සිගරැට්ටුවක් රුපියල් 30ක් කලොත්, 35ක් 40ක් කලොත්….

ශී‍්‍ර ලංකාවේ සිගරට් අලෙවිය සඳහා එදා සිට අද දක්වාම පවතින්නෙ ඒකාධිකාරයකි. එනම් අප රටේම සිගරට් අලෙවි කරන එකම සමාගම, ලංකා දුම්කොළ සමාගමයි. ‘‘ලංකා’’ නමින් පෙනී සිටිය ද මේ සමාගමේ 92.6% තරම් විශාලම කොටස් අයිතිය ඇත්තේ බි‍්‍රතාන්‍ය-ඇමෙරිකානු දුම්කොළ සමාගමටය. කොටින්ම මෙම සිගරට් ව්‍යාපාරය, දේශීය මෙන් පෙනී සිටින බි‍්‍රතාන්‍ය-ඇමෙරිකානු බහු ජාතික සමාගමක අවතාරයකි.

සිගරට් කියන්නෙත් බොන-නොබොන හැමෝම අවිවාදයෙන් පිළිගන්නා මිනිසුන්ට වැදගම්මකට නැති පමණක් නොව සෞඛ්‍යයට බරපතළ ලෙස හානිදායක පරිභෝජන භාණ්ඩයකි. එනම් අත්‍යවශ්‍ය භාණ්ඩයකුත් නොවන, තිබුණත් එකයි-නැතත් එකයි භාණ්ඩයකුත් නොවන, ඇත්තටම නැතිවුණොත් හොඳයි කියලා හිතෙන භාණ්ඩයකි. එහෙම නම් මේ භාණ්ඩය පවත්වාගෙන යන්නෙ ඇයි? බොහෝ දෙනා හිතා සිටින්නෙත් නොදන්නා කමට ප‍්‍රකාශ කරන්නෙත් රජයට විශාල බදු මුදලක් ලැබෙන නිසා මේ සමාගම පවත්වාගෙන යනවා ය කියායි. සමහරු විශ්වාස කරන්නේ රජය පවතින්නේ සිගරට් සමාගම නිසා කියායි. දුම්කොළ සමාගම ද රටට පෙන්වන්න හදන්නේ ඒ ආකාරයටමය.

නමුත්. . .  දැන්වත් මේ රටේ පුරවැසියන් ඇත්ත තේරුම් ගැනීම අනිවාර්ය වේ. ඒ නිසා මේ නිර්දය සත්‍ය හෙළි කරන්නට අපි කටයුතු කළෙමු. අද වනවිට රජයේ සමස්ත ආදායමෙන් දුම්කොළ බදුවලින් ආවරණය කරන්නේ 6%ක් වැනි සුළු ප‍්‍රමාණයක් පම◊. 1990 ගණන්වල 11% විතර වුණ එම බද්ධ අද 6% විතර දක්වා අඩු වී තිබේ. කවුරු කෙසේ කීවත් රුපියල් වලින් නොයෙක් ආලවට්ටම් පෙන්නුවත් සිදු වී ඇත්තේ අපේ ජාතික ආදායමට සිගරට් බදුවලින් එකතු වන මුදල එන්න එන්නම පහළ බැසීමයි. අනෙක් අතට මේ සියලූ බදු මුදල් අපේ රටේ පුරවැසියා සිගරට් බීලා දුප්පත් වෙවී ගෙවන ඒවා බවත් තේරුම් ගත යුතුයි. එසේ නොමැතිව මේවා බි‍්‍රතාන්‍යයෙන් ඇමෙරිකාවෙන් ගෙනත් අපට ගෙවන බදු මුදල් නොවේ. මේ සියල්ලම කළාට පසු සමාගමට ලැබෙන අතිමහත් ලාභය ඔවුන් බි‍්‍රතාන්‍යට සහ ඇමෙරිකාවට පැටවීම අවසාන වශයෙන් කරනු ලබයි.

