටියේ ලිබියාවේ තරම් නරක දේ ශ‍්‍රී ලංකාවේදී සිදු නොවේ යයි, තමා ප‍්‍රාර්ථනා කරන බවය. කෙසේ වෙතත් ඒ දෙවන වාක්‍යයෙන් ඔහු තමා ‘‘අරාබි වසන්තය’’ ලෙස ඇත්තටම අදහස් කළේ කුමක්දැයි තහවුරු කරයි.

මේ නව ‘‘ඊළාම් සැලසුමට’’ අනුව හැසිරෙන්නේ සම්බන්දන් මහතා සහ ෆොන්සේකා මහතා පමණක් නොවේ. එම සැලසුමේ නිර්මාතෘවරුන් වන ඉන්දියාවේ ආරක්‍ෂක උපදේශක මෙනන් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වැන්නවුන් තම සැලසුම අනුව ආණ්ඩුවට බලකර සිටින්නේ හැකි ඉක්මනින් උතුරේ පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස සහ උතුරින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙසය. මොවුන් එසේ ආණ්ඩුවේ අතකරකවා අත බුරුල් කිරීමට පෙරම ආණ්ඩුව තුළ සිටින බෙදුම්වාදී පාර්ශ්වයේ නායකත්වය දරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියන්නේ උතුරු පළාත් සභාවට පොලිස් සහ ඉඩම් බලතල ලබාදීමට බිය නොවිය යුතු බවයි. ඒ සමගම විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඔහු සමග සන්ධානගත වී සිටින ඒක පුද්ගල වාමාංශික පක්‍ෂ එක හ`ඩින් ඉල්ලා සිටින්නේ වහාම උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.

ඉන් පසුව පැරණි වාමාංශික පක්‍ෂ නායකයින් එක තැනක, එක පෙළට සිට කියා සිටියේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පැරදවීම සඳහා වහාම උතුරේ මැතිවරණයක් පවත්වා දෙමළ ජනතාවට බලය බෙදාදිය යුතු බවය. ඔවුන්ට අනුව බලය බෙදන්නේ සම්බන්දන්ට නොව ජනතාවටය. එසේම ඔවුනට අනුව අධිරාජ්‍යවාදය පැරදවීම සඳහා අධිරාජ්‍යවාදය කියන දේ කළ යුතුය. එසේ නැතහොත් ඊට යටත් විය යුතුය. ඒ සියල්ලටම වඩා විශ්මයට කාරණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී විජිත හේරත් මහතා විසින් උතුරේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට බලකිරීය. ඉන් පැහැදිලි වන්නේ පෙරටුගාමීන් තවමත් ජ. වි. පෙ. තුළ හොල්මන් කරනා බවය. රට මුහුණ දී සිටින අර්බුදයේ තරම ඉතා පැහැදිලි වේ. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ සම්බන්දන් මහතාට සහ ෆොන්සේකා මහතාට අමතරව සමස්ත විපක්‍ෂයම පාහේ සිටින්නේ අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයට අනුව තම කුලීකාර භූමිකාව ඉටු කිරීමට සූදානම් මනසින් බවය. ඒ අනුව ජාත්‍යන්තර බෙදුම්වාදී නව ඊළාම් සැලසුමට අදාළ මාර්ග සිතියම ඉතා ශක්තිමත්ව ඉදිරියට ගමන්කරන බව පැහැදිලි වේ.

මේ නව ‘‘ඊළාම් සැලසුමට’’ අනුව ජාත්‍යන්තර මැදිහත්වීම සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරිම හෙවත් මහජනයා උද්ඝෝෂණයකට පාරට කැඳවීම සිදුවන්නේ උතුරේ පළාත් සභා පිහිටුවා ගැනීමෙන් පසුවය. විශේෂයෙන්ම පොලිස් සහ ඉඩම් බලතල සහිතව පළාත් සභාව පිහිටුවාගතහොත් හමුදා කඳවුරු ආශ‍්‍රිතව මහජනයාට ඉඩම් ලබා දී ඉතා පහසුවෙන් ජනතාව සහ හමුදාව අතර ගැටුම් නිර්මාණය කළ හැක. ඊට අමතරව ඒ ගැටුම් තුළම ප‍්‍රාන්ත පොලිස් ප‍්‍රඥාප්තිය ගෙන එමින් පොලිස් – පොලිස් ගැටුම්ද නිර්මාණය කිරීමේ හැකියාව ලැබේ. ඒ ආකාරයට ව්‍යවස්ථාමය ගැටුම් ඊනියා අවිහිංසාවාදී වීදි සටන් ලෙස මහපාරට ගෙන එන අවස්ථාවේදී තවත් පෙරමුණු දෙකක්ද ඊට එක්වනු ඇත. එක් පෙරමුණක් වන්නේ මේවන විට පුනරුත්ථාපනය වී ගමට පැමිණ සිටින 11,000කට අධික පැරණි සටන්කරුවන්ය. අනෙක් පෙරමුණ මේ වන විට යාපනය නගරයේ සැරිසරන බටහිර ඩොලර්වලින් පිස්සු නටන ලිබියාවේ බෙන්ගාසි පන්නයේ ‘‘ෆේස් බුක්’’ තරුණ කල්ලියයි.

