ඉවසුවා ඇති, දේශහිතෛෂීන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොසලකා හරිමින් දැනුවත්ව මිනිසුන් මියයාමට සැලැස්වුවහොත් ඊට වගකිවයුතු නිලධාරීන් මානව සංහතියට කල අපරාධ යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනාවට ලක්විය හැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව දැක්වෙන්නේ ‘ආසනික්’ ඇතුළු බැරලෝහ ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කල ලිපියකය.

එම ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙතද පිටපත් නිකුත් කර ඇති එම සම්පූර්ණ ලිපිය මෙසේය.

 

 

අතිගරු ජනාධිපතිතුමනි,

01.   කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ නොසැලකිලිමත් ප‍්‍රකාශ පිළිබඳව පැමිණිලි කිරීම.

02. මාරාන්තික රජ රට වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම.

03. ආසනික් ප‍්‍රශ්නය යට ගැසීම සඳහා ක‍්‍රියාකල සියළු පාර්ශව වලට නිසි දඩුවම් ලබාදීම.

රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් වැනි උග‍්‍ර විශ වර්ග පලිබෝධනාශක සහ රසායනික පෙහොර මගින් පසට සහ ජලයට එකතු වීම බව කැළණි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් පසුගිය වසරේදී ප‍්‍රකාශයට පත්කල බව ඔබතුමාට මතක ඇත. එදා එම සොයාගැනීම එළිදරව්වීමත් සමඟ ඊට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරී තන්ත‍්‍රය සහ අමාත්‍යවරයා ඇතුළු විවිධ විද්වතුන් යුද්ධ ප‍්‍රකාශ කල බවද ඔබතුමාට රහසක් නොවේ. ඒ විවිධ පිරිස් වලට එසේ එම විද්‍යාත්මක සොයාගැනීම විවේචනය කිරීමට සහ නිශේධනය කිරීමට විවිධ හේතු බලපා තිබිණි. නමුත් ආසනික් අඩංගු කෘෂි රදායන ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන වෙළදුන්ගේ මූල්‍යමය සහ වෙනත් බලපෑම් ඊට ප‍්‍රධාන වශයෙන් හේතු වූ බවට විවාදයක් නැත.

එසේ වුවත් එදා ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ පවතින රේගු දෙපාර්තමේන්තුව එම ප‍්‍රශ්නයේදී මධ්‍යස්ථව සහ සාධාරණව කටයුතු කළ බව පෙණුනි. නමුත් අවසානයේදී අධිකරණ නියෝග පවා නොතකා පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් ආසනික් විෂ අඩංගු පලිබෝදනාශක රේගුවෙන් නිදහස් කිරීමට නියෝග කළේය. මේ වන විට එම තීන්දුවට එරෙහිව අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් ඇති බව ඔබතුමාට වාර්තා වී ඇතැයි අපි සිතමු.

මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ මතය සනාථ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ නිර්දේශ මහජනයාට අනාවරණය වී ඇත. එම නිර්දේශ ඉදිරිපත් කොට ඇත්තේ ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් මහාචාර්යවරියක වන ශාන්ති මෙන්ඩිස් මහත්මියයි. එම වාර්තාවට අදාල පළමු අතුරු නිර්දේශය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට ඇත්තේ 2011 ජූනි 6 වැනිදා වන අතර අතුරු නිර්දේශ 2011 ඔක්තෝබර් මස 5 වැනි දින ඉදිරිපත් කොට ඇත. ඉන් පසුව 2012 පෙබරවාරි 13 දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රගති වාර්තාවක්ද ඉදිරිපත් කොට ඇත. ඊට අදාල අවසන් වාර්තාව ඉදිරිපත් කෙරුනේ පසුගිය මාසයේදීය. එම අවසන් වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කැඳවු පුවත්පත් සාකච්ඡවක් මඟින් ඒ පිළිබඳව සමාජයට කරුණු එලිදරවි විය.  එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය වාර්තා සියල්ල සගවා තබා මහජනයාට ඇත්ත වසන් කිරීමට කටයුතු කිරීම ඉතා කණගාටුදායකය. එම අවසන් වාර්තාව අනුව පලිබෝධනාශක සහ රසායනික පොහොර වල අඩංගු වන ආසනික් සහ කැඞ්මියම් වැනි උග‍්‍ර විෂ ලෝහ වර්ග මාරාන්තික රජරට වකුගඩු රෝගයට හේතු වන බව ප‍්‍රභල සාක්‍ෂි සහිතව තහවරු වී ඇත.