දුප්පත් වුණ මිනිස්සුන්ට ආධාර, සහනාධාර දෙන්න ආපහු ඒ රටවල් වලින්ම ණය ගන්නත් රජයට සිදු වෙනවා. මෙය දුගී බවේ විෂම චක‍්‍රය හසුරුවන ප‍්‍රධාන සාධකයකි. මෙම සමාගමට වැදගත්වන්නේ ඔවුන්ගේ ව්‍යාපාරය පමණයි. රජය කීයක් බදු ගැහුවත් එය සිගරට්ටුවට එකතු කර අපේ මිනිස්සුන්ගෙන් අරගෙන රජයට දී තමන්ගෙ ලාභය තම මවු රටවලට යැවීම පමණයි ඔවුන්ගේ එකම අරමුණ. කුමන ක‍්‍රමයට කළත් ලාභයෙන් 92.6% ඔවුන් අපේ රටෙන් ඔවුන්ගේ රටවලට අරගෙන යනවා. අවසානයේදී සිදු වෙන්නේ සිගරට් සමාගම රටට බදු ගෙවනවා කියා මායාවක් නිර්මාණය කර අපේ රටේ පුරවැසියන් සතුව තියෙන මුදල් වසරක් පාසා පිටරට පැටවීමයි. මේ වන විට භාණ්ඩාගාරයේ යම්කිසි කූඨ නිලධාරීන් පිරිසක් රජය පනවන දුම්කොළ බද්දෙන් කොටසක් මිල වැඩිවීමක් ලෙස සමාගමට ආපසු ලබා දීමේ සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කරමින් ඇත.

සමාගමට මෙම අති විශාල මූල්‍යමය ලාබය ලැබෙන්නේ කිසිදු ආකාරයකට නව නිශ්පාදන යෙදවුමක් හෝ ආයෝජනයකින් තොරවයි. රජයට මුදල් අවශ්‍යව තිබියදී දුම්කොළ බද්ද මගින් ලබාගත යුතු මුදල් පවා බහුජාතික විදේශීය සමාගමකට නිස්කාරණේ ත්‍යාග ලෙස ආපසු ලබාදීමට තීරණ ගන්නා නිලධාරීන් රටට හෙළි කළ යුතුය.

මේ සියල්ල මෙසේ වෙද්දීත් රජය හෝ මෙම සිගරට් වලින් ප‍්‍රමාණවත් බදු ආදායමක් ලබනවා නම් ‘‘ඒකවත් කමක් නෑ’’ කියලා හිත හදාගන්න මහජනයාට හැකියි. ලෝකයේ සිගරට් මත අය කරන බදුවලින් අඩුම බදු අය කරන රටවල් අතර ප‍්‍රධාන රටක් ලෙස ශී‍්‍ර ලංකාව හැඳින්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තාවලට අනුව, කියුබාව සිගරට් මත 87%ක බදු මුදලක් අය කරයි. එසේම එංගලන්තය 73%ක්ද  ඊශ‍්‍රායලය 68%ක්ද බදු මුදල් ලෙස සිගරට්වලින් අය කරති. නමුත් ශී‍්‍ර ලංකාව සිගරට් බදු ලෙස අය කරන්නේ 59%ක් පමණි. එපමණක් නොව දැන් එම බදු මුදලද එන්න එන්නම අඩුවන තත්ත්වයකට සිගරට් බදු අයකිරීමේ ක‍්‍රියාවලියක් භාණ්ඩාගාර කූඨ නිලධාරීන් විසින් හඳුන්වා දී ඇත.