බොහෝ විට උතුරු පළාත් සභාව පිහිටුවාගෙන ඒ ආශි‍්‍රතව ගැටුම් නිර්මාණය කරන තෙක් නැගනහිර පළාත් සභාව ඉවසීමෙන් සිටිනු ඇත. ඉන් පසුව උතුරු පළාත් සභාවේ ක‍්‍රියාමාර්ගවලට සාපේක්‍ෂව නැගනහිර ද යෝජනා සම්මත වෙනු ඇත. මේ වන විට මුස්ලිම් කොංග‍්‍රස් සහ ටී.එන්.ඒ පක්‍ෂ රහසිගතව එකග වී ඇති ආකාරය අනුව මෙවර ඡුන්දයෙන් ඔවුනට ලැබෙන බලය අනුව ජාතිවාදී කොටස්වලට  ඕනෑම අවස්ථාවක නැගනහිර පළාත් සභාවේ බලය ඩැහැ ගැනීමට හැකිවනු ඇත. මැතිවරණය ආශ‍්‍රිතව ආණ්ඩුවේ දේශපාලකයින් තීන්දු ගැනීමේදී මෙම අනතුර සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නේ නැත.

උතුරු පළාත් සභාව නැගනහිර සමග එක්ව බොහෝ විට ජාත්‍යන්තර මැදිහත්වීම මත ප‍්‍රධාන යෝජනා දෙකක් සම්මත කිරිමට ඉඩ ඇත. (පොලිස් සහ ඉඩම් ප‍්‍රඥාප්තිවලට අමතරව) පළමුවැන්න පළාත් සභා දෙක එක් කිරිමේ යෝජනාවයි. දෙවැන්න ජනමත විචාරණයක් මගින් රට බෙදීමේ යෝජනාවයි. එහිදී එම ක‍්‍රියාවලියට සහාය දැක්වීම සඳහා ජාතිවාදී මුස්ලිම් පක්‍ෂ විසින් ටී.එන්.ඒ පක්‍ෂයට එක් කොන්දේසියක් පනවනු ඇත. ඒ ඔළුවිල් වරාය මුල් කරගෙන මුස්ලිම් පාලන ප‍්‍රදේශයක් වෙන් කිරිමයි. ඔවුන් ඊට එකගවීමට බොහෝ ඉඩ ඇත්තේ ජාත්‍යන්තර ප‍්‍රජාවද ඊට ආශිර්වාද කරන බැවිනි. ඒ රට බෙදීමෙන් පසුව බෙදා වෙන් කළ කොටසේ ජනතාව නැවත වටයකින් එකිනෙකා මරා ගැනීමට සැලැස්වීම සඳහායි. අධිරාජ්‍යවාදීන්ගේ නව ඊළාම් මග සිතියම ඔවුන් සැලසුම් කරන ආකාරයටම ඉදිරියට ගියහොත් රටම කෑලි තුනකට කැඞීමද අපගේ ජීවිත කාලය තුළම අපට අත් විඳීමට සිදුවනු ඇත. ඒ නව ඊළාම් සැලසුම යුද්ධය මත පදනම් වූ පැරණි සැලසුමට වඩා බොහෝ කෙටි කලකින් අවසන් වන සැලසුමක් බැවිනි.

සම්බන්දන්ලාගේ නව ඊළාම් සැලසුම පරාජය කිරීම සදහා ජාතික සංවිධාන සමුළුව විසින් ඉදිරිපත් කරන යෝජනා

ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කර දුර්වල කිරීම සහ ඉන් පසුව එම භූමිය අධිරාජ්‍යවාදී යුද තිප්පොළක් බවට පත් කිරීම සදහා දියත් කෙරුණු අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයට මුහුණ දීමේදී වසර 30කට අධික කාලයක් තිස්සේ සිදු කළ විවිධ වරදවා ගැනීම් 2005 ෙඓතිහාසික ජන වරම මගින් නිවැරදි කිරීමේ අවස්ථාව ජාතියට උදාවූ බැවින්ද,

ඒ අනුව ජාතියක් ලෙස, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ජාතිකවාදී දේශපාලන බලවේගයන්ගේ නායකත්වයෙන් සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ රණවිරුවන්ගේ මහා කැප කිරීමෙන් එම කුමන්ත‍්‍රණය යුදමය වශයෙන් පරාජය කිරීමට සමත්වූ බැවින්ද,

ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත් කළ කුමන්ත‍්‍රණය සහ සුඩානය බෙදා වෙන්කොට තෙල් සම්පත කොල්ලකෑම සදහා දියත් කළ කුමන්ත‍්‍රණය හෙවත් සුඩාන න්‍යාය පත‍්‍රය සෑම අතින්ම එකහා සමාන වූ බැවින් සහ එම ක‍්‍රියාවලියේ පෙර ගමන්කරුවා ලෙස යොදා ගන්නේද නෝර්වේ රජයේ එකම නියෝජිතයන් පිරිසක් වීම සහ එම සුඩාන න්‍යාය පත‍්‍රය මගින් සුඩානය දෙකඩ කර දකුණු සුඩානය නමින් නව බෙදුම්වාදී රාජ්‍යයක් පිහිටුවූ බැවින්ද,

එම සුඩාන න්‍යාය පත‍්‍රයේ මූලික අංග ලෙස බලය බෙදීම, කේවල් කිරීමේ යුද්ධය සහ වක‍්‍ර ජාත්‍යන්තර මැදිහත්විම යන උපායමාර්ගික ත‍්‍රිත්වය පැහැදිලිව හදුනාගත හැකි බැවින්ද,