අතිගරු ජනාධිපතිතුමනි,

විද්වත් මතය අනුව ආසනික්, කැඞ්මියම් සහ රසදිය වැනි උග‍්‍ර විෂ වර්ග පලිබෝධනාශක වලට එක් කරන්නේ ඒවායේ විෂ වැඩි කිරීම සඳහාය. ඉන්දියාවේ පවා එවැනි විෂ අඩංගු රසායනික ද්‍රව්‍ය තහනම් කොට ඇත. අප රටේද රෙගුලාසි අනුව ආසනික් අඩංගු පලිබෝධනාශක ආනයනය කළ නොහැක. නමුත් වෙළදුන් එම නීති වලින් රිංගා ගොස් විෂ අඩංගු පලිබෝධනාශක විකිණීමට ඉඩ සලසාගෙන ඇති බව පෙනේ. ඔවුන් එසේ කරන්නේ ලාභය වැඩි කර ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලිව පෙනේ. නමුත් ආසනික්, වැනි තහනම් විෂ වර්ග අඩංගු නොවන

කෘෂි රසායනික ද්‍රව්‍ය අවශ්‍ය නම් වෙළඳපලින් මිලදී ගැනීමේ හැකියාව ඇත. ඒවායේ මිල මට්ටම විශ ද්‍රව්‍ය සහිත  තහනම් නිෂ්පාදන වලට වඩා සුළු ප‍්‍රමාණයකින් ඉහල මට්ටමක තිබිය හැක. එහෙත් මිනිස් ජීවිත සහ සොච්චම් ලාභයක් අතුරින් කුමක් තෝරාගත යුතුද යන්න පිළිබඳව ඔබතුමාට විවාදයක් නැති බව අපි දනිමු.

කෙසේ වෙතත් ආසනික් සහ කැඞ්මියම් විෂ වැඩි වශයෙන්ම ජලයට සහ පසට එකතු වන්නේ රසායනික පොහොර වලින් බව පර්යේෂණ මඟින් අනාවරණය කොට ගෙන ඇත. රසායනික පොහොර වලට ඒවා එකතු කරන්නේ තවත් සුවිශේෂී හේතුවක් නිසා බවද එළිදරව් වී ඇත. එම සොයාගැනීම් වලට අනුව කන්න කිහිපයක් ආසනික් පසට එකතු කල විට පසේ ජීවත්වන පස සරුකරන සෘද්‍ර ජීවින් විනාශවන බැවින් දිගින් දිගටම රසායනික පොහොර යෙදීමට සිදුවේ. මෙය  ඕනෑම නූගත් ගොවියෙකුට තේරුම්ගත හැකි කූඨ සහ අමානුෂික වෙළඳ උපක‍්‍රමයකි. එහෙත් අප රටේ විද්වතුන්ගේ ඇස් වලට වැලි ගසා බහු ජාතික සමාගම් විසින් මෙම තත්වය දිගින් දිගටම පවත්වාගෙන යන බව පෙනේ.

අතිගරු ජනාධිපතිතුමනි,

පසුගිය කාලයේදී විවිධ ජාත්‍යාන්තර ආයතන වල දේශපාලන නිර්දේශ කුණු කූඩයට දැමීමට ඔබතුමා නිර්භීත වීම පිළිබඳව අප සැම විටම ඔබතුමාට අපේ ආදරණීය ගෞරවය පුදකරන බව ඔබතුමා ඉතා හො`දින් දන්නා කරුණකි. එහෙත් කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියන පරිධි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත්කරන වෛද්‍ය විද්‍යාත්මක තාක්‍ෂණික කාරණා මත පදනම් වූ නිර්දේශ ඉවත දැමීම කිසිසේත්ම ප‍්‍රඥාවන්ත ක‍්‍රියාවක් නොවේ. එසේ කීමට හේතු දෙකක් ඇත. පළමු වැනි හේතුව එම වාර්තාවේ වගකීම දරන්නේ ශ‍්‍රී ලංකාවේ පිළිගැනීමට ලක්වී ඇති ස්වාධීන වෛද්‍ය විද්වතකු විසින් වීමය. දෙවැනි හේතුව ආසනික් යනු ලෝකයේ අංක එකේ පිළිකා කාරකය බැවින් එම විෂ පසට සහ ජලයට එක්වීම වැලැක්වීම සඳහා විශේෂ නිර්දේශ අවශ්‍ය නැති වීමය. එහිදී ප‍්‍රශ්න කරනවානම්  කළයුතු වන්නේ මෙතෙක් කලක් ඒ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පමා කළේ කුමක් නිසාද යන්න පමණි.