බොහෝ රටවලට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකාවේ අනිකුත් සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම අනුව  සිගරට් මිල ඉහළ නොයන්නේ ඇයි? එය කාගේ උවමනාවකට සිදුවන්නක් ද? සිගරට් මිල ඉහළ ගියාට රටේ ජනතාව අසතුටු නැත. එසේම ජාතියක් ලෙස අප දුක් විය යුත්තේ මිල ඉහළ යාම පිළිබඳව නොව එසේ නොයාම පිළිබඳවය. සියලූ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමටත් උද්ධමනයටත් මිලදී ගැනීෙමි හැකියාවටත් සාපේක්ෂව අද රු. 23.00කට වෙළෙඳපොළේ අලෙවිවන සිගරට් එකක මිල අවම වශයෙන් රු.30.00කට වඩා වැඩිවිය යුතු බව ආචර්ය නිශාන් ද මෙල් මහතා සිදු කළ සමීක්ෂණයකින් පවා පෙන්වාදී තිබු◊. එමෙන්ම තව≥රටත් බදු පැනවීම මගින් එසේ මිල ඉහළ නොදැමීම හේතුවෙන් වසරකට රජයට රුපියල් බිලියන 16ක (රු. 16,000,000,000) පාඩුවක් සිදු වෙයි. එසේම පහුගිය වසර 5 තුළ නිවැරදි පරිදි සිගරට් මිල වැඩි නොකළ නිසා සිදු වූ පාඩුව රුපියල් බිලියන 100 ක් තරම් ඉහළ අගයක් ගනී. ඒ අනුව මෙම ආර්ථික ඝාතකයන් රටට සිදු කරන පාඩුව තවදුරටත් සිදු වීම වැළැක්විය යුතු නොවේ ද? නිවැරදි ලෙස නිවැරදි ප‍්‍රමාණයෙන් මෙම බදු මුදල් අයකර ගත්තානම්, රජයට පසුගිය කාලය පුරා එම අරමුදල් අහිමි නොවුනා නම් ඒ මුදලින් ජනතාවට තවත් රෝහල්, පාසල්, විශ්ව විද්‍යාල ආදී ආයතන තැනීමට පුළුවන්කම, හැකියාව තිබුණි. ජාතියක් ලෙස ලෝකයට ණය වීමද පාලනය කරගත හැකිව තිබුණි. එසේම අවශ්‍ය නම්, මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි තවත් ව්‍යාපෘතියක්, සමෘද්ධි සහනාධාර වෙනුවෙන් වැය කරන මුදල මෙන් 10 ගුණයක් දක්වා සහනාධාර වැඩි කිරීමේ හැකියාව මේ බදු මුදල ලබා ගත්තේ නම් රජයට කළ හැකිව තිබුණි.

කරුණු සියල්ල සලකා බැලීමේදී පළමුව සිදු කළ යුතුවන්නේ, මෙතෙක් කල් වැඩි නොකළ සිගරට් බදු සියල්ල හැකි ඉක්මණින් වැඩි කර එම සියලූ මුදල් රජය ලබා ගැනීමය. එසේ වුවත් සිදුවිය හැක්කේ ඊට හාත්පසින්ම වෙනස් කාරණයකිි. මෙය මීට පෙර පෙන්වාදීමෙන් පසු අවස්ථා දෙකකදී රුපියලකින් හා රුපියල් දෙකකින් සිගරට් මිල ඉහළ ගිය නමුත් එහි වාසිය රජය ලබා ගැනීමට අපොහොසත් විය.

අතීතයේ සිගරට් මිල ඉහළයාමේදී ඉහළ යන මිලෙන් මුළු මුදලම හෝ 90% කට වැඩි ප‍්‍රමාණයක්  රජය අය කරගැනුණි. එනම්, රුපියලකින් මිල ඉහළ යද්දී දුම්කොළ සමාගමට ශතයක්වත් හිමි නොවීම හෝ ශත 10 කට අඩු මුදලක් පමණක් ලැබී තිබුණි. නමුත්, පසුගිය කාලය පුරාම සිගරට් මිල ඉහළ යාමේදී රජයට ලැබෙන මුදල එන්න එන්නම අඩුවෙමින් සමාගමට ලැබෙන මුදල එන්න එන්නම වැඩි වී ඇත. අද වන විට එය 50 ට 50 අනුපාතයට බෙදීයන තත්වයට පත්වී ඇත. ඒ අනුව ඉතා පැහැදිලිවම ආණ්ඩුව එම මුදල් මහජනයාගේ සාක්කුවෙන් උදුරා සමාගමට ලබාදේ.

සියලූ බදු මුදල් රජයට අය විය යුතු තත්වයක් යටතේ මෙසේ සිදුවන්නේ මහා භාණ්ඩාගාරයේ සිගරට් බදු සකසන නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසාද නැතහොත් වෙනත් කරුණක් නිසාද යයි විමර්ශනය කිරීම ජාතික වගකීමකි. එහෙත් මේ දක්වා තත්ත්වය නිවැරදි නොවන්නේ බල සම්පන්න අත පෙවීම් නිසා යැයි අපේ හැ`ගීමයි. මෙම තත්වය පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් වසන්කර පවත්වාගෙන යාමද අපූරුවට සිදුවේ. නිවැරදි බදු මුදලක් සිගරට්වලට අය නොකරන්නේ ඒ පිළිබඳ බදු නිලධාරීන්ට නිවැරදි අවබෝධයක් නැතිකම නිසා ද? එසේ නැතහොත් දුම්කොළ සමාගමේ කූට උපක‍්‍රමවලට හසු නොවීමට තරම් නිලධාරී පැලැන්තිය සමත් නොවීමද? නිසාද යන ප‍්‍රශ්න දෙකද කෙනෙකුට ඇසිය හැක.