සුඩාන න්‍යාය පත‍්‍රය එක සමානව ශ‍්‍රී ලංකාවට සහ සුඩානයට එරෙහිව යොදා ගත්තද සුඩානය බෙදුම්වාදී උගුලට ගොදුරු වීමටත් ශ‍්‍රී ලංකාව ඉන් ගැලවීමටත් හේතු වූයේ ඒ උපායමාර්ග ත‍්‍රිත්වය හදුනා ගනිමින් ඒවා තීරණාත්මකව පරාජය කළ නිසා බව අප විවාදයකින් තොරව පිළිගන්නා බැවින්ද,

ජාත්‍යන්තර බෙදුම්වාදී කුලී හේවා බලඇණිය ලෙස කටයුතු කළ එල්.ටී.ටී.ඊ ම්ලේච්ඡු ජාතිවාදී හමුදාව යුදමය වශයෙන් තීරණාත්මකව පරාජය කිරීමෙන් පසුව සකලවිද දේශීය හා විදේශීය බෙදුම්වාදී කුමන්ත‍්‍රණ කරුවන් තම පැරණි න්‍යාය පත‍්‍රය නැවත ස්ථාන ගත කොට නව උපායමාර්ගික ප‍්‍රවේශයකින් අලූත් තත්වයන් යටතේ නැවත දියත්කොට ඇති බැවින්ද,

ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත්වන ඒ නව සුඩාන න්‍යාය පත‍්‍රය හෙවත් නව ඊළාම් සැලසුම යටතේ උපායමාර්ග ත‍්‍රිත්වය බලය බෙදීම, ‘‘ගාන්ධිවාදී හෙවත් අවිහිංසා වාදී’’ මහජන උද්ඝෝෂණ සහ සෘජු ජාත්‍යන්තර යුදමය හෝ සාම මැදිහත්වීම ලෙස වෙනස්කොට හදුනාගතහැකි බැවින්ද,

එම නව ඊළාම් සැලසුම මගින් රට බෙදීමෙන් නොනැවතී එම න්‍යාය පත‍්‍රය ලිබියානු පන්නයේ මෙහෙයුමක් හෙවත් ප‍්‍රචණ්ඩ අරාබි වසන්තයක් හෙවත් ලිබියානු න්‍යාය පත‍්‍රයක් සමග දෙමුහුන් කිරීම මගින් ශ‍්‍රී ලංකාව මහා විනාශකාරී යුද්ධයකට තල්ලූ කිරීමේ පුළුල් ඉඩකඩ පවතින බැවින්ද,

ඒ දෙමුහුන් න්‍යාය පත‍්‍රය තුළ තමා විසින් ජාතියට දිනා දුන් මහා ජයග‍්‍රහණය පාවාදුන් නායකයකු ලෙස හෙවත්  රට බෙදීමේ කුමන්ත‍්‍රණයට ගොදුරුවූ හෝ උදව් කළ නායකයෙක් ලෙස රටේ රාජ්‍ය නායකයා අවමානයට සහ රෙටි ජනතාවගේ අප‍්‍රසාදයට පත් කොට බලයෙන් පහකිරීම සහ ඒ හරහා රාජ්‍ය නායකයා සහ රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයකට පැමිණවීමේ රහසිගත හතුරු කුමන්ත‍්‍රණයක්ද දියත් වන බවට කිසිදු සැකයක් නොමැති බැවින්ද,

සම්බන්දන් මන්ත‍්‍රීවරයා හරහා දැඩි ජාතිවාදී සහ බෙදුම්වාදී ප‍්‍රකාශයක් සිදු කිරිම සහ ඒ හරහා රජය සහ ඔහු අතර ‘‘යුද්ධයක්’’ ඇවිලී ඇති බව පවසා ඊනියා ‘‘සටන් විරාමයක්’’ සදහා ජාත්‍යන්තර කතෝලික පල්ලියේ ඉහළම නායකයෙකු මැදිහත් කරුවෙකු ලෙස සහභාගි කොට ගෙන ඊනියා බලය බෙදීමේ සාකච්ඡ ක‍්‍රියාවලිය තුළ රජය බිත්තියට හේත්තු කිරීමේ මෙහෙයුමක් දියත් වන බව පෙනෙන්නට ඇති බැවින්ද,

ඊනියා ජාත්‍යන්තර මැදිහත්කරුවන්ගේ මාර්ගයෙන් බලය බෙදීමේ සාකච්ඡුා පණගන්වනවාට අමතරව උතුරේ හමුදා කදවුරු ඉවත් කිරීම, ඊනියා යුද අපරාධ විමර්ශන යාන්ත‍්‍රණ පිහිටුවීම සහ ඒ බව සහතික කිරීම සදහා මාර්ග සිතියම් හෙවත් ක‍්‍රියාකාරී සැලසුම් ඉල්ලා සිටීම ආදී බලපෑම් කිරීමේ උපාංග රාශියක් භාවිතා කරමින් බෙදුම්වාදි කුමන්ත‍්‍රණකරුවන් විසින් රජයට පීඩනයක් එල්ල කරන බැවින්ද,