මෙහිදී ඔබතුමාට අවධාරණය කලයුතු විශේෂ කරුණකද් ඇත. ඒ මාරාන්තික වකුගඩු රෝගය තවදුරටත් පැතිරීම මඟින් අප රටේ ඓතිහාසික උතුරුදිග තැනිතලාවේ ශිෂ්ඨාචාරය සහමුලින්ම අතුගා දැමිය හැකි තරම් සහිත තත්වයක් ඉතා කෙටිකලෙකින් ඇති විය හැකි බවය. දැනටමත් දිනකට රෝගීන් දෙදෙනෙකු මියයන තත්වයක් ඇති අතර එසේ මිය යාමට නියමිත රෝගීන් 20,000 ක් මේ වන විට පෝලිමේ සිටිති. එසේම රෝග ලක්‍ෂණ දැනට    නොපෙන්වන මුලික අවස්ථාවේ පසුවන රෝගීන් ප‍්‍රමාණය ලක්‍ෂය ඉක්මවිය හැකි බවට විද්වතුන් ඇස්තමේන්තු කොට ඇත. මෙය ඉතා භයනක තත්වයක් බවට තවදුරටත් දීර්ඝ විස්තර ඉදිරිපත් කල යුතු යැයි අප කල්පනා කරන්නේ නැත.

අප ජාතියේ නාමයෙන් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සියල්ල, (විශේෂයෙන්ම ආසනික් ඇතුළු විෂ වර්ග අඩංගු පලිබෝධනාශක සහ පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතුළුව) කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙසය. එසේම කෘතීම පලිබෝධනාශක සහ රසායනික පොහොර භාවිතය අවම කරමින් සොභාවික ගොවිතැන ප‍්‍රචලිත කිරීම සදහා රජය පූර්ණ වශයෙන් මැදිහත්විය යුතුය. ඊට අමතරව ඉල්ලා සිටින්නේ මෙතෙක් ජීවිත අහිමි වූ මිනිසුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ‘‘ආසනික් ප‍්‍රශ්ණය’’ යට ගැසීම මිඟින් ජාතියට වින කිරීමට දැනුවත්ව උත්සාහ කළ සියළු නිලධාරීන්ට තරාතිරම නොබලා දඩුවම් කරන ලෙසය. ඊට අදාල කරුණු විභාග කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීමට ඔබතුමා ක‍්‍රියා කරන්නේ නම් අපි එය ඉතා අගය කොට සලකමු. ඒ අතරම කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වගකීම් විරහිත ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අවතක්සේරු කිරීම මඟින් රජය සහ රට අපහසුතාවයට පත්කිරීම පිලිබඳව අපගේ කණගාටුවද මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කර සිටිමු.

අවසාන වශයෙන් තවත් විශේෂ කරුණක් ඔබ තුමාගේ කාරුණික අවධානයට යොමුකිරීමට කැමැත්තෙමු. එනම් ලෝක ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යන්නේ අප රට තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොසලකා හරිමින් දැනුවත්ව මිනිසුන් මියයාමට සැලැස්වුවහොත් ඊට වගකිවයුතු නිලධාරීන් මානව සංහතියට කල අපරාධ යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනාවට ලක්විය හැකි බවයි.

ඔබතුමාට ජය.

මෙයට විශ්වාසී,

ආචාර්ය ගුණදාස අමරසේකර

සභාපති, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය.

 

 

28,287 Viewers

45 Comments to “ඉවසුවා ඇති, දේශහිතෛෂීන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ?”

  1. Major Mason says:

    Well president,
    we know there are lots of demons that you pray and worshiping.
    But there’s a limit for that. When the time is right, demon should be kicked
    off. Otherwise people will kick you off.

    Use it wisely. Use your brain. Play with them in their own game. Otherwise
    there won’t be any dog barking against when people killing you on the street
    like Gaddafi.

    Use the BRAIN please.