මේ හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ සිගරට් භාවිතය හා අලෙවිය එන්න එන්නම අඩුවෙමින් පැවතුනත් දුම්කොළ සමාගමේ ලාභය එන්න එන්නම ඉහළ යමින් තිබේ. මෙය සාමාන්‍ය තත්වයක් යටතේ කිසිදු භාණ්ඩයකට හෝ සේවාවකට අදාළව සිදුවිය හැකි තත්වයක් නොවේ. එනම්, භාණ්ඩයක අලෙවිය අඩුවෙද්දී ලාභය වැඩිවන්නේ කෙසේද යන ප‍්‍රාතිහාර්ය ආර්ථික විශේෂඥයන් විසින් දැන් පැහැදිලි කළ යුතුය. මෙය රුපියල් වලින් ගණනය කිරීමේදී, අතිවිශාල මූල්‍ය වංචාවක් බව පැහැදිළි වනු ඇත. දුම්කොළ සමාගමේ දිනක ආදායම රුපියල් මිලියන 209 (රු. 209,000,000) කි. දළ වශයෙන් අලෙවි වන සිගරට් වර්ග හා ප‍්‍රමාණ සැලකීමේදී සිගරට් වල සාමාන්‍ය මිල රුපියල් 20.00ක් ලෙස සැලකුවහොත් මෙම ආදායම ලැබීමට දිනකට සිගරට් ලක්ෂ 104 (රු. 10,450,000) ක් අලෙවි කරයි. මිල වැඩි කිරීමේදී රජයට ලැබිය යුතු ශත 5ක් හෝ සමාගමට ලැබුණහොත් එම මුදල රු. 522,500.00(ලක්ෂ 5) ක් වේ. එක ශතයක්වත් සමාගමට නොලැබිය යුතු තත්ත්වයකදී පසුගිය වතාවේ රුපියල් 2.00කින් සිගරට් මිල ඉහළ යද්දී රු. 1.00ක් ලැබීමෙන් සමාගම දිනකට ලබාගන්නා ආදායම ලක්ෂ 100ක් (රු. 100,000,000) තරම් වන අතර වසරකට එය රු. මිලියන 3650 (රු. 3,650,000,000)ක් තරම් අති විශාල මුදලකි. සමාගමට මෙම අති විශාල මූල්‍යමය ලාභය ලැබෙන්නේ, කිසිදු ආකාරයක අමතර ප‍්‍රාග්ධන දායකත්වයකින් තොරවය. රජයට මුදල් අවශ්‍යව තිබියදී රටට ලැබිය යුතු බදු මුදල් බහු ජාතික විදේශ සමාගමකට නිකරුණේ (නිකරුණේ නොවන බව පැහැදිලිය) ත්‍යාග ලෙස ලබාදීමට තීරණ ගන්නා නිලධාරීන් සම්බන්ධව මහජනයාට හෙළිදරව් කිරීම දේශපාලනඥයින්ගේ වගකීම බව අපගේ අදහස වේ. මෙතරම් මුදලක් රජයටත්, රටටත් අහිමි කරන්නට තරම් මහා භාණ්ඩාගාරයේ ඉන්න ආර්ථික ඝාතක නිලධාරීන්ට බලය දී ජාතියක් ලෙස බලානොසිටිය යුතු බවද අපි අවධාරණය කරමු.

 

1998 වර්ෂයේ සිට 2010 දක්වා සිගරට් අලෙවි වු ප‍්‍රමාණය සහ දුම්කොළ සමාගම උපයාගත් ආදායම පැවැති රජයන්ට අනුව එම ප‍්‍රස්තාරයෙන් නිරූපනය වේ. මෙය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ 1994 සිට සිගරට් අලෙවිය අඩුවෙමින් පැවැති අතර 2010 පසු නැවත වැඩි වීමේ ප‍්‍රවණතාවයක් පෙන්නුම් කර ඇති බවයි. මෙහි විශේෂිත සිදුවීම ලෙස පෙනී යන්නේ සිගරට් අලෙවිය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වුවත් දුම්කොළ සමාගමේ ලාභය සීග‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