සම්බන්දන් මහතා විසින් ජාත්‍යන්තර මැදිහත්වීම මත බාහිර ස්වයං පාලනය හෙවත් ඊළම කෙසේ හෝ ලබාගන්නවායැයි සපථ කරද්දීත් රජයට සම්බන්ධ රතු පාට කොළ පාට ආදී විවිධ වර්ණ වලින් යුත් බෙදුම්වාදී බලවේග ඉතා අ`දබාල ලෙස ‘‘බලය ටිකක් බෙදා රට බෙදීම වැලැක්විය හැකිය’’ යන ව්‍යාජ මතවාද පතුරුවමින් මහජනයා නොමග යවන අතර ආණ්ඩුව බෙදුම්වාදී උගුලට තල්ලූ කිරීමට උත්සාහ ගන්නා බැවින්ද,

ප‍්‍රභාකරන් පිළිනොගත් චෙල්වනායගම් න්‍යාය හෙවත් ‘‘ පළමුව ටිකක් දෙවනුව ඉතිරිටික’’ යන න්‍යාය භාවිතා කරන සම්බන්දන් මහතා ප‍්‍රමුඛ ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බෙදුම්වාදීන්, කුමන දේවල් ඉල්ලා කේවල් කළත් අවසානයේ පොලිස් සහ ඉඩම් බලතල සහිත පළාත් සභාවක් ලැබුණහොත් එය බාර ගන්නා බව සහ ඊළම දක්වා වන සටනේ ඉතිරි කොටස එතැන් සිට ඉදිරියට ගෙනයන බව සම්බන්දන් විසින්ම වක‍්‍රව ප‍්‍රකාශකොට ඇති බැවින්ද,

එසේ ව්‍යවස්ථානුකූලව පළාත් සභා පිහිටුවා ගැනීමෙන් පසුව පොලිස් ප‍්‍රඥප්ති, ඉඩම් ප‍්‍රඥප්ති සහ ජල ප‍්‍රඥප්ති ,මෙන්ම හමුදා කදවුරු ඉවත් කිරීම ආදී යෝජනා ගෙනඒම මගින් ඉතා කෙටි කාලයකදී මධ්‍යම රජය සමග ව්‍යවස්ථාමය ගැටුම් ඇති කර ගැනීමේ විශාල ඉඩ කඩක් පවතින බැවින් සහ ඒ ව්‍යවස්ථාමය ගැටුම් ඊනියා ගාන්ධිවාදී හෝ අවිහිංසාවාදී මහජන සටන් ලෙස මහ පාරට ගෙන ඒම මගින් ජාත්‍යන්තරයට මැදිහත් වීමට අවස්ථාවක් නිර්මාණය කිරීමේ ඉහළ සම්භාවිතාවක් තිබෙන බැවින්ද,

එවැනි තත්වයක් තුළ නීත්‍යනුකූල බල ව්‍යුහයක් වන පළාත් සභාව පවත්වාගෙන යාමට රජය ඉඩ නොදෙනවාය යන තර්කය සහ මහජන ගැටුම් උපයෝගී කරගෙන සුඩානයේ මෙන් ජාත්‍යන්තර සාම මැදිහත් වීමක් හරහා ජනමත විචාරණයක් පැවැත්වීමේ අවස්ථාව උදාකර ගත හැකි බැවින් සහ දැනටමත් තමිල්නාඩු හිටපු මහ ඇමති කරුණානිධි සහ ‘‘ඔබාමා සදහා දමිළයන්’’ නමැති සංවිධානය එවැනි ඉල්ලීමක් ඉදිරිපත්කොට ඇති බැවින්ද,

එවැනි ඊනියා සාම මැදිහත් වීමකට ශ‍්‍රී ලංකා ආණ්ඩුව එරෙහි වන අවස්ථාවක ප‍්‍රචණ්ඩ ලෙස ශ‍්‍රී ලංකාවට එරෙහිව ලිබියා න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සදහා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරී බලවේග විසින් අවස්ථාව නිර්මාණය කර ගැනීමට ඉඩ කඩ ඇති බැවින්ද,

සර්බියාවෙන් කොසෝවෝ බෙදා වෙන් කිරීමේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේදී කොසෝවෝ බෙදුම්වාදී ගරිල්ලන් ලවාම නිරායුද උද්ඝෝෂකයින් 800ක් දෙනා ඝාතනය කොට සෘජු ජාත්‍යන්තර මැදිහත්වීමකට ම`ග පාදාගත් ආකාරය ශ‍්‍රී ලංකාවේදී ද අත්හදා බැලීමේ පූර්ව කොසෝවෝ තත්වයක් තිබෙන බැවින්ද,

ශ‍්‍රී ලංකාට එරෙහිව ලිබියානු පන්නයේ මෙහෙයුමක් දියත් කිරීමට ගන්නා උත්සාහයකදී උතුරේ බෙදුම්වාදීන් මෙන්ම දකුණේ බෙදුම්වාදී හිතවාදීන් එක පෙරමුණකට ගෙන ඒමට බටහිර තානාපති අංශ විසින් ඩොලර් කෝටි ගණනින් වියදම් කිරීමට සූදානම් බවට කිසිදු සැකයක් නැති බැවින්ද,