  2. sarath says:

    අවසාන වශයෙන් තවත් විශේෂ කරුණක් ඔබ තුමාගේ කාරුණික අවධානයට යොමුකිරීමට කැමැත්තෙමු. එනම් ලෝක ඉතිහාසය විමසා බැලීමේදී පෙනී යන්නේ අප රට තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොසලකා හරිමින් දැනුවත්ව මිනිසුන් මියයාමට සැලැස්වුවහොත් ඊට වගකිවයුතු නිලධාරීන් මානව සංහතියට කල අපරාධ යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනාවට ලක්විය හැකි බවයි……mahinda mahatha mee gana wahaama pareekshanayak kireemata theeranaya kala yuthuya

  3. +/- says:

    Cases……..

    Profit “Vs” Harvest
    Harvest “Vs” Fertilizer
    Fertilizer “Vs” Profit
    Profit “Vs” Gambling
    Gambling “Vs” Demand
    Demand “Vs” Supply

    Re-read the lines replacing “As” instead of “Vs”
    “As”-Arsenic

    Finally the case between Kidney vs lifespan of our kings,

    To avoid this case, Ecofriendly sustainable living environment will give you the solution.

    Some solutions…….

    Just Google: how to remove arsenic from soil
    http://www.genomenewsnetwork.org/articles/2004/08/06/fern.php
    http://ec.europa.eu/environment/integration/research/newsalert/pdf/57na4.pdf
    http://tlc.howstuffworks.com/home/plant-a-fern-remove-arsenic-from-your-soil.htm
    http://courses.umass.edu/chemh01/Fall%202006/Background%20Papers/Group%204.htm
    http://forums2.gardenweb.com/forums/load/soil/msg0110123626617.html
    Start from high level to low level

  4. කුරක්කන් මාමගේ චිං චිං නැන්දා says:

    මේක රජතුමා නෙවෙයි
    රජ කුමාරය රජවෙන
    කාලෙටවත් විසදන
    ප්‍රශ්නයක් නෙමෙයි
    මොකද අමරසේකර
    මහත්තය දේශහිතෛෂී
    රජ පරම්පරාව
    ජාත්‍යන්තර හිතෛෂී

  5. Nishan says:

    ලිපිය යවන්න ඕනෙ තැනට යවපු එක ගැන ස්තූතියි. එතනින් තමයි ඔර්ඩර්ස් ආවේ කේස් එක යට ගහන්න.

  6. Kiri hamy says:

    Appata hudu bola menna Deshsperemin .. Niyama interrrrrrrnational desaperemiyo set eka ….

  7. herath says:

    Great.We have to punish to these murders.

  8. Lanka Nilame says:

    මේක ප්‍රශ්න යටපත් කරන්නට යොදපු උප්පරවැට්ටියක් විතරයි. මේයා කවදාවත් මේක කරන්නේ නැහැ. මොකද මෙයා ආන්ඩුවට කඩේ යන කෙනෙක්.

    • mudalali says:

      කඩේ යන්න ඕනේ නම් එක කරන්නත්, විරෝදය පන්න ඕන වෙලාවට එක කරන්නත එතුමාට කොන්දක් තියනවා.

    • අපි වෙනුවෙන් අපි says:

      නිලමේ මහත්තයා, ඔයා වගේ මිනිස්සුන්ට තමයි ඔය කෙහෙළිය ආමන්ත්‍රණය කරන්නේ. අමරසේකර මහත්මයා වගේ රටට ආදරය කරන මිනිස්සු නිසා තමයි ඔයාගේ , මගේ දරුවන්ට මෙහෙමවත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ. එය කරපු දේ තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොදම දෙය. අරහේ වකුගඩු අමාරුවෙන් මැරෙන අහිංසක මිනිස්සුන්ගේ දුක, ඒ මිනිස්සුන්ගේ දරුවන් විදින දුක ඔයා වගේ මිනිහෙකුට තේරුම් ගන්න අමාරු ඇති . නමුත් අපි හැමෝම අපේ රට වෙනුවෙන් මේකට සහය දිය යුතුයි.