ඊට අමතරව රජයට ලැබෙන බදු මුදල තීරණය වන්නේ දිනකට සමාගමෙන් නිකුත් කරන සිගරට් ප‍්‍රමාණය මතයි. දිනකට සිගරට් ලක්ෂ 104 ක් නීත්‍යනුකූල ලෙස පිටවෙද්දී තව කොපමණ ප‍්‍රමාණයක් ගණනය කිරීමකට ලක් නොවී පිටවෙනවාදැයි දන්නේ සමාගමත් එම සිගරට් ගණන් කිරීම සඳහා යොදා සිටින සුරාබදු නිලධාරීන් දෙදෙනාත් පමණි. දිනකට සිගරට් ලක්ෂ 10ක් නීත්‍යානුකූල නොවන ලෙස වෙළඳපොළට නිකුත් කරගතහොත් එහි සමස්ත ආදායම බදු ගෙවීමකින් තොරවම සමාගමට ලැබෙනු ඇත. නැවතත් සිගරට්ටුවක මිල රු. 20.00ක් ලෙස සැලකුවහොත් දිනකට ලැබෙන නීත්‍යනුකූල නොවන සිගරට් අලෙවියෙන් ලැබෙන ආදායම රු. ලක්ෂ 200 (රු. 20,000,000) කි. එනම් වසරකට රුපියල් මිලියන 7300 (රු. 7,300,000,000)කි. මෙය දිනකට සිගරට් ලක්ෂ 10ක් පමණක් ගණනය කිරීම්වලට ලක්නොවී සමාගමෙන් පිටවුවහොත් පමණි.

තත්වය මෙසේ වෙද්දී, සමාගම රටට හොර සිගරට් ගෙන්වීම සම්බන්ධව ප‍්‍රකාශ නිකුත් කරයි. මෙතරම් බදු වංචා කර අධික ලෙස ලාභ ලබමින් සිගරට් සමාගම මේ උත්සාහ කරන්නේ, හොරෙන් රටට සිගරට් ගෙන්වන බවත් එසේ ගෙන්වන්නේ රජය අය කරන බදු වැඩි නිසා බවත් උලූප්පා පෙන්වා රජය සිගරට් මත අය කරන බදු අඩු කර ගැනීමටය. ලෝකයේ මහා පරිමාණයෙන් සිගරට් නිෂ්පාදනය කළ හැකි සමාගම් ඇත්තේ අතළොස්සකි. එම බහු ජාතික සමාගම් 4-5 අතර පූර්ණ එක`ගතාවයක් ඇතිව ලෝකය පුරා සිගරට් අලෙවිය සිදු කරයි. එබැවින්, අප රටට ගෙන්වන හොර සිගරට් අලෙවියේ අවසන් ලාභය ඔවුන්ගේ මව් සමාගම් විසින්ම ලබාගනී. එබැවින් අප රටේ පිහිටුවා ඇති ඔවුන්ගේ ශාඛාවේ ද ආශිර්වාදය ඇතිව ඔවුන් විසින්ම මෙම හොර සිගරට් ජාවාරම කරගෙන යන බව පැහැදිලිය. මේ තුළින්ද රජයට ලැබිය යුතු බදු මුදලක් සමාගම විසින්ම වක‍්‍රාකාරව අහිමි කරයි. නීත්‍යනුකූල සමාගම් මැදිහත්වීම් යටතේ හොර සිගරට් ජාවාරම සිදු≥වන බව අසල්වැසි ඉන්දියාවේ පවා සිදුකළ වැටලීම්වලදී හෙළිවී තිබේ. ඉඳහිට සාමාන්‍ය වැසියෙක් හොරෙන් සිගරට් ප‍්‍රමාණයක් ගෙනාවද බහු ජාතික සිගරට් සමාගමේ අලෙවි ජාලය තුළින් කිසිසේත් එම සිගරට් අලෙවි කිරීමේ හැකියාවක් නැත.

එබැවින්, හොර සිගරට් ගෙන්වන බවට දෙන ප‍්‍රචාරය මුවාවෙන් සිගරට් බදු අඩු කර ගැනීමට සමාගම දරන උත්සාහයට නොරැවටී රුපියල් බිලියන ගණනින් සමාගමත් මහා භාණ්ඩාගාරයේ ඇතැම් නිලධාරීනුත් එකතුවී කරන කූට උපායන් දැන්වත් තේරුම් ගත යුතුය. රටට අහිමි කරන බදු ආදායම් දැන්වත් නිවැරදි කිරීමට සිගරට් මිල ඉහළ දමා එම සියලූ බදු මුදල් රජය ලබා ගැනීමට වගකිවයුත්තන් දැන්වත් මැදිහත් විය යුතුය. මෙතෙක් එසේ සිදු නොවීමට වගකිව යුත්තන් කවුරුන්දැයි හෙළිකර මෙම බදු මුදල් වංචාවේ සුලමුල රටට පැහැදිලි කළ යුතු නිසා, මෙය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රටට ඇත්තටම ආදරය කරන සියලූ දේශපාලන පක්ෂවල ප‍්‍රමුඛ වගකීමක් ලෙස සලකා වහා ක‍්‍රියාත්මක විය යුතුය.