කුමන්ත‍්‍රණකරුවන් ඇන්දවීමේ, රැවටීමේ හෝ මගහැර යාමේ උපක‍්‍රමවල වරදක් නැතත් ඔවුන්ගේ උපක‍්‍රම වලට යටත් වීමෙන් සතුරාට වාසියක් අත් කර ගැනීමේ ඉඩ කඩ ඇති බැවින් සහ ජාතියක් ලෙස අප කිසිදු ආකාරයකින් හෝ එක දශමයකින් හෝ යටත්වීම කෙළවර විය හැක්කේ සම්පූර්ණ යටත්වීම සහ විනාශය තුළින් පමණක් බැවින්ද,

ජිනීවා යෝජනා හෙවත් ඇමෙරිකානු බලහත්කාරයට යටත් නොවී රජය ධෛර්ය සම්පන්නව ඊට මුහුණදී එය පරාජය කිරීමට තීන්දු කිරිම හරහා මුල් වටයේදී විශාල ජයග‍්‍රහණයක් ජාතියක් ලෙස අප අත් පත් කරගෙන ඇති බැවින්ද,

විපක්‍ෂයේ දේශපාලන බලවේගවල පටු දේශපාලන අරමුණු සහ මතවාදී පටලවා ගැනීම්, විශේෂයෙන්ම  2005 ජන වරම නිර්මාණය කිරීමට දායක වූ ජාතිකවාදී බලවේගවල න්‍යායාත්මක පීලි පැනීම් හේතුකොටගෙන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයට එරෙහිව සමස්ත ජාතිය පෙළගැස්සවීමට සියලූ පාර්ශ්ව අසමත්වී ඇති බැවින් සහ එම තත්වය වෙනස්කොට ජාතික රාජ්‍යයේ ආරක්‍ෂාව පළමු තැනට තබා දිනාගතයුතු සියළු බලෙවිග දිනා ගත යුතුව ඇති බැවින්ද,

රට බෙදීමේ නව ඊළාම් න්‍යාය පත‍්‍රයට අදාළ උපායමාර්ග ත‍්‍රිත්වය තීරණාත්මකව පරාජය කොට ශ‍්‍රී ලාංකීය ජාතික රාජ්‍යයේ සහ ජාතියේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා දස වැදෑරුම් යෝජනා මාලාවක් මෙසේ රජයට, ජනතාවට සහ සියලූ දේශපාලන පක්‍ෂ වලට ඉදිරිපත්කර සිටිමු.

01. සම්බන්දන් මන්ත‍්‍රීවරයා තමා විසින් කරන්නට යෙදුනු ව්‍යවස්ථා විරෝධී බෙදුම්වාදී ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා තුරු ඔහු සමග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළ හෝ වෙනත් ව්‍යුහයක් යටතේ කිසිදු සාකච්ඡුාවක් නොපැවැත්විය යුතු බව සහ බාහිර හෝ අභ්‍යන්තර ස්වයං පාලනය යන කුමන වචනවලින් හැදින්වුවත් එමගින් ප‍්‍රචලිත කරන බෙදුම්වාදය ජාතියක් ලෙස තරයේ ප‍්‍රතික්‍ෂෙප කළයුතු බව,

02. කිසිදු හේතුවක් නිසා උතුරේ ජනතාවගේ සහ භූමියේ ආරක්‍ෂාව සදහා පිහිටුවා ඇති හමුදා කදවුරු එකක් හෝ  ඉවත් කිරීම සිදු නොකළයුතු බව සහ යම් හමුදා කදවුරු ආශ‍්‍රිතව ආරක්‍ෂාවට කිසිදු තර්ජනයක් නොමැතිව යම් ඉඩම් ප‍්‍රමාණයක් මහජනයාගේ භාවිතය සදහා නිදහස් කළ හැකිනම් පමණක් එසේ කළ යුතු බව,

03. කුමන හේතුවක් හෝ තත්වයක් යටතේ වත් පොලිස් බලතල සහ ඉඩම් බල තල සහිතව පළාත් සභා ස්ථාපිත නොකළ යුතු බව සහ ෆෙඩරල් හෝ එක්සත් යන කුමන හෝ නම්වලින් හැදින්වෙන බලය බෙදීමක් මගින් ව්‍යවස්ථාවේ ප‍්‍රධාන මූලධර්මයක් වන එ්කීය රාජ්‍ය සංකල්පය කිසිදු ලෙසකින් වෙනස් නොකළ යුතු බව,

04. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ප‍්‍රාදේශීය සභා පනත සංශෝධනය කොට සියලූ ජනතාවට තම ප‍්‍රදේශයේ ආර්ථික සාමාජීය සහ සංස්කෘතික දියුණුවට අදාල තීන්දු ගැනීමට වැඩි බල තල ලැබෙනසේ ප‍්‍රාදේශීය සභාවලට උපරිම පරිපාලන බල තල ලබාදිය යුතු බව,

05. දකුණේ ජීවත්වන සියළු ජන කොටස් වල විශේෂයෙන්ම සිංහල ජනතාවගේ ආශිර්වාදය, සහයෝගය, ආධාර උපකාර සහ ජන සහභාගිත්වය සහිතව උතුරු සහ නැගනහිර ප‍්‍රදේශවල අවතැන්වූ සියලූ ජනතාව නැවත පදිංචි කිරීම සහ ඔවුනට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා වැඩි කිරීම සදහා නිශ්චිත දින වකවානු සහිතව ජාතික වැඩපිළිවෙලක් යෙදිය යුතු බව,