  9. ANATHAYA says:

    keheliya………. ko me keheliya………. mona hari prakashayak nedda mekata……
    – Raja

  10. දියසේන says:

    උඹල දන්නවද මම කවුද කියා මම තමයි දියසේන නුඹල දන්නවද මම මොකටද ඉන්නෙ කියා මම තමයි උඹලගෙ රජ්ජුරුවො 2017 නමුත් මට උඹලගෙ සහයෝගය ඔනෙ මෙවර මහමෙඝ එනෙ මගේ ලිපියක් පලවෙ.උඹල දැනගනින් එතකොට මම කවුද කියා.මට කියන්න තියෙන්නෙ එකම එකයි එ උඹලගෙ සහයෝගය රට බෙරා ගන්න

  11. Rajarata Kollaa says:

    ලිපිය යවන්න ඕනෙ තැනට යවපු එක ගැන ස්තූතියි. එතනින් තමයි ඔර්ඩර්ස් ආවේ කේස් එක යට ගහන්න.

  12. Maha eka says:

    Very good move!

  13. MINISTER says:

    BATAHIRA ADIRAAJYAVAADINGE UGULAK VANA ME JAATHYANTHARA APARAADA ADIKARANAYA PAAVICHCHI KIREEMATA YAAMA THULIN MULU JAATHIYAMA ANTHURATA PATHVIYA HEKI NISA. API MEKA LANKAAVE SUPREM COURT EKATAMA GENIYAMU. APE PRAGATHISEELI KANYAABAAVAYA PALAMUVEN AARAKSA KARA GATHA YUHTUI. MAGE CABINET SAGAYA. (WIMAL) MEYA HEKI IKMANIN NIYAAYIKAVA (THAMA GOLAYAKU MAGIN) RATATA IDIRIPATH KARANAVAA ETHA.

  14. MINISTER says:

    SAHALVALA AASANIK THIBEYEYI PRACHARAYA KIREEMA ADIRAAJYAVAADEENGE TTTTTTTHIRINGU PITI JANATHAAVATA KEVEEMATA KARANA KUMANTHRANAYEMA KOTASAK BAVA WIMAL VARAK KEEVA KISIVEKUTAVATH MATHAKA NETHIVA VIYA HEKIYA.

  15. hewwel says:

    රට බේරාගත්තා සේම එහි මිනිසුන් රක ගැනීම වෙනුවෙන් පෙනී සිටින ඔබ තුමාට ජය .

    …..සිද්ධි රස්තු …

  16. ඔටුවා says:

    ඔබට ජය!

  17. Maxxa says:

    ප්‍රශ්නය : මේ දවස්‌වල මොනව ද කරන්නේ? වකුගඩු රෝග පර්යේෂණ ඉවර ද?

    පිළිතුර :
    ඉවර නෑ. දැන් තමයි හොඳ ම ටික. අපේ හේතු දැක්‌වීම මත පදනම් වෙලා දැන් අපි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා. ඔය මොන පණ්‌ඩිත කතා කිව්වත් කාට ද පුළුවන් වකුගඩු අසනීපේ සුව කරන්න. ලෙඩේ තියෙන පැත්තේ ම තියෙන පැළෑටි වර්ග කිහිපයක්‌ යොදාගෙන අපි ප්‍රතිකාර පටන් අරගෙන තියෙන්නේ. මූලික පර්යේෂණ සාර්ථකයි. මේ වෙලාවේ ඔක්‌කොම විස්‌තර දෙන්න බෑ. හැබැයි සුබ පෙරනිමිති ගොඩක්‌ තියෙනවා. මතක තියාගන්න, මේ ප්‍රතිකාර ගැන දැනුම අපට ලැබුණෙත් අර ලෙඩේට හේතුව කියපු තැනින් ම තමයි.
    අපි බලමු කෝ ලෙඩ්ඩු හොඳ වෙන කොට මේ අය කියන්නේ මොකද කියලා….!

    http://www.vidusara.com/2012/07/11/feature2.html

  18. Ahinsaka says:

    අපේ චූන් පාන් ඇමති තුමා හිටියා නේද මේ දේස හිතෙසි ජාතික වියාපාරයේ කෝ දැන් ???? aa

    • +/- says:

      Unfair exclusion clause “පලිබෝද නාශක අනතුරු සහිතයි ප්රෙවෙෂමෙන් පරිහණය කරන්න”
      මේ වසවතියා එපෝ…..

    • +/- says:

      Unfair exclusion clause “පලිබෝද නාශක අනතුරු සහිතයි ප්රෙවෙෂමෙන් පරිහණය කරන්න”

      මේ වසවර්තියා එපෝ…..