- චානක තෙන්නකෝන්

තවත් විස්තර පහතින් බලන්න…

35,987 Viewers

20 Comments to “සිගරැට්ටුවක් රුපියල් 30ක් කලොත්, 35ක් 40ක් කලොත්….”

  1. SUNIL says:

    What happens when you smoke?

    The word digest implies something good. If you digest a thought, it means you carefully deconstruct it in your mind. This can lead to a better understanding. When you digest food, you break it down into a form your body can absorb and use as energy. The problem with cigarettes is that it’s more about ingestion than digestion. Your body takes in a large amount of chemicals and carcinogens with each puff, and what doesn’t leave your mouth or nose through exhalation stays there for a while. Our internal organs, blood and cells simply aren’t built to process cigarette smoke.

    When you smoke, the first thing that happens is a mix of gases is released around your eyes, nose and throat. This happens within the first few seconds. Your eyes may water, your nose might run and your throat will most likely become irritated. Tiny hairs called cilia work to clean your bronchial tubes and lungs of nasty foreign matter. They’re the street sweepers of the body. Smoking paralyzes and can even kill the cilia so they can’t sweep. If you smoke, the cilia that you don’t kill wake back up and get out the brooms. When smokers wake up coughing, it’s because the cilia are hard at work again. Then the first cigarette of the day paralyzes the poor little guys again, and the hacking cough ceases. It’s no wonder that smokers in the early days didn’t realize it was bad for them. If a cigarette stops the morning cough, it must be a good thing, right?

    Deep inside the lungs, cigarette smoke damages the floating scavenger cells that work to remove foreign particles from the lungs’ tiny air sacs, called alveoli. A lot of what you inhale turns to tar. This tar isn’t unlike what you might use to pave a road or shingle a house. Only about 30 percent of cigarette tar is sent back into the air through exhalation — the rest sticks to your throat and lungs like saltwater taffy. Besides being disgusting, tar kills healthy lung cells. A pack-a-day smoker ingests a full cup of tar into his or her lungs every year.

    The myth of low-tar cigarettes is just that — a myth. Cigarette manufacturers poke tiny little holes in the filter to “reduce” the amount of tar you ingest. Sounds good, right? Unfortunately, your fingers block most of these holes when you hold a cigarette, and low-tar smokers end up inhaling more deeply to achieve the nicotine hit they crave.

    The chemicals in cigarette smoke are pretty much immediately absorbed into your bloodstream. From here they go straight to your heart and from there, everywhere else in your body. Your heart begins to beat faster as soon as you light up, as much as 10 to 25 beats per minute. That adds up to 36,000 extra beats per day. Smoke can also cause an irregular heartbeat, or arrhythmia. The oxygen level in your blood is reduced because the carbon monoxide produced when you smoke tricks the body into thinking that it’s oxygen. (For more on this trick, read How does smoking starve your heart of oxygen?.) Problem is, your body’s cells still need oxygen, so your heart goes into overtime to supply it.

    If you continue to smoke regularly, your senses of taste and smell will slowly fade, thanks to the tar that coats your tongue and nasal passages. You probably won’t even realize it’s happening and may only notice what you’ve been missing when you quit. Most smokers who quit report a noticeable change in how their food tastes and smells.

  2. salabaya says:

    සහතික ඇත්ත. සිවිල් සංවිධාන සිගරට් තහනමක් සඳහා රජයට දැඩි බලපෑමක් එල්ල කල යුතුය.

  3. HUKUM BARAS says:

    COMMENT GESEEMA PISSANTA PAMANAI.????