06. ඊනියා උගත් පාඩම් කොමිසන් වාර්තාවේ තිබුණත් නැතත් ‘‘උතුර සහ දකුණ’’අතර භාෂාමය සහ සංස්කෘතිකමය සහ අධ්‍යාපනික සබදතා වර්ධනය කිරීම සදහා රජය සද්භාවයෙන් සහ ඉතා පුළුල් ලෙස මැදිහත්වීම මගින් සහ ඒ සදහා අවශ්‍ය අරමුදල් නිර්ලෝභීව ලබාදීම මගින් දීර්ඝ කාලීනව ජාතික සමගිය හා සංහිදියාව තහවුරු කළ යුතු බව,

07. මානව හිමිකම් සමුළුවේ සභාපති නවනීදන් පිල්ලේ මහත්මිය සමග හෝ ඊට පෙර හෝ පසුව කිසිදු ආකාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලය ලත් නියෝජිතයන් ලෙස හදුන්වන පිරිස්වලට රට තුළට ඒමට වීසා ලබා නොදිය යුතු බව සහ එසේ පැමිණෙන  ඕනෑම නිලධාරියෙකුගෙන් තමා එසේ බලය ලත් නියෝජිතයකුද, නැද්ද යන්න සහතික කෙරෙන ලිඛිත ප‍්‍රකාශයක් වීසා ලබාදීමට පෙර ලබාගත යුතු බව,

08. ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා සමුළුවේදී ඉදිරිපත් කළ ඇමෙරිකානු යෝජනාවේ සදහන් කිසිදු නියෝගයකට යෝජනාවකට හෝ කරුණකට යටත් නොවියයුතු බව සහ ඒ නිසාම ඔවුන් ඉල්ලා සිටින මාර්ග සිතියම් හෝ ක‍්‍රියාකාරී සැලසුම් කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදිය යුතු බව,

09. යුදමය ක‍්‍රියාවලිය තුළ සිදුවූ සිදුවීම් පිළිබදව ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව තුළ සහ අධිකරණ පද්ධතිය තුළ සිදුකෙරෙන විමර්ශනයන්ට අමතරව කිසිදු දේශීය හෝ ජාත්‍යන්තර පරීක්‍ෂණ යාන්ත‍්‍රණයකට ඉඩ ලබා නොදිය යුතු බව සහ උගත් පාඩම් කොමිසමේ පාර්ශ්වීය බව හෝ දුර්වල බව නිවරදි කිරීම සදහා වෙනත් කුමන හෝ කොමිසමක් පිහිටුවන්නේ නම් ඒ මගින් වසර 30ක යුද්ධය තුළ සියළු ජාතික සහ ජාත්‍යන්තර පාර්ශව සිදුකළ මැදිහත්වීම සහ ක‍්‍රියාකාරකම් විමර්ශනය කළ යුතු බව,

10. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේම කොටසක් ලෙස රට ආර්ථික අර්බුදයකට තල්ලූකොට මහජන අප‍්‍රසාදයට ලක්කිරීම සදහා කටයුතු කරන ආර්ථික ඝාතක දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ මෙහෙයුම් හදුනාගෙන ඒවා පරාජය කිරීම මගින් මහජන සහාය වඩාත් පුළුල් ලෙස දිනා ගත යුතු බව සහ ජාතික රාජ්‍යයේ ආරක්‍ෂාව සදහා චීනය, රුසියාව ඇතුළු අප රටට මිතුරු රටවල් අතර මිත‍්‍රත්වය දැඩි ලෙස ස්ථීරසාරව තහවුරු කර ගත යුතු බව,

- ජාතික සංවිධාන එකමුතුව

15,870 Viewers
Print

14 Comments to “නව ‘‘ඊළාම් සැලසුම’’ යනු කුමක්ද?”

  1. DESHA PREMIYA says:
    August 14, 2012 at 4:59 am

    ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා සමුළුවේදී ඉදිරිපත් කළ ඇමෙරිකානු යෝජනාවේ සදහන් කිසිදු නියෝගයකට යෝජනාවකට හෝ කරුණකට යටත් නොවියයුතු බව සහ ඒ නිසාම ඔවුන් ඉල්ලා සිටින මාර්ග සිතියම් හෝ ක‍්‍රියාකාරී සැලසුම් කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදිය යුතු බව,

    09. යුදමය ක‍්‍රියාවලිය තුළ සිදුවූ සිදුවීම් පිළිබදව ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව තුළ සහ අධිකරණ පද්ධතිය තුළ සිදුකෙරෙන විමර්ශනයන්ට අමතරව කිසිදු දේශීය හෝ ජාත්‍යන්තර පරීක්‍ෂණ යාන්ත‍්‍රණයකට ඉඩ ලබා නොදිය යුතු බව සහ උගත් පාඩම් කොමිසමේ පාර්ශ්වීය බව හෝ දුර්වල බව නිවරදි කිරීම සදහා වෙනත් කුමන හෝ කොමිසමක් පිහිටුවන්නේ නම් ඒ මගින් වසර 30ක යුද්ධය තුළ සියළු ජාතික සහ ජාත්‍යන්තර පාර්ශව සිදුකළ මැදිහත්වීම සහ ක‍්‍රියාකාරකම් විමර්ශනය කළ යුතු බව,