  19. දෙකේ කොලුවා says:

    අනේ මන්දා… හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්

  20. Manaram says:

    oya hora mara rajata kiyala wedak ne

  21. මාතර ආතර says:

    පස විනාස කරන වස පොර හදන කොම්පැනි වල සල්ලි වලට යටවෙලා,
    WHO එකේ පොරවල්
    ඔවුන්ගේ මේ ප්‍රකාශය වැරදිය කියල
    ඉල්ලා අස් කර ගත්තොත් ?

  22. im says:

    මේ ලිපියේ සුද්දන්ට බැනල නෑ . බැනල තියෙන්නේ ලංකාවේ නිලධාරීන්ට. :)

  23. MunK says:

    hahaha finally they are going to lick sudda’s boot. Deshapremin should not go to UN

  24. මම says:

    රටක ආණ්ඩුව තමන්ට ඇහුම්කන් නොදෙනකොට රටේ පොදු ජනතාව වෙනුවෙන් ඇතැම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. එහෙම නැතුව ආණ්ඩුව අපේ අපිට මොනවා උනත් කමක් නැහැ ආණ්ඩුව වට්ටන්නේ නැතුව කියල ඉන්න තිබුන ආණ්ඩුවේ ඉන්න එවුනුත් අපි ගැන හිතල වැඩ කරනවානම්. දැන් එහෙම වෙන්නනේ. ඒ කොහොම උනත් අපේ රට විදේශ රට වල අතකොළුවක් වෙනවා දකින්න අපි කොහෙත්ම අකමැති. 95% ක්ම හොරු, තක්කඩි, ස්ත්‍රී දුෂකයෝ, අපරාධකාරයෝ වගේ උන් ඉන්න ආණ්ඩුවක් උනත් මෙච්චර කාලයක් අපේ ජනතාව මේ ආණ්ඩුව රැක්කේ ආණ්ඩුවට ආදරේ නිසා නෙමෙයි. රටට ආදරේ නිසයි. දැන් දැන් මිනිස්සුන්ගේ හිත් වලින් රටට තියෙන ආදරෙත් නැති කරන්නේ මේ ආණ්ඩුවේ මුග්ධ, අමන නිහීන දෙස්පාලුවෝයි. එහෙම උන දවසට කාටවත් බැනල වැඩක් වෙන්නෑ.

  25. තොමස් says:

    එල එල අප ඔබ සමගයි.

  26. Fernando says:

    ගුනදාස අමරසේකර මහත්තයෝ
    ඔය ලෝක සෞක්ය සන්විදානයේ වෑඩිහරියක් ඉන්නෙ සුදු මහත්වරු නේද? දෑන් මොකද ඔයා ඒ ගොල්ලො කියනදේ අහන්නෙ.
    ඕකත් ඒ ගොල්ලන්ගෙ කුමන්ත්‍රනයක් වෙන්න බෑරිද?

    • අහවල් එකා says:

      අනේ අප්පේ උඹට සුද්දට හොඳක් කියනවනම් ඊට වඩා දෙයක් නෑ නේද බං,,සුද්දගේ නරකම හොයන එක නෙවේ දේශහිතෛෂීන් කියන අය කරන්නේ ඒ වුනාට ඔබතුමා වගේ කලු සුද්දෝ නම් කරන්නේ තමන්ගේ ජාතියේ තියෙන වැරදිම හොයන එකම තමා ඒ අතින් සුද්දෝ උඹලට වඩා දහස් අතින් හොඳයි,උන් ඕන දෙයක් කරන්නේ තමන්ගේ ජාතියේ පැවැත්මට, ඒත් සුද්දන්ට කහින සමහර හිකනල්ලු කරන්නේ තමන්ගේ ජාතිය විනාස කර කර අන් ජාතියකට කඩේ යන එක උන් තමා නියම ජාතිද්‍රෝහියෝ,,,

  27. Lokka says:

    mekat me rajaye baala vedak. Mahindaya ethulu rajayama mekata vagakiva uthui.