  4. අමාරිස් අය්ය says:

    ගොඩක් පිරිස මාත් එක්ක එකග නොවේ මේකට. මම නම් කියන්නේ ඔය මද්‍යසාර, සිගරට්, ගංජා සහ කුඩු යන හතර ජයට විකිනෙන්නේ මිනිසුන්ගේ තියෙන මානසික ආතති, ස්වයන් පාලනය නැතිකම සහ හරියට දෙමාපියන් හදපු නැති වරද නිසඊ. ඔය හතර මුදල් විනාශකරන වගේම වැඩකට නැති දේවල් උනත් ඕව කව්රුවත් ඇවිල්ල ඇගේ ගහන්නේ නැහැනේ. ඔව්ව ගන්න යන අය හොදාකාරවම දැනගෙන, සිහියෙන් ගිහින් මුදල් දී ගන්න එව්වා. ඉතින් මේවට ආණ්ඩුවට වත් නිෂ්පාදකන්ටවත් බැනල වැඩක් නැහැ. එක තමන්ගේ වරද අනුන්ගේ පිට දෑමක්. බලන්න ඔය කුඩු ගන්න දරුවෝ, මිනිස්සු ඒ අයගේ ලමාකලයේ නිවෙස් වල ප්‍රශ්නවලට මුහුණදුන් අය සහ නරක මිතුරන් ආශ්‍රය කරපු අය. එත් ස්වයන්පාලනයක් ඇති පිරිස කොහේ හිටියත් ඕව පාලනයකින් කරන්න දන්නවා, ඔය කුඩා කල දරුවෙකුට නිවසින් ලැබෙන පන්නරය තමිඉ යහ මග යාමට මුලික වන්නේ. ඉතින් ඕක පාසලින් හරි කොහෙන් හරි ලබාදෙන්නේ නැතුව මොන හත් ඉලව්වක් වත් කරත් වැඩක් නෑ. මේ ලදී මම තබරුමක් ලග ඉන්න කොට බලාගෙන හිටිය යන එන මිනිස්සු දිහා. ඔක්කොම එන්නේ හුගක් කම්කරු පන්තියේ සහ පහල රජයේ සේවකයෝ වගේ පිරිස්, හිස් බෝතල් කිහිල්ලේ, සරමේ, ජන්ගියේ නොයෙකුත් තැන්වල ගහගෙන ඇවිත්, පුසෝ වගේ වටපිට බල බල ගන්නවා. මට හිතුන දෙය්යනේ ඉතින් ඔය සල්ලි ඉතුරු කලානම් ගෙදර මාසෙකට එකසැරයක් වත් ළමඉ එක්ක හොද තැනක ගිහිල්ල විනෝද වෙලා කාල එන්න පුළුවන්නේ. එක නැතත් අඩුගානේ බිත්තරයක් හරි කාපන් අරන්. මේවට ආණ්ඩුවටවත් කාටවත් බැනල වැඩක් නැහැ, උන්ගේම වැරදි තමිඉ . සුලබව තියෙන හින්ද බොනවා කියන එක පිළිතුරක් නෙමෙය්.

    • udiro says:

      ඔබ හරියටම හරි ….. මොකද ඔය සල්ලි වලින් ගෙදරට වැඩි පෝෂණයක් නොවැරදීම දෙන්න පුළුවන්…

    • පොන්සේකාගෙ දොස්තර says:

      අමාරිස් අයියෙ, උඹ ඒ සල්ලිවලින් ට්‍රිප් පලයන් , කාපන් , බීපන්, මතක ඇතිව හොඳට හුකපන්,
      අපි බොනවා හිතේ දුක යනකම් බොනවා…

  5. sudath says:

    methana liwwata rateeee owa kiyanne nehane …

  6. කොරා says:

    බොන උන් බීල මැරිච්චදෙන්. අපිට p ද?

  7. සිතුවිළි says:

    ඉතා කාලීන මෙන්ම තොරතුරු හා දත්ත වලින් අනූන වූ ලිපියකි.
    අද රටේ සියළු දේශප්‍රේමී රාජ්‍ය ආයතන හා නිලධාරීන්ගේ ක්‍රියා කලාපයද මැනැවින් නිරූපනය වී තිබේ.
    මෙවැනි ගැටළු සඳහා රාජ්‍ය නිළදාරීන් විසින් පිළිතුරු සොයන තුරු සිටියහොත් එය හොරාගේ අම්මගෙන් නොව හොරාගෙන්ම පේන ඇසීමකි.
    එම නිසා සිවිල් සහ භහුජන සංවිධාන මේ ජන ඝාතක භහුජාතික බූවල්ලාගෙන් රටත් තරුණ පිරිසත් බේරාගැනීමට රොක් වීම කාලෝචිතයි.
    හැකි සැවොම තවදුරටත් ක්‍රියාත්මක වෙමින් දුම්වැටි විකුනන කඩද වර්ජනය කළ යුතු කාලය පැමිණ ඇත.