    10. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේම කොටසක් ලෙස රට ආර්ථික අර්බුදයකට තල්ලූකොට මහජන අප‍්‍රසාදයට ලක්කිරීම සදහා කටයුතු කරන ආර්ථික ඝාතක දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ මෙහෙයුම් හදුනාගෙන ඒවා පරාජය කිරීම මගින් මහජන සහාය වඩාත් පුළුල් ලෙස දිනා ගත යුතු බව සහ ජාතික රාජ්‍යයේ ආරක්‍ෂාව සදහා චීනය, රුසියාව ඇතුළු අප රටට මිතුරු රටවල් අතර මිත‍්‍රත්වය දැඩි ලෙස ස්ථීරසාරව තහවුරු කර ගත යුතු බව,

    Reply
  2. mokka says:
    August 14, 2012 at 5:22 am

    50%k aththa 75%k pacha

    Reply
    • Ruwan says:
      August 14, 2012 at 7:56 am

      umbata maths baaaaaa…………

      Reply
      • Lankan says:
        August 14, 2012 at 8:08 am

        anee gonoo 50% eka kotahak weddi ithuru tika 75% da ?

        Reply
  3. mahi says:
    August 14, 2012 at 10:23 am

    chathura
    අමෙරිකාවට පස්ස පැත්ත දෙන මෝඩයා,

    Reply
  4. GADOL says:
    August 15, 2012 at 1:57 am

    There is a saying that an idle mind is devils workshop. It is in the light of the situation described that the continued agitations of the TNA should be viewed. TNA is a bad influence to the Tamil youth of the North and East who could be mislead through hardship and whipped up Tamil nationalism. All the effort the Government is making to reconcile the people and find work and improve the condition of living of the people will be in vain if it leaves Tamil National Alliance to sow the seeds of hatred and racism. Therefore, the alternative to stop this erosion of Communal Unity is to ban TNA.

    Reply
  5. R.Dias says:
    August 15, 2012 at 10:07 pm

    ඈයි මේ විලාපය…මහජන මනසට මොනවාද මේ ඈතුලත් කරමින් සිටින්නේ… ? එදා පටන් ඈවිලුනු දෙමළ විරොධය මෑයි….දේශපාලන වශයෙන් ගතයුතු තීන්දු ගෑනීමට මහජන ජන්දයෙන් පත්වූවා යයි කියන රජයක් සහ “විධායක ජනාධිපති ” කෙනෙකු බොරු නොහෑකියාවත් පෙනවමින් සදා බලයේ සිටීමට කරන උප්පරවෑට්ටියකි මෙය. දහසක් ආර්ථික පීඩන මෑද දිවි ගෙවන උතුර දකුණ මතක නෑති ජනතාවක් ඉදිරියට මෙම ගෑටළුව ගෙනයාම කෙතරම් නිහින ක්‍රියාවක්ද..? රජය පෙන්වන්නේ මෙයට ජනතාව අකෑමෑතියි බවයි.. එසේනම් ජනතාව යනු කවරෙක්ද යන්න විග්‍රහ කල යුතුයි..ජනතාව යනු මෙම ප්‍රශ්නය සදාකාලික තුවාලයක් කරගෙන වෑජඹීම උදෙසා පමනක් ඈටවු කල්ලි නොවේ..

    යුද්ධය පටන් ගත්තේ ජනතාවගෙන් අසා නොවෙයි..එය විශේශයෙන්ම ඉන්දියාවෙ අවශ්යතාවය මත ඈතිවූ අමෙරිකානු සහයෝගයෙන් සිදුවූ දේශපාලන ක්‍රියාවක් බෑව් ඔය මහජනයා කියන කල්ලි නොදන්නවා නොවෙයි….මෙය එදවස් තුල ඉතා රහසිගතව සිදුවූවක්.. කී දෙනෙකු ඉන්දියාවෙ වන්දනාවෙ ගියේද ? මෙම යුද්ධය මෙහෙයවු හමුදාපති පවා ඉන්දියානු රජයට කරුණු කීමට ගියා….එය සිදුවුනේ දෑන් මේ සිදුවෙමින් යන ක්‍රියාවලියට මහජනයා විරුද්ධයි කියා නව මතයක් ගොඩ නගන ඈයො පමණක් දෑනුවත්ව මිසක්..පොදු මහජනයා දෑනගෙන නොවේ..කොයි අවස්තාවෙද ඔය වන්දනා ගමන් වල විස්තර ඉදිරිපත් කලේ රටට දෑන ගෑනීම පිණිස..? රටේ පොදු අවශ්යතාවය තිබුනේ යුද්ධය නිමා කිරීමට රජයට සහයෝගය දීම මිස විදේශ රටවල් ඈදුනු එය කෙසේ නිමා කලයුතු ද ගෑන නොවේ..එවිට දේශපාලන තීන්දු ගත යුත්තෙ රටට හිතකර ලෙස මිස තමාට හිතකර ලෙස නොවේ…මෙයින් වෑටහෙන සත්ය නම් එක් පුද්ගලඅවශ්යතාවය මත පමණක් සිදුවුවක් බවයි….පොරොන්දු රාශියක් දී ඈති බවයි..එයින් 13 හෝ 13+ දීම ගෑන එක්ගත්වයක් තිබු බව 2009 එ.ජා. මහ ලේකම් බෑන් කි මූන් මහතා සමග අපගෙ ජනපති විසින් කල ප්‍රකාශයෙන් පෑහෑදිලියි… නෑතිනම් රටේ විධායක ජනපති වශයෙන් රටේ අනාගතය ගෑන මෙවෑනි ප්‍රකාශයක් කල හෑක්කෙ කෙසේ ද..? ඔහුට කුමක් ද තිබෙනා බලය..? එවෑන්නක් තීරණය කල යුත්තේ මහජන මතය විමසීමෙන් පමණයි…මොකො ජනපති තාවකාලික පදවියක් බෑවිනි….