  28. Rukman jayasingha says:

    antha jathivadayen rata valapallata yavu amrasekarala kala aparada asanic valata vadi. Amarasekara lokaya handunana kenek.eyage golayo nan lin madio. un karana aparada valata samawa denna puluwan. eath me mahadanamutta jathivadaya vapuramin karana me aparada valata samawa denne kohomada?
    Rukman

  29. දිනූ රට says:

    දිනූ රට රැකගනිමු
    http://janasenaa.blogspot.com

  30. R.Dias says:

    අමරසෙකර මෑතිතුමනි…ඔබතුමාත් කන්න ඔනේ වුනහම කබරයා තලගොයා කරගන්නවා නෙවෙද..? ඈයි ලන්කාවෙ නීති පද්ධතිය ක්‍රියා කිරීමෙ ප්‍රශ්නයක් ද..? අනෙක ඔබ දේශ හිතයිශි නොවෑ..ලජ්ජ නෑතිද අධිරාජ්යවාදින් ඉදිරියෙ නෑමෙන්න මේ වයසෙදි…..බොරුව කිව්වෙ තමුන්නන්සෙලා…පලිබෝධ නාශක තුල ආසනික් නිසා වකුගඩු රෝගය වෑලදෙනවා කියා…නමුත් ප්‍රශ්ණය පොහොර තුල බව දෑන් කියනවා.. දෑන් බලන්න ඔබතුමන්ලා එකතුවී කර ඈති අපරාධය.. ඒ වෙලාවෙ ඈත්ත කිව්වා නම් මොකො..

    පෙනෙනවාද …දෑනෙනවාද…අතුදන්වු එක්නෑලිගොඩ මහතාගෙ බිරිද සහ දරුවන් විදින පීඩාව…

  31. ඇත්ත දේශප්‍රේමියෙක් says:

    ඔබතුමාට ජය.???

  32. ගාල්ලේ සමන් says:

    “ඒ අතරම කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වගකීම් විරහිත ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අවතක්සේරු කිරීම මඟින් රජය සහ රට අපහසුතාවයට පත්කිරීම පිලිබඳව අපගේ කණගාටුවද මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කර සිටිමු.”
    කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්රකාශ ඔහුගේ පව්ද්ගලික අදහස් නොව රජයේ පොදු මතය බව අමරසේකර උන්නැහේට නොවැටහීම පුදුමයට කරැණකි.

  33. Original Helaya says:

    MEYALA KOHOMATH NABILIYETH KIMBULLU DAKINNA HARI DAKSHAI. MELO RAHAK NAHA. KIYAPIYAKO MAHA RAJATA HARIYATA NEETHIYA KRIYATHMAKA KARANDA KIYALA. METHANA BORUVATA PURU PURU GANAWA……..

  34. නගරං says:

    කව්රැ හරි මේ වගේ දේකට විරැද්ධව අත ගහපු එකට අනේකවාරයක් ස්තූතිය නැත්තං තව ටික කලකින් කොස් දෙල් විතරයි සැක නැතුව වස නෑ කියල කන්න වෙන්නෙ

  35. wasantha says:

    ethakota oyalata I.C.J ( international courts for justice ) hondada??? ewa adirajyawadee ne?? mewa kiyanne bath kana mukayenmada???

  36. Harsha says:

    මේක සම්බන්ධයෙන් රටේ පවතින නීතිය යටතේ ක්‍රියාත්මක වෙන එක තමයි හොඳ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයකට යාම අපේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන බව අපිම පිළිගත්තා වගේ වැඩක්. ඒක අපේ රටට විරුද්ධව යෝජනා සම්මත කරගන්න අනුබලයක් වෙන්නත් පුළුවන්. පවතින නීති ප්‍රමාණවත් නැත්නම් නව නීති ව්‍යවස්ථාදායකය හරහා සම්මත කර ගන්න එකයි හොඳ.

  37. human voice says:

    ලංකාවේ ජනතාවට බත සපයන අහිංසක ගොවි ජනතාවද එම පවුල් සාමාජිකයින්ද …පොහොරවල ආසනික් අඩංගුවී ජලයට මුසු වීම නිසා වකුගඩු රෝගයෙන් ජනතාව මිය යන්නේ නම්….රජය ඒ සදහා ක්රියා මාර්ගයක් නොගන්නේ නම් මානව අයිතිය වැලළීම මෙන්ම,මිනිස් ජීවිත වැලළීමක්ද වේ….රජයට කෙසේ වුවද, නිලධාරි වාදය තුරන් කිරීමටත් සමග ජාත්තයන්තර අධිකරණය සදහා පැමිනිලි කිරීම ඉතා වැදගත්වේ…

Leave a Comment