  8. lion-KADUWELA says:

    well..gud article…..we need like this topic…

    very gud..appriciate..pl sent this link many email and publish as much as u CAN

  9. Arya Fernando says:

    කැම කාලා සිකරුටුවක් බිවා ම තියන සොමිය දන්නේ නැති අසත් පුරෝශ්යෝ ! “අනුන්ගේ සැපතට බදා කිරීම මානසික රෝගයකි ” බොන උන් බීපු වවේ, අනික් උන් අහක බලන් හිටපන්!

  10. molakaraya says:

    mahinda munta laba wadi karala

  11. කොට්ටෝරුව කින්ග් says:

    ado oka thahanamma karala dapiyawko, ottui karanne naha. anduwa kamathi, wadiyen dum bonawata, unge badu mudal wadi karaganna. jamnathawata ochchcra adarei nam owa thahanam karapallako. gon haththa..

  12. ගංජා මුදලාලි says:

    ඔච්චර ලොකු ගානක් දීල ඔය පිටරට දේවල් මොකට බොනවද බොලව් , අපේ මේ දේශීය දේවල් තියෙද්දී

  13. namal says:

    Kochchara badu gahuwath aken ratata wadak wenne nathnam therumak naha

  14. R.Dias says:

    දුම්කොල සමාගම පවත්වාගෙන යන්නේ රජයෙ උවමනාවටයි…මෙයින් ලෑබෙන ආදායම සහ වෑඩි කරන සෑම අවස්තාවේදි එම මුදල දුම්කොල සමාගම එකතු කර ගත්තත් එය රජයට භාර නොදෙනවා යෑයි සිතන්නෙ මෝඩයන් පමණි..

    දුම්වෑටි අලෙවියෙන් ඔවුන් අප රටෙන් උපරිම ලාබය අද දින ලබා ගන්නවා..එසේ නොමෑතිව ඔවුන් පාඩුවට දුවන්නෙ නෑහෑ වසා දමනවා.. ඔවුන්ගේ එකාධිකාරය නිසා උපරිම අලෙවියත් උපරිම ලාභයත් අරමුණු කොට ගෙන උපරිම මිල තීරණය කල තිබෙනවා..රජය කිව්වොත් රුපියලකින් සිගරෙට්ටුවක් මිල වෑඩි කිරීමට එම රුපියල රජයටයි…මොකො ඔවුන්ගෙ අලෙවිය එයින් අඩු නොවන නිසාවෙන්….මෙම දුම් වෑටියට අද දින ඈබ්බහි වුවෝ ඉහල මධ්යම පාන්තිකයන් සහ ධනපතියන්..ඔවුන් කෙනෙක් දිනකට රුපි 1,600 පුලුස්සනවා..ඉතින් හිතාගන්න ඉතිරි හරිය…

    අප රටෙහි තිබෙන්නේ හවුලෙ කෑමක් බව මෙයින් වෑටහෙනවා ඈතෑයි සිතමි..

  15. පන්හිඳයා says:

    වෙහෙස වෙලා වැඩ කලවිට
    සොච්චම් පඩියක් දෙඅතට
    කරන්ට දාහක් තිබුනට
    හිත යනවද දුම් වැටියට?

    දුම් වැටියේ කාන්සියට
    ගිනිකුරක් එක් කලාට
    දුම් බඳුනේ තනි රැක්කට
    කව්ද ආවේ උඹේ තනියට?

    පාලනයක් හිතේ නැති කල
    ලෙඩ වී ඇඳ උඩ ඉඳි කල
    නොසන්ඩාල හිත අඬ අඬ
    කීවේ නැතිද දුම් වල රඟ?

    යුතුකම් වගකීම් නොදැක
    සොමියට කරනා ගොන් වැඩ
    තේරෙන විට උඹේ හිතට
    රියන් හයම වෙන්වී ඇත

  16. ratatota minissu says:

    dum vetiyai math vena de nam vedi karata kamak nha kana bona deval adukara

  17. indika says:

    amarikawata salli denna apeeunta puduma unak tiyenne
    kata gadagahana as ratuwechcha wayasata wedi wayasak tiyena gon modayo tikak
    ane pau

Leave a Comment