    කෙසේ වෙතත් මෙයින් ගම්ය මුලින් වූ පොරොන්දුවක් බවත්..ඔවුන් විසින් එය ඈමෙරිකාවටද සන්නිවේදනය කල ඈති බවයි..ඒ අනුව යුද්ධය නිමා කිරීමට අපට හෑකිවූ බවයි… මෙය සනාථ වන්නෙ අමෙරිකාව එල්ටිටීඊ සන්විධානයට ආධාර ලෑබීම වෑලක්වීමෙනුත් යුද්ධය ආශ්‍රිතව සිදුවු විනාශයන් සම්බන්දයෙන් ඉන්දියාව දෑක්වු නිහඩතාවයත් ය..

    .මෙම ලිපියෙහි දක්වන ආකාරයට ඈමරිකාව හෝ ඉන්දියාව රට බෙදීමේ උත්සාහයක හෝ ක්‍රියවලියක නිරත වී ඈත්නම් ඔවුන්ට එය ඉතා පහසුවෙන් එල්ටීටීඊ සන්විධානය හරහා ඔවුන්ට සහයෝගය දෑක්වීමෙන් කලහෑකිව තිබියදි ඈයි යුද්ධය නිමා කරවාගෙන එසේ කරනවා යෑයි කියා කෑගසන්නේ..? හෑගෙනා ආකාරයට එය තනි මතයක් ක්‍රියා කිරීමට යෑමෙන් ඉල්ලන් කන දෙයක් බවයි…එය හදිසි අවශ්යතාවක් සේ පවත්වන ලද 2010 ජනපතිවරණයත්..18 සන්ශෝදනයෙනුත් පහෑදිලිව දෑන් පෙනෙනා දෙයකි.

    තව කරුණක් අමෙරිකාව සූඩානය බෙදා වෙන් කිරීමට සහයෝගය දක්වුයේ එහි තිබෙන තෙල් සම්පතයි…මෙය ඔවුන් නොකෙරුවත් චීනය මෙය නොකරනවා යෑයි පෑහෑදිලිව කියන්නෙ කෙසේ ද..? චීනය අප්‍රිකානු රටවල් වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී..ඔවුන් අතට එම රට පත් වුවහොත් අප එය සාධාරණය කරන්නේ කෙසේ ද..? චීනය ද අමෙරිකාව මෙන් රටවල් ග්‍රහණය කරගනිමින් සිටියි..එය නොපෙනෙන්නෙ අපගේ බොලද මනස්ගාත බෑවිනි..

    හම්බන්තොට වාණිජ නෑව් නොපමිනෙණ වරාය සහ ගුවන් තොටුපොල උදාහරණයකි… නෑතිනම් එම මුදලින් තිරිකුණාමල වරාය සන්වර්ධනය කර.. ඒහා ආශ්‍රිත ගුවන් තොටුපොලක් තනා අති දෑවන්ත අධිවේගි මාර්ගයක් තෑනීමට තිබුනා.. වෙනත් අයෙකුගේ අවශ්යතාවය රටේ අවශ්යතාවය නොවන අතර එයින් නෑගෙන පීඩා දෑරීමට කෙසේවත් අද ජනයාට නොහෑකි බව නොතේරෙන්නේ ද එම තනි මතයට කෙරෙනා ක්‍රියාවන් බෑවිනි…

    එම නිස යථාර්තවාදීව සිදුවී ඈති දේ දිහා බලා පොරොන්දු ඉටු කිරීමයි අවශ්ය ප්‍රමුඛතාවය වන්නේ..සියල්ලන්ම මෙම විකාරයෙන් පීඩා විදිමින් ඈති බව සදාකලික ජීවනය ඈති ජාතික සන්විදන එකමුතුව දෑනගත යුතු වේ.

    Reply
    • වේලාරත්න says:
      August 30, 2012 at 12:04 am

      මෙරටවැසියා
      මෙයා මේ කියන කතාව බලහල්ලකො. යුද්දෙ දින්නෙ ඇමරිකාවයි ඉන්දියාවයි එක්ක රහසිගත එකගතාවකින්ලු. අයියෝ සල්ලි…!
      :D

      Reply
  6. සොහොන්පුර says:
    August 14, 2012 at 8:38 am

    Shame…………………

    Reply
  7. sam says:
    August 14, 2012 at 8:56 am

    uba kiyanne sf ta denna kiyalada.asgediwalata henagahalada sihalunne.

    Reply
  8. im says:
    August 14, 2012 at 5:46 pm

    Americawata visa ganna me rata americawata baradenna ona ne. Tikak mahansi wela igena ganna. Ethakota nikamma visa dei. Ai amaru widiyakata americawata yanna hadanne :)

    Reply
  9. ADam says:
    August 14, 2012 at 9:20 pm

    Look like you Eelam terrorist go to hell its better

    Reply
  10. ගමයා says:
    August 31, 2012 at 9:04 am

    shame on you

    Reply
  11. Nariya alscaff says:
    August 14, 2012 at 2:49 pm

    chatura fonsige putek da?

